//
you're reading...
Buddhism

සුදොවුන් රජු මරණ මංචකයේදී නිවන් දකියි

සුදොවුන් රජු මරණ මංචකයේදී නිවන් දකියි
ගාමිණී සුමනසේකර
source:
සිව් දෙසින් ඇදී එන පොදු ජනතාවගෙන් ද වෙනත් රජ, සිටු, වෙළෙඳ ප්‍රභූන්ගෙන් ද සිව් වේදයෙහි පාරප්‍රාප්ත බ්‍රාහ්මණයන්ගෙන්ද, නිබඳ සැදි ඡේතවනාරාමය අන්‍ය තීර්ථකයන්ගේ පමණක්‌ නොව බුදුන්ගේ සමකාලීන බොහෝ සෘෂිවරුන්ගේa ද ආගමික නායකයන්ගේද දොම්නසට හේතු විය. රජවරුන්ගෙන් හා ධන සිටුවරුන්ගෙන් ලැබෙන අනර්ඝ පරිත්‍යාග බුදුන් වහන්සේට හිමිවීම එයට ප්‍රබල හේතුවක්‌ ද විය. බුදුන් වහන්සේ කිසිවිටෙක ලාභ සත්කාරයෙහි නො ඇලුණු නමුදු ඒ සඳහා සමාජයෙහි තිබුණේ උග්‍ර තරගයකි. බිම්බිසාර රජු විසින් පරිත්‍යාග කරන ලද වේළුවනය මෙන්ම අනේපිඬු සිටුතුමන් විසින් පරිත්‍යාග කරන ලද

ඡේතවනාරාමය වැනි ප්‍රකෝටි ගණන් මිල වූ පූජාවන් ඉතා රමණීය ද, සැලසුම් සහගත ද විය. දනන් තුඩ තුඩ ඇදී ගිය ඒවායේ තතු අසන අන්‍යාගමිකයන්ට හිතට මහාබරක්‌ ද දැනුණි. එසේ ම මහා නරපතියන් වූ බිම්බිසාර, පසේනදි, කෝසල වැනි අය බුදුන්ගේ සමීප දායකයන් වීම ද ඔවුන්ට දරාගත නොහැකි විය.

දිනෙන් දින තම අනුගාමිකයන් අඩුවීමටත් තමන්ට ලැබෙන ප්‍රතිලාභ පරිත්‍යාග අඩුවීමටත් හේතුව බුදුන් වහන්සේ බව සිතන ඔවුන් තුළ අසහනය ද වැඩුණි. ඇතැම් අබෞද්ධ පිරිස්‌ බුදුන් වහන්සේට අවමන් කිරීම සඳහා කුමන්ත්‍රණ ද කළහ. මේ අය අතර නිගණ්‌ඨයෝ ප්‍රමුඛ වූහ. බුදුන් සමඟ වාදයකින් තමන්ට ජයක්‌ හිමි නොවන බව දත් නිඝණ්‌ඨයෝ උන්වහන්සේට මාගම්සෝලි කර නිග්‍රහ කළහ. මාගම්සෝලි යනු ස්‌ත්‍රීන් සමඟ ඉතා රහසිගතව කෙරෙන සබඳතා පිළිබඳ චෝදනායි.

බුදුන් වහන්සේට නිග්‍රහ කිරීම සඳහා චිංචිමානවිකාව යොදා ගනු ලබන්නේ ද එබඳු පවිටු ෙච්තනාවෙනි. ඇය සමඟ රහස්‌ කතා කර, ඇයට අල්ලස්‌ ලබා දී ඇය සමඟ ගිවිසුමකට එළඹුණු නිගණ්‌ඨයෝ චිංචිමානවිකාවගේ මුවින් ඇය ගැබිනියක්‌ බව ප්‍රචාරය කළහ. බුදුන් වහන්සේ හා තමන් අතර කලක පටන් රහස්‌ සබඳතාවක්‌ පැවැති බවත් එනිසාම තමන් මවක්‌ වීමට යන බවත් ඇය කීවාය. දනන් අතර ද ප්‍රචලිත එකී මුසාවාදය

ඡේතවනාරාමයේ භික්‍ෂුන් වහන්සේගේ කනට ද ගියේ සුළඟක්‌ සේ ය. එහෙත් කිසිදු භික්‍ෂූන් වහන්සේ නමකට මේ බව බුදුන් වහන්සේට දැන්වීමට ශක්‌තියක්‌ නොවීය. ඒ උන්වහන්සේ පිළිබඳ වූ අසාමාන්‍ය ගෞරවය නිසාමය.

මේ අතර දිනක්‌ බුදුන් වහන්සේ දහම් දෙසමින් සිටියදී ඡේතවනාරාමයේ ප්‍රධාන දොරටුවෙන්ම ඇතුල් වූ ගැබිනි කතක්‌ එදෙසට දිව ආවාය. සියල්ලෝ ම තුෂ්ණිම්භූතව සිටියාහු එහි අගක්‌ මුලක්‌ නොදත් හෙයිනි. අනඳ හිමියන් සැණෙකින් නැගී සිට යමක්‌ ප්‍රකාශ කිරීමට සූදානම් වුවද බුදුන් වහන්සේ එය වළක්‌වාලූහ. උන්වහන්සේ තුළ අබැටක තරම්වත් සසල බවක්‌ නොවීය. පිරිසද දැස්‌ දල්වාගෙනම සිටියහ.

සෙනඟ අතරින් ඉදිරියට ආ ස්‌ත්‍රිය නිඝණ්‌ටයන්ගේ කුමන්ත්‍රණයෙහි පලයක්‌ බව බුදුහු දුටහ. එහෙත් උන්වහන්ස්‌ තුෂ්ණිම්භූතවම වැඩ සිටියහ. ඒ පැමිණි ස්‌ත්‍රිය චිංචිමානවිකාවය.

ඔබ අලංකාර දහම් දේශනා කරමින් සුවසේ සිටිනවා. ඒත් මගේ කුස දවසින් දවස මෝදු වන බව දන්නේ නැද්ද?

අගේ ස්‌වරය දැඩි විය.

ඔබත් මාත් අතර රහසේ තිබූ සබඳතාවක්‌ නම් මෙලෙස ජන සභාවක්‌ මැද ඒ ගැන කීම සුදුසු නැහැ නේද?

බුදුහු සන්සුන්ව පැනයක්‌ නැඟුහ.

හොඳයි ඔබට හිතට ලැඡ්ජාවක්‌ එනවා නම් ඒවා හිතන්නට තිබුණේ බොහොම ඉස්‌සර. අහිංසක මා රවටා දැන් රුවට බණ දෙසනවා. අගෙයි අගෙයි. මෙහෙමත් බුදුවරුන්.

චිංචිමානවිකාව සිය කුස මතට එක්‌ අතක්‌ද තැබුවාය. සැබැවින්ම ඇය සිටියේ සිය ඇඳුමට යටින් දර මිටියක්‌ කුසෙහි බැඳගෙන බව ඒ ධර්ම ශාලාවේ සිටි කිසිවෙක්‌ නොදත්හ. මේ ගැබිනි ලිය කියන්නී සත්‍යයක්‌ද? මුසාවක්‌ද? යන පැනය සමහරු සිතින්ම නැගූහ. තවත් ස්‌වල්ප වේලාවක්‌ ගත විය. එක්‌ වරම චිංචිගේ කුස මත රඳවා තිබුණු දර මිටියෙහි රැහැන්පට ගිලිහී එය ඇගේ පාමුළ වැටිනි. ඒ නම් බුදුන්ගේ සත්‍යවාදී පිවිතුරු ගුණය නිසාම යෑයි පිරිස සිතූහ. සෙනඟ අතරින් නැගුණු විරෝධය මැද්දේම ඇය යාන්තම් එළියට පැන ගත්තීය. එහෙත් බිම වැටුණු දර ආපසු ඇය වෙතටම එල්ල විය. ඇයට ගැලවීමක්‌ නම් නොවීය. මහපොළොව මකර කටක්‌ සේ දෙපසට වී ඇය ඩැහැගත්තේය. ඒ සාහසික අපරාධයට දඬුවමක්‌ ලෙසය. මුළු රජගහ නුවරම එපවත

රැව්දුනි. ඒ සියලු අපරාධයට නිගණ්‌ඨයන් වගකිව යුතු බව ද ජනතාව කීහ. නිඝණ්‌ඨයෝ ද එපවත් අසා සැලුම් වෙව්ලුම් ගත්හ. මක්‌නිසාද යත් ඒ අභූත චෝදනාවෙහි මැවුම්කරුවන් තමන් බව ඔවුන් ඉඳුරා දත් හෙයිනි.

ආනන්ද හිමියෝ මේ සිද්ධියෙන් වඩාත් කම්පා වූහ. ඡේතවනාරාමයට නිසි ආරක්‍ෂාවක්‌ නොවීම පිළිබඳව කනස්‌සල්ට ද පත්වූහ. ඒ උන්වහන්සේගේ ස්‌වභාවයයි. සැබැවින් ම ආනන්ද හිමියන් තරම් බුදුන් වහන්සේ පිළිබඳව කැපවීමෙන් ක්‍රියා කරන හිමිනමක්‌ ද නැත. බුදුන්ගේ අග්‍ර උපස්‌ථායක ධුරයට උන්වහන්සේ පත් වන්නේ ද එනිසාමය. ආනන්ද හිමියන් එම ධුරයට පත්වන තෙක්‌ බුදුන්ගේ පාත්‍ර සිවුරු රැගෙන යැම ද වෙනත් උවටැන් ද සිදුÊවූයේ කවුරුන් හෝ භික්‍ෂුවක්‌ අතිනි. ඇතැම් භික්‍ෂුවක්‌ බුදුන් සමඟ යද්දී වුවද අතරමඟදී උන්වහන්සේ හුදෙකලා කර ගිය අවස්‌ථා ද විය. නාගසමාල නම් භික්‍ෂුවක්‌ බුදුන් වහන්සේ එලෙස හුදෙකලා කර නික්‌ම යැමෙන් පසු උන්වහන්සේට නිත්‍ය උපස්‌ථායකයකුගේ අවශ්‍යතාව පැන නැගිණ. එහෙත් බුදුහු එයට එතරම් මනාප නොවූහ. කෙසේ හෝ අවසානයේදී සංඝ සම්මතයෙන්ම එම ධුරය සඳහා ආනන්ද හිමියෝ තේරී පත්වූහ. සැරියුත් මුගලන් වැනි මහ තෙරවරු ද මේ සඳහා ඉදිරිපත් වූහ.

බුදුන්ගේ අග්‍ර උපස්‌ථායක ධුරය ලබා ගැනීම සඳහා දෙව්දත් හිමියන්ට ද දොලක්‌ විය. ඒ එම ධුරය උපයෝගී කර ගනිමින් භික්‍ෂු පාලනය සියතට ගැනීමට විනා බුදුන් කෙරෙහි උපන් දයාවකින් නම් නොවීය. දෙව්දත් හිමියන් නිබඳවම කල්පනා කළේ තමන් අතට බලය ලබා ගත හැකි ක්‍රමයක්‌ පිළිඳවය. බුදුන් වහන්සේගේ කුටිය තුළ වැඩි කාලයක්‌ ගෙවීමටත්. බුදුන් වහන්සේ බැහැ දැකීමට එන රජ, සිටු ඇතුළු ප්‍රභූන් සමඟ කුළුපඟ වීමටත් එම ධුරයෙන් අවකාශ සැලසෙන බව දෙව්දත් හිමියෝ දත්හ. එසේම බුදුන් වහන්සේට පෞද්ගලිකව ලැබෙන ආරාධනා සඳහා යැමේ අවස්‌ථාව ද එමගින් හිමිවන බව දෙව්දත් හිමියන්ට පැහැදිලි විය. එහෙත් ආනන්ද හිමියන් මෙම ධුරයට පත්වීමේදී ඒ සියලු අවස්‌ථාවන් තමන්ට නොදිය යුතු බවට කොන්දේසියක්‌ ද ඉදිරිපත් කළේය. වෙනකක්‌ තබා බුදුන් වහන්සේට ලැබෙන අගනා සිවුරක්‌ හෝ වෙනත් පිරිකරක්‌ හෝ තමන්ට නොලැබිය යුතු බව ද ආනන්ද හිමියෝ කීහ. බුදුන් වහන්සේ ඒ අභිමතයට ඉඩ දුන් අතර ආනන්ද හිමියන් විසින් පෞද්ගලිකවම කරනු ලබන ඕනෑම ආයාචනයක්‌ පිළිගන්නා බවට ප්‍රතිඥාවක්‌ ද දුන් සේක.

ආනන්ද හිමියන් රැය පහන් කරන ලද්දේත්, බුදුන් වහන්සේට මුහුණ පාන්නට වු අභූත චෝදනාව පිළිබඳව තැවුල් සිතිනි. බුදුහු ඒ සිදුවීමෙහි සියලු තතු ඉඳුරා දැක කුෂ්ණිම්භූතවම වැඩ සිටියහ. පසුදින උදැසනම ඡේතවනාරාමයට විශේෂ පණිවුඩයක්‌ සමඟ රාජ දූතයෙක්‌ පැමිණියේය. මහානාම කුමරුන් විසින් එවන ලද එම පණිවුඩයෙහි සඳහන් වූයේ සුදොවුන් මහ රජු මරණ මංචකයෙහි වැතිර සිටින බවත්, රජුන් තුළ බුදුන් වහන්සේ ප්‍රමුඛ නන්ද, රාහුල ආදී හිමිවරුන් දැක ගැනීමේ පහන් සිතක්‌ පහළ වී ඇති බවත් ය. පුවත ඇසු ආනන්ද හිමියෝ දැඩි සංවේගයට පත් වූහ. දූත හස්‌න සමඟ බුදුන් වහන්සේගේ කුටියට ගිය ආනන්ද හිමියන්ට අලුතින් ඒ පුවත විස්‌තර කිරීමට අවශ්‍යතාවක්‌ නොවීය. මන්ද යත් එදින අලුයම ලොව බලන බුදුන් වහන්සේට ඒ සියලු තතු පෙනී ගොස්‌ තිබුණු හෙයිනි.

බුදුන් වහන්සේ ආනන්ද, නන්ද. රාහුල, අනුරුද්ධ යන හිමිවරුන් සමඟ කිඹුල්වත්පුරයට අහසින්ම වැඩම කළහ. නුගරවාසීහු අහසින් වඩිනා බුදුන් වහන්සේ හා හිsමිවරුන් දැක සාධුකාර දුන්හ. සුදොවුන් රජුගේ මුහුණින් පල වුයේ විඩාබර පෙනුමකි. රජු අසලින්ම මහා ප්‍රජාපති ගෝතමිය හා යසෝදරා දේවිය ද වූහ. ඔවුන්ගේ දෙනෙත්වල කඳුළුය. මාලිගාව තුළ වෙනත් ශාක්‍ය ප්‍රභූවරු ද වූහ. පිටත තවත් නෑයෝ ද මිත්‍රයේ ද වූහ. සියලු දෙනාම අපේක්‍ෂාවෙන් සිටියේ බුදුන් වහන්සේ ය. මහානාම කුමරු මාලිගාවේ දොරකඩම රැඳී සිටියේ බුදුන් වහන්සේ පිළිගැනීමටය.

කිඹුල්වත් පුරයම සෝබර වළාකුළුවලින් අඳුරු වූ සෙයකි. නුවරම සන්සුන් ය. සුදොවුන් රජුන්ට සෙත් පැතීම සඳහා බුදුහුවැඩම කළහ යි යන පුවත ද පැතිර ගොස්‌ තිබිණි. බුදුන් වහන්සේ සන්සුන්ව පිය රජු රැඳී සිටි කාමරය දෙසට වැඩියහ. බුදුන් වහන්සේගේ මුව දුටු රජු මහත් සේ ප්‍රමුදිත විය. ඒ සමගම තරමක්‌ නුදුරුව සිටිනා නන්ද, රාහුල, අනුරුද්ධ, ආනන්ද යන හිමිවරුන් දුටු රජු වඩාත් ප්‍රසාදයට පත් විය. බුදුන් වහන්සේට නමස්‌කාර කරන්නට සුදොවුන් රජු දැත් එක්‌ කළේය. එසඳ බුදුහු මහත් කරුණාවෙන් සිය පිය රජුගේ සුරත අල්ලා ගත් සේක. ඒ දසුන ගෝතමියට දරාගත නොහැකි විය. ඇගේ චිත්ත වීථිය ඔස්‌සේ අතීත රූප පෙළක්‌ නැගෙන්නට ද විය. හැඟීම්බර වීම නොමැනවැයි ද එකෙණෙහිම ඇයට සිතුනි. ඕ සිත දැඩි කරගෙනම සිය ස්‌වාමියාගේ ගුණ සිහිපත් කළාය. බුදුහු සිය පියාණන් අවසන් මොහොතට ළංව සිටින බව පසක්‌ කර ගත්හ.

“මහරජතුමනි, ඔබ ඔබටම පහනක්‌ වී දිලුණෙහිය. ඔබගේ වංශයෙහි සියලු දෙනාගේම ගෞරවයටද බුහුමනට ද පාත්‍ර වූවෙහිය. එසේම ඔබගේ පිහිටෙන්ම ඔබ මේ ජීවිතයෙහි සත්‍යය ද යථාර්ථය ද පසක්‌ කර ගත්තෙහිය. ඒ උතුම් ධර්මයෙහි පිළිසරණ ඔබට ශක්‌තියද, සිහියද ලබා දෙන්නේය. ඔබට මරණ වේදනාවක්‌ නැත. අන් දුකක්‌ ද නැත. ඔබ සියල්ල අතහැර සුවපත්ව සිටින්නෙහිය. ඔබ උපතද මරණය ද ජය ගත්තෙහිය. ජාති, ජරා, ව්‍යාධි, මරණ ඔබට යළි නොවන්නේය.

බුදුන් වහන්සේගේ ඒ වදන් අවසන් වෙද්දීම සුදොවුන් රජුගේ දෙනෙත් පියෑවිණි. අසල සිටි ප්‍රජාපති ගෝතමියට මෙන්ම යසෝදරාවන්ට ද එවේලේ නම් හැඬුම් සඟවා ගත නොහැකි විය. දෙදෙනාම ඉකි ගසා හඬමින් ම එතනින් ඉවත් වූහ. මහානාමගේ දැස්‌ වල ද කඳුළු පිරී තිබිණි. මහානාම යනු සුදොවුන් රජුගෙන් පසු ශාක්‍යවරුන්ගේ ප්‍රමුඛයා බවට පත්වන ජ්‍යෙෂ්ඨයා පමණක්‌ නොව සියල්ලන්ගේම විශ්වාසය ද දිනා ගත්තෙකි.

සුදොවුන් රජුගේ ආදාහන කටයුතු සිදු වූයේ බුදුන් වහන්සේගේ ප්‍රධානත්වයෙනි. බ්‍රහ්මණයෝ ද, වෛදික චාරිත්‍රානුකූලව පෙළ ගැසී සිටියහ. එහෙත් ආදාහන කටයුතු සිදු වූයේ භික්‍ෂු සංඝයා විසින් ගාථා ධර්ම සඡ්ජායනා කරන අතරය. සුදොවුන් රජු ගිහියකු ලෙස අවසන් හුස්‌ම හළ නමුදු අවසන් මොහොතේ නිර්වානාබෝධය ලබා සිටියේය. එය සුවිශේෂ කරුණක්‌ විය. රාජකීය ප්‍රභූවරයකුට හිමිවන ගෞරවය මෙන්ම කෙළෙස්‌ මළ දුරුකළ තෙර නමකට ලැබිය යුතු පූජනීයත්වය ද සුදොවුන් රජුට හිමි විය. ශාක්‍ය කුමාරවරු පෙළ සැදී රජුගේ දේහයට සමන් මල් ඉසිමින් ගෞරව කළහ. සඳුන් සෑයට ගිනි දල්වනු ලැබුවේ ද ශාක්‍ය කුමාරවරු දෙදෙනකු විසිනි. අහස්‌ කුස ඉහළට ගිනි දලු නැගුණ ද එගිනි සිසිල් විය. දෙවියෝ දෙපස සිට දිවමල් විසිරවූහ. රැස්‌ව සිටි ජනයා සාධුකාර දුන්හ.

සුදොවුන් රජුගේ ආදාහන උළෙල අවසන් වීමෙන් පසුවද බුදුහු කිඹුල්වත්පුරයේම වැඩ සිටියහ. එයට හේතු වූයේ මහා ප්‍රජාපතී ගෝතමිය පියවිප්පයෝගය දරාගත නොහැකි තරමටම දුබල වී සිටීමය. ගෝතමී දේවියට මාලිගාවේ වාසය ද රුචි නොවීය. එහි හැම අතකින්ම ඇයට දිස්‌ වූයේ පිය හිමියන්ගේ මුහුණය. දින කීපයක්‌ම ඇය නිරාහාරව සිටියාය. වියපත්ව සිටි ඇයට එබඳු දෙයක්‌ ඔරොත්තු නොදෙන බව සේවිකාවෝ කියා සිටියහ. එහෙත් ඇය ඔවුන්ට කීකරු නොවූවාය. යසෝදරා දේවිය පැමිණ කාරුණිකව කළ පෙරැත්ත කිරීම් නිසා ඇයට ඇගේ දැඩි ව්‍රතය අත්හැර දැමීමට සිදුවිය. මේවිසල් මාලිගාව තුළ ඇය හුදෙකලා වී සිටින්නී යෑයි යසෝදරා දේවිය ද දනී. ඇගේ පුත් නන්ද මෙන්ම ඇය බෙහෙවින් ආදරය කළ රාහුලද ඒ වන විට බුදු ශ්‍රාවකයෝ බවට පත්ව සිටියහ. පුහුදුන් ඇගේ සිතට ඒ අතීත සැමරුම් දැඩි වේදනාවක්‌ වූ වග යසෝදරා දන්නීය. සිය නැන්දණියගේ ප්‍රාර්ථනා ලෝකය බිඳ වැටී ගිය අයුරු ද යසෝදරාට සිහිපත් විය. සයෝදරා කෙතරම් සියුමැලි ලියක්‌ වුවද ඒ කිසිවකින් නොසැලෙන අධිෂ්ඨාන ශීලයකින් ද යුතු වූවාය. එය අනන්ත අප්‍රමාණ සංසාර ගමනක පුරුද්දකි.

මහානාම රජු ද මාලිගාවට පැමිණ ප්‍රජාපතී දේවිය පිළිබඳ විමසා බැලුවාය. ඇය වියෝ දුකින් කම්පාවී සිටින අයුරු ඔහුට ද පැහැදිලි විය. කුමක්‌ කරම්දොa යි ඔහුටද නොහැඟිනි. බුදුන් වහන්සේ නීග්‍රෝධාරාමයෙහි වැඩ වසන බවත්, උන්වහන්සේ හමුවීමෙන් සෝ තැවුල් තුනී කර ගත හැකි බවත් මහානාම ප්‍රජාපති දේවියට යෝජනා කළේය.

“මං හිතාගෙන හිටියෙ උන්වහන්සේ ආපහු සැවත් නුවරට වඩින්න ඇති කියලයි. අනේ එහෙනම් මොන තරම් සහනයක්‌ ද? අදම යන්ට ඕනෑ උන්වහන්සේ බැහැදකින්ට

ප්‍රජාපතී දේවිය කීවාය. මහානාම රජු කියා සිsටියේ පසුදිනම ඒ ගමන යොදා ගැනීම උචිත බවය.

ප්‍රජාපතී දේවිය සමඟ පරිවාර ලියෝද නීග්‍රෝධාරාමය බලා ගියහ. බුදුන් වහන්සේගේ කුටිය දෙසට පා ගමනින් යන පිරිස ඉදිරියට මුලින්ම පැමිණියේ බුද්ධ උපස්‌ථායක ආනන්ද හිමියන්ය. ප්‍රජාපතී ගෝතමිය දුටු ආනන්ද හිමියන් තුළ ද සංවේගයක්‌ ඇති විය. ගෝතමියගේ විලාසය කවර පුහුදුන් සිතකට වුවද දරාගත නොහැකි විය. ආනන්ද හිමියෝම පළමුව ගොස්‌ බුදුන් වහන්සේට ඒ පිරිසගේ පැමිණීම සැලකර සිටියහ. බුදුහු කුටියෙන් පිටතට පැමිණ ආලින්දයෙහි වැඩ සිටියහ. ගෝතමී දේවිය ද පරිවාර ලියෝ ද බුදුන් වහන්සේට නමස්‌කාර කර පසෙක හිඳගත්හ. ප්‍රජාපතී ගෝතමියගේ දැසින් කඳුළු ගලා යන අයුරු බුදුහු ද දුටහ. උන්වහන්සේ මහා කරුණාවෙන් එදෙස බලා තුෂ්නිම්භූතවම සිටියහ. ඇයට රිසිසේ හඬන්නට ඉඩ හැරීම ගෝය බව ද උන්වහන්සේට පසක්‌ විය. ස්‌වල්ප වෙලාවක්‌ ගෙවී ගියේය. ඇගේ දුක තුනී නොවුනද, සිතට ශක්‌තියක්‌ දැනුණි. ඇය ඇසිපිය නොහෙලාම බුදුන් වහන්සේගේ මුව මඬල දෙස බලා සිටියාය. උන්වහන්සේගේ දෙනෙත් වලින් කරුණාව වෑහෙන අයුරු ඕ දුටුවාය. එය සීතල සඳ එළියක්‌ සේ හදට දැනෙන්නට විය. ඕ යළි දෙනෙත් පියාගත්තීය. එසඳ දෙසවන් තුළට ගලා ආවේ මධුර ස්‌වරයකි.

“පින්වත් මෑණියනි. සිත වසා ගත් සෝ ගනඳුර දුරලීමට දිරි වඩන්න. දුක උපදවන ඇලීම අත්හැරීමට ශක්‌තිමත් වන්න. යම් සේ තෘෂ්ණාව දුරලන්නෙහිද එය සුවයකි. මිදීම සුවයක්‌ බව දැනෙන්නේ බැඳිම අත්හළ සිතකට පමණි.

බුදු වදන් ඇයට අප්‍රමාණ සුවයක්‌ ම විය. අනතුරුව සිත දැඩි කර ගත් ඕ බුදුන් වහන්සේ අභිමුව මෙසේ ආයාචනයක්‌ ද කළාය.

බුදුරජාණන් වහන්ස, ඔබ වහන්සේ අපට සුවිශේෂ වුවද, ඔබ වහන්සේට අප සුවිශේෂ නොවන බව මම ඉඳුරා දනිමි. එසේ වන්නේ ඔබ වහන්සේ සියලු සත්ත්වයන් කෙරෙහි සම කරුණාවෙන්ද, සම මුදිතාවෙන්ද, සම උපේක්‍ෂාවෙන් ද යුතු හෙයිනි. ඒ අසමසම ගුණය බුදුවරයකුට හැර අන් කිසිවකුට නොමැති බව ද මම දනිමි. එසේ වුවද මේ කිඹුල්වත්පුරය සමගම මා සිත තුළ මැවෙන්නේ වෙනත් සිතිවිලි ධාරාවන්ය. මා පිය සමි¹ණන් නෙත් පියා ගත් මොහොතේ පටන් මම හුදෙකලා වීමි. මම උපවාස සීලයෙහිම පිහිටා සිටියෙමි. ඉන් මා කය දැඩි සේ දුබල විය. අනතුරුව මම සිතට දිරි ගෙන අලුත් ඇරඹුමක්‌ පිළිබඳව සිහි කළෙමි. එනම් මෙබඳු බුදුÊසසුනක්‌ මුල් බැස ගෙන තිබෙන යුගයක එහි ඵල කාන්තාවන්ට අහිමි වී තිබීම මගේ අවධානයට යොමු විය. දැන් මෙනුවර බොහෝ ලියෝ අස්‌වාමිකව, හුදෙකලාව සිටිති. ඒ ඔවුන්ගේ ස්‌වාමිවරුන් දහම් සිසිල ලැබ බුද්ධ ශ්‍රාවකයන් බවට පත් වූ හෙයිනි. මාද අයත් වන්නේ එබඳු හුදෙකලා ලියන්ගේ ගනයටය. මට අගාරිකව සිටීමට කිසිදු කරුණක්‌ නැත. මගේ ප්‍රිය ස්‌වාමියන්ගේ වියෝගය ද මට දරාගත නොහැක්‌කේ ය. දැන් ඒ සියල්ල අතහැර මිදීම නමැති ඔබ වහන්සේ විසින්ම අනුදැන වදාරණ ලද සුවය ක්‍ෂාත් ක්‍ෂාත් කර ගැනීමට මට පිළිසරණ වුව මැනවි. අප වැනි ලියන්ගේ සංසාර ඉරණම වෙනස්‌ කිරීම සඳහා අපට උපකාර කළ මැනවි. එහි පළමු අවස්‌ථාව මට ලබා දුන මැනවි.

බුදුහු සාවධානව එය අසා සිටියහ. එහෙත් ඒ සඳහා අවසර ලබා දිය නොහැකි බව ස්‌ථිරවම ප්‍රකාශ කළහ. දෙවනුවද තෙවනුවද ගෝතමී දේවිය විසින් එම ආයාචනය කරන ලද්දේය. එහෙත් එයට අවසර නොලැබිණි. දහම් මඟ මෙන්ම නිවන් මඟ ද පුරුෂ පක්‍ෂයට මෙන්ම කාන්තා පක්‍ෂයට ද පොදුය. එහෙත් උන්වහන්සේ එම යෝජනාව ප්‍රතික්‍ෂේප කළහ.

අනතුරුව ගෝතමී දේවිය උන්වහන්සේට වැඳ නමස්‌කාර කර ආපසු මාලිගාව බලා පිටත් වූවාය. ඒ අතරමඟදී ඇයට ආනන්ද හිමියන් හමුවිය. එහිදී ඕ සියලු තතු ආනන්ද හිමියන් සමග ද කීවාය. ආනන්ද හිමියෝ නොයෙක්‌ කරුණු දක්‌වා ඇය අස්‌වසාලූහ. එසේම ඒ සඳහා මතුයම් දිනක අවසර ලබා ගැනීම සඳහා උදව් කරන බවට ඇයට ප්‍රතිඥාවක්‌ ද ලබා දුන්හ.

බුදුහු පෙරළා සැවත් නුවර ඡේතවනාරාමය බලා ආපසු වැඩියහ. තවත් දින කීපයක්‌ සිතිවිල්ලේම ගත කළ ප්‍රජාපතී දේවියගේ සිතට යළිත් ගිහිගෙය හැර යැමේ අදහස නැගුනි. අනතුරුව ඕ යසෝදරාවන් සමඟද ඒ පිළිබඳව කතා කළාය. අවසානයේදී යසෝදරාවන්ට ද ඇය සමඟ එකඟ වනු හැර කළ හැකි අන් දෙයක්‌ නොමැති බව ද හැඟී ගියේය. දැන් ගෝතමී දේවියගේ අදහස හිස මුඩුකර, කහ සිවුරු හැඳගෙන, තවත් ශාක්‍ය ලියන්ද සමඟ පයින්ම සැවත් නුවරට ගොස්‌ බුදුන් වහන්සේ හමුවීමය. යසෝදරා ද ඇය වළක්‌වාලන්නට ඉදිරිපත් නොවූවාය. ගෝතමී දේවිය සැවැත් නුවර බලා යන දිනයෙහි පැමිණ ඇයට වැඳ ගෞරව දැක්‌වූ යසෝදරාගේ සිතට කිසියම් සංවේගයක්‌ ද දැනුණි. ඇය එවේලෙහි හදවතින්ම ප්‍රාර්ථනා කළේ නම් සිය නැන්දණියගේ අරමුණ ඉටු වේවා යන්නය. යන මග ඔවුන්ට දුකක්‌ නොවේවා යන්නය.

ප්‍රජාපතී ගෝතමිය රාජ ඉසුරු මැද දිවි ගෙවූ සුකුමාර ලියකි. ඕ කිසි දිනක පා ගමනින් මාලිගාවෙන් පිටතට පවා ගමන් කර නොතිබිණි. එහෙත් දැඩි අධිෂ්ඨානයෙන් ගමන ඇරඹූ ඇය දින කීපයක ඇවෑමෙන් සැවත් නුවරට ළඟා වූවාය. ඇගේ දෙපා ඉදිමී, රත්පැහැ ගැන්වී තිබිණි. මාර්ගයෙහි වූ රළු බොරළුවලට යටි පතුල් කැපී තිබුණි. ගත දුහුවිලිය. කසාවත දුඹුරු පැහැ ගෙන අවවර්ණ විය. දෙනෙත් මළානික විය. ඇය සමඟ ගමන ඇරඹූ බොහෝ දෙනෙකුගේ විලාසය ද එයම විය. දැන් සියලු දෙනාම ඡේතවනාරාම භූමියට ඇතුළු වී සිටිති.

එවේලෙහි වෙනත් කරුණක්‌ සඳහා ආරාම පරිශ්‍රයෙහි ඇවිද යමින් සිටි ආනන්ද හිමියෝ මෙම පිරිස්‌ දෙස විමසුම් ඇසින් බලන්නාහු සැණකින් ඔවුන් හඳුනාගත්හ. ආනන්ද හිමියෝ මහත් සේ කම්පාවට පත්ව ඔවුන් එහි රඳවා බුදුන් වහන්සේගේ කුටියටම ගොස්‌ සියලු තතු සැළකර සිටියහ. බුදුහු එවරද භික්‍ෂුණී සාසනය පිළිබඳ යෝජනාව බැහැර කළහ. එහෙත් ආනන්ද හිමියෝ ප්‍රජාපතියගේ ගුණ වර්ණනා කරමින්ම ඇගේ යෝජනාවෙහි යුක්‌තිගරුක බව කියන්නට වූහ. එසද බුදුහු ආනන්ද හිමියන් අමතා මෙසේ වදාළහ.

“ආනන්දය මම ඔබගේ සියලු වර්ණනා අනුමත කරමි. ප්‍රජාපතී මාතාව විසින් කුමර වියෙහි මට දක්‌වන ලද මාතෘ ප්‍රේමය ද ඉඳුරා දනිමි. ආනන්දය මගේ ධර්ම විනය සුරැකීමට මෙම භික්‍ෂුණී සසුන බාධා වන්නේය. එය බ්‍රහ්මචර්යාව පවත්වා ගැනීමට බාධාවකි. එය නොපැතූ අනතුරකට, විපතකට හේතු වන්නේය. එමනිසා ස්‌ත්‍රී පැවිද්ද මම ප්‍රතික්‍ෂේප කළෙමි. එසේ වුවද මා දකිනා මෙම යථාර්ථය ඔබට ද මගේ සුළු මවටද දැන් නොවැටහේ. එය ඇගේ හද පැලී යන තරම් දැඩි සෝකයටද හේතු වන්නකි. එනිසා මම ඇයට කරුණු අටකින් සමන්විත පිළිවෙතක්‌ ඉදිරිපත් කරමි. එයට එකඟ වන්නේ නම් මම ඇගේ අරමුණට බාධා නොකරමි.

ඉක්‌බිති ආනන්ද හිමියෝ ගෝතමිය ප්‍රමුඛ පිරිස වෙත ගියහ. බුදුන් වහන්සේ විසින් ඉදිරිපත් කරන ලද කරුණු අට හෙවත් අෂ්ටගරු ධර්ම පිළිබඳව තතු දැන්වූහ. එහි පළමු කරුණ වූයේ උපසම්පදාවෙන් සියවසක්‌ ගත කළ මෙහෙණියක්‌ වුවද. එදා උපසපන් බව ලද භික්‍ෂුවට ගරු කළ යුතු බවය. එසේම භික්‍ෂුන් නැති පෙදෙසක වස්‌ වැසීම නොකළ යුතු බවද, පොහොය කිරීමේදී භික්‍ෂුවගේ උපදෙස්‌ ගත යුතු බවද, වස්‌ පවාරණය භික්‍ෂු භික්‍ෂුණී දෙපිරිස ඉදිරියේ වියයුතු බව ද නියම විය. මෙහෙණිය භික්‍ෂුවට අවවාද නොකළ යුතු බවද, එසේම භික්‍ෂුවට බැණ වැදීම, හෙළා දැකීම නොකළ යුතු බව ද නියම විය. කිසියම් ඇවතක්‌ වූ විට එහිදීත් භික්‍ෂුවගේ අවවාද ලබා ගත යුතු විය.

මේ සියලු පිළිවෙත් හිස මුදුනින් පිළිගත් ප්‍රජාපතී ගෝතමිය මහත් සොම්නසනට පත්ව සසුන් ගත වූවාය. අනතුරුව ඕ බුදුන් වහන්සේට ද ආනන්ද හිමියන්ට ද මහත් ප්‍රශංසා කළහ.

තව කොටසක්‌ ලබන සතියේ

About ජාතික බෞද්ධ බලවේගය

Ayubowan! The National Buddhist Authority (NBA) a well developed organizations which were officially battle against the Rascals who are in local society and who were engage as an international persons for poverty alleviation as a cover for proselytizing activity. We may put our advanced heritage presser which our ancestor did upon the peoples who dealing with converting our peoples for any other faith and Abuse (Insulting Speech) of our culture and the moral of Buddhist main concepts. We are secretly finding the necessary static data and also exploring entrench area and giving an “ON THE SPOT” action without thinking difficulty or danger that must be rise within sound of whom think that converting to their faith is fundamental right in our “Dhrama Dveepa”. Regarding need ness of the case we will report in writing with dates, place name or persons involved and all cases of abuse or illegal activities in the name of a religion or faith and first and last attempted to convert persons in Sri-Lanka to Buddhist organizations, temple, nearest Police Station, Grama Niladari and other local authority as well as presidency level. National Buddhist Authority eager to call upon all Sinhalese Buddhist organizations(International too) to join hands in a Endeavour to defeat the proselytizing efforts of sponsored evangelical and other NGO organizations and thereby to guard the Sinhalese Buddhist culture and tradition for posterity, Relating to their fantasy book,Fantasy Story David did killed the philistine champion who named as Goliath, then all of us too cannot fail. NOTE: This cite is not aimed at or against Christians Or Muslims or Any Other faith Holders.This site is aimed against Christians,Muslim or who ever seek or want to convert Buddhist to Christianity or Muslim or other goodish doctrine. We Buddhist refer to them as "missionaries." We Buddhist respect Christians or Muslim or other followers who maintain the doctrines of their belief, but we do not accept anyone's "right" to proselytize.

Discussion

No comments yet.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Categories

Different countries have visited this site

Free counters!
%d bloggers like this: