//
you're reading...
ඇස ගිය තැන්

ආගමික සහජීවනය ’ නාමයෙන් නෝර්වේ දළදා මාළිගාවටත් රිංගති.

ආගමික සහජීවනය ’ නාමයෙන් නෝර්වේ දළදා මාළිගාවටත් රිංගති.

Posted on January 9, 2012 by dhamsara: source:

එල්.ටී.ටී.ඊ තරස්තයින් සමග එක්ව මෙරට දෙකඩ කිරීමටත් බුදු දහම සහ හෙළ සංස්කෘතිය වනසා දැමීමටත් නෝර්වේ රට ක්රියාත්මක කළ සැලසුම මෙරට ජනතාවට අමතක වී නැත. 1997 වසරේදී එවකට ජනාධිපතිනියව සිටි චන්දිරිකා කුමාරතුංග මහත්මිය ඊනියා නෝර්වේ සාම තැරැව්කරුවන්ට මෙහි පැමිණෙන ලෙසට ආරාධනය කළ දින සිට ඊළාම් යුද්ධය අවසන් වන තුරු මේ ක්රිස්තියානි මරඋගුල්කරුවන් නොයෙක් වෙස් මුහුණු බැදගෙන විවිධ නාටකයන් රග දැක්වූහ.යුද්ධය අවසන් වීමෙන් පසු මෙරට ජනතාවගෙන් පමණක් නොව ජාත්‍යන්තරයෙන්ද ප්රතික්‍ෂෙප වූ ඔවුන් දැන් අපට බුදු දහම ඉගැන්වීමටත් ඒ මගින් ‘ ආගමික සහජීවනය ’ නම් වූ නරි නාටකය රග දක්වා පෙන්වීමටත් ඉදිරිපත්ව සිටිති. මේ ප්රවෘත්තිය එම නාටකයේ අළුත්ම ජවනිකාව පිළිබදවයි.
පසුගිය 4, 5 දිනයන්හි දළදා මාළිගාව සතු පල්ලේකැලේ පිහිටි ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යායන ආයතන ශාලාවේදී ‘‘ මිෂනාරී ක්රියාකාරකම් සහ මානුෂික අයිතිවාසිකම්:-  මිෂනාරි ක්රියාකාරකම් උදෙසා නිර්දේශිත මූලික නීති රීති ’’(Missionary Activities and Human Rights:- Recommended Ground – Rules for Missionary Activities) යන තේමාව යටතේ වැඩමුළුවක් සංවිධානය කර තිබුණි. මෙම වැඩමුළුව ආගම් හෝ ඇදහීම් පිළිබද ඔස්ලෝ සන්ධානය (Oslo coalition on freedom of Religion or Belief )විසින් මෙහෙය වන්නක් වන අතර එහි මූලස්ථානය නෝර්වේහි ඔස්ලෝ විශ්ව විද්‍යාලයේ පිහිටුවා තිබෙන ‘‘ මිනිස් අයිතිවාසිකම් පිළිබද නෝර්වේ මධ්‍යස්ථානය යි. (Nowegian Centre for Human Rights)‘‘ අන්තර් ආගමික සංවාදයක් හරහා මානුෂික අයිතිවාසිකම් පිළිබද මූල ධර්ම හා ආචාර විධි අධ්‍යයනය කිරීමෙන් අන් අයගේ අයිතිවාසිකම් උල්ලංඝණය නොවන සේ ගෞරවාන්විත ලෙස ආගම් පතුරුවන්නේ කෙසේද? ’’ යන්න ගවේෂණාත්මකව සලකා බැලීම මෙම වැඩමුළුවෙන් අපේක්ෂිත අරමුණ බව සංවිධායකයින් පැවසූහ. මේ සදහා 25 දෙනෙකුට ආරාධනය කර තිබුණි.
යුද්ධයට එරෙහිව එල්.ටී.ටී.ඊ යට දරදිය ඇද්ද ‘ ජාතික සාම කවුන්සිලය (National  Peace Council) මෙම වැඩමුළුවට ආරාධිත පාර්ශවයකි. අනෙක් පාර්ශවයන්ගෙන් සමහරක් මෙසේය.:-
ක‍්‍රිස්තියානි පාර්ශවය වෙනුවෙන්:- ශ‍්‍රී ලංකා ක‍්‍රිස්තියානි පල්ලි ජාතික කවුන්සිලය (National Council of churches in Sri Lanka) ඇන්ග්ලිකානු එමෙරිටස් බිෂොප් (Anglican Bishop Emeritus) කොළඹ ඇන්ග්ලිකන් බිෂොප් (Anglican Bishop of Colombo) ශ‍්‍රී ලංකාවේ එවැන්ජලික සන්ධානය (Evangelical Alliance  of Sri Lanka) සහ මහනුවර බිෂොප් වරයා ආරාධනය ලැබ සිටියහ.
බෞද්ධ නියෝජනය ස`දහා ආරාධනා ලැබූ අය අතර පූජ්‍ය කිරින්දේ අස්සජි , පූජ බ්රහ්මණවත්තේ සීවලි සහ පූජ්‍ය අකුරුටියේ නන්ද යන හිමිවරුන්ද, විද්ද්‍යෝදය බෞද්ධ අධ්‍යයන ආයතනයේ මහාචාර්ය ප්රේමසිරි පහලවත්ත කොළඹ විශ්ව විද්‍යාලයේ ආචාර්ය අසංග තිලකරත්න මහනුවර ජයග්රහණය සංවිධානයේ ව්‍යාපෘති අධ්‍යක්ෂ පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමි එහි උපදේශක විශේෂඥ වෛද්‍ය එච්.බී. ජයසිංහ එහි සභාපති විශේෂඥ ශල්‍ය වෛද්‍ය එල්. වීරසිංහ යන අයද ඇතුලත් විය. මෙයින් මහනුවර ජයග්රහණය ආයතනයේ නියෝජිත පිරිස සමුළුවට සහභාගි නොවූහ.
සමුළුව පැවති දෙවනි දිනයේදී (05 දා සමුළුවට එරෙහිව ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන ආයතනය ඉදිරිපිට විරෝධතා ව්‍යාපාරයක් පැවැත්වින. එම විරෝධකරුවන් සමුළුවට පැමිණි නියෝජිතයින්හට ශාලාවට ඇතුළුවීමට ඉඩ නොදෙන ලදි. මහනුවර සුරකිමු දළදා ජාතික ව්‍යාපාරය සහ 1815 උඩරට ගිවිසුම අත්සන් කළ අවස්ථාවේදී ඊට එරෙහිව එංගලන්ත කොඩිය බිම හෙලා හෙළ ධජය ඉහළට නැංවූ පූජ්‍ය වාරියපොල ශ‍්‍රී සුමංගල හිමියන්ගේ මග ගමන් කරන පිරිසක් සේ හදුනාගත් අය මෙම විරෝධතාවයට සහභාගි වූහ.
උද්ඝෝෂකයින් කියා සිටියේ 1998 ශ‍්‍රී දළදා මාළිගාවට එල්.ටී.ටී.ඊ තරස්තයන් එල්ලකල ප්රහාරය හෙළා දැකීමට පවා (පහසුම දේ ඉදිරිපත් නොවූ නෝර්වේ කොටි හිතවාදි හොර සාම මැදිහත්කරුවන්ට දළදා මාළිගාව සතු  දළදා මාලිගාවේ පාලනය යටතේ පවත්නා ‘ ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන ආයතනය’ හවුල්කරගන මෙවැනි බොදු විරෝධි සර්ව ආගමික වෙළෙන්දන්ගේ න්‍යාය  පත්රයන් ක්රියාවට නැංවීමට ඉඩ දී බලා සිටීම ශාසනයට ද්රෝහී වීමක් බවයි.  දළදා මාළිගාව සතු ‘ බෞද්ධ අධ්‍යයන ආයතනය ’ නෝර්වේ කිරිස්තියානීන්ගේ මුදලට යට වී ඇත්දැයි ඔවුන් විමසූහ.
දම්සර මාණ්ඩලික වාර්තාකරු
Advertisements

About ජාතික බෞද්ධ බලවේගය

Ayubowan! The National Buddhist Authority (NBA) a well developed organizations which were officially battle against the Rascals who are in local society and who were engage as an international persons for poverty alleviation as a cover for proselytizing activity. We may put our advanced heritage presser which our ancestor did upon the peoples who dealing with converting our peoples for any other faith and Abuse (Insulting Speech) of our culture and the moral of Buddhist main concepts. We are secretly finding the necessary static data and also exploring entrench area and giving an “ON THE SPOT” action without thinking difficulty or danger that must be rise within sound of whom think that converting to their faith is fundamental right in our “Dhrama Dveepa”. Regarding need ness of the case we will report in writing with dates, place name or persons involved and all cases of abuse or illegal activities in the name of a religion or faith and first and last attempted to convert persons in Sri-Lanka to Buddhist organizations, temple, nearest Police Station, Grama Niladari and other local authority as well as presidency level. National Buddhist Authority eager to call upon all Sinhalese Buddhist organizations(International too) to join hands in a Endeavour to defeat the proselytizing efforts of sponsored evangelical and other NGO organizations and thereby to guard the Sinhalese Buddhist culture and tradition for posterity, Relating to their fantasy book,Fantasy Story David did killed the philistine champion who named as Goliath, then all of us too cannot fail. NOTE: This cite is not aimed at or against Christians Or Muslims or Any Other faith Holders.This site is aimed against Christians,Muslim or who ever seek or want to convert Buddhist to Christianity or Muslim or other goodish doctrine. We Buddhist refer to them as "missionaries." We Buddhist respect Christians or Muslim or other followers who maintain the doctrines of their belief, but we do not accept anyone's "right" to proselytize.

Discussion

One thought on “ආගමික සහජීවනය ’ නාමයෙන් නෝර්වේ දළදා මාළිගාවටත් රිංගති.

  1. මෙම පසුබිම ඇතිවීමට ප්‍රධානම කාරණයනම් ගොඩ නැගිලි නිර්මාණය කරන විටදීම සමහර මුදල් ආධාර දුන් අයටම බයිබලය ඉගැන්වීමට අවසර දීමයි.වැඩිදුර තොරතුරු සොයා බලන්න.

    Posted by ජාතික බෞද්ධ බලවේගය | January 9, 2012, 7:28 pm

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

Balawegaya Flickr Photos

More Photos

Different countries have visited this site

Free counters!
%d bloggers like this: