//
you're reading...
උපාසක චණ්‌ඩාලයන්, Mara's assault on the Buddhism by been a disguised monk භික්ෂු වේසයෙන් සිට බුදු සසුණ නසන මාරයෝ

සිරිවර්ධනලා, සිරිධම්මලා සහ බුදුසසුනෙහි ආරක්‍ෂාව

සිරිවර්ධනලා, සිරිධම්මලා සහ බුදුසසුනෙහි ආරක්‍ෂාව

source:

බුදු සසුනට එල්ල වී ඇති විවිධ අභියෝග හා තර්ජන ද ඒවායින් බුදුසසුන ආරක්‍ෂා කර ගැනීමේ අවශ්‍යතාව ද පිළිබඳ සංවාදය මෑත කාලයෙහි වඩාත් තීව්‍ර වී ඇත. මේ පිළිබඳව දැක්‌විය හැකි ආසන්නතම නිදසුන් දෙකක්‌ නම් වඳුරඹ සිරිවර්ධන “බුදුරදුන්” හෝa “උතුමාණන්” පිළිබඳව මහසඟ මැදිහත් වීමත්. විවාදාත්මක පිටිදූවේ සිරිධම්ම නමැති “භික්‍ෂුවගේ” ධර්මදේශනාවක්‌ නැවැත්වීම සඳහා මහසඟ මැදිහත් වීමත් ය. වඳුරඹ සිද්ධිය අවසන් වූයේ සිරිවර්ධනගේ ආගමික මධ්‍යස්‌ථානයට පිවිස ඔහුට “කරුණු වටහාදීම සඳහා” ගිහි – පැවිදි විශාල පිරිසක්‌ විසින් ගන්නා ලද උත්සාහය ආරක්‍ෂක අංශවල මැදිහත් වීමෙන් ව්‍යවර්ථ කරනු ලැබීමෙනි. පිටිදූවගේ සිද්ධියෙහි දී රැස්‌ව සිටි පිරිස විසින් ඔහු ආපසු හරවා යවන ලද බව කියෑවේ. මෙම සිද්ධි පදනම්කොට ඇති වූ සංවාදය තවම අවසන්ව නැත. මේ අතරතුර මහනායක නාහිමිපාණන් වහන්සේලා විසින් බුදුසසුන මෙබඳු උවදුරුවලින් ආරක්‍ෂා කර දෙන ලෙස රජයෙන් කරන ලද ඉල්ලීමක්‌ පුවත්පත්වල පළව තිබිණි.

සාමාන්‍යයෙන් අප රටෙහි මෑතක සිට බහුලව දක්‌නට ලැබෙනුයේ මූලධර්මවාදී අන්‍යාගමික සංවිධානවල ක්‍රියාකාරකම් පිළිබඳ බෞද්ධයන්ගේ ප්‍රතිචාර වුවත්, අපගේ සාකච්ඡාවට භාජනය වන ඉහත දැක්‌වූ සිද්ධි දෙකම බෞද්ධයන්ගේ අභ්‍යන්තර කරුණු බව පැහැදිලි ය. බෞද්ධයන් හා අබෞද්ධයන් අතර හෝ බෞද්ධයන් හා බෞද්ධයන් ම අතර හෝ ඇතිවන මත ගැටුම්වලදී බෞද්ධයන් ක්‍රියා කළ යුත්තේ කෙසේද යන්න පිළිබඳ සංවාදයක්‌ ඇතිවීම ඉතා වැදගත් කාලීන අවශ්‍යතාවක්‌ සේ පෙනේ. මෑතකදී ඇති වූ සිද්ධි දෙක ඇතුළු බොහෝ සිද්ධිවලදී බෞද්ධයන්, විශේෂයෙන්ම ඇතැම් භික්‍ෂූන් ක්‍රියා කරන ආකාරය කොතෙක්‌ දුරට බෞද්ධ ඉගැන්වීම්වලට හෙවත් බුද්ධදේශනාවට අනුකූල වන්නේද යන්න පිළිබඳව ගැටලුවක්‌ පවතී.

බුදුදහම පිළිබඳව පමණක්‌ නොව ඕනෑම ආගමක්‌ පිළිබඳව පොදුවේ සත්‍ය වන්නා වූQ කරුණක්‌ නම් එම ආගමිකයන්ගේ ක්‍රියාකාරකම් තම ආගමෙහි ඉගැන්වීම්වලට පටහැනි නොවිය යුතු බවයි. විශේෂයෙන්ම, තම ආගම ආරක්‍ෂා කර ගැනීම සඳහා අනුගමනය කරන ක්‍රියාමාර්ග මෙම සිද්ධාන්තයට අනුගත විය යුතු බවට සැකයක්‌ නැත. මෙම කරුණම තවත් ලෙසකින් දක්‌වතොත්, තම ආගම ආරක්‍ෂා කර ගැනීම සඳහා කිසියම් ආගමකට එම ආගමෙහි මූලධර්මවලට පටහැනිව ක්‍රියා කිරීමට සිදුවේ නම් එහි බරපතළ අභ්‍යන්aතර ගැටලුවක්‌, විසංවාදයක්‌ පවත්නා බව පැහැදිලිය. ඕනෑම සබුද්ධික සම්ප්‍රදායික මෙන්ම ආගමික ද වලංගුභාවය පිළිබඳ අවසාන නිර්නායකය විය යුත්තේ එහි ඇති අභ්‍යන්තර අවිසංවාදී බවයි. එනම්, එහි ඉගැන්වීම් එයටම අදාළකොට ගත හැකි වීමයි. මෙය බුදුදහමට සුවිශේෂ කොට විස්‌තර කරන්නේ නම් මෙසේය. බුදුදහම ආරක්‍ෂා කිරීම සඳහා අපි අනුගමනය කරන්නා වූ ක්‍රියාමාර්ග ද අනිවාර්යයෙන්ම බෞද්ධ වීම අවශ්‍යය.

සිරිවර්ධන සිද්ධිය

බැලූ බැල්මට පෙනෙන පරිදි තම මතවාදය හා සම නොවන්නා වූ (විසම) අදහස්‌ පිළිබඳ බෞද්ධ ක්‍රියාකාරීත්වය වනුයේ අදාළ පුද්ගලයාට හෝ පිරිසට එරෙහිව පිරිස්‌ බලය හා කායික ශක්‌තිය ප්‍රදර්ශනය කිරීම මගින් එම පුද්ගලයා හෝ පිරිස නිශ්ශබ්ද කිරීමයි. පුවත්පත් වාර්තාවලින් පැහැදිලි වන පරිදි වඳුරඹදී අනුගත ක්‍රමයෙහි මූලික ලක්‍ෂණය වූයේ එය බව පෙනේ. සිරිවර්ධනට එරෙහිව ඇති චෝදනා වනුයේ ධර්මය විකෘති කිරීම, එසේ විකෘති කරන ලද ධර්මය පිළිපදින අනුගාමික පිරිසක්‌ බිහි කිරීම, අයථා ලෙස රැස්‌ කළ මුදල්වලින් ආගමික මධ්‍යස්‌ථානයක්‌ ගොඩනැංවීම, මෙම ක්‍රියා මගින් අප රටෙහි පවත්නා ථේරවාද බෞද්ධ සම්ප්‍රදාය ප්‍රතික්‍ෂේප කිරීම සඳහා තම අනුගාමිකයන් මෙහෙයවීම වැනි කරුණුය. සරලව කියතොත්, සිරිවර්ධන සම්මත ථේරවාදයට පටහැනි කරුණු කියයි. ථේරවාදය විවේචනය කරයි. මෙයට තවදුරටත් ඉඩ දිය නොහැකි යෑයි තීරණය කරන භික්‍ෂූන් ප්‍රධාන පිරිසක්‌ ඔහුට “කරුණු වටහා දීමට” ප්‍රයත්නයක්‌ දරයි. ආරක්‍ෂක අංශවලට මැදිහත් වීමට සිදුවන්නට ඇත්තේ “කරුණු වටහා දීමට” දරන ලද මෙම ප්‍රයත්නයෙහි තිබූ රළු හා අප්‍රජාතාන්ත්‍රික ලක්‍ෂණ හේතුවෙන් විය යුතුය. මෙම ක්‍රියාදාමයෙහි ගැටලු සහගත අභ්‍යqපගව දෙකක්‌ තිබෙන බව පෙනේ.

1. සිරිවර්ධනට (හෝ අන්කෙනකුට) ථේරවාද බෞද්ධ සම්ප්‍රදායට එරෙහිව හෝ විවේචනාත්මකව හෝ කිසිවක්‌ ප්‍රකාශ කිරීමට ඉඩක්‌ නැත.

2. යමෙක්‌ එසේ ප්‍රකාශ කරන්නේ නම් ඔහු /ඇය කායික බලය යොදා ගැනීමෙන් හෝ එසේ කිරීමෙන් වැළැක්‌විය යුතුය.

මෙම කරුණු දෙක සම්බන්ධයෙන් බුද්ධ දේශනාවට අනුගතව කිව හැක්‌කේ කුමක්‌දැයි අපි මුලින් ම විමසා බලමු. මහාපරිනිබ්බාන සූත්‍රයෙහි මහා අවිදේස පිළිබඳ දේශනාවෙන් බුදුරදුන් අපට පෙන්වාදී ඇත්තේ යම් කිසිවකු “මෙය ධර්මයයිá මෙය විනයයිá ශාස්‌තෲන් වහන්සේගේ පණිවුඩය මෙයයි  (අයං ධම්මෝ), අයං විනයො, ඉදං සථුසාසනං දීඝනිකාය ii බුද්ධජයන්ති සංස්‌කරණය (බුජසං), 192 පිටුව) යනුවෙන් කියන විට බුද්ධ ශ්‍රාවකයන් විසින් එම ප්‍ර්‍රකාශය උද්දාමයෙන් පිළිගත යුතු හෝ එයට ආක්‍රෝශ කළ යුතු හෝ නොවේ (නෙව අභිනන්දිතබ්බං, න පටික්‌කොසිතබ්බං) ඒ දෙකම නොකොට එම අදහස ඉතා හොඳින් ඉගෙන (සාධුකං උග්ගහෙත්වා) සූත්‍රයෙහි බහා තැබිය යුතුය. විනයෙහි සන්සන්දනය කළ යුතුය. (සුත්නෙ ඔතාරෙතබ්බානි, විනයෙ සන්දස්‌සෙතබ්බානි) එසේ කොට එම දෙක හා ගැළපේ නම් පිළිගත යුතුය. නොගැළපේ නම් ප්‍රතික්‍ෂේප කළ යුතුය.

මහා පරිනිබ්බාන සූත්‍රයෙහි දැක්‌වෙන මෙම ක්‍රියාදාමයෙන් පමණක්‌ වැරැදි මතයක්‌ පිළිබඳ බෞද්ධ ක්‍රියාකාරීත්වය අවසන් නොවේ. තවත් ලෙසකින් කියතොත්, සැබෑ දහම දන්නා පිරිස මිත්‍යා මත හුදෙක්‌ මිත්‍යා මත ලෙස තීරණය කිරීමෙන් පමණක්‌ නිශ්ශබ්ද නොවිය යුතුය. එම මත හෙළිදරව් කොට නිෂ්ප්‍රභ කිරීම සඳහා ද ක්‍රියා කළ යුතුය. එසේ කළ යුත්තේ කෙසේද යන්න පිළිබඳ මග පෙන්වීමක්‌ මහාපරිනිබ්බාන සූත්‍රයෙහිම එන මාර ආයාචනා සිද්ධියෙහි සඳහන් වේ. පිරිනිවන් පෑම සඳහා කාලය පැමිණ ඇතැයි බුදුරදුන් හට සිහිපත් කර දෙන මාරයා හට උන්වහන්සේගේ පිළිතුර වනුයේ මෙයයි(

මාගේ ශ්‍රාවක භික්‍ෂු (භික්‍ෂු -භික්‍ෂුණී, උපාසක හා උපාසිකා යන) පිරිස ව්‍යක්‌ත, විනීත, විශාරද, බහුශ්‍රැත ධර්මධර, ධර්මානුධර්ම ප්‍රතිපන්න, සාමීචි ප්‍රතිපන්න හා ධර්මානුචාරී පිරිසක්‌ වනතුරු, ඔවුන් සිය ආචාර්යවරයාගේ දහම ඉගෙන එය දේශනා කිරීමටත්, පැහැදිලි කිරීමටත් විවරණය කිරීමටත් බෙදා විග්‍රහ කිරීමටත් ධර්මය පිළිබඳ විරුද්ධ මත කරුණු සහිතව නිෂ්ප්‍රභ කොට සකාරණව ධර්මය පැහැදිලි කිරීමටත් (උප්පන්නං පරප්පවාදං සහධම්මෙන යුනිග්ගහීතං නිග්ගහෙත්වා සප්පටිහාරියං ධම්මං දෙසෙස්‌සන්ති( දීඝ නිකාය ii බුජසං 162-166) ශක්‌තිය ලබනතුරු මම පිරිනිවන් නොපාන්නෙමි.

මෙම ප්‍රකාශයෙන් පැහැදිලි වනුයේ හුදෙක්‌ ධර්මය ඉගෙනීමෙන් පමණක්‌ නොනැවතී එම ධර්මයට එරෙහිව එන පර-ප්‍රවාද (විරුද්ධ මත) කරුණු සහිතව නිෂ්ප්‍රභ කොට නිවැරැදි ධර්මය තහවුරු කිරීමද ශ්‍රාවකයන්ගේ ඉතා වැදගත් කාර්යයක්‌ බවයි.

දීඝනිකායේ බ්‍රහ්මජාල සූත්‍රයෙහි (ත්‍රිපිටක බෞද්ධ සාහිත්‍යයෙහි පළමු පිටකයෙහි, පළමු නිකායෙහි පළමු සූත්‍රයෙහි) නිදානය වනුයේ තෙරුවනට දැඩි සේ නිග්‍රහ කළ සුප්‍රිය නම් ආචාර්යවරයාත් තෙරුවන කෙරෙහි ප්‍රසාදයෙන් යුතුව ගුණ ප්‍රකාශ කළ බ්‍රහ්මදත්ත නම් මානවකයාත් පිළිබඳ සිද්ධියයි. එහිදී බුදුරදුන් තම ශ්‍රාවක පිරිසට දෙන උපදේශය මෙසේය.

මහණෙනි, අනුන් මට හෝ ධර්මයට හෝ සංඝයාට හෝ දොස්‌ කියතොත් එවිට ඔබ කුපිත නොවිය යුතුයá ද්වේෂ සහගත නොවිය යුතුය. ඔබ කුපිත වන්නේ නම් එවිට එම අනුන් කියන කරුණු සුභාෂිත ද (සත්‍ය ද) නැතහොත් දුර්භාෂිත ද (අසත්‍ය ද) යෑයි ඔබට දැන ගැනීමට නොහැකිය. (දීඝනිකාය, බුජසං 4 පිටුව)

බුදුන්, දහම්, සඟුන් යන තෙරුවන විවේචනය කරනු ලැබීමේ සිද්ධි සූත්‍ර හා විනය පිටකවල නිරතුරුව හමුවන බව ධර්මධරයෝ දනිති. විවිධ සූත්‍ර දේශනා රාශියකට අමතරව මෙහිලා අගනා නිදසුන් විනය පිsටකයෙන් ලැබේ. භික්‍ෂු හා භික්‍ෂුණී විනය ශික්‍ෂාපද ඉතා විශාල ප්‍රමාණයක්‌ පනවනු ලැබ ඇත්තේ ජනතාව විසින් නඟන ලද දෝෂාරෝපණවලට ඇහුම්කන් දීම් වශයෙන් බව දැන ගැනීමට විනයධරයකු වීම අවශ්‍ය නොවේ. “මනුස්‌සා උ-Cධායන්ති, ‚යන්ති, විපාචෙන්ති” (මිනිස්‌සු උද්ඝෝෂණය කරත්. නුගුණ කියත්. දෝෂාරෝපණය කරත්) යනු විනය සාහිත්‍යයෙහි නිතර හමුවන ප්‍රකාශයකි.

මෙම නිදසුන් කෙරෙන් පැහැදිලි වන කරුණ නම් බුදුසමය ඉන්දියාවෙහි ප්‍රභව වී වර්ධනය වී ඇත්තේ අතිශය නිදහස්‌ මානසික වාතාවරණයක බවයි. තෙරුවන විවේචනය කිරීමේ නිදහස (මෙහිදී මා අදහස්‌ කරනුයේ රූසෝගේ නිදහස පිළිබඳ සුප්‍රකට ප්‍රකාශය නොවන බව කිව යුතුය.) මෙම ආරම්භක ජනතාවට ඇති තරම් තිබූ බව පැහැදිලිය. බුදුසසුනෙහි වර්ධනය සඳහා ඉන් අත්පත් වූ පිටුවහල ද පැහැදිලිය. බුදුරදුන් හෝ බුද්ධශ්‍රාවකයන් හෝ මෙම මත දැරූවන්ට කායිකව හානි කිරීමට හෝ මර්දනය කිරීමට හෝ ගිය බවක්‌ හෝ එසේ කිරීම සඳහා රාජ්‍ය අනුග්‍රහය පැතූ බවක්‌ හෝ දක්‌නට නැත. බුද්ධකාලීනව පැවැති මෙම තත්ත්වය තුළින් ගම්‍ය වන කරුණ තරමක්‌ ඕළාරික භාෂාවෙන් කියතොත් මෙසේය.

තෙරුවනට දොස්‌ කීමට විවේචනය කිරීමට හෝ නින්දා අපහාස කිරීමට ඕනෑම කෙනකුට නිදහස ඇති බව බුදුරදුහු මෙන්ම ආදි බෞද්ධයෝ ද පිළිගත්හ. මෙම නිදහස පිළිගත් අතරම උන්වහන්සේලා එම විවේචන සකාරණව නිෂ්ප්‍රභ කිරීමේ බුද්ධිමය කාර්යයෙහිද නියෑළුණහ. ත්‍රිපිටක සාහිත්‍යය විමසීමේදී අපට තහවුරු වනුයේ බුදුරදුන් හා උන් වහන්සේගේ ශ්‍රාවක පිරිස තම ජීවිත කාලය පුරා මෙම කාර්යයෙහි නිරත වූ බවයි. මේ සඳහා නිදසුන් ලෙස දීඝනිකායෙහි බ්‍රහ්ම ජාල, අම්බට්‌ඨ වැනි සූත්‍ර ද, මජ්ජිධිම නිකායෙහි මහාසීහනාද, අලගද්දූපම, සච්චක වැනි සූත්‍ර ද දැක්‌විය හැකිය. සම්භාව්‍ය බෞද්ධ ඉතිහාසයෙහි අපට දක්‌නට ලැබෙන දහඅටක්‌ නිකාය යනු බෞද්ධ සම්ප්‍රදාය තුළම බුද්ධ දේශනාව පිළිබඳව ඇති වූ විවිධ මති මතාන්තර හා වාද-භේදය අතීත ථේරවාදී බෞද්ධයන් ධර්ම විරෝධී යෑයි තමන් විසින් පිළිගනු ලැබූ කරුණු නිෂ්ප්‍රභ කිරීමෙහිලා අනුගත පබුද්ධික හා විනීත ක්‍රියා මාර්ගය කථාවත්ථූප්කරණය වැනි කෘතිවලින් පැහැදිලි වේ.

වඩාත් මෑත බෞද්ධ ඉතිහාසය දෙස බැලීමේදී 19 වැනි සියවස අග භාගයෙහිදී මොහොට්‌ටිවත්තේ ගුණානන්ද වාදීභසිංහ හිමිපාණන් ද, ඉනුත් මෑත කාලයේ ගංගොඩවිල සෝම වැනි හිමිවරුන් ද සබුද්ධික හා ශාසනානුලෝමික ආකාරයෙන් මෙම කාර්යයෙහි නිරත වූ බව පැහැදිලිs ය. එහෙත් මෙම සූත්‍රාගත හා ඓතිහාසික නිදසුන් කෙරෙන් වර්තමානය කරා පැමිණෙනවිට දක්‌නට ලැබෙන ශෝචනීය තත්ත්වය නම් බුදුරදුන් විසින් අනුදත් මෙම ප්‍රතිපදාව ප්‍රතික්‍ෂේප කිරීමත්. ඉන් නොනැවතී එසේ අදහස්‌ ප්‍රකාශ කරන්නන් කාය බලය, පිරිස්‌ බලය හා රාජ්‍ය බලය ද යොදා මර්දනය සඳහා පෙළගැසෙනු දක්‌නට ලැබීමත් ය. අදහස්‌ අතර ඇති විය යුතු ගැටුම පුද්ගල ගැටුමක්‌ බවට පරිවර්තනය කරනු ලැබ ඇත. දහස්‌ ගණන් පිරිස අවශ්‍ය වනුයේ එහි අංගයක්‌ වශයෙනි. කරුණු පැහැදිලි කිරීම සඳහා හෝ සබුද්ධිකව තර්ක කිරීම සඳහා හෝ පිරිසක්‌ අවශ්‍ය නැත. ආත්මවාදය පිළිබඳ තම තර්කය තහවුරු කරනු වස්‌ පන් සියයක පිරිසක්‌ද තම මතය අනුමත කරන බව ප්‍රකාශ කළ සච්චක හට බුදුරදුන් පැහැදිලි කළේ කිසියම් තර්කයක්‌ තහවුරු කිරීම (හෝ නිෂ්ප්‍රභ කිරීම) වැඩි ඡන්දයෙන් සිදු කළ නොහැක්‌කක්‌ බවයි. (කිං හි තෙ අග්ගිවෙස්‌සන මහතී ජනකි කරිස්‌සති? – චූලසච්චක සුත්ත, ම-Cධිම නිකාය (35), බුජසං ෂ 548 පිටුව) එළව එළවා පහර දිය යුත්තේ නම් එසේ කළ යුත්තේ අදහස්‌වලට විනා පුද්ගලයන්ට නොවේ. බෞද්ධ සමාජය අද පහර දීමට යන්නේ සිරිවර්ධනගේ අදහස්‌වලට නොව සිරිවර්ධනටය. මෙය සර්පයා වැරැදි කොනෙන් අල්ලා ගැනීමකි.

2000 වසරේදී එංගලන්තයේ ලන්ඩන් බෞද්ධ විහාරස්‌ථානයෙහි සිදුවූ සිද්ධියක්‌ මෙහිදී මගේ මතකයට නැඟේ. “ස්‌වර්ණා මෑණියන්” යෑයි හඳුන්වනු ලැබූ කාන්තාවක්‌ විහාරස්‌ථානයෙහි දේශනයකට පැමිණියාය. එවකට විහාරාධිපතිව වැඩ විසූ ආචාර්ය මැදගම වජිරඥණ හිමියන් හා විහාරස්‌ථ සභාව අදාළ කථාව සඳහා ඉඩ සලසා දුනි. මෙම කතාව ඇසීම පිණිස පැමිණෙන ලෙස වජිඥණ හිමියන් ඔක්‌ස්‌පර්ඩ්හි සිටි මට ද දන්වා සිටියෙන් මමද එහි ගියෙමි. දේශනය අවසන් වනතුරු අසා සිටි මට පෙනී ගියේ ප්‍රකාශ කළ අදහස්‌වල පදනම් විරහිත බව පමණක්‌ නොව, ඒවා තහවුරු කිරීම සඳහා ඉදිරිපත් කරන ලද සියලු පාලි පාට වැරැදි බවත්, එම පාලි පාඨවල තේරුම ලෙස ඉදිරිපත් කළ අදහස්‌ සියල්ල ද වැරැදි බවත්. එම පාලි පාඨ මගින් තහවුරු කිරීමට අදහස්‌ කළ කිසිදු අදහසක්‌ ඒවායෙන් තහවුරු නොවන බවත් ය. මෙම තරුණ ඉතා වගකීමෙන් යුතුව මා විසින් පෙන්වා දෙනු ලැබීමෙන් ආරම්භ වූ සාකච්ඡාව එතුමියගේ අභිමතාර්ථය සඳහා හිතකර නොවූ බව පෙනී ගියේය. මෙම “මෑණියන්” සිරිවර්ධනගේ අනුගාමිකාවක්‌ බවට කතාවක්‌ අහන්නට ලැබුණ ද එය මෙහිදී වැදගත් නොවේ. වැදගත් වන්නේ එම කාන්තාවගේ අදහස්‌වල ඇති සාවද්‍යතාව සකාරණව තහවුරු කිරීමයි.

වර්තමාන ශ්‍රී ලකාවේ (ඇතැම්) මහා සංඝරත්න අතර ව්‍යාප්තව පවත්නා අදහසක්‌ නම් සංඝයා හෝ බුදු දහම හෝ විවේචනයෙහි සීමාවන්ගෙන් ඔබ්බෙහි පවත්නා විවේචනයට බඳුන් නොවිය යුතු සත්තාවක්‌ බවයි. රජයේ පාසල්වල ඉංගිරිසි පාඨ ග්‍රන්ථයක පළ කිරීමට යෝජිත වූ පුණ්‍යකාන්ති විඡේනායකගේ ‘Monkeys’ නම් කෙටි කතාවෙහි වස්‌තු බීජය වනුයේ කුඩා කල මවු සෙනෙහස අහිමිව පැවිදි වූ කුඩා සාමණේර හිමිනමකගේ අහිංසක කෙලිලොල් ජීවිතයයි. මෙය සමහරුන් විසින් දක්‌නා ලද්දේ භික්‍ෂූන් වහන්සේට “ඉතා සියුම් ලෙස” පහර ගැසීමේ අවස්‌ථාවක්‌ ලෙසයි. කිහිපවරක්‌, ඉතා ඕනෑකමින් කියෑවීමෙන් පසුවද මෙම “සියුම් පහරදීම” තේරුම් ගැනීමට මා අපොහොසත් වූ බව මෙහිදී ල-ජාවෙන් වුවද සඳහන් කළ යුතුය. වර්තමානය වනවිට මෙම විවේචන භීතිකාව කොතරම් ගැඹුරට ජන විඥනයෙහි මුල් බැසගෙන තිබේද යත්, ප්‍රශංසාත්මක ප්‍රකාශ හැර අන් කිසිදු ප්‍රකාශයක්‌, විශේෂයෙන්ම සංඝයා විෂයෙහි නොකළ යුතු බවට පිළිගැනීමක්‌ ඇත.

ආසන්න වශයෙන් හෝ එසේ කළහොත් හෝ එසේ කළ බවට සැකයක්‌ ඇති වුවහොත් හෝ එය බුදුසසුන වැනසීමේ අන්තර්ජාතික කුමන්ත්‍රණයක කොටසක්‌ බවට පත් වේ. විවේචනය කරන්නා එය කෙතරම් සත්භාවයකින් කළ ද හෙතෙම එබඳු කුමන්ත්‍රණයක කොටස්‌කරුවකු බවට පත්වේ. (මෙය වර්තමාන රාජ්‍ය ප්‍රතිපත්තිය හා ඉතා හොඳින් ගැළපෙන බව පෙනේ!) සංඝයා විෂයෙහි කොතරම් අලෞකික ගූඪ තත්ත්වයක්‌ ආරෝපණය කොට තිබේද යත් අද ඇතැම්විට දක්‌නට හා අසන්නට ලැබෙන පරිදි භික්‍ෂූන් වහන්සේ නමකගේ නම කීමට පෙර ඒ සඳහා විශේෂයෙන් අවසර ගැනීම කරනු ලැබේ. පසුගිය දශක තුනක පමණ කාලයක්‌ තුළ ලක්‌ බුදුසසුනෙහි වර්ධනය වී ඇති මෙම හාස්‍යජනක තත්ත්වය බෞද්ධ චින්තනයක්‌ නොවන බව පමණක්‌ මම දනිමි. එහි බෞද්ධ පුනරාගමනය සමාජ විද්‍යාඥයන්ගේ ගවේෂණයට පාත්‍ර විය යුත්තකි.

පිටිදූවේ සිරිධම්ම

පිටිදූවේ සිරිධම්මගේ සිද්ධිය සිරිවර්ධනගේ සිද්ධියට වඩා මූලික වශයෙන් වෙනස්‌ වනුයේ එයද ධර්මය විකෘති කිරීම හා සම්බන්ධ වුවත්, ඊටත් වඩා එය භික්‍ෂු පැවැත්ම විකෘති කිරීමක්‌ හා සම්බන්ධ බැවිනි. එය කෙනකුගේ අදහස්‌ ප්‍රකාශ කිරීම පිළිබඳ ප්‍රශ්නයකට වඩා කෙනකු බුදුසසුන තුළ තමන්ට අභිමත ආකාර චර්යාවක්‌ අනුගමනය කිරීම පිළිබඳ ප්‍රශ්නයකි. මෙහිදී ද ඇතැම් භික්‍ෂූන් වහන්සේලා සිරිවර්ධනගේ සිද්ධියෙහි දී ක්‍රියා කළ ආකාරයෙන්ම සිරිධම්මගේ නිවසට බලෙන් ඇතුළු වී තර්ජනාත්මකව හැසිරුණු ආකාරය මාස කීපයකට පෙර මාධ්‍ය මගින් වාර්තා කොට තිබිණි. දැනට දින කිහිපයකට පෙර සිදු වූයේ ඉහත කී ක්‍රියාදාමයෙහිම දිගුවක්‌ බව සිතිය හැකිය. මෙහිදී භික්‍ෂුq පිරිසක්‌ ගිහි පිරිසක්‌ ද එකතුව සිරිධම්මගේ “ධර්ම දේශනාවක්‌” වළක්‌වා තිබිණි. එහෙත් සිරිධම්මගේ ධර්ම දේශනාවට විරුද්ධ වීමේ ක්‍රියාව ඔහුගේ විකෘති කරන ලද ධර්මයට වඩා සිරිධම්මගේ විකෘති භික්‍ෂු ජීවිතය කරණකොට ඇති වූවක්‌ ලෙස විග්‍රහ කළ හැකිය.

සිරිවර්ධනගේ සිද්ධියෙහි දී මෙන්ම එහිදී ද ධර්ම- විනයානුකූලව අපට බැස ගත හැකි නිගමනය වනුයේ කිසිම භික්‍ෂු පිරිසකට”අමරේලා” වීමේ අවශ්‍යතාවක්‌ නැති බවත්, ශාසනානුලෝමිකව එය විස¹ ගැනීම ඉතා පහසු බවත්ය. නීතිය ක්‍රියාත්මක නොවන වර්තමාන සාමාන්‍ය සමාජය තුළ මහජනයා නීතිය තම අතට ගෙන ක්‍රියා කිරීමේ වගකීම අවසානයේදී රජය වෙතම පැවරෙන්නාක්‌ මෙන් සංඝ නීතිය ක්‍රියාත්මක නොවන අද දින ඇතැම් භික්‍ෂූන් නීතිය අතට ගෙන ක්‍රියා කිරීම පිළිබඳ අවසාන වගකීම පැවරෙනුයේ සංඝ නායකත්වයට ම බව කිව යුතුය.

පිටිදූවගේ සිද්ධිය තුළ බෞද්ධ සංඝ විනයෙහි ප්‍රායෝගික අංශය හා සංඝ ආයතනිකත්වය ද පිළිබඳ බරපතළ ගැටලු රාශියක්‌ දක්‌නට ලැබුණ ද, ඒ තුළ මා දන්නා බරපතළ ම හානිය නම් ධර්ම දේශනාව හා භික්‍ෂු කාර්යය සඳහා පැහැදිලි ලෙස ම මිලක්‌ නියම කිරීමයි. තම බඩ වඩා ගැනීම සඳහාත් කාමභෝගීත්වයේ අවශ්‍යතා සම්පූර්ණ කිරීම සඳහාත් ධර්ම දේශනාව සෘජු වාණිජකරණයට ලක්‌කිර§ම අලඡ්ජි පිළිවෙතක්‌ නොවේද. මීට අවුරුදු කීපයකට ඉහත වූ සිද්ධියක්‌ මාගේ මතකයට නැඟේ. හෝමාගමට නුදුරු ප්‍රදේශයක උද්යෝගිමත් තරුණ බෞද්ධ පිරිසක්‌ රැස්‌වීමක්‌ සංවිධානය කොට තිබුණේ දැහැමි සමාජයක්‌ බිහි කිරීම තේමා කොට ගෙනය. එහි එක්‌ කථිකයකු ලෙස මා හට ද ආරාධනා කොට තිබූ අතර, තවත් කථිකයකු වූයේ පිටිදූවේය. මා පළමුවරට ඔහුට ඇහුම්කන් දුන්නේ එදින වූ අතර, තම මුළු කතාව මුළුල්ලේම හෙතෙම ඉදිරිපත් කළේ එකම එක්‌ කරුණකි. එනම් භික්‍ෂූන් වහන්සේ හට මුදල් තිබීමේ අවශ්‍යතාවයි. මුදල් සෙවීමේ එකම පරමාර්ථයෙන් මෙහෙයවනු ලැබ ඒ සඳහා ධර්මය වෛශ්‍යා වෘත්තියෙහි යෙදවීම භික්‍ෂුවකගේ ජීවිතය නම් සමාජ නීති රීති නොබිඳිනාතුරු ඔහුට එසේ කිරීමට ඉඩ ඇත. එහෙත් ගැටලුව වන්නේ එබන්දෙකු හට භික්‍ෂුවක්‌ විය හැකිද යන්නයි.

භික්‍ෂුභාවයට පත් වීමේ දීම කෙනකු තමා හට සාමාන්‍ය සමාජයෙහි මානව හිමිකම් යටතෙහි අයත් වන සමහර ඉඩ ප්‍රස්‌ථාව (විවාහ වැනි) පවා බැහැර කිරීම සාමාන්‍ය ලක්‍ෂණයකි. එය කෙනකු ස්‌ව – අභිප්‍රායයෙන් ගන්නා තීරණයක්‌ බැවින් එහිලා ගැටලුවක්‌ ද නැත. ප්‍රාතිමෝaක්‍ෂය යනුවෙන් හැඳින්වෙන්නේ භික්‍ෂුවක (හෝ භික්‍ෂුණියක) තම පැවිදි දිවිය පුරා ආරක්‍ෂා කිරීමට බැඳී සිsටිනා නීති පද්ධතියයි. එම පිළිගත් ප්‍රතිපත්තිවලට පටහැනිව ක්‍රියා කරන පුද්ගලයන් සඳහා නිර්දිෂ්ට පැහැදිලි ක්‍රියාමාර්ගයක්‌ විනයෙහි සඳහන්ය. පරිවාස, මානත්ත, අබ්භාන; තස්‌සපාපිය්‍යසිකා, පබ්බාජනීය, උක්‌ඛ්‍යෙනීය හා නාසනා (පැවිද්ද අහිමි කිරීම) ඇතුළු මේ ක්‍රියාමාර්ග විස්‌තර කිරීම මෙහිලා අභිමත නොවේ.

භික්‍ෂුවක්‌ වූ කලී සෑමවිටම සංඝයා හෙවත් සමූහයක සාමාජිකයෙකි. භික්‍ෂුභාවයට කෙනකු පත් වනුයේ උපසම්පදාවෙනි. උපසම්පදාව යනු සංඝයා වෙත එළැඹීම හෙවත් සංඝ සමාජයෙහි සාමාජිකත්වය ලබා ගැනීමයි. සංඝ සමාජයෙහි සාමාජික නොවන භික්‍ෂුවක්‌ සිටිය නොහැකි අතර, සෑම භික්‍ෂුවක්‌ම කිසියම් සුවිශේෂ සඟ පිරිසකට අයත් වේ. උපසම්පදාව ලත් භික්‍ෂුව වූ කලී කිසියම් නිශ්චිත ආචාර්ය හා උපාධ්‍යය දෙනමකගේ මග පෙන්වීම යටතේ ක්‍රියා කරන්නෙකි. සාමාජිකත්වය ලැබීමෙහි සිට පස්‌ අවුරුද්දක්‌ තෙක්‌ ඇතැම්විට ඊටත් වඩා වැඩි කාලයක්‌ තෙක්‌ භික්‍ෂුවක්‌ සෘජුවම ආචාර්යවරයකුගේ පරීක්‍ෂාව යටතේ (නිස්‌සය) කල් ගෙවිය යුතුය. වර්තමාන සංඝ සංවිධානයෙහි ව්‍යqහයට අනුව ඕනෑම ශ්‍රී ලාංකික භික්‍ෂුවක්‌ කිසියම් නිකායකටද, එම නිකාය තුළ කිසියම් සඟ පරපුරකට හා ශිෂ්‍යානුශිෂ්‍ය පරපුරකට ද අයිති විය යුතුය. එසේ නොවන භික්‍ෂූන් සිටිය නොහැකිය. තවත් ලෙසකින් කියතොත්, සඟ සසුනෙහි “තනි අලියන්” සිටිය නොහැකිය.

තත්ත්වය එසේ නම් පිටිදූවේ සම්බන්ධයෙන් පහත සඳහන් ප්‍රශ්න නගනු කැමැත්තෙමි. පිටිදූවගේ පැවිදි ආචාර්ය හා උපාධ්‍යවරු කවරහුද? ඔහු අයිති කවර නිකායකටද? පිටිදූවේගේ වාසස්‌ථානය විහාරස්‌ථානයක්‌ වේ නම් එය අයත් වන්නේ කවර නිකායටද? හෙතෙම උපසම්පදාවෙන් පසු “නිස” සම්පූර්ණ කළ කෙනෙක්‌ද? පසුගිය කාලයෙහි මහත් ආන්දෝලනයට ලක්‌ වූ (දාරක නඩත්තු නඩුව ඇතුළු) ඔහුගේ ක්‍රියාදාමය පිළිබඳව ඔහු අයත් නිකායෙන් ගත් පියවර කවරේද? මීට අමතරව, ප්‍රසිද්ධියේ ධර්ම දේශනා කිරීම සඳහා පිටිදූවේගේ ධර්මඥනය පිළිබඳව සහතික කරන්නේ කවුද? ඔහුට විද්‍යා උපාධියක්‌ ඇතැයි කියන්නාක්‌ මෙන්ම ඔහුට ධර්මය පිළිබඳව ද උපාධියක්‌ තිබේද? උපාධියක්‌ තිබීම කිසිසේත්ම අවශ්‍ය නොවුවත්, ඔහුගේ ධර්මඥනය කවර ආචාර්යවරයකු යටතේ ලබා ගන්නා ලදීද? ප්‍රසිද්ධ මාධ්‍ය මගින් බුදු දහම විවරණය කිරීමට ඔහුට හැකියාවක්‌ තිබේ යෑයි තීරණය කළ ආයතනයක්‌ තිබේද? (මේ ප්‍රශ්නය පිටිදූවේ සම්බන්ධයෙන් පමණක්‌ නොව ධර්ම දේශනා නාමයෙන් පිනට Talk Shows පවත්වන සියලු දෙන සම්බන්ධයෙන් ද ඇසිය යුතුය.)

මෙහිදී විසුද්ධි මග්ගයෙහි සඳහන් අනුරාධපුර මහා විහාරය හා සම්බන්ධ සිදුවීමක්‌ මගේ මතකයට නැඟේ. ධර්ම දේශනාවක්‌ පවත්වන්නේමැයි මහා විහාරයෙහි ස්‌වර්ණ භේරිය නාද කළ භික්‍ෂුවක්‌ මහා විහාරීය සංඝයා විසින් ආපසු හරවා යවනු ලැබුවේ දහම් දෙසීමට ඉදිරිපත්වීමට පෙර ගුරු ඇසුරෙහි ධර්මය හදාරා එන ලෙසට නියෝග කරමිනි. මෙම නියෝගය නිහතමානීව පිළිගත් එම භික්‍ෂුව වසර ගණනාවක්‌ ගුරු ඇසුරෙහි ධර්මය හදාළ බව කියෑවේ. ප්‍රමිති කරණය පිළිබඳ එබඳු උසස්‌ සම්ප්‍රදායක්‌ උරුම කොටගත් ශ්‍රී ලාංකික භික්‍ෂු ශාසනය අද වන විට ලෞකික ආශාවලින් මඩින ලද ඕනෑම තක්‌කඩියකු හට උඩ පිණුම්, බඩ පිණුම් හා කරණම් ද ගැසිය හැකි පාළු අම්බලමක්‌ බවට පත්ව ඇති අයුරු මෙම ලිපිය කියවන බුද්ධිමත් පාඨකයා හට වැටහෙනු ඇත. පිsටිදූවේ සිරිධම්ම වූ කලී වර්තමාන භික්‍ෂු ශාසනයෙහි එක්‌ අවාසනාවන්ත පැතිකඩක්‌ පමණි. හැදෙන වැඩෙන ඇතැම් තරුණ භික්‍ෂූන්හට සුඛෝපභෝගී Four wheel drove වාහනයක නැඟී ආරක්‍ෂකයන් පිරිවරා ගමන් කරමින් තණ්‌හාව නැති කිරීම සඳහා අනුදත් පැවිද්ද තණ්‌හාව වැඩීම සඳහා යොදා ගන්නා වූ ශ්‍රමණ ප්‍රතිරූපකයන් ආදර්ශරූප බවට පත්ව තිබේ නම් එය පුදුමයක්‌ නොවේ.

රජයේ මැදිහත්වීම

ශාසනය පිළිබඳ අර්බුද අබියස අප ගරු මහා නායක හිමිවරු විටින් විට සම්බුද්ධ ශාසනය ආරක්‍ෂා කර දෙන ලෙස, ඒ සඳහා නීති පනවන ලෙස රජයෙන් ඉල්ලා සිටිනු ප්‍රසිද්ධ මාධ්‍ය මගින් දැකිය හැකිය. මා ඉහතින් විස්‌තර කළ පිටිදූවගේ සිද්ධිය වැනි ශාසනාභ්‍යන්තර සිද්ධියක්‌ පිළිබඳව රජයකට කළ හැක්‌කේ කුමක්‌ද යනු ගැටලුවකි. ඇතැම්විට සංඝ නේතෲවරුන් අපේක්‍ෂා කරනු විය හැක්‌කේ රජය මැදිහත්වී පිටිදූවේ වැන්නන් ගිහි ඇඳුම් අන්දවා ගෙදර යෑවීමට ක්‍රියා කරනු ඇති බවයි. අපට මෙසේ සිතීමට තුඩු දෙන සිදුවීමක්‌ මීට වසර කීපයකට පෙර සිදු විය.

මහාචාර්ය
අසංග තිලකරත්න, පාලි හා බෞද්ධ අධ්‍යයන ඒකකය
කොළඹ විශ්වවිද්‍යාලය, කොළඹ

About ජාතික බෞද්ධ බලවේගය

Ayubowan! The National Buddhist Authority (NBA) a well developed organizations which were officially battle against the Rascals who are in local society and who were engage as an international persons for poverty alleviation as a cover for proselytizing activity. We may put our advanced heritage presser which our ancestor did upon the peoples who dealing with converting our peoples for any other faith and Abuse (Insulting Speech) of our culture and the moral of Buddhist main concepts. We are secretly finding the necessary static data and also exploring entrench area and giving an “ON THE SPOT” action without thinking difficulty or danger that must be rise within sound of whom think that converting to their faith is fundamental right in our “Dhrama Dveepa”. Regarding need ness of the case we will report in writing with dates, place name or persons involved and all cases of abuse or illegal activities in the name of a religion or faith and first and last attempted to convert persons in Sri-Lanka to Buddhist organizations, temple, nearest Police Station, Grama Niladari and other local authority as well as presidency level. National Buddhist Authority eager to call upon all Sinhalese Buddhist organizations(International too) to join hands in a Endeavour to defeat the proselytizing efforts of sponsored evangelical and other NGO organizations and thereby to guard the Sinhalese Buddhist culture and tradition for posterity, Relating to their fantasy book,Fantasy Story David did killed the philistine champion who named as Goliath, then all of us too cannot fail. NOTE: This cite is not aimed at or against Christians Or Muslims or Any Other faith Holders.This site is aimed against Christians,Muslim or who ever seek or want to convert Buddhist to Christianity or Muslim or other goodish doctrine. We Buddhist refer to them as "missionaries." We Buddhist respect Christians or Muslim or other followers who maintain the doctrines of their belief, but we do not accept anyone's "right" to proselytize.

Discussion

No comments yet.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Categories

Different countries have visited this site

Free counters!
%d bloggers like this: