//
you're reading...
Buddhism

හොඳ නරක විමසා දැන ගනිමු

හොඳ නරක විමසා දැන ගනිමු

 source:

රත්මලාන ශ්‍රී රත්නාරාමය
බොරලැස්ගමුව
සිරි සෝණුත්තර විහාරය යන උභය විහාරාධිපති
බස්නාහිර පළාත සහිත කොළඹ නව තොටමුණේ
ප්‍රධාන අධිකරණ සංඝනායක
අධ්‍යාපනපති
සූරියගොඩ
සිරිධම්ම නා හිමි

භින්නරුචික ලෝකයක හොඳ හා නරක පිළිබඳ නිර්ණායකයක් ඇතිකර ගැනීම අසීරු කරුණෙකි. එක් පුද්ගලයකුට හොඳ දෙයක් තවත් පුද්ගලයකුට නරක දෙයක් විය හැකි ය. එක් සමාජයකට හොඳ දේ තවත් සමාජයකට නරක් විය හැකිය. ආගමික මති මතාන්තර අනුව ද හොඳ හා නරක වෙන්කර දැක්වීම අසීරු කරුණෙකි.

සතුන් මවා ඇත්තේ මිනිසාගේ ආහාරය පිණිස යැයි උගන්වන ආගම් අනුව ප්‍රාණඝාතය වරදක් ලෙස නො සැලකෙයි. එසේම යාග හෝම පිණිස සතුන් බිලිපූජාවට යොදා ගැනීම දේව ආගම අනුව පුණ්‍ය කර්මයෙකි. අප විසින් මෙහි දී විමසා බලනු ලබන්නේ බුදුදහමෙන් නිර්දේශිත හොඳ හා නරක පිළිබඳය.

ආචාර විද්‍යාවට අනුව හොඳ හා නරක පුද්ගලාශි‍්‍රතව හා විෂයානුගත වශයෙන් දෙපරිදිය. බුදුරජාණන් වහන්සේ හොඳ නරක පුද්ගලාශි‍්‍රතව විග්‍රහකළ සේක. හොඳ නරක දෙක බුදුදහමෙහි හදුන්වා ඇත්තේ කුසල හා අකුසල වශයෙනි. චක්ෂු ද්වාරයෙන් ඇතිවන රූපාරම්මණ,සෝත ද්වාරයෙන් ඇතිවන ශබ්දාරම්මණ ,ඝාණ ද්වාරයෙන් ඇතිවන ගන්ධාරම්මණ,ජිව්හා ද්වාරයෙන් ඇතිවන රසාරම්මණ, කාය ද්වාරයෙන් ඇතිවන ඵොට්ඨබ්බාරම්මණ සහ මනෝද්වාරයෙන් ඇතිවන ධම්මාරම්මණ වින්දනය කිරීමෙන් ආශාව ඇතිවෙයි. ඒ ගැන ඇලෙන විට තමා සතු කර ගැනීමට සිතයි. තමා සතු කරගැනීමට යෑමේදී බාධක ඇතිවෙයි. බාධක ඇතිවීමේ දී ගැටෙයි. ගැටීම් නිසා ද්වේශය ඇතිවෙයි .ද්වේශය ක්‍රියාත්මක වීමට මෝහය උපනිශ්‍රය වෙයි. ඒ අනුව නරක හෙවත් අකුසල් ඇතිවීමට ලෝභ, ද්වේශ ,මෝහ යන අකුසල් මුල් හේතුවෙයි. කුසලය ඉපදීමට මුල් වන්නේ අලෝභ, අදෝස ,අමෝහ යන කුසල්මුල් තුනයි.

හොඳ හා නරක පිළිබඳ නිර්ණායකය කුමක් විය යුතු ද යන්න අම්බලට්ඨික රාහුලෝවාද සූත්‍රයෙහි දී මෙසේ පැහැදිලි කොට ඇත. බුදුරජාණන් වහන්සේ කැඩපතකින් ඇති ප්‍රයෝජනය කුමක්දැයි රාහුල හිමියන්ගෙන් විමසති. “ස්වාමීනි, පරීක්‍ෂා කොට බැලීමට” යි රාහුල හිමියන්ගේ පිළිතුර විය. එවිට බුදුරජාණන් වහන්සේ මෙසේ වදාළහ. “රාහුල ඔබ ක්‍රියාකරන විට ඒ පිළිබඳව පරීක්‍ෂාකර බැලිය යුතුය. සිතන විට නැවත නැවත ඒ පිළිබඳ පරීක්‍ෂා කර බැලිය යුතුය. ඔබට යමක් කරන්නට වුවමනා වූ විට එය තමාට අහිතකරද අනුන්ට අහිතකර ද, තමන්ටත් අනුන්ටත් අහිතකර ද දුක් ඇතිකරන අකුසලයක්වේ දැයි විමසා බැලිය යුතු ය. අකුසලයක් නම් එය නො කළ යුතුය. කුසලයක් නම් කළ යුතුය.”මෙයින් පැහැදිලි වන්නේ හොඳ හා නරක පුද්ගලාශි‍්‍රතව ඇතිවන බවයි.

බුදුදහමෙහි මනැසට ලැබෙනුයේ ප්‍රධාන ස්ථානයෙකි. “චේතනාහං භික්ඛවේ කම්මං වදාමි” ‘මහණෙනි, චේතනාව කර්මය යයි කියමි’යි එය පැහැදිලි කොට ඇත. ‘මනෝ පුබ්බංගමා ධම්මා මනෝ සෙට්ඨා මනෝමයා’ යනුවෙන් සියලු අරූපී ධර්මයන් මනැස ප්‍රධානව සිදුවන බව දක්වා ඇත. දූෂිත සිතින් සිතීම හා ක්‍රියා කිරීම නිසා දුක් විපාක තමන් පසු පස ඒමට ඉවහල් වන කර්ම රැස්වන බව උගන්වා වදාළහ.

එසේම ප්‍රසන්න නො කිලිටි සිතින් සිතීමෙන් හා ක්‍රියා කිරීමෙන් තමන් පසු පස සැප එන බව ද සදහන් වේ.

චිත්තේන නීයතී ලෝකෝ
චිත්තේන පරිකස්සති
චිත්තස්ස එකධම්මස්ස
සබ්බේව වසමන්වගූ

සිත විසින් ලොව ගෙනයනු ලබයි. සිතින් ලොව හාත්පසින් ඇදගෙන යනු ලැබෙයි. සියල්ලෝම සිත නමැති එකම දහම යටතට ගියාහුය යනුවෙන් ලොව ක්‍රියාත්මක වන්නේ සිතින් බව උගන්වා ඇත.

සිතීමේ නිදහස පිළිබඳ කාලාම සූත්‍රයෙන් උගන්වා ඇති කරුණු ද හොඳ නරක නිර්ණය කිරීමේදී අත්‍යවශ්‍ය වන බව පැහැදිලි වෙයි. යමක් ඇසූ පමණින්, පාරම්පරිකව එන පමණින්, මෙසේ පෙර කියා ඇති හෙයින්, පොත පතෙහි එන පමණින්, තර්කයට ගැළැපෙන හෙයින්, න්‍යායට ගැළැපෙන හෙයින්, කල්පනාවට අනුරූප වන හෙයින්, දෘෂ්ඨියට ගැළැපෙන හෙයින්,හොඳ යැයි පෙනෙන හෙයින් හෝ ආචාර්යයන් වහන්සේ කී හෙයින් නො පිළිගෙන තමන් විමසා බලා යහපත පිණිස පවතී යැයි හැඟෙයි නම් පිළිගන්නා ලෙස උගන්වා වදාළහ. මෙයින් පැහැදිලි වන්නේ හොඳ හෝ නරක තම සිතින් ම විමසා දත යුතු බවය.

නරක ඇතිවීමට ප්‍රධානම හේතුව තණ්හාවයි. තණ්හාව නිසා අරමුණෙහි ඇලෙයි. නැවත නැවත අරමුණෙහි ඇලීම නිසා එහි බැස ගනී.එවිට පුද්ගලයාගේ ප්‍රකෘති ස්වභාව වෙනස්වෙයි. තණ්හාව නිසා සොයයි. සෙවීම නිසා ලැබෙයි. ලැබීම නිසා විතර්ක ඇතිවෙයි. විතර්ක නිසා ඡන්දරාගය ඇතිවෙයි. ඡන්දරාගය නිසා මමය මාගේය යන හැඟීම ඇතිවෙයි. මම ය මාගේය යන හැඟීම නිසා තෘෂ්ණා දෘෂ්ඨී ආදියෙන් වටකර ගනියි. තෘෂ්ණා දෘෂ්ඨියෙන් වටකර ගැනීම නිසා මසුරු බව ඇතිවේ. මසුරු බව නිසා රකී. රැකීම නිසා දඬු මුගුරු ගනී. දඬු මුගුරු ගැනීමෙන් විරෝධය පෑම, වාද විවාද කිරීම, තෝ තෝ යයි කියා ගැනීම කේලාම් බස් කීම ආදිය ඇතිවෙයි. මෙසේ තණ්හාව නිසා පුද්ගලයාගේ නරක ක්‍රියාකාරීත්වය ඇතිවෙයි. එනිසා තණ්හාව නරක හෙවත් අකුසල් කිරීමට ප්‍රධානම හේතු සාධකය වෙයි.

බුදුරජාණන් වහන්සේ පළමු වැනි ධර්මදේශනාවෙන්ම හළ යුතු අන්තදෙක වශයෙන් අත්තකිලමථානුයෝගය හා කාමසුඛල්ලිකානු යෝගය දක්වා ඇත. මේ මිථ්‍යාදෘෂ්ඨිය දැඩිව අල්ලාගැනීම නිසා තමාට හා ලෝකයාට වන විපත් බෙහෙවින් දක්නට ලැබේ. එයිනුත් නියත මිථ්‍යාදෘෂ්ඨිකයාගෙන් දෙපක්‍ෂයට ම වඩාත් විපත් ගෙන දෙයි. ලජ්ජාව හා භය ඇතිකර ගැනීම හොඳ දේ කුසල් වැඩීමට හේතුවේ. ලජ්ජා භය දෙක එනම් හිරි-ඔතප් දෙක ධර්මයෙහි හැඳින්වෙන්නේ ලෝක පාලක ධර්ම ලෙසය. හිරි හෙවත් ලජ්ජාව වශයෙන් ගැනෙනුයේ පව් කිරීමට ඇති ලජ්ජාවයි. එම ලජ්ජාව තමා අධිපතිකොට ඇතිවෙයි. තමන්ගේ ගුණවත්කම, වංශය,කුලය, උගත්කම හා තත්ත්වය ආදිය සලකා වැරැදි ක්‍රියාවලින් වැළැකීම ලජ්ජාව නිසා ඇතිවෙයි. ඔත්තප්ප නම් වැරැදි වැඩ කිරීමට, අකුසලයට ඇති භයයි රාජභය, දණ්ඩ භය, දුග්ගති භය,අත්තානුවාද භය, පරානුවාද භය ආදි වශයෙන් ඔත්තප්පය හෙවත් භය ඇතිවේ.

ආර්ය, අනාර්ය යන වචන දෙක ද හොඳ හා නරක හැඳින්වීමට බුදුදහමෙහි යොදාගෙන ඇත. එයින් නිර්දිෂ්ට වූයේ ආර්ය වංශය පිළිබඳත් එම වංශයට අයත් නොවූවන් පිළිබඳත් නොවේ. එදා සමාජයෙහි ශ්‍රේෂ්ඨ යැයි පිළිගත් සමහර වචන බුදුරජාණන් වහන්සේ නව්‍ය අර්ථකථන සපයමින් ඉදිරිපත් කළ සේක. බ්‍රාහ්මණ යන වචනය බමුණෝ බ්‍රහ්මයාගේ මුඛයෙන් ඉපදුණා යැයි කියන බ්‍රාහ්මණ වංශිකයන් හැඳින්වීම සඳහා යෙදූහ. බුදුරජාණන් වහන්සේද බ්‍රාහ්මණ යැයි නම්කොට ඇත්තේ රහතුන් වහන්සේය. ආර්ය අෂ්ටාංගික මාර්ගයද හොඳ හා නරක තෝරා බේරා ගැනීමේ නිර්ණායකයක් ලෙස භාවිත කළ හැකිය. ‘සම්මා’ යන විශේෂණ පදය මාර්ගාංග අටට ම යෙදීමෙන් එම අංග අටම යහපත් ක්‍රියාදාමයන් බව පැහැදිලිවේ.

හොඳ හෙවත් කුසල් කිරීමේ ආනිශංස ලෙස දෙව් මිනිස් සැප ලබාදීමත් නරක හෙවත් අකුසල් කිරීමේ ආදීනව වශයෙන් සතර අපායට වැටෙන බවත් බුදුදහම පෙන්වා දී ඇත. ප්‍රාණඝාතාදී අකුසල කර්මයන් තමන් අතින් නො සිදුවීමට නම් තමා පිළිබඳ මෙනෙහි කිරීම ඉතා වැදගත්ය. එය ධර්මයෙහි දක්වා ඇත්තේ ‘අත්තානං උපමං කත්වා න හනෙය්‍ය න ඝාතයේ’ යනුවෙනි. සත්ව ඝාතනයක්, සත්ව හිංසාවක් කරන අවස්ථාවේදී සත්වයා ඝාතනයට බිය වන්නාක් මෙන් තමා ද ඝාතනයට බිය වන අයුරු, මරණ බිය නැඟෙන අයුරු සිහිපත් කරනවා නම් සත්ව ඝාතනයෙන් වැළැකිය හැකිය. තමාට හිංසා පීඩාවන්හි දී දුක් වේදනා ඇතිවනවාක් මෙන් අන් අයට ද දුක් වේදනා ඇතිවන බව සිතිය යුතු ය.

එමෙන්ම කේලාම් ආදියෙන් මානසික වශයෙන් ද කෙනෙකු පෙළීමේ දී එබඳු අවස්ථාවකට තමන් මුහුණ දුනහොත් තමන්ගේ සිතට නැඟෙන දුක් වේදනා මෙනෙහි කළ යුතුය. මෙසේ තමා උපමාවට ගැනීම හොඳදේ සිදුකර ගැනීමටත් නරක දෙයින් ඈත්වීමටත් මහෝපකාරී වනු නො අනුමානය. තමන් කැමැති, තමන්ට හිතසුව ලැබෙන දේ අනුන් වෙනුවෙන් කිරීමත් තමන් අකැමැති , තමන්ට හිත සුව නොලබන දේ අනුන්ට නො කිරීමත් තමන් උපමාවට ගෙන කළ යුතුය. මෙයින් තමන්ට අයහපත පිණිස පවතින අනුන්ට අයහපත පිණිස පවතින දේ නො කර සිටීමට වඩාත් පෙළැඹෙනු ඇත.

හොඳ සිදු කිරීම නිසා මෙලොව ලබන ආනිශංස පමණක් නොව පරලොවදී ලැබෙන සැප සම්පත්ද බුදුදහමෙහි දක්වා ඇත. හොඳ කිරීමේ අවසාන ප්‍රතිඵලය පරම ශාන්ත නිවන් සැපත ලැබීමයි. එය පුද්ගලායත්ත ක්‍රියාදාමයෙකි. බුදුකෙනකුන්ට වුවද තව කෙනකු නිවනට පැමිණවිය නො හැකිය. උන්වහන්සේ විසින් කරනු ලබන්නේ නිවනට යන මාර්ගය පැහැදිලි කිරීමයි. “තුම්හේහි කිච්චං ආතප්පං – අක්ඛාතාරො තථාගතා” යන්නෙන් අර්ථවත් කර ඇත්තේ එයයි.

About ජාතික බෞද්ධ බලවේගය

Ayubowan! The National Buddhist Authority (NBA) a well developed organizations which were officially battle against the Rascals who are in local society and who were engage as an international persons for poverty alleviation as a cover for proselytizing activity. We may put our advanced heritage presser which our ancestor did upon the peoples who dealing with converting our peoples for any other faith and Abuse (Insulting Speech) of our culture and the moral of Buddhist main concepts. We are secretly finding the necessary static data and also exploring entrench area and giving an “ON THE SPOT” action without thinking difficulty or danger that must be rise within sound of whom think that converting to their faith is fundamental right in our “Dhrama Dveepa”. Regarding need ness of the case we will report in writing with dates, place name or persons involved and all cases of abuse or illegal activities in the name of a religion or faith and first and last attempted to convert persons in Sri-Lanka to Buddhist organizations, temple, nearest Police Station, Grama Niladari and other local authority as well as presidency level. National Buddhist Authority eager to call upon all Sinhalese Buddhist organizations(International too) to join hands in a Endeavour to defeat the proselytizing efforts of sponsored evangelical and other NGO organizations and thereby to guard the Sinhalese Buddhist culture and tradition for posterity, Relating to their fantasy book,Fantasy Story David did killed the philistine champion who named as Goliath, then all of us too cannot fail. NOTE: This cite is not aimed at or against Christians Or Muslims or Any Other faith Holders.This site is aimed against Christians,Muslim or who ever seek or want to convert Buddhist to Christianity or Muslim or other goodish doctrine. We Buddhist refer to them as "missionaries." We Buddhist respect Christians or Muslim or other followers who maintain the doctrines of their belief, but we do not accept anyone's "right" to proselytize.

Discussion

No comments yet.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Categories

Different countries have visited this site

Free counters!
%d bloggers like this: