//
you're reading...
Buddhism

සාහිත්‍යකරුවා දුටු බුදු ගුණ

සාහිත්‍යකරුවා දුටු බුදු ගුණ

Published On Saturday, October 06, 2012 source:

අහසේ පියාසර කරන ඉතා කුඩාම ලිහිණි වර්ගයක (වාත සකුණ ) පියාපත් වලින් වැසෙන කොටස තමන් දේශනා කළ බුදුගුණ ප්‍රමාණය වෙයි. අනන්ත ආකාශය තමන් වහන්සේ දේශනා නොකළ බුදු ගුණ තරම් වෙයි. මහ ගංවතුරකට ඉදිකටු මලක් පොවාලූ කල්හි ඒ ඉඳීකටුමල අස්සෙන් යන ජල ප්‍රමාණය තමන් වහන්සේ දෙසු බුදු ගුණයටත්, ගංවතුර නොදෙසූ බුදු ගුණයටත් ප්‍රමාණ වෙයි.

බුද්ධ පරිනිර්වාණයෙන් වසර 2552 ක් ඉක්ම ගියද අද ලොව කවර ස්ථානයකදී හෝ කවර මොහොතක බුදුන් වහන්සේගේ අනන්තවූ බුදු ගුණය සිහි කොට මල් පහන් සුවඳ දුම් පුදති. ස්තුති පූජා කරති. ගෞතම බුදුරජාණන් වහන්සේට පමණක් නොව අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ බුදු ගුණ මෙනෙහි කොට මල් පහන් පුදති. අතීතයේදීත් එසේමය. අනාගතයේදීත් අනන්ත බුදු ගුණ මෙනෙහි කොට බුද්ධ පුජා පවත්වනු ඇත. එවන් අනන්ත වූ බුදු ගුණ මෙතෙකැයි ප්‍රමාණ කිරීමට , වර්ණනා කිරීමට බුදුරජාණන් වහන්සේ නමක් හැර අන් සමතෙක් තුන් ලොවම නොමැත. ඒ නිසාම සම්මා සම්බුදුන් වහන්සේ “අසම” වන සේක. සම්මා සම්බුදුන් වහන්සේ කෙනෙකුගේ අනන්ත බුදු ගුණ වර්ණනා කළ හැක්කේ එවැනිම සම්බුදුන් වහන්සේ නමකට පමණි. ඒ නිසා ‘අසම සම ‘ වන සේක. එසේ වර්ණනා කළද කල්පය අවසන් වනු මිස බුදු ගුණ වැනීම අවසන් කළ නොහැකිය.

එවන් අනන්ත බුදු ගුණයෙන් සමන්විත වන බුදුන් වහන්සේ නමක් ලෝකයට පහළ වන්නේ ඇයි ද? වරක් උත්තිය නම් තවුසෙකු විසින් බුදුන් වහන්සේගෙන් ඇසු ප්‍රශ්නයකට පිළිතුරු වශයෙන් සම්බුදුවරයකු පහළ වීමට හේතු වශයෙන් මෙසේ දේශනා කළහ.

“සත්තානං විසුද්ධියා “ – සත්වයන්ගේ පිරිසිදු බව රැකීමට
“සෝක පරිද්දවානං සමතික්කමාය “ – ශෝක කිරීම් වැළපීමෙන් මිදීමට
“ දුක්ඛ දෝමනස්සානං අක්ථංගමාය – කායික මානසික දුක් වලින් මිදීමට
“ඤායස්ස අධිගමාය “ – පරම සත්‍යය අවබෝධ කර ගැනීමට
“නිබ්බාණ සච්ඡි කිරියාය “ අමා මහ නිවන් සාක්ෂාත් කර ගැනීමට

අතීතයේ යම් කෙනෙක් නිවන අවබෝධ කළාහුද, අනාගතයේ යම් කෙනෙක් නිවන් අවබෝධ කරන්නාහු ද,වර්තමානයේ යම් කෙනෙක් නිවන් අවබෝධ කරත් ද ඒ සියලු දෙනාම සිත අකුසල ධර්ම දුරුකොට සතර සතිපට්ඨානයේ මනා කොට සිත පිහිටුවාගෙන හරියාකාර ලෙස අවබෝධය පිණිස පවතින අංග හත (සප්ත බොජ්ඣංග ධර්ම) දියුණු කර ගැනීමෙනි.”

උත්තිය සුත්ත – අංගුත්තර නිකාය) බුදුන් වහන්සේ වසර 45 ක් පුරා ඉහත සඳහන් පරමාර්ථ ඉටු කර ගැනීම සඳහා දේශනා කරන ලද සූත්‍ර දේශනා 18000 ක් පමණ සකල ලෝක බෞද්ධ ජනතාවට ඉතිරි කර ගැනීමට හැකි වී ඇත්තේ සංගීති කාරක මහතෙරවරුන් වහන්සේලා විසින් කරනු ලැබූ ඉමහත් ප්‍රයත්නයේ ප්‍රතිඵලයක් වශයෙනි.

මුල් වරට මාතලේ ආලෝක විහාරයේදී ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කිරීම නිසා අද මුළු ලොවටම බුදු දහම විවෘතව ඇති බව අති මහත් සතුටෙන් සඳහන් කළ යුතුව ඇත. ලේඛන ක්‍රම ප්‍රචලිතව නොතිබුන අතීතයේදී පොදු ජනතාවට බුදු දහම දැන ගැනීමට ක්‍රමයක් නොවිය. මුල් යුගයේදී පුස්කොළ පොත් වල ලියැවුන බුදු දහම ජනතාවට දැන ගැනීමට තිබුන එකම මග ශ්‍රාවකයාට අසන්නට සැලැස්වීමයි. ඒ අනුව අසන්නාට ප්‍රසාදය ඇති කරවන ශ්‍රාවක ප්‍රසාද පූර්වක ග්‍රන්ථ ලියැවිණි. සාහිත්‍යකරුවාද අනන්ත බුදු ගුණ වැනීමේ අපහසුතාවය මනාව වටහාගෙන තිබුණ බව පෙනේ.

 

“සුවාසු දහසක්
යොදුන් ගැඹුරැ’ති මුහුදක්
ගොඩ කෙරෙමැයි උදක්
ලෙහෙනු කළතැන් වැන්න දවසක් “

 

මුහුදට වැටුන තම පැටියා බේරා ගැනීම සඳහා යොදුන් 84000 ක් ගැඹුරින් යුතු සාගරය හිස් කිරීමට වෙහෙස ගන්නේ මුහුදට පැන ගොඩට පැමිණ වරින් වර වල්ගයේ රැඳුන ජලය ගසා දැමීමෙනි. මේ අතීත කතාව සිහි කරමින් තමන්ද බුදු ගුණ වැනීමට පිවිසෙන්නේ එසේම අනන්ත බුදු ගුණයෙන් බි¼ඳක් පමණක් වර්ණනා කිරීමට බව බුදු ගුණාලංකාර කතුවර වීදාගම මහා මෛත්‍රිය හිමියෝ ප්‍රකාශ කරති.

හෙළ සාහිත්‍ය කරුවා මුල් යුගයේදී තම නිර්මාණ සඳහා තෝරා ගත්තේ බුදු ගුණයයි. ජාතක කථාවයි. අමාවතුර , බුත්සරණ , පූජාවලිය , වැනි ග්‍රන්ථ, කරණයට යොමු වූ අතීත සාහිත්‍යකරුවෝ ඇතැම් විට අනන්ත බුදු ගුණයෙන් එක් බුදු ගුණයක් පමණක් ගෙන ග්‍රන්ථ රචනා කළහ. “අරහං” යන බුදු ගුණය වැනීමට ගුරුළුගෝමි විසින් “අමාවතුර “ ලියන ලදී. අනුත්තරෝ පුරිස දම්ම සාරථී “ ගුණය වැනීමට “ විද්‍යා චක්‍රවර්තී” නම් පඬිවරයෙක් “ බුත්සරණ “ නම් ග්‍රන්ථය රචනා කරන ලදී. සකල ලෝක සත්වයාගේ ආමිස ප්‍රතිපත්ති පුජාවන්ට සුදුසුවන “අරහං” බුදු ගුණයම වැනීමට මයුරපාද පරිවේණාධිපති බුද්ධපුත්‍ර හිමියන් විසින් “ පුජාවලිය” නම් අගනා ග්‍රන්ථය රචනා කරන ලදී. එම සියලුම ග්‍රන්ථ ලියා ඇත්තේ ශ්‍රාවක ප්‍රසාදය ඇති කරන ආකාරයෙනි.

අමාවතුර” කතුවර ගුරුළුගෝමි පඬිවරයා තම වර්ණනා ඇතැම් විට කෙටියෙන්, එහෙත් සිත් ගන්නා ආකාරයෙන් ඉදිරිපත් කර ඇත. “ මම පූර්වයෙහි දිවෙන ඇතුන් ලුහු බැඳ ගනිම් මය. අසුන් ලුහුබැඳ ගනිම්මය. රථ ලුහු බැඳ ගනිම්මය. දිවෙන මුවන් ලුහුබැඳ ගනිම්මය. එතෙකුදු හොත් මම මේ මහණහු පියවි ගමනින් යන්නහු බල පමණුයෙන් දිවයනුයෙම් හඹා ගත නොහෙමි “

බුදුන් වහන්සේ පියවි ගමනින් ගමන් කරද්දී වේගයෙන් දුව යන අංගුලිමාලට බුදුන් වහන්සේ සමීපයට වත් යාමට අපහසු වෙයි. එය ගුරුළුගෝමි පඬිතුමා ශ්‍රාවක සිත් ගන්නා ආකාරයෙන් ඉදිරිපත් කර ඇත.

“ පුරිසදම්ම සාරථී “ ගුණය වර්ණනා කරන බුත්සරණ කතුවරයා ඉතාම අලංකාර වර්ණනාවක් නාලාගිරි දමනයේදී ඉදිරිපත් කර ඇත.

“ඈත ධූලින් වැසී ගිය ඇත් රජයැ මෑත සවණක් ඝන බුදු රැසින් සෑදීගිය බුදුරජාණෝය. ඈත කෝපයෙන් රත්ව ගිය යවට වැනි ඇස් ඇති ඇත් රජයැ මෑත කරුණාවෙන් තෙත්ව ගිය නිල් මහනෙල් පෙතිපරයන ඇස් ඇති බුදුරජාණෝය. ඈත එබූ එබූ පයින් මහ පොළොව පලා පියන්නා සේ දිවෙන ඇත් රජයැ මෑත එබූ එබූ පයින් මිහි කත සනහ සනහා වඩනා බුදුරජාණෝය. ඈත බැලූ බැලූවන් “අනේ අනේ “ කියවන ඇත් රජයැ , මෑත බැලූ බැලූවන් “සාදු සාදු” කියවන බුදුරජාණෝය.

එක් පසෙකින් නාලාගිරි ඇත් රජුගේ චණ්ඩ විලාශයත් බුදුරජාණන් වහන්සේගේ ශාන්ත බවත් වර්ණනා කර ඇති ආකාරය ළගන්නා සුළුය. අංගුලිමාල බුදුන් වහන්සේ පසු පස ලුහුබැඳ ගොස්, බුදු කරුණාවෙන් දමනය වී, දකිමි ස්වාමීනි හැඳින්නෙමි ස්වාමීනි. සුද්ධෝදන රජ්ජුරුවන් පුතණු වහන්සේ නුඹද? මහා මයා දේවී පුතණුවන් නුඹ, වහන්සේ ද? “ යනාදි වශයෙන් අංගුලි මාල ලවා බුදුන් වහන්සේ හැඳින්වීමද චමත්කාරය.

බුත්සරණ ග්‍රන්ථයේ හැම පරිච්ඡේදයකම “පුරිස ධම්ම සාරථී” ගුණයෙන් යුතු බුදුන් වහන්සේට නමස්කාර කරයි.

නව අරහාදී බුදු ගුණ අතරින් “ අරහං” බුදු ගුණය විස්තර කිරීම සඳහා පුජාවලිය රචනා කරන බුද්ධ පුත්‍ර ස්වාමීන් වහන්සේ.

“ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ “ඉතිපි අරහං” මුළු ලෝ වැසියන්ගේ ආමිස පුජා, ප්‍රතිපත්ති පූජාවට සුදුසු හෙයින්ද, තමන් රහසින් පව් නොකරන හෙයින්ද, කෙළෙසුන් කෙරෙන් දුරුවු හෙයින්ද කෙළෙස් නමැති සතුරන් නැසු හෙයින්ද, අවිජ්ජා සංඛාර නමැති නාභි ඇති ජරා මරණ නමැති නිම් වළලු ඇති, ආශ්‍රය සමුදය නමැති අකුරෙන් විද තුන්ලෝ නමැති රියෙහි යොදන ලද සංසාර නමැති චක්‍රයාගේ කුශලාකුසල කර්ම නමැති අර, බෝ මැඩදීම සීල නමැති පොළොවෙහි, වීර්යය, නමැති පයින් සිට ශ්‍රද්ධා නමැති හස්තයෙන් ගත් කර්මක්ෂය කර ඥාන නමැති ඵරසුවෙන් පලා සුණු විසුණුකොට මූලෝච්ඡින්න කළ හෙයින් දැයි යන මේ ආදී අර්ථයෙනුදු අර්හත් වන සේක “ යනාදි වශයෙන් බුදුගුණ වැනීම කරයි.

පූජාවලියේ තවත් තැනෙක බුදුගුණයට උපමාවක් දැක්විය නොහැකි බව දක්වයි. කාල බුද්ධරක්ඛිත මහ රහතන් වහන්සේ විසින් කළුවර පෝදාක, කළුදිය පොකුණ අසළ දී කළු තිඹිරි ගසක් යටදී, දේශනා කළ “කාලකාරාම සූත්‍රය” තුන්යම් රැයක් මුළුල්ලේ හිටිවනම ශ්‍රවණය කොට අවසානයේදී මේ හැර තවත් බුදු ගුණ ඇත්දැයි සද්ධාතිස්ස රජු ඇසු විට තෙරුන් වහන්සේ ඉදිරිපත් කළ උපමා බුදු ගුණ මහිමය කියා පෑමට මහත් පිටිවහලකි.

අහසේ පියාසර කරන ඉතා කුඩාම ලිහිණි වර්ගයක (වාත සකුණ ) පියාපත් වලින් වැසෙන කොටස තමන් දේශනා කළ බුදුගුණ ප්‍රමාණවෙයි. අනන්ත ආකාශය තමන් වහන්සේ දේශනා නොකළ බුදු ගුණ තරම් වෙයි. මහ ගංවතුරකට ඉදිකටු මලක් පොවාලූ කල්හි ඒ ඉඳීකටුමල අස්සෙන් යන ජල ප්‍රමාණය තමන් වහන්සේ දෙසු බුදු ගුණයටත්, ගංවතුර නොදෙසූ බුදු ගුණයටත් ප්‍රමාණ වෙයි. මේ ආකාරයෙන් උපමා කීපයක්ම ඇත. සහස්සවත්ථූ, සීහලවත්ථු යන ග්‍රන්ථවලද මේ බව දැක්වෙයි.

බුදුන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාව ජනනය කිරීම සදහා සද්ධර්ම රත්නාවලී කතුවරයාද ඉමහත් ප්‍රයත්නයක යෙදෙයි. ධර්මසේන හිමියෝ අති දක්ෂ ධර්ම දේශකයාණන් වහන්සේ කෙනෙකු ලෙස එහි ඇති කථාවස්තු ඉදිරිපත් කරති උපමා කීම අතින් මහා කවි කාලිදාසයන් හා සම තත්වයෙක සිටින ධර්මසේන හිමියන්ගේ උපමා දේශීයත්වයේ සුවඳ උකහාගත් උපමා වීම විශේෂත්වයකි.

උදාසන අලතා පිඬෙකා ඇති වු පබළු දලු වැනි දෝහෝ නොහොත් ලා රසෙහි ගලා ඔසවාගත් කොබෝ ලීල මල් දමක් වැනි වූ “ යනාදි වශයෙන් වර්ණනා කරන ෂඩ්වර්ණ බුද්ධ රශ්මි මාලාවන් නිල් අඹර පුරා විහිඳමින් මන්ද හසිතා ලංකෘත මුඛ පද්මය ප්‍රදර්ශනය කරමින් ශාන්ත දාන්ත ගමනින් වඩින බුදුන් වහන්සේගේ සජීවි චිත්‍රයක් ධර්මය අසන්නාගේ සිතේ මැවෙන අතර නිතැතින්ම මුවග‘ට “සාදු සාදු “ හඬ නැගෙනු ඇත.

කුරුණෑගල යුගයේදි රචිත “උමංදා” කතුවරයා ආරම්භයේදීම ශ්‍රාවකයින්ගේ සිත් ඇද බැඳ ගන්නා ආකාරයේ ශෘති ගෝචර රටාව කින් ඉදිරිපත් කරන බුදු ගුණ වර්ණනාව චමත්කාර ජනකය .

“ථූපවංශයේ” ආරම්භයේ ඉදිරිපත් කරන බුදු ගුණ වර්ණනාවද සිත් ගන්නා සුළුය. “අනන්ත වූ කරුණාවෙන් හා ෂඩ් ආසාධාරණ ඥානයෙන්ද, චතුර් වෛශාරද්‍ය ඥානයෙන් හා අෂ්ට පර්ෂද්හි අකම්ප්‍ය ඥානයෙන්ද යනාදි ඥානයෙන් ඥාන වත් වු විශාරදවූ, සියලු වාද පඨයෙක් ඇත්නම් වැඩ සිටියා වු භූ®වනත්‍රයට නැගූ පහනක් වැනි වූ කාත් විසින් විනය නය නොකට හැකි වූ චණ්ඩ වූ, පරුෂ වු සාහසික වූ ආලවක, අංගුලිමාල , සුචිරෝම ඛර රෝමාදීන් විනයනය කොට වදාළ වූ, සියලු අපරිමිත වූ අතුල්‍ය වූ, අවාච්‍ය වූ ගුණයෙන් යුක්ත වු ඒ බුදුරජාණන් වහන්සේගේ තිඹක් පමණ වූ ධාතූ®න් වහන්සේ “ ආදි වශයෙන් ඉදිරිපත් කරන එම වර්ණනාවද ඉහළම වැණුමකි.

“බුදුගුණාලංකාරය “ රචනා කරන වීදාගම මහා මෛත්‍රිය ස්වාමීන් වහන්සේ බුදු ගුණ දුටු ආකාරය මෙසේය.

 

“කුලුණු මෙත් සත වෙත
පතළ නැණ සව් පද’රුත
එළිකළ ලොවට සෙත
නිතොර නමදිමි මුනිදු සරණත”

 

සත්වයන් කෙරෙහි කරුණාව හා මෛත්‍රිය ඇත්තාවු සියලු පදාර්ථයන්හි පැතිර වූ නුවණක් ඇත්තා වූ, ලොවට ශාන්තිය හෙළි කළාවූ, බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී පාදය නිතර නමදිමි. වචන දහසකිනුත් කිවහැකි වර්ණනාවක් කෙටියෙන් සරලව ඉදිරිපත් කර ඇත.

 

“රහසත් පව් නොකොට
කෙළෙස්සරයනුත් දුරුකොට
නිසිවූයෙන් පුදට
“අරහ” යයි නම කියති මුනිඳුට”

 

බුදු ගුණාලංකාරයේ 262 වැනි කවියේ සිට “අරහං” සම්මා සම්බුද්ධ “ ආදි නව අරහාදී බුදු ගුණයන් ඉතා අලංකාර ලෙස වර්ණනා කරයි. බොහෝ සාහිත්‍ය කරුවෝ තම ග්‍රන්ථයේ ආරම්භයේ දීම තෙරුවන් වැඳීම සම්ප්‍රදායයකි. කෝට්ටේ යුගයේදී වෑත්තෑවේ හිමියන් විසින් රචිත ගුත්තිල කාව්‍යයේ මුල් පද්‍යයෙන් උන්වහන්සේ විසින් බුදුන් වහන්සේට නමස්කාර කරති.

මේ ආකාරයෙන් සිංහල සාහිත්‍යයේ රස මැවූ නිර්මාණකරුවන් අනන්ත වු බුදු ගුණයෙන් බිඳක් වුවද වර්ණනා කළ අයුරු සිත් ගන්නා සුළුය. කුªසල් සිත් වඩන සුළුය. මමද ඒ බුදු ගුණ සිහිකොට නමස්කාර කරමි.

මතුගම
ධර්ම සෙන්දනායක
විශ්‍රාමික නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ

About ජාතික බෞද්ධ බලවේගය

Ayubowan! The National Buddhist Authority (NBA) a well developed organizations which were officially battle against the Rascals who are in local society and who were engage as an international persons for poverty alleviation as a cover for proselytizing activity. We may put our advanced heritage presser which our ancestor did upon the peoples who dealing with converting our peoples for any other faith and Abuse (Insulting Speech) of our culture and the moral of Buddhist main concepts. We are secretly finding the necessary static data and also exploring entrench area and giving an “ON THE SPOT” action without thinking difficulty or danger that must be rise within sound of whom think that converting to their faith is fundamental right in our “Dhrama Dveepa”. Regarding need ness of the case we will report in writing with dates, place name or persons involved and all cases of abuse or illegal activities in the name of a religion or faith and first and last attempted to convert persons in Sri-Lanka to Buddhist organizations, temple, nearest Police Station, Grama Niladari and other local authority as well as presidency level. National Buddhist Authority eager to call upon all Sinhalese Buddhist organizations(International too) to join hands in a Endeavour to defeat the proselytizing efforts of sponsored evangelical and other NGO organizations and thereby to guard the Sinhalese Buddhist culture and tradition for posterity, Relating to their fantasy book,Fantasy Story David did killed the philistine champion who named as Goliath, then all of us too cannot fail. NOTE: This cite is not aimed at or against Christians Or Muslims or Any Other faith Holders.This site is aimed against Christians,Muslim or who ever seek or want to convert Buddhist to Christianity or Muslim or other goodish doctrine. We Buddhist refer to them as "missionaries." We Buddhist respect Christians or Muslim or other followers who maintain the doctrines of their belief, but we do not accept anyone's "right" to proselytize.

Discussion

No comments yet.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

Balawegaya Flickr Photos

More Photos

Different countries have visited this site

Free counters!
%d bloggers like this: