//
you're reading...
ඇස ගිය තැන්

ඉන්දු ලංකා ගිවිසුමට එරෙහිව රජිව්ට පහර දුන් රෝහණ මෙන්න!


 

ඉන්දු ලංකා ගිවිසුමට එරෙහිව
රජිව්ට පහර දුන් රෝහණ මෙන්න!

source:
ඉන්දු ලංකා ගිවිසුම මේ රටේ කොයි කාටත් අමතක නොවන ගිවිසුමකි. උතුරේ යුද්ධයට දේශපාලන විසඳුම වශයෙන් දහතුන් වන ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සංශෝධන ගෙනා ඉන්දු-ලංකා ගිවිසුම 1987 ජුලි 29 වැනිදා අත්සන් කරද්දී මුළු රටේම දේශප්‍රේමී ජනයා ඊට එරෙහි වූහ. ඇඳිරිනීතිය පනවා ඡේ. ආර්. ජනාධිපතිත්, ඉන්දීය අගමැති රජිව් ගාන්ධිත් ගිවිසුමට අත්සන් තබද්දී, මේ රටේ බෝක්‌කුවක්‌, ගහක්‌, ගලක්‌, තාප්පයක්‌ පාසා රට පාවා දුන් ගිවිසුමට එරෙහිව අමු තිත්ත කුණුහරුපයෙන් විරෝධතා වැකි ලියා තිබූ අයුරු එකල සිටි අයට අදටත් හොඳහැටි මතකය.

උතුරේ පළාත් සභා මැතිවරණය නිසා යළිත් 87 ඉන්දු-ලංකා ගිවිසුම යළිත් කරලියට ඒමත් ඉන්දියාවේ බලපෑම් පිළිබඳවත් කාගෙත් අවධානය යළි යොමුව තිබේ.

එම ඉන්දු ලංකා ගිවිසුමත් සමග විජිත රෝහණ විජයමුණි නම් වූ අයකුගේ නම ද 87 ජුලි 30 වැනිදා මුළු ලෝකයටම අසන්නට ලැබිණි. අගමැති රජිව් ගාන්ධිට රයිµලයෙන් පහර දුන්නේ විජිත රෝහණ විජයමුණිය. හේ නාවික සෙබළෙකි. ඉන්දීය අගමැතිවරයා මෙරටින් පිටව යැමට මත්තෙන් ජනාධිපති මන්දිරය ඉදිරිපිට පැවැති උත්තමාචාර පෙළපාලියේ සිටි මේ කියන විජිත රෝහණ විජයමුණි අද ඒ සිද්ධිය පිළිබඳ කියන්නේ මෙවැන්නකි.

“මම ගාල්ල බූස්‌සෙ, රත්තොට ගමේ ඉපදුණ කෙනෙක්‌. මගේ පියා දේශපාලනය ගැන උනන්දු වූ කෙනෙක්‌. කුඩා කාලෙදිම දේශපාලනය පිළිබඳ මට අවබෝධයක්‌ තිබ්බා.

රටට, ජාතියට ආදරේ කළා. ඇත්තටම ගෙදර දේශපාලනය යූ. එන්. පී. දේශපාලනයක්‌. මගේ එකම සිහිනය වෙලා තිබුණේ නැවියෙක්‌ වෙන්න. නැවක රස්‌සාවකට යන්න. අ.පො.ස. උසස්‌ පෙළ පංතිවල ඉන්දැද්දී තමයි මම නාවික හමුදාවට ඉල්ලුම්පතක්‌ යොමු කළේ.

1985 අප්‍රේල් මාසේ නාවික හමුදාවට බැඳිලා හරියටම මාස තුනක්‌ තිස්‌සේ ත්‍රිකුණාමලයේ පුහුණුව ලැබුවා. මාස තුනෙන් පස්‌සේ මගෙ සිහිනය සැබෑ වුණා. නාවික සෙබළකු ලෙස නැවකට යන්න ලැබුණා. ඒ වන විට යුද්දෙ දරුණු වෙලා තිබුණේ. ඩෝරා යාත්‍රාවලින් යුද්දෙන් තුවාල වන හමුදා සෙබළු අපේ නැවට භාර කළා. ඒ අයව රෝහල්වලට ගෙන යැම ආදිය පවා අපි කළා.

එහෙම කාලය ගතවෙද්දී තමයි වඩමාරච්චි මෙහෙයුම පටන් ගත්තේ. ප්‍රභාකරන් කොටු වුණ වඩමාරච්චි මෙහෙයුම පිළිබඳ හමුදාවල කොයි කවුරුත් හිටියේ සතුටින්. ජෙනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව වැනි සෙන්පතිවරු මෙහෙයුම අවසන් කරලා, ප්‍රභාකරන් කොටු කරගන්න හදනකොට තමයි, ඉන්දියාව අපිට බලපෑම් කරන්න ගත්තේ. අන්තිමට ජනාධිපති ඡේ. ආර්. ජයවර්ධන අසරණ කරමින්, ඉන්දියාව බලෙන්ම අපේ ගුවන් සීමාවට ඇවිත් පරිප්පු ඇතුළු වියළි ආහාර ගුවනින් උතුරට දාන්න ගත්තා.

පොඩි කාලෙ ඉඳලම මට අසාධාරණය පෙන්නන්න බෑ.

නාවික සෙබළෙක්‌ ලෙස සිටියත් මම පත්තර බලලා රටේ ලෝකේ දේවල් හොඳට අවබෝධ කරගෙන හිටියේ. ඉන්දු ලංකා ගිවිසුමට මුළු රටම වගේ එරෙහි වුණා. ඒ ඊනියා ගිවිසුම පිළිබඳව මට දැනුණ වේදනාව අපමණයි. මේක මහා පාවාදීමක්‌ කියලා මට තේරුණා. මගේ ඇඟේ ලේ රත්වෙලා. දෛවයේ සරදමකට මෙන් ඒ වන විට මම හිටියේ රංගල නාවික කඳවුරේ. කොහොමහරි 87 ජුලි 29 ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කරලා රජිව් ගාන්ධි යළි ඉන්දියාවට යන දවසේ උත්තමාචාර පෙළපාලියට මාවත් ගත්තා.

රජිව් ගාන්ධි ආරක්‍ෂකයන් සමග ඉදිරියට එද්දී මගෙ සිංහල ලේ රත්වෙන්න ගත්තා.

මම දෝත බදලා අතේ තිබුණු රයිෆලයෙන් රජිව් ගාන්ධිට ගැහුවා. ඒ ගැහුවේ ගාන්ධිව මැරිලා වැටියන් කියලා. ඒත් මගේ ඉරියව් වෙනස්‌ වෙනවා දැකපු ගාන්ධි හිස නැමුවා. රයිෆල් පහර වැදුණෙ කොන්දට.

ඇත්තටම ඒ වෙලාවේ මම මගේ ජීවිතය අත්හැරියා. ඒ මම ඉපදුණ මව්බිම වෙනුවෙන්. මගේ රට වෙනුවෙන්. මගේ මාතෘ භූමිය වෙනුවෙන්.

මට අම්මව, සහෝදරයෝ, සහෝදරියන්ට වඩා ඒ වෙලාවේ රට වැදගත් වුණා. එදා ඒ සිද්ධිය සිහි කරන විජිත රෝහණ විජයමුණි එලෙස කීවේ අදටත් මේ රටට ඒ වගේම ආදරේ බව කියමිනි.

ඇත්තටම විජිත රෝහණ විජයමුණි එදා ඉන්දීය අගමැතිට සිය අතේ තිබූ රයිෆලයෙන් ගැසුවේ රට වෙනුවෙනි. එක අතකට ඔහු වීරයෙකි. තවත් අයට ඔහුව ෙද්‍රdaහියකු ලෙස පෙනෙන්නට පුළුවනි. නමුත් මේ අපූරු පුද්ගලයා සොයා නුගේගොඩ සුපිරි වෙළෙඳ සංකීර්ණයේ තුන්වන මහලේ විසිපස්‌ වැනි කඩ කාමරයට ගිය අපට ඔහුව මුණගැසුණේ ජ්‍යෙdතිෂය මෙන්ම ගී තැටි අලෙවි කරමින් වෙනම ක්‍ෂේත්‍රයකට යොමුව සිටියදීය.

විජිත රෝහණ විජයමුණි දැන් හතළිස්‌ හත් හැවිරිදි පැසුණු අයෙකි. රජිව්ට පහර දෙන විට ඔහු සිටියේ හිරිමල් යොවුන් වියේය. දැලි රැවුලවත් නැති විසිඑක්‌ වන වියේදී ඉන්දීය අගමැතිවරයාට රයිෆලයෙන් පහර දෙන විට තිබූ ආවේගශීලී ගතිය හා නිර්භීතකම තවමත් ඔහුගෙන් පහව ගොස්‌ නැතැයි සිතෙන කතා විලාශයක්‌ ඔහුට ඇත.

සහෝදරයන් හය දෙනකුගෙන්, සහෝදරියන් දෙදෙනකුගෙන් යුත් පවුලක උපන් මොහු රජිව් ගාන්ධි අගමැතිවරයාට පහර දුන්නේ පුද්ගලික ප්‍රශ්නයකට නොව රට වෙනුවෙනි.

එදා රජිව් ගාන්ධිට එල්ල කළ රයිෆල් ප්‍රහාරය හරිහැටි වැදුණේ නම් ඇතැම් විට අප සමග කතාබහ කිරීමට විජිත රෝහණ විජයමුණිට අවස්‌ථාවක්‌ නොමැති වන්නට ඉඩ තිබිණි.

එදා මම හිතුවේ මට වෙඩි තියලා මරලා දායි කියලා. රජිව් ගාන්ධි ළඟ හිටපු ආරක්‍ෂකයෙක්‌ මගෙ බඩට ගැහුවා. මම කොහොමත් ඒ වන විට බිම වැටුණා. ඊට පස්‌සෙ මාව අත්අඩංගුවට ගත්තා. නාවික හමුදාව මාව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට (සී.අයි.ඩී. එකට) භාර දුන්නා. හරියටම දින විසිඑකක්‌ මගෙන් ප්‍රශ්න කළා. මම නිදාගත්තේ මේසයක්‌ උඩ. රෑට නින්දක්‌ නෑ. එහෙන් මකුණෝ, අනෙක්‌ පැත්තෙන් මීයෝ… මට ඒ දින ටිකේදී හිතුණා මළා නම් මීට වඩා හොඳයි කියලා.

පොලිස්‌ අධිකාරි හෙන්රි පෙරේරා දවසක්‌ එද්දී මම නැගිට්‌ටේ නෑ කියලා ඒ කේන්තියට මට කම්මුලට ගැහුවා. ප්‍රශ්න කිරීම්වලින් පස්‌සේ මාව යුද්ධාධිකරණයට දාලා, නඩු විභාග කරලා අනියම් මිනීමැරීමේ චෝදනාවට අවුරුදු හයක බරපතළ වැඩ සහිතව සිරදඬුවමකට යටත් කළා.

මම ඒ සිරගත වූ කාලයේ දී ගොඩක්‌ දේ ඉගෙන ගත්තා. මාත් එක්‌ක හිටිය කිසිදු නාවික සෙබළෙක්‌ මාව බලන්න ආවේ නෑ. හැබැයි නන්නාඳුනන අය ඇවිත් මාව බලලා මාව ධෛර්යමත් කළා. ඒ කාලේ මම පොත්පත් කියෙව්වා. ජ්‍යෙdතිෂය පිළිබඳ පොත්පත් කියෙව්වා. කවි ලිව්වා, සිංදු ලිව්වා. අන්තිමට ප්‍රේමදාස මහත්තයා ජනාධිපති වුණාට පස්‌සේ විශේෂ චක්‍රලේඛයක්‌ මගින් 1990 අප්‍රේල් 01 වැනිදා මා ඇතුළු සිරකරුවන් 1500 ක්‌ නිදහස්‌ කළා. 1990 ජුලි 17 වැනිදා නිදහස්‌වීමට සිටි මට මාස කිහිපයකට කලින් නිදහස ලැබුණේ එහෙමයි. අවුරුදු හයක සිරදඬුවම ටික ටික අඩුවෙලා 1990 අප්‍රේල් 01 වැනිදා නිදහස ලැබෙන කොට රට වෙනුවෙන් ඉටු කළ යුතුකම සිහිවෙලා ඇඬුණා. බන්ධනාගාර බස්‌ එකකින් මාව කොටුවට ගෙනත් දැම්මා. කවුරුවත් මාව අඳුරන්නෙ නැති නිසා මම බස්‌ එකක නැගලා ගාල්ල, බූස්‌සෙ ගමට ගියා.

එදා මම රජිව්ට ගැහැව්වේ මැරෙන්නමයි. නඩුවේදී මම නීති උපදෙස්‌ මත කතාව වෙනස්‌ කළා. එදා උණ්‌ඩ තිබුණ නම් මම වෙඩි තියනවා. ඒ තරමටම මේ ඊනියා ගිවිසුම නිසා මම ජීවිතයට තියෙන ආශාව පවා දෙවැනි තැනට දාලා රට ගැන හිතුවා.

ප්‍රේමදාස ජනාධිපතිවරයා මට නිදහස ලැබුණට පස්‌සේ ඡන්දෙ ඉල්ලන්න කියලා ආරාධනා කළා. ගාලුමුවදොර පිටියේ දේශපාලන රැළියකට අඬ ගැහුවා. ගෙයක්‌ දෙන්න කතා කළා. කඩයක්‌ දෙන්නම් කිව්වා. මම ඒ කිසිවක්‌ ගත්තේ නෑ.

ජනාධිපති චන්ද්‍රිකාගේ කාලේ ධීවර හා ජලජ සම්පත් ඇමැති ලෙස හිටපු වත්මන් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහත්තයා මට ධීවර වරාය සංස්‌ථාවේ රැකියාවක්‌ දුන්නා. ඒ රස්‌සාව කර කර ඉද්දී මාව වැඩ තහනමකට ලක්‌ වුණා.

ඊට පස්‌සේ චන්ද්‍රිකාගේ ආණ්‌ඩුවයි ඡේ.වී.පී. එකයි පරිවාස ආණ්‌ඩුවක්‌ හැදුවා. ඒකෙ ධීවර ඇමැතිකම ලැබුණේ ඡේ.වී.පී. එකට. මගෙ රස්‌සාව අරන් දෙන්න ඡේ.වී.පී. එක කටයුතු කළේ නෑ. රෝහණ විඡේවීර වැනි නායකයකු හිටිය නම් මට සලකනවා. රජිව් ගාන්ධිට ගහපු මට දේශප්‍රේමියෝ සැලකුවේ එහෙමයි. මම දැන් ජ්‍යෙdතිෂය නිසා ජීවිතේ ගැටගහ ගන්නවා. සිරමැඳිරියේ ඉන්න කොට ලියූ ගීත වික්‌ටර්, ටී.එම්., එඩ්වඩ් වැනි ගායකයන් ගායනා කළා. හිරෙන් නිදහස්‌ වෙලා ඇවිත් කරපු කැසට්‌ පට හොඳට අලෙවි වුණා. මේ වන විට මම ගීත සියයකට වඩා ලියලා තියෙනවා.

මලක සුවද පතා

රුවට වසඟ වෙලා

එමල නෙළන්නෙපා… කියන ගීතයත් ඒ වගේ ජනප්‍රිය වූ එක ගීතයක්‌.

මට ජ්‍යෙdතිෂයට අනුව අනාවැකි කියන්න පුළුවන්. මේ කියන අනාවැකිය බලන්න. මුල්වරටයි මම මාධ්‍යයකට මේක කියන්නේ. 2014 ජුලි 19 වැනිදා වන විට ගුරු කටක රාශියට එනවා. ගුරුගේ ගෝචර ගමනින් දේශපාලන වෙනස්‌කම් රැසක්‌ වෙනවා. ආණ්‌ඩු පෙරළෙන තරමට තත්ත්වය උග්‍ර වෙනවා. රජිව්ට පහර දුන් විජිත රෝහණ විජයමුණි එලෙස කියා සිටියා.

මොහු සිහළ උරුමය පක්‍ෂයෙන් පසුගිය 2000 වසරේ පැවැති මහ මැතිවරණයට ඉදිරිපත් වෙලා මනාප 15,645 ක්‌ කොළඹ දිස්‌ත්‍රික්‌කයෙන් ලබාගත් අයෙකි. ඔහු කියන්නේ රටට ආදරේ කරන අපට දේශපාලනය කිරීමට හයිය ඇති බවකි. නමුත් මේ පවතින ක්‍රමය තුළ අප වැනි අයට අවස්‌ථාව නැතැයි ද හෙතෙම කියා සිටී.

ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කර ලබන 29 වැනිදාට වසර විසිහයක්‌ සපිරේ. රජිව් ගාන්ධිට රයිµල් පහර වැදී වසර විසිපහ පිරෙන්නේ ලබන 30 වැනිදාටය. ඉන්දු ලංකා ගිවිසුම ගසා වසර විසිහයකට පසුව උතුරු පළාත් සභා මැතිවරණයක්‌ ද දැන් ප්‍රකාශ කොට ඇත. ඊළමකට පාර කපන දහතුන ගැන කතා රැසකි. එදා රට වෙනුවෙන් මේ ඊනියා ගිවිසුමට එරෙහිව ඉන්දීය අගමැතිට පහර දුන් වීරයා තවමත් ඒ වීරකම සමග අතීතය සිහි කරති. විජිත රෝහණ විජයමුණි වීරයකු දැයි, නිවටයකුදැයි බලන්නට හැකි වන්නේ මේ ඊනියා ගිවිසුම හරහා ඊළමක්‌ ප්‍රකාශයට පත්වූ දිනකදීය. එවිට මොහු ගැන බොහෝ දෙනා කතා කරනු ඇතැයි අපගේ හැඟීමය. ඒ වන විට මේ වීරයා පිළිබඳ කතා කරන්නට පමා වැඩි වී නොතිබුණොත් එය රටේ වාසනාවකි.

ශිරාන් රණසිංහ
ඡායා – නිමල් දයාරත්න

About ජාතික බෞද්ධ බලවේගය

Ayubowan! The National Buddhist Authority (NBA) a well developed organizations which were officially battle against the Rascals who are in local society and who were engage as an international persons for poverty alleviation as a cover for proselytizing activity. We may put our advanced heritage presser which our ancestor did upon the peoples who dealing with converting our peoples for any other faith and Abuse (Insulting Speech) of our culture and the moral of Buddhist main concepts. We are secretly finding the necessary static data and also exploring entrench area and giving an “ON THE SPOT” action without thinking difficulty or danger that must be rise within sound of whom think that converting to their faith is fundamental right in our “Dhrama Dveepa”. Regarding need ness of the case we will report in writing with dates, place name or persons involved and all cases of abuse or illegal activities in the name of a religion or faith and first and last attempted to convert persons in Sri-Lanka to Buddhist organizations, temple, nearest Police Station, Grama Niladari and other local authority as well as presidency level. National Buddhist Authority eager to call upon all Sinhalese Buddhist organizations(International too) to join hands in a Endeavour to defeat the proselytizing efforts of sponsored evangelical and other NGO organizations and thereby to guard the Sinhalese Buddhist culture and tradition for posterity, Relating to their fantasy book,Fantasy Story David did killed the philistine champion who named as Goliath, then all of us too cannot fail. NOTE: This cite is not aimed at or against Christians Or Muslims or Any Other faith Holders.This site is aimed against Christians,Muslim or who ever seek or want to convert Buddhist to Christianity or Muslim or other goodish doctrine. We Buddhist refer to them as "missionaries." We Buddhist respect Christians or Muslim or other followers who maintain the doctrines of their belief, but we do not accept anyone's "right" to proselytize.

Discussion

No comments yet.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

Balawegaya Flickr Photos

More Photos

Different countries have visited this site

Free counters!
%d bloggers like this: