//
you're reading...
ඇස ගිය තැන්, දෙමළ ජාතිවාදය ද පරාජය කරමු

ස්‌ටීපන් රැප්ගේ කැකිල්ලේ තීන්දුව

ආරක්‌ෂාව
source:
ස්‌ටීපන් රැප්ගේ කැකිල්ලේ තීන්දුව

විග්නේශ්වරන් ඉතිහාසය වෙනස්‌ කිරීමට උත්සාහ කරයි

රජය පෙරළීමට ඇමරිකානු තානාපති කාර්යාලය
සමාජ වෙබ් අඩවි දියත් කිරීම ගැන පුහුණුවක්‌ දෙයි

ලයන් එයාර් මගී යානාව කොටි විනාශ කිරීම ගැන
නිහඬ සිටි මන්නාරම් රදගුරු රායප්පු ජෝශප්
ශ්‍රී ලංකා හමුදාවට එරෙහිව ජාත්‍යන්තර පරීක්‍ෂණයක්‌ ඉල්ලයි

හිටපු දේවගැති ජූඩ් ලාල් ප්‍රනාන්දු බොරු සාක්‌කිකරුවන්
ගෙන්වීමට ගුවන් ප්‍රවේශපත් ඉඳුම් හිටම් සහ පහසුකම් සපයයි

මාර්තු 10 දා ජිනීවාහි කොටි සංදර්ශනයක්‌

ඇමරිකානු තානාපති ස්‌ටීපන් රැප් මෙරටට ආවේ
යුද අපරාධ චෝදනා රැප් කිරීමටයි

ඉරාකය, ලිබියාව සහ ඇµaගනිස්‌තානය යන රටවල
සිදුවූ යුද අපරාධ ගැන ඔබ විමර්ශනය කළේ ද යෑයි
ආරක්‍ෂක ලේකම්වරයා ස්‌ටීපන් රැප්ගෙන් ප්‍රශ්න කරයි

කොටි යුද අපරාධකරු එලිලන්ගේ බිරියගෙන් රැප් යුද අපරාධ ගැන විමසයි

“සතුරන් අවස්‌ථාව එනතුරු බලා සිට එක්‌සත්ව ක්‍රියා කරයි. සතුරු බලවේග පරාජය කළ හැක්‌කේ සතුරාගේ ඉලක්‌ක හඳුනා ගැනීමෙන්” – රුසියානු ජනාධිපති වැලඩ්මීර් පුටින්


සටීපන් රැප් ශ්‍රීලංකා හමුදාව වෙඩි තැබූ බව කියන ස්‌ථානයක්‌ පෙන්වන අන්දම

සටීපන් රැප් ශ්‍රීලංකා හමුදාව වෙඩි තැබූ බව කියන ස්‌ථානයක්‌ පෙන්වන අන්දම

ඇමරිකානු තානාපති කාර්යාලය ශ්‍රී ලංකාව යුද අපරාධකරු බවට ප්‍රකාශ කළ අයුරු

ඇමරිකාවේ හිටපු ජනාධිපති ඒබ්‍රහම් ලින්කන් කැරලිකරුවන් පරාජය කිරීමෙන් පසු මුහුණපෑ තත්ත්වයට ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා ද අද මුහුණපා සිටී. ඒ සතුරන් ඒකරාශී වී ක්‍රියා කිරීමයි. 2012 වසරේ ජනවාරි මස මන්නාරම් රදගුරු රායප්පු ජෝශප් ද්‍රවිඩ සන්ධාන නායක ආර්. සම්බන්දන් වෙත සංදේශයක්‌ යවමින් මෙලෙස ඉල්ලීමක්‌ කළේය. “දෙමළ ජනතාව නීති නියමයන් සහ යහ පාලනයක්‌ ඔස්‌සේ පමණක්‌ සන්තෘප්තියට පත් කළ නොහැක. ඒ සඳහා ස්‌වයංපාලනයක්‌ ඔස්‌සේ අපේ ප්‍රශ්න විසඳාගත හැක. එහිදී ඔබ විසින් කළ යුත්තේ ස්‌වයංතීරණ අයිතිය සඳහා දිරිදීමයි. අපි ඔබට කියන්නේ 13 වැනි සංශෝධනය තුළ වාඩි වී සිටින්න කියා නොවේ. එහි ඇති ඉඩකඩ අවමයි. ද්‍රවඩ සන්ධානය යනු සාමාන්‍ය දේශපාලන පක්‍ෂයක්‌ නොව ජනතාවගේ විමුක්‌තිය උදෙසා පවතින ව්‍යාපාරයක්‌ බව විශ්වාස කරමු. මේ අරගලයේදී සිය දිවි පිදූ දහස්‌ සංඛ්‍යාත ජනතාවගේ බලාපොරොත්තුව එයයි.”

රායප්පු ජෝශප් පසුගිය අඟහරුවාදා තවත් බරපතළ ප්‍රකාශයක්‌ කළේය. එල්ලවී ඇති යුද අපරාධ චෝදනා ගැන දේශීය විමර්ශනයක්‌ පැවැත්වීම ගැන උතුරු නැගෙනහිර ජනතාව තුළ විශ්වාසයක්‌ නැත. අවශ්‍ය වී ඇත්තේ අන්තර්ජාතික විමර්ශනයක්‌. ඉන් සත්‍යය දැනගත හැකියි යෑයි රදගුරුවරයා කියා සිටියේය. මන්නාරම් රදගුරුවරයා මේ ප්‍රකාශය කිරීමට පැය 24 කට පෙර ඇමරිකානු ජනාධිපති ඔබාමාගේ නියෝජිත ස්‌ටීපන් රැප් මෙරටට සම්ප්‍රාප්ත විය. ඔහු යුද අපරාධ පිළිබඳ නිරීක්‍ෂණය කරන ඇමරිකානු තානාපතිවරයායි. ස්‌ටීවන් රැප් මෙරටට පැමිණියේ සහජීවන කටයුතු හෝ අවතැන් වූවන් ගැන සෙවීමට නොවේ. ඔහුගේ ඉලක්‌කය වන්නි මෙහෙයුමේ අවසාන අදියරේ සිදුවූ බව කියන යුද අපරාධ චෝදනා සනාථ කිරීම සඳහා අලුත් සාක්‍ෂි සෙවීමයි. ස්‌ටීපන් රැප් මෙරටට පැමිණෙන අවස්‌ථාවේ ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රී සුරේශ් ප්‍රේමචන්ද්‍රන් ප්‍රකාශයක්‌ කරමින් යුද අපරාධවලට සම්බන්ධ ලියවිලි සෘජුව රැප්ට දෙන බව පළ කළේය.

සුරේශ් ප්‍රේමචන්ද්‍රන් ඇතුළු ද්‍රවිඩ සන්ධානය ශ්‍රී ලංකා හමුදාව යුද අපරාධකරුවන් ලෙස හංවඩු ගැසීමට සැලසුම් කරන අවස්‌ථාවේ පොලිසිය මෙයට වසර 16 කට පෙර කොටි විසින් මිසයිල ප්‍රහාරයක්‌ එල්ල කර විනාශ කළ ලයන් එයාර් යානයේ සුන්බුන් උතුරේ ජනතාව හඳුනා ගැනීම සඳහා ප්‍රදර්ශනය කරනු ලැබීය.

1998 සැප්තැම්බර් 29 දා ඉරනතිවු දූපත අහසේදී විනාශ කළ මේ යානාවේ ගමන් කළ මගීන් 48 දෙනාම ද්‍රවිඩයන්ය. එහි එකම සිංහල කාන්තාව වූයේ ගුවන් සේවිකා දර්ශනී ගුණසේකරයි.

ඇයත් යුක්‌රේන් නියමුවන් දෙදෙනාත් ඇතුළු කාර්ය මණ්‌ඩලයේ අට දෙනාම එකී ම්ලේච්ඡ ප්‍රහාරයෙන් මරුමුවට පත්විය. එහෙත් රායප්පු ජෝශප් හා ද්‍රවිඩ සන්ධානය අද වනතුරු ලයන් එයාර් ගුවන් යානාව විනාශ කිරීම යුද අපරාධයක්‌ ලෙස ප්‍රකාශ කර නැත.

මෙම යානාවේ සිටි මගීන්ගේ සිරුරු මන්නාරම් ප්‍රදේශයේ ධීවරයන් වළ දමා ඇති බවට ලත් තොරතුරු මත එකී සිරුරු ගොඩගෙන විමර්ශන පැවැත්වීම සඳහා එවකට මන්නාරම පොලිස්‌ අධිකාරි ලෙස ක්‍රියා කළ ලලිත් ලේකම්ගේ මන්නාරම රදගුරුගෙන් කළ ඉල්ලීමට නිසි ප්‍රතිචාර ලැබුණේ නැත.

මේ පසුබිම මැද අයර්ලන්තයේ සිටින ජූඩ්ලාල් ප්‍රනාන්දු නමැති කොටි හිතවාදියා ජර්මනියේ බ්‍රිමන් නගරයේ පැවැත්වූ ව්‍යාජ විනිශ්චය මණ්‌ඩලය ශ්‍රී ලංකාව යුද අපරාධ කළ බවට දුන් තීන්දුව ජිනීවා මානව හිමිකම් සමුළුව වෙත යොමු කර ඇත. මේ විනිශ්චය මණ්‌ඩලය හමුවේ බොරු සාක්‍ෂිකරුවන් තිස්‌ දෙනෙක්‌ සාක්‍ෂි දී ඇත. එහෙත් මේ බොරු සාක්‍ෂිකරුවන් ගෙන්වා ඇත්තේ ඔවුන්ට ගුවන් ප්‍රවේශ පත්‍ර, ඉඳුම් හිටුම්, ආහාර පාන සහ අනිකුත් පහසුකම් සපයමිනි. අයර්ලන්තයේ සිටින ජූඩ් ලාල් ප්‍රනාන්දු නමැති හිටපු දේවගැතියා මෙහෙය වන අයිරිෂ් පෝරම් පෝ පීස්‌ ඉන් ශ්‍රී ලංකා නමැති රාජ්‍ය නොවන සංවිධානයේ සම්බන්ධීකාරක ලේන් අටක්‌ නමැත්තා යවා ඇති ලිපියක මෙලෙස සඳහන් වේ. අයිරිෂ් සංවිධානය විසින් මහජන විනිශ්චය මණ්‌ඩලයට සහභාගි වන ඔබට යන වියදම නවාතැන් සහ ආහාර සපයයි. කරුණාකර මා අමතන්න.

මේ සාක්‍ෂිකරුවන් කව්දැයි දැන් හෙළිවී ඇත. ඉන් එක්‌ අයෙක්‌ වන්නි කොටි පාලන ප්‍රදේශයේ සේවය කළ කොටි හිතවාදී වෛද්‍යවරයෙකි.

එසේම අනිකුත් සාක්‍ෂිකරුවන් මෙරටින් පැන ගිය කොටි ත්‍රස්‌තයන්ය. කොළඹ නෝර්වේ තානාපති කාර්යාලය ද්‍රවිඩයන් දොළොස්‌ දෙනකුට ගුවන් ප්‍රවේශපත් ලබාදී ඔවුන්ව කටුනායක ගුවන්තොටුපළට ගෙන ආ බවද දැන් හෙළිවී ඇත.

නෝවීජියානු ආප්ටන්පෝස්‌ටන් පුවත්පත කොළඹ නෝර්වේ තානාපති කාර්යාලයේ රහස්‌ මෙහෙයුම හෙළි කර තිබේ. මෙලෙස නෝර්වේ වෙත පැන අවුත් ඇත්තේ ත්‍රස්‌තයන් යෑයි ද හෙළිවී ඇත.

මෙලෙස ශ්‍රී ලංකා හමුදාවේ බෙල්ලට තොණ්‌ඩුව දැමීමට කොටි හිතවාදීන් ක්‍රියා කරන අවස්‌ථාවේ කුරුඳුවත්තේ සිට යාපනයට ගිය විග්නේශ්වරන්ගේ අලුත්ම ඉලක්‌කය ශ්‍රී ලංකාවේ ඉතිහාසය නැවත වරක්‌ ලිවීමය. පසුගිය ඉරිදා ඔහු යාපනයේ එස්‌.ඕ.එස්‌. ගම්මානයක්‌ විවෘත කරමින් මෙලෙස සඳහන් කළේය. “දැන් පාසල්වල උගන්වන්නේ විකෘති කළ ඉතිහාසයක්‌. සිංහල බෞද්ධ ප්‍රචාරකයන් හය වැනි සියවසේ මහාවංශය හුවා දක්‌වමින් ද්‍රවිඩයන් සංක්‍රමනිකයන් ලෙස පෙන්නුම් කිරීමට උත්සාහ කරනවා. දෙස්‌ විදෙස්‌ විද්වතුන්ගේ සහාය මැද මෙරට ඉතිහාසය නැවත ලිවිය යුතුයි. ශ්‍රී ලංකාව බෞද්ධ රාජ්‍යයක්‌ නොවෙයි. මහාවංශය බුදුන් වහන්සේට අවමානයක්‌ යනුවෙන් සිංහල මාධ්‍යවේදීනියක්‌ ලිපියක්‌ ලියා තිබෙනවා. එය ඇත්තයි. මේ නිසා මුල් යුගයේ සිට 1948 දක්‌වා කාලය තුළ ශ්‍රී ලංකාවේ ඉතිහාසය නැවත ලිවීමට ශ්‍රී ලාංකික හා විදෙස්‌ විද්වතුන්ගෙන් යුත් මණ්‌ඩලයක්‌ අවශ්‍යයි.

උතුරු මහ ඇමැති විග්නේශ්වරන් පවසන මේ සිංහල මාධ්‍යවේදිනිය වෙනින් කවුරුත් නොව 2002 ඊනියා සටන් විරාම ගිවිසුම යටතේ රජයේ සාම මහලේකම් කාර්යාලයේ සේවය කළ හිටපු රූපවාහිනි නිවේදිකාවකි.

මේ අතර කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලය සිය ඊළඟ මෙහෙයුම දියත් කර ඇත. ඒ මෙරට අන්තර්ජාලය හසුරුන්නන්ට සමාජ වෙබ් අඩවි පිළිබඳ පුහුණුවක්‌ දීමයි.

ඇමරිකානු තානාපති කාර්යාලයේ මේ මෙහෙයුමේ ඉලක්‌කය කුමක්‌ද?  රටේ දේශපාලකයන් හා බහුතර ජනතාව මේ අනතුර ගැන මෙතෙක්‌ තේරුම් ගෙන නැත. ඊජිප්තුව, ටියුනීසියාව සහ ලිබියාව යන රටවල ආණ්‌ඩු පෙරළීමේ ක්‍රියාදාමයන්ට සහාය වූයේ සෝෂල් මීඩියා හෙවත් සමාජ වෙබ් අඩවි මගින් දියත් කළ සාවද්‍ය ප්‍රචාරයන්ය. අරාබි වසන්තය නමැති ආණ්‌ඩු පෙරළීමේ මෙහෙයුමට එකී සමාජ වෙබ් අඩවි උපකාරී විය.

මේ පසුබිම මැද ඇමරිකානු තානාපති මිචෙල් සිසන් මෙරට ජනතාවට සමාජ වෙබ් අඩවි ගැන පුහුණුවක්‌ දීමට උත්සාහ කිරීමේ භයානක අනතුර සනාථ නොවන්නේද? මේ අතර කොටි හිතවාදී ගෝලීය ද්‍රවිඩ සංසදය තමන් ද්‍රවිඩ සන්ධානය සමග එක්‌ව ක්‍රියා කරන බව ප්‍රකාශ කර ඇත. සතුරන් එක්‌වී ඇති බව රජය දැන්වත් අවබෝධ කර ගත යුතුව තිබේ.

ජිනීවා මානව හිමිකම් සමුළුව ආරම්භවීමටට තව ඇත්තේ දින 50 කි

දේශීය සතුරන් වන්නි හමුදා නායකත්වයට යුද අපරාධ චෝදනා ගෙනඒමට සැලසුම් කරන අවස්‌ථාවේ කොටි ඩයස්‌පෝරාව ද ඊට එක්‌වී ඇත. මාර්තු 10 දා සවස 2 ට ජිනීවාහි එක්‌සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරියේදී කොටින්ගේ විරෝධතාවයක්‌ පැවැත්වේ. මේ විරෝධතාවයේ තේමාව ප්‍රභාකරන් හා කොටි ඝාතකයන් විනාශ කළ සිංහල හමුදාවට ජනාධිපතිට හා ආරක්‍ෂක ලේකම්ට දඬුවම් දෙනු යන්නයි.

ප්‍රංශයේ සිට ජිනීවා වෙත කොටි ක්‍රියාකාරීන්ව ගෙනඒම සඳහා දැනටමත් ටී.වී.ජී. අධිවේගී දුම්රියක්‌ වෙන් කරගෙන ඇත. එම දුම්රියේ කොටි කොටි බෙරකරුවන් 10 ක්‌ද එන බව ප්‍රංශ කොටි විරෝධී ආරංචි මාර්ග පවසති.

මෙවන් පසුබිමක්‌ මැද යුද අපරාධ පිළිබඳ විමර්ශන තානාපති ස්‌ටීවන් රැප් මෙරටින් පිටව ගියාට පසු ඊළඟට එන්නේ ඇමරිකානු සහකාර රාජ්‍ය ලේකම්වරිය වූ නිශා දේශායි බිස්‌වාල්ය. ඇය සය හැවිරිදි වියේ ඇගේ මව්පියන් සමග ඇමරිකාවට ගියාය.

පසුගියදා මෙරටට පැමිණ යාපනයට ගොස්‌ මානව හිමිකම් උල්ලංඝනයවීම් ගැන විමර්ශනය කළ කැනඩා මන්ත්‍රීනිය වූ රාධිකා සිතාසබෙයිසන් සහ ඇගේ පවුලේ අය කැනඩාවට ගියේ ඇය පස්‌ හැවිරිදි වියේ පසු වෙද්දීයි. ආරංචි මාර්ග දක්‌වන අන්දමට රාධිකා සහ පවුලේ උදවිය කැනඩාවට පැන ගියේ 1987 ජුලි 29 දා ඉන්දීය සාම හමුදාව උතුරට පැමිණීමෙන් පසුවය.

රාධිකාගේ පවුලේ අය කැනඩාවට පැන ගියේ මන්දැයි දැන් සෙවිය යුතුව ඇත. රාධිකා සහ නිශා දේශායි සිය නිජභූමිය හැර දමා පැන ගියා නම් ඔවුන් ශ්‍රී ලංකාවේ කටයුතු ගැන සොයන්නේ කෙසේද?

එහෙත් ආරංචි මාර්ග දක්‌වන්නේ 2012 සහ 2013 වසරවල සම්මත වූ ශ්‍රී ලංකාවට එරෙහි ඇමරිකානු යෝජනා ශ්‍රී ලංකා රජය ඉටු කළේ ද යන්න සෙවීම නිෂා දේසායිගේ අරමුණ බවයි. මෙම ඇමරිකානු යෝජනා දෙකේම ඉලක්‌කය ශ්‍රී ලංකාවට එරෙහි යුද අපරාධ චෝදනායි. එසේ නම් නිශා දේශායි ඉන්දීය සාම හමුදාව ශ්‍රී ලංකාවේ සිදු කළ මිනිස්‌ ඝාතන 12 ක්‌ (යාපනය රෝහලේ සහ වැල්වැටිතුරේ) ගැන සොයන්නේද? 2011 අප්‍රේල් මස නවදිල්ලියේ ජවහර්ලාල් නේරු විශ්වවිද්‍යාලයේදී නවදිල්ලි ද්‍රවිඩ ශිෂ්‍ය සංගමය එළිදැක්‌වූ ග්‍රන්ථය වූයේ සාමයේ නාමයෙන් ඉන්දීය සාම හමුදාව සිදු කළ මිනිස්‌ ඝාතන යන්නයි.

හය හැවිරිදි වියේ ඉන්දියාවෙන් ඇමරිකාවට ගිය ඇය මෙම ඉන්දීය හමුදාවට සිදු කළ මිනිස්‌ ඝාතන ගැන විමර්ශනය කරනු ඇතැයි කිවහැකිද? මේ අතර ශ්‍රී ලංකාවට පැමිණි යුද අපරාධ පිළිබඳ සෙවීමේ ඇමරිකානු තානාපති ස්‌ටීවන් රැප් ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රීවරුන් හමුවී පැවසුවේ ශ්‍රී ලංකාව වන්නි මෙහෙයුමේ අවසාන අදියරේ සිදු කළ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් ගැන ඇමරිකාව විසින් ජිනීවා මානව හිමිකම් සමුළුවේදී ජාත්‍යන්තර විමර්ශනයක්‌ ඉල්ලා සිටින බවයි. ඒ අනුව ඇමරිකාව ශ්‍රී ලංකාවට එරෙහිව තෙවැනි යෝජනාවක්‌ ද ඉදිරිපත් කිරීමට නියමිතය. ස්‌ටීපන් රැප් මන්නාරම් රදගුරු රායප්පු ජෝශප් සහ මාවයි සේනාධිරාජා ද උතුරේ රාජ්‍ය විරෝධී රාජ්‍ය නොවන සංවිධාන නායකයන් ද හමුවී රහස්‌ සාකච්ඡාවක්‌ පවත්වා ඇත. මේ නිසා ඇමරිකානු කුමන්ත්‍රණය දැන් සනාථ වී තිබේ. මේ ඇමරිකානු කුමන්ත්‍රණය ගැන 2011 දී අපි මුලින්ම හෙළි කළෙමු.

මේ අතර මෙරට ඇමරිකානු තානාපතිනි මිචෙලි සිසන් සමග ස්‌ටීපන් රැප් පුදුමාතලන්හි ශාන්ත අන්තෝනි ක්‍රීඩාපිටියට ගියේය. ඒ පිළිබඳව කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලය වෙබ් අඩවිය සඳහන් කළේ 2009 වසරේදී හමුදාව එල්ල කළ ෂෙල් වෙඩි ප්‍රහාරවලින් සිවිල් වැසියන් සිය ගණනක්‌ මියගිය ස්‌ථානය බවය. එහෙත් එම චෝදනාව මෙයට පෙර චැනල් 4 අධ්‍යක්‍ෂ කැල්ලම් මැක්‌රේ සහ වන්නියේ සිටි කොටින්ට හිතැති වෛද්‍යවරයකු විසින් ඉදිරිපත් කර තිබිණි. මෙලෙස හමුදා ප්‍රහාර එල්ල වූයේ එකී ශාන්ත අන්තෝනි ක්‍රීඩාංගණයට යෑයි ඇමරිකානු තානාපති කාර්යාලය නිගමනය කරන්නේ කෙසේද? එසේම ස්‌ටීපන් රැප් යුද අපරාධ ගැන විමසා ඇත්තේ යුද අපරාධකරුවකුගේ බිරිය වූ ආනන්දි සසිකරන්ගෙනි. ඇය ත්‍රිකුණාමල කොටි හමුදා නායක එලිලන්ගේ බිරියයි. රැප් යාපනයේ ගී්‍රන්ග්‍රාස්‌ හෝටලයේදී එන්.ජී.ඕ. ක්‍රියාකාරීන් ද හමුවී ඇත.

මේ පසුබිම මැද ඇමරිකානු නියෝජිත රැප් ශ්‍රී ලංකාව වරදකරු යෑයි දැනටමත් තීන්දුව දී ඇත.

කීර්ති වර්ණකුලසූරිය

About ජාතික බෞද්ධ බලවේගය

Ayubowan! The National Buddhist Authority (NBA) a well developed organizations which were officially battle against the Rascals who are in local society and who were engage as an international persons for poverty alleviation as a cover for proselytizing activity. We may put our advanced heritage presser which our ancestor did upon the peoples who dealing with converting our peoples for any other faith and Abuse (Insulting Speech) of our culture and the moral of Buddhist main concepts. We are secretly finding the necessary static data and also exploring entrench area and giving an “ON THE SPOT” action without thinking difficulty or danger that must be rise within sound of whom think that converting to their faith is fundamental right in our “Dhrama Dveepa”. Regarding need ness of the case we will report in writing with dates, place name or persons involved and all cases of abuse or illegal activities in the name of a religion or faith and first and last attempted to convert persons in Sri-Lanka to Buddhist organizations, temple, nearest Police Station, Grama Niladari and other local authority as well as presidency level. National Buddhist Authority eager to call upon all Sinhalese Buddhist organizations(International too) to join hands in a Endeavour to defeat the proselytizing efforts of sponsored evangelical and other NGO organizations and thereby to guard the Sinhalese Buddhist culture and tradition for posterity, Relating to their fantasy book,Fantasy Story David did killed the philistine champion who named as Goliath, then all of us too cannot fail. NOTE: This cite is not aimed at or against Christians Or Muslims or Any Other faith Holders.This site is aimed against Christians,Muslim or who ever seek or want to convert Buddhist to Christianity or Muslim or other goodish doctrine. We Buddhist refer to them as "missionaries." We Buddhist respect Christians or Muslim or other followers who maintain the doctrines of their belief, but we do not accept anyone's "right" to proselytize.

Discussion

No comments yet.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

Balawegaya Flickr Photos

More Photos

Different countries have visited this site

Free counters!
%d bloggers like this: