//
you're reading...
ඇස ගිය තැන්

කාලයෙන් කාලයට රට කළඹන
විජේවීරගේ දොස්‌තර මස්‌සිනා

source:


දොස්‌තර සුභාෂ් චන්ද්‍ර ප්‍රනාන්දු පොලිස්‌ අත්අඩංගුවේ

දොස්‌තර සුභාෂ් චන්ද්‍ර ප්‍රනාන්දු ‘දිවයින’ කාර්යාලයට පහර දුන් අවස්‌ථාව

වැඩි දෙනකු නොදන්නවාට මේ රටේ ජනතා විමුක්‌ති පෙරමුණු දෙකක්‌ තිබේ. එයින් පළමුවැන්න රෝහණ විජේවීර විසින් පිහිටුවන ලදුව සෝමවංශ අමරසිංහ සහ ටිල්වින් සිල්වා ඇතුළු පිරිසගේ ජනතා විමුක්‌ති පෙරමුණය. දෙවැන්න රෝහණ විජේවීරගේ බිරිඳ චිත්‍රාංගනීගේ වැඩිමහලු සහෝදරයා හෙවත් දොස්‌තර සුභාෂ් චන්ද්‍ර ප්‍රනාන්දුගේ “අහිංසාවාදී ජනතා විමුක්‌ති පෙරමුණ” ය පළමුවැන්නේ ඡන්ද ලකුණ සීනුව ය. දෙවැන්නට ඡන්ද ලකුණක්‌ නැත. ආරංචියේ හැටියට එය පිහිටුවන ලද්දේ වසර 2006 ඔක්‌තෝබර් 19 වැනිදා ය. පිහිටුවන ලද මුල් කාලයේදී එයට තබා තිබූ නම The liberation Path (JVP Non Violent) movement ය. එහි නායකයා ද ජාතික සහ ජාත්‍යන්තර සංවිධායකයා ද වූයේ දොස්‌තර චන්ද්‍ර ප්‍රනාන්දුම ය. මෙහි මහ ලේකම් වීරසේන පල්ලියගුරු නමැති මහතෙකි. ප්‍රචාරක ලේකම් වන්ස වනිගසේකර ය. සම්බන්ධිකරණ ලේකම් වික්‍රමපාල සොයිසා ය. මෙහි පළමුවන සහ එකම මාධ්‍ය හමුව 2006 නොවැම්බර් 17 වැනිදා කොළඹ නිපොන් හෝටලයේදී පවත්වන ලදී. මෙහිදී බරපතළ ලෙස ජනතා විමුක්‌ති පෙරමුණ විවේචනය කළ දොස්‌තර සුභාෂ් චන්ද්‍ර ප්‍රනාන්දු එවකට ජවිපෙ නායකයන්ව සිටි සෝමවංශ අමරසිංහ, ටිල්වින් සිල්වා සහ විමල් වීරවංශ ‘තුන්දෙනාගේ කල්ලිය’ ලෙස හඳුන්වමින් ඔවුන්ගේ ප්‍රතිපත්ති ජාතිවාදී බව කීවේය. ජ.වි.පෙ. දෙවැනි සන්නද්ධ අරගලය (88-89-90) සෝමවංශ අමරසිංහ පාවා දුන් බව දොස්‌තරගේ අදහස විය. ජ.වි.පෙ. සහ හෙළ උරුමය යුදවාදීන් බව ඔහුගේ අදහස විය.

මේ මාධ්‍ය සාකච්ඡාවෙන් පසු අහිංසාවාදී ජනතා විමුක්‌ති පෙරමුණ ගැන කිසිදු ආරංචියක්‌ අසන්නට ලැබුණේ නැත. එහෙත් කාලයෙන් කාලයට දොස්‌තර සුභාෂ් චන්ද්‍ර ප්‍රනාන්දු ගැන ආරංචි ලැබිණි. එක්‌කෝ ඔහු කිසිවකුට පහර දුන්නේය. නැත්නම් කාගෙන් හෝ ගුටි කෑවේය. විටෙක කෙනකුට එරෙහිව උසාවි ගියේය. වසර 2012 මැයි 2 වැනිදා හෝ ආසන්න දවසක කොටුව පොලිසියට දිව ගිය ඔහු යෝර්ක්‌ වීධියේ බැංකුවක කළමනාකාරියක්‌ තමාට විරුද්ධව පරුෂ වචන පාවිච්චි කළ බවත් ඇගේ ආධාරයට පැමිණි බැංකු ආරක්‍ෂකයෙක්‌ තමන්ට පහර දුන් බවත් කියා සිටියේ ය. බැංකු කළමනාකාරිය අත්අඩංගුවට ගන්නා ලදුව රුපියල් 50000 ක ඇපයක්‌ මත නිදහස්‌ විය. එම අවුරුද්දේම ජුනි මාසයේ මුල් සතියේ දවසක හෝ ආසන්න දවසක ඔහු තම රියෑදුරාට එරෙහිව කොළඹ උසාවියකදී නඩු කීවේය. තමාට අයත් මෝටර් සයිකලයක්‌ සහ ඩිජිටල් කැමරාවක්‌ විත්තිකාර රියෑදුරා බලහත්කාරයෙන් ළඟ තබාගෙන සිටින බව ඔහුගේ පැමිණිල්ලේ සඳහන් විය.

ඉනුත් ඔබ්බෙහි පිහිටි ඉතිහාසයට ගමන් කරන විට දොස්‌තර සුභාෂ් චන්ද්‍ර ප්‍රනාන්දු පිළිබඳ ප්‍රචණ්‌ඩ සිද්ධි කිහිපයක්‌ තිබේ. වසර 2000 දෙසැම්බර් මාසයේදී “දිවයිනේ” සහෝදර ඉංග්‍රීසි ප්‍රකාශනය වන “දි අයිලන්ඩ්” පත්‍රයේ පළ වූ පුවතක්‌ සම්බන්ධයෙන් කෝපයට පත් වූ ඔහු ජීප් රියක නැගී පිස්‌තෝලයක්‌ ද සහිතව උපාලි පුවත්පත් සමාගමට කඩා වැදීමට තැත් කළේය. එවිට ආයතනයේ යකඩ ගේට්‌ටු වහාම වසා දමන ලදී. දොස්‌තර ප්‍රනාන්දු තම රිය යකඩ ගේට්‌ටුවෙහි වේගයෙන් හප්පන ලද්දේය. ගේට්‌ටුව කැඩී බිම පතිත විය. දොස්‌තර ප්‍රනාන්දු වහා රිය හරවා ගෙන පලා ගියේය. 2001 පෙබරවාරි 15 වැනිදා සිට දින තුනක්‌ තිස්‌සේ පිළියන්දල සමුපකාර ශාලාවේදී ඡායාරූප ප්‍රදර්ශනයක්‌ පැවැත්විණි. 88, 89, 90 කාලයේදී ජ.වි.පෙ. සිදු කළ මනුෂ්‍ය සංහාර පිළිබඳ ඡායාරූප එම ප්‍රදර්ශනයට අයත් විය. 16 වැනිදා සවස බස්‌ දෙකක පිරවූ දාමරිකයන් සමග දොස්‌තර ප්‍රනාන්දු එහි ළඟා විය. ජ.වි.පෙ. විසින් මරන ලද අය ගැන ප්‍රදර්ශන පැවැත්වීමට පෙර යූ. එන්. පී. ය විසින් මරන ලද ජ.වි.පෙ. සාමාජිකයන්ගේ පින්තූර ප්‍රදර්ශනය කරන ලෙස ඔහු ප්‍රදර්ශනයේ සංවිධායකයා වූ පිළියන්දල ශ්‍රී.ල.නි.ප. සංවිධායක සහ නියෝජ්‍ය ඇමැති චන්දන කත්‍රිආරච්චිට කීවේයá පසු දින ප්‍රදර්ශනය පැවැත්වීමට ඉඩ නොදෙන බවද සඳහන් කළේය. පොලිස්‌ කොස්‌තාපල්වරුන් දෙදෙනකුට පහර දුන්නේය. එහෙත් පසු දින චන්දන කත්‍රිආරච්චි හමු වී පෙර දින සිදුවූ වරදට සමාව ඉල්ලීය. ඊට දින කිහිපයකට පෙර කොළඹ වරායේ 4 වැනි ගේට්‌ටුව ඉදිරියට ගිය ඔහු තමා පිටරටින් ගෙන්වූ රථයකට බදු ගැසීම ගැන විරෝධය පළ කළේය. එහිදී ඔහු මෙසේ ද කීවේය. “මම තමයි රන්ජන් විජේරත්නට වැඩේ දුන්නේ. මට ඒකට ලක්‍ෂ 80 ක්‌ ගෙව්වා…” එහෙත් පසු දින වරායේ හතර වැනි ගේට්‌ටුවට ගිය ඔහු පෙර දින හැසිරීම ගැන සමාව ඉල්ලා සිටියේය. වරායේ සිද්ධිය සහ පිළියන්දල සිද්ධිය අතර වාරයේදී කොළඹ වර්ල්ඩ් ටේ්‍රඩ් සෙන්ටර් ගොඩනැඟිල්ලට පැමිණ කළහ කළ ඔහුට තරුණයන් පිරිසක්‌ මිරිස්‌ කුඩු ගසා තිබිණි.

**** ****** *****

දොස්‌තර සුභාෂ් චන්ද්‍ර ප්‍රනාන්දුගේ නැඟණිය වූ චිත්‍රාංගනී රෝහණ විජේවීර විසින් මුලින්ම දක්‌නා ලද්දේ 1960 දී ය. එකල ගුරු සංගම් ක්‍රියාකාරිකයකු ලෙස කටයුතු කළ එච්. එන්. ප්‍රනාන්දු, චන්ද්‍ර ප්‍රනාන්දු සහ චිත්‍රාංගනීගේ වැඩිමහලු සහෝදරයා ය. 1960 – 70 අතර කාලය තුළ එච්. එන්. හෙවත් හේම නිහාල් ප්‍රනාන්දු, විජේවීරගේ දේශපාලන කටයුතුවල සහකාරයෙක්‌ විය. 71 කැරැල්ලට සහභාගි වීම නිසා එච්. එන්. ද හිරයට නියම විය.

දොස්‌තර චන්ද්‍ර සුභාෂ් ප්‍රනාන්දු සිය සහෝදරයා හරහා විජේවීර හඳුනාගෙන ඔහුට මුල සිටම උපකාර කළ කෙනෙකි. ඔහු රත්මලානේ පදිංචිකරුවෙකි. 1965 දී ඔහු කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට තේරෙයි. ගුරුවරයකු වූ ඔහුගේ පියා රුපියල් 300 ක වැටුපකින් එච්. එන්. හැර දරුවන් පස්‌දෙනකු හා බිරිය නඩත්තු කරමින් දුකසේ කාලය ගත කළේය. වෛද්‍ය විද්‍යාලයේ අවසන් වසරට ඇතුළු වන විට සුභාෂ් චන්ද්‍ර ප්‍රනාන්දුට විශ්වවිද්‍යාලයේ බෝඩිං ගාස්‌තුව වත් ගෙවා ගැනීමට බැරි විය. මාස හයක නේවාසිකාගාර ගාස්‌තුව රුපියල් 360 ක්‌ වන විට එවකට සිටි ශාලාධිපති මහාචාර්යවරයා ඔහු නේවාසිකාගාරයෙන් එළියට විසි කළේය. නේවාසිකාගාර ගාස්‌තු ගෙවීමට මුදල් සොයා ගනු පිණිස මාක්‌ස්‌වාදී මහාචාර්යවරයකු හමු වූ සුභාෂ් චන්ද්‍රට ලිපිකරුවකු ලෙස වැඩ කර මුදල් උපයා ගන්නා ලෙස උපදෙස්‌ ලැබිණි. එහෙත් තෙවන වසරේ වෛද්‍ය ශිෂ්‍යයකු වූ ඔහුට ලිපිකාරකමක්‌ ලැබුණේ නැත. ඒ ඔහුගේ සුදුසුකම් ඉහළ වූ නිසාය. ශෝකයට පත් ඔහු එකල සිටි හොඳම ස්‌නායු ශල්‍ය වෛද්‍යවරයකු හමු වී මුදල් ඉල්ලා සිටි නමුදු පිහිටක්‌ නොලැබිණි. එහෙත් සුප්‍රසිද්ධ ශල්‍ය වෛද්‍ය දොස්‌තර පී. ආර්. අන්තෝනිස්‌ මහතා ඔහුට උපකාර කිරීමට ඉදිරිපත් විය. හිඟ නේවාසිකාගාර ගාස්‌තු ගෙවීමට රුපියල් 360 ක්‌ ද ඉදිරි මාස 6 සඳහා තවත් රුපියල් 360 ක්‌ ද ඇඳුම් ගැනීමට රුපියල් 300 ක්‌ ද මේ ශ්‍රේෂ්ඨ වෛද්‍යවරයා වෛද්‍ය ශිෂ්‍ය සුභාෂ් චන්ද්‍රට පරිත්‍යාග කළේය. දොස්‌තර අන්තෝනිස්‌ට එම්. ඩී. ගුණසේන සමාගම ණයට පොත් දෙන සිරිතක්‌ තිබිණි. මේ ණය මුදල සෑම මාසයක්‌ අගදීම ගෙවන ලදී. මේ ණය මුදල යටතේ පොත් ලබාගනු පිණිස දොස්‌තර අන්තෝනිස්‌ විසින් සුභාෂ් චන්ද්‍රට අවසර ලිපියක්‌ දෙන ලදී, “මම මගේ ජීවිතයේ මුල් වරට අනුන්ගේ පොත් වලින් නොව මගේම පොත්වලින් පාඩම් කිරීමට පටන් ගතිමි…” Sri Lanka, A lost Revolution නමැති පොත ලියූ මහාචාර්ය රොහාන් ගුණරත්නට දොස්‌තර සුභාෂ් චන්ද්‍ර ප්‍රනාන්දු පසු කාලයේදී පැවසීය.

විශ්වවිද්‍යාලයේදී සුභාෂ් චන්ද්‍රට ඉතා වැදගත් තරුණයෙක්‌ හමු වෙයි. ඔහු මහින්ද විෙ-සේකර ය. විෙද්‍යාදය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය සංගමයේ සභාපති වූ මහින්ද විෙ-සේකර ඔහුගේ මිතුරකු බවට පත් වන්නේය. 1971 පෙබරවාරි මාසයේදී රත්නපුර පොලිසිය මගින්ද විෙ-සේකර අත්අඩංගුවට ගත් අතර සුභාෂ් චන්ද්‍ර ප්‍රනාන්දු ඔහුට ඇප දීමට පොලිසියට යයි. මෙහිදී සී. අයි. ඩී ය. ඔහුගේ පින්තූරයක්‌ ගනී.

1971 අප්‍රේල් මුල් සතියේදී පොලිස්‌පතිතුමාට සහ සී. අයි. ඩී. යට පෙත්සම් දෙකක්‌ ලැබෙයි. රත්නපුරේ ජ.වි.පෙ. නායකයා ලෙස දොස්‌තර සුභාෂ් චන්ද්‍ර කටයුතු කරන බව ඉන් කියෑවෙන්නේ ය. පොලිසිය වහාම ඔහු අත්අඩංගුවට ගනී. ජීප් රියට ඔහු පටවා ගන්නා පොලිසිය ඔහුට මඟ දිගේ දරුණු ලෙස පහර දෙන අතර රත්නපුරේ මුවගම පාලම අසලදී ජීප් රියෙන් එළියට ඇද දමා වෙඩි තැබීමට තීරණය කරයි. පාලමෙන් පල්ලට ඔහු පෙරළා දමන ලද නමුත් ඔහුට වෙඩි තැබීමට නියමිත වූ නිලධාරියා හදිසියේම අදහස වෙනස්‌ කර ගැනීම නිසා යළිත් ඔහු ජීප් රියට පටවා ගන්නා පොලිසිය ඔහු නිරුවත් කර කූඩුවට දමයි. මෙකල චන්ද්‍ර ප්‍රනාන්දුගේ වයස අවුරුදු 25 කි. ඔහුට ලිංගික වධ දී මුත්‍රා පෙවීමට රත්නපුර පොලිසිය පියවර ගනී. ඔහුට දුන් වධවල සලකුණු අදටත් සිරුරෙහි ඇත. දිනපතා රාත්‍රි 10.00 සිට 2.00 දක්‌වා ඔහුට පහර දෙන රත්නපුර පොලිසියේ නිලධාරීහු රයිµලයෙන් ඔහුගේ කටට ඇන ඉදිරිපස දත් කඩා දමති. ඔහුගේ ඇඟිලි යකඩයකින් ද හිස්‌ කබල බැටන් පොල්ලකින් ද තලන ලදී, එහෙත් සවිමත් ප්‍රාණයක්‌ ඇති තරුණ දොස්‌තර මිය යන්නේ නැත. දිනක්‌ රාත්‍රියේදී පණ පිටින් පුළුස්‌සා මැරීම සඳහා ඔහුගේ සිරුරට පෙට්‍රල් වත් කරනු ලැබේ. එහෙත් රත්නපුර රෝහලේ ටෙනිස්‌ පිටියේදී ඔහු සමග ටෙනිස්‌ ගැසූ පැරණි මිතුරකු වූ සහකාර පොලිස්‌ අධිකාරි නීල් වීරසිංහ ඔහු හඳුනාගෙන ඔහුගේ සිරුරට ගිනි තැබීම වළක්‌වයි. ඊළඟ දවසේදී ඔහුට වෙඩි තැබීමට රත්නපුර පොලිසිය කුමන්ත්‍රණය කරන මුත් නීල් වීරසිංහ ඔහු බේරා ගනී. මේ සියලු දුක්‌ කරදර මත හටගත් මානසික ප්‍රතිරෝධය නිසා සුභාෂ් චන්ද්‍ර ප්‍රනාන්දු පූර්ණකාලීන විප්ලවවාදියකු බවට පත් වෙයි.

1985 අගෝස්‌තුවේ දී කොටි සංවිධානය අනුරාධපුරයට පහර දෙන අතර කොළඹ සිටින දොස්‌තර ප්‍රනාන්දු එවකට ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි වූ ප්‍රේමදාස උඩුගම්පොල විසින් අත්අඩංගුවට ගනු ලබන්නේය. ඊට පෙර එනම් 1983 ජුලි කලබලයෙන් පසු ද එවකට සිටි සී. අයි. ඩී. ලොක්‌කා වූ ටිරල් ගුණතිලක විසින් ඔහු අත්අඩංගුවට ගෙන කිසිදු පොතක පැමිණිල්ලක්‌ නොලියා තබා හයමාසයක්‌ ගත් බැවින් 1985 අත්අඩංගුවට පත්වීම දොස්‌තර ප්‍රනාන්දුට එතරම් ගණන් ගත යුතු කාරණයක්‌ වන්නේ නැත. උඩුගම්පොල ඔහු දෙසතියකින් නිදහස්‌ කරන නමුත් පොලිසිය නිතර නිතර ඔහු අල්ලා ගන්නේය. සමහර විට දිනකට දෙවරක්‌ අත්අඩංගුවට පත්වන ඔහු නිදහස ලබයි. දිගුකාලීන සිර ජීවිතය නිසා ඔහු රෝගියකු බවට පත් වන්නේ ය. රත්නපුර පොලිසිය පහර දීමෙන් ඔහුගේ උඩු තල්ලේ හටගන්නා වණ දෙකක්‌ වර්ධනය වීම නිසා 1988 දී සැත්කමක්‌ කර එය ඉවත් කරනු ලැබේ. එවිටත් ඔහු හිර ගෙදරය. 1989 දී ඔහු නිදහස ලබා ගම්පහ රෝහලේ වෛද්‍යවරයකුට පහර දීම නිසා යළි පොලිස්‌ කූඩුවට දමනු ලැබේ. ඊට දින කිහිපයකට පසු ගම්පහ පිහිටි “වයිට්‌ හවුස්‌” නමැති ඔහුගේ නිවස ජ.වි.පෙ. සාමාජිකයෝ ගිනි තබති. මේ වන විට ඔහු හත් වතාවක්‌ හිරේ ගොස්‌ ඇත. සිය වතාවකට වඩා පොලිස්‌ අත්අඩංගුවට පත්ව ඇත. ඔහු අදටත් විජේවීරට ආදරය කරයි. ඔහු කියන පරිදි ෙච්ගෙවාරා, හෝචිමිං සහ මාවෝ සේතුංට පසු පහළ වූ විශිෂ්ටතම විප්ලවවාදියා විජේවීරය. “න්‍යාය ටොන් එකකට වඩා ක්‍රියාකාරකම් අවුන්සයක්‌ වටින බව” ඔහුගේ අදහස ය.

අනුර සොලමන්ස්‌

About ජාතික බෞද්ධ බලවේගය

Ayubowan! The National Buddhist Authority (NBA) a well developed organizations which were officially battle against the Rascals who are in local society and who were engage as an international persons for poverty alleviation as a cover for proselytizing activity. We may put our advanced heritage presser which our ancestor did upon the peoples who dealing with converting our peoples for any other faith and Abuse (Insulting Speech) of our culture and the moral of Buddhist main concepts. We are secretly finding the necessary static data and also exploring entrench area and giving an “ON THE SPOT” action without thinking difficulty or danger that must be rise within sound of whom think that converting to their faith is fundamental right in our “Dhrama Dveepa”. Regarding need ness of the case we will report in writing with dates, place name or persons involved and all cases of abuse or illegal activities in the name of a religion or faith and first and last attempted to convert persons in Sri-Lanka to Buddhist organizations, temple, nearest Police Station, Grama Niladari and other local authority as well as presidency level. National Buddhist Authority eager to call upon all Sinhalese Buddhist organizations(International too) to join hands in a Endeavour to defeat the proselytizing efforts of sponsored evangelical and other NGO organizations and thereby to guard the Sinhalese Buddhist culture and tradition for posterity, Relating to their fantasy book,Fantasy Story David did killed the philistine champion who named as Goliath, then all of us too cannot fail. NOTE: This cite is not aimed at or against Christians Or Muslims or Any Other faith Holders.This site is aimed against Christians,Muslim or who ever seek or want to convert Buddhist to Christianity or Muslim or other goodish doctrine. We Buddhist refer to them as "missionaries." We Buddhist respect Christians or Muslim or other followers who maintain the doctrines of their belief, but we do not accept anyone's "right" to proselytize.

Discussion

No comments yet.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

Balawegaya Flickr Photos

More Photos

Different countries have visited this site

Free counters!
%d bloggers like this: