//
you're reading...
දෙමළ ජාතිවාදය ද පරාජය කරමු

සම්බාධකවලින් ශ්‍රී ලංකාවට කුමක්‌ වේද?

සම්බාධකවලින් ශ්‍රී ලංකාවට කුමක්‌ වේද?

වම් ඉවුර  source:

ලබන මස පැවැත්වෙන එක්‌සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කවුන්සිලයේදී ඇමරිකාව විසින් ලංකාවට එරෙහිව තවත් යෝජනාවක්‌ ගෙන එන බව පැහැදිලිය. මේ යෝජනාවේ අන්තර්ගතය කුමක්‌වේද යන්න ගැන කිසිවෙක්‌ නොදැන සිටියත් ලංකාවට එය නොසලකා හැරීම හැරුණු විට වෙන විකල්පයක්‌ නැති බව දැන් සිටම කිව හැක. පසුගිය වසර 31 මුළුල්ලේ එජා මානව හිමිකම් කොමිසම තුළත් පසුව මානව හිමිකම් කවුන්සිලය තුළත් බටහිර ජාතීන් විසින් ලංකාවට එරෙහිව ගෙන එන ලද යෝජනාවල කිසිදාක ලංකාවට කළහැකි දෙයක්‌ කියා තිබුණේ නැත.

මෙම වසරේත් ලංකාවට එරෙහිව යෝජනාවක්‌ සම්මත කර ගෙන බටහිර ජාතීන්ට අවශ්‍ය දේ ඉටුකර ගැනීමට නොහැකි වුවහොත් ඊළඟට එන්නේ තවත් යෝජනාවක්‌ නොව ආර්ථික සම්බාධක යෑයි අපට සිතිය හැක. ආර්ථික සම්බාධක යෑයි කී විට බොහෝ ශ්‍රී ලාංකිකයන් භීතියෙන් ඇළලී යයි. මෑත කාලයේ ලාංකිකයන්ට සම්බාධක පිළිබඳ අත්දැකීමක්‌ ලැබුණේ ඉරානයට එරෙහිව සම්බාධක පැනවීමෙන් ලංකාවේ තෙල් පිරිපහදුවට ඛනිජ තෙල් ආනයනය කිරීමට නොහැකිව ඇතිවූ සිද්ධිය නිසාය. ඉරානයට එරෙහිව පනවන ලද සම්බාධක ලංකාවටත් දැනුණි. නමුත් ඉරානයට එරෙහිව පනවන ලද ආකාරයේ සම්බාධක ලංකාවට එරෙහිව පැනවිය නොහැකි බව කවුරුත් දැනගත යුතුය. ඉරානයට එරෙහිව සම්බාධක පැනවූයේ එක්‌සත් ජාතීන්ගේ සංවිධානයේ ආරක්‍ෂක කවුන්සිලය විසිනි. ඉරානය විසින් පරමාණු තාක්‍ෂණය ප්‍රගුණ කිරීම බටහිර ජාතීන් පමණක්‌ නොව මුස්‌ලිම් අන්තවාදී ජනකොටස්‌ සිටින රුසියාව හා චීනයටත් ප්‍රශ්නයක්‌ වූ නිසා ඉරානයට එරෙහිව සම්බාධක පැනවීමට ඔවුහුද එකඟ වූහ.

නමුත් ලංකාවෙන් කිසිවකුට තර්ජනයක්‌ නැති නිසා රුසියාව හා චීනය කිසිදාක එ.ජා ආරක්‍ෂක මණ්‌ඩලය තුළ ලංකාවට එරෙහිව සම්බාධක පැනවීමට ඉඩ තබන්නේ නැත. මේ නිසා ලංකාවට ආර්ථික සම්බාධක පැනවිය හැක්‌කේ ඇමරිකාවට හා යුරෝපයට තනිව ක්‍රියා කිරීමෙන් පමණි. ඇමරිකාව හා යුරෝපය යනු ලංකාවේ නිපදවන කාර්මික භාණ්‌ඩ විශාල ප්‍රමාණයක්‌ විශේෂයෙන්ම ඇඟලුම් ආනයනය කරන වෙළෙඳ පොළවල් වේ.

ඇඟලුම් කර්මාන්තය විසින් ලංකාවට වාර්ෂිකව ඇමරිකානු ඩොලර් බිලියන හතරක පමණ ආදායමක්‌ ගෙනදෙන නිසාත් එම කර්මාන්තයේ සෘජුව හා වක්‍රව

550,000 ක්‌ පමණ සේවය කරන නිසාත් මේ කර්මාන්තය බිඳ දමා ආණ්‌ඩුව වූවත් වෙනස්‌ කළ හැකි බව බටහිර ජාතීන් විශ්වාස කරන බවක්‌ පෙනේ. නමුත් ඔවුන් සිතන ආකාරයට ඇඟලුම් කර්මාන්තය භාවිත කොට ලංකාවට බලපෑම් කළ හැකිවේද යන්න සැක සහිත බව කිව යුතුය. ඇඟලුම් කර්මාන්තයේ වාර්ෂික ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 4 ක්‌ ලෙස ගණන් බලා තිබුණද මෙයින් 70% ක්‌ 80% ක්‌ පමණ එම භාණ්‌ඩ නිපදවීම සඳහා අමුද්‍රව්‍ය, යන්ත්‍ර සූත්‍ර, ගොඩනැඟිලි ද්‍රව්‍ය වැනි දැ ආනයනය කිරීමට වැය වේ. ලංකාවේ ඉතිරිවන්නේ කම්කරුවන්ට ලැබෙන වැටුපත් ආයතනයේ හිමිකරුවන් ලබන ලාභයෙන් කොටසකුත් පමණි. මේ නිසා මේ කර්මාන්තයෙන් ලංකාවට සැබවින්ම ලැබෙන ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 1 ක්‌ හෝ ඊටත් අඩු ප්‍රමාණයක්‌ වේ.

නමුත් ඇමරිකානු ඩොලර් බිලියන 1 ක්‌ වූවත් අතිවිශාල මුදල් කන්දරාවකි. එපමණක්‌ද නොව ලක්‍ෂ පහමාරක සේවක පිරිසක්‌ යන්නද විහිලුවක්‌ නොවේ. ඒ අනුව ඇමරිකාව හා යුරෝපය ලංකාවට එරෙහිව සම්බාධක පැනවුවහොත් මේ ඇ.ඩො. බිලියන 1 වෙනත් කොතනින් හෝ සොයා ගැනීමට සිදුවන අතර ලක්‍ෂ පහමාරක ජනතාවකට රැකියා සොයා දීමටද සිදුවේ. මෙය පහසු කාර්යයක්‌ නොවූවද ලංකාවේ අද ඇති වී තිබෙන සුවිශේෂ ආර්ථික තත්ත්වයන් නිසා නොකළහැකි දේවල් යෑයිද කිව නොහැක. එක පැත්තකින් අප ලංකාවේ ඇඟලුම් කර්මාන්තයේ වර්තමාන යථාර්ථය හදාරා බැලිය යුතුය. මෙහි සෘජු හා වක්‍ර සේවකයන් ලක්‍ෂ පහමාරක්‌ සිටියද ඇඟලුම් ක්‍ෂේත්‍රයේ විශාලම වෘත්තීය සමිතියේ නායක ඇන්ටන් මාකස්‌ මහතා කියන පරිදි මේ කර්මාන්තයේ ඇබෑර්තු ගණන පසුගිය වසර තුනක කාලය ඇතුළත 15000 සිට 30000 දක්‌වා වැඩි වී තිබේ. අලුතින් කර්මාන්තශාලා විවෘත නොකළත් ඇබෑර්තු ගණන වැඩිවෙන්නේ සේවකයන් මේ කර්මාන්තය බුරුතු පිටින් හැරයැම නිසාය. මාකස්‌ මහතා කියන පරිදි සාමාන්‍ය ඇඟලුම් සේවකයකුට උපරිම අතිකාල දීමනාව හා දිරිගැන්වීමේ ගෙවීම්ද සහිතව මසකට රුපියල් 16000 කට වඩා ඉපයිය නොහැක. නමුත් අද ගමේ ගොඩේ තේ දලු නෙළන හෝ රබර් කිරි කපන සේවකයකුට අතිකාල සේවය කිසිවක්‌ නොකර ඊට සමාන වැටුපක්‌ ලබාගත හැක. රබර් කපන අය වැඩ කරන්නේ වරුවකි. තේ දලු නෙළීම බොහෝ විට සවස 2-3 වන විට අවසන්ය. ඔවුන් සිටින්නේ ඒ තම නිවෙස්‌වලම නිසා ලබන වැටුපෙන් නවාතැන් ගාස්‌තු වැයවන්නේද නැත.

ආර්ථික විද්‍යාවේ මූලධර්මවලට අනුව සේවකයන් හිඟ වුවහොත් වැටුප් වැඩිවිය යුතුය. නමුත් ඇඟලුම් කර්මාන්තයේ කොතරම් සේවක හිඟයක්‌ තිබුණද වැටුප් වැඩිවන්නේ නැත. “එලාම්” නැමති වෘත්තීය සමිති එකමුතුව එක්‌තරා ඉංග්‍රිසි පුවත්පතට කියා තිබුණු පරිදි කර්මාන්ත ශාලාවල හිමිකරුවන්ට ලැබෙන්නේ ඉතා සුළු ලාභයක්‌ වන නිසා ඔවුන්ට වැටුප් වැඩි කිරීමට නොහැක. වැටුප් වැඩි කළොත් කර්මාන්තය එක්‌වරම පාඩු ලබන තත්ත්වයක්‌ ඇතිවෙයි. 1970 ගණන්වල අවසානයේදී මේ ඇඟලුම් කර්මාන්ත ශාලා ලංකාවට පැමිණියේද අඩු වැටුප් ලැබෙන ශ්‍රමයෙන් ප්‍රයෝජන ගැනීමටය. දැන් දශක තුනකට පමණ පසු ලංකාවේ සේවකයන් බලාපොරොත්තු වන වැටුප් ඔවුන්ට ගෙවීමට නොහැකි තත්ත්වයක්‌ උද්ගත වී ඇත. මේ නිසා බටහිර ජාතීන් විසින් ලංකාවට සම්බාධක පනවා ඇඟලුම් කර්මාන්තය විනාශ කළත් නැතත්, එම කර්මාන්තය ඉබේටම ඉදිරි වසර ගණනාව තුළදී ලංකාවෙන් ඉවත් වී යනු ඇත.

බටහිරින් ආර්ථික සම්බාධක පැනවුවහොත් මේ රටේ රබර් නිෂ්පාදන කර්මාන්තයද බිඳ වැටෙනු ඇත. ලංකාවේ නිෂ්පාදනය වන ස්‌වාභාවික රබර් වලින් 70% ක්‌ රබර් භාණ්‌ඩ නිපදවා අපනයනය කිරීම සඳහා පාවිච්චි වේ. මේ භාණ්‌ඩද බොහෝ විට යන්නේ යුරෝපයට හා ඇමරිකාවටය. සම්බාධකවලින් මේ කර්මාන්තයට පමණක්‌ නොව රබර් වගාවෙන් යෑපෙන සිය දහස්‌ ගණනකට මෙයින් මරු පහරක්‌ එල්ල වේ. නමුත් මේ එක්‌ ප්‍රශ්නයකට වත් විසඳුම් නැතුවා නොවේ. ඇඟලුම් කර්මාන්තය කොහොමටත් අභාවයට යන නිසා එහි සේවකයන්ට විකල්ප ආදායම් මාර්ග සොයා ගැනීමට සිදුවනු ඇත. ඇතැම් අය දැනටමත් පිටරට යැමට පටන්ගෙන ඇත. තවත් ඇතැම් අය තම ගම් බිම් වල ඇති විශාල කෘෂිකාර්මික ශ්‍රම හිඟයට පිළියමක්‌ බවට පත් වී ඇත. මේ රටේ අද විරැකියාව 4% දක්‌වා වැටීම නිසා මුලු රට පුරාම දරුණු ශ්‍රම හිඟයක්‌ පවතී. ඇඟලුම් කර්මාන්තයේ පමණක්‌ නොව කෘෂිකාර්මික අංශවලද සේවකයන් නැත. මේ නිසා මුලු ඇඟලුම් කර්මාන්තයම එකසැරේ නැති වුවත් ඒ සේවකයන්ට විකල්ප රැකියා නැති වන්නේ නැත. අද නැගෙනහිර පළාතේ වී අස්‌වැන්න පවා යන්ත්‍රානුසාරයෙන් නෙළන්නේ ඉන්දියාවෙන් එන කම්කරුවන්ය. වසර ගණනාවක සිට පවතින මේ ශ්‍රම හිඟය නිසා කිසිදු අලුත් දෙයක්‌ කිරීමට ආණ්‌ඩුව හෝ පුද්ගලික අංශයට නොහැක. තිබෙන දේවල් පවත්වාගෙන යන්නේ ද අසීරුවෙනි.

මේ නිසා ඇමරිකාවෙන් හා යුරෝපයෙන් සම්බාධක පැමිණිය හොත් එය ලංකාවට වෙස්‌වලාගත් ආශිර්වාදයක්‌ වනු ඇත. ලංකා ආර්ථිකයේ අනිවාර්යයෙන්ම කළ යුතු වෙනස්‌කම් කීපයක්‌ කිරීමට එමගින් ශ්‍රම හමුදාවක්‌ නිදහස්‌ වනු ඇත. කාර්මික භාණ්‌ඩ අපනයනය කිරීම මේ රටට කළ නොහැකි බව දැන් පැහැදිලි වී ඇත. කාර්මීකරණය සඳහා අවශ්‍ය බලශක්‌තියත් අමුද්‍රව්‍යයත් මේ රටේ නැත. මේ නිසා ලංකාවේ ගමන් මඟේ අත්‍යවශ්‍ය වෙනස්‌කම් කීපයක්‌ ඉදිරියේදී කිරීමට සිදුවනු ඇත. ලංකාවට ගැළපෙන ආර්ථික “මිශ්‍රණයක්‌” මේ රටේ ඇතිකිරීමට සිදුවනු ඇත. ලංකාව ජාත්‍යන්තර වරාය, ගුවන්තොටුපළ වැනි දැ වලින් සේවා සපයන්නකු හැටියට ප්‍රතිනිර්මාණය කිරීමට මේ ආණ්‌ඩුව ගෙන ඇති පියවර ඉතා නිවැරැදිය. එයත් සමගම ලංකාවේ ජනගහනයෙන් එක්‌තරා ප්‍රතිශතයක්‌ විදේශ රටවල සේවය කරනු ඇති බවට අපට උපකල්පනය කිරීමට සිදුවේ. අධ්‍යාපනය හා පුහුණුව තුළින් ලංකාව ලෝකයට ශ්‍රම සපයන්නකු බවට ද පත්විය යුතුය. එයත් සමගම කෘෂිකාර්මික අංශයෙන් මේ රටේ නිපදවිය හැකි සියල්ල පිටරටින් ගෙන්වන්නේ නැතිව මෙහිම නිපදවීමට පියවර ගත යුතුය. 1980 ගණන්වල එ.ජා.ප. ය පවා සීනි පිටරටින් ගෙන්වන්නේ නැතුව ලංකාවේම නිපදවීමට උත්සාහයක්‌ ගන්නා ලදී. ඔවුන් පැල්වත්ත සීනි කම්හල ආරම්භ කොට පිටරටින් ගෙන්වන සීනිවලට බද්දක්‌ ද පනවන ලදී. මෙවැනි අත්හදා බැලීම් කිරිපිටි වැනි අංශවලට ද දිගු කිරීමෙන් ඇඟලුම් කර්මාන්තය බිඳවැටීමෙන් නිදහස්‌ වන ශ්‍රමිකයන්ට රැකියා සැපයිය හැක. ආනයන ආදේශන ප්‍රතිපත්තිය ගැන එජාපයෙන් මේ රටට ඉගැන්වූ පාඩම අප මෙහිදී හොඳින් නැවත හැදැරිය යුතුය. ඊට කලින් එජාපය විසින්ම මේ රටට ඉගැන්වූ අපනයන කෘෂිකර්ම පාඩමක්‌ද මෙහිදී අතිශයින්ම වැදගත් වේ.

1950 ගණන්වල ලංකාවේ සහල් අර්බුදයක්‌ පැනනැගුණු විට ඩී. එස්‌. ගේ හා පසුව ඩඩ්ලිගේ ආණ්‌ඩුව කළේ චීනය සමග රබර් සහල් ගිවිසුම ඇති කිරීමයි. එකල එක්‌සත් ජාතීන්ගේ සංවිධානයේ සම්බාධක නිසා චීනයට රබර් විකිණීමට කිසිවකු ඉදිරිපත් වී සිටියේ නැත. ලංකාව එක්‌සත් ජාතීන්ගේ සංවිධානයේ සම්බාධක නොතකා චීනයට රබර් සැපයීමට ඇමරිකාව එරෙහි වූ අතර ඔවුන් ලංකාවට දෙන සියලුම ආධාර කපා හැරියේය. නමුත් එකල සේනානායක ආණ්‌ඩුව මේ ඇමරිකානු සම්බාධක නොතකා චීනය සමග ගනුදෙනු කළේය.

චීනය අදත් ලෝකයේ ස්‌වාභාවික රබර් වැඩියෙන්ම මිලදී ගන්නා රටය. ලංකාව චීනය සමග තවත් රබර් ගිවිසුමක්‌ ඇතිකරගෙන ඔවුන්ගේ ප්‍රධානම රබර් සපයන්නා බවට පත් වුවහොත් ඇඟලුම් කර්මාන්තයෙන් හැලෙන සියලුම සේවකයන්ට මේ කර්මාන්තය තුළ රැකියා සැපයිය හැක. චීනයට ද ඉන්දියන් සාගරයේ තම නැව් මාර්ගවලට ආරක්‍ෂාව සැපයීමට මේ රට වැදගත් වෙයි. චීනයට ලංකාවේ නාවුක හා හමුදා කඳවුරක්‌ ලබාදී හෝ එරටේ ප්‍රධානම රබර් සැපයුම්කරුවා බවට පත්වුවහොත් බටහිර වෙළෙඳපොළ මත ර¹ පැවතීම සහමුලින්ම නැවතිය හැක. මුලතිව්, කිලිනොච්චි හා වවුනියාව වැනි දිස්‌ත්‍රික්‌කවලද වගා කළ රබර් ප්‍රභේද මේ රටේ නිපදවා ඇති අතර මේ දිස්‌ත්‍රික්‌ක වල අලුතින් විවෘත වී ඇති ඉඩම් වල රබර් වගා කොට ඒ ඉඩම් ඇඟලුම් කර්මාන්තයෙන් අවතැන් වන සේවකයන්ගේ පවුල්වලට බෙදාදිය හැක. මෙවැනි දේකින් රටේ දේශපාලන ප්‍රශ්නයක්‌ ද විසඳෙනු ඇත.

ඇඟලුම් කර්මාන්තය වෙනුවට රබර් වගාව වැඩි කිරීම කර්මාන්තවල සිට කෘෂිකර්මය දක්‌වා නැවත පසුබැසීමක්‌ නොවේ දැයි අයකු අසනු ඇත. කාර්මීකරණයට කලක්‌ ලෝකයේ පූජනීය බවක්‌ ලැබුණ ද අද ඒ තත්ත්වය වෙනස්‌ වී තිබේ. කාර්මීකරණය වීමට ගොස්‌ සිදුවී ඇත්තේ මේ රටට දරාගත නොහැකි තරම් ඉන්ධනත් අමුද්‍රව්‍යත් ආනයනය සඳහා විදේශ විනිමය වැය වීම පමණි. ඇමරිකාවේ හා යුරෝපයේ සම්බාධක නිසා එක්‌ වරම කර්මාන්ත ක්‍ෂේත්‍රය කඩාවැටුන හොත් එක්‌වරම ආනයන වියදම ද අඩු වී මේ රටේ ගෙවුම් ශේෂය හොඳ අතට හැරෙනු ඇත. මේ නිසා පිටරටින් බලශක්‌තිය හා අමුද්‍රව්‍ය ලබාගෙන ඇතිකරන කාර්මීකරණයක්‌ ගැන දෙවරක්‌ සිතා බැලිය යුතුය.

ඇමරිකාවෙන් හා යුරෝපයෙන් සම්බාධක පැනවුවත් මේ රටේ තේ කර්මාන්තයට නම් කිසිදු බලපෑමක්‌ වන්නේ නැත. පෙර කී පරිදි රබර් කර්මාන්තය ද චීනයේ ආධාරයෙන් දැන් තිබෙනවාටත් වඩා දියුණු කළ හැක. මේ ආකාරයට අපනයන කෘෂිකර්මය, ආනයන ආදේශන කෘෂිකර්මය, විදේශ සේවා නියුක්‌තිය හා වරාය වැනි විදේශ සේවා සැපයුම් වැනි අංගෝපාංග ඇතුළත් නවතම “ආර්ථික මිශ්‍රණයක්‌” ලංකාවේ ඇතිකිරීම කෙරෙහි කාගේත් අවධානය යොමු විය යුතුය. බටහිරින් සම්බාධක පැනවීම තුළින් මේ ක්‍රියාදාමය වේගවත් වන නිසා සම්බාධක යනු ප්‍රශ්නයක්‌ නොව වෙස්‌වලාගත් ආශිර්වාදයක්‌ බව මගේ මතයයි.

සී. ඒ. චන්ද්‍රප්‍රේම

About ජාතික බෞද්ධ බලවේගය

Ayubowan! The National Buddhist Authority (NBA) a well developed organizations which were officially battle against the Rascals who are in local society and who were engage as an international persons for poverty alleviation as a cover for proselytizing activity. We may put our advanced heritage presser which our ancestor did upon the peoples who dealing with converting our peoples for any other faith and Abuse (Insulting Speech) of our culture and the moral of Buddhist main concepts. We are secretly finding the necessary static data and also exploring entrench area and giving an “ON THE SPOT” action without thinking difficulty or danger that must be rise within sound of whom think that converting to their faith is fundamental right in our “Dhrama Dveepa”. Regarding need ness of the case we will report in writing with dates, place name or persons involved and all cases of abuse or illegal activities in the name of a religion or faith and first and last attempted to convert persons in Sri-Lanka to Buddhist organizations, temple, nearest Police Station, Grama Niladari and other local authority as well as presidency level. National Buddhist Authority eager to call upon all Sinhalese Buddhist organizations(International too) to join hands in a Endeavour to defeat the proselytizing efforts of sponsored evangelical and other NGO organizations and thereby to guard the Sinhalese Buddhist culture and tradition for posterity, Relating to their fantasy book,Fantasy Story David did killed the philistine champion who named as Goliath, then all of us too cannot fail. NOTE: This cite is not aimed at or against Christians Or Muslims or Any Other faith Holders.This site is aimed against Christians,Muslim or who ever seek or want to convert Buddhist to Christianity or Muslim or other goodish doctrine. We Buddhist refer to them as "missionaries." We Buddhist respect Christians or Muslim or other followers who maintain the doctrines of their belief, but we do not accept anyone's "right" to proselytize.

Discussion

No comments yet.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

Balawegaya Flickr Photos

More Photos

Different countries have visited this site

Free counters!
%d bloggers like this: