//
you're reading...
අන්තවාදී ඉස්‌ලාමීය සංවිධාන

හකීම් ඇමැතිගේ සමාජ බෙදුම්වාදය!

හකීම් ඇමැතිගේ සමාජ බෙදුම්වාදය!

කොළඹ රාජකීය විද්‍යාලයේ ආදි ශිෂ්‍ය, අධිකරණ අමාත්‍ය රවුෆ් හකීම් මහතා මේ දිනවල පුවත් මවන්නෙක්‌ බවට පත්ව සිටී. ඔහු පුවත් මවන්නෙක්‌ බවට පත්වූයේ පසුගිය මාසයේ අලුත්ගම හා බේරුවලදී ඇතිවූ සිංහල-මුස්‌ලිම් ගැටුම්වලින් පසුවය. අලුත්ගම ගැටුම ගැන යළි පුනරුච්ඡාරණය කිරීමට අවශ්‍ය නැහැ. එයින් මුස්‌ලිම් ජනතාව මෙන්ම බෞද්ධයාටත් අගතියක්‌ විය. නමුත් මේ ගැටුම තවත් 83 ජුලි කලබලයක්‌ ලෙස හුවා දක්‌වන්නට බෞද්ධ විරෝධීහු උත්සාහ කළහ. ඇත්තෙන්ම මේ ගැටුම අලුත්ගම හා බේරුවල ප්‍රදේශවලට සීමා වූවා මිස රට පුරා පැතිර ගියේ නැත. දින කිහිපයක්‌ ඇඳිරි නීතිය පනවා තිබුණේද බේරුවල හා අලුත්ගම නගර සීමාවල පමණි. එහෙත් බෞද්ධ අන්තවාදයක්‌ රට තුළ ගොඩනැඟී ඇතැයි ජාත්‍යන්තරයට කියන්නට අවශ්‍ය පුද්ගලයන්ට මේ සිද්ධිය තවත් “කළු ජූලියක්‌” ලෙස අර්ථ දක්‌වන්නට අවශ්‍ය විය.

අලුත්ගම ගැටුම්වලින් පසුව අධිකරණ අමාත්‍යවරයා කොළඹ සිටින විදේශ මාධ්‍යවේදීන් හමුවේ ප්‍රකාශ කර තිබුණේ හිට්‌ලර් යුදෙව්වන්ට එරෙහිව ක්‍රියාකළ ආකාරයේ වැඩපිළිවෙළක්‌ මෙරට මුස්‌ලිම්වරුන්ට එරෙහිව ක්‍රියාත්මක වන බවයි. අලුත්ගම ගැටුමේදී මිය ගියේ මුස්‌ලිම්වරු තිදෙනකු පමණි. එහෙත් හිට්‌ලර් ලක්‍ෂ ගණනින් යුදෙව්වන් ඝාතනය කළ ආකාරයේ වැඩපිළිවෙළක්‌ මෙහි ක්‍රියාත්මක වූවාද? ඔහු මේ ප්‍රහාර අර්ථ දක්‌වා තිබුණේ Virtual Holocaust ලෙසය. ශ්‍රී ලංකා මුස්‌ලිම් කොංග්‍රස්‌ නායකයා විශාල බිල්ලෙක්‌ මැවීමට උත්සාහ කරන බව මේ ප්‍රකාශ තුළින්ම අපට පැහැදිලි වේ.

“හකීම්” යනු මුස්‌ලිම් රටවල මෙන්ම ඉන්දියාවේත් නඩුකාරයා, පාලකයා, ආණ්‌ඩුකාරයා හඳුන්වන පාරිභාෂික පදයකි. එය මුස්‌ලිම්වරුන්ගේ ශබ්ද මාලාවේ එන වචනයකි. නමුත් ලංකාව් ඇමැති හකීම් භික්‍ෂූන් වහන්සේලාගේ කටයුතු පාලනය කිරීම රජය පැහැර හරින්නේ නම් රට තුළ ඉස්‌ලාම් අන්තවාදයක්‌ බිහිවීම වැළැක්‌විය නොහැකි බව ප්‍රකාශ කර තිබේ. මෙය සමස්‌ත සිංහල බෞද්ධ සමාජයටම එල්ල කළ බරපතළ ප්‍රහාරයකි. මුස්‌ලිම් සමාජය තුළ තමන්ට අහිමිවන දේශපාලන ස්‌ථාවරය රැක ගැනීම වෙනුවෙන් දැන් මේ කැබිනට්‌ ඇමැතිවරයා බහුතර බෞද්ධයන්ට පහරදීම අරඹා ඇත. ඉස්‌ලාම් අන්තවාදයක්‌ මෙරට බිහිවනු දැකීම හකීම්ගේ පරමාර්ථයද? අන්තවාදී කුඩා කණ්‌ඩායම් කිහිපයක්‌ නැගෙනහිර දැනටමත් ක්‍රියාත්මක වන බව ඉන්දීය ඔත්තු සේවා මගින්ම තහවුරු කර ඇත. නමුත් වඩා ප්‍රබල තලේබාන් සංවිධානයක්‌ ඇති කිරීම මුස්‌ලිම් කොංග්‍රසයේ කැමැත්තද? එය සැබෑවක්‌ වුවහොත් මුස්‌ලිම් කොංග්‍රසයටද දේශපාලනය කිරීම අපහසු වන්නේය. එදා ද්‍රවිඩ එක්‌සත් විමුක්‌ති පෙරමුණ ප්‍රභාකරන්ව සැලකුවේ “අපේ කොල්ලන්” ලෙසය. ඔවුනගේ දඟකාරකම් සතුටු සිතින් ඉවසුවේය. එහෙත් මේ පිරිස මෝරා වැඩි එද්දී මුලින්ම අවි එසවූයේ කාට එරෙහිවද? “කොල්ලන්ගේ” වෙඩි පහරවල්වලින්ම පරලොව යන්නට දෙමළ එක්‌සත් විමුක්‌ති පෙරමුණේ නායකයන්ට සිදුවිය. හකීම්ද අද තලේබාන් අංකුර මුවහත් කර බෞද්ධ විරෝධයකට පාර කපන බව පෙනී යයි.

එහෙත් මෙරට බෞද්ධ ත්‍රස්‌තවාදයක්‌ නැත. මේ සරදම් කතාවලින් බෞද්ධයා හෝ මහා සංඝරත්නය බියට පත් කළ නොහැකි බව හොඳින් දැනගත යුතුය. කවරක්‌ නමුත් රවුෆ් හකීම් මේ ආණ්‌ඩුවේ රැඳී සිටින්නේද බලවත් අවිනිශ්චිත තාවයකිනි. එක්‌සත් ජාතික පක්‍ෂයෙන් ඡන්ද ඉල්ලා පසුව ඔහු “රාජපක්‍ෂ අත” ශක්‌තිමත් කිරීමට ආණ්‌ඩුවට එක්‌වූයේය. අධිකරණ ඇමැති ලෙස කටයුතු කරමින් ඔහු ලංකා රජයටත්, මහ ජාතියටත් එරෙහිව ඇමරිකාවට මෙන්ම බටහිරට කේලාම් කියයි. ජිනීවා මානව හිමිකම් කොමිසමට පෙත්සම් යවයි. හකීම් තමන්ගේ ජාතිය වෙනුවෙන් කතා කළාට අපට ප්‍රශ්නයක්‌ නැහැ. නමුත් ඔහු නැති බිල්ලන් මවමින් බෞද්ධයා ත්‍රස්‌තවාදියකු කරමින් මඩ ප්‍රහාර එල්ල කිරීම ගැන කොහෙත්ම සමාව දිය නොහැක.

වසර 2300 ක්‌ තිස්‌සේ මෙරට පවතින සිංහල භික්‍ෂු වංශය සෑම විටම රටේත් ජාතියේත් ආගමේත් ආරක්‍ෂකයා විය. අද මෙරට සෑම සුළු ජාතියක්‌ ආරක්‍ෂා වන්නේද සිංහල බෞද්ධයාගේ ඉවසීම නිසාය. පකිස්‌තානය මුස්‌ලිම් රාජ්‍යයකි. නමුත් එරට සිටින ෂියා මුස්‌ලිම්වරුන් ආරක්‍ෂිතද? බලුකිස්‌තාන් ප්‍රාන්තයේ සිටින ෂියා මුස්‌ලිම්වරුන් ආරක්‍ෂිතද? එහෙත් මෙරට සුළු වාර්ගිකයන්ට ආගමිකයන්ට එවැනි ප්‍රශ්න නැත. නමුත් හකීම් බෞද්ධ භික්‍ෂූන් පාලනය කළ යුතු යෑයි කියයි. අද ලෝකයේ පවතින ගැටුම් 26 න් 25 කටම හේතුව මුස්‌ලිම් අන්තවාදයයි. මේවා ඇතිවූයේ බෞද්ධ භික්‍ෂූන් නිසාද? ඉරාකය හා සිරියාවේ කොටස්‌ අල්ලාගෙන මුස්‌ලිම් අධිරාජ්‍යයක්‌ පිහිටුවා බැග්ඩෑග් නුවර අල්ලා ගැනීමට සටන් කරන අයි.එස්‌.අයි.එස්‌. සංවිධානය බිහි වූවේද බෞද්ධ භික්‍ෂූන් නිසාද? ඉස්‌ලාම් සංස්‌කෘති ආක්‍රමණය, ව්‍යාප්තවාදය පිළිබඳව ථෙරවාදී බෞද්ධ රටවල බෞද්ධයන්ට සාධාරණ බියක්‌ ඇතිවී තිබේ. මේ ගැන කතා කිරීම් ත්‍රස්‌තවාදයක්‌ නම් නොවේ. මේ සමාජ බෙදුම්වාදී ආගමික සංස්‌කෘතික අන්තවාදය නිසා බෞද්ධ බහුතරයට ප්‍රශ්නයක්‌ ඇති වන බව පැහැදිලිව අවබෝධ වී ඇති නිසා ථෙරවාදී බෞද්ධ ලෝකයේ මේ ගැන කතිකාවක්‌ ආරම්භ වී ඇත.

භික්‍ෂූන් වහන්සේලා පාලනය කිරීම රජයකට කළ නොහැක. බෞද්ධ කටයුතු පිළිබඳ අමාත්‍යවරයෙක්‌ පත් කරන්නේ බුද්ධ ශාසනයේ දියුණුවට උන්නතියට ක්‍රියා කිරීමට මිස භික්‍ෂූන් පාලනය කිරීමට නොවේ. ගිහියන්ට භික්‍ෂූන් පාලනය කළ නොහැකිය. භික්‍ෂූන් වහන්සේ පාලනය කිරීම සිදුකෙරෙන්නේ ශාසන සම්ප්‍රදායට අනුවය. එය ලංකාවටත්, බුරුමයටත්, තායිලන්තයටත්, ලාඕසයටත්, කාම්බෝජයටත් පොදුය. එසේ නොමැතිව බුද්ධ ශාසනය පාලනය කිරීම අධිකරණ අමාත්‍යාංශයට භාරදිය නොහැක. අතීත ශ්‍රී ලංකාවේ කිසිම රජ කෙනෙකු හෝ භික්‍ෂු පාලනයට මැදිහත් වූයේ නැත. මුස්‌ලිම් අන්තවාදී වුවමනාවන් සතුටු කිරීමට අපේ ශාසන සම්ප්‍රදාය වෙනස්‌ කළ නොහැකිය. එය කිසි දිනක සිදු වන්නක්‌ද නොවේ. රවුෆ් හකීම් මහතා මේ ආණ්‌ඩුවේද එල්ලී සිටින්නේ ඉතා සියුම් හුයකිනි. ඔහු කොයිවේලේ ආණ්‌ඩුව හැර දමා යයිද යන්න පැහැදිලි නැත. ඉදිරියේදී ජනපතිවරණයක්‌ ප්‍රකාශයට පත් කළ හොත් මේ පුද්ගලයා අනිවාර්යයෙන්ම රජයට සතුරු පාර්ශ්වයට සම්බන්ධවීම නොවැළැක්‌විය හැකිය. එහෙත් මේ පුස්‌ වෙඩිවලට නිවැරදිව පිළිතුරු සැපයිය යුතුය. නැගී එන බෞද්ධ පිබිදීම පමණක්‌ යටපත් කර දැමීමට බොහෝ බලවේගවලට අවශ්‍යව ඇත. එය අධිකරණ අමාත්‍යවරයාගේ ප්‍රකාශවලින්ම ප්‍රකට වේ. නමුත් එය හකීම්ගේ පමණක්‌ නොව තවත් බොහෝ බෞද්ධ විරෝධීන්ගේ අපේක්‍ෂාවකි. ඒ අරමුණු මුදුන්පත් කරදීමට කිසිවකු කටයුතු කළ යුතු නැත. එය ජාතියට අයහපතකි.

චතුර පමුණුව

About ජාතික බෞද්ධ බලවේගය

Ayubowan! The National Buddhist Authority (NBA) a well developed organizations which were officially battle against the Rascals who are in local society and who were engage as an international persons for poverty alleviation as a cover for proselytizing activity. We may put our advanced heritage presser which our ancestor did upon the peoples who dealing with converting our peoples for any other faith and Abuse (Insulting Speech) of our culture and the moral of Buddhist main concepts. We are secretly finding the necessary static data and also exploring entrench area and giving an “ON THE SPOT” action without thinking difficulty or danger that must be rise within sound of whom think that converting to their faith is fundamental right in our “Dhrama Dveepa”. Regarding need ness of the case we will report in writing with dates, place name or persons involved and all cases of abuse or illegal activities in the name of a religion or faith and first and last attempted to convert persons in Sri-Lanka to Buddhist organizations, temple, nearest Police Station, Grama Niladari and other local authority as well as presidency level. National Buddhist Authority eager to call upon all Sinhalese Buddhist organizations(International too) to join hands in a Endeavour to defeat the proselytizing efforts of sponsored evangelical and other NGO organizations and thereby to guard the Sinhalese Buddhist culture and tradition for posterity, Relating to their fantasy book,Fantasy Story David did killed the philistine champion who named as Goliath, then all of us too cannot fail. NOTE: This cite is not aimed at or against Christians Or Muslims or Any Other faith Holders.This site is aimed against Christians,Muslim or who ever seek or want to convert Buddhist to Christianity or Muslim or other goodish doctrine. We Buddhist refer to them as "missionaries." We Buddhist respect Christians or Muslim or other followers who maintain the doctrines of their belief, but we do not accept anyone's "right" to proselytize.

Discussion

No comments yet.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

Balawegaya Flickr Photos

More Photos

Different countries have visited this site

Free counters!
%d bloggers like this: