//
you're reading...
ඇස ගිය තැන්

ඇත්තටම ණයද?

ඇත්තටම ණයද?

2005 වර්ෂයෙන් පසු ශ්‍රී ලංකාව තමන්ටම ආවේණික හා අනන්‍ය වූ සංවර්ධන ප්‍රතිපත්ති රාමුවක සිට කටයුතු කරන රටකි. 2005 වර්ෂයට පෙර සිදු වූයේ ජාත්‍යන්තර සංවිධාන හා මූල්‍ය ආයතන, සංවර්ධනය වන රටවල න්‍යාය පත්‍රයන්හි පුමුඛගත ලැයිස්‌තුවලට පමණක්‌ සංවර්ධනය සීමා කිරීමයි.

විශේෂයෙන් ලිබරල් ආර්ථීක රාමුව හ`දුන්වා දුන් දිනයේ සිට ශ්‍රී ලංකාවේ අපේක්‍ෂිත ආදායම්වලට වඩා අපේක්‍ෂිත වියදම් ඉහළයාමක්‌ දක්‌නට ලැබිණ. මෙය අය-වැය හි`ගය ලෙස අප හ`දුන්වන අතර එය පියවීම ස`දහා දේශීය ආදායම් ප්‍රමාණවත් නොවන නිසා විදේශීය ණය මත වැඩි රැ`දියාවක්‌ තබා ගැනීමට සිදුවිය. ශ්‍රී ලංකාව විදේශීය ණය ලබාගන්නා සාම්ප්‍රදායික ජාත්‍යන්තර ආයතන ලෙස, ලෝක බැංකුව, අන්තර්ජාතික මූල්‍ය අරමුදල (IMF) ආසියානු සංවර්ධන බැංකුව වැනි ආයතන පෙන්වා දිය හැකිය. මෑත කාලීනව ශ්‍රී ලංකා ආර්ථීකය ලබාගත් ප්‍රගතිය නිසා විශේෂයෙන්ම මැදි ආදායම් ලබන රටක්‌ බවට පත්වීමත්, අපටම ආවේණික ස්‌වතන්ත්‍ර සංවර්ධන ප්‍රතිපත්ති රාමුවක්‌ සකසා ගැනීමත් වැනි කරුණු නිසා සාම්ප්‍රදායික ආයතනවලින් සහනදායී පදනම මත ණය ලබා ගැනීම අවහිර වී ඇත. ඒ අනුව ශ්‍රී ලංකාවට විදේශීය පෞද්ගලික ණය කෙරෙහි මෙන්ම වෙනත් ද්විපාර්ශ්වික හා බහුපාර්ශ්වික ණය කෙරෙහිද අවධානය යොමු කිරීමට සිදුවිය.

1948 දී විදේශීය ණය ප්‍රමාණය දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක්‌ ලෙස 4.4%ක්‌ වුවත්, පසුකාලීනව විදේශීය ණය ප්‍රමාණය දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක්‌ ලෙස 100% ඉක්‌මවා ගිය වසර ද ඇත. විශේයෙන් 2003 වසරේ දී විදේශීය ණය ප්‍රමාණය දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක්‌ ලෙස 102% ක අගයක සිටි අතර, එය 2013 වර්ෂය වන විට 78% දක්‌වා ක්‍රමිකව අඩු කර ගෙන තිබේ. වර්ෂ 2016 දී එය 65% දක්‌වා අඩු කර ගැනීමේ සැලැස්‌මක රජය මේ වන විට නිරතව සිටී. ණය පමණක්‌ හුවාදක්‌වා දක්‌වමින් ශ්‍රී ලංකා ආර්ථීකය ගැන කතා කිරීමේ දී එය හුදෙක්‌ අන්ධයන් පස්‌දෙනා අලියා අතගෑවා වැනි ය. මෙම තත්වය විශ්ලේෂණය කළ යුත්තේ වඩාත් විචාර ශීලීත්වයකිනි. ශ්‍රී ලංකාවේ ණය බර සම්බන්ධයෙන් මෑත කාලයේ යම් යම් දේශපාලන කෝණවල සිට ඇතැමුන් විග්‍රහ කිරීමට උත්සාහ දැරුවද ස්‌වාධීන ආයතන සහ රජයේ ආර්ථීක ගමන් ම`ග ගැන නිරන්තර අවධානයෙන් පසුවන ලෝක බැංකුව හා IMF වැනි ආයතන මේ පිළිබ`දව බලවත් විවේචනවලට තවමත් එළඹි නැත.

විශේෂයෙන් විදේශීය ණය බර දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක්‌ ලෙස 80%ක පහළ අගයක පවත්වා ගැනීම යෝග්‍ය යෑයි විවිධ අර්ථ ශාස්‌ත්‍රඥයන් හා පර්යේෂකයන් පෙන්වා දී ඇත. ණය ස්‌වාධිපත්‍යය පිළිබ`ද වර්ගීකරණය කරන ෆsච් (Fitch) ශේ්‍රණිගත කිරීමට අනුව ද එස්‌ හා පී (S & P) ශේ්‍රණිගත කිරීම්වලට අනුව ද මූඩිස්‌ සහ TE වැනි ස්‌වාධීන ශේ්‍රණිගත කිරීම් ආයතන පවා තම ශේ්‍රණිගත කිරීම්වල මධ්‍යස්‌ථ ස්‌ථානයක ශ්‍රී ලංකාව තබා ඇත. මීට අමතරව ශ්‍රී ලංකාව විසින් පවත්වාගෙන යා යුතු ඇතැම් නිර්ණායක එනම්, UNESCAP සංවිධානයේ කාර්යක්‍ෂම ණය කළමනාකරණ මැනුවලයේ (2006) නිර්ණායක තවමත් සාර්ථක පරිදි ක්‍රියාත්මක වන බවට එම ආයතනය සහතික කර ඇත. කිසිදු ස්‌වාධීන ආයතනයක්‌ ඉතා දැඩි මූල්‍ය අස්‌ථාවරභාවයක්‌ කරා ශ්‍රී ලංකාව ගමන් කරන බවට අනතුරු අ`ගවා නැත.

මීට අමතරව අප අවධානය යොමු කළ යුත්තේ මෙම ණය යොදවන මාර්ග පිළිබ`දවය. විශේෂයෙන් දීර්ඝකාලීන සංවර්ධන ව්‍යාපෘති ස`දහා මෙම ණය ආයෝජනය කිරීම දැකිය හැකි වන අතර ඒවායේ ප්‍රතිලාභ ගලා ඒම වසර ගණනක ඈතට දිවයයි. රටක හෝ පුද්ගලයෙකුගේ ණය ගැනීමේ හැකියාව ර`දා පවතින්නේ එම රටේ හෝ පුද්ගලයාගේ ශක්‍යතාවය මතය. විශේෂයෙන් පසුගිය කාලය පුරා ශ්‍රී ලංකාව 07% කට ආසන්න ආර්ථීක වර්ධනයක්‌ ළ`ගා කරගෙන තිබීම උද්ධමනය 05%ට ආසන්න ප්‍රමාණයේ ර`දවා තබා ගැනීම කැපී පෙනෙන ආර්ථීක දර්ශක ලෙස පෙන්වා දිය හැකිය. යම් දුරකට ස්‌ථාවර විදේශ විනිමය අනුපාතයක්‌ රට තුළ පවත්වාගෙන යැමට උත්සාහ කළ අතර මෙම විදේශ විනිමය උච්ඡාවචනය ආර්ථීකයේ ණය බර කෙරෙහි බලපෑම් ඇති කරනු ලබයි. එවිට ණය බරේ විශාලත්වය කෙනෙකුට උලුප්පා දැක්‌විය හැකිය. නමුත් ශ්‍රී ලංකාව පසුගිය කාල වකවානුව තුළ සිය විදේශීය සංචිත අඛණ්‌ඩව ඉහළ දමා ගැනීම පැසසිය යුතුය. විශේෂයෙන් මාස පහකට ආසන්න විදේශ සංචිත ප්‍රමාණයක්‌ පවතින අතර බැංකු ක්‍රමයේ අඛණ්‌ඩ ස්‌ථාවරත්වය පැවතීම ආයෝජන දිරිගන්වන සුළු කරුණකි.

ගෝලීය දේශපාලනික අභියෝග, ස්‌වභාවික ආපදාවන් සහ ජාත්‍යන්තර මූල්‍ය ක්‍ෂේත්‍රයේ ඇති වූ ධනාත්මක හා සෘණාත්මක අභියෝග හමුවේ ශ්‍රී ලංකාව තම විදේශීය මූල්‍යයනයන් රජයේ මධ්‍ය කාලීන ප්‍රමුඛතා හ`දුනාගෙන ඒවාට ආයෝජනය කර ඇත. ඒ අතර අධිවේගී මාර්ග ජාලය පුළුල් කිරීම, ගම හා නගරය අතර සම්බන්ධතාව වැඩිදියුණු කිරීම, රටේ බලශක්‌ති අවශ්‍යතාව පියවීමට කටයුතු කිරීම, ඒකාබද්ධ ජල සම්පත් කළමනාකරණය, දැනුමැති ආර්ථීකයක්‌ ස`දහා මානව සම්පත් සංවර්ධනය, දේශගුණික විපර්යාසයන්ට මුහුණදීම, ධරණීය පාරිසරික කේන්ද්‍රීය ප්‍රමුඛත්වයට අනුගත වීම යන අංශ කෙරෙහි රජයේ අවධානය යොමුවී තිබීම කැපී පෙනේ.

ශ්‍රී ලංකාව මැදි ආදායම් ලබන රටක්‌ බවට පත්වීම නිසා ලබන්නා වූ සහනදායී ණය ප්‍රමාණය සීමා වුවත් තම සංවර්ධන ඉලක්‌ක ඉටු කරගැනීමට අවශ්‍ය ස්‌ථීරසාර ප්‍රතිපත්තිමය රාමුවක සිට කටයුතු කරන බව පෙනී යයි. ශ්‍රී ලංකාවේ ජංගම ගිණුමේ හි`ගය දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක්‌ ලෙස 2008 දී 9.5% ප්‍රමාණයේ සිට වර්තමානය වන විට 3.9% ක මට්‌ටමට අඩු කර ගැනීම පැසසිය යුතුය. තොරතුරු තාක්‍ෂණ ක්‍ෂේත්‍රයේ 2003 වසරේ සිටි ශ්‍රමිකයන් සංඛ්‍යාව 15000ට ආසන්න වුවද එය 2013 වසරේ දී 75000 ක්‌ දක්‌වා වර්ධනය කරගෙන ඇති අතර වර්තමානයේ ක්‍රියාත්මක වන තාක්‍ෂණික විෂය ධාරාව උසස්‌ පෙළ විෂය නිර්දේශයට හ`දුන්වා දීම, මහින්දෝදය තාක්‍ෂණික විද්‍යාගාර ස්‌ථාපිත කිරීම, ශ්‍රී ලංකාවේ සෑම විශ්ව විද්‍යාලයකම පාහේ ඉංජිනේරු හා තාක්‍ෂණික පීඨ ආරම්භ කිරීම මෙම ක්‍ෂේත්‍රය තවදුරටත් පුළුල් කිරීමට තැබූ යෝධ පියවරක්‌ ලෙස හැ`දින්විය හැකිය.

රටක ව්‍යාපාර කිරීමේ දර්ශකය, ගෝලීය තර`ගකාරීත්වය මැනීමේ දර්ශකය, යටිතල පහසුකම් මැනීමේ දර්ශකය, ආර්ථීක නිදහස ජාත්‍යන්තරව පිළිගත් දර්ශකවල ශ්‍රී ලංකාවට හිමි තත්ත්වය වේගයෙන් ඉහළට එසවෙමින් පවතී. විශේෂයෙන් මානව සංවර්ධන දර්ශකයේ රටවල් 186 කින් 92 වන ස්‌ථානයත්, සාර්ක්‌ කලාපයේ ප්‍රමුඛතම ස්‌ථානයත් හිමිකර ගෙන ඇත. රටේ ජනගහනයෙන් 96%කට විදුලිය සැපයීම, 88%කට පානීය ජලය පැවතීම, 90%කට ආසන්න මාර්ග පද්ධතිය වැඩිදියුණු කිරීම, පුද්ගලයන් 100% වැඩි ප්‍රමාණයකට දුරකථන සම්බන්ධතා පැවතීම, සෑම පාසල් ළමුන් 18 දෙනෙකුටම ගුරුවරයකු සිටීම වැනි රජය විසින් ක්‍රියාත්මක කර ඇති මෙවැනි පැසසිය යුතු අංශ කෙරෙහි ඇතැම් විචාරකයන්ගේ අවධානය යොමු නොවීම කනගාටුවට කරුණකි. මෙම සාම්ප්‍රදායික දර්ශකවල ඉහළයාම ඉබේ සිදු වූවක්‌ නොවේ. ඒවා ස`දහා ක්‍රමිකව සහ ඉතා සූක්‍ෂම ලෙස තෝරාගෙන ප්‍රමුඛතාව හ`දුනාගෙන කරන ලද ආයෝජන ඊට හේතු වී ඇත.

ශ්‍රී ලංකාව තම ණය සේවාකරණය ඉතා මැනවින් කළමනාකරණය කරගෙන යන අතර විදේශීය රාජ්‍යයන්වලටද ණය හා ප්‍රදාන ලබාදෙන රටක්‌ බවට පත් වී ඇත. මාලදිවයින, උගන්ඩාව වැනි රාජ්‍යයන්ට යටිතල පහසුකම් හා අධ්‍යාපනය පුළුල් කරගැනීමට පසුගිය කාලයේ ලබාදුන් එවැනි ණයවලින් කියාපාන්නේ ශ්‍රී ලංකා ආර්ථීකයේ ඇති ස්‌ථාවර බව නොවේ ද? විදේශීය මූල්‍යයනයන් නිවැරදි හා කාර්යක්‍ෂම ලෙස ආයෝජනය කර ඇත්නම් එහි ප්‍රතිලාභ ඉදිරි පරම්පරාව භුක්‌ති වි`දිනු ඇත. වර්තමානයේ යම් කැප කිරීමක්‌ කරන්නේ නම් එය හුදෙක්‌ අනාගත පරපුරේ සුභසිද්ධිය උදෙසාම බව අප සිත්හි තබාගත යුතුව ඇත.

පුද්ගලික ප්‍රවාහන සේවා අමාත්‍ය,ආර්.එම්.සී.බී. රත්නායක

About ජාතික බෞද්ධ බලවේගය

Ayubowan! The National Buddhist Authority (NBA) a well developed organizations which were officially battle against the Rascals who are in local society and who were engage as an international persons for poverty alleviation as a cover for proselytizing activity. We may put our advanced heritage presser which our ancestor did upon the peoples who dealing with converting our peoples for any other faith and Abuse (Insulting Speech) of our culture and the moral of Buddhist main concepts. We are secretly finding the necessary static data and also exploring entrench area and giving an “ON THE SPOT” action without thinking difficulty or danger that must be rise within sound of whom think that converting to their faith is fundamental right in our “Dhrama Dveepa”. Regarding need ness of the case we will report in writing with dates, place name or persons involved and all cases of abuse or illegal activities in the name of a religion or faith and first and last attempted to convert persons in Sri-Lanka to Buddhist organizations, temple, nearest Police Station, Grama Niladari and other local authority as well as presidency level. National Buddhist Authority eager to call upon all Sinhalese Buddhist organizations(International too) to join hands in a Endeavour to defeat the proselytizing efforts of sponsored evangelical and other NGO organizations and thereby to guard the Sinhalese Buddhist culture and tradition for posterity, Relating to their fantasy book,Fantasy Story David did killed the philistine champion who named as Goliath, then all of us too cannot fail. NOTE: This cite is not aimed at or against Christians Or Muslims or Any Other faith Holders.This site is aimed against Christians,Muslim or who ever seek or want to convert Buddhist to Christianity or Muslim or other goodish doctrine. We Buddhist refer to them as "missionaries." We Buddhist respect Christians or Muslim or other followers who maintain the doctrines of their belief, but we do not accept anyone's "right" to proselytize.

Discussion

No comments yet.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

Balawegaya Flickr Photos

More Photos

Different countries have visited this site

Free counters!
%d bloggers like this: