//
you're reading...
ඇස ගිය තැන්, විශේෂාංග, සිංහල අලුත් අවුරුද්ද

අලුත් අවුරුද්දට අලුත් සිතුවිල්ලක්‌…

අලුත් අවුරුද්දට අලුත් සිතුවිල්ලක්‌…

ඇවිද ලඳු දෙණි කැලෑ බිම්වල
රැගෙන විත් තුන්හිරියා පන් කොළ
යොදා කුකුළු සායම් රතු හා කොළ
වියා නෙක්‌ විසිතුරු රටා පැදුරු
රටාවක්‌ බව මේ මහා විශ්වය.

මේ පැරණි ගම හා එහි තිබූ නොකිළිටි බවේ සුවඳ, සෞභාග්‍යය මහගමසේකරයන් දුටු අයුරුයි. එළැඹෙන අලුත් අවුරුද්දේදී අපේ පරිසරය කෙසේ සංරක්‍ෂණය කරගත යුතු දැයි සිතා ගත හැකි මාන බොහොමයක්‌ මේ ගීතයේ අන්තර්ගතය. නව වසරේදී අපේ පරිසරයට ගරුකිරීම සඳහා අප’තින් කුමක්‌ ඉටු විය යුතුව ඇත්දැයි මදක්‌ සිතා බැලීම පුරවැසි අපට පැවරී ඇති මහා කාර්යයකි.

මෙහි ඇරඹුම ලෙස ගංවතුර හා ඉන් සිදුවන අප්‍රමාණ හානි පිළිබඳව සලකා බැලීම අගනේය. වැසි කල එළැඹෙත්ම වියළී ඉරිතැලී ගිය වැව් පිටි මඳින් මද පෙඟී අනතුරුව මහා සාගර සේ දිස්‌වනු අපට ප්‍රත්‍යක්‍ෂ සාක්‍ෂියකි. එවිට වහ වහා වැව්වල වාං දොරටු විවෘත කෙරේ. ඒ ජලකඳට අසුවීමට ඉඩ ඇති නිවෙස්‌ වැසියන් ආරක්‍ෂිත ස්‌ථාන කරා යොමු කෙරේ. ඉනුත් නොනැවතීs ගංවතුරින් අසරණ වූවනට වියළි ආහාර සලාක, බෙහෙත් හේත්, ඇඳුම් පැළඳුම්, ගංවතුර සහනාධාර බෙදා හරිනු දැකිය හැකිය. මේ වියළි කලාපයේ ගංවතුරවලදීය.

තෙත් කලාපයේ තත්ත්වය මෙයට වෙනස්‌ය. “වඳුරකු පිණි සෙලවූවත් ගංවතුර ගලන” පහත්බිම් යටවීම මෙහි යථා ස්‌වභාවයයි. මේ අවස්‌ථා දෙකෙහිදීම අපගේ අත්දැකීම වන්නේ ගංවතුරට පාදක වූ ප්‍රධාන කාරණය තද වැසි ඇතිවීම නොවන බවය. ඉන් එහා ගිය අපගේ හෘදය සාක්‍ෂිය අපට දොස්‌ පවරන හේතුවක්‌ මෙහි මුල් හේතුපාදකය වී ඇත.

වැසි කාලය ගංවතුරෙන් සිදුවන හානියට පමණක්‌ සීමා නොවේ. ගංවතුරෙන් පසු අවධියේදී, මදුරු වසංගත, බෝවන රෝග, ඩෙංගු, අතීසාරය ආදී අනේකවිධ අතුරු උපද්‍රව දලු ලා ගෙන එයි. මේ සා විශාල ව්‍යසනයන් වැස්‌සට පසු ඇතිවන්නේ ඇයි? මේ ප්‍රශ්නවලට අප විසින් පිළිතුරු සෙවිය යුතු කාලය එළැඹ ඇත. මෙය වහා පිළියම් සෙවිය යුතු යෙදිය යුතු ජාතික ප්‍රශ්නයකි.

දිවයිssssනේ විවිධ ප්‍රදේශවලින් නැගෙන අෙ¹aනාවක්‌ ලෙස “කුණු කඳු නිසා පරිසරය විනාශ වීම” පිළිබඳ චෝදනාව දැක්‌විය හැකිය. මේ කුණු කඳු බිහි වූයේ කෙසේද? දිරාපත් නොවන පොලිතීන්, යෝගට්‌ කෝප්ප, ප්aලාස්‌ටික්‌ බෝතල්, ප්ලාස්‌ටික්‌ අසුරුම්, අයිස්‌ක්‍රීම් කෝප්ප ආදිය එකතුවීමෙනි. අප විසින්ම නිර්මාණය කරගෙන ඇති මේ ජාතියේ අවාසනාවට නැවතීමේ තිත තැබීමට කාලය එළැඹ ඇත.

අද ශ්‍රී ලංකාව මුහුණ දී ඇති සෞඛ්‍ය ප්‍රශ්න අතරින් ප්‍රධානතම ප්‍රශ්නය වී ඇත්තේ බෝ නොවන රෝග හා හඳුනා නොගත් ප්‍රතිකාර නොමැති රෝග සමූහයයි. මේ රෝග වැළඳුනවුන් සඳහා ප්‍රතිකාර කිරීමට ජාතික ධනයෙන් විශාල ප්‍රමාණයක්‌ වැය වේ. මේ අසීමාන්තික ලෙස කෙරෙන සෞඛ්‍යමය වියදම් ජාතියේ ප්‍රගමනයට එල්ලවන මරු පහරකි. මේ තත්ත්වය මෙලෙස උදා වූයේ ඇයි? මින් දශක තුනක ට හතරකට පෙර මෙවන් තත්ත්වයක්‌ නොවීය.

කුඩා වුවද වැසි වතුර ගලා ගිය පසු මග දෙපස ඇති කාණු හා බෝක්‌කු දෙස විපරමෙන් බලන්න. පොළොවට වැටුණු වතුර හසරක්‌ නොදැක ඉබාගාතේ ගලාගෙන ගොස්‌ ඇත. එසේ වූQයේ මන්ද? වතුර බැස යැම සඳහා තනා ඇති කාණු, බෝක්‌කු ආදිය විවිධ අපද්‍රව්‍යයන්ගෙන් වැසී ඇති හෙයිනි. මිනිසා විසින් ස්‌වභාවික පරිසරයට මුදාහැර ඇති සියලුම ප්ලාස්‌ටික්‌ අපද්‍රව්‍ය, පොලිතින් අපද්‍රව්‍යයන් වතුර පහර සමග ගලාගෙන විත් ජලය බැස යන මාර්ග අතරේ අවහිර ඇති කොට තිබේ. මේ අප ද්‍රව්‍යයන් අතරට අලුතින්ම එක්‌ව ඇත්තේ හිස්‌ බියර්Êබෙලෙක්‌කය. රැයෙහි නිදා උදය අවදිව බලනවිට කාණු දිගේ, පාර දෙපස, බෝක්‌කු කැට අසල හිස්‌ බියර් බෙලෙක්‌ක, හිස්‌ සිගරැට්‌ පෙට්‌ටි, හිස්‌ ගිනිපෙට්‌ටි, හිස්‌ කොත්තු දවටන පෝලිම් ගැසී ඇත. මේ අපද්‍රව්‍යයන් වතුර පාර හරස්‌ කරනු පමණක්‌ නොවේ, ඒ භාජනවල රැඳෙන වතුර විවිධ මදුරු ගහනයනට තිඹිරි ගෙවල්ද සාදා දෙයි. මේ ජාතික ව්‍යසනයට විසඳුම් නැතැයි නොසිතිය යුතුය. මේවාට පිළියම් හා විධිමත් යෝජනා අනේකය. වරද මේ යෝජනා යාවත්කාලීන නොවීමය.

පළමුවම අප මේ පොලිතින් හා ප්ලාස්‌ටික්‌ සංස්‌කෘතිය වළ පල්ලටම යෑවිය යුතුය. අද පොලිතින් සංස්‌කෘතියෙන් රට බැට කා ඇතත් අපේ වැඩිහිටියෝ පොලිතින් දවටන හඳුනාගෙන නොසිටියහ. ඔවුහු ගමන් බිමන් නොගියහු ද? ඒ ගමන්වලදී අදාළ අඩුම කුඩුම රැගෙන නොගියෝද? මේ දෙකටම පිළිතුර “ගමන් බිමන් ගියෝය”. “අඩුම කුඩුම රැගෙන ගියෝය” යන්නය. එසේ නම් ඒ පිළිතුර තුළ සැඟවුණු අරුතක්‌ ඇත. ඒ පැරණි ගමන් මලු හා දවටන පරිසර හිතකාමී වූ බවය. මේ පරිසර හිතකාමී දේවල් යළිත් සොයා බලා ඒවා යළි ජනගත කිරීමේ භාරදූර කාර්යයට යහපත් පුරවැසියන් ලෙස අපට වගකීමක්‌ තිබේ.

අද මෙන් නිදා ගැනීමට ප්ලාස්‌ටික්‌ පැදුරු භාවිතයක්‌ නොවීය. සිමෙන්ති බිමෙහි හෝ ගොම මැටි ගෑ පොළොවෙහි නිදා ගැනීමට පන්සලට ගෙන ගිය සිල් පැදුරට යොදා ගත්තේ අපූරු පන් පැදුරකි.”පන්නම් කතුර” කියන පරිදි තරගයට වියන ලද අනේක රටා, මෝස්‌තර ඒ පැදුරුවල වියවී තිබිණි. නැන්දම්මා තම පුතුගේ බිරියට ඇති දක්‍ෂතා මැන බැලුවේ දොaලා පැදුරෙනි. රටා වියූ අත් දෙක හේනේ පැලේදී සිහිවන්නේ ඒ තරම් විඥනය පහන් කළ හපන්කමක්‌ පැදුරේ තිබූ බැවිනි. පැරණි සමාජයේ විසූ තරුණියනට “පන් කැපීම” විනෝද ජනක ක්‍රීඩාවක්‌ ද විය. බොළඳ ප්‍රේමයන්ගෙන් උන් සිත් දූෂ්‍ය නොවූයේ එහෙයිනි. “රතු ඉන්දීය නායක “සියෑටෙල්” වරක්‌ කී පරිදිම “සොබා දහමට නොවන අවනත කිසිවෙක්‌ – කිසිවක්‌ – ලොව තුළ නොමැති බව අපේ මුතුන් මිත්තෝ දැන සිටියහ. මේ උදාර ආධ්‍යංශයන්ට වූයේ කුමක්‌ද? මේවාට වින කැටුණේ ඇයි?

අද අලුතින් ඇරඹෙන දේශීය ආහාරපාන අලෙවිසල්වල වීදුරු වෙනුවට පානීය කටයුතු සඳහා සැරසීමක්‌ සහිත අලංකාර පොල්කටුවක්‌ තබා තිබෙනු පෙනේ. එය කෙතරම් පරිසර හිතකාමී කටයුත්තක්‌ දැයි සිතේ. අප නිවෙස්‌වල ද එදිනෙදා පරිභෝජනයේදී යොදා ගන්නේ ප්ලාස්‌ටික්‌ කෝප්ප සහ පිඟන් වීම බොහෝ විට දැකිය හැකි ලක්‍ෂණයක්‌. ඒ කාර්යයට ද අප අපේම දේශීය භාණ්‌ඩයක්‌ යොදා ගැනීමක්‌ ලෙස පොල්කටුවක්‌ යොදා ගැනීම අවභාවිතයක්‌ නොවේ. එහි පවිත්‍රත්වය, දේශීයත්වය, අපේ සිංහල සංස්‌කෘතිය කුළු ගැන්වී තිබේ. එය පරිසරය සංරක්‍ෂණය කරන අගනා යහපත් ජීවන රටාවක්‌ ද උරුම කර දෙයි. ජාතිය යළි සෞඛ්‍ය සම්පන්න කරලීම සඳහා අපට කළ හැකි කුදු මහත් සියලුම කටයුතු අප විසින් කළ යුතුව ඇත. අප තවමත් ප්‍රමාද වැඩි නැත.

අපේ දරුවන්ගේ පාසල් පොත්වල ආරක්‍ෂාව සඳහා පිටකවරයට උඩින් පොලිතින් ආවරණයක්‌ද යොදනු පෙනේ. මේ අනවශ්‍ය යෙදීම් දෙමාපියනට අනවශ්‍ය වියදමකි. දරුවනට අරපිරිමැස්‌ම, සුරක්‍ෂිත බව, පුරුදු කර වීමට ඉදිරියට ගෙනෙන බාධාවකි. ජාතියට මහා ව්‍යසනයක්‌ කැඳවා ගැනීමට අප මහා පරිමාණයෙන් මුදල් වියදම් කරනු නොපෙනේද? අපේ රට පුරා කිසිදු බිම් අඟලක්‌ පොලිතින් නිදහස්‌ බිමක්‌ ලෙස හඳුන්වාදිය හැකිද? හදිසියකට අගලක්‌ කැපුවහොත් පස්‌ සමග තරගයට උඩට එන්නේ කැබලිවලට කැඩුණු පොහොර උර, පොලිතින් උර, ප්ලාස්‌ටික්‌ බෝතල්, වෙනත් ප්ලාස්‌ටික්‌ දවටන ආදියයි. කුඩා දරුවකුට ආසාවට හඳුන්වාදීමට බැරිවීමකින් වත් ගැඩවිල් පණුවකු මතු නොවේ. ඉන්පසු අපි මේ නිසරු පොළොවේ වගා කොට පසට පොහොර ලෙස රසායනික පොහොර යොදමු. “පරිසර විනාශකාරී දාමය” ගෙනෙන හැටි හරි අපූරුයි නේද?”

අද වෙළෙඳසල්වල අලෙවිය සඳහා “ලුණු” තබා ඇත්තේ පොලිතින් උර සහ මලුවලය. පෙරදා මේ සඳහා යොදා ගැනුණේ කොහු ලනුවලින් වියන ලද ගෝණියයි. පාරිභෝගිකයා ලුණුq මිලදී ගෙන ගෙදර ගෙන ගියේ කඩදාසි උරයක හෝ පත්තර ගොටුවකය. ගෙදර ගෘහණිය ඒ ලුනු මැටි මුට්‌ටියක බහා ළිප අයිනකින් තබා ප්‍රයෝජනයට ගත්තාය. මේ සෞඛ්‍යාරක්‍ෂිත, පරිසර සංරක්‍ෂිත ක්‍රමවේදයන් යළි සමාජගත කිරීම කෙසේ නම් වැරදි වැඩක්‌ වේද?

මුහුදුකරයේ මෙන්ම රට ඇතුළේ ද මාළු අලෙවිය සඳහා ජංගම සේවා පවත්වන අයුරු අපි දකිමු. බොහෝ විට පා පැදිවලින් පෙට්‌ටිවලින් මාළු ගෙන ගොස්‌ ගෙයින් ගෙට මාළු අලෙවි කරන අයුරු අපට සුලභ දසුනකි. මෙය ඈත මුතුන් මිත්තන් කලසිටම පැවැති සම්ප්‍රදායක්‌ බඳුය. මෙහිදී මාළු දවටා දීමේ ක්‍රමවේදය වූයේ හබරල කොළය හෝ නෙළුම් කොළයයි. බොහෝ ගෘහනියෝ වෙළෙන්දා විසින් කිරා දෙනු ලබන මාළු ගෙතුළින් ගෙනෙන ඇතිලියකට හෝ මැටි කෝප්පයකට දමා ගනිති. මේ මගින් කුමන පරිසර හානියක්‌ වත් සිදු නොවේ. එහෙත් අද මේ මාළු කිරා දමනු ලබන්නේ සිලි උරයකය, වෙළෙන්දා ලෙහෙසිය බලයි, ගෘහණියද ලෙහෙසිය බලයි. දෙවටෙන්, වැවෙන් කඩා ගන්නා හබරල කොළයට, නෙළුම් කොළයට මිලක්‌ නැත. පරිසර හානියක්‌ ද නැත. පරිසරය අප රකින විට අපි පරිසරයෙන් සුරැකෙමු.

ඔබේ කෑම මේසය මත ඇති කෑම වසා තබන “වට්‌ටිය” දෙස බලන්න. ප්ලාස්‌ටික්‌ වට්‌ටියක්‌ අපේ සිංහල සංස්‌කෘතිය වසාගෙන හිඳින අයුරු· කෑම පමණක්‌ නොවේ. අපේ විවීම් කර්මාන්තය ද වසාගෙන සිටී. පෙරදා මේ වෙනුවට මේසය මත තිබුණේ බට වට්‌ටියකි. නැතහොත් වේවැල් වට්‌ටියකි. ඒත් නැත්නම් පතඟි පොවා, රටා මැවූ පන් වට්‌ටියකි. කෑම සුරක්‍ෂිත වූවා පමණක්‌ නොවේ. අපේ සිංහල සංස්‌කෘතිය ද සුරක්‍ෂිත විය. ගෙදර කුල්ල පමණක්‌ තවම ප්ලාස්‌ටික්‌ වී නැත. පන්සලට මල්නෙළා බුදු පුදට ගෙන යන්නේ ප්ලාස්‌ටික්‌ වට්‌ටයක හෝ සිලි උරයකය. පෙරදා ඒ වෙනුවට හබරල කොළගොටුවක්‌, කෙසෙල් දලු ගොටුවක්‌, බට වට්‌ටියක්‌ හෝ ඉරටු වට්‌ටියකි. ඒ සියල්ලම බුදු පුදෙන් පසු ආපසු ගෙදර ගෙන එන නමුත් සිලි උරය පන්සල් වත්තේම දමා එමු. මේවා අප සිතා මතා සකසා ගත යුතු දේ වේ. මේ බට වට්‌ටි, ඉඳිකොළ, වට්‌ටි, ඉරටු වට්‌ටි, ශිෂ්ටාචාරයට නැවත පණදිය යුතුය. මේ ගැන සිතා බැලීමට හොඳම කාලය අදයි.

අප වී බුසල් දස දහස්‌ ගණන් අසුරා තබන්නේ විශාල උරවලය. පෝදා මේ සඳහා යොදා ගැනුණේ විශාල පන්මළු හෝ හණ කෙඳිවලින් වියන ලද ගෝණිය. ඒ කාලයේ වී වලට ගුල්ලන් ගැසුවේත් නැත. වකුගඩු ආබාධ ඇතියවුන් බිහි වුණෙත් නැත. දැන් දැන් පැරණි වී බිස්‌සට පණදීමට කාලය එළැඹෙයි. විශාල බට පතුරු යොදා වියන ලද වී පෙට්‌ටිවලට කාලය පැමිණ තිබේ. මේවා පමණක්‌ නොවේ.

ගම ගෙදර “තිබූ වී බිස්‌ස”, “කුරහන් බිස්‌ස” යළි ඉදිකළ යුතුය. මේවා මහා පරිමාණ වී ගබා ඉදිකිරීමට වඩා සෞඛ්‍යාරක්‍ෂිතය. ආර්ථිකයට ද හිතකරය. වැසි වතුරෙන් පසු මග රැඳෙන හිස්‌ යෝගට්‌ කෝප්ප, කිරි මුට්‌ටි, බියර් බෙලෙක්‌ක අනේකාකාර කිරි දවටනවලට ද අප හැකි ඉක්‌මනින් නැවතීමේ තිත තැබිය යුතුය. අපේ පෙර විසූ පරම්පරාවල ගැත්තන් විසින් කිරි මිදවීමට යොදා ගත්තේ මැටියෙන් තැනූ “කිරිමුට්‌ටිය” පමණි. ගොක්‌ උරයක දැමූ කිsරි මුට්‌ටියක්‌, කොළපතක දැමූ වැලි හකුරු මුලක්‌ රුහුණේ සංස්‌කෘතිය විය. මේ සංස්‌කෘතිය අප හඳුනාගතහොත් ජාතියේ විනාශය ළඟා කරන යම්යම් බාධක සඳහා වැටකඩොලු බැඳිය හැකිය. ප්ලාස්‌ටික්‌ කිරි භාජන වෙනුවට “මැටියෙන් තනනු ලබන කිරි මුට්‌ටි කෙතරම් සෞඛ්‍යාරක්‍ෂිත ද? පරිසර හිතකාමී ද ? මෙයට ඉතා හොඳ සජීවී උදාහරණයක්‌ අනුරාධපුර පැරණි බස්‌ නැවතුමට ආසන්නයේ කිරි වෙළඳාම් කළ වෙළෙන්දකු වෙතින් දැකිය හැකි විය. ඔහු විසින් යෝගට්‌ කෝප්පයක දැමිය හැකි කිරි ප්‍රමාණයට ප්‍රමාණවත් වන කුඩා හුරුබුහුටි මැටි ඇතිලියක මුදවූ කිරි පුරවා බයිසිකලයක පෙට්‌ටියක බැඳගෙන විත් අලෙවි කරන ලදී. කිරි කෑමට දෙන කිතුල් පැණි හෝ පොල් පැණි වීදුරු බෝතලයක දමා තිබුණු අතර කිරි කෑමට ගන්නා හැන්ද සාදා තිබුණේ ඉරටුව සහිත අමු පොල් කොළයක්‌ හැන්දක හැඩයට සාදා ගැනීමෙනි. කොතරම් ස්‌වභාවිකද? පරිසර හිතකාමීද? සෞඛ්‍යාරක්‍ෂිත ද? පරිභෝජනයෙන් පසු ඉතිරි වන රොඩු බොරඩු පරිසරයට පොහොර කරනු විනා අයහපතක්‌ සිදුවේද? මින් වසර හය හතකට පෙර “බත් දවටන කොළ” වෙනුවට කෙසෙල් කොළ නෙළුම් කොළ ආදියට නව පණ දීමේ ක්‍රමයක්‌ ඇරඹුණත් එය තිඹිරිගෙහිදීම මියෑදී ඇත.

සාමාන්‍ය පුරවැසියන්ට මෙන්ම පාලක පක්‍ෂයටද මේ පරිසර හානිය වැළැක්‌වීමේ වගකීම එකසේ පැවරී තිබේ. අපි කවුරුත් එකාවන්ව මේ පරිසර සංවේදී කාර්යයට යොමු වෙමු. ප්‍රතිකාර නොමැති රෝග හඳුනා නොගත් රෝග ප්‍රතිකාර නොකොටම හඳුනා නොගෙනම අවසාන කරමු. ඒ වෙනුවෙන් අපට බොහෝ දේ කළ යුතුව තිබේ. අපේ පන් කර්මාන්තයට පණදී ඒවා යළි සමාජගත කිරීම වැදගත්ය. “මලු, පැදුරු, වට්‌ටි, පෙට්‌ටි සංස්‌කෘතිය” යළි ප්‍රාණවත් කළ යුතුය. වැටකෙයා, ඉඳිකොළ, ගල්ලැහැ, පොතුකොළ, තුන්හිරියා, වෙල් නියරවල යළිs වැවීමේ ව්‍යාපෘතිවලට ගොවීන්ට මග පෙන්විය යුතුය. ඔවුන්ට ඒවා ස්‌වයංරැකියා මාර්ග ලෙස හඳුන්වාදිය යුතුය. අලංකාර නිමාවෙන් යුත් නිර්මාණ ලක්‌සල හස්‌තකර්මාන්ත දෙපාර්තමේන්තුව වැනි වගකිව යුතු රාජ්‍ය ආයතන මගින් ජනප්‍රිය කළ යුතුය. “මේ ඥනය ඇතියවුන් අදටත් අපේ ගම්වල වෙසෙති. ඔවුන්ගේ ඥනය ඔවුන් සමගම මියෑදීමට ඉඩ නොදීම අපේ වගකීම වේ.

මෙය එළැඹෙන සිංහල අවුරුද්දේ අපගේ හොඳම අධිෂ්ඨානය වූවොත් එය ජාතියේ නව ජීවය යළි උදාවීමකි.

පියවතී විතානගේ
විශ්‍රාමික විදුහල්පතිනි

About ජාතික බෞද්ධ බලවේගය

Ayubowan! The National Buddhist Authority (NBA) a well developed organizations which were officially battle against the Rascals who are in local society and who were engage as an international persons for poverty alleviation as a cover for proselytizing activity. We may put our advanced heritage presser which our ancestor did upon the peoples who dealing with converting our peoples for any other faith and Abuse (Insulting Speech) of our culture and the moral of Buddhist main concepts. We are secretly finding the necessary static data and also exploring entrench area and giving an “ON THE SPOT” action without thinking difficulty or danger that must be rise within sound of whom think that converting to their faith is fundamental right in our “Dhrama Dveepa”. Regarding need ness of the case we will report in writing with dates, place name or persons involved and all cases of abuse or illegal activities in the name of a religion or faith and first and last attempted to convert persons in Sri-Lanka to Buddhist organizations, temple, nearest Police Station, Grama Niladari and other local authority as well as presidency level. National Buddhist Authority eager to call upon all Sinhalese Buddhist organizations(International too) to join hands in a Endeavour to defeat the proselytizing efforts of sponsored evangelical and other NGO organizations and thereby to guard the Sinhalese Buddhist culture and tradition for posterity, Relating to their fantasy book,Fantasy Story David did killed the philistine champion who named as Goliath, then all of us too cannot fail. NOTE: This cite is not aimed at or against Christians Or Muslims or Any Other faith Holders.This site is aimed against Christians,Muslim or who ever seek or want to convert Buddhist to Christianity or Muslim or other goodish doctrine. We Buddhist refer to them as "missionaries." We Buddhist respect Christians or Muslim or other followers who maintain the doctrines of their belief, but we do not accept anyone's "right" to proselytize.

Discussion

No comments yet.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

Balawegaya Flickr Photos

More Photos

Different countries have visited this site

Free counters!
%d bloggers like this: