//
you're reading...
ඇස ගිය තැන්

71 කැරැල්ල හා වසන්තා ද සිල්වා කනකරත්න

71 කැරැල්ල හා වසන්තා ද සිල්වා කනකරත්න
Posted on October 15th, 2015

 (71 කැරැල්ල ආරම්භයේ සිට අවසානය දක්වා පුර්ණ සමාලෝචනයක් කෘතියඇසුරෙනිවෛද් රුවන් එම් ජයතුංග)

අප්‍රේල් මහ නඩුවේ 10 වන සැකකරු වූ වසන්ත කනකරත්න අද ජීවතුන් අතර නැත. අපට ලැබුණු තොරතුරු අනුව 1971 කැරැල්ලෙන් දින කිහිපයකට පසුව ඔහුව අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට පත්වීමෙන් පසුව වසන්ත කනකරත්න රහස් පොලිස් නිලධාරින් සමඟ යාපනය බන්ධනාගාරයටද, හැමන්හිල් බන්ධනාගාරයටද ගොස් තිබේ.

(රහස් පොලිසියේ විශේෂ විමර්‍ෂණ ඒකකයේ නිලධාරියෙකු වූ ජෙගනාදන් මහතා මෙසේ කරුණු දක්වයි : වසන්ත කනකරත්න අත්අඩංගුවට ගැනීමෙන් පසු අප ඔහුගෙන් ප්‍රශ්න කළා. ඔහු අපට යාපනයේ ප්‍රහාරයට ගිය පිරිස ගැන කිව්වා. මේ වන විට යාපනේ පොලිසියට හා බන්ධනාගාරයට පහර දුන් පිරිස රඳවලා හිටියේ හැමන්හිල්  බන්ධනාගාරයේ. ඔවුන් පොලිසියට දී තිබුනේ ව්‍යාජ නම් ගම්. මේ නිසා අපිට ඉදිරි පරීක්ෂණ කටයුතු කර ගෙන යාම අතිශයින්ම දුෂ්කර වුනා. අපි විසදුමක් සොයා ගත්තා.

අපි වසන්ත කනකරත්නට කොස්තාපල් නිල ඇඳුමක් අන්දවලා හැමන්හිල්   ගෙන ගියා. වසන්ත ඇතුළු රහස් පොලිස් නියෝජිතයන් හැමන්හිල්  බන්ධනාගාරයේ තාප්පය උඩ හිටියදී පහල ඩන්ජන් වලින් සැකකරුවන් වරින් වර ගෙන්වමින් ඔවුන්ගේ නම ඇසුවා. සැකකරුවන් කියන්නේ ව්‍යාජ නම්. උදාහරනයක් හැටියට භද්දිය ආවා. කිව්වේ ජයපාල වැනි නමක්. වසන්ත කනගරත්න අපිට කෙඳිරුවා ඔහුගෙ නියම නම එවිට අප ඔහුව උඩට ගෙන්වා ගෙන යළි ප්‍රශ්න කරනවා. එහිදි නියම නම ඔහු පිලිගන්නවා. මේ අයුරින් සියළුම සැකකරුවන්ගේ වත ගොත අපිට ලැබුනා. ඔවුන්ට වසන්තව හඳුනා ගන්න බැරි උනා. වසන්ත පොලිස් නිල ඇඳුම ඇඳ පොලිස් කැප් එක දමා තවත් පොලිස් නිලධාරීන් අතර තමයි සිටියේ. ඒ නිසා ඔහුව දැක්කත් හඳුනා ගන්නට ඉතා අපහසුයි. කිසිම අයෙක් පොලිස් නිල ඇඳුමෙන් සිටි වසන්ත කනකරත්න හඳුනා ගත්තේ නැහැ)

ඔහුට එදිරිව පැවති නඩුවේදී වසන්ත කනකරත්නට අවුරුදු 5ක බරපතල වැඩ ඇතිව ද~ුවම් නියම විය. තම සබඳතා පිළිබඳව 1971 මැයි මාසයේදී වසන්ත කනකරත්න විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දෙන ලද කටඋත්තරයේ මෙසේ සඳහන් වෙයි.

වසන්තා ද සිල්වා කනකරත්න ගේ ප්‍රකාශය

  1. 05. 71 ප. ව. 08. 00යි. අ. ප. දෙ. කාර්යාලය, කොළඹ.

පෙලිස් පරීක්ෂක, පී. බී. ජී. අලුවිහාරේ, නො. 82, මුහුදු වෙරළපාරේ රත්මලානේ සැකකරු වසන්තා ද සිල්වා කනකරත්න, මා ඉදිරිපිටට පමුණුවයි. මා ඔහු ප්‍රශනකොට ඔහුගේ ප්‍රකාශය සටහන් කිරීමට පටන්ගතිමි. මා ජී. එස්. 5830 පියරත්නව ප්‍රකාශනය යතුරුලියනය කරවීමට යෙදවීමි.

නම : වසන්තා ද සිල්වා කනකරත්න

වයස : අවුරුදු 23 යි

රක්ෂව : රක්ෂා විරහිතයි, සිංහල, බෞද්ධ,

පදිංචිය : නො. 82, මුහුදුවෙරළ පාර, රත්මලාන.

පැමිණ ප්‍රකාශ කරයි.

මම ගාල්ලේ උක්කුවත්තගෙවත්ත, මාවැල්ල, ඉමදූවේ උපන්නෙක්මි. මාගේ පියා වන කනකරත්න එඩ්මන්ඩ් ද සිල්වා දැනට ජීවතුන් අතර නැත. ඔහු අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ගොඩනැගිළි ඔවර්සියර් කෙනෙක්ව සිටියේය. මගේ මව වන ෙජ්න් නෝනා අද්දරආරච්චිගේ කොටගොඩ මා සමඟ ජීවත් වන්නීය. ඇය කොම්පඤ්ඤවීදියේ, ලූණු සංයුක්ත මණ්ඩල ප්‍රධාන කාර්යාලය අසල පිහිටා ඇති කොළඹ නගර සභා මාතෘ නිවාසයේ වින්නඹු මාතාවකි. පවුලේ වැඩිමහල් විජිතා ලක්ෂ්මි කනකරත්න අවිවාහකව අප සමඟ ජීවත් වෙයි. ඇය රක්ෂා විරහිතය. පවුලේ දෙවෙනියා සරත් චන්ද්‍රා ද සිල්වා කනකරත්න, ඔහු රක්ෂා විරහිතයි, අවිවාහකයි. ඔහු ජ්‍යෙෂAඨ පාඨශාලා සහතික විභාගය සමත්ව ඇත. ඔහු අප සමඟ ජීවත් වෙයි. පවුලේ තුන්වැන්නා මමයි. පවුලේ 4 වැන්නා ධනග සේ්න  ගුප්ත ද සිල්වා කනකරත්න. ඔහු රක්ෂා විරහිතයි. ඔහු අ.පො.ස. (සා.පෙ.) සමත්ව ඇත. ඔහුද අපි සමඟ වාසය කරයි. පවුලේ පස්වැන්නා ඉන්ද්‍රා පද්මිනී ද සිල්වා කනකරත්න. ඇය දිසානායක නමැත්තකු හා විවාහ වී සිටී. ඔහුගේ සම්පූර්ණ නම මම නොදනිමි. ඔහුගේ පියාගේ නම හේරත් දිසානායක. ඔහු වේරහැර ලංගම අභ්‍යාස විද්‍යාලයේ පුහුණු වෙද්දී අපගේ නිවිසේ මාස හතක් පමණ නැවතී සිටියේය. 1969 අගභාගයේදී ඔවුන් විවාහ විය. විවාහය දෙහිවල රෙජිස්ට්‍රාර් කාර්යාලයේ ලියාපදිංචි කරන ලදි. ඔහු දැනට කිනම් ස්ථානයක සේවය කරන්නේදැයි මම නොදනිමි.

මම කොලොන්නාවේ ටෙරන්ස් සිල්වා පාසලේ දෙවන ප්‍රමාණය දක්වා මූලික අධ්‍යාපනය ලැබුවෙමි. එකල මගේ මව වින්නඹු මාතාවක් සේ කොලොන්නාව නගරසභාවේ සේවය කළාය. ඉන්පසු මම පස්වන ප්‍රමාණය දක්වා මරදාන ඕල්කොට් විද්‍යාලයේ ඉගෙන ගතිමි. ඉන්පසු මම කොටහේනේ ප්‍රින්ස් විද්‍යාලයේ කණිෂAඨය දක්වා ඉගෙන ගතිමි. මම පෙම්බ්‍රෝක් විදුහලේ අවුරුද්දක් පමණ ඉගෙන ගතිමි. මේ වර්ෂ 1960 දීය. ඉන්පසු මා දෙහිවල මධ්‍ය මහා විද්‍යාලයේ ඉගෙන වර්ෂ 1964 ජ්‍යෙෂAඨ පාඨශාලා සහතික පත්‍ර විභාගය සමත් වීමි. මා දෙහිවල මධ්‍ය මහා විද්‍යාලයේ අවුරුදු දෙකක් පමණ ඉගෙනගෙන 1966 දී කොළඹ ඉසිපතන මහා විද්‍යාලයට උසස් පාඨශාලා සහතික පත්‍ර විභාගය සඳහා

ඉගෙන ගැනීමට ඇතුළු වුණෙමි. 1967 මා සත්ව විද්‍යාව, උද්භිද විද්‍යාව, භෞතික විද්‍යාව, සමඟ රසායන විද්‍යාව යන විෂයයන්ට ඉංග්‍රීසි මාධ්‍යයෙන් පෙනී සිටියෙමි. මා සියලූ විෂයයන්ගෙන් අසමත් වුණෙමි.

1968 මම ඉසිපතනයෙන් අස් වුණෙමි. මා පෙම්බ්‍රොක් විදුහලට යන කාලයේදී තවත් ශිෂ්‍යයින් සමඟ සෝවියට් තානාපති කාර්යාලයට, පකිස්තාන් තානාපති කාර්යාලයට, ජර්මන් තානාපති කාර්යාලයට හා ඇමෙරිකානු තානාපති කාර්යාලයට යෑමට පුරුදුව සිටියෙමි. මෙසේ ගියේ ලිපි එකතු කිරීම පිණිසය. සෝවියට් තානාපති කාර්යාලයේ ඇති ලිපි ලේඛන කියවීමෙන් කොමියුනිස්ට් පක්ෂය කෙරෙහි ලැදියාවක් මා තුළ වර්ධනය විය.

මා ඉසිපතන මහා විද්‍යාලයේ ඉගෙන ගනිද්දී නො. 101, රොස්මිඩ් පෙදෙස, කොළඹ 7 දරන ස්ථානයේ ශිෂ්‍යයින්ට රුසියන් භාෂාව ඉගෙන

ගැනීම සඳහා යැයි දැක්වෙන දැන්වීමක් ඩේලි නිව්ස් පත්‍රයෙහි පළවී තිඛෙනු මම දුටිමි. මා මෙම ස්ථානයට ගියවිට, සෙනෙවිරත්න නමැති මහත්මියක් මට ආකෘති පත්‍රයක් පිරවීමට දුන්නාය. ඒ ආකෘති පත්‍රය ලංකා සෝවියට් මිත්‍ර සංගමයේ සාමාජිකයකු වීමටය. ඇතුල්වීමේ ගාස්තුව රු. 2/} ක් හා සම්මාදම් මුදල තුන් මාසයකට රු. 7.50 ක් විය. දීමනා වශයෙන් ශත -/50 ක් ගෙවීමි. සෙනෙවිරත්න මහත්මිය මට එම ආකාති පත්‍රය පුරවා, මිත්‍ර සංගමයේ තවත් සාමාජිකයෙකු ලවා සටහන් කොට ගෙන ඒමට කීවාය. කේ.පී. සිල්වා නමැති නො. 191, කොටාරෝඩ්, ඛෙරැල්ල, zzඇත්තZZ කාර්යාලයේ රැකියාව කරන අයෙකුගේ නම ඇය යෝජනා කළාය. සෙනෙවිරත්න මහත්මියගේ උපදෙස් පරිදි ඇත්ත කාර්යාලයට ගොස් කේ. පී. සිල්වා හමුවීමි. ඔහු මගේ තොරතුරු ප්‍රශ්නකොට ආකෘති පත්‍රය සටහන් කොට දුන්නේය. මම මේ අකෘති පත්‍රය සෙනෙවිරත්න මහත්මියට දුන්නෙමි. මෙම අයදුම් පත දී තෙමසකට පසු කාර්යාලයේ පෙනී සිටින්නට යයි ලිපියකින් දන්වන ලදි. මෙය 1966 පෙබරවාරි පමණය. මා කාර්යාලයට ගිය විට සාමාජික පත සෙනෙවිරත්න මහත්මිය විසින් මට දෙන ලදි.

සාමාජික පත ලැබී දෙසතියකට පසු රුසියන් භාෂාව පිළිබඳ පාඩම් එම

ස්ථානයේදීම පටන් ගන්නා ලදි. සතියකට දින දෙකක් පංති පවත්වන ලදි. පංති පවත්වන ලද්දේ ප්‍රසිද්ධ කොමියුනිස්ට් පාක්ෂිකයෙකු වශයෙන් මා දන්නා ඔරුවල බන්දු නමැත්තෙකි. අපට රුසියන් භාෂාව පිළිබඳ පොත් හා ඉංග්‍රීසි-රුසියානු ශබ්දකෝෂයක් දුන්නේය. මා මේ පංතිවලට අවුරුදු 1 1/2 ක් පමණ සහභාගි වීමි. ඔරුවල බන්දු හැර මෙම පංති රුසියානු ජාතිකයින් වන විනික් මහත්මිය හා බත්රෝජ මහත්මිය යන දෙදෙනා විසින්ද පවත්වන ලදි. එම ස්ථානයේම කොමියුනිස්ට් ධර්මය පිළිබඳව ලියැවුණ බොහෝ පොත් ඇති පුස්තකාලයක් ද තිබිණ. අපට එවැනි පොත් ගෙදර ගෙනයෑමට ඉඩ දුනි. බොහෝ සෝවියට් චිත්‍රපටද පෙන්වන ලදි. සමහරක් චිත්‍රපටවල මාතෘකා නම් zzමවZZ විප්ලවවාදී චිත්‍රපටයක්. zzචාපෙව්ZZ යනුවෙනි. මෙම චිත්‍රපටය ගොවියෝ සෝවියට් හමුදාවට ප්‍රංශ හමුදාව පැරදවීමට සහාය වූ අයුරු පෙන්වයි. zzස්වෝන් ලේක්ZZ මුද්‍රානාට්‍ය චිත්‍රපටයක්. යුධ භටයා විප්ලවකාරී චිත්‍රපටයක්.

මා සෙනෙවිරත්න මහත්මිය දැනගත් පසු ඇයගේ ස්වාමිපුරුෂයා වෛද්‍යවරයකු බව මම දැන ගතිමි. මා රුසියන් පංතිවලට සහභාගිවන කාලයේදී 1967 පෙබරවාරි වලදී පමණ මගේ වැඩිමහල් සොහොයුරාගේ මිත්‍රයෙකු වන, රත්මලානේ, මුහුදු වෙරළ පාරේ ජීවත්වන ප්‍රේමරත්න නානායක්කාර නමැත්තෙකු මා බැලීමට මාගේ නිවසට පැමිණ මා සමඟ දුම්රිය ස්ථානය පැත්තට ගියෙමු. ප්‍රේමරත්න නානායක්කාර මා බොලිවියාවේ ඇති විප්ලවයට බැඳීමට කැමතිදැයි ඇසුවේය. කියුබානු තානාපති කාර්යාලය මගින් මට එසේ කළහැකි බවද ඔහු කීවේය. මා ඔහුට ස්ථීර වචනයක් නොදුන් නමුදු, මම එසේ කිරීමට කැමති බව ඇඟවීමි. ප්‍රේමරත්න නානායක්කාර පොළොන්නරුව විෙජ්පුර මහා විද්‍යාලයේ සේවය කළ ශිෂ්‍ය ගුරුවරයෙකි. විපුලසාර නායක ස්වාමීන් වහන්සේ විසූ රත්මලානේ පරමධම්මචේතිය පිරිවෙනේ පැවැත්වූ රුසියන් භාෂා පංතිවලට ඔහු සහභාගි වූ බව මම දනිමි. ඔහු ගුරු අභ්‍යාස විද්‍යාල විභාගයද සමත්වූ බව මම දනිමි. ප්‍රථම හමුවීමට සුමානයකට පමණ පසු ප්‍රේමරත්න නානායක්කාර මගේ නිවසට පැමිණ පරණ කැස්බෑව පාරේ දෙල්ක`ද වසන ප්‍රේමපාල නමැත්තෙකුගේ නිවසට මා කැටුව ගියේය. ඔහු ජනතා විමුක්ති පෙරමුණේ, පූර්ණකාලීන සේවකයෙකි. ඔහු වැල්ලවත්ත පේෂකර්ම මධ්‍යස්ථනයෙහි සේවය කළ අයෙකි. මම ඔහු වසන නිවස දන්නා අතරම ඔහු හොඳින් හඳුනමි.

ප්‍රේමපාලට මා හඳුන්වා දෙනු ලැබීය. ඔහු ජනතා විමුක්ති පෙරමුණ හා එහි ප්‍රතිපත්ති පිළිබඳ හැඳින්වීමේ කථාවක් කළේය. තවද ප්‍රේමපාල මට බොලිවියානු විප්ලවයට එක්වීමෙන් ප්‍රයෝජනයක් නොමැති බවත්, අපි සියලූ දෙනාම එක්වී ලංකාවේ විප්ලවයක් ඇරඹිය හැකි බවත් කීවේය. ඔහු ලංකාවේ විප්ලවය ලාංකික විප්ලවය නමින් හැඳින්වීය. ඔහු මට මෙම සංවිධානය ගැන වැඩිදුර දැනගැනීමට කැමති නම් මාගේ නිවසේ පංතියක් සංවිධානය කොට ඔහුට දන්වන ලෙස මට කීවේය. ඒ අනුව ප්‍රේමපාල හමු වී දින තුන හතරකට පසු, මාගේ ගෙදර ඕනෑම වෙලාවක පංතියක් පැවැත්විය හැකි බව ප්‍රේමරත්නට දැන්වීමි. පංතිය පැවැත්වීමට

නියම කරගත් දිනයක කෝට්ටේ ක්‍රිස්ටියන් විද්‍යාලයේ ශිෂ්‍යයකු වන මිරිහාන පාරේ විවේකාරාමයට කිට්ටුව වසන ලක්ෂAමන් නමැත්තෙකු, කලූ ලක්ෂ්මන් නමින්ද හඳුන්වනු ලබන, නුගේගොඩ පැඟිරිවත්තේ වසන වික්‍රමරත්න නොහොත් සුසිල්, ලක්ෂ්මන්ගේ නිවසට කිට්ටුව වසන සුනිල්, නුගේගොඩ විද්‍යෝදය විශ්වවිද්‍යාලයෙ පිටුපස පාරක සිටින මහත නිමල් සේ හඳුන්වන නිමල් යන අය කැටුව ප.ව. 3.30 ට පමණ මගේ නිවසට පැමිණියේය. මට සුනිල්ගේ නිවස හැර ඉහත සඳහන් සියලූ දෙනාගේම නිවාස පෙන්විය හැකිය.

ප්‍රෙමරත්න නාානයක්කාර මගේ නිවසට පැමිණියේය. ප්‍රේමපාල zzආර්ථීක අර්බුදයZZ ගැන ප. ව. 4.00 සිට ප.ව. 9.00 දක්වා අපට දේශනයක් පැවැත්වීය. මගේ මව ගෙදර සිටියේ නැත. එහෙත් මගේ සොයුරු සොයුරියන් ගෙදර සිටියෝය. එහෙත් ඔවුන් දේශනයට සහභාගි නොවූවෝය. දේශනය පැවැත්වූයේ මගේ කාමරයේය. පංතියට පැමිණ සිටි අයට කිසිදු සංග්‍රහයක් නොකරන ලදි. දේශනය පවත්වද්දී මගේ කාමරයේ දොර වසා තිබුණේය.

මාගේ ගෙදර පැවැත්වූ පළමුවන පංතියට සුමානයකට පමණ පසු එක් උදයක ප්‍රේමරත්න නානායක්කාර මගේ ගෙදරට පැමිණ ප්‍රේමපාලගේ ගෙදරට මා කැටුව ගියේය. ප්‍රේමපාලගේ නිවසින් මා බොරැල්ල, කාසල් වීදියේ, ඉඩම් සංවර්ධන දෙපාර්තමේන්තු සේවකයින්ගේ වෘත්තීය සමිති ප්‍රධාන කාර්යාලයට කැ`දවාගෙන යනු ලැබිණ. අප මෙම කාර්යාලයට පැමිණෙන විට වෙලාව පෙ. ව. 8.30 ට පමණ විය. මෙම පංතියට පුද්ගලයින් 50 ක් පමණ පැමිණ සිටියහ. පසුව මා රෝහණ විෙජ්වීර සේ දැනගන්නට ලැබුණු පුද්ගලයකු zzවාමාංශික ව්‍යාපාරයZZ ගැන අපට දේශනයක් කළේය. ඔහු ප.ව. 1.00 දක්වා කථා කළේය. සවස් වන විට සියයක් පමණ පිරිසක් එහි වූහ. පාන් හා සීනි සම්බෝල දහවල් ආහාර වශයෙන් අපට දෙන ලදි. මගේ ගෙදර පවත්වන ලද පංතියට පැමිණි සියල්ලෝම මෙම පංතියට පැමිණ ඇති බැව් මම දුටිමි. එදිනම මේ සංගමයේ සභාපති වන දනෝරිස්, මේ සංගමයේ ලේකම් සමරසේන, මේ සංගමයේ භාණ්ඩාගාරික වන ධනපාල පැමිණ සිටි බව මම දුටිමි. මෙම පංතිය සංවිධානය කිරීම සඳහාත් ආහාර දීම සඳහාත් ධනපාල කැපී පෙනෙන වැඩ කොටසක් ඉටු කලේය. මේ දේශනයේ සටහන් සමහර අය ලියනවා මම දිටිමි. එහෙත් මම සටහන් නොලීවෙමි.

zzචේ-ගුවේරාZZ ගේ ඡායාරූපය සහිත. ලිතක් විෙජ්වීර කථාකළ ස්ථානය පිටුපස ලෑලි බිත්තිය මත එල්ලා තිබුණු බව මම දුටිමි. විෙජ්වීරගේ පංතිය අවසන් වූ පසු ප්‍රේමපාල zzනිදහසZZ ගැන අප සියලූ දෙනාට පංතියක් පැවැත්වූයේය. ඔහු ප. ව. 2.00 සිට ප. ව. 6.00 දක්වා දේශනය කළේය.

දේශනයට පසු මම ප්‍රේමපාල හා ප්‍රේමරත්න කැටුව වෘත්තීය සමිති කාර්යාලය වෙතට ගියෙමි. රෝහණ විෙජ්වීරද එහි පැමිණියේය. විෙජ්වීර, ප්‍රේමපාල හා ප්‍රේමරත්න හොඳින් හඳුනන බැව් පෙනී ගියේය. මා zzවසන්තාZZ දැයි විෙජ්වීර මගෙන් ඇසුවේය. මම ඔව් යැයි පිළිතුරු දුනිමි. ජවිපෙට පූර්ණකාලීනව වැඩ කිරීමට මා කැමතිදැයි මගෙන් මගේ නිවසේදී ප්‍රේමපාල ඇසූ බව මට දැන් මතකය. මා එසේ වැඩ කිරීමට කැමති බැව් ඔහුට කීවෙමි. විෙජ්වීර මාගේ නම ඇසූ විට ප්‍රේමපාල මගේ නම පූර්ණකාලීනව වැඩ කිරීමට කැමැත්තෙකු සේ විෙජ්වීරට දී ඇති බැව් මම සිතමි. ධනපාල මෙම පංතියට පැමිණ සිටියවුන්ගේ නම්

හා ලිපිනය ලබා ගත්තේය. මෙම පංතියට ගිය අවුරුද්ද මට නිශ්චිතව මතක නැත. එය 1967 හෝ 1968 විය හැක. තණමල්විල, ජනතා විමුක්ති පෙරමුණ පැවැත්වූ කඳවුරක් ගැන ඇත්ත පත්‍රයෙහි පළවූ ලිපියක් මට මතකය. එයට මමද සහභාගි වුණෙමි. ඒ ගැන මා පසුව විස්තර කරන්නෙමි.

මා ඉඩම් සංවර්ධන දෙපාර්තමේන්තු සේවකයන්ගේ වෘත්තීය සංගමයෙන් බැහැර යාමට ප්‍රථම තමන් සඳහන් කළ දිනයක තිස්සමහාරාම විහාරය ළඟට පැමිණෙන ලෙස ධනපාල මගෙන් ඉල්ලා සිටියේය. මට නිශ්චිතවම දිනය මතක නැත. මට ප. ව. 3.30 වන විට එහි සිටින ලෙස කියන ලදි. ඒ අනුව මම පිටකොටුව බස්නැවතුම්පොලෙන් පෙ. ව. 5.00 ට කතරගමට ඇති ප්‍රථම බස්රථයෙන්ම කතරගම බලා ගියෙමි. බසයේදී මම ඉඩම් සංවර්ධන දෙපාර්තමේන්තුවේ ධනපාල හා zzනේස්ට්ල්ස්ZZ ව්‍යාපාරයේ රියැදුරෙකු සේ සේවයේ නියුක්ත රත්මලාන කනත්ත පාරේ වසන නීලමුනි නමැත්තෙකු බසයේ සිටිනවා දුටිමි. නීලමුනි ඉඩම් සංවර්ධන දෙපාර්තමේන්තුවේ විෙජ්වීර හා ප්‍රේමපාල පැවැත්වූ දේශන වලට පැමිණ සිටිය බැව් මට දැන් මතකයි. ඔහු ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රබල ආධාරකරුවෙකු බව මම දැන සිටියෙමි.

අපි බසයෙදී කථා නොකළෙමු. අපි සියලූදෙන බසයෙන් බැස තිස්සමහාරාම පංසලට ගියෙමු. වේලාව ප. ව. 3.00 ට පමණ විය. අප විහාරයට ලඟා වූ පසු ධනපාල මට හා නීලමුනිට අනික් සාමාජිකයන් එකතු කරගෙන එනතෙක් සිටින්නට යයි කීවේය. ප. ව. 8.00 ට පමණ අප 40 දෙනෙක් පමණ එක්වී තිස්ස- කොළඹ පාර දිගේ කොළඹ පැත්තට පයින් ගියෙමු. අප සැතපුමක් පමණ ගිය පසු අපට ධනපාල විසින් ගෙනෙන ලද, නොහඳුනන පුද්ගලයෙකු විසින් පදවන ලද ටේ්‍රලරයක් සහිත ට්‍රැක්ටරයක් හමුවිය. අප ට්‍රැක්ටරය හමුවූ ස්ථානයට යෑමට පෙර මගේ සහ නීලමුනිගේ සූට්කේස් ගෙන ධනපාල වේලාසනින් ගොස් තිබුණි. 40 දෙනා අතර රෝහණ විෙජ්වීරත් පැමිණ සිටි බව මට කීමට අමතක විය. කලූ ලක්ෂ්මන්, සුනිල්, සුසිල්, ටයර් සංස්ථාවේ විමලගුණේ යන අය පැමිණ සිටියහ.

අප ඇවිදින විට විෙජ්වීරද ධනපාල සමඟ ගොස් ට්‍රැක්ටර් එකේ පැමිණියේය. අප විහාරය ළඟදී හමුවූ විට ධනපාල හා විෙජ්වීර මට සහ නීලමුනිට දිග කලිසම් ඇඳ ඒම ගැන දොස් පැවරීය. ඔවුන්ගේ උපදෙස් පරිදි අපි සරොම් ඇඳ ගතිමු. මට මතක ඇති පමණින් සියලූ දෙනාම සරොම් හා කමිස ඇඳ සිටියහ. අපගේ සූට්කේස් නගරයේම පිහිටා ඇති හාල් මෝලකට ගෙන ගිය බව මම දනිමි. ධනපාල විසින් ගෙනෙනු ලැබූ ට්‍රැක්ටරයද මෙම හාල් මෝලට අයිති එකකි. ධනපාල සහ විෙජ්වීර අපට ට්‍රැක්ටරයේ ටේ්‍රලරයට නගින ලෙස නියෝග කළේය. අපි සියලූ දෙනාම එසේ කළෙමු.

අප කොළඹ පැත්තට එන අතරමගදී පාරේ ඉබ්ඛෙක් දැක එහි සිටි අපගෙන් කෙනෙක් ඌ අතට ගත්තේය. සැතපුමක් පමණ ගිය පසු ටයරයක් පිපුරුවේය. අප සියළු දෙනාම බැස ඉබ්බා එහි දමා ගියෙමු. එවේලේම එම දිසාවටම යන බස්රථයක් පැමිනියෙන් අපි සියලූ දෙන බස් රථයට නැගුනෙමු. ශ. /15 ගණනේ අපි සියලූ දෙනාම ටිකට් පත් ගතිමු. අප සැතපුම් 4 ක් පමණ ගමන් කරන්නට ඇත. මට මතක ඇති පරිදි ධනපාල විසින් බසය නතර කරන ලදි. වෙලාව ප. ව. 9.00 ට පමණ වන්නට ඇත.

අප බැස්ස ස්ථානය කැලෑ පෙදෙසකි. කොළඹ අතට දකුණු පැත්තේ කුඩා පැල්පතක් විය. මා මේ ගෙයි කිසිවකුත් නොදුටිමි. මේ පැල්පත අසල කැලෑවට යන අඩිපාරක් ඇත. මා මීට පෙර සඳහන් කරන ලද වික්‍රමරත්න නොහොත් සුසිල් පෙරමුණෙහි යුක්තව අපි සියලූදෙන මේ අඩිපාර දිගේ ගියෙමු. හාල් ගෝනියක් සුසිල් රැගෙන යනුද මම දුටිමි. කැලෑව අතරින් අප සැතපුමක් පමණ ඉදිරියට ගමන් කළෙමු. අපි මෙම ස්ථානයට ලඟාවීමට පෙර කිරිඳි ගඟින් එතෙර වීමු. අපි මෙම ගඟින් එතෙර වෙද්දී දනහිස දක්වා වතුර තිබිණ. අප ගිය ස්ථානය ප්‍රැන්සිස් නමැත්තෙකුට අයිති බව මම පසුව දැන ගතිමි. ඔහු පැන්ටිස් යයිද හඳුන්වනු ලැබේ. ඔහු අවුරදු 25 ක් පමණැති ගොවියෙකි. මෙම ස්ථානය පරණ හේනක් බවත් කුකුළන් ඇති කරන ගොවිපොලක් බවට හරවාගෙන ඇති බැව් පෙනී ගියේය. එහි කුකුල් කූඩු දෙකක් විය. එහි කුකුළන් 50 දෙනෙකු පමණ සිටියෝය.

කුකුල් කූඩු අසල ඉදිකරන ලද විශාල පැලක් විය. අප පැල තුළට යන විට එහි තවත් පුද්ගලයින් 40 ක් හෝ 50 ක් සිටින බැව් මම දුටිමි. එදින රැය අපට විවේක ගන්නා ලෙස විෙජ්වීර හා සුසිල් කීවා. ඒ වනවිටත් එහි බිම අතුරා තිබූ පොල් අතු මත සියලූදෙනා නිදා සිටියෝය. අපට කිසිම කෑම බීමක් නොදෙන ලදි. පසුදින උදෑසන සුනිල් අප පෙ. ව. 5.00 ට පමණ අවදි කළේය. අපට පොල්කටුවලට වත්කොට නිකම් තේ

දෙන ලදි. අපට 40 දෙනෙකු සමන්විත කණ්ඩායම් වශයෙන් ශාරීරික අභ්‍යාස (නාවික ශාරීරික අභ්‍යාස) දෙන ලදි. දෙන ලද ශාරීරික අභ්‍යාස කර පෙන්වන ලෙස මට කීවේය. මම අභ්‍යාස 5 ක් පමණ කර පෙන්වීමි.

උපාලි නමැත්තකු විසින් ශාරීරික අභ්‍යාස පංති මෙහෙයවන ලදි. එය පෙ. ව. 7.00 වනතුරු පැවැත්වින. මා මේ කඳවුරට යෑමෙන් පසු එහි සිටි 50 දෙනා අතුරින් කඩවත මාබෝලේ සිංහරාජ මාවතේ වසන පියතිලක හඳුනා ගත්තෙමි. මේ ගෙය මට පෙන්විය හැක. ඔහුගේ පියා වරායට ආහාර සපයන කොන්ත්‍රාත්කරුවකු බව මම දැන ගතිමි. ඔහුගේ නියම නම මම නොදනිමි.

කඩවත ගෝනහේනේ ලොකු අතුල හඳුනා ගතිමි. මම ඔහුගේ ගෙය දනිමි. ඔහුගේ නියම නම මම නොදනිමි. මම ඔහුගේ සහෝදරියන් තිදෙනා හඳුනමි. ලොකු අතුල කැකිරාව මෝටර් රිය මංකොල්ල නඩුවට සහභාගි වී බේරුන බවත් මම දනිමි. කුමානායක විෙජ්වීර සමඟ ළඟදී අම්පාරේ සිරකරන ලද නිහාල් නොහොත් නිස්සංක මට හඳුනාගත හැකිය. පොලොන්නරුවේ සුසිල් නමැත්තකු මට හඳුනාගත හැකි සමරතුංග නමැත්තකු, ඔහු කුරුණෑගල අයෙකි. රත්නපුරයේ රංජිත්, අනිත් අයගේ නම් මට මතක නැත. දුටුවොත් ඔවුන්ගෙන් සමහරෙක් හඳුනා ගත හැකිය.

ශාරීරික අභ්‍යාස අවසන් වූ පසු අපට පාන් රාත්තල් කාලක් සමග සීනි හා නිකන් තේද දෙන ලදි. පෙ. ව. 8.00 ට පමණ අපි මඩුව ඇතුළේ වික්‍රමරත්න නොහොත් සුසිල් විසින් පවත්වනු ලැබූ පංතියක් සඳහා රැස් වූයෙමු. ඔහු zzආර්ථීක අර්බුදයZZ ගැන පැය 10 ක් පමණ කථා කළේය. අතරතුරදී අපට වියලි මුවමස්, වට්ටක්කා ආදිය සහිත දවල් ආහාර දෙන ලදි. ආහාර පිසන ලද්දේ මේ පංතියට පැමිණි සමහරුන් විසිනි.

පැන්ටි්ස් පංතියට පැමිණියවුන්ගේ සුභසාධනය සඳහා මුල් තැනක් ගෙන කටයුතු කලේය. ප.ව. 6.30 සිට මධ්‍යම රාත්‍රි 12.00 දක්වා විෙජ්වීර zzමාක්ස්වාදයZZ ගැන කථා කළේය. අපි රාත්‍රියට හොදිත් සමග බත් කා නිදා ගත්තෙමු. පසුදින උදෑසන පෙ. ව. 5.00 ට අවදි වීමු. උපාලි විසින් අප සඳහා ශාරීරික අභ්‍යාස පංති පවත්වන ලදි. උයද කෑමට අපට ලැබුණේ පාන් සහ සීනිය. පෙරදින මෙන් වික්‍රමරත්න නොහොත් සුසිල් විසින් පංතිය පවත්වන ලදි. ඔහු zzනිදහසZz ගැන කථා කළේය. දහවල් ආහාරය සඳහා හොදිත් සමග බත් දෙන ලදි. සවස විෙජ්වීර zzමාක්ස්වාදයZZ ගැන කථා කළේය. අපි රෑ කෑමගෙන මධ්‍යම රාත්‍රි 12.00 ට පමණ නිදා ගත්තෙමු.

තුන්වන දිනයෙහි අපි පෙ. ව. 5.00 ට අවදි වීමු. අප කඹයක ආධාරයෙන් ගස් බඩගෑම හා කඹයක් උඩ තිරස් ආකාරයට දිගාවී ශරීරයේ පිටුපස පොලොව අතට හරවාගෙන කඹයක ආධාරයෙන් ගසින් ගසට මාරුෙවීමේ ශාරීරික අභ්‍යාසයක්ද කළෙමු. කකුල් කතිර හැඩයට දමා කඹය අත්වලින් අල්ලා ගනු ලැබේ. මේ අභ්‍යාසයද උගන්වනු ලැබුයේ උපාලි විසින්ය. අපි උදය කෑම වශයෙන් පාන් සමග සීනි ගත්තෙමු. වික්‍රමරත්න නොහොත් සුසිල් විසින් zzඉන්දියානු ව්‍යාප්තවාදයZZ ගැන පැවැත්වූ පංතියට සහභාගි වීමු. සවස් කාලයේදී විෙජ්වීර zzප්‍රතිසංස්කරණවාදයZZ ගැන කථා කළේය. අප රෑ කෑමට හොදිත් සමග බත් කෑවෙමු.

සතර වන දිනයේදී පෙ. ව. 5.00 ට පමණ අපි අවදි වී ශාරීරික අභ්‍යාස කළෙමු. ගස් බඩගෑම යනාදී අනෙක් ශාරීරික අභ්‍යාසයන්ද කළෙමු. තුවක්කු ගෙනයන සැටිද වෙඩි තැබීමට එල්ලය ගන්නා සැටිද උපාලි අපට ඉගැන්වීය. මෙය කළේ කැපූ කෝටුවල ආධාරයෙනි. මෙදින අපි උදය කෑම නොකෑවෙමු. සුසිල් නොහොත් වික්‍රමරත්න zzවාමාංශික ව්‍යාපාරයZZ ගැන දේශනය කළේය. දවල් කෑමට අපට රොටි දුන්නේය. සවස් කාලයේ විෙජ්වීර zzට්‍රොට්ස්කිවාදයZZ ගැන කථා කළේය. රෑ අපි හොදි සමග බත් කෑවෙමු. මස් නොතිබුණේය. මධ්‍යම රාත්‍රි 12.00 ට පමණ අපි නිදා ගත්තෙමු.

පස්වන දිනද අපි පෙ. ව. 5.00 ට පමණ අවදි වී ගස් බඩගෑම යනාදී ශාරීරික අභ්‍යාස කළෙමු. එහි තිබුණ තුවක්කු දෙකක් ක්‍රියා කරවීමටද අපට ඉඩ දෙන ලදි. උදයට අපි රොටි කෑවෙමු. සුසිල් ප්‍රේමරත්න නොහොත් වික්‍රමරත්න zzලංකාවෙහි විප්ලවයක් සංවිධාන කිරීමේ ක්‍රම සහ මාර්ග ගැන කථා කළේය. මෙම දේශනයේදී සුසිල් එහි තිබූ කලූ ලෑල්ලක ලංකාවේ සිතියමක් ඇඳ එහි කැලෑ හා කඳු දක්වාලීය. ගොරිල්ලා ආක්‍රමණයකට සෑහෙන පමණ කැලෑ හා ලඳු ඇති රුසියාව, චීනය හා වෙනත් විදේශ රටවල මෙන් නොව ලංකාවේ භූගෝලීය පිහිටීම එවැනි ආක්‍රමණයකට යෝග්‍ය නොවන නිසා දින කිහිපයකදී විප්ලවය අවසාන වීමට ලංකාව පුරාම එකවරම විප්ලවය ඇරඹිය යුතු යයි ඔහු ප්‍රකාශ කළේය. අපට දේශන පවත්වන වේලාවේදී  ප්‍රැන්සිස් හා උපාලි දඩයම් කිරීම සඳහා කැලෑවට ගියෝය. අපි දහවල් කෑම සඳහා මස් නොමැතිව හොදි සමග බත් කෑවෙමු. සවස් කාලයේදී විෙජ්වීර zzපොතේගුරුවාදයZZ හා zzභෞතිකවාදයZZ ගැන දේශනා කළේය.

දඩයමට ගිය ප්‍රැන්සිස් හා උපාලි සවස් කාලයේ මැරූ වඳුරන් දෙදෙනෙකු හා හාවන් දෙදෙනකු රැගෙන ආපසු ආවෝය. වඳුරු හා හා මස් උයා රෑ කෑම වශයෙන් බත් සමග කෑවෙමු. අපි මධ්‍යම රාත්‍රි 12.00 ට පමණ නිදා ගත්තෙමු. සයවන දින උදයද අපි ශාරීරික අභ්‍යාස හා වෙනත් අභ්‍යාස කළෙමු. අපි උදය සීනිද සමග පාන් කෑවෙමු. හික්කඩුවේ, බද්දේගම පාරේ සනත් නමැත්තෙකු zzලංකා ජාතික විමුක්ති ව්‍යාපාරයZz ගැන අපට දේශනා කළේය. ඔහුගේ නිවස මට පෙන්වා දිය

හැකිය. කැප්පෙටිපොල, පුරන්අප්පු යනාදීන්ගේ වීර ක්‍රියා ගැන ඔහු එම දේශනයේදී විස්තර කළේය.

අපි දවාලට එළවළු සමග බත් කෑවෙමු. සවස් කාලයේ විෙජ්වීර zzභෞතිකවාදයZZ ගැන දේශනය තවදුරටත් කරගෙන ගියේය. අපි මධ්‍යම රාත්‍රි 12.00 ට පමණ නිදා ගතිමු. සත්වන දින උදය පුරුදු පරිදි අපි ශාරීරික අභ්‍යාස හා අනෙක් අභ්‍යාස කළෙමු. සනත් zzලාංකීය ජනතාව හා එහි සමාජයZZ ගැන දේශනයක් කළේය. එහිදී රදල, ධනවාදී පන්ති

ආදී විවිධ ජනතා පංති ගැන ඔහු විස්තර කළේය. බත් හා එළවළු දවල් ආහාරය සඳහා අපි කෑවෙමු. විෙජ්වීර zzඓතිහාසික භෞතිකවාදයZZ ගැන දේශනය සවස් වරුවේ තවදුරටත් කරගෙන ගියේය. දේශනය ප. ව. 6.00 ට පමණ අවසන් විය.

රාත්‍රියේ අප කඳවුර හැරගොස් තිස්සමහාරාම නගරයට පැමිණියෙමු. අපි

තිස්සමහාරාම පන්සලේ නිදාගෙන හිමිදිරි පාන්දර නැගිට බස්රියෙන් කොළඹට ආපසු පැමිණියෙමු. ධනපාල විසින් භාර ගන්නා ලද මා ඉහත සඳහන් කළ සූට්කේස් අපි ආපසු එනවිට භාර ගතිමු. මෙම කඳවුරේදී අපට තවත් සාමාජිකයින් වැඩි වැඩියෙන් මේ ව්‍යාපාරයට බඳවා ගන්නට යයි උපදෙස් දුන්නේය. සාමාජිකයින් වැඩියෙන් බඳවා ගැනීම සඳහා යෙදූ වචනය zzකොක්ක දානවාZZ යනුයි.

අප කඳවුරේ සිටිද්දී පුද්ගලයින් 4 දෙනෙකකුගෙන් හෝ 5 දෙනෙකුගෙන් යුත් කණ්ඩායම් මුර සේවය සඳහා යොදවනු ලැබීය. පස්වන දින රාත්‍රි කඳවුර මුර සේවය සඳහා යෙදවූ එක් මුරකරුවකු විදුලි පන්දමක් යාබද හේනේ පැල්පත දෙසට දල්වා එම හේනේ ගොවියා පංතිය පවත්වන පැල්පත ලගට පැමිණියේය. ඔහු පැල්පත ලඟට පැමිණි විට විෙජ්වීර දේශනය නැවැත්වූයෙන් ධනපාල තවදුරටත් දේශනය කරගෙන යමින් එහි පැමිණි ගොවියා රැවටීමට කුකුල් පාලනය ගැන කථා කළේය.

ගල්කිස්සෙන් මෙම කඳවුරට පැමිණි නීලමුනි නමැත්තා හයවන දින රාත්‍රියෙහි ගෙදර යායුතු යයි කියා යන්ට ගියේය. මා කොළඹට ආපසු පැමිණි බස්රථය තුළ ධනපාලද, කලූ ලක්ෂ්මන්ද, නුගේගොඩ සුනිල්ද, විමලගුණේද ආපසු එනු මම දිටිමි. මේ කඳවුරට පැමිණි සියලූ දෙනාම සටහන් ලියා ගත්හ. අපට ශාරීරික අභ්‍යාස හා වෙනත් අභ්‍යාස ඉගැන්වූ උපාලි වැල්ලම්පිටියේ, වෙන්නාවත්තේ පදිංචි නාවික නිලධාරියකු බව

කඳවුරේදී මට දැනගන්නට ලැබිණ. දුටුවහොත් ඔහු මට හඳුනාගත හැක. ඔහු අවුරුදු 35 ක් පමණ වයසැති අඩි 5 අඟල් 11 ක් පමණ උසැති, තරබාරු සිරුරකින් යුත් කලූ පැහැති, තරමක් රැළි ගැසුණු හිසකෙසින් යුත් පුද්ගලයෙකි. ඔහුගේ එක කකුලක zzදනහිස් ආරක්ෂණයක්ZZ පැළඳ සිටි බව මට මතකය.

මේ දේශනයන්ට සහභාගි වූ පසු zzලංකා ලයින්ZZ නමින් හැඳින්වුණ මෙම සංවිධානය විසින් ආයුධ සන්නද්ධ විප්ලවයක් කිරීමට සැලසුම් කරන බැව් දැන මම ගතිමි. මෙම කඳවුරට පසු මම වෙන අන්කිසි තැනකට නොගියෙමි. එහෙත් මා කඳවුරේදී ලියාගත් දේශන සටහන් ආපසු බැලීමි. දිනක් වික්‍රමරත්න නොහොත් සුසිල් මගේ නිවසට පැමිණ

රත්මලානේ අමිකෝ කර්මාන්තායතනයේ සේවයේ නියුතු අත්තිඩිය පාරේ ජීවත්වන රෝලන්ඩ් ටුසෙන්ට් නමැත්තෙකුගේ නිවසට මා කැඳවා ගෙන ගියේය. රෝලන්ඩ් නමැත්තා ව්‍යාපාරයේ සාමාජිකයකු යයි වික්‍රමරත්න නොහොත් සුසිල් මා සමඟ පැවසීය. සාමාජිකයින් බඳවා ගැනීම සඳහා සම්බන්ධතාවයෙන් යුතුව වැඩ කරන ලෙස වික්‍රමරත්න නොහොත් සුසිල් අප දෙදෙනාගෙන් ඉල්ලා සිටින ලදි. රෝලන්ඩ් බර්ගර් ජාතිකයකු වූ බැවින් වැඩිපුර සාමාකජියින් බඳවා ගැනීමට ඔහුට නොහැකි විය.

1969 මුල් කාලයේදී පමණ ධනපාල මා රත්මලාන දුම්රිය සේවා වැඩපලේ මර්තේලිස් සමරසිංහ නම් කාර්මික ශිල්පියෙකුට හඳුන්වා දෙනු ලැබීය. මෙම හැඳින්වීම කරනු ලැබුයේ ධනපාල විසින් මර්තේලිස්

සමරසිංහ හමුවන මෙන් මාගෙන් ඉල්ලමින් එවුන ලිපියක මගිනි. මා මරතේලිස් සමරසිංහ හමුවූ අතර යථා කාලයේදී රත්මලානේ අංක 36/17 දරණ පැරණි දුම්රිය සේවක නිවාසයේ නිමල් අල්විස් නමැත්තාට හඳුන්වා දෙනු ලැබීය. මර්තේලිස් සමරසිංහ ආහාර ගනිමින් සිටියේ විමල් අල්විස්ගේ නිවසිනි. මර්තේලිස් සමරසිංහට ඔහු නැවතී සිටි කාමරයේ පංති සංවිධානය කිරීමට හැකි විය. ඔහු නැවතී සිටියෙ රත්මලානේ දුම්රියපල අසලය. මෙම පංතියට මර්තේලිස් සමරසිංහ, නිමල් අල්විස්, නිමල් අල්විස්ගේ නිවස ඉදිරිපිට පදිංචි, රත්මලානේ ලංකා දුම්රිය සේවයේ නියුතු කාර්මිකයෙකු වූ අමරතුංග, දුම්රිය නිවාසයක පදිංචි රැකියාවක් නොමැති කාර්මිකයෙකු වූ චන්ද්‍රදාස නමැත්තෙකුද සහභාගි වූහ.

ඔහු නිමල් අල්විස් දැනසිටි කෙනෙක්ය. නිමල් අල්විස් ද රක්ෂා නොමැති තරුණයෙක් වූ අතර ඔහුගේ පියා රත්මලානේ ල.දු.සේ වැඩපලේ සිටි කාර්මිකයෙකි. මවිසින් දේශන පැවැත්වීම සඳහා කැඳවාගෙන එනු ලැබූ ප්‍රේමපාල විසින් දේශන පවත්වනු ලැබීය. මෙම කණ්ඩායම සඳහා ප්‍රේමපාල විසින් පෙබරවාරි මාසය තුළදී පංති පහක් පවත්වනු ලැබූ බව මම දනිමි. පංති දෙකක් මර්තේලිස් සමරසිංහගේ නේවාසිකාගාරයේ පවත්වනු ලැබූ අතර තවත් පංති දෙකක් අමරසිංහ හා චන්ද්‍රදාස ගේ නේවාසිකාගාරවල පවත්වනු ලැබීය. එක් පංතියක් මගේ නිවසේදී පැවැත්විණ. මේ පුද්ගලයින් නිතර හමුව වැඩ කටයුතු ගැන ඔවුන්ට දැන්වීමට මම පුරුදුව සිටියෙමි.

1969 මැද භාගයේදී පමණ මම සාමාජිකයින්ට දේශනා පැවැත්වීම ආරම්භ කලෙමි. මට මතක ඇති පමණට මම මගේ ප්‍රථම දේශනය මගේ නිවසේදී නීලමුනි, නිමල් අල්විස්, අමරතුංග, චන්ද්‍රදාස සහ තවත් කිහිප දෙනෙකු සඳහා පැවැත්වීමි. එම කාලයේදීම හෝ එම කාලයේදී පමණ රත්මලානේ අංක 36/17 දරන පැරණි දුම්රිය සේවා නිවාසයේදී මම zzආර්ථීක අර්බුදයZZ යන දේශනයක් පැවැත්වූයෙමි. එම දේශනය සඳහා අබේවර්ධන, අමරතුංග, සිල්වා, සිරිපාල, දයානන්ද, ජයන්ත යන රත්මලාන දුම්රිය වැඩපලේ කාර්මික සේවකයෝ පැමිණ සිටියහ. අබයවර්ධන හා අමරතුංග යන දෙදෙනා විසින්ද රත්මලාන දුම්රිය සේවකයින් සමහරෙක් සඳහා ඔවුන්ගේ නේවාසිකාගාරයේ පංති පැවැත්වූ බව මම දනිමි. 1969 මුළු වර්ෂය තුළදීම නොයෙකුත් තරුණයින් සමග සාකච්ඡා කරමින් මගේ ප්‍රචාරක කටයුතු කරගෙන ගියෙමි.

1969 අගභාගයේදී පමණ ප්‍රේමරත්න නානායක්කාර, මීගමුවේ ඉහළ මාදුම්පැල්ලේ දනපාලගේ නිවසට මා කැඳවාගෙන ගියේය. පියතිලක, මහත නිමල්, වික්‍රමරත්න නොහොත් සුසිල්, විෙජ්වීර, ලොකු අතුල, මිල්ටන්, විමලගුණේ. ප්‍රේමපාල, ඔහුගේ සොයුරු සිරිපාල, තැපැල් දෙපාර්තමේන්තුවේ එස්. ඩබ්. මදනායක, කොම්පඤ්ඤ වීදියේ ස.තො.ස. හි සේවකයෙකු වූ ෙජ්මිස් ලොක්කා, පොලොන්නරුවේ සුසිල්, අම්පාරේ නිශAශංක, සෙලින්කෝ මන්දිරයේ අදායම් දෙපාර්තමේන්තුවේ නියුතුව සිට 1970 දී පමණ සේවයෙන් ඉවත්ව ගිය වත්තල අයකු බව පැවසුණ කරුණාරත්න, සිසිල්චන්ද්‍ර, ලේක්හවුස්හි ටී. ඩී. ද සිල්වා දැනට මට අමතක තවත් කිහිප දෙනෙක්ද පැමිණ සිටියහ.

එම සාකච්ඡාවේ මූලිකත්වය දැරුවේ රෝහණ විෙජ්වීර හා පියතිලක විසිනි. එතෙක් අප විසින් කරන ලද වැඩ කටයුතු පිළිබඳ සාකච්ඡාවක් සහ එක් එක් පුද්ගලයාගේ වැරදි පිළිබඳව සාකච්ඡා කෙරුණ zzආත්ම විවේචනයක්ZZ ද එහිදී සිදු විය. මෙම ව්‍යාපාරය සී.අයි.ඒ ව්‍යාපාරයක් බවට එල්ලවූ චෝදනාවට පිළිතුරක් දීම පිළිබඳවද සාකච්ඡා කෙරිණ. අපි සමහරක් එම සාකච්ඡාවේදී සටහන් ලියා ගත්තෙමු. මේ සාකච්ඡාව අවසන් වූ පසු අපි ආපසු නිවෙස් වලට පැමිණියෙමු.

රත්මලානේ, පරමධම්මචේතිය පිරිවෙනේ පූජ්‍ය විපුලසාර හිමියන්ගේ ශිෂ්‍යයෙකු වූ රත්මලානේ මුහුදු වෙරළ පාරේ, තිලකරත්නාරාමයේ පූජ්‍ය ගලේවෙල සුධම්මාලංකාර හිමි මම දනිමි. රත්මලානේ පරමධම්මචේතිය පිරිවෙනේ ගුරුවරයකු වූ සුභසිංහ හඳුනා ගැනීමට ලැබුණේ ඔහුගේ මාර්ගයෙනි. මෙම භික්ෂුවද පැවිදි වීමට මත්තෙන් සුභසිංහ නමින් හැඳින්විණ. 1971 මුල් කාලයේදී පමන මෙම භික්ෂුව සිවුරු හැර සුභසිංහ සමග දෙහිවල ප්‍රදේශයේ මෙම ව්‍යාපාරයේ කටයුතු සඳහා මුලූ

කාලයම යෙදවීය. ඔහු දැනට සිටින්නේ කොහේදැයි මම නොදනිමි. සුභසිංහ මට නිතර මුණ ගැසුණි. පූජ්‍ය ගලේවෙල සුධර්මාලංකාර හිමි සමග ඔහු හමුවීම සඳහා ඔහු සිටි ඔහුගේ නේවාසිකාරයට ගිය අවස්ථාවේදී ප්‍රථම වරට ඔහු මට හමුවිය. සුභසිංහ නැවතී සිටි නිවසේ අයිතිකරු රක්ෂණ සංස්ථාවේ සේවයේ නියුක්ත පෙරේරා නම් මහතෙකි. ඔහුට ශාන්ත තෝමස් විද්‍යාලයේ ශිෂ්‍යයෙකු වූ මහේන්ද්‍ර පුෂ්පකුමාර පෙරේරා නම් පුතෙක් විය. ඔහුද සුභසිංහ විසින් බඳවා ගනු ලැබූ අපේ සංවිධානයේ සාමාජිකයෙක් විය. ඔහු හංවැල්ලේ සහ සීදූවේ අධ්‍යාපනික කඳවුරු වලට සහභාගි වූ බව මම දනිමි. ඔහු සීදූවේ පොලිසිය විසින් අත්අඩංගුවට ගත් අය අතුරෙන් කෙනෙකි.

සුභසිංහගේ උදව්වෙන් කොළඹ මහජන බැංකුවේ සේවකයෙකු වූ ආරියපාල නමැත්තකු සහ දෙහිවල මහජන බැංකුවේ රත්නායක නමැත්තකු බඳවා ගැනීමට මට පුළුවන් විය. අම්බලන්ගොඩ මහජන බැංකුවෙන් රු. 75,000/} ක් පමණ මුදලක් සොරකම් කිරීම සම්බන්ධයෙන් පොලිසිය සොයන පුද්ගලයා මා සඳහන් කළ ආරියපාල බව මම දැන් දනිමි. දෙහිවල ශාඛාවේ සිටි රත්නායක දෙහිවලින් මාරුකර යවා ඇති බවත් මම දනිමි. කොල්ලූපිටිය තැපැල් කන්තෝරු ඉතිරි කිරීමේ බැංකුවේ සේවයේ නියුතු මෙරිල් ජයසිරි, සුභසිංහ සමග ඉතා කිට්ටුවෙන් ව්‍යාපාරය වෙනුවෙන් කටයුතු කළ බවද දනිමි. එක් අවස්ථාවකදී මෙරිල් ජයසිරි රත්මලානේ මෙඩිකල් පාරේ නිවසක නැවතී සිටි අතර, පසුව සුභසිංහ සමග ඛෙල්ලන්විල පන්සල පිටුපස නිවසක නැවතී සිටියා.

මට මෙරිල් ජයසිරි කීප වතාවකදීම මුණගැසී ඇති අතර, මම ඔහු ගැන හොඳින් දනිමි. 1970 අප්‍රියෙල් මාසයේදී පමණ දෙහිවල-ගල්කිස්ස ප්‍රදේශයේ සිතියමක් මට දුන්නේ මෙකී සුභසිංහයි. මෙම සිතියම හා වෙනත් ලියකියවිලි කීපයක්ද සමග ගල්කිස්ස පොලිසිය විසින් මා අත්අඩංගුවට ගනු ලැබීය. රජය අපේ ව්‍යාපාරයට පහර දීමට සූදානම් වන බවත්, අපද පෙරළා රජයට පහර දිය යුතු බවත් විෙජ්වීර, නිමල් සහ ප්‍රේමපාල 1970 මහා මැතිවරණය ආසන්න කාලයේදී පමණ අපට කීවා. යුද්ධායුධ, වෙඩි තැබීමේ ද්‍රව්‍ය, ඩයිනමයිට් කූරු යනාදිය බෝම්බ සෑදීමට අවශ්‍ය ද්‍රව්‍යද එකතු කිරීමටද අපට කියන ලදි. මෙම උපදෙස් පරිදි මා අමතර ඉගැන්වීම් වලින් ලබාගත් මුදල්වලට අමතරව මගේ පාස් පොතින් රු. 200/} ක් ආපසු ගත්තෙමි. එම මුදලද රැගෙන මාතලේට ගොස් රු. 130/} ක් පමණ වැයකොට ජෙලග්නයිට් කූරු 30 ක් සහ පර්කෂන් කැප් 100 ක් පමණද මුස්ලිම් කඩයකින් මිලදී ගත්තෙමි. පතරොම් ඩයිනමයිට් ආදිය විකුනන මෙම සාප්පුව මට පෙන්විය හැක. මේවා විකුණූ තැනැත්තාද මට පෙන්විය හැක. ඔහු මගෙන් මේ සඳහා අවසර පත්‍රයක් ඇත්දැයි විමසුවේ හෝ මෙම මිලදී ගැනීම් වෙනුවෙන් කුවිතාන්සියක් නිකුත් කළේ හෝ නැත. මා මාතලේට ගියේ මගේ සොයුරියගේ ස්වාමිපුරුෂයාගේ නිවස මාතලේ තිබුණ හෙයිනුත් පුපුරන ද්‍රව්‍ය විකුණන සාප්පුවක් එහි ඇති බවත් මා ඔහුගෙන් දැනගත් හෙයිනි. මම මාගේ මස්සිනාගේ මාතලේ ඇති නිවසට නොගියෙමි. මා මිලට ගත් ඩයිනමයිට් සහ පර්කෂන් කැප්ස් මා ඉහත සඳහන් කළ රොනල්ඩ් ටුසෙන්ට් හට දෙන ලදි.

ශාන්ත තෝමස් විද්‍යාලයේ ශිෂ්‍යයෙක් වූ මහේන්ද්‍ර පුෂ්පකුමාර් ගල්කිස්සේ රිඩිෆුෂන් සාප්පුව අසල පිහිටා ඇති වෙනත් සාප්පුවකින් පතරොම් ගණනක් මිලට ගෙන ඇති බැව් මම දැන සිටියෙමි. මේ පතරොම් සපයන මහේන්ද්‍ර පුෂ්පකුමාර්ගේ මිතුරෙක් මෙම සාප්පුවේ සිටියේය. මහේන්ද්‍ර පුෂ්පකුමාර් මේ පතරොම් ලබාගෙන ඒවා සුභසිංහට දුන්නේය. මහා මැතිවරණ කාලයේදී පමණ රොනල්ඩ් ටුසෙන්ට්, ඔහු සේවය කළ අමිකි කර්මාන්තායතනයෙන් ඇසිඩ් බෝතල්ද ගෙනාවා. මා

දන්නා පරිදි එකතු කළ සියලූ දේ තැබුවේ රොනල්ඩ් ටුසෙන්ට් ගේ නිවසේය.

1970 මහා මැතිවරණයට පෙර හා පසු ආණ්ඩුවට පහරදීමට අපගේ සංවිධානයේ සාමාජිකයින් ලෑස්තිව සිටියහ. එක්සත් වාමාංශික පෙරමුණ බොහෝ වැඩිපුර ඡන්ද ගණනකින් බලයට පත්වූ හෙයින් පහර දීමේ අදහස අත්හරින ලදි. අපගේ ව්‍යාපාරය විසින් ඉංගිරියේ පෙදෙසක පවත්වනු ලැබූ අධ්‍යාපන කඳවුරට රොනල්ඩ් ටුසෙන්ට් සහභාගි වූ බැව් මා සමග කීවා මට දැන් මතකය. මැතිවරණය අවසන් වූ වහාම ව්‍යාපාරය විසින් වහාම පහරදීමේ අදහස අත්හැර, සංවිධානය කිරීමේ පරමාර්ථයෙන් සාමාජිකයින්ට දේශන පැවත්වීම ආරම්භ කරන ලදි.

1970 මහා මැතිවරණයේදී මම විවියන් ගුණවර්ධන මහත්මියට වැඩ කළෙමි. ල.ස.ස. පක්ෂයේ ෙජ්මිස් කාරියවසම් නැමැති වෘත්තීය සංගමිකයා සමග ගුණවර්ධන මහත්මිය වෙනුවෙන් මම වැඩ කළෙමි. මහා මැතිවරණයට මාස 3 කට පමණ පෙර ල.ස.ස. පක්ෂයේ හිතවතකු

වන රෙක්ස් ප්‍රනාන්දු නමැත්තෙක්, මුහුදු වෙරළ පාරේ ෙජ්මිස් කාරියවසම්ගේ නිවසට මා කැටුව ගොස් ල.ස.ස.ප. තරුණ නායකයකු සේ මා බඳවා ගන්නා ලදි. මට සාමාජික පතක් දුන්නේ නැත.

1970 මහා මැතිවරණයට පෙර විෙජ්වීර අත්අඩංගුවට ගත් පසු සංවිධානය පාලනය කළ පුද්ගලයෝ නම් එෙ`ඩ්රමුල්ලේ වාසය කළ ලේක්හවුස්හි නියුතු ටී. ඩී. සිල්වා, එෙ`ඩ්රමුල්ලේ මිල්ටන්, මාබෝලේ පියතිලක, ධනපාල, ලොකු අතුල, හික්කඩුවේ සනත් සහ තවත් ටික දෙනෙක්ය. මෙම කාලයේදී අපගේ ව්‍යාපාරයේ zzඌ මහත්තයාZZ සේ හඳුන්වන උයන්ගොඩ නමැත්තකුද මෙම ව්‍යාපාරයේ නායක සාමාජිකයකු සේ මම හඳුනා ගත්තෙමි. ඔහුගේ ගම් පෙදෙස මම නොදනිමි. ඔහු පේරාදෙණිය විශ්වවිද්‍යාලයට ගොස් ඇති බැව් මම දනිමි. ඔහුගේ නැන්දා කලූබෝවිල, හතරවන කැනැල් පාරේ පදිංචිව සිටින බැව් මම දනිමි. ඇය ඔහුගේ නැන්දා කෙනෙක් බව උයන්ගොඩ විසින් මට කියන ලදි. ඔහුගේ නැන්දාට, මගේ මිත්‍රයකු වන අපගේ ව්‍යාපාරයේ සාමාජිකයකුද වන ජයන්තා වීරසිංහ නමැති පුතෙක් සිටියි. ජයන්තා වීරසිංහ ඉසිපතන මහා විද්‍යාලයේ ශිෂ්‍යයෙක්ව සිටියේය. ව්‍යාපාරයේ කටයුතු පාලනය කරමින් කොළඹ දිස්ත්‍රක්කය භාරව උයන්ගොඩ කටයුතු කළ බව මම දනිමි. විෙජ්වීර හා සිරිවර්ධන චෝදනා ලැබූ නඩුව බැලීම සඳහා නුවරඑලියට යනමෙන් අප බොහෝ දෙනෙකුගෙන් උයන්ගොඩ ඉල්ලා තිබිණ.

විෙජ්වීර නිදහස් කළ දින මම නුවරඑළියට ගියෙමි. මම එහි ගියේ ඊට පෙර දින රත්‍රී දුම්රියෙනි. වනාතමුල්ලේ ඔස්මන්, ඔහුගේ මව සීලවතී, ඩී. ඒ. ගුණසේකර, ඩී. ඒ. ගුණසේකරගේ බිරිඳ, මහත නිමල්, ප්‍රේමපාල, භද්දිය හිමි, මදනායක, විද්‍යෝදයේ ශිෂ්‍යයෙකු වූ බමුණුසිංහ, තවත් විද්‍යෝදය ශිෂ්‍යයෙකු වූ ඩැනියෙල්, ධනපාල, කම්කරු දෙපාර්තමේන්තුවේ නියුතු එෙ`ඩ්රමුල්ලේ පදිංචි ජයසේන, පියතිලක, තැපැල් දෙපාර්තමේන්තුවේ මෙරිල් ජයසිරි, දෙහිවල සුභසිංහ, හික්කඩුවේ සනත්, අම්බලන්ගොඩ සිසිල්චන්ද්‍ර, සහ රෝහණ විෙජ්වීරගේ

ආරක්ෂක භටයා මෙන් එහා මෙහා ගිය ලක්ෂ්මන් යන අය මම දුම්රියේදී දුටිමි.

ලක්ෂAමන්, සිසිල්චන්ද්‍රව හොඳින් දැන සිටියේය. මුල් කාලයේදී ලක්ෂAමන් සහ සිසිල්චන්ද්‍ර විෙජ්වීර සමග සෑම රැස්වීමකටම ඔහුගේ ආරක්ෂක භටයින් මෙන් ගියහ. සෑම රැස්වීමකටම පසු මුදල් හා ආභරණ යනාදී දීමනා එකතු කරගෙන යෑමට පුරුදුව සිටියේ ලක්ෂAමන්ය. මම ඔහු හොඳින් දන්නා අතර මට ඔහු සහ මට දැනට අමතක තවත් ටික දෙනෙකු හඳුනා ගත හැක.

පසුදින උදය අපි නුවරඑළියට ළඟාවීමු. නානුඔය දුම්රිය පළේ සිට අපි බස් රථයෙන් ගියෙමු. මට මතක හැටියට උසාවිය ශාලාව තුළ හා අවට පුද්ගලයින් 1000 ක් පමණ සිටියහ. විෙජ්වීරව එදින නිදහස් කරන ලදි. නිදහස් කළ පසු විෙජ්වීර, ලොකු අතුල, ධනපාල සහ මහනුවර කාර්මික විද්‍යාලයේ හෝ පේරාදෙනි විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයෙකු යයි මා සිතන ලයියා නමැත්තකු සමග ගියේය. හොරණ ප්‍රදේශයේ ජවිපෙ ව්‍යාපාර වල නිරතව සිටියේ ඔහුය. මොුහුද තවත් කීප දෙනෙක්ද උසාවිය අසල පාලම ලඟ පිහිටි ලොන්ඩරියට ගියහ.

අපට නානුඔය ුදුම්රිය පොලට යන ලෙස කියන ලදි. විෙජ්වීර සහ අනිකුත් අය ලොන්ඩරියේ එහා මෙහා ගිය ආකාරයෙන් ලොන්ඩරිය භාරව සිටි තැනැත්තා ව්‍යාපාරයේ සාමාජිකයකු බව මම අවබෝධ කර ගතිමි. ප.ව. 1.00 ට පමණ විෙජ්වීර මෝටර් රථයකින් නානුඔය දුම්රිය පලට පැමිණියේය. මා ඉහත සඳහන් කළ අනෙක් අයද තවත් මෝටර්

රථයකින් පැමිණියහ. සිරගෙදර අත්දැකීම් සහ උඩරට ප්‍රශ්නයත් ගැන පැය භාගයක් පමණ විෙජ්වීර අපට කථා කළේය. නානුඔය දුම්රිය ස්ථානයේ සේවයේ නියුතු පෝටර කෙනෙකු ඔහුට මල්මාලයක් දැමුවේය. නානුඔයින් ප. ව. 2.00 ට පිටත්වන දුම්රියට අපි නැග්ගෙමු. කොළම සිට සහ ආපසු නුවරඑළියේ සිට දුම්රියේ ගමන් කළ අප බොහෝ දෙනෙකු ගමන් කළේ ප්‍රවේශපත් නොමැතිවය.

නුවරඑළියට යන ගමනේදී අපේ සාමාජිකයින් කීපදෙනෙකු දුම්රිය ආපනශාලා මැදිරියට ගොස් බලහත්කාරයෙන් ඔරේන්ජ් බාර්ලි සහ වෙනත් ද්‍රව්‍ය ගත් බව දැන් මතකයට නැගේ. මෙම සාමාජිකයෝ එහිදී කලබලයක් ඇති කළහ. පොල්ගහවෙල අසලදී දුම්රිය ආරක්ෂක නිලධාරීන් ප්‍රවේශපත් නොමැතිව ගමන් ගත් අපේ සාමාජිකයෙකු අත්අඩංගුවට ගත්හ. එහෙත් අනිකුත් එහි සිටි සාමාජිකයෝ ඔහු නිදහස් කර ගත්හ. විෙජ්වීර හා අනිකුත් අය මෝටර් රියෙන් කොළඹට පැමිණි බැව් මම දැන ගතිමි.

මම මගේ ප්‍රචාරක කටයුතු ගල්කිස්ස ප්‍රදේශයේ දිගටම කළෙමි. මගේ මතකයට අනුව පෝස්ටර් දැන්වීම් ව්‍යාපාරය අපේ සංවිධානයෙන් පටන් ගත්තේ 1970 මැයි 7 දාය. මගේ විශ්වාසය එය විෙජ්වීර නිදහස් කිරීමට බවය. මා පොලිස් අත්අඩංගුවේ පසුවූ හෙයින් එදින දැන්වීම් ඇලවීමේ ව්‍යාපාරයට මම සම්බන්ධ නොවීමි. මා 70.4.29 වන දින පොලිස් අත්අඩංගුවට ගෙන 70.4.30 වැනි දින නිදහස් කරනු ලැබීය. 70.5.1. වන දින මම ගාල්ලේ මගේ ආච්චිගේ නිවසට ගොස් 70.5.8 වන දින ආපසු පැමිණියෙමි. මා පොලිසියට භාර වූයේ එදිනය. 70.5.9 දින මා රිමාන්ඩ් භාරයට ගෙන 70.5.22 දින නිදහස් කරන ලදි.

zzඌ මහත්මයාZZ සේ හැඳුන්වූ උයන්ගොඩ පැමිණ මා ඉහත සඳහන් කළ දුම්රිය දෙපාර්තමේන්තුවේ අමරතුංග හමුවී 1970 මැයි මස 7 වැනි දිනට ප්‍රථම ලියා ප්‍රදර්ශනය කළ යුතු පෝස්ටර් දැන්වීAමේ අඩංගු විය යුතු කරුණු කියාදී තිබූ බව මම පසුව දැනගතිමි. මේ දැන්වීම් ව්‍යාපාරය පහත සඳහන් ක්‍රමයට කරන ලදි. දැන්වීම් වල අඩංගු විය යුතු දෑ පිළිබඳ ආරම්භක ස්ථානය වූයේ බොරැල්ලේ පෙලෙන්ගස්තුඩුව පාරේ 50/10 යන ස්ථානයයි. ලියුම් මගින් හෝ දිස්ත්‍රක්ක නියෝජිතයින් මගින් මේ දැන්වීම් වල අඩංගු වියයුතු කරුණු දන්වන ලදී.

දැන්වීම් වල අඩංගුවියයුතු කරුණු පිළිබ`ද පනිවිඩය. මා වෙතට ගෙන එන ලද්දේ ධනපාල, උයන්ගොඩ, මෙරිල් ජයසිරි යන අය විසිනි. සමහර අවස්ථාවන්හිදී මේ ලිපි අප හමුවන පොදු ස්ථානයට එවනු ලැබේ. ව්‍යාජ නම් වලින් පෙනී සිටින අපි එම ස්ථානයේදී හමුවී දැන්වීම් වල අඩංගු වියයුතු දෑ හා ඒවා ප්‍රදර්ශනය කළ යුතු දිනයන්ද නියම කර ගත්තෙමු. උදාහරණයක් වශයෙන් මසක දෙවන දින උදෑසනක පෙනීමට එක් වර්ගයක දැන්වීම් ඇලවීමට නියමිතව ඇත්නම් ඊට දින හතරකට පමණ ප්‍රථම එහි අඩංගු වියයුතු කරුණු ලැඛෙන අතර ඒ ප්‍රදේශයේ සාමාජිකයින් එකතුව ඒ දැන්වීම් ලියා ඒ මාසයේ පළමුවන දින මධ්‍යම රාත්‍රී 12.00 ට පසුව දැන්වීම් ඇලවීම කරනු ලැබේ.

ගල්කිස්ස දිස්ත්‍රික්කය වෙනුවෙන් දුම්රිය වැඩපොලෙහි සේවය කරන අමරතුංග, චන්ද්‍රදාස, අභයවර්ධන හා දෙහිවල නගර සභාවේ ජෝන් ද සමග මා මේ දැන්වීම් පිලියෙළ කොට ඇත. රත්මලානේ අංක 36/17 දැන පරණ දුම්රිය නිවාස නේවාසිකාගාරයේ සහ දුම්රිය සේවකයකුගේ පුතෙකු වූ විෙජ්පාල නමැත්තෙකුගේ නිවසේදී ද මේ දැන්වීම් සකස් කරන ලදි. ඔහු දුම්රිය දෙපාර්තමේන්තුවේ නිවසක පදිංචිකරුවෙකි.

මේ දැන්වීම් සඳහා කඩදාසි සාමාන්‍යයෙන් මිලදී ගත්තේ නැගෙනහිර කඩදාසි සංයුක්ත මණ්ඩලයෙනි. සමහර අවස්ථාවලදී සාමන්‍යයෙන් තීන්ත මිලයට ගෙන ඇත. රොනල්ඩ් ටුසෙන්ට් අමිකෝ කර්මාන්තායතනයෙන්ද ගෙනෙන ලදි. සුභසිංහ, කොම්පඤ්ඤවීදියේ යුනයිටඩ් මෝටර්ස් හි සේවය කරන දෙහිවල පදිංචි උපසේන යන අය දැන්වීම් පිළියෙළ කළ බවද මම දනිමි. දෙහිවල ජයවර්ධන පෙදෙසෙහි පදිංචි ටයර් සංස්ථාවේ සේවකයෙක් වූ රොහාන්ගේ නිවසේදීද, දෙහිවල ගල්වල පාරේ පදිංචි දෙහිවල නාගරික සභාවේ ඕවර්සියර් කෙනෙකු වූ සෙනවිරත්නගේ නිවසේදීද, වනාතමුල්ලේ ඔස්මන්ඩ් සිල්වාගේ නිවසේදීද දැන්වීම් සකස් කර ඇත. වනාතමුල්ලේදී දැන්වීම් පිළියෙළ කිරීමට අවශ්‍ය කඩදාසි ලේක්හවුස්හි සේවය කළ ටී. ඩී. ද සිල්වා සැපයූ බව මම දනිමි.

ලංකා ලයින් නමින් හැඳින්වූ අපගේ මේ සංවිධානය 1970 මහා මැතිවරණයට පෙර ආසන්න කාලයකදී ජනතා විමුක්ති පෙරමුණ යන නමින් හැඳින්වීමට පටන් ගති. 1970 අගෝස්තු 27 වන දින ජවිපෙ ප්‍රථම මහජන රැස්වීම පවත්වන ලදි. මමද එයට සහභාගි වුණෙමි. විද්‍යෝදය විශ්වවිද්‍යාලයේදී අපගේ පළමුවැනි දේශනය පැවැත්වූ දින හැර නුවරඑළියේදී ඔහු දුටුවාට පසු විෙජ්වීර දැක ගැනීමට අවස්ථාවක් මට නොවීය. මේ දේශනය පිළිබඳව මට දැන්වූයේ මහත නිමල්ය. මා ඉහත සඳහන් කළ සාමාජිකයන් බොහෝ දෙනෙක් සමග මම මේ දේශනයට සහභාගි වුණෙමි. ව්‍යාපාරය ස.ීඅයි.ඒ. සංවිධානයක් යයි නගා ඇති චෝදනාව සම්බන්ධයෙන් විෙජ්වීර දේශනය කළේය. විද්‍යෝදය විශ්ව විද්‍යාලයේ මහින්ද විෙජ්සේකර මේ සභාවේ මුලසුන දැරීය. මා මහින්ද විෙජ්සේකර දැනගත්තේ මේ රැස්වීමේදීය. බමුණුසිංහ, ශිෂ්‍ය සංගමයේ සභාපති ධුරයට පත්වීමට සිටි සුනිල් නමැත්තාද, පූජ්‍ය භද්දිය හා පූජ්‍ය දේවසිරි මෙම දේශනය සංවිධානය කිරීම සඳහා මූලිකව කටයුතු කළ බව මට මතකය. 70.8.27 වන දින ප්‍රසිද්ධ රැස්වීමට මම සහභාගි වීමි.

1970 නොවැම්බර් දක්වා වනාතමුල්ල, පෙලන්ගස්තුඩුව පාරේ අංක 50/10 ස්ථානයට ව්‍යාපාරයේ නොයෙකුත් කටයුතුවල නිරත වීමට නිතර මම ගියෙමි. මට බොහෝ අවස්ථාවල ඔස්මන් මුණගැසී ඇති අතර ඔහුගේ නිවසේදී සෝමසිරි කුමානායක, මට හොඳින් හඳුනා ගැනීමට හැකි, කොළඹ සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ පොඩි ලකී, සංවිධානයේ අනුරාධපුරයේ කටයුතු භාරව සිටීමට නියමිතව සිටි හිටපු රජයේ සේවකයෙකු වූ ප්‍රේමරත්න, ලොකු අතුල, පියතිලක, හා අනුරධපුරයේ චුක්කි නොහොත් චූල යන අයද මුණ ගැසී ඇත. මා ඔහු කීප වතාවක්ම දැක ඇති අතර මට ඔහු හොඳින් හඳුනාගත හැක. මිල්ටන්, ධනපාල, ටී. ඩී. ද සිල්වා, ඩී. ඒ. ගුණසේකර, මුද්‍රණාලයේ සිද්ධිය පිළිබඳ බොරැල්ල පොලිසියෙන් අත්අඩංගුවට ගත් අයගෙන් කෙනෙකු වූ ගුණරත්න බණ්ඩා හෙවත් පියසිරි ගුණරත්න බණඩාගේ සොහොයුරෙකු වූ නවරත්න බණඩා හා ගුණරත්න බණඩාගෙ මාමා කෙනෙකු වූ ලංගම රියැදුරෙකු වන ප්‍රානන්දු යන අයද මුණ ගැසී ඇත. ඔහු වැල්ලවත්ත පොලිස් ස්ථානයට පහරදීමට සිටි පිරිසේ දෙවැන්නා විය.

අයි. ඩී. එච්. හි පද්මබන්දු නමැත්තෙක්ද, ජයරත්න මල්ශාලාව පිටුපස විෙජ්රත්න ඔහුගේ නිවස මට පෙන්විය හැක. විෙජ්රත්නගේ මිතුරකු වූ

ජයතිලක නමැත්තෙක්ද, කොළඹ විශ්වවද්‍යාලයේ උපාධි අපේක්ෂකයකු වූ වින්සන්ට් නමැත්තෙක්ද, තැපැල් දෙපාර්තමේන්තුවේ මෙරිල් ජයසිරි, මදනායක, තැපැල් දෙපාර්තමේන්තුවේ බී. පී. ජයසේන, වනාතමුල්ලේ පොඩි විෙජ්, මහත නිමල්, කලූ ලක්ෂ්මන්, මීට ටික කලකට ප්‍රථම පිස්තොලයක් සමග බොරැල්ල පොලිසියෙන් අත්අඩංගුවට ගනු ලැබූ ලේක්හවුස් හි සේවය කළ රන්බණ්ඩා, වනාතමුල්ලේ ගුණසිරි නමැත්තෙක්, වනාතමුල්ලේ ආනන්ද අසෝක, නමැත්තෙක්ද ලංකා ඉංජිනේරු සංස්ථාවේ අත්තනායක නමැත්තෙක්ද හා ලොකු අතුලගේ

සහෝදරියන් හතර දෙනෙක්ද වූහ.

මේ අයගෙන් ටී. ඩී. ද සිල්වාගේ දුවකු වූ චන්ද්‍රාගේ නම මම දැන සිටියෙමි. තවත් දුවෙක් වූ ලොකු අතුල සමග මිතුරුව සිටි ධම්මිකා හා තව සුළු පිරිසක් දැන සිටියෙමි. විෙජ්වීර නිදහස් කිරීමෙන් පසුව විධ්‍යෝදය විශ්වවිද්‍යාලයේ පැවැත්වූ ප්‍රථම දේශනයට තැපැල් දෙපාර්තමේන්තුවේ සේවය කළ මයුරා ද සිල්වා පැමිණ සිටි බව මට දැන් මතකය. ජවිපෙ මහනුවරදී පවත්වන ලද රැස්වීමටද ඈ පැමිණ සිටිනවා මම දුටිමි. නැවත දුටුවොත් හඳුනාගත හැකි තරබාරු මහත්මියක් සමග ඈ සිටිනවා මහනුවරදී මම දැක්කෙමි. හයිඩ්පාක්හි ප්‍රසිද්ධ රැස්වීමෙන් පසු ජනතා විමුක්ති පත්‍රය සංවිධානය විසින් පළ කරන ලදි. ගල්කිස්ස, වැල්ලවත්ත, මොරටුව, හා දෙහිවල ජනතා විමුක්ති පත්‍ර නියෝජිතයා වූයේ මමයි. පටන් ගැනීමේදී පිටපත් 700 ක්පමණ මට ලැබුණි. පසුව පිටපත් 1000 ක් ලැබ මම ඒ සියල්ල අලෙවි කළෙමි. මා වෙළ\මෙන් ලැබුණු මුදල් හා දායක මුදල් ඔස්මන්ඩ් ද සිල්වාට භාර දුනිමි. එයට රිසිට් පතක් මා විසින් හෝ ඔස්මන්ඩ් විසින් නොලබන ලදි. කොළඹ බැංකු සේවකයෙක් වූ වෝල්ටර් නමැත්තෙක් මුණගැසෙනවා මට මතකය. ඔහු මට හඳුනාගත හැක. ඔහු ජපානයට ගොස් ඇති බව කියනු ලැබේ. ටේප් රැකෝඩර් ගෙන ගියේත්,රැස්වීම්වල කථා පටිගත කළේත් මේ තැනැත්තා විසිනි.

ප්‍රංශයට ගොස් ඇතැයි කියන විරාජ් නමැත්තාද මට මුණගැසී ඇත. ප්‍රංශයේ ශිෂ්‍ය කලබලවලට තමාද සහභාගි වූ බව ඔහු පොඩි ලකී සමග පවසා ඇත. මම ඔහු එක් වතාවක් පමණක් ඔස්මන්ගේ නිවසේදී දුටුවෙමි. ඉන්පසු නැවත නුදුටුවෙමි. 1970 නොවැම්බර් මස යම් දිනකදී හික්කඩුවේ දුම්රිය ස්ථානයේ සිටින ලෙස ඔස්මන්ඩ් මට කියා නියමිත දිනයක්ද දුනි. මට දිනය මතක නැත. ප. ව. 6.00 ට පමණ එහි සිටින ලෙස මට නියම කර තිබුණි. ප. ව. 4.00 ට කොටුව දුම්රිය ස්ථානයෙන්

පිටත්වන රුහුණු කුමාරි දුම්රියට මම නැගුනෙමි. ඔස්මන්ඩ්, පියතිලක, උයන්ගොඩ හෙවත් ඌ මහත්තයා, සෙනවිරත්න, මහත නිමල්, ධනපාල, අනුරාධපුරයේ ප්‍රේමරත්න නමැත්තෙක්ද, දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ සේවය කළ කරුණාරත්න යන අය මම දුම්රියේදී දුටිමි.

කරුණාරත්න වත්තල හැඳල පාරේ පදිංචිකරුවෙකි. මා ඔහුගේ නිවසට ගොස් ඇත. මට ඒ නිවස පෙන්විය හැක. අපි හික්කඩුව දුම්රිය ස්ථානයට ප. ව. 6.00 පමණ වන විට පැමිණියෙමු. කිසිවකු අප පිළිගැනීමට සිටියේ නැත. කරුණරත්න, එහි කිසිවකු මුණ ගැසීමට පැමිණි බව අපට දැනුණි. කරුණාරත්න මුණ ගැසීමට ඒ තැනැත්තා නොපැමිණ සිටියෙන් ඔහු සමග බසයෙන් බද්දේගම පාරේ යාමට එන මෙන් අපගෙන් ඉල්වන ලදි. ශත -/15 ක ටිකට් පතකට යා හැකි දුර ප්‍රමාණයක් දක්වා ගියෙමු. දකුණු අත පැත්තෙන් තාර දැමූ පාරක් වූ අතර, එහි සැතපුම් කාලක් පමණ ගමන් කිරීමෙන් පසු තිබූ නිවසකට අපි සියලූ දෙන ගියෙමු. මේ නිවස සනත්ට හිමි බව මම දැන් දනිමි. සනත් එහි නොසිටියේය. එහෙත් ඔහුගේ බිරිඳ හා ළමයා සිටියහ.

කරුණාරත්න සනත්ගේ බිරිඳගෙන් ඔහු කොහි සිටින්නේදැයි විමසීය. මිනිත්තු 15 කට පමණ පසු තරුණයෙක් පැමිණ අපි කලින් බැස්ස ස්ථානයේ සිට සැතපුම් දෙකක් පමණ ඈත බද්දේගම පාරේ ස්ථානයකට අපව ගෙන යන ලදි. අපි මේ දුර බස්රියෙන් පැමිණියෙමු. පාරේ කුරුඳු වගාවක් වූ ස්ථානයෙන් වමට හැරී ගමන් කළෙමු. ඒ ස්ථානයේ සිට සැතපුම් දෙකක් පමණ අප ඇවිදින්නට ඇත. කුඹුරු මධ්‍යයේ විශාල පැල්පතක් විය. අපි ඒ පැල්පත තුළට ගියෙමු. විසි දෙනෙකු පමණ එහි විය. විෙජ්වීර, සනත්, මහත ලක්ෂAමන්, වික්‍රමරත්න, හෙවත් සුසිල්, පැන්ටිස් අයියා, අම්බල්ගොඩ නයනානන්ද විෙජ්කුලතිලක, අම්බලන්ගොඩ ප්‍රේමරත්න, ධනපාල පොලොන්නරුවේ සුසිල්, අම්පාරේදී විෙජ්වීර සමග සිර කරනු ලැබූ අයෙකු වන නිහාල් නොහොත් නිශAශංක, සිසිල්චන්ද්‍ර, උයන්ගොඩ හෙවත් සෙනෙවිරත්න, රත්නපුරයේ අසෝකා, බදුල්ලේ රංජිත්, ඇස් රෝහල හංදියේ විෙජ්රත්න, චුක්කි, මිල්ටන්, විද්‍යෝදය විශ්වවිද්‍යාලයේ කොතලාවල, පුත්තලමෙහි ව්‍යාපාරයේ කටයුතු කරන වනසිංහ, සුභසිංහ සහ තව මට දැන් මතක නැති තවත් අය කිහිප දෙනෙක් එහි පැමිණ සිටියහ.

එම රෑ අපි එහි යන විට පරක්කු වී තිබිණි. අපි සියලූ දෙනාම නිවසේ නිදා ගතිමු. අප ගිය ස්ථානය කටුවාවල හෝ ඊට සමාන නමකින් හඳුන්වනු ලැබීය. පසුදින උදය විෙජ්වීර අප සියලූ දෙන ඇමතීය. ප්‍රචාරක කටයුතු වල නොව සංවිධානාත්මක කටයුතු වල නිරත වීමට සූදානම් වන ලෙස ඔහු අපට කීවේය. අප බඳවා ගත් පුද්ගලයින් zzඒZZ සහ zzබීZZ (zzඒZZ කන්ඩායම – zzබීZz කණ්ඩායම) යනුවෙන් කොටස් කරන ලෙස ඔහු අපට කීවේය.

zzඒZZ කණ්ඩායමට ඇතුළත් විය යුත්තේ ඉතා ක්‍රියාකාරී සාමාජිකයන් වන අතර zzබීZZ කණ්ඩායමට ඇතුළත් විය යුත්තේ අඩු ක්‍රියාකාරී සාමාජිකයන් ය. නැවත මේ අය zzපහේ කණ්ඩායම්ZZ වලට ඛෙදන ලෙස කීය. සෑම කණ්ඩයමකටම නායකයෙකු හා ලේකම් කෙනෙකු සිටිය යුතුය. සියලූම ලේකම්වරුන් zzපහේ කණ්ඩායමZZ නම් තවත් කණ්ඩායමක් සෑදීමට නියම විය. කණ්ඩායම් පහේ නායකයන් zzපොලිස් කොමිටිZZ ලෙස හැඳින්වූ තවත් කණ්ඩායමක් සෑදීමට නියම විය. සෑම පොලිස් ප්‍රදේශයකම zzපොලිස් කොමිටිZZ පිහිටවිය යුතුය. පොලිස් කොමිටියේ කාර්යයන් වූයේ පොලිස් ස්ථානයන්ගේ තොරතුරු, ආයුධ සහ වෙඩි ඛෙහෙත් පිළිබඳ තොරතුරු, තුවක්කු අයිතිකරුවන්ගේ නම් සහ ලිපිනයන්. රජයේ උසස් නිලධාරින්ගේ නම් සහ ලිපිනයන්, මෙම ව්‍යාපාරයට විරුද්ධ පුද්ගලයින්ගේ නම් සහ ලිපිනයන් ට්‍රන්ස්ෆෝමරයන් තිඛෙන තැන්, අප ජීවත් වූ ප්‍රදේශයන් පිළිබඳ රජයේ වැදගත් ගොඩනැගිලි දක්වමින් කටු සිතියම් සකස් කිරීම යනාදියයි.

ආයුධ, වෙඩිතැබීමේ ද්‍රව්‍ය,වෙඩි ඛෙහෙත්, ඩයිනමයිට් කූරු, පතරොම්, කටුකම්බි කෑලි, බෝම්බ සෑදීමට අවශ්‍ය ද්‍රව්‍ය යනාදිය විෙජ්වීර අපට එකතු කිරීමට කීවේය. සොරකම් කිරීමෙන් හෝ මුදල් එකතු කොට එම මුදල් ලොකු අතුලට භාරදෙන ලෙසටද අපට උපදෙස් දෙනු ලැබීය. එකතු කිරීමට කිව් තුවක්කු, පතරොම් යනාදිය අපගේ ඒ ඒ ප්‍රදේශයන්හි

තැබීම සඳහාය. දිස්ත්‍රික්ක කොමිටියක් පිහිටුවන ලෙසද විෙජ්වීර අපට උපදෙස් දුන්නේය. පොලිස් කොමිටියක නායකයකු සහ ලේකම්වරයකු සිටිය යුතුය. පොලිස් කොමිටිවල ලේකම්වරුන් විසින් දිස්ත්‍රික්ක කොමිටිය පිහිටුවීමට නියමිතව තිබුණි. දිස්ත්‍රික්ක කොමිටි වර්ග දෙකකට ඛෙදිය යුතු යයි විෙජ්වීර කීවේය. සංවිධාන අංශය හා ප්‍රචාරක අංශය යනුවෙනි. විප්ලවය ආරම්භ කිරීම සඳහා ඉක්මනින් සියලූම ද්‍රව්‍යයන්ද සමග අප සංවිධානය විය යුතු බව අපට විෙජ්වීර කීවේය.

එදිනම සවස අපි සියලූ දෙන පිටත්වීමු. මම මගේ නිවසට පැමිණියෙමි. හික්කඩුවේ පැවැත් වූ උපදේශක පංතියට සහභාගි වීමට පෙර ඔස්මන්ගේ නිවසේදී පොඩි අතුල නමැත්තෙකුද හමුවූ බව මට දැන් මතකය. විප්ලවය සඳහා අවශ්‍ය තුවක්කු හා බෝම්බ භාරව සිටියේ පොඩි අතුල බව මම දනිමි. අට මසකට පමණ පෙර අතුල විසින් අත්බෝම්බයක් සකස් කරන ආකාරය පෙන්වමින් සිටින විට එය අතෙහි පිපිරී ඔහුගේ එක අතක් නැතිවූ බවද මම දනිමි. පිපිරීමෙන් පසු ඔහු ගාලූ රෝහලට ඇතුළු කළ බවද මමදනිමි. පොඩි අතුලගේ අත නැතිවූ පසු තුවක්කු සහ බෝම්බ පිළිබඳ භාරය – zzඋණ්ඩ අංශයZZ- ලොකු අතුලට පවරන ලදි.

වරක් මා ආපසු ගල්කිස්සට පැමිණ විෙජ්වීරගේ උපදෙස් පරිදි, සුබසිංහගේ උපකාර ඇතිව විිවධ කණ්ඩායම් පිහිටවූයෙමි. 1970 දෙසැම්බර් මස යම් කාලයකදී පහත දක්වන ප්‍රදේශවල විවිධ කණ්ඩායම් පිහිටුවන ලදි. මා භාරව සිටියේ වැල්ලවත්ත, දෙහිවල, ගල්කිස්ස හා මොරටුවයි. වැල්ලවත්ත සඳහා එක zzඒZZ කණ්ඩායමක් විය. දෙහිවල රොබට් පාරේ සෝමසිරි මේ කණ්ඩායමේ නායකයා විය. කණ්ඩායමේ සිටි අනෙක් අය නම් කලූබෝවිල, ගෙවල් සීයෙහි පදිංචි ඩග්ලස්, ඩග්ලස්ගේ වැඩිමහල් සොයුරු ලාල් රාජපක්ෂ, කලූබෝවිල ගෙවල් සීයෙහි වීරසිංහ සහ කලූබෝවිල මහා විද්‍යාලයේ මුරකරුවකු වූ සෝමපාල යන අය වූහ. මෙම ප්‍රදේශයේ ධර්මසේකරට තිබූ බලපෑම් හේතු කොටගෙන මෙම ප්‍රදේශයේ සිටි ආධාරකරුවන් අඩු වූ නිසා මෙම ප්‍රදේශයට නිසි zzබීZZ කණ්ඩායමක් නොවීය. මේ ධර්මසේකර ලෙස දැක්වූයේ ජී. අයි. ඩී. ධර්මසේකරයි.

පහත දැක්වෙන්නේ zzඒZZ කණ්ඩායමට ආධාර කරමින් සිටි අඩු ක්‍රියාකාරී සාමාජිකයන්ය. ඔවුන් නම්, ඇඳුම් මසන්නෙකු වූ සුමනරත්න, වැල්ලවත්ත කල්‍යාණි පාරේ විෙජ්, එම ලිපිනය ඇති තැන පදිංචි ඔහුගේ සහෝදර ජුලියන්, වැල්ලවත්ත කල්‍යානි පාරේ ආරි, වැල්ලවත්තේ ශාන්ත ලෝරන්ස් පල්ලිය ඉදිරිපිට ඇති ලොන්ඩරිය අයිතිකරුගේ පුතා

වන වැල්ලවත්තේ අමරේ යන අයය. මේ කණ්ඩායමේ අනිත් අයගේ නම් මම නොදනිමි. එහෙත් ව්‍යාපාරයේ ආරම්භයේ සිටම වැල්ලවත්ත පෙදෙසේ වැඩ කළ පුද්ගලයා මා විසින් zzඒZZ කණ්ඩායමේ සඳහන් කළ වීරසිංහ වන නිසා ඔහු මෙම කණ්ඩායමේ අනෙක් අය දන්නවා ඇත. වීරසිංහ හා රුවන්පතිරණ විෙජ්වීර කණ්ඩායමෙන් කැඩී ගොස් ධර්මසේකරගේ කණ්ඩායම සමග කටයුතු කරමින් සිටි අතර වීරසිංහ නැවතත් විෙජ්වීර කණ්ඩායමට එකතු විය.

දෙහිවල ප්‍රදේශය සඳහා වූ zzඒZZ කණ්ඩායමේ සාමාජිකයින් මෙසේය:- මේ කණ්ඩායමේ නායකයා ඉහත දැක්වූ සුබසිංහ විය. මෙම කණ්ඩායමට අයත් අනෙක් සාමාජිකයින් නම්, දෙහිවල මල්වත්ත පාරේ සරත්, දෙහිවල මල්වත්ත පාරේ නිමල්, දෙහිවල හංදියේ එදිරිසිංහ රෙදි වෙළඳසැලෙහි සේවකයෙක් වූ සෝමසිරි සහ දෙහිවල ගල්වල පාරේ ආරියපාල යන අය වෙති. දෙහිවල ප්‍රදේශයේ zzඒZZ කණ්ඩායම් දෙකක් විය. දෙවන කණ්ඩායමේ නායකයා වූයේ දෙහිවල ගල්කිස්ස නගරසභාවේ ඕවර්සියර්වරයකු වූ සෙනවිරත්නය. මෙම කණ්ඩායමේ අනෙක් අය නම්- දෙහිවල සම්පාය පාරේ ගුණරත්න, ඌෂා කර්මාන්ත

ශාලාවේ සේවකයෙක් වන දෙහිවල රොබට් පාරේ ධර්මසිරි, දෙහිවල ගල්වල පාරේ අතුල, රත්මලානේ තිලකරත්නාරාමයේ පූජ්‍ය සුධම්මාලංකාර හිමි යන අය වූහ. ඔහු සංවිධානයේ කටයුතු වලට පැමිණන විට සිවුරු හැර රංජිත් නමින් හැඳින්විණ. ඔහු දෙහිවල ධර්මරාජ මාවතේ නො. 12 දරන ස්ථානයේ පදිංචි යුනයිටඩ් මෝටර්ස් හි සේවකයකු වන උපසේන නමැත්තකුගේ ගෙදර නැවතී සිටියේය.

තුන්වන කණ්ඩායම ඉහත දැක්වූ උපසේන විසින් මෙහෙයවන ලදි. මේ කණ්ඩායමේ අනිත් අය නම් ටයර් සංස්ථාවේ ලිපිකරුවෙකු සේ සේවය කරන, දෙහිවල ජයවර්ධන පෙදෙසෙහි පදිංචි රොහාන්, රොහාන්ගේ නිවසේ නේවාසිකයෙකු වන තේ ප්‍රචාරක මණ්ඩලයේ සේවය කරන ජයන්ත, උපසේනගේ නිවස පිටුපස ධර්මරාජ මාවතේ පදිංචි නිහාල් හෙට්ටිආරච්චි යන අයයි. ඔහු සහ උපසේන නමැත්තෙකුගේ නිවසෙහි පදිංචිව සිටි කොතලාවල නමැත්තෙකු දැන්වීම් ඇලවීම සම්බන්ධයෙන් වරක් දෙහිවල පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා ලදි. කොතලාවල

දෙහිවල පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ නිහාල් හෙට්ටිආරච්චි සමගය.

zzබීZZ කණ්ඩායමේ අය පහත දැක්වෙන පරිදිය. මෙම කණ්ඩායමේ පහලොස් දෙනෙක් පමණ සිටියහ. ඔවුන් සමහරෙක් ගේ නම් මම දනිමි. සුබසිංහ ඔවුන් සියල්ලන්ගේම නම් දන්නවා ඇති. උපසේන සමග ජීවත් වන උපසේනගේ මස්සිනා කෙනෙකු වූ ජිනදාස නම් බාබර් කෙනෙක් ගල්වල පාරෙහි නිහාල්, දෙහිවල පොලිස් ස්ථානයට යාබදව ඛෙල්ලන්විල පැත්තට පිහිටා ඇති හෝටලයේ මුදල් භාරකරුවෙකු ලෙස සේවයේ නියුතු නෝමන්, නෝමන් හොඳින් හඳුනන දෙහිවලම පදිංචි සුගතදාස යන අයය.

මා ප්‍රධාන සංවිධායක ධුරය දැරූ ගල්කිස්ස පෙදෙසේ zzඒZz කණ්ඩායම් පහක් විය. දුම්රිය නිවාස ඊ 1, zzඒZZ කොටසේ හෝ zzබීZZ කොටසේ පදිංචි ලෙස්ලි පළමුවන කණ්ඩායමේ නායකයා විය. ඔහුගේ පියා රත්මලානේ වැඩපොලෙහි සේවය කරයි. රත්මලානේ පරණ දුම්රිය නිවාස අංක 36/17 නිවස ඉදිරිපස නිවසේ පදිංචි නිමල් අල්විස්, ඔහුගේ පියා රත්මලාන දුම්රිය වැඩපලේ සේවය කරයි. රත්මලානේ දුම්රිය සේවක නිවාසයේ ලෙස්ලිගේ නිවස කිට්ටුව ඇති නිවසෙහි පදිංචි විෙජ්පාල, මෑතදී ඔහු ගල්කිස්ස පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා ලදි. රත්මලාන දුම්රිය සේවක නිවාසයේ ජයසේන, රත්මලාන දුම්රිය සේවක නිවාසයේ ජයවංශ යන අය එයට අයත් වූහ.

දෙවන කණ්ඩායමේ නායකයා වූයේ රත්මලානේ හෙට්ටියවත්තේ අංක 106 හෝ 109 යේ පදිංචි උවනී දසරදන්ය. රත්මලාන සිංගර් සමාගමේ සේවකයෙකු වන සිවනාදන් උවනිගේ සහෝදරයෙකි. රත්මලානේ දෙවට පාරෙහි පදිංචි බොරැල්ලේ රිජ්වේ ආර්යා රෝහලේ ලිපිකරුවෙකු වන සිරිදේව, රත්මලාන සිංගර් කර්මාන්තායතනයේ සේවය කරන මානවඩු – ඔහුගේ ලිපිනය නොදනිමි – ඌෂා කර්මාන්තායතනයේ සේවය කරන ගල්කිස්සේ තෙලවල පදිංචි නෙල්සන් යන අය එයට අයත් වූහ. තුන්වන කණ්ඩායමේ නායකයා වූයේ දෙහිවල ප්‍රතිබිම්බාරාම පන්සල ඉදිරිපිට පදිංචිව සිටි අමරසේනය. ඔහු දැනට පදිංචිව සිටි ස්ථානය මම නොදනිමි.

මෙම කණ්ඩායමේ අනෙක් අය නම් දෙහිවල ගල්කිස්ස නගර සභාවේ සේවකයෙකු වන ජෝන්, ඔහු පදිංචිව සිටින්නේ ගල්කිස්සේ සේල් හවුස්හිය. ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයේ පියන් කෙනෙකු වන ජයතිලක, ශාන්ත තෝමස් විද්‍යාලයේ පියන් කෙනෙක් වන එම භූමියේම වාසය කැරන සුමනසේන, රත්මලානේ විහාර පාරේ පදිංචි රත්මලානේ කුණ්ඩන්මාල්ස් කර්මාන්ත ශාලවේ සේවකයෙක් වන ප්‍රේමසිරි යන අයයි. හතරවන කණ්ඩායමේ නායකයා වූයේ රත්මලාන මුහුදු වෙරළ පාරේ පදිංචි දෙහිවල ගල්කිස්ස නගරසභාවේ සේවකයෙකු වූ සේපාල සිල්වා නමැත්තෙකි. රත්මලාන මුහුදු වෙරළ පාරේ චන්ද්‍රපාල, මොරටුවේ රාවතාවත්තේ ඛෙහෙත් ශාලාවක කම්කරුවෙකු ලෙස සේවය කරන මුහුදු වෙරළ පාරේ පදිංචි නිහාල් නානායක්කාර, අඟ=ලානේ මුහුදු වෙරළ පාරේ පදිංචි අඟ=ලාන සමුපකාර කඩ සමිතියේ බිල් ලිපිකරුවකු ලෙස සේවය කරන පර්සි, එහි අනෙක් අය වූහ.

පස්වැනි කණ්ඩායමේ නායකයා වූයේ රත්මලාන දුම්රිය සේවක නිවාසයේ ධර්මදාසය. මොහු පෝස්ටර් දැන්වීම් ඇලවීම සම්බන්ධයෙන් ගල්කිස්ස පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා ලදි. කණ්ඩායමේ අනෙක් අය නම් රත්මලාන දුම්රිය නිවාසයන්හි නෙල්සන්, නෙල්සන්ගේ වැඩිමහල් සොයුරු කුමාර, රත්මලාන දුම්රිය සේවක නිවාසයන්හි පදිංචි ලංකා ටයිම්ස් සමාගමේ සේවයේ නියුතු ගාමිණී, රත්මලානේ දුම්රිය සේවක නිවාසයන්හි පදිංචි රත්මලාන වීදුරු කර්මාන්ත ශාලාවේ සේවය කරන ටියුඩර් යන අයය. කණ්ඩායම් පහේ සිටින පුද්ගලයන්ට අමතරව පහත දක්වන්නන් ක්‍රියාශීලී සාමාජිකයො වූහ:- රත්මලාන දුම්රිය නිවාසයන්හි සිරිපාල, අමිකෝ කර්මාන්තශාලාවේ රොනල්ඩ් ටුසෙන්ට්, මොහු ගල්කිස්ස පොලිසිය මගින් අත්අඩංගුවට ගන්නා ලදි. රත්මලානේ හෙට්ටියවත්තේ ආනන්ද, මොහුද ගල්කිස්ස පොලිසිය මගින් අත්අඩංගුවට ගන්නා ලදි.

zzබීZZ කණ්ඩායමේ සාමාජිකයන් වූයේ ගල්කිස්ස පන්සල පාරේ ප්‍රේමසිරිගේ සහෝදරයකු වන ගුවන් තොටුපල සේවක නිවාසයන්හි පදිංචි රත්මලානේ අත්තිඩිය පාරේ ආරියදාස – ඔහුගේ පියා රත්මලාන ගුවන් තොටුපලෙහි මුරකරුවෙකි- අත්තිඩිය කවුඩාන පාරේ පිහිටි බයිසිකල් අලත්වැඩියා කිරීමේ සාප්පුව හිමි ඩග්ලස්, රත්මලාන වාරිමාර්ග සේවා නිවාසයන්හි නො. 84 බී හි පදිංචි සුමනසේන, රත්මලාන ජයසුමනාරාමයේ ධර්මසිරි යන අයය. දැනට මට නම් අමතක තවත් අය සිටියහ.

මොරටුව ප්‍රදේශයේ zzඒZZ කණ්ඩායමේ නායකයා වූයේ පානදුර කෙහෙල්වත්තේ ඛෙනඩික්ය. මොහු ගල්කිස්ස පොලසිය විසින් අත්අඩංගුවට ගන්නා ලදි. කලූබෝවිල ඡන්න, ගල්කිස්ස පොලිසිය විසින් මොහු අත්අඩංගුට ගන්නා ලදි. මා දන්නේ මේ නම් දෙක පමණි. අනෙක් අයගේ නම් සුබසිංහ දන්නවා ඇත. මෙම කණ්ඩායම්හි සියලූම සාමාජිකයන් විවිධ වේලාවන්හි විවිධ ස්ථානවලට කැඳවා තවත් සාමාජිකයන් බඳවා ගැනීමටත් ව්‍යාපාර සංවිධාන කාර්යයන්හි ක්‍රියාශීලීව නියැලීමටත් උපදෙස් දෙන ලදි.

zzඒZZ කණ්ඩායමේ සියලූම නායකයන්ගෙන් පොලිස් කොමිටිය සමන්විත විය. වැල්ලවත්ත පොලිස් ප්‍රදේශයෙහි පොලිස් කොමිටියක් නොවීය. දෙහිවල පොලිස් ප්‍රදේශය සඳහා කණ්ඩායම් තුනෙහි නායකයන් ඇතුළත් වූ පොලිස් කොමිටියක් විය. මෙම පොලිස් කොමිටියේ ලේකම් වූයේ සුබසිංහය. ගල්කිස්සේ ලේකම් වූයේ අමරසේනය. මොරටු පොලිස් ප්‍රදේශයේ ලේකම් වූයේ ඛෙනඩික්ය. දිස්ත්‍රික්ක කොමිටිය සමන්විත වූයේ සුබසිංහ, අමරසේන, ඛෙනඩික්, සෝමසිරි සහ මා යන අයගෙනි. මා සහ සුබසිංහ මේ දිස්ත්‍රික්ක කොමිටියේ නායකයෝ වීමු. දිස්ත්‍රික්ක කොමිටියට විධාන ලබාදිය යුතු නායකයා වූයේ උයන්ගොඩය.

ඔහුට පණිවුඩ යැවීමට අවශ්‍ය වූ විටක වනාතමුල්ලේ ඔස්මන්ඩ් ගේ නිවාසයෙහි පණිවුඩයක් තබා යෑම කළ යුතු විය.

යම් උපදේශයක් සඳහා අප සමග පණිවුඩයක් හුවමාරු කරගැනීමට වුවමනා වූ විට අමරතුංග හා චන්ද්‍රදාස නැවතී සිටි දුම්රිය නිවාසවලට යෑමට ඔහු පුරුදුව සිටියේය. ඇතැම් වේලාවලදී ඔහු මගේ නිවසටද ඒමට පුරුදුව සිටියේය. දිස්ත්‍රික් කමිටුව හ පොලිස් කමිටු ආරම්භ කිරීමෙන් පසු උයන්ගොඩ උපසේනගේ නිවසේ සිරිදේවගේ නිවසේ සහ මගේ නිවසේ රැස්වීම් පවත්වා ඔහු ස්වයං විවේචන සාකච්ඡා පැවැත්වීමට පුරුදුව සිටියේය. දිස්ත්‍රික් කමිටුව සංවිධායක කණ්ඩායම (සංවිධාන අංශය) හා ප්‍රචාරක කණ්ඩායම (ප්‍රචාරක අංශය) නමින් කොටස් දෙකකට ඛෙදන ලදි. සංවිධාන අංශය සුබසිංහ සෝමසිරි සහ අමරසේන යන අයගෙන් සෑදුණි. ප්‍රචාරක අංශය ඛෙනඩික් හා මාගෙන් සෑදුණි. සඳහන් කරන ලද සියලූම කණ්ඩායම් සාමාජිකයන්ට ටින්, බෝතල, ඇණ, කටුකම්බි, පැට්‍රොල්, ඩීසල්, බිඳුණු බෝතල් කටු, යකඩ කැබලි යනාදිය එකතු කිරීමට උපදෙස් දෙන ලදි.

මගේ දැනීමේ හැටියට සියලූ සාමාජිකයෝ මේ දේවල් එකතු කළෝය. පොලිස් කමිටුව මේ දේවල් එකතුකොට ආරක්ෂිත ස්ථානයන්හි තැබූහ. එකතු කරන ලද කටුකම්බි රත්මලානේ දුම්රිය නිවාසයන්හි විෙජ්පාලගේ නිවස පිටුපස සඟවා තිබූ බැව් මම දනිමි. එකතු කරන ලද ටින් රත්මලාන ගුවන් තොටුපොල අසල ආනන්දගේ නිවස අසල එළවළු කොටුවේ වළලන ලදි. ඔහුගේ පියා වෙත තිබූ අවසර පත්‍රයකින් රොහාන් පතරොම් මිලදී ගන්නා ලදි. ඔහුගේ පියාට බලපත්‍ර ලත් තුවක්කුවක් තිබුණේය. මගේ මතකයේ හැටියට මෙම බලපත්‍රයෙන් රොහාන් පතරොම් 200 ක් පමණ මිලට ගන්නා ලදි. මේ පතරොම් ජයසුමනාරාම විහාර භූමියේ පූජ්‍ය ධර්මසිරි හිමිගේ කාමරය පිටුපස වළලන ලදි.

බෝම්බ සෑදීමට පුද්ගලයින් කණ්ඩායමක් පුහුණු කරවීමටද උයන්ගොඩ මට කීවේය. මේ අනුව බෝම්බ සෑදීම සඳහා පහත සඳහන් පුද්ගලයන් මම නම් කළෙමි. උපසේන, සේපාල සිල්වා, රොහාන්, සෝමසිරි, විෙජ්පාල, රෝලන්ඩ් ටුසෙන්ට්, සහ නෙල්සන්. මේ ලැයිස්තුව දීමෙන් පසු බොරැල්ල පොලිසිය මා අත්අඩංගුවට ගෙන නිදහස් කළ පසු ක`දානේ කපිල මෝටර්ස් හි සේවය කරන ක`දානේ පදිංචිකරුවකු වන විෙජ්පාල නමැත්තෙකු සේපාල සිල්වා හමුවී ඔහු විද්‍යෝදය විශ්වවිද්‍යාලයට එක්කරගෙන ගොස් බෝම්බ සෑදීම ඉගැන්වූ බැව් මට දැනගන්නට ලැබුණි. සේපාල එතැන් සිට අනෙක් සාමාජිකයන්ගේ උදව් ඇතිව බෝම්බ සාදන ලදි. ඔවුන්ද සේපාලට උදව් දීමෙන් බෝම්බ සෑදීමට පුරුදු විය. මේවා සීමාසහිත මෝල්ඩක්ස් සමාගම විසින් හෙට්ටියවත්තේ සාදන ලද නිවාස වලදී සාදන ලදි. මෙම නිවාස වල එකල කිසිවකු පදිංචිව නොසිටියහ. මේ බෝම්බ සාදන විට මම එහි නොසිටියෙමි. රොහාන්ගේ නිවසේද බෝම්බ සාදන ලදි. සෑදූ සියලූ බෝම්බ 200 ක් පමණ විය. මේ බෝම්බ ටින්වල සාදන ලදි.

උයන්ගොඩ හිස් ටින් ලොරියකින් ගෙනවිත් සුබසිංහට ඛෙදා දෙන ලදි. රිවෝල්වර 4ක් යුද්ධ නිලධාරියාට දෙන ලදි. පොලිස් පෙදෙස් 4 තුළ යුද්ධ නිලධාරීන් 4 දෙනෙක් වූහ. ඔවුන් නම් වැල්ලවත්තට සෝමසිරිත්, දෙහිවලට උපසේනත්, ගල්කිස්සට රොනල්ඩ් ටුසෙන්ට් මොරටුවට චන්න යනුවෙනි. මේ රිවෝල්වර අප ලඟ මාස දෙකක් පමණ තිබුණි. සේපාල මට රු. 150/} කට රිවෝල්වරයක් මිලට ගෙන දුනි. මම මෙයට එකතු වූ අරමුදලෙන් ගෙවූයෙමි. නිහාල් නානායක්කාර මට තවත් රිවෝල්වරයක් මිලට ගෙන දුනි. මෙයටත් මවිසින් මුදල් ගෙවන ලදි. මම රු. 150/} ක් ගෙවූයෙමි. ඔහු මෙය මුහුදු වෙරළ පාරේ පදිංචි ධනපාල

නමැත්තෙකුගෙන් මිලදී ගත් බව පැවසුවේය. රත්මලාන දුම්රිය නිවාසයන්හි පදිංචි ජයසේන නමැත්තෙකු මගින් මම තවත් රිවෝල්වරයක් මිලට ගත්තෙමි. අනික සුබසිංහ මිලට ගෙන තිබුණේය. මම එයට මුදල් නොගෙව්වෙමි. රිවෝල්වර 4ම ධර්මසිරි හිමි ළඟ තබන ලදි. රිවෝල්වර හතරෙන් තුනක් .32 වන අතර අනෙක .38 බව මට දැන් මතකය.

අප රිවෝල්වර මිලදී ගන්නා විට පතරොම් නොතිබුණි. 1971 අප්‍රියෙල් මස 2 වන දින හෝ ඊට කිට්ටු දිනයක සුබසිංහ මාතර ගොස් .32 පතරොම් රවුම් 72 ක් මිලදී ගෙනාවේය. .38 පතරොම් රවුම් 5ක්ද විය. 1970 නොවැම්බර් හෝ දෙසැම්බර් පමණේදී තිලකරත්නාරාමයේ සුධම්මාලංකාර හිමියන් ප. ව. 6.00 ට පමණ මුණගැසෙන මෙන් දන්වා ඇබිත්තයකු අත මට පණිවිඩයක් එවන ලදි. මා පන්සලට ගියවිට කොට

කලිසමකින් හා කමිසයකින් සැරසුණු තවත් පුද්ගලයකු සුධම්මාලංකාර හිමියන් සමග විය. මා එහි යන විට ඔහු මේ තැනැත්තා සමග කථා කරමින් සිටියේය. මේ පුද්ගලයා සුධම්මාලංකාර හිමියන් විසින් මට හඳුන්වා දෙනු ලැබුයේ ගල්කිස්ස පොලිසියේ සේවයේ නියුතු කොස්තාපල් කෙනෙකු වශයෙනි ඔහුගේ නම දිසානායක යයි කීවේය. මේ කොස්තාපල්වරයා ජනතා විමුක්ති පෙරමුණට බැඳීමට කැමති බැව් ස්වාමීන් වහන්සේ පැවසුවේය. ඉන්පසු මා ඔහු සමග කතාවට වැටුණ නමුත් පළමුවෙන් ඔහු සැක කළ බැවින් ව්‍යාපාරය ගැන වැඩි යමක් මවිසින් හෙළි නොකරන ලදි.

ඔහු ටිඛෙට් විප්ලවය ගැන සාකච්ඡා කරමින් චීන විමුක්ති හමුදා ටිඛෙට් දේශයට ගොස් දලයි ලාමාගෙන් රට අල්ලා ගත් සැටිත්, දලයි ලාමා ඉන්දියාවට පැන ගිය සැටිත් සාකච්ඡා කළේය. ඔහු විප්ලවකාරී කොමියුනිස්ට් සංගමයේ විද්‍යෝදය කණ්ඩායමේ කාරක සභිකයකු බැව්ද පැවසුවේය. ජවිපෙ සත්‍ය විප්ලවකාරී පක්ෂයක් බව සොයා දැනගත් බවත්, එම අදහස් වලට ඔහු එකඟ බවත් ජවිපෙට බැඳීමට අවශ්‍ය බවත් පැවසුවේය. මා වැඩිය කථා නොකොට, එහෙත් ඔහුට සවන් දී පසුව මම ඔහු හමුවන බව කීවෙමි. ඔහු පා පැදියකින් පැමිණ සිටියේය. පැය

භාගයකින් පමණ පසු ඔහු යන්ට ගියේය.

පළමු හමුවීමට සතියකට පමණ පසු ස්වාමීන් වහන්සේ විසින් දෙන ලද පණිවිඩයක් උඩ මෙම පන්සලේදී නැවතත් මම පී. සී. දිසනායක හමුවීමි. මේ වතාවේදී ඔහු අවිශ්වාස නොකරන ලෙසටත්, ඔහුගේ නිර්මලතාවය පරීක්ෂා කිරීමට අවශ්‍ය නම් ජවිපෙ සාමාජිකයෙකු වන ක`දානේ කපිල මෝටර්ස්හි ඔහුගේ මිත්‍රයකු වන ඇලඩින් නමැත්තෙකුගෙන් විමසා බලන මෙන් ඔහු මගෙන් ඉල්ලා සිටියේය. ඔහු මෙසේ පැවසූ පසු ස්වාමීන් වහන්සේ ඉදිරිපිටදී ජ.වි. පෙරමුණේ දේශන පහම අලලා මම ඔහුට පැය දෙකක් පමණ දේශනා කළෙමි. මගේ දේශනයෙන් ඉතා සතුටට පත්වූ කොස්තාපල්වරයා ඔහුගේ සම්පූර්ණ සහයෝගය මේ ව්‍යාපාරයට දෙන බැව් පැවසුවේය.

ඇලඩින් විෙජ්වීර සමග ජවිපෙ මොරටුවේ පැවැත්වූ රැස්වීමට පැමිණි අවස්ථාවේ ඔහුට ඇලඩින් හමුවූ බැව්ද කොස්තාපල්වරයා කීවේය. ඔහු වෙඩි තැබීමේ ද්‍රව්‍ය ටිකක් රැස්කර ඇති බවත් ඒවා මට දෙන බවත් පැවසුවේය. බොරැල්ල පොලිසිය මගින් වනාතමුල්ලේදී මා අත්අඩංගුවට ගත් දිනයේදී පී. සී. දිසානායක .303 රයිෆල් පතරොම් රවුම් 10 ක් දුන් බැව් මගේ සොයුරු සරත් මට කීවේය. මගේ සොයුරු සරත් හා නිහාල් නානායක්කාර පී. සී. දිසානායක හමුවීමට පොලිස් ස්ථාන භූමිය අසලට ගියවිට මේ පතරොම් රවුම් 10ක් දුන් බැව් මගේ සහෝදරයා කීවේය. මගේ සහෝදරයා මා බැලීමට සන්ධ්‍යාවේ පැමිණි විට ඔහුවද අත්අඩංගුවට ගෙන මා සමග රිමාන්ඩ් කරන ලදි. මේ රිම්ාන්ඩ් සිර ගෙදරදී මගේ සහෝදරයා හා කථා කළ විට ඔහුට එම පතරොම් 10 පී. සී, දිසානායක දුන් බැව් මා සමග කීවේය. මට පී. සී. දසනායක තිලකරත්නාරාමය පන්සලේදී හමු වූවාට පසු හමුවී නැත. පී. සී. දිසානායක ගල්කිස්ස පොලිස් ස්ථානයේ සිතියමක් දුන් බැව් මට දැන් මතකය. මෙය සිතියමක් නොව කටු සිතියමකි. ඇත්තවශයෙන්ම මෙම කටු සිතියම සුධම්මාලංකාර හිමියන් විසින් සපයන ලද කඩදාසි කෑල්ලක පන්සලේදී මා ඉදිරිපිටදීම අඳින ලදි. මා මේ කොස්තාපල්ගේ රෙජිමේන්තු අංකය නොදනිතත්, ඔහු හඳුනාගත හැක.

1970 ඔක්තෝබරයේදී පමණ රත්මලාන වැඩපලේ සේවය කරන, කහතුඩුවේ ලයනල් ගල්කන්ද නමැත්තෙකු ඔහුගේ නෑයෙක් වූ ගල්කිස්ස පොලිසියේ කොස්තාපල් කෙනෙකු වන ජයවර්ධන නමැත්තෙකු ජවිපෙට බැඳීමට උනන්දුවක් දක්වන බැව් කීවේය. මට අවසාන වරට කොස්තාපල් දසනායක හමුවූ වේලේ ගල්කිස්ස පොලිසියේ කොස්තාපල් කෙනෙක් වන ජයවර්ධන නමැත්තෙක් මෙම ව්‍යාපාරයට බැඳීමට කැමැත්තෙන් සිටින බව කීවා මට දැන් මතකය. මාස තුනකට පමණ ඉහතදී නිහාල් නානායක්කාර චූලපද්ම හා මගේ සහෝදරයා වන සරත් පෝස්ටර් ඇලවීම උඩ අත්අඩංගුවට ගත් අවස්ථාවේදී මා ගල්කිස්ස පෙලිසියට ගිය වේලේ පොලිස් කොස්තාපල් කෙනෙකු විසින් මාවත් ප්‍රශ්න කර මගේ ප්‍රකාශයක්ද සටහන් කරගන්නා ලදි. මා ගල්කිස්ස පොලිස් ස්ථානයේ සිටියදී මට කොස්තාපල් ජයවර්ධන හා කථා කිරීමේ අවස්ථාවක් ලැබුණි. මට වැසිකිලියට යෑමට අවශ්‍ය වී එහි කැඳවාගෙන ගියේ ඔහුය. මා එක්කරගෙන යන විට ඔහු පී. සී, දසනායක විසින් පවසන ලද පී. සී, ජයවර්ධන බැව් කීවේය.

මා බැරැක්කයට ගොස් පී. සී, ජයවර්ධනගේ ඇඳ උඩ වාඩි වුණෙමි. මේ උදයේදීය, එදිනම සැන්දෑවේදී මට පොලිස් ස්ථානයට පැමිණෙන ලෙස නියෝග කොට තිබූ බැවින් පස්වරු 5.00 ට පමණ මම පොලිස් ස්ථානයට ගියෙමි. මා අනෙක් තිදෙනා සමග සිර කරන ලදි. ප. ව. 8.00 ට පමණ පී. සී, දිසානායක විත් අපට කථා කොට මාරි විස්කෝතු, මුරුක්කු සහ තේ දුන්නේය. අප අත්අඩංගුවට ගැනීමට හේතුව විමසන ලදුව, එය මම කීවෙමි. ඉන්පසු ඔහු යන්ට ගියේය. ප ව. 9.30 ට පමණ අපව නිදහස් කරන ලදි. පී. සී. දසනායක අප හමුවී අප සමග කථා කොට පාර තෙක් පැමිණ අප යනතෙක් සිටියේය. පී. සී. දිසානායක විසින් දුන් පතරොම් රවුම් 10 ක් චන්ද්‍රදාස හා අමරතුංග සිටින නේවාසිකාගාරයේ තිබී ගල්කිස්ස පොලිසිය විසින් සොයාගත් බැව් මම දැන් දනිමි. මේ සම්බන්ධයෙන් පොලිසිය විසින් චන්ද්‍රදාස අත්අඩංගුවට ගන්නා ලදි. පී. සී. දිසානායක විසින් ක`දාන කපිල මෝටර්ස්හි ඇලඩින්ගේ නම සඳහන් කළවිට, මම ඒ බව ඔස්මන් මගින් පරීක්ෂා කර බලා ඇලඩින් සංවිධානයේ සාමාජිකයෙකු බැව් දැනුම් දුනිමි.

මා ප්‍රචාරක සේවයේ යෙදුණු මුල් අවධියේදී විද්‍යෝදය  විශ්වවිද්‍යාලයේ සාමජිකයින් අතර හෝ චි මින් නමින් හැඳින්වෙන කොතලාවල හා පැපිලියානේ කෙනත් මල්දෙනියත් මේ ව්‍යාපාරයේ සාමාජිකයන් වශයෙන් හමුවීමට මට අවස්ථාව ලැබුණි. කොතලාවල, පොඩි කොතලාවල නමින්ද හැඳින්විණ. මා කොතලාවල ප්‍රේමපාලගේ නිවසේදීද, ඩී. ඒ. ගුණසේකරගේ නිවසේදීද, ඉඩම් සංවර්ධන දෙපාර්තමේන්තුවේදීද දැක තිබේ. මා කෙනත් මල්දෙනිය ප්‍රේමපාලගේ නිවසේදීද, වනාතමුල්ලේ ඔස්මන්ගේ නිවසේදීද, ඉඩම් සංවර්ධන දෙපාර්තමේන්තුවේදීද දැක තිබේ. දුටුවහොත් දෙදෙනාම මට හඳුනාගත හැක.

මෝටර් සයිකලයක් සතු වරාය කොමිෂන් සභාවේ දෙල්ගොඩ රාජා මට

හමුවූ බව දැන් මතකය. ඔහු ඔස්මන්ගේ නිවසේදී හා ජවිපෙ ප්‍රසිද්ධ රැස්වීම්වලදී මා දැක තිබේ. ඔහු රෝහණ විෙජ්වීර ලඟින් ඇසුරු කරන්නෙකි. අපගේ ව්‍යපාරයේ සිටි ජී. අයි. ඩී. ධර්මසේකර නමැත්තෙකු මම දනිමි. ඔහු පසුව ජ.වි.පෙ.න් හා ඔහුගේම විප්ලවකාරී සංවිධානයක් වූ zzමාතෘභූමි ආරක්ෂක සංගමයෙන්ද ඉවත්වූ බැව් මම දනිමි. ඔහු විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයේ උපාධිධරයෙකු වන අතර කෙමියුනිස්ට් පක්ෂයේ (මොස්කව්) සාමාජිකයෙකි.අපගේ සංවිධානයේ මුල් අවධියේ ඔහු අලව්වේ ජයකොඩි නමැත්තෙකු, පාලිත, සෝමදාස, ගුණතිලක, ගුණපාල, රත්නපුරේ පරාක්‍රම, රුවන්පතිරණ, සන්දෙල් පෙරේරා, රොසෙන්ඩාල්, බියන්විල සෑම්, මට දැන් නම් අමතක තවත් ටික දෙනෙකු සමග කොමියුනිස්ට් පක්ෂයෙන් (මොස්කව් පිල) කැඩී අපගේ සංවිධානයට බැඳුණෝය.

එක් අවස්ථාවකදී ධර්මසේකර විෙජ්වීර පමණටම ජනප්‍රිය වන බව පැහැදිලි විය. මෙය විෙජ්වීර හා ධර්මසේකර අතර අමනාපයට හේතු විය. සාමාජිකයන් විෙජ්වීරටත් ධර්මසේකරටත් ලොකු මහත්තයා යයි ඇමතූ අවස්ථාවක්ද විය. 1970 මහා මැතිවරණයට පෙර ධර්මසේකර හා

ඔහුගේ කණ්ඩායම කැඩී ගියේය. ධර්මසේකර හා ඔහුගේ කණ්ඩායම කැඩී ගියේ සංවිධානයේ සිටගෙනම ඔහුගේ තණ්ඩායමක් සාදා ගැනීමට උත්සාහ කිරීම නිසා බැව් මෙරිල් ජයසිරි විසින් මට දන්වන ලදි. ධර්මසේකර සමග කැඩී ගිය සාමාජිකයන් හැකි පමණ හමුවී අපගේ සංවිධානයට නැවතත් ගැනීමට උත්සාහ ගන්නැයිද මෙරිල් මට කීවේය. ඒ අනුව, මා ගල්කිස්සේ ධර්මධර මාවතේ වාසය කරන ධර්මසේකරගේ අනුගාමිකයකු වන ආරියදාස නමැත්තකු හමුවී මේ බිඳීයාම ගැන සාකච්ඡා කළෙමි.

ගල්කිස්ස දුම්රිය දෙපාර්තමේන්තුවේ චන්ද්‍රදාස නමැත්තකු මා කැටුව ගියේය. මා එහි ගියවිට ගල්කිස්ස පෙදෙසේ ධර්මසේකර පිල සංවිධානය භාරව කටයුතු කළ රුවන්පතිරණ එහි විය. රුවන්පතිරණ ජ.වි.පෙ. සිටිද්දීද එම පෙදෙසම භාරව කටයුතු කළේය. අප අතර ලඟදී

කැඩීයාම පිළිබඳ බහින්බස් වීමකදී රුවන්පතිරණ හා ආරියදාස අපගේ සංවිධානය සී.අයි.ඒ. සංවිධානයක් යයිද ලේක්හවුස් ආයතනයෙන් මීට මුදල් දෙන බැව්ද කියා දොස් නැගුවේය. ඔවුහු එයට කිසිම ප්‍රබල සාක්ෂියක් නොදුන්හ. මේ පිළිබඳව ධර්මසේකර සමග වැඩිදුරටත් සාකච්ඡා කිරීමට අපි ලෑස්ති බව ඔවුන්ට කීවෙමි.

ඒ අනුව එක් දිනක් ධර්මසේකර රුවන්පතිරණ, මොරටුවේ වෙලෝනාවෙහි සේවය කරන ඉන්ද්‍රජෝති මාවතේ පදිංචි පියදාස නමැත්තෙක්ද මා ඉහත සඳහන් කළ ආරියදාස නමැත්තා හා තව ටික දෙනෙක් සාකච්ඡාවක් සඳහා මාගේ ගෙදරට පැමිණියෝය. මා ඉහත සඳහන් කළ පොඩි ලකී, ධර්මසේකර හා ඔහුගේ පිලෙන් ඛෙදී අපගේ සංවිධානයට නැවත එක්වූ ජයකොඩි සහ මහත නිමල් යන අයගේ පැමිණීම බලාපොරොත්තු වුවද ගෙදර පැමිණ සිටි කිසිවෙක් මාගේ පැත්තට නොසිටියේය. ධර්මසේකර හා ඔහුගේ කණ්ඩායම මගේ ගෙදරින් ගිය වහාම ඉහත සඳහන් තිදෙනා මගේ ගෙදරට පැමිණියෝය. ඔවුන් ධර්මසේකර හා ඔහුගේ පිල ම`ග දී හමුවූ බවත්, ධර්මසේකර හා ඔහුගේ පිල සාකච්ඡාවට ඒමට බැරියයි කිව් බවත් ඔවුහු මට දන්වන ලදි.

7.3.71 ට සුමානයකට පමණ පෙර උයන්ගොඩ නොහොත් ඌ මහත්තයා නොහොත් සෙනෙවිරත්න මගේ ගෙදරට පැමිණ විෙජ්වීරගේ නායකත්වයට සනත්, ලොකු අතුල, සිසිල්චන්ද්‍ර, ටී. ඩී. ද සිල්වා, අම්බලන්ගොඩ ලක්ෂAමන් හා ධනපාල යන අයගේ ප්‍රතිවිරෝධී ව්‍යාපාරයක් ඇති බවත් අපට එම ව්‍යාපාරය ගැන අධෛර්යය නොවී සංවිධානයේ වැඩ දිගටම කරගෙන යාමටත් කීවේය. විෙජ්වීර සිසිල්චන්ද්‍රගේ සොහොයුරියත් සමග ඇති මිත්‍රකමක් නිසා ඉහත සඳහන් පුද්ගලයන් විෙජ්වීරට විරුද්ධව ව්‍යාපාරයක් ගෙනයන බවත් උයන්ගොඩ මට කීවේය. ලොකු අතුල විෙජ්වීරට විරුද්ධ බැව් උයන්ගොඩ මට කීවිට මා ඔහුට තුවක්කු යනාදිය ගැනීමට දී ඇති රු. 1000/} වහාම ගතයුතු බැව් මම ඔහුට කීවෙමි.

අතුල හමුවී මාගේ සල්ලි ආපසු ගැනීමට මම එ`ඩ්රමුල්ලේ ටී. ඩී. ද සිල්වාගේ ගෙදරට එදිනම ගියෙමි. මා එහිදී අතුල හමුවී විකිණීමට මැෂින් තුවක්කුවක් ඇති බැවින් මුදල් ආපසු වහාම අවශ්‍ය යයි මම බොරුවක් කීවෙමි. සල්ලි නැති බැව් අතුල මට කීවේය. එතනින් මා ඔස්මන්ගේ ගෙදරට ගොස් ඔස්මන් හමුවීමි. විෙජ්වීර සිසිල්චන්ද්‍රගේ සොයුරියත් සමග ඇති ප්‍රේම සම්බන්ධය ගැන උසස් සාමාජිකයන්ගේ මතභේදයක් ඇද්දැයි මම ඔස්මන්ගෙන් ඇසුවෙමි. ඔහුටත් මේ පිළිබඳව ආරංචි වූ බවත්, විෙජ්වීර සිසි්ලචන්ද්‍රගේ සොයුරියත් සමග පැන යාමට සූදානම් වී ඇති බවත්, පැනයාමට කාර් එකක් පවා සූදානම් කොට ඇති බවත්, ඔස්මන් මට කීවේය.

ඔස්මන්ගේ ගෙදරින් මා ධනපාල හමුවීමට කාසල් වීදියේ ඉඩම් සංවර්ධන දෙපාර්තමේන්තුවේ සේවක වෘත්තීය සමිති කාර්යාලයට ගිය මුත් ඔහු එහි නොසිටියේය. මම එහිදී ධනපාල පරණ මහලේකම්් ගොඩනැගිල්ලේ දෙවැනි තට්ටුවේ මහාමාර්ග දෙපාර්තමේන්තුවේ සෝමසුන්දරම් මහතා ලඟ වැඩ කරන බැව් දැන ගතිමි. මා එහි ගොස් ධනපාල හමුවීමි. විෙජ්වීරට ඇති චෝදනා පිළිබඳ මම ඔහුගෙන් ඇසුවෙමි. ඔහුත් එය සනාථ කොට විෙජ්වීර සිසිල්චන්ද්‍රගේ සොයුරියට පෙම් හසුන් 20ක් පමණ ලියා ඇති බැව් කීවේය. විෙජ්වීර විප්ලව සංවිධානය කිරීමට දැන් සේවකයන් වෙනුවට ශිෂ්‍යයන් ඉදිරියට යවන බවත් මෙය හො`දදෙයක් නොවන බවත් ඔහු මට කීවේය. විෙජ්වීර සීලචන්ද්‍රගේ සොහොයුරිය සමග පැනයාමට හදන බවත්ඔහු මට කීවේය. රටක විප්ලවයක පෙරමුණ ගත යුත්තේ වැඩ කරන ජනතාව නිසා විෙජ්වීර හා අනිකුත් අය මේ අයුරින් කරන්නේ වැරදි දෙයක් බව මටද හැඟ=ණි. ඔහු සමග සාකච්ඡා කළ පසු මම ආපසු ඔස්මන්ගේ ගෙදරට ගියෙමි. ධනපාල මට කිව් දෙය ඔස්මන්ට කීවෙමි. විප්ලවයක් ආරම්භ කිරීමට වැඩ කරන ජනතාව වෙනුවට ශිෂ්‍යයන් සංවිධානය කරන බව ඔස්මන්ඩ්ද ප්‍රකාශ කළේය. විෙජ්වීරට ඇති චෝදනා මීට සම්බන්ධ සියල්ලෝම සිටින සම්මේලනයකදී සාකච්ඡා කළ යුතු බැව් ඔස්මන් මට කීවේය.

මම ඔස්මන්ගේ ගෙදරින් ගොස් පාමංකඩ පාලම යට ගරාජයක කුඩා කාමරයක එදින රැය ගත කළෙමි. මා ඉහත සඳහන් කළ සුමනරත්න නමැති ඇඳුම් මහන්නා මේ කාමරයේ සිටියේය. පොලිසිය මා පිටුපස ඇති බැවින් ගෙදරින් පිටවී සිටීමට මට අවශ්‍ය වූ බැවින් මේ කාමරය සංවිධානය කොට දුන්නේ ඔහුය. උයන්ගොඩ විත් විෙජ්වීරට ඇති චෝදනා මට කිව් දිනයේ ඔස්මන්, ධනපාල, අතුල හා අනිකුත් අය හමුවීමට ගිය බැව් මට දැන් මතකය. එහෙත් උයන්ගොඩ හමුවීමට සතියකට පමණ උඩදී මේ චෝදනා පිළිබඳ මට දැනගන්ට ලැබුනේය. ඊලඟ දිනයේ ඔවුන් හමුවූ පසු මම ඔස්මන්ගේ ගෙදරට පෙ. ව. 9.00 ට පමණ ජනතා විමුක්ති පත්‍ර භාර ගැනීමට ගියෙමි. ඔස්මන්ගේ ගෙදරදී රෝහණ විෙජ්වීර, ඔස්මන්, ලොකු අතුල, පොඩි ලකී, චුක්කි, ඔස්මන්ඩ්ගේ මව සීලවතී, ඇස් රෝහල හංදියේ ජයරත්න මල්ශාලාව අසල වසන විෙජ්රත්න, විෙජ්රත්නගේ මිත්‍රයෙකු වන ජයතිලක යන අය මම දිටිමි.

විෙජ්වීරට ඇති චෝදනා පිළිබඳ සාකච්ඡාවක් එහිදී පැවැත්වීමට යන බව මම ඔස්මන්ගෙන් දැන ගතිමි. මම ජ.වි.පෙ. පත්‍ර පිටපත් 500 ක් පමණ භාරගෙන ආපසු ගෙදර ගියෙමි. ප. ව. 2.00 ට පමණ මම ඔස්මන් සිල්වාගේ ගෙදරට පැමිණියෙමි. මා ඉහත සඳහන් කළ අයට අමතර, සනත්, අම්බලන්ගොඩ ලක්ෂ්මන්, සිසිල්චන්ද්‍ර, ධනපාල ව්‍යාපාරයේ බදුල්ලේ කටයුතු සංවිධානය කරන අශෝක, ව්‍යාපාරයට රත්නපුරයේ කටයුතු කරන රංජිත්, ටී. ඩී. ද සිල්වා, උයන්ගොඩ, පියතිලක, දයානන්ද, ලයියා, සෝමසිරි කුමානායක, මට ගෙදර පෙන්විය හැකි එෙ`ඩ්රමුල්ලේ රාජා, මිල්ටන් හා මට අමතක තව දෙදෙනෙකු ගෙයි සිටියහ.

සම්මන්ත්‍රණය ඇතුළත කාමරයක පැවැත්විණි. මාත් ගොස් ඔවුන්ට එක් වූයෙමි. එම වේලාවේ විෙජ්වීර කථා කරමින් සිටියේය. ඔහු ඔහුට විරුද්ධව චෝදනා ගෙනහැර දැක්වූ සෑම අයෙකුම දෝෂදර්ශනයට ලක් කළේය. මට මතක ඇති පරිදි එහිදී විෙජ්වීර, අතුල, ටී. ඩී. ද සිල්වාගේ දියණිය සමග මිත්‍රයයි චෝදනා කළේය. තුවක්කු ගිනි අවි යනාදිය ගැනීමට බැංකු වලින් සොරකම් කොට අතුලට භාරදුන් රු. ලක්ෂ 1 1/2 ක් පමණ මුදල්වලට කුමක් කළේදැයි අතුලගෙන් ඇසුවේය. ජනතා විමුක්ති පෙරමුණ නා නා විධ වියදම් සඳහා එකතු කළ මුදල් අතුල හා ධනපාල භාරයේ තිබූ බැව් මම දනිමි.

සෝමසිරි කුමානායකට විරුද්ධව විෙජ්වීර ගෙනා චෝදනාව නම් zzදේශප්‍රේමීZZ නමැති පුවත්පත විකුණා ලබාගත් රු. 1000/} ක මුදලක් අයථා අන්දමින් තම ප්‍රයෝජනයට වියදම් කර ඇති බවයි. සෝමසිරි කුමානායක ලොකු අතුලගේ සොහොයුරියක් සමග යහලූකමක් ඇති බවටද, විෙජ්වීර චෝදනා නැගුවේය. මේ චෝදනාව නැගීමේදී ටී. ඩී. ද සිල්වාගේ බිරිඳ විසින් ඇයගේ දියණියක් සෝමසිරි කුමානායකට යාළු කිරීමට දැරූ තැතක් අසාර්ථක වූ බවද මෙහිදී අනාවරණය විය. මේ බලාපොරොත්තුව කඩවීමේ ප්‍රතිඵලයක් වශයෙන් ටී. ඩී. ද සිල්වා මහත්මිය zzදේශප්‍රේමීZZ පුවත්පත මුද්‍රණය කළ zzආට් ප්‍රින්ටර්ස්ZZ සමාගමේ ගාස්තුව වූ රු. 1750/} ක් සඳහා වූ ගෙවීම් පත සොරකම් කළ බවත්, එසේම කුමානායක මේ සඳහා සංවිධානයෙන් රු. 2700/} ක් ලබාගත් බවත්, එම ගාස්තුව ගෙවීම් අනුපිටපත් කුවිතාන්සියේ රු. 2750/} ක් සේ

වෙනස් කළ බවත් හෙළිවිණ. ටී. ඩී. ද සිල්වා මහත්මිය සොරකම් කළා යයි කියන අනුපිටපත් කුවිතාන්සිය මෙයයි.

ධනපාලට විරුද්ධව නැගි චෝදනාව නම් විෙජ්වීර සී.අයි.ඒ. නියෝජිතයකු යයි රහසින් පතළ කර හැරීමේ ව්‍යාපාරයක් ගෙනයෑමය. මට මතකයි, විෙජ්වීර කියනව, දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ සනත් හා කරුණාරත්න ඔහුට තවමත් වටහා ගැනීමට බැරි බව. අම්බලන්ගොඩ ලක්ෂ්මනුත්, සනත්ගේ කොම්පැනියේ සිටිනවා යයි දොස් තැබුවේය. පොදුවේ දොස් නගමින් ඔහු තරහකරුවන් මිත්‍රකොට ඇති බවත්, එහෙත් ආනන්ද ගුණතිලක, නිහාල් ඩයස් හා ධර්මසේකර ඔහු අත්හැරියත් අනිත් අය ඔහු සමඟ සිටිනවා යයි කීවේය. සංවිධානයේ බූරුවන් සිටින බවත්, ඔවුන්ගේ පිට උඩ යෑමටත්, ඔවුන් දැක්කීමටත් ලෑස්ති පුද්ගලයින් සිටින බවත් ඔහු කීය. මෙසේ විෙජ්වීර ප. ව. 5.30 පමණ වනතෙක් පොලිස් නිලධාරීන් වගයක් නිවස වටලන තෙක්ම දිගටම චෝදනා නැගුවේය. මා හා ඔස්මන් හැර සියලූ දෙනාම පැන ගියෝය. දෙදෙනාම පොලිසියෙන් අත්අඩංගුවට ගෙන බොරැල්ල පොලිසියට ගෙන යන ලදි.

මාව සිර කළේ ඇමෙරිකානු තානාපති ාකර්යාලයට පහරදුන් දිනයේදීය. පහරදීම සිදුවූයේ 71.3.6 වන දිනදීය. ඔස්මන්ගේ නිවසේදී වූ සම්මන්ත්‍රණය ගැන බොරැල්ල පොලිසියට නොකීවෙමි. එහෙත් මා ජනතා විමුක්ති පෙරමුණ පත්‍රයේ පිටපත් ගෙනයෑමට පැමිණි බැව් මම කීවෙමි. මා 71. 3. 7 වන දින රිමාන්ඩ් භාරයට ගෙන 71.3.19 වන දින නිදහස් කරන ලදි. රිමාන්ඩ් සිරගෙදරදී අම්පාරේදී අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් කළ විෙජ්වීරද, රක්වානේදී අල්ලා රිමාන්ඩ් භාරයේ තබන ලද

මහින්ද විෙජ්සේකරද හමුවී මම කථා කළෙමි. මට ප්‍රථමයෙන් හමුවූයේ මහින්ද විෙජ්සේකරය. විෙජ්වීර රක්වානේ සාකච්ඡාවක් පැවැත්වීමට ලෑස්ති කර ඇති බවත්, විෙජ්වීර එහි යන්නට සිටි බවත්, පසුව ඔහුට හා උයන්ගොඩට එහි යෑමට සලස්වා විෙජ්වීර අම්පාරේ යෑමට සිටි බවත් කීවේය. ඔහු අත්අඩංගුවට ගත් දින රාත්‍රියෙහි පන්තිය පවත්වමින් සිටින අතර ඔහු සැකෙන් එළියට ආ විට පොලිසිය ඔහු අත්අඩංගුවට ගත් බව විෙජ්සේකර මට කීවේය. ඔහුව අත්අඩංගුවට ගන්නා ලද්දේ තවත් පුරුෂයෙකු හා ස්ත්‍රියක සමග යයි ඔහු මට කීවේය.

ඊට ටික දිනකට පසු විෙජ්වීර මට හමුවී සංවිධානයේ පූර්ණකාලීන සේවකයන් සමග අම්පාරේ සාකච්ඡාවක් පැැත්වීමට ගිය බවත් එය උදේ වරුවේ පැවැත්වූ බවත්, සවස් වරුවේ කුලසිරි බක්මීවැව නමැති අම්පාරේ වෘත්තීය සමිති කරුවෙක් බැලීමට යද්දී ඔහු අත්අඩංගුවට ගත් බව ඔහු මට කීවේය. තවත් හය දෙනෙකු සමග තමන්අත්අඩංගුවට ගත් බව ඔහු මට කීවේය. හය දෙනාගෙන් විෙජ්වීර හැර අම්පාර දිස්ත්‍රික්කයේ පූර්ණකාලීනයකු වන අම්පාරේ නිමල් නිශAශංක මම දනිමි. පොලිස් අධිකාරී ලයනල් සේනානායක මහතා, පොලිස් අධිකාරී ටිරල් ගුණතිලක මහත සහ සහකාර පොලිස් අධිකාරී කේ. එස්. ද සිල්වා මහතා ඔහුව හමුවීමට අම්පාරට හෙලිකොප්ටරයකින් පැමිණි බවත් ඔව්හු ඔහුගෙන් සිසිල්චන්ද්‍රගේ සොයුරිය සමඟ ඇති ඔහුගේ ප්‍රේම සම්බන්ධය පිළිබඳ පුවත ගැන ඇසූ බවත්, එය ඔහුගේ පෞද්ගලික කරුණක් බව, ඔහු ඔවුන්ට කී බවත්, ඔහු මට කීවේය. ඔහු කොළඹ ගෙනෙනු ලැබ රිමාන්ඩ් කළ බවත් ඔහු මට කීවේය.

මා 71.3.19 වන දින නාගරික මහේස්ත්‍රාත් උසාවියට ඉදිරිපත් කරනු ලැබ

එහිදී මා නිදහස් කරන ලදි. ඇප ගිවිසුමට මගේ මව අත්සන් කරන ලද නමුත් උසාවි ගාස්තු ඔස්මන්ගේ මව විසින් ගෙවන ලදි. උසාවියෙන් මම ඔස්මන්ගේ නිවසට ගියෙමි. එහිදී මම මගේ ඇඳුම් මාරු කොට ගෙදර ගියෙමි. පසුදින මම මීට කලින් සඳහන් කළ පාමංකඩ කාමරයට පදිංචි වීමට ගියෙමි. පොලිසිය මගහැරීමට මම එහි ගියෙමි. පොලිසියෙන් ඈත්වී සිටීමටත්, පොලිසියට අසු නොවීමටත් ඔස්මන් මට කීවේය. 20 වන දින මම මගේ නිවසේ සිටියෙමි 21 වනදා මම ඉහත කී කාමරයට ගියෙමි. සෑම රැයකම නිදා ගැනීමට පැමිණි සුමනරත්න හැර කිසිවකු මා බැලීමට පැමිණියේ නැත. 1971 මාර්තු 24 හෝ 25 පමණ සෝමසිරි සමග සුමනරත්න මා බැලීමට පැමිණියේය. මාගේ අත්අඩංගුවට ගැනීම

පිළිබඳ ඔව්හු ඇසූහ. මීට දින දෙකකට පමණ පසු සුභසිංහ සෝමසිරි සමග මා බැලීමට පැමිනියේය.

සුභසිංහ මා අත්අඩංගුවට ගැනීම ගැන විමසා මෙසේ කීවේය. ආණ්ඩුව අපගේ ව්‍යාපාරය මර්දනය කිරීමට යන හෙයින් අපට එය තවදුරටත් උසුලා සිටිය නොහැකි බැවින් වහාම ආණ්ඩුවට විරුද්ධව පහරදීමට ව්‍යාපාරයෙක් සූදානම් කළ යුතුය යයි කීවේය. මා දන්නා අනෙකුත් අය හමුවිය යුතු බවත්, එම හැඟීමම ඔවුන් වෙත පැතිරවිය යුතු බවත් ඔහු කීවේය. සුභසිංහ හමුවී දින දෙකකට පසු සෝමසිරි මා හමුවීමට විත්, මොරටුව ද සොයිසා පිට්ටනියේදී මා හමුවීමට පුද්ගලයන් හය දෙනෙක් හෝ හත් දෙනෙක් පමණ සූදානම් කර ඇති බව මට කීවේය. ඒ අනුව මම උදේ, ද සොයිසා පිට්ටනියට ගොස් පහත සඳහන් අය හමුවීමි. සේපාල සිල්වා, අමරසේන, ටයිම්ස් ඔෆ් සිලෝන් හි සේවය කරන, දුම්රිය නිවාසවල පදිංචි ගාමිණී, උවානි දසරාදන්, මා මීට ඉහතද සඳහන් කළ ජෝන්, දුම්රිය නිවාසවල ලෙස්ලි යන අයයි.

ආණ්ඩුව අපේ සාමාජිකයන් විශාල ගණනක් අත්අඩංගුවට ගනු ලබන බවත්, අපේ ව්‍යාපාරයට විරුද්ධව පහරදීමක් ආණ්ඩුව සූදානම් කරන බවත්, අප ව්‍යාපාරය ආණ්ඩුවට පහරදීමට ගිනි අවි, බෝම්බ ආදිය එකතු කිරීමට ව්‍යාප්ත ව්‍යාපාරයක් පටන් ගැනීමට තීරණය කර තිඛෙන බවත් මම ඔවුන්ට කීවෙමි. ඔවුන්ට මෙය සිතේ තබාගෙන ධෛර්යමත්ව වැඩ කළ යුතු යයි මම කීවෙමි. මා මෙය කීවාට පසු ඔවුහු බැහැර ගියෝය. මමද මාගේ කාමරයට ආපසු පැමිණියෙමි.

මෙදින සිට 1971 අප්‍රියෙල් 4 වනි දින දක්වා සාමාජිකයින් හමුවීමට ගිය බවත් මට මතක නැත. නමුත් සුමනරත්න නමැති ඇඳුම් මහන්නා සෑම රාත්‍රියකම මා මුණ ගැසීමට පුරුදුව සිටියේය. අපි අපගේ ව්‍යාපාරය ගැන සාකච්ඡා කිරීමට පුරුදුව සිටියෙමු. 1971.4.3 දින මගේ පාමංකඩ කාමරය අත්හැර පානදුර කෙසෙල්වත්තේ ඛෙනඩික්ගේ ගෙදරට ගිය බව මට දැන් මතකය. මා එහි ලඟාවූයේ ප.ව. 8.30 ට පමණය. ඛෙනඩික් ගෙදර නොසිටියේය. ඔහුගේ දෙමාපියන් එහි සිටියහ. මම ඔවුන් හොඳින් හඳුනමි. ඛෙනඩික් ගෙදර නැති බවත් එදින රාත්‍රි ගෙදර නොඑන බවත් ඔවුහු මට කීහ. මම ඛෙනඩික්ගේ ගෙදර ඉස්තෝප්පුවේ නිදා ගතිමි. ඛෙනඩික්ගේ පියා, මව සහ සොයුරියෝ මා එදින රැය එහි නිදාගත් බව දැන සිටියහ. 71.4.4 වන දින පෙ. ව. 7.00 ට පමණ ඛෙනඩික්ගේ සොොහයුරිය මා නිදා සිටි කාමරයට විත් මට තේ කෝප්පයක් දුන්නාය. පෙ. ව. 8.00 ට පමණ සුභසිංහ එහි පැමිණ ඔහු ඛෙනඩික් හමුවීමට පැමිණි බවත් සංවිධානය 5 වැනිදා විප්ලවය ආරම්භ කිරීමට තීරණය කර ඇති බවත් කීවේය. 71.4.5 වැනි දින පෙ. ව. 1.00 ට පමණ කලූබෝවිල චන්නගේ නිවසට පැමිණෙන මෙන් ඔහු මගෙන් ඉල්වීය. වැල්ලවත්තේ මගේ කාමරයට යන ලෙසත් ඔහු මට කීවේය. ඔහු ඛෙනඩික් සෙවීමට ගියේය.

පෙ. ව. 11.00 ට පමණ මම මගේ වැල්ලවත්තේ කාමරයට ගියෙමි. වැල්ලවත්තට පැමිණි පසු මම කොහේවත් නොගියෙමි. පානදුර සිට වැල්ලවත්තට එන ගමනේදී මා රත්මලානේ, තෙලවලට ගොස් ලංගම රත්මලාන ඩිපෝවට අයත් පියදාස නම් කොන්දොස්තර කෙනෙක් හමුවූ බවත් මට දැන් මතකය. පියදාස දිගු කලක සිට මම හඳුනමි. සේපාල සිල්වා විසින් මගේ නිවසේ පවත්වන ලද පංතිවලට ඔහුද සහභාගි විය.

මට පෙන්විය හැකි තෙලවල පාරේ නේවාසිකාගාරයක ඔහු නැවතී සිටියි. පියදාසටත් පහරදීමටසූදානම් වී සිටීමට කීවෙමි. එහෙත් දිනය නොකීවෙමි. පියදාස මට zරෝමර්Z අත් ඔරලෝසුවක් දී එය විකුණා මුදල් ගෙන කොටසක් ව්‍යාපාරය සඳහා ගැනීමටත් අනෙක් කොටස තමාට දෙන ලෙසත් මට කීය.

71.4.5 වන දින සුභසිංහගේ ඉල්වීම පරිදි මම චන්නගේ නිවසට ගියෙමි. පෙ. ව. 11. 20 ට පමණ චන්නගේ නිවසේදී මම පහත සඳහන් අය දුටුවෙමි. සුභසිංහ සහ රොලන්ඩ් ටුසෙන්ට් ද ටික වේලාවකට පසු චන්න, ඛෙනඩික්, උපසේන, සෝමසිරි සහ ගල්වල පාරේ ප්‍රීති සහ මා ඉහත සඳහන් කළ අමරසේන එහි පැමිණියහ. අපි සියලූ දෙනා ගෙයි ඉස්තෝප්පුවේ කාමරයට ගියෙමු. පොන්සේකා නමැති චන්නගේ මාමා ගෙයි සිටිනවා මම දුටිමි. ඔහු අපගේ සාකච්ඡාවට සහභාගි නොවූයේය. ඔහු කළ ප්‍රථම දෙය අප නවදෙනා පහත සඳහන් ආකාරයට ඛෙදීමය. වැල්ලවත්ත පොලිස් ස්ථානය සඳහා සෝමසිරි යුධ නිලධාරියා වශයෙන්, මා ප්‍රචාරක නිලධාරි වශයෙන්, දෙහිවල පොලිස් ස්ථානයට උපසේන යුධ නිලධාරි වශයෙන් සහ සුභසිංහ ප්‍රචාරක නිලධාරි වශයෙන් ය. ප්‍රචාරක නිලධාරියකු වශයෙන් සුභසිංහට සහාය දීමට ඉතිරිව සිටි ප්‍රීතිව යෙදවූ බැව් මට දැන් මතකය. ගල්කිස්සේ පොලිස් ස්ථානයට රොනල්ඩ් ටුසෙන්ට් යුද්ධ නිලධාරියකු වශයෙන්ද, අමරසේන ප්‍රචාරක නිලධාරියා වශයෙන්ද යොදන ලදි. මොරටුව පොලිස් ස්ථානයට චන්න යුද්ධ නිලධාරියා වශයෙන්ද ඛෙනඩික් ප්‍රචාරක නිලධාරියා වශයෙන්ද යොදවන ලදි.

සුභසිංහ ගෙනවිත් තිබූ . 32 පතරොම් වට 72 ක් යුධ නිලධාරි හතරදෙන අතර ඛෙදා දෙන ලදි. එක් අයෙකුට වට 18 ක් දුන්නේය. රිවෝල්වර 4 ක් පමණක් ඇති බවත්, ජයසුමනාරාමය පන්සලෙන් ඒවා ගෙන එන බවත් යුධ නිලධාරීන් සතර දෙනාට ඒවා දෙන බවත් කීවේය. එසේ කරන මෙන් සුභසිංහ අමරසේනට කීවේය. මට රිවෝල්වරයක් නොතිබුණත් සුභසිංහ .22 කේ රිවෝල්වර් පතරොම් වට 10 ක් මට දුන්නේය. සුභසිංහ තමා 5 වනදා උයද විද්‍යෝදය විශ්වවිද්‍යාලයට සාකච්ඡාවකට ගිය බවත්, එහිදී පොලිස් ස්ථානවලට පහරදීමට කණ්ඩායම් සංවිධානය කිරීම ඔහුට නියම කළ බව අපට කීවේය. අප අතර zzගෙඩියZZ යනුවෙන් හඳුන්වන විශෙAෂයෙන් සකස් කරන ලද පහරදීම සඳහා අවශ්‍ය බොම්බ සපයන බවද කී බව ඔහු කීය. 4 වනදා උදය ඛෙනඩික්ගේ ගෙදරදී සුභසිංහ මට හමුවූ විට, 5 වනදා උදයේ 5 වනදා පහරදීම පිළිබඳව වැඩිදුර සාකච්ඡා කිරීම සඳහා විද්‍යෝදය විශ්වවිද්‍යාලයට යන බැව් කීවා මට දැන් මතකය.

සෑම යුධ නිලධාරියෙක්ම zzපහේ කණ්ඩායම්ZZ සාමාජිකයන් සමග නියමිත පොලිස් ස්ථානවලට රාත්‍රි 11.25 ට පමණ ලඟා විය යුතු යයි ඔහු අපට උපදෙස් දුන්නේය. රාත්‍රි 11.29 ට පමණ සෑම ප්‍රදේශයකම ට්‍රාන්ස්ෆෝමර් වලට අලාභහානි කොට ප්‍රදේශයේ විදුලි පහන් ආලෝකය ඇනහිටවිය යුතුයයි උපදෙස් දුන්නේය. විදුලි පහන් ආලෝකය නැතිවූ වහාම යුද්ධ නිලධාරියා පොලිස් ස්ථානය දෙසට බෝම්බ විසිකරමින් හා පොලිස් ස්ථානවලට ඇතුල්වෙමින් පහර දිය යුතුයි. පොලිස් නිලධාරීන්ට පහර දීමේදී විරෝධය දක්වන නිලධාරීන් මරා දැමිය යුතුයි. අනෙක් පොලිස නිලධාරීන් අත්අඩංගුවට ගත යුතුයි. සමහර පොලිස් ස්ථානවල නිහ~ව සිටින පොලිස් නිලධාරීන් සිටින බවත් ඔවුන්ට හිරිහැර නොකළ යුතු බවත් සුභසිංහ මට කියා තිබුණේය.

නියමිත ප්‍රදේශයේ ආයුධ හා වෙඩි ද්‍රව්‍ය අල්ලා ගැනීමටත්, නීතිය හා සාමය රැකීමටත් අපට නියමිතව තිබුණි. අල්ලාගත් වහාම ටැලිෆෝන් කම්බි හා අනෙක් පණිවුඩ හුවමාරු ක්‍රම විනාශ කළ යුතු විය. ප්‍රචාරක නිලධාරියාගේ කාර්යය වූයේ ශබ්ද විකාශන යන්ත්‍රයක් ඇති ලඟම සාප්පුවට ගොස් එය බලයෙන් ලබාගෙන ඉන්පසු වාහනයක් බලයෙන් ගෙන ජනතා විමුක්ති පෙරමුණ බලය අල්ලාගෙන ඇති බැව් ප්‍රකාශ කරමින් ප්‍රදේශය වටා යෑමය. මට මතක ඇති පරිදි ශබ්ද විකාශන යන්ත්‍රය මගින් කළ යුතුව තිබූ ප්‍රචාරය පහත සඳහන් පරිදිය. zzජනතා විමුක්ති පෙරමුණ රාජ්‍ය බලය ඇල්ලූවා, කලබල වෙන්නට එපා, අධිරාජ්‍යවාදයට විනාශය, ජනතාවට විමුක්තියZZ

බලය අල්ලා ගැනීමෙන් පසු සියලූම ඇමතිවරුන් පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් රජයේ උසස් නිලධාරීන් හා පොලිස් නිලධාරීන් අත්අඩංගුවට ගැනීම සඳහා යාමට අපට නියමිතව තිබුණි. අත්අඩංගුවට ගැනීමට විරෝධය පෑවාවූ සහ අපගේ පාලනයට විරුද්ධ වූ ඕනෑම අයෙකුව මරන්න අපට නියමව තිබුණි. බලය අල්ලා ගැනීමෙන් පසු සාමාන්‍ය පාලනය වෙනදා මෙන්ම ගෙනයා හැකිය. එහෙත් ප්‍රදේශයේ යුද්ධ නිලධාරියාගේ අනුමැතිය අනුවය. උදාහරණයක් වශයෙන් යුද්ධ නිලධාරියාට ඔහු නියම කරන මිලක් යටතේ බඩු විකිණීමට යයි සාප්පුකරුවන්ට අණකළ හැකිය. වැඩි මිලට බඩු විකිණීමට ඉඩ නොදෙනු ලැබේ. ව්‍යාපාරික අංශයේ කර්මාන්තශාලා, සාප්පු ආදිය සාමාන්‍ය වශයෙන් පත්වාගෙන යාමට හැකි නමුත් එසේ කළ හැක්කේ යුද්ධ නිලධාරියාගේ නීතිවලට අනුවය. අධිකරණයද යුද්ධ නිලධාරියා යටතේය. ඔහු විනිශ්චයකරුවන් හා අනෙක් නිලධාරීන්ද පත් කරයි. වැඩ කිරීමෙන් වැලකී සිටින ඕනෑම රජයේ නිලධාරියකු බලෙන් වැඩ කිරීමට යෙදවිය හැක.

රටේ සෑම හිරගෙයකම සිටින සිරකරුවන් මුදාහරිනු ඇත. විෙජ්වීරත් විප්ලවය ආරම්භ වූ මොහොතේම හෝ ඊට ආසන්නවම අපගේ සාමාජිකයන් කණ්ඩායමක් විසින් මුදාලනු ඇත. ව්‍යාපාරයේ නායකයකු වන විෙජ්වීර පාලනය භාරගෙන විවිධ ප්‍රදේශයන් පාලනය කිරීමට නායකයන් පත්කරනු ඇත. ව්‍යාපාරයේ සිටි ආණ්ඩුවේ නිලධාරින්ටද  සුදුසු තනතුරු දෙනු ඇත. මේ සියල්ල සුභසිංහ විසින් කියන ලදි.

සාකච්ඡාවට පසු ක`දානේ බෝම්බ සෑදීම පුහුණු කළ පුද්ගලයයි මා ඉහත සඳහන් කළ විෙජ්පාල, විද්‍යෝදයට ගොස් හමුවී බෝම්බ 50 ක් (ගෙඩි ) ගෙන ඒමට සුභසිංහ ප්‍රීති හා සෝමසිරි යන අය යැව්වේය. පස්වරු 6.00 ට සුභසිංහට වැඩිදුර සාකච්ඡාවක් සඳහා විද්‍යෝදයට යාමට ඇති බවද ඔහු මට කීවේය. අපේ ප්‍රදේශය අල්ලා ගත් පසු යුධ නිලධාරීන් දෙදෙනකු යටතේ මිනිසුන් කණ්ඩායම් දෙකක් මැද කොළඹට පැමිනිය යුතු බවද සුභසිංහ මට කීවේය. සිංහ ලකුණක් සහිත විශාල රතු කොඩියක් අප සූදානම් කළ යුතු බවත් කමිස කොලර්වල පැළඳීමට රතු තරු සූදානම් කළයුතු බවත් අපට කියන ලදි.

1971.4.4 වනදා මේ තරු ඛෙනඩික්ගේ ගෙදරදී දුටු බව මට දැන් මතකය. අප අල්ලා ගන්නා වාහන වල සිංහ ලකුණ ඇඳිය යුතු බවද අපට කියන ලදි. අපට වාහන සහ කොඩිවල මිටිය සහ දෑකැත්ත සලකුණ ඇඳීමට උපදෙස් නොදෙන ලද්දේ දැයි මගෙන් අසන ලදි. මෙම ව්‍යාපාරය කොමියුනිස්ට් ව්‍යාපාරයකි. මිටිය සහ දෑකැත්ත සලකුණ කිසිම උපදේශයක් නැතිව අනායාසයෙන්ම පැමිණේ. වම්බාහුවේ උඩ කොටසේ පළඳින ලද රතු පටියක් ඇතිව සිටින ලෙස අපට උපදෙස් ලැබිණ. මෙය අල්ලා ගැනීමට පසු පිටත යනවිට පැළඳීමට යයි කීවේය. අපට ඔවුනොවුන් හඳුනාගැනීමට අවශ්‍ය වූ විට සංඥා වචන දෙකක්ද කියා දෙන ලදි. zzපාර හරි තදබදයි නේඳZ එක් පුද්ගලයකු විසින්ද zzනියඟට ඔහොම තමයිZZ යන වචන අනික් පුද්ගලයා විසින්ද උත්තර දිය යුතු යයිද කීවේය. සාකච්ඡාව අවසන් වූයේ ප. ව. 1.00 ට පමණය.

මම චන්නගේ ගෙදරදී ඛෙනඩික් හා චන්න සමග දහවල් අහර ගත්තෙමු. අනෙක් අය යන්ට ගියෝය. දහවල් කෑමෙන් පසු ප. ව. 2.00 ට පමණ වැල්ලවත්තේ මගේ කාමරයට මම ආපසු ගියෙමි. මට උදව් කිරීම සඳහා නන්දසේන නමැත්තෙකු එවන බවත්, ඔහු ප. ව. 4.00 ට පමණ මගේ කාමරයේදී මා හමුවන බවත් ප්‍රීති චන්නගේ නිවසේදී කියනවා මට දැන් මතකය. මේ නන්දසේන කිව් පුද්ගලයා රත්මලානේ, මූලික කාර්මික පුහුණු කිරීමේ ආයතනයේ ශිෂ්‍යයෙකි. මහමැතිවරණයට පසු ප්‍රීති මාර්ගයෙන් මට ඔහු සමුවී ඇත. ප්‍රදේශයේ ශිෂ්‍යයින් බඳවා ගැනීම් භාරව කටයුතු කළේ ප්‍රීති බැවින් මට මතක පරිදි ඔහු ව්‍යාපාරයට බඳවා ගත්තේ ප්‍රීතිය. මුහුදු වෙරළ පාරේ, මගේ නිවසට නන්දසේන කිහිපවරක් පැමිණ ඇත. ඔහු විෙජ්වීරගේ ප්‍රබල සහකරුවෙකි.

ප. ව. 4.00 ට නන්දසේන පැමිණියේ නැත. මේ වේලාවට පමණ වන විට කල්‍යාණි පාරේ විෙජ්රාජ් හමුවීමට මම ගියෙමි. වැල්ලවත්ත පොලීසියෙන් උයද තමා අත්අඩංගුවට ගෙන ජනතා විමුක්ති පෙරමුණ ගැන ප්‍රශ්න කොට පසුව මුදාහැරිය බැව්ද ඔහු මට කීවේය. එම රාත්‍රියෙහිදී පොලිස් ස්ථානවලට පහරදීමට අපට නියමිතදැයි ඔහු මගෙන්

ඇසීය. මම ඔහුට කිසිවක් නොකීවෙමි. මා ඔහු හමුවීමට යද්දී .22 වෙඩි උණ්ඩ වට 10 ක් රැගෙන ගොස් කල්‍යාණි පාරේ කඩයකදී එය ඔහුට භාර දුනිමි. කඩයට යාමට පෙර ඉහත සඳහන් කළ ආරියදාස නමැත්තෙකු අපට හමුවිය. දෙහිවල රොබට් පාරේ සෝමසිරිට ඒවා භාරදෙන ලෙස උපදෙස් දෙමින් විෙජ්රාජ්ට වෙඩි උණ්ඩ 10 දුන්නේ ඔහුද ඉදිරිපිටය. මම මුලූ ක්‍රියාව ගැනම බිය වීමි. වහාම වැල්ලවත්තෙන් පිටවී ගාල්ලේ සිටින මගේ ආච්චිගේ නිවසට යාමට මම තීරණය කළෙමි. මම වැල්ලවත්තේ සිට ලූනාව දක්වා යෑමට බස්රියකට ගොඩවීමි. ලූනාවෙන් මම පානදුරයට ගියෙමි. පානදුරෙන් ගාල්ලට ගියෙමි. ගාල්ල දක්වා මම ටිකට් පතක් ගතිමි. ගාල්ලෙන් මා සුළු මුදලකට ටිකට් පතක් ගෙන අකුරැස්ස බසයට නැග අම්පාවිල දක්වා පයින් ගමන් කොට එතැන් සිට ඉමදූවේ මහවැල්ලේ උක්වත්තගේ වත්තේ මගේ ආච්චිගේ නිවස දක්වා පයන් ගමන් කෙළෙමි.

ප. ව. 9.30 ට පමණ මගේ ආච්චිගේ නිවසට ගියෙමි. මගේ ආච්චිත්, ආතාත් එහි සිටියහ. එදින රැය මම එහි නිදාගතිමි. මම 8 වන දින දක්වා එහි සිටියෙමි. 8 වන දින උදය මම හෙයියාගොඩ, මාතර මගේ මවගේ සොහොයුරියගේ නිවසට ගියෙමි. ඇයගේ නම මල්ලිකා පෙරේරා. ඇයගේ ස්වාමිපුරුෂයා ගාල්ලේ නැෂනල් හෝටලයේ කැෂියර්ය. දූවරු තිදෙනාත් පුතුන් දෙදෙනාත් සමඟ මගේ නැන්දා ගෙදර සිටියාය. කොළඹ කලබල ඇති නිසා මා එහි පැමිණි බැව් මම ඔවුන්ට කීවෙමි. මගේ නැන්දාගේ නිවසේ නැවතී සිට ගාල්ලේ මගේ ආච්චිගේ ගෙදරට 26 වැනි දින මම ආපසු ගියෙමි.

මාතර මගේ නැන්දාගේ ගෙදරට මගේ බාල සොයුරු ධනංජය මා බැලීමට 15 වන දින හෝ නුදුරු දිනක ආ බැව් මට දැන් මතකය. පොලිසිය මා ගැන සෙවිල්ලෙන් සිටින බවත් ආපසු නොඑන ලෙසත් මට මගේ සහෝදරයා කීවේය. මගේ සහෝදරයා මාතරින් පිටත්වී ගියේය. මගේ සහෝදරයා ගොස් තුන් දවසකට පසු ඛෙනඩික්, චන්න හා මා ඉහත සඳහන් කළ පානදුරේ බණ්ඩාර යන අය මා බැලීමට පැමිණියහ. මගේ සහෝදරයාගේ මාර්ගයෙන් මා නැවතී සිටි තැන ඔවුන් දැනගත් බව ඔව්හු කීවෝය.මීලඟට කළ යුත්තේ කුමක්දැයි ඔවුහු මගෙන් ඇසුවෝය. සියල්ල යථා ත්ත්වයට පැමිණෙන තුරු කෙටි කලක් ඔවුන් සැඟවී සිටිය යුතු බැව් මම ඔවුන්ට කීවෙමි.

5 වන දින සවස පොලිස් ස්ථානවලට පහර නොගසන ලෙසට පණිවුඩයක් සුභසිංහ යැවූ බවත් අපගේ පළාතේ පොලිස් ස්ථාන කිසිවකට හෝ පහර දී නැති බවත් ඛෙනඩික් මට කීවේය. රත්මලානේ දුම්රිය නිවාසවල සිරිපාල නමැත්තෙකු අත්අඩංගුවට ගෙන ඇති බවද ඔහු කීවේය. තිදෙනාම මගේ නැන්දාගේ ගෙදර නැවතී සිට පසුදින ගියෝය. ඔවුන් පිටත්ව ගොස් දින දෙකකට පසු මගේ වැඩිමහල් සොයුරු සරත් සිල්වා මා හමුවීමට පැමිණියේය. කොළඹ සිදු වූ දේ මට කියා එදිනම සවස් භාගයේදී යන්නට ගියේය. ඇත්ත වශයෙන්ම ඔහු පැමිණියේ එම නිවසෙහි සැඟවීමේ අදහසිනි. මාද එහි සිටි බැවින් ඔහු යන්නට ගියේය. 26 වන දා පමණ මගේ සීයා සමඟ මට සැඟවීමට තැනක් සොයමින් පානදුර හොරණ මාර්ගයෙන් දෙහිඕවිටට ගියෙමි.

මගේ සීයා කලින් මුරුත්තෙට්ටුව රබර් ඉඩමක වැඩ කර ඇත. මේ ස්ථානයේ විහාරයක බෞද්ධ භික්ෂුවක් ඔහු දනියි. අපි ගොස් බෞද්ධ භික්ෂුව හමුවීමු. මා ව්‍යාපාරයට සම්බන්ධ වූ බැව් ඊට පසු විස්තර කරමින් මා එහි ටික කලකට නතර කර තබාගත හැකිදැයි මගේ සීයා බෞද්ධ භික්ෂුවගෙන් ඇසීය. බෞද්ධ භික්ෂුව එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළ නමුත් අපට ආපසු ඒමට ක්‍රමයක් නුවූ බැවින් එම රාත්‍රියෙහි එහි නැවතීමට ඔහු අපට ඉඩ දුන්නේය. පසුදින උදය මම සීයා සමඟ එතනින් පිටත්වූ අතර, සීයා මඟදී වැල්ලම්පිටියෙන් බැස්සේය. මම හොරණට ගියෙමි. එතැනින් පානදුරට ගොස් එතැනින් ගාල්ලට ගියෙමි. හොරණ සිට එද්දී බසයේදී ගල්කිස්සේ, මුහුදු වෙරළ පාරේ වාසය කළාවූ ෙජ්. එල්. මොරිසන්ස් හි සේවය කරන නිමල් නමැත්තෙකු දුටුවෙමි. මම ඔහුට කථා නොකළෙමි. නිමල් දුටු පසු ඊළඟ බස් නැවතුම් පලේදී බැස වෙනත් බස්රියක නැගී පානදුරට පැමිණ එතැනින් ගාල්ලට ගියෙමි.

මා ගාල්ලට පැමිණි පසු මගේ ආච්චි මට කීවේ මගේ මව ආ බවත් මා සොයමින් ගිය බවත්ය. මගේ මව ආච්චිට කියා තිබුණේ මට මුද්‍රණාලයක රැකියාවක් සෙවූ බවත්, මට ආපසු ගෙදර යන ලෙසත්ය. 1971.3.30 වන දින පෙ. ව. 8.00 ට පමණ මා ගාල්ලෙන් පිටත්වී, කොළඹ බලා යන බස් රියකට නැගුණෙමි. මම ප්‍රවේශ පත්‍රයක් මිලදී නොගත්තෙමි. පානදුරේදී මා බැස්සේ ගල්කිස්ස පොලිසිය මඟහැරීමටයි. පානදුරේ සිට දුම්රියෙන් කොම්පඤ්ඤවීදිය දක්වා ගමන් කළෙමි.

පානදුරේදී මට ප්‍රවේශ පත්‍රයක් තිබේදැයි කොන්දොස්තර මගෙන් ඇසුවේය. මට ප්‍රවේශ පත්‍රයක් තිබුණ බැව් මම කීවෙමි. ඔහු ප්‍රවේශ පත්‍රය ඉල්ලීය. මා ළඟ ප්‍රවේශ පත්‍රයක් නුවූ බැවින් ඔහුට ප්‍රවේශ පත්‍රය පෙන්වීමට මට නොහැකි විය. ප්‍රවේශ පත්‍රය නැතිවූ බැව් මම ඔහුට කීවෙමි. මුදල් ගෙවීමට මට ප්‍රවේශ පත්‍රයක් දෙන ලෙස මම ඔහුගෙන් ඉල්ලීමි. ඔහු මට ප්‍රවේශ පත්‍රයක් නුදුන්නේය. බස්රියෙහි නාවුක සේවකයකු ගමන් කරමින් සිටියේය. බස්රිය පානදුර පොලිස් ස්ථානයට ගෙන යන ලෙස ඔහු කොන්දොස්තරට නියම කළේය. එහිදී මා අත්අඩංගුවට ගනු ලැබීය.

පොලිස් ස්ථානයෙන් මැෂින් තුවක්කුවක් හොරාගෙන ඔහුට දෙන බැව් පොලිස් කොස්තාපල් දසනායක ඔහුට දැන්වූ බැව් සුධම්මාලංකාර හිමි කියනු මට දැන් මතකය. විප්ලව දිනයේදී පොලිසියට පහරදුන් විට ඔහු තම අවි ආයුධ භාරදෙන බැව් පොලිස් කොස්තාපල් දසනායක ඔහුට කියා ඇත. කොළඹ ප්‍රදේශය ජවිපෙ විසින් පහත දැක්වෙන සේ ඛෙදා තිබුණි. (1) මැද කොළඹ – සැවෝයි සිනමා ශාලාව පාලමේ ලඟ සිට ග්‍රෑන්ඩ්පාස් දක්වා (2) දකුණු කොළඹ – සැවෝයි පාලමේ සිට මොරටුව පාලම දක්වා (3) උතුරු කොළඹ – ග්‍රෑන්ඩ්පාස් සිට මීගමුව දක්වා, නුවර පාර නමින් දක්වන තවත් ප්‍රදේශයක්ද විය. කෝට්ටේ දිස්ත්‍රික්කය සඳහා තවත් ප්‍රදේශයක් විය. මැද කොළඹ ජ.වි.පෙ. කාර්ය සංවිධානය ඔස්මන්ඩ් සිල්වා හා මරදානේ විෙජ්රත්න භාරව සිටියෝය. එම කාර්ය සඳහාම කොළඹ දකුණ භාරව සිටියේ මා හා සුභසිංහයි. උතුරු කොළඹ භාරව සිටියේ චුක්කිය. කෝට්ටේ දිස්ත්‍රික්කය කලූ ලක්ෂAමන් හා මහත නිමල් භාරව සිටියහ. අත්තනගල්ල දක්වා නුවරපාර භාරව සිටියේ කේ.

කේ. නමැත්තෙකි. මෙකී කේ. කේ. යනු කවුදැයි මම නොදනිමි.

මා දන්නා පමණින් පහත සඳහන් නායකයින් පහත ප්‍රදේශවල සංවිධානය කාර්ය භාරව කටයුතු කළේය. කලූතර ප්‍රදේශය – නයනානන්ද විෙජ්කුලතිලක, අම්බලන්ගොඩ ප්‍රදේශය – ප්‍රේමතුංග නමැති අයෙකි. ඔහු ජීවත් වන්නේ කොහිදැයි මම නොදනිමි. ගාල්ල ප්‍රදේශය කිත්සිරි නමැත්තෙකි. ඔහු ජීවත් වන්නේ කොහිදැයි මම නොදනිමි. මාතර ප්‍රදේශය මා කලින් සඳහන් කළ පැඟිරිවත්තේ සුසිල් වික්‍රමරත්නයි. හම්බන්තොට ප්‍රදේශය ඉහත හඳහන් කළ පැන්ටිස් නොහොත් ප්‍රැන්සිස්. බදුල්ල ප්‍රදේශය මා දැක ඇති, මට හඳුනාගත හැකි අසෝක. රත්නපුර ප්‍රදේශය මට හඳුනාගත හැකි රංජිත් නමැත්තෙක්. කෑගල්ලේ සරත් විෙජ්සිංහ නමැත්තෙක්. මා ඔහු දැක ඇත. ඔහු හඳුනාගත හැකියි. පුත්තලම් – හලාවත ප්‍රදේශය වනසිංහ නමැති අයෙක්. මම ඔහු දැක ඇත්තෙමි. මට ඔහු හඳුනා ගත හැකිය. අනුරාධපුර ප්‍රදේශය අම්බලන්ගොඩ ප්‍රේමරත්න නමැත්තෙක්. මට ඔහු හඳුනා ගත හැක. පොලොන්නරු ප්‍රදේශය මට හඳුනාගත හැකි සුසිල් නමැත්තෙක්. කුරුණෑගල ප්‍රදේශය ජයකොඩි හා පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ උපාධිධර සමරතුංග නමැත්තෙක්. මට ඔහු හඳුනාගත හැකියි. ධර්මසේකරගෙන් කැඩී අපගේ ව්‍යාපාරයට බැඳුණේ ජයකොඩිය. අම්පාර ප්‍රදේශය නිශAශංක නිහාල්. දුටුවොත් හඳුනාගත හැක. මට ඉහත දැක්වූ නම් පමණක් මතක ඇත.

මා දන්නා පමණින් ජ.වි.පෙ. උසස් පෙළ නායකයින් පහත දැක්වේ:- (1) රෝහණ විෙජ්වීර (2) හික්කඩුවේ සනත් (3) වත්තල පදිංචි දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ සේවය කළ කරුණාරත්න (4) නුගේගොඩ, පැඟිරිවත්තේ සුසිල් වික්‍රමරත්න (5) ශිෂ්‍ය අංශය භාරව සිටි පියතිලක (6) මෙම ව්‍යාපාරයේ පියසිරි නමින් හඳුන්වනු ලබන ගුණරත්න බණ්ඩා හෙවත් කුලරත්න බණ්ඩා, ශිෂ්‍ය වැඩ කටයුතු වලදී පියතිලකට සහාය වෙමින් සිටියේය. ධර්මසේකර නමැත්තකු විසින් මුද්‍රණය කරන ලද පොත් සොරකම් කිරීම සම්බන්ධයෙන් මේ ගුණරත්න බණ්ඩා නමැත්තා බොරැල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා ලදි. මට දැන් පෙන්වන

ඡායාරූපයෙන් ගුණරත්න බණ්ඩා නොහොත් කුලරත්න බණ්ඩා නොහොත් පියසිරි හඳුනාගැනීමට පිළිවන. පියතිලකට සහ පියසිරිට සහාය වෙමින් සිටි එෙ`ඩ්රමුල්ලේ රාජා යන අය අයද මම  හඳුනාගතිමි.

ධනපාල වෘත්තීය අංශය භාරව සිටියේය. මදනායක 71.2.22 ජවිපෙ විසින් හයිඩ්පාක් පිට්ටනියේ පැවැත්වූ රැස්වීමේදී කථා කළ විජයවර්ධන, ඩී. ඒ. ගුණසේකර, විමලගුණේ, ධනපාලට සහාය දුන් ටී. ඩී. ද සිල් වා, ලොකු අතුල ගිනි අවි ඛෙදා හැරීම හා එකතුව සම්බන්ධයෙන් භාරව සිටීමට පොඩි අතුලගෙන් එම කාර්යය තමා වෙත පවරා ගති. කොළඹ අංශය භාරව සිටියේ උයන්ගොඩ නොහොත් සෙනෙවිරත්න නොහොත් ඌ මහත්තයා ය. අම්බලන්ගොඩ ලක්ෂ්මන් කලක් විෙජ්වීරගේ ආරක්ෂකයා ලෙස කටයුතු කළේය. ඔස්මන් නමැත්තාගේ සහෝදරයකු වූ ලෙනාඩ් කලක් විෙජ්වීරගේ ආරක්ෂකයකු ලෙස සිටි බව මම දනිමි.

විද්‍යෝදය විශ්වවිද්‍යාල ශිෂ්‍යයින්ගේ සහයෝගය ලබාදීම සම්බන්ධයෙන් වගකිව යුත්තේ එම විශAවවිද්‍යාලයේ මහින්ද විෙජ්සේකරයි. මා දන්නා තරමට විද්‍යෝදය විශ්වවිද්‍යාල සංඝාරාමය ජාතික විමුක්ති පෙරමුණ වැඩ කටයුතු සඳහා යොදා ගන්නා ලදි. පියතිලක සහ උයන්ගොඩ යන අය විද්‍යෝදයට දිනපතාම ආ ගිය අතර ඔවුහු කිහිප අවස්ථාවකදීම එහි වාසය කළහ. විද්‍යෝදය විශAවවිද්‍යාල යුධ හමුදාව මගින් පරීක්ෂණයට භාජනය කළ අවස්ථාවේදී යුද්ධ හමුදාවේ කෙනෙකු විසින් හමුදා විශ්වවිද්‍යාල භූමිය පරීක්ෂා කිරීමට පැමිණෙන බව ජවිපෙ කෙනෙකුට දැන්වූ බව සුභසිංහ කියනු මට මතක ඇත. ආරංචිය උඩ ජ.වි.පෙ. මගින් එකතු කරන ලද බෝම්බ සහ අනෙකුත් දේ රැගෙන පියතිලක, උයන්ගොඩ හා විශ්වවිද්‍යාලයේ නැවතී සිටි අනෙකුත් අය විශ්වවිද්‍යාල භූමියෙන් පිටව ගියහ. විශ්වවිද්‍යාලය ඇතුළත සඟවා තබන ලද බෝම්බ සහ අනෙකුත් දේ ගැන මහින්ද විෙජ්සේකර හොඳින් දැන සිටියේය. මම දන්නා පරිදි මහින්ද විෙජ්සේකර හැර සෝභිත හිමි, භද්දිය හිමි, බමුණුසිංහ, ඩැනියෙල් නමැත්තෙක්, සුසිල් නමැත්තෙක් සහ මට දැන් අමතක තවත් කීප දෙනෙක් මේ ගැන දැන සිටියහ.

වනාතමුල්ලේදී මා අත්අඩංගුවට ගත් දින, විෙජ්වීරගේ ප්‍රේම සම්බන්ධය ගැන කළ සාකච්ඡාවකදී දකුණු යේමනයෙන් අවි ආයුධ ගෙන්වා ගැනීමට ව්‍යාපාරය අදහස් කරන බවත් එරට අපගේ ව්‍යාපාරයට ආධාර කිරීමට සූදානම් බවත් විෙජ්වීර ප්‍රකාශ කළ බව මට මතකය. ඔහු මේ බව කීවේ සනත්ට චෝදනා කරන අතරේය. ඔහු කීවේ ඔහු සනත්ව සම්පූර්ණයෙන්ම විශ්වාස කළ බවත් පිටරට සිටියදී යේමනය සමඟ සම්බන්ධකම් ඇතිකර ගැනීමට වගකිව යුතු විරාජ් සනත්ට හ`දුන්වා දුන්නේ ඒ නිසා බවත්ය. විෙජ්වීර විසින් කරන ලද ප්‍රකාශය හැර මා දන්නා පමණින් ජ.වි.පෙ. ට විදේශීය රටක් ආධාර නොදෙන්නේය. ජ.වි.පෙ.ට ආධාර කරන වෙනත් විදේශීය රටක් මම නොදනිමි.

අපගේ අරමුදල් වැඩිකර ගැනීමේ මාර්ගයක් වශයෙන් අපගේ ප්‍රසිද්ධ රැස්වීම්වලදී උතුරු කොරියානු තානාපති කාර්යාලයෙන් ලබාගත් පොත් විකුණන ලද බැව් මම දනිමි. බොරැල්ලේ කාසල් වීදියේ ඉඩම් සංවර්ධන දෙපාර්මේන්තු සේවක සමිති කාර්යාලයේ මෙබඳු පොත් බොහෝ ගණනක් මම දැක ඇත්තෙමි. ලංකාවේ දේශපාලඥයින් කිසිවකු අපගේ ව්‍යාපාරයට ආධාර දෙන්නේද යනු මගෙන් අසන ලදි. ගම්පහ හිටපු මන්ත්‍රි එස්. ඩී. බණ්ඩාරනායක සම්පූර්ණ සහයෝගය දෙයි. ගම්පහ එස්. ඩී. බණ්ඩාරනායක මහතාගේ නිවසේදී ප්‍රේමපාල නමැත්තා විසින් පන්ති පවත්වන බව මම දනිමි. 1970 අගෝස්තු මාසයේ පවත්වන ලද ජ.වි.පෙ. ප්‍රථම රැස්වීමෙන් මාස 6කට පසු එස්. ඩී. බණ්ඩාරනායක ඔහුගේ වොක්ස්වාගන් මෝටර් රථය අපගේ ව්‍යාපාරයට පාවිච්චි කිරීම සඳහා දෙන ලද බවද මම දනිමි. විෙජ්වීර ජ.වි.පෙ. ප්‍රතිපත්ති ගැන සාකච්ඡා කොට පහත සඳහන් දේශපාලඥයින්ගේ විශ්වාසය ජ.වි.පෙ. වෙත දිනාගැනීමට උත්සාහ කළ බැව් මම දනිමි.

හබරාදූව මන්ත්‍රී ප්‍රින්ස් ගුණසේකර, ඔහුගේ සොහොයුරු ජවිපෙ සාමාජිකයෙකු බැව් මම දනිමි. බාලාතම්පෝ, එඩ්මන්ඩ් සමරක්කොඩි යන අය. ප්‍රින්ස් ගුණසේකර, බාලා තම්පෝ, එඩ්මස්ඩ් සමරක්කොඩි සහ ආනන්ද ප්‍රේමසිංහ යන අය පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා ලද සැකකරුවන් වෙනුවෙන් අය කිරීමක් නොමැතිව උසාවිවල පෙනී සිටියහ. ධර්මසේකර කණ්ඩායම වන zzමාතෘ භූමි ආරක්ෂක සංගමයZZ ට කිරිඇල්ල මන්ත්‍රී වාසුදේව නානායක්කාර සහයෝගය දුන් බැව් මම දනිමි. මේ කණ්ඩායමත් ආයුධ සන්නද්ධ විප්ලවය අනුගමනය කරයි. අධිනීතීඥ සරත් තිරාණගමගේ ගේ නායකත්වයෙන් යුත් කණ්ඩායමක් වන zzමහජන විප්ලවවාදී තරුණ පෙරමුණZZ ට මින්නේරිය මන්ත්‍රී රත්න දේශප්‍රිය සේනානායක, රත්නපුර මන්ත්‍රී නන්ද එල්ලාවල සහයෝගය දුන් බව මම දනිමි. මෙම කණ්ඩායමද ආයුධ සන්නද්ධ විප්ලවය අනුගමනය කරයි. රාජ්‍ය සේවා ලිපිකරු සංගමයේ හිටපු සභාපති අයි. ෙජ්. වික්‍රම ජ.වි.පෙ. ආධාරකරුවෙකු බව මම දනිමි. නව නගර ශාලාවේ පැවති විෙජ්වීරගේ දේශනා වලට සවන් දීමට මොහු කීප වතාවක්ම පැමිණ ඇත. ගල්ඔය සංවර්ධන මණ්ඩලයේ ඉංජිනේරුවකු වන නන්ද රනවීර විෙජ්වීර ලඟින් ඇසුරු කරන්නෙකු වන අතර ජ.වි.පෙ. ආධාරකරුවකුද වන බව මම දනිමි.

ලංකාවේ පවත්නා පහත සඳහන් විප්ලවවාදී කන්ඩායම් ගැනද මම දනිමි. zzපෙරදිග සුළඟZZ නම් පුවත්පතක් ප්‍රකාශ කරන නිමල් රණසිංහගේ නායකත්වයෙන් යුත් කණ්ඩායමත්, නිහාල් ඩයස් හා ආනන්ද ගුණතිලකගේ නායකත්වයෙන් යුත් zzප්‍රගති පෙරමුණZZ නමින් හඳුන්වන කණ්ඩායමත්, සුමිත් දෙවිනුවරගේ නායකත්වයෙන් යුත් කණ්ඩායමත් මවිසින් ඉහත සඳහන් කරන ලද කණ්ඩායම් සියල්ලම විප්ලවවාදී කන්ඩායම් බැව් මම දනිමි. මේ කණ්ඩායම ්අපගේ කණ්ඩායම් සමඟ සබැඳියාවක් නොමැති බැව් මම දනිමි. එහෙත් මේ කන්ඩායම් නායකයින් විෙජ්වීර සමඟ ආශ්‍රයක් තිබුණාද යන්න මම නොදනිමි.

ගල්කිස්ස පොලිසියේ ජයවර්ධන නමැති පොලිස් කොස්තාපල් කෙනෙකු ගැන මා ඉහත සඳහන් කරන ලදි. ඔහුගේ නම පියසේන බව මම දැන් දනිමි. මෙය මා දැන ගත්තේ මා ගල්කිස්ස පොලිසියට ගෙන පොලිස් කොස්තාපල්ගේ විස්තර පිලිබඳ ප්‍රශ්න කළ පසුය. මවිසින් ඔහුගේ ස්වරූප විස්තර කළ පසු දැනට අත්අඩංගුවේ පසුවන පොලිස් කොස්තාපල් පියසේන බැව් මට කියන ලදි.

බොරැල්ල පොලිසිය විසින් මා අත්අඩංගුවට ගත් ස්ථානය වන ඔස්මන්ඩ්ගේ නිවසේ පැවති සම්මන්ත්‍රණය ගැන මම මගේ ප්‍රකාශනයේදී සඳහන් කළෙමි. අතුලට විරුද්ධව ඉහත සඳහන් චෝදනාවලට අමතරව විෙජ්වීර එදින පහත සඳහන් චෝදනා අතුලට විරුද්ධව ඉදිරිපත් කළේය. බැංකු සොරකම් මගින් ලබාගත් රුපියල් ලක්ෂ එකහමාරක් පමණ මුදලකින් විෙජ්වීර අතට පත්වූයේ රු. 50,000 ක් පමණක් වන අතර ඉතිරි එක් ලක්ෂය අතුල අතෙහි තිබුණි. එම මුදල්වලට කුමක් වූයේදැයි විෙජ්වීර අතුලගෙන් ප්‍රශ්න කරන ලදි. අතුලට ගුවන්විදුලි ට්‍රාන්ස්මීටර් සකස් කිරීමටත්, ගුවන් විදුලි ට්‍රාන්ස්මීටර් වැඩ සම්බන්ධයෙන් සාමාජිකයින් පුරුදු කිරීමටත් පවරා තිබුණු නමුදු ඔහු පුරුදු කර තිබුණේ සාමාජිකයින් ඉතාම ටික දෙනෙකු බවත් සාදා තිබුණේ ට්‍රාන්ස්මීටර් ඉතා සුලූ ප්‍රමාණයකුත් යයි චෝදනා කළේය.

ඉහල මාදම්පැල්ලේ ධනපාල නමැත්තෙකුගේ නිවසේ ඇති සම්මන්ත්‍රණයක් ගැන මම කලින් සඳහන් කළෙමි. එම සම්මන්ත්‍රණයේදී අපගේ ව්‍යාපාරය සීඅයිඒ ව්‍යාපාරයක් බවට පැවති චෝදනා වලට විරුද්ධව අපි කථා කළ යුතු කරුණු ගැන අපි සාකච්ඡා කළෙමු. විෙජ්වීර විසින් සඳහන් කළ එක් කරුණක් නම් මෙම චෝදනා එල්ල කරන විට සීඅයිඒ නියෝජිතයින් වශයෙන් චෝදනා කොට 1950 ගණන්වලදී දොස්තර එස්. ඒ. වික්‍රමසිංහ සහ පීටර් කේනමන් විසින් හැරී අබේගුණවර්ධන, සෝමසිරි ද සිල්වා සහ ජෝ සිල්වා යන ඉහළ පෙළේ කොමියුනිස්ට්වාදීන් කොමියුනිස්ට් පක්ෂයෙන් පන්නා දැමීම වැනි

උදාහරණ ගැන අප සඳහන් කළ යුතු බවයි. එහෙත් අවුරුදු කීපයකට පසු මෙම අය නැවත පක්ෂට බඳවා ගන්නා ලදි. කොමියුනිස්ට් පක්ෂය මෙම සීඅයිඒ. සාමාජිකයින් නැවත බඳවා ගත්තේ නම් එම පක්ෂයද සීඅයිඒ ව්‍යාපාරයක් විය යුතුය. කිසියම් සාමාජිකයකු අපගේ ව්‍යාපාරය සීඅයිඒ ව්‍යාපාරයක් හැටියට යම්කිසි අවස්ථාවක චෝදනා නැගුවොත් ඒ සෑම අවස්ථාවකදීම ඉහත සඳහන් තර්කය සාකච්ඡා කළ යුතු විය.

මගේ ප්‍රකාශයේදී මම කපිල මෝටර්ස් ගැන සඳහන් කළෙමි. අපගේ ව්‍යාපාරය මගින් මිලට ගන්නා ලද වානේ තොප්පි කපිල මෝටර්ස් හි නැවත පාට කළ බැව් මට දැන් මතකයි. මා මෙම ව්‍යාපාරයට බඳවා ගත් ප්‍රේමරත්න නානායක්කාර ගැන මම සඳහන් කළෙමි

1968 පමණ ලංකාවේ කියුබානු තානාපති කාර්යාලය පැවති සමයේදී විමලගුණේ හා අනෙකුත් අයගේ කීම පිට විෙජ්වීර තානාපති කාර්යාලයට ගිය බවත් විෙජ්වීර තානාපති කාර්යාලයට යනවිට ප්‍රේමලාල් කුමාරසිරි තානාපති කාර්යාලයේ නිලධාරියකුට කථා කරමින් සිටිනු දක්නා ලද බවත්, මොහු කීවා දැන් මතකයි. මෙම නිලධාරියාට විෙජ්වීර ස්පාඤ්ඤ භාෂාවෙන් කථා කළ විට මෙ නිලධාරියා එය ඉතාමත් අගය කළ බවත්, සංවාදය අතරතුරේදී මෙම නිලධාරියා විසින් ප්‍රේමලාල් කුමාරසිරි ගැන විෙජ්වීරගේ අදහස් විමසන ලද බවත්, ප්‍රේමලාල් කුමාරසිරි රාත්‍රි සමාජ ශාලාවකට ආ ගිය, මත්ද්‍රව්‍යයන්ට ඇබ්බැහි වූ පුද්ගලයෙකු යයි විෙජ්වීර විසින් කියන ලද බවද, මේ ගැන එම නිලධාරියා සතුටු ව විෙජ්වීරට බීම වලින් සංග්‍රහ කරන ලද බවත්, කීවා මතකයි.

ඒලියන් නානායක්කාරගේ නෑනා කෙනෙකු වන කරුණාතිලක මහත්මිය නමැත්තියක් මුහුදු වෙරළ පාරේ වෙසෙන බව මට දැන් මතකය. විෙජ්වීර ඇය හොඳින් දන්නා බවත්, ඔහු නාවල සේනානායක මාවතේ එක් නිවසකට ආ ගිය බවත් ඇය දන්නා බැව් 1970 යම් දිනයකදී කරුණාතිලක මහත්මිය මට කීවාය. මා මෙය සඳහන් කළේ මේ පාර දිගේ ඇති නිවාස ධනවත් අයට අයත් බැවිනි. විෙජ්වීර මෙම ස්ථානයට ගියේ මන්දැයි මම නොදනිමි.

මෙම ව්‍යාපාරයට සහභාගිවූ තව ටික දෙනෙකුගේ නම් සඳහන් කිරීමට මම කැමැත්තෙමි. ඔවුන් නම්:- රත්මලාන මුහුදු වෙරළ පාරේ සිරිල්, ඔහු ගල්කිස්සේ zzඒZZ ලැයිස්තුවේ සඳහන් විය. රත්මලාන ජයසුමනාරාම පාරේ ටෙරි, ගල්කිස්ස zzඒZZ ලැයිස්තුවේ රත්මලානේ ඛෙනඩික්. ගල්කිස්ස zzඒZZ ලැයිස්තුවේ. මේ පුද්ගලයින් සිරිදේවගේ නිවසේ පැවති පන්තිවලට සහභාගි විය. 5 වනදා පෙ. ව. 9.00 ට වැල්ලවත්ත දුම්රිය ස්ථානය ලඟ මුහුදු වෙරළේදී ඔහු හමුවන්නට යයි ප්‍රීති මට 1971 අප්‍රියෙල් 3 වෙනි හෝ 4 වෙනි දින පැවසූ බැව් මට දැන් මතකය. මම තනිවම එහි ගියෙමි. ඔහු පැමිණ නොසිටියේය. ඔහු මෙය කීවේ zzශිෂ්‍ය අංශයZZ මට භාරදීම සඳහාය. 1971 අප්‍රියෙල් 5 වන දින පහරදීමට ඔවුහු මට සහාය වීමට නියමිතව තිබුණි. මෙම ස්ථානයේදී මට රත්මලානේ එස් ටී. ටී. අයි. හි නන්දසේන සහ තවත් මා නම් නොදන්නා 8 දෙනෙකු හමු විය. නැවතත් හමුවුවහොත් ඔවුන් කීප දෙනෙකු හඳුනාගත හැක. මට කීමට ඇත්තේ මෙපමණයි.

ඉහත දැක්වූයේ කැමැත්තෙන් කරන ලද ප්‍රකාශයකි. එය මා ඉදිරියේදී සටහන් කරන ලදි. එය ආපසු කියවූ විට ඔහු එය නිවැරදි යයි පිළිගන්නා ලදි. ඔහු විසින් කළ සම්පූර්ණ ප්‍රකාශය කිසිම වරදක් නොමැතිව මෙහි අඩංගු වී ඇත. දැන් වේලාව පෙ. ව. 4.00 යි. 71.5.18 වැනි දින යතුරු ලියනය කලේ සී. බී. ද සිල්වා මහත්මිය සංසන්දනය කළේ බී. ඒ. ධර්මදාස මහත්මිය

(71 කැරැල්ල ආරම්භයේ සිට අවසානය දක්වා පුර්ණ සමාලෝචනයක් කෘතියඇසුරෙනිවෛද් රුවන් එම් ජයතුංග)

About ජාතික බෞද්ධ බලවේගය

Ayubowan! The National Buddhist Authority (NBA) a well developed organizations which were officially battle against the Rascals who are in local society and who were engage as an international persons for poverty alleviation as a cover for proselytizing activity. We may put our advanced heritage presser which our ancestor did upon the peoples who dealing with converting our peoples for any other faith and Abuse (Insulting Speech) of our culture and the moral of Buddhist main concepts. We are secretly finding the necessary static data and also exploring entrench area and giving an “ON THE SPOT” action without thinking difficulty or danger that must be rise within sound of whom think that converting to their faith is fundamental right in our “Dhrama Dveepa”. Regarding need ness of the case we will report in writing with dates, place name or persons involved and all cases of abuse or illegal activities in the name of a religion or faith and first and last attempted to convert persons in Sri-Lanka to Buddhist organizations, temple, nearest Police Station, Grama Niladari and other local authority as well as presidency level. National Buddhist Authority eager to call upon all Sinhalese Buddhist organizations(International too) to join hands in a Endeavour to defeat the proselytizing efforts of sponsored evangelical and other NGO organizations and thereby to guard the Sinhalese Buddhist culture and tradition for posterity, Relating to their fantasy book,Fantasy Story David did killed the philistine champion who named as Goliath, then all of us too cannot fail. NOTE: This cite is not aimed at or against Christians Or Muslims or Any Other faith Holders.This site is aimed against Christians,Muslim or who ever seek or want to convert Buddhist to Christianity or Muslim or other goodish doctrine. We Buddhist refer to them as "missionaries." We Buddhist respect Christians or Muslim or other followers who maintain the doctrines of their belief, but we do not accept anyone's "right" to proselytize.

Discussion

No comments yet.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

Balawegaya Flickr Photos

More Photos

Different countries have visited this site

Free counters!
%d bloggers like this: