//
you're reading...
ඇස ගිය තැන්

තහනම් ගහේ ගෙඩි කා ශරියා නීතියට දිවි පුදන මරදානේ සුදේශි

තහනම් ගහේ ගෙඩි කා ශරියා නීතියට දිවි පුදන මරදානේ සුදේශි

මේ වන විට මැදපෙරදිග ඇතුළු රටවල සේවය කරන ශ්‍රී ලාංකිකයන්ගේ ගණන ලක්‍ෂ දහසයකට වැඩිය. වසරකට ලක්‍ෂ තුනකට ආසන්න පිරිසක්‌ විදේශ රැකියාවලට පිටත්ව යති. 2014 වසරේදී එලෙස විදේශ රැකියා සඳහා පිටත් වූ පිරිස 279,952 කි. මැදපෙරදිග රටවලට ගෘහ සේවිකාවන් ලෙස එම වසරේදී පිටත්ව ගිය ගණන 119,011 ක්‌ යෑයි මහ බැංකු වාර්තාවේ සඳහන්ය. එහි ප්‍රතිශතය වන්නේ සියයට 42.1 කි. 2013 වසරට සාපේක්‍ෂව ගෘහ සේවිකාවන් ලෙස විදේශ ගතවූ පිරිස 8148 කින් පහළ ගියද ගෘහ සේවිකාවන් ලෙස මැදපෙරදිග රටවලට කාන්තාවන් යොමුවීම විශාල ලෙස අඩුවී නැත. ගෘහ සේවිකාවන් ලෙස ශ්‍රී ලාංකික කාන්තාවන් මැදපෙරදිගට යැම බරපතළ ප්‍රශ්නයකි. මැදපෙරදිග රටවල් අතර ගත් කල ගෘහ සේවිකාවන් ලෙස ශ්‍රී ලාංකික කාන්තාවන් වැඩිපුරම සිටින්නේ කුවේට්‌ රාජ්‍යයේය.

කුවේටයේ ක්‍රියාත්මක වන නීතිය යටතේ මෙරටින් එරටට යන කාන්තාවන්ට වන හිරිහැර කරදර අපමණය. මෙහි අලුත්ම බිල්ලවී ඇත්තේ මරදානේ පදිංචිව සිට සෞදියට ගිය කාන්තාවකට එරට අධිකරණය මගින් ගල් ගසා මරා දැමීමට නියම කිරීමයි.

අපි ඇයව මෙතැන් සිට හඳුන්වන්නේ සුදේශී ලෙසය. හේතුව ඇයට විවාහක සැමියෙක්‌ද දරු තිදෙනකුද සිටින නිසාය. ඒ දරු තිදෙනාටත්, සැමියාටත් යම් සිත්තැවුලක්‌ හෝ අපහසුතාවක්‌ නොවන පරිදි සුදේශිගේ කතාව අපි ඔබට කියමු.

සුදේශි යනු ඇහැට කනට පේන කාන්තාවකි. සැමියා සමග පවුල් ජීවිතය ඇරඹූ පසු ඔවුන් වසර කිහිපයක්‌ ඉතා සතුටින් ගත කළේ කොයි කවුරුත් අලුත් පවුල් ජීවිතයක සතුට සැනසුම භුක්‌ති විඳින පරිදිමය.

මේ අලුත් පවුලට පළමු දරුවා ආ පසු සුදේශිටත්, සුදේශිගේ සැමියාටත් දැනුණ සතුට නිම්හිම් නැති එකකි. ඇය මවක වූ සතුටටත් වඩා ඔහු පියෙකු වූ සතුටටත් වඩා එහා ගිය මහා පරිමාණ සතුටකින් නිවස පිරී ගියේය. නෑ හිත මිතුරන්ද, යාළු මිත්‍රාදීන්ද තෑගි භෝග ගෙන දරුවා බලන්නට නිවසට පැමිණි දවස්‌ නිවස සැණකෙළි සිරි ගෙන තිබිණි. දෙවැනි දරුවාද, තෙවැනි දරුවාද මේ කැදැල්ලට එක්‌වූ පසු දරුවන්ගේ ඕනෑ එපාකම් නිසා නිවසේ අගහිඟ මතුවිය.

“මම රට යන්නම්” සුදේශි දිනක්‌ සැමියා සමග කීවේ දරු තිදෙනාගේත්, පවුලේ දියුණුවත් පිළිබඳ කල්පනා කරමිනි. ඒ අදහසට සැමියා එකඟ වූයේ නැත. නමුත් ටික දිනක්‌ යන විට ඔහුගේ සිත වෙනස්‌ විය. ඇය මරදානේ රැකියා ඒජන්සියකට ගියේ ප්‍රාර්ථනා පොදි බැඳගෙනය. කුවේට්‌හි ගෘහ සේවිකා රැකියාවකට ඈ තේරිණි. නමුත් කුමක්‌දොa හේතුවකට ඒ කුවේට්‌ රැකියාවට වඩා සෞදියේ රැකියාවක්‌ හොඳ යෑයි කෙනකු කී විට ඇය සෞදියේ රැකියාවකට යැමට තීරණය කළාය. දින සති බවට පෙරළී යද්දී ඇයගේ රට රැකියා සිහිනය සැබෑ වන දවස එළැඹිණි.

සුදේශි සෞදියට පිටත්ව යන්නට පෙර සැමියා සිප වැළඳ ගත්තේ දැස්‌ අග නලියමින් තිබූ කඳුළු කැට දෙකොපුල් දිග ගලා යද්දීය. මොන තරම් දරදඬු සිතක්‌ වුවද වෙඬරු පිඩක්‌ සේ උණුවන තරම් සංවේදී මොහොතේ සැමියා එතෙක්‌ සඟවාගෙන සිටි කඳුළු දැස තෙත් කර දමා තිබිණි. දරුවන්ද එලෙසමය.

ඇය සෞදියට ගියාය. කාලය ගෙවී යද්දී ඔවු නොවුන් තුළ තිබූ විප්‍රයෝගයේ වේදනාවද ටික ටික පහව යමින් තිබිණි. විටින් විට සිහිවන ඒ ළබැඳි මතකය සිහිනෙන් අතපත ගෑ මේ පවුලට නොසිතූ නොපැතූ යමක්‌ සිදුවෙමින් තිබිණි.

සුදේශි සේවය කළ සෞදියේ දැඩි අව් රශ්මිය මැද ඇය දෙස යමෙකු ඉව අල්ලමින් සිටි වග ඕ නොදන්නීය.

මෙරටින් එරටට ගොස්‌ එහි සේවය කරමින් සිටි පුරුෂයකු ඇයට හමුවන්නේ මහ නස්‌පැත්තියකට පාර කපමිනි.

උපන් රටින් ඈත්ව තනිකම, පාළුව මැද සිටි සුදේශිට ඇය උපන් රටේ පුරුෂයකු හමුවීම සිතට සැනසිල්ලක්‌ එක්‌කර තිබිණි.

දෙදෙනාගේ දැන හැඳුනුම්කම ඊයක වේගයෙන් මොවුනගේ සිත් පසාරු කරගෙන ගොස්‌ තිබිණි.

වැඩිකල් යන්නට මත්තෙන් සුදේශිගේ සිත මුළුමනින්ම දිනා ගැනීමට ඒ පුරුෂයා සමත් වී තිබිණි. සෞදිය යනු ශ්‍රී ලංකාව නොවන බවත් ඔවුනොවුන්ට අවබෝධ නොවන තැනට දෙදෙනා අන්ධ තහනම් ආලයකින් වෙලී යමින් සිටියහ.

ඔහුට ඇයවද, ඇයට ඔහුද නැතිවම බැරි තත්ත්වයක්‌ නිර්මාණය වූයේ ඇයිදැයි දෙදෙනාටම සිතෙන්නට විය.

“මේක සංසාරගත බැඳීමක්‌” ඔහු කීවේ කොයි පිරිමියාත් ගැහැනියක ඉදිරිපිටදී කියන පට්‌ටපල් බොරුවය. ඇයට සිතුණේ ඔව් මේක සංසාරගත බැඳීමක්‌ මැයි කියාය.

මරදානේ පදිංචි සැමියාද, එහි කෙළිදෙලෙන් හැදෙන වැඩෙන දරු තිදෙනාද මඳකට අමතක කළ ඇය ඔහුගේ තුරුලට පැන්නේ සංසාරගත බැඳීමට සාධාරණත්වයක්‌ ඉෂ්ට කිරීමට සිතාගෙනය.

“මේ වැඩේ හරියන්නේ නෑ. මගේ මහත්තයා ගෙදර. අනෙක මම කෙල්ලක්‌ නෙවෙයි අම්මෙක්‌. මේ වැඩේ නතර කරමු. දන්නවනේ මේ වැඩවලින් අන්තිමට වෙන දේ සුදේශී කිහිපවරක්‌ම සිය සංසාරගත පෙම්වතාට දුරකථනයෙන් ආයාචනා කළාය.

“නෑ සුදේශි, සුදේශි නැති ලෝකයක්‌ මට හිතා ගන්නවත් බෑ. අපි ඉන්නේ සෞදියේ. කවුරුවත් මේක දැන ගන්නේ නෑ” යනු කීවේ ඇය සනසවමිනි.

කාලයත් සමග මේ ඇසුරත් දළුලා වැඩුණේ තලමල පිපෙන තුරු පමණි.

සෞදියේ දැඩි ලෙස ක්‍රියාත්මක ශරියා නීතිය හමුවේ අඹු සැමියන් ලෙස හැසිරී වරදකරුවන් වුවහොත් වන විනාශය පවා ඔවුනට අමතකව ගියේ මේකී පට්‌ටපල් සංසාරගත බැඳීමට ලොල් වෙමිනි.

තලමල පිපිණි. දිනක්‌ මේ දෙදෙනාගේ අසම්මත වූත් නීතියට පටහැනි වූත් තහනම් ගසේ ගෙඩි කෑම අතටම හසුවිය.

සුදේශිගේ දෙනෙතින් ගලා ගිය කඳුළැලි බලන්නට ළඟ පාතක, සිය කසාද සැමියා හෝ දරු තිදෙනා සිටියේ නැත. ඇය පස්‌ කකා කෑ ගැසුවේ දරු තිදෙනා සිහි කරමිනි. සැකකාර ශ්‍රී ලාංකික පිරිමියා අත්අඩංගුවට ගෙන සිරගත කෙරිණි. සෞදි අධිකරණයේ විභාග වූ නඩුව අවසානයේදී තීන්දුව වූයේ “ප්‍රසිද්ධියේ අඹුසැමි ලෙස හැසිරීමේ වරද යටතේ මරදානෙන් සෞදියට ගිය සුදේශිට මැරෙන තුරු ප්‍රසිද්ධියේ ගල් ගැසීමටය. පුරුෂයාට කස පහර සියයක්‌ ගැසීමට නියෝග ලැබිණි.

දැන් ඒ තීන්දුව දී හමාරය. මේ කියන කාන්තාව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්‌ති කාර්යාංශයෙන් ලියාපදිංචි වී රට ගිය තැනැත්තියකි. විදේශ රැකියා ඇමැතිනි තලතා අතුකෝරළ මහත්මිය සිද්ධිය සැලවූ සැණින් ක්‍රියාත්මක වී ඇය වෙනුවෙන් එරට අධිකරණයට අභියාචනයක්‌ යොමු කිරීමට නිලධාරීන්ට අවශ්‍ය උපදෙස්‌ ලබාදුනි.

දැන් අපට රිසානා දුවව මතක්‌ වන එක නතර කළ නොහැකිය. පොඩි දරුවකුට බෝතලයකින් කිරි දෙන්නට ගොස්‌ ඒ කුඩා දරුවා මිය ගියේද සෞදියේදීය. අවසානයේ දී රිසානාට මරණ දඬුවම නියම විය. ඇය විදේශ ගතවී ඇත්තේ අඩු වයසිනි. ඒ සිද්ධියේදී රටක්‌ ලෙස රිසානා බේරා ගන්නට ගත් උත්සාහයද ව්‍යර්ථ විය. දැන් මරදානේ ජීවත්ව සෞදියට ගිය කාන්තාවටද ගල් ගසා මරා දැමීමට නියමිතය. දරු තිදෙනා හා සැමියා මේ සිද්ධියෙන් කබලෙන් ලිපට වැටී සිටිති.

ගෙයක්‌ දොරක්‌ සාදාගෙන දරුවන්ට හොඳට උගන්වන්නට සිතා සෞදියට ගිය ඒ මවට සිදුවූ දේ පිළිබඳව එකිනෙකාට එක එක මතක තිබෙන්නට පුළුවන. නමුත් අපේ රටේ රැකියා නොමැති කල බැල මෙහෙවරට රට යන කතට වන නස්‌පැත්තිය මෙයාකාරය. මේ එක සිද්ධියක්‌ පමණි. එනිසා රට යන කතුනගෙන් වසරකට රටට ලැබෙන විදේශ විනිමය ගැන උදම් අනා පළක්‌ නැත.

මැදපෙරදිග රටවල සේවයට යන කොයි කවුරුත් සුදේශිගේ කතාව කියවිය යුතුය.

2014 වසරේදී සෞදියේ 80,539 ක්‌ ද, කටාර් හි 84,571 ක්‌ද, කුවේට්‌වල 25,896 ක්‌ද, එක්‌සත් අරාබි එමීර් රාජ්‍යයේ 50,192 ක්‌ද, අනෙකුත් රටවල 59,215 ක්‌ද, සේවය කරන බව අප සිහියේ තබා ගත යුතුය.

ජංගම දුරකථනයක්‌ පාවිච්චි කළාටත්
තරුණියකට ගල් ගසා මරලා!

ගල් ගසා මැරීම යනු ලෝකයේ පැරැණිතම දණ්‌ඩන ක්‍රමයයි. ආදි කල්පිත මිනිසා පැන දුවන සිය ගොදුර හෝ සතුරාට පළමුවන ප්‍රහාරය එල්ල කළේ බිමින් අල්ලාගත් ගල්ගෙඩිවලිනි. පසු කාලයේදී එනම් ශිෂ්ටාචාරයේ මුල් යුගයේ සිට අද දක්‌වාම මේ ක්‍රමය පැවැත එයි. මේ ක්‍රමයට ගැහැනුන් මැරීම වැඩිපුරම සිදු වන්නේ මූලධර්මවාදී රටවලය. ඉස්‌ලාම් ධර්මයට අනුව පර පුරුෂ සේවනය සහ පර ස්‌ත්‍රී සේවනය ඉතාම නරක වරදකි. ඒ අනුව ගැහැනු පිරිමි භේද නොබලා එම වරද කරන සියලු දෙනාට ගල් පහරදී මැරිය යුතු බව මූලධර්මවාදී ඉස්‌ලාම් ආගමිකයෝ කියති. වසර 2013 බෲනායි රාජ්‍යය ඔක්‌තෝබරයේදී ගල්ගසා මැරීම, අතපය කැපීම, කස පහරදීම යන දඬුවම් සිය දණ්‌ඩ නීති සංග්‍රහයට එකතු කළේය. 2007 ඉරාකයේ මිනිසකු ඊට වසර 10 කට පෙර ස්‌ත්‍රී සේවනයෙහි යෙදීම සම්බන්ධයෙන් ගල් ගසා මරන ලදී. 2007 දී එරටම පිරිමි ළමයකු සමඟ ප්‍රේම සම්බන්ධයක්‌ පැවැත්වූ දැරියකට ඇගේ ගෙදර අය එකතු වී ගල් ගසා මරණ ලදී. වසර 2000 දී නයිජීරියාවේ 10 දෙනකු ලිංගික වැරදි (සමලිංගික සේවනයද ඇතුළුව) සම්බන්ධයෙන් ගල් ගසා මරණ ලදී. පාකිස්‌තානයේ පිටිසරබද ප්‍රදේශවලද මේ දණ්‌ඩනය ක්‍රියාත්මක වේ. වසර 2004 දී ඉරාන මූලධර්මවාදීන් දුන් කැකිල්ලේ නඩු තීන්දුවත් මෙසේය, සිය වැඩිමහළු සහෝදරයා විසින් දූෂණය කරන ලද 13 හැවිරිදි දැරියක වූ ශීලා ඉසදියාර් දැරියට ගල් ගසා මැරිය යුතු බවට තීන්දු කරන ලදී. ඇගේ සහෝදරයාට කිසිදු දඬුවමක්‌ දුන්නේ නැත. එහෙත් ජාත්‍යන්තර විරෝධය නිසා මේ තීන්දුව ඉල්ලා අස්‌කර ගැනීමට ඉරාන ආණ්‌ඩුවට සිදුවිය.

මූලධර්මවාදී අධිකරණ මඟින් මේ දණ්‌ඩනය ක්‍රියාත්මක කරන්නේ ඉතා කෲර ලෙසය. දණ්‌ඩනයට නියමිත තැනැත්තා කාන්තාවක්‌ නම් ඉඟටිය හෝ උරහිස්‌ දක්‌වාද පිරිමියකු නම් ගෙල දක්‌වාද වළලනු ලැබේ. ඉන් පසු කුඩා ගල්වලින් පහර දෙනු ලැබේ. කුඩා ගල් යොදා ගන්නේ විශාල ගල් යොදාගතහොත් ක්‌ෂණිකව මියයන නිසාය. මෙබඳු ගල් ප්‍රහාර විනාඩි 20 ක කාලයක්‌ එක දිගට එල්ල කරන අතර ඉන් පසු විත්තිකරු හෝ විත්තිකාරිය මැරෙනතුරු එසේම තබනු ලැබේ.

ගල් ගසා මැරීම කොතරම් කාලකණ්‌ණි තත්ත්වයකට පත්ව ඇත්ද යත්, ජංගම දුරකථනයක්‌ පාවිච්චි කර හසුවූ පාකිස්‌තානයේ තරුණ මාතාවකට පසුගියදා 2013 සැප්තැම්බර් මසදී ගල් ප්‍රහාරවලින් මැරුම් කෑමට සිදුවිය.

ශිරාන් රණසිංහ

 

About ජාතික බෞද්ධ බලවේගය

Ayubowan! The National Buddhist Authority (NBA) a well developed organizations which were officially battle against the Rascals who are in local society and who were engage as an international persons for poverty alleviation as a cover for proselytizing activity. We may put our advanced heritage presser which our ancestor did upon the peoples who dealing with converting our peoples for any other faith and Abuse (Insulting Speech) of our culture and the moral of Buddhist main concepts. We are secretly finding the necessary static data and also exploring entrench area and giving an “ON THE SPOT” action without thinking difficulty or danger that must be rise within sound of whom think that converting to their faith is fundamental right in our “Dhrama Dveepa”. Regarding need ness of the case we will report in writing with dates, place name or persons involved and all cases of abuse or illegal activities in the name of a religion or faith and first and last attempted to convert persons in Sri-Lanka to Buddhist organizations, temple, nearest Police Station, Grama Niladari and other local authority as well as presidency level. National Buddhist Authority eager to call upon all Sinhalese Buddhist organizations(International too) to join hands in a Endeavour to defeat the proselytizing efforts of sponsored evangelical and other NGO organizations and thereby to guard the Sinhalese Buddhist culture and tradition for posterity, Relating to their fantasy book,Fantasy Story David did killed the philistine champion who named as Goliath, then all of us too cannot fail. NOTE: This cite is not aimed at or against Christians Or Muslims or Any Other faith Holders.This site is aimed against Christians,Muslim or who ever seek or want to convert Buddhist to Christianity or Muslim or other goodish doctrine. We Buddhist refer to them as "missionaries." We Buddhist respect Christians or Muslim or other followers who maintain the doctrines of their belief, but we do not accept anyone's "right" to proselytize.

Discussion

No comments yet.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

Balawegaya Flickr Photos

More Photos

Different countries have visited this site

Free counters!
%d bloggers like this: