//
you're reading...
ඇස ගිය තැන්

රෝහණ මං ගැන යෝජනාව ගෙනාවේ නත්තල් කාලයක එංගලන්තයේදී

රෝහණ මං ගැන යෝජනාව ගෙනාවේ
නත්තල් කාලයක එංගලන්තයේදී

* මට හිරේයන්න බෑ කියලා කෑ ගහලා ඇඬුවා

* මේ කසාදෙන් නංගිට යහපතක්‌ වෙන්නෙ නෑ… හැබැයි කවදා හරි දවසක නංගි ඉතිහාසගත වෙයි කියලා පොඩි අයියා කිවුවා…

මේ විප්ලවය නොවේ…
ආදරය සහ කඳුළුය – 2

හිල්ඩා ගර්දියා අකොස්‌ටා, විප්ලවයට බට තරුණ වේගයක්‌ වූවාය. ඇය සහ චේ අතර ප්‍රේමය, විප්ලවීය මාවතේම දළු ලා වැඩෙමින් තිබුණි. “විප්ලවය මෙහෙයවන්නේ ප්‍රේමය විසින්ය” යෑයි කියූ චේ, 1959 වසරේ මාර්තු මැද්දාවේ, හිල්ඩා වෙත, විප්ලවිය භූමියේදීම සිය ප්‍රේමය ප්‍රකාශ කළේය. ප්‍රේමය සහ විවාහය පිළිබද චේගේ ප්‍රකාශනයට හිල්ඩා ලබා දෙන පිළිතුර, විප්ලවයේ දින දර්ශනය අනුව සකස්‌ වන්නේ, ඇය ද විප්ලවවාදිනියක්‌ වූ නිසාය. “මම නුඹට ආදරේ බව ඇත්ත, ඒත්, ඒ ආදරය විවාහයක්‌ දක්‌වා දුර යන්න තරම්, තවම තලත්තෑනි මදි…” ඕ පිළිතුරු දුන්නාය.

“විවාහය පිළිබදව ක්‌ෂණික තීරණයක්‌ ගැනීම සඳහා මා පසුබට වූයේ හේතු කිහිපයක්‌ මතය. ගෝතමාලාවේ සිදුවෙමින් පැවති විප්ලවය සහ මගේ මව් දේශය වූ පේරුහී සිදුවෙමින් පැවති අරගලයන් උදෙසා යමක්‌ කිරීමට මට වුවමනා විය. සමාජය උදෙසා මගෙන් විය යුතු මෙහෙවරක්‌ ලෙස මා එය සලකන ලද්දේය. මේ යුතුකම් ඉටු කිරීම සඳහා, තනිකඩයෙකු ලෙස පේවී සිටින්නට මට සිදුවිය. මගේ පිළිතුර පිළිබඳ නොපැහැදුණු, චේ කීවේ, ඒ සියල්ල පේරුවියානු කොමියුනිස්‌ට්‌ පක්‌ෂයේ මතවාදයන් බවය. පේරුවියානු කොමියුනිස්‌ට්‌ පක්‌ෂය විවාහය විප්ලවයට බාධාවක්‌ සේ සලකන බවත්, දේශපාලන ක්‍රියාකාරිකයෙකු විවාහ නොවිය යුතුය යන මතය වැරදි බවත්, හේ ගෙන හැර දැක්‌වීය. විවාහය යනු දේශපාලන ගමන් මග සංතෘප්ත කරන ක්‍රියාවලියක්‌ බව ඔහු සඳහන් කළේය. “මාක්‌ස්‌ සහ ලෙනින් විවාහ වුණා. ඒත් විවාහය කාරණයක්‌ කරගෙන ඔවුන් සිය සටන් මාර්ගය අත හැරියේ නැහැ. මේ දෙදෙනාගේම බිරියන් ඔවුන්ගේ ඉදිරි ගමනට දිරියක්‌ වුණා.” කියමින් චේ මා සමග තර්ක කළේය. එහෙත් අවසානයේදී “පසු කාලයේ විවාහ වීමට දැන් පෙම් කරමු” යන කොන්දේසියට එකඟ වීමට චේට සිදුවිය.” යනුවෙන්, තමන් විසින් රචිත “චේ සමග මගේ ජීවිතය” යන ග්‍රන්ථයේදී හිල්ඩා සඳහන් කළාය.

චිත්‍රාංගනී, හිල්ඩා පන්නයේ විප්ලවීය තරුණියක නොවූවාය. ඇයට පවුල් පසුබිමෙන් වමේ ව්‍යාපාරය අමුත්තක්‌ නොවුණාට, එය ඇයගේ ජීවන දර්ශනය නොවූවාය. ඇය සාමාන්‍ය තරුණියක්‌ මිස විප්ලවය අත දරා ගත් යකඩ ගැහැණියක්‌ නොවූවාය. විප්ලවවාදියෙකුට බිරිඳක්‌ වීමේ අහම්බය හැරුණු කොට, ඇය විප්ලවයට මුළුමනින්ම අමුත්තියක වූවාය. විඡේවීරයන් සමඟ ලද අත්දැකීම් ඇයට විප්ලවීය අත්දැකීම් නොවී ජීවන අත්දැකීම් වන්නේ එහෙයිනි.

විඡේවීර ඝාතනය වීමෙන් පසු අපරාධ විමර්ශන කොට්‌ඨාසය හමුවේ, ඇය සිය ජීවිත කතාව සාක්‌ෂියක්‌ ලෙස ලබා දුන්නාය. ඇයගේ පවුල් පසුබිම, අධ්‍යාපනය සහ විඡේවීරයන් මුලින් දුටු ආකාරය එහි සඳහන් වී තිබේ.

“පවුලේ හයවෙනියා මමයි. මා මූලික අධ්‍යාපනය ලැබුවේ වේල්ස්‌ කුමරි විද්‍යාලයෙන්. 1960 සිට 1973 දක්‌වා මා, මෙම විදුහලේ අධ්‍යාපනය ලැබුවා. 1972 වර්ෂයේ දී අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය සමත් වුණා. මා විභාගය සඳහා රසායනික විද්‍යාව, භෞතික විද්‍යාව, ජීව විද්‍යාව, ශුද්ධ ගණිතය, ක්‍රිස්‌තු ධර්මය, සිංහල සහ ඉංගී්‍රසි සඳහා ද පෙනී සිටියා. සම්මාන හතරක්‌ ලැබූ අතර, අනෙක්‌ සියලුම වැඩවලින් සමත් වුණා. ශුද්ධ ගණිතය, ව්‍යවහාරික ගණිතය, ක්‍රිස්‌තු ධර්මය සහ සිංහල සඳහා සම්මාන සාමාර්ථය ලැබුණා. වේල්ස්‌ කුමරි විද්‍යාලයේ වැඩිදුර ඉගෙනීම සඳහා ගුරුවරයකු නොසිටි හෙයින් මා, මොරටුව මහ විද්‍යාලයට ඇතුළු වුණා.

1973 වර්ෂයේ ත්‍රස්‌තවාදී කලබල සඳහා අත්අඩංගුවට ගෙන මගේ අයියා වන චනද්‍රා ප්‍රනාන්දු යාපනයේ හිර ගෙදර සිටියා. මමත් මගේ මවත් පියාත් ඔහු බැලීම සඳහා යාපනය සිර ගෙදරට ගියා. මගේ විභාග ප්‍රතිඵල ගැන අයියාට කී විට ඔහු මට කීවා ජීව විද්‍යාව අංශයෙන් ඉගෙන ගැනීමට, නැවතත් අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින ලෙස. ඉන් පසුව උසස්‌ පෙළ පන්තියේ ඉගෙන ගනිමින් සිටියා. 1973 දී නැවතත් මම විභාගයට පෙනී සිටියා. ඒ අවස්‌ථාවේ මට විශිෂ්ට සම්මාන 2 ක්‌ ද, සම්මාන 4 ක්‌ ද, සාමාන්‍ය සාමාර්ථ 2 ක්‌ ද ලැබුණා. ඉන් පසුව මා ජීව විද්‍යාව අංශයෙන් අධ්‍යාපන කටයුතු කළා. 1976 දී විභාගයට පෙනී සිටි අතර මා සමර්ථ වුණේ රසායන විද්‍යාව පමණි. නැවතත් බම්බලපිටියේ රෝයල් ඉන්ස්‌ටිටියුට්‌ ආයතනයට බැඳී ඉගෙන ගනිමින්, 1978 වර්ෂයේ විභාගයට පෙනී සිටියා. ඉන්පසු මම සාමාන්‍ය සාමාර්ථ 4 ක්‌ ලැබුවා. 1979 වර්ෂයේ බම්බලපිටියේ ජයා පාසලට බැඳී වරලත් ගණකාධිකරණය ඉගෙන ගෙන පළමු වන විභාගයට පෙනී සිට අසමත් වුණා. නැවතත් 1980 වර්ෂයේ ඉංගී්‍රසි මාධ්‍යයෙන් මෙම විභාගයට පෙනී සිටීම සඳහා මා ඉගෙන ගත්තා. එම වර්ෂයේ මම ඇක්‌වයිනස්‌ ආයතනයට බැඳී ඉංගී්‍රසි ඩිප්ලෝමා පාඨමාලාව හැදෑරීමට පටන් ගෙන තිබුණා”.

“1980 මුල සිට මා අධ්‍යාපනය කරගෙන යන අතර 1980 පෙබරවාරි මාසයේ ගම්පහ, දොස්‌තර චනද්‍රා ප්‍රනාන්දුගේ නිවසට අම්මා සමඟ ගියා. මසකට වරක්‌ මවගේ විශ්‍රාම වැටුප් ලබාගැනීමට ගම්පහට යන විට අයියාගේ නිවසට ගොස්‌ අප නැවතී සිටිනවා. මා පළමු වන වතාවට රෝහණ විඡේවීර දුටුවේ 1977 වර්ෂයේ අගභාගයේදී, ඔහු හිරගෙයින් නිදහස්‌ වූවාට පසුව. ඔහු එම්. බී. රත්නායක සමඟ මාගේ අයියා වන එච්. එන්. ප්‍රනාන්දු හමුවීමට අපගේ විල්ලෝරාවත්තේ නිවසට පැමිණියා. මේ වන විට මම, රෝහණ විඡේවීර ගැන අසා තිබුණා. මම දැනගෙන සිටියේ ඔහු චේගුවේරාකාරයකු කියලයි. 1980 දී මා සමඟ මව, ගම්පහ අයියාගේ නිවසට ගිය දෙවතාවකදී පමණ රෝහණ විඡේවීර, එහිදී දුටුවා. 1978 හෝ 1979 දී එච්. එන්. ප්‍රනාන්දුගේ මංගල උත්සවය සඳහා රෝහණ විෙ-වීර මාගේ නිවසට පැමිණියා. එහිදී මා විසින් ඔහු දැක තිබෙනවා.”

සිය සාක්‌ෂියේදී එසේ ප්‍රකාශ කළ ඇය, අප හමුවේ ඒ මතකය ගෙන හැර දැක්‌වූයේ මෙලෙසය.

“1979 නත්තල් දවසෙ එංගලන්තේ, අපේ අයියගේ ගෙදර තිබ්බ නත්තල් උත්සවේදී, රෝහණගේ හිතේ, මගේ ගැන කැමැත්තක්‌ තියෙනවා කියපු ගමන් චනද්‍රා අයියා, රෝහණගේ බෙල්ල බදාගත්තා කියලා, අම්මා මට කිව්වා. ඒ වෙන කොට චනද්‍රා අයියාගේ, ගම්පහ ඩිස්‌පෙන්ස්‌රියේදී මම, රෝහණව දැකලා තියෙනවා. ඩිස්‌පෙන්සරියයි ගෙදරයි එකට තමයි, තිබුණේ. ඒ කාලේ හැම මාසයකම අම්මයි මායි එහෙ යනවා. චනද්‍රා අයියාගේ බබාව මාසයකට එක සැරයයි අපිට බලන්න පුළුවන්. ඒ දෙන්නගේ විවාහයේ ප්‍රශ්න නිසා, බබා හිටියේ අම්මා ගාව. මාසයකට සැරයක්‌ තාත්තාට බබාව බලන්න, උසාවිය අවසර දීලා තිබුණා. ඒ දවසට නොවරදවාම අපි එහෙ යනවා. ඔහොම යන සමහර දවස්‌වලට රෝහණත් එහෙ එනවා. දවල් කෑමට එහෙමත් රෝහණ ඉන්නවා. “අම්මේ, නංගි… දැන් ද ආවේ…” කියලා රෝහණ එතකොට කතා කරනවා. මම කවදාවත් එයත් එක්‌ක කතාවට ගිහිල්ලා නැහැ.” ආ… කොහොමද රෝහණ සහෝදරයා…” කියලා අම්මා නම්, රෝහණ එක්‌ක ටිකක්‌ කතා කරනවා.

රෝහණ මට කැමති කිව්වාම චනද්‍රා අයියා එවලෙම බන්දලා දීලා ඉවරලු. එයාට එතරම්ම සන්තෝෂයක්‌ ආවාලු, රෝහණගේ කැමැත්ත ගැන. චුටි අයියාට මේ ගැන කැමැත්තක්‌ නැති නිසා, රෝහණ ගියාට පස්‌සේ, ඒ ගැන චන්ද්‍ර අයියට කියලා තියෙනවා. “රෝහණ කියන්නේ උගත්, බුද්ධිමත් කෙනෙක්‌, නංගි එහෙම නෙමෙයි, ගොඩක්‌ ළාමක කෙනෙක්‌… නංගිට කවදාවත් ඔය බර දරන්න බැහැ… හොඳ උගත්, ඩොක්‌ටර් කෙනෙක්‌, ලෝයර් කෙනෙක්‌ වගේ කෙනෙක්‌ තමයි, රෝහණට ගැලපෙන්නේ…” කියලා.

නෑනා එකපාරටම කියලා තියෙනවා” අනේ සුභාෂ්… පව් ශ්‍රීමති” කියලා… සුභාෂ් කියන්නෙත් චනද්‍රා අයියටමයි. එහෙම කිව්ව ගමන් මෙයා යක්‍ෂාරූඪවෙලා, කෑ ගහන්න පටන් ගත්තාලු. අරගොල්ලෝ ඔක්‌කොටම බණින්න පටන් ගත්තලු…” අනේ චන්ෙද්‍රd…” කියලා අම්ම කිව්වාම, අම්මටත් බැන්නලු. එදා තමයි, අයියා අම්මටත් මුලින්ම බැනලා තියෙන්නේ. ඊට ඉස්‌සෙල්ලා කවදාවත්ම අම්මට, අයියලා කවුරුවත් එහෙම කතා කරලා නැහැ. ඔය තමයි අපේ ගෙදර මුලින්ම රණ්‌ඩු පටන් ගත්ත අවස්‌ථාව.

එකපාරටම අම්මා, අක්‌කට නුහුරු ලියුමක්‌ එවලා තිබුණා. මාව ලන්ඩන් ගෙන්න ගන්න ඕනේ නැහැ, වගේ කතාවක්‌ එකේ තිබුණා. එහෙ ආවේ නැතත්, ලංකාවේදී ඉගෙන ගන්න පුළුවන්නේ, වගේ කතාවක්‌ එකේ තිබිලා තියෙනවා. අම්මලා එහෙ ගියේ අවුරුද්දක්‌ විතර ඉඳලා එන්න. මෙන්න… එක පාරටම මාස හයකින් විතර, පෙබරවාරි මාසේ දොලොස්‌වැනිදා, මේ ගොල්ලෝ ලංකාවට එනවා. ඒ ආවාම අම්මගේයි, මගේ නෑනා, නීලා අක්‌කගේ මුණත්, ඒතරම් හරි නැහැ වගේ…

අපේ අක්‌කගේ පුතාගේ පළවෙනි උපන් දිනය තිබ්බේ, පෙබරවාරි දහ තුන. ඒ කියන්නේ අම්මල ආවත් එක්‌කම. එතැනදී චන්ෙද්‍ර අයියා මට කතා කළා.” සුදු නංගි මෙහෙට එන්න…” කියලා. එයා මට පොඩි නංගි කියනවා… සුදු නංගි කියනවා. මට වාඩිවෙන්න කිව්වා. මගේ ඔලූව එහෙම අත ගාලා , “මම මේ කියන දේ හොඳට අහගන්න.” කියලා, එයා විස්‌තරේ කිව්වා. මම එතැනම කෑගහලා ඇඬුවා. මම කිව්වෙම “මට හිරේ යන්න බැහැ…” කියලා. මට වඩා අවුරුදු දහ තුනක්‌, රෝහණ වැඩිමල්. මම ඒකටත් කැමති වුණෙත් නැහැ. එදා ඉඳන් මාසයක්‌ම මම ඒ ගැන හිතලා ඇඬුවා…”

දහතුන නපුරු යෑයි කිතුනු භක්‌තිකයන් අතරේ විශ්වාසයක්‌ පැමිණියේ, ඡේසුස්‌ වහන්සේ සමඟ අවසාන රාත්‍රී භෝජන සංග්‍රහයට ගෝලයන් දහ තුන් දෙනෙකු එක්‌ වීම නිසා බව කියෑවේ. චිත්‍රාංගනී ද උපතින් ම කිතුණු භක්‌තිකාවක වූවාය. ඇයගේ ජීවිතයට රෝහණ එළඹෙන්නෙද දහතුන් වෙනිදා දවසකය. චනද්‍රාගෙ අයියා හෙවත් වෛද්‍ය චනද්‍රා ප්‍රනාන්දු විසින් සිය නැගණියට විඡේවීරයන් වෙත කැමැත්ත දෙන්නයෑයි කියන්නේ, 1980 වසරේ පෙබරවාරි දහතුන් වෙනිදාය. විඡේවීරයන් ඇයට වඩා වසර දහතුනක්‌ වැඩි මහල්ය. ඔවුන්ගේ දෛවය වටා දහතුන තවත් වාර ගණනාවක්‌ම හොල්මන් කළේය.

ඉසියුම් හැඟුම් විරහිත

තනිකං දොසින් ආතුර

මැදියම් දිවිය පැමිණුනි

මැදියම් රැයට පළමුව

හැර දමා දොරගුළු

සිඳ බිඳ දමන්නට

එකදු වළඳක්‌ නැති

පාළු ගෙදරකි දිවියම

ඉකුත් සිසිරයෙ හමුවුණු

රුහිරු මේපල් තුරු පත

සමාදානයෙ සැතපෙන

දෙණකි සිහිලැති හදවත

හිම පියලි පිස පිවිසෙන

පොල්මඃකාර හුළඟට

අතීතය පවරමි

සින්නක්‌කරේට ම

දැන් ඉතින් දහතුන

නපුරුයි කියන්නට

කාටවත් නො හැකිය

නපුරු හිතකට මිස.

යෑයි, මංජුල වෙඩිවර්ධන, ‘මගේ ආදරණීය යක්‌ෂණී’ නව කතාවේදී සනිටුහන් කළේය. නමුත් හිතුවාටත් වඩා දහ තුන ඔවුනට නපුරුකම් කළේය. නපුරු හිතක්‌ හීනෙන්වත් නොතිබුණු, සමනළියක්‌ සේ ජීවිත උයනේ සැහැල්ලුවෙන් පියඹා ගිය ඇයට තිබුණේ, ලන්ඩන් නුවරට ගොස්‌ එහි ජීවත් වන හීනයක්‌ මිස අනෙකක්‌ නොවේ. ඒ සියලු බලාපොරොත්තු ගසාගෙන යන උදම් රළක්‌, ඇයගේ ජීවිතයට දැන් ඇතුල් වී තිබේ.

“එච්.එන්. අයියා මට හරි ආදරෙයි. ඇත්තටම එයා මට තාත්තා කෙනෙක්‌ වගේ. එයාටත් වඩා රෝහණ වැඩිමල්. රෝහණ ඉපදුණේ, 1943 අවුරුද්දේ ජුලි දාහතර වෙනිදා. ප්‍රංශ විප්ලවය වෙලා තියෙන්නෙත් ජුලි දාහතර වෙනිදා වගේ දවසක. එච්.එන්. අයියාත් ඊට පස්‌සේ, ගෙදර ඇවිත් මා එක්‌ක කතා කළා. “නංගි… ඔය යු.ඇන්.පිය, ශ්‍රී ලංකා වගේ පක්‌ෂයක්‌ තමයි, දැන් ෙ-වීපී එක කියන්නේ. හැත්තෑ එකේ වගේ නෙමෙයි, බය වෙන්න දෙයක්‌ නැහැ…” කියලා ලොකු අයියා මට කිව්වා. ඒ පාර මම කිව්වා, රෝහණ මට වඩා වැඩිමල් කියලා. “ඉතින් බලන්නකෝ, අම්මාට වඩා තාත්තා අවුරුදු 16 වැඩිමල්නේ… ඒ වුණාට දෙන්නා ලස්‌සනට ජීවත් වුණානේ…” කියලත් ලොකු අයියා කිව්වා. එහෙම කියලා එයා අන්තිමට කිව්වා, “හැබැයි, නංගිගේ අතේ තමයි, අන්තිම තීරණය තියෙන්නේ…” කියලා.

ඊට පස්‌සේ යක්‌කල ඉන්න අයියා ආවා. එයාගේ නම තිලක්‌ ශාන්තිලාල් ප්‍රනාන්දු. එයා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා උපාධිධාරියෙක්‌. එතකොට සුදු අයියා, ඒ කියන්නේ, දොස්‌තර චනද්‍රා ප්‍රනාන්දුත් ගෙදරට ආවා. “සුදු අයියේ… රෝහණ කියන්නේ, වැදගත් පුද්ගලයෙක්‌. අපිත් ගරු කරන පුද්ගලයෙක්‌. හැබැයි, සුදු අයියේ නංගිව රෝහණට දෙන්න එපා…” කියලා, පොඩි අයියා කිව්වා. එහෙම කියපු ගමන් සුදු අයියා, පොඩි අයියා එක්‌ක රණ්‌ඩු වුණා. මිට කළින් කවදාවත්ම අපේ ගෙදර එහෙම රණ්‌ඩු තිබුණේ නැහැ අන්තිමට පොඩි අයියා අපේ ගෙදර කෑම මේසයට, අත මිටි මොළවලා ගහලා, මෙහෙම කිව්වා, අදටත් මට වටින වාක්‍යය ඒකයි. “සුදු අයියේ… කවදාවත් මේ කසාදෙන් නංගිට යහපතක්‌ වෙන්නේ නැහැ. හැබැයි, කවදා හරි දවසක නංගි ඉතිහාසගත වෙයි. රෝහණව බැන්දා කියලා ඉතුරුවෙන්නේ එච්චරයි…” එහෙම කියලා පොඩි අයියා ගෙදරින් යන්න ගියා.

විප්ලවවාදියෙකුගේ විවාහය සඳහා ඇති කැමැත්තද, සහකාරියගේ ගෙදර විප්ලවයකට භාජනය කර තිබේ. විවාහය සහ විප්ලවය එක මග ගමන් නොකරන බැව්, සමහරක්‌ විප්ලවවාදීහු විශ්වාස කරති.

විවාහ නොවන්නේ ඇයිදැයි, කාලයකට පසු හමුවූ, පන්තියේ මිතුරෙකු වූ ජායි දේව් ගුප්ත විසින් භගත් සිං ගෙන් විමසා සිටියේය. “මං තෝරා ගත්ත මාර්ගයේ ඕනෑම මොහොතක, ඕනෑම දෙයක්‌ සිදු වෙන්න පුළුවන්. මගේ බාප්පලා දෙන්නගෙම පුංචි අම්මලා දෙන්නා වැන්දඹුවෝ වුණා. ඉතිං තව කෙනෙක්‌ වැන්දඹුවක්‌ කරන්න ඕනෙද…?

චිබිල් දාස්‌ විවාහවීම සඳහා සැරසෙන විට භාගත් සිං ඒ ගැන විරෝධය පළකළේය.” මගේ වැඩ කටයුතුවලට බාධාවක්‌ නොකරන ඒවාට සහයෝගය දෙන සහකාරියක්‌ ලැබුණොත් ඔබ මොකද කියන්නේ…? ඒ සඳහා නිදසුන් තුනක්‌ මම කියන්නම්… සුන්යත් සෙන් මහත්මිය, ලෙනින්ගේ බිරිඳ, කාල් මාක්‌ස්‌ගේ සහකාරිය…? එවිට භගත් සිං පැවසුවේ “ගුරු ඔබව තර්ක කරලා පරදන්න පුළුවන් කාටද…?” යනුවෙනි.

භගත් සිං හැකි ඉක්‌මනින් විවාහ දිවියට පත් කිරීම, ඔහුගේ මිත්තනියගේ අභිප්‍රාය විය. මනාලියක්‌ ද තෝරා ගෙන පාරම්පරික චාරිත්‍රානුකුලව ඒ සඳහා දිනයක්‌ ද යොදා ගනු ලැබුණි. විවාහ නොවීමේ තම අධිෂ්ඨානය දෙමව්පියන්ට පැහැදිලි කර ගත නොහැකිව සිටි සිං හට, හදිසියේම විප්ලවීය නායකත්වයෙන් කැඳවීමක්‌ ලැබුණි. ඒ සැනින්ම හෙතෙම ලාහෝරයේ සිය නිවසින් පිටත්ව, කාන්පුර් බලා පිටත් විය. පිටත්ව යැමට පෙර ඔහු සිය පියා හමුවේ, මේ සටහන තබා ගියේය.

“මගේ ජීවිතය, ගෞරවනීය අරමුණක්‌ වෙනුවෙන් කැප කර තිබේ. එනම් මව්බිමේ නිදහසයි. එයින් පරිබාහිරව මා පොළඹවා ගත හැකි වෙනත් අභිප්‍රායක්‌ මේ මිහිපිට නැත්තේය. මගේ උපනයන උත්සවයේදී, බාබු, මා රට වෙනුවෙන් පුද කළ බව ඔබට මතක ඇතැයි සිතමි. මා සූදානම් වන්නේ, එම අභිප්‍රාය සාක්‌ෂාත් කිරීමටය. ඔබ මා වෙත සමාව දෙනු ඇතැයි විශ්වාස කරමි. ඒ අනුව මගේ පෞද්ගලික සංතෘෂ්ටිය පසෙක ලා රට වෙනුවෙන් කැපවීමට පිටත්ව යමි.”

ලබන සතියට…

මනොඡ් අබයදීර

https://en.wikipedia.org/wiki/Rohana_Wijeweera

Death

On November the 13th 1989 Rohana Wijeweera was shot dead.[6] To this day Wijeweera’s death is a subject of mystery and intrigue.[7] Many versions of his death were circulated following the incident. The Sri Lankan Army stated that he had been shot in a confrontation between members of the JVP and the Army when he was taken by the Army under custody to help look at a JVP safe house. Another rumour circulated that he was taken to a cemetery, shot in the leg and then summarily executed by being burnt alive in the crematorium. The official line from Minister of State Defence Ranjan Wijeratne‘s press brief was that Wijeweera and a fellow JVP member H.B. Herath had been taken to the safe house to help the Army locate part of the JVP’s “treasure”, while the search was in progress Herath had pulled out a gun and shot Wijeweera dead.[6] It is held by many however that the Army, at the behest of the Government were responsible for his death, that it was politically motivated assassination.[8][9] Indeed, the Government itself gave conflicting answers, Foreign Minister A. C. S. Hameed corroborated Defence Minister Wijeratne’s account that Herath had shot at Wijeweera, but states that the Army subsequently opened fire upon the two, killing both.[8] The closest account of events leading up to Wijeweera’s death surfaces from Major-General Sarath Munasinghe who recounts the situation in his book A soldier’s version:

“The time was 11.30pm. We reached the premises of HQ ‘Operation Combine’. There were many officers of other services too. We were conducted to the conference table where Rohana Wijeweera was seated. I was given a chair just opposite Wijeweera across the table. I commenced having a conversation with him. Mr Ernie Wijesuriya, director, National Intelligence Bureau, his deputy and some others were present. I spoke to Rohana Wijeweera at length.

Whenever I questioned him in English, he answered in Sinhalese. In fact, he asked me whether I knew the Russian language. I replied in the negative. Rohana Wijeweera told me that his second language was Russian. He told me all about his personal life, initially at Bandarawela and later at Ulapane in Kandy. He was reluctant to talk about the activities of the JVP.

While this discussion was going on, the ‘Operation Combine’ commander was with his deputy in the adjoining room, which was his office. Just past midnight, the deputy Defense Minister General Ranjan Wijeratne walked in and sat at the head of the conference table. Gen Wijeratne asked few questions, but Rohana Wijeweera did not respond. Gen Wijeratne joined the ‘Operation Combine’ commander in his office. We continued with our conversation. We had many cups of plain tea (dark tea), while talking. I made a request to Rohana Wijeweera to advise his membership to refrain from violence. He agreed after persuasion. So we managed to record his words and also his picture in still camera.

After some time, a well-known Superintendent of Police arrived at the HQ Operation Combine. As the police officer walked in, he held Rohana Wijeweera’s hair from the rear and gave two taps on Wijeweera’s check. Wijeweera looked back, and having identified the officer said, ‘I knew it had to be a person like you’. The police officer joined the Minister and Operation Combined Commander. We continued with our conversation. Wijeweera related a few interesting stories. One day, a group of JVP activists had visited the residence of Nimal Kirthisri Attanayake [Rohana Wijeweera] at Ulapane. They demanded money for their movement. Wijeweera responded quickly by giving Rs 100. The youngsters did not have a clue about their leader. Wijeweera was full of smiles when he divulged this story.

The time was around 3.45am on 13 November 1989. I was informed to conclude the questioning and to take Rohana Wijeweera downstairs. Together we walked downstairs and were close to each other. Wijeweera held my hand and said, ‘I am very happy I met you even at the last moment. I may not live any longer. Please convey my message to my wife’. Rohana Wijeweera’s message contained five important points. They were all very personal matters concerning his family.

Moments later, Wijeweera was blindfolded and helped into the rear seat of a green Pajero. Two people sat on either side of Wijeweera. There were others at the rear of the vehicle. Just then a senior police officer arrived near the vehicle. I politely rejected his invitation to join them. The Pajero took off. I joined Col Lionel Balagalle standing near the main entrance of the Operation Combine HQ building. We were having a brief chat when a senior officer came downstairs to get into his car. We greeted him. He was in a very good mood. But the atmosphere changed all of a sudden. A military police officer appeared in front of us. The senior officer blasted him for not accompanying Wijeweera and party. The military officer dashed towards his vehicle and sped away. The senior officer departed. We also went home thinking of a good sleep.

Late in the morning I was busy getting Wijeweera’s photograph printed. No one would recognise Wijeweera without his beard. So I had to seek help and add the beard to Wijeweera’s photograph. It was done very well. Late in the afternoon there was a press conference at the Joint Operation Command. Minister Ranjan Wijeratne briefed the press. ‘Wijeweera and HB Herath [another JVP leader] had been taken to a house just outside Colombo, where the JVP had hidden part of their treasure. While the search was in progress, Herath pulled out a pistol and shot Wijeweera dead’. The minister went on to give more details. Subsequent to the killing of Wijeweera, violence by the JVP ceased gradually and there was peace in the country, except in the north and east.”[6]

Rohana Wijeweera – (ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර සහෝදරයා)

About ජාතික බෞද්ධ බලවේගය

Ayubowan! The National Buddhist Authority (NBA) a well developed organizations which were officially battle against the Rascals who are in local society and who were engage as an international persons for poverty alleviation as a cover for proselytizing activity. We may put our advanced heritage presser which our ancestor did upon the peoples who dealing with converting our peoples for any other faith and Abuse (Insulting Speech) of our culture and the moral of Buddhist main concepts. We are secretly finding the necessary static data and also exploring entrench area and giving an “ON THE SPOT” action without thinking difficulty or danger that must be rise within sound of whom think that converting to their faith is fundamental right in our “Dhrama Dveepa”. Regarding need ness of the case we will report in writing with dates, place name or persons involved and all cases of abuse or illegal activities in the name of a religion or faith and first and last attempted to convert persons in Sri-Lanka to Buddhist organizations, temple, nearest Police Station, Grama Niladari and other local authority as well as presidency level. National Buddhist Authority eager to call upon all Sinhalese Buddhist organizations(International too) to join hands in a Endeavour to defeat the proselytizing efforts of sponsored evangelical and other NGO organizations and thereby to guard the Sinhalese Buddhist culture and tradition for posterity, Relating to their fantasy book,Fantasy Story David did killed the philistine champion who named as Goliath, then all of us too cannot fail. NOTE: This cite is not aimed at or against Christians Or Muslims or Any Other faith Holders.This site is aimed against Christians,Muslim or who ever seek or want to convert Buddhist to Christianity or Muslim or other goodish doctrine. We Buddhist refer to them as "missionaries." We Buddhist respect Christians or Muslim or other followers who maintain the doctrines of their belief, but we do not accept anyone's "right" to proselytize.

Discussion

No comments yet.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

Balawegaya Flickr Photos

More Photos

Different countries have visited this site

Free counters!
%d bloggers like this: