//
you're reading...
ඇස ගිය තැන්, උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිෂන් සභා වාර්තාව සදහා සිහළ බොදු පිළිතුරක්, කොටි තර්ජන නිසා බිෂොප් පදවිය අත්හැරීම, කොටි බල වඩන පුජකයෝ, කොටි හිතවාදී විශ්වවිද්‍යාලය, ජයලලිතා ජයරාම්, ජාති වාදය, ත්‍රිවිද හමුදාවට පොලිසියට පහරදෙන්නේ ශාන්තුවර්යෝද නැත්නම් අන්තවදින්ද ?, දෙමළ ජාතිවාදය ද පරාජය කරමු, දෙමළ බෙදුම්වාදී දේශපාලනයේ කාටත් නොවැටහෙන තුප්පහිකම, දේශ පාලකයෝ සැමවිට එක දෙක කරන්නේ ඇයි? Why do politicians often exaggerate ?

එදා වීරයෙක්‌ කියලා මල්මාලා දාපු පුතාට අද මාංචු දාලා පුතා යුද්දෙට ගිය කාලෙදිවත් මෙහෙම දුකක්‌ අපි වින්දේ නෑ

එදා වීරයෙක්‌ කියලා මල්මාලා දාපු පුතාට අද මාංචු දාලා
පුතා යුද්දෙට ගිය කාලෙදිවත් මෙහෙම දුකක්‌ අපි වින්දේ නෑ
විලංගුලා සිටින බුද්ධි අංශ නිලධාරීන්ගේ ඥතීහු කතා කරති…


* මම රට රකින්න පුත්තු දෙන්නෙක්‌ම
හමුදාවට දුන්නු අම්මා කෙනෙක්‌…
* ජනධිපති මෛත්‍රී ඝාතනයට පැමිණි
ශිවරාසාටත් පොදු සමාව…

හෝමාගම අධිකරණ භූමියේ කොනකට වී මම දැස්‌ දල්වා බලා සිටියෙමි. ඒ ඔවුන් පැමිණෙනතුරුය. එසේත් නැතහොත් රැගෙන එනතුරුය. දිනය ඉකුත් දෙසැම්බර් තිස්‌ වැනිදා විය. කුමක්‌දොa වේදනාවක්‌ සමග මගේ සිත ඇත්තේ හැඟීම්බරව ගොසිනි.

සශ්‍රීක සෘතුවක අවසානයේ ආරම්භ වූ උපන් බිමේ ස්‌වෛරීත්වය, ප්‍රෙෘඪ බව සහ අභිමානය වටහා නොගත් භාවිතාවක්‌ තුළ යළි යළිත් වළටම පා තබන්නට සැරසෙන කෙළෙහිගුණ නොදන්නා මිනිසුන් සිටින යුගයක තවත් එක්‌ සප්‍රාණික පංචස්‌කන්ධයක්‌ වීමට සිදුවීම ම මගේ ඒ වේදනාවට හා හැඟුම්බර බවට හේතු වී ඇත.

නමුත් මෙසේ රටට ඒ යථාර්ථය පෙන්වා දෙනු හැර සිත කොතෙක්‌ රිදුම් දුන්නද වෙන කිසිත් කරන්නට මට නොහැකිය. එය මොනතරම් අභාග්‍යයක්‌ද? තවත් අඩ හෝරාවක පමණ කාලයක්‌ ගෙවී ගියේය. අධිකරණය ඉදිරිපිට මාර්ගයේ ඈත කොනකින් මතුවූ නිල් පැහැති බන්ධනාගාර බස්‌ රථයක්‌ පිම්මේ ඇදී එනු මගේ නෙත ගැටිණි.

මම වේගයෙන් එන බන්ධනාගාර බස්‌ රථය දෙස බලා මොහොතක්‌ කල්පනා කළෙමි. එදා මෙන් නොව, මේ අද දවසේ ඔවුන්ගේ සම්ප්‍රාප්තිය සිදු වන අන්දමය. මාර්ගය දිගේ අධිකරණ භූමිය දක්‌වා පැමිණි බන්ධනාගාර බසය එහි කොනක නතර කෙරිණි. තවත් නිමේෂයකදී වේලුපිල්ලේ ප්‍රභාකරන් නම් වූ ඒ මිනී මරුවාගෙන් සමස්‌ත ජනතාවත්, රටත් ගලවා ගන්නට අපමණ මෙහෙවරක යෙදුණා වූ ඔවුහු පහත් කරගත් හිසින් යුතුව බන්ධනාගාර බසයෙන් පිටතට එන්නට වූහ.

අනතුරුව දෙදෙනා බැගින් එක්‌ව එකිනෙකාගේ අතට වැටුණු විලංගුද සමගින් ඔවුහු අධිකරණය වෙත පිය මැන්නාහ.

ඒ අන් කිසිවකුත් නොව, අද දවසේ ප්‍රගීත් එක්‌නැලිගොඩ ඝාතනයේ සැකකරුවන් යෑයි නම් කර සිටිනා යුද හමුදා සන්නද්ධ බුද්ධි බළකායේ ලුතිනන් කර්නල් සම්මි කුමාරරත්න, ලුතිනන් කර්නල් ප්‍රබෝධය සිරිවර්ධන, ලුතිනන් අබේරත්න, මාණ්‌ඩලික සැරයන් ආර්.එම්.පී.කේ. රාජපක්‍ෂ, සාජන් මේජර් උපසේන සහ කෝප්‍රල් රවීන්ද්‍ර රූපසිංහ යන රණවිරුවෝය.

ඔවුන්ගේ ඒ අසරණ ගමන දකිත්ම එදා මේ මාතෘ භූමිය සහ රණවිරුවන් පිළිබඳ අපේ හදවත් මහා ලෙන්ගතුකමකින් පුරවා ලූ, මියුරු හඬකින් ගැයුණු ඒ අපූර්ව ගීතය මගේ මතකයට නැගිනි. ගීත රචක නයනානන්ද පෙරේරා රචනා කළ රංග දසනායකගේ සංගීතයට අනුව රංජන සාලිය පෙරේරා ගායනා කළ එම ගීය මගේ දෙසවන්හි නින්නාද වන වගක්‌ මට දැනෙන්නට විය. ඒ එකී ගීතයේ වූ අපූර්වත්වය ශෝකාලාපයක්‌ බවට පෙරළෙමිනි.

“මුහුද දෙබෑ කරන..
“අහස පොළොව සිඹින..
“රටට සෙනෙහේ පුදන..
“ලෙයින් මසින් සැදුන..

“සැබෑ පියෙකි දරු දහසකී..
“මුළු රටේම ලේ නෑයෙකී..
“අපේ එකෙකි සිය දහසකී..
“මේ දරුහට මව් දහසකී..

“යෞවනයේ මේ සගයා..
“අපට නොහැකි දේ කරනා..
“අපෙන් එකෙකි මේ මිනිසා..
“අපෙන් එකෙකි මේ මිනිසා..

ඉකුත් යුද සමයේ මේ ගීතය දෙසවන්හි ගැටෙද්දී හදවතට දැනුණු ආඩම්බරකාර හැඟීම් වචන කරන්නට හැකි වූ කිසිවකුත් මේ බිමේ ජීවත් වූයේද? මට සිතෙන පරිදි නම් එවැන්නකු සිටියේ නැත.

එය දෙසවනට ඇසෙද්දී සියල්ලෝ කළේ සුරත ගෙන පපුවට තබා දෙනෙත් විශ්වය දෙසට හරවා යක්‍ෂයාගෙන් අප ගලවා ගන්නට ජීවිත පරිත්‍යාගයෙන් සහ ලේ, දහදිය, කඳුළු මතින් අනේක කැප කිරීම කර සතුරා ඉදිරියට ගියා වූ ඔවුනට තිස්‌තුන් කෝටියක්‌ දෙවි දේවතාවන්ගේ ආශීර්වාදය ප්‍රාර්ථනා කිරීම වූහ.

සතුරු උණ්‌ඩ වරුෂා මැද එකා පිට එකා මැරී වැටෙද්දීත් අප සුරකින්නට පෙරට යන රණවිරුවන්ට සෙත්පතා ගමේ පන්සලේ බෝධි පූජාවක්‌ නොපැවැත්වූවකු අප අතරේ නොසිටියේය.

නමුත් ගෙවුණු කෙටි අතීතයේ එසේ වුවද මේ දැන් මොහොතකට පෙර මගේ නෙත් මානයෙන් දැතේ වූ යකඩ විලංගුද සමග එකා පසු පස එකා ලෙස සිටිමින් අධිකරණ ශාලාවට ගියේ අප එදා දෙවි රැකවරණ පැතූ ඒ විරුවෝමය.

එසේත් නැතහොත් අපට නොහැකි දේ අප වෙනුවෙන් කළ අපේ මිනිස්‌සුය. නමුත් අද ඔවුන්ගේ ඉරණම කොතරම් ෙ€දනීය වී තිබේද? මට එය වචන කළ නොහැක. සිදුව තිබෙන වෙනස ඒ තරමටම පිළිකුල් සහගතය.

ඔවුන් අධිකරණ ශාලාව තුළට යැමෙන් පසු මම අධිකරණ භූමිය සිසාරා බැල්මක්‌ හෙලුවෙමි. මිනිසුන් දෙතුන් දෙනකුට මැදිවී කාන්තාවන් පිරිසක්‌ තැනක සිටිති. ඔවුන් අතරේ අත රැඳි ලේන්සුවක්‌ දැසට සිරකරගෙන ඉකි බිඳිනා මාතාවන් දෙදෙනෙකි.

ඒ ලුතිනන් කර්නල් ශම්මි කුමාරරත්නගේ සහ ලුතිනන් කර්නල් ප්‍රබෝධය සිරිවර්ධනගේ මවුවරුන්ය. ඒ මාතාවන් දෙදෙනා සමග ෂම්මිගේ සහ සිරිවර්ධනගේ බිරින්දැවරුන් සහ ලුතිනන් අබේරත්න, මාණ්‌ඩලික සැරයන් රාජපක්‍ෂ, සාජන් මේජර් උපසේන සහ කෝප්‍රල් රූපසිංහ යන විරුවන්ගේ බිරින්දැවරු හා ඥතීහු එහි සිටියහ.

එක්‌නැලිගොඩ සිද්ධියේ සැකකරුවන් කර සිටින මේ සියලු විරුවන්ගේ මවුවරුන්ට, පියවරුන්ට, බිරින්දැවරුන්ට සහ ඥතීන්ට අද උරුමව ඇත්තේ කඳුළ පමණක්‌ම යන්න අමුතුවෙන් කිවයුතු නොවන්නකි. මොහොතක්‌ ඔවුන් දෙස බලා සිටි මා අනතුරුව ඒ දෙසට යන්නට වූයේ ඒ කඳුළු කතාව ඔවුන්ගෙන්ම අසා දැන ගන්නා අදහස ඇතිවය.

නමුත් එහි ගිය මට ඒ මව්වරුන්ගේ දැසින් ගලා යමින් තිබූ කඳුළු දැක හදවත මොහොතකට නතර වූවාක්‌ මෙන් දැනෙන්නට විය. දරු දුක හමුවේ ඉකි බිඳ හඬා වැටෙන වයෝවෘද්ධ මාතාවන් දෙදෙනෙක්‌.. ඒ සමග දුක හදවතේ තද කරගෙන සිටියද නොදැනීම ගලා යන කඳුළු සමග ඒ මාතාවන්a සනසන්නට වෙර දරන තරුණ බිරින්දැවරු හය දෙනෙක්‌.. එය මොනතරම් සංවේදී දසුනක්‌ද?

ඔවුන්ට පොලිසිය, අධිකරණය යන්න නුහුරුය. නුපුරුදුය. ඒ ගෙවුණු ජීවිතයේ කිසිදු අවස්‌ථාවක එවන් තැනකට පය ගසා නොතිබුණු නිසාය. එහෙත් අද ඔවුහු අධිකරණ භූමියකට වී දුක වාවාගත නොහැකිව ඉකිබිඳිමින් සිටින්නාහ. ඒ කුමන වරදක්‌ කළ නිසාද?

ප්‍රභාකරන් නම් වූ මිනී මරුවා අප වැනසූ ගෙවුණු අතීතයේදී මේ අම්මලාට ආදරයෙන් හිස අතගා බත්කටක්‌ කවන්නට තම පුතුන් නිවසේ නොසිටියේය. ඒ බිරින්දැවරුන්ට සිය සැමියන්ගේ ආදරය කරුණාව හිමි වූයේ ඉඳ හිට හදිසියේ ලැබුණු දුරකථන ඇමතුමකින් පමණක්‌ම විය. තම පුතා, සැමියා රට වෙනුවෙන් සතුරාට එරෙහිව සටන් වැදුණු ඒ අතීතයේ මොවුන් කළ කැප කීරීම් වූයේ එවන් තැනකය.

එහෙත් ඔවුහු ඉන් නොසැලුනාහ. ඔවුහු සිතට දිරිය ගෙන ජීවිතයට මුහුණ දුන්නාහ. අද සිරගතව සිටින යුද හමුදා සන්නද්ධ බුද්ධි බළකායේ විරුවන්ගේ මව්වරු සහ බිරින්දැවරු අසරණව කඳුළු සළන තත්ත්වයකට පත්වීමට කළ වරද එයද? මේ සංවේදී දසුන දුටු මට මතුවූයේ එවන් වූ පිළිතුරක්‌ සොයාගත නොහැකි ගැටලුවකි.

මේ ගැටලුව සිතේ සිරකරගෙනම මම ඔවුන් දෙසට හැරී ඒ දුකට සවන් දෙන්නට වූයෙමි. එහිදී මුලින්ම හඬ අවදි කළේ ලුතිනන් කර්නල් ශම්මි කුමාරරත්නගේ මවය.

“අද මගේ පුතා ගෙදර නැහැ.. පුතාගේ දරුවෝ දෙන්නයි, බිරිඳයි, මමයි අපි හැමෝම තනි වෙලා.. අසරණ වෙලා.. පුතා හමුදාවට බැඳිලා යුද්දෙට ගිය කාලේ එයා නැති පාලුව අපිට මේ තරම් දැනුනේ නැහැ.. මගේ පුතා රට බේරගන්නනේ ගිහින් ඉන්නේ කියලා හිතලා අපි හිත හදා ගත්තා..පුතා හමුදාවට බැඳිලා අවුරුදු ගාණක්‌ වෙනවා.. ඒත් එයා කොහේ රාජකාරි කළත් දවසකට සැරයක්‌ මගෙයි, දරුවන්ගෙයි, බිරිඳගෙයි දුක සැප හොයලා බැලුවා.

“ඒත් අද මම කොහොමද මගේ හිත හදා ගන්නේ.. පුතාගේ කටහඬවත් අහන්න මට වාසනාව නැති වෙලා.. මෙහෙම දුක්‌ උහුලන අපිට අද සමහරු කියන කතා නිසා පාරට බහින්න බැරි තත්ත්වයක්‌ උදාවෙලා තියෙන්නේ.. මගේ පුතා මිනී මරුවෙක්‌ලු, මංකොල්ලකාරයෙක්‌ලු.. අනේ මම ඒ හැමෝටම ඇහෙන්න මේ කියන්නේ..

“මිනී මරන්න, මංකොල්ල කන්න කවදාවත් මම දරුවෝ හැදුවේ නැහැ.. මට ලෝකෙටම කියන්න තියෙන්නේ මගේ පුතා වීරයෙක්‌ කියන එක විතරයි.. ඒ වගේම මම බලධාරීන්ගෙන් එක ඉල්ලීමක්‌ කරනවා.. කරන පරීක්‍ෂණයක්‌ කරන්න.. ඒකට කමක්‌ නැහැ.. ඒත් මගේ දරුවා වගේම අද බන්ධනාගාරගතකරලා ඉන්න දරුවන්ට, රට බේරගත්ත මේ වීරයන්ට ඕනෙම කොන්දේසියක්‌ යටතේ ඇප දෙන්න..

“රණවිරුවෙක්‌ගේ අම්ම කෙනෙක්‌ විදිහට මම ඒ ඉල්ලීම කරන්නේ.. අපේ දරුවෝ යුද්දේ තියෙනකම්ම ගෙවල්වල හිටියේ නැහැ.. දැන් යුද්දේ ඉවරයි.. රටේ අනෙක්‌ දරුවන්ගේ වගේම එයාලගේ දරුවන්ටත් තාත්තලගේ උණුසුම විඳින්න ඉඩක්‌ දෙන්න..”

ඇය යළි ඉකි බිඳිමින් හඬා වැටෙන්නට වූවාය. තවත් ඒ සිත රිදවන්නට මට නොහැකිය. එහෙයින් මම වෙනතකට හැරුණෙමි. එහිදී මට කතා කළේ ලුතිනන් කර්නල් ප්‍රබෝධයගේ මවය.

“මම රට රකින්න පුත්තු දෙන්නෙක්‌ම හමුදාවට දුන්නු අම්මා කෙනෙක්‌.. එහෙම අම්මා කෙනෙක්‌ කොහොමද ඇස්‌ දෙකෙන් බලන්නේ තමන්ගේ එක පුතෙක්‌ අතට මාංචුවක්‌ දාගෙන ඉන්නවා.. පුතාව ගොඩ දවසකින් බලන්න බැරි වුණ නිසයි මම අද මෙතෙන්ට ආවේ..

“මම මේ රටේ දරුවන්ගේ ඇස්‌ පාදපු ගුරුවරියක්‌.. පුතාගේ තාත්තත් ගුරුවරයෙක්‌.. අපි අපේ දරුවන්ට කවදාවත් වැරදි වැඩ කරන්න කියලා දුන්නේ නැහැ.. ඇයි මේ වගේ චෝදනාවක්‌ මගේ පුතාට කළේ.. අද පුතාගේ දරුවෝ දෙන්නා තාත්තව ඉල්ලලා අඬනවා.. එයාලටත් දැන් දැනිලද කොහෙද තාත්තට කරදරයක්‌ කියලා.. පුතාගේ බිරිඳත් හැම මොහොතක්‌ම ගෙවන්නේ හැඬූ කඳුළින්.. අපේ ගෙදර දැන් තියෙන්නේ කඳුළු විතරයි.. වෙන කිසිම දෙයක්‌ අපිට ඉතුරු වෙලා නැහැ..

“එදා වීරයෙක්‌ කියලා මල්මාලා දාපු පුතාගේ අතට අද මාංචුවක්‌ දාලා.. මට මුළු රටෙන්ම අහන්න තියෙන්නේ හැමදේම කැපකරලා ඔවුන් කළ සේවයට මේකද ලැබෙන උපහාරය කියලයි..”

ඇයද නිහඬ වූවාය. ඒ අතරවාරයේ මම ලුතිනන් අබේරත්නගේ බිරිඳ අද කඳුළු අතරින් කියන කතාවට සවන් දුනිමි.

“මගේ මහත්තයා මේ වගේ දේකට පැටලෙව්වේ ඇයි කියන එක මට තාමත් හිතා ගන්න බැහැ.. මහත්තයට එන්න කිව්වා.. පස්‌සේ අපිට පණිවුඩයක්‌ ආවා එයාව අත්අඩංගුවට ගත්තා කියලා.. අපිට දරුවෝ තුන් දෙනෙක්‌ ඉන්නවා.. එයාලා තවම මේ සිද්ධිය දන්නේ නැහැ.. ඔවුන් අහන ප්‍රශ්නවලට දෙන්න උත්තර මට නැහැ..

“මගේ මහත්තයා ගෙදරට වඩා හැම වෙලේම මුල් තැන දුන්නේ රටට.. ඔවුන් රට වෙනුවෙන් හැම දෙයක්‌ම කළේ.. ඒකට ලැබෙන තෑග්ගද මේ කියන එක විතරයි මට අද හැමෝගෙන්ම අහන්න තියෙන්නේ..”

ඇයද වේදනාව දරාගත නොහැකිව දැතින් මුහුණ වසා ගනිමින් හඬා වැටෙන්නට වූවාය. ඒ සමගම සාජන් මේජර් උපසේනගේ බිරිඳ සිය හදවතේ කැකෑරෙන දුක මා සමග වචන කරන්නට වූවාය.

“මගේ මහත්තයා අවුරුදු ගණනාවක්‌ යුද හමුදාවේ සේවය කරලා යුද්දේ ඉවර වුණාට පස්‌සේ විශ්‍රාම ගත්තා.. මහත්තයගේ අම්මයි දරුවෝ දෙන්නයි මම මහත්තයයි අපි ඔක්‌කොම ජීවත් වුණේ එකට.. මහත්තයා මේ සිද්ධියට අත්අඩංගුවට ගත්ත දවසේ ඉඳන් අපි ඔක්‌කොම අසරණ වෙලා ඉන්නේ..

“දරුවෝ පාසල් යන්න බැහැ කියනවා.. රට බේර ගන්න යුද්දෙට ගිය මගේ මහත්තයව මිනී මරුවෙක්‌ කරලා.. සමහර ජනමාධ්‍ය පහුගිය කාලේ ඒක කළා.. ඒකෙන් ලෝකෙට මුහුණ දෙන්න බැරි වෙලා ඉන්නේ මගේ දරුවන්ට.. රටේම දරුවෝ වෙනුවෙන් යුද්දෙට ගිය එයාගේ දරුවන්ට අද අත්වෙලා තියෙන ඉරණම ඒක..

මහත්තයා හමුදාවෙන් අයින් වුණාට පස්‌සේ අපේ ජීවිත ගොඩනඟන්න ව්‍යාපාරයක්‌ පටන් ගත්තා.. අද ඒ සියල්ල කඩා වැටිලා.. අපි ණයකාරයෝ වෙලා.. අන්ත අසරණ ජීවිතයක්‌ දරුවෝ එක්‌ක දැන් ගත කරන්නේ.. රට වෙනුවෙන් කැපවුණ එයාට ලැබුණ තෑග්ග තමයි ඒක..”

හදවතට දැනෙන දුක, වේදනාව, තනිකම සහ අසරණකම හමුවේ ඇගේ වචනද බොඳවී යමින් තිබේ. එක්‌නැලිගොඩ සිද්ධිය හේතුවෙන් සිරගතව සිටින මාණ්‌ඩලික සැරයන් රාජපක්‍ෂගේ බිරිඳ කියනුයේද එවන්ම වූ අනුවේදනීය කතාවකි. ඒ මෙලෙසිනි..

“අපි පදිංචි වෙලා ඉන්නේ මනම්පිටියේ.. මේ සිද්ධියට මහත්තයව අත්අඩංගුවට ගත්තට පස්‌සේ පොළොන්නරුව පොලිසියේ නිලධාරියෙක්‌ මහත්තයව මිනී මැරුමකට සීඅයිඩී එකෙන් අල්ලලා කිය කිය මුළු ගමටම කියලා අපිට පණිවිඩේ දෙන්න ගෙදරට ආවා..

“ඒකෙන් මුළු ගමම අපිව කොන් කළා.. මිනීමරුවගේ ළමයි කියලා දරුවන්ව කොන් කරන්න පටන් ගත්තා.. ගමේ පන්සලේ හාමුදුරුවෝ පවා කතා කරන එක නැවත්තුවා.. මේ සිද්ධිය නිසා දරුවෝ මානසිකව ඇද වැටුණා.. පාසල් යන්න බැහැ කිව්වා.. ළමයි “මිනී මරුවගේ පුතා” කියලා විහිළු කරනවා කිව්වා..

“අපේ ලොකු පුතා මේ අවුරුද්දේ සාමාන්‍ය පෙළට පෙනී ඉන්නවා.. මේ සිද්ධියත් එක්‌ක කොහොමද ඒ දරුවා පැහැදිලි මනසකින් විභාගේ ලියන්නේ.. මගේ මහත්තයා අවුරුදු ගාණක්‌ රට වෙනුවෙන් කැපවෙලා යුද්දෙට ගියා.. ඒත් අද එයාට මිනීමරුවා කියලා නම්බු නාමයක්‌ දීලා..

“මේ වෙනකොට මහත්තයලගේ වැටුපත් හමුදාවෙන් නතර කරලා තියෙන්නේ.. ළමයි එක්‌ක ජීවත් වෙන්න විදිහක්‌ නැති නිසාම අපිට තිබුණු ඉඩමක්‌ විකුණලයි අද දරුවන්ගේ වැඩ කරන්නේ.. මහත්තයා රට වෙනුවෙන් හැමදේම කැප කරලා යුද්දෙට ගියා.. අද බන්ධනාගාරයක තනිවෙලා හිරබත් කනවා..

එසේ පවසා ඇය නිහඬ වීමත් සමග කෝප්‍රල් රූපසිංහගේ බිරිඳද රත්පැහැ ගැන්වී තිබෙන දැස්‌ බිමට හරවාගත් වනම සිය හඬ අවදි කරන්නට වූවාය. මේ සිද්ධියේදී රූපසිංහගේ බිරිඳ යනු බොහෝ හිරිහැරයන්ට මුහුණ දුන්නෙකි.

“මහත්තයාව අරගෙන යන්න මහ රෑ පොලිසියෙන් ආවා.. එදා මමයි මගේ දරුවයි විතරයි ගෙදර හිටියේ.. මහත්තයා හමුදාවෙන් ඉවත් වෙලා ත්‍රිකුණාමලේ රස්‌සාවක්‌ කළා.. පොලිසියෙන් ගෙදරට ආවම මම කිව්වා මහත්තයා ගෙදර නැහැ කියලා.. මම එහෙම කිව්වම විස්‌තර අහලා පොලිසියේ අය ඒ මහ රෑම මාවයි පුතාවයි එයාලා ආපු වාහනේට දාගෙන ත්‍රිකුණාමලේට අරගෙන ගියා..

“පොලිසිය ගෙදරට ආපු එක පහුවැනිදා එළි වෙනකොට මුළු ගමම දැනගෙන තිබුණා.. ඒ ලැඡ්ජාව නිසා ඉස්‌කෝලෙට මුහුණ දෙන්න බැරුව දරුවා සති දෙකක්‌ පාසල් ගියේ නහැ.. පස්‌සේ හුඟාක්‌ දේවල් කියලයි දරුවගේ හිත හැදුවේ..

“මේ සිද්ධිය නිසා මහත්තයගේ විශ්‍රාම වැටුපත් නතර කරලා තියෙන්නේ.. රටේ මිනිස්‌සු වෙනුවෙන් රට වෙනුවෙන් කැපවෙලා මගේ මහත්තය වගේම අනිත් හැම රණවිරුවෙක්‌ම යුද්ද කළේ.. ඒත් අද මගේ දරුවට තාත්තගේ උණුසුම අහිමි කරලා.. අපිට ජීවත් වෙන්න ක්‍රමයක්‌ නැති කරලා..

“රටේම මිනිස්‌සු අද සාමයේ සතුට විඳිනවා.. ඒත් රට බේර ගන්න ගිය මගේ මහත්තයා හිර ගෙදර දුක්‌ විඳිද්ඳී දරුවයි මමයි ගෙදරට වෙලා අද කඳුළු බිබී ජීවිතේ විඳවනවා..” ඇයද කතාව අවසන් කළාය.. මේ අතරේ නඩු කටයුතු අවසන් වීම හේතුවෙන් අධිකරණය තුළට ගිය වීරයෝ යළි දැතේ වූ විලංගු සමගම පිටතට පැමිණ බන්ධනාගාරයට යැම සඳහා බස්‌ රථයට නගින්නට වූහ.

ඒ දසුන දකිත්ම නැවතත් දුක වාවාගත නොහැකි වූ ඔවුහු එකිනෙකා වැළඳ ගනිමින් හඬා වැටෙන්නට වූහ. ඒ මුහුණු තනිකමේ සහ අසරණකමේ සංකේතයන් බඳුය. මේ අතරේ බන්ධනාගාර බස්‌ රථය පිටව ගියේය.

මේ ගෙවෙමින් තිබෙන්නේ ජනාධිපතිවරයා ඝාතනයට පැමිණි ශිවරාසා ජෙයිපෙන් නමැති කොටි ත්‍රස්‌තවාදියාද විශේෂ ජනාධිපති සමාවක්‌ යටතේ නිදහස්‌ කර යෑවුණු මොහොතකි. එහෙත් රට බේරාගන්නට කැප වූ මේ විරුවන් තවමත් සිටිනුයේ සිරගතවය. සිදු විය යුත්තේ එයද?

මුහුද දෙබෑ කෙරුව. අහස පොළොව දිනුව. රටට සෙනෙහේ පිදුව. මේ වීරයන්ට අත්වන්නේ මෙවන් ඉරණමක්‌ නම් මතු යම් දවසක මේ බිමට විණයක්‌ වන යමක්‌ සිදු වුවහොත් අපට නොහැකි දේ කරන්න අපෙන් එකෙක්‌ මතුවනු ඇතිද? මේ මොහොතේ අපට ඇති ප්‍රශ්නය එය වන්නේය.

සමන් ගමගේ

 

About ජාතික බෞද්ධ බලවේගය

Ayubowan! The National Buddhist Authority (NBA) a well developed organizations which were officially battle against the Rascals who are in local society and who were engage as an international persons for poverty alleviation as a cover for proselytizing activity. We may put our advanced heritage presser which our ancestor did upon the peoples who dealing with converting our peoples for any other faith and Abuse (Insulting Speech) of our culture and the moral of Buddhist main concepts. We are secretly finding the necessary static data and also exploring entrench area and giving an “ON THE SPOT” action without thinking difficulty or danger that must be rise within sound of whom think that converting to their faith is fundamental right in our “Dhrama Dveepa”. Regarding need ness of the case we will report in writing with dates, place name or persons involved and all cases of abuse or illegal activities in the name of a religion or faith and first and last attempted to convert persons in Sri-Lanka to Buddhist organizations, temple, nearest Police Station, Grama Niladari and other local authority as well as presidency level. National Buddhist Authority eager to call upon all Sinhalese Buddhist organizations(International too) to join hands in a Endeavour to defeat the proselytizing efforts of sponsored evangelical and other NGO organizations and thereby to guard the Sinhalese Buddhist culture and tradition for posterity, Relating to their fantasy book,Fantasy Story David did killed the philistine champion who named as Goliath, then all of us too cannot fail. NOTE: This cite is not aimed at or against Christians Or Muslims or Any Other faith Holders.This site is aimed against Christians,Muslim or who ever seek or want to convert Buddhist to Christianity or Muslim or other goodish doctrine. We Buddhist refer to them as "missionaries." We Buddhist respect Christians or Muslim or other followers who maintain the doctrines of their belief, but we do not accept anyone's "right" to proselytize.

Discussion

No comments yet.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

Balawegaya Flickr Photos

More Photos

Different countries have visited this site

Free counters!
%d bloggers like this: