//
you're reading...
අවකල් ක්‍රියාවෙන් යුත් පුජකයෝ(Disreputable priest), නාගදීපයේ නම වෙනස්‌ කරනවා, බෞද්ධ පුදබිම් විනාශ කොට හදන පල්ලි

කොළඹ පන්සලේ සුන්බුන් මත ඉදි වූ වුල්ෆෙන්ඩාල් පල්ලිය

කොළඹ පන්සලේ සුන්බුන්
මත ඉදි වූ වුල්ෆෙන්ඩාල් පල්ලිය

මුල් කාලයේ ලන්දේසීන් භාවිතා කළ කොළඹ කොටුවේ ශාන්ත පීතර දේවස්‌ථාන භූමියෙහි රජ ගෙදර Queens House (අද ජනාධිපති මන්දිරය) ඉදිකරන්නට නියම විය. එනිසා 1813 දී එම දෙව්මැදුර කඩා දමන ලදී. ඒවන විටත් එම දෙව්මැදුර තුළ දොන් ජුවන් ධර්මපාල රජුගේ සිරුර මෙන්ම ලන්දේසී ආණ්‌ඩුකාරවරු පස්‌ දෙනෙකුගේ සහ තවත් ලන්දේසි ප්‍රභූන් කීප දෙනෙකුගේම සිරුරු භූමදාන කර තිබිණි. මෙනිසා එකල සිටි එම අයගේ ජීවත්ව සිටින ඥතීන්ගේ අවසරය මත එම සිරුරු කොටස්‌ සහ පැරැණි සොහොන් ගල් වුල්ෆෙන්ඩාල් දේවස්‌ථානය වෙත ගෙන එන ලදී. රාජකීය 19 වැනි සේනාංකයේ නිල රැකවරණය සහිතව පන්දම් එළියෙන් ඒවා ගෙන ආවේ 1813 සැප්තැම්බර් මස හතරවන දිනය.

ඉඟුරු දී මිරිස්‌ ගත්තා වගේ” යන කියමන අපේ භාෂාවට එකතු වූයේ උඩරට සිංහල රජවරුන්, පෘතුගීසීන් ලංකාවෙන් පලවා හැරීමට ලන්දේසීන්ගේ සහාය ලබා ගැනීමත් සමඟ උදාවූ තත්ත්වය නිසාය. එය එක්‌ කරදරයක්‌ නැති කර ගැනීමට තවත් කරදරයක්‌ ළංකර ගැනීමක්‌ විය.

මෙම ඉඟුරු දී මිරිස්‌ ගැනීමට මඟ පෑදෙන්නේ ලන්දේසි නාවුකයෙකු වූ ජෝරිස්‌ වෑන් ස්‌පිල්බර්ගන් 1600 දී මඩකලපුවට පැමිණි විට මහනුවර රජකළ පළමුවන විමලධර්මසූරිය රජු ඔවුන් සාදරයෙන් පිළිගැනීමත් සමඟය.

එහෙත් ඉඟුරු දී මිරිස්‌ ගැනීම සඳහා නිල ආරාධනාව කරනුයේ දෙවන රාජසිංහ රජු විසිනි. ඒ 1655 සැප්තැම්බර් මාසයේ ජෝර්ඡ් හල්µaට්‌ නැව් දහසයක පිරවූ දෙදහස්‌ පන්සියයක යුද සේනාව සමඟ ගාලු වරායට පැමිණීමත් සමඟය.

මේ වන විට ලන්දේසීන් පෘතුගීසීන් සතුව තිබු නැගෙනහිර සහ දකුණු වෙරළේ බළකොටුද මීගමුව සහ කළුතර බළකොටුද අත්පත් කරගෙන තිබිණි. ඒ නිසාම කොළඹ පෘතුගීසි බලයද ඇද වැටීමට ආසන්න තත්ත්වයකට පත්ව තිබිණි. කොළඹ කොටුවේ කොටුවී සිටි පෘතුගීසීන්ට හල්µaට්‌ සෙන්පතියා කාලතුවක්‌කු ප්‍රහාර ආරම්භ කළේ 1655 ඔක්‌තෝම්බර් 17 දිනය. ඒ දැන් හල්µa ෙඩ්‍රාaප් හෙවත් සාන්තබස්‌තියම ලෙස හඳුන්වන කඳුගැටය මත සිටය.

සත් වසක්‌ මුළුල්ලේ සිදුකළ ප්‍රහාරය අවසන් වූයේ 1656 මැයි මස 12 දිනය. කොළඹ කොටුව ආරක්‍ෂා කළ පෘතුගීසී භයන්ගෙන් ඉතිරිවූ හැත්තෑ තුන් දෙනෙකු හල්µaට්‌ සෙන්පතියා වෙත ගොස්‌ තමන්ගේ යටත් බව ප්‍රකාශ කළහ.

1656 මැයි මස දොළොස්‌වෙනිදා කොළඹ නගරයට ඉහළින්, ඕලන්ද පෙරදිග ඉන්දියා සමාගමේ කොඩිය ලෙල දෙමින් ලංකා ඉතිහාසයේ තවත් පිටුවක්‌ පෙරළුණි.

පෘතුගීසීන් මෙන්ම ලන්දේසීන්ද (පසුව බ්‍රිතාන්‍යන්ද) තමන් යටත් කරගත් රටවල ධන සම්පත් සූරාකෑම සඳහා තම අවි බලය යෙදවූවා සේම එම රටවල මිනිසුන්ගේ “මොළ සූරා කෑම” සඳහා තම ආගම ව්‍යාප්ත කරන්නට වූහ. මෙහිදී පෘතුගීසීන් ලන්දේසීන්ට පෙර තමන්ගේ ආගමික සිද්ධස්‌ථාන තමන්ගේ බලය ව්‍යාප්තව තිබූ ප්‍රදේශවල ඉදිකර තිබිණි.

ලන්දේසීන් කොළඹ බලය අත්පත් කරගන්නා සමයේ, කොළඹ නගරයේ පෘතුගීසීන් ඉදිකළ දේවස්‌ථාන දහයක්‌ පැවැති බව කියයි. එයින් ශාන්ත පීතර දේවස්‌ථානය පිහිටියේ කොළඹ කොටුවේ ගෝර්ඩන් උද්‍යානය සමීපයේය. කොළඹ කොටුවේ නුතන ජනාධිපති මන්දිරය සමීපයේය. කොළඹ රාජධානිය කරගත් එකම රජවූ කෝට්‌ටේ දොන් ජුවන් ධර්මපාල රජුගේ සිරුරද තැන්පත් වූයේ කොළඹ කොටුවේ පිහිටි ශාන්ත පීතර දේවස්‌ථාන භූමියේය. මුල් කාලයේදී ලන්දේසීන් මෙම කතෝලික දෙව් මැදුර තමන්ගේ ආගමික කටයුතු සඳහා භාවිතා කරණ ලදී.

ඕලන්ද පෙරදිග ඉන්දිය සමාගම තමන්ගේ ආගමික කටයුතු සඳහා කොළඹ නගරයේ දේවස්‌ථානයක්‌ ඉදිකිරීම ආරම්භ කළේ 1749 දීය. ඒ කොළඹ කොටුව සමීපයෙහි වූ උස්‌ කඳුවැටියක්‌ මතය. එකල මෙම කඳු වැටියට නැගුන විට ජනාකීර්ණ නොවූ මුළු කොළඹ නගරයම දැකගත හැකි විය.

පෘතුගීසීන් එම ස්‌ථානය හැඳින්වූයේ Agoade Loupe යනුවෙනි. ලන්දේසීන් එය හැඳින් වූයේ වුල් ෆෙන් ඩෝල් Voluen daal යනුවෙනි. වෘකයන්ගේ මිටියාවත වෘකයින් සැරසරණ දෙනිය යන්න” එම ලන්දේසි වචනයේ තේරුම විය. පෘතුගීසීන් පැමිණි අවදියේ එම ප්‍රදේශය ලඳු කැලෑවක්‌ විය. කැළණි ගඟ අසබඩ මෝදර වැනි ප්‍රදේශවල බහුලව සිටි නරින් අහර සොයා මෙම පෙදෙසට එකල පැමිණුනි. මෙලෙස පැමිණි නරින් පෘතුගීසීන් හඳුනා ගත්තේ වෘකයන් ලෙසය. වෘකයන් සැරිසරණ දෙණිය යන අරුත ඇති ගෝආ ඩිලිප්” යන පෘතුගීසි වචන ලන්දේසි බසට පෙරලුනේ ‘වුල්ෆෙන්ඩාල්’ යනුවෙනි. මෙම වුල්ෆෙන්ඩාල් වීදිය ‘අද හැඳින්වෙන්නේ ආදුරුප්පු වීදිය’ යනුවෙනි.

1774 ලන්දේසීන් ආදුරුප්පු වීදිය කඳු ගැටය මත තමන්ගේ ලන්දේසි පල්ලිය ඉදිකිරීමට ප්‍රථම එහි පෘතුගීසී පල්ලියක්‌ තිබු බවත් Ceylon Francois Valentyn වාර්තාවල සඳහන් වෙයි. නමුත් පසුව එය උඩරට සිට ආ තානාපතීන්ගේ වාසභවනක්‌ ලෙස පැවතුණි.

එයට වෙනස්‌ තොරතුරුත් පිටකොටුව බෝධිය පිළිබඳ තොරතුරු සොයා බැලීමේදී මට දැන ගැනීමට හැකි විය.

ඕලන්ද යුගය ආරම්භවීමට ටික කාලයකට පෙර කොළඹ නගරයේ විශාලම විහාරය පිහිටියේ ආදුරුප්පුවීදිය කන්ද මුදුනේය. හරියටම කිවහොත් අද වුල්ෆෙන්ඩල් පල්ලිය පිහිටි ස්‌ථානයේය. කොළඹ මහා විහාරය යනුවෙන් එය හැඳින් වින.

සංඝමිත්තා තෙරණින් වහන්සේ ශ්‍රී මහා බෝධිය ශ්‍රී ලංකාවට වැඩමවීමෙන් පසු එහි අංකුර අටක්‌ හටගෙන එයින් බෝධීන් වහන්සේ අට නමක්‌ හැදී වැඩුනි. මේ අෂ්ටඵල බෝධීන් වහන්සේ ලංකාවේ ප්‍රදේශ අටක රෝපණය කෙරුණි. එයින් පසුව අනුරාධපුර සිරිමා බෝ සමිඳුන් වෙතින් තවත් අංකුර තිස්‌ දෙකක්‌ හටගෙන එයින් දෙතිස්‌ඵල බෝධීන් වහන්සේ බිහි විණි. එම දෙතිස්‌ඵල බෝධීන් වහන්සේද ලංකාවේ නොයෙක්‌ ප්‍රදේශවලට වැඩමකර රෝපණය කරණ ලදී.

එම දෙතිස්‌ඵල බෝධීන් වහන්සේලාගෙන් එකක්‌ ආදුරුප්පු වීදිය කන්ද මුදුනේ තිබූ මහා විහාරයේ රෝපණය කරන ලදී. පසු කාලයක ඕලන්ද ජාතිකයන් එම විහාරය විනාශ කර ඒ මත ඔවුන්ගේ පල්ලියක්‌ ඉදිකරණ ලදී.

පසු කාලයක කොළඹ නගරයේ ප්‍රවාහන කටයුතු කරත්ත සහ රික්‌ෂෝවලින් සිදුවූ යුගයේ ඔවුන්ගේ නැවතුම් පළවූයේ බේරේ වැව අයිනේය. ඔවුන් ආදුරුප්පු වීදිය කන්ද මුදුනේ ඒ වන විටත් තිබූ දෙතිස්‌ඵල බෝධියෙන් පැළයක්‌ ගෙනැවිත් බේරේ වැව අයිනේ රෝපණය කර එයට මල් පහන් පූජා කරන්නට වූහ.

ඉංග්‍රීසි ආණ්‌ඩු සමයේ කොළඹ නගරය විශාල කිරීමේදී කොටුව දුම්රිය ස්‌ථානය සහ මැනිං මාර්කට්‌ (ගබඩාව) සෑදීම සඳහා බේරේ වැව කොටසක්‌ද ගොඩකරන්නට විය. එවිට කරත්ත කරුවෝ සහ රික්‌ෂෝකරුවෝ බේරේ වැව අයිනේ රෝපණය කර තිබු බෝධිය ගෙනවිත් පිටකොටුවේ අද පිහිටි ස්‌ථානයේ රෝපණය කළහ.

එකල පැවැති ඩොරික්‌ ගෘහ නිර්මාණ ශිල්පය අනුව පැති හතරම එක සමාන ග්‍රීක කුරුසියක ස්‌වරූපයෙන්, වුල්ෆෙන්ඩාල් කඳු ගැටය මත ලන්දේසීන් කොළඹ නගරයේ තමන්ගේ ප්‍රථම දේවස්‌ථානය ඉදිකළහ. මෙහි බිත්ති අඩි පහක්‌ පමණ ඝණකම ඇති අතර ඒ සඳහා භාවිතාකර ඇත්තේ කබොක්‌ ගල් සහ හුණු බදාමය. ආරුක්‌කු සඳහා ගඩොල් භාවිතාකර ඇත. මුල් සමයේ එම ආරුක්‌කුවලට පිටතින් පිත්තල ආවරණයක්‌ යොදා තිබුණ බවට වාර්තා වුවත් වර්තමානයේ ඒවා දක්‌නට නැත.

අඩි එකසිය හතළිහක්‌ පමණ උස්‌වූ දෙව්මැදුර වහලයේ මැද කොටස එකල අර්ධ ගෝලාකාර හැඩයකින් යුක්‌තත විය. උළු වෙනුවට එය සෙවිලි වූයේ මිනිරන් ගල් පතුරු වලිනි. එහි හරි මැද රත්රන් ආලේප කළ රිදී නළයක්‌ විය. එය මුදුනේ රන් ආලේප කළ සුළං දිශා දර්ශකයක්‌ සවිකර තිබිණි. 1856 දී සිදුවී අකුණු ගැසීමක ප්‍රතිපලයක්‌ ලෙස මෙම සුළං දර්ශකය විනාශ වූ අතර, අර්ධ ගෝලාකාර හැඩැති වහලයටද හානි සිදුවිය. වර්තමානයේ දක්‌නට ලැබෙන තඹ ඊයම් මිශ්‍ර තහඩු මුදුන් වහලය ඉදි වූයේ එයට පසුවය.

කොළඹ කොටුව ආසන්නයේ උස කඳු ගැටයක පිහිටි මෙම ඕලන්ද පල්ලිය, එදා ඈත සාගරයේ ගමන් කළ නෞකාවලටද හොඳින් දර්ශනය වූ එකක්‌ බව පැවසෙයි. නැව් මඟ සලකුණක්‌ ලෙස මෙම ගොඩනැගිල්ල භාවිතා කර ඇත.

ලන්දේසීන් මෙම වුල්ෆෙන්ඩාල් දෙව්මැඳුර ඉදිකිරීම සඳහා යොදවා ගත්තේ නොයෙක්‌ රටවලින් ඔවුන් රැගෙන ආ වහලුන්වය. කොළඹ වරායේ ඕලන්ද නැව්වල රඳවාගෙන සිටි මෙම වහලුන් මෙම භූමිය සඳහා කැඳවාගෙන පැමිණ ඇත්තේ වරාය සිට ඉදිකළ උමං මාර්ගයක්‌ ඔස්‌සේ ය. විෂ්කම්භය අඩි පහළොවක්‌ වූ මෙම උමං මාර්ගයෙහි ඉහළ කොටස ගඩොල්වලින් ඉඳිකර තිබූ අතර පොළවට පැරැණි කොළඹ නගරයේ මාවත්වල අතුරා තිබු අන්දමේ කුඩා හතරැස්‌ කළුගල් අල්ලා තිබිණි. එක්‌දහස්‌ නමසිය අසු ගණන්වල කොළඹ ශාන්ත ජෝන් මාළු වෙළෙඳ සල අලුතෙන් ඉදිකිරීමේදී මෙම උමං මාර්ගය විවෘත වූ අතර එම මාර්ග ඔස්‌සේ පැමිණි පොලිස්‌ නිලධාරීන් මතු වූයේ වුල්ෆෙන්ඩාල් දේවස්‌ථානයේ අභ්‍යන්තරයෙනි.

1749 ගොඩනැඟීම ආරම්භ කළ වුල්ෆෙන්ඩාල් දේවස්‌ථානය 1757 මාර්තු හයවන දින එහි කැපකිරීමේ පූජාව සිදුකරණ ලදී. පර්සිවෙල් නමැති ඉතිහාස වාර්තාකරු මෙම දේවස්‌ථානය විස්‌තර කරන්නේ කලු නගරයේ (Black Town) ඇති ඉතා ආකර්ශනීය හා වටිනා දේවස්‌ථානයක්‌ වශයෙනි. මුල් යුගයේදී ලන්දේසි ආණ්‌ඩුකාරවරුන් ඉරුදින මෙහෙය සඳහා මෙම දෙවිමැඳුරට පැමිණි අතර ඔවුන් සඳහා කළුවර සහ කළුමැදිරිය දැවයෙන් නිම වූ විශේෂ ආසන තිබූ අතර අද ද ඒවා දක්‌නට ලැබෙයි. එසේම ඕලන්ද පෙරදිග ඉන්දියා සමාගමේ නිලධාරීන් සඳහාද විශේෂ ආසන තිබූ අතර අද ද ඒවා දක්‌නට ලැබෙයි.

එකල ආගමික මෙහෙයන් අවස්‌ථාවේ ශුද්ධවූ බයිබලය කියවීම සඳහා විශේෂ ස්‌ථානයක්‌ විය. ශබ්ද විකාශන යන්ත්‍ර නොතිබූ එම අවිධියේ එහි සිට බයිබලය කියවන විට මුළු දෙවි මැඳුරම ගිගුම් දෙමින් ඇසෙන්නට විය.

පාද තුනේ කනප්පුවක්‌ මත තැන්පත් කර ඇති බෞතීස්‌ම දිය බඳුන මෙම දෙව්මැඳුරේ දක්‌නට ඇති සුවිශේෂ කෞතුක භාණ්‌ඩයකි. තනිකර රීදියෙන් නිමවා ඇති මෙය අඩි දෙකක්‌ පමණ විශ්කම්භයකින් යුක්‌තය. 1664 සිට 1675 දක්‌වා මෙරට සිටි රිප්ක්‌ලොප් වෑන් ගොඑන්ස්‌ ආණ්‌ඩුකාරවරයාගේ බිරිඳවූ එස්‌කර් සලෝමි තම දියණිය ප්‍රසූත කරණ අවස්‌ථාවේ මිය ගියාය. තම බිරිඳ සිහිවීම පිණිස ආණ්‌ඩුකාරවරයා මෙම බෞතීස්‌ම දිය බඳුන පිරිනමන ලද්දේ සිඟිති දියණිය බෞතීස්‌ම කරන අවස්‌ථාවේදීය. මෙයද මුල් කාලයේ තිබී ඇත්තේ කොළඹ කොටුවේ පිහිටි ලන්දේසීන් භාවිතා කළ ශාන්ත පීතර දෙවිමැදුරේය.

මුල් කාලයේ ලන්දේසීන් භාවිතා කළ කොළඹ කොටුවේ ශාන්ත පීතර දේවස්‌ථාන භූමියෙහි රජ ගෙදර Queens House (අද ජනාධිපති මන්දිරය) ඉදිකරන්නට නියම විය. එනිසා 1813 දී එම දෙව්මැදුර කඩා දමන ලදී. ඒවන විටත් එම දෙව්මැදුර තුළ දොන් ජුවන් ධර්මපාල රජුගේ සිරුර මෙන්ම ලන්දේසී ආණ්‌ඩුකාරවරු පස්‌ දෙනෙකුගේ සහ තවත් ලන්දේසි ප්‍රභූන් කීඵ දෙනෙකුගේම සිරුරු භූමදාන කර තිබිණි. මෙනිසා එකල සිටි එම අයගේ ජීවත්ව සිටින ඥතීන්ගේ අවසරය මත එම සිරුරු කොටස්‌ සහ පැරැණි සොහොන් ගල් වුල්ෆෙන්ඩාල් දේවස්‌ථානය වෙත ගෙන එන ලදී. රාජකීය 19 වැනි සේනාංකයේ නිල රැකවරණය සහිතව පන්දම් එළියෙන් ඒවා ගෙන ආවේ 1813 සැප්තැම්බර් මස හතරවන දිනය.

”In pure portuguese over a king of cotta who was converted to the catholie faith in 1550, who died in 1607”

යන ගලක කෙටූ ලියවිල්ල අනුව 1550 දී පෘතුගීසීන් වෙතින් කතෝලික ආගම වැළඳගත් කෝට්‌ටේ රජු 1607 දී මියගිය බව කියෑවෙයි. ඒ අනුව 1542 – 1581 කාලයේදී කෝට්‌ටේ රජවී සිටි දොන් ජුවන් ධර්මපාල කුමරුගේ ස්‌මාරකය මෙහි තිබෙන්නට ඇති බව සිතිය හැක. නමුත් දැනට එවැනි සිහිවටනයක්‌ එහි නැත.

1765 සිට 1785 දක්‌වා ලංකාවේ ආණ්‌ඩුකාරයාව සිට 1788 පෙබරවාරි හයවන දින මියගිය ඉවාන් විලියම් µල්ක්‌ ආණ්‌ඩුකාරවරයාගේ සිරුර 1762 සිට 1765 දක්‌වා ආණ්‌ඩු කළ 1765 අප්‍රියෙල් මාසයේ මියගිය ලියුබට්‌ ජාන් බැරන් වැන් ඊක්‌ගේ මළ සිරුරද 1751 සිට 1752 දක්‌වා ආණ්‌ඩුකාරයාව සිටි 1752 පෙබරවාරි 25 දින මියගිය ජෙරාඩ් ජෝන් ප්‍රීලන්ඩ්ගේ මළ සිරුරද, 1697 සිට 1702 දක්‌වා ආණ්‌ඩුකාරයාව සිටි 1702 නොවැම්බර් 26 දින මියගිය ජරිට්‌ද හියර්ගේ මළ සිරුරද 1757 සිට 1762 දක්‌වා ආණ්‌ඩු කළ ජාන් ස්‌කෲදර්ගේ මළ සිරුර ද මෙම දේවස්‌ථාන අභ්‍යන්තර භූමියෙහි තැන්පත් කර ඇත.

මෙයට අමතරව එහි ඇති සිරුරු අතර ඡේකබ් හල්ප් කපිතාන්වරයාගේ සිරුර සහ අවසන් ඕලන්ද ආණ්‌ඩුකාරවරයා වූ (1764 – 1796) ජාන් ජෙරාඩ් වෑන් එන්බර්ක්‌ගේ බිරිඳගේ මළ සිරුරද වෙයි.

1807 දී වන්නි පළාත් පිළිබඳ වාර්තාවක්‌ ලියූ කපිතාන් ගොල්ටර්ස්‌ ස්‌තුනයිඩර්ගේ පවුලේ සොහොන් ගැබක්‌ද මෙහි ඇත. එහි කපිතාන් ස්‌කනයිඩර්ගේ මිණිබිරියවූ 1817 ජනවාරි 28 දින මියගිය ලුසියා මාරියා වෑන් කොන්ටිඩ්ගේ සිරුර ඇත. මියයන විට ඇගේ වයස මාස හතකි. 1822 ජුලි 21 දින වයස අවුරුදු 24 සපුරා මියගිය ඩොහානා ගර්ට්‌රූඩාගේද, වයස අවුරුදු දෙකේදී මියගිය කපිතාන් ස්‌කුනයිර්ගේ මුණුබුරා වූ හෙන්රි ස්‌කුනයිඩර් කුක්‌ගේද කපිතාන්ගේ එක්‌ බිරිඳක්‌ වූ සොµsයා මග්දලේනාගේ සිරුරද එහි ඇත. 1830 දෙසැම්බර් 20 දින ඇය මියයන විට ඇයට වයස අවුරුදු තිහකි. 1833 ජනවාරි 11 දින මියගිය චාල්ස්‌ෆෙඩ්රික්‌ බැරන් වෑන් කොන්රඩ් ද කපිතාන් ස්‌කනයිඩර්ගේ බෑණාය.

මෙහි ඇති බොහෝ සොහොන් පලකවල මියගිය පුද්ගලයාගේ උපන් දිනය, මියගිය දිනය, ඥතීන් කීපදෙනෙකු පිළිබඳ විස්‌තර මෙන්ම සමහරක මියයැමට හේතු ද දක්‌වා ඇත.

කෙසේ හෝ වුල්ෆෙන්ඩාල් ඕලන්ද රෙපරමාදු දේවස්‌ථානයේ අභ්‍යන්තර පොළව සම්පූර්ණයෙන්ම ආවරණය වී ඇත්තේ සොහොන් ගල් වලිනි.

වුල්ෆෙන්ඩාල් ඕලන්ද රෙපරමාදු දේවස්‌ථානයෙහි වායු සමනය කළ කුටියක ලන්දේසි යුගයට අයත් පැරැණි පොත් පත් මෙන්ම සුවිශේෂ ලියකියවිලිද ඇත. 1637 නිර්මාණය කළ ලන්දේසි බයිබලයක්‌ ද එහි ඇත.

පීටර් කැනියුට්‌ පෙරේරා

About ජාතික බෞද්ධ බලවේගය

Ayubowan! The National Buddhist Authority (NBA) a well developed organizations which were officially battle against the Rascals who are in local society and who were engage as an international persons for poverty alleviation as a cover for proselytizing activity. We may put our advanced heritage presser which our ancestor did upon the peoples who dealing with converting our peoples for any other faith and Abuse (Insulting Speech) of our culture and the moral of Buddhist main concepts. We are secretly finding the necessary static data and also exploring entrench area and giving an “ON THE SPOT” action without thinking difficulty or danger that must be rise within sound of whom think that converting to their faith is fundamental right in our “Dhrama Dveepa”. Regarding need ness of the case we will report in writing with dates, place name or persons involved and all cases of abuse or illegal activities in the name of a religion or faith and first and last attempted to convert persons in Sri-Lanka to Buddhist organizations, temple, nearest Police Station, Grama Niladari and other local authority as well as presidency level. National Buddhist Authority eager to call upon all Sinhalese Buddhist organizations(International too) to join hands in a Endeavour to defeat the proselytizing efforts of sponsored evangelical and other NGO organizations and thereby to guard the Sinhalese Buddhist culture and tradition for posterity, Relating to their fantasy book,Fantasy Story David did killed the philistine champion who named as Goliath, then all of us too cannot fail. NOTE: This cite is not aimed at or against Christians Or Muslims or Any Other faith Holders.This site is aimed against Christians,Muslim or who ever seek or want to convert Buddhist to Christianity or Muslim or other goodish doctrine. We Buddhist refer to them as "missionaries." We Buddhist respect Christians or Muslim or other followers who maintain the doctrines of their belief, but we do not accept anyone's "right" to proselytize.

Discussion

No comments yet.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

Balawegaya Flickr Photos

More Photos

Different countries have visited this site

Free counters!
%d bloggers like this: