//
you're reading...
විශේෂාංග

බුදුන් වහන්සේ සමාජගත කළ පුද්ගල ආධ්‍යාත්මික ගුණ වගාව


බුදුන් වහන්සේ සමාජගත කළ
පුද්ගල ආධ්‍යාත්මික ගුණ වගාව

බුදු දහම සකල ලෝක සත්ත්වයා වෙත ම මෛත්‍රිය පැතිර වූ දහමකි. එසේම පුද්ගලයාගේ ආධ්‍යාත්මික පාරිශුද්ධිය අගය කරන දර්ශනයකි. බුදුරජාණන් වහන්සේගේ මූලික අරමුණ සත්ත්වයාගේ සංසාර විමුක්‌තිය වන අතර සිත දියුණු කරගත් පුද්ගලයාගේ ලෞකික ජීවිතය සමෘද්ධිමත් කරගැනීමත් සමගම ආධ්‍යාත්මික ගුණ වගාවන් පෝෂණය කරගන්නා බව ද පෙන්වා දී ඇත. ධර්මය සන්නිවේදනය කිරීමට උපමාව උපයුක්‌ත කරගෙන ඇති බව ද පෙනේ. පුද්ගල කේන්ද්‍රීයව දහම් දෙසීමට බුදුහිමියන් සිතනුයේ පුද්ගලයාගේ ආධ්‍යාත්මික ජීවිතයේ පරිපූර්ණයට ය. අරියපරියේසන සූත්‍රයේදී තමන් අවබෝධ කරගත් ධර්මය කාහට දෙසිය යුතු ද යන්න බුදුහිමි හා සහම්පති බ්‍රහ්මයා අතර ඇති වූ සංවාදය නිර්මාණශීලී ගමන්මගක්‌ ගත් අයුරු පෙනේ.

“කිච්ෙච්න මේ අධිගතං හලJදානි පකාසිතුං

රාග දොස පරෙතෙහි නායං ධම්මො සුසම්බුධො

පටිසෝතගාමිං නිපුණං ගම්භිරං දුද්දසං අණුං

රාගරත්තා න දCන්ති තමොCඛෙJධන ආවටාති.”

“මා විසින් දුක සේ අවබෝධ කරන ලද මේ ධර්මය දැන් ප්‍රකාශ කිරීම කම් නැත. රාග ද්වේෂයන්ගෙන් මැඩුනවුන් විසින් මේ ධර්මය අවබෝධ කිරීම පහසු නො වේ. චතුස්‍යත්‍ය ධර්මය කරා යන සුලු මෘදු වූ ගැඹුරු වූ අවබෝධයට වෙළුනු මේ සත්ත්වයෝ නොදකින්නාහ.”

බුදුහිමියන් සිතනුයේ තමන් වහන්සේ විසින් අවබෝධ කරන ලද දහම දැකගන්නට ලෝකයා අසමත් වනු ඇතැයි ද, එබැවින් එය සන්නිවේදනය කිරීම නිෂ්ඵල වනවාක්‌ මෙන්ම හුදෙක්‌ තමාට වෙහෙසක්‌ පමණක්‌ වනු ඇතැයි ද යනුවෙනි. මෙහිදී සමස්‌ත සමාජයේ යහපැවැත්මට අවශ්‍ය ආධ්‍යාත්මික ගුණ දහම් වියෑකී ගොස්‌ ඇති බැවින් එය වටහා දීමට සහම්පති බ්‍රහ්මතෙම උපමා ඇසුරෙන් සිදුකරනු ලැබූ අර්ථකථනය පහත දැක්‌වේ.

“පාතුරහොසි මගධෙසු පුබ්බේ –

ධම්මො අසුද්ධො සමලෙහි චින්තිතො

අවාපුරෙතං අමතස්‌ස ද්වාරං –

සුණන්තු ධම්මං විමලෙනානු බුද්ධං

සෙලෙ යථා පබ්බත මුද්ධනිට්‌ඨිතො –

යථාපි පස්‌සෙ ජනතං සමන්තනො

තථුපමං ධම්මමයං සුමෙධ –

පාසාදමාරුය්හ සමන්ත චක්ඛු

සොකාවතිණ්‌ණං ජනතමපෙතසොකො –

අවෙක්ඛස්‌සු ජාති ජරාභිභූතං

උට්‌ඨෙහි වීර විජිත සôගාම –

සත්ථවාහ අනණ විවර ලොකෙ

දේසස්‌සු භගවා ධම්මං –

අඤ්ඤතාරො භවිස්‌සන්ති.”

සහම්පති බ්‍රහ්මයාගේ උත්තේජනමය ආයාචනය කොතරම් නිර්ව්‍යාජ වූ ද යන්න විමසිය යුතුය.

“පෙර මගධ දනව්හි කෙලෙස්‌මළ සහිත ශාස්‌තෘවරයන් විසින් සිතන ලද අශුද්ධ ධර්මයෙක්‌ පහළ විය. මේ නිවන් දොර විවෘත කරනු මැනවි. නිර්මල වූ නුඹ වහන්සේ විසින් අවබෝධ කළ ධර්මය සත්ත්වයෝ අසත්වා.

යහපත් ප්‍රඥා ඇති සර්වඥයන් වහන්ස, ශෛලමය පර්වතයක්‌ මුදුනෙහි සිටියොත් හාත්පස ජන සමූහය, යම්සේ දකී ද එබඳු උපමා ඇති ධර්මප්‍රාසාදයට නැඟ තමන්වහන්සේ පහවූ ශෝක ඇති සේක්‌ ශෝකයෙන් මැඬුණු සත්ත්ව සමූහයා බලනසේක්‌වා.

මාර සංග්‍රාමය දිනු වීරයන් වහන්ස, සාර්ථවාහකයන් වහන්ස, සියලු ණයබරින් මිදුණු ණයනැතියාණන් වහන්ස, නැගීසිටිනු මැනව, ලෝකයෙහි හැසිරෙනු මැනව. භාග්‍යවතුන් වහන්ස, ධර්මය දේශනා කරණනසේක්‌වා. අවබෝධ කරන්නෝ ඇතිවන්නාහ.”

සහම්පති බ්‍රහ්මයාණන්ගේ ආයාචනය කෙබඳු කරුණක්‌ නිසා ඇති වූවක්‌ ද යන්න බුදුහිමියන් අධ්‍යයනය කරන ලදී. එහිදී සහම්පති බ්‍රහ්ම තෙමේ ඉදිරිපත් කළ උපමාව කාලෝචිතය. උඩ සිට පහත සිටින අය බලන පුද්ගලයාට සමාජය නිවැරදි ව පෙනෙන බව එමගින් ගම්‍ය වේ. මෙහිදී උඩ යනු සසරේ නොගැටී සිටින්නා බවත්, පහත සිටින්නන් සංසාරයේ ගැලී වැටී සිටින්නන් බවත්, බ්‍රහ්ම තෙමේ පෙන්වා දී ඇත. සමාජය විලක්‌ ලෙස ද එම විලේ සිටින පුද්ගලයින් පහත අයුරෙන් බුදුහිමියන් දැක ඇත.

1. අවම මානසික වර්ධනය ඇති මිනිසුන්

2. මධ්‍යම මානසික වර්ධනය ඇති මිනිසුන්

3. උපරිම තලයේ මානසික වර්ධනය ඇති මිනිසුන්

යෑයි කාණ්‌ඩ කර ඇති බව පෙනේ. විවිධ පුද්ගලයන් විවිධ මානසික කායික හා චෛතසික තත්ත්වයන්ගෙන් සිටි බැවින් ඔවුනගේ ආධ්‍යාත්මික ජීවිතය සැකසිමට බුදුහිමියන් උත්සුක වී ඇති අයුරු පෙනෙන්නට තිබේ.

“මහණෙනි, යම්සේ වැහිකාලයට අයත් අන්තිම මාසයෙහි සරත් කාලයෙහි ගොයමට යැම වැළැක්‌විය යුතු කල්හි ගොපලුතෙම ගවයන් පාලනය කෙරේද, හෙතෙම ඒ ගවයන්ට ඒ ඒ පැත්තෙන් කෙවිටෙන් පහර දෙන්නේය. නැවත නැවත පහර දෙන්නේය. ඔබ මොබ යා නොදී වළක්‌වන්නේය. ඊට හේතු කවරේද? මහණෙනි, ගොපලුතෙම ඒ ගවයන් හොඳින් බලා නො ගැනීම හේතුකොටගෙන පැමිණිය හැකි පීඩා ද වධ බන්ධන ද ධන හානිය ද නින්දා අපහාස ද දකියි. මම ද මහණෙනි, එසේම අකුසල ධර්මයන්ගේ දෝෂය ද ලාමක බව ද කෙළෙසීම ද කුසල ධර්මයන්ගේ ද කාමයන් ගෙන් වෙන්වීමෙහි අනුසස්‌ ද පිරිසිදු බවට දුටුවෙමි.”

ජීවිතය ප්‍රත්‍යක්‍ෂයෙන් අවබෝධ කර ගැනීම නිසා සමාජයේ කිසිදු පුද්ගලයෙකුගේ අගතිගාමී දැක්‌මයන්ට බුදුදහම හා ශ්‍රාවක පිරිස නතු නොවීමට බුදුහිමියන් ඉතා සරළව උපමා ඇසුරෙන් ධර්මය සන්නිවේදනය කර ඇති අයුරු පෙන්වා දිය හැකිය. එමගින් ලොවුතුරු සුඛයේ උත්තරීතර ආධ්‍යාත්මික රසවින්දනය ට ද පුද්ගලයා යොමුකාරකයෙක්‌ වශයෙන් ගොනු කොට ඇත.

“මහණෙනි, යම්සේ දක්‍ෂ වූ ගවයන් මරන්නෙක්‌ හෝ ගවයන් මරන්නෙකුගේ අතවැසියෙක්‌ හෝ ගවයෙකු මරා සතර මංසන්ධියක කොටස්‌ වශයෙන් වෙන් වෙන්කොට බෙදා උන්නේ ද, එපරිද්දෙන් ම මහණෙනි, භික්‍ෂුව මේ ශරීරය ධාතු වශයෙන් සිහිකරන්නේ ය. කෙසේද යත්, මේ ශරීරයෙහි පඨවි ධාතුව, ආපෝ ධාතුව, තේජෝ ධාතුව, වායෝ ධාතුව, ඇත්තේය කියායි. මෙසේ තමාගේ ශරීරයෙහි හෝ ශරිරය අනුව බලමින් වාසය කරන්නේ ය. තමාගේ හා අනුන්ගේ ශරීරයෙහි හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේ ය. ශරීරයාගේ ඇතිවීම් ස්‌වභාව දක්‌නේ හෝ ශරීර අනුව බලමින් වාසය කරන්නේ ය. ශරීරයාගේ නැතිවීම් ස්‌වභාව දක්‌නේ හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේ ය. කලෙක ශරීරයෙහි ඇතිවීම් ස්‌වභාව දක්‌නේ හෝ කලෙක ශරිරයෙහි නැතිවීම් ස්‌වභාව දක්‌නේ හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේ ය. ඒ භික්‍ෂුවට සත්ත්ව පුද්ගල නොවූ ධාතු මාත්‍ර වූ ශරීරය පමණක්‌ ඇත්තේ ය යන සිහිය හොඳින් පිහිටියේ වෙයි. ඒ සිහිය ඥානයාගේ වැඩීම පිණිස ද පවති. හෙතෙම තෘෂ්ණා දෘෂ්ටි දෙක ආශ්‍රය කොට නොගෙන වාසය කරන්නේ ය. ලෝකයෙහි කිsසිවක්‌ (ආත්ම වශයෙන්) නොගනි.”

කෙළෙස්‌ සහිත පුද්ගලයා අපිරිසිදු රන් භාජනයක්‌ මෙන් ද අධ්‍යාත්මික සුඛාස්‌වාදනයෙන් තොර වූ අපාගත වී දුකින් පීඩිත ව වාසය කිරීමට යොමු වන බවත් කෙළෙස්‌ කසටෙන් මිදුනු පුද්ගලයා ආධ්‍යාත්මික සුඛාස්‌වාදයෙන් පෝෂණය වන බවත් පහත උපමාවෙන් විස්‌තර වේ.

“ඇවැත්නි, සල්පිලින් හෝ රන්කරු කුලයකින් ගෙනෙන ලද දූවිල්ලෙන් හා මළකඩින් ගැවසුණා වූ රන් තලියක්‌ වේ ද, එය හිමියෝ පරිභෝග කරත්නම් ධුලී සහිත තැන්හි නො දමත් නම් ඒ ලොහො තලිය ටික කලකින් අතිශයින් පිරිසිදු වී ඔප වැටෙන්නේ නොවේ ද? එසේය, ආයුෂ්මතුනි, ඇවැත්නි, එපරිද්දෙන් ම යම් ඒ පුද්ගලයෙක්‌ කෙළෙස්‌ සහිත වූයේ ම තමා තුළ කෙළෙස්‌ ඇතැයි තතු සේ දනි ද, ඔහු සම්බන්ධයෙන් මෙය කැමැති විය යුතුය. ඔහු ඒ කෙළෙස්‌ නැති කිරීම පිණිස කැමැත්තක්‌ ඇති කර ගනි. වෑයම් කරයි. වීර්ය කරයි. හෙතෙම රාග රහිත වූයේ, වෛර රහිත වූයේ, මෝහ රහිත වූයේ, කෙලෙස්‌ රහිත වූයේ, නො කිළිටි සිත් ඇත්තේ, කාලක්‍රියා කරයි. මොග්ගල්ලාන, කෙළෙස්‌ සහිත වූ මේ පුද්ගලයන් දෙදෙනා අතුරෙන් එකෙක්‌ හීන පුද්ගලයෙක්‌ යෑයි කියනු ලැබේ. එකෙක්‌ ශ්‍රේෂ්ඨ පුද්ගලයෙක්‌ යෑයි, කියනු ලැබේ. මේ වනාහි ඊට හේතුවයි.”

සෑම ක්‍රියාවකටම සිත ප්‍රධාන වේ. සිත පිරිසිදු නම් ගත ද පිරිසිදු වේ යනු බුද්ධ නියමය යි. වFථූපම සුත්‍රයෙන් පෙන්වා දෙනුයේ පුද්ගලයාගේ ආධ්‍යාත්මික සුඛ වින්දනය සඳහා සිත ප්‍රධාන වන බව ය.

“මහණෙනි, කිළිටුව මළ බැදුනාවූ වස්‌ත්‍රයක්‌ වේ ද, ඒ වස්‌ත්‍රය රෙදි සායම් කරන්නේ නිල්පාට කිරීම පිණිස රන්වන් පාට කිරීම පිණිස හෝ ලේ පාට කිරීම පිණිස හෝ මදටිය පාට කිරීම පිණිස හෝ යම් යම් සායමක්‌ පොවන්නේ ද, එය කරණ කොට ඇත්තක්‌ ම වන්නේ ය. අපිරිසිදු පාට ඇත්තක්‌ ම වන්නේ ය. ඊට හේතු කවරේ ද? මහණෙනි, වස්‌ත්‍රය අපිරිසිදු බැවිනි. මහණෙනි, එපරිද්දෙන් ම සිත කිළිටි වූ කල්හි දුගතියට කැමති විය යුතු ය. මහණෙනි, පිරිසිදු ව බබළන්නා වූ වස්‌ත්‍රයක්‌ වේ ද, ඒ වස්‌ත්‍රය රෙදි සායම් කරන්නේ නිල්පාට කිරීම පිණිස රන්වන් පාට කිරීම පිණිස හෝ ලේ පාට කිරීම පිණිස හෝ මදටිය පාට කිරීම පිණිස හෝ යම් යම් සායමක්‌ පොවන්නේ ද, එය හොඳ පාට ඇත්තක්‌ ම වන්නේ ය. පිරිසිදු පාට ඇත්තක්‌ ම වන්නේ ය. ඊට හේතු කවරේ ද? මහණෙනි, වස්‌ත්‍රය පිරිසිදු බැවිනි. මහණෙනි, එපරිද්දෙන් ම සිත නොකිළිටි වූ කල්හි සුගතියම කැමැති විය යුතු ය.”

අටුවාවෙහි සඳහන් වන පරිදි ජීවිතයේ අස්‌ථාවර බව දනවන කතාවක්‌ මෙසේ ය. එක්‌ තරුණ භික්‍ෂුවක්‌ ව්‍යාඝ්‍රයෙක්‌ විසින් ඩැහැගෙන කැලයට ගොස්‌ මරා මස්‌ කෑමට සූදානම් වන විට දී එම තරුණ භික්‍ෂුව වේදනාව යටපත් කොට විදර්ශනා වඩා රහත් වූ බව දක්‌වා තිබේ. ශරීරයේ ගොප්මස දක්‌වා කෑ කල්හි සෝවාන් ව, දණ දක්‌වා කෑ කල්හි සකෘදාගාමීව, නැබ දක්‌වා කෑ කල්හි අනාගාමිව, හෘදය රූපය නො කෑ කල්හි සිව්පිළිසිඹියා සහිත රහත් බවට පැමිණ ප්‍රීති වාක්‍යය ප්‍රකාශ කෙළේය. එනම්,

“සීලවා වත සම්පන්නො, – පඤ්ඤවා සුසමාහිතො

මුහුත්තං පමාදමJවාය – ව්‍යග්ඝෙනොරුද්ධ මානසො

පඤ්ජරස්‌මිං ගහෙFවාන – සීලාය උපනීතකො

කාමං ඛාදතු මං ව්‍යග්ඝො – භෙCඛා කායො අචෙතනො

පටිලද්ධෙ කම්මඨානම්හි – මරණංහෙහිති භද්දකං”

“සිල්වත් වූ ව්‍රතයෙන් සම්පූර්ණ වූ කම්මස්‌සකතා ඤාණයෙන් පැනවත් වූ සමාධියෙහි පිහිටුවන ලද සිත් ඇති, මොහොතක්‌ පමණ කල් ප්‍රමාදයට පැමිණ සිටියා වූ මම ව්‍යාඝ්‍රයෙකු විසින් මඬනා ලද සිත් ඇත්තෙමි. නියපඳුරෙහි ලාගෙන පර්වතයට පමුණුවනු ලද්දෙම් වෙමි. ව්‍යාඝ්‍රතෙම මා කැමති පරිදි කනු ලැබේවා. සිත් නැති මේ කය අනුන් විසින් කෑ යුත්තේ ය. ලැබූ කමටහන් ඇති කල්හි මරණය සොඳුරු වන්නේ ය.”

මෙම කථාවෙන් හා ගාථාවෙන් බුද්ධඝෝෂ හිමියන් පෙන්වා දෙන්නේ ශරීරයට ඇති ආශාව දුරු කළ යුතු බවය. මගේ ය මාගේ ය යන මමත්වය යමෙකු තුළ ඇති වන්නේ ජීවිතයේ යථාර්ථය නො දන්නා බැවිනි. එමෙන්ම අපිරිසිදු චිත්තය ඇතිවන්නේ ද ආත්මාර්ථය ප්‍රමුඛ කොටගත් පුද්ගල සන්තානයේ ය. යමෙකු සුඛය, දුCඛය යන ද්විධාකාර ආත්ම සන්තර්පණය හා වින්දන පරාශයන් ප්‍රහාණය කිරීමෙන් ආධ්‍යාත්මික සැපයට හිමිකරුවෙක්‌ වන බව ගම්‍ය වේ.

සංවරය පෙරටුව, විදර්ශනාවෙන් යුතු, කෙළෙස්‌ ප්‍රහීනය සඳහා වෑයම් කරන, වැසුණු ඉන්ද්‍රිය ඇති, ශික්‍ෂාවෙන් යුතු, නො විසිරුණු සිත් ඇති, පුද්ගලයා ආර්ය පුද්ගලයා වශයෙන් සැරියුත් හිමියන් අනංගන සූත්‍රයේ ඉහත උපමාවෙන් පෙන්වා දෙයි. එසේ ම කෛරාටික නැත්තා වූ හිස්‌මාන නැත්තා වූ ශ්‍රමණ ධර්මයෙහි ම පිහිටියා වූ භික්‍ෂුව ආධ්‍යාත්මික ගුණ වගාවෙන් පූර්ණ වූ අයෙකු ලෙස විස්‌තර කරන සැරියුත් හිමියන් සංවරය හා විදර්ශනාවට ප්‍රමුඛතාව දී පැවිද්දා තම ජීවිතයේ කටයුතු සිදුකළ යුතු බවට උපදෙස්‌ දෙයි. ඉහත දැක්‌වෙන උපමාවෙන් පෙන්වා දෙන්නේ අලංකාරයට කැමති ස්‌ත්‍රියක්‌ හෝ පුරුෂයෙක්‌ දිය නා මල් මාලා උසස්‌ වූ හිසේ පැළඳ ගනී ද ඒ අයුරෙන් භික්‍ෂුව තම පැවිදි ජීවිතය මනසින් පෝෂණය කරගත යුතු බව ය. නැවත ආත්මයක්‌ නො සොයන වස්‌තු කාම ක්‌ලේශ කාමයෙන් තොර වූ පිවිතුරු සිතුවිලි ධාරාවෙන් යුතු ආර්යයන් වහන්සේ කෙළතොලු හෙවත් නැති ගුණ ප්‍රකාශ කරන අයෙකු නො වන බව සැරියුත් හිමියන් සමාජයට පහදා දී ඇත.

“දැල්වෙන්නාවූ පහනේ තෙල් යම් සේ අපිරිසිදු ද, වැටියත් අපිරිසිදු ද, තෙලුත් අපිරිසිදු බැවින් වැටියත් අපිරිසිදු බැවින් ඒ එළිය සිහින් අඳුරක්‌ මෙන් දැල්වෙයි.”

භික්‍ෂුව තමාගේ මනස තුළ ගොඩනැඟෙන පඤ්චනීවරණ ධර්මයන් ප්‍රහීන නො කළහොත් ජීවිතයේ පූර්ණ ආධ්‍යාත්මික ගුණ ධර්ම වර්ධනයට බාධකයක්‌ වනබව පෙන්වා දෙන අනුරුද්ධ සූත්‍රය එවැනි වූ භික්‍ෂුව මරණින් මතු සංකිලිට්‌ඨාභ දේවලෝකයේ දෙවියන් සමඟ ජීවත් වීමට සිදු වන බව විස්‌තර කරයි. එසේම පිරිසිදු තෙල් සහ වැටියත් ඇතිව ආලෝකමත් ව බබළන පහන යම් සේ ද එසේම පඤ්චනිවරණ ධර්මයන්ගෙන් තොර වූ භික්‍ෂුව පිරිසිදු ආලෝකවත් ජීවිතයක්‌ ගත කරන බව සමාජයට දැනෙන අයුරෙන් සන්නිවේදනාත්මකව අවධාරණ කරයි. එමගින් පෝෂණය වන ආධ්‍යාත්මික ගුණ වගාවෙන් පරිපූර්ණ භික්‍ෂුව මරණින් මතු පරිසුද්ධාභ දෙවියන් හා එක්‌වීමට පැමිණෙන බව විග්‍රහ කරයි.

මඡ්ජිධිම නිකායේ අන්තර්ගත සූත්‍ර ධර්මයන්හි බහුතර උපමාවන්හි විග්‍රහ වනුයේ පුද්ගල ආධ්‍යාත්මික ගුණ වගාවට අදාළ උපමාවන් ය. සමාජයේ තාඩන පීඩනයෙන් යුතු විවිධාකාර දුCත තත්ත්වයේ වැටී සිටින අසරණ පුද්ගලයන්ට බුදුහිමියන් දෙසූ දහම අමෘතයක්‌ බඳු විය. එමගින් මෙලොව පරලොව සුඛ වින්දනය හා ආධ්‍යාත්මික ලබන ගුණවගාවන් හි අවසාන සැපය වන නිර්වාණයේ වින්දනය ද විඳීමට සුදුසු පරිදි බුදුහිමියන් උපමා ඇසුරෙන් ධර්මය දේශනා කළ අයුරු ඉහත කරුණු ඇසුරෙන් පෙන්වා දිය හැකි ය. ආධ්‍යාත්මික සුඛවිහරණය සඳහා සමාජීය සත්ත්වයාගේ සිත, කය, වචනය හික්‌මවා කෙළෙස්‌ අඳුර දුරුකර ප්‍රඥා ප්‍රදීපය දැල්වීමට අවශ්‍ය දැනුම, කුසලතා, ආකල්ප පෝෂණය කරමින් ආධ්‍යාත්මික ගුණවගාවන් ඇති කරමින් උපමා උපයෝගි කරමින් මජ්ජිධිම නිකායේ උපමා ඇසුරෙන් බුදුහිමියන් හා ස්‌වකීය ශ්‍රාවකයන් ධර්මය සන්නිවේදනය කර ඇති අයුරු පෙන්වා දිය හැකිය.

දර්ශනපති
කොස්‌ගොඩ විමලවංශ තිස්‌ස හිමි

 

About ජාතික බෞද්ධ බලවේගය

Ayubowan! The National Buddhist Authority (NBA) a well developed organizations which were officially battle against the Rascals who are in local society and who were engage as an international persons for poverty alleviation as a cover for proselytizing activity. We may put our advanced heritage presser which our ancestor did upon the peoples who dealing with converting our peoples for any other faith and Abuse (Insulting Speech) of our culture and the moral of Buddhist main concepts. We are secretly finding the necessary static data and also exploring entrench area and giving an “ON THE SPOT” action without thinking difficulty or danger that must be rise within sound of whom think that converting to their faith is fundamental right in our “Dhrama Dveepa”. Regarding need ness of the case we will report in writing with dates, place name or persons involved and all cases of abuse or illegal activities in the name of a religion or faith and first and last attempted to convert persons in Sri-Lanka to Buddhist organizations, temple, nearest Police Station, Grama Niladari and other local authority as well as presidency level. National Buddhist Authority eager to call upon all Sinhalese Buddhist organizations(International too) to join hands in a Endeavour to defeat the proselytizing efforts of sponsored evangelical and other NGO organizations and thereby to guard the Sinhalese Buddhist culture and tradition for posterity, Relating to their fantasy book,Fantasy Story David did killed the philistine champion who named as Goliath, then all of us too cannot fail. NOTE: This cite is not aimed at or against Christians Or Muslims or Any Other faith Holders.This site is aimed against Christians,Muslim or who ever seek or want to convert Buddhist to Christianity or Muslim or other goodish doctrine. We Buddhist refer to them as "missionaries." We Buddhist respect Christians or Muslim or other followers who maintain the doctrines of their belief, but we do not accept anyone's "right" to proselytize.

Discussion

No comments yet.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

Balawegaya Flickr Photos

More Photos

Different countries have visited this site

Free counters!
%d bloggers like this: