//
you're reading...
අපිට සමා නැත උන්ට සමා ඇත, ඇස ගිය තැන්, කොටි තර්ජන නිසා බිෂොප් පදවිය අත්හැරීම, කොටි බල වඩන පුජකයෝ, කොටි හිතවාදී විශ්වවිද්‍යාලය, ජයලලිතා ජයරාම්, ජාති වාදය, දෙමළ ජාතිවාදය ද පරාජය කරමු, දෙමළ බෙදුම්වාදී දේශපාලනයේ කාටත් නොවැටහෙන තුප්පහිකම

කැලේට හුරුවෙච්ච එල්.ටී.ටී.ඊ. කොල්ලො සත්තු වගේ හැසිරෙන්න ගත්තා…

කැලේට හුරුවෙච්ච එල්.ටී.ටී.ඊ. කොල්ලො
සත්තු වගේ හැසිරෙන්න ගත්තා…

එල්.ටී.ටී.ඊ. ය ගැන ‘සුමදි’ කියන කතාව සුමුදු නැත…

තරංග රත්නවීර

ටික කාලෙකින් විනය බින්දුවටම වැටුණා…
සමහර කෙල්ලො කරදර ඉවසන්න බැරිව පැනලා ගියා…
හිරිහැර කරන්න ආවොත් ඉවරයක්‌ කරන්න කියලා විදූෂා අපිට කිව්වා…

සුමදි තරුණ කාන්තාවකි. වයස අවුරුදු තිහකි. හිරිමල් විය ප්‍රභාකරන්ගේ ඊළාම් සිහිනයට බිලි දී ඇති ඇය තාරුණ්‍ය කැප කර ඇත්තේ හමුදාව සමඟ යුද වදින්නය. මහා කැලෑවේ ගස්‌, ගල් යට තුවක්‌කු කර පින්නා ගෙන, සයිනයිඩ් කරල ගෙල දවටා ගෙන ජීවත් වූ ඇයගේ ජීවිතය බේරී ඇත්තේ පූරුවේ පිනකටය. එහෙත් ඇය දැන් අබ්බගාතය. හමුදාව සමඟ යුද වදිද්දී නොසිතූ මොහොතක ඇයගේ කලව ප්‍රදේශය පසාරු කරගෙන වෙඩි උණ්‌ඩයක්‌ ගොස්‌ය. ඇය කියන විදිහට සිරුරේ හැම තැනම මූනිස්‌සම් කෑලිය. යුද්ධයේ බිහිසුණු බව හොඳින් අත්විඳ ඇති ඇය ත්‍රස්‌තවාදී ජීවිතය ගැන කතා කිරීමට ද අකමැතිය. එහෙත් අපගේ පෙරැත්ත කිරීම මත ඇය ඒ කාලකණ්‌ණි අතීතය නැවත මතක්‌ කළාය. මේ ඇය කියන කතාවේ අවසාන කොටසය…

විදූෂාගේ බලකාය තමයි එල්.ටී.ටී.ඊ. සංවිධානයේ තිබුණු ‘සුපිරිම’ කාන්තා බළකාය. ඒ වගේම එල්.ටී.ටී.ඊ. නායකයෝ අපේ බළකාය ගැන හොඳ අවධානයෙන් හිටියා. ඕනෑම සටනකට බහින්න සුපිරි ආයුධ දුන්නා. අපිත් ගේමකට බැස්‌සොත් මරාගෙන මැරිලා හරි ඉස්‌සරහටම ගියා මිසක්‌ ආපස්‌සට හැරිල නෑ. අපෙන් විදූෂාට අවශ්‍ය වෙලා තිබුණෙත් එච්චරයි. විදූෂාත් සටනට බැස්‌සට පස්‌සෙ වෙන නායක, නායිකාවො වගේ පිටිපස්‌සේ ඉඳලා අණ දුන්නේ නෑ. හැම වේලාවේම හිටියේ පෙරමුණේ. විදූෂාට මරණ බය කියන එක දැනෙන්නේම නෑ. එයාගේ ඉලක්‌කය සතුරා විනාශ කිරීම විතරයි. අපිත් ඒක දැනගෙන සටනට බැස්‌සේ ජීවිතය ගැන බලාපොරොත්තු අතහැරලා. අපි ජීවිත දානය දෙන්නෙ ජාතිය වෙනුවෙන් කියලා හිතට ධෛර්ය අරගෙන.

මම මුලින්ම සටනට බැස්‌සෙ පරන්තන් හමුදා කෑම් එකට ඇටෑක්‌ කරන්න. අපි පනහක්‌ විතර සටනට බැස්‌සා. අපිට උදව්වට එල්.ටී.ටී.ඊ. සාමාජිකයනුත් පනහක විතර කණ්‌ඩායමක්‌ සටනට සම්බන්ධ වුණා. පාන්දර 2 ට විතර තමයි කෑම්ප් එකට ඇටෑක්‌ කරන්න පටන් ගත්තේ. සටන මෙහෙයුවේ විදූෂා. එළිය වැටෙනකොට හමුදා කෑම් එක අපේ යටතට ගත්තා. ඒ සටනේදී හමුදාවේ ගොඩක්‌ මැරුණා. ටිකක්‌ පසු බැහැලා ගියා. අපේ මැරුණේ දහ දෙනයි. මෙහෙයුම ගොඩක්‌ සාර්ථක වුණේ හමුදාව කිසිම විදිහකින් නොහිතන විදිහට සටන ප්ලෑන් කරලා තිබුණු නිසා. ඒ සටන සාර්ථකව කරපු නිසා අපිට පදක්‌කම් පැළඳුවා. චුන්ඩිකුලම් එල්.ටී.ටී.ඊ. කඳවුරේ තිබුණු ඒ උත්සවයට ප්‍රධාන ආරාධිතයා විදිහට ආවේ ප්‍රභාකරන්. එදා තමයි මම පළමු වතාවට ප්‍රභාකරන්ව දැක්‌කේ. ප්‍රභාකරන් තමයි අපිට පදක්‌කම් පැළඳුවේ. එදා ප්‍රභාකරන් අපි එක්‌ක හොඳට කතා කළා. අපිටත් හරි සතුටුයි. අපේ මොරාල් තවත් වැඩි වුණා.

අපි නිතරම මෙහෙයුම්වලට ගියේ නෑ. හොඳටම සැලසුම් කරලා තමයි ගේමකට බැස්‌සේ. ඊට අමතරව අපේ බළකායේ ටීම් හදලා හමුදා බංකර්වලට ඇටෑක්‌ කරන්න දැම්මා. එක ටීම් එකකට පස්‌ දෙනයි. ඒ ටීම්වලට පැවරුණු රාජකාරිය රෑට හමුදා බංකර්වලට ඇතුළු වෙලා බංකරේ ඉන්න අයගෙ බෙල්ල කපන්න. අපි ගෙනිච්ෙච් පිස්‌ටල් එකයි. පිහියයි විතරයි. ඒ මෙහෙයුමත් ගොඩක්‌ සාර්ථක වුණා. හමුදාවේ අයට හිතා ගන්න බැරි විදිහට අපේ කෙල්ලො ගේම දුන්නා. ඒත් එක තැනකදී මට වැරැදුනා. දවසක්‌ කිලිනොච්චියේ එල්.ටී.ටී.ඊ. බෝඩරේ කිට්‌ටුව තිබුණු හමුදා බංකරයකට ඇටෑක්‌ කරන්න අපි සැලසුම් කළා. රෑ 11 ට විතර බංකරය කිට්‌ටුවට ගියා. බංකරේ හමුදාවේ තුන් දෙනෙක්‌ ඉන්නවා අපි දැක්‌කා. එක්‌කෙනෙක්‌ නිදා ගන්නවා. දෙන්නෙක්‌ ඇහැරිලා හිටියා. අපි ටාගට්‌ කළේ එක පාරටම අපි දෙන්නෙක්‌ දෙන්නගේ බෙල්ලට පනින්න. බංකරයට කිට්‌ටු කරලා පාන්දර තුන විතර වෙනකම් කුරුමානම් අල්ලගෙන හිටියා. හරියටම ටාගට්‌ එක අරගෙන බංකරයට කිට්‌ටු කරනකොටම මාත් එක්‌ක ගිය අනිත් කෙනාට චරස්‌ ගාලා කොළයක්‌ පෑගුණා. ඒ ශබ්දයට බංකරේ හිටපු එක්‌කෙනෙක්‌ µයර් කළා. මගේ කකුලට වෙඩි වැදුණා. මම දන්නේ එච්චරයි. ඒත් අපේ ටීම් එකේ කෙල්ලෝ මාව දාලා ඇවිල්ලා නෑ. කොහොම හරි කර ගහගෙන කැලෙන් පැනලා ඇවිත්.

එදා පාන්දරම මාව පුදුකුඩිඉරුප්පු එල්.ටී.ටී.ඊ. රෝහලට අරගෙන ගිහින් ඔපරේෂන් කරලා තිබුණා. පුදුකුඩිඉරුප්පු ඉස්‌පිරිතාලේ එල්.ටී.ටී.ඊ. පාලන ප්‍රදෙAශවල තිබුණු හොඳ රෝහලක්‌. එල්.ටී.ටී.ඊ. නායකයන් ලෙඩ දුක්‌වලට, හදිස අනතුරුවලදී වැඩියෙන්ම ප්‍රතිකාර ගත්තේ ඒ රෝහලෙන්. දක්‍ෂ වෛද්‍යවරු හිටියා. ඕනෑම සැත්කමකට අවශ්‍ය උපකරණ තිබුණා. මගේ වාසනාවට කකුලට හරියට වෙඩි වැදිලා තිබුණේ නෑ. ඒත් කකුල කපන්නෙ නැතුව බේරගත්තේ බොහෝම අමාරුවෙන්. කකුල සනීප වුණාට පස්‌සෙ මාව එල්.ටී.ටී.ඊ. වෛද්‍ය බළකායට ඇතුළත් කළා. එතැන අවුරුද්දක්‌ විතර ඉන්නකොට ආයෙමත් විදුෂා බළකායට දැම්මා. ඒ සිද්ධිය වුණේ 2000 අවුරුද්දේ. එතැන ඉඳලා යුද්දේ අවසාන වෙනකම් හිටියේ එල්.ටී.ටී.ඊ. සන්නද්ධ අංශයේ. මහා කැලෑවල බංකර්වල. වැඩිය සටන්වලට ගියෙත් නෑ. ඔහොම ටික කාලයක්‌ යනකොට එල්.ටී.ටී.ඊ. සංවිධානය ටිකෙන් ටික පිරිහෙන්න පටන් ගත්තා. බලය ලබා ගන්න නායකයො අතර නිතරම ගැටුම් ඇති වුණා. එල්.ටී.ටී.ඊ. සංවිධානය පිරිහෙන්න ප්‍රධාන හේතුව වුණේ ඒක. ඒ එක්‌කම සාමාජිකයන්ගේ විනය බිංදුවට වැටුණා. බංකර්වලට හරියට කෑම ටිකවත් ලැබෙන්නේ නැතිව ගියා. මහා කැලේ බංකර් ඇතුලේ ගස්‌වල ගෙඩි කලා අපි දවස ගෙවලා තියෙනවා. එහෙම දවස්‌වලට යුද්ධ කරන්න තියා කෙලින් ඉන්නවත් පණ නෑ. අපේ හිතේ හයියටම තමයි හිටියේ.

කැලේටම හුරු වෙච්ච අපේ සාමාජිකයෝ ටිකෙන්, ටික සත්තු වගේ හැසිරෙන්න පටන් ගත්තා. අපි එල්.ටී.ටී.ඊ. යට බැඳුණු මුලදී ඇහැක්‌ ඇරලා නොබලපු සාමාජිකයෝ කෙල්ලන්ව පාවිච්චි කරන්න පටන් ගත්තා. ඒත් විදුෂාට තියෙන බයට අපේ බළකායේ කෙල්ලෝ ගාවට කවුරුවත් කිට්‌ටු වෙන්න ආවේ නෑ. අනිත් කාන්තා බළකායන්වල සාමාජිකාවන්ට කැලේ ඇතුළෙදී ගොඩක්‌ හිරිහැර වුණා. සමහර කෙල්ලෝ කරදර ඉවසන්න බැරිව පැනලා ගියා. එහෙම පැනලා ගියා කියලත් වැඩක්‌ වුණේ නෑ. සතියක්‌ යනකොට කොයි දීපංකරේ හිටියත් හොයාගෙන ඇවිත් පනිෂ්මන්ට්‌ දීලා බංකර්වලට දානවා. ඒ නිසා පැනලා යන්න මම නම් හිතුවේවත් නෑ. දිගටම සටන් බිමේ හිටියා.

එල්.ටී.ටී.ඊ. සංවිධානය තුළදී කාන්තාවන්ට වෙන අසාධාරණකම් ගැන විදුෂා අක්‌කා මුලදී ඉහළ නායකයන් දැනුවත් කළා. ඒත් ඒ අය කණකට ගත්තේ නෑ. ‘උන්ට ප්‍රශ්නයක්‌ නැති නම් අපිට මොකද? උඹලට මොනවහරි හිරිහැරයක්‌ කරන්න ආවොත් කිසිම දෙයක්‌ බලන්න එපා ඉවරයක්‌ම කරලා දාපල්ලා. ඉතුරු ටික මම බලා ගන්නම්…’ කියලා අපිට විදූෂා අක්‌කා උපදෙස්‌ දීලා තිබුණා. ඒත් කවුරුවත් එහෙම කරන්න ගියේ නෑ. කෙල්ලෝ, කොල්ලෝ හිතවත්කම් ඇති කර ගත්තා. එහෙම සම්බන්ධකම් ඇති කරගත්ත සමහර අය කසාද බැන්දා. තව අය බඳින්නේ නැතුව එකට හිටියා. එල්.ටී.ටී.ඊ. යට ඒක සාමාන්‍ය දෙයක්‌ වුණා. අන්තිමේ එල්.ටි.ටී.ඊ. සංවිධානයේ විනාශයට ඒකත් එක හේතුවක්‌ වුණා. යුද්දේ අවසානම කාලේදී ඉරණපාලේදී මම හමුදාවට භාර වුණා.

‘ඔයාලා ඇවිත් අපෙන් විස්‌තර අරගෙන යයි. ඊට පස්‌සේ ගමේ අය අහන ප්‍රශ්නවලට උත්තර දෙන්න වෙන්නෙ අපිට… දැනටමත් කී දෙනෙක්‌ මේ පැත්තට ඔළුව දාගෙන ගියාද…? තල් වැටට උඩින් පාර දිහා බලාගෙන සිටි සුමදි අපට එසේ කීවාය.

කතාව සැබෑය. අප සුමදිලාගේ නිවසට ඇතුළු වූ මොහොතේ සිට තරුණයන් දෙතුන් දෙනෙක්‌ යතුරුපැදිවලින් තුන්හතර වතාවක්‌ම ඇයගේ නිවස අසලින් එහෙට මෙහෙට ගියහ. ඒ යන සෑම අවස්‌ථාවකම යතුරු පැදියේ වේගය අඩු කර සමුදිලාගේ නිවස හොඳින් විපරම් කරන අයුරු අපගේ ද ඇස ගැටිණි.

‘බයිසිකල්වලින් එහාට, මෙහාට යන්නෙ කවුද… ඔයාලා අඳුරනවද…’ නැවත අපි සුමදිට කතා කළෙමු.

‘එහෙම අඳුරන්නේ නෑ. අපි අඳුරන්නේ නැති මිනිස්‌සු කොච්චර නම් මේ ගම්වල ඉන්නවද… අපි ඒ මිනිස්‌සු ගැන හොයන්න යන්නේ නෑ. අපිට අනුන්ගේ දේවල් වැඩක්‌ නෑ. අපිට ඕනෑ පාඩුවේ ජීවත් වෙන්න. මේ කඳවුරෙන් මිදිලා අපේම තැනකට යන්න.

යුද්දේ ඉවර වෙලත් දැන් කොච්චර කාලයක්‌ වෙනවද… අපි තවම අනාථ කඳවුරුවල. අපේ ප්‍රශ්න ගැන අහන්න කවුරුවත් නෑ. ඔයලාත් අපි ළඟට ඇවිත් අහන්නෙ පරණ දෙවල්. ඇයි අපේ ප්‍රශ්න ගැන කතා කරන්නේ නැත්තේ… මේ කඳවුරේ පවුල් හතළිස්‌ දෙකක්‌ ජීවත් වෙනවා. ඒ හැම පවුලක්‌ම මේ ටකරන් මඩුවල ජීවත් වෙන්නේ කැමැත්තෙන් නෙමෙයි. යන්න තැනක්‌ නැති නිසා. අපටත් ජීවිත අලුතින් පටන් ගන්න ඕනෑ. ඒත් මේ විදිහට කඳවුරක හිර වෙලා ජීවිත අලුතින් පටන් ගන්න බෑ. දුක්‌විඳලා මැරිලා යන්න වෙන්නේ. මට තවම අවුරුදු තිහයි. වයසෙන් භාගයක්‌වත් ගෙවිලා නෑ. මමත් කැමතියි කසාදයක්‌ කරගෙන දරු මල්ලොත් එක්‌ක ජීවත් වෙන්න. ඒත් මෙහෙම කඳවුරුවල හිර වෙලා දරුවෝ හදාගෙන උන්ටත් දුක්‌ දෙන්න බෑ. කාලයක්‌ම මේ ටකරන් මඩුවල විඳින දුක දන්නේ අපි විතරයි. හරියට වතුර ටිකක්‌ නෑ. ටොයිලට්‌ උතුරලා නාහයක්‌ තියාගෙන ඉන්න බෑ. වහින කාලෙට වතුරෙන් යට වෙනවා. ඇයි මේ ප්‍රශ්න ගැන කවුරුවත් කතා කරන්නේ නැත්තේ. දෙමළ විමුක්‌තිය ගැන කතා කරන අපේ නායකයෝ කිසිම දවසක මේ කඳවුරකට ඇවිල්ලා අපේ ප්‍රශ්න ගැන කතා කරලා නෑ. ඒ අයට ඕනා අපිව ඉත්තන්ට තියාගෙන බලය තරකර ගන්න. සැප විඳින්න… අපේ දුක ලෝකයට කියන්න… එතකොට හරි අපිට සහනයක්‌ ලැබෙයි. ඔයලාට ඒක පිනක්‌…’ නැවතත් සුමදිගේ දෙනෙත් තල් වැටෙන් ඈතට පාවිණි. අපගේ දෙනෙත් පමණක්‌ නොව දෙපා ද කඳවුර වටා ඇවිද ගියේය.

කාලයක්‌ ගිනි ගොඩේ ජීවත් වූ ඔවුහු යුද්ධයේ අවසානයෙන් පසු ටකරන් මඩුවල තැම්බෙන්නාහ. අදටත් එහෙමය. ඔවුන් විඳින දුක අපි දෑසින් දුටුවෙමු. උතුරා ගිය වැසිකිළිවල දුගඳට අපේ ඉහ මොළ රත් වී හිස කකියන්ට විය. අනාථ කඳවුරේ කඳුළු බී දුක වදාළන පීඩිත මිනිසුන්ගේ දුක ලේ නහර කිලිපොළා යන තරමට සුමදි අපට කීවාය. ඒ කතාව ඇයගේ වචනයෙන්ම අපි රටට කීවෙමු. ඉදිරියට වෙන දේ ගැන දැන් අපි බලා හිඳිමු.

About ජාතික බෞද්ධ බලවේගය

Ayubowan! The National Buddhist Authority (NBA) a well developed organizations which were officially battle against the Rascals who are in local society and who were engage as an international persons for poverty alleviation as a cover for proselytizing activity. We may put our advanced heritage presser which our ancestor did upon the peoples who dealing with converting our peoples for any other faith and Abuse (Insulting Speech) of our culture and the moral of Buddhist main concepts. We are secretly finding the necessary static data and also exploring entrench area and giving an “ON THE SPOT” action without thinking difficulty or danger that must be rise within sound of whom think that converting to their faith is fundamental right in our “Dhrama Dveepa”. Regarding need ness of the case we will report in writing with dates, place name or persons involved and all cases of abuse or illegal activities in the name of a religion or faith and first and last attempted to convert persons in Sri-Lanka to Buddhist organizations, temple, nearest Police Station, Grama Niladari and other local authority as well as presidency level. National Buddhist Authority eager to call upon all Sinhalese Buddhist organizations(International too) to join hands in a Endeavour to defeat the proselytizing efforts of sponsored evangelical and other NGO organizations and thereby to guard the Sinhalese Buddhist culture and tradition for posterity, Relating to their fantasy book,Fantasy Story David did killed the philistine champion who named as Goliath, then all of us too cannot fail. NOTE: This cite is not aimed at or against Christians Or Muslims or Any Other faith Holders.This site is aimed against Christians,Muslim or who ever seek or want to convert Buddhist to Christianity or Muslim or other goodish doctrine. We Buddhist refer to them as "missionaries." We Buddhist respect Christians or Muslim or other followers who maintain the doctrines of their belief, but we do not accept anyone's "right" to proselytize.

Discussion

No comments yet.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

Balawegaya Flickr Photos

More Photos

Different countries have visited this site

Free counters!
%d bloggers like this: