//

අන්තවාදී ඉස්‌ලාමීය සංවිධාන

This category contains 119 posts

ප්‍රබල අයිඑස්‌ ත්‍රස්‌තයෙක්‌ ලන්ඩන් ගුවන්තොටේදී මාට්‌ටු

අයිඑස්‌. අයිඑස්‌. සංවිධානයේ ප්‍රබල ත්‍රස්‌තවාදියකු වූ මොහොමඩ් අබ්දුල්ලා ලන්ඩන් හීත්‍රොa ගුවන් තොටුපළේදී බ්‍රිතාන්‍ය ත්‍රස්‌ත මර්දන ඒකකය විසින් ඊයේ (11දා) අත්අඩංගුවට ගෙන ඇත.

මොහු සතුව ගුවන් ධාවන පථයට යාහැකි බලපත්‍රයක්‌ තිබූ බව අනාවරණය වේ. හීත්‍රොa ගුවන් තොටුපළේදී මගීන්ගේ අංගනයක මොහු සේවය කරමින් සිටි බව ත්‍රස්‌ත මර්දන පොලිසිය විසින් සොයාගෙන ඇත.

වසර ගණනාවක්‌ තිස්‌සේ මොහු එහි සැඟව සිටි බවද හෙළිවී ඇත.

කීර්ති වර්ණකුලසූරිය

Advertisements

බුද්ධගයාවට බෝම්බ තැබීම පිටුපස බෙංගාලි මුජහිදීන්වරු

n2 1

ටිබෙට්‌ ආධ්‍යාත්මික නායක දලයිලාමා පසුගිය 28 වැනිදා බුද්ධගයාවෙන් නික්‌ම ගියේය. පුරා මාසයක්‌ පැවැති කාලචක්‍ර වැඩසටහනට සහභාගී වූ අධ්‍යාත්මික නායකයා ගයාවෙන් පිටත්ව යැම බිහාර් ප්‍රාන්ත ආරක්‍ෂක නිලධාරීන්ට සැනසිල්ලක්‌ විය. දලයිලාමාගේ ආරක්‍ෂාව වෙනුවෙන් පොලිස්‌ නිලධාරීන් තුන්දහසක්‌ යොදවා තිබූ අතර ඒ සඳහා වැයබර ඉන්දීය රුපියල් කෝටි 12 ක්‌ බව හින්දු පුවත්පත සඳහන් කර තිබිණි.

බිහාර් බලධාරීන් දලයිලාමාගේ ආරක්‍ෂාව ගැන වැඩි අවධානයක්‌ යොමුකළේ පසුගිය 19 වැනිදා සවස්‌ යාමයේදී බුද්ධගයාවට පිවිසෙන සිව්වැනි ගේට්‌ටුව අසලදී කිලෝ දහයක්‌ බරැති බෝම්බ දෙකක්‌ හමුවීම නිසාය. මෙම බෝම්බ දෙක හමුවීමට පෙර සුළු පිපිරීමක්‌ ද සිදුව තිබිණි. වාසනාවට මෙම බෝම්බ පුපුරා නොගිය අතර හදිසියේ හෝ මේවා පුපුරා ගියානම් මහා විනාශයක්‌ සිදුවන්නට ඉඩ තිබිණි. ඒ මහා පුදබිමේ පින් මහිමය නිසා මේ විපත වැළකිණි.

එහෙත් 2013 ජූලි 07 වැනිදා බුද්ධගයාවේ බෝම්බ දහයක්‌ පුපුරා ගිය අතර භික්‍ෂූන් දෙනමක්‌ ඇතුළු පස්‌දෙනෙක්‌ තුවාල ලැබීය. මේ ප්‍රහාරය එල්ල කළේ ඉන්දීය මුජහිඩීන් සංවිධානය විසිනි. බුරුමයේ රොහින්ග්‍යා මුස්‌ලිම්වරුන්ට එල්ලවන ප්‍රහාරවලට පළිගැනීමක්‌ වශයෙන් මේ ප්‍රහාරය එල්ල කළ බව පසුව අත්අඩංගුවට ගැනුණු ත්‍රස්‌තවාදීහු හෙළිකර තිබිණි. 2018 වසරේදී බුද්ධගයාවට බෝම්බ තැබුවේ කවුරුද? ඉන්දීය ආරක්‍ෂක අංශ කරන ලද පරීක්‍ෂණවලදී හෙළිවී ඇත්තේ කුමක්‌ද? මේ බෝම්බය තබා ඇත්තේ ඉන්දීය මුජහිඩීන්වරු නොවේ. බංගලාදේශය ත්‍රස්‌aතවාදී කණ්‌ඩායමක්‌ විසිනි. ජමාතුල් මුජහිඩීන් බංගලාදේශ් නම් සංවිධානය මෙලෙස කිලෝ දහයේ බෝම්බ දෙක ටිබෙට්‌ පන්සල ආසන්නයේ තැන්පත් කර ඇත.

මේ බෙංගාලි මුජහිඩීන්වරු බංගලාදේශයේ පමණක්‌ නොව අසෑමයේ මෙන්ම බටහිර බෙංගාලයේද ක්‍රියාත්මක වේ. බුද්ධගයාවේ බෝම්බ සිද්ධිය ගැන පරීක්‍ෂණ පවත්වන බුද්ධි නිලධාරීන් පවසන්නේ 19 වැනිදා සවස්‌ යාමයේදී බටහිර බෙංගාලයේ සිට බුද්ධගයාව වෙත දුරකථන ඇමතුම් රාශියක්‌ ලැබී ඇති බවයි. ඉන්දීය බලධාරීන් මුජහිඩීන්වරුන්ගේ මෙහෙයුම් සිදුකෙරෙන ප්‍රදේaaශයක්‌ ලෙස හඳුනාගෙන ඇති බටහිර බෙංගාලයේ නගරයක සිට මෙම දුරකථන ඇමතුම් ලැබී ඇත.

ඩකා නගරයේ හෝලි ආටිසන් අවන්හලට ප්‍රහාරයක්‌ එල්ල කර පුද්ගලයන් 24 දෙනකු මරා දැමුවේද මෙම සංවිධානයේ සාමාජිකයන් විසිනි. 2008 අහමදාබාද් නුවරදී බෝම්බ ප්‍රහාර රැසක්‌ සිදුකළේ ද මොවුන් විසිනි.

බුරුමයේ රොහින්ග්‍යා මුස්‌ලිම්වරුන්ට එල්ලවන ප්‍රහාරවලට එරෙහිව බුද්ධගයාවේදී බෞද්ධයන් මරාදැමීම සඳහා මේ ප්‍රහාරය සැලසුම් කර ඇති බව ඉන්දීය ආරක්‍ෂක අංශවල මතයයි. ඉන්දීය මාධ්‍ය පවසන්නේ මොවුන්ට පකිස්‌තාන ඔත්තු සේවාවේ සහාය හා ආධාර ලැබෙන බවයි.

අබ්දුල් රහමාන් නමැති පුද්ගලයා 1998 අප්‍රේල් මාසයේදී මෙම සංවිධානය ආරම්භ කර ඇත්තේ බංගලාදේශය ශරියා නීතියට යටත්වූ මුස්‌ලිම් රාජ්‍යයක්‌ බවට පත්කිරීමේ අරමුණිනි. 2005 දී මෙම සංවිධානය ඩකා ආණ්‌ඩුව විසින් තහනම් කරන ලදී. මොවුන්ට දස දහසක පමණ සාමාජික පිරිසක්‌ සිටින බව විකිපීඩියා වෙබ්අඩවියේ සටහන් වී ඇත.

ඉන්දීය අන්තවාදීන් පමණක්‌ නොව බෙංගාලි අන්තවාදීන් ද බුද්ධගයාවට වෛර කරන බව පැහැදිලිය. මෙයින් පෙනී යන්නේ බෞද්ධයන්ට එරෙහිව යුද්ධයක්‌ ආරම්භ වී ඇති බවයි. ලොවපුරා විසිරී සිටින මිලියන හාරසියක්‌ වන බෞද්ධයෝ මේ ගැන අවදියෙන් සිටිය යුතුය. බුරුමයේ හා ශ්‍රී ලංකාවේ බෞද්ධ අන්තවාදයක්‌ ගැන කතාකරන බටහිර මාධ්‍ය බුද්ධගයාවට බෝම්බ තැබීම ගැන කතා නොකරයි. මේ කුහකත්වය කවරක්‌ද? අශ්වින් විරාතු හිමියන්ගේ ප්‍රකාශ ගැන ටයිම් සඟරාව උනන්දු වූවත් බුද්ධගයාවේ බෝම්බ තැබීම ගැන වාර්තා ලියන්නේ නැත.

බිහාර් ප්‍රාන්ත මහ ඇමැති හිටිෂ් කුමාර් ප්‍රකාශ කරන්නේ බුද්ධගයාව පිහිටා තිබීම බිහාර් ප්‍රාන්තයට බලවත් ආශිර්වාදයක්‌ බවයි. බිහාර් ප්‍රාන්ත ආණ්‌ඩුවට ද ලොව පුරා නන්දෙසින් පැමිණෙන බෞද්ධ සංචාරකයන් නිසා ප්‍රකෝටි ගණනක ආදායමක්‌ ලැබුණ ද මේ බෞද්ධ පුදබිම ආරක්‍ෂා කිරීම සඳහා නිසි උනන්දුවක්‌ ගන්නේ ද යන්න ප්‍රශ්නයකි. බුද්ධගයාව හින්දු පුදබිමක්‌ නොවන නිසා දිල්ලි මධ්‍යම ආණ්‌ඩුව ද මේ ගැන තැකීමක්‌ නොකරන බව පෙනේ.

එහෙත් දැන් බෙංගාලි මුජහිදින්වරු ලොව උතුම්ම බොදු පුදබිම වෙත රතුඑළි දල්වා ඇත. අයිසිස්‌ ත්‍රස්‌තයෝ වතිකානුවට පහරදෙන බවට ප්‍රකාශ කළහ. එහෙත් බෙංගාලි ත්‍රස්‌තයෝ බුද්ධගයා පිංබිමේ බෝම්බ තැන්පත් කළහ. කෙසේ නමුත් ඉන්දීය ආරක්‍ෂක අංශ පවසන්නේ මේ බෝම්බය කෙළින්ම දලයිලාමා ඉලක්‌ක කරගෙන තැබුවක්‌ නොවන බවයි. එහි ඉලක්‌කය බෞද්ධ බැතිමතුන්ය. රොහින්ග්‍යා, මුස්‌ලිම්වරුන්ට සිදුවන පීඩා ගැන දලයි ලාමා කනගාටු වුවද බුද්ධගයාවට බෝම්බ තැබීම ගැන එතුමාණෝ කිසිවක්‌ ප්‍රකාශ කර නැත. 2013 දී මේ පිංබිම ලෙයින් නැහැවුණ ද ටිබෙට්‌ ආධ්‍යාත්මික නායකයා මුස්‌ලිම් අන්තවාදීන්ට එරෙහිව කිසිවක්‌ ප්‍රකාශ කළේ නැත. මෙය බලවත් කුකුසකි. එතුමා අනෙක්‌ ආගමිකයන් තරහ කර ගැනීමට අකැමැතිද? බෞද්ධයන් වෙනුවෙන් හඬ නැඟීම එතුමාට අකැපද? එතුමාට අවශ්‍ය චීනයට එරෙහිව හඬනැඟීමද? දලයිලාමාගේ ප්‍රතිපත්තිය කවරක්‌ වුවත් බෙංගාලි මුජහිදින්වරු බුද්ධගයාවට කුරුමානම් අල්ලන බව ලෝවැසි බෞද්ධ ජනතාව හොඳින් වටහාගත යුතුයි. අපේ පුදබිම ආරක්‍ෂා කර ගැනීමට කැපවිය යුතුය.

බිහාර් ප්‍රාන්ත මහ ඇමැති හිටිෂ් කුමාර් ප්‍රකාශ කරන්නේ බුද්ධගයාව පිහිටා තිබීම බිහාර් ප්‍රාන්තයට බලවත් ආශිර්වාදයක්‌ බවයි. බිහාර් ප්‍රාන්ත ආණ්‌ඩුවට ද ලොව පුරා නන්දෙසින් පැමිණෙන බෞද්ධ සංචාරකයන් නිසා ප්‍රකෝටි ගණනක ආදායමක්‌ ලැබුණ ද මේ බෞද්ධ පුදබිම ආරක්‍ෂා කිරීම සඳහා නිසි උනන්දුවක්‌ ගන්නේ ද යන්න ප්‍රශ්නයකි. බුද්ධගයාව හින්දු පුදබිමක්‌ නොවන නිසා දිල්ලි මධ්‍යම ආණ්‌ඩුව ද මේ ගැන තැකීමක්‌ නොකරන බව පෙනේ.

එහෙත් දැන් බෙංගාලි මුජහිදින්වරු ලොව උතුම්ම බොදු පුදබිම වෙත රතුඑළි දල්වා ඇත. අයිසිස්‌ ත්‍රස්‌තයෝ වතිකානුවට පහරදෙන බවට ප්‍රකාශ කළහ.

චතුර පමුණුව

ඊජිප්තු මුස්‌ලිම් පල්ලියට එල්ලවූ අයිසිස්‌ ප්‍රහාරයෙන් මියගිය සංඛ්‍යාව 305 දක්‌වා ඉහළ යයි

fori3ඊජිප්තුවේ ඉස්‌ලාමීය පල්ලියකට ත්‍රස්‌තයන් එල්ල කළ වෙඩි ප්‍රහාරවලින් මේවන විට 305 ක්‌ මරුමුවට පත්වී ඇත. ඊජිප්තු පොලිසිය සිදුකළ මූලික පරීක්‍ෂණ වලින් හෙලිවූයේ බැතිමතුන් යාච්ඥ කරන අවස්‌ථාවේ ත්‍රස්‌තයන් අත්බෝම්බ ප්‍රහාර එල්ල කර නොකඩවා වෙඩි තබා ඇති බවයි.

මෙම අයිසිස්‌ ත්‍රස්‌ත කණ්‌ඩායම අයිසිස්‌ කොඩිය සමඟ මුස්‌ලිම් පල්ලියට කඩාවැදී ඇත.

මියගිය පිරිස අතර ළමුන් 30 ක්‌ද වේ.

ප්‍රහාරය එල්ල කිරීමට පෙර අයිසිස්‌ ත්‍රස්‌තයන් මුස්‌ලිම් පල්ලියේ කවුළු සහ දොරවල් වසා තිබේ.

පල්ලිය අසල තිබූ වාහන හතකටද ත්‍රස්‌තයන් ගිනිතබා විනාශ කර ඇත.

මෙම ප්‍රහාරයට අයිසිස්‌ ත්‍රස්‌තයන් 30 ක්‌ සම්බන්ධ බව ඊජිප්තු රජයේ නඩු අධ්‍යක්‍ෂ කාර්යාලය පැවැසීය. අල්ලාහු අක්‌බාර් යයි හඬනඟමින් විනාඩි 20 ක්‌ තිස්‌සේ ත්‍රස්‌තයන් බැතිමතුන්ට වෙඩි තබා ඇත.

මෙම ත්‍රස්‌ත ප්‍රහාරක කණ්‌ඩායම මෙතෙක්‌ අසුවී නැත.

ඊජිප්තු ඉතිහාසයේ සිදුවූ බිහිසුණු ත්‍රස්‌ත ප්‍රහාරය මෙයයි.

ප්‍රහාරය එල්ලවන අවස්‌ථාවේ ජීප්රථවල නැගුනු තවත් ත්‍රස්‌තයන් 10 ක්‌ පල්ලිය වටේ සිටි බවද අනාවරණය වී ඇත.

බුද්ධගයාවේ බෝම්බ පිපිරුවේ ඉන්දීය මුජෙයිදීන් ත්‍රස්‌තයන් බව හෙළිවෙයි

fori4

2013 වසරේ ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ පිහිටි ලෝ පූජිත බුද්ධගයාවේ අඩි 80 ක්‌ උසැති බුද්ධ ප්‍රතිමාව පුපුරුවා හැරීමට ඉස්‌ලාමීය අන්තවාදීන් පිරිසක්‌ දැරූ උත්සාහයේ සුලමුල දැන් හෙළි වී ඇත. මියන්මාරයේ රොහින්ග්‍යා මුස්‌ලිම් ජනතාවට වධහිංසා සිදු කරන බව පවසමින් ඊට පළිගැනීමක්‌ ලෙස මෙම බෝම්බ ගැසීම සිදු කළ බව ප්‍රධාන සැකකරු වූ හයඩර් අලි නමැත්තා පාපොච්චාරණය කර ඇත.

මේ සම්බන්ධයෙන් බිහාර් අධිකරණ මණ්‌ඩලය ඔහුට වසර 3 ක සිරදඬුවමක්‌ නියම කරනු ලැබීය.

මෙම නඩුවේ ප්‍රධාන සාක්‍ෂිකරු තායි භික්‍ෂුවකි. ඔහු ඉන්දීය ජාතික විමර්ශන මණ්‌ඩලය හමුවේ පැවසුවේ බෝම්බ සිද්ධියට සම්බන්ධ එක්‌ සැකකරුවකු බොදු පිළිවෙත් වැරදියට සිදු කිරීම නිසා තමන් ඔහු ගැන සැක කළ බවයි.

මාස තුනකට පසු මේ ඉස්‌ලාමීය අන්තවාදීන් පැට්‌නා නුවර පැවැත්වූ අගමැති නරේන්ද්‍ර මෝදිගේ මැතිවරණ රැලියක බෝම්බ පිපිරීමක්‌ සිදු කළහ.

fori5

එහිදී 6 දෙනෙක්‌ මියගිය අතර 89 ක්‌ තුවාල ලැබූහ.

2013 ජුලි 7 දා හයිඩර් අලි සහ අනිකුත් සැකකරුවන් බුද්ධගයාවේ විවිධ ස්‌ථානවල බෝම්බ 13 ක්‌ ද තැන්පත් කර ඇත. එහිදී භික්‍ෂූන් වහන්සේ දෙනමක්‌ තුවාල ලැබූ අතර නොපිපිරුණු බෝම්බ තුනක්‌ ද සොයාගෙන ඇත.

මෙම පිපිරීම් සිදුවූ දිනයේ තමා ඇතුළු පිරිස රන්චි ප්‍රදේශයේ සිට බෝම්බ 13 ක්‌ සමග පැමිණි බවත් තම සගයන් වූ මුජිබුල්ලා සහ ඉමිටියාස්‌ මහාබෝධි විහාරයට ගිය අතර මරික්‌ අන්සාරි නමැති චූදිතයාට බෝම්බයක්‌ අඩි 80 ක්‌ උසැති බුද්ධ ප්‍රතිමාව යට තැන්පත් කරන ලෙස නියෝග කළ බව ද හයිඩර් අලි හෙළි කර ඇත. අනතුරුව තමා මහාබෝධි සංකීර්ණය වෙත ආගමනයේ යෙදී සිවුරක්‌ ඇඳගත් බවත් මුල්ම බෝම්බය අනිමිස ලෝචන විහාරයේ තැබූ බවත් දෙවැනි බෝම්බය මහාබෝධිය යට ද, තෙවැනි බෝම්බය ගිලන් රථයක්‌ යට ද, සිව්වැනි බෝම්බය කුඩා විහාරයක තාප්පයක්‌ තුළ බව ද ඔහු කීවේය. මෙම බෝම්බ උදේ 6 සිට 7 අතර පිපිරීම සඳහා සකස්‌ කර තිබුණි.

මේ අතර තවත් සැකකරුවකු පැවසුවේ 2002 වසරේÊගුජරාට්‌හිදී මුස්‌ලිම්වැරන්ට එල්ලවූ ප්‍රහාරවලට පළිගැනීමේ අරමුණින් මෙම බෝම්බ තැබූ බවයි. ඉන්දියාවේ තහනමට ලක්‌වූ ඉස්‌ලාමීය ශිෂ්‍ය සංවිධානයේ ක්‍රියාකාරියකු වූ හයිඩර් අලි ඉන්දීය මුජෙයිදීන් සංවිධානයටත් සම්බන්ධ වූවෙකි.

මෙම බුද්ධගයා නඩුවේ අනිකුත් චූදිතයන්ට එරෙහි නඩු තවදුරටත් විභාග වෙති.

මුලික මිනිස් අයිති වාසිකම්-මුස්ලිම් කාන්තාවන් සඳහාද ලබාදීම

මුළු මහත් රටේම සිටින අනිකුත් කාන්තාවනට තිබෙන , නීතියෙන් තහවුරු කර ඇති ,කර තිබෙන මුලික මිනිස් අයිති වාසිකම් ඇතුළු සියලුම අයිතිවාසිකම් මුස්ලිම් කාන්තාවන් සඳහාද ලබාදීම වියවස්ථාවට අනිවාර්යෙන් ඇතුල් කිරීමට යෝජනාවලියක් සම්බන්දයෙන් දැනට බෞද්ධ බලවේගයේ උගතුන් පිරිසක් අදහස් කරගන සිටි. රටට අලුතින්ම වියවස්ථාවට අවස්ස්‍ය නැති බවත් පවතින වියවස්ථාවට ප්‍රමාණාත්මක බවත් කාන්තාවන්ගේ අයිතින්න් ගැන පාර්ලිමේන්තුවේ හුවා දක්වා කතා කිරීම ප්‍රමාණාත්මක නොවන බවත්.

අන්තවාදය විසින් දැනට සියුම්ව ආගමිකව ඩෑහැ ගන්නා කාන්තා අයිතිවාසිකම් සුරකීමට හා  නිවහල් අදහස දරන උගත් කාන්තාවන්ගෙන් උදුරාගැනීමට අන්තවාදීන් හට ඉඩ නොදීමට කටයුතු කිරීමට අපරට තුල තිබෙන කාන්තා සංවිධානද  මේ සඳහා කටයුතු කිරීම අවස්ස්‍ය බව අපගේ අදහසයි!

ප්‍රචාරක ලේකම්

 රට සුරකින පණිවිඩ
ජාතික බෞද්ධ බලවේගය

අයිසිස්‌ ත්‍රස්‌තයෝ යේමනයේ පියනමක්‌ කුරුසියේ ඇණ ගසති

Image grab from video featuring Father Thomas Uzhunnalil, who was abducted from an old people’s home in Yemen by the Islamic State in March.

අයිසිස්‌ ත්‍රස්‌තයෝ යේමනයේ පියනමක්‌ කුරුසියේ ඇණ ගසති

යේමනයේ සිටි ඉන්දීය කතෝලික පියනමක්‌ වූ ටොම් වුස්‌වුනාලින් පැහැරගෙන ගිය අයිසිස්‌ ත්‍රස්‌තයෝ පසුගිය මහ සිකුරාදා දිනයේදී එම පියනම කුරුසියේ ඇණගසා මරාදමා ඇත.

ඒඩන් නුවර වැඩිහිටි නිවසට කඩාවැදුණු මෙම අයිසිස්‌ ත්‍රස්‌තයන් එහි සිටි කන්‍යා සොයුරියන් සිව්දෙනකුට වෙඩිතබා මරාදමා තිබේ. මෙම වැඩිහිටි නිවස මෙහෙය වන්නේ තෙරේසා මව්තුමියගේ පදනමයි.

යේමන් බලධාරීන් පවසන්නේ ඒඩ්න් නගරයෙන් පිටත ස්‌ථානයකදී පියනමව කුරුසියක ඇණගසා ඇති බවයි.

මැන්චෙස්‌ටර් බෝම්බකරුගේ පවුලේ සියල්ලෝම අයිසිස්‌ ත්‍රස්‌තයෝ

මැන්චෙස්‌ටර් බෝම්බකරුගේ පවුලේ සියල්ලෝම අයිසිස්‌ ත්‍රස්‌තයෝ

බෝම්බකරුගේ පියා සහ බාල සොහොයුරා ලිබියාවේදී අත්අඩංගුවට

බ්‍රිතාන්‍ය බුද්ධි සේවාවේ බරපතල බිඳ වැටීමක්‌
සල්මන් අබේදිගේ සොහොයුරු හෂ්මි මැන්චෙස්‌ටර් ප්‍රහාරය දැනසිටියා

මැන්චෙස්‌ටර් රඟහලේදී විසිදෙදනකු මරුමුවට පත්කරමින් බෝම්බයක්‌ පුපුරුවා ගත් බෝම්බකරු සල්මන් අබේදිගේ පවුලේ අය අයිසිස්‌ ත්‍රස්‌ත ජාලයට සම්බන්ධ බව අනාවරණය වී ඇත.

මෙතෙක්‌ කරන ලද විමර්ශනවලින් හෙලිවී ඇත්තේ ඔහුගේ පියාවූ රාමද්‍රdන් ප්‍රධානතම අයිසිස්‌ ක්‍රියාකාරියකු බවයි.

රාමද්‍රdන් සහ ඔහුගේ බාලපුත් හෂිමිද ත්‍රස්‌ත මර්දන ඒකකය විසින් ටි්‍රපොලි නුවරදී අත්අඩංගුවට ගත් බව ලිබියානු බලධාරීන් හෙළිකළහ.

දකුණු මැන්චෙස්‌ටර් ප්‍රදේශයේ විසූ අබේදි පවුල ජාත්‍යන්තර අයිසිස්‌ ත්‍රස්‌ත ජාලයට සම්බන්ධ බවට තොරතුරු බ්‍රිතාන්‍ය එම් අයි 6 බුද්ධි සේවාවට සොයාගැනීමටද නොහැකිවී තිබුණි.

මොවුන් පැරිසියේ සහ බ්‍රසල්ස්‌ නුවර ත්‍රස්‌ත ප්‍රහාර වලට සම්බන්ධ ත්‍රස්‌තයන්ටද සම්බන්ධ බවට හෙලිවී ඇත.

අත්අඩංගුවට ගත් හෂිම් නැමැත්තා තම සොහොයුරු සල්මන්ගේ සැලැස්‌ම මසකට පෙර දැනසිටි බවද වාර්තා වේ.

බ්‍රිතාන්‍ය බුද්ධි අංශ දක්‌වන්නේ සිරියාවේ අයිසිස්‌ ත්‍රස්‌තයන්ට එරෙහිව බෝම්බ ප්‍රහාර එල්ලවීම නිසා මියගිය ළමුන් ගැන අනුකම්පා කළ සල්මන් ඊට පලිගැනීමක්‌ ලෙස මෙම බෝම්බ පිපිරීම සිදුකළ බවයි. මැන්චෙස්‌ටර් බෝම්බ පිපිරීමට අදාල පරීක්‍ෂණ අවසන් වීමට පෙර ඊට අදාල ඡායාරූප ඇමරිකානු මාධ්‍ය ප්‍රකාශයට පත්කිරීම ගැන අගමැතිනි තෙරේසා මේ ඇමරිකානු රජයට චෝදනා එල්ල කර ඇත.

මේවන විට මෙම සිද්ධිය සම්බන්ධයෙන් 6 දෙනෙක්‌ අත්අඩංගුවටගෙන තිබේ.

සල්මන් අබේදි බෝම්බය ගෙන ආ ඇලුමිනියම් භාජනයේ කොටස්‌ද පොලිස්‌ විමර්ශනකයන් සොයාගෙන ඇත. ඔහු බෝම්බය සකස්‌කර ඇත්තේ අධිබල පුපුරණ ද්‍රව්‍ය භාවිත කරමින් බව හෙලිවී ඇතත් එම බෝම්බය නිපදවීම සඳහා බෝම්බ විශේෂඥයකු සහය වී ඇති බවත් වැඩිදුර විමර්ශනවලින් අනාවරණය වී ඇත.

මෙම බෝම්බය පිපිරවීම සඳහා අබේදිගේ අතේ ඩෙටනේටරයක්‌ හෙවත් පිපිරීම් උපකරණයක්‌ තිබූ බවට සැකකෙරේ.

බ්‍රිතාන්‍ය බෝම්බ විශේෂඥයන් පැවසුවේ උතුරු අයර්ලන්ත අයි ආර් ඒ ගරිල්ලන් පිපිරවූ බෝම්බ වලට වඩා මෙම බෝම්බය බලවත් බවයි.

මැන්චෙස්‌ටර් බෝම්බකරු කවුදැයි බ්‍රිතාන්‍ය බලධාරීන් හෙලිකිරීමට පෙර ඇමරිකානු මාධ්‍ය එම බෝම්බකරු සල්මන් අබේදි බව අනාවරණය කළේ කෙසේද යනන ගැනද විමර්ශනයක්‌ පැවැත්වේ.

අබේදි භාවිත කළ ඩෙටනේටරයේ කොටස්‌ද මේවන විට හමුවී ඇත.

ඔහු බෝම්බය පණගැන්වීම සඳහා වෝල්ට්‌ 12 යුආසා බැටරියක්‌ද භාවිත කර තිබූ බව එම බැටරියේ කොටස්‌ හමුවීමෙන් පසු තහවුරුවී තිබේ.

මේ අතර සල්මන් අබේදිගේ මිතුරන් පොලිස්‌ විමර්ශනය වෙත තොරතුරු හෙලිකරමින් සල්මන් අබේදී සතිතුනක්‌ තිස්‌සේ ලිබියාවේ සංචාරයක යෙදී සිටි බව සඳහන් කර ඇත.

එහෙත් බ්‍රිතාන්‍ය බුද්ධි සේවා ඔහුගේ ලිබියා සංචාරය ගැන විමර්ශනයක්‌ කර නැති අතර අබේදි යලි මැන්චෙස්‌ටර් නුවරට පැමිණීමෙන් පසු ප්‍රශ්න කිරීඹක්‌ද කර නැත.

සල්මන් අබේදිගේ නිවස තුළ රසායනික ද්‍රව්‍ය කම්හලක්‌ තිබූ බවද තවදුරටත් හෙලිවී ඇත.

ඔහුගේ මව වූ සල්මිද අත්aඅඩංගුවට ගෙන ඇති බව බ්‍රිතාන්‍ය බලධාරීන් වැඩිදුරටත් හෙලිකර තිබේ. (divaina)

ඉරාකයේ මෝසුල් නගරයේ සැඟවී සිටි අයිසිස්‌ ත්‍රස්‌තයෝ අසුවෙති

ඉරාකයේ මෝසුල් නගරයේ
සැඟවී සිටි අයිසිස්‌ ත්‍රස්‌තයෝ අසුවෙති

අයිසිස්‌ ත්‍රස්‌ත සංවිධානය ඉරාකයේ මෝසුල් නගරයේදී පරාජය වීමත් සමඟම සැඟවී සිටි ත්‍රස්‌තයන් රැසක්‌ අසුවී ඇත. අත්අඩංගුවට ගනු ලැබූ අයිසිස්‌ ත්‍රස්‌තයන් මෝසුල් නගරයේදී ප්‍රදර්ශනය කර තිබේ.

අත්අඩංගුවට ගනු ලැබූවන් අතර අළුගෝසුවන්ද සිටින බව හෙලිවී ඇත.

මෝසුල් නගරය ඉරාක හමුදා පාලනයට නතුවීමත් සමඟම ත්‍රස්‌තයන් රැසකට පලායැමට නොහැකිවිය.

හැකිනම් බ්‍රිතාන්‍ය සහ ඇමරිකා සෙබළුන්ට යුද අපරාධ චෝදනා එල්ල කරනු

හැකිනම් බ්‍රිතාන්‍ය සහ ඇමරිකා
සෙබළුන්ට යුද අපරාධ චෝදනා එල්ල කරනු

– රියර් අද්මිරාල් සරත් වීරසේකර මානව හිමිකම්
කොමසාරිස්‌ට අභියෝග කරයි


ගෝලීය ශ්‍රී ලංකා සංසදය මෙහෙයවූ රැස්‌වීම අමතමින් රියර් අද්මිරාල් සරත් වීරසේකර කරුණු දැක්‌වූ අයුරු සහ එම සංසදයේ සම සභාපතිවරුන් වූ වසන්ත කීර්තිරත්න සහ චන්ද්‍රකුමාර ඊට සම්බන්ධ වෙමින්.

35 වැනි ජිනීවා මානව හිමිකම් සමුළුව තුළ සිදුවූ ශ්‍රී ලංකා විරෝධී ක්‍රියාකාරකම් රැසකි. පසුගිය ජුනි 06 දා ආරම්භ වූ මෙම සමුළුව අමතා ඊළාම්වාදී සංවිධාන 10 කට අධික සංඛ්‍යාවක්‌ ශ්‍රී ලංකාවට එරෙහිව අභූත චෝදනා එල්ල කරද්දී ඊට ප්‍රතිචාර දැක්‌වීමට අපේ තානාපති කාර්යාල බලධාරීන් ක්‍රියාකළේ නැත. මෙය පුදුමයක්‌ නොවේ. කොටි ඩයස්‌පෝරාව අපට එරෙහිව ද්‍රවිඩ වැසියන් 10,0000 කට අධික පිරිසක්‌ මරා තවත් 14,6000 ක්‌ පමණ පිරිසක්‌ අතුරුදන් කර ඇති බවට චෝදනා එල්ල කරන අවස්‌ථාවේ ශ්‍රී ලංකාවේ සිට 22 ක පිරිසක්‌ ජාත්‍යන්තර කම්කරු සමුළුව වෙත පැමිණ සිටියහ. මානව හිමිකම් කවුන්සිලය පිහිටි එක්‌සත් ජාතීන්ගේ ගොඩනැඟිල්ලේම ශාලාවක පැවැති එම කම්කරු සමුළුවට පැමිණි ශ්‍රී ලාංකික පිරිස ඔබමොබ සැරිසරන අයුරු අපට දැකගත හැකිවිය. කොටි ක්‍රියාකාරීන් සිනාසෙමින් ශ්‍රී ලංකාවට සාවද්‍ය චෝදනා එල්ල කරන රැස්‌වීම් මානව හිමිකම් කවුන්සිලයේ පවත්වන අවස්‌ථාවේ කම්කරු සමුළුවට පැමිණි පිරිස ඒ ගැන උනන්දුවක්‌ දැක්‌වූයේ නැත.


කොටි ඩයස්‌පෝරා
ක්‍රියාකාරිකයකු වූ පෝල් නිවුමන්

පිරිමි හෙදි සමන් රත්නප්‍රිය සහ ජාතික සේවක සංගමයේ ප්‍රධානියකු වූ සුනිල් නමැත්තාද ජිනීවා නුවරට පැමිණ සිටියහ.

එහෙත් ඒ වන විට කොටි ඩයස්‌පෝරාවට එරෙහිව ගෝලීය ශ්‍රී ලංකා සංසදය මානව හිමිකම් කවුන්සිලය තුළ සමාන්තර රැස්‌වීමක්‌ පවත්වමින් වීඩියෝ චිත්‍රපටයක්‌ද පෙන්නුම් කිරීමට ක්‍රියාකරනු ලැබීය.

මෙම රැස්‌වීමේදී කියන්නේ කුමක්‌ද යෑයි සටහන් කරලීමට ජිනීවා තානාපති කාර්යාලයේ සිට පරිගණකයක්‌ සහිත කාන්තාවක්‌ පැමිණ සිටියේය. ඊට අමතරව වත්මන් රජය විසින් දේශපාලන පත්වීමක්‌ ලබාදුන් වතු ක්‌ෂේත්‍රයේ නිලධාරියකු ද පැමිණ නිරීක්‍ෂණයේ යෙදී සිටියේය.

ජිනීවා ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මෙම විදෙස්‌ගත ශ්‍රී ලාංකිකයන් ජිනීවා යෝජනාවට එරෙහිව සහ කොටි ඩයස්‌පෝරාවට එරෙහිව පැවැත්වූ එම රැස්‌වීමට කිසිදු සහයක්‌ දුන්නේ නැත. එම රැස්‌වීමට කොටි ඩයස්‌පෝරා ක්‍රියාකාරීන් පැමිණ සිටියහ. එසේම තමා සම්බන්ධයෙන් මෙම රැස්‌වීමේ කියන්නේ කුමක්‌ද යන්න විමර්ශන කිරීමට මානව හිමිකම් කොමසාරිස්‌ සෙයිද් රාද් හුසේන්ද නිලධාරියකු ඒවා තිබුණි. 2009 වසරේදී වන්නි මෙහෙයුම ජය ගැනීමෙන් පසු කොටි ඩයස්‌පෝරාව මානව හිමිකම් කවුන්සිලය අරක්‌ගනිද්දී අපේ රාජ්‍ය යාන්ත්‍රණයට ඊට එරෙහිව ක්‍රියාකිරීමට නොහැකි විය. විදේශ කටයුතු අමාත්‍යාංශයට සම්බන්ධව සිටි දේශපාලන බලවතෙක්‌ කොටි ඩයස්‌පෝරාවට එරෙහිව ක්‍රියාකිරීම පසෙක දමා ඇමරිකානු මහජන සබඳතා ආයතනවලට ඩොලර් මිලියන ගණනක්‌ ගෙවා ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය නංවාලීමට ගත් උත්සාහය මුළුමණින්ම අසාර්ථක විය.

එහි ප්‍රතිඵලය මානව හිමිකම් කවුන්සිලය තුළ දක්‌නට ලැබේ.

මෙය පුදුමයක්‌ නොවේ. මෑතකදී ජිනීවා නුවරට පැමිණ මෙරට දේශපාලකයෙක්‌ ජිනීවාහි නතරව සිටියේ ඉහළම මිලක්‌ ගෙවිය යුතු කෙම්ප්‍රික්‌ස්‌කි හෝටලයේයි.

එහෙත් කොටි ඩයස්‌පෝරා ක්‍රියාකාරීන් වතුර බෝතලය අතැතිව මානව හිමිකම් කවුන්සිලයට පැමිණ ශ්‍රී ලංකාවට එරෙහිව කටයුතු කළහ.

මේ තත්ත්වය මත ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ සිදුවන දූෂිත ක්‍රියා ගැන පැමිණිලි කිරීමට රජයේ යාන්ත්‍රණය ක්‍රියාකළේ නැත.

එසේම මානව හිමිකම් කවුන්සිලයේ සිදුවන්නේ කුමක්‌ද යන්න ගැන ඒකාබද්ධ විපක්‍ෂයේ බලධාරීන් පවා නිරීක්‍ෂණය කළේ නැත. කොටි ඩයස්‌පෝරා ක්‍රියාකාරීන් වූ පෝල් නියුමන් සහ මරියදාස්‌ බොස්‌කෝ ඇතුළු ඊළාම්වාදීන් නැගූ අභූත චෝදනාවලට රියර් අද්මිරාල් සරත් වීරසේකර, ගෝලීය ශ්‍රී ලංකා සංසදයේ චන්ද්‍රකුමාර, එම සංසදයේ නියෝජිත ජනිත් විමල, සුරිච් නුවර පදිංචිකරුවකු වූ බ්‍රයන් බස්‌නායක, ඉතාලියේ නියෝජිත වසන්ත කීර්තිරත්න වැනි දේශප්‍රේමීන් නිසි ප්‍රතිචාර දැක්‌වීමට ක්‍රියාකළහ.

එසේ වුවත් ඒකාබද්ධ විපක්‍ෂයේ කිසිවෙක්‌ ගෝලීය ශ්‍රී ලංකා සංසදයේ බලධාරීන් අමතා සිදුවන්නේ කුමක්‌ද සහ දියත් කළ මෙහෙයුම ගැන ඇසුවේ නැත.

මේ ගෝලීය ශ්‍රී ලංකා සංසදයේ දේශප්‍රේමීහු කොටි ඩයස්‌පෝරාවට එරෙහිව මානව හිමිකම් කවුන්සිලයේ ශාලාවක්‌ තුළ සාමාන්‍ය රැස්‌වීමක්‌ පැවැත්වීමට වැයකළේ ඔවුන් දුක්‌ මහන්සියෙන් උපයාගත් මුදල්ය.

අපි මේ දේ කළේ මව්බිම රැකගැනීමටයි යෑයි ඔවුහු “දිවයින”ට කියා සිටියහ.

එහෙත් ශ්‍රී ලංකාවේ වැල්ලවත්තේ සහ යාපනයේ රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරීන් පිරිසක්‌ ද ජිනීවා පැමිණ සිටියහ.

ඔවුන් සංහිඳියාවට එරෙහිව ක්‍රියාකරන අයුරු අපේ තානාපති කාර්යාල බලධාරීන් විමර්ශනය කළේ නැත.

වසර අටකට පසු විදේශගත දේශප්‍රේමීන් පිරිසක්‌ විසින් ජිනීවා මානව හිමිකම් කවුන්සිලය තුළ පැවැත්වූ සමාන්තර රැස්‌වීම අතිශයින්ම සාර්ථක විය.

මේ සමාන්තර රැස්‌වීමේදී ගැටුමක්‌ ඇතිවනු ඇති බවට සැකකළ මානව හිමිකම් කවුන්සිලයේ බලධාරීන් ආරක්‍ෂක නිලධාරීන් දෙදෙනකු පවා එවා තිබුණි. මේ අතර රියර් අද්මිරාල් සරත් වීරසේකර මානව හිමිකම් කොමසාරිස්‌ සෙයිද් රාද් හුසේන්ට අභියෝගයක්‌ කරමින් ඇමරිකානු හා බ්‍රිතාන්‍ය සෙබළුන්ට එරෙහිව යුද අපරාධ චෝදනා එල්ල කරන්නැයි කියා සිටියේය.

ජිනීවා මානව හිමිකම් සමුළුව දෙවැනි වරටත් අමතමින් ඔහු ඒ බව පවසනු ලැබීය.

* කීර්ති වර්ණකුලසූරිය

සරත් වීරසේකරගෙන් හුසේන්ට අභියෝගයක්‌ ‘අපට දාන පාට්‌ හැකිනම් බ්‍රිතාන්‍යයටත් ඇමරිකාවටත් දාන්න’

සරත් වීරසේකරගෙන් හුසේන්ට අභියෝගයක්‌
‘අපට දාන පාට්‌ හැකිනම් බ්‍රිතාන්‍යයටත් ඇමරිකාවටත් දාන්න’

කීර්ති වර්ණකුලසූරිය

ශ්‍රී ලංකාවේ හමුදාවට එරෙහිව යුද අපරාධ චෝදනා එල්ල කරන අය හැකිනම් ත්‍රස්‌තවාදයට එරෙහිව සටන් වදින ඇමරිකානු සහ බ්‍රිතාන්‍ය හමුදාවලට විරුද්ධව යුද අපරාධ චෝදනා ඉදිරිපත් කරන්නැයි රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා පෙරේදා (21දා) සවස ජිනීවා මානව හිමිකම් කොමසාරිස්‌ සෙයිද් රාද් හුසේන් මහතාට අභියෝග කළේය.

ජිනීවා මානව හිමිකම් කවුන්සිලය 2 වැනි වරටත් ඇමතූ රියර් අද්මිරාල්වරයා එක්‌සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත මොනිකා සින්ටෝ මහත්මිය ඉදිරිපත් කළ වාර්තාව මුළුමනින්ම බොරුවක්‌ බවට චෝදනා කරනු ලැබිණ.

දවස්‌ අටක්‌ තුළ ශ්‍රී ලංකාවේ සැරිසරලා ඇය කෙටුම්පත් කළ වාර්තාවේ සාවද්‍ය කරුණු දක්‌වා තිබෙනවා. යෑයි සරත් වීරසේකර මහතා පැවසීය.

මෙයට පෙර කිසිවකු හෝ මානව හිමිකම් කවුන්සිලයේදී මානව හිමිකම් කොමසාරිස්‌ට අභියෝග කර නැත.

බ්‍රිතාන්‍ය අගමැතිනි තෙරේසා මේ පවා බ්‍රිතාන්‍ය සෙබළුන් රකින බවත් මානව හිමිකම් නීතිරීති වෙනස්‌ කරන බවත් පවසා තිබෙනවා. එසේ නම් ඔබට බ්‍රිතාන්‍ය හමුදාවට යුද අපරාධ චෝදනා කරන ලෙස මා පවසනවා. යෑයි හෙතෙම කියා සිටියේය.

 

Advertisements

Categories

Balawegaya Flickr Photos

Different countries have visited this site

Free counters!