//

අන්තවාදී සංගීත කරුවෝ

This category contains 4 posts

බෞද්ධ ගාථා වලට අපහාස කරන ගීත වැළැක්වීම පිළිබඳව රජයෙන් යහපත් ප්‍රතිචාර

බෞද්ධ ගාථා වලට අපහාස කරන ගීත වැළැක්වීම පිළිබඳව රජයෙන් යහපත් ප්‍රතිචාර

By රංග ජයවර්ධන, source:

“රාජ්‍ය සංගීත අනුමණ්ඩලය මඟින් ගීත නියාමන කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ගෙන ඒමට සංස්කෘතික කටයුතු අමාත්‍යංශය තීරණය කර ඇති බව සංස්කෘතික කටයුතු අධ්‍යක්‍ෂ විජිත් කණුගල මහතා පවසයි. ‘භවතු සබ්බ මංගලම්’ ගාථාවේ කොටසක් ඇතුළත් කර එය රැප් කොට විකෘති කොට ගයාන් පෙරේරා නැමැත්තෙකු විසින් ගයා ඇති ගීතයකට බෞද්ධ සංවිධානවලින් දැඩි විරෝධයක් එල් වී තිබීමත් සමඟ මෙම තීරණය ගත් බවද ඒ මහතා කියා සිටී. ගීතයක් සමාජයට මුදාහරින විට එමඟින් සංස්කෘතික ආගමික හා සමාජීය වටිනාකම්වලට හානි වන්නේ නම් රටේ සංස්කෘතිය ආරක්‍ෂා කරන අමාත්‍යාංශයක් ලෙස මෙම තීරණයට එළැඹි බවද ඒ මහතා වැඩිදුරටත් කියා සිටී.” – LCN

ඊට අමතරව “ceylontoday” වෙබ් අඩවිය වෙත අදහස් දැක්වූ සංස්කෘතික කටයුතු අමාත්‍ය ටී බී ඒකනායක ඇමතිතුමා පවසා ඇත්තේ ගීත නියාමනය පිළිබඳව කැබිනට් පත්‍රිකාවක් අනුමත කරගැනීමටත් කටයුතු කරන බවයි. ගීතයක් ප්‍රසිද්ධියේ බෙදාහැරීමට පෙර එහි ගීතරචනා වල සහ ගීතයේ අන්තර්ගතය පිළිබඳව සලකා බැලීම සඳහා “රාජ්‍ය ප්‍රාසාංගික මණ්ඩලයක්” ඇති කිරීම පිළිබඳවද අමාත්‍යවරයාගේ අවධානය යොමු වී ඇත.

තම ආගම් වලට අපහාස කරන ගීත සහ ටෙලි නාට්‍ය ආදිය තහනම් කිරීම සඳහා යාන්ත්‍රණයක් ක‍තෝලික සහ ඉස්ලාම් ආගම් වලට ඇති බව බැලුම්ගල වැඩසටහනට පිළිතුරු දුන් පූජක තුමන්ලාගෙන් දැනගන්නට ලැබුණි. ඒ අනුව මෙය අලුත් දෙයක් නොව බෞද්ධයින්ට පමණක් වී ඇති අසාධාරණය නිවැරදි කිරීමකි. තේ කෝප්පයේ කුණා‍ටු දැක්කත් තමන්ගේ ඇති කොටි වලිගය නොපෙනෙන ලංකාඊනිවුස් ත්‍රස්තමාධ්‍යය කුමක් කෙසේ කීවත් අනාගතයේදී තුන් සූත්‍රය සහ බුදුගුණ පාථයත් ‍රැප් කිරීමට පෙර ක්‍රියාත්මක වීම ජාතියේ වගකීමකි.

මෙම කර්තව්‍යයේදී නියමිත පරිදි නීතිමය ක්‍රියාමාර්ගයක් ගනිමින් බෞද්ධ අයිතිය වෙනුවෙන් පෙනී සිටි පූජ්‍ය මහමිතව පඤ්ඤාරතන ස්වාමීන් වහන්සේටත්, දිවයින පුවත්පත හරහා ජනතාව දැනුවත් කළ පූජ්‍ය මැඩිල්ලේ පඤ්ඤාලෝක ස්වාමීන් වහන්සේටත්, වහා ක්‍රියාමාර්ගයක් ගැනීමට රජයට බල කළ පූජ්‍ය ඕමල්පේ සෝභිත ස්වාමීන් වහන්සේත් ඇතුළු නන් අයුරින් මැදිහත් වූ ඒ මහා සංඝරත්නයට බෞද්ධයින්ගේ නමස්කාර පූර්වක ස්තුතිය හිමි විය යුතුය.

සිංහල බෞද්ධ ඔබ සැම බුදු සසුන ‍රැක ගැනීමේ පරම පිවිතුරු චේතනාවෙන් එකාවන්ව කටයුතු කළ නිසා ඔබ අද යම් ජයග්‍රහණයක් ලබා ඇත. එහෙත් වැල යන අතට මැස්ස ගහන දේශපාලඥයින් දෙන පොරොන්දු එතරම් විශ්වාස කළ නොහැකි බැවින්, ”ආ ඒකත් හරි” කියා අමතක නොකර මේ ගැන අවධානයෙන් සිටිමින් ලිපි හෝ වෙනත් ක්‍රම මගින් දිගින් දිගටම ඒ ගැන රජය උනන්දු කිරීම සෑම සිංහල බෞද්ධයෙකුගේම යුතුකමකි. එසේම “ටිකෙන් ටික” ගීතය තහනම් කිරීමට අවශ්‍ය නීතිමය ප්‍රතිපාදන මදි යැයි කියන ආණ්ඩුවම මුස්ලීම් ලෙබ්බේලාගේ බස් අසා “සිත්තිමනීලා” ගීතය තහනම් කළේ කෙසේද යන්න තවමත් නොවිසඳුනු ගැටළුවකි.

 

ආශිර්වාදාත්මක ගාථාවට අපහාස කිරීම ගැන බලධාරීන් දැණුවත් කිරීමේ ලිපිය

ආශිර්වාදාත්මක ගාථාවට අපහාස කිරීම ගැන බලධාරීන් දැණුවත් කිරීමේ ලිපිය

source:

ගයාන් පෙරේරා නැමැත්තා විසින් භවතු සබ්බ මංගලං යන ආශීර්වාදාත්මක ගාථා රත්නයට අපහාස වන පරිදි ගීතයක යෙදීම පිළිබඳව පූජ්‍ය මහමිතව පඤ්ඤාරතන ස්වාමීන් වහන්සේ විසින් ත්‍රෛනිකායික මහානායක ස්වාමීන් වහන්සේලා ප්‍රධාන ජනාධිපති තුමා ඇතුළු වගකිවයුතු අංශ වෙත යවන ලද ලිපිය අප වෙත ලැබී ඇත. පහත දැක්වෙන්නේ එම ලිපියයි. (සහෘදයින්ට තොරතුරු ලබාගැනීමේ පහසුව තකා අප විසින් ලිපියේ වැදගත් වචන වලට මූලාශ්‍ර දක්වා ඇති බව සලකන්න.)
===========================================

ත්‍රිපිටකාචාර්ය ගෞරව ශාස්ත්‍රවේදී,
පූජ්‍ය මහමිතව පඤ්ඤාරතන හිමි,
සුනේත්‍රාදේවී ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය,
ගංගොඩවිල,
නුගේගොඩ.
2012.02.10

ලේකම්,
2600 සම්බුද්ධත්ව ජයන්ති ජනාධිපති මෙහෙයුම් කමිටුව.

භවතු සබ්බ මංගලම් යන ආශිර්වාදාත්මක ගාථාව මධුසමය ගත කිරීම සඳහා වූ ගීතයක් සඳහා විකෘති කොට ගායනා කිරීම

ගයාන් පෙරේරා නැමැති තරුණ ගායකයකු බෞද්ධයන් විසින් වන්දනීය හා ආශිර්වාදාත්මක ගාථාවක් ලෙසින් භාවිතා කරන “ භවතු සබ්බ මංගලම් රක්ඛන්තු සබ්බ දේවතා ” නම් වූ බෞද්ධ ගාථාව විකෘති කොට මධුසමය ගත කරන තරුණ යුවලක් දර්ශන තල රාගික රූපරාමු යොදා “ටිකෙන් ටික” නැමැති ගීතය දැනට අන්තර් ජාලයට මුදාහැර බෞද්ධයන් බලවත් මානසික අසහනයට ලක්කොට ඇත. මේ පිළිබඳව මා 2012.02.08 දින නුගේගොඩ මිරිහාන පොලීසියේ අංක 53/70 දරණ පැමිණිල්ල ලෙස පොලීසියේ විමර්ශනය සඳහා යොමු කොට ඇත.

  1. 1. තවද “ සිරස ” මාධ්‍ය ජාලය විසින් සතියේ දින පහම රාත්‍රී 7.30 ට ප්‍රචාරය කරනු ලබන “ සිහින පුරය ” නම් වූ ටෙලි නාට්‍ය මගින්ද ඉහත කාරණය හා සමානවම බෞද්ධයන්ට නිගා දෙන දර්ශන වරින්වර ඉදිරිපත් කරනු ලබන්නේ හිතාමතා ඕනෑකමින් බව ද අපගේ විශ්වාසයයි.
  1. 2. එසේම තිළිණ අලහකෝන් නම් වූ ක්‍රිස්තු භක්තිකයකු ද බෞද්ධයන් ශ්‍රද්ධා ගෞරවයෙන් යුතුව සරණ මංගල උත්සව අවස්ථාවේදී භාවිතයට ගන්නා “ජයමංගල අෂ්ඨක ගාථා ” ද , මෛත්‍රී පෙරදැරිව කියන“සෙත් කවි ” ආදිය ද පල්ලියේ වචන වලට හරවා ගායනා කොට සමච්චලයට භාජනය කරමින් සිටී. මේවා අත් පත්‍රිකා වශයෙන් මුද්‍රණය කොට ජනයා අතර බෙදා හැරීමද කර තිබේ. මේ පිලිබඳ මිරිහාන පොලීසියට 2010.11.01 දාතමින් පැමිණිලක්ද, 2010.11.02 දාතමින් ඔබ වෙත පැමිණිලි කළමුත් කිසිදු ප්‍රතිචාරයක් නොමැත. එක මාසයක් ඇතුළත සිදුවන අකටයුතු පැමිණිලි කරනු ලබන්නේ නම් සිය ගණනක් විය හැක.
  1. 3. මෙසේ දිගින් දිගටම බෞද්ධ සංස්කෘතියට හානිකර සිද්ධීන් ඉතා සංවිධානාත්මකව අන්‍යාගමිකයන් විසින් හිතාමතා කලින් කල සිදු කරන මුත් වගකිව යුතු ආයතන මගින් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැත. “ බුද්ධාගමට ප්‍රමුඛස්ථානය හා සුරක්ෂිත කොට පෝෂණය කිරීම” ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වගන්තියක නිදිගන්වා බලයලත් රාජ්‍ය නිලධාරීන් හා බුද්ධශාසන හා ආගමික කටයුතු අමාත්‍යාංශය, බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව නිසොල්මන්ව සිටීමද තරමක ප්‍රහේලිකාවකි
  1. 4. අප විසින් පොලීසියට යොමු කරන පැමිණිලි ද අතරමං වනුයේ පොලීසියට ද මේ සඳහා නීතිමය ප්‍රතිපාදන නොමැති බව අධිකරණ ශාලාවේදී පෙනී යන හෙයිනි. එහෙයින් ව්‍යවස්ථාවේ ඇති වගන්ති බල ගැන්වෙන නීති හා රෙගුලාසි හඳුන්වා දීමට බුද්ධශාසන පනත, බෞද්ධ ප්‍රකාශන (පොත්/කැසට්පට/සංයුක්ත තැටි/ගීත/ නාට්‍ය/පුවත්පත්/ විද්යුත් හා මුද්‍රිත වැඩ සටහන්/ වෙබ් අඩවි/ ෆේස් බුක්/අත් පත්‍රිකා) හා මාධ්‍ය ප්‍රචාරණය නියාමනය කිරීමේ පනත වැනි පනත් බලාත්මක කිරීමට සුදුසු පියවර ගැනීමට හා අදාළ රාජ්‍ය නිළධාරීන් වෙත නියෝග ලබා දීමට බුද්ධශාසන හා ආගමික කටයුතු අමාත්‍යවරයා වෙත හා අතිගරු ජනාධිපතිතුමා වෙත පැමිණිලි කිරීමට සුදුසු පියවර ගන්නා මෙන් ශාසනමාමකත්වයෙන් යුතුව ඉල්ලා සිටිමි.

මෙයට,
ශාසනාලයැති,
ත්‍රිපිටකාචාර්ය ගෞරව ශාස්ත්‍රවේදී,
පූජ්‍ය මහමිතව පඤ්ඤාරතන හිමි

පිටපත් (කාරුණික දැන ගැනීම හා සුදුසු කටයුතු සඳහා)

1. ත්‍රෛනිකායික මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ.
2. අතිගරු ජනාධිපති, මහින්ද රාජපක්ෂ මැතිතුමා.
3. ගරු අග්‍රාමාත්‍ය, බුද්ධශාසන හා ආගමික කටයුතු අමාත්‍ය දී.මූ. ජයරත්න මැතිතුමා.
4. ලේකම්, බුද්ධශාසන හා ආගමික කටයුතු අමාත්‍යාංශය.
5. බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව.
6. ලේකම්, බුද්ධශාසන කාර්ය සාධක මණ්ඩලය.
7. පොලිස්පති, පොලිස් මූලස්ථානය, කොළඹ 01.
8. අනුර සේනානායක මහතා, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති, පොලිස් මූලස්ථානය, කොළඹ 01.
9. දේශබන්දු තෙන්නකෝන් මහතා, පොලිස් අධිකාරි, පොලිස් අධිකාරී කාර්යාලය, මිරිහාන, නුගේගොඩ.
10. ජනාධිපති නීතිඥ මනෝහර  සිල්වා මහතා, 18 / A, ආතර් පෙදෙස, දෙහිවල.
11. ජ්‍යෙෂ්ඨ නීතිඥ, කළ්‍යානන්ද තිරාණගම මහතා, විධායක අධ්‍යක්ෂ, මානව හිමිකම් හා සංවර්ධනය පිළිබඳ නීතිවේදී සංවිධානය, 233/1, කොටා පාර, බොරැල්ල, කොළඹ 08.
12. ජ්‍යෙෂ්ඨ නීතිඥ, ප්‍රසන්තලාල් ද අල්විස් මහතා, සභාපති, සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය.

 

බුදු දහමට අපහාස කළ ගයාන් පෙරේරාගේ ගීතයට එරෙහිව මිරිහාන පොලීසියේ පැමිණිලි කෙරේ

බුදු දහමට අපහාස කළ ගයාන් පෙරේරාගේ ගීතයට එරෙහිව මිරිහාන පොලීසියේ පැමිණිලි කෙරේ

By රංග ජයවර්ධන, on February 9th, 2012 source:


“භවතු සබ්බ මංගලං…” නම් ආශීර්වාද ගාථාවට අපහාස වන පරිදි නොමනා තාලකයට ගයමින් ඩ්‍රම් ගසමින් නට නටා, මධු සමයක් ගත කරන කාමුක දර්ශනයක් ඇති වාණිජමය අරමුණු සහිතව නිපදවූ “ටිකෙන් ටික” නැමැති ගීතයේ පසුතලයට යොදාගෙන ඇති ආකාරය මෙම ලිපියෙන් ඔබ කියවන්නට ඇති.

ගංගොඩවිල සුනේත්‍රා දේවී ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ විහාරවාසී පූජ්‍ය මහමිතව පඤ්ඤාරතන ස්වාමීන් වහන්සේ විසින් එම ගීතයට විරුද්ධව මිරිහාන පොලීසියේ පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත. ඒ ගැන නෙත් එෆ්.එම්. විකාශය කළ පුවත පහත සබැඳියෙන් අසන්න.

නෙත් එෆ්.එම්. පුවත

බුදු සසුනට විපතක් අත් වීගෙන එද්දී, සිංහල ඉතිහාසයේ හැම විටම සසුන ‍රැක ගත් ජාතියේ මුර දේවතාවුන් වහන්සේලාගේ ම‍ඟෙහි යමින් මේ වෙනුවෙන් පෙනී සිටින පින්වත් ස්වාමීන් වහන්සේට දීර්ඝායුෂ ලැබේවා. එසේම මේ සඳහා මාධ්‍ය දායකත්වය ලබා දුන් දේශප්‍රේමී ගුවන් විදුලි නාලිකාවක් වන නෙත් එෆ්.එම්. ඇතුළු සියලුම ජාතිහිතෛශී වෙබ් අඩවි හිමියන්ටත් බෞද්ධ අපගේ නොමඳ ස්තුතිය පළකරමු.

මෙය අවසානයක් නොව ආරම්භයක් පමණයි, ඉදිරියේදී ඒ අන්‍යාගමික කල්ලියට විරුද්ධව අධිකරණමය ක්‍රියාමාර්ගයක් ගැනීමට අදාල අංශ දිරි ගැන්වීමට බෞද්ධ අපි සියල්ලන්ම එකාවන්ව පෙළගැසිය යුතුයි. ශාසනාරක්ෂක බලමණ්ඩලය, බුද්ධ ශාසන කටයුතු අමාත්‍යාංශය, වෙනත් බෞද්ධ සංවිධාන මෙන්ම සිංහල බෞද්ධ ක්‍රියාකාරීනුත් තම සුළු සුළු මතභේදයන් දුරලා එක්වී, අන්‍යාගමික මූලධර්මවාදීන්ට සංවිධානාත්මකව ඒ ශ්‍රී සද්ධර්මය ‍රැප් කරමින් ඊට අපහාස වෙන පරිදි අනඟ ‍රැඟුම් පෑමට ඉඩ නොදීමට, අනාගතයේදීත් සියලුම බෞද්ධයින්ට ඒ සුමධුර සද්ධර්මය මහත් ශ්‍රද්ධාවකින් යුතුව ශ්‍රවණය කළ හැකි වාතාවරනයක් ඇති කිරීමට අපි අදිටන් කරගනිමු.

මෙහිදී එම කසිකබල් ගීතය සාධාරණීකරණය කරන්නට හදමින් සමහරුන් ඉතාමත් දුර්වල උත්සාහයක් ගත් ආකාරය අප දු‍ටු අතර ඊළඟ ලිපියෙන් ඒ සියලුම ප්‍රශ්න වලට පිළිතුරු දීමට බලාපොරොත්තු වෙමු.

“භවතු සබ්බ මංගලං” ගාථාව “‍RAP” කර නටමින් මධු සමයක් රඟදක්වයි!

“භවතු සබ්බ මංගලං” ගාථාව “‍RAP” කර නටමින් මධු සමයක් රඟදක්වයි!

By රංග ජයවර්ධන, on February 6th, 2012 SOURCE:

එක්තරා අන්‍යාගමික කල්ලියක් විසින් “භවතු සබ්බ මංගලං…” නම් ආශීර්වාද ගාථාව “‍රැප්” කර, ඩ්‍රම් තාලයට නට නටා, බයිලා ලෙස ගයමින්, එය මධු සමයක් ගත කරන දර්ශනයක් ඇති කාමුක ගීතයක පසුතලයට යොදාගෙන ඇති බව වාර්තා වෙයි.

පහත දැක්වෙන්නේ ඒ ගීතයේ අදාළ අවස්ථාව දැක්වෙන වීඩියෝ එකක්, මඳකට එය නරඹන්න…

භවතු සබ්බ මංගලං – රක්ඛන්තු සබ්බ දේවතා
සබ්බ බුද්ධානුභාවේන – සදාසොත්ථි භවන්තුතේ
භවතු සබ්බ මංගලං – රක්ඛන්තු සබ්බ දේවතා
සබ්බ ධම්මානුභාවේන – සදාසොත්ථි භවන්තුතේ
භවතු සබ්බ මංගලං – රක්ඛන්තු සබ්බ දේවතා
සබ්බ සංඝානුභාවේන – සදාසොත්ථි භවන්තුතේ

“සුභ මංගල්‍යයක් වේවා, සියලුම දෙවියන් රකිත්වා, සියලු බුද්ධානුභාවයෙන් සියලු ධම්මානුභාවයෙන් සියලු සංඝානුභාවයෙන් ඔබට සෙත සැලසේවා”

අටවිසි පිරිතේත්, පිරිත් පේ කිරීමේදීත්, මහ පිරිතේ අන්තිමටත් මේ ආශීර්වාද ගාථා රත්නයෙන් ආශීර්වාද කරන බව බෞද්ධ ඔබ දන්නවා ඇති.

මහා මංගල සූත්‍රයේ අඩංගු මංගල කාරණා ජීවිතයට උදාවෙන්න කියලයි මෙහෙම ආශීර්වාද කරන්නේ, ඒත් මෙම ගයාන් පෙරේරා නැමැති පුද්ගලයා විසින් ඔහුගේ කසිකබල් සින්දු වලට ඒ පිවිතුරු උත්තරීතර ආශීර්වාදය යොදාගෙන තිබෙන්නේ ඊනියා මධුසමයක් එක්ක සම්බන්ධ කරලයි.

මිනිසුන්ගේ රාගය අවුස්සන අනඟ ‍රැඟුමක පසුබිකට මේ පිවිතුරු ගාථාරත්නය යෙදීමෙන් මොවුන් මොකක්ද අදහස් කරලා තියෙන්නේ. මඟුල් ගෙදරකදී වුණත් මේ ගාථා වලින් ආශිර්වාද කරද්දී මනාල යුවළ කොතරම් සංයමයකින් සිටිනවාද කියල ඔබ දන්නවානේ.

ගයාන් පෙරේරා

සුනිල් පෙරේරාත් අපගේ සිංහල බෞද්ධ සංස්කෘතියට කොතරම් අපහාස කළ පුද්ගලයෙක්ද කියා ඔබ දනන්වා ඇති. “අයි ඩෝන්ට් නෝ වයි” වැනි ගීත දෙස බලන විට, ඔහුගේ ගීත වල ඇත්තේ සිංහල බෞද්ධයන් කෙරෙහි ක්‍රෝධය නොවේද? ඒ ගැන අනුකම්පා කරමින් කිසිවක් නොකර සිටි නිසා දැන් ඔහුගේ පුතන්ඩියා වන ගයාන් පෙරේරාත් බුදු දහමට දිගට හරහට පහර දෙන්න පටන් අරගෙන. මේ ගැනත් කිසිදු නීතිමය පියවරක් නොගෙන සිටියොත්, රුපියල් ශත ඉදිරියේ ඕනෑම දහදුරා වැඩක් කරන මොවුන් ඉස්සරහට “අකෝන්” කළාක් මෙන් බුදුන් ඉදිරිපිට නිරුවත් කාන්තාවන් නර්තනයේ යෙදෙන ගීත වුණත් හදන්නේ නැතිව සිටීවිද?

මිතුර, මේ අපගේ පූජනීය බුදු දහම ඉලක්ක කරගෙන සැලසුම් සහගතව කරන ලද ප්‍රහාරයක්. අමා මෑණියන් වහන්සේට පස් වරක් පුද දෙන ලද මේ පින් බිමේදීම සිටිමින් ඔවුන් මේ සමච්චලයට ලක් කරන්නේ ඔබගේ මුතුන් මිත්තන් අවූරුදු දෙදහස් හයසීයක් කල් දිවි පුදා ‍රැක ගත් ඒ උතුම් බුදු දහමයි. ඔබට සසර දුකින් එතෙර වීමට උපකාරී කරන ඒ උතුම් ශ්‍රී සද්ධර්මය, නිවන් දක්නා තුරා ඔබව ආරක්ෂා කරනා ඒ උතුම් ශ්‍රී සද්ධර්මය, එවැනි අසත්පුරුෂයන්ගේ පහත් ආශාවන් තෘප්තිමත් කර ගැනීමට හා නින්දාවට ලක් කිරීමට ඉඩ දී කිසිදු නීතිමය ක්‍රියාවක් ගන්නේ නැතිව උඩබලාගෙන සිටිමුද?

ඔබ අසා තිබෙන්න පුළුවන් ඉහත දැක්වෙන ඉරාජ්ගේ “සිත්ති මනීලා” ගීතය. අන්න ඒ ගීතය දැන් ශ්‍රී ලංකාව තුළ තහනම් කරලා. ඒකට හේතු වුණේ ඒ ගීතය අතරමැද මුස්ලීමුන්ගේ අල්ලාහ් වෙනුවෙන් සලාත් (Pray) කරන නාදයක් ඇතුළු කර තිබීමයි. එහෙම වෙලා තියෙද්දීත්, අමු අමුවේ බුදු දහමට අපහාස කරන “ටිකෙන් ටික” ගීතය තහනම් නොකළොත් ඉන් හැඟවෙන්නේ සිංහලයන්ගේ රටේ සිංහලයන්ට වඩා මුස්ලීමුන් බලවත් කියල නොවෙයිද?

“මට ඔබට වෙඩි තැබිය හැකිය, ඒත් ඔබට ඒ ගැන පොලීසියටවත් පැමිණිලි කළ නොහැක, ඒ ඔබ අන් අයට මෙත් වඩන බෞද්ධයෙක් බැවිනි, පොලිසීයට පැමිණිලි කළොත් ඔබ මට ක්‍රෝධ කළා වෙයි….. අබෞද්ධ අප දඩයක්කරුවන්ය, ඒත් ඔබ බෞද්ධයෙක් නිසා දඩයම බවට පත් විය යුතුය” ඔන්න ඕක තමයි අද කාලයේ අබෞද්ධයින් විසින් සිංහල බෞද්ධයන්ට කියන්නේ.

ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නව වැනි වගන්තියේ මෙහෙම දැක්වෙනව.

9. The Republic of Sri Lanka shall give to Buddhism the foremost place and accordingly it shall be the duty of the State to protect and foster the Buddha Sasana, while assuring to all religions the rights granted by Articles 10 and 14(1)(e).

සිංහල බෞද්ධයින් වන අපි කිසිදාක සතුරෙකුටවත් වෛර කරන්නේ නෑ. එනිසාම විහින් තම සසර ගමන දික් කරගත් ගයාන් පෙරේරා කෙරෙහිත් අපිට වෛරයක් නෑ. ඒ මෛත්‍රීසහගත සිතුවිලි සහිතවම, ගයාන් ඇතුළු බෞද්ධ විරෝධී කල්ලියේ නීතිවිරෝධී වැඩපිළිවෙළට විරුද්ධව උපරිම නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට අපි සියල්ලන්ම එක්කාසු විය යුතුයි.

සෑම පොහොයකටම තම මැදුරේදී බණ අසන පින්වත් මහින්ද රාජපක්ෂ ජනාධිපති තුමනි, මේ සිංහල රටේ ථේරවාදී සම්ප්‍රදායේ භාරකරුවා වන ඔබතුමාගෙන් අපි ඉතාමත් ගෞරව පූර්වකව ඉල්ලා සිටින්නේ මේ සම්බන්ධයෙන් හැකි ඉක්මනින් ක්‍රියාමාර්ගයක් ගැනීමට අදාළ අංශ යොමු කරන ලෙසටයි. ක්‍රිස්තියානි ආගමට අපහාස වෙන “The Da Vinci Code” චිත්‍රපටය තහනම් කළ ඔබතුමා, ළමා අපචාරයක් පෙන්වන අසෝක හඳගමගේ “අක්ෂරය” චිත්‍රපටය තහනම් කළ ඔබතුමා, බුදු දහමට අපහාස කරන එම “ටිකෙන් ටික…” ගීතයත් තහනම් කර මේ පව්කාරයාට රටේ නීති ප්‍රකාරව උපරිම දඬුවම් ලබා දීමට අදාළ අංශ යොමු කරනු ඇතැයි අපි උදක්ම බලාපොරොත්තු වෙමු. ඔබතුමාට පියෙක්ට සේ ආදරය කරන සිංහල බෞද්ධ ජනතාවගේ බලාපොරොත්තු කඩ කර ඔබතුමාට ඇති ජනබලය නැති කරගන්න එපා.

Categories

Balawegaya Flickr Photos

More Photos

Different countries have visited this site

Free counters!