//

අපිට සමා නැත උන්ට සමා ඇත

This category contains 26 posts

යුද අපරාධ වාර්තාව කල් දැම්මේ ඇයි?

යුද අපරාධ වාර්තාව
කල් දැම්මේ ඇයි?

source:

ඩොලර් මිලියන 15 ක්‌ වැය කරමින් ජිනීවා මානව හිමිකම් කවුන්සිලය ශ්‍රී ලංකාව යුද අපරාධ සිදු කළ බවට චෝදනා නඟමින් පැවැත්වූ පරීක්‍ෂණ වාර්තාව මානව හිමිකම් කොමසාරිස්‌ සෙයිද් රාද් හුසේන් විසින් ලබන සැප්තැම්බර් “මාසය” තෙක්‌ කල් දමා ඇත.

මේ අවසාන අවස්‌ථාවයි. යුද අපරාධ වාර්තාව කල් දැමීමට සිදුවීම දුෂ්කර වූ තීරණයක්‌ යෑයි ඔහු කියා සිටියේය.

මෙකී පරීක්‍ෂණ වාර්තාව කල් දැමීමට ගත් තීරණයට පෙර ද්‍රවිඩ සංධාන මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන් ජිනීවා ගොස්‌ එකී වාර්තාව කල් දැමීමෙන් වළකින ලෙස මානව හිමිකම් කවුන්සිලයේ බලධාරීන්ට බලපෑම් කළ බවට වාර්තා විය.

ඊට සමගාමීව යාපනයේ විශ්වවිද්‍යාල කථිකාචාර්යවරුන් පිරිසක්‌ද ප්‍රමාදයකින් තොරව එකී වාර්තාව ප්‍රකාශයට පත් කරන ලෙස මානව හිමිකම් කවුන්සිලයෙන් ඉල්ලා සිටියහ.

මෙම කථිකාචාර්යවරුන්ගේ කණ්‌ඩායමේ ආර්. රාසකුමාරන් නමැත්තා පසුගිය සෙනසුරාදා යාපනයේදී මාධ්‍ය සාකච්ඡාවක්‌ පවත්වමින් ජිනීවා යුද අපරාධ පරීක්‍ෂණය මගින් සන්නද්ධ අරගලයේ අවසාන ජාති ඝාතනය වැනි ඝාතනයක්‌ සිදුවූ බවට සනාථ කරනු ඇතැයි ද්‍රවිඩ ජනතාව බලාපොරොත්තු වන බව පළ කළේය.

පසුගිය පෙබරවාරි 15 දා කොටි හිතවාදී සංවිධාන 15 ක්‌ මානව හිමිකම් කොමසාරිස්‌ වෙත හදිසි සන්දේශයක්‌ යෑවීය. එහි මෙසේ සඳහන් විය.

“දස ලක්‍ෂයක්‌ ද්‍රවිඩයන් නියෝජනය කරන අපේ සංවිධාන යුද අපරාධ වාර්තාව ප්‍රකාශයට පත් කරන ලෙස උතුරු පළාත් සභාව කළ ඉල්ලීම ඒකමතිකව අනුමත කරන්නෙමු.

විපතට පත් වූවෝ මේ වාර්තාව ප්‍රකාශයට පත් කරන තෙක්‌ බලා සිටී. ඉන් යුද්ධයේ අවසාන අදියරේ සිදුවූයේ කුමක්‌ද යන්න දැන ගැනීමට හැකි වේ. මෙය කල් දැමීම යුක්‌තිය මර්දනය කිරීමකි. එසේම යුද අපරාධවලට වගකිවයුතු පිරිසට අධිකරණය මඟහැර සිටීමට ඉඩකඩ ලැබේ. නිසි වේලාවට එකී වාර්තාව ප්‍රකාශයට පත්කිරීම තුළින් වගකීමට සහ සහජීවනයට මඟ පෑදෙනු ඇත.”

ශ්‍රී ලංකාවට එරෙහි යුද අපරාධ වාර්තාව නියමිත පරිදි ප්‍රකාශයට පත් කරන ලෙස එකී සන්දේශයෙන් ඉල්ලා ඇත්තේ ඔස්‌ටේ්‍රලියානු ද්‍රවිඩ කොන්ග්‍රසය (රෙජිනෝල්ඩ් වේහනාදන්) – බ්‍රිතාන්‍ය ද්‍රවිඩ කොන්සර්වටිව් (අර්ජුන් සිවනාදන්), බ්‍රිතාන්‍ය ද්‍රවිඩ සංසදය (රවි කුමාර්), කැනඩාවේ මානව හිමිකම් මධ්‍යස්‌ථානය. කැනඩාව (ඇන්ටන් පිලිප්ස්‌), උතුරු ඇමරිකාවේ ද්‍රවිඩ සංගම් සම්මේලනය (නන්ජිල් පීටර්), ගෝලීය ද්‍රවිඩ සංසදය (එමානුවෙල් පියනම), ඉලංගෙයි තමිල් සංගම් (ඇමරිකාව – රාජාරාම් කන්දසාමි) නවසීලන්ත ද්‍රවිඩ සමාජය (සිමා වායන්නන්) ඇමරිකාවේ පීපල්ස්‌ රිලිප් සංවිධානය, (මාෂා මනෝරංජන්) – දකුණු අප්‍රිකානු ද්‍රවිඩ සම්මේලනය (කාර්තිsගේසන් බොන්aසාමි) ස්‌වීඩන් ද්‍රවිඩ සංසදය – (ජී ජගමෝහන්) ටැමිල්ස්‌ එගෙන්ස්‌ට්‌ ජෙනෝසයිඩ් – ඇමරිකාව (ජනානි ජනනායගම්) ටැමිල්ස්‌ පෝ ලේටර් , (බ්‍රිතාන්‍යය) සෙන් කන්දයියා – ඇමරිකානු ද්‍රවිඩ දේශපාලන ක්‍රියාකාරී කවුන්සිලය, (කරුන්සන් අරුලානන්දන්) – ලෝක ද්‍රවිඩ සංවිධානය, (ඇමරිකාව) තිල්ලයි කුමාරන්

එසේ වුවත් ඇමරිකානු රජයේ මැදිහත්වීම මත මානව හිමිකම් කවුන්සිලය යුද අපරාධ වාර්තාව කල් දමනු ඇතැයි උතුරු පළාත් මහ ඇමැති සී. වී. විග්නේශ්වරන් දැන සිටියේය.

මේ පසුබිම මැද පසුගිය 16 දා සවස මානව හිමිකම් කොමසාරිස්‌ සෙයිද් රාද් හුසේන් ශ්‍රී ලංකාවට එරෙහි යුද අපරාධ වාර්තාව මාස 6 ක්‌ දක්‌වා කල්තබන බව ප්‍රකාශ කළේය.

මෙම වාර්තාව මාර්තු 25 වැනිදා ජිනීවාහිදී ප්‍රකාශයට පත් වීමට නියමිතව තිබිණි.

යුද අපරාධ වාර්තාව කල් තැබීමට මුල් වූ හේතූන් ද ඔහු අනාවරණය කළේය.

1. වාර්තාව කල් දැමීම නිසා අලුතින් තොරතුරු මතු විය හැකියි. එකී වාර්තාව තවදුරටත් සවිස්‌තරව ශක්‌තිමත් වීමට ඉවහල් වේ.

2. වැදගත් මානව හිමිකම් ප්‍රශ්න සම්බන්ධයෙන් මගේ කාර්යාලය සමග සහයෝගීතාවයෙන් කටයුතු කරන බවට නව රජය පැහැදිලි ප්‍රතිඥාවක්‌ මා වෙත ලබා දුන්නා. පසුගිය රජය එවන් සහායක්‌ දීම ප්‍රතික්‍ෂේප කළා.

3. මෙම යුද අපරාධ විමර්ශනය සඳහා මට පෙර සිටි නවි පිල්ලේ පත් කළ විශේෂඥයන් තිදෙනාගේ ඒකමතික තීරණය වූයේ මානව හිමිකම් ප්‍රශ්න ගැන සහාය දැක්‌වීමට නව රජයට කාලසීමාවක්‌ දිය යුතු බවයි.

4. මේ සියලු කරුණු සැලකිල්ලට ගෙන වඩා පුළුල් වූ වාර්තාවක්‌ සඳහා කාලසීමාවක්‌ දීමට තීරණය කළා.

සෙයිද් රාද් හුසේන් තවදුරටත් මෙලෙස ප්‍රකාශ කර ඇත.

“පරීක්‍ෂණ මණ්‌ඩලය වෙත තොරතුරු සැපයීමට නිර්භීතව ඉදිරිපත් වූ පාර්ශ්ව ගැන මා දන්නෙමි. මේ වාර්තාව දකින්නට නොලැබෙනු ඇතැයි ඔවුන් බියට පත්වී සිටියා. ඔවුන්ගේ බිය ගැන මා අවබෝධ කරගෙන සිටියෙමි.

මා තවදුරටත් කියන්නේ මේ යුද අපරාධ වාර්තාව ලබන සැප්තැම්බර් මස ප්‍රකාශයට පත් කිරීමට ක්‍රියා කරන බවයි. මේ වාර්තාවෙන් උපරිම ක්‍රියාදාමයක්‌ ඇතිවනු දැකීම මට අවශ්‍ය වී ඇත.”

යුද අපරාධ වාර්තාව කල් දැමීම නිසා ටැමිල්ස්‌ එගෙන්ස්‌ට්‌ ජෙනෝසයිට්‌ සංවිධානය මෙහෙයවන ජානි ජනනායගම් නමැත්තිය කම්පාවට පත් වූවාය. මානව හිමිකම් කවුන්සිලය ජ්‍යෙෂ්ඨ හමුදා ප්‍රධානීන්ගෙන් ප්‍රශ්න කළ යුතු බවත් සමූහ මිනීවළවල් විමර්ශනයට ලක්‌ කළයුතු බවත් ඇය කියා සිටියාය.

එසේ වුවත් මානව හිමිකම් කොමසාරිස්‌ගේ ප්‍රකාශයෙන් අනාවරණය වන බරපතළ ප්‍රශ්නය නම් සාක්‍ෂි විභාගය අවසන් කර තිබියදී සැප්තැම්බර් මාසය දක්‌වා අලුත් සාක්‍ෂි ලබා ගන්නා බව ප්‍රකාශ කිරීමයි. ශ්‍රී ලංකා රජයට මානව හිමිකම් ප්‍රශ්න ගැන කටයුතු කිරීමට කල්දෙන බව කියමින් අලුතින් සාක්‌කි විමසීමට ඔහු තීරණය කර තිබේ.

මානව හිමිකම් කොමසාරිස්‌ගේ මේ ප්‍රකාශයෙහි ශ්‍රී ලංකාවට එරෙහිව කරුණු දක්‌වා ඇති නමුත් කොටි සිදු කළ යුද අපරාධ ගැන වචනයක්‌වත් පවසා නැත.

එසේම යුද අපරාධ පරීක්‍ෂණ මණ්‌ඩලය හමුවේ සාක්‍ෂි දීමට ඉල්ලා විද්යුත් ලිපි යෑවූ ශ්‍රී ලාංකිකයන් කිසිවකුට ඊට අවස්‌ථාවක්‌ ලබාදී නැත. එහෙත් සාක්‍ෂි දීමට නිර්භීතව පැමිණි පාර්ශ්ව ගැන තමා දන්නා බව සෙයිද්රාද් හුසේන් කියයි. සාක්‍ෂිකරුවන් ගැන ඔහු දන්නේ නම් යුද අපරාධ වාර්තාව ඒකපාර්ශ්වික නොවේද? ජිනීවා ආරංචි මාර්ග හෙළි කළ අන්දමට යුද අපරාධ පරීක්‍ෂණ මණ්‌ඩලය හමුවේ බොරු සාක්‍ෂි දුන් ප්‍රධාන සාක්‍ෂිකාරියක්‌ වන්නේ නම් පහකින් පෙනීසිටි බ්‍රිතාන්‍යයේ දමිල්වානි හෙවත් වානිකුමාර් නමැත්තියයි.

කොටි ත්‍රස්‌තවාදීන් සමග එක්‌ව කටයුතු කර කොටි පරාජය වීමත් සමග වන්නියට පැමිණි ඇය ළඟ චන්ද්‍රිකා දුරකථනයක්‌ ද තිබී සොයාගත් බව හමුදා බලධාරීහු හෙළි කළහ.

ත්‍රස්‌තවාදයට ආධාර කිරීමේ හේතුවෙන් ආරක්‍ෂක ලේකම්වරයා ඇයව මුදාහැරියේ නැත.

එහෙත් පසුගිය රජයේ ප්‍රබල ඇමැතිවරයකු එවකට සිටි බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්‌ගේ ඉල්ලීම මත වානිsකුමාර්ව මුදාහැරියේය.

එකී ප්‍රතිඵලය ඇය ජිනිවා වෙත ගොස්‌ යුද අපරාධ පරීක්‍ෂණ මහා මණ්‌ඩලය හමුවේ සාක්‍ෂි දීමයි.

මෙම යුද අපරාධ විමර්ෂණ වාර්තාවට සාක්‍ෂි සපයා ඇති තවත් තැනැත්තෙක්‌ වන්නේ සුදු කොඩි නමැති සාවද්‍ය කතාව ගෙතූ මාධ්‍ය පාර්ශ්වයයි. මේ නිසා ස්‌විස්‌ බලධාරීහු මානව හිමිකම් කවුන්සිලයේ නිර්දේශ මත මොහුට සහ පවුලේ අයට දේශපාලන රැකවරණ දී ඇත. බොම්බඩියර්, ලලන්ත නානායක්‌කාර, රුවන් ජයවර්ධන, ගෝඨාභය රණවීර සහ රණදේව යන අනවර්ථ නාමවලින් මොහු පෙනී සිටියේය. ස්‌විස්‌ රජය සලසා ඇති සුපිරි පහසුකම් මැද මොහු සහ පවුලේ අය අද ස්‌විස්‌ටර්ලන්තයේ සුවසේ වැජඹේ. මෙම තැනැත්තා දේශපාලන රැකවරණ ලබා ගැනීම සඳහා යොමු කර ඇත්තේ මවිසින් හෙළි කළ ඔහුගේ ෙද්‍රdaහි ක්‍රියාවන්ය. එහෙත් මොහු ප්‍රකාශ කර ඇති සාක්‍ෂිය සම්බන්ධයෙන් නිසි විමර්ෂණයක්‌ සිදු කර නැත.

මේ අතර ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ 28 වැනි සැසිවාරය මාර්තු 2 දා ආරම්භ වේ. එය ආරම්භ වීමට පෙර උතුරු පළාත් සභා මහ ඇමැති විග්නේශ්වරන් ශ්‍රී ලංකාව ජාතිs ඝාතක ක්‍රියාදාමයක්‌ සිදු කළ බව දක්‌වමින් ඉතාමත් මැනවින් අධ්‍යයනය කළ යෝජනාවක්‌ සම්මත කරගනු ලැබීය.

ද්‍රවිඩ ජනතාව සමූල ඝාතනය වූ බවට ප්‍රභාකරන්ගේ ඥතියකු වූ උතුරු පළාත් සභා මන්ත්‍රී සිවාජිලිංගම් මෙයට පෙර ගෙන ඒමට උත්සාහ කළ යෝජනාවට ද විග්නේශ්වරන් ඉඩ දුන්නේa නැත.

ප්‍රභාකරන් ශේ්‍රෂ්ඨ වීරයකු බව පැවසුවේද විග්නේශ්වරන් ය. එසේම ද්‍රවිඩ එක්‌සත් විමුක්‌ති පෙරමුණේ නායක ඒ ආනන්දසංගරී විසින් ප්‍රභාකරන්ට එරෙහිව පැවරූ නඩුව පෞද්ගලික හේතූන් මත යෑයි කියමින් එම නඩුව විභාග කිරීමෙන් ඉවත් වූයේද ඔහුයි.

මේ පසුබිම මැද ජිනීවා මානව හිමිකම් සමුළුවට ආරම්භ වීමට දින 20 ක්‌ තිබියදී විග්නේශ්වරන් අවස්‌ථාව බලා පිටු 11 කින් යුත් ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාව සම්මත කරගනු ලැබුවේ උතුරු පළාත් සභාවේ කාර්ය පටිපාටිය ද උල්ලංඝනය කරමිනි.

විග්නේශ්වරන්ගේ මෙම සමූල ඝාතන යෝජනාව 1976 වඩුක්‌කොඩෙයි යෝජනාවේ අංක 2 යෑයි දැක්‌විය හැකිය. එකී සමූල ඝාතන යෝජනාවට ඔහු පසුබිම් කරගත්තේ 1948 දෙසැම්බර් 09 දා එක්‌සත් ජාතීන්ගේ මහා සමුළුව සම්මත කර ගත් සමූල ඝාතන සඳහා දඬුවම් දීම සහ වැළැක්‌වීමේ ප්‍රඥප්තියයි.

1956 සිට ද්‍රවිඩයන් සංහාරය වන බවට විග්නේශ්වරන් සිය යෝaජනාවේ දක්‌වා ඇත්තේ මෙකී ප්‍රඥප්තිය අනුවයි. එසේම ශ්‍රී ලංකා හමුදාව කොටි ත්‍රස්‌තවාදීන්ට එරෙහිව වන්නි මෙහෙයුම සිදු කළ බව එකී යෝජනාවේ දක්‌වා නැත. වන්නි මෙහෙයුම හඳුන්වා ඇත්තේ වන්නි සංහාරය හෙවත් වන්නි සමූල ඝාතනය හෙවත් ජාති ඝාතනය යනුවෙනි.

එසේම කොටි ත්‍රස්‌තවාදීන් වෙනුවට කණ්‌ඩායමක්‌ ඝාතනය කිරීම යන වචනය යොදා ඇත්තේ ද්‍රවිඩ සිවිල් වැසියන් ඝාතනය කළ බවට ලෝක ප්‍රජාවට තහවුරු කිරීමටය.

මේ හැර තවමත් ද්‍රවිඩයන් ව මරණ බව ද එකී යෝජනාවේ සඳහන් කර තිබේ.

මේ අතර යුද අපරාධ වාර්තාව සම්බන්ධව ශ්‍රී ලංකා රජය විසින් මානව හිමිකම් කොමසාරිස්‌වරයා වෙත යෑවූ ලිපිය ද ස්‌විස්‌ කොටි ජාලය අතට පත්වී ඇත.

අමාත්‍ය මංගල සමරවීර මහතා මානව හිමිකම් කොමසාරිස්‌ට යෑවූ සන්දේශයේ මෙලෙස දක්‌වා තිබිණි.

“නව රජය බලයට පැමිණි විගස උතුරු නැගෙනහිර හමුදා ආණ්‌ඩුකාරවරුන් වෙනුවට හිටපු සිවිල් නිලධාරීන් පත් කළෙමු. සියලුම වෙබ් අඩවිවලට පනවා තිබූ තහනම ද ඉවත් කර ආරක්‍ෂක අමාත්‍යාංශය යටතේ පැවැති රාජ්‍ය නොවන සංවිධාන කටයුතු ප්‍රතිපත්ති සැලසුම් අමාත්‍යාංශය යටතට යොමු කළෙමු. අධි ආරක්‍ෂක කලාප පිළිබඳ නිරීක්‍ෂණය කරන්නෙමු. ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස ඔබට මා ඇරයුම් කරන්නෙමි. එසේම ශ්‍රී ලංකාව සම්බන්ධ පරීක්‍ෂණ වාර්තාව මානව හිමිකම් 30 වැනි සැසිවාරයට ඉදිරිපත් කරන ලෙස ඉල්ලමි. ඒa අනුව එහි ඇති රජය පවත්වන දේශීය යාන්aත්‍රණයට එහි ඇති කරුණු ප්‍රයෝජනවත් වේ. අපි දේශීය යාන්ත්‍රණය සඳහා එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයෙන් තාක්‍ෂණික සහය ද පතන්නෙමි.”

පසුගිය පෙබරවාරි 13 දා මානව හිමිකම් කොමසාරිස්‌වරයා මානව හිමිකම් කවුන්සලයේ සභාපති ජෝකිම් රකර් වෙත ලිපියක්‌ යවමින් ශ්‍රී ලංකාවට අදාළ පරීක්‍ෂණ වාර්තාව සැප්තැම්බර් මස පැවැත්වෙන 30 වැනි සැසිවාරයට ඉදිරිපත් කරන බව කියා සිටියේය.

මෙම පසුබිම මැද ජිනීවා ආරංචි මාර්ග පැවසුවේ යුද අපරාධ සිදු කළ බවට සාක්‍ෂිකරුවන් විසින් නම් කළ හමුදා නිලධාරීන්ගේ නම් ලැයිස්‌තුවක්‌ මුද්‍රd තබන ලද කවරයක්‌ පරීක්‍ෂණ මණ්‌ඩලය සතුව ඇති බවත් ය. එකී රහසිගත තොරතුරු මානව හිමිකම් සමුළුවට ශ්‍රී ලංකාවෙන් සහභාගි වන රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරිනියකටද ලැබී ඇත.

එහෙත් මෙම යුද අපරාධ පරීක්‍ෂණ වාර්තාවට සාක්‍ෂි දුන් අයගෙන් හරස්‌ ප්‍රශ්න ඇසීමට ශ්‍රී ලංකා රජයට ඉඩදී නැත. සාක්‍ෂිකරුවන් කවුදැයි මානව හිමිකම් කවුන්සිලය අනාවරණය කරන්නේ 2035 වසරේදීය. සාක්‍ෂිකරුවන්ගෙන් විශාල පිරිසක්‌ කොටි හිතවාදීන් යෑයි අනාවරණය වී ඇත.

මේ පිරිස ඇත්ත කියන්නේ ද හා බොරු කියන්නේ ද යන්න තීරණය කර ඇත්තේ ද පරීක්‍ෂණ මණ්‌ඩලයයි. මෙම යුද අපරාධ වාර්තාව තමන් පිළිගන්නේ නැතැයි පසුගිය රජය ප්‍රකාශ කර තිබිණි.

මේ තත්ත්වය මත මානව හිමිකම් කොමසාරිස්‌ සෙයිද් රාද් හුසේන් යුද අපරාධ වාර්තාව මාස 6 කට කල් දැමුවේ වඩා සවිස්‌තර වාර්තාවක්‌ සකස්‌ කරනු පිණිස බව සනාථ වී ඇත. ඒ සඳහා ඔහු කොටි ඩයස්‌පෝරාවට කල් දී ඇත. මේ අතර කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලයේ දේශපාලන නිලධාරී ජෝශප් ස්‌කූලර් සහ යූ. එස්‌. ඒඩ්. සංවිධානයේ ප්‍රධානී ඡේසන් ඇබ්ලන් යාපනයට ගොස්‌ උතුරු පළාත් සභා මන්ත්‍රී තුරෙයිරාසා රසීකරන් හමුවී ඇත.

එහිදී තුරෙයිරාසා පවසා ඇත්තේ යුද අපරාධ වාර්තාව කල්දැමීම නිසා සමූලඝාතන ක්‍රියාදාමය දිරිගැන්වීම සඳහා ශ්‍රී ලංකාවට අවස්‌ථාවක්‌ දී ඇති බවයි.

මේ සමගම ජාත්‍යන්තර ඊළම් කමිටුව මානව හිමිකම් කොමසාරිස්‌වරයා වෙත හදිසි සන්දේශයක්‌ යවමින් ශ්‍රී ලංකාවට විමර්ශන කණ්‌ඩායමක්‌ යවා යුද අපරාධ තොරතුරු සොයාගන්නා ලෙස ඉල්ලා ඇත.

කීර්ති වර්ණකුලසූරිය

Sri Lanka plans fresh inquiry into human rights abuses during civil war

Sri Lanka plans fresh inquiry into human rights abuses during civil war

New government says it is considering investigation following refusal by former president to cooperate with UN inquiry
Rajitha Seneviratne
Rajitha Seneviratne said the government was thinking of holding an inquiry ‘acceptable to international standards’. Photograph: Dinuka Liyanawatte/Reuters

Sri Lanka is planning an investigation into accusations of human rights abuses in the final stages of a 26-year civil war amid international frustration at the failure to look into numerous civilian deaths, a government spokesman said.

Former president Mahinda Rajapaksa, who was ousted in a surprise election defeat this month, had refused to cooperate with any UN investigation into claims the army committed atrocities in the war that ended in 2009.

Without some accountability for civilian deaths, the UN argues there will be no lasting reconciliation to allow Sri Lanka to move on, which dragged on for decades as ethnic Tamil rebels battled for autonomy in the north and east of the island.

“We are thinking of having our own inquiry acceptable to them to the international standards,” government spokesman Rajitha Seneviratne told a forum of foreign correspondents in Colombo on Wednesday. “It will be a new local inquiry. If we need, we will bring some foreign experts.”

In November, the UN high commissioner for human rights accused Rajapaksa’s government of trying to sabotage its own investigation and creating a “wall of fear” to prevent witnesses from giving evidence to its inquiry, which was set up in March.

About 40,000 Tamil civilians were killed in the final weeks of the war, most of them by the Sri Lankan army, the UN estimated in a 2011 report. Sri Lanka has rejected the accusations and has been conducting its own investigation.

The newly elected president, Maithripala Sirisena, in the runup to the vote promised a new investigation under an independent judiciary, but rejected demands for an international inquiry.

This week, he sent his senior adviser on foreign relations to meet UN officials to discuss the investigation, government sources said.

Seneviratne said the government was considering releasing political prisoners, mainly suspected members of the defeated Tamil Tiger rebel group.

සම්බාධකවලට හා තර්ජනවලට බියේ රටේ අනන්‍යතාව පාවා දිය යුතු නෑ – ඇමැති පාඨලී චම්පික රණවක

සම්බාධකවලට හා තර්ජනවලට බියේ රටේ අනන්‍යතාව පාවා දිය යුතු නෑ
– ඇමැති පාඨලී චම්පික රණවක

සිරිමන්ත රත්නසේකර source:

සම්බාධකවලට බියේ තර්ජනවලට බියේ රටේ ජාතියේ ඓතිහාසික අනන්‍යතාව කිසිවිටකවත් පාවා දිය යුතු නැතැයි ජාතික හෙළ උරුමයේ මහ ලේකම් ඇමැති පාඨලී චම්පික රණවක මහතා අවධාරණය කළේය.

මොන සම්බාධක පැනවූවත් රට ඇතුළ සමගි නම්, ශක්‌තිමත් නම් අපට ඕනෑම බලයක්‌ බිඳලිය හැකි යෑයි හෙතෙම සඳහන් කළේය.

ඇමැති පාඨලී චම්පික රණවක මහතා එම අදහස්‌ පළ කළේ පැලවත්ත බත්තරමුල්ලේ පිහිටි එම පක්‍ෂ මූලස්‌ථානයේ ඉකුත් 26 වැනිදා පැවැති මාධ්‍ය හමුවකදී අදහස්‌ දක්‌වමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ පාඨලී චම්පික රණවක මහතා,

මෙම ජිනීවා යෝජනාවලිය මුල් වතාවට වඩා යෝජනාවලින් වපසරිය වැඩිවී තිබෙනවා. නව යෝජනාවලියේ ආරම්භක හැඳින්වීමේ හින්දු, මුස්‌ලිම්, ක්‍රිස්‌තියානි ආගමික පිරිස්‌වලට එල්ලවන ප්‍රහාර පිළිබඳ, අධිකරණයේ මාධ්‍ය නිදහස, කාන්තා හිංසනය ගැන සඳහන්. ඒ අනුව යුද අපරාධ පමණක්‌ නොව සමාජීය කරුණුත් ඇතුළත් කර තිබෙනවා.

රජය එල්.එල්.ආර්.සී. වාර්තාවට යට නොවී දේශීය යාන්ත්‍රණය මගින් මේ ප්‍රශ්නය සම්බන්ධව යුදමය මැදිහත්වීම්, ත්‍රස්‌තවාදයට ලබාදුන් වරදාන, ජනයා පලවාහැරීම් ගැන විධිමත් පරීක්‍ෂණ පවත්වන්න යෑයි කීය. 2002 පෙබරවාරි 22 සිට වර්ෂ 2009 මැයි 19 වැනිදා තුළ සිදුවූ සිද්ධීන් ගැන පරීක්‍ෂණයක්‌ ඉල්ලීම අසාධාරණයි. අන්තර්ජාතික නෙමෙයි දේශීය පරීක්‍ෂණයක්‌ මේ ගැන පැවැත්විය යුතුයි.

වර්ෂ 1977 දී, 1979, 1983 යාපනයෙන් ජනයා පලවාහැරි හැටි, 1984 සිට ඉන්දීය මැදිහත්වීම, තමිල්නාඩුවේ කඳවුරු ඉදිකළ හැටි, දෙමළ තරුණයන් විසිනමදහසක්‌ ඉන්දියාවට ගොස්‌ යුද පුහුණුව දුන් හැටි පරීක්‍ෂණ කළ යුතුයි. ඔවුන් 2002 වසර සිට සිදුවූ දේ ගැන කියා අපට එරෙහිව ජිනීවාවලදී ඡන්දය භාවිතා කළත් යුද අපරාධ චෝදනාවල ප්‍රධාන වගඋත්තරකරු ඉන්දියාවයි.

ශ්‍රී ලංකාවේ පුරවැසියන් නොවන වතු දෙමළ ජනතාව එක්‌ලක්‌ෂ පනස්‌දහසක්‌ රෙඩ්බානා ව්‍යාපෘතිය තුළින් උතුරු නැගෙනහිර පදිංචි කළේ නෝර්වේ රාජ්‍යයයි. අවසානයේ එල්.ටී.ටී.ඊ. යේ ප්‍රධාන යුද උපකාරක බළකාය වුණේ එම පිරිසයි. නෝර්වේ ක්‍රියාකාරකම් ගැනද සොයා බැලිය යුතුයි.

චන්ද්‍රිකා ජනාධිපතිතුමිය 2002 ප්‍රභාකරන් සමග අත්සන් කළ ගිවිසුම තුළින් එල්.ටී.ටී.ඊ. යට ලබාදුන් වරදාන මොනවාද? රනිල් වික්‍රමසිංහ මහතා 2002 දී ඇති කරගත් ගිවිසුම තුළින් එල්.ටී.ටී.ඊ. යට ලැබුණු ශක්‌තිය කුමක්‌ද? එම වසරේ දී රාවුµa හකීම් මහතා ප්‍රභාකරන් සමග ඇති කරගත් ගිවිසුම තුළ තිබූ සම්බන්ධතාව කුමක්‌ද යන කරුණු ගැන මූලික අධීක්‍ෂණයක්‌ ගවේෂණයක්‌ දේශීය වශයෙන් කළ යුතුයි.

අද ජාත්‍යන්තරය ආරක්‍ෂක හමුදා ගැන පමණක්‌ පරීක්‍ෂණයක්‌ කරන්න යනවා. නමුත් ත්‍රස්‌තවාදය වෙනුවෙන් ඇප උපකාර කළ පිරිස්‌ පිළිබඳව, ඔවුහුq කතා කරන්නේ නැහැ. බිෂොප්වරුන් වන රායප්පු ජෝශප්, තෝමස්‌ සමුන්ද්‍රනායගම්, පූජක එම්මානුවල් පියතුමා ගැන ත්‍රස්‌තවාදීන් සමග එකතුව කළ ක්‍රියාකාරකම් ගැන නීතිය දැඩිව ක්‍රියාත්මක කළ යුතුයි. ත්‍රස්‌තවාදීන්ට උදව් කළ අපාය සහායකයන්ට නීතිය ක්‍රියාත්මක වී නැහැ. රුද්‍රකුමාරන් පිළිබඳ ජාත්‍යන්තර පරීක්‍ෂණයක්‌ පැවැත්විය යුතුයි.

ප්‍රංශයේ සිටින විනයගම්, ඔස්‌ලෝ සිටින තෙදියවන්, උතුරු පළාත් සභාවේ ආනන්දි ශසිදරන් පැහැදිලිවම ත්‍රස්‌තවාදීන්. දරුවෝ පැහැරගෙන ගිය ශසිදරන්ට මානව හිමිකම් සමුළුව ඇමැතිය හැකිනම් ඔසාමා බිල් ලාඩන්ගේ බිරියන්ටත් මානව හිමිකම් සමුළුව ඇමතිය හැකියි. විග්නේෂ්වරන්, සුමන්දිරන්, සම්බන්ධන් පිළිබඳව අප කටයුතු කළ යුතුයි.

මෙහිදී එම පක්‍ෂයේ සභාපති පූජ්‍ය අතුරලියේ රතන හිමියෝද අදහස්‌ දැක්‌වූහ.

මඩකලපුවේ සිංහලයෝ අසරණ වී සිටිති

මඩකලපුවේ සිංහලයෝ අසරණ වී සිටිති

* බුදු පිළිමත් කුඩේ කුඩු
* පොලිසියත් දෙමළ සන්ධානයේ සාක්‌කුවේ

source:

කන් බිහිරි කරවමින් දසත පැතිරුණු වෙඩි හඬෙහි දොaංකාරය දැන් ඇසෙන්නේ නැත. මුවහත් මන්නා කැති පහරට, වෙඩි උණ්‌ඩයකට, බෝම්බයකට ලක්‌ව වියළි පොලෝ තලය තෙත් කරනා රුධිර ගංගාවන් දැන් ගලන්නේ නැත. තිස්‌ වසක්‌ තිස්‌සේ පැවැති ඒ කාලකන්නි යුද්ධය දැන් නිමාවී ඇත. සාමයේ රිවි කිරණ ලක්‌ දෙරණටම පතිත වී තිබේ. නමුත් ඒ අසිරිය මඩකලපුව සිංහල ජනයාට දැනෙනවා දැයි ගැටලුවක්‌ව ඇත. ඒ මඩකලපුවෙහි සිංහල බෞද්ධ උරුමය තැලී පෙලී විනාශ වෙමින් පැවැතීම නිසාය.

මීට තිස්‌ වසරකට පෙර මඩකලපුව දිස්‌ත්‍රික්‌කයේ තිස්‌ දහසකට අධික සිංහල ජනතාවක්‌ වාසය කළෝය. මඩකලපුව සිංහල මහා විද්‍යාලයේ පමණක්‌ සිංහල සිසුහු 2000 කට අධික පිරිසක්‌ අකුරු උගනින්නට වූහ. ලංකා බේකරිය ඇතුළු සිංහල ව්‍යාපාරික ස්‌ථාන රැසකින් මඩකලපුව නගරය පිරීගොස්‌ තිබුණි.

ලේ පිපාසිත මෘග කොටි රෑන මඩකලපුව මංගලාරාම විහාරස්‌ථානයේ බෝ සමිඳුද කපා කොට දමමින් මුළු විහාරස්‌ථානයම බෝම්බ ගසා විනාශ කරන්නට වූහ. මඩකලපුව නගරයේ සහ ඒ අවට ජයන්තිපුර ආදි ගම්මානවල සිටි සිංහල ජනයා මුවහත් කැති පහරට ලක්‌ව හා වෙඩි උණ්‌ඩයට ලක්‌ව වියලි වැලි තලාවෙහි වේදනාබර මරණයකට ගොදුරුවන්නට වූහ. සෙස්‌සෝ සිය ව්‍යාපාරද, ඉඩකඩම්ද අතහැර දමා පණ බේරාගෙන එකල මරණයේ දේශයක්‌ව පැවැති මඩකලපුවෙන් පිට වෙන්නට වූහ.

එක පිට නැඟෙන වෙඩි හඬ මැද්දේ කොටි ගැහැට විඳිමින් මංගලාරාම විහාරස්‌ථානයට පැමිණි අම්පිටියේ සුමනරතන හිමියෝ සෙමින් සෙමින් යළිත් විනාශ කර තිබූ විහාරස්‌ථානය ගොඩනඟන්නට වූහ. විටෙක උන්වහන්සේ කොටින්ගේ අත්අඩංගුවට පත්වූහ. මේ සියල්ල විඳ දරාගනිමින් රණවිරුවන්ගේ චිත්ත ධෛර්යය නංවන්නට ඇපකැප වන්නටද උත්සුක වූහ. ඇතැම් රණවිරුවන් උන් වහන්සේගේ දැත මත මිය ගියහ. මේ සියල්ල මැද්දේ මඩකලපුවේ බොදු උරුමය වෙඩි හඬ මැද්දෙන් තම දිවි පරදුවට තබා උන්වහන්සේ රැක ගත්හ.

මංගලාරාම විහාරාධිපති අම්පිටියේ සුමනරතන හිමියෝ මහනුවරට වැඩම කර සිට නැවතත් 28 දින මඩකලපුවට පිවිසුන විට දැනගත් දෙයින් දැඩි සංවේගයට පත්වූ සේක. මඩකලපුව – පොලොන්නරු මාර්ගයේ මඩකලපුවට කි.මි. 02 ක්‌ දුරින් පිහිටි පිල්ලේ අඩි හන්දියේ බුදු ගෙයක්‌ තුළ තැන්පත් කර තිබූ බුදු පිළිම වහන්සේ සිත්පිත් නැති නරුමයන් තලා පොඩි පට්‌ටම් කර විනාශ කර තිබිණි. පසුගිය 26 වැනි දා මේ විනාශය සිදුකර තිබිණි. වේදනාව දරාගෙන නැවතත් සැණින් විහාරස්‌ථානයට ගොස්‌ එහි තැන්පත් කර තිබූ අඩි 03 ක්‌ පමණ උසැති හිඳි පිළිම වහන්සේ නමක්‌ එම ස්‌ථානයේ තැන්පත් කරන්නට උන්වහන්සේගේ කටයුතු කළහ.

එදා හවස මඩකලපුවේ සහකාර පොලිස්‌ අධිකාරිතුමා ඇතුළු ආරක්‍ෂක අංශවල නිලධාරීන් පිරිසක්‌ මා හමුවෙන්නට පැමිණ එම ස්‌ථානයේ බුදු පිළිමයක්‌ තැබීමෙන් කලබලයක්‌ ඇතිවෙන්න පුළුවන්, එම නිසා එම බුදු පිළිමය ඉවත් කරන මෙන් මගෙන් ඉල්ලීමක්‌ කළා. ඔබතුමාලගේ ඉහළ නිලධාරියෙකුට මම දොස්‌ කීවොත් ඔබලාට කොච්චර වේදනාවක්‌ දැනෙනවාද? ඒ අයුරින්ම මගේ නායකයා වන බුදු හිමිගේ රුව කඩා බිඳ දැමූ විට මා හට කොච්චර වේදනාවක්‌ ඇති වෙනවද කියා මා පැවසුවා. ඔබ වහන්සේ එය ඉවත්කර ගත්තේ නැත්නම් අපි එය ඉවත්කරන බවද ඔවුන් මට පැවසුවා. 28 වැනිදා එම ස්‌ථානයේ තැන්පත් කළ පිළිමය මේ වනවිට පොලිසිය විසින් ඉවත්කර තිබෙනවා. අද මඩකලපුව බුදු පිළිමවලට තහනම් ප්‍රදේශයක්‌ වෙලා? අම්පිටියේ සුමනරතන හිමියෝ “දිවයින”ට අදහස්‌ දක්‌වමින් එසේ පැවැසූහ.

පොලොන්නරුව සිට මඩකලපුවට පිවිසෙන මාර්ගයේ පිල්ලේඅඩි බුදු පිළිමය තැබූ ස්‌ථානයේ නැගෙනහිරට පැමිණෙන ජනතාව හට මංගලාරාමය පිළිබඳව දැනගැනීම සඳහා නාම පුවරුවක්‌ සවි කිරීම සඳහා මාර්ග සංවර්ධන අධිකාරියෙන් සහ නගර සභාවෙන් සුමනරතන හිමියන් අවසර ඉල්ලා ලිපි යවන ලදී. ඒ දැනගත් දෙමළ සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා ඇතුළු ඊළාම් සිහිනය තවමත් දකිමින් සිටින පිරිස පසුගිය මැයි 28 වැනි දින එයට විරෝධය පාමින් උද්ඝෝෂණය කරන්නට වූහ.

“එම පිරිස උද්ඝෝෂණය කළා. එම ස්‌ථානයේ නාම පුවරුවක්‌ හදනවාට විරෝධය පළ කරලා එදින මඩකලපුව පොලිසියේ ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක හෙට්‌ටිආරච්චි නමැත්තා අධිකරණයෙන් ඉල්ලා සිටියා මඩකලපුව ප්‍රදේශයේ ප්‍රධාන හෝ අතුරු මාර්ගයක බුදු පිළිමයක්‌ තබන්නට අවසර නොදෙන ලෙස. ඒ අනුව මා හට මඩකලපුව ප්‍රදේශයේ කිසිම ස්‌ථානයක බුදු පිළිමයක්‌ තැබීමට නොහැකි වෙලා තිබෙනවා. මෙම නිලධාරියා දෙමළ සන්ධානයේ අයට ඕනෑ විදිහට වැඩ කරන්නේ. මම ගියේ පිල්ලේඅඩි හංදියේ නාම පුවරුවක්‌ සවි කරන්න. නමුත් පොලිසියේ හෙට්‌ටිආරච්චි මුළු මඩකලපුවම බුදු පිළිම තබන්නට නොහැකි වන ලෙස අවශ්‍ය කටයුතු කළා. මම ජුනි 05 වැනිදා මඩකලපු මානව හිමිකම් කොමිෂන් සභාවටත් පැමිණිලි කළා. පොලිස්‌පතිතුමාට සහ ආරක්‍ෂක ලේකම්තුමාටත් මේ පිළිබඳ ලිතව දැනුම් දුන්නා. මම හෙට්‌ටිආරච්චි කියන පොලිස්‌ නිලධාරිවරයා පිළිබඳ පරීක්‍ෂණයක්‌ පවත්වන ලෙසට. නමුත් කිසිම පරීක්‍ෂණයක්‌ නැහැ. මේ වන විට ඇතැම් ආරක්‍ෂක අංශ නිලධාරීන් සහ මඩකලපුවේ ඇතැම් රාජ්‍ය නිලධාරීන් කටයුතු කරමින් සිටින්නේ නැවතත් ඊළාම් සිහිනය සැබෑ කරන්න වෙරදරන වළිකන දෙමළ සන්ධානයේ ඉත්තෝ වෙලා. මම මේ පිළිබඳ ඕනෑම අවස්‌ථාවක කරුණු කියන්න සූදානම්”, යෑයි සුමනරතන හිමියන් අදහස්‌ දක්‌වමින් පවසා සිටින ලදී.

පිල්ලේඅඩි හන්දියේ තිබුණු පොලිස්‌ මුරපළේ නිලධාරීන් කඩාබිඳ දමා තිබුණ පිළිමය බුදුගෙයක්‌ හදා තැන්පත් කරමින් වැඳුම් පිදුම් කරමින් චිත්ත ධෛර්යය වඩව ගන්නා ලදී, නමුත් දැන් මුරපළ එහි නැත. පෙර ඉඩමේ අයිතිකරුවන් එහි පැමිණ ඇත. අවුරුදු 25 ක්‌ පමණ බෞද්ධයන් වැඳුම් පිඳුම් කළ මෙම මාර්ගයේ යන රථ වාහන වලින් බැස පඬුරු දැමූ බුදු පිළිමය කුඩු වී ගොස්‌ය. දැන් එම බුදුගෙය කටුකම්බි වැදී තල් කොළවලින් වැසීගොස්‌ය.

යුද්ධයෙන් බැටකෑ පලා ගිය අන්‍ය ජාතිකයන්ව මෙහි පැරණි උරුමය සොයා පැමිණ නැවත පදිංචිවීමට හැකිය. එය සතුටට කරුණකි. නමුත් කනගාටුවට කරුණ නම් මඩකලපුවෙ සිටි සිංහල ජනයාට එවැනි වාසනාවක්‌ උරුම නොවීමය. ඔවුන් තමන්ගේ ඉඩකඩම් සොයා එනවිට වෙනත් පිරිස්‌ ඒවාට ඔප්පු තිරප්පු හදා අවසන්ය.

සින්නවත්ත, ගෙවිලියාමඩුව, සිප්පිමඩුව ආදී මඩකලපුව දිස්‌ත්‍රික්‌කයට අයත් සිංහල ගම්මානවල වෙසෙන 750 කට ආසන්න සිංහල ජනයා මඩකලපුවේ වෙසෙන සිංහල ජනයා වීමේ පාපය ගෙවමින් සිටිති. ඇතැමෙකුට සමෘද්ධි කූපන්පත නැත. ඉඩම් බලපත්‍ර නැත. ඡන්දය දමන්නට ඡන්ද නාම ලේඛනත් නැත. මේ අසරණ ජනතාව උපන් බිමේ කල්ලතෝනි වී අවසන්ය. ඔවුනට පිහිටට ඇත්තේ මංගලාරාම විහාරාධිපති සුමනරතන හිමියන්ය. බඩගින්නට කුසට යමක්‌ ගෙනැවිත් දෙන්නේද, හිසට සෙවණක්‌ ලබා දෙන්නට අඳුරු දුරු කරන්නට සූර්ය කෝෂයක්‌ හෝ ලබා දෙන්නට මහත් වෙහෙසක්‌ දරන්නේද සුමනරතන හිමියන් බවද එම ගම්මානවල ජනතාව නිරන්තරයෙන් පවසමින් සිටිති.

මඩකලපුවට අයත් කෙවිලියාමඩුව පන්සල්ගල අභිනවාරාම විහාරස්‌ථානය ලියාපදිංචි කිරීම සඳහා සුමනරතන හිමියෝ හය වතාවක්‌ පට්‌ටිපොළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට වැඩම කළේය. නමුත් තවමත් විහාරස්‌ථානය ලියාපදිංචි වී නොමැත. ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ බඩු මුට්‌ටු පොඩිකර දැමූ බවට ප්‍රාදේශීය ලේකම්වරිය සුමනරතන හිමියන්ට චෝදනා කරමින් පොලිසියට පැමිණිලි කිරීම නිසා දැන් අධිකරණයේද නඩුවක්‌ විභාග වෙමින් ඇත.

කෙවිලියාමඩුව ජනතාවගේ දහසක්‌ ගැටලුවලට එකම පිළිසරණ වෙමින් පට්‌ටිපොළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සිදුවන අසාධාරණකම්වලට හඬනඟන නිසා එම ප්‍රාදේශීය ලේකම්වරියද මෙම හිමියන් සමඟ සිටියේ අමනාපයෙනි. දැන් සුමනරතන හිමිට අධිකරණයේ නඩුවක්‌ ඇති නිසා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට යැමට නොහැක. ජනතාවගේ ගැටලුවලට විසඳුමක්‌ද නැත. හඬනඟන්නට කෙනෙක්‌ද නැත. දැන් ඇයට රිසිසේ අසරණ සිංහල ජනතාව තලා පෙලා දමන්නට හැකි බව කෙවිලියා මඩුවේ ජනතාවද පවතී.

මඩකලපුවෙහි බෞද්ධ උරුමය සහ ජනාවාස ඉදිවෙන්නේ මීට වසර දහස්‌ ගණනකට පෙරය. එකල වෙල්ලාවල කොක්‌අඩිචෝලේ පුද බිමත් අද ඊශ්වර කෝවිලක්‌ බවට පත්ව ඇත. අක්‌කර 30 ක ප්‍රදේශය පුරා නටබුන්ව පවතින රහත්ගල ප්‍රදේශයේ අද ශාන්තමලය වී හින්දු කෝවිලක්‌ සාදා ඇත. පෙරියපිල්ලුමලේ කෝපාවෙල ප්‍රදේශයේද ඉපැරණි පුරාවස්‌තු වල නටබුන් තවමත් ඉතිරිව ඇත. එරාවුර් කඩොලුපොතමලෙයි ලෙන්ලිපි සහිත පුරාවස්‌තුය. මඩකලපුව කුසලානගල කන්ද සහ කොට්‌ටන්කච්චිය වැව අසල තවත් අතීත උරුමයන් ඇත. රූගම් වැව අසල රූගම් විහාරය හෙවත් පියකලුතොට විහාරයේ නටබුන්ය. මෙවැනි මහා බොදු උරුමය කියාපාන පුරා වස්‌තු රැසක්‌ මඩකලපුවෙහි විනාශ වෙමින් ඇත. මිනීමරු ප්‍රභාකරන් පැරදවූ විරුවන් සිටින රටක මඩකලපුවෙහි ඇතැම් පොලිස්‌ නිලධාරීන් දෙමළ සන්ධානයේ ඉත්තන්ව කටයුතු කිරීම කනගාටුදායකය.

ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා සහ ජනාධිපතිතුමන් නැගෙනහිර බෞද්ධ ජනතාවට සහ උරුමයට සිදුවන හානිය පිළිබඳ නිවැරදි තීරණයක්‌ ගනීවි, මාහට මේ වන විට ජීවිත තර්ජන එල්ල වෙමින් තිබෙනවා. කොයි මොහොතේ හෝ මාව මරලා දැම්මොත් මාව වළ දමන්නවත් කෙනෙකු නැතිවේවි. මට මොනව උනත් මඩකලපුවේ බෞද්ධ උරුමය වෙනුවෙන් හඬ නඟනවා” යෑයිද සුමනරතන හිමියෝ වැඩිදුරටත් අදහස්‌ දක්‌වමින් පැවසූහ.

මඩකලපුවෙහි බෞද්ධ උරුමය සහ සිංහල ජනතාව රැක ගන්නට ගොස්‌ නඩු 43 කට උන්වහන්සේ විත්තිකරුවී ඇත. ඉන් තවමත් නඩු 15 ක්‌ පමණ විභාග වෙමින් පවතී. උරුමයන් වෙනුවෙන් අසාධාරණයට එරෙහිව නඟන හඬ වගකිවයුත්තන්ට නොඇසීම ෙ€දවාචකයක්‌ වෙමින් ඇත. උන් වහන්සේගේ හඬද යම් හෙයකින් මැකී ගියහොත් මඩකලපුවේ ඉතිරිව තිබෙන අල්ප වූ බොදු උරුමයට හා අතළොස්‌සක්‌ වූ සිංහල ජනයාට ඇත්තේ දෙයියන්ගේ පිහිට යෑදීම පමණකි.

සුසන්ත අමර බන්දු

“ඉනසන් ඔෆ් මුස්‌ලිම්ස්‌” වහාම තහනම් කරන්න – සර්ව ආගමික නායකයෝ අද ඇමරිකා තානාපති හමුවෙති

“ඉනසන් ඔෆ් මුස්‌ලිම්ස්‌” වහාම තහනම් කරන්න
– සර්ව ආගමික නායකයෝ අද ඇමරිකා තානාපති හමුවෙති

චමින්ද සිල්වා source:

මුස්‌ලිම් ආගමික නායකයන්ට අපහාස වන අයුරින් ඇමෙරිකාව විසින් නිෂ්පාදනය කර ඇතැයි කියන “ඉනසන් ඔෆ් මුස්‌ලිම්ස්‌” චිත්‍රපටය ප්‍රදර්ශනය වහාම නවතා දමන ලෙස සර්ව ආගමික නායකයන් අද (21 වැනිදා) දහවල් ශ්‍රී ලංකා ඇමරිකානු තානාපතිවරයා හමුවී සංදේශයක්‌ බාරදීමට නියමිතය.

බස්‌නාහිර පළාත් ආණ්‌ඩුකාර අලවි මවුලානා මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21 වැනිදා) මුස්‌ලිම් ආගමික කටයුතු අවසානයේ කොල්ලුපිටිය දේවස්‌තානයේ සිට විරෝධතා පෙළපාලියකින් ගොස්‌ සංදේශය බාරදෙන බව බස්‌නාහිර පළාත් ආණ්‌ඩුකාර කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී අලවි මවුලානා මහතා පෙරේදා (20 වැනිදා) පැවැසීය.

මෙම විරෝධතා පෙළපාළිය සිංහල, මුස්‌ලිම්, දෙමළ සියලු ජාතීන් නියෝජනය කරමින් පැවැත්වෙන බවත් ආණ්‌ඩුකාරවරයා කීය.

බලවේගය ප්‍රශ්ණය: මුස්ලිම් ආගමේ නිර්මාර්තෘ වරයා ගැන සකස් කල චිත්‍රපටයේ නිර්මාණ කරුවන්ට පහර නොදී වෙනත් පුද්ගලයෙකු මරා දැමීම ට අවස්ශය වන්නේ කා සදහාද ? ලිබියාවේදී සිදුවූ ප්‍රහාරය ත්‍රස්වාදී ක්‍රියාවකි, එය ලිබියානු නායක ගඩාපි මරා දැමීමිම නිසා පලිගැනීමක් විය හැකිය. එම ක්‍රියාව හොඳද නරකද කියා බැලීම  එම දෙරටවල් අතර ඇති ප්‍රශ්නයකි. අප ගේ පැනයට දැන් හසුවන්නේ මෙයයි….දීඝවාපිය හා නොයෙකුත් පුද බිම් විනාශ කිරීම අප රට තුලම සිදුවෙන විට. එම ප්‍රශ්න ගැන නොසලකා හැර මෙම පර ප්‍රශ්න පසුපස  යන සිංහලයන් ගෙන් අප අසා සිටින්නේ මවුලත් එක්ක පෙළපාලි යන්නේ කිනම් වාසියක් ලැබෙන නිසාද ?

More: http://en.wikipedia.org/wiki/Innocence_of_Muslims

නබිතුමාටත් උනේ මට වුන දේ – රනිල්ගේ ප‍්‍රකාශයට ‘ජමිතුල්උලමා’ විරෝධය

නබිතුමාටත් උනේ මට වුන දේ – රනිල්ගේ ප‍්‍රකාශයට ‘ජමිතුල්උලමා’ විරෝධය

February 10, 2012 at 10:28 am  source:

නබිතුමාටත් උනේ මට වුන දේ – රනිල්ගේ ප‍්‍රකාශයට ‘ජමිතුල්උලමා’ විරෝධයකුරානයේ අගෞරවයටත්, ඉස්ලාම් ආගමටත් අපකීර්තිමත් වන හා මුස්ලිම්වරුන්ට අගෞරවයක් වන ආකාරයට එක්සත් ජාතික පක්‍ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා ප‍්‍රසිද්ධ රැස්වීමක කර ඇති ප‍්‍රකාශය හෙළා දකින් බව ‘ජමිතුල්උලමා’ මුස්ලිම් ආගමික් වියතුන්ගේ සංවිධානය පවසයි. එකී ප‍්‍රකාශය සම්බන්ධයෙන් වික‍්‍රමසිංහ මහතා සමාව අයැදිය යුතු බවද ඔවුන් කියා සිටී.අල් තුරානයේ එන පරිදි තායිප් නගරයේදී මොහොමඞ් නබිනායකතුමාට ගල් ගැසූ ආකාරයට තමන්ටද ගල් ගැසූ බව බේරුවල පැවති රැස්වීමකදී වික‍්‍රමසිංහ මහතා පවසා තිබිනි.

නබිනායකතුමාන්, වික‍්‍රමසිංහ මහතා තමන්ට සමාන කර ගැනීම මුස්ලිම්වරුන් කිසිවිටෙක අනුමත නොකරන අතර ඒ මහතා එසේ කිරීම ගැන ලෝක මුස්ලිම් ප‍්‍රජාවද වේදනාවට පත්ව ඇති බව ‘ජමිතුල්උලමා’ සංවිධානය කියා සිටී.

Categories

Different countries have visited this site

Free counters!