//

අවකල් ක්‍රියාවෙන් යුත් පුජකයෝ(Disreputable priest)

This category contains 150 posts

සරත් වීරසේකරගෙන් හුසේන්ට අභියෝගයක්‌ ‘අපට දාන පාට්‌ හැකිනම් බ්‍රිතාන්‍යයටත් ඇමරිකාවටත් දාන්න’

සරත් වීරසේකරගෙන් හුසේන්ට අභියෝගයක්‌
‘අපට දාන පාට්‌ හැකිනම් බ්‍රිතාන්‍යයටත් ඇමරිකාවටත් දාන්න’

කීර්ති වර්ණකුලසූරිය

ශ්‍රී ලංකාවේ හමුදාවට එරෙහිව යුද අපරාධ චෝදනා එල්ල කරන අය හැකිනම් ත්‍රස්‌තවාදයට එරෙහිව සටන් වදින ඇමරිකානු සහ බ්‍රිතාන්‍ය හමුදාවලට විරුද්ධව යුද අපරාධ චෝදනා ඉදිරිපත් කරන්නැයි රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා පෙරේදා (21දා) සවස ජිනීවා මානව හිමිකම් කොමසාරිස්‌ සෙයිද් රාද් හුසේන් මහතාට අභියෝග කළේය.

ජිනීවා මානව හිමිකම් කවුන්සිලය 2 වැනි වරටත් ඇමතූ රියර් අද්මිරාල්වරයා එක්‌සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත මොනිකා සින්ටෝ මහත්මිය ඉදිරිපත් කළ වාර්තාව මුළුමනින්ම බොරුවක්‌ බවට චෝදනා කරනු ලැබිණ.

දවස්‌ අටක්‌ තුළ ශ්‍රී ලංකාවේ සැරිසරලා ඇය කෙටුම්පත් කළ වාර්තාවේ සාවද්‍ය කරුණු දක්‌වා තිබෙනවා. යෑයි සරත් වීරසේකර මහතා පැවසීය.

මෙයට පෙර කිසිවකු හෝ මානව හිමිකම් කවුන්සිලයේදී මානව හිමිකම් කොමසාරිස්‌ට අභියෝග කර නැත.

බ්‍රිතාන්‍ය අගමැතිනි තෙරේසා මේ පවා බ්‍රිතාන්‍ය සෙබළුන් රකින බවත් මානව හිමිකම් නීතිරීති වෙනස්‌ කරන බවත් පවසා තිබෙනවා. එසේ නම් ඔබට බ්‍රිතාන්‍ය හමුදාවට යුද අපරාධ චෝදනා කරන ලෙස මා පවසනවා. යෑයි හෙතෙම කියා සිටියේය.

 

පච ඉතිහාසය – ජාති වාදය

ශ්‍රී ලංකාවේ ඉතිහාසය
වෙනස්‌ කරන ග්‍රන්ථ මාලාවක්‌

කීර්ති වර්ණකුලසූරිය

ශ්‍රී ලංකාවේ ඉතිහාසය වෙනස්‌ කිරීම සඳහා යාපනයේ අඩයාලම් මධ්‍යස්‌ථානය මුල්ලිවයික්‌කාල් කතා වස්‌තුව නමින් ග්‍ර්‍රන්ථ මාලාවක්‌ නිර්මාණය කර ඇත.

කොටි අරගලය, යුද්ධයේ අවසන් අදියරේදී ගැලවුණු පිරිස්‌ හෙළිකරන තොරතුරු සහ යුද්ධයේදී සිදුවූ ම්ලේච්ඡ ක්‍රියා මැයෙන් දැක්‌වෙන තොරතුරු ඊට ඇතුළත් කර තිබේ.

උතුරේ පාසල් අතර බෙදාහැරීම සඳහා මෙම ග්‍රන්ථ නිර්මාණය කර ඇති බව ආරංචි මාර්ග දක්‌වයි.

මෙම අඩයාලම් මධ්‍යස්‌ථානයට විදේශ රටවල්වලින් අරමුදල් සැපයේ

 

තෙවන ලෝක යුද්ධය අත ළඟද? ආසියාව අවදානම්

තෙවන ලෝක යුද්ධය අත ළඟද?
ආසියාව අවදානම්

ආර්. අයි. බී. ජයසිංහ

ලෝක යුද්ධයක ඊළඟ දිගැහැරුමකට බලපාන අනෙක්‌ ආසන්නතම කාරණය වන්නේ උතුරු කොරියාවේ න්‍යෂ්ටික වැඩ පිළිවෙළයි. විශේෂයෙන් උතුරු කොරියා කලාපයට මේ වන විටත් ඇමරිකා ගුවන්යානා ප්‍රවාහන නෞකාවක්‌ පිටත්කර යවා ඇති බව සඳහන්ය. එසේම මීට කලකට පෙර සිටම දකුණු කොරියාව ආශ්‍රිතව ඇමරිකා සොල්දාදුවන් 28000 ක්‌ පමණ නතර කර සිටී. තවද දකුණු කොරියාව තුළ “තාඡ්” නැමැති මිසයිල පද්ධතිය ද ස්‌ථාපනය කර ඇත. කෙසේ වෙතත් ඇමරිකාව මෑතක උතුරු කොරියා කලාපයට එවන ලද ගුවන්යානා ප්‍රවාහන නෞකාව මගින් කොරියාවේ නගර 24 ක්‌ විනාශ කළ හැකි න්‍යෂ්ටික බල යුද්ධ ශීර්ෂ 100 ක්‌ පමණ තිබූ බව පැවසේ.

අද වන විට ලෝක තත්ත්වය පිළිබඳව අවධානය යොමු කරන විට දැකගත හැකි වන්නේ කාලාන්තරයක්‌ තිස්‌සේ ඔඩුදුවමින් පැමිණෙන නොනිමි අරගලයන්ය. ඒවා විවිධ අරමුණු මත ක්‍රියාත්මකය. සිරියානු අර්බුදය එහි එක්‌ අංශයක්‌ පමණක්‌ නියෝජනය කරන අතර, උතුරු කොරියාවේ න්‍යෂ්ටික වැඩපිළිවෙළ මෙන්ම, විවිධ රටවල පවතින, IS ඉරාකය, FARC (කොලොම්බියාව, බොකොහරාම්) නයිජීරියාව, අල්කයිඩා( ඇෆ්ගනිස්‌තානය, තලෙබාන්( ඇෆ්ගනිස්‌තානය හමාස්‌( පලස්‌තීනය, මාවෝ( නේපාලය, හූථි( යේමනය, ශාන්ති බහිනී( ඉන්දියාව/ බංග්ලාදේශය, අල් ශේබාබ්( සෝමාලියාව අල් නස්‌රා (al-Nusra)( සිරියාව, උයිහර් (Uyghurs)( චීනය, ටෙලෝ( දකුණු ඉන්දියාව. යනාදී කණ්‌ඩායම් ඒ ඒ රටවලට ඇති කරන බලපෑම් ද විශාලය. මෙම ත්‍රස්‌ත කණ්‌ඩායම්වලට ආයුධ, ආදී යුද්ධ ශක්‌තිය ප්‍රබල රට වලින් හිමි වන අතර ඒ තුළ ඔවුන් පාලනය කිරීම අසීරුය. ඔවුන් තවත් වර්ධනය වීමද නොවැළැක්‌විය හැකිව පවතී. 2012 සිට 2016 දක්‌වා ගිනි අවි වෙළඳාම පිළිබඳ දැක්‌වෙන වාර්තාවන් අනුව එක්‌සත් ජාතීන්ගේ සංවිධානයේ නිෂේධ බලය හිමි රටවල්, ලෝකය තුළ විවිධ ප්‍රදේශ වල සිදුවන අවි වෙළඳාමේ 73% කම සැපයුම්කරුවෝය. ඒ තුළ බලවතුන් යුද්ධ වැළැක්‌වීමට කිසිසේත් ඉදිරිපත් නොවේ.

සිරියානු අර්බුදය පිළිබඳ අවධානයේ දී, “අරාබි වසන්තය” යනු මැදපෙරදිග කලාපයේ පාලනයන් බිඳ දැමූ, පාලකයන් ඝාතනය වූ, පාලකයන් සිරගෙට යෑවූ ඉතා සුවිශාල ක්‍රියාදාමයකි. මෙය වර්ෂ 2010 දී ටියුනීසියාවෙන් ආරම්භ වී ලිබියාව, යේමනය, ඊජිප්තුව යන රටවලද ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වූ අතර, එයට බටහිර රටවල් හා බටහිර මාධ්‍ය විශාල ලෙස ඉන්ධන සැපයීය. ඒ අනුව එහි ආදර්ශය ගත් සිරියානුවන් පිරිසක්‌ද, (free siriyan army) තම රටේ පාලකයා තනතුරින් නෙරපා වඩා හොඳ සිරියාවක්‌ උදෙසා 2011 මාර්තු මාසයේ සිට විරෝධයක්‌ ආරම්භ කරන ලදී. එයට ඇමරිකාව ඇතුළු බටහිර රාජ්‍යයන්වලින් සහය ද හිමි විය. (තවත් හිමිවේ) එසේම සිරියානු ජනාධිපති බසර් අල් අසාද්ගේ පක්‌ෂයට ද රුසියාව, ඉරානය, තුර්කිය යන රාජ්‍යයන්ගේ සහය හිමිවේ.

විශේෂයෙන් බටහිර රාජ්‍යයන් බසර් අසාද්ගේ විරුද්ධවාදීන්ට සහය දෙමින් ද, රුසියාව ඇතුළු රටවල් අසාද්ට සහය වෙමින්ද, කටයුතු කිරීම තුළ ගල්ෆ් කලාපයේ තම භූ දේශපාලනික උපායමාර්ග ක්‍රියාවට නැංවීම සිදු කරයි. ඒ තුළ ලෝකයේ බලවත් රාජ්‍යන් අතර බල අරගලයක්‌ ඇති කිරීමට මෙම සිරියා අර්බුදය හේතුවක්‌ වී ඇති බව පෙන්වාදිය හැකිය. මෙහි නවතම බරපතළ තත්ත්වය ලෙසින් සිරියාවේ සාමාන්‍ය ජනතාවට පසුගියදා රසායනික අවි ප්‍රහාරයක්‌ එල්ලවීම හඳුනාගත හැකිය. (එයින් 89 මරණයට පත්විය) එය සිරියා රජයේ කටයුත්තක්‌ බව බටහිරින් චෝදනා එල්ලවූ අතර රුසියාව දෙසට ද ඇඟිල්ලක්‌ දික්‌ විය. (එක්‌සත් ජාතීන්ගේ සංවිධානය තවමත් පර්යේෂණ ප්‍රතිඵලය කියා නැත) එයට පිළිතුරක්‌ ලෙස සිරියා ගුවන් කඳවුරකට ඇමරිකාව විසින් කෲස්‌ මිසයිල ප්‍රහාරයක්‌ එල්ල කරන ලදී. එයින් සිරියාවේ ගුවන් බලය 20% ක්‌ විනාශ වූ බව ඇමරිකා ආරක්‌ෂක දෙපාර්තමේන්තුව කියයි. මේ සම්බන්ධ අනෙක්‌ වැදගත්ම කරුණ නම් G7 සමුළුවට මහා බ්‍රිතාන්‍ය විසින් යෝජනාවක්‌ ගෙන ආවේ රුසියාවට එරෙහිව සම්බාධක පැනවිය යුතු බවයි. නමුත් එය සම්මත නොවීය.

ඒ අනුව ලෝකයේ රටවල් පැහැදිලි ලෙසම දෙකට බෙදී ඇති බවක්‌ හඳුනාගත හැකිය. නමුත් ඇමරිකාව මෙය රාජ්‍යතාන්ත්‍රික කටයුතු මගින් විසඳීම සඳහා ඉදිරිපත් වෙමින් රෙක්‌ස්‌ ටිලර්සන් රුසියාවට ගොස්‌ ඇත. ඒ සිරියා අර්බුදයේදී අසාද්ට සහය නොදෙන ලෙස ඉල්ලීමටය. ඇමරිකාවට අවශ්‍යව ඇත්තේ අසාද් බලයෙන් ඉවත් කිරීමටය. ඒ තුළ අපට රසායනික අවි ප්‍රහාරය ගැන ද සැකයක්‌ මතුවේ. ඒ සදාම් හුසේන් බලයෙන් පහකිරීමට ඇමරිකාව ගත් නින්දිත ක්‍රියාව සාධාරණීකරණයට ද පෙන්වා දුන්නේ ඉරාකය තුළ රසායනික අවි පවතින බවය. නමුත් එහි තිබී අද වන තෙක්‌ එවැනි අවි හමු නොවීය. අනෙක්‌ අතට අසාද් තමන්ගේ ජනතාවටම මෙලෙස රසායනික අවි ප්‍රහාරයක්‌ එල්ල කිරීමේ සම්භාවිතාව ඉතා අඩුය. ඒ අතර රුසියාව තව දුරටත් අසාද්ට සහය දෙන බවත් ඇමරිකාව විසින් සිරියාවේ ඩමස්‌කස්‌ නගරයට තවත් රසායනික ප්‍රහාරයක්‌ එල්ල කිරීමේ සූදානමක්‌ ඇති බවට හා එහි වගකීමත් අසාද්ට බැර කිරීමට කටයුතු කරන බවට තොරතුරු ලැබී ඇති බවත් ව්ලැඩිමීර් පුටින් පෙන්වාදී ඇත.

මේ අතර ඉරානයේ ජනාධිපතිවරණය සඳහා නැවත වරක්‌ මහමුද් අහමදි නේදාඡ්(ජාත්) ඉදිරිපත් වීමට නියමිත බවය සඳහන්. මොහු 2005 සිට 2013 දක්‌වා ඉරානයේ බලය දැරූ අතර, බටහිර මාධ්‍ය පෙන්වා දෙන්නේ මොහු දැඩි මතධාරියකු බවයි. විශේෂයෙන් ඔහුගේ පාලන කාලය තුළ ඉරානය දැඩි සම්බාධකවලට යටත්ව පැවතිණ. ඇමරිකාව සමඟ පැවති මතවාදී ගැටුම් හා ඉරාන න්‍යෂ්ටික කටයුතු නිසාවෙනි. නමුත් වත්මන් හසන් රොහානිගේ රජය යටතේ කලාපීය වශයෙන් යහපත් තත්ත්වයක්‌ පවත්වාගෙන යැමට කටයුතු කළ අතර 2015 වියානා සම්මුතිය තුළින් ඉරානය තම න්‍යෂ්ටික වැඩපිළිවෙළ සීමා කළ අතර, ඒ තුළ සම්බාධක ද ඉවත් විය. නමුත් නැවත එම තත්ත්වය අහමදි නේදාඡ් බලයට පැමිණියොත් වෙනස්‌වීමට ඉඩ ඇත. (ඉරාන ආධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනි අහමදි නේදාඡ්ට නැවත බලයට නොඑන ලෙස ඉල්ලා ඇත.)

එම තත්ත්වයන් තුළ මෙම සිරියා අර්බුදය ලෝකයේ බල කඳවුරු අතර ගැටුමක්‌ දක්‌වා ගමන් කිරීමේ සම්භාවිතාවක්‌ පවතී. ඒ බොහෝ බලවතුන් මෙම කලාපයේ බලය සඳහා තරගකාරී ලෙසින් සම්බන්ධ වීමත් කිසිදු බලවත් රාජ්‍යක්‌ බලය අතහැරීමට හෝ සටන් නතර කිරීමට රුචිකත්වයක්‌ නොදක්‌වන බැවිනි.

ලෝක යුද්ධයක ඊළඟ දිගැහැරුමකට බලපාන අනෙක්‌ ආසන්නතම කාරණය වන්නේ උතුරු කොරියාවේ න්‍යෂ්ටික වැඩ පිළිවෙළයි. විශේෂයෙන් උතුරු කොරියා කලාපයට මේ වන විටත් ඇමරිකා ගුවන්යානා ප්‍රවාහන නෞකාවක්‌ පිටත්කර යවා ඇති බව සඳහන්ය. එසේම මීට කලකට පෙර සිටම දකුණු කොරියාව ආශ්‍රිතව ඇමරිකා සොල්දාදුවන් 28000 ක්‌ පමණ නතර කර සිටී. තවද දකුණු කොරියාව තුළ “තාඡ්” නැමැති මිසයිල පද්ධතිය ද ස්‌ථාපනය කර ඇත. කෙසේ වෙතත් ඇමරිකාව මෑතක උතුරු කොරියා කලාපයට එවන ලද ගුවන්යානා ප්‍රවාහන නෞකාව මගින් කොරියාවේ නගර 24 ක්‌ විනාශ කළ හැකි න්‍යෂ්ටික බල යුද්ධ ශීර්ෂ 100 ක්‌ පමණ තිබූ බව පැවසේ. එසේම උතුරු කොරියාවේ fire power (ගිනි බලය) පිළිබඳව වාර්තාවල දැක්‌වෙන්නේ ඇමරිකාව උතුරු කොරියාවට විරුද්ධව යුද ක්‍රියාමාර්ගයකට එළඹෙන්නේ නම්, ඒ පළමු පැය ඇතුළත කාලතුවක්‌කු ප්‍රහාර පමණක්‌ 350,000 යොදවා දකුණු කොරියාවේ හා ජපානයේ ඇති ඇමරිකා යුද්ධ ශක්‌තිය විනාශ කළ හැකි බවයි.

මෙම තත්ත්වයන් සලකා බැලීමේ දී මෙය කලාපීය වශයෙන් විශාල තර්ජනයක්‌ සහිත බව හඳුනාගත හැකිය. උතුරු කොරියාවට බලපෑමක්‌ කළ හැකි එකම රට වන චීනයේ ජනපති ෂී ජිං පිං විසින්, ඇමරිකාවට උතුරු කොරියාවට විරුද්ධව කටයුතු කිරීමට හදිසි නොවන ලෙසත්, තවදුරටත් සිතා බලන ලෙසත් දැනුම් දී ඇත. කෙසේ නමුත් මෙම ගැටුම ඇවිලුනහොත් එය තුළින් ඉතා විශාල බලපෑමක්‌ සිදුවන බව නම් පෙන්වාදිය හැකිය. එය ආසියානු කලාපයටම තර්ජනයකි.

මෙම තොරතුරු විශ්ලේෂණය කර බැලීම තුළින් පෙනෙන්නට ඇති තත්ත්වය නම් ලෝක බලවතුන්ගේ බලකාමීත්වය තුළ ගැබ්ව ඇති භූ දේශපාලනික උපායමාර්ගවල අවසානය තෙවන ලෝක සංග්‍රාමයක්‌ වෙතට ලෝකය ගෙනයාම දැයි යන්නය. පළමු හා දෙවැනි ලෝක යුද්ධ පූර්ව ලෝක සංදර්භයන් ද මෙම වර්තමාන තත්ත්වයන්ට බොහෝ සෙයින් සමගාමීව පැවති බවත් දැක්‌විය හැකිය. ඇමරිකා ජනපති ට්‍රම්ප් මැතිවරණයට පෙර දුන් පොරොන්දු කඩ වෙමින් ඇමරිකාව සුපුරුදු න්‍යාය තුළ ගමන් කරන බවද හඳුනාගත හැකිය. මෙම සියලු තත්ත්ව ගොඩනැඟෙන ආකාරය දෙස රුසියාව නිහඬ ප්‍රතිපත්තියක සිට බලා සිටීම කෙරෙහි ද විද්වත් අවධානය යොමුව පවතී. තත්ත්වය එසේ වුවත් තෙවැනි ලෝක යුද්ධයක්‌ ඇති නොවේවායි අපි පතමු.

 

නඩු නැතිව නිදහස්‌ වූ කොටි ගුවන් බළකායේ දෙවැනියා කුශාන්තන්

නඩු නැතිව නිදහස්‌ වූ
කොටි ගුවන් බළකායේ දෙවැනියා කුශාන්තන්

2014 වසරේ අග භාගයේ දිනයක බොරැල්ලේ මැගසින් ත්‍රස්‌ත රැඳවුම් සිරමැදිරිය වෙත සැකකරුවෙක්‌ ගෙන ආ ත්‍රස්‌ත මර්දන නිලධාරීහු ඔහුව එහි රඳවා තැබීමට ක්‍රියා කළහ. මේ සැකකරුවා කවුදැයි ත්‍රස්‌ත මර්දන නිලධාරීන් හෙළි කළේ නැත. එම සිරමැදිරියේ ත්‍රස්‌ත චෝදනා එල්ලවූ සැකකාර පොලිස්‌ අධිකාරිවරයකු ද සිටියේය.

මේ සැකකරුවා වෙනින් කවුරුවත් නොව කොටි සංවිධානයේ වාන්පුලිගල් නමින් හඳුන්වන ගුවන් ඒකකයේ නියෝජ්‍ය නායක කුශාන්තන් සුන්දරලිංගම් හෙවත් කුශාන්තන් මාස්‌ටර් හෙවත් දර්ශන් ය.

දර්ශන් යන අන්වර්ථ නාමයෙන් හඳුන්වනු ලැබූ කුශාන්තයන්ට පැවරී තිබූ මෙහෙයුම වූයේ කටුනායක අනුරාධපුරය කොළොන්නාව සහ පලාලි වෙත බෝම්බ දැමීම ක්‍රියාත්මක කිරීමයි.

ඒ වනවිට කොටි සංවිධානය සතුව චෙක්‌ නිෂ්පාදිත ස්‌ලින් – ඉසඩ් 143 වර්ගයේ ගුවන් යානා දෙකක්‌ තිබුණි. 2007 මාර්තු 20 දා මෙම කොටි ගුවන් යානා දෙක කටුනායක ගුවන් හමුදා කඳවුරට බෝම්බ දැමීමෙන් ගුවන් භටයන් තිදෙනකු මරුමුවට පත් වූහ. ඉන්පසු 2007 අප්‍රේල් 23 දා පලාලි වෙත බෝම්බ දැමීමෙන් ගුවන් භටයන් තිදෙනකු මරුමුවට පත් විය. ඉන්පසු 2007 අප්‍රේල් 23 දා පලාලි අසළ හමුදා බංකරයකට හෙළු බෝම්බවලින් සෙබළුන් 6 ක්‌ ජීවිතක්‍ෂයට පත් වූහ. 2007 ඔක්‌තෝබර් 22 දා කොටි ගුවන් යානාවක්‌ අනුරාධපුර ගුවන් හමුදා කඳවුරටද බෝම්බ දැමීය.

2008 වසරේ අගෝස්‌තු 26 දා කොටි ගුවන් යානාවක්‌ ත්‍රිකුණාමලයේ නාවික කඳවුරටද බෝම්බ දැමීම නිසා නැවියන් සිවුදෙනෙක්‌ මියගියහ.

එම වසරේම සැප්තැම්බර් 9 දා වවුනියාව හමුදා කඳවුරටද බෝම්බ දමනු ලැබීය. එම බෝම්බ ඉලක්‌ක වූයේ ඉන්දියාව විසින් වවුනියාව කඳවුරේ ස්‌ථාපිත කර තිබූ ඉන්ද්‍රd රේඩාර් පද්ධතිය වැනසීමය.

මේ ඉන්ද්‍රd රේඩාර් පද්ධතිය එම අවස්‌ථාවේ අක්‍රියවී තිබූ බව වාර්තා විය. පසුව රජය චීනයෙන් ත්‍රිමාන රේඩාර් පද්ධතියක්‌ ගෙනැවිත් මීරිගම ප්‍රදේශයේ ස්‌ථාපිත කරනු ලැබීය.

අනතුරුව කොටි සංවිධානය 2008 ඔක්‌තෝබර් 28 දා මන්නාරම තල්ලඩි හමුදා කඳවුරට බෝම්බ දැමූ නමුත් ඉලක්‌කය වැරදුනි. එම දිනයේම කොළඹ කැලණිතිස්‌ස විදුලි බලාගාරය වෙතද බෝම්බ දැමීමෙන් බරපතළ හානියක්‌ සිදු විය.

මෙම ත්‍රස්‌ත මෙහෙයුම්වලින් පසුව 2009 පෙබරවාරි 20 දා කොටි ගුවන් ඒකකය ජපන් කමිකාසේ හෙවත් මරාගෙන මැරෙන ක්‍රමයේ ප්‍රහාරයක්‌ කොළඹ ගුවන් හමුදා මූලස්‌ථානයට එල්ල කළත් ඉලක්‌කය වැරදී කොටි ස්‌ලින් යානාව දේශීය ආදායම් දෙපාර්තමේන්තු ගොඩනැඟිල්ලේ ගැටී විනාශ විය. එම අවස්‌ථාවේම තවත් කොටි ගුවන් යානාවක්‌ කටුනායක ගුවන් කඳවුර වෙත ප්‍රහාර එල්ල කළත් ඉන්දියාව සපයා තිබූ බෝෆොaර් ගුවන් යානා නාශක අවි ප්‍රහාරයකට ලක්‌වී එම යානාවද කඩා වැටී විනාශ විය.

මේ ප්‍රහාර සියල්ල මෙහෙයවූ වාන් පුලිගල් කොටි ගුවන් ඒකකයේ නියෝජ්‍ය නායක කුශාන්තන් අසුවූයේ නැත. ක්‍රම ක්‍රමයෙන් කොටි පරාජය වී කුශාන්තන් පිළිබඳව අමතක විය.

එහෙත් මැලේසියාවේ නියෝජ්‍ය මහ කොමසාරිස්‌ ලෙස කටයුතු කළ මේජර් ජනරාල් සුමිත් මානවඩුට කුශාන්තන් අමතක වූයේ නැත. ශ්‍රී ලංකාවට පැමිණීම සඳහා තම ගමන් බලපත් අළුත් කිරීම සඳහා ක්‌වාලාලාම්පූර් නුවර ශ්‍රී ලංකා මහකොමසාරිස්‌ කාර්යාලයට සිය ගමන් බලපත් ලබා දුන් පිරිස අතර කුශාන්තන් සුන්දරලිංගම් නමැත්තකු ද සිටින බව දුටු මේජර්ජනරාල් වරයා මැලේසියාවේ බූකින් අමාත් ත්‍රස්‌ත මර්දන ඒකකයේ සහයෙන් දියත් කළ වැටලීමකදී සැකකටයුතු තිදෙනෙක්‌ අසු විය. ඉන් එක්‌ අයෙක්‌ වූයේ කුශාන්තන්ය.

මේ වනවිට එක්‌සත් ජාතීන්ගේ සරණාගත කාර්යාලය කුශාන්තන්ට සරණාගත හැඳුනුම්පතක්‌ ලබාදී තිබුණි.

කුශාන්තන් අසුවූ බව මැලේසියාවේ කොටි ඩයස්‌පෝරාවට වාර්තා විය. ඔවුහු කොටි හිතවාදියකුවූ මැලේසියාවේ පිනැන් ප්‍රාන්තයේ නියෝජ්‍ය මහ ඇමැති පලනිසාමි රාමසාමිගේ මෙහෙයවීම මත අධිකරණය වෙත පෙත්සමක්‌ ගොනු කරමින් එක්‌සත් ජාතීන්ගේ සරණාගතයකු මැලේසියාවෙන් පිටුවහල් කිරීමට උත්සාහ කරන බවත් එය නතර කරන ලෙසත් නියෝග කරන්නැයි ඉල්ලීමක්‌ කළහ.

කොටි ගුවන් ඒකකයේ නියෝජ්‍ය නායකයා ව බේරා ගැනීමට මැලේසියා කොටි ඩයස්‌පෝරාව උත්සාහ කරන බව මැලේසියා පොලිසියෙන්ම මේජර් ජනරාල්වරයාට ද වාර්තා විය.

මේ නිසා දැඩි කලබලයට පත් මේජර් ජෙනරාල් මානවඩු 2014 මැයි 29 දා කුශාන්තන්ව මෙරටට එවීමේ කටයුතු ලහි ලහියේ සූදානම් කරනු ලැබීය.

ඒ වනවිට ශ්‍රී ලන්කන් ගුවන් සේවාවේ යානාවක්‌ ක්‌වාලලාම්පූර් සිට කොළඹ බලා ඒමට සූදානම් වී තිබුණි. මේ අතර ක්‌වාලාලාම්පූර් අධිකරණය රාමසාමිගේ අයදුම්පත පිළිගනිමින් කුශාන්තන්ව ශ්‍රී ලංකාවට යෑවීම වහාම අත්හිටුවන ලෙස දක්‌වමින් ආගමන විගමන බලධාරීන්ට නියෝගයක්‌ නිකුත් කරනු ලැබීය.

මේ නියෝගය වහාම දුරකථනය මගින් ක්‌වාලාලාම්පූර් ගුවන් තොටුපළේ ආගමන විගමන ප්‍රධානියා වෙත දන්වන ලෙසද අධිකරණය වැඩිදුරටත් නියෝග කර තිබුණි.

එහෙත් ආගමන විගමන ප්‍රධානියාගේ මේසයේ තිබූ දුරකථනය කීපවතාවක්‌ම නාද වුවත් රිසිවරය අතට ගැනීමක්‌ සිදුවී නැත. එම පසුබිම මැද කුශාන්තන්ව ශ්‍රී ලන්කන් ගුවන් යානාවට ගොඩ කිරීමට කොළඹින් ගිය ත්‍රස්‌ත මර්දන නිලධාරීන්ට හැකි විය.

කොටි යුද්ධය අවසන්වී පස්‌ වසරකට පසු කුශාන්තන් අසුවීම ගැන ශ්‍රී ලංකා රජය ලත් විශාල ජයක්‌ බව කොටි ඩයස්‌පෝරාවට සම්බන්ධ වූවෙක්‌ පවසා තිබුණි. කොටි සංවිධානයේ වඩාත්ම වටිනාකමක්‌ ඇති කුශාන්තන් හෙවත් දර්ශන් අසුවීම කොටි ඩයස්‌පෝරාව ලත් පරාජයක්‌ බව එම ඩයස්‌පෝරා ක්‍රියාකාරියා තවදුරටත් පවසා තිබුණි. මේ වනවිට මෙරට බුද්ධි අංශවලට වාර්තා වී තිබුණේ සිවරාසා පිරුන්තබන් හෙවත් අච්චුදන් කොටි ගුවන් ඒකකයේ ප්‍රධානියා බවයි. කුශාන්තන් මෙන්ම අච්චුදන් ද ගුවන් නියමුවෙකි. අච්චුදන් ජාත්‍යන්තර පොලිසියට අවශ්‍ය කරන අයකු ලෙස රතු වරෙන්තුව ප්‍රකාශයට පත් වී තිබුණත් කුශාන්තන්ට එරෙහිව රතු වරෙන්තුවක්‌ නිකුත් කිරීමට ශ්‍රී ලංකා පොලිසිය ක්‍රියා කර නොතිබුණි.

ඒ වනවිට අච්චුදන් හා බිරිය ප්‍රංශයට පැනගොස්‌ ඇති බවට වාර්තා විය.

එහෙත් කොටි ගුවන් ඒකකයේ මෙහෙයුම් සැලසුම් දියත් කළේ කුශාන්තන් බව අනාවරණය විය.

මුල්ලිවයික්‌කාල් බංකරයක තිබී හමුවූ කොටි ගුවන් ඒකකයේ ඡායාරූපවලින් අච්චුදන්ගේ සහ කුශාන්තන්ගේ සියලු තොරතුරු අනාවරණය විය.

කුශාන්තන්ගේ ගුරුවරයා වූයේ ශංකර්ය. 2001 සැප්තැම්බර් 27 දා පුදුකුඩියිරිප්පු මාර්ගයේ අටවා තිබූ බිම් බෝම්බයකින් ශංකර් මරුමුවට පත් විය. මෙම බිම්බෝම්බය අටවා තිබුණේ ශ්‍රී ලංකා හමුදාවේ දිගු දුර විහිදුම් බළකාය බවට වාර්තා විය.

මේ අතර කුශාන්තන් ශංකර්ගේ ඥාති දියණියක්‌ වූ රෝහිනී විවාහ කර ගත්තේය. එම විවාහ මංගල්‍යය පැවැත්වූයේ ප්‍රභාකරන් සහ ඔහුගේ බිරියගේ ප්‍රධානත්වයෙනි.

මෙලෙස කොලොන්නාව තෙල් ටැංකිය, කටුනායක ගුවන් හමුදා කඳවුර ඇතුළු ආරක්‍ෂක උපාය මාර්ගික කේන්ද්‍රස්‌ථාන කීපයකට කොටි ගුවන් ප්‍රහාර එල්ල කිරීමේ මෙහෙයුම් දියත් කළ කුශාන්තන් හෙවත් දර්ශන් වැඩි කලක්‌ බොරැල්ලේ ත්‍රස්‌ත රැඳවුම් මධ්‍යස්‌ථානයේ සිරගත වී සිටියේ නැත.

ඔහු දිනක්‌ තම සිරමැදිරියේ සිටි සහකාර පොලිස්‌ අධිකාරිවරයකු අමතා මෙලෙස පැවසීය.

“මම හෙට නිදහස්‌ වෙනවා. මට නඩු පැවරීමට චෝදනා නැහැ. මම නිදහස්‌ වන්නේ ඔබලාගේ නීතියෙන් යෑයි ඔහු කියා සිටියේය.

කුශාන්තන් කීවේ සැබෑවකි. ත්‍රස්‌ත මර්දන ඒකකය ඔහුට අධි චෝදනා මත නඩු පැවරුවේ නැත. චෝදනා ගොනු කළේ ද නැත. බූස්‌ස සිරකඳවුරේ ද සිටි කුශාන්තන් එකවරම නිදහස්‌ විය. කොටි ගුවන් ඒකකයේ නියෝජ්‍ය ප්‍රධානියා නිදහස්‌ වූයේ කෙසේ දැයි රජයේ බලධාරීන් පවා පැවසුවේ නැත.

ත්‍රස්‌ත සිරකරුවන් රඳවා සිටි මධ්‍යස්‌ථානයෙන් නිදහස්‌ වීමට පැය 24 කට පෙර කුශාන්තන් තමා සමඟ එහි සිටි හිටපු සහකාර පොලිස්‌ අධිකාරිවරයකුට පැවසුවේ එම පොලිස්‌ නිලධාරියාට එරෙහිව රජයේ සාක්‌කිකරුවකුවී සාක්‍ෂි දෙන්නේ කොටි බුද්ධි අංශයේ ප්‍රබලයකු වූ සේරා අම්මාන් බවයි.

කුශාන්තන් නිදහස්‌ වී යන අවස්‌ථාවේ ඔහුව අල්ලා ගැනීමට මහත් වෙහෙසක්‌ දැරූ මේජර් ජනරාල් මානවඩු ජීවතුන් අතර සිටියේ නැත. මේජර් ජනරාල්වරයා ඉදිකරමින් තිබූ ගොඩනැගිල්ලකින් එල්ලවූ පරාලයක්‌ හිසේ වැදීමෙන් ජීවිතක්‍ෂයට පත්වූ බව වාර්තා විය.

එහෙත් ඉහළ පෙළේ හමුදා ආරංචි මාර්ග පැවසුවේ කලකට පෙර මාතරදී පැවැති හමුදා ආචාර පෙළපාලියක්‌ නරඹමින් සිටි අවස්‌ථාවේ ප්‍රබල තරුණියක්‌ “බලා ගනින් නුඹට වන දේ” යෑයි ඔහුට තර්ජනය කර තිබූ බවයි.

මේජර් ජනරාල් මානවඩු කොටි ගුවන් ඒකකයේ නියෝජ්‍ය නායක කුශාන්තන්ගේ දෛවයේ දොර වසා දැමීමට ගත් උත්සාහය අසාර්ථක විය.

මේ පසුබිම මැද රටේ ස්‌ථාන කීපයකට බෝම්බ දැමීමේ මෙහෙයුම් දියත් කළ කුශාන්තන් නිදහස්‌ වීම ද මවිතයට තුඩු දෙන සිද්ධියකි.

මගේ බිරිය බ්‍රිතාන්‍යයේ සිටිනවා – මම බ්‍රිතාන්‍ය වෙත යනවා ත්‍රස්‌ත රැඳවුම් භාරයෙන් නිදහස්‌ වූ කුශාන්තන් අවසන් වරට තමා සමඟ සිරමැදිරියේ සිටි පිරිස අමතා කියා සිටියේය.

ඔහු සිර මැදිරියෙන් යනවිට සිනාසුණේය. ඒ සමච්චල් සිනාවකි. මේ කොටි ත්‍රස්‌තයා නිදහස්‌ වූ බව රටේ ජනතාවට පවා වසන් විය. එසේ නම් කොටි ගුවන් යානාවල බෝම්බ ප්‍රහාරවලට ලක්‌වී මියගිය සෙබළුන් වෙනුවෙන් යුක්‌තිය ඉටු වූයේද?

මැලේසියානු ත්‍රස්‌ත මර්දන පොලිසියේ සහයෙන් අල්ලා ගත් කුශාන්තන්ගෙන් මේජර් ජනරාල්වරයා ප්‍රශ්න කිරීමේදී පැවසුවේ තම මෙහෙයුම් මධ්‍යස්‌ථානය ඉරණමඩු සිට ක්‍රියාත්මක වූ බවත් ස්‌ලින් යානා දෙක ගුවන් ගත වූයේ ඉරණමඩු කොටි ගුවන් ධාවන පථයේ සිට බවයි. 2007 දී තමාව ප්‍රභාකරන් විසින් කොටි ගුවන් ඒකකයට පත් කළ බවද කුශාන්තන් තවදුරටත් අනාවරණය කර ඇත.

මෙලෙස ශ්‍රී ලංකා රජය කුශාන්තන් අත්අඩංගුවට ගැනීම සහ පසුව නිදහස්‌ කිරීම ගැන ද්‍රවිඩ සංධානය ද නිහඬ විය.

මේ අතර ජිනීවා මානව හිමිකම් සමුළුව සමයේ ශ්‍රී ලංකාවට එරෙහිව ක්‍රියාත්මක වන කොටි අවතාර විටින් විට මතුවේ. මින් එක්‌ කොටි අවතාරයක්‌ ලෙස එස්‌. වී. කිරුබාහරන් නමැත්තා දැක්‌විය හැක. මොහු පසුගිය සතියේ දිනෙක රියර් අද්මිරාල් සරත් වීරසේකර සහ මානව හිමිකම් සමුළුවේදී කොටි ත්‍රස්‌තයන්ට එරෙහිව හඬ නැඟූ ජෙගන් යුද අපරාධකරුවන් බවට ප්‍රචාරයක්‌ දියත් කරනු ලැබීය. ශ්‍රී ලංකාවට සහය වූ සංජෝයි නමැති මානව හිමිකම් ක්‍රියාකාරියාට ද ඔහු දොaෂාරෝපණය කර ඇත. එහෙත් කිරුබාහරන් කවුද?

කැනඩා පොලිසියේ විමර්ශන නිලධාරී ස්‌ටිම් ඩුබ්රෝව් කිරුබාහරන්ට ද චරිත සහතිකයක්‌ දී තිබේ. ඔහු එම චරිත සහතික වාර්තාව කැනඩා නීතිපති වෙතද ඉදිරිපත් කර තිබේ.

ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ සෑම තැනකම සැරිසරන කිරුබාහරන් නමැති තක්‌කඩියා පිළිබඳව ඩුම්රෝව් තම වාර්තාවේ මෙලෙස දක්‌වා ඇත.

2004 ජුලි 20දා සිට 30 දක්‌වා කාලය තුළ වන්නියේ පැවැති විදේශ ක්‍රියාකාරීන් සඳහා වූ කොටි සම්මන්ත්‍රණයට කොටි ජාත්‍යන්තර මහලේකම් කාර්යාලය විසින් කොටි ක්‍රියාකාරීන් රැසකට ඇරයුම් කර තිබුණි.

මේ කොටි ක්‍රියාකාරීන් අතර වී. කිරුබාහරන් (ප්‍රංශය) යන නමද සඳහන් වී තිබුණි. ඊට අදාළ රහසිගත ලැයිස්‌තුව කැනඩාවේ මොන්ටි්‍රයල් නුවර ලෝක ද්‍රවිඩ සංවිධාන කාර්යාලයේ තිබී කැනඩා පොලිස්‌ විමර්ශකයා සොයාගෙන තිබුණි. වී. කිරුබාහරන් යනු එස්‌. වී. කිsරුබාහරන් නමැත්තායි.

මොහු ඇතුළු අනිකුත් විදේශ කොටි ක්‍රියාකාරීන්ට දේශන පවත්වා ඇත්තේ කොටි ජාත්‍යන්තර මහලේකම් කාර්යාලයේ ප්‍රධානි මනිවන්නන්. කොටි නායක ප්‍රභාකරන්, නීලවන් (කළු කොටි පිළිබඳව) මුහුදු කොටි නායක සුසෙයි. කොටි කාන්තා බලඇණියේ විදුෂා, කොටි හමුදා නායක බානු , කොටි දේශපාලන නායකයාව සිටි තමිල්සෙල්වන් යාපනය කොටි හමුදා නායකයාව සිටි බාල්රා-, ප්‍රභාකරන්ගේ සමීපතම සගයා වූ බාලකුමාරන් සහ කොටි මූල්‍ය අංශයේ නායකයාව සිටි වෙට්‌ටිවරායන් ඇතුළු කොටි හමුදා නායකයන් පිරිසකි.

කැනඩා පොලිසියේ විමර්ශක ස්‌ටිව් ඩුප්රොවල් තම වාර්තාවේ මෙලෙස දක්‌වා ඇත. කොටි ජාත්‍යන්තර මහලේකම් කාර්යාලය වැඩමුළුව මැයෙන් සකස්‌ කළ පොත පිළිබඳව මම පූර්ණ නිරීක්‍ෂණයක්‌ කළෙමි. එම පොතේ සඳහන් කර ඇත්තේ කොටි විදේශ ක්‍රියාකාරීන් පුහුණු කිරීම සඳහා වැඩමුළුව පැවැත්වෙන ආකාරයයි.

This booklet describes a training workshop given to LTTE Foreign Activitists.

ඩුබ්රෝව්ගේ මෙම වාර්තාව තුළින් කිරුබාහරන් කොටි ජාත්‍යන්තර ජාලයේ ක්‍රියාකාරිකයකු ලෙසට තහවුරු කර ඇත. එසේ නම් තවත් සාක්‍ෂි කුමකටද?

එහෙත් කිsරුබාහරන් කොටි ත්‍රස්‌තයා මානව හිමිකම් ගැන හඬ නඟමින් මානවහිමිකම් කවුන්සිලයේ සැරිසරයි. කැනඩා පොලිසියේ මෙම විමර්ශන වාර්තාව අපි මානව හිමිකම් කොමසාරිස්‌ සෙයිද් රාද් හුසේන් සහ ඔහුගේ සහායක ඇන්ඩ්රු ගිල්මෝ වෙත යොමු කරන්නෙමු.

එසේම කොටි ත්‍රස්‌තවාදීන්ට මානව හිමිකම් සමුළුවේ දොර විවෘත වී ඇති බව අපි අනාවරණය කළේ මෙවන් කොටි ත්‍රස්‌තයන් “වීරයන්” ලෙසින් මානව හිමිකම් කවුන්සිලය තුළ සැරිසරන නිසාය.

කිරුබාහරන් කොටියා නටන නාඩගම අවසන්වී නැත. ඔහුගේ සහයට ඩැනී ලෙස කටයුතු කරන්නේ 1971 වසරේ ආයුධ බලයෙන් ප්‍රජාතන්ත්‍රවාදී රජය පෙරළා දැමීමට උත්සාහ කර අසාර්ථක චරිතයක්‌ වූ සුනන්ද දේශප්‍රිය නොහොත් රංජිත්ය. මෙවන් පසුබිමක්‌ මැද ජිනීවා මානව හිමිකම් සමුළුව පැවැති සමයේ ශ්‍රී ලංකාවට එරෙහිව විදේශ රාජ්‍ය නොවන සංවිධාන දෙකක්‌ සාවද්‍ය වාර්තා 13 ක්‌ ඉදිරිපත් කර තිබූ බව අනාවරණය විය.

ටර්නර් ලා පේ- සහ භාරති සෙන්ටර් නමැති රාජ්‍ය නොවන සංවිධාන දෙක ඊට දායක වී ඇත. ඉන් සාවද්‍ය වාර්තා නවයක්‌ ම ඉදිරිපත් කර ඇත්තේ ප්‍රංශයේ සිට ක්‍රියාත්මක වන භාරති සෙන්ටර් නමැති සංවිධානයයි. මේ සංවිධානයේ ප්‍රධානියා ලෙස කටයුතු කරන්නේ මොහන්රා- මරියද්‍රdස්‌ නමැති ඊළම්වාදියායි.

මේ අතර ද්‍රවිඩ සංධානය උතුරෙන් හමුදාව ඉවත් කර ගැනීම සඳහා යුද්ධය ඉවරයි. තවදුරටත් හමුදාව උතුරේ රැඳී සිටින්නේ කුමකටද යන තර්කය ඉදිරිපත් කර ඇත. මෙය ප්‍රයෝගකාරී සංකල්පයකි.

උතුරෙන් හමුදාව ඉවත් කර ගැනීම සඳහා ද්‍රවිඩ සංධාන නායක ආර්. සම්පන්දන්, මාවයි සේනාධිරාජා ඇතුළු පිරිස ත්‍රිවිධ හමුදාපතිවරුන් සමඟ සාකච්ඡා පවත්වා ඇත.

එම සාකච්ඡා පැවැත්වීමෙන් පසු මන්නාරම, යාපනය, මාර්ගයේ පිහිටි නයාරු හමුදා කඳවුර ඉවත් කර ගෙන තිබුණි. සිංහලයනට සතියක්‌ ගත වනවිට සියලු දේම අමතක බව පැවසුවේ ප්‍රභාකරන් ය. අද එම ප්‍රකාශය ඉදිරියට ගෙන යන්නේ ද්‍රවිඩ සංධානයයි.

එහෙත් ජාතික ආරක්‍ෂාවට සම්බන්ධ කේන්ද්‍රස්‌ථානවල ඉඩම් මුදාහැරීමට ත්‍රිවිධ හමුදාපතිවරු සම්පන්දන්ලා සමග සාකච්ඡා පවත්වන්නේ කුමකටද? එසේම තවත් හාස්‍යජනක සිද්ධියක්‌ වාර්තා විය. ඒ මුලතිව් ප්‍රදේශයේ රජයේ ඉඩම්වලින්ද හමුදාව ඉවත් කළ යුතු බවට විරෝධතාකරුවන් විරෝධතා පවත්වද්දී හමුදාව සිංහල, දෙමළ අලුත් අවුරුද්ද නිමිත්තෙන් ඔවුන්ට ආහාර පාර්සල් ලබාදීමයි. මේ අතර කුශාන්තන් සමග මැලේසියාවේදී අත්ඩංගුවට ගත් කපිතන් ඉන්දික සංජීව හෙවත් සාන්- මොහමඩ් ද නිදහස්‌ විය. ඔහු පොට්‌ටුඅම්මාන්ට තොරතුරු සැපයූ බව හෙළිවිය.

ත්‍රස්‌ත මර්දන නිලධාරීන් කපිතාන් ඉන්දික සංජීව යොමු කර තිබුණේ යාපනයේ අධිකරණය වෙතයි. ඔහුගේ පාපොච්චාරණය අධිකරණය පිළිගත්තේ නැත.

රණවිරුවන් අපරාධකරුවන් කර රටට කරන අපරාධය

රණවිරුවන් අපරාධකරුවන් කර රටට කරන අපරාධය

ආචාර්ය ගොඩගම
මංගල නායක ස්‌ථවිර
රංගිරි දඹුළු රජමහා විහාරාධිපති,
අස්‌ගිරි මහා විහාරය, මහනුවර.

වසර තිහක්‌ පුරාවට මුළු රටම භීතියෙන් ඇළලී ගිය උතුරේ බිහිසුණු ත්‍රස්‌තවාදී තත්ත්වය පිළිබඳ දකුණේ සිංහල ජනතාවට අමුතුවෙන් මතක්‌ කළ යුතු නොවේ. එකල මාපිය දෙපළ තම රැකියාවට හෝ වේවා වෙනයම් කටයුත්තකට හෝ වේවා එකවර නිවසින් බැහැර වුවත් ගමන් කළේ වෙන් වෙන්වමය. ප්‍රවාහන පහසුකම් ලබා ගත්තේ වෙන් වෙන්වමය. එA තම දරුවන්ට මව හෝ පියා යන දෙදෙනාගෙන් කවරකු හෝ රැකවරණයට ජීවත්ව සිටිය යුතුය යන තීරණය මතය. මෙසේ එකල නිවසින් බැහැර වුවහොත් නැවත ආපසු එAම පිළිබඳ ජීවිත විශ්වාසයක්‌ මේ රුදුරු ත්‍රස්‌තවාදය ඇතිකර නොතිබුණි. පාසල් ගිය දරුවාගේ ආරක්‌ෂාවට පාසල් ගේට්‌ටුව මුර කළ සමයක්‌ ද දෙමාපියන්ට තිබිණි.

බිහිසුණු හා අනපේක්‌ෂිත අයුරින් මිනිස්‌ ඝාතන සිදුකළ මේ ත්‍රස්‌ත ක්‍රියාව වරෙක ජයග්‍රාහී මාවතකට ද තවත් වරෙක සටන් විරාමයන්ට ද ලක්‌වෙමින් තිස්‌ වසරක්‌ පුරාවට ඇදී ගියේ රන්ජන් විඡේරත්න, ගාමිණී දිසානායක, ලලිත් ඇතුලත්මුදලි වැනි අද සිටිය යුතු සිංහල දේශපාලන නායකයන් හා ඩෙන්සිල් කොබ්බෑකඩුව, විජය විමලරත්න වැනි හමුදා නායකයන් මිනිස්‌ බෝම්බවලට හෝ කාල බෝම්බවලට හසුකරමින් ඝාතනය කරමින්ය. මේ බිහිසුණු ත්‍රස්‌ත ක්‍රියාව “මාවිල්ආරු” සටනින් පසු අවසන් කිරීමට අප රටේ එවකට සිටි සේනාධිනායකයාට හා රණවිරුවන්ට හැකි විය. එහිදී රණවිරුවෝ 30000 ක ගේ පමණ ජීවිත අහිමි වූහ. තවත් 14000ක්‌ පමණ පිරිසක්‌ ආබාධිත වූහ. තවත් පිරිසක්‌ අතුරුදන් වූහ.

අපේ රණවිරුවෝ ජීවිත පරිත්‍යාගයෙන් සටන් කර ජයග්‍රාහීව අදියරෙන් අදියර යුද්ධය අවසන් කරන විට රණවිරුවන් යුද්ධයක්‌ නොකරන බවත් කරන්නේ මවා පෑමක්‌ බවත් එය මායාවක්‌ බවත්, ඕනෑම ගොනකුට යුද්ධ කරන්න පුළුවන් බවත්, තොප්පිගල කියන්නේ මහ වනයක්‌ බවත්, අලිමංකඩ කියා පාමංකඩ ගිය බවත්, කිලිනොච්චි කියා මැදවච්චි ගිය බවත් කියමින් උපහාස කළ නඩය අද රණවිරුවන් ජාත්‍යන්තර අධිකරණයට ගෙන යැම සඳහාත් රට දෙකඩ කිරීම සඳහාත් මානව හිමිකම් කවුන්සලයෙන් දෙපා නමැද වසර දෙකකින් නිම කිරීමට අවසර ලබාගෙන සිටිති.

ජනාධිපතිතුමාත්, අග්‍රාමාත්‍යතුමාත් දෙමුහුන් අධිකරණයක්‌ ලංකාවේ පිහිටුවා අපේ රණවිරුවන් යුද අපරාධකරුවන් වශයෙන් ජාත්‍යන්තර අධිකරණයට ඉදිරිපත් නොකරන බවට ලාංකිකයන්ට පුන පුනා කීවත්, (මෙසේ කිව යුත්තේ අපට නොව ජිනීවාහි මනව හිමිකම් කවුන්සලයට) ජිනීවා හි මානව හිමිකම් කොමිසම ලංකා රජය දෙමුහුන් අධිකරණයකින් එසේ කළ යුතුය කියා ඉදිරිපත් කළ නිර්දේශයන්ට පාර්ලිමේන්තුවෙන් හෝ ජනාධිපතිතුමාගෙන් හෝ නොවිමසා මංගල සමරවීර නම් වූ විදේශ අමාත්‍යවරයා එකඟතාව පළකර ඇතැයි සැළයි. එමෙන්ම මෙහිදී අතුරුදන් වූවන් සුරැකීමේ පනතට සංශෝධන ගෙනැවිත් විදෙස්‌ රටවල සිටින කොටි ත්‍රස්‌තයන්ට අපේ හමුදාවන්ට එරෙහිව සාක්‌ෂි දීමට අවස්‌ථාවන් ලබා දිය යුතු බව “යස්‌මිත් සුකා” නම් තැනැත්තියක විසින් මානව හිමිකම් කොමසාරිස්‌ සෙයිද් රාද් හුසේන්ගෙන් ඉල්ලා ඇති අතර එයට ද ලංකා රජයේ අනුමැතියක්‌ ලබා දී ඇත. රණවිරුවන් පෙළීමට මානව හිමිකම් කොමසාරිස්‌ගේ වාර්තාව දේවත්වයෙන් පිළිගන්නා රජය එහි ඇති බලය බෙදාහැරීමේ කොන්දේසිවලට යටත්ව “ජනරජය” යන්න ඉවත් කර ලංකාව දෙකඩ කර ස්‌වයං රාජ්‍යයන් බිහිකිරීමේ ක්‍රියාවලියක ද අද නිරතව ඇති බවට ද ව්‍යවස්‌ථා සම්පාදන මෙහෙයුම් කමිටුවෙන්ම තොරතුරු ලැබී ඇත.

2014 මැයි මාසයේ දී එක්‌සත් ජාතීන්ගේ සංවිධානය විසින් මානව හිමිකම් කාර්යාලයට ලංකා හමුදාව දරුණු යුද අපරාධ කළේ ද යන්න පිළිබඳව වාර්තාවක්‌ සකසා 2015 මාර්තු වන විට මානව හිමිකම් කොමිසමට ඉදිරිපත් කරන ලෙස නවනීදන් පිල්ලේ මහත්මියට නියම කෙරිණ. එA සඳහා ඇය 2014 ජූලි පළමු දින සිට එහි කටයුතු අරඹා 2015 වැනි විට පරිච්ඡේද 16 කින් යුතු වාර්තාවක්‌ සකසා අපේ හමුදාව දරුණු යුද අපරාධ සිදු කළා යෑයි කියමින් ප්‍රධාන චෝදනා 11 ක්‌ ඇතිව සහ ඉන් අටක්‌ සහ ප්‍රාසාංගික චෝදනා කීපයක්‌ ද ඇතිව මේ වාර්තාව ඉදිරිපත් කර ඇත. එAවා අතර Ñහිතා මතාම නීති විරෝධී මනුෂ්‍ය ඝාතන සිදු කිරීම, දෙමළ ජනතාවට මානුෂීය ආධාර ලබා නොදීම, කාන්තාවන්ට හා පිරිමින්ට ලිංගික අතවර කිරීම, හිතා මතාම පුද්ගලයන් අතුරුදන් කිරීම, මිනිසුන්ට දරුණු වදහිංසා පමුණුවාලීම හා රෝහල්වලට මෝටාර්වලින් පහර දීම, යන චෝදනා බරපතළ අපරාධ බව එහි සඳහන් වේ.

යථෝක්‌ත චෝදනා ගොනු කිරීම සඳහා උපයෝගී කරගෙන ඇති දත්තයන් වන්නේ, ලංකා රජයේ යම් යම් වාර්තා, රාජ්‍ය නොවැනි සංවිධානවලින් ලබා ගත් තොරතුරු, සිවිල් සංවිධානවලින් ලබාගත් වාර්තා, ගැටුම් නිරීක්‌ෂණය කළ නිලධාරීන්ගෙන් ලබාගත් වාර්තා, දරුස්‌මාන් වාර්තාව, සාම විමර්ශන මණ්‌ඩලයෙන් ලබාගත් වාර්තා, යනාදියයි. නමුත් බැලූ බැල්මටම පෙනෙන්නේ මේ වාර්තා තෙවන පාර්ශ්වයක වාර්තා මිස ක්‍රියාදාමය තුළ සිටි පාර්ශ්ව දෙකෙන් ලබාගත් වාර්තා නොවන බවය. මේ සාක්‌ෂි ලබා ගැනීමේ ක්‍රමවේදය නීතිය ඉදිරියේ දෝෂ දර්ශනයට ලක්‌ කළ හැකිය. එසේ තිබියදීත් අපේ විදේශ අමාත්‍යවරයා අපේ යුද විරුවන්ට කරන චෝදනා සහිත වාර්තාව හා එහි නිර්දේශ මානව හිමිකම් කොමිසම හමුවේ අගය කරමින් පිළිගැනීම සිවිල් වැසියන්ගේ අවධානයට යොමුවී සමාජ කතිකාවක්‌ ගොඩනැඟිය යුතුව තිබුණත් මේතාක්‌ එය සිදු නොවීමෙන් රණවිරුවන්ගේ පෞරුෂය බිඳවැටීමටත් රටේ එAකීයභාවයට අනතුරක්‌ ඇතිවීමටත් හේතුවක්‌ව ඇතැයි නොසිතන්නේ මන්දැයි විශේෂයෙන්ම සිංහලයන්ගෙන් ඇසිය යුතුව ඇත. එසේ මා ඇසීමට පෙළඹුණ හේතුව වන්නේ හිටපු ජනාධිපතිනිය චෙල්වනායගම් අනුස්‌මරණ දේශනයේදී කියනු ලබන “19 වැනි ව්‍යවස්‌ථා සංශෝධනය හඳුන්වා දෙනු ලැබූයේ මහා ජාතියේ පාලන අධිකාරය ඉවත් කිරීමට ගනු ලැබූ ප්‍රයත්නයක්‌ ලෙසය.” යන ප්‍රකාශයෙන් සිංහලයන් බෙලහීන ජාතියක්‌ කිරීමට ජාතියක්‌, ජන්මයක්‌ නැති අයවලුන් සේ කටයුතු කරන අපේම නායක නායිකාවන් යම් උත්සාහයක නියෑළී ඇති නිසාවෙන්මය.

අපේ රණවිරුවන් යුද අපරාධකරුවන් වන්නේ කිනම් ක්‍රමවේදයකට අනුව ද? යන්න විමර්ශනය කළ යුත්තේ යුද අපරාධ පිළිබඳ විශේෂඥයන්ය. අන්තර්ජාතික නීතිය යටතේ යුද අපරාධයක්‌ නිර්ණය වන්නේ අන්තර්ජාතික මානුෂීය නීති යටතේය. එA අනුව, අරන්තලා භික්‌ෂු ඝාතනය, කාත්තන්කුඩි දේවස්‌ථානයේ මුස්‌ලිම් ඝාතනය, ඩොනල්ඩ් µdම් හා කෙන්ට්‌ µdම් මිනිස්‌ සංහාරය, ශ්‍රී මහා බෝධිය ආශ්‍රිත සිල්මාතාවන් ඇතුළු බැතිමතුන් ඝාතනය, ශ්‍රී දළදා මාලිගයට කළ ප්‍රහාර හා ඝාතන ආදිය නිරායුධ සිවිල් වැසියන්ට එල්ල කළ දෙමළ ඊළාම්වාදීන්ගේ ප්‍රහාර යුද අපරාධයන් නොවන්නේ දැයි විමසිය යුතුය. එනමුත් අපේ රණවිරුවන් යුද අපරාධ නොකළ බවට ශ්‍රීමත් ජෙµaරිතායිµa, ශ්‍රීමත් ඩෙස්‌මන් ද සිල්වා, රාජ නීතිඥ රොඩ්නි ඩික්‌සිත්, මේජර් ජෙනරාල් ජෝන් හොµaස්‌ යන යුද අපරාධ විශේෂඥයන්ගේ එකදු වාර්තාවක්‌වත් පාදක සටහන් වශයෙන් නොගෙන මංගල සමරවීර තම අනුග්‍රහය ජයග්‍රාහී ලංකා හමුදාවන්ට එරෙහිව පරාජිත දෙමළ ඩයස්‌පෝරාවේ හා බටහිර අධිරාජ්‍යවාදීන්ගේ උවමනාවන් අනුව කටයුතු කිරීමට පොරොන්දු වීම සිංහලයන් අසරණ කිරීමට ගත් කූට ප්‍රයත්නයකි. මේ ගිවිස ගැනීමත් සමඟම, ලංකාවේ අතුරුදන් වූවන් සෙවීමේ කාර්යාලයක්‌ පිහිටුවීම සඳහා අවශ්‍ය නෛතික ප්‍රතිපාදන ගෙන එAම, එම ප්‍රඥප්තියට පාර්ලිමේන්තුවට නොකියාම අත්සන් කිරීම, යුද අපරාධ සෙවීමට ක්‍රියාකාරී සැලැස්‌මක්‌ සඳහා උපදේශක කමිටුවක්‌ පිහිටුවීම, යන කරුණු දැන් සිංහලයන්ට එරෙහිව සම්පූර්ණ කර ඇත.

මේ උපදේශක කමිටුව පිහිටුවා ඇත්තේ හිටපු ජනාධිපතිනියගේ ප්‍රධානත්වයෙනි. එA අනුව මේ කමිටුව, ජිනීවා යෝජනාවලියේ ඇති 39 වැනි නිගමනය ක්‍රියාත්මක කළ යුතුය යන මතයේ සිට එහි 20 කාරණය වන දෙමුහුන් අධිකරණයක්‌ පිහිටුවා යුද අපරාධ කළ හමුදා නිලධාරීන් මේ අධිකරණය ඉදිරියට ගෙනැවිත් නඩු විභාග කළ යුතුය. 36 කියවෙන්නේ දෙමුහුන් අධිකරණ විමර්ශනයෙන් වැරදිකරුවන් වන නිලධාරීන්ට ජාත්‍යන්තර අධිකරණයකට ඉදිරිපත් කොට දඬුවම් පැමිණ විය යුතු බවය. තව නොබෝ දිනකින් අපේ රණවිරුවන් දෙමළ ජාතිකයන්ගේ දිවුරුම් ප්‍රකාශන මත මේ අධිකරණවල පෙනී සිටිනු ඇත. ඇප නොලබමින් සිරගත වනු ඇත. රණවිරුවන් මෙන්ම සිංහල ජාතියම පාවා දුන් මේ නවනීදන් පිල්ලේගේ 2015 මාර්තු ලියවිල්ල පිටුදැකිය යුතුය. මෙවැනිම වාර්තාවක්‌ මීට වර්ෂ දෙසීයකට මත්තෙන් එනම් 1815 මාර්තු මාසයේ උඩරට වැසියන්ට සුදු පාලකයන් ඉදිරිපත් කරන විට එය එදා සිංහලයන් භාර ගත්තේ සංශෝධනය කිරීමකින් පසුව බව මතක්‌ කළ යුතුය. එවැනි සංශෝධනයක්‌ 2015 ලියවිල්ලට පසුව හෝ ඉදිරිපත් කිරීමට හැකි නම් එය සිංහලයන්ගේ ජයග්‍රහණයක්‌ වනු ඇත.

2015 මාර්තු මාසේ නවනීදන් පිල්ලේ ලංකාව වෙනුවෙන් මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කළ රට පවරා ගැනීමේ වාර්තාවත් 1815 මාර්තු මාසයේ උඩරට සුදු අධිරාජ්‍යයට පවරාදීමේ වාර්තාවත් අතර වෙනසක්‌ ඇත. එනම් 1815 උඩරට ගිවිසුම උඩරැටියන් විසින් සංශෝධනය කරමින් සකස්‌ කර බටහිරයන් කොන්දේසි ගණනාවකට යටත් කර අත්සන් ගැනීමය. නමුත් 2015 ගිවිසුම ඇමරිකන් ගැති නවනීදන් පිල්ලේ වැනි බටහිරයන් සහ දෙමළ ඩයස්‌පෝරාව එAක පාක්‌ෂිකව සකස්‌ කර එයට යටත්වන බවට අපෙන් අත්සන් කරවාගෙන ඇත. මේ වාර්තාවේ කොන්දේසි ක්‍රියාත්මක වුවහොත් දේවානම්පියතිස්‌ස මහ රජු බෞද්ධ රාජ්‍යයක්‌ බවට පත් කළ මේ සිංහලය, දුටුගැමුණු හා මහා පරක්‍රමබාහු යන වීරෝදාර මහ නරවිරුවන් විසින් එක්‌සේසත් කළ මේ සිංහලද්වීපය, මහාමාන්‍ය ඩී. ඇස්‌. සේනානායක වැනි උපක්‍රමශීලී නායකයන් විසින් සුදු අධිරාජ්‍යවාදීන්ගෙන් මුදවා ගත් මේ ලංකාව සිරිමාවෝ ඩයස්‌ බණ්‌ඩාරනායක මැතිනිය ජනරජයක්‌ බවට පත් කළ මේ ශ්‍රී ලංකාව, කලාප රාජ්‍යයන් ඇති බෙදුණු රටක්‌ වනු ඇත. එවැනි කලාප රාජ්‍යයන්ගෙන් තොර එAකීය ශ්‍රී ලංකා ජනරජයක්‌ වශයෙන් පවත්වාගෙන යැමේ භාරධූර වගකීම පැවරී ඇත්තේ ගරු මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමාටය. එතුමා එය අධිරාජ්‍යවාදී ගැත්තන්ගේ හෝ දෙමළ ඩයස්‌පෝරාවේ බලපෑමට යටත් නොවී අපේ රට හා රණවිරුවන් ආරක්‌ෂා කරනු ඇතැයි අපේ දෘඪතර විශ්වාසයයි. 1818 වර්ෂයේ ඇති වූ නිදහස්‌ අරගලය මෙන් සිංහල අරගලයක්‌ 2018 වර්ෂයේදී ඇති නොවේවායි ප්‍රාර්ථනය කරමි.

තෙරුවන් සරණයි!

කලවම් සන්නියට සින්නවෙන සිංහලයාගේ උරුමය…

කලවම් සන්නියට සින්නවෙන
සිංහලයාගේ උරුමය…

මතුගම සෙනෙවිරුවන්

දිගු සංස්‌කෘතික ඉතිහාසයකට හිමිකම් කියන සිංහල ජනතාවට තමන්ටම අනන්‍ය වූ අලුත් අවුරුද්දක්‌ ඇත. එය ආරම්භ වන්නේ බක්‌ මාසයෙනි. අමාන්ත ක්‍රමයට නොහොත් අමාවකින් ඇරැඹෙන චන්ද්‍ර මාසයේ තිථිය අනුව කාලය ගණනය කිරීමක්‌ අතීතයේ විය. සූර්යයාගේ ගමන් චක්‍රය අනුවද විශ්වය වටා කරකැවෙන විට උදාවන උත්තරායන සමයේ මේ කාලය එළඹේ. ජනවාරි 15 සිට ජූලි 15 දක්‌වා කාලය උත්තරායනයයි. ජූලි 16 සිට ජනවාරි 14 දක්‌වා කාලය දක්‌ෂිණායනය වේ. උත්තරායන සමයේ මාර්තු මස විසි එක්‌ වැනිදා වන විට ලංකාවට සාපේක්‌ෂව හිරු මුදුන් වීමට පටන් ගනී. අප්‍රියෙල් මස පස්‌වැනිදා පමණ වන විට හිරු ලංකාවට සාපේක්‌ෂව දෙවුන්දර තුඩුව අසලින් උදා වේ. සූර්ය දොරටුව යන අර්ථයෙන් එය දෙවුන්දොර වන්නා සේ සූර්යයා ලංකාව හැරයන ලක්‌ෂ්‍යය පැදුම් දොර අර්ථයෙන් පේදුරුතුඩුව (පෑ දොර) වේ. සූර්යයා ලංකාවට මුදුන් වන තවත් අවස්‌ථාවක්‌ ඇත. ඒ වර්තමාන සම්මතයෙන් අගෝස්‌තු මාසයයි. අගෝස්‌තු මාසය අවුරුදු සැමරීමට නොගෙන බක්‌ මාසය ගත්තේ ඇයි ද යන පැණයත් සමඟ අපට පිළිතුරක්‌ ලැබේ. අවුරුද්දේ සෞභාග්‍යමත් කාලය බක්‌ මාසයයි. සූර්යයාගේ වර්ණ සංකලනයෙන් ගස කොළට ලබා දෙන ශක්‌තිය ඔප් නැංවෙන්නේ බක්‌ මාසයේදීය. ගස්‌ වල කිරි පුපුරා ගෙඩි හටගැනීම ඒ කාලයේදී සිදු වේ.

සූර්යයා වන්දනා කළ රටවල් සාමාන්‍යයෙන් විස්‌සක්‌ පමණ ලොව පුරා හමු වේ. ජපානය, දකුණු අමරිකා ඇස්‌ටෙක්‌වරු ග්‍රීකයන්, රෝමන්වරුන් මෙන්ම පැරණි හෙළයන්ද සූර්යයා වන්දනා කළ බවට සාක්‌ෂි හමු වේ. පැරණි ඇසිරියන්වරුද හිරු වන්දනාව කළහ. ඇසිරියන්වරුන්ගේ මෙසපොතේමියාවේ ඌර් නගරය වසර හයදහසක්‌ පමණ පැරණිය. මේ නගරය පාලනය කළ අක්‌කාඩ් රාජ වංශය අසුරයන්ය. අසූර් යන පදයෙන් ඌර් බිඳී ඇතැයි සිතිය හැකිය. අක්‌කාඩ්වරුන් පසුකාලයේදී ලංකාවටද පැමිණ පදිංචි වී ඇත. (අක්‌කඩි වික්‌කඩි වීර රඹුක්‌කොඩි) හින්දි බසේ සූර්යයාට කියන නම් එකසිය අටක්‌ පමණ හමුවේ. අසුර්යා ඉන් එක්‌ නමකි. උර්ජස්‌වාල යයි තවත් නමකි. පැරණි දඹදිවද සූර්ය වන්දනාවේ යෙදී ඇත. අව්ර් හෝ අව්ව යන පද සිංහලයට පැමිණ තිබෙන්නේ පැරණි හෙළ දවස තිබූ සංස්‌කෘතික සම්මිශ්‍රණයෙනි. ලංකාවේ ජීවත් වූ යක්‌ෂ සහ රාක්‌ෂස යන ජන කොටස්‌ මෙකී අසුරයන්ට අයත්ය. යක්‌ෂ භාෂාවේ කෞෂදී දිනිත්‍රි මෝපාර් යෝදික අව්රාග්‍රත මිනිත්‍ර උපේන්ද්‍ර ගෞකූර් සහ ශුද්‍රdම් යනුවෙන් සූර්යයාට කියන නම් අටක්‌ පමණ ඇත. මෙම නම් අතරින් අව්රාග්‍රත යන නාමයෙන් අව්ර් යන්න බිඳී ඇත්දැයි සෙවිය යුතුය. අව්රාග්‍රත යනු සොබාදහමට ජීවය දෙන අවස්‌ථාවයි. සූර්ය ශක්‌තීන් විසි දෙකක්‌ පමණ ඇතැයි ඔවුහු විශ්වාස කළහ. සූර්යයා මහ පොළවට මුදුන් වීම අනුව දෛනිකව කළ සූර්ය වන්දනා පූජා විධි දහයක්‌ පමණ හඳුනාගත හැකිය.

එකල ලොව පුරා පැතිර සිටි අසුරයන්ගේ සූර්ය වන්දනාව පැරණි හෙළයන් ද අනුගමනය කළ බව පෙනේ. එහෙත් ඒ සිරිත ලංකාවේ දක්‌නට ලැබෙන්නේ විශේෂයෙන්ම බක්‌ මාසය තුළදීය. සියලුම බීජ සහ ගහ කොළවල ජීවය පවතින්නේ සූර්ය ශක්‌තිය තුළය. එම ශක්‌තිය උපරිම වශයෙන් ලබාදෙන අවස්‌ථාව බක්‌ මාසයේ යෙදෙන බව අපගේ පැරණියන් දැන සිටියහ. බක්‌ මාසයේ තිබූ නැකැත් කෙළියක්‌ ගැන කියෑවේ. එසේම නව සඳ බැලීමක්‌ ගැන සීගිරි ගීවල දැක්‌වේ. සූර්ය වන්දනාව නොහොත් තපස්‌ වරයත් මේ නැකැත් කෙළියත් පදනම් කොට විවිධාකාරයෙන් සොබා දහම සතුටු කිරීමට මේ අවස්‌ථාව යොදාගත් බව පෙනේ. අස්‌වනු කපා පාගාගෙන අවසන් වන මැදින් මාසය මහ දින් (ධාන්‍ය) කාලය ලෙසට රැගෙන එය කෘෂිකාර්මික පැවැත්මේ වර්ෂයක්‌ නොහොත් වරුවක අවසානය ලෙසට ද සලකන්නට උත්සාහ කොට ඇතැයි සිතිය හැකිය. අව්ර්+සෘතු යනු සූර්ය ශක්‌තිය උපරිමව ලැබෙන කාලයයි. අවුරුද්ද යන නාමය බිහි වීමට අව්රුතු යන මූල පදය හේතු වන්නට ඇත..

වර්තමානය වන විට මෙම අවුරුදු උත්සවයට සිංහල හා හින්දු හෝ සිංහල හා දෙමළ යන ව්‍යවහාරයන් එක්‌ කර තිබේ. බ්‍රිතාන්‍යයන් 1885 නිවාඩු දින පනත මගින් අප්‍රියෙල් 11, අප්‍රියෙල් 28, සැප් 17 සහ දෙසැ. 25 නිවාඩු දිනයන් ලෙසට ප්‍රකාශයට පත් කළහ. එය සිදුවූයේ සිංහල බෞද්ධයන් සැනසීම සඳහා වෙසක්‌ නිවාඩුව ඇති කළ පසුවයි. නමුත් මෙයින් සිත් අමාරුවට පත් පොන්නම්බලම් රාමනාදන් මහතා හින්දූන්ට ද නිවාඩු දිනයක්‌ අවශ්‍ය බව ව්‍යවස්‌ථාදායක සභාවේ දී කියා සිටියේය. නිරන්තරයෙන්ම ලංකාවේ සුළු ජන වර්ග සැනසීම සඳහා ක්‍රියා කළ ඉංග්‍රීසි ආණ්‌ඩුව නැවතත් 1885 දෙසැම්බර් මස නව නිවාඩු දින පනතක්‌ ඉදිරිපත් කරන ලදී. එහිදී නිල නොලත් මන්ත්‍රීa ලිච්මන් යෝජනා කර සිටියේ අප්‍රියෙල් 28 බෞද්ධයන්ට ද අප්‍රියෙල් 11 හින්දූන්ට ද නිවාඩු දින වශයෙන් වෙන්කර දෙන ලෙසටයි. අලුත් අවුරුද්ද පිළිබඳව ඉංග්‍රීසි රජයේ දැක්‌ම එලෙස වූ අතර 1886 අංක 04 දරන නිවාඩු දින පනත ද සම්මත වුණි. මෙයින් පසුව අප්‍රියෙල් 11 දිනය සිංහල හා හින්දු අලුත් අවුරුද්ද යනුවෙන් භාවිත කරන්නට විය.

1948 දී අප නිදහස ලබා ගත් නමුත් දේශීය ව්‍යවහාරයන් හා චාරිත්‍ර පිළිබඳව බහුතරයකට වැටහීමක්‌ නොවුණි. සිංහල ජනතාව සුපුරුදු ලෙසට අවුරුදු උත්සවය පැවැත් වූ අතර දෙමළ හින්දු ජනතාව ඉන්දියාවේ පිළිවෙළට තෛපොන්ගල් සහ දීපවාලී උත්සවයන් පැවැත්වූහ. සූර්යයාගේ ගමන අනුව දිවා රාත්‍රි වශයෙන් අවුරුද්ද බෙදාගෙන බ්‍රහ්ම සංකල්පය ක්‍රියාත්මක කිරීම හින්දු සම්ප්‍රදාය විය. දෙමළ ජනතාව බහුතරයක්‌ ජීවත් වන දකුණු ඉන්දියාවට සූර්යයා මුදුන් වන අප්‍රියෙල් මාසය අගදී ඔවුන්ට උත්සවයක්‌ නැත. පරිසරය අඳුරු ගහකොළ සරුසාර නොවුණු සීතල දෙසැම්බර් මාසයෙන් පසු සූර්යයා උතුරු දෙසට ගමන් කිරීම ආරම්භ කරන විට තෛපොන්ගල් ද පසුව දීපවාලී සැමරුම ද තුළ සූර්ය වන්දනාව තිබුණ ද හුදෙක්‌ ආගමික උත්සවයකදී කරන චාරිත්‍ර ඊට අයත්ය. ලන්දේසි යුගයේ සිට මෙරට පදිංචි කරන ලද මලබාර් ජනතාව අප්‍රියෙල් මාසයේ 11 දිනය අවුරුද්දේ සතර වැනි මාසය ලෙසින් සලකා සිත්තර පුත්තාන්ඩු යනුවෙන් වසන්ත උත්සවයක්‌ පැවැත් වූහ. වසරේ හතරවැනි මාසය ගන්නේ නම් එය අවරදිග ක්‍රමයටයි. එවිට එම උත්සවයට දිගු අතීතයක්‌ නොමැති බව පෙනේ. 1983 ජුලි කලබලවලින් පසුව රජය සිංහල හා හින්දු ව්‍යවහාරය වෙනස්‌ කොට 1984 සිට සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද යනුවෙන් නව ව්‍යවහාරයක්‌ හඳුන්වා දෙන ලදී. ඒ සිත්තර පුත්තාන්ඩුව අවුරුද්දක්‌ ලෙසට වරදවා වටහා ගැනීමෙනි.

 

ලංකාවේ ප්‍රධාන ගොවි කන්නය මාස්‌ කන්නයයි. එහිදී මුළු රටේම එක පැහැර ගොවිතැන් බත් කෙරේ. නමුත් යල කන්නයේ වුවද රටේ යම්කිසි කොටසක ගොවිතැන කර ගැනීමට ගොවි ජනතාවට හැකියාව තිබුණි. එයට පදනම සකස්‌ වන්නේ ද සූර්යයාගේ ගමනයි. නිරිත දිග මෝසම් වර්ෂාව මගින් සරුසාර කර ගත හැකි කලාපයන් ආවරණය කර ගනිමින් බත බුලත පමණක්‌ නොව ධාන්‍ය පළතුරුද ලබා ගන්නට මොවුහු සමත් වූහ. ආහාර අනුභවයට ප්‍රථම රෑයෙදී තිබෙන වැඩ ඇල්ලීම මගින් සංකේතවත් වන්නේ සමස්‌ත ජාතියම එකම අවස්‌ථාවක ජාතික නිෂ්පාදනය ආරම්භ කිරීමේ සිරිතයි. කිරි ඇති ගසකට කෙටීමෙන් වැඩ ඇල්ලීම සාම්ප්‍රදායික සිරිතයි. ගනුදෙනු කිරීම නම් මුදල් හුවමාරුව නොව ළිඳ සමඟ සොබාදහමේ පංච භූතය සමඟ එක්‌වීමයි. ජලය නොමැතිව ජීවත් වීමට කිසිවකුට නොහැකිය. ජලය ලබා දෙන ළිඳ පිරිසිදු කොට ගැනීම අවුරුද්දට පළමු කළ යුතු දෙයකි. පිරිසිදු ජලය ලබා ගැනීමට උල්පත් පාදා ගැනීම එහි අරමුණයි. ගනුදෙනු කරන අවස්‌ථාවේ දී ළිඳ වෙතට ගොස්‌ කෘතඥතා පූර්වක හැඟීමෙන් නමස්‌කාර කිරීමත් ජලය නැවුම් භාජනයක බහා සුරැකිව තබා ගැනීමත් සිංහල බෞද්ධයන් අනුගමනය කළ සද් කාර්යයකි.

මුදල් ගනුදෙනු කිරීම වත්මන් සමාජයේ ප්‍රධාන කටයුත්තක්‌ වුවද මුදල් අමතක කොට භාණ්‌ඩ හුවමාරුවද කළ හැක්‌කකි. වෙසෙසින්ම ආහාර නිෂ්පාදනයට දායක විය හැකි වන පරිදි වී ගොවිතැනට අදාළ වන බිත්තර වී මල්ලක්‌ හුවමාරු කර ගැනීමට හැකිනම් එය කෙතරම් අගේ කළ යුතු කාර්යයක්‌ ද. එහිදී විවිධ වර්ගයේ වී ප්‍රභේද එයට යොදා ගත හැකිය. හිස තෙල් ගෑමේ චාරිත්‍රය ද ඉතා වැදගත්ය. ඒ මගින් ජනතාවගේ සෞඛ්‍ය පැවැත්ම උදෙසා වටිනාකමක්‌ ලබා දෙයි. සූර්යයා මුදුන් වන අවස්‌ථාවේ ඇතිවන නොයෙකුත් උෂ්ණාධික ලෙඩ රෝග වළක්‌වා ගන්නට මේ තෛල සම්බාහනය ඉතා වැදගත්ය. මෙම අලුත් අවුරුදු චාරිත්‍ර නිවැරදිව සහ අර්ථාන්විතව කිරීමට වත්මන් ජනතාව දැනුවත් කිරීම යුගයේ අවශ්‍යතාවයක්‌ ලෙසට දකිමි.

අලුත් අවුරුදු උත්සවය ඇරැඹෙන්නේ බක්‌ මාසයේ වෙසෙසි අවස්‌ථාවකදීය. එහෙත් එය හුදෙක්‌ වසන්ත උත්සවයක්‌ නොවේ. එබැවින් එය බක්‌ මහ උළෙල යනුවෙන් හැඳින්වීමද නිවැරදි නොවේ. සූර්යයා හෙළ රාශියට නොහොත් මේෂ රාශියට සංක්‍රමණය වීමෙන් අවුරුදු චාරිත්‍ර ආරම්භ වුවද අවුරුදු උත්සවය සූර්ය මංගල්‍යයක්‌ පමණක්‌ ද නොවේ. එය වසර දහස්‌ ගණනක්‌ තිස්‌සේ විවිධ චාරිත්‍ර මත සංවර්ධනය වූ ජාතික උත්සවයක්‌ වී අවසන්ය. ජාතික නිෂ්පාදනයන් පිළිබඳ අභිලාෂයන් ද නිවැරදි පරිභෝජනය ඇති කරවන හුරුපුරුදු මෙන්ම සෞඛ්‍ය සංරක්‌ෂණය හා බැඳි සාරධර්ම මෙහිදී පුරුෂාර්ථ ලෙසට ඉස්‌මතු වේ. සිංහල ජාතිකත්වයට අවුරුදු කාලය ඉතා වැදගත්ය. වත්මන් දෙමළ සහ අනෙකුත් ජන වර්ගයන් ද සොබාදහමේ පැවැත්මට එකතු වන්නේ නම් අලුත් අවුරුද්ද තුළින් සිංහල සංස්‌කෘතියට අනුගත විය හැකිය. එය අපගේ පැරණි සිරිතයි. නමුත් වර්තමාන සිංහල අලුත් අවුරුද්ද කෙරෙන් මේ උතුම් පරමාර්ථ බැහැරව යමින් පවතී. එයට හේතුව ජනේරුව විසින් ඇති කරන ලද රංචු ගැසීම හා විනෝද වීමේ සංස්‌කෘතිය මේ අවුරුදු සමයට ද ආදේශ වීමයි. යුරෝපීය වාණිජ පරමාර්ථ විසින් අලුත් අවුරුද්ද දූෂණය කර තිබේ. එය ජාතියක පරිහානි ලක්‌ෂණයකි. බක්‌ මහ සැණකෙළිය නමින් එය වර්තමානයට උචිත ලෙසින් නාමකරණය වී ඇත්තේ එනිසාය. ඒ යටින් දිවෙන ගෝත්‍රික පරාධීනත්වය අප වහ වහා අවබෝධ කර නොගත හොත් ජාතික නිෂ්පාදන පුරුෂාර්ථ මතු කරන මේ උතුම් අවුරුද්ද ඉතා ඉක්‌මනින් දියවී යනු නිසැකය.

 

කොළඹ පන්සලේ සුන්බුන් මත ඉදි වූ වුල්ෆෙන්ඩාල් පල්ලිය

කොළඹ පන්සලේ සුන්බුන්
මත ඉදි වූ වුල්ෆෙන්ඩාල් පල්ලිය

මුල් කාලයේ ලන්දේසීන් භාවිතා කළ කොළඹ කොටුවේ ශාන්ත පීතර දේවස්‌ථාන භූමියෙහි රජ ගෙදර Queens House (අද ජනාධිපති මන්දිරය) ඉදිකරන්නට නියම විය. එනිසා 1813 දී එම දෙව්මැදුර කඩා දමන ලදී. ඒවන විටත් එම දෙව්මැදුර තුළ දොන් ජුවන් ධර්මපාල රජුගේ සිරුර මෙන්ම ලන්දේසී ආණ්‌ඩුකාරවරු පස්‌ දෙනෙකුගේ සහ තවත් ලන්දේසි ප්‍රභූන් කීප දෙනෙකුගේම සිරුරු භූමදාන කර තිබිණි. මෙනිසා එකල සිටි එම අයගේ ජීවත්ව සිටින ඥතීන්ගේ අවසරය මත එම සිරුරු කොටස්‌ සහ පැරැණි සොහොන් ගල් වුල්ෆෙන්ඩාල් දේවස්‌ථානය වෙත ගෙන එන ලදී. රාජකීය 19 වැනි සේනාංකයේ නිල රැකවරණය සහිතව පන්දම් එළියෙන් ඒවා ගෙන ආවේ 1813 සැප්තැම්බර් මස හතරවන දිනය.

ඉඟුරු දී මිරිස්‌ ගත්තා වගේ” යන කියමන අපේ භාෂාවට එකතු වූයේ උඩරට සිංහල රජවරුන්, පෘතුගීසීන් ලංකාවෙන් පලවා හැරීමට ලන්දේසීන්ගේ සහාය ලබා ගැනීමත් සමඟ උදාවූ තත්ත්වය නිසාය. එය එක්‌ කරදරයක්‌ නැති කර ගැනීමට තවත් කරදරයක්‌ ළංකර ගැනීමක්‌ විය.

මෙම ඉඟුරු දී මිරිස්‌ ගැනීමට මඟ පෑදෙන්නේ ලන්දේසි නාවුකයෙකු වූ ජෝරිස්‌ වෑන් ස්‌පිල්බර්ගන් 1600 දී මඩකලපුවට පැමිණි විට මහනුවර රජකළ පළමුවන විමලධර්මසූරිය රජු ඔවුන් සාදරයෙන් පිළිගැනීමත් සමඟය.

එහෙත් ඉඟුරු දී මිරිස්‌ ගැනීම සඳහා නිල ආරාධනාව කරනුයේ දෙවන රාජසිංහ රජු විසිනි. ඒ 1655 සැප්තැම්බර් මාසයේ ජෝර්ඡ් හල්µaට්‌ නැව් දහසයක පිරවූ දෙදහස්‌ පන්සියයක යුද සේනාව සමඟ ගාලු වරායට පැමිණීමත් සමඟය.

මේ වන විට ලන්දේසීන් පෘතුගීසීන් සතුව තිබු නැගෙනහිර සහ දකුණු වෙරළේ බළකොටුද මීගමුව සහ කළුතර බළකොටුද අත්පත් කරගෙන තිබිණි. ඒ නිසාම කොළඹ පෘතුගීසි බලයද ඇද වැටීමට ආසන්න තත්ත්වයකට පත්ව තිබිණි. කොළඹ කොටුවේ කොටුවී සිටි පෘතුගීසීන්ට හල්µaට්‌ සෙන්පතියා කාලතුවක්‌කු ප්‍රහාර ආරම්භ කළේ 1655 ඔක්‌තෝම්බර් 17 දිනය. ඒ දැන් හල්µa ෙඩ්‍රාaප් හෙවත් සාන්තබස්‌තියම ලෙස හඳුන්වන කඳුගැටය මත සිටය.

සත් වසක්‌ මුළුල්ලේ සිදුකළ ප්‍රහාරය අවසන් වූයේ 1656 මැයි මස 12 දිනය. කොළඹ කොටුව ආරක්‍ෂා කළ පෘතුගීසී භයන්ගෙන් ඉතිරිවූ හැත්තෑ තුන් දෙනෙකු හල්µaට්‌ සෙන්පතියා වෙත ගොස්‌ තමන්ගේ යටත් බව ප්‍රකාශ කළහ.

1656 මැයි මස දොළොස්‌වෙනිදා කොළඹ නගරයට ඉහළින්, ඕලන්ද පෙරදිග ඉන්දියා සමාගමේ කොඩිය ලෙල දෙමින් ලංකා ඉතිහාසයේ තවත් පිටුවක්‌ පෙරළුණි.

පෘතුගීසීන් මෙන්ම ලන්දේසීන්ද (පසුව බ්‍රිතාන්‍යන්ද) තමන් යටත් කරගත් රටවල ධන සම්පත් සූරාකෑම සඳහා තම අවි බලය යෙදවූවා සේම එම රටවල මිනිසුන්ගේ “මොළ සූරා කෑම” සඳහා තම ආගම ව්‍යාප්ත කරන්නට වූහ. මෙහිදී පෘතුගීසීන් ලන්දේසීන්ට පෙර තමන්ගේ ආගමික සිද්ධස්‌ථාන තමන්ගේ බලය ව්‍යාප්තව තිබූ ප්‍රදේශවල ඉදිකර තිබිණි.

ලන්දේසීන් කොළඹ බලය අත්පත් කරගන්නා සමයේ, කොළඹ නගරයේ පෘතුගීසීන් ඉදිකළ දේවස්‌ථාන දහයක්‌ පැවැති බව කියයි. එයින් ශාන්ත පීතර දේවස්‌ථානය පිහිටියේ කොළඹ කොටුවේ ගෝර්ඩන් උද්‍යානය සමීපයේය. කොළඹ කොටුවේ නුතන ජනාධිපති මන්දිරය සමීපයේය. කොළඹ රාජධානිය කරගත් එකම රජවූ කෝට්‌ටේ දොන් ජුවන් ධර්මපාල රජුගේ සිරුරද තැන්පත් වූයේ කොළඹ කොටුවේ පිහිටි ශාන්ත පීතර දේවස්‌ථාන භූමියේය. මුල් කාලයේදී ලන්දේසීන් මෙම කතෝලික දෙව් මැදුර තමන්ගේ ආගමික කටයුතු සඳහා භාවිතා කරණ ලදී.

ඕලන්ද පෙරදිග ඉන්දිය සමාගම තමන්ගේ ආගමික කටයුතු සඳහා කොළඹ නගරයේ දේවස්‌ථානයක්‌ ඉදිකිරීම ආරම්භ කළේ 1749 දීය. ඒ කොළඹ කොටුව සමීපයෙහි වූ උස්‌ කඳුවැටියක්‌ මතය. එකල මෙම කඳු වැටියට නැගුන විට ජනාකීර්ණ නොවූ මුළු කොළඹ නගරයම දැකගත හැකි විය.

පෘතුගීසීන් එම ස්‌ථානය හැඳින්වූයේ Agoade Loupe යනුවෙනි. ලන්දේසීන් එය හැඳින් වූයේ වුල් ෆෙන් ඩෝල් Voluen daal යනුවෙනි. වෘකයන්ගේ මිටියාවත වෘකයින් සැරසරණ දෙනිය යන්න” එම ලන්දේසි වචනයේ තේරුම විය. පෘතුගීසීන් පැමිණි අවදියේ එම ප්‍රදේශය ලඳු කැලෑවක්‌ විය. කැළණි ගඟ අසබඩ මෝදර වැනි ප්‍රදේශවල බහුලව සිටි නරින් අහර සොයා මෙම පෙදෙසට එකල පැමිණුනි. මෙලෙස පැමිණි නරින් පෘතුගීසීන් හඳුනා ගත්තේ වෘකයන් ලෙසය. වෘකයන් සැරිසරණ දෙණිය යන අරුත ඇති ගෝආ ඩිලිප්” යන පෘතුගීසි වචන ලන්දේසි බසට පෙරලුනේ ‘වුල්ෆෙන්ඩාල්’ යනුවෙනි. මෙම වුල්ෆෙන්ඩාල් වීදිය ‘අද හැඳින්වෙන්නේ ආදුරුප්පු වීදිය’ යනුවෙනි.

1774 ලන්දේසීන් ආදුරුප්පු වීදිය කඳු ගැටය මත තමන්ගේ ලන්දේසි පල්ලිය ඉදිකිරීමට ප්‍රථම එහි පෘතුගීසී පල්ලියක්‌ තිබු බවත් Ceylon Francois Valentyn වාර්තාවල සඳහන් වෙයි. නමුත් පසුව එය උඩරට සිට ආ තානාපතීන්ගේ වාසභවනක්‌ ලෙස පැවතුණි.

එයට වෙනස්‌ තොරතුරුත් පිටකොටුව බෝධිය පිළිබඳ තොරතුරු සොයා බැලීමේදී මට දැන ගැනීමට හැකි විය.

ඕලන්ද යුගය ආරම්භවීමට ටික කාලයකට පෙර කොළඹ නගරයේ විශාලම විහාරය පිහිටියේ ආදුරුප්පුවීදිය කන්ද මුදුනේය. හරියටම කිවහොත් අද වුල්ෆෙන්ඩල් පල්ලිය පිහිටි ස්‌ථානයේය. කොළඹ මහා විහාරය යනුවෙන් එය හැඳින් වින.

සංඝමිත්තා තෙරණින් වහන්සේ ශ්‍රී මහා බෝධිය ශ්‍රී ලංකාවට වැඩමවීමෙන් පසු එහි අංකුර අටක්‌ හටගෙන එයින් බෝධීන් වහන්සේ අට නමක්‌ හැදී වැඩුනි. මේ අෂ්ටඵල බෝධීන් වහන්සේ ලංකාවේ ප්‍රදේශ අටක රෝපණය කෙරුණි. එයින් පසුව අනුරාධපුර සිරිමා බෝ සමිඳුන් වෙතින් තවත් අංකුර තිස්‌ දෙකක්‌ හටගෙන එයින් දෙතිස්‌ඵල බෝධීන් වහන්සේ බිහි විණි. එම දෙතිස්‌ඵල බෝධීන් වහන්සේද ලංකාවේ නොයෙක්‌ ප්‍රදේශවලට වැඩමකර රෝපණය කරණ ලදී.

එම දෙතිස්‌ඵල බෝධීන් වහන්සේලාගෙන් එකක්‌ ආදුරුප්පු වීදිය කන්ද මුදුනේ තිබූ මහා විහාරයේ රෝපණය කරන ලදී. පසු කාලයක ඕලන්ද ජාතිකයන් එම විහාරය විනාශ කර ඒ මත ඔවුන්ගේ පල්ලියක්‌ ඉදිකරණ ලදී.

පසු කාලයක කොළඹ නගරයේ ප්‍රවාහන කටයුතු කරත්ත සහ රික්‌ෂෝවලින් සිදුවූ යුගයේ ඔවුන්ගේ නැවතුම් පළවූයේ බේරේ වැව අයිනේය. ඔවුන් ආදුරුප්පු වීදිය කන්ද මුදුනේ ඒ වන විටත් තිබූ දෙතිස්‌ඵල බෝධියෙන් පැළයක්‌ ගෙනැවිත් බේරේ වැව අයිනේ රෝපණය කර එයට මල් පහන් පූජා කරන්නට වූහ.

ඉංග්‍රීසි ආණ්‌ඩු සමයේ කොළඹ නගරය විශාල කිරීමේදී කොටුව දුම්රිය ස්‌ථානය සහ මැනිං මාර්කට්‌ (ගබඩාව) සෑදීම සඳහා බේරේ වැව කොටසක්‌ද ගොඩකරන්නට විය. එවිට කරත්ත කරුවෝ සහ රික්‌ෂෝකරුවෝ බේරේ වැව අයිනේ රෝපණය කර තිබු බෝධිය ගෙනවිත් පිටකොටුවේ අද පිහිටි ස්‌ථානයේ රෝපණය කළහ.

එකල පැවැති ඩොරික්‌ ගෘහ නිර්මාණ ශිල්පය අනුව පැති හතරම එක සමාන ග්‍රීක කුරුසියක ස්‌වරූපයෙන්, වුල්ෆෙන්ඩාල් කඳු ගැටය මත ලන්දේසීන් කොළඹ නගරයේ තමන්ගේ ප්‍රථම දේවස්‌ථානය ඉදිකළහ. මෙහි බිත්ති අඩි පහක්‌ පමණ ඝණකම ඇති අතර ඒ සඳහා භාවිතාකර ඇත්තේ කබොක්‌ ගල් සහ හුණු බදාමය. ආරුක්‌කු සඳහා ගඩොල් භාවිතාකර ඇත. මුල් සමයේ එම ආරුක්‌කුවලට පිටතින් පිත්තල ආවරණයක්‌ යොදා තිබුණ බවට වාර්තා වුවත් වර්තමානයේ ඒවා දක්‌නට නැත.

අඩි එකසිය හතළිහක්‌ පමණ උස්‌වූ දෙව්මැදුර වහලයේ මැද කොටස එකල අර්ධ ගෝලාකාර හැඩයකින් යුක්‌තත විය. උළු වෙනුවට එය සෙවිලි වූයේ මිනිරන් ගල් පතුරු වලිනි. එහි හරි මැද රත්රන් ආලේප කළ රිදී නළයක්‌ විය. එය මුදුනේ රන් ආලේප කළ සුළං දිශා දර්ශකයක්‌ සවිකර තිබිණි. 1856 දී සිදුවී අකුණු ගැසීමක ප්‍රතිපලයක්‌ ලෙස මෙම සුළං දර්ශකය විනාශ වූ අතර, අර්ධ ගෝලාකාර හැඩැති වහලයටද හානි සිදුවිය. වර්තමානයේ දක්‌නට ලැබෙන තඹ ඊයම් මිශ්‍ර තහඩු මුදුන් වහලය ඉදි වූයේ එයට පසුවය.

කොළඹ කොටුව ආසන්නයේ උස කඳු ගැටයක පිහිටි මෙම ඕලන්ද පල්ලිය, එදා ඈත සාගරයේ ගමන් කළ නෞකාවලටද හොඳින් දර්ශනය වූ එකක්‌ බව පැවසෙයි. නැව් මඟ සලකුණක්‌ ලෙස මෙම ගොඩනැගිල්ල භාවිතා කර ඇත.

ලන්දේසීන් මෙම වුල්ෆෙන්ඩාල් දෙව්මැඳුර ඉදිකිරීම සඳහා යොදවා ගත්තේ නොයෙක්‌ රටවලින් ඔවුන් රැගෙන ආ වහලුන්වය. කොළඹ වරායේ ඕලන්ද නැව්වල රඳවාගෙන සිටි මෙම වහලුන් මෙම භූමිය සඳහා කැඳවාගෙන පැමිණ ඇත්තේ වරාය සිට ඉදිකළ උමං මාර්ගයක්‌ ඔස්‌සේ ය. විෂ්කම්භය අඩි පහළොවක්‌ වූ මෙම උමං මාර්ගයෙහි ඉහළ කොටස ගඩොල්වලින් ඉඳිකර තිබූ අතර පොළවට පැරැණි කොළඹ නගරයේ මාවත්වල අතුරා තිබු අන්දමේ කුඩා හතරැස්‌ කළුගල් අල්ලා තිබිණි. එක්‌දහස්‌ නමසිය අසු ගණන්වල කොළඹ ශාන්ත ජෝන් මාළු වෙළෙඳ සල අලුතෙන් ඉදිකිරීමේදී මෙම උමං මාර්ගය විවෘත වූ අතර එම මාර්ග ඔස්‌සේ පැමිණි පොලිස්‌ නිලධාරීන් මතු වූයේ වුල්ෆෙන්ඩාල් දේවස්‌ථානයේ අභ්‍යන්තරයෙනි.

1749 ගොඩනැඟීම ආරම්භ කළ වුල්ෆෙන්ඩාල් දේවස්‌ථානය 1757 මාර්තු හයවන දින එහි කැපකිරීමේ පූජාව සිදුකරණ ලදී. පර්සිවෙල් නමැති ඉතිහාස වාර්තාකරු මෙම දේවස්‌ථානය විස්‌තර කරන්නේ කලු නගරයේ (Black Town) ඇති ඉතා ආකර්ශනීය හා වටිනා දේවස්‌ථානයක්‌ වශයෙනි. මුල් යුගයේදී ලන්දේසි ආණ්‌ඩුකාරවරුන් ඉරුදින මෙහෙය සඳහා මෙම දෙවිමැඳුරට පැමිණි අතර ඔවුන් සඳහා කළුවර සහ කළුමැදිරිය දැවයෙන් නිම වූ විශේෂ ආසන තිබූ අතර අද ද ඒවා දක්‌නට ලැබෙයි. එසේම ඕලන්ද පෙරදිග ඉන්දියා සමාගමේ නිලධාරීන් සඳහාද විශේෂ ආසන තිබූ අතර අද ද ඒවා දක්‌නට ලැබෙයි.

එකල ආගමික මෙහෙයන් අවස්‌ථාවේ ශුද්ධවූ බයිබලය කියවීම සඳහා විශේෂ ස්‌ථානයක්‌ විය. ශබ්ද විකාශන යන්ත්‍ර නොතිබූ එම අවිධියේ එහි සිට බයිබලය කියවන විට මුළු දෙවි මැඳුරම ගිගුම් දෙමින් ඇසෙන්නට විය.

පාද තුනේ කනප්පුවක්‌ මත තැන්පත් කර ඇති බෞතීස්‌ම දිය බඳුන මෙම දෙව්මැඳුරේ දක්‌නට ඇති සුවිශේෂ කෞතුක භාණ්‌ඩයකි. තනිකර රීදියෙන් නිමවා ඇති මෙය අඩි දෙකක්‌ පමණ විශ්කම්භයකින් යුක්‌තය. 1664 සිට 1675 දක්‌වා මෙරට සිටි රිප්ක්‌ලොප් වෑන් ගොඑන්ස්‌ ආණ්‌ඩුකාරවරයාගේ බිරිඳවූ එස්‌කර් සලෝමි තම දියණිය ප්‍රසූත කරණ අවස්‌ථාවේ මිය ගියාය. තම බිරිඳ සිහිවීම පිණිස ආණ්‌ඩුකාරවරයා මෙම බෞතීස්‌ම දිය බඳුන පිරිනමන ලද්දේ සිඟිති දියණිය බෞතීස්‌ම කරන අවස්‌ථාවේදීය. මෙයද මුල් කාලයේ තිබී ඇත්තේ කොළඹ කොටුවේ පිහිටි ලන්දේසීන් භාවිතා කළ ශාන්ත පීතර දෙවිමැදුරේය.

මුල් කාලයේ ලන්දේසීන් භාවිතා කළ කොළඹ කොටුවේ ශාන්ත පීතර දේවස්‌ථාන භූමියෙහි රජ ගෙදර Queens House (අද ජනාධිපති මන්දිරය) ඉදිකරන්නට නියම විය. එනිසා 1813 දී එම දෙව්මැදුර කඩා දමන ලදී. ඒවන විටත් එම දෙව්මැදුර තුළ දොන් ජුවන් ධර්මපාල රජුගේ සිරුර මෙන්ම ලන්දේසී ආණ්‌ඩුකාරවරු පස්‌ දෙනෙකුගේ සහ තවත් ලන්දේසි ප්‍රභූන් කීඵ දෙනෙකුගේම සිරුරු භූමදාන කර තිබිණි. මෙනිසා එකල සිටි එම අයගේ ජීවත්ව සිටින ඥතීන්ගේ අවසරය මත එම සිරුරු කොටස්‌ සහ පැරැණි සොහොන් ගල් වුල්ෆෙන්ඩාල් දේවස්‌ථානය වෙත ගෙන එන ලදී. රාජකීය 19 වැනි සේනාංකයේ නිල රැකවරණය සහිතව පන්දම් එළියෙන් ඒවා ගෙන ආවේ 1813 සැප්තැම්බර් මස හතරවන දිනය.

”In pure portuguese over a king of cotta who was converted to the catholie faith in 1550, who died in 1607”

යන ගලක කෙටූ ලියවිල්ල අනුව 1550 දී පෘතුගීසීන් වෙතින් කතෝලික ආගම වැළඳගත් කෝට්‌ටේ රජු 1607 දී මියගිය බව කියෑවෙයි. ඒ අනුව 1542 – 1581 කාලයේදී කෝට්‌ටේ රජවී සිටි දොන් ජුවන් ධර්මපාල කුමරුගේ ස්‌මාරකය මෙහි තිබෙන්නට ඇති බව සිතිය හැක. නමුත් දැනට එවැනි සිහිවටනයක්‌ එහි නැත.

1765 සිට 1785 දක්‌වා ලංකාවේ ආණ්‌ඩුකාරයාව සිට 1788 පෙබරවාරි හයවන දින මියගිය ඉවාන් විලියම් µල්ක්‌ ආණ්‌ඩුකාරවරයාගේ සිරුර 1762 සිට 1765 දක්‌වා ආණ්‌ඩු කළ 1765 අප්‍රියෙල් මාසයේ මියගිය ලියුබට්‌ ජාන් බැරන් වැන් ඊක්‌ගේ මළ සිරුරද 1751 සිට 1752 දක්‌වා ආණ්‌ඩුකාරයාව සිටි 1752 පෙබරවාරි 25 දින මියගිය ජෙරාඩ් ජෝන් ප්‍රීලන්ඩ්ගේ මළ සිරුරද, 1697 සිට 1702 දක්‌වා ආණ්‌ඩුකාරයාව සිටි 1702 නොවැම්බර් 26 දින මියගිය ජරිට්‌ද හියර්ගේ මළ සිරුරද 1757 සිට 1762 දක්‌වා ආණ්‌ඩු කළ ජාන් ස්‌කෲදර්ගේ මළ සිරුර ද මෙම දේවස්‌ථාන අභ්‍යන්තර භූමියෙහි තැන්පත් කර ඇත.

මෙයට අමතරව එහි ඇති සිරුරු අතර ඡේකබ් හල්ප් කපිතාන්වරයාගේ සිරුර සහ අවසන් ඕලන්ද ආණ්‌ඩුකාරවරයා වූ (1764 – 1796) ජාන් ජෙරාඩ් වෑන් එන්බර්ක්‌ගේ බිරිඳගේ මළ සිරුරද වෙයි.

1807 දී වන්නි පළාත් පිළිබඳ වාර්තාවක්‌ ලියූ කපිතාන් ගොල්ටර්ස්‌ ස්‌තුනයිඩර්ගේ පවුලේ සොහොන් ගැබක්‌ද මෙහි ඇත. එහි කපිතාන් ස්‌කනයිඩර්ගේ මිණිබිරියවූ 1817 ජනවාරි 28 දින මියගිය ලුසියා මාරියා වෑන් කොන්ටිඩ්ගේ සිරුර ඇත. මියයන විට ඇගේ වයස මාස හතකි. 1822 ජුලි 21 දින වයස අවුරුදු 24 සපුරා මියගිය ඩොහානා ගර්ට්‌රූඩාගේද, වයස අවුරුදු දෙකේදී මියගිය කපිතාන් ස්‌කුනයිර්ගේ මුණුබුරා වූ හෙන්රි ස්‌කුනයිඩර් කුක්‌ගේද කපිතාන්ගේ එක්‌ බිරිඳක්‌ වූ සොµsයා මග්දලේනාගේ සිරුරද එහි ඇත. 1830 දෙසැම්බර් 20 දින ඇය මියයන විට ඇයට වයස අවුරුදු තිහකි. 1833 ජනවාරි 11 දින මියගිය චාල්ස්‌ෆෙඩ්රික්‌ බැරන් වෑන් කොන්රඩ් ද කපිතාන් ස්‌කනයිඩර්ගේ බෑණාය.

මෙහි ඇති බොහෝ සොහොන් පලකවල මියගිය පුද්ගලයාගේ උපන් දිනය, මියගිය දිනය, ඥතීන් කීපදෙනෙකු පිළිබඳ විස්‌තර මෙන්ම සමහරක මියයැමට හේතු ද දක්‌වා ඇත.

කෙසේ හෝ වුල්ෆෙන්ඩාල් ඕලන්ද රෙපරමාදු දේවස්‌ථානයේ අභ්‍යන්තර පොළව සම්පූර්ණයෙන්ම ආවරණය වී ඇත්තේ සොහොන් ගල් වලිනි.

වුල්ෆෙන්ඩාල් ඕලන්ද රෙපරමාදු දේවස්‌ථානයෙහි වායු සමනය කළ කුටියක ලන්දේසි යුගයට අයත් පැරැණි පොත් පත් මෙන්ම සුවිශේෂ ලියකියවිලිද ඇත. 1637 නිර්මාණය කළ ලන්දේසි බයිබලයක්‌ ද එහි ඇත.

පීටර් කැනියුට්‌ පෙරේරා

වැඩේ වැරදුනා අපි එකතු වෙමු; සෝභිත හාමුදුරුවෝ කිව්වා

වැඩේ වැරදුනා අපි එකතු වෙමු;
සෝභිත හාමුදුරුවෝ කිව්වා

සාකච්ඡා කළේ ජනිත සෙනෙවිරත්න

* දෙමළ අය ඉල්ලපු විස`දුම දීලා ඉවරයි
* මෛත්‍රී ඉන්න ඕනෑ තමන්ට ගැලපෙන අය එක්‌ක
* දැන් ප්‍රශ්න ඇතිකරන්නේ බෞද්ධයන්ට…

රට දියුණු කරන්නට නම් රටේ ජනතාව ආරක්‌ෂා කරන්නට නම් ආර්ථික හා සමාජීය ප්‍රශ්නවලින් මෙන්ම විවිධාකාරවූ ජාත්‍යන්තර බලපෑම්වලින් රට බේරා ගන්නට නම් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා සහ මහින්ද රාජපක්‌ෂ හිටපු ජනාධිපතිවරයා වහාම එක්‌විය යුතු බවත් එම ඒකරාශී කිරීම වෙනුවෙන් මහා සංඝරත්නය මැදිහත් විය යුතු බවත් කොළඹ 07 , ධර්මායතනාධිපති අතිපුජ්‍ය ඇල්ලේ ගුණවංශ නාහිමියෝ පවසති. ඒ සම්බන්ධයෙන් උන්වහන්සේ ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට කරුණු දැක්‌වූයේ මෙසේය.

අද මේ රටේ සිංහල ජනතාව අපේක්‌ෂා භංගත්වයට පත්වෙලා සුළු ජාතීන් නම් අපේක්‌ෂා සහිතව ඉන්නවා, මහා ජාතිය ලෙස සිංහලයා විශේෂයෙන්ම බෞද්ධයා සැකයකින් ඉන්නා බව මට පේනවා. ඔවුන් අපව හමුවෙලා දක්‌වන අදහස්‌ අනුව. රජය පත්වූවාට පසු ගත් යම් යම් ක්‍රියාමාර්ග නිසා මේ තත්ත්වය ඇතිවුණේ. එල්ටීටීඊ සංවිධානයේ ඉතාම දරුණු පිරිස්‌ නිදහස්‌ කරමින් හමුදා බුද්ධි අංශ වල පිරිස්‌ අත්අඩංගුවට ගැනීම, භික්‌ෂු ජාතිවාදය හා ආගම්වාදය ලෙස පනතක්‌ ගෙන ඒම, භික්‌ෂු කතිකාවතක්‌ ගෙන ඒම වගේ කාරණා වලින් විවිධ සැකයන් ඇතිවෙලා. මේ හින්දා භික්‌ෂුවත් සැකෙන් ඉන්නේ රට ජාතිය ආගම ගැන යම් තරමකින් වත් සිතන සිංහල බෞද්ධයන් යම් සැකයකින් ඉන්නේ. ඉට්‌කා ගිවිසුම හින්දත් රටේ ජනතාව සැකයෙන් ඉන්නේ. බලයේ ඉන්න දේශපාලනඥයෝ කියන දේවල් ජනතාව පිළිගන්නේ නැහැ. මොන රජයක්‌ තිබුණත් රජයක්‌ බලය රැක ගැනීම සඳහාත් ඔවුන් කරන ක්‍රියාදාමයන් සාධාරණීකරණය කර ගැනීම සඳහාත් පළාත් සභා ගෙන එන වෙලාවේ, ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කළ මොහොතේ ඒ අවස්‌ථාවේ බලයේ සිටි දේශපාලනඥයන් කියපු දේවල් අපට මතකයි.

දේශපාලනඥයන් ගැන තියෙන විශ්වාසය බිඳ වැටිලා, ඒ බිඳ වැටීම නිසා සිවිල් සමාජයේ නැගිටීමක්‌ ඇතිවෙලා. වෛද්‍යවරුන් ඉංජිනේරුවන් පරිගණක හා තොරතුරු තාක්‌ෂණ ක්‌ෂේත්‍රයේ අය ගොවීන් තමන්ගේ අයිතීන් ගැන සංවිධානය වෙනවා මොවුන් සිවිල් සමාජයේ පිබිදීම හා සංවිධානය වීම පෙනෙන්න තිබෙනවා. ජාත්‍යන්තර වශයෙන් මැදිහත් වීම ගැන මිනිස්‌සු ඉන්නේ සැකයෙන්, රටේ ඒකීය භාවයට හානියක්‌ වෙයි කියලා ජනතාව ඉන්නේ සැකයෙන් . එදා එල්ටීටීඊය හා දෙමළ ඩයස්‌පෝරාවේ ඉල්ලීම් අද එකින් එක සිද්ධ වෙනවා . විවිධ රජය නායකයෝ වරින්වර එනවා, අද ඇමරිකාව ඇතුළු රටවල නියෝජිතයෝ, ලේකම්වරු නිරන්තරයෙන් එනවා. මේ ගොඩක්‌ අය කෙලින්ම යන්නේ යාපනයට , මේ ගැන සිංහල ජනතාවට සැක ඇතිවීම සාධාරණයි, මේ අය ඇවිත් මොනවද කරන්නේ කියලා කවුරුත් දන්නේ නැහැ , ආණ්‌ඩුව ඒ ගැන මුකුත් කියන්නෙත් නැහැ . ජනතාවට පික්‌පොකට්‌ ගහන්න ලෑස්‌තිවෙන්න එපා කියලා මම රජයට කියනවා.

ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂයේ පාර්ශව දෙකක්‌ තියෙනවා ඒ මෛත්‍රී හා මහින්ද පාර්ශ්ව, රටට ආදරේ නම් ජනතාවට ආදරේ නම් මේ නායකයෝ දෙන්නා එක්‌විය යුතුයි. ඒ එක්‌ කිරීම සඳහා වගකිවයුතු භික්‌ෂුන් වහන්සේලා සම්බන්ධ විය යුතුයි. යම් යම් සැක සංකා විවිධ ප්‍රශ්න ඇති ඒ දෙදෙනා අතරේ භික්‌ෂුන් වහන්සේලා මැදිහත්වෙලා. ඒවා විසඳිය හැකියි.

මහනායක හිමිවරුන්ගේ යුතුකම හා වගකීම යන හැම කෙනාටම සෙත් පතන එක නෙවෙයි. යන කෙනා දෙයක්‌ කිව්වහම ඒක හොඳයි කියන එක නෙවෙයි. මේ දෙදෙනා එකතු කරලා රට ආරක්‌ෂා කිරීම උන් වහන්සේලා මැදිහත්වෙලා කළ යුතුයි. මහා මංගල සුත්‍රය වගේම අවශ්‍ය වෙලාවට වසල සූත්‍රය දේශනා කරන්නත් මහා සංඝරත්නයට හැකියාව තිබිය යුතුයි.

මෛත්‍රිපාල සිරිසේන මහතාට මෙහිදී පොඩි පරිත්‍යාගයක්‌ කරන්න වෙනවා මේ ඒකරාශී වීමට, ඔහුට සිදුවුණු අසාධාරණකම් මම පිළිගන්නවා. ඒත් නායකයෙක්‌ පාලකයෙක්‌ ප්‍රඥාවන්තයෙක්‌ වුණහම ඔහු තම ඇස්‌ දෙකින් මුළු මහත් රට දෙසම බැලිය යුතුයි. අපට වුණත් යම් යම් කලකිරීම් තියෙන පිරිස්‌ සමඟ පොදු සන්ධාන ගතවෙන්න සිදු වෙනවා. එම නිසා මේ ගැන සිතිය යුතුයි. ඔහු එහෙම කළොත් ඔහු ඉතිහාසගත වෙනවා, ඒ සඳහා අපි මැදිහත් වෙන්න කැමතියි.

මෛත්‍රීපාල සිරිසේන මහතා සිටිය යුත්තේ ඔහුට පෑහෙන පිරිස්‌ සමඟයි. හැන්දෙන් ගෑරුප්පුවෙන් කන මිනිස්‌සු අතරයි අතින් කන මිනිස්‌සු අතරෙයි කුරුම්බා ගෙඩියක්‌ කටේ තියලා බොන මිනිස්‌සු අතරෙයි ඒකට ස්‌ට්‍රොa එකක්‌ දාලා බොන මිනිහ අතරෙයි සිංහල හාලේ බත් කන අය අතරෙයි හොට්‌ඩෝග් කන මිනිහ අතරෙයි මැඩෝනගේ සින්දු අහන අය අතරෙයි පැල්කවියක්‌ රස විඳින අය අතරෙයි ලොකු වෙනසක්‌ තියෙනවා. මම හිතනවා මේවා තේරෙනවා කියලා මෛත්‍රිපාල සිරිසේන මහතාට. ඔහු නිවැරදි තීරණ ගත යුතුයි.

මොනවා වුණත් මෛත්‍රිපාල සිරිසේන මහතා පනස්‌ හයේ දරුවෙක්‌. ගමක ඉපදුනු දරුවෙක්‌. වෙලේ ඉපනැල්ලේ සුවඳ දැනුනු නායකයෙක්‌. ගල් විහාරේ නිතර එන යන කොට පෙනුණු මනුස්‌සයෙක්‌. එයාට මේ රටේ සිදුවෙන හැමදේටම වගකීමක්‌ තියෙනවා. ඔහු අනාරාධිතව පවා මෙහෙ ඇවිත් ගියා. දුරකථනයෙනුත් කතා කරනවා. ඔහු කවදාවත් රටට ජාතියට ආගමට විරුද්ධ වෙන්නේ නැහැයි කියලා මට විශ්වාසයි.

ඒත් අද සිදුවෙන දේවල් බැලුවහම ජනාධිපතිවරයටත් හොරෙන් යම් යම් දේ සිදුවෙන බව පේනවා . අද මේ රටේ බහුතරයක්‌ රජයේ වැඩපිළිවෙල විවේචනය කරනවා. මේ රජය බලයට පත් කරන්න මැදිහත්වුණු ඇතැම් රාජ්‍ය නොවන සංවිධාන පවා දැනටමත් රජය විවේචනය කරන්න පටන් අරගෙන.

රටේ බෞද්ධයන්ට යම් ප්‍රශ්න ඇතිවෙමින් තිබෙනවා. මුලින්ම දියවඩන නිලමේට විරුද්ධව නැගිට්‌ටා. එහෙත් ඔහු වරදක්‌ කර තිබේ නම් එය කළ යුත්තේ පුද්ගලිකව ඔහුට එරෙහිව මිස තනතුරට නෙවෙයි. ස්‌වාමින් වහන්සේලා වරදක්‌ කර තිබේ නම් වරදට එරෙහිව පියවර ගත්තට අප විරුද්ධ නැහැ. යම් යම් ආගම්වල පූජ්‍ය පක්‌ෂය වැරදි කළහම ඒ අය සම්බන්ධයෙන් කටයුතු කරපු පිළිවෙලක්‌ තිබුණා. ඒත් මේ දැන් භිකෂුන් වහන්සේලා සම්බන්ධයෙන් කටයුතු කරන ආකාරයට කළේ නැහැනේ. භික්‌ෂුන් වහන්සේලා බෙඩ් ෂීට්‌ වලින් ඔතලා ගෙනියනවා. මේ ආකාරයට භික්‌ෂුව නින්දාවට අපහාසයට උපහාසයට පත් කිරීමක්‌ මම මීට පෙර දැකලා නැහැ. මෙතරම් භික්‌ෂුන් වහන්සේලා පිරිසක්‌ සිරගත කරපු මුල්ම අවස්‌ථාව මේක. ජාතියේ මුරදේවතා යන නාමයෙන් භික්‌ෂුන් වහන්සේලා හඳුන්වන එකම රට ශ්‍රී ලංකාව.

ගම්වල මිනිස්‌සුන් අප කියනදේ පිළිගන්නවා, අප කියන දේ අනුව තමයි ගමේ මනුස්‌සයා තීරණ ගන්නේ, භික්‌ෂුන් වහන්සේලා දේශපාලන පක්‌ෂවලට එක්‌ව වැඩ කිරීම මම අනුමත කරන්නේ නැහැ. මම කවදාවත් දේශපාලන වේදිකාවට යන්නේ නැහැ. ලුණු ඇති කරන්නෙත් වතුර. නැති කරන්නෙත් වතුර වගේ, ආණ්‌ඩුව හදන්නෙත් ජනතාව. නැති කරන්නෙත් ජනතාව. ඒකට නායකත්වය දෙන්නේ භික්‌ෂුන් වහන්සේලා, දේශපාලනඥයන්ට ඕන ඕන දේ කරන්න මේ රටේ ඉඩ දෙන්නේ නැත්තේ භික්‌ෂුන් වහන්සේලා.

මේ විදිහට දිගටම භික්‍ෂුන් වහන්සේලා මර්දනය කරනවා නම් දහස්‌ ගණන් භික්‌ෂුන් වහන්සේලා කැඳවලා අපි විරෝධය පළ කරනවා

එල්ටීටීඊය ඇතුළු දෙමළ අන්තවාදී ජාතිවාදී කොටස්‌ මුල ඉඳලා කිව්වේ කහ සිවුරු පොරව ගත්ත අය ඉන්නකම් අපේ ඉල්ලීම් ලැබෙන්නේ නැහැ කියලා. අපට අවශ්‍ය දේ ලබාගන්න බැහැ කියලා. සෝභිත හිමියන්ගේ අපවත්වීම සැකයි. විදේශ බලවේග ශක්‌තිමත් වුණු හැම මොහොතකම භික්‌ෂුන් වහන්සේලා අපවත් කළා., කොටගම වාචිස්‌සර හිමි අපවත් කළා. පානදුරේ අරියධම්ම හාමුදුරුවෝ අපවත් කළා. ගංගොඩවිල සෝම හිමි අපවත් කළා.

සෝභිත හිමියන්ගේ අවසන් දිනවල මම උන්වහන්සේ බලන්න රෝහලට ගියා. උන් වහන්සේ කිව්වා අපට වැරදුනා කියලා. මම කිව්වා මේ තත්ත්වයට ඔබ වහන්සේ වග කියන්න ඕන කියලා. බලමුකෝ, අපි එකතු වෙමු කියලා ඒ අවස්‌ථාවේ සෝභිත හිමියන් කිව්වා. ඒ අවස්‌ථාවේත් උන් වහන්සේ හොඳ සෞඛ්‍ය තත්ත්වයෙන් හිටියා. හැබැයි අන්තිම දවස්‌ වල රටේ සිදුවුණු දේ ගැන උන් වහන්සේ මානසිකව වැටිලා හිටියේ. ඉස්‌සර මටත් වස දුන්නා. එල්ටීටීඊය මට වෙඩි තිබ්බා. මම බේරුණා. මම ඉස්‌පිරිතාලෙන් බෙහෙත් ගන්නේ නැහැ. එක දොස්‌තර කෙනෙක්‌ගෙන් විතරයි බෙහෙත් ගන්නේ. ඒ තරමට භික්‌ෂුන් වහන්සේලාගේ තත්ත්වය අනාරක්‌ෂිතයි. මේ රටේ ප්‍රශ්න හදන්නේ සුළු ජාතීන් විසින්මයි, අපි හැමදාම කිව්වේ අප රටේ සියලු ජාතීන් සියලු දෙනාම එකට ඉඳිමු කියලා. අදත් එකට ඉන්න බැහැ කියලා වෙනම අයිතීන් ඉල්ලන්නේ ඒ අයයි. එක්‌කෝ ස්‌වයං නිර්ණය අයිතිය එක්‌කෝ ෙµඩරල් ඉල්ලනවා.

එදා ඒ අය ඒ වෙනුවෙන් තුවක්‌කුව හා බෝම්බය අතට ගත්තා. අවුරුදු තිහක්‌ සටන් කළා. ඒ අයට අවශ්‍ය විසඳුම දුන්නා. නන්දිකඩාල් කලපුවේදී ඒ විසඳුම ලබා දුන්නා ආයේ ඒ ගැන කතාවක්‌ නැහැ. හදිස්‌සියෙන්වත් ඒ ගොල්ල ගහලා ලංකාව ඇල්ලුවා නම් ඇතිවන තත්ත්වය මොකක්‌ද ?

කවුරුවත් කියන්නේ නැහැනේ දෙමළ අයට දෙමළ වීම නිසා තියෙන ප්‍රශ්නය මොකක්‌ද කියලා.

අදත් සමහර අය කතා කරන්නේ උතුරු නැගෙනහිර කියලා වෙන්කරලා. ඇයි එහෙම කරන්නේ මේක සංස්‌කෘතික ආක්‍රමණය ඊලාම් කියන එක සියයට හැත්තෑ ගණනක්‌ වුණු අප පවා ව්‍යවහාර කළා . අපේ හුනුගම චුන්නාකම් වුණා. වැලිගම වලිකාමම් වුණා. තඹලගමුව තඹලකාමම් වුණා. දැන් ව්‍යවහාර වෙන්නේ ඒවානේ.

ලෝකේ කිසිම රටක මෙවැනි දේ නැහැ. අපි ශ්‍රී ලංකාවට ශ්‍රී ලංකාව කියද්දී දෙමළ අය ඉලන්කෙයි කියනවා. අප මීගමුව කියද්දී මීර්කුලම් කියනවා ඉංග්‍රීසියෙන් නිගම්බු කියනවා. හලාවතට සීලවතුර කියනවා ඉංග්‍රීසියෙන් චිලව් කියනවා. මෙහෙම තත්ත්aවයක්‌ ලෝකයේ කොහෙවත් නැහැ. දෙමළ ජනතාව කියනවනේ ඒ අය සමහර ප්‍රදේශ පාලනය කළා කියලා. ඒවා ආක්‍රමණ මිසක්‌ වෙන කිසිවක්‌ නෙවෙයි. එහෙම නම් ලන්දේසීන්ගේ කාලේ මුහුදුබඩ පළාත් පාලනය කළේ ලන්දේසීන්. එහෙමනම් ලන්දේසි මිනිස්‌සුන්ට පුළුවන්නේ වෙනම කෑල්ලක්‌ ඉල්ලන්න. ඒවා ආක්‍රමණ මිසක්‌ වෙන දෙයක්‌ නෙවෙයි. විදේශ රටවලින් එන අය කවුරුවත් කතා කරන්නේ උතුරු නැගෙනහිර දෙමළ අය ගැන. මේ කවුරුවත් යාපනයෙන් එළවපු සිංහලයන් විසි එක්‌දහසක්‌ සිංහල ජනතාවට නැවත ආපසු ඔවුන්ගේ අයිතීන් ඉඩම් දෙන්න ඕන කියලා කතා කරන්නේ නැහැනේ. අපේ භික්‌ෂුන් වහන්සේලා ඝාතනය කළා. ඒ ගැන කවුරුත් කතා කරන්නේ නැහැ. පුරා වස්‌තු 276 ක්‌ උතුරේ තිබුණා. ඒවා ගොඩක්‌ විනාශ කරලා

දෙමළ අය ඉල්ලපු විසඳුම දීලා ඉවරයි ආයෙත් ඒ ගැන කතාවක්‌ නැහැ. අද පාසල් පෙළ පොත් පවා වෙනස්‌ කරන්න උත්සහ කරනවා. සමහරුන්ට ඕන මේ රට හොඳ පෘට්‌ සැලඩ් එකක්‌ කරන්න , අපි ඒ ගැන හොඳ අවධියෙන් ඉන්නවා. අපේ රටේ විදේශ ප්‍රතිපත්තිය අනුව අප නොබැඳි රටක්‌ ලෙස කටයුතු කළ යුතුයි. ඉන්දියාව සමග අපේ රටේ සම්බන්ධය ප්‍රවේශමෙන් කළ යුතුයි.

ඉන්දියාවේ බිහිවුණු නායකයන්ගේ ප්‍රතිපත්තිය අනුව තමයි ඒ රටේ විදේශ ප්‍රතිපත්තිය නිර්මාණය වුණේ. ඉන්දියාව බෞද්ධත්වය පෙන්වා ගෙන වැරදි දේ කළ යුතු නැහැ. ජාත්‍යන්තර වෙළඳ සම්බන්ධතා තිබිය යුතු වුවත් අනවශ්‍ය මැදිහත්වීම් හොඳ නැහැ, ඉක්‌ටා ගිවිසුම භයානක තත්ත්වයක්‌. ඉන්දියාව බිලියන හතක්‌ දීලා, ඒ දෙන ගමන් ඉක්‌ටා කොන්දේසි දැඩි කරනවා . අද ඉන්දියාවෙන් කොන්ඩේ රැවුල කපන්න පවා කට්‌ටිය ඇවිල්ලා. උතුරේ මැරුණු අය ලෙස වෙනත් පිරිස්‌ ලංකාවට ඇවිල්ලා පෙනී සිටිනවා. ඉන්දියාවෙන් එන මිනිස්‌සු යන්නේ නැතුව මෙහෙ ජීවත් වෙනවා. රටේ ජනතාව ගැනවත් හරියට තොරතුරු නැතුව කොහොමද ආණ්‌ඩුව මේවා අල්ලන්නෙ. අද පොලීසිය ආණ්‌ඩුව ආරක්‌ෂා කරනවා හැර ජනතාවවත් රටවත් ආරක්‌ෂා කරන්නේ නැහැ. ප්‍රතිපත්ති ප්‍රකාශනවල තිබුණු දේ නෙවෙයි මේ ආණ්‌ඩු අද කරන්නේ.

මට නම් අංක එක රට. රට නැතිවෙනවා නම් නිවන් දකින්න ඕනත් නැහැ මට.

අපි අවුරුදු තිහක්‌ අවිනිශ්චිත ජීවිතයක්‌ ගෙව්වේ, නායකයෝ ඉතිහාසගත වෙන්නේ තමන් දෙස හෝ තමන්ගේ බලය සඳහා හෝ පරපුර ගැන හෝ බලලා ගන්න තීරණ මත නොව රට වෙනුවෙන් ගන්න තීරණ හින්දයි.

දේශපාලන මැච් එකේ ජනතාවයි රටයි පන්දුවක්‌ කරගන්න එපා , මගේ ශක්‌ති ප්‍රමාණයට වඩා මම රටට හමුදාවට බොහෝ දේ කරලා තිබෙනවා. හමුදාවට තරුණයෝ හොයලා දුන්නෙත් මම. ඒ නිසා රට තුළ සිදුවෙන හැමදේම මට දැනගන්න ලැබෙනවා. මේ රට යළිත් බෙදන්න දෙන්න බැහැ.

9 වසරකට පසු නෝර්වේ යළි එයි

9 වසරකට පසු නෝර්වේ යළි එයි

කීර්ති වර්ණකුලසූරිය

නෝර්වේ රජය යළිත් වරක්‌ මෙරට වාර්ගික අර්බුදය විසඳීමේ කටයුතුවලට මැදිහත් වී ඇත. මේ බව නෝර්වේ විදේශ ඇමැති බොර්ඡේ බ්‍රෙන්වේ සහ ද්‍රවිඩ සන්ධාන නායක ආර්. සම්පන්දන් අතර පැයකට අධික කාලයක්‌ තිස්‌සේ පැවැති සාකච්ඡාවලින් සනාථ වී තිබේ.

මෙම සාකච්ඡාවලදී අත්අඩංගුවේ සිටින හිටපු කොටි ක්‍රියාකාරීන් මුදාහැරීමට උතුරේ බලය විමධ්‍යගත කිරීම සහ ත්‍රස්‌ත මර්දන පනත අහෝසි කිරීම යන කරුණු සහ ශ්‍රී ලංකාවට, හමුදාවට එරෙහිව එල්ලවී ඇති යුද අපරාධ චෝදනා විමර්ශනය කිරීමේ යාන්ත්‍රණය ගැන කතාබහට ලක්‌වී ඇත.

ආර්. සම්පන්දන් සහ එම්. සුමන්තිරන්ද මේ සාකච්ඡාවලට සම්බන්ධ විණි.

නෝර්වේ රජය මෙරට කටයුතුවලට මැදිහත්වී ඇත්තේ වසර 9 කට පසුවය.

 

ජිනීවා ගැන ජනතාව දැනුවත් කිරීමට ජාතික සමුළුවක්‌ – දිනේෂ් ගුණවර්ධන

ජිනීවා ගැන ජනතාව
දැනුවත් කිරීමට ජාතික සමුළුවක්‌
– දිනේෂ් ගුණවර්ධන

අනුර බාලසූරිය

රටට, ජනතාවට සත්‍ය වසන්කර පසුගියදා අත්සන් කෙරුණු ජිනීවා ගිවිසුම පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ ජාතික මහා සමුළුවක්‌ ලබන 19 වන දින විහාර මහාදේවී විවෘත ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන බව ඒකාබද්ධ විපක්‍ෂය වෙනුවෙන් මහජන එක්‌සත් පෙරමුණේ නායක පර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා ඊයේ (12 දා) පැවැති මාධ්‍ය හමුවකදී පැවැසීය.

එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයෙන් පාර්ලිමේන්තුව නියෝජනය කරන හා නොකරන ඒකාබද්ධ විපක්‍ෂය සමඟ අත්වැල් බැඳගන්නා සියලු ජනතාවගේ සහභාගිත්වයෙන් මෙම ජාතික මහා සමුළුව පැවැත්වෙන බව හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.

පසුගියදා රජය මගින් අත්සන් කෙරුණු ජිනීවා ගිවිසුම අප රටේ ජාතික නිදහසට, ස්‌වාධීනත්වයට ස්‌වෛරීත්වයට හා ශ්‍රී ලංකාවේ ව්‍යවස්‌ථාවට පටහැනි ක්‍රියාමාර්ගයක්‌ බව තරයේ විශ්වාස කරන බැවින් එය කරුණු සහගතව ඔප්පු කර ජනතාවට අවබෝධ කරදීමට ඒකාබද්ධ විපක්‍ෂය ලෙස කටයුතු කරමින් රට ආරක්‍ෂා කිරීමට මැදිහත්වීමේ දේශපාලන ක්‍රියාවලිය දියත් කරන බව දිනේෂ් ගුණවර්ධන මහතා පැවැසීය.

මේ සම්බන්ධයෙන් රජය මෙතෙක්‌ රට වැසියාට හෝ පාර්ලිමේන්තුවට හෝ සත්‍ය තොරතුරු ලබාදී නොමැති බව පැවැසූ දිනේෂ් ගුණවර්ධන මහතා සත්‍ය තොරතුරු වසන් කිරීමෙන් රජය අප රට හිරකර ඇමරිකාව සමඟ සමදායකත්වයෙන් ගෙනා යෝජනාවේ බරපතළකම රටෙන් සැඟවීමට ඉඩතැබිය නොහැකි බැවින්, ජනතාව වෙනුවෙන් වගකීම ඉටුකළ යුතු බවත් සඳහන් කළේය.

මේ සම්බන්ධව පාර්ලිමේන්තුවේ විවාදයක්‌ ලබාදෙන බව රජය ප්‍රකාශ කළත් රජය අත්සන් තැබූ මෙම ජිනීවා යෝජනාවේ සත්‍ය පිටපතක්‌ අද වනතුරු පාර්ලිමේන්තුවට හෝ මන්ත්‍රීවරුන්ට රටට හෝ ඉදිරිපත් කර නැති බව පැවසූ දිනේෂ් ගුණවර්ධන මහතා මෙවැනි තත්ත්වයක්‌ තුළ පාර්ලිමේන්තු විවාදයක්‌ පැවැත්වීමට බලාපොරොත්තුවන්නේ නම් එය රජය තවත් වාරයක්‌ රටටත් රටේ උත්තරීතර පාර්ලිමේන්තුවටත් වසන් කිරීමට ගන්නා ක්‍රියාමාර්ගයක්‌ බවත් කීවේය.

මෙහිදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්වන බන්දුල ගුණවර්ධන, උදය ගම්මන්පිල, කොමියුනිස්‌ට්‌ පක්‍ෂයේ ලේකම් ඩිව් ගුණසේකර, ලංකා සමසමාජ පක්‍ෂයේ නායක මහාචාර්ය තිස්‌ස විතාරණ යන මහත්වරුද අදහස්‌ දැක්‌වූහ.

Categories

Balawegaya Flickr Photos

Different countries have visited this site

Free counters!