//

එක්කෝ ආගම් මාරුව නැත්නම් දුරාචාරය

This category contains 63 posts

පච ඉතිහාසය – ජාති වාදය

ශ්‍රී ලංකාවේ ඉතිහාසය
වෙනස්‌ කරන ග්‍රන්ථ මාලාවක්‌

කීර්ති වර්ණකුලසූරිය

ශ්‍රී ලංකාවේ ඉතිහාසය වෙනස්‌ කිරීම සඳහා යාපනයේ අඩයාලම් මධ්‍යස්‌ථානය මුල්ලිවයික්‌කාල් කතා වස්‌තුව නමින් ග්‍ර්‍රන්ථ මාලාවක්‌ නිර්මාණය කර ඇත.

කොටි අරගලය, යුද්ධයේ අවසන් අදියරේදී ගැලවුණු පිරිස්‌ හෙළිකරන තොරතුරු සහ යුද්ධයේදී සිදුවූ ම්ලේච්ඡ ක්‍රියා මැයෙන් දැක්‌වෙන තොරතුරු ඊට ඇතුළත් කර තිබේ.

උතුරේ පාසල් අතර බෙදාහැරීම සඳහා මෙම ග්‍රන්ථ නිර්මාණය කර ඇති බව ආරංචි මාර්ග දක්‌වයි.

මෙම අඩයාලම් මධ්‍යස්‌ථානයට විදේශ රටවල්වලින් අරමුදල් සැපයේ

 

Advertisements

කොටි මහාවිරු සමරුව මැද කරුණා අම්මාන් අත්අඩංගුවට

කොටි මහාවිරු සමරුව මැද
කරුණා අම්මාන් අත්අඩංගුවට

කීර්ති වර්ණකුලසූරිය

ශ්‍රී ලංකා යුද හමුදාවේ භටයන් රැසක්‌ වෙඩි තබා ඝාතනය කරන ස්‌ථානයේ තමා ද සිටි බවත් එම අවස්‌ථාවේ තමා ළඟ කැලෂිනකෝව් අවියක්‌ තිබූ බවත් කොටි බෝම්බ නිෂ්පාදකයකු වූ සෂිකුමාර් කනපතිපිල්ලේ පසුගිය සතියේදී කැනඩා අධිකරණය ඉදිරියේ ප්‍රකාශයක්‌ කරමින් පවසා තිබුණි. එහෙත් ඝාතනයට ලක්‌වූ සෙබලුන්ගේ සිරුරුවලට කුමක්‌ සිදු කළේද යන ප්‍රශ්නය ඔහුගෙන් ඇසීමට නීතිවේදීන් ඉඩ දුන්නේ නැත. ඒ ඔහු යුද අපරාධවලට හසුවන නිසාය. යුද හමුදා භටයන් ඝාතනය කරන අයුරු බලා සිටි බවට හිටපු කොටි බෝම්බ නිෂ්පාදකයා කළ හෙළිදරව්ව ගැන කැනඩාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයද අවධානය යොමු කළේ නැත. කනපතිපිල්ලේ සෂිකුමාර් තමා බස්‌ රථ පිපිර වීමට බිම්බෝම්බ නිපදවූ බවද පිළිගෙන ඇත. අද ඔහු කැනඩා රජයෙන් දේශපාලන රැකවරණ පතා ඇත. කොටි යුද අපරාධකරුවන්ගේ පැටිකිරිය මෙලෙස හෙළිවන අවස්‌ථාවේ කොටි ඝාතකයන්a සැමරීම පසුගිය 27 දා රටවල් කීපයකදී සිදුවිය. බ්‍රිතාන්‍ය රජය කොටි සංවිධානය තහනම් කර ඇතත් තෙරේසා මේ අගමැතිනිය යටතේ මියගිය කොටි ත්‍රස්‌තයන් සැමරීමට ලන්ඩන් පොලිසිය අවසර දී තිබුණි.

ලන්ඩන් නුවර එලිසබෙත් රැජින උද්‍යානය වෙන්කරගත් බ්‍රිතාන්‍ය ඊලම්ජාලය මියගිය කොටි ත්‍රස්‌තයන් රැසකගේ ඡායාරූපවලට මල්මාලා පලඳවමින් ඝාතකයන් සැමරීමට ක්‍රියා කළහ. එම කොටි උත්සවයේදී ශ්‍රී ලංකාවේ 2/3 ක්‌ ඊළම් රාජ්‍යයට අයත් බවට පිළිබිඹු කෙරෙන විශාල සිතියමක්‌ද ප්‍රදර්ශනය කෙරුණි. එහෙත් තහනම් සංවිධානයක ත්‍රස්‌තයන් සැමරීමට ඉඩ දෙන්නේ මන්දැයි ශ්‍රී ලංකා මහ කොමසාරිස්‌ කාර්යාලය බ්‍රිතාන්‍ය බලධාරීන්ගෙන් විමසුවේ නැත. එසේම ලන්ඩන් නුවර ඊළම් ඩයස්‌පෝරාවේ වෙළෙඳසල්වල ද කොටි ධජය ඔසවා තිබුණි. මෙලෙස ඊළම් ඩයස්‌පෝරාව ප්‍රසිද්ධියේ කොටි ඝාතන කණ්‌ඩායම සමරන අවස්‌ථාවේ 2015 වසරේ නොවැම්බර් මස ඊළම් ඩයස්‌පෝරා සංවිධාන අටක සහ කොටි ක්‍රියාකාරීන් 269 කගේ තහනම රජය ඉවත් කර තිබුණි. බ්‍රිතාන්‍ය ද්‍රවිඩ සංසදය හා කැනඩා ද්‍රවිඩ කොන්ග්‍රසය, ඕස්‌ටේ්‍රලියානු ද්‍රවිඩ කොන්ග්‍රසය, ගෝලීය ද්‍රවිඩ සංසදය, කැනඩා ද්‍රවිඩයන්ගේ ජාතික කවුන්සිලය, ද්‍රවිඩ ජාතික කවුන්සිලය, ද්‍රවිඩ තරුණ සංවිධානය සහ ලෝක ද්‍රවිඩ සම්බන්ධීකරණ කමිටුව යන සංවිධානවල තහනම එලෙස ඉවත් කරනු ලැබීය.

මේ පසුබිම මැද ලන්ඩන් නුවර කොටි සැමරුම හෙවත් මහා විරු සමරුව සංවිධානය කළ පිරිස කවුදැයි අනාවරණය කිරීමට ඊළම් ඩයස්‌පෝරාව ක්‍රියා කළේ නැත. එහෙත් ලන්ඩන් ආරංචි මාර්ග දැක්‌වූයේ ගෝලීය ද්‍රවිඩ සංසදයේ සහ බ්‍රිතාන්‍ය ද්‍රවිඩ සංසදයේ ක්‍රියාකාරීන් එම සමරුවට සහභාගිවූ බවයි.

ලන්ඩන් කොටි සමරුවට සමගාමීව උතුරේ විවිධ ස්‌ථානවලද කොටි සමරුව පැවැත්වීමට ක්‍රියා කර ඇත. ප්‍රභාකරන්ගේ මස්‌සිනා වූ එම්. කේ. සිවාජිලිංගම් ඇතුළු පිරිසක්‌ කෝපායිහි 51 වැනි බළසේනා මූලස්‌ථානය ඉදිරියේ ගිනි මැලයක්‌ දල්වමින් කොටින්ව සැමරීමට ක්‍රියා කළේ හමුදාවට අවමන් වන ලෙසිනි. එසේම කිලිනොච්චියේ කනකපුරම්හි කොටි හිතවාදීන් කැඩුණු කොටි ස්‌මාරකවල කැබලි එක්‌කර ස්‌මාරකයක්‌ ස්‌ථාපිත කර සැමරීමේ උත්සවය පවත්වා ඇත. යාපනය විශ්වවිද්‍යාලයේ කොටි හිතවාදීන් ප්‍රභාකරන්ගේ උපන් දිනය හා මියගිය කොටින්ව සැමරීමට ක්‍රියා කරනු ලැබීය. ප්‍රභාකරන්ගේ පෝස්‌ටර් විශ්වවිද්‍යාලය තුළ ද අලවා තිබූ බව හෙළි විය. කොටි ඝාතකයන් සැමරීම ගැන ප්‍රකාශයක්‌ කළ උතුරු පළාත් සභා මන්ත්‍රිනී ආනන්දිසසිකරන් ද්‍රවිඩයන් තම විරුවන් සැමරීම වැළැක්‌වීමට කිසිවකුටත් නොහැකි යෑයි කියා සිටියාය.

මියගිය කොටින් සැමරීම සම්බන්ධව කොටි හිතවාදීන් ප්‍රකාශයක්‌ කරමින් යාපනය විශ්වවිද්‍යාල සිසුන් පසුගිය සිකුරාදා සමරුව පැවැත්වූ බවත් ඊට බාධාවක්‌ එල්ලවූයේa නැතැයි සඳහන් කළේය. මෙහිදී යාපනය විශ්වවිද්‍යාලයෙන් ජාත්‍යන්තරයට පණිවුඩයක්‌ ද නිකුත් කර ඇත.

එහි මෙලෙස සඳහන් වී තිබේ.

ද්‍රවිඩ ඊළම් අරගලයේ විරුවන් ඊළම් ද්‍රවිඩයන්ගේ ස්‌වෛරීභාවය යටත් කර දීමට සූදානම් නැත. කිසිම විරුවෙක්‌ අරගලය පාවාදී නැත. ඊළම් ද්‍රවිඩයන්ගේ ස්‌වෛරීභාවය සහ නිදහස ගැන එකඟත්වයක්‌ ද ඇති නොවේ.

මේ පණිවුඩය ප්‍රකාශයට පත් කර ඇත්තේ යාපනය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය සංගමයේ නායකයායි.

කොටි ඝාතකයන් සැමරීම සම්බන්aධයෙන් ද්‍රවිඩ සංධාන මන්ත්‍රී එස්‌. ශ්‍රීධරන් ද මෙලෙස පවසා ඇත.

මහවිරුවන් සිය දිවි පුද කළේ ශුද්ධ වූ අරමුණක්‌ වෙනුවෙනි. මෙදින අපට ශුද්ධ වූ දිනයකි.

මෙම ප්‍රකාශය කළ ශ්‍රීධරන් විවාහ වී සිටින්නේ යාපනය කොටි හමුදා නායකයාව සිටි තීපන්ගේ සොහොයුරිය සමගය. මේ අතර යාපනයෙන් පළ වන සියලුම ද්‍රවිඩ පුවත්පත් ප්‍රභාකරන්ගේ ඡායාරූප පළ කරමින් කොටි සමරුවට විශාල ප්‍රචාරයක්‌ ලබාදී තිබිණි.

එහෙත් උතුරේ¨ මාධ්‍ය එක්‌වී සැමරීමට ක්‍රියා කළේ මිනිස්‌ ඝාතන සිදු කළ රුදුරු ත්‍රස්‌තයන් නොවේද?

මේ ඊට නිදසුන් ය.

1. වව්නියාවේ මහකච්චිකුඩි සහ මාමඩුව අතර ධාවනය වූ බස්‌ රියකට බෝම්බ අටවා 30 ක්‌ ඝාතනය කිරීම.

එම ඝාතනයට ලක්‌වූවන්ගේa අවමඟුලට යමින් සිටි ගම්වාසීන් රැගත් බස්‌ රියට කාල බෝම්බයක්‌ අටවා 20 ක්‌ ඝාතනය කිරීම.

2. හේරත්මිල්ලෑව, තම්මැන්නාව සහ නිකවැව ගම්මානවලට ප්‍රහාර එල්ල කර ගම්වැසියන් 30 ක්‌ මරා දැමීම.

3. තම්මැන්නාවේදී බිම් බෝම්බයක්‌ පුපුරුවා හැරීමෙන් පාසල් ළමුන් ඇතුළු 9 ක්‌ ඝාතනය කිරීම.

4. ගෝනමරියාවේ ශ්‍රීපුර පිරිවෙනේ අධිපති හිමියන් ඝාතනය කිරීම.

5. මහානිකවැවදී ගම්වැසියන් 12 ක්‌ මරා දැමීම.

6. කෝන්ගොල්ලෑවේදී පැති බෝම්බ අටවා 76 ක්‌ ඝාතනය කිරීම.

එහෙත් රජයේ මුදල් ප්‍රතිපාදන මත පවත්වාගෙන යන යාපනය විශ්වවිද්‍යාලයේ ආර්ථික දෙපාර්තමේන්තුවේ බිත්තියේ කොටි සමරුව සම්බන්ධ පෝස්‌ටර් අලවා තිබුණි. එසේම උදයන්, වාලම්පුරි සහ කලෙයිකතිර් යන යාපනයේ පුවත්පත් ඝාතක ප්‍රභාකරන්ගේ ඡායාරූපය පළ කරමින් කොටි සැමරීමට දිරිගන්වා තිබුණි.

වවුනියා නගර සභාවේ පොංගු තමිල් ස්‌මාරකය ඉදිරියේදී වවුනියා පුරවැසි කණ්‌ඩායම නමැති සංවිධානය මියගිය කොටි ත්‍රස්‌තවාදීන්ව සමරා ඇත. මෙයට අමතරව නැගෙනහිර විශ්වවිද්‍යාලයේ සිසුන්ද සහය දක්‌වමින් කොටි ඝාතක සමාගම සැමරීමට එක්‌වී තිබිණි. ආරක්‍ෂක ලේකම් කරුණාසේන හෙට්‌ටිආරච්චි පැවසුවේ එම සිදුවීම් ආරක්‍ෂක අමාත්‍යාංශයේ විෂය පථයට අයත් නැති බවයි.

මෙලෙස උතුරු සහ නැගෙනහිර ප්‍රදේශයේ සහ විදෙස්‌ රටවල් කීපයක කොටි සැමරීම සිදුවන අවස්‌ථාවේ පොලිස්‌ ජීප් රියක්‌ අවභාවිතා කළ බවට චෝදනා එල්ල කර පොලිස්‌ විශේෂ කාර්ය බළකායේ හිටපු අණදෙන නිලධාරියකු වූ විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්‌පති කේ. එල්. එම්. සරත්චන්ද්‍ර පොලිස්‌ විශේෂ විමර්ශන ඒකකය විසින් පසුගිය 23 දා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රිමාන්ඩ් භාරයට පත් කර තිබුණි.

ඔහු කොටි ත්‍රස්‌තවාදීන්ට එරෙහි මෙහෙයුම් රැසකට දායක වූ නිලධාරියෙකි. විශේෂ කාර්ය බළකායට අයත් වාහනයක්‌ භාවිතා කිරීම නිසා රුපියල් 146690 ක පාඩුවක්‌ රජයට සිදුවී ඇති බවට ඔහුට චෝදනා එල්ලවී තිබිණි.

ඔහු අත්අඩංගුවට ගැනීම ගැන ප්‍රංශයේ ඊළම්වාදියකුට කිරුබාහරන් සතුය පළ කර ඇත.

එහෙත් පොලිස්‌ සහ හමුදා වාහන කොපමණ සංඛ්‍යාවක්‌ අවභාවිතා වන්නේ ද යන්න කොළඹ නගරය තුළ විමර්ශනයක්‌ සිදු කළහොත් දැකගත හැකිය. මෙහිදී පොලිස්‌ විශේෂ විමර්ශන ඒකකය හිටපු විශේෂ කාර්ය බළකා ප්‍රධානියාව අත්අඩංගුවට ගනු ලැබුවේ නොවැම්බර් 21 සිට 27 තෙක්‌ කොටි මහාවිරු සමරුව පැවැත්වෙන සමයේදී වීම විශේෂ සිදුවීමකි.

එසේම හිටපු නියෝජ්‍ය පොලිස්‌පතිවරයාට එරෙහිව පැමිණිලිකර තිබුණේaද විශේෂ කාර්ය බළකායේ ප්‍රධානියෙකි. මෙම සිද්ධිය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ අවධානයට පවා යොමු වී තිබුණි. එහෙත් බරපතළ අවමානයක්‌ සිදුවූයේ විශේෂ කාර්ය බළකායටය. ඒ කොටි ත්‍රස්‌තයන් සමරන සමයේ සරත්චන්ද්‍ර මහතා අත්අඩංගුවට පත්වීමයි. මේ අතර නැගෙනහිර හිටපු කොටි හමුදා නායකයාව සිටි විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් ද පසුගිය අඟහරුවාදා දහවල් කොළඹ මූල්‍ය අපරාධ අංශය විසින් අත්අඩංගුවට ගනු ලැබීය. වාහනයක්‌ අවභාවිත කිරීමේ සිද්ධියක්‌ සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට කැඳවා තිබූ කරුණා අත්අඩංගුවට ගැනීමේ සිද්ධිය ඉතා වේගයෙන් ඊළම් ඩයස්‌පෝරාව වෙත පැතිර ගියේය. පසුගිය ඔක්‌තෝබර් මාසයේදී රජය සතු රුපියල් ලක්‍ෂ 70 ක්‌ වටිනා ජීප් රියක්‌ භාවිතා කිරිමේ චෝදනාව ඔහුට එල්ල විය. එම ජීප් රියද මූල්‍ය අපරාධ අංශය මඩකලපුවේ ගරාජයක තිබියදී සොයා ගැනිණි. ප්‍රභාකරන්ගේ කොටි සංවිධානය දෙකඩ කර 2004 මාර්තු 2 වැනිදා කොටි සංවිධානයෙන් ඉවත් වූ කරුණාට එරෙහිව මාර්තු 6 දා කොටි නායකත්වය යුද්ධ ප්‍රකාශ කළේය. කරුණාව අල්ලා ගැනීම සඳහා ප්‍රභාකරන් විසින් ස්‌වර්නම් ජිම්කෙළි, තාත්තා වැනි කොටි හමුදා නායකයන් නැගෙනහිරට එවූ නමුත් ඒ කිසිවකුටත් ඔහු අල්ලා ගැනීමට නොහැකි විය.

විනයාගමූර්ති මුරලිදරන් ඉන්පසුව තමිල් මක්‌කල් විදු තලායි පුලිකල් පක්‍ෂය පිහිටුවීමට ක්‍රියා කළේය. 2009 මාර්තු 09 දා රජයේ ඇමැතිවරයකු ලෙස දිවුරුම් දුන් විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණාට වසර ගණනකට පෙර තිරුකෝවිල් ප්‍රදේශයේදී පොලිස්‌ භටයන් 600 ක්‌ ඝාතනය කිරීමේ චෝදනාව එල්ල විය.

“පොලිස්‌ භටයන් ඝාතනය වන සමයේ මම වන්නියේ සිටියා. පොට්‌ටු අම්මාන්ගේ නියෝග මත එම පොලිස්‌a භටයන් ඝාතනය කළේ නැගෙනහිර විශේෂ හමුදා නායකයාව සිටි රමේශ් යෑයි කරුණා අප කළ විමසීමේදී අනාවරණය කළේය.

” ප්‍රභාකරන් යුද්ධ කිරීම ගැන කිsසිදු දෙයක්‌ දැනගෙන සිටියේ නැහැ. ජය සිකුරු මෙහෙයුමට බියවී වන්නියෙන් පලා යැම ට උත්සාහ කළ අවස්‌ථාවේ මම නැගෙනහිර සිට ජෙයනාදන් බළකාය රැගෙන වන්නියට ගොස්‌ ප්‍රභාකරන්ව බේරාගත්තා” යෑයි කරුණා කියා සිටියේය.

ශ්‍රී ලංකා රජය සමග ඔස්‌ලෝ ගිsවිසුම අත්සන් කරන ලෙස මට ඇන්ටන් බාලසිංහම් නියෝග කළා. ඔහු වෙව්ලන අතින් එම ගිවිසුමට අත්සන් කිරීමෙන් පසු සාම නියෝජිත කණ්‌ඩායමට සහභාගි වූ රුද්රකුමාරන් ඒ බව ප්‍රභාකරන්ට දැනුම්දී තිබුණා. මම ශ්‍රී ලංකාවට පැමිණි පසු ප්‍රභාකරන් මාව වන්නියට කැඳවා උඹ ෙද්‍රdaහියෙක්‌. කවුද උඹට ගිවිසුමට අත්සන් කරන්න කිව්වේ’ යෑයි කියා කෑගැසුවා. මම ඔහුට කරුණු පැහැදිලි කිරීමට උත්සාහ කළත් ඔහු එය පිළිගත්තේ නැහැ. මහත්තයා (මහේන්ද්‍ර රාජා) මට ෙද්‍රdaහි වුණා. උඹත් ඒ ෙද්‍රdaහිකම මට කළා යෑයි ප්‍රභාකරන් පිපිරී පිපිරී කෑගැසුවා” යෑයි කරුණා හෙළි කළේය.

මහේන්ද්‍රරාජා ඝාතනය කළ අයුරින් ප්‍රභාකරන් තමාවද මරා දැමීමට සැලසුම් කරන බව තේරුම්ගත් කරුණා නැගෙනහිරට පැන ආවේය.

2004 මාර්තු 06 වැනිදා සිට 2009 මැයි 19 දා කොටි සංවිධානය විනාශ වනතුරු කරුණා අම්මාන්ව අල්ලා ගැනීමට හෝ මරා දැමීමට කොටින්ට නොහැකි විය.

එහෙත් අතු=රුගිරියේ නිවසක රැඳී සිටි කරුණාගේ සගයන් පිරිසක්‌ අමු අමුවේ ඝාතනය විය.

2007 නොවැම්බර් 2 දා ලන්ඩන් නුවරදී පොලිස්‌ අත්අඩංගුවට ගනු ලැබූ කරුණා සතුව තානාපති ගමන් බලපත්‍රයක්‌ තිබූ බව හෙළි විය. 2008 ජනවාරි 25 දා ලන්ඩන් අධිකරණය කරුණාට මාස නවයක සිරදඬුවමක්‌ නියම කරනු ලැබීය. අනතුරුව 2008 මැයි මස ඔහුට රැඳවුම් කඳවුරකට යවා ඇත. මේ සමයේදී ඇවනෙස්‌ටි ඉන්ටර්නැෂනල් සංවිධානය ඇතුළු රාජ්‍ය නොවන සංවිධාන කරුණා යුද අපරාධ සිදු කළ බවට චෝදනා කරමින් ඔහුට එරෙහිව නඩු විභාගයක්‌ පවත්වන ලෙස බ්‍රිතාන්‍ය රජයෙන් ඉල්ලා තිබිණි.

ඊට ප්‍රතිචාර දැක්‌වූ කරුණා කොටි සංවිධානය සිදු කළ යුද අපරාධ හෙළි කරන බවට තර්ජනය කිරීම නිසා රාජ්‍ය නොවන සංවිධාන ඇතුළු ඊළාම් ඩයස්‌පෝරාව නිහඬ විය.

2008 ජුලි 3 දා බ්‍රිතාන්‍ය රජය කරුණාව මෙරටට පිටුවහල් කරනු ලැබීය. තමා ලන්ඩන් නුවරට පැමිණියේ සිය බිරිය නිරා සහ දරු තිදෙනා බැලීමට යෑයි කරුණා පැවසුවත් අධිකරණය එම ප්‍රකාශය පිළිගත්තේ නැත.

2007 නොවැම්බර් 2 දා ලන්ඩන් පොලිසිය අත්අඩංගුවට ගත් විනයාගමූර්ති මුරළිදරන් ඊට වසර නවයකට පසු එනම් 2016 නොවැම්බර් 22 දා මූල්‍ය අපරාධ අංශය අත්අඩංගුවට ගැනීම ඔහුගේ දෛවයට එල්ලවූ සරදමක්‌ නොවේද?මෙහිදී කරුණාට එරෙහිව පැමිණිලි කළ පාර්ශ්වය හෙළි වූයේ නැත. එහෙත් අතීතය අමතක කළ යුතුද? අද සියලුම දේශපාලකයන් සහ පොලිස්‌ නිලධාරීන් නිදහසේ කටයුතු කරන්නේ වසර 12 කට පෙර කරුණා කොටි සංවිධානය දෙකඩ කර කොටිසංවිධානය බරපතළ අර්බුදයකට ලක්‌ කිරීම නිසාය.

“මා නැතිව ඔවුන්ට යුද්ධයෙන් ජය ලබන්න බැහැ” යෑයි කරුණා කියා සිටියේය. එදා කරුණා කොටින්ගෙන් වෙන් නොවූයේ නම් කොටි සංවිධානය අදටත් ක්‍රියාත්මක වේ. මූල්‍ය වංචා විමර්ශන අංශයක්‌ ස්‌ථාපිත වන්නේ ද නැත. එහෙත් අපේ දේශපාලකයෝ තමන්ට සැනසුම් සුසුම් හෙළීමට මග පාදා දුන් කරුණා අමතක කර ඇත. ප්‍රභාකරන් වසර ගණනකට පෙර පැවසුවේ සිංහලයන්ට සතියකට පසු සැමදේම අමතක වන බවයි. එය සැබෑවකි. කොටි හිතවාදීන් හා ද්‍රවිඩ සංධානයේ දේශපාලකයන් එදා කරුණා හැඳින්වූයේ දොaහියකු ලෙසිනි. කරුණා අම්මාන් අත්අඩංගුවට ගැනීම ගැන යුරෝපයේ කොටි වෙබ් අඩවි පැවසුවේ සිsංහල රජය මුල්වරට කරුණා අත්අඩංගුවට ගත් බවයි.

සිංහල කමක්‌ කොයින්ද ?

සිංහල කමක්‌ කොයින්ද ?
මඩකලපුවේ සිංහලයන්ට
බඩ ඉරිඟු ඇටයක්‌වත් වවන්න දෙන්නේ නැහැ

මඩකලපුව මංගලාරාම විහරස්‌ථානයේ විහාරාධිපති අම්පිටියේ
සුමනරතන හිමියන් කියති

වෙහෙර විහාර ඉදිකිරීම සහ අලුත්වැඩියා කිරීම නවත්වන්න
උතුරු පළාත් සභාව පනතක්‌ සම්මත කරගත්තා

අම්පිටියේ සුමනරතන හිමි යන නම ඇසෙත්ම අපට සිහිවෙන්නේ මඩකලපුව මංගලාරාමය විහරස්‌ථානයයි. නැඟෙනහිරින් අතුගාවන්නට හදන බෞද්ධ උරුමය රැකගන්නට උන්වහන්සේ මහත්වූ වෙහසක්‌ ගනිමින් සිටින්නේය. ඇතැම් විට සිංහල ජනයා වෙනුවෙන් දැඩිසේ හඬ නඟන උන් වහන්සේ නිරන්තරයෙන්ම අන්දෝලනයක්‌ ඇතිකළ හිමි නමකි, මේ ‘ඉරිදා දිවයින’ සමග උන් වහන්සේ දොඩමළු වූ ආකාරයයි.

ප්‍රශ්නය – ඔබ වහන්සේ මඩකලපුව මංගලාරාමයට පැමිණෙන සමයේ තත්ත්වය කෙබඳුද?

මම මඩකලපුව මංගලාරාමයට පැමිණෙද්දී මංගලාරාමය මුළුමනින්ම විනාශ කරලා. ආවාසගේ බුදAධ මන්දිරයේ පිළිම වහන්සේට පවා බෝම්බ ගහලා විනාශ කරලායි තිබ්බේ. බෝධීන් වහන්සේ කපලා කොටලා දාලා තිබ්බා. යුද්ධය උපරිමයෙන් තියෙද්දි මම මංගලාරාමය නැවත ගොඩ නඟන්න කටයුතු කළා. අපේ රණ විරුවෝ කොටි ප්‍රහාරවලට ලක්‌ව මගේ දෑතේ මියගිය අවස්‌ථාවත් තිබුණා. මම රණවිරුවන්ටත් ශත්කියක්‌ වෙමින් ත්‍රස්‌තවාදීන්ගේ තාඩන පීඩන මැද දිගටම මංගලාරාමය රැකගනිමින් සිටියා.

ප්‍රශ්නය – මඩකලපුවේ එදා සහ අද සිංහල ජනතාවගේ තත්ත්වය කොහොමද?

ඉස්‌සර මඩකලපුව දිස්‌ත්‍රික්‌කයේ සිංහලයන් හතළිස්‌ දහසකට අධික ප්‍රමාණයක්‌ සිටියා. නමුත් අද මඩකලපුව නගරයේ තිබෙන පන්සලේ ඉන්න අපිට දන් හැන්දක්‌ බෙදන්න දායකයන් කවුරුවත් නැහැ. යුද්ධ කාලයේ කොටසක්‌ මැරුවා. ඉතිරි අය පණ බේරාගෙන 85,87 කාලයේ ගියා. ඒරාවුර් නගරයත් මේ ආකාරයෙන් සිංහලයන්ගෙන් තොර වුණා. දැන් කෙවිලියාමඩුව, මංගලගම, සිප්පිමඩුව, දිවුලපොතන ආදී ගම් කිහිපයක දහසක්‌ පමණ ප්‍රමාණයක්‌ තමයි සිටින්නේ. 2002 සාම ගිවිසුම් කාලයෙත් ඉන් පසුව යුද්ධය නිමාවූ පසුත් සිංහල ජනයා තමන්ගේ පදිංචි ස්‌ථාන සොයන් ආවා. නමුත් එතකොට ඒ ඉඩම් නිවාස දෙමළ සහ මුස්‌ලිම් ජනයා අත්පත් කරගෙන වෙනස්‌ කරලා. මේවා අත්පත් කරගන්න රාජ්‍ය නිලධාරීන්ට කොච්චර කීවත් ලිපි ලේඛන දුසිම් ගණන් දුන්නත් ඔවුන් කිසිවෙක්‌ මෙම සිංහල ජනයාට සිදුවූ අසාධාරණය ගැන කිසිදු පියවරක්‌ ගන්නේ නැහැ.

ප්‍රශ්නය – මඩකලපුව මහ දිසාපතිතුමිය මේ ගැන දැනුවත් කළේ නැද්ද?

වසර කිහිපයක සිට ඇය මඩකලපුව රාජකාරි කටයුතු කරනවා. නමුත් සෑම වසරකම අවස්‌ථා කිහිපයක්‌ මෙම මඩකලපුව සිංහල ජනයා විඳින දුක සහ මඩකලපුව සිංහල ජනයා වෙසෙන ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා කිසිදු පියවරක්‌ නොගැනීම පිළිබඳව ඇයව දැනුවත් කරනවා. උපවාස උද්ඝෝෂණ කරා. නමුත් සිංහල ජනතාවගේ ගැටලුවලට කිසිම විසඳුමක්‌ නැහැ.

ප්‍රශ්නය – මීට සති කිහිපයකට ඉහතදී ඔබ වහන්සේ මංගලගමදී ග්‍රාමසේවා නිලධාරිවරයකුට තදින්ම බැණ වදිනවා. ඒක භික්‌ෂුන් වහන්සේ කෙනකුට ඔබින්නේ නැහැ නේද?

මම භීක්‌ෂුවක්‌ විදිහට කටයුතු කරනවා. මට කිලෝ මීටර් 80 ක්‌ 90 ක්‌ යනකම් බෞද්ධයෙක්‌ නැහැ. ඒදා ඒ ගම්මානවලට මායිම් ගම්මාන කිව්වා. මම ඒ අසරණ සිංහල ජනයා වෙනුවෙන් මැදිහත් වෙලා පදිංචි කරවා ගත්තා පුළුවන් උදව්වක්‌ කරන්නම් කියලා. මම එදා ඉඳන් මේ දක්‌වාම වග කිවයුත්තන්ට මේ ගැටලුව ගැන දැනුවත් කළා. නමුත් මේ ජනතාව පිsළිබඳ පට්‌ටිපොළ, වෙල්ලාවලි ආදී ප්‍රාදේශීය ලේකම් කාර්යාල නිලධාරීන් දරන්නේ වෙනත් මතයක්‌.

අපේ ජනතාව මෙම ප්‍රදේශවලින් පන්නා දාන්න හදද්දී, ජනතාවගේ ගැටලුවලට විසඳුමක්‌ නැතිවුණාම, අඩුම තරමින් සමෘද්ධි කුපනයක්‌ නොදීම, ග්‍රාම සේවක වාර්තාවක්‌ ලබා නොදීම, හැඳුනුම්පතක්‌ ලබා ගැනීමට නොහැකිවීම, වසර තිහ හතළිහක්‌ වගා කළ ඉඩම් තණ භූමි කියලා අල්ලා ගන්න හදද්දී ඒවාට කිසිම බලධාරියෙක්‌ කතා කරන්නේ නැහැ. ඒ වෙලේ තමන්ට සිදුවූ අසාධාරණය වෙනුවෙන් එම ජනතාව පාරට බැහැලා උද්ඝෝෂණ කරන විට අපටත් මැදිහත් වෙන්න වෙනවා. ඒ මොහෙතේ අදාළ නිලධාරීන් පැමිණ තමන්ගේ මතයේ දැඩිව සිටිද්දී ඇතැම් වේලාවට මේ වන මහා අසාධාරණකම් හමුවේ මගේ මුවින් තද වචන පිටවූ අවස්‌ථාත් තිබෙනවා ඒ මොනදේ කරන්නෙත් මේ අසාධාරණයට පිළිසරණක්‌ නොමැති වූ විටයි. බලධාරින්ට හොඳින් කියලා ලියුම් පිට ලියුම් දීලා බැරිම වූ විට, අපේ ජනතාවට උසාවි දමලා පිටවෙන්න නියෝග දෙන්නට මේ නිලධාරීන් කටයුතු කරද්දී අපටත් නීති කඩන නිලධාරීන්ට හට හොඳින් කතා කරලා බැරිම තැන අපට කතා කරන්න ඉතිරි වෙලා තියෙන්නේ අකමැත්තතෙන් හරි ඒ විදිහටයි.

දැනට මඩකලපුව පොලිස්‌ බල ප්‍රදේශයේ බුදුපිළිම තැන්පත් කිරීම තහනම් කරලා මට අධිකරණයෙන් වාරණ නියෝගයක්‌ කරලා තියෙනවා. සිංහල ජනතාව පදිංචි කිරීම තහනම් කරලා තියෙනවා. ප්‍රදේශීය ලේකම් කාර්යාලවලට යන්න බැරි වෙන්න තහනම් නියෝග මට කරලා තියෙනවා. ඔය දේවල් මතක්‌ වෙන වේලාවට මගේ කටින් නොකිය යුතු දේවල් කියවෙනවා. ඇතැමුන් මට පිස්‌සු කියලත් කියනවා.

ප්‍රශ්නය – දැනට සති කිහිපයකට කලින් කරදියන්ආරු ප්‍රදේශයේදී සිදුවුණේ කුමක්‌ද? ඇත්තටම එතන පැරණි බෞද්ධ පුදබිමක්‌ද?

මට දැනගන්න ලැබුණා වසර සියදහස්‌ ගාණක්‌ පැරණි පුද බිමක්‌ විනාශ කරලා තියෙනවා කියලා. මම ගිහින් බලද්දී ගල් කණු, සිරිපතුල් ගල් ආදී ඉපැරණි පුරා වස්‌තු ඩෝසරයකින් ගලවලා ගොඩ ගහලා. ඉපැරණි දාගැබක්‌ මුදුනින් කණු සිටුවලා කටුකම්බිවලින් වැට ගහලා. එම පුදබිම සීසාල වී වපුරලා ඒ හැම තැනම ඉපැරණි ගඩොල් කැටයි පුරා වස්‌තුයි විසිරිලා තියෙනවා. මේ ස්‌ථානයට සිදුකර තිබෙන හානිය දැක්‌කාම මම දැඩි කම්පනයට පත් වුණා. එම නිසා මම එතනට කුඩා මඩුවක්‌ හෝ සකසා ආරක්‌ෂා කරන්න ගියා. එතකොට පොලිසියෙන් මට එතෙනට ඇතුළුවීම වළක්‌වන්න තහනම් නියෝගයක්‌ ගෙනාවා. මම එතන හිටියොත් මාව අත්අඩංගුවට ගන්නවා කීවා. මම කිවා කමක්‌ නැහැ මාව අත්අඩංගුවට ගන්න. මාත් එක්‌කම මේ ස්‌ථානය විනාශ කළ පිරිසත් අත්අඩංගුවට ගන්න කියලා. ඒ අය අත්අඩංගුවට ගන්න විදිහක්‌ නැහැ කියලා පොලිසියයි, පුරා විද්‍යාවයි කිව්වා. ඕක තමයි සැබෑ තත්ත්වය. අද පුරා වස්‌තු ආරක්‌ෂා කරන්න යන අය අත්අඩංගුවට ගන්න හදනවා. පුරා වස්‌තු වනසන අය රකිනවා. මේක තමයි තත්ත්වය. පස්‌සේ මම කරදියන්ආරු පොලිසියට මෙම පුරා වස්‌තු හානිය පිළිබඳව පැමිණිලි කළා. නමුත් අද වෙනකම් කිසිවෙක්‌ අත්අඩංගුවට ගත්තේ නැහැ.

අපේ සිංහල ජනතාවට බඩගින්න නිවාගන්න බඩ ඉරිඟු ඇටයක්‌ ඉන්දන්න දෙන්නේ නැහැ. තණ භූමි කියලා පන්නන්න හදනවා. හැබැයි අපේ රජමහා විහාර ඩෝසර් කරලා වී වපුරද්දී බලධාරීන් නිහඬ වෙලා ඉන්නවා.

ප්‍රශ්නය – පසුගිය යුද සමයේ ද එසේ නැතිනම් සාමය උදාවූ පසුද නැඟෙනහිර පළාතේ පුරා වස්‌තුවලට වැඩි වශයෙන් හානි සිදුවූයේ?

වෙලාවකට හිතනවා යුද්ධය තවමත් තිබ්බා නම් හොඳයි කියලා. පසුගිය යුද සමයේ මෙම පුරා වස්‌තුවලට විශාල හානියක්‌ වුණේ නැහැ. පසුගිය රජය සමයේ සිංහල, දෙමළ මුස්‌ලිම් යන සැම ජන කොට්‌ඨාසයටම ඒ සමයේ රාජකාරි කටයුතු සිදුවුණා. නමුත් ඒ සමයෙත් මඩකලපුවේ සිංහලයන්ට යම් අසාධාරණයක්‌ සිදුවුණා. ඒවා ඒ රජය විසඳුවානම් අද මේ අකාරයෙන් මඩකලපුව සිංහල ජනයා දුක්‌ විඳින්නේ නැහැ. නමුත් ඒ සමයේ පොලිසියට ආරක්‌ෂක අංශ, රටේ ජනතාව යන සියල්ලටම එක්‌ වුණා. රට ජාතිය රැකගන්න සියලු දෙනාම එකට එකතු වුණා. නමුත් ඒක දැන් වෙනස්‌ වෙලා. අද බොහෝ දෙනකුට රට ජාතිය ආගම ගැන හැඟීමක්‌ නැති වෙලා තියෙනවා. ඒ වාගේම යුද්ධයෙන් පස්‌සේ පුරා වස්‌තු සංහාරයක්‌ සිදුÊ වෙමින් තියෙනවා. ඉතිං මට වේලාවකට හිතෙනවා යුද්ධය තිබ්බානම් මේ ආකාරයෙන් නැඟෙනහිර පුරා වස්‌තුවලට මේ තරම් දැන් හානියක්‌ සිදුවෙන්නේ නැහැ කියලා.

ප්‍රශ්නය – මේ වන විට ඔබ වහන්සේට විරුද්ධව ඇතැම් අය මඩකලපුවේ විරෝධතාවන් දක්‌වනවා. ඇයි එහෙම විරෝධතාවක්‌ ඔබ වහන්සේට විරුද්ධව ඇති වෙලා තියෙන්නේ.

පසුගියදා උතුරු පළාත් සභාවේ වැඩි ඡන්දයෙන් පනතක්‌ සම්මත කරගෙන තිබ්බා උතුරු නැඟෙනහිර පළාතේ වෙහෙර විහාර ඉදිකිරීම සහ අලුත්වැඩියා කිරීම නවත්වන්න. අම්පිටියේ සුමනරතන හෙවත් මාවත් ඉවත් කරන්න පනතක්‌ සම්මත කරගෙන තිබෙනවා. රටේ ජනාධිපති, අගමැති, පොලිස්‌පති ඇතුළු පිරිස එය නිවරැදි කරගන්න කිසිම පියවරක්‌ ගත්තේ නැහැ. පසුගිය දිනවල දෙමළ ග්‍රාමසේවා නිලධාරිවරු සහ ටී.එන්.ඒ. සංවිධානයේ පිරිස්‌ මට එරෙහිව විරෝධතාවන් පවත්වා තිබෙනවා. ඊට අමතරව මේ වන විට මට විරුද්ධව නඩු 33 ක්‌ මඩකලපුවේ දිස්‌ත්‍රික්‌කයේ විවිධ උසාවිවල පවරලා තියෙනවා. මමත් පවරපු නඩුත් එක්‌ක නඩු 48 ක්‌ ඒ අධිකරණවල විභාග වෙනවා. මේ වන විට මඩකලපුවේ දෙමළ සහ මුස්‌ලිම් ජනයා මාත් සමඟ සුහදව කටයුතු කළත් ටී.එන්.ඒ. වැනි අන්තවාදී සංවිධාන තමයි ඔවුන්ගේ ක්‍රියාකාරම් වලට මා බාධාවක්‌ නිසා මාව මඩකලපුවෙන් ඉවත් කරන්න හදන්නේ. ඒ අය තමයි සාමාන්‍ය ජනතාව මට විරුද්ධව කුලප්පු කරවන්න හදන්නේ.

ප්‍රශ්නය – ඔබ වහන්සේට මේ වන විට ජීවිත තර්ජන තිබෙනවාද?

දැඩි ජීවිත තර්ජනයක්‌ තියෙනවා. පසුගිය සති කිහිපයේ සිට මට දුරකථනය සහ අන්තර්ජාලය ඔස්‌ස්‌ දිගින් දිගටම ලෝකයේ විවිධ රටවලින් දුරකථන අංක දෙතුන් සියයකින් එකදිගටම ප්‍රභාකරන් මැරුණේ නැහැ යනුවෙන් පවසමින් මාව මරා දමන බවට දිගින් දිගටම තර්ජනය කළා. මම එහෙම තර්ජනය කළ දුරකථන අංක සියයකට වැඩියෙන් අදාළ තොරතුරු දීලා මඩකලපුව පොලිසියේ පැමිණිල්ලක්‌ද දැම්මා. පසුගිය 27 වැනිදා මාගෙන් රැකියාවක්‌ අවශ්‍ය බව පවසමින් සැකකටයුතු පුද්ගලයෙක්‌ මාව සොයාගෙන පන්සලට ආවාම ඒ පිළිබඳව සැක සිතී ප්‍රශ්න කිරීමේදී ඔහු පැවසූ උත්තර පරස්‌පරයි. ඒ නිසා මඩකලපුව පොලිසිය මගින් ඔහුව අත්අඩංගුවට ගෙන තිබුණා. ඒ නිසා මා කර හෝa මඩකලපුවෙන් සිංහල ජනයා පන්නා දැමීමට විවිධ කුමන්ත්‍රණයන් සිදුවෙනවා. ඔවුන් දන්නවා ඒ අයගේ අන්තවාදී කටයුතු මා මෙහි සිටිනා විට සිදු කිරීමට අපහසු බව.

ප්‍රශ්නය – ඔබ වහන්සේට මඩකලපුවේ හුදෙකලාවෙ සිට මේ ආකාරයෙන් කටයුතු කරන්නේ කොහොමද?

මම පැවිදි වෙලා වසර 33 ක්‌ වෙනවා. මම යුද්ධ කාලේ වැහෙන්නට ගිය විහරස්‌ථාන රැකගනිමින් විහරස්‌ථාන 22 ක්‌ ගොඩනැඟුවා. මඩකලපුව සිංහල ජනයා වෙනුවෙන් නිවාස 200 කට ආසන්න ප්‍රමාණයක්‌ ඉදිකළා. ළිං වැසිකිළි හදලා දුන්නා. වතුර පොදක්‌ ගන්න වැව් හදලා දුන්නා. ඒ අයට හැකි සෑම මොහොතකම මට පුළුවන් උපරිම ආකාරයෙන් උදව් උපකාර කළා. මඩකලපුවට පැමිණෙන ජනතාවට පා තියන්න පුළුවන් ආකාරයට මංගලාරාම විහාරස්‌ථානය සංවර්ධනය කළා. ඒ ආකාරයෙන් මට කිsරීමට හැකිවූයේ මේ ස්‌ථානය පිළිබඳ අවබෝධයක්‌ ලබා ගත් යම් පිරිසකගේ සහයෝගය නිසා. නමුත් මේ වනවිට යුද්ධයෙන් බැරිවූ ඊළම නැවත ගොඩනඟන්න කොටි හිතවාදීන් ප්‍රබලවම උත්සාහ දරන මේ මොහෙතේ මට විනාඩියෙන් විනාඩිය මරණ තර්ජන එන කාලයක රට ජාතිය ගැන කතා කරන බොහෝදෙනකු මඩකලපුව ගැන අවධානය නිසිසේ යොමු නොකිරීම කනගාටුවට කරුණක්‌.

මේ වන විට මට ලැබෙන සියලුම මුදල් මඩකලපුව විහාරස්‌ථානයේ සහ ජනතාව වෙනුවෙන් යොදවා තිබෙනවා. නමුත් ඉදිරියේදී මට ඒ වෙනුවෙන් කටයුතු කරන්න හැකියාවක්‌ නැතිව ගොස්‌ තිබෙනවා. සියලුම දේට මුදල් අවශ්‍ය මොහොතක මට ඒ ජනතාව වෙනුවෙන් රට ජාතිය ගැන කැක්‌කුමක්‌ තිබෙන හැඟීමක්‌ තිබෙන ඔබගේ සහයෝගය අවශ්‍යව තිබෙනවා. තව දුරටත් මාහට සිංහල ජනයා වෙනුවෙන් කළ මෙහවර කිරීම අපහසු වෙලා තිබෙනවා.

ප්‍රශ්නය – කොහොමද ඔබ වහන්සේට යම් සහයෝගයක්‌ දෙනවා නම් ලබා දිය හැක්‌කේ.

065 2222104, 077 1791883, 072 9902907 දුරකතන අංක ඔස්‌සේ මා සම්බන්ධ කරගෙන සහයක්‌ දිය හැකියි. ඒ සමගම මා කරනා මෙම සද්කාර්ය සඳහා ඔබ දායක වන්නේ නම් ශ්‍රී මංගලාරාම බෞද්ධ පදනමේ මඩකලපුව සම්පත් බැංකුවේ 1139 6100 2363 ගිණුම් අංකයට ඔබගේ සහයෝගය ලබා දෙන්න පුළුවන්.

ප්‍රශ්නය – යහ පාලන ආණ්‌ඩුව මගින් මඩකලපුව සිංහල ජනයාට සහනයන් දෙනවනේ.

සහජීවනයට මුවාවෙලා අන්තවාදීන් මේ වන විට සිංහල ජනයා ඉවත් කරලා නැඟෙනහිර බොදු උරුමය නැත්තටම නැති කරලා විනාශ කරලා දාමින් සිටිනවා. අපටත් අවශ්‍ය වෙලා තියෙන්නෙ සිංහල, දෙමළ, මුස්‌ලිම් ජනයා සමඟ සාමයෙන් සිටිය හැකි වටපිටාවක්‌. නමුත් අන්තවාදීන්ගේ වුවමනාවන් මත අහිංසක ජනතාව අවුස්‌සලා ඒ හරහා මේ වනවිට අන්තවාදීන් තමන්ගේ වැඩ හොඳින් කරගෙන යනවා. මේ වන විට මඩකලපුව සිංහල ජනයාට වත්මන් රජයෙන්ද කිසි සහනයක්‌ නොමැතිව කල්ලතෝනියන්ගේ තත්ත්වයට පත්ව තිබෙනවා. අසරණ සිංහලයා ගැන සහ විනාශ වන වසර සියදහස්‌ ගණනක අපේ උරුමය ගැන කතා කරද්දී අපිට ජාතිවාදී ලේබලය අලවනවා. එහෙම කරලා ඊළම ගැන කතා කරන ජාතිවාදීන්ව හුරතල් කරනවා යෑයි පවසමින් සුමනරතන හිමියෝ ‘ඉරිදා දිවයින’ සමඟ මඩකලපුවේ වත්මනේ සිංහලයාගේ ශෝකාන්තය පිsළිබඳ පවසා සිටියහ.

සුසන්ත අමර බන්දු

දෙපා කපා දමනු හැකි ‘බීඩියත්’ මුවහත් අවියකි

දෙපා කපා දමනු හැකි ‘බීඩියත්’ මුවහත් අවියකි

තිස්‌හත් වසරකට පෙර අප වෛද්‍ය ශිෂ්‍යයන් ලෙස ප්‍රථම වතාවට ඇසූ දුටු රෝග තත්ත්වයක්‌ හා රෝගීන් පිළිබඳ මතකය අලුත් වන්නට හේතු කාරක වන්නේ, බීඩියෙන් එතරම් අහිතකර කාරියක්‌ නොවන බවට පළවන මාධ්‍ය ප්‍රකාශක ප්‍රකාශනයකි. අලුත් වන මේ මතකය ඔස්‌සේ හිත යොමුවන්නේ මෙදා ජාතික රෝහල ලෙස හැඳින්වෙන එදා කොළඹ මහ රෝහලේ විසි හතේ වාට්‌ටුවටය.

කින්සි පාරේ වෛද්‍ය විද්‍යාලය ඉදිරිපස ගේට්‌ටුවෙන් මහ රෝහලට ඇතුළුව කොරිඩෝවේ පියවර කිහිපයක්‌ ඇවිද යන විට දකුණු පසින් ඇති තෙමහල් වාට්‌ටු සංකීර්ණයේ ඉහළ මාලයේ විසි හතේ වාට්‌ටුවේ කොටසක්‌ වෙන් වී තිබුණේ ශල්‍ය වෛද්‍ය ෂෙරිප්දීන් මහාචාර්යවරයාටය. ඔහු රුධිර වාහිනීමය රෝග පිළිබඳ විශේෂඥ ශල්‍ය වෛද්‍යවරයකු වූ හෙයින් වාට්‌ටුවේ සිටි රෝගීන්ගෙන් වැඩි ප්‍රතිශතය නියෝජනය වූයේ රුධිර වාහිනීමය ගැටලු සහිත රෝගීන්ගෙනි.

සායනික පුහුණුවේ යෙදෙන වෛද්‍ය ශිෂ්‍යයන් ලෙස මේ රෝගීන්ගේ රෝග ඉතිහාසය සොයා බැලීමට පමණක්‌ නොව, ලියා තබා ගෙන කණ්‌ඩායම් සාකච්ඡාවේදී වාට්‌ටුව භාර විශේෂඥ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කිරීම පැවතුණු හා අදටත් පවතින සිරිතය. එහිදී, එක්‌ විශේෂිත රෝග තත්ත්වයකට ගොදුරු වූ රෝගීන් පිළිබඳව වන කතා බහේදී නිරතුරුව ඇතුළත් වූයේ බීඩි භාවිතය සම්බන්ධයෙන් වන සඳහනකි. මේ රෝග තත්ත්වය නම් වන්නේ, පර්යන්ත ධමනි ආබාධය (Peripheral arterial disease) වශයෙනි. මෙය විශේෂිතව බල පවත්වනු ලබන්නේ, දෙපා වල ඇති ධමනි හෙවත් හෘදයේ සිට රුධිරය රැගෙන යන වාහිනී වලටය.

මේ රෝගයේ රෝග ලක්‌ෂණ පහල වන්නේ, දෙපාවලට රුධිරය සැපයෙන රුධිර වාහිනී ඇතුළත අවහිර වීමක්‌ හේතුවෙනි. ක්‍රම ක්‍රමයෙන් සිදුවන මේ අවහිරයේදී පළමුව ඇතිවන රෝග ලක්‌ෂණය වන්නේ, යම් දුරක්‌ ඇවිදීමේදී ඇතිවන වේදනාවයි. වේදනාව ඇතිවූ තැනදී ඇවිදීම නතර කළවිට වේදනාව තාවකාලිකව නැතිවීමත්a, යළිත් ටික දුරක්‌ ඇවිදීමේ දී නැවත වේදනාව ඇතිවීමත් එහි මූලික අවස්‌ථාවය. රුධිර වාහිනී අවහිරය තව තවත් වර්ධනය වීමේ දී,…

විවේකව ගත කරන මොහොතකදී පවා වේදනාව දැනීමෙන් නොනවතින මේ රෝග ස්‌වභාවය වේදනාකාරී කල්ගත තුවාලවලටද පේශි පටක මැරී යාමටද නිමිත්තක්‌ වන්නේ අවසානයේ දෙපාවල කොටස්‌ද අයිතිකරුවන්ට අහිමි කරමිනි.

දුම්පානය ප්‍රධාන හේතුකාරය ලෙස සැලකෙන මෙම රෝග තත්ත්වයේදී, දුම ලැබෙන ආකාරය අනතුර ඉහළ දැමීමේදී බලපවත්වන අන්දම පැහැදිලි වන්නේ අදාළ පර්යේෂණ වාර්තා මඟිනි. ඒ අනුව පර්යන්ත ධමනි ආබාධයට ළඟා වීමේ පහසුම ධූම මාර්ගය සැපයෙන්නේ ශ්‍රී ලංකාවේ බීඩියෙන් හා අග්නිදිග ආසියාතික රටවල ඒ හා සමානව විවිධ නාමයන්ගෙන් යුක්‌තව නිපදවෙන දුම්වැටි මඟිනි. දශක කිහිපයක්‌ තිස්‌සේ නිකුත් වී ඇති විවිධ පර්යේෂණ වාර්තා තුළ නොවෙනස්‌ව දැකිය හැක්‌කේ, බීඩිය හෝ ඒ හා සමාන තවත් නිපැයුම් ඔස්‌සේ දුම් බොන්නන්ගේ දෙපා කපා දැමෙන රෝගය සඳහා පවතින පැහැදිලි අවදානමය.

අදාළ පර්යේෂණ වාර්තා අතර දැක්‌විය හැකි 2014 දී ප්‍රකාශිත එක්‌ ඉන්දියානු පර්යේෂණ වාර්තාවකට අනුව පර්යන්ත ධමනි ආබාධයන්ට ලක්‌ වූ රෝගීන්ගේ ඉහළම ප්‍රතිශතය නියෝජනය වන්නේද බීඩියට හුරු වූ පිරිසෙනි. පර්යන්ත ධමනි ආබාධය සඳහා හේතුකාරක වන වෛද්‍ය විද්‍යාත්මක ස්‌වභාවයන් දෙකකි. ඒ ‘ඇතරොස්‌ක්‌ලෙරොසිස්‌’ Atherosclerosis හා ‘ත්‍රොම්බොඇන්ජයිටිස්‌ ඔබ්ලිටරාන්ස්‌’ Thromboangitis obliterans වශයෙනි. අදාළ පර්යේෂණයේදී එලෙස ‘ඇතරොස්‌ක්‌ලෙරොසිස්‌’ තත්ත්වයේ පසු වූ රෝගීන්ගෙන් සියයට 39 ක ප්‍රතිශතයක්‌ද ‘ත්‍රොම්බාඇන්ජයිටිස්‌ ඔබ්ලිටරාන්ස්‌’ තත්ත්වයේ පසු වූ රෝගීන්ගෙන් සියයට 86 ක ප්‍රතිශතයකටද වග කියා ඇත්තේ බීඩියය. එහිදී සිගරට්‌ භාවිතය පිළිවෙලින් මේ තත්ත්වයන් සඳහා හේතුකාරක වී ඇත්තේ සියයට 22 ක හා සියයට 14 ක ප්‍රතිශතයන් සහිතවය.

දුම්පානයේද විශේෂිතව බීඩි භාවිතයේද යෙදීමෙන් රෝග කරුමය උරුම කොට ගන්නා පිරිස බොහෝ විට රෝහලට යන්නේ, වෛද්‍යවරයකු හමුවන්නේ රෝගයේ මුල් අවස්‌ථාවලදී නොව පසු අවස්‌ථාවලදීය. ඒa දුම්පානයේ අනතුර පිළිබඳව පමණක්‌ නොව තමන්ට වැළඳී ඇති රෝගයේ රෝග ලක්‌ෂණ පිළිබඳවද පවතින නොදැනුවත් බව අනුවය. එහෙයින්ම එහිදී කළ හැකි ප්‍රතිකාරය ලෙස ඒ වන විට ඉතිරිව පවතින්නේද, ස්‌නායු පද්ධතියේ එක්‌ ස්‌නායු කොටසක ඡේදන ශල්‍යකර්මයක්‌ Lumbar
sympathectomy හෝ දණහිසට පහළින් හෝ ඉහළින් දෙපා කපා දැමීමේ ශල්‍යකර්මයක්‌ Amputation පමණි.

කවුරු කවුරුත් අද හරිහැටි වටහා ගත යුත්තේ කිනම් ආකාරයේ දුම්පානයක්‌ හරහා වුවද, සිරුරට ඇතුළුවන්නේ මාරාන්තික විෂ කාරක බවය. 4000 කට වැඩි රසායනිකයන්ද, 43 කට වැඩි පිළිකා කාරකද එකතුව නිෂ්පාදනය වන දුම්වැටිය සිගරැට්‌ටුව, සුරුට්‌ටුව හෝ බීඩිය වන්නේ හැඩය හා සැකසුමට අනුකූලව පමණි. සියල්ල තුළ එතී ඇත්තේ වසවිසමය. සිගරැට්‌ටුවේ පවතින අවදානමද සහිතව බීඩිය කිසිවකුට ළංවන්නේ දෙපා වෙන්කොට දැමීමේ අමතර බල පුළුවන්කාරකමක්‌ද සහිතවය. කවදා, කොතැනකදී නිකුත් වුවද, බීඩි බීවාට කමක්‌ නැති බවට පළවන කියුම් කමකට නැති ප්‍රකාශ ලෙස බැහැර කිරීමට සමාජය දැනුවත් විය යුත්තේ එහෙයිනි

වෛද්‍ය ශාන්ත හෙට්‌ටිආරච්චි

මහ මුහුද මැද දී හෙරොයින් කිලෝ එකසිය දහයක්‌ අත් අඩංගුවට ගැනීමේ නාකොටික්‌ මෙහෙයුම – අවසන් කොටස අපට දැන් බෝට්‌ටුව පේනවා.. තව පැය දෙකකින් වෙනදේ බලමු!

මහ මුහුද මැද දී හෙරොයින් කිලෝ එකසිය දහයක්‌ අත් අඩංගුවට ගැනීමේ නාකොටික්‌  මෙහෙයුම – අවසන් කොටස
අපට දැන් බෝට්‌ටුව පේනවා.. තව පැය දෙකකින් වෙනදේ බලමු!

පාකිස්‌තානු ජාතික මොහොමඩ් අබ්බාස්‌ ශ්‍රී ලංකා ජාවාරම්කරුවන් පිsරිසක්‌ සමඟ එක්‌ව මහා හෙරොයින් ජාවාරමක නිරතව සිටියේය. පාකිස්‌තානයේ සිට මුහුදු මාර්ගයෙන් හෙරොයින් කිලෝ ග්‍රෑම් 110 ක්‌ ශ්‍රී ලංකාවට ගෙන ඒමට අබ්බාස්‌ සැලසුම් කළේය. ඉරාන නෞකාවකින් ගෙන එන හෙරොයින් තොගය මහ මුහුද මැදදී ලබාගෙන එය ශ්‍රී ලංකාවට ගෙන ඒමේ කොන්ත්‍රාත්තුව අබ්බාස්‌ විසින් භාරදී තිබුණේ ඔහුගේ මිතුරකු වූ සුමුදු වෙතය. සුමුදු තම හිතවතකු වූ සුරංගට එම කොන්ත්‍රාත්තුව භාර දුන්නේ රුපියල් කෝටි තුනක මුදලකටය. පොලිස්‌ මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් ජාවාරම්කරුවන් නොමග යවා හෙරොයින් තොගය අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම මෙවර කොටසින් දිගහැරේ.

මහ සයුර මැද කෙරෙන හෙරොයින් ජාවාරම ක්‍රියාත්මක කිරීමට සුදුසුම පුද්ගලයා සොයා ගැනීමට හැකිවීම පිළිබඳව සුqමුදු දැඩි ලෙස සතුටට පත්ව සිටියේය. එහෙත් හෙරොයින් තොගය ප්‍රවාහනය කිරීමේ කොන්ත්‍රාත්තුව භාරගත් සුරංග පොලිසියට සම්බන්ධ අයකු බව සුමුදු දැන සිටියේ නැත.

එසේම සුරංග ක්‍රියාත්මක කිරීමට සූදානම් වන්නේ රහසිගතව මෙහෙයුමක්‌ බවද සුමුදු තේරුම්ගෙන සිටියේ නැත. සුමුදු සුරංග ද කැටිව පාකිස්‌තානු ජාතිකයකු වූ හෙරොයින් ජාවාරම්කරු අබ්බාස්‌ හමුවීමට මීගමුවට ආවේය.

“මේ මගේ හොඳම යාළුවා සුරංග. මෙයා තමයි කන්ට්‍රැක්‌ එක භාරගත්තේ. මෙයාගෙ බෝට්‌ටු තියෙනවා. ඕනෙ තරම් මිනිස්‌සුත් ඉන්නවා. උඹේ වැඩේ අපි හරියටම කරලා දෙන්නම්”

සුමුදු සිය මිතුරා වූ සුරංග පාකිස්‌තානු ජාතික අබ්බාස්‌ට හඳුන්වා දෙන ගමකින් කීවේය. අබ්බාස්‌ට චතුර ලෙස ඉංග්‍රීසි භාෂාව හැසිරවීමේ හැකියාව තිබුණේය. සුරංගද ඉංග්‍රීසි භාෂාව කතා කිරීමේ හැකියාව තිබීම තම සැලසුම නියමාකාරයෙන් ක්‍රියාත්මක කිරීමට පහසු විය.

“සුරංග උඹව නිතර කන්ටැක්‌ කරයි. එයා එක්‌ක හැම දෙයක්‌ම කතාකර ගන්න. අපි වැඩේ හරියටම කරමු.

සුමුදු මොහොමඩ් අබ්බාස්‌ගෙන් සමුගෙන සුරංග සමග ආපසු ආවේ දහසකුත් එකක්‌ සිහින මවමින්ය. සුරංග සමඟ එකට ගනුදෙනු කළ ද ඔහු රහසිගතව කරගෙන යන යුග මෙහෙවර පිළිබඳව කිසිදු තොරතුරක්‌ සුමුදු දැන සිටියේ නැත.

සුමුදුගේ මාර්ගයෙන් මොහොමඩ් අබ්බාස්‌ගේ සියලු තොරතුරු ලබා ගත් සුරංග ඒ සියල්ල පොලිස්‌ මත්ද්‍රව්‍ය නාශක අංශය වෙත ලබා දුන්නේය. පොලිස්‌ පරීක්‍ෂක රංග ජීව ඇතුළු නිලධාරීන් මොහොමඩ් අබ්බාස්‌ගේ පැටිකිරිය සොයන්නට පටන් ගත්තේ එතැන් සිටය.

දින දෙක තුනක්‌ ගතවන්නට පෙර අබ්බාස්‌ පිළිබඳ සියලු තොරතුරු හෙළිකරගත් පොලිස්‌ පරීක්‍ෂක රංගජීව ඇතුළු නිලධාරීන් සිය මෙහෙයුම ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය සැලසුම්ද සකස්‌ කළහ.

අබ්බාස්‌ නවාතැන් ගෙන සිටින මීගමුව ප්‍රදේශයේ පිහිටි හෝටලය පිළිබඳව තොරතුරු ලබා ගත් පොලිස්‌ නිලධාරී ඒ අවට ප්‍රදේශයේ වෙස්‌වළාගත් පොලිස්‌ කණ්‌ඩායම් කිහිපයක්‌ යෙදවීමට පියවර ගත්හ.

මේ අතර සුරංග දිගින් දිගටම මොහොමඩ් අබ්බාස්‌ සමඟ දුරකථනය ඔස්‌සේ සම්බන්ධ වෙමින් හෙරොයින් තොගය ප්‍රවාහනය කරදීමේ කොන්ත්‍රාත්තුව පිළිබඳ තොරතුරු හුවමාරු කර ගත්තේය.

“සර් ලබන 29 වැනිදා හෙරොයින් පටවගත්ත නැව එනවා ලංකාවේ මුහුදු සීමාව කිට්‌ටුවම අපි බෝaට්‌ටුවක්‌ ලෑස්‌ති කරගෙන ඉන්න ඕනෙ”.

සුරංග පොලිස්‌ පරීක්‍ෂක රංගජීවට කීවේ අවශ්‍ය කටයුතු කඩිනමින් සංවිධානය කර ගන්නා ලෙසයි.

ගැඹුරු මුහුදේ දින දෙක තුනක්‌ ගත කිරීම සඳහා විශාල ප්‍රමාණයේ ට්‍රොaලර් යාත්‍රාවක්‌ අවශ්‍යය. එවැනි යාත්‍රාවක්‌ කුලී පදනම මත ලබාගත යුතුය. පොලිස්‌ පරීක්‍ෂක රංගජීව උප පොලිස්‌ පරීක්‍ෂක මහින්ද ඇතුළු නිලධාරීන් පිරිසක්‌ වැලිගම ප්‍රදේශයට ගොස්‌ දින තුන හතරක්‌ සවාරියක්‌ සඳහා බෝට්‌ටුවක්‌ කුලියට ගැනීම සඳහා සැලසුම් කළහ.

“අපි සමුද්‍ර ගවේෂණ කණ්‌ඩායමක්‌. අපිට දවස්‌ තුන හතරකට බෝට්‌ටුවක්‌ කුලියට ගන්න ඕනෙ.

වෙස්‌වළාගත් පොලිස්‌ නිලධාරීන් මිරිස්‌ස ප්‍රදේශයේ බෝට්‌ටු හිමියන් කීපදෙනකු මුණගැසී ට්‍රොaලර් යාත්‍රාවක්‌ කුලියට ලබා ගන්නට උත්සාහ කළේ සිය මෙහෙයුම සඳහා එය යොදා ගන්නා බලාපොරොත්තුව ඇතිවය.

“අපිට බෝට්‌ටුවක්‌ දෙන්න පුළුවන්. කෑම බීම සියලු පහසුකම් එක්‌ක දවස්‌ තුනක්‌ මුහුදෙ ඉන්න රුපියල් ලක්‍ෂ 7 ක මුදලක්‌ අපට ඕනෙ.”

බෝට්‌ටු හිමියන් කීප දෙනකුගෙන්ම ලැබුණේ එවැනි ප්‍රතිචාරයන්ය. රුපියල් හත් ලක්‍ෂයක මුදලක්‌ වැය කිරීමට තරම් ශක්‌තියක්‌ පොලිස්‌ නිලධාරීන්ට තිබුණේ නැත. මෙහෙයුම ඉතා රහසිගත ආකාරයට කළ යුතුවිය. එහෙත් ඒ සඳහා අවශ්‍ය තරම් සම්පත් පොලිස්‌ මත්ද්‍රව්‍ය නාශක අංශය සතු නොවීය. පොලිස්‌ පරීක්‍ෂක රංගජීව, උප පොලිස්‌ පරීක්‍ෂක මහින්ද ඇතුළු නිලධාරීන් තමන් මුහුණපා තිබෙන ගැටලුව පිළිබඳව මත්ද්‍රව්‍ය නාශක අංශයේ අධ්‍යක්‍ෂ කමල් සිල්වා දැනුවත් කළේ කිසියම් විසඳුමක්‌ බලාපොරොත්තුවෙන්ය.

ජාත්‍යන්තර හෙරොයින් මාµsයාවට සම්බන්ධ වූවන් ආයුධවලින් සන්නද්ධව සිටිනා බවද පොලිස්‌ නිලධාරීහු හො¹කාරව දැන සිටියහ.

ජීවිත අවදානමක්‌ ගෙන මහ මුහුද මැද කරන්නට යන සටන ඉතාම බියජනක එකක්‌ බව පොලිසි පරීක්‍ෂක රංගජීව ඇතුළු නිලධාරීන් හොඳින් තේරුම් ගෙන සිටියහ.

මේක මහමුහුද මැද්දෙ කරන ලොකු මෙහෙයුමක්‌. ඒ නිසා අපට මේ වැඩේ ආවට ගියාට කරන්න බෑනේ. අපට ජීවිත අවදානමක්‌ ගන්නවත් බැහැ. අපි නේවි එකත් එක්‌ක කතාකරල ඒ අයගේ සපෝර්ට්‌ එක ගන්න බලමු.

ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි කමල් සිල්වා යෝජනා කළේය. වැටලීමට සම්බන්ධවී සිටින නිලධාරීන්ද ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරිවරයා ගත් තීරණයට කැමැති වූහ. ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි කමල් සිල්වා නාවික හමුදා බුද්ධි අංශ ප්‍රධානීන් වෙත කතාකර සිය මෙහෙයුමට සහායවීම සඳහා අවශ්‍ය පහසුකම් සපයන ලෙස ඉල්ලීමක්‌ කළේය.

නාවික හමුදා බුද්ධි අශ ප්‍රධානීන්ගෙන් ඊට ලැබුණේ යහපත් ප්‍රතිචාරයකි. ශ්‍රී ලංකාවේ සිට කිලෝ මීටර් සියයකට වඩා දුරින් වූ ගැඹුරු මුහුදේදී සිදුවන හෙරොයින් ජාවාරම වැටලීමේ මෙහෙයුම සඳහා පූර්ණ සහාය ලබාදීමට නාවික හමුදා බුද්ධි අංශය කැමැත්ත පළකළහ.

මේ අතර සුරංග පාකිස්‌තානු ජාතික මොහොමඩ් අබ්බාස්‌ සමඟ දිගින් දිගටම සම්බන්ධතා පවත්වාගෙන යමින් හෙරොයින් ගනුදෙනුව සඳහා අවශ්‍ය සැලසුම් සකස්‌ කරගත්තේය.

මොහොමඩ් අබ්බාස්‌ ලබාදෙන සියලු තොරතුරු සුරංග පොලිස්‌ මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් වෙත සැණෙකින් ලබා දුන්නේය. මොහොමඩ් අබ්බාස්‌ මේ හෙරොයින් ගනුදෙනුව සාර්ථකව ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය සියලු කටයුතු සම්පාදනය කරගෙන සිටියේය.

මීගමුවේ පිහිටි හෝටලයක කාමරයක්‌ කුලියට ගත් අබ්බාස්‌ එය මෙම ජාවාරමේ මෙහෙයුම් මධ්‍යස්‌ථානය ලෙස පාවිච්චි කළේය. හෙරොයින් රැගෙන එන නෞකාවේ සිටින විදේශිකයන් සමඟ තොරතුරු හුවමාරු කර ගැනීම සඳහා ඔහු භාවිත කළේ චන්ද්‍රිකා තාක්‍ෂණය ඔස්‌සේ ක්‍රියාත්මක වන ජංගම දුරකථනයන්ය.

එම දුරකථන අබ්බාස්‌ විසින් භාවිත කළේ මෙරට ආරක්‍ෂක අංශයන් සැකයට භාජනය නොවී සිය සැලසුම නියමාකාරයෙන් ක්‍රියාත්මක කිරීම සඳහාය.

මොහොමඩ් අබ්බාස්‌ මීගමුවේ හෝටලයක කාමරයක සිය මෙහෙයුම් මධ්‍යස්‌ථානය පවත්වා ගෙන ගියද හෝටලයෙන් පිටත සිදුවන කිසිවක්‌ ඔහු දැන සිටියේ නැත.

පොලිස්‌ මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන්ගෙන් සැදුම්ලත් විශේෂ පොලිස්‌ කණ්‌ඩායම් තුනක්‌ හෝටලයෙන් පිටත රැඳී සිටිමින් මොහෙමෙඩ් අබ්බාස්‌ගේ සියලු ගමන්බිමන් ඔහු කරන කියන දැ පිළිබඳව තොරතුරු රැස්‌ කරමින් සිටියහ.

පොලිස්‌ මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් සහ නාවික හමුදා බුද්ධි අංශ නිලධාරීන් ඒකාබද්ධව මහ මුහුද මැද කුඩු මෙහෙයුම සකස්‌ කරමින් සිටියහ.

නේවි එකට අයිති අඩි 40 ක්‌ දිග ට්‍රොaලර් යාත්‍රාවක්‌ තියෙනවා. ඒක හොඳයි මේ වැඩේට පාවිච්චි කරන්න. අපි ධීවරයො විදිහට වෙස්‌වළාගෙන ගියොත් වැඩේ පහසු වෙනවා.

නාවික හමුදා නිලධාරීන්ගේ උපදෙස්‌ මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීහු පිළිගත්හ. නාවික හමුදාව දීර්ඝ කාලයක්‌ තිස්‌සේ ලබාගත් පළපුරුද්ද දැනුම අනුව මෙම මෙහෙයුම සාර්ථකව ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය සැලසුම සකස්‌ කරන්නට වූහ.

“නේවි එකේ ට්‍රොaලර් එක තියෙන්නෙ මීගමුවෙ. ඒක අපිට ගෙනියන්න වෙනවා ගාල්ල වරායට. අපේ ගමන පටන් ගන්න තියෙන්නෙ ගාල්ල වරායෙන්…”

පොලිස්‌ පරීක්‍ෂක රංගජීව සිය නිලධාරීන්ට උපදෙස්‌ දුන්නේය. මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීහු කිහිපදෙනෙක්‌ මීගමුවට ගොස්‌ නාවික හමුදාවට අයත් ට්‍රොaලර් යාත්‍රාවට ගොඩ වූහ. පොලිස්‌ නිලධාරීන්ට අවශ්‍ය වුණේ මේ යාත්‍රාව ගැඹුරු මුහුදේ ක්‍රියාත්මක කිරීමට නියමිත මෙහෙයුමට සුදුසු දැයි සැකහැර ගැනීමටය. ඔවුහු යාත්‍රාවේ නැගී පෙර හුරු ගමනක්‌ යැමට නාවික හමුදාවෙන් අවසර ලබා ගත්හ.

යාත්‍රාවට නැගුණු පොලිස්‌ පරීක්‍ෂක රංගජීව ඇතුළු නිලධාරීහු මීගමුවේ සිට වත්තල ප්‍රදේශය දක්‌වා පෙරහුරු ගමනක යෙදුනෝය.

බෝට්‌ටුව හොඳ තත්ත්වයෙන් තියනවා. අපේ ඔපරේෂන් එක ක්‍රියාත්මක කරන්න තියෙන්නෙ.

පොලිස්‌ නිලධාරීහු මේ සියලු තොරතුරු දිනපතාම මත්ද්‍රව්‍ය නාශක අංශයේ අධ්‍යක්‍ෂ කමල් සිල්වා වෙත වාර්තා කිරීමට වගබලා ගත්හ. තමන් ක්‍රියාත්මක කිරීමට යන බිහිසුණු මෙහෙයුම පිළිබඳව තම බිරින්දැවරුන්ට හෝ ඥති හිතමිත්‍රාදීන්ට තොරතුරු හෙළි නොකිරීමට ද මෙහෙයුමට එක්‌ව සිටි නිලධාරීහු වගබලා ගත්හ.

මේ හැම දෙයක්‌ම ගෙවල්වලට කියන්න ගියොත් අපට ඔපරේෂන් එක හරියට කරන්න වෙන්නෙ නැහැ. ඒ නිසා මුහුදු ගමන ගැන කෙළ බිඳක්‌ පිට කරන්න එපා.

පොලිස්‌ පරීක්‍ෂක රංගජීව සිය සහෝදර නිලධාරීන්ට උපදෙස්‌ දුන්නේය. හෙරොයින් පටවාගෙන පැමිණෙන නෞකාව අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම සඳහා පොලිස්‌ පරීක්‍ෂක රංගජීව, උප පොලිස්‌ පරීක්‍ෂක මහින්ද, කොස්‌තාපල්වරුන් වන චමින්ද, ඒ. අබේවික්‍රම සහ වාකිෂ්ඨ යන නිලධාරීහු එක්‌ව සිටියහ.

මෙහෙයුමට එක්‌වන නෞකාවේ කපිතාන්වරයා ලෙස කටයුතු කළේ ලුතිනන් කමාන්ඩර් දිසානායකය.

ඊට අමතරව තවත් නාවික හමුදා නිලධාරීහු පස්‌ දෙනෙක්‌ මෙහෙයුම සඳහා එක්‌ව සිටියහ. මෙහෙයුමට සම්බන්ධ වී සිටි පොලිස්‌ නිලධාරීන් සහ නාවික හමුදා නිලධාරීන් සිය මෙහෙයුම ආරම්භ කිරීමට නියමිතව සිටියේ මාර්තු 28 වැනිදා සවස්‌ කාලයේදීය.

මෙහෙයුම ක්‍රියාත්මක කිරීමට පෙර මත්ද්‍රව්‍ය නාශක අංශයේ ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි කමල් සිල්වා තම සහෝදර නිලධාරීන් පිරිස කැඳවා ඔවුන්ට අවශ්‍ය උපදෙස්‌ ලබා දුන්නේය.

ඒ වන විට ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරිවරයා සිටියේ දැඩි මානසික පීඩනයකින්ය. තම සහෝදර නිලධාරීන් පිsරිසක්‌ මෙවැනි අනාරක්‍ෂිත රාජකාරියක්‌ සඳහා පිටත්ව යද්දී එය කමල් සිල්වා මහතාගේ සිතට මහා බරක්‌ විය.

පොලිස්‌ පරීක්‍ෂක රංගජීව, උප පොලිස්‌ පරීක්‍ෂක මහින්ද ඇතුළු නිලධාරීන් පිරිසක්‌ මහ සයුරේ කුඩු මෙහෙයුමක නිරතවන බව දැන සිටියේ කමල් සිල්වා සහ සහකාර පොලිස්‌ අධිකාරි ජගත් රෝහණ පමණි.

මත්ද්‍රව්‍ය නාශක අංශයේ වෙනත් කිසිදු නිලධාරියෙක්‌ මෙම මෙහෙයුම පිළිබඳව අල්පමාත්‍රයක්‌ හෝ දැන සිටියේ නැත.

මාර්තු 28 වැනිදා සවස 4.00 ට පමණ නාවික හමුදා ට්‍රොaලර් යාත්‍රාවට නැගුණු පොලිස්‌ නිලධාරීන් සහ නාවික හමුදා නිලධාරීන් ගාලු වරායෙන් සමුගත්තේ නැවත නිරුපද්‍රිතව පැමිණීමට හැකිවේද යන සැක සංකාවන් සිතේ රඳවා ගෙනය.

දින දහයකට පමණ අවශ්‍ය කරන ආහාර පාන ට්‍රොaලර් යාත්‍රාවේ පුරවා ගැනීමට පොලිස්‌ නිලධාරීන් කටයුතු කළේ ඕනෑම අවස්‌ථාවකට මුහුණ දීමට සූදානම ඇතිවය.

අවශ්‍ය වුවොත් ප්‍රයෝජනයට ගැනීම සඳහා පොලිස්‌ නිලධාරීහු සියලු දෙනා ගිනි අවිවලින් සන්නද්ධව සිටියහ. එහෙත් ඒ සියලුම අවි ආයුධ බෝට්‌ටුවේ සඟවා තැබීමට ඔවුන් වගබලා ගත්හ.

පොලිස්‌ නිලධාරීන් මෙන්ම නාවික හමුදා නිලධාරීන්ද නියම ධීවරයන්ගේ වෙස්‌ ගෙන සිටියහ. ඒ වන විට නාවික හමුදා බුද්ධි අංශය ද සිය සැලසුම ක්‍රමානුකූලව සකස්‌ කර තිබුණි. මෙහෙයුමට සහාය දීම සඳහා නාවික හමුදාවට අයත් අධිවේගී යාත්‍රා 2 ක්‌ කලින්ම සූදානම් කර තිබුණේය. ඕනෑම අවස්‌ථාවක ඔවුන් ක්‍රියාත්මක වීමට සූදානමින් සිටියහ.

පොලිස්‌ පරීක්‍ෂක රංගජීව සතුව චන්ද්‍රිකා තාක්‍ෂණය ඔස්‌සේ කතා කළහැකි ජංගම දුරකථනයක්‌ තිබුණේය. මෙහෙයුමේ ප්‍රධාන කාර්ය භාරයක්‌ පැවරී තිබුණේ සුරංග වෙතය. පොලිස්‌ පරීක්‍ෂකවරයා සුරංග සමඟ නිතර නිතර තොරතුරු හුවමාරු කර ගත්තේ චන්ද්‍රිකා තාක්‍ෂණ දුරකථන මාර්ගයෙන්ය.

කිලෝ මීටර් 20 ක පමණ දුරක්‌ ට්‍රොaලර් යාත්‍රාව මහ මුහුදේ යාත්‍රා කිරීමෙන් පසු ගොඩබිම සමඟ තිබූ සම්බන්ධතා ඇන සිටියේය. එතැන් සිට ක්‍රියාත්මක වුණේ චන්ද්‍රිකා තාක්‍ෂණයෙන් ක්‍රියා කරන දුරකථනය සහ නාවික හමුදා පණිවුඩ හුවමාරු යන්ත්‍ර පමණි. පොලිස්‌ නිලධාරීන් සහ හමුදා නිලධාරීන් රැගත් ට්‍රොaලර් යාත්‍රාව පරක්‌ තෙරක්‌ නොමැතිව මුහුදේ ඉදිරියට ඇදෙන්නට වුණේය. දීර්ඝ කාලයක්‌ ට්‍රොaලර් යාත්‍රාවේ ගමන් කිරීම බෙහෙවින් අපහසු කටයුත්තකි. නිතර බෝට්‌ටුවල ගමන් නොකිරීම නිසා පොලිස්‌ නිලධාරීන් පස්‌ දෙනාට එය දැඩි අභියෝගයක්‌ විය.

ඒ සියලු අපහසුකම් අමතක කළ පොලිස්‌ කණ්‌ඩායම තම අරමුණ සාර්ථක කර ගන්නා බලාපොරොත්තු ඇතිව ගමනාන්තයක්‌ නැති මහ මුහුදේ යාත්‍රා කරන්නට වූහ.

හෙරොයින් රැගත් යාත්‍රාව ශ්‍රී ලංකා මුහුදු සීමාවට පැමිණෙන්නට නියමිතව තිබුණේ 29 වැනිදා රාත්‍රී කාලයේදීය. ඒ වන විට මොහොමඩ් අබ්බාස්‌ සහ සුරංග නිතර නිතර දුරකථනය ඔස්‌සේ කතා කරමින් තොරතුරු හුවමාරු කරගන්නට වූහ. අබ්බාස්‌ සිතා සිටියේ සුරංගගේ ගෝලබාලයන් පිරිසක්‌ යාත්‍රාවකින් මහ මුහුදට ගිය බවය. අබ්බාස්‌ගේ සිතට සැකයක්‌ මතු නොවන ආකාරයට මේ සියලු සැලසුම් ක්‍රියාත්මක කිරීමට ද සුරංග හැම විටම වගබලා ගත්තේය.

හෙරොයින් රැගෙන එන නෞකාව සමඟ අබ්බාස්‌ නිතර නිතර තොරතුරු හුවමාරු කර ගන්නේ චන්ද්‍රිකා තාක්‍ෂණය ඔස්‌සේ ක්‍රියාකරන දුරකථන හරහාය.

හෙරොයින් රැගත් නෞකාව ගමන් ආරම්භ කළේ පාකිස්‌තානය සහ ඉරාන දේශ සීමාවේ පිහිටි කුඩා ප්‍රමාණයේ වරායකින්ය. පාකිස්‌තානය ඇµaගනිස්‌ථානය, ඉරානය කේන්ද්‍ර කරගත් රන් චන්ද්‍රවංකයේ නිෂ්පාදනය කරනු ලැබූ හෙරොයින් කිලෝ ග්‍රෑම් 110 ක්‌ ශ්‍රී ලංකාවට රැගෙන ඒමේ කාර්ය භාරවී තිබුණේ ඉරාන ජාතිකයන් පිරිසක්‌ වෙතය.

අබ්බාස්‌ ඉරාන, ජාතිකයන් සමඟ සබඳතා පවත්වමින් අදාළ හෙරොයින් තොගය භාර ගැනීමට ශ්‍රී ලාංකික ධීවරයන් පිරිසක්‌ පැමිණෙන බව දැනුම් දී තිබුණේය.

පොලිස්‌ නිලධාරීන් සහ නාවික හමුදා නිලධාරීන් රැගත් ට්‍රොaලර් යාත්‍රාව ශ්‍රී ලංකාවේ සිට කිලෝ මීටර් 110 ක්‌ පමණ දුර ගැඹුරු මුහුදට ළඟා වෙද්දී පසුදා පහන් වී තිබිණි. එදින රාත්‍රිය සියලුම නිලධාරීන් ගත කළේ නිදිවර්ජිතවය.

මහ සයුර අනාරක්‍ෂිතය, කොයි මොහොතක කුණාටුවක්‌ ඒ දැයි නොදනී. කිසියම් අනතුරක්‌ අසනීපයක්‌ සිදු වූවොත් ගොඩබිමට පැමිණීම ලෙහෙසි නැත. තල්මසුන්, මිනී මෝරුන් ගහන මහා සාගරයේ ට්‍රොaලර් යාත්‍රාවට අනතුරක්‌ සිදුවූවොත් බේරා ගැනීමට කිසිවකුත් නැත.

මෙවැනි බියජනක හැඟීම් පොලිස්‌ නිලධාරීන්ගේ සිතට දැනුණුq වාර අනන්තය. අබ්බාස්‌ විසින් ලබාදී තිබූ මුහුදු මාර්ගය ඔස්‌සේ ට්‍රොaලර් යාත්‍රාව මහ මුහුදේ නොපෙනෙන දිශාවකට යාත්‍රා කළේය.

ඉතා ආරක්‍ෂාකාරී ලෙස හෙරොයින් ගනුදෙනුව ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය නිසා ධීවර බෝට්‌ටු හෝ වෙනත් නෞකාවන් යාත්‍රා නොකරන ප්‍රදේශයකට පැමිණෙන ලෙස ඉරාන නෞකාවේ සිටි පිරිස අබ්බාස්‌ට කලින්ම දැනුම් දී තිබිණි.

ඒ උපදෙස්‌ මත නාවික හමුදා ට්‍රොaලර් යාත්‍රාව කිසිම නෞකාවක්‌ යාත්‍රා නොකරන ප්‍රදේශයක්‌ වෙත යාත්‍රා කරවන්නට එහි සිටි වෙස්‌වළාගත් නාවික හමුදා නිලධාරීහු කටයුතු කළහ.

මාර්තු 29 වැනිදා දහවල් පොලිස්‌ පරීක්‍ෂක රංගජීවගේ දුරකථනය වෙත ලැබුණේ අසුභදායක ආරංචියකි.

හෙරොයින් රැගත් ඉරාන යාත්‍රාව ඉන්දීය වෙරළාරක්‍ෂක හමුදාවට බියෙන් වෙනත් ප්‍රදේශයකට යාත්‍රා කර නැංගුරම්ලා තිබෙන බව සුරංග දැනුම් දුන්නේය. ඉරාන යාත්‍රාව අදාළ ස්‌ථානය වෙත ළඟාවීමට තවත් දවසක්‌ හෝ දෙකක්‌ ගතවන බව පොලිස්‌ පරීක්‍ෂක රංගජීව දැනගත්තේ සුරංග සමඟ කළ දුරකථන සංවාදයෙන් පසුවය.

මේ ආකාරයට දින දෙක තුනක්‌ මහ මුහුදේ ගත කිරීම ලෙහෙසි පහසු කටයුත්තක්‌ නොවන බව පොලිස්‌ නිලධාරීන් දැන සිටියහ. එහෙත් කළයුතු වෙනත් යමක්‌ නොමැත. මෙහෙයුම නතර කර ආපසු ගොඩබිමට යැම කෙසේවත් කළ නොහැක.

ජීවිත අවදානම සහිතව කෙසේ හෝ මහ මුහුදේ ගත කර තම අරමුණ සාර්ථක කර ගැනීමට පොලිස්‌ නිලධාරීහු ඒකමතිකව තීරණය කළහ.

දැඩි අව් රශ්මිය ඉහිලුම් නොදෙයි. ට්‍රොaලර් යාත්‍රාව එක්‌ ස්‌ථානයක නතර කර තැබිය නොහැක. එය සාමාන්‍ය වේගයකින් මහ මුහුදේ යාත්‍රා කරවමින් තම ගොදුර එනතුරු පොලිස්‌ නිලධාරීහු දෑස්‌ අයාගෙන බලා සිටියහ.

ගාලු වරායෙන් දියඹට පැමිණ දින තුනක්‌ ගතවිය. එහෙත් සුරංගගෙන් යහපත් ප්‍රතිචාරයක්‌ නොමැත. ඉරාන යාත්‍රාව තවමත් අදාළ ස්‌ථානය වෙත පැමිණෙන බවට දැනුම් දීමක්‌ නැත.

එක්‌ අවස්‌ථාවකදී නාවික හමුදා යාත්‍රාවේ කාර්මික දොaෂයක්‌ද ඇති වුණේය. දක්‍ෂ නාවික හමුදා නිලධාරියකු දැඩි වෙහෙසකර ක්‍රියාවක නිරත වී යාත්‍රාව කෙසේ හෝ අලුත්වැඩියා කර ගත්තේය.

රොටි පුළුස්‌සාගෙන කමින් හරිහැටි නින්දක්‌ නොමැතිව දින කීපයක්‌ ගත කළ පොලිස්‌ නිලධාරීන් සහ නාවික හමුදා නිලධාරීන් යහපත් පණිවිඩයක්‌ ලැබෙනතුරු බලා සිටියේ බලාපොරොත්තුවේ දැස්‌ දල්වාගෙනය. ගාලු වරායෙන් මහ මුහුදට යාත්‍රාකර දින 3 කට පසු රංගජීවගේ දුරකථනයට සුරංගගෙන් සතුටුදායක ඇමතුමක්‌ ලැබුණේය.

හෙට හවසට ට්‍රොaලර් එක එනවා. අදාළ තැනට ලෑස්‌ති පිට ඉන්න.

සුරංගගෙන් ලැබුණු දුරකථන පණිවිඩය පොලිස්‌ නිලධාරීන්ගේ මෙන්ම නාවික හමුදා නිලධාරීන්ගේ සිත්වලට ගෙන ආවේ මහා සැනසිල්ලකි. මළානිකව හෙම්බත්වී වී සිටි සියලු දෙනා යළි ප්‍රබෝධයෙන් කටයුතු කරන්නට වූහ. ඒ වන විට මොවුහු සියලු දෙනා නියම ධීවරයන්ගේ වෙස්‌ ගෙන සිටියහ. දින තුනකින් මුහුණ සොදා, දත් මැද පිරිසිදු නොවී සිටියේ නියම ධීවරයන්ගේ පෙනුම ලබා ගැනීම සඳහාය.

දින හතරක්‌ තිස්‌සේ දැඩි අව් රශ්මියට සියලු දෙනාගේම සම පිලිස්‌සී ගොසින් තිබුණේය. කාල වර්ණ සිරුරු ඇති නියම ධීවරයන්ගේ ස්‌වරූපය ඔවුන්ගෙන් දිස්‌වන්නට විය.

අප්‍රේල් 01 වැනිදා දහවල් කාලය ගෙවී යමින් තිබිණි. සියලු දෙනා දැස්‌ දල්වාගෙන තෙරක්‌ නොපෙනෙන මහ මුහුද දෙස බලා සිටින්නේ බලාපොරොත්තුවේ සේයාවක්‌ දකින අටියෙනි.

එදින දිවා කාලය ගෙවී යමින් රාත්‍රිය එළඹියේය. හතර අතින් අඳුර වැටීගෙන එද්දී ට්‍රොaලර් යාත්‍රාවක්‌ මහ මුහුදේ මතුවන බව පොලිස්‌ නිලධාරීහු දුටුවෝය. පොලිස්‌ නිලධාරීන්ගේ මෙන්ම නාවික හමුදාවේ නිලධාරීන්ගේ සිත්වලට දැනුණේ දරාගත නොහැකි සතුටකි.

දින තුනක්‌ තිස්‌සේ අපා දුක්‌ විඳිමින් බෝට්‌ටුවේ ගත කළ කාලය දැඩි සේ අප්‍රිය ජනක එකක්‌ විය. තම මෙහෙයුමේ අවසන් අදියරට තමන් පැමිණ සිටින බව පොලිස්‌ නිලධාරීහු තේරුම් ගෙන සිටියහ.

මේ අතර සුරංගගෙන් පොලිස්‌ පරීක්‍ෂක රංගජීවට ඇමතුමක්‌ ලැබුණේය.

අපට දැන් බෝට්‌ටුව පේනවා. තව පැය දෙක තුනක්‌ යද්දී බෝට්‌ටුව අපිට ළඟා වෙනවා.

රංගජීව ගොඩබිම සිට සුරංගට දැනුම් දුන්නේය.

හෙරොයින් තොගය අරගෙන බෝට්‌ටුවේ එන අය හඳුනා ගන්න රහස්‌ වචනයක්‌ තියනවා. රµSම් කියලා තුන් වරක්‌ කෑගහලා අලිබබා කියලා පපුවට ගහ ගන්න ඕනෙ. එතකොට ඉරාන නැවේ ඉන්න අය ඕගොල්ලො එක්‌ක කතා කරයි.

හෙරොයින් ගනුදෙනුව සිදුකරන ආකාරය පිළිබඳව සුරංග පොලිස්‌ පරීක්‍ෂක රංගජීව දැනුවත් කළේය. මේ සියලු තොරතුරු සුරංග වෙත ලබා දුන්නේ හෙරොයින් ජාවාරමේ මහා මොළකරු වූ අබ්බාස්‌ විසින්ය.

එදින රාත්‍රී 10.00 ට පමණ ඉරාන නෞකාව ධීවරයන් මෙන් වෙස්‌වළා ගෙන සිටින පොලිස්‌ නිලධාරීන් සිටි ට්‍රොaලර් යාත්‍රාව ආසන්නයට ආවේය.

සුරංග දැනුම් දුන් ආකාරයට රහස්‌ වචනය කියමින් පොලිස්‌ පරීක්‍ෂක රංගජීව කෑගැසුවේය. එය හඳුනාගත් ඉරාන නෞකාවේ සිටි පිsරිස ට්‍රොaලර් බෝට්‌ටුව අසලට පැමිණියේය. ඉරාන නෞකාව සාමාන්‍ය ට්‍රොaලර් යාත්‍රාවකට වඩා විශාල වූ එකකි. පොලිස්‌ නිලධාරීන් සිටි ට්‍රොaලර් යාත්‍රාවට වඩා අඩි හය හතක්‌ උසින් යුත් ඉරාන නෞකාව තුළ විදේශිකයන් පහළොස්‌දෙනකු පමණ සිටින බව රංගජීව හඳුනා ගත්තේය.

නෞකාවේ සිටි පුද්ගලයෝ පොලිස්‌ නිලධාරීන් සිටි ට්‍රොaලර් යාත්‍රාව අසලට පැමිණ එක්‌ අයකුට එහි ඇතුළු වන ලෙස දැනුම් දුන්හ. කුඩා ට්‍රොaලර් යාත්‍රාවේ සිට ඉරාන නෞකාවට ඇතුළුවීමට ඉණිමගක්‌ හෝ වෙනත් උපකරණයක්‌ තිබුණේ නැත. ඉරාන නෞකාවට ඇතුළු වීමේ භාරදුර කාර්යයට අතගැසුවේ පොලිස්‌ පරීක්‍ෂක රංගජීවය. අඩි හයක්‌ හතක්‌ උස ඉරාන නෞකාවට ඇතුළු වීම පහසු කටයුත්තක්‌ නොවීය. එහෙත් ඒ අභියෝගය භාරගත් රංගජීව සියදිවි පරදුවට තබමින් ඉරාන නෞකාවේ බඳේ එල්ලී එයට ඇතුළු වුණේය.

ඉරාන ජාතිකයන්ගේ සැකයට භාජනය නොවන ආකාරයට හෙරොයින් ගනුදෙනුව කිරීමට රංගජීව වගබලා ගත්තේය. කැඩිච්ච ඉංග්‍රීසි භාෂාවෙන් ඉරාන ජාතිකයන් සමඟ කතා කරමින් ඔවුන් නොමග යෑවූ පොලිස්‌ පරීක්‍ෂක රංගජීව හෙරොයින් කිලෝ ග්‍රෑම් 110 ක්‌ සහිත මලු සියල්ල ට්‍රොaලර් යාත්‍රාවට දැමුවේය.

පොලිස්‌ පරීක්‌ෂක රංගජීව උප පොලිස්‌ පරීකAෂක මහින්ද ඇතුළු පොලිස්‌ නිලධාරීහු නියම ධීවරයන් ලෙස රංගනයේ යෙදුනේ ඉරාන ජාතිකයන් නොමග යවමින්ය.

යම් හෙයකින් තමන් පිළිබඳ සැකයක්‌ ඉරාන ජාතිකයන් තුළ ජනිත වූයේ නම් අත්විඳීමට සිදුවන ඉරණම කුමක්‌දැයි පොලිස්‌ නිලධාරීහු හො¹කාරවම දැන සිටියහ. පොලිස්‌ නිලධාරීන්ගේ මෙන්ම නාවික හමුදා නිලධාරීන්ගේ සිත්වල බියජනක හැඟීම් ඇතිවූ වාර අනන්තය. එහෙත් ඒ සියලු හැඟීම් යටපත් කරගත් පොලිස්‌ පරීක්‌ෂක රංගජීව ඇතුළු නිලධාරීන් ඕනෑම භයානක තත්ත්වයකට මුහුණ දීමට සූදානමින් සිටියහ.

පැය කීපයක්‌ ඉරාන ජාතිකයන් රැගත් බෝට්‌ටුවේ ගත කළ පොලිස්‌ පරීක්‍ෂකවරයා ඔවුන් සමඟ සුහද වෙමින් තම අභිප්‍රාය ඉතාම සූක්‍ෂ්ම ලෙස ඉටුකර ගත්තේය.

ඒ වන විට ට්‍රොaලර් යාත්‍රාවේ සිටි පොලිස්‌ නිලධාරීන් ඉරාන නෞකාව පිළිබඳ ගාල්ල වරායට ආසන්න මුහුදේ නතර කර තිබූ අධිවේගී නාවික හමුදා යාත්‍රා දෙකට කලින්ම දැනුම් දී තිබුණේය.

හෙරොයින් තොගය භාරගත් බවට ඉරාන ජාතිකයන්ගේ බිල්පතක රංගජීව යන නමින් අත්සනක්‌ද තැබූ පොලිස්‌ පරීක්‍ෂකවරයා ඔවුන්ට සමුදී නැවත ට්‍රොaලර් යාත්‍රාවට ආවේය.

මේ ගනුදෙනුව සිදුවන විට මධ්‍යම රාත්‍රිය එළඹ තිබුණේය. හෙරොයින් තොගය රැගත් වෙස්‌වලා ගත් පොලිස්‌ මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් සහ නාවික හමුදා නිලධාරීන් රැගත් ට්‍රොaලර් යාත්‍රාව ආපසු ගොඩබිම බලා එන්නට පිටත් වූහ.

ඒ වන විට ඉරාන ජාතිකයන් රැගත් නෞකාව අත්අඩංගුවට ගැනීමේ නාවික හමුදා මෙහෙයුම ක්‍රියාත්මක වෙමින් තිබිණි.

හතර අතින් පැමිණ සිටි නාවික හමුදා යාත්‍රා කීපයක්‌ හෙරොයින් රැගෙන ආ ඉරාන නෞකාව වටකර අත්අඩංගුවට ගත්තේය.

පැය පහළොවක පමණ මුහුදු ගමනකින් පසු පොලිස්‌ නිලධාරීන් සහ නාවික හමුදා නිලධාරීන් රැගත් ට්‍රොaලර් යාත්‍රාව ගාල්ල වරායට එද්දී පසුදා දහවල් වී තිබිණි.

දින හතරක්‌ තිස්‌සේ මහ මුහුද මැද ක්‍රියාත්මක කළ අති භයානක කුඩු මෙහෙයුම ඒ වන විට අවසන් වී තිබුණේ මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන්ට විශාල ජයග්‍රහණයක්‌ අත්කර දෙමින්ය.

හෙරොයින් රැගත් ඉරාන නෞකාව පොලිස්‌ අත්අඩංගුවට පත්වූ පුවත මීගමුව හෝටලයේ සිටි මොහොමඩ් අබ්බාස්‌ දැන ගත්තේ පසුදා උදැසනය. අබ්බාස්‌ සහ එහි සිටි ඔහුගේ සගයන් දෙදෙනා දැඩි ලෙස කලබලයට පත්ව සිටියහ. කොයි මොහොතක හෝ පොලිස්‌ නිලධාරීන් තමන් අත්අඩංගුවට ගන්නට එන බව අබ්බාස්‌ හොඳින් දැන සිටියේය.

ඔහු සිය සගයන් දෙදෙනාද සමග හෝටලයෙන් පිටවී මොන්ටේරෝ රථයෙන් පලා යන්නට උත්සාහ කළේය. එහෙත් ඒ වන විට හෝටලය වටා මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීහු රැකවල්ලාගෙන සිටියහ.

පලායන අබ්බාස්‌ ඇතුළු සගයන් පිටුපස පන්නාගෙන ගිය මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීහු ඔවුන් ගමන් ගත් මෝටර් රථයට වෙඩි ප්‍රහාර එල්ල කළහ.

අවසානයේදී අබ්බාස්‌ සහ ඔහුගේ සගයන් දෙදෙනා අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත්විය.

මාස ගණනක්‌ තිස්‌සේ ක්‍රියාත්මක කළ හෙරොයින් මෙහෙයුම අවසන් වුණේ පොලිස්‌ මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් ඉතිහාසගතවන ජයග්‍රහණයන් රැසක්‌ ලබා ගනිsමින්ය.

අත්අඩංගුවට ගත් හෙරොයින් කිලෝ ග්‍රෑම් 110 යේ වටිනාකම රුපියල් ලක්‍ෂ එකොළොස්‌ දහසක්‌ බව තක්‌සේරු කර තිබුණේය. ඉරාන නෞකාවේ ඉරාන ජාතිකයන් 13 දෙනකු සිටි අතර ඔවුන් සියලු දෙනා පොලිස්‌ භාරයට ගත්හ.

පොලිස්‌ මත්ද්‍රව්‍ය නාශක අංශයේ අධ්‍යක්‍ෂ ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි කමල් සිල්වාගේ පූර්ණ අධීක්‍ෂණය යටතේ පොලිස්‌ පරීක්‍ෂක නියොමාල් රංගජීව උප පොලිස්‌ පරීක්‍ෂක මහින්ද කොස්‌තාපල්වරුන් වන චමින්ද, ඒ. අබේවික්‍රම සහ වාකිෂ්ඨ යන නිලධාරීන් මහ මුහුද මැද කළ සටන ඉතිහාසගත එකකි.

හේමන්ත රන්දුණු

සිල් බිඳින සුමන සාධු

සිල් බිඳින සුමන සාධු

* මාසයක ටියුෂන් වියදම රුපියල් හතලිස්‌ දාහයි
* කෙල්ලෝ සාධුට වහ වැටිලා

වසර ගාණක්‌ තිස්‌සේ අප රට තුළ ශීඝ්‍රයෙන් වර්ධනය වෙමින් එන ටියුෂන් මාෆියාව ගැන දැන් දැන් බොහෝ දෙනකුගේ ඇස්‌ ඇරෙමින් අවධානය යොමු වෙමින් පවතී.

” මටත් තියෙනව ටියුෂන් ගුරෙක්‌ ගැන කතාවක්‌ කියන්න.”

”අපිට වෙන අසාධාරණ ගැන අපිට කියන්න කෙනෙක්‌ නැතිව හිටියෙ. ”

”අපිත් කැමතියි අපේ රටෙන් ඔය වසංගතය නැති කරල දාන්න අපෙන් මොනාද වෙන්න ඕනි ”

”දරුවන්ව කන්නේ ඔය අමතර පන්ති තමයි ”

මෙවන් අදහස්‌ සිත් දරාගත් අප රටේ බහුතරයක්‌ දෙමාපියන් සිටින්නේ මෙම අතිරේක පන්ති මාෆියාව ගැන කලකිරීමෙනි, වේදනාවෙනි, කෝපයෙනි.

ටියුෂන් හෙවත් අතිරේක උපකාරක පන්ති මුලින්ම ආරම්භ වූයේ ගුරුතුමා හෝ ගුරුතුමිය විසින් පන්තියේ සිටින අදක්‍ෂ දුර්වල සිසුවා පන්තියෙන් පසුව වෙනම ගෙන ඔහුව හෝ ඇයව පාසලේම හෝ තම නිවසට ගෙන්වා අමතර දැනුමක්‌ ලබා දි පන්තියේ අනෙකුත් සිසුන්ගේ තත්ත්වයට ගෙන ඔහුව හෝ ඇයව විභාගයෙන් සමත් කරන අරමුණෙන් බව දැන් ජීවත්වන බොහෝ අය නොදනිති. ඇත්තෙන්ම අතිරේක ඉගැන්වීම් යනු උතුම් ක්‍රියාවකි. මෙවන් සද්කාර්යන් නිසා එකල ගුරුවරුන් ඇමතුවේ ගුරුදේවයන් ලෙසිනි.

අද ටියුෂන් ගුරුවරු සහ සිසුවෝ මෙම උතුම් සංකල්පයෙන් බැහැරව වෙන වෙන අත හැසිරෙති. කොටින්ම කිවහොත් අද ටියුෂන් වැඩියෙන්ම ගන්නේ පන්තියේ සිටින අදක්‍ෂ දුර්වල සිසුවා නොව දක්‍ෂතම දිප්තිමත්ම දරුවායි. බහුතරයක්‌ දෙමාපියන් සහ සිසු සිසුවන් කියන අන්දමට දරුවන් විෂයයන් ඉදිරියේ අවුල් නොවී ෂේප් වී සිටින්නේ දහස්‌ ගාණක්‌ ගෙවා සහභාගීවන අමතර අතිරේක පන්තියට පින් බැර වෙන්නටයි වෙනත් අයුරකින් කිවහොත් පන්ති කාමරය වෙත පැමිණ උගන්වන ගුරුවරයාට වඩා වැඩියෙන් මුදල් ගෙවා ඉගෙනගන්නා ස්‌ථානයෙන් දරුවා හොඳ දැනුමක්‌ ලබයි. මෙයට මූලික වශයෙන් වගකිව යුත්තේ අද පවතින යල් පැන ගිය පාසල් අධ්‍යාපන ක්‍රමය සහ එයට දායකත්වය දෙන අධ්‍යාපන අධ්‍යක්‍ෂකවරු ඇතුළු ගුරුවර ගුරුවරියන් බව අපගේ අදහසයි.

ඇත්තටම මෙයට කලකට පෙර කොල්ලෙක්‌ හෝ කෙල්ලෙක්‌ ටියුෂන් යන්නේ නම් වැඩිදෙනෙක්‌ ඒ අය දෙස බැලුවේ නෝන්ඩි බැල්මකි. ඔහුව හෝ ඇයව ගණන් ගත්තේ මොලේ අඩු මැට්‌ටෙක්‌ හෝ මැට්‌ටියක්‌ ගාණටයි. එම නිසාම දරුවන් ගණන් වැනි අමාරු විෂයයකට අමතර පන්ති ගියේ ඉතා හොර රහසිනි. නමුත් බලාගෙන ගියාම සිසුහු බොහෝ දෙනෙක්‌ එක තැනකදී එකිනෙකාට හමුවෙයි. සමහරවිට ඒ නිමල් සර්ගේ පන්තියේදීය නැත්නම් නුගේගොඩ සිඩ්නි පියදාස සර්ගේ ගෙදර ගරාජයේදිය. එසේත් නැත්නම් සුනේත්‍රාගේ හෝ සුභද්‍රාගේ බණ මඩුවේදීය. ඒ එකාට හොරා අනෙකා ටියුෂන් ගන්න ආ නිසාය.

බණ මඩු ධර්ම ශාලා ගැන කියද්දි පන්සල් තුළ කෙරෙන අමතර පන්ති ගැනද කතා නොකරම බැරිය. සමහර පන්සල්වලින් කෙරෙන මෙම කාර්යය ඉතා අගය කළ යුතුය. නමුත් අවර ගනයේ ටියුෂන් කෙරෙන පන්සල් ද බොහෝය. ඒවා ගැන ලොකු ලොකු හාමුදුරුවරු දන්නේ නැත

කොට්‌ටාවට ආසන්නයේ ඇති සුමන සාධුගේ තාර්කික විද්‍යා පන්තිය අමුතුම රසගුලාවක්‌ බව අපට කීවේ පන්නිපිටියේ තරුණ ගැටයෙකි. ඔහුත් සමග ඔහුගේ පෙම්වතියත් මෙහි ඉගෙනුම ලබයි.

”සාධු හොඳයි හොඳටම උගන්වනවා. ඒත් ඉතින් දෙන ටෝක්‌වලට කෙල්ලො බඩ නොවී ඉන්න එකයි පුදුමෙ. මම එක පැයක්‌ අතඅරින්නැතිව හැමදාම පන්ති එන්නේ ඉගෙන ගන්න ආසාවට වඩා මගෙ කෙල්ල පරිස්‌සං කරගන්නයි. පන්තියෙ අනික්‌ කෙල්ලො සාධුට වහ වැටිල. සුමන සාධු පන්සලේ ශාලාව බද්දට අරන් පන්ති කරාට අපි කවුරුත් දන්නෙ නැහැ එයා කොහෙන් එනවද කොහාට යනවද කියල. අම්මෙක්‌ අප්පෙක්‌ නැති රටක්‌ ගමක්‌ කියන්නැති සුමන සාධු මරු වැඩකාරයා. මාසෙන් මාසෙට වාහන මාරු කරනව. ෙµdaන් එක වටිනව අසුදාහක්‌ විතර. ඒකෙ තියෙන වැල ක්‌ලිප්ස්‌ පෙන්නල සාධු කෙල්ලන්ගෙ විතරක්‌ නෙමෙයි කොල්ලන්ගෙත් සිල් බිඳිනව ”

ඉහත කී සුමන සාධු පිළිබඳව අප සොයා බැලු අතර ඔහුට පන්සලක්‌ නැත. පන්සලක්‌ තියා අසපුවක්‌ ආරාමයක්‌ හෝ කුටියක්‌ වත් නැත. නමුත් සියලු සුඛෝපභෝගී පහසුකම් සහිත මාළිගාවක්‌ වැනි මන්දිරයක හේ වැඩ වසයි. ගමන් බිමන් යන්නේ ලක්‍ෂ අසුවකට වඩා වටිනා අලුත්ම අලුත් කිරි කිරි ටොයියෙක්‌ වැනි බෙන්ස්‌ කාරයකිනි. සමහරදාට සුමන සාධු රියදුරු මහතා නැතිව ඩෙනිමක්‌ සහ ටී ෂර්ට්‌ එකකින් සැරසී හයිවේ එකේ මාතර පැත්තට යන බවටද ටයි කෝට්‌ ඇඳගෙන කටුනායක ගුවන් තොටුපලේ සිටි බවටද ඇහින් දුටු සාක්‍ෂි ඇත.

”සාධු බොන්නේ ඩන්හිල් සිගරට්‌. නිතරම පැකට්‌ එකයි ලයිටරයයි ඉණේ හැබැයි පන්තියේ කාටවත් පේන්න එහෙම බොන්නෙ නැහැ. ළඟින් ආස්‌සරේ කරන අපි කීප දෙනෙක්‌ විතරයි එයාගේ නියම පැටිකිරිය දන්නෙ. ”

පන්සලක්‌ නැති ගුරු හාමුදුරුනමක්‌ සහ උපසම්පදාවක්‌ නැති මේ සුමන සාධු වැනි ටියුෂන් දෙන අමන චීවරධාරින් රැසක්‌ ගැනම අපට කරුණු ඉදිරිපත් කළ හැකි වුවද භික්‍ෂුq විනය සහ කැප අකැප දේ පිළිබඳ කතිකාවතකට සැරසෙන මේ කාලයේ ඒ ගැන කතා කිරීම එතරම් ගුණදායක නොවනු ඇතැයි සිතමි.

සමහර පන්සල් සහ බණ මඩු හරියට මහ විද්‍යාල මෙනි. ගැහැනු පිරිමි සිංහල දෙමල මුස්‌ලිම් බර්ගර් ආදි ජාති භේදයකින් තොරව සැම දරුවෙකුටම එහිදි අමතර අධ්‍යාපන පන්ති පවත්වයි. සමහර මුස්‌ලිම් පල්ලිවලද අමතර අධ්‍යාපන පන්ති පවත්වයි. නමුත් ඒවායේ ඉගෙන ගන්නේ ඉස්‌ලාම් දරුවන් පමණි. අප උත්සාහ කළද ඒ තුළට ඇතුල්වීම ඉතා අසීරුය. ඒ නිසා ඒවායේ මොනා උගන්නනවාද නොදනිමු.

ක්‍රිස්‌තියානි සහ කතෝලික පල්ලිවලද අමතර පන්ති පවත්වනවා අපි දැක ඇත්තෙමු. අපගේ විමර්ශනයන්ට අනුව එවන් පන්ති වල යටි අරමුණ වන්නේ දරුවන්ට පාසල් අධ්‍යාපනය සමගම දේව වාක්‍යය සහ දෙවියන් වහන්සේ ගැන ඉගැන්වීමත් ආගම ප්‍රචාරය කිරීමත්ය. එනිසා මෙවන් පල්ලිවල වැඩියෙන්ම සිටින්නේ එම ආගමට අයත් දරුවන් බව අපි දුටිමු.

අද බොහෝ අම්මලා තාත්තලා දෙස්‌ දෙවොල් තියන්නේ ටියුෂන් ගුරුවරු අය කරන ඉතා අධික මිල ගණන් ගැන කියමිනි. සාමාන්‍යයෙන් අද එක්‌ විෂයක්‌ සඳහා අවම මාසික ගාස්‌තුව රුපියල් පන්සීයකි. උපරිමය සීමාවක්‌ නැත. මා දන්නා එක්‌ දැරිවියක්‌ තමන් උගන්නා සෑම විෂයකටම ටියුෂන් යයි. එක්‌ විෂයයක මාසික ගාස්‌තුව රුපියල් පන්දාහකි. වැඩ අටට ඇයගේ දෙමාපියන් මාසයකට රුපියල් හතළිස්‌ දාහකට එහා ගෙවනු ලබයි. මෙම සිසුවිය අධ්‍යාපනය ලබන්නේ ජාත්‍යන්තර යයි ලේබලය අලවා ඇති නගරයේ ඉහළ යෑයි සම්මත අධ්‍යාපන ආයතනයකයි.

”මොනා කරන්නද මල්ලි බැඳගත්ත බෙරේ නිකං බිම තියල බැහැනේ කොටි වල්ගෙ අල්ලගත්ත වගේ තමයි. සල්ලි, සල්ලි කියල වැඩක්‌ නැහැ. අනික ඉස්‌කෝලෙ නම විතරයි. හතර පහ ශ්‍රේණිවලින් පස්‌සේ ළමයින්ට උගන්නන්න හොඳ පලපුරුදු දක්‍ෂ ගුරුවරු නැහැ. සමහරු මහා බොරු ඉංග්‍රීසියෙන් කතා කරන්නේ මොනා උගන්නනවද දන්නෙ නැහැ. දැනුම තියෙන උගත් ටීචර්ලා පොඩි පඩියට දැන් වැඩ කරන්නෙ නැහැ. වෙන හොඳ රස්‌සාවකට හරි පිට රටකට හරි යනවා. ඉතින් අපි ඉස්‌කෝලෙටත් අවුරුද්දකට ලක්‍ෂ ගාණක්‌ ගෙවල අමතර පන්ති වලටත් තව ලක්‌ෂ ගාණක්‌ ගෙවනව. ”

ඒ මා ඉහත කියූ දැරියගේ මවගේ අඳෝනාවයි. තව මෙවන් අම්මලා තාත්තලා බොහෝය.

අප දන්නා අතිරේක පන්ති ගුරුවර ගුරුවරියෝ රාශීයක්‌ සිටී. සමහරු වැලිකෙළියේ පටන් මිතුරෝය. සමහරු සමකාලීන පාසල් ගජයෝය. තවත් අය අතරමග නවාතැන් වල සෙට්‌ වුණ ඇහින්දාස්‌ලාය. තවත් අය මාධ්‍ය ලෝකයේ වෘත්තිමය මිත්‍රයෝය. ඔය කවුරු වුණත් මා දකින්නේ ඔවුන් තම කාර්ය කරගෙන යන්නේ දරුවන්ට දැනුම ලබා දීමට වඩා වෙන යමක්‌ තම රහස්‌ න්‍යාය පත්‍රයේ දමාගෙන වෙනත් අරමුණු රාශියක්‌ම පෙරදැරිකරගෙන බව ඔවුන් මා සමග අමනාප වුවත් කියන්නට මැලි නොවෙමි. මොවුන් වැඩිදෙනෙකුගේ ඒකායන අරමුණ මුදල් ඉපයීමයි. උගුර ලේ රස වන තුරු කෑගසා උගන්වා ගාණක්‌ හොයාගෙන ගෙයක්‌ දොරක්‌ හදාගෙන වාහනයක්‌ අරගෙන පැත්තකට වී ඉන්නට උන්ට කැමැත්තක්‌ නැත. මරුටියක්‌ ගත්ත එකා උත්සාහ කරන්නේ ඩොල්පින් එකකට යන්නයි. ඉන්පසු ඇලියොන් එකක්‌ හයිබ්‍රිඩ් එකක්‌ හෝ වන් ටු වන් එකක්‌ ගනී. අවසානයේ නවතින්නේ ප්‍රාඩෝ එකක්‌ හෝ ඩිෆෙන්ඩරයක්‌ ගැනීමෙනි. කුළි ගෙයින් යන්තම් පර්චස්‌ පහක ඉඩමක්‌ අරන් ගෙයක්‌ හදාගෙන පදිංචි වුණාට තන්හාව නිම නොවෙයි. මද කලකින් උත්සාහ කරන්නේ නගරයේ හොඳම තැනකින් දෙමහල් නිවසක්‌ මිලට ගන්නයි. ඉන්පසු පොඩි රබර් කෑල්ලක්‌ ඊටත් පසුව කඳුකරයේ තේ අක්‌කර පහකට හිමිකම් කියයි.

ස්‌වෝත්සාහයෙන් මුදල් උපයා ධනවත් වීම ඉතා ආදර්ශමත් ක්‍රියාවකි. අප එය අගය කළ යුතුය .සතේ අතේ නැතිව හිටිය එකා රූං ගාගෙන හමර් එකක ඉගිලෙද්දි අපට ඇතිවිය යුත්තේ ඉරිසියාවක්‌ නොව සන්තෝසයකි. නමුත් අසරණ දරුවන් රවටා අහිංසක දෙමාපියන්ගේ රීරි මාංසයම හූරා කා ලබන සැප සහ ධනවත්කම බලු නොවටී. එය මහා පාපයකි.

අපේ තාත්තා අපට අප පොඩි කාලයේ පටන්ම උගන්වා ඇති හරිහම්බ කිරීමේ න්‍යාය සහ හීනමානය යනු කුමක්‌දැයි මට තේරුණේ දිනක්‌ මා හිතවත් ටියුෂන් දෙන මිතුරෙකුගේ නිවසේ ගත කළ පැයක කාලය තුළදීය. ඔහුගේ දරුවන් එදා ගේ වටේ දුවමින් හොරා පොලිස්‌ සෙල්ලම් කළේ එවකට පැවති නවීනතම ජංගම දුරකථන කීපයක්‌ පරිහරණය කරමිනි. ගේ පුරා තැන් තැන් වල පොඩි සල්ලි කොළ සහ කාසි මලු ඔහේ දමා තිබුණි. ඔවුන් ඒවා ගණන් ගත්තේ වත් නැත. කුඩා කල කිසිවක්‌ නැතිව අන්ත දුප්පත් කටුක ජීවිතයක්‌ ගත කළ ඔහු අද ඒ සියල්ල වසා දමමින් අනවශ්‍ය භාණ්‌ඩවලින් නිවස පුරවා හීනමානය වසා දමන්නට උත්සුක වන අයුරුද දිටිමි. තමා කුඩා කාලයේ පටන් හදා වඩා ගත් දෙමාපියන් ගැන බලනවා තියා ඔවුන් ගැන කතා කරනවාටද මේ ගුරා කැමති නැත. ගෙදර මෙහෙකාරියට සහ කඩේ යන කොල්ලාට සලකන්නේ බල්ලන්ට බළලුන්ට මෙනි.

තවත් සමහර ටියුෂන් ගුරාලාගේ අරමුණක්‌ වන්නේ දරුවන්ගේ කරපිටින් ගොස්‌ රටේ නමගිය පොරක්‌ වීමටයි. ඒ සමහර විට දේශපාලනයට අවතීර්ණව පළාත් සභාවට හෝ පාර්ලිමේන්තුවට ගොස්‌ බලය වැඩිකර ගැනීමටයි. ඔවුන් ඒ සඳහා ඡන්ද රැස්‌ කරන්නට පටන් ගන්නේ සාමාන්‍ය පෙළ සිසුවාගේ සිටයි.

එමෙන්ම නාට්‍ය කලාවට සහ සිනමාවට දායක වන මාස්‌ටර්ලාද අප දනිමු. අප රටේ සිටින කෝටිපති ටියුෂන් සර්ලාගෙන් කී දෙනෙක්‌ රජයට ආදායම් බදු ගෙවනවාදැයි අපි නොදනිමු. සමහරු නම් කියන්නේ කෝටිපති මාස්‌ටර්ලා කලාවට අත ගහන්නේ ආදායම් බද්දෙන් බේරිමට බවයි. මෙහි ඇත්ත නැත්ත මා නොදිනිමි.

කුඩාවට පන්තියක්‌ දෙකක්‌ අරඹා මේ වන විට ජාත්‍යන්තර තලයේ පාසල් පවත්වාගෙන යන ඒ හරහා ලක්‍ෂ ගණන් මුදල් උපයන ජනප්‍රිය සර්ලා කීප දෙනෙක්‌ම මම හඳුනමි. එමෙන්ම දේශපාලනයට පිවිස මේ වන විට ඇමතිකම් දරණ ප්‍රසිද්ධ දේශපාලනඥයින් වූ සර්ලාවද දනිමි. එකල අප නුගේගොඩ සුප්‍රසිද්ධ ටියුටරියක අමතර අධ්‍යාපනය ලබද්දි දිය පිපාසය ආ කල මුලු ටියුටරියටම තිබූ එකම පයිප්පයෙන් වතුර උගුරක්‌ තොලගෑමට පෝලිමේ ඉඳිද්දි ඉස්‌සරහින් පැමිණ අපෙන් අවසර ගෙන පයිප්පය ළඟ දෙකට නැමී දෙඅත්ල ලංකොට දෝතින් වතුර බිවු සර්ලා කීප දෙනෙක්‌ම අද ඉන්නේ ඉතාම ඉහළ තැන්වලය.

නිවසට පැමිණ අධික මිලක්‌ අය කර පෞද්ගලිකව ඉන්ඩිවිජුවල් ක්‌ලාස්‌ කරන සර්ලා මිස්‌ලා ගැනද අවධානයෙන් සිටිය යුතු බව තරුණ දරුවන්ගේ දෙමාපියන්ට අවධාරණය කරන්නට කැමැත්තෙමි. එක්‌තරා ආයතනයක්‌ අහඹු ලෙස කළ සමීක්‍ෂණයකට අනුව නිවසට පැමිණ උගන්වන තරුණ සර්ලාගෙන් සිසු සිසුවියන් පමණක්‌ නොව තරුණ දෙමාපියන්ද නිවසේ මෙහෙකාරියන්ද ප්‍රවේසම් විය යුතුය.

සුපිරි පන්තියේ නාගරික පාසල්වල උගන්වන ගුරුවරියන් මුදල් ඇති පවුල් වල දරුවන් සඳහා කුඩා කණ්‌ඩායම් අතිරේක පන්ති තම නිවසේ පැවැත්වීමේ පුරුද්දක්‌ කාලයක සිට පවතී. මෙයින් ඔවුන් උපයන තම මාසික ගුරු වේතනය මෙන් දෙතුන් ගුණයක්‌ බව අප දනිමු. උන් කීයක්‌ හෙව්වත් අපට අවුලක්‌ නැත. නමුත් ප්‍රශ්නය වන්නේ පාසලේ වගකීම නොසලකා හැර එය සවස පන්තියේ උපරිමයෙන් කර මුදල් ඉපයීමයි.

අවසාන වශයෙන් කිවයුත්තේද ටියුෂන් දීම ටියුෂන් ගැනීම අද සුවකළ නොහැකි රෝගයක්‌ ලෙස ඔඩු දුවා ඇති බවයි. මෙයට ප්‍රධාන හේතුව අපේ අධ්‍යාපන ක්‍රමයයි මෙය වෙනස්‌ කළ යුතුය. නීති මගින් ටියුෂන් අවම කර හෝ නැත්තටම නැති කොට පාසල් අධ්‍යාපනය තව තවත් වැඩි දියුණු කළ යුතුය. දරුවන්ගේ මනසට වඩා දෙමාපියන්ගේ මනසේ පැලපදියම්ව සිටින ටියුෂන් මකරා පලවා හැරිය යුතුය.

මිත්‍ර ශ්‍රී කරුණානායක

 

ඔබේ දරුවා පරෙස්‌සම් කර ගතයුතු අලුත්ම ඩීවීඩී සෙල්ලම මෙන්න…. පෙනී සිටින්නේ ලංකාවේ ගැහැනු ළමයි සහ පිරිමි ළමුන්ය

ඔබේ දරුවා පරෙස්‌සම් කර ගතයුතු
අලුත්ම ඩීවීඩී සෙල්ලම මෙන්න….
පෙනී සිටින්නේ ලංකාවේ ගැහැනු ළමයි සහ පිරිමි ළමුන්ය

සියලු යහපත් දේවල් නරකට පෙරැළිය හැකි ආකාරය සිහියට ගනිමින් මේ ලිපිය ආරම්භ කරනු ලැබේ. ඒ මෙසේය, පිහියෙන් පාන් කැපිය හැකිය. මිනිසුන්ගේ බෙල්ල ද කැපිය හැකිය. විදුලියෙන් ලයිට්‌ පත්තු කළ හැකිය. එසේම විදුලිසර වද්දා මිනිහකු මැරීමට ද හැකිය. කාර් එකකින් අපට ගමන් කළ හැකිය. එසේම එය මිනිසුන්ගේ ඇඟේ හප්පා ඔවුන් වළපල්ලට යෑවීමට ද හැකිය. මෙයට අවුරුදු සිය ගණනකට පෙර චිත්‍රපට කර්මාන්තය පටන් ගන්නේ මිනිසුන්ට රසාස්‌වාදය සැපයීම සඳහා චිත්‍රපට හදන්නටය. එහෙත් අන්තිමේදී චිත්‍රපට කර්මාන්තය දෙකඩ වී හොඳ චිත්‍රපට මෙන්ම බ්ලූ ෆිල්ම් ද හැදෙන විට වැඩේ පත්තු විය. 1979 දී ඕලන්ද සමාගමක්‌ වූ පිලිප්ස්‌ සමාගම විසින් වීඩියෝ සි. ඩී. හෙවත් VCD තැටිය නිෂ්පාදනය කරන්නේ අඟලක්‌ උස, අඟල් 9 ක්‌ පළල අඟල් 8 ක්‌ දිග වීඩියෝ කැසට්‌ එකට දිය හැකි වඩාත්ම තුනී සහ වඩාත්ම පුංචි ආදේශකය ලෙසය. එහෙත් අද වන විට ලෝකයේ බ්ලූ ෆිල්ම් ගබඩා කරන ප්‍රධානතම මාධ්‍යය වී ඇත්තේ ද මෙකී VCD තැටිය ය. ලිංගිකත්වය යනු වහා ගිනි ගන්නා වූ භාණ්‌ඩයකි. මේ ගින්න පැතිර යැම කොතෙක්‌ ද යත් ඔබ මෙය කියවන මේ මොහොතේදීත් ගතවන සෑම තත්ත්පරයක්‌ පාසාම බ්ලූෆිල්ම් සඳහා ලෝකවාසී ජනතාව වැය කරන මුදල ලංකාවේ සල්ලිවලින් රුපියල් හාරලක්‍ෂ හතළිස්‌පන්දහස්‌ අටසිය හැත්තෑපහකි. අවුරුද්දකට රුපියල් 238896320000 (විසිතුන්දහස්‌ අටසිය අසූහතර කෝටි හැටතුන්ලක්‍ෂ විසිදහස) කි. එසේම සෑම තප්පරයක්‌ පාසාම 28258 දෙනෙක්‌ අන්තර්ජාලයෙහි බ්ලූෆිල්ම් නරඹති. අවුරුදුපතා ලොව වැඩිම බ්ලූ ෆිල්ම් ප්‍රමාණයක්‌ නිපදවන රටවල් වන්නේ ඇමරිකාව, බ්‍රසීලය, ඕලන්දය. ස්‌පාCඳ්Cඳය, ජපානය, රුසියාව, ජර්මනිය සහ එංගලන්තයයි. මේ රටවල් මේවා හදන්නේ තම රටවල්වල ජනයා සඳහා නොව පිටරටවල සිටින ජනයා සඳහා ය. එකී වෙනත් රටවලට ලංකාව ද අයත් ය.

*****************************************

මේ ළඟදී දවසක කොළඹ නගරාසන්නයේ පාසලක උගත් නව යොවුන් ශිෂ්‍යයකුට සිදු වූ සිද්ධියක්‌ විස්‌තර කරනු පිණිස මේ ලිපියේ දෙවැනි ඡේදය අරඹමු. අපේ කථානායකයාගේ වයස අවුරුදු 14 යි. ඔහු පදිංචිව සිටින්නේ තිඹිරිගස්‌යායේ කැප්පෙටිපොළ මාවත ආශ්‍රිත තට්‌ටු නිවාසයකය. ඔහු බටහිර චිත්‍රපට බැලීමට ඇබ්බැහිව සිටි ඉතා හොඳ රසඥතාවක්‌ ඇති යෞවනයෙකි. වැඩි පහසුව සඳහා මෙතැන් සිට අපි ඔහු ‘තිසර’ ලෙස හඳුන්වමු.

ඕ ලෙවල් විභාගය සඳහා සූදානම් වෙමින් සිටි තිසර සිය ජීවිතය කාල සටහනකට අනුව සකස්‌ කරගෙන සිටියේය. අලුයම හතරට අවදිවන ඔහු උදේ 6.30 වන තුරු පාඩම් කළේය. ඉන්පසු මුහුණ සෝදා ආහාර ගෙන පාසල් ඇඳුමින් සැරසී ඔහු මෝටර් රථයට නැංඟ විට රියෑදුරු ඔහු පාසලට ගෙන ගියේය. පාසල ඇරුණ පසු ගෙදර විත් ආහාර ගෙන මද විවේකයක්‌ ගත් තිසර ඉන් පසු කෙළින්ම ගියේ ටියුෂන් පන්තියකටය. සවස 5 ට ඉන් නික්‌මෙන ඔහු නගරයේ පිහිටි වීඩියෝ කඩයකට ගොස්‌ ඉංග්‍රීසි චිත්‍රපටයක්‌ ලබා ගන්නේය. සවස 6 ට ගෙදර පැමිණ පැයක්‌ විවේක ගන්නා තිසර රාත්‍රි 7 සිට 9 දක්‌වා පාඩම් කර රාත්‍රි ආහාර ගෙන රෑ 9.30 සිට 10.30 දක්‌වා VCD තැටිය බලා නින්දට යන්නේය.

මෙය පසුගිය වසර 3 තුළ තිසර අනුගමනය කළ කාල සටහනයි. ඔහු සෑම වාර විභාගයකදීම ඉතා ඉහළ ප්‍රතිඵල ගෙදර ගෙනාවේය. මේ නිසා මව හෝ පියා ඔහුගේ දෛනික ක්‍රියාවලියට මැදිහත් වූයේ නැත. ඕ ලෙවල් විභාගයෙන් තමා ලබන ඉහළ ප්‍රතිඵලය තිසර දැන සිටියේය. ඒ අනුව තමා ගණිත අංශයෙන් ඒ ලෙවල් විභාගය කරන බවත්, පසුව ඉංජිනේරු µeකල්ටියට තේරී ඉංජිනේරුවකු වන බවත් ඔහු අම්මාටත් තාත්තාටත් කීවේය. තිසරගේ සැලසුම ඉනුත් එහාට විහිදී තිබිණි. උපාධිය ලැබීමෙන් පසු ඇමරිකාවට ගොස්‌ වැඩිදුර උගෙන, කැලිෙµdaනියාවේ පසදිනා නගරයේ පිහිටි නාසා ආයතනයේ ‘ජෙට්‌ ප්‍රපල්ෂන් ලැබ්’ හෙවත් මිනිසුන් රහිත යානා අභ්‍යාවකාශයට යවන විද්‍යාගාරයේ රැකියාවක්‌ කිරීමට ඔහු අපේක්‍ෂා කළේය. ඔහු ජෙට්‌ ප්‍රපල්ෂන් ලැබ් එකට ආසා කළේ කීර්තිමත් ශ්‍රී ලාංකික විද්‍යාඥයකු වූ ආචාර්ය සරත් ගුණපාල එහි ඉහළ තනතුරක්‌ උසුලන හෙයිනි. මෙයට වසර 18 කට පමණ පෙර නාසා ආයතනය මගින් අඟහරු මතට යවන ලද ‘සර්ජෝනර්’ නමැති පරීක්‍ෂණ රථයේ සුවිශේෂ කැමරා ලෙන්සය නිපදවා තිබුණේ ආචාර්ය ගුණපාලය. මේ ලෙන්සය සතු විශේෂ ගුණයක්‌ තිබිණ. එනම් ඕනෑම වස්‌තුවක තාප ශක්‌තිය කියවා එම වස්‌තුවෙහි අඩංගු මූලද්‍රව්‍ය කවරේද යන්න හඳුනා ගැනීමට එම ලෙන්සයට හැකියාව තිබීමය.

මේ අතර තිසරගේ ජීවිතය පසුගිය වසරේ අගෝස්‌තු මාසයේදී නොසිතූ කඩඉමකට පිවිසුනේය. එම මාසයේ සති අන්ත දවසක VCD තැටියක්‌ ලබා ගැනීම සඳහා ඔහු කවදත් යනෙන වීඩියෝ කඩයට ගියේය. මෙහි මුදලාලි තරුණයෙකි. “මම මල්ලිව හම්බවෙන්නත් එක්‌ක හිටියේ. ඔයා හැමදාම ඔය ක්‌ලැසිකල් ඉංග්ලිෂ් ෆිල්ම්ස්‌ බල බලා ඉඳලා හරියන්නෙ නැහැ. ජීවිතයේ වෙනසක්‌ ගෙනෙන යමක්‌ බලන්න..” තිසර සමඟ මඳ වේලාවක්‌ කතා කළ තරුණ මුදලාලි කීවේය.

“මට තේරුණේ නැහැ අයියේ…….” තිසර කීවේය.

“මේකයි මල්ලි කතාව……..” මුදලාලි තරුණයා විස්‌තර කරන්නට විය. “මල්ලි හැමදාම ගෙනියන්නේ හැරිසන් ෙµdaඩ්, ෂෝන් ක්‌ලෝඩ් වෑන්ඩෑම්, ජැක්‌ නිකල්සන් වගේ ක්‌ලැසික්‌ නළුවන්ගේ චිත්‍රපට. ඒවට වැඩියේ හොඳ සිංහල sex ෆිල්ම් වගයක්‌ දැන් ඇවිත් තියෙනවා. ඔයා චිත්‍රපට බලන්නේ ලැප්ටොප් කම්පියුටරේ නිසා ගෙදරට මාට්‌ටු වෙන්නෙත් නැහැ. දැන් මම එයින් එකක්‌ ඔයාට නිකම් දෙන්නම්. ගෙදර ගිහින් බලන්න. හැබැයි කාටවත් කියන්න එපා මගෙන් ගත්තා කියලා.

මේ කතාව ඇසූ තිසර මදක්‌ කම්පනයට පත්විය. ඔහු මෙසේ කීවේය. “හැබැයි අයියේ මම බලන හැම වෙස්‌ටර්න් ෆිල්ම් එකකම sex ටිකක්‌ තියෙනවා. අයිය මට දෙන්න හදන්නේ බ්ලූ ෆිල්ම්ස්‌ද?”

“පිස්‌සුද මල්ලි…….? වීඩියෝ කඩේ මුදලාලි ක්‍ෂණික ප්‍රශ්නයක්‌ දැමීය “මල්ලි මේවා sex ම නෙමෙයි. ඔයා බලන Films වලට වඩා වෙනස්‌ ලෝකල් girls ලා boys ලා රඟපාන රොමැන්ටික්‌ චිත්‍රපටි.

ඉතින් ඒවා ෆිල්ම් හෝල්වල පෙන්වන්නෙ නැද්ද?

බැහැනෙ මල්ලි….. වීඩියෝ මුදලාලි කීවේය. “මේවා එහෙම පෙන්නන්න නම් රැඟුම් පාලක මණ්‌ඩලයට දාන්න ඕනෑ. එතකොට ඒකෙ ඉන්න කට්‌ටිය හිටු කියලා හොඳ හරිය කපනවා. අන්තිමට බලන්න වෙන්නේ නාමාවලියයි නිමි කියන කෑල්ලයි විතරයි. හෝල් එක ගානේ ශ්‍රී ලංකා මාතා සිංදුව දාන නිසා තව විනාඩියක්‌ විතර හෝල් එක ඇතුලේ හිටගෙන ඉන්නත් පුළුවන්.”

“හොඳයි අයියෙ. එහෙනම් මට එකක්‌ දෙන්න. ගාන කීයද?”

“මේකට සල්ලි එපා.” වීඩියෝ මුදලාලි කීවේය. ඊළඟ එකේ ඉඳලා සල්ලි දෙන්න. හැබැයි මම මේවා දෙන්නේ රෙන්ට්‌ එකට. (කුලියට) එක දවසකට රුපියල් දෙසීයයි. වැඩිවන හැම දවසකට රුපියල් 150 යි….”

සීඩී තැටිය බෑගයේ දමාගත් තිසර ගෙදර දිව්වේ කුරුල්ලකු පියාඹන තරම් වේගයෙනි. එදා රෑ නිදන කාමරයට ගොස්‌ දොර වසා ගන්නා තුරු ඔහුට ඉවසිල්ලක්‌ නැති විය. ඒ හවස්‌ වරුවේ ඔහු හරියාකාරව පාඩමක්‌ නොකළේද ඒ නොඉවසිල්ල විසින් සිත පෙළන ලද බැවිනි.

ලබන සතියේ තව කොටසක්‌

සෙක්‌ස්‌ටස්‌ රබන්කිකි`ද

 

තුන්වැනියකුට අමුතු චරිතයක්‌ දී කුළු ගෙඩි පහරින් මියදුණු දොස්‌තර දිනේන්ද්‍ර

තුන්වැනියකුට අමුතු චරිතයක්‌ දී
කුළු ගෙඩි පහරින් මියදුණු දොස්‌තර දිනේන්ද්‍ර

* අනුරාගයේ අසම්මතභාවය ඛෙදවාචකයකින් කෙළවරවිය

බටහිර ඔස්‌ටේ්‍රලියාව, පර්ත් නගරයේ ජෙරල්ඩ්ටන් නමැති ප්‍රදේශය හරහා යන ෂෙන්ටන් නමැති පාරේ අංක 6530 දරන තැන ජෙරල්ඩ්ටන් කැම්පස්‌ නමැති ශික්‍ෂණ රෝහල පිහිටියේය. ඔස්‌ටේ්‍රලියාව වැනි රටවල ආණ්‌ඩුවේ රෝහල් නැත. එහි තිබෙන සියලු රෝහල් පෞද්ගලික අංශයට අයත් වන අතර ඒවා පිහිටුවා ඇත්තේ එරට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉල්ලීම පරිදි පෞද්ගලික ආයෝජකයන් විසින් ය. ජෙරල්ඩ්ටන් කැම්පස්‌ රෝහල කුඩා ප්‍රමාණයේ එකකි. ඇඳන් ඇත්තේ 66 ක්‌ පමණි. විවිධ ජාතීන්ට අයත් දොස්‌තරලා සහ නර්ස්‌ලා මෙහි සේවය කළ අතර, අපේ කතානායකයා වූ ශ්‍රී ලංකාවේ අනුරාධපුරයෙන් පැමිණි 36 හැවිරිදි දොස්‌තර දිනේන්ද්‍ර අතුකෝරල ද ඔහුගේ බිරිඳ වූ 34 හැවිරිදි දොස්‌තර චමරි ලියනගේ ද මෙහි සේවය කළහ. රෝහල අසල පිහිටි නිවසක ඔවුහු ජීවත් වූහ. එය ප්‍රීතිමත් ජීවිතයක්‌ බව පෙනෙන්නට තිබිණි. දොස්‌තර චමරි ලියනගේ වැඩි කලබලයක්‌ නැති තරුණියකි. දොස්‌තර දිනේන්ද්‍ර හැම නිවාඩුවකදීම සිය බිරිය සමඟÊකොහේ හෝ සංචාරය කළේය. මෙ දෙදෙනා තුළ වූ ලොකුම අඩුපාඩුව වුයේ මත්පැන් පානයට අධික ලෙස පුරුදු වී සිටීමයි. ඔස්‌ටේ්‍රලියානු සංස්‌කෘතියට අනුව මත්පැන් පානය නරක පුරුද්දක්‌ හෝ සමාජ විරෝධී ක්‍රියාවක්‌ හැටියට නොසැලකේ. නූතන ඔස්‌ටේ්‍රලියන් තරුණ පරපුරේ වැඩිදෙනා වතුර වෙනුවට බොන්නේ බීරය.

2014 වසරේ ජුනි මාසය මුල සතිඅන්ත රාත්‍රියකදී දිනේන්ද්‍ර – චමරි දොස්‌තර යුවළ පර්ත් නගරයේ පිහිටි ඔවුනට හොඳටම හුරු පුරුදු හෝටලයට ගියේ රාත්‍රි ආහාර පිණිසය. චමරි සිංහල කෑමවලට ඉතා ප්‍රිය කළ කෙනෙකි. මේ හෝටලයේ සිංහල කෑම වර්ග නැතත් චීන කෑම විය. ප්‍රධාන චීන ආහාර වට්‌ටෝරුවල ප්‍රධාන අංගයක්‌ වන්නේ බත් ය. ඒවා sඑසජනැහ Rසජැ හෙවත් ඇලන සුළු කිරිබත් වැනි බත් වර්ගයකි. චමරි මේ බත්වලට මහත් සේ ආසා කළාය.

බත් චිලි චිකන් සහ වෙජිටබල් චොප්සුයි ඇනවුම් කළ චමරි සහ දිනේන්ද්‍ර ඒවා එනතුරු විස්‌කි පෙග් එක බැගින් (මිලි ලීටර් 60 – 40 අතර ප්‍රමාණයක්‌) පානය කළහ. ඒ අතර ඔවුන්ට වම් පැත්තෙන් වූ මේසයක විස්‌කි වීදුරුවක්‌ තොලගාමින් හුදෙකලාව සිටි 17 හැවිරිදි සුන්දර සුදු ජාතික තරුණියක්‌ ඔවුන් දෙස බලා හිතකාමී සිනාවක්‌ පෑවාය. දොස්‌තර යුවළ ද පෙරළා ඔවුන් සමඟ සිනාසුනහ. ඊළඟ මොහොතේදී ඔවුන්ගේ මේසයට පැමිණීමට සුරූපී නව යෞවනිය සූදානමක්‌ දැක්‌වූවාය. “එන්න ඇවිත් අපට ජොයින් වෙන්න……” දිනේන්ද්‍ර ඇයට කීවේය. වහා ඔවුන් වෙත පැමිණි ඇය පැය එකහමාරක පමණ කාලය ඔවුන් සමඟ ගත කළාය.

අපි දැනට ඇය එලිසා ලෙස හඳුන්වමු. ඇය නව යොවුන් පාසල් ශිෂ්‍යාවකි. කලා උපාධියක්‌ සඳහා සුදුසු විශ්වවිදයාලයක්‌ සොයමින් සිටි ඇය ඔස්‌ටේ්‍රලියන් සංස්‌කෘතියට අනුව නිදහසේ හැසුරුණු කෙනෙකි. එලිසා තරුණයන් රැසක්‌ ඇසුරු කළ අතර නයිට්‌ ක්‌ලබ් යැමටත් රාත්‍රි ගමන්වල යෙදීමටත් පුරුදුව සිටියාය. ඇයට හොඳට මත්පැන් බීමට හැකි විය. එසේම ඇය තවදුරටත් කන්‍යාවක ද නොවූවාය. තමා පිළිබඳ සියලු තොරතුරු චමරි සහ දිනේන්ද්‍ර ඉදිරිපිට වැමෑරූ ඇය ඊළඟ දවසේත් මේ හෝටලයේදීම හමුවෙමු යෑයි කියමින් රාත්‍රි 11 ට පමණ නික්‌ම ගියාය.

“හරි හොඳ ගර්ල් කෙනෙක්‌ නේද චමරී…….?” සිය බිරිඳ සමඟ ආපසු නිවසට එන අතර දොස්‌තර දිනේන්ද්‍ර කීවේය. “හරිම නිදහස්‌ සිතුවිලි තියෙන කෙල්ලක්‌……..”

එහෙත් චමරි එයට උත්තර දෙන්නට ගියේ නැත. “ඔයාට එයා ගැන ඉරිසියාද….” දිනේන්ද්‍ර සිනා සෙමින් සිය බිරියගෙන් විමසුවේ ඇගේ කර වටා අත යවමිනි.

“ඔව් මට ඉරිසියා තමයි……” චමරි කීවාය. ඔයා වෙන ගෑනියකගේ ලස්‌සන කියන කොට මට ඉරිසියා නැද්ද?”

“කොච්චර ලස්‌සන කෙල්ලො හිටියත් මම ආදරේ ඔයාට විතරයි. මාව තෘප්තිමත් කරන්න පුළුවන් ඔයාට විතරයි….” දිනේන්ද්‍රගේ වචන මහත් අනුරාගි විය. එදා අලුයම් කාලය වන තුරු අවදිව සිටි ඔවුහු නිදන කාමරයේ යහන මතට වී බොහෝ අනුරාගී දේවල් කතා කළහ. ඒ අතර කිහිපවිටක්‌ එකිනෙකාගේ සිරුරු වෙතින් සැනසුනාහ. ඉරිදාවක්‌ වූ පසුදින දහවල් 10 වන තුරු නිදා ගත්හ.

************************

මාස කිsහිපයක්‌ ගෙවී ගියේය. චමරි දිනේන්ද්‍ර දොස්‌තර යුවළ නිතරම එලීසා හමුවූහ. ඒ හැම හමුවක්‌ම චීන කෑම සහ මත්පැන් පිරී ඉතිරී ගිය කෑදර හමුවීම්ය. සමහර විට චමරි බලා සිටියදීම දොස්‌තර දිනේන්ද්‍ර එලිසාගේ රුව වර්ණනා කළාය. චමරි එයට කොතරම් අකමැති වුවද දිනේන්ද්‍රට එම අකමැත්තෙන් වැඩක්‌ වූයේ නැත.

“ඔයා දවසක්‌ එන්නකෝ අපේ ගෙදර රෑ නවතින්න….. “දිනෙන්ද්‍ර එලිසාට දිනක්‌ ආරාධනා කළේය.

චමරි එක්‌කෝ එයට විරුද්ධ වුයේ නැත; නො එසේ නම් එයට විරුද්ධ වීමට ඇයට ශක්‌තියක්‌ තිබුණේ නැත.

“හොඳයි මම ඊළඟ වීකෙන්ඩ් එකේදී එන්නම්….” එලිසා දිනේන්ද්‍රට පොරොන්දු විය. ඊළඟ වීක්‌එන්ඩ් එක හෙවත් සති අන්තය එළඹිණ. 2014.ජුනි 24 වූ එදා උදෙන් ම නගරයට ගිය දිනේන්ද්‍ර අලුත් වීඩියෝ කැමරාවක්‌ ද සිය බිරිය සඳහා අලුත් සපත්තු කුට්‌ටමක්‌ ද මිලට ගත්තේය.

මොකටද මේ වීඩියෝ කැමරාව….?” දිනේන්ද්‍ර ගෙදර පැමිණි පස චමරි විමසුවාය.

“අද රෑ වෙනස්‌ම වැඩක්‌ කරන්නයි හදන්නේ…. ඒකට ඔයා මට උදව් කරන්න……..”
චමරි නිහඬ වූවාය.

සවස්‌ වන විට එලිසා එහි පැමිණියාය. පසුව එලිසා හා දිනේන්ද්‍ර නිදන කාමරයට ගියහ. චමරි නිදන කාමරයට එන විටත් දිනේන්ද්‍ර සහ එලිසා මත්පැන් පානය කරමින් සිටියාය. හොඳටම බීමත් වූ පසු දොස්‌තර යුවළ එලිසා ඉදිරිපිට අඹුසැමියන් සේ හැසිරුණහ. අලුත් කැමරාවෙන් ඒවා වීඩියෝ කරන ලදී. ඉන් පසු තවත් බොහෝ දේ සිදු වූ අතර ඒවා පුවත්පත්වල සටහන් කළ නොහැකි දේය. අලුයම වන විට එලිසාට ගෙදර යැමට වුවමනා විය. දොස්‌තර යුවළ ඇය සිය රියෙහි දමාගෙන ගොස්‌ ගෙදරටම ඇරලූහ.

පසුදා උදෑසන පර්ත් නගරයේ පොලිසියට ඇමතුමක්‌ ලැබිණ. එයින් කියෑවුණේ දොස්‌තර දිනේන්ද්‍ර අතුකෝරළ නිදි යහනේදීම මරාදමා ඇති බවය.

දොස්‌තර නිවසට පැමිණි පොලිසිය දිනේන්ද්‍රගේ මළ සිරුර අසල වූ මිටියක්‌ සොයා ගත්තේය. එය කිලෝඑකයි ග්‍රෑම් හත්සිය අනූවක්‌ බර පරණ තාලයේ කුළුගෙඩියක හැඩය ගත් මිටියකි.

දිනේන්ද්‍රගේ මරණය සම්බන්ධයෙන් සැකපිට දොස්‌තර චමරි අත්අඩංගුවට ගන්නා ලදී. ඇය එදා කියා සිටියේත්, සිද්ධියෙන් අවුරුද්දයි මාස 8 ක්‌ ගත වී අති මෙකල කියන්නේත් තමා විසින් තම සැමියා ඝාතනය නොකරන ලද බවය. එදා මම හොඳටම බීලා හිටියේ. මට ඇත්තටම වැඩි වුණා. එළිවනතුරු සිද්ධ වුණ කිසි දෙයක්‌ මට මතක නැහැ…”

එහෙත් පැමිණිල්ලේ නීතිඥයන් පවසන්නේ දොස්‌තර දිනේන්ද්‍ර එලිසා සමඟ අඹු සැමියන් සේ හැසිරුන බව හෝ එසේ හැසිරෙන්නට උත්සාහ කළ බවත් එය දැකීමෙන් වියරු වූ බීමත් චමරි එලිසා ගෙදර ඇරලවා ආපසු පැමිණ දිනේන්ද්‍රට මිටියෙන් ගැසූ බවත් ය.

එලිසාගේ සාක්‍ෂිය බෙහෙවින් අවුල් සහගතය. ඇය කියන්නේ තමන් නිතරම දොස්‌තර යුවළගේ නිවසට ගිය බවය. විටෙක ඔවුන් සමඟ නිරුවතින් එක නාන කාමරයේ ස්‌නානය කළ බව ය.

මේ අතර චමරි විසින් ලියන ලද දින පොතක්‌ ද පොලිසිය භාරයේ ඇත. එය කියන්නේ අමුතුම කතාවකි. සිය සැමියා වෙතින් තමා නිතරම අපහරණය කෙරුණ බවත්, බළලකුට හසුව සිටින මීයකුගේ තත්ත්වයට තමා පත්ව සිටින බවත් ඇය එහි ලියා තිබේ. මේ අතර පසුගිය දිනෙක චමරි බලන්නට ඇගේ වෛද්‍ය මිතුරියක්‌ සිර ගෙදරට ගියාය. “මට මෙහේ හරි නිදහස්‌. හුඟ කලකින් මම නිදහස භුක්‌ති විඳිනවා. මොකද මගේ විවාහ ජීවිතය මීට වඩා දරුණු හිර ගෙයක්‌” චමරි සිය මිතුරියට කීවාය.

අශේන් රඔකොස්‌වැව

 

තරුණ ජීවිත අමාරුවේ දමා අධ්‍යක්‌ෂත් හිරේ ගිය ‘වෙන්ඩ නිළි’ ආශාව


තරුණ ජීවිත අමාරුවේ දමා අධ්‍යක්‌ෂත් හිරේ ගිය
‘වෙන්ඩ නිළි’ ආශාව

එක්‌තරා ජාතික පුවත්පතක දැන්වීමක්‌ පළවිය. එහි සඳහන්ව තිබුණේ “නටලා බලමුද” චිත්‍රපටය සඳහා නවක නළු නිළියන් අවශ්‍ය බවත්, රඟපෑමට කැමැති අය සිටීනම් පහත දුරකථන අංකවලට අමතන ලෙසත්ය. ජංගම දුරකථන අංක දෙකක්‌ සමඟ 2/14 බී, ගම්මන්පිල, බණ්‌ඩාරගම යන ලිපිනය එහි සඳහන් කර තිබුණි.

ඉන්දියාවේ මෙන්ම ලංකාවේද නළු නිළි පිස්‌සුව ඔළුවට ගැහූ බොහෝ පිරිසක්‌ සිටිති. ඒ සඳහා ඔවුහු නොකරන දෙයක්‌ නොමැත. සමහර තරුණයෝ අතදිග හැර ලක්‍ෂ ගණන්වලින් මුදල් පවා වියදම් කරති. ඒ වාගේම නිළි උණ සෑදුණු තරුණියෝ තම ශරීරය හෝ උගසට තබා නිළියක්‌ වීමට වෙර දරති. “නටලා බලමුද” චිත්‍රපටයේ දැන්වීම පළවී පැය ගණනක්‌ ඇතුළත ලංකාවේ සතර දෙසින් තරුණ තරුණියෝ එම දුරකථන අංක දෙකට ඇමතුම් ලබා දුන්නෝය.

එම දැන්වීම පුවත්පතට බාරදී තිබුණේ දිලුම් සේනාධීර නමැති පුද්ගලයෙකි. “නටලා බලමුද” චිත්‍රපටියේ අධ්‍යක්‍ෂක, නිෂ්පාදක ඇතුළු සියලු තනතුරු දරන්නේ මෙම පුද්ගලයාය. දුරකථන ඇමතුම් ලබාදුන් තරුණ තරුණියාa කිහිප දෙනකුට මෙම පුද්ගලයා දිනයක්‌ ලබාදී එම දැන්වීමේ සඳහන් ලිපිනයට පැමිණෙන ලෙස දැන්නුවේය.

එම පණිවුඩය ලැබීමත් සමඟ සමහර තරුණ තරුණියන්ට හරිහැටි නින්දවත් ගියේ නැත. සමහර තරුණියෝ එහි ප්‍රධාන චරිතය රඟපාන අයුරු සිහිනෙන් පවා දුටුවෝය. තවත් තරුණියක්‌ තම හොඳම යෙහෙළියට පැවසුවේ මාව අලුත් චිත්‍රපටියකට තෝරාගෙන තියෙනවා. “ඉන්ටවීව්” එක තියෙන්නෙ අහවල් දවසේ. අනිවාර්යෙන්ම ලස්‌සන නිසා මාව ප්‍රධාන චරිතයකට තෝරගනීවි කියාය. සමහර තරුණියෝ ජනප්‍රිය නිළියක්‌ රඟපාන අයුරු අනුකරණය කරමින් පුරුදු පුහුණුවීම් කළහ.

“ඉන්ටවීව්” දිනය උදාවිය. අවිස්‌සාවේල්ල, දඹදෙණිය, කළගෙඩිහේන, වැලිවේරිය, පිළියන්දල ආදී ප්‍රදේශ ගණනාවකින් තරුණ තරුණියෝ 2/14 බී., ගම්මන්පිල, බණ්‌ඩාර ගම යන ස්‌ථානයට උදෑසනම පැමිණ සිටියහ. පැමිණි පිළිවෙල අනුව තරුණ තරුණියෝ එක පෙළකට එක්‌ රොක්‌ වූහ. “නටලා බලමුද” අධ්‍යක්‍ෂ දිලුම් සේනාධීර ඔවුන් ඉදිරියට පැමිණියේ හිතින් මවාගත් ගාම්භීරත්වයකින් යුක්‌තවයි.

දිලුම් සේනාධීර පැමිණි සිටි තරුණ තරුණියන් සැවොම ඉන්ටවීව් කළේය. එදින පැමිණ සිටි සෑම දෙනාවම තිරගතවීමට නියමිත චිත්‍රපටය සඳහා තෝරා ගන්නා බව පැවසූ හෙතෙම පොඩි කතාවක්‌ද පැවැත්වූයේය.

සමහර තරුණියන් පැමිණ තිබුණේ තම දෙමාපියන් සහ භාරකරුවන් සමඟය. දිලුම් සිය කතාවට එම වැඩිහිටියන්වද සහභාගි කරවා ගත්තේය.

එම කතාව ඔහු පටන් ගත්තේ මෙලෙසින්ය. “නටලා බලමුද චිත්‍රපටිය සඳහා තෝරා ගන්නා සියලු දෙනාම මගෙන් නේවාසික පුහුණුවක්‌ ලබාගන්න ඕනෑ. එහිදී මම නර්තනය හා රඟපෑම ගැන කියලා දෙනවා. ඒවා සේරම හොඳින් ඉගෙන ගන්න ඕන. පුහුණු කාලය තුළදී මෙම ස්‌ථානයෙන් පිටතට ගන්න බැහැ. ජංගම දුරකථන පාවිච්චි කරන්න බැහැ. පුහුණුව අවසන් වනතුරු දෙමාපියන්ට සහ භාරකරුවන්ට මෙම ස්‌ථානයට එන්න බැහැ හදිසි පණිවුඩයක්‌ දැනුම් දෙන්න තියෙනව නම් මම දෙන දුරකථන අංකයට පමණක්‌ කතා කරලා දැනුම් දෙන්න. ඒ වගේම නේවාසික පුහුණුව ලබන අයට කෑම බීම, ඉඳුම් හිටුම් සියල්ලම නොමිලෙය් ලබා දෙනවා. තඹ ශතයක්‌වත් ඒවට මම අය කරන්නෙ නැහැ. අවුරුදු 20 ක්‌ පමණ මම මේ ක්‌ෂේත්‍රයේ ඉඳලා තියෙනවා. දක්‌ෂ නළු නිළියෝ රටට බිහි කරලා තියෙනවා. ඒක නිසා මගේ අයගේ වගකීම තමයි කියන දේ හොඳින් අධ්‍යයනය කරලා මට කීකරුව ඉන්න එක. එහෙම වුණොත් ඔයගොල්ලන්ගේ අනාගතයත් දීප්තිමත් වෙනවා.”

දිලුම් සේනාධීරගේ කතාවට තරුණියෝ පමණක්‌ නොව ඔවුන් සමඟ පැමිණ සිටි වැඩිහිටියෝaද ආකර්ෂණය වූහ. ඔවුහු සිතුවේ මැදිවියත් පසුකර සිටින මෙම පුද්ගලයා තම දරුවන්ගේ ඉෂ්ට දෙවියන් කියාය. වැඩිහිටියෝ කිසි බියක්‌ සැකක්‌ නොමැතිව දිලුම් සේනාධීරට තම දරුවන් බාර දුන්හ.

එදින අලුතින් පැමිණි තරුණියන් හා තරුණයන් තුන්දෙනකු එකිනෙකා හඳුන්වාදී ඔවුනොවුන් සමඟ සහයෝගයෙන් වැඩකරන ලෙස උපදෙස්‌ දුන්නේය. එම දෙමහල් නිවසේ ඉහළ මාලයේ තරුණයන්ට සහ පහත මාලය තරුණියන්ට වෙන්කරදී නවාතැන් පහසුකම් ලබා දුන්නේය. දිලුම් සහ ඔහුගේ බිරිඳ යෑයි කියා ගන්නා කාන්තාවද වාසය කළේ එම නිවසේමයි.

දින දෙකක්‌ ගෙවී ගිය පසු දිලුම් රාත්‍රී 8.30 ට පමණ තරුණ තරුණියන් සාලයට කැඳවා ඉදිරියේදී තිරගත වීමට නියමිතව ඇති “නටලා බලමුද” චිත්‍රපටය පිළිබඳව හැඳින්වීමක්‌ කළේය.

පසුව නර්තන පුහුණුවක්‌ ලබාදෙන බව පවසා කැසට්‌ රෙකෝඩරයකින් සංගීතය සපයා නර්තනයේ යෙදෙන ලෙස ඔවුනුන්ට පැවසීය. නළු නිළියන් වීමට ඇති ආශාව නිසා හැකි උපරිම අයුරින් තරුණ තරුණියෝ නර්තනයේ යෙදුණහ.

වයස අවුරුදු පනහ ඉක්‌මවූ දිලුම් තරුණියන් නර්තනයේ යෙදෙන අයුරු බලා සිටියේ මහත් කෑදරකමකිනි. ඔහුගේ හිත කාම ගින්නෙන් දැවී තිබුණත් ඔහු එය එම තරුණියන්ට එකවරම පෙන්වූයේ නැත. ඔහුට උවමනා වී තිබුණේ හෙමින් සීරුවේ මෙම තරුණියන් වෙත ළංවීමටයි. මේ කිසිදෙයක්‌ නොදත් එම තරුණියෝ නිළියන් වීම සඳහා නර්තනයේ යෙදුණහ.

එදින නර්තන කටයුතු අවසන් වූ පසු දිලුම් තරුණ තරුණියන්ට පැවසුවේ එම නර්තනයෙන් තමන් කිසිසේත් සෑහීමකට පත් නොවන බවත් හෙට සිට තමා කියන ලෙස නර්තන කටයුතුවල නිරතවන ලෙසත්ය. තරුණ පිරිස ඔහුගේ වදන් හිස්‌ මුදුනින් පිළිගත්හ.

පසුදින නර්තන පුහුණුවීම් කටයුතු ඇරැඹුණි. ඒ රාත්‍රි අට පසුවීමත් සමගයි. එදින දිලුම් නර්තනයේ යෙදෙන විට තරුණියන් දුහුල් ඇඳුමක්‌ ඇඳිය යුතු බවත් එලෙස ඇඳීමෙන් නර්තනයේ යෙදෙන විට ශරීරයේ අවයව වල නම්‍යතාවය හොඳින් බලාගත හැකි බවත් පැවසීය. තවද පුහුණුවීම් කරන යම් අවස්‌ථාවලදී තමා ඔවුන්ව තුරුලු කරගන්නා බවත් ඒ ගැන වැරැදි විදිහට නොහිතන ලෙසත් ඔහු පැවසීය. වැඩිදුරටත් ඔහු පැවසුවේ නිළියක්‌ වුණාම එවැනි දේවලටත් පුරුදු විය යුතු නිසා තමයි එහෙම කරන්නේ කියාය. තම චිත්‍රපටියේ එවැනි දර්ශන තිබෙන බවත් ඒවා පුහුණු නොවී රඟපෑමෙන් රූප රාමුව තාත්වික නොවන බවත්ය.

දිලුම්ට අවශ්‍ය වූයේ එම තරුණියන්ට නෝතෙරෙන ලෙස ළංවී ඔවුන්ගෙන් ලිංගික සතුටක්‌ ලැබීමටයි. නිළියක්‌ වීමේ ආශාව නිසා තරුණියන්ට එය නොතේරුනි. නර්තන පුහුණුවීම් කටයුතුවලදී තරුණියන්ට බැණ වැදීමද ඔහුගේ තවත් එක්‌ සිරිතක්‌ විය. ඔහු එලෙස කළේ තරුණියන් බිය වද්දා ගැනීමටයි.

දිලුම්ට අවශ්‍ය වී තිබුණේ හැකි ඉක්‌මනින් තම පහත් අරමුණු ඉටුකර ගැනීමටයි. නර්තනයේ යෙදෙන විට තරුණියන්ගේ අඟ පසඟ අල්ලා ඔහු ලිංගික තෘප්තියක්‌ ලැබුවේය. සමහර අවස්‌ථාවල අනවශ්‍ය ලෙස තරුණියන්ගේ අඟ පසඟ ස්‌පර්ශ කළත් ඔවුහු නිශ්ශබ්දව සිටියේ නිළියක්‌ වීමේ ආශාව සංසිඳුවා ගැනීම සඳහාය.

දින කිsහිපයක්‌ ගතවීමෙන් පසු තරුණියන්ගේ ශරීරයේ බොහෝa ස්‌ථාන ඇල්ලීමට දිලුම් පුරුදු විය. ඒ සමඟම ඔහු වඩා දැඩි නීති රීති එම තරුණියන්ට පැනවීය. එක්‌ දිනක්‌ දහවල් කාලයේ එහි සිටි තරුණ පිරිසක්‌ පානදුර වෙරළට ගොස්‌ තිබුණි. එය ආරංචි වීමත් සමඟ දිලුම් යක්‌ෂාවේශ විය. එහි ගිය ඔහු තරුණියන්ට දිගට හරහට අතින් පයින් පහර දුන්නේය. අවසානයේ වේදනාව ඉවසා ගැනීමට නොහැකිවූ එක්‌ තරුණියක්‌ ඇඳුම් රැගෙන එම ස්‌ථානයෙන් පැන යැමට සැරසුණාය. එවිට දිලුම් ඇයට තර්ජනය කර පවසා ඇත්තේ යනවා නම් රුපියල් ලක්‌ෂ දෙකක්‌ දී යන ලෙසයි. නැතිනම් මරණ බවටද තර්ජනය කර ඇත. අවසානයේ තරුණියන් සියල්ල ඉවසුවේ “නටලා බලමුද” චිත්‍රපටියේ රඟපෑමට ඇති ආශාව නිසාය.

තවත් රාත්‍රියක්‌ උදාවිය. නර්තන පුහුණුවීම් පටන් ගැනීමට සූදානම් විය. දිලුම් එදින පැමිණියේ වෙනදාට වඩා මත්පැන් පානය කර යට ඇඳුම පිටින්ය. තරුණියෝ පුදුම වී එදෙස බැලුවෝය. නමුත් දිලුම්ට එය ගාණක්‌ නොවීය. පුදුමයෙන් මෙන් තමන් දෙස බලන තරුණියන් අමතා දිලුම් මෙසේ කීවේය. “ඇයි බයවෙලා වගේ මං දිහා බලන්නේ… දැකලා නැද්ද චිත්‍රපටිවල යට ඇඳුම පිටින් නළුවෝ ඇවිත් රඟපානවා. නිළියොත් ඕන තරම් ඉන්නේ යට ඇඳුම් පිටින්. අපි පුරුදු වෙන්නේ ඒ වගේ සීන් එකක්‌. ඒක්‌ නිසා බය නැතිව ඉන්න….”

මෙය ඇසීමෙන් තරුණියන්ගේ ඉහමොළ රත්විය. නමුත් නිළියක්‌ වීමේ ආශාව නිසා එය ඉවසූහ. එදින මුලින්ම නර්තනයේ යෙදුණේ තරුණයන්ය. පැයකින් පමණ ඔවුන්ගේ නර්තනය අවසන් බව ඔහු කීවේය. ඉන්පසු එම තරුණයන්ට තමන්ගේ කාමරවලට යන ලෙස උපදෙස්‌ දුන්නේය. තම බිරිඳ යෑයි කියාගත් කාන්තාවටද එම ස්‌ථානයෙන් පිටත්වෙන ලෙස නියෝග කළේය.

පසුව ළඟදී ආ තරුණියන් තිදෙනාට නර්තනයේ යෙදෙන ලෙස යට ඇඳුමෙන් පමණක්‌ ඇඳ සිටි දිලුම් පැවසීය. නර්තනයේ යෙදෙන තරුණියන්ගේ අත්පා ආදිය බීමත්ව සිටි ඔහු අතපත ගෑවේය. ඒ සමග එන්න එන්නම දිලුම්ගේ කාම ආශාවද වැඩිවිය. ගීතයේ රිද්මයට ඇඟේ හැඩ බැලීමට අවශ්‍ය බව පැවසූ මෙම කාමාතුරයා තරුණියන්ට දුහුල් ඇඳුම් ශරීරයෙන් ඉවත් කර නිරුවතින් නටන ලෙස නියෝග කළේය. නමුත් තරුණියෝ එයට අකමැති වූහ. මෙහි දී යක්‍ෂාවේශ වූ මොහු තරුණියන්ට පහරදී ඇඳුම් ගැලව්වේ චිත්‍රපටියේ රඟපෑමට අවස්‌ථාවක්‌ නොදෙන බව පවසමිනි. නමුත් එම තරුණියෝ එයට අකමැති වූහ.

කාමයෙන් ඇවිස්‌සී සිටි මේ කාමාතුරයා තරුණියකට හොර රහසේම සිහිය නැතිවීම සඳහා යම්කිසි පානයක්‌ ලබා දුන්නේය. එය පානය කළ තරුණිය නර්තන ශාලාව මැද ඇදවැටින. දුහුල් ඇඳුමකින් සැරසී සිටි ඇයගේ කලවා යුගලය සම්පූර්ණයෙන් නිරාවරණය වී තිබුණි.

සිහි විකල් වී වැටී සිටි තරුණිය දෙස මෙම කාමාතුරයා බැලුවේ තොල කට ලෙවකමින්ය. තරුණිය ළඟට පැමිණි දිලුම් ඇයගේ ශරීරයේ තිබූ දුහුල් ඇඳුම ගලවා වීසි කර දැමුවේය. ඉන්පසු මේ තිරිසනා තමාගේ පහත් ආශාවන් ඉටුකර ගත්තේය.

තරුණියට සිහිය එන විට මෙම කාමාතුරයා ශරීරයේ නූල් පටක්‌වත් නොමැති ව ඇයව තුරුලු කරගෙන සුව නින්දකට ගොස්‌ය. ඇයට කුමක්‌ වූවාද කියා ඇයට මතක නැත. නමුත් ශරීරයේa යම් ස්‌ථානවල ඇති වේදනාවක්‌ නිසා වූදේ ක්‌ෂණිකව ඇයට තේරුම් ගියේය. දැන් සියල්ල සිදුවී හමාරය. ඉතිරි වී ඇත්තේ නීතියේ පිහිට පැතීම පමණි.

වහාම එම ස්‌ථානයෙන් පැනගත් තරුණියන් තිදෙනකු සහ එක්‌ තරුණයකු බණ්‌ඩාරගම පොලිසියට පැමිණ තමන්ට වූ සියලු දේ පිළිබඳ පවසා පැමිණිල්ලක්‌ දැමීය. ඒ අනුව ක්‍රියාත්මක වූ බණ්‌ඩාරගම පොලිසියේ ස්‌ථානාධිපති ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක රොෂාන් අමරසිංහ මහතා ඇතුලු පොලිස්‌ නිලධාරීහු පිරිසක්‌ අදාළ පුද්ගලයා සහ බිරිඳව අත්අඩංගුවට ගත්හ. වැඩිදුර පරීක්‍ෂා කිරීමේදී හෙළිවී තිබුණේ මොහු එක්‌ තරුණියක්‌ දූෂණය කර ඇති අතර තවත් තරුණියක ලිංගික අපයෝජනයකට ලක්‌කර ඇති බවයි. එසේම මෙම සැකකරු නර්තන පුහුණුවක්‌ හෝ ඒ සම්බන්ධයෙන් කිසියම් දැනුමක්‌ ඇති බවට කිසිදු ලිපිලේඛනයක්‌ හෝ නොමැති අයෙකු බවයි.

එසේම ඔහුගේ බිරිඳය කියා ගත් කාන්තාව නීත්‍යනුකූල බිරිඳ නොවන බවටත් අනාවරණය විය. පසුව මෙම සැකකරු අධිකරණයට ඉදිරිපත් කළ අතර ලබන 10 වැනිදා තෙක්‌ රක්‌ෂිත බන්ධනාගාරගත කළ අතර බිරිඳ යෑයි කියාගත් කාන්තාවටද ඇප ලබාදී තිබුණි.

පානදුර කොට්‌ඨාස භාර පොලිස්‌ අධිකාරී සමන් රත්නායක, සහකාර පොලිස්‌ අධිකාරි සුසිල් විඡේගුණවර්ධන යන මහත්වරුන්ගේ උපදෙස්‌ මත බණ්‌ඩාරගම පොලිසියේ ස්‌ථානාධිපති ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක රොෂාන් අමරසිංහ, අපරාධ අංශයේ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‍ෂක සංජීව, සුළු පැමිණිලි අංශයේ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‍ෂක අරුණ, ළමා හා කාන්තා කාර්යාංශයේ ස්‌ථානාධිපති පොලිස්‌ සැරයන් (521) ඩී. එම්. ආර්. මැණිකේ යන නිලධාරීහු මෙම සිද්ධිය පිළිබඳව පරීක්‍ෂණ පැවැත්වූහ.

ගයාන් සමරසිංහ

 

තොල් සිප ගන්නා දර්ශන ඇතුළත් ආන්දෝලනාත්මක ගීතය ගැන පසු කතාවක්‌… ගීතය සිල් බිඳගනිද්දී සංස්‌කෘතිය මුල් සිඳගන්නා ගීත රූප රචනය


තොල් සිප ගන්නා දර්ශන ඇතුළත්
ආන්දෝලනාත්මක ගීතය ගැන පසු කතාවක්‌…
ගීතය සිල් බිඳගනිද්දී
සංස්‌කෘතිය මුල් සිඳගන්නා ගීත රූප රචනය

දැනටමත් ලක්‍ෂ හතකට වැඩිය නරඹලා

පළවැනි ප්‍රශ්නය මේවා නිර්මාණද කියන එකයි
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානව විද්‍යා අංශයේ මහාචාර්ය යසාංජලී ජයතිලක

ගීත රූප රචනා කලාව මේ දිනවල හරි ජනප්‍රිය මාතෘකාවක්‌. ගීතයක්‌ නිර්මාණය කරලා නාලිකාවන්ට මුදාහරිනවාට වඩා අද කාලේ මහන්සිවෙන්නේ ගීත රූප රචනාවක්‌ නිර්මාණය කරන්න. ගීත රූප රචනා කලාව අද වන විට ඒ තරමටම රැල්ලක්‌ බවට පත්වෙලා. එදා ගීතයක්‌ ජනප්‍රිය වුණේ සංගීතයට, පද රචනයට සහ ඒ ගීතය ගායනා කරන ගායකයාගේ හඬටය. නමුත් වර්තමානයේ තාරුණ්‍යය විසින් ඒ සියල්ල අභිබවා මූලිකත්වය දෙනු ලබන්නේ ගීත රූප රචනාවටය. ගීත රූප රචනාවකින් සමාජයට පණිවුඩයක්‌ ලබාදිය යුතුය. ඒ අප හිතන පතන විදිහය. නමුත් වත්මත් පරපුර ගීත රූප රචනාවකින් එවැනි දෙයක්‌ බලාපොරොත්තු වේ යෑයි සිsතිය නොහැකිය. අප එසේ පවසන්නේ මේ දිනවල ෙaජැඉදදන සහ ඹඑමඉe හරහා කතාබහට ලක්‌වන ගීත රූප රචනාවක්‌ හේතුවෙනි.

මෙම ගීතයේ රූප රචනාවට ඉදිරිපත් වී සිටින්නේ ජනප්‍රිය රංගන ශිල්පිනියක වන නදීෂා හේමමාලිය. ඇය කලා ක්‍ෂේත්‍රයේ විතරක්‌ නොවේ දේශපාලන ක්‍ෂේත්‍රයේද කතාබහට ලක්‌වන චරිතයකි. පසුගිය කාලයේ ඇය දකුණු පළාත් සභාවට එජාපයෙන් තරග කර පරාජයට ද පත්විය. අප සඳහන් කරන්න යන්නේ ඇගේ දේශපාලන ගමන පිළිබඳව නම් නොවේ. ඇය මේ ගීතයේ සිදුකරනු ලබන තොල් සිපගැනීම සහ තරුණයකු සමග පෙමින් වෙළෙන දර්ශන ඇතුළත් රූප රචනාව ගැනය. මෙරට පමණක්‌ නොව ඉන්දියානු සිනමාවේදීද මෙවැනි දර්ශන ප්‍රේක්‍ෂකයා හට ඉදිරිපත් කරනු ලබන්නේ ප්‍රේක්‍ෂකයාගේ හැඟීම් උද්දීපනය නොවන අයුරිනි. නමුත් මේ ගීතයේ රූප රචනාවට නම් එවැනි සම්බාධකයන් නොමැති බව එය නරඹන ඕනෑම කෙනකුට සිතිය හැකිය. පසුගිය කාලයේ අප පුවත්පතේ මීවිත අතිරේකයටද ඇය මේ දිනවල ආගමික වතාවත්වලට මුල්තැන දී භාවනානුයෝගීව කල්ගෙවන බව පවසා සිටියා. සැබැවින්ම ආගම දහමට මුල්තැන දෙන එවැනි රංගන ශිල්පිනියකට මෙවැනි දර්ශනවලට පෙනී සිටිය හැකිද? යමෙකු එලෙස විමසිය හැකිය. කවුරු කොහොම ඒ ගැන කීවත් නදීෂා මේ පිළිබඳව දක්‌වන අදහස ඉතාමත්ම වැදගත්ය.

මම රංගනයෙන් දායක වුණ ගීත රූප රචනාවක්‌ ජනප්‍රිය වීම ගැන ඇත්තටම සතුටුයි.

සමහරු මේ ගීත රූප රචනයට හොඳ වගේම නරකත් ප්‍රකාශ කරලා තියෙනවා?

ලෝකයේ හොඳ නරක දෙකම තියෙනවා. ඉතිං මමත් මැදහත් සිතින්, උපේක්‍ෂාවෙන් ඒ දේවල් භාරගන්න ඕනෑ. මේ ගීත රූප රචනාවට සියයට අනූනවයක්‌ම මට ලැබුණේ හොඳ ප්‍රතිචාර. මම ඒ ගැන සතුටු වෙනවා. යම්කිසි කෙනෙක්‌ මට දෝෂාරෝපණයක්‌ එල්ල කළා නම් ඒක ගැන විවේචනාත්මකව කතා කළා නම් ඒකත් මම මැදහත් සිතින් භාරගන්නවා. මොකද මට විවේචන වගේම පැසසුමත් අවශ්‍යයි.

දින තුනකට ලක්‍ෂ හතකට ආසන්න පිරිසක්‌ නරඹලා තියෙනවා.

අපි කරපු වැඩේ ගැන අපි සෑහීමකට පත්වෙනවා. ලංකාවේ ගීත රූප රචනාවක්‌ මේ තරම් ඉක්‌මනින් මේ තරම් පිරිසක්‌ නරඹපු මුල්ම අවස්‌ථාව.

ඇයි මේ වගේ ගීත රූප රචනාවකට දායක වෙන්න හිතුවේ?

මම කලාකාරිනියක්‌. ගීත රූප රචනාවක්‌, ටෙලිනාට්‍යයක්‌ හෝ චිත්‍රපටයක්‌, එහෙමත් නැතිනම් වේදිකා නාට්‍යයකට වේවා මගේ වෘත්තිය රංගනයෙන් දායක වීමයි.

රංගන ජීවිතය ගැන මොකද හිතන්නේ?

මම සෑහීමකට පත්වෙනවා. මගේ ජීවිතයට කවුරුවත් ඇඟිලි ගහන්නේ නැහැ. මම කරන දේවල් ගැන හොඳට හොයලා බලලයි තීරණයක්‌ ගත්තේ.

ඔබ ගත්තේ නිවැරැදි තීරණයක්‌ද?

මම කරපු දේවල් ගැන සෑහීමකට පත්වෙනවා. මොකද මම හැමදෙයක්‌ම හොඳට හිතලා බලලයි කරන්නේ. කාගෙවත් බලපෑම්වලට මම වැඩකරන්නේ නැහැ. මම මගේ කැමැත්තට වැඩකරන චරිතයක්‌. මගේ ජීවිතයේ තීරකයා මම. ඉතිං මට ඕනෑ දේවල් තමයි මම කරන්නේ.

ගීත රූප රචනාව හින්දා ඔබ තවත් ජනප්‍රිය වුණා ?

ඔව්. ජනප්‍රිය වුණා. ආයේ ඒකේ කතා දෙකක්‌ නැහැ.

මිනිස්‌සුන්ගෙන් බැණුම් අහන්න වෙයි කියලා හිතුවේ නැතිද?

මට ලැබෙන චෝදනා, ගල්මුල් මැදහත් සිතින් භාරගන්න චරිතයක්‌ කියලා මම මුලිනුත් කිව්වානේ. අනෙක මම කරන්නේ මම කැමැති දේ. කාගෙවත් බලපෑමකට මම වැඩකරන චරිතයක්‌ නෙමෙයි. මම ඉතාමත්ම ස්‌වාධීනයි.

ඇය අප සමග මෙලෙස දුරකථනයෙන් රූප රචනාව ගැන සංවාදයක නිරත වූ අතර මේ ගැන ඇයගේ ටුවිටර් පණිවුඩයක්‌ හරහා ද ඇය සිය අදහස දක්‌වා තිබුණා.

වසන්ත දුක්‌ගන්නාරාළගේ පද රචනයෙන් රන්ජන් සාලිය සහ සමිතා මුදුන්කොටුව ගායනා කරන “මම සිල් බිඳගත්තේ” ගීතයට රූප රචනාවක්‌ නිර්මාණය කරලා තිබෙනවා. මේ රූප රචනාව නිර්මාණය කරලා තියෙන්නේ ඉරාඡ් වීරරත්න විසින්.

“අපේ massages ඔක්‌කොම අහුවුණා,
Husband ට හොඳටම කේන්ති ගිහින්

මම ඔයාට ආපහු කෝල් කරනකම් මට ආයේ කෝල් කරන්නවත් ප්ssaටැ කරන්නවත් එපා”

මම ඔයාට ආදරෙයි

මම සිල් බිඳගත්තේ

මුල් සිඳගත්තේ

කුසුමක්‌ නිසා

හිත ගැස්‌සෙන තාල

අහුවුණා වාගේ

සුසුමක්‌ නිසා…

අප ඉහතින් සඳහන් කළ වදන් පෙළකින් පසුව දෙවැනි පදපෙළින් ගීතය ආරම්භ වෙනවා. මේ රූප රචනාවට රංගනයෙන් දායකවෙන්නේ අපේ රටේ ජනප්‍රිය රංගන ශිල්පිනියක වන නදීෂා හේමමාලිය. මේ වෙනකොට මේ ගීතය ලිපිය සකසන අවස්‌ථාව වන විට අන්තර්ජාලයේ 716,854 ට අධික පිරිසක්‌ නරඹලා තියෙනවා.

ඇත්තටම මේ ගීතයේ රූප රචනාව මෙපමණ පිරිසක්‌ නරඹලා තියෙන්නේ ගීතය රස විඳින්නද?. නැතිනම් නදීෂාගේ රංගනය නරඹන්නද?.

මෙවැනි රූප රචනාවකින් සමාජයට වැරදි අවබෝධයක්‌ ගොඩනැඟිය හැකි යෑයි යමෙකු පැවසුවහොත් ඊට කාටවත් විරුද්ධ විය නොහැකිය.

ඔබට මතකද මීට කලකට ඉහතදී මෙරට නිර්මාණය වූ කාමරැල්ලේ චිත්‍රපට පෙළ. අවසානයේ මෙය නැවතීමට රජය මගින් රැඟුම් පාලක මණ්‌ඩලයක්‌ද පත්කරන ලදී. ඇත්තටම 21 වැනි සියවසේ අපේ රටේ බිහිවන ගීත රූපරචනාවලටත් යම්කිසි වාරණයක්‌ අවැසිද?. පුද්ගලයෙකුට එසේ ප්‍රශ්න කළ හැකිය. ඔහු එසේ ප්‍රශ්න කරන්නේ වර්තමානයේ බිහිවන ගීත රූප රචනා පවුලේ සැමට එකට නැරඹීමට හැකිද යන මතයේ සිටගන්නා විටය.

කොහොම වුණත් අද මේ ගීතය පිළිබඳව සමාජ වෙබ් අඩවි ඔස්‌සේ සහ මුහුණුපොත හරහා විශාල කතිකාවතක්‌ මතුවී තිබේ. ඒ නිසාම අපි මේ ගීතයට දායක වුණ පිරිසගෙන් අදහස්‌ විමසීමක්‌ කළා.

ඇත්තටම ඔය ගීතය මීට වසර තුනකට ඉහතදී තමයි, පටිගත කළේ. ඒ කාලේ මේ ගීතය ගුවන්විදුලි නාලිකාවල පවා විකාශනය වුණා. ඒ කාලේ මේ ගීතයට හොඳ ප්‍රතිචාර ලැබුණා. ඒ කාලේ ගුවන්විදුලි නාලිකාවල තිබෙන ගීත දර්ශකවල පවා මේ ගීතයට පළමු ස්‌ථානය පවා හිමි වුණා. මේ ගීතයට ඒ කාලේ ඉඳන්ම ඉරාඡ් රූප රචනාවක්‌ කරමු කියලා කිව්වා. නමුත් අද වෙනකොට එය හදිසියේම සිදුකරලා. දවසක්‌ මට ඉරාඡ් කතා කරලා කිව්වා මේ ගීතයට රූප රචනාවක්‌ නිර්මාණය කරනවා කියලා. මට එදිනට සහභාගිවෙන්න නොහැකි නිසා මම පැවසුවා වෙනම දවසක කරමු කියලා. අන්තිමේ කොහොම හරි ඔහු ක්‍ෂණිකවම රූප රචනාවක්‌ නිර්මාණය කරලා අන්තර්ජාලයට මුදාහැරලා තියෙනවා.

ඇත්තටම මේ ගීතය ජනප්‍රිය කරන්න මේ වගේ රූප රචනාවක්‌ නිර්මාණය කරන්න වුවමනා නැහැ කියලයි මට නම් හිතෙන්නේ. ඉරාඡ්ට මෙවැනි ගීත ආභරණයක්‌. මොකද ඔහු නිතරම ගායනා කරන්නේ රැප් ගීත. අනික මේ ගීතයට හොඳ අර්ථයක්‌ තියෙනවා. ඒ නිසා මේ වගේ බාල වැඩක්‌ කරන්න වුවමනා නැහැ කියලයි මට හැඟෙන්නේ. අනික ඉරාඡ් මෙවැනි ගීතයකට සංගීතය නිර්මාණය කළා කිව්වහම මිනිස්‌සු පුදුමවෙන්න ඇති.

ඇත්තටම මගේ හිතේ විශාල කලකිරීමක්‌ තියෙනවා. මම හීනෙන්වත් හිතුවේ නැහැ ඉරාජ් මේ වගේ රූප රචනාවක්‌ නිර්මාණය කරයි කියලා. මම අන්තර්ජාලයේ මේ රූප රචනාව මුලින්ම නැරඹුවාට පස්‌සේ පුදුම හිතුණා. මම මේ සම්බන්ධව ඉරාජ් සමඟ කතාබහ කරන්න ගියේ නැහැ. මම ආපහු ඔහුත් සමඟ මින් ඉදිරියට නිර්මාණ කරන්නේ නැහැ. මට ප්‍රතිපත්තියක්‌ තියෙනවා. අපිට මචං කියාගෙන ඇවිත් මේ වගේ දෙයක්‌ කරද්දි ඇත්තටම හිතට දුකයි. ඉරාඡ්ට ඔහුගේ පරමාර්ථය ඉටුවුණා කියලා හිතෙනවා ඇති. ඔහු දක්‍ෂ මාර්කටින්වලට.

“මම සිල් බිඳගත්තේ” ගීතය ගායනා කරන රන්ජන් සාලිය පළකරන්නේ එවැනි අදහසකි.

නමුත් ඉරාඡ් වීරරත්න ඊට හාත්පසින්ම වූ මතයක්‌ ඉදිරිපත් කරයි.

ලංකාවේ ඉතාම කෙටි කාලයක්‌ තුළ වැඩිම පිරිසක්‌ නරඹපු ගීත රූප රචනාවක්‌ විදිහටයි

මම දකින්නේ. මම පොඩි වෙනස්‌ වැඩක්‌

කළා. සමහරු මේ සඳහා කතා කරලා හොඳ කියනවා. තවත් සමහරු කතා කරලා බණිනවා.

මේ ගීතයේ රූප රචනාව අධ්‍යක්‍ෂණය කළේ ප්‍රියංග රණසිංහ. ඔහුට සිදු වුණ පෞද්ගලික අත්දැකීමක්‌ තමයි, අපි මෙලෙස රූප රචනාවට යොදාගත්තේ.

නදීෂා හේමමාලි සමග මම කරපු පළමු නිර්මාණය මේ ගීතය නෙමෙයි. මීට පෙරත් මම ඇය සම්බන්ධ කරගෙන රූප රචනාවක්‌ නිර්මාණය කළා. ඇගේ රංගනය දක්‍ෂයි.

මට ඇත්තටම ඕනෑ වුණේ 2016 වසරට වෙනසක්‌ කරන්න. මොකද අද කාලේ ගොඩක්‌ රූප රචනා නිර්මාණය වන්නේ තරුණයෝ අඬන ඒවමයි. එක රාමුවකට කොටුවෙලා වගෙයි මට නම් හැඟෙන්නේ. කොහොමත් අපේ ලංකාවේ වෙනසක්‌ කළහම හැමෝම වගේ

කෑගහනවා. මේ වගේ නිර්මාණයක්‌ කළහම ගොඩක්‌ දෙනෙක්‌ කෑගහනවා කියලත් අපි දන්නවා. මේ රටේ ජනතාව අන්තර්ජාලයේ වැඩියෙන්ම නරඹන්නේ seං කියන මාතෘකාව. ඒක හොරෙන් කරන්න හොඳයි. ප්‍රසිද්ධියේ කළහම ජරාවක්‌ විදිහට තමයි දකින්නේ.

සමහර මාධ්‍යවල මේ ගීතය දරුවන්ට නරඹන්න පුළුවන් විදිහට සකස්‌ කරලා විකාශනය කරනවා.

අපි මේ ගීතයට රන්ජන්ව සම්බන්ධ කරගත්තේ හඬ සඳහා විතරයි. රූප රචනාව සිදුකළේ මට ඕනෑවිදිහටයි. මම හැමතිස්‌සෙම වෙනස්‌ දෙයක්‌ නිර්මාණය කරන පුද්ගලයෙක්‌.

සමිතා අක්‌කා නම් මම නිර්මාණය කරපු රූප රචනාවට කැමැතියි. රන්ජන් අකැමැතිද නැතිද කියන්න මම දන්නේ නැහැ. එකිනෙකාගේ මත තියෙනවානේ. මේ තරම් කතාබහ වෙන්නේ අලුත් දෙයක්‌ කරපු හින්දානේ. මම කොහොමටත් කැමැති නැහැ ළිඳෙA ඉන්න ගෙම්බෝ වගේ වැඩකරන්න. මේ ගැන වැරදි ඇසින් බලන්න එපා. මේක නිර්මාණයක්‌ විතරයි.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානව විද්‍යා අංශයේ මහාචාර්ය යසාංජලී ජයතිලක සමගත් අපි මේ ගැන සංවාදයක යෙදුණා.

මේ වගේ නිර්මාණ බිහිවීම ගැන මොකද හිතන්නේ ?

මම නම් දකින්නේ දැන් ලෝකයේම යන්නේ කාම රැල්ලක්‌. ඒකට දැන් වෙළෙඳපොළක්‌ පවා ගොඩනැඟිලා තියෙනවා. මේ වෙළෙඳපොළ තමයි මේවා නිර්මාණය කරන්න පොළඹවන්නේ. මෙයින් සමාජයටවන බලපෑම් ඔවුන්ට හිතන්න වුවමනාවක්‌ නැහැ. මේ වගේ දේවල්වලට නීතිරීති තියෙනවා. ඒ මගින් සමාජ සුරක්‍ෂිතතාව තහවුරු වෙනවා. දැන් එහෙම නෙමෙයි. නූතන තාක්‍ෂණය සමඟ තරුණ තරුණියන්ව සම්පූර්ණයෙන්ම නොමඟ යවන, එහෙමත් නැතිනම් ඔවුන්ගේ මනස විකෘති කරවන නිර්මාණ ඉවක්‌ බවක්‌ නැතිව සමාජයට ගලාගෙන ඒමේ මාර්ගය ගොඩනැඟිලා තියෙනවා. ඒ වගේම අපේ නූතන පරපුරට සිදු වන ප්‍රතිවිපාක ගැන වැඩිහිටියන් පවා නොසලකා හැරීමේ තත්ත්වයක්‌ නිර්මාණය වෙලා කියලා මට හැඟෙනවා. මේක හොඳ තත්aත්වයක්‌ නෙමෙයි. අපි සමාජය යහමගට ගන්න ලොකු කාර්යභාරයක්‌ කරමින් ඉන්නේ. ඉතිsං මේ වගේ නිර්මාණ රසවිඳීමේ පරපුරක්‌ බිහිවෙනවා කියන්නේ සමාජයට හොඳ කල දසාවක්‌ උදාවෙනවා කියලා හිතන්න අමාරුයි. ඒ රූප රචනාවෙන් පිළිබිඹු කරන තත්ත්වය වචනවල පවා ගැබ්වෙලා තියෙනවා. කලාව කියා ඔවුන් හඳුනාගන්නේ කොයිතරම් බොළඳ, හරසුන් මිනිසුන්ගේ හැඟීම් පුබුදුවන බාල දෙයක්‌ද?. එතැනයි ප්‍රශ්නය තියෙන්නේ.

මට නම් මේවා නිර්මාණද කියලා හිතෙනවා. රැප් සංගීතයෙන් ලැබෙන රසාස්‌වාදය මොකක්‌ද. එදා ආදරය, වියෝව ගැන බිහිවුණ නිර්මාණ තුළ විශාල සෞන්දර්යයක්‌ අපි දුටුවා. වර්තමානයේ කලාවෙන් ඒ සියල්ල ගිලිහෙමින් පවතිනවා. කලාව සෞන්දර්යය සමඟ අත්වැල් බැඳගෙන යායුතුයි කියලයි මට නම් හැඟෙන්නේ. කලාවෙන් මිනිස්‌සුන්ගේ රාගික හැඟීම් අවුස්‌සනවා නම්, ප්‍රකෝප කරනවා නම්, ලැඡ්ජා බය නැතිකරනවා නම් හැදියාව නැතිකරනවා නම් එතැන කලාවක්‌ බිහිවෙන්නේ නැහැ කියලයි මට නම් හිතෙන්නේ. අනික අපේ තියෙන සියලු හර පද්ධතීන් විනාශ කරගෙන මහා සැඩපරුෂ පිටාර ගලන ගඟක්‌ වාගේ නිර්මාණ තමයි අද බිහිවෙන්නේ. මේවායේ ප්‍රතිඵල තමයි අද සමාජය අත්විඳිමින් සිටින්නේ.

වෙනස කියන්නේ මොකක්‌ද. වෙනසකින් අපට සිදුවන්නේ විනාශයක්‌ නම් ඒ වෙනස අපට අවශ්‍යද?. අනෙක්‌ මිනිසා නොකරන දෙයක්‌ කිරීමද වෙනස කියන්නේ. අපි වෙනසක්‌ කළ යුත්තේ තියෙන දෙයට වඩා හොඳ දෙයක්‌ සඳහායි. මේ තියෙන දේ විනාශ කරන දෙයක්‌ නම් එය සැබෑ වෙනසක්‌ද කියලා හිතන්න අමාරුයි. වෙනස කියන වචනයේ තේරුම පැහැදිලිව තේරුම් ගත යුතුයි. දිගට අඳින පුද්ගලයා කොටට අඳින එක වෙනසද?. පුද්ගලයෙකුගේ ඇඳුමෙන් අනන්‍යතාව විලිබිය, සුන්දරත්වය ඇතිකරනවා. මේ සමස්‌තය ගැන නොසිතා අපි අද ඇඳුම ගලවලා විසිකරනවා. මේක වෙනසද?. වෙනස විය යුත්තේ ශිෂ්ටාචාර ගමන්මඟ ඉදිරියට ගෙනයැමයි.

දිනේෂ් විතාන

Another Link for similar article තොත් තුවෙන් රජවෙන්න හදන ලංකාවේ නිකිලියෝ හා කඩා වැටෙන පවුල් සංස්ථාව

 

Categories

Balawegaya Flickr Photos

Different countries have visited this site

Free counters!