//

එක්කෝ ආගම් මාරුව නැත්නම් දුරාචාරය

This category contains 63 posts

ක්‌ලාස්‌ එකේ කුණුහරුප කියමින් යකා නැටූ නුවර ටියුෂන් මාස්‌ටර්

ක්‌ලාස්‌ එකේ කුණුහරුප කියමින්
යකා නැටූ නුවර ටියුෂන් මාස්‌ටර්

ළමයකු ප්‍රයිවට්‌ ටියුෂන් යන්නේ ඇයි? එයට ප්‍රධාන වූ හේතු තුනක්‌ තිබේ. පළමුවැන්න එම ළමයාගේ මාපියන්ට ඔහුගේ හෝ ඇයගේ අධ්‍යාපනය ගැන සොයා බලන්නට කාලයක්‌ නොතිබීමය. දෙවැන්න එසේ සොයා බැලීමට තරම් දැනුමක්‌ නොතිබීමය. තෙවැන්න එසේ සොයා බැලීමට ඕනෑකමක්‌ නොතිබීමය. මාර්ටින් වික්‍රමසිංහ සූරීන් විසින් 1940 ගණන්වල මුලදී ලිවීමට පටන්ගෙන 1944 දී මුද්‍රණද්වාරයෙන් එළිදැක්‌වූ ගම්පෙරළිය පොතෙහි එන කයිසාරුවත්තේ මුහන්දිරම්ගේ පවුලට ද මේ ප්‍රශ්නය තිබිණ. මුහන්දිරම්ගේ දියණියක වූ නන්දාට ඉංග්‍රීසි දැනුම අවශ්‍ය විය. එහෙත් ඒ දැනුම ඇයට දීමට මුහන්දිරම්ට හෝ ඔහුගේ බිරියට හෝ එක්‌කෝ දැනුමක්‌ නොතිබිණි; එසේත් නැත්නම් වෙලාවක්‌ නොතිබිණි. මේ නිසා ඔවුහු පියල් නමැති ‘ටියුෂන් ගුරුතුමා’ නිවසට කැඳවීය. මෙහිදී පියල් විසින් නන්දාට ඉංග්‍රීසි උගන්වනු ලබන්නේ මුදලට ද නැද්ද යන ප්‍රශ්නය පැන නොනගී. ඔහු නන්දාට උගැන්වීම සඳහා රාජ්‍ය මට්‌ටමින් නොව පෞද්ගලික මට්‌ටමින් මැදිහත් වන ගුරුවරයෙකි. එනම් ටියුෂන් ගුරුවරයෙකි. අන්තිමේදී පියල් නමැති ගුරුතුමා සහ සිසුවිය අතර ප්‍රේම සම්බන්ධයක්‌ හටගනී. මෙය අද සිදු වූයේ නම් අවසන් ප්‍රතිඵලය විය හැකිව තිබුණේ හෝටල් කාමරයක්‌ තුළදී කෙල්ල ගුරුතුමා වෙතින් අනාථ වීමය. මෙම ලිපි පෙළෙහි ඊළඟ ලිපියකදී මෙවැනි නූතන උදාහරණ කිහිපයක්‌ විස්‌තර කරනු ලැබේ.

ප්‍රයිවට්‌ ටියුෂන් සංකල්පය කර්මාන්තයක්‌ හැටියට විස්‌ථාපනය වන්නේ නවලෝක අනුක්‍රමය (New World Order) සහ ගෝලීයකරණය (Globalization) යන සංකල්ප දෙක ලෝකය දෙබෑ කරමින් හමා යන්නට පටන් ගැනීමත් සමඟය. මෙය බොහෝ වේගවත් වන්නේ 1973 න් පසුවයි. ගෝලීයකරණයත් සමඟම අධ්‍යාපනය ඉතාම තරගකාරී විය. මේ නිසා සංවර්ධනය වන රටවල් කිහිපයක ප්‍රයිවට්‌ ටියුෂන් කර්මාන්තය හිස ඔසවන්නට විය. ශ්‍රී ලංකාව, බංගලාදේශය, වියට්‌නාමය වැනි එවකට නොදියුණුව පැවැති ආසියාතික රටවල් පමණක්‌ නොව, ජපානය, දකුණු කොරියාව සහ ඇමරිකාව යන දියුණු රටවල් ද මේ රැල්ලට හසුවිය. මේ ක්‍රමය තුළදී අධ්‍යාපන ක්‍රමය විසින් පාසලටවත් දරා ගැනීමට නොහැකි තරම් විශාල වූ විෂය මාලාවක්‌ ළමයා මත පටවන ලදී. පාසලට උගන්වා ගත හැකි වූයේ සෑම විෂයයකින් ම 30% කි. ඉතිරි 70% ඉගැන්වීම භාර ගත්තෝ ටියුෂන් ගුරුවරු ය. උදාහරණයක්‌ වශයෙන් 1973 දී සමගි පෙරමුණ රජය විසින් පාසලට හඳුන්වා දෙන ලද නව අධ්‍යාපන ක්‍රමය ගනිමු. එතෙක්‌ පැවැති විෂයයන් 8 වෙනුවට නව ක්‍රමය යටතේ විෂයන් 10 ක්‌ ළමයාට උගන්වන ලදී. එම විෂය මාලාව තුළ තිබූ නව ගණිතය විෂය දෙමාපියන්ට නොතේරුණ අතර, ගුරුවරුන්ට පමණක්‌ තේරිණ. දෙමාපියන් එය තේරුම් ගැනීමට නම් විෂය නිර්දේශය අමුතුවෙන් අධ්‍යයනය කළ යුතුව තිබිණ. එහෙත් දෙමාපියන්ට ඒ සඳහා කාලයක්‌ දැනුමක්‌ හෝ අවශ්‍යතාවක්‌ තිබුණේ නැත. එම විෂය මාලාවට අයත් සමාජ අධ්‍යයනය යනු එතෙක්‌ පැවැති ප්‍රජාචාරය සහ භූගෝලය යන විෂයයන් දෙකෙහි නව දිගුවකි. එය දෙමාපියන්ට නොතේරිණ. එම විෂය මාලාවේ සිංහල විෂය, සාහිත්‍යයෙන් ඉවත් වූ, ව්‍යාකරණ පමණක්‌ කියාදුන් පාඩමකි. දෙමාපියන්ට පෙනුණේ එහි කිසි ගතියක්‌ හෝ විභවයක්‌ නැති බවය. මේ රික්‌තය තුළ තිබූ අධ්‍යාපන වෙළෙඳපොළ දුටු ප්‍රයිවට්‌ ටියුෂන් ගුරුවරයා එම විෂය මාලාව හදාරා ළමයාගේ නොව දෙමාපියන්ගේ පිහිටට ආවේය. “අපිට ඔය අලුත් Subjects තේරෙන්නේ නැතැයි” කියූ මාපියෝ ළමයි ටියුෂන් පන්තිවලට ගාල් කරන්නට වූහ. අද වන විට ජනප්‍රිය පාසල් හා සමාන, ජනප්‍රිය ටියුෂන් ගුරුවරු සිටිති. මෙහිදී ‘පාසල’ යන සංකල්පය සමාන වන්නේ ගුරුවරයාටය. ජනප්‍රිය ටියුෂන් ගුරුවරයා යනු යෝධ ප්‍රපංචයකි. යෝධ ආයතනයකි. ජනප්‍රිය පාසලක ගුරුවරු හත් අටසීයයක්‌ සමඟ ළමයි තුන්හාරදහසක්‌ සිටිති. ජනප්‍රිය ගුරුවරයා නමැති ආයතනයට සිටින එකම ගුරුවරයා ඔහුම පමණි. එහිද ළමයි තුන්හාරදහසක්‌ උගනිති. ළමයි ටියුෂන් යෑවීමට නූතන මධ්‍යම පන්තික දෙමාපියන්ට වත්කමක්‌ ද ඇත. එයට හේතුව ආදායම වර්ධනය වීමය. වසර 1995 දී මෙරට ඒක පුද්ගල දල දේශීය නිෂ්පාදිතය ඩොලර් 720 ක්‌ (අද වටිනාකමින් රුපියල් ලක්‍ෂයක්‌) පමණ විය. 2006 දී මේ ගණන ඩොලර් 1421 (අද වටිනාකමින් රුපියල් ලක්‍ෂ 2 ක්‌ පමණ) විය. 2013 දී මේ ගණන ඩොලර් 3279 ක්‌ (අද වටිනාකමින් රුපියල් ලක්‍ෂ 4.5 ක්‌ පමණ) විය. එහෙත් අප මෙහිදී වැදගත් කරුණක්‌ මතක තබා ගත යුතුය. එනම් රුපියල් ලක්‍ෂ 4.5 මාස 12 න් බෙදූ විට එක්‌ මාසයකට හිමි මුදල රුපියල් 40000 නො ඉක්‌මවන බවයි. මෙය 5 දෙනකුගෙන් යුතු පවුලක ආදායම සේ සලකතොත් එක්‌ සාමාජිකයකුට වෙන්වන මුදල වන්නේ රුපියල් 8000 කි. එම මුදලින් දරුවකුට පාසල් ගොස්‌ ගමන් වියදම් ගෙවා, ආහාර වියදම් ගෙවා, ඇඳුම් පැළඳුම්වලට ද වැය කර ටියුෂන්වලට ද ගෙවිය නොහැක. මේ නිසා එම ළමයා එක්‌කෝ පාසල් යැම කපා හැර අනෙක්‌ දේ කළ යුතුය. නැත්නම් ටියුෂන් යැම කපා හැර ඉතිරිවා කළ යුතුය. එසේත් නැත්නම් බස්‌ එකේ නොගොස්‌ පයින් ගොස්‌ ඉතිරිවා කළ යුතුය. නො එසේ නම් කෑම වියදම් කපා හැර නොකා නොබී අනෙක්‌ ඒවා කළ යුතුය.

*** **** *** ***

ගුරුවරයා යනු පරමාදර්ශී චරිතයකි. එහෙත් ගුරුවරු අතර අමනුස්‌සයෝ ද වෙති. මෙතැනදී පාසල් ගුරුවරයා සහ ටියුෂන් ගුරුවරයා අතර වෙනසක්‌ නැත. යකාගේ භූමිකාව කොතැනදීත් එකයි. මහනුවර පැත්තේ තිබෙන සති අන්ත විද්‍යා ටියුෂන් පන්තියක ගුරුවරයකු ක්‍ෂණයකින් යකෙකු බවට පත් වී සිසුන් සිසුවියන් අටසියයක්‌ පමණ ඉදිරිපිටදී කුණුහරුපයෙන් බණින ආකාරය පිළිබඳ වීඩියෝවක්‌ මෙයට අවුරුද්දකට පමණ පෙර අන්තර්ජාලයට නිකුත් වී තිබිණි. එය සිදුවන්නේ මෙසේය.

ගුරුතුමා තම පන්තියේ සිටින (එය ශබ්ද වාහිනී යන්ත්‍ර ආධාරයෙන් උගන්වන සුවිශාල ශාලාවක තිබෙන පන්තියකි) අතර ඔහු දෙපැත්ත කැපෙන විහිළු කරන්නට විය. ගුරුවරයාගේ වල් කතා ඇසූ සිසු සිසුවියෝ විටින් විට මහ හඬින් සිනා සුනහ. එසේ සිනහවන අවස්‌ථාවලදී එම වල් කතාවලට විරුද්ධ වූ සිසුවෙක්‌ ඉතා තියුණු හීනි හඬින් හූව බැගින් තැබීය. තුන්වන හූවේදී ගුරුතුමාට මළ පිනූ අතර (මෙය අර්ශස්‌ නොහොත් භගන්දරා රෝගයේ උපරිම අවස්‌ථාවකි. මෙම අවස්‌ථාවේදී රෝගියා මහත් සේ කෝපයට පත් වෙයි). ඔහු මෙසේ කෑ ගසන්නට විය. “ඔය හූ කියපු අවජාතකයා කවුද කියලා මම දන්නවා.වල් පරයා. උඹ ජාතක වුණේ වන රොදක. උඹේ අම්මා…. තාත්තා…… දැන ගනින් පරයා මට පුළුවන් ඔතැනට ඇවිත් උඹව ඇදල අරගෙන ඇඳුම් ගලවල ඔලුවෙ ඔතල යවන්න. වනචරයා දැනගනින් මම කලිසම් ඇන්දට මහත්තයෙක්‌ නොවන බව. මෙතන ඉන්න ඕනෑම බඩුවක්‌ ඕනෑම තැනකට ගෙනියන්න මට පුළුවන්. හරි දැන් පන්තිය පටන් ගනිමු. පරයා මම උඹව මරණවාමයි….. දැන් ඒක ඉවරයි. පන්තිය පටන් ගනිමු…………. එක කාලකණ්‌ණියෙක්‌ නිසා අනෙක්‌ ළමයින්ට පාඩුයි. වල් බුරුවෝ. උඹ හූ කිව්වේ කටින්ද නැත්නම් වෙන තැනකින්ද? මුන් වගේ උන් ඉපදෙනකොටම මරලා දාන්න ඕනෑ.. හරි දැන් ළමයි පොත් ගන්න. අපි කොතැනද නැවැත්තුවේ. පරයා එනවා මෙතන හූ කියන්න………..”

අප ඉහතින් සඳහන් කළේ තම නව යොවුන් ගෝල බාලයන් ඉදිරිපිට තිරිසනකු සේ හැසිරුණු ටියුෂන් ගුරකු ගැන ය. මෙවැනි තිරිසනුන් අතර දෙවිවරුන් වැනි ටියුෂන් ගුරුවරු ද සිටින බව කියමු. ඔවුන් ගැන ද අපි ඉදිරියේදී ලියමු.

විශේෂ ලියුම්කරුවකු විසිනි
ලබන සතියට තව කොටසක්‌

තොත් තුවෙන් රජවෙන්න හදන ලංකාවේ නිකිලියෝ හා කඩා වැටෙන පවුල් සංස්ථාව

තොත් තුවෙන් රජවෙන්න හදන ලංකාවේ සිංහල නිකිලියෝ හෙවත් (නිලීයන් කියා ගන්නා ගැනුන්) හා කඩා වැටෙන පවුල් සංස්ථාව

  • විවාහ  යුවලක්  පවා එය ප්‍රසිද්ධියේ සිදුකිරීම නොකරන්නේ තමාගේ ගෞරවය, පෞද්ගලිකත්වය රැකගැනීමේ උදාර  අරමුණ ඇතිවය.
  • කාමය වරදවා හැසිරීම මුලික කරගෙන අපර දිග සංස්කෘතීන් තුල බලු කපුටන් නොව ඕනෑම මිනිසෙකු ගැහැනියකු සිප ගැනීමට උත්සාහ  කරයි.
  • එන්රිකේ ඉග්ලෙසියස් ගයකයා නමින් ආරම්භ කල වියාජ ටුවිට‍ර් පණිවිඩය.
  • විවාහ වී සිටින යුවලකට හෝ ප්‍රසිද්ධියේ සිප වලද ගැනීම නීතියෙන් තහනම් කාර්යයකි.
  • අද දින වන විට ලාංකීය ජනතාව විසින් හදවතින්ම රැක ගත  යුතු බොදු සිරිත් විරිත් රාශියක් අමු අමුවේ විනාශ කිරීමට මාන බලන කල්ලි කුට්ටම් කාරයන් ලොව විවිධ පුදගලයන් හා එකතුවී රට තුලට ඇතුළු වී නොයෙකුත් වේශයන් ගනිමිනින්  අප සත් සාරධර්ම පද්ධතිය විනාශ කරමින්  සිටියි.
  • තම දරුවන් බේරාගැනීමට, තත්පරයක් තත්පරයක් පාසා අප  උත්සහ කල යුතුය.
  • ගණිකා ඇසුර නිසා මුලින්ම කඩා වැටෙන්නේ පවුල් සංස්ථාවය .පවුල් සංස්ථාව විනාශ වීම යනු සමාජ පිරිහීමක ඇරඹුමයි.

මානවවේදීන් පවසන ආකාරයට යම්  කිසි වස්තුවකට හෝ පුද් ගලයෙකුට තම තොල පටවල් යුගල උපයෝගී කොටගෙන කරන චුම්බනය (ඉබිමක් ) සිප ගැනීමක් වසයෙන් සදහන් කර තිබේ.සිප ගැනීමක්  සිදුවෙන  අවස්ථාවක එකී  නෙකාට දැනෙන හැගීම් කෙසේවුව හැකිවුද විවිද සංස්කෘතීන්  තුල විවිධ  ආකාරයෙන් (එකිනෙකා) සිප ගැනීම හා වස්තුන් සිප ගැනීම සිදු කරයි.

Pope Francis kisses a statue of baby Jesus as he leads the Christmas night Mass in Saint Peter's Basilica at the Vatican December 24, 2015. REUTERS/Tony Gentile

Pope Francis kisses a statue of baby Jesus as he leads the Christmas night Mass in Saint Peter’s Basilica at the Vatican December 24, 2015. REUTERS/Tony Gentile

:පාප්තුමා ජේසු බිලිදාගේ පිළිරුව සිපගැනීමක්:

Back on dry land! Kendall Jenkins kisses the ground after stepping off the Carnival ship Triumph at the Alabama Cruise terminal on February 14-2013

Back on dry land! Kendall Jenkins kisses the ground after stepping off the Carnival ship Triumph at the Alabama Cruise terminal on February 14-2013

:දින පහක පමණ නැවු අනතුරකට පසු දිවි බේරාගෙන ගොඩබිමට ආ මඟියෙක් (කෙන්ඩල් ජෙන්කින්ස් )  දිවි බේරීම සම්භන්දයෙන් පොලව සිප ගැනීම:

චුම්බනය අර්ථකථනය (නිරුපණය,ආදර්ශය,කියාපෑම,නියෝජනය )කිරීම ඉතා දුෂ්කර කාර්යයක්  විය හැකි උනත් (වැඩි වියට පත් ) නන්නාදුන මිනිසුන් හෝ ගැහැනුන්  සිප ගැනීම (හදිස්සියේ) කිසිම සංස්කෘතියක සිදු නොකරන අතර (සමහර තිරිසන් සතුන්ගේ ලෝකය තුල පවා ) කාමය වරදවා හැසිරීම මුලික කරගෙන අපර දිග සංස්කෘතීන් තුල බලු කපුටන් නොව ඕනෑම මිනිසෙකු ගැහැනියකු සිප ගැනීමට උත්සාහ  කරයි. මෙම වැරදි කාමුක අරමුණ සහිත සිප ගැනීම ආරම්භය කවදා  කෙසේ  සිදුවුන බව සදහන් කල නොහැකි අතර අභිනවයෙන් වැඩි ගෙන යන කාම  රැල්ල තුල නන්නාදුන මිනිසුන් හෝ ගැහැනුන්  සිප ගැනීම යමකිසි ප්‍රවනතාවයකින් වර්ධනය වී යන බව සමහර සිද්ධීන් මුලික කොටගෙන පැවසිය හැක.

මෑතකදී ක්‍රිකට්‍ ක්‍රීඩකයින් දෙදෙනුක වන මහේල ජයවර්ධන සහ කුමාර්  සංගක්කාර විසින් මැදිහත්ව පිහිටුවන  ලද ලයිව් ඉවෙන්ට් ආයතනය හරහා එන්රිකේ ඉග්ලෙසියස් නමැති ගායකයා ගෙන්වා පැවැත්තු සෙක්ස් ඇන්ඩ්  ලවු සංගීත ප්‍රසංගයේදී එන්රිකේ ඉග්ලෙසියස් නමැති ගායකයා විසින් ලොව පුරා හිතා  මතා සිදුකරගෙන යන( ඔහුට අනුව එය ඔහුගේ සංස්කෘතිය පවත්වාගෙන යන ආකාරයක් වේ ) ලෝව වෙනත් ජාතින්ගේ ගැහැනුන් සිප ගැනිමේ සිද්ධීයකට සංගීත සංදර්ශනය නරබමින්  සිටි තරමක් දුරට විලිභිය නැතිවුන ගැහැනියකු වේදිකාව මත නැගී එන්රිකේව සිප ගැනීම සිද්ධිය උදාහරණයක් වසයෙන් පළමුවෙන්ම හදුනවා දිය හැකිය. සිරිසේන ජනාධිපති තුමන් මෙම සංගීත සංදර්ශනය සම්බන්දයෙන් ඇතිවුන පිලිකුල් සහගත සමාජ  තන්ත්වය ගැන විවේචනය කල අතර ගැහැනුන් තමන්ගේ විලි වසා ගැනීමට උපයෝගී කොටගන්නා වස්ත්‍ර ගලවා එන්රිකේ ඉග්ලෙසියස් වෙත විසිකිරීම වරදක් නොවන බව හුවා දක්වන්නන් වෙතද නිසි පිළිතුරක් දුන්නේය.

එන්රිකේ ඉග්ලෙසියස් නැමති එම ගායකයා අපරට ඇති සාරධර්ම පද්ධතිය ගැන දැනුමක් උවමනා  වෙන්නේ නැත එයට හේතුව ඔහුගේ වල්කම හෙවත් නොදියුණු ශිෂ්ටාචාර ලක්ෂණ ඔවුන්ට සැමදා ඉතා අගනා කටයුතක් වන බැවිනි . අප රට තුල සාර  ධර්මපද්ධතියට වඩා බටහිර සාර  ධර්මපද්ධතින් ආවඩන්නාවූ කව්රු හෝ එන්රිකේ ඉග්ලෙසියස් ගයකයා  නමින් ටුවිට‍ර් පණිවිඩ සකසා ලාංකීය ජනාධිපති තුමන්ට උපහාස  කිරීමට ගත උත්සහදයක් ද අප වෙබ් අඩවියන්  තුලින් නැරබුවේය.

FAKE/Duplicate twitter account of Enrique Iglesias

FAKE/Duplicate twitter account of Enrique Iglesias, singer not liability for this message

:එන්රිකේ ඉග්ලෙසියස් ගයකයා නමින් ආරම්භ කල වියාජ ටුවිට‍ර් පණිවිඩය:

ඉහතින් කව්රුන් හෝ විසින් සදහන් කල පණිවිඩයේ ”ෆනී -funny ” හා ”ලවු ටූ  ටෙක් පාර්ට් ඉන් එනි කල්චර් ඉවෙන්ට්-love to take part in any cultural event” යන්න ඉතාම සියුම් විග්‍රහා කර  බැලීමේදී පෙනී යන්නේ සමහර බටහිර සංස්කෘතීන් තුල ඇති නිරුවතින් දිය නෑම , මග තොටේ ඇවිදීම යනාදී කාරණා යහපත් හැසිරීම් වශයෙනුත් අප බොදු සංස්කෘතිය තුල පවතින අශිලා චාරකමට එරිහි ලක්ෂණ විහිළුවක් වශයෙන් හොවා දැක්වීමට ඉතා සියුම්  ආකාරයෙන් උත්සහ කිරීමකි.

ඉහතින් සදහන් කල කරුණු කාරණා කෙසේවුවද මෙම සිදුවීම් සම්බන්දයෙන් අත් අඩංගුවට පත්වූ කිසිම  කෙනෙකු  නැති අතර විවාහ වී සිටින යුවලකට හෝ ප්‍රසිද්ධියේ සිප වලද ගැනීම නීතියෙන් තහනම් කාර්යයකි. මේවට වගකිව යුත්තෝ කව්රුන්දොදැයි අප නොදනිමි . නමුත් මෙම සිදුවීම අරාබි කරයේ සිදුවුවානම් අනිවාර්යෙන්ම එන්රිකේ ඉග්ලෙසියස් ගයකයා හා සිප වැළදගත් ගැහැනිය වසර ගණනකට  හිරේ යාම හෝ හිස ගසා දැමීමට නීතියෙන් දඩුවම් දෙනු නොවනු මානයි.

අද දින වන විට ලාංකීය ජනතාව විසින් හදවතින්ම රැක ගත  යුතු බොදු සිරිත් විරිත් රාශියක් අමු අමුවේ විනාශ කිරීමට මාන බලන කල්ලි කුට්ටම් කාරයන් ලොව විවිධ පුදගලයන් හා එකතුවී රට තුලට ඇතුළු වී නොයෙකුත් වේශයන් ගනිමිනින්  අප සත් සාරධර්ම පද්ධතිය විනාශ කරමින්  සිටියි. මේවට එරෙහිව නැගී සිට නිතිය මගින් කටයුතු කිරීමටද සාර ධර්ම පද්ධතිය රැක  ගැනීමටද අවස්ශ්‍ය වපසරිය දැන් වහා  වහා අප විසින් ක්‍රියාකිරීමට කාලය එළබි තිබේ. මානව හිමිකම් මුවාවෙන් ඉදිරියේදී මේ ප්‍රසිද්ධ අශිලාචාර නන්දන වින්දනයන් හට නිත්‍යානු කුල තත්වයන් ලාභ අපේක්ෂාවෙන් ඇති කරදීමට පුද්ගල පුදගලයන් ඇතිවිය හැකි බැවින් ඒවාට කලින් පිළිතුරු දිය හැකි මානවයාගේ ශිස්ඨත්වය අගයන, මානව හිතවාදී සීලාචාර සමාජයන් අගයන මිනිසුන් විසින් කටයුතු සිදු කිරීම අත්‍යවාශය වී තිබේ.

ලාංකීය සමාජයේ අශිලචරකම, නිරුවත ප්‍රසිද්ධි කිරීම හා අමුතු තාලයේ ඉල්ලීම්, සංගීත සංදර්ශන චිත්‍රපට ගැන විවිද මාධ්‍යයන් තුල සදහන් කර තිබු අවස්ථා කිහිපයක් :

1.තනි තටුවෙන් පියාඹන්න- මෙහි  රඟපෑ  පැ නිළිය (නිරුවත් වීමට )ඇය කුඩා කල සිටම පුරුෂාධිපත්‍ය නිසා පීඩනයට පත් කාන්තාවක් බව බොහෝ අවස්ථාව වල පවසා තිබේ ඇගේ සැමියා එම චිත්‍ර පටයේ අධ්‍යක්ෂක වරයාය.

2. කොළබ රෝයල් පාසලේ පැවත්තු කාන්තා නිරුවත් වීම් සහිත රාත්‍රී සංගීත සංදර්ශනය මෙහි ගායක මඩුල්ල වුයේ අප කාගේත් සිත්ගත් ජිප්සිස් කණඩායමයි. මෑතකදී මහේල ජයවර්ධන ක්‍රිකට්‍ ක්‍රීඩකයා වෙනුවෙන් ජිප්සිස් කණ්ඩායම ගීතයක් ද නිර්මාණය කර තිබේ.

3. කොල්ලු පාටිය- මෙම සාදයට අරධනා කිරීමට කාන්තා යට ඇඳුමක් ආරාධනයට යැවීම සිරිතක් වසයෙන් සිදු කර තිබේ. දැනට  ලංකාවෙන් මෙම සාද ක්‍රමය තුරන් විගොස් තිබේ

4. ශ‍්‍රී ලංකාවේ ගණිකා නිවාස නීතිගත කරන්න මන්ත්‍රී යෝජනාවක් යන මැයෙන් මැතකදී පුවත් පතක වාර්තාවක් ද පලවී තිබුණි

විවිධ  සමාජ ශාලා ආයතන, විවිධ  පුද්ගලයන් විසින් නොයෙකුත් කරුණු  ගෙනහැර දක්වමින් කාන්තාව තම ලිංගික වහලකු වසයෙන් ගොදුරු කරගැනීමට ඔවුන්ව වැරදි කාමයෙන් මත්  කොට තම තමන්ගේ මන දොළ සපුරා ගැනීමට අවස්ස්‍ය කරනු කාරණා සකසමින්  සිටින කාලයක කාන්තාවන් විසින්ද මේවට නිසි පිළිතුරැ සොයා දීමට වෙහෙස විය යුතු කාලයකට පැමිණ තිබේ. කට වසා  සිටි පමණින් කල නොහැකි සමාජ යුතුකම්  රාශියක්  තිබේ හිමින් සීරුවේ ටිකින් ටික අප බොදු හැදියාවන් විනාශ කරමින් අටවන්නාවූ මේ සංස්කෘතික මර උගුල් වලින් බේරීමට, තම දරුවන් බේරාගැනීමට, තත්පරයක් තත්පරයක් පාසා අප  උත්සහ කල යුතුය. තම පුතා දුව නොව ගමේ අහල පහල සිටින්නාවූ අනෙකුත් මිනිසුන්ගේ දුව පුතා  වුවද රැකගත යුතු යන අධිෂ්ඨානය පෙර දැරි කොටගෙන අප සැම කටයුතු කල යුතුවේ.ලිංගික අවශ්යතවයන් ගණිකාවන් මගින් සපුරා ගත යුතුයි කියා සමාජ විද්යාවේ කෙසේවත්  සඳහන් නොවන අතර සමාජ විද්දියාවේ නැති කාරණා එම විෂය ආශ්‍රයෙන්  කතා  කරන්නේ  සමාජ මග මරුවන් බව ඔබ දැනගත යුතු තවත් කරණයක්  වන්නේය. ගණිකා ඇසුර නිසා මුලින්ම කඩා වැටෙන්නේ පවුල් සංස්ථාවය පවුල් සංස්ථාව විනාශ වීම යනු සමාජ පිරිහීමක ඇරඹුමයි.

කාමය වරදවා හැසිරීම මුලික කරගෙන අපර දිග සංස්කෘතීන් තුල බලු කපුටන් නොව ඕනෑම මිනිසෙකු ගැහැනියකු සිප ගැනීමට උත්සාහා කිරීම අප හෙලා දැකිය යුතුය ඒවා වීර  ක්‍රියා නොවේ . අප සංස්කෘතියේ බහාලු ඉතා උසස් සංස්කෘතික ලක්ෂණ අප රැක ගත යුතුය. අප සංස්කෘතිය අනුව එකිනෙකට ආදරය ප්‍රකාශ  කරගැනීමට සිප වැලද ගැනීම බාදාවක් නොවන අතර විවාහ  යුවලක්  පවා එය ප්‍රසිද්ධියේ සිදුකිරීම නොකරන්නේ තමාගේ ගෞරවය, පෞද්ගලිකත්වය රැකගැනීමේ උදාර  අරමුණ ඇතිවය.

තම නිරුවත ප්‍රසිද්ධ කිරීම තුලින් ලෝකය ජය ගත හැකි බව කාන්තාවන්ට හුවා දක්වන්නන් හදුන්ව දෙන්නන්  හුදෙක් උත්සහා ගන්නේ කාන්තාවන් විකුණාගෙන කෑමටය. ඒඩ්ස් වැනි මාරාන්තික රෝග වලින් අද දින වන විට කොපමණ මිනිසුන් ප්‍රමාණයක් මිය යන්නේද , කාමය වරදවා හැසිරීමේ ප්‍රථිපල ඉතා භයානකය.

Global Health Observatory data repository by Estimates by WHO /Number of deaths due to HIV/AIDS Estimates by country

Global Health Observatory data repository by Estimates by WHO /Number of deaths due to HIV/AIDS
Estimates by country

:2013 ළමා සහ වැඩිහිටි  මරණ සංක්‍යාව ඒඩ්ස් රෝගය මගින් වාර්තාව ලෝක සෞඛ්‍යය සංවිධානය මඟින්:

අවසාන වසයෙන් සදහන්  කල  හැක්කේ බටහිර කතිර සමාජ(X socity ) හා  මුග්ධ ආදර්ශ නිරූපණය කරගන්නන් ගේ අවසාන අරමුණ වී තිබෙනේ ලිංගික නිදහස යනු පරම සුවය බවත් එය ප්‍රසිධියේ  තැන නොතැන  බලා  කිරීම  මානව හිමිකමක් වශයෙනුත් හුවා  දැක්වීමටයි. ඔවු එදා  ඒ සීත පරිසරයේ සිටි මානව වර්ගයා යාන්තමට හිරු පායන  විට තම ගල්ගුහාවෙන් පිටතට  වැද  උනුසුම් ආහාරයක් වශයෙන්  සතෙකු  මරාගෙන තම ගුහාව වෙත ගොස් එහි සිටිනා ගැහැනිය සමග තම ලිංගික  කත්වයේ  යෙදී අවසානයේ වින්දනයක් පමණක් ලබා ගැනීමේ පුරුදක් ඔවුන් තුල ඇතිවිය. ඔවුන්ට එයින් එහාට දෙයක් කිරීමට පරිසරය ඉඩ ලබාදුන්නේ නැත අවරුදු දහස් ගණනක් ඔවුන් එම පුරුද්ද දිගටම කරගෙන ගියේ තම ජාන තුලටම එම  පුරුදු කා වැදෙන තරමටය, සිසිල් පරිසරය ඔවුන්ගේ ජිවිතයට විශාල බාදාවක් විය. විවිධ නිර්මාණ  කිරීමට ඔවුන්ට කාලයක් නොතිබුණු අතර ඔවුන්ගේ පෙර මානව  වර්ග විසින් සිදුකල දෙය ඔවුන් වැඩිමනක් පිරිසක් අදටත් සිදුකරමින් පවසන්නේ මිනිසෙකු උපදින්නේ අහාර ගැනීම, කාමයේ  යෙදීම, මිය යාම සඳහා වශයෙනි.

ජේසු තුමාගේ දහම බටහිර තුල විශාල  ලෙස පැතිර  ගියේ රෝමන් අධිරාජයාගේ බලපෑමෙනි. ඔවුන් එම දහම තුලින් තරමකට සාමාජිකව , දේශපාලනිකව , සදාචාරාත්මක වර්ධනය වුවද ඔවුන්ගේ ප්‍රාතමික ගති ගුණ මුලුමනින්ම  අත  හැරියේ නැත. සීත පරිසරයෙන් ආරක්ෂා වීමේ ක්‍රම වේදයන් සොයාගත්  පසු ”හොඳම රූම් පාර්ට්නර් -best room partner” එනම් හොඳම  කාමර ලිංගික සගයා සොයාගන්නා වෙනතෙක් ඔවුන්ගේ පෙර තිබු පුරුද්ද වෙනස් වී ඇති බව සියුම්ව බටහිර සමාජය විග්‍රා කර බලන්නන්හට සොයාගත හැකිය.

අප පරිසරයින් සිටි  මුල්  අවදියේ මනවයන් හට දහසකුත් යහපත් පාරසිරික සාධක තිබු අතර ඔවුන්ගේ නිදහස් කාලයන් වල කලාව, දැනුම , මිනුම, වර්ධනය කරගැනීමට කාලය  ගත  කලෙය ලිංගිකත්වය මතම වින්ධනය ලැබීමේ  ක්‍රමයකට වඩා (අවසානයේ වින්දනයක් පමණක් ලබා ගැනීමේ පුරුද් ද ) වෙනත් අරමුණු  තුලින් ද  ජිවිත තෘප්තිමත් කරගැනීම සාර්ථක බව අප රට ආසන්න පරිසරයන් තුල  සිටි මානවයන් දන ගත්තේය.

මෙම කරන විමසීමේදී මතක තබා ගතයුතු විශේෂ කාරණයක් වන්නේ මෑත යුගයේ ඇතිවූ කාර්මික දියුණුව තුලින් පමණක් ලොව දියුණුව නොසිදුවුණ වගබවය.

හෙළ කතුනගේ ගහම්බිර භාවය ,චරිතවත් භාවය රැකගැනීමට අප සැම උත්සහා කරමු හය හතර නොදනවුන් හට හය හතර කියා දීමට හා ඔවුන්ව දුසරිතයෙන් වලක්වා සුචරිතයේ පිහිට වීමට අප සැම  එක්ව කටයුතු කරමු.

ළමයින් අපේ සම්පත වේ ගුණ ගරුක ළමයින් ජාතියක් සතු වීම ජාතියේ  ආරක්ෂාවට හා පැවැත්මට හේතුවේ.

ඔබ සැමහට තෙරුවන් සරණයි!

පාලිත ආරියරත්න
ප්‍රචාරක ලේකම්
ජාතික බෞද්ධ බලවේගය

 

 

විග්නේශ්වරන්ගෙන් ඇමරිකානු තානාපතිනියට ඉල්ලීමක්‌

විග්නේශ්වරන්ගෙන් ඇමරිකානු
තානාපතිනියට ඉල්ලීමක්‌

කීර්ති වර්ණකුලසූරිය

උතුරින් හමුදාව අඩු කිරීම සඳහා ක්‍රියා කරන ලෙස උතුරු මහ ඇමැති සී. විග්නේශ්වරන් ඇමරිකානු තානාපතිනි සමන්තා පවර්ගෙන් ඉල්ලා ඇත.

සමන්තා පවර් සමඟ පැවැති සාකච්ඡාවේදී ඔහු මෙම ඉල්ලීම කර තිබේ.

මෙම ඉල්ලීමට ප්‍රතිචාර දැක්‌වූ සමන්තා පවර් උතුර හමුදාකරණයෙන් තොර විය යුතු බව පවසා ඇත.

උතුරෙන් හමුදාව ඉවත් කිරීම තවදුරටත් බලා සිටිය නොහැකි බවද ඇය තවදුරටත් සඳහන් කර තිබේ.

—————————————————————————————-

විග්නේශ්වරන්ගේ වලිගයේ ගින්දර!

Feb 16, 2015

(දිවයින) පූසකු මෙන් ‘ඤාව් ඤාව්’ ගාමින් සිටි උතුරේ මහ ඇමැති සී. වී. විග්නේශ්වරන් හිටපු ගමන් කොටියකු බවට පත් වී ‘ගර් – ගර්’ ගාමින් නිය පඳුරු විහිදුවන්නට පටන් ගැනීමෙන් පෙනී යන වැදගත් ම කාරණය වන්නේ මියගිය එකාත් පින්තූරයේ සිටින එකාත් හැර මෙලොව ජීවතුන් අතර සිටින කිසිදු මනුස්‌සයකු විශ්වාස කරන්නට බැරි බව ය. විග්නේශ්වරන් කට වසාගෙන සිටියේ ආණ්‌ඩු මාරුවක්‌ එන තුරු පමණි.

උතුරට ස්‌වයං පාලනයක්‌ ලබා දෙන ලෙසත්, උතුරේ යුද අපරාධ විමර්ශනයට ජාත්‍යන්තර පරීක්‍ෂක කණ්‌ඩායමක්‌ එවන ලෙසත් කියමින් මහින්ද රාජපක්‍ෂ පැරදී ගෙදර ගිය සැනින් විග්නේශ්වරන් නටන්නට පටන් ගත් නැටුම ඉතාම අව්‍යක්‌ත, ගොන්, නාඩගමකි. සිංහල – දෙමළ සාමයක්‌ ඇති කිරීමට සාම්ප්‍රදායික දෙමළ නායකයන් තුළ කිසිදු උනන්දුවක්‌ නැති බව විග්නේශ්වරන්ගෙන් පෙනී යයි. සිය ජීවිතයෙන් වැඩි කාලයක්‌ දකුණේ සිංහල බහුතර ආණ්‌ඩුවේ සුවච කීකරු විනිශ්චයකාරයකු ලෙස සේවය කළ විග්නේශ්වරන් පැය 24 ක්‌ තුළ එල්.ටී.ටී.ඊ. බෙදුම්වාදී චින්තනය සමඟ එකතු වී සිටින්නේ ය. බෙදුම්වාදයට ආවැඩීම ත්‍රස්‌තවාදී ක්‍රියාවකි. බෙදුම්වාදයට ආවඩන්නා ත්‍රස්‌තවාදියෙකි. ඒ අර්ථයෙන් ගත් කල විග්නේශ්වරන් කවරෙක්‌ ද යන්න අර්ථකථනය කර ගැනීම පාඨකයාගේ රාජකාරිය ය.

භූමිය යනු බෙදා ගත හැකි තැනක්‌ බව ඇත්ත. මෙයට අවුරුදු කෝටි ගණනකට පෙර පෘථිවියේ මහාද්වීප පහම තිබුණේ එකක්‌ ලෙස ය. එහෙත් කාලයාගේ ඇවෑමෙන්, භූගෝලීය හේතු සහ ස්‌වභාවධර්මයාගේ වුවමනාව මත ඒ තනි භූමිය කැඩී මහාද්වීප පහක්‌ බිහි විය. ඒ මිස මනුෂ්‍යයාට ඕනෑ පරිදි භූමිය වෙන් කළ නො හැක. එසේ කරන්නට උත්සාහ කළ බොහෝ දෙනා, ප්‍රභාකරන් පරිදිම ඉතා දරුණු මරණවලට මුහුණ දුන්හ. උතුර දකුණින් කැඩීම යනු ශ්‍රී ලංකාව නමැති අධ්‍යාත්මික දේශයේ බෙල්ල කැඩීමකි.

එයට මේ පොළොවේ හැදුණු වැඩුණු සිංහල බොදුනුවෝ ඉඩ දෙත්ද? බෙදුම්වාදයට විරුද්ධ සිංහල කතෝලිකයෝත්, දෙමළ හින්දුවරුත් ඉඩ දෙත්ද? කිසිසේත්ම නැත. උතුර වෙනම රටක්‌ බවට පත් වී ලංකාව කැඩී බිඳී යනු දැකීමට අකමැති ලක්‍ෂ සංඛ්‍යාත දෙමළ සහෝදරවරු ඕනෑ තරම් අප අතර වෙති. ඔවුහු වැල්ලවත්තේත් සිටිති. වවුනියාවේත් සිටිති. කිළිනොච්චියේත් සිටිති. ඡේ. ආර්. ජයවර්ධන ඉන්දු – ලංකා ගිවිසුම අත්සන් කර පළාත් සභා ප්‍රකාශයට පත්a කළ විට ආණ්‌ඩුව මේ එන්නට යන්නේ ප්‍රභාකරන්ට සහය පළ කරන ඊළමක මුල් අවස්‌ථාවට යෑයි කියූ ප්‍රගතිශිලී සිංහල ජනයා සහ ජනතා විමුක්‌ති පෙරමුණ මහ පාරට පැන සිය කෝපය මුදා හරින්නට පටන් ගත්හ.

උතුර යනු ඉතා සංවේදී තැනකි. දකුණේ කටයුතුවලට උතුරෙන් තිබෙන බලපෑම ඉතා ඉහළ ය. උදාහරණයක්‌ කියමුá අලුත් ආණ්‌ඩුව බලයට පත් වී පැය කිහිපයකට පසු උතුරේÊහමුදා කඳවුරුවලට දෙමළ ජනයා විසින් ගල් ගසනු ලදැයි කියන පුවතක්‌ රටේ සෙසු ප්‍රදේශවලට පැතිර ගියේ ය. මෙයින් දකුණේ ජනයා මහත් සේ කලබලයට පත් වූ අතර එය බොරු ආරංචියක්‌ බව පුන පුනා කීමට හමුදා ප්‍රකාශකට පවා සිදුවිය.

උතුරේ මහ ඇමැති විග්නේශ්වරන් ද තම වයසට සහ තත්ත්වයට නොගැළපෙන පරිදි ගොන් කතා කීමෙන් දකුණේ සිටින ජනයා මහත් සේ කලබලයට පත් වන්නේය. දකුණ යනු සිංහල, දෙමළ, මුස්‌ලිම් යන ජන වර්ග තුන ඉතා සාමයෙන් ජීවත්වන තැනකි. ප්‍රකෝපකාරී ප්‍රකාශ මගින් විග්නේශ්වරන් මේ උත්සාහ කරන්නේ දකුණට ගිනි තබන්නට ද? හනුමාගේ පාට්‌ එක ඇට්‌ කරන්නට ද?

ත්‍රි’මලේ රහස්‌ මෙහෙයුම් මධ්‍යස්‌ථානයක්‌ පවත්වාගෙන ගියෑයි නාවික හමුදා බුද්ධි නිලධාරීන් 20ක්‌ ළඟදීම ඇතුළට

ත්‍රි’මලේ රහස්‌ මෙහෙයුම්
මධ්‍යස්‌ථානයක්‌ පවත්වාගෙන ගියෑයි
නාවික හමුදා බුද්ධි නිලධාරීන්
20ක්‌ ළඟදීම ඇතුළට

සමන් ගමගේ

ත්‍රිකුණාමලය නාවික හමුදා මූලස්‌ථානයේ රහසිගත මෙහෙයුම් මධ්‍යස්‌ථානයක්‌ පවත්වාගෙන ගිය බවට චෝදනා කරමින් නාවික හමුදා බුද්ධි බළකායේ නිලධාරීන් විසිදෙනකු පමණ සිරගත කිරීමේ සූදානමක්‌ පවතින බව නාවික හමුදා ආරංචි මාර්ග සඳහන් කරයි.

අතුරුදන් වූවන් පිළිබඳ සෙවීමට පසුගිය දිනවල මෙරට සංචාරයක නිරත වූ එක්‌සත් ජාතීන්ගේ නියෝජිත පිරිස ත්‍රිකුණාමලය නාවික කඳවුර වෙත රැගෙන යැමට රහස්‌ පොලිසිය කටයුතු කර තිබිණි.

එහිදී නාවික කඳවුර නිරීක්‍ෂණය කළ එක්‌සත් ජාතීන්ගේ නියෝජිතයන්ගේ ප්‍රකාශ මත පදනම්ව රහස්‌ පොලිසියේ ප්‍රකට සහකාර පොලිස්‌ අධිකාරිවරයකු ඇතුළු පිරිසක්‌ විමර්ශනයක්‌ ආරම්භ කර නාවික හමුදා බුද්ධි නිලධාරීන් අත්අඩංගුවට ගැනීමට සැරසෙන බවද ඉහත ආරංචිමාර්ග වැඩිදුරටත් කියා සිටී.

ඉකුත් යුද සමයේ එල්.ටී.ටී.ඊ. මුහුදු කොටින්ට එරෙහිව සුවිශේෂී බුද්ධි මෙහෙයුම් රැසක්‌ දියත් කරමින් උපන් බිම සතුරාගෙන් බේරා ගැනීමට කැපවී ක්‍රියාකළ නාවික බුද්ධි නිලධාරීහු පිරිසක්‌ මෙසේ සිරගත කිරීමේ අවදානමට මුහුණදී සිටිති.

මේ අරබයා නාවික නිලධාරීන් සම්බන්ධ විමර්ශනවලට අනුව ඊයේ (23දා) නාවික හමුදා බුද්ධි නිලධාරීන් තිදෙනකු රහස්‌ පොලිසියට කැඳවීමටද කටයුතු කර තිබේ. නාවික හමුදාව සම්බන්ධයෙන් රහස්‌ පොලිසිය මෙතෙක්‌ සිදු කළ විමර්ශනවලදී නාවික නිලධාරින් 74 දෙනකුගෙන් ප්‍රකාශ ලබාගෙන ඇත.

 

මා වග කියන්නේ ඡන්දදායකයන්ට පමණයි

මා වග කියන්නේ ඡන්දදායකයන්ට පමණයි
විග්නේෂ්වරන් කියයි

කීර්ති වර්ණකුලසූරිය

ද්‍රවිඩ සන්ධානය ලියාපදිංචි පක්‍ෂයක්‌ නොවන බවත් තමා වගකියන්නේ ඡන්දදායකයන්ට පමණක්‌ බවත් උතුරු මහ ඇමැති සී. වී. විග්නේෂ්වරන් මහතා යාපනයේ මාධ්‍ය අමතා ප්‍රකාශ කර ඇත.

තමා කිසිදු දේශපාලන පක්‍ෂයක සාමාජිකයකු නොවන බව පැවසූ විග්නේෂ්වරන් මහතා ද්‍රවිඩ සන්ධානය පක්‍ෂ හතරකින් සැදුම්ලත් සංවිධානයක්‌ බවත් ඔවුන් තමාගෙන් මහ ඇමැති ධුරයට තරග කරන ලෙස ඉල්ලා සිටිය බවත් කීවේය.

උතුර හමුදාකරණයෙන් නිදහස්‌ විය යුතුයි යන ඉල්ලීම ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රී එම්. කේ. සුමන්තිරන් විසින් බැහැර කළ බවටද විග්නේෂ්වරන් චෝදනා කළේය.

ඇමැතිවරුන් අමාරුවේ දමන මොකක්‌ද මේ අමුතු පෙත්ත?

ඇමැතිවරුන් අමාරුවේ දමන මොකක්‌ද මේ අමුතු පෙත්ත?

ඇමරිකාවාසී සුප්‍රසිද්ධ බාස්‌කට්‌ බෝල් ක්‍රීඩකයකු වන ලමර් ඔඩොම්ට පසුගියදා මළ ඇබැද්දියක්‌ සිදුවිය. එනම් ස්‌ත්‍රී ඇසුරට මහත් සේ ලොල් වූ මේ 36 හැවිරිදි තරුණයාට පසුගිය ඔක්‌තෝබර් 15 වැනිදා ගණිකා නිවාසයකදී සිහි නැති විය. ඇමරිකාවේ නෙවාඩා ප්‍රාන්තයේ පිහිටි Love Ranch නමැති එම ගණිකා නිවාසයේ හිමිකරුවා ලමර් ඔඩොම්ගේ මිත්‍රයෙකි. ඔක්‌තෝබර් 15 වැනිදා එම ගණිකා නිවාසයට ගිය ඔහු සිය පුරුෂ ශක්‌තිය දෙගුණ තෙගුණ කර ගැනීම සඳහා ශාඛසාර බෙහෙත් ගුලි කිහිපයක්‌ ගිල දැමුවේය. එහෙත් එය එම බෙහෙත් නියම මාත්‍රාව මෙන් පස්‌ ගුණයක්‌ බව ඔහු දැන ගත්තේ සිහි නැතිවීමට ඔන්න මෙන්න කියා තිබියදී ය. සිහි නැති වූ ඔහුගේ සිරුර මළ මිනියක්‌ මෙන් සීතල වූ නිසා වහා රෝහලකට ගෙන ගොස්‌ පණ අදින මිනිසුන්ට හුස්‌ම දෙන යන්ත්‍රයකට සවි කරන ලද්දේය. ඔහු දින පහකට ඇස්‌ ඇරියේවත් නැත. ඒ දින පහ තුළදී ඔහුට හෘදයාබාධ කිහිපයක්‌ වැළඳුන අතර, වකුගඩු ද අක්‍රියකාරී විය. ඔහු එදා ගිලදැමූ වාජීකරණය හඳුන්වන්නේ Herbal Viagra (හර්බල් වයග්‍රා) යනුවෙනි. ජින්සෙං, පෙනෙල ඇතුළු ශාක වර්ග 5 ක පස්‌ පංගුව කොටා ලබාගත් යුෂ වලින් එය සාදා තිබිණි. දවස්‌ 5 කට පසු සිහිය එන විට ලමර් ඔ ඩොම් බාගෙට මිය ගොසිනි. බාස්‌කට්‌ බෝල් ශූරයකු ලෙස උපයන ලද සල්ලිද, එම සල්ලි යොදවා ලබා ගත් වෛද්‍යාධාර ද නැති වන්නට 2016 ජනවාරි 15 වැනිදා ලවර් ඔඩොම්ගේ තුන්මාසයේ දානය දීමට සිදුවන්නේය.

ලමර් ඔඩොම් සිද්ධියෙන් හරියටම දින 40 කට පසු දිනක රැයෙහි ශ්‍රී ලංකාවේ කොළඹ පිහිටි තරු පහේ හෝටලයකට යුවලක්‌ ලෙස පැමිණි මහතෙක්‌ සහ කඩුවෙල පදිංචි නෝනා කෙනෙක්‌ රුපියල් 20,000 (+VAT) ගෙවා හෝටලයේ තුන්වන තට්‌ටුවේ පිහිටි කාමරයක්‌ ලබා ගත්හ. සුප්‍රකට ඇමැතිවරයකු වූ ඒ මහතාගේ වයස අවුරුදු 80 ට කිට්‌ටුය. නෝනාගේ වයස 35 කි. කාමරයට ගිය ගමන් ඇමැතිතුමා සිය ඇඳුම් මෙන්ම කළු කණ්‌ණාඩි දෙක ද ඉවත් කර වයග්‍රා නමැති බටහිර වාජීකරණ ඖෂධයෙන් මිලි ග්‍රෑම් 100 බැගින් වූ පෙති තුනක්‌ ගිල දැමීය. මෙය නියමිත මාත්‍රාව මෙන් තුන් ගුණයකි. (එසේම වයස 80 ට කිට්‌ටු කළ විට වෛද්‍ය උපදෙස්‌ නැතිව ව්‍යාග්‍රා දෙස බැලීම පවා නොකළ යුත්තකි.) පසුව සිය පෙම්වතියගේ ආදර චුම්බනවලින් හටගත් කාම අග්නි ජාලාවට මැදි වූ ඇමැතිතුමා අඩ පැයකට අඩු කාලයක්‌ ගිනි සිසිල වින්දේය. එහෙත් ගින්න නිවී ගිය පසුවද ඇමැතිතුමාගේ සිරුර යථා තත්ත්වයට පත් වූයේ නැත. එතුමාගේ සිරුරෙහි පහළ කොටස දරදඬු වී තිබෙන ආකාරය දැක බියපත් පෙම්වතිය ඔහුට ඇඳුම් ඇන්දවීමට උත්සාහ කළ නමුදු අසාර්ථක විය. අනතුරුව ඔහුගේ ඉනවටා තුවායක්‌ එතූ ඇය, කැබ් රියක්‌ ගෙන්වා ඔහු රෝහලකට යවා අතුරුදන් වූවාය. මේ වන විට වේලාව මධ්‍යම රාත්‍රි 12.30 යි. ඇමැතිතුමාගේ සිරුර යථා තත්ත්වයට පත්ව දරදඬුබව නැතිව ලිහිල් වන්නේ සිරුරේ පහළ කොටසට එක්‌ රැස්‌ව තිබූ රුධිරය සිරින්ජ මගින් ඉවත් කිරීමෙන් පසුවය. ඇමැතිතුමා එදා හෝටලයට ගෙව්වේ රජයේ එAකාබද්ධ අරමුදලින් නොව තම පුද්ගලික සල්ලිවලිනි. ඒ නිසා එතුමා හෝටලයට යැම හෝ ඉන් එහා සිදු වූ දේ අභියෝගයට ලක්‌ කිරීමට අපට නොහැක. එහෙත් ඔහු ගැන අදටත් අප තුළ ඇත්තේ තරහකි. ඒ වයග්‍රා මිලි ග්‍රෑම් 100 එක පෙත්තක්‌ වෙනුවට තුනක්‌ම ගිල දමා ජීවිතය අවදානමේ දමා ගැනීම නිසාය. මෙතැන් සිට අප පාඨකයාට විස්‌තර කරන්නේ බටහිර වෙදකමේ වේවා, ආයුර්වේදයේ වේවා, වාජීකරණ ඖෂධ ක්‍රියාකරන්නේ කෙසේ ද යන්නය.

වයග්‍රා යනු සිල්ඩෙනෆිල් (Sildenafil) නමැති ඖෂධීය නාමයෙන් හැඳින්වෙන බෙහෙතෙහි වෙළෙඳ නාමයයි. ලිංගික බෙලහීනතාවය හෙවත් erectile
dysfunction සිට හදවත ආශ්‍රිත පුප්පුසීය ධමනියෙහි හට ගන්නා රුධිර පීඩන තත්ත්වය හෙවත් pulmonary arterial hypertension දක්‌වා වූ රෝගී තත්ත්වයන් ගණනාවකට ප්‍රතිකාර කිරීම සඳහා Sildenafil ඖෂධය නිර්දේශ කරනු ලැබේ. මීට අමතරව ඇතැම් කඳු නගින්නන්ට මුහුදු මට්‌ටමින් බොහෝ ඉහළදී වැළඳෙන පෙනහළු තුළට ජලය එකතුවීමේ රෝග තත්ත්වයට ප්‍රතිකාර කිරීම සඳහා ද Sildenafil යොදා ගැනීම සිරිතකි. අධික වේගයෙන් ගමන් කරන ගුවන් යානා තුළ සිටින මඟීන් මුහුණදෙන Jet Lag හෙවත් Desynchronosis රෝග තත්ත්වයට ද මේ මගින් සහනයක්‌ ලැබෙන බව 2007 දී සොයා ගන්නා ලදී. එම සොයා ගැනීමට එම වසරේ වෛද්‍ය විද්‍යාව පිළිබඳ නොබෙල් ත්‍යාගය ද හිමිවිය.

කිසියම් පුද්ගලයකුට ලිංගික හැසිරීමක්‌ අවශ්‍ය වන්නේ එම තැනැත්තා ලිංගික ප්‍රබෝධයකට හෙවත් Sexual Exitment තත්ත්වයකට පත් වූ විටය. මෙවිට මොලය මගින් දෙන සංඥා අනුව ලිංගේන්ද්‍රියට වේගවත් රුධිර සැපයුමක්‌ සිදු කෙරෙන අතර එතෙක්‌ ලිහිල්ව තිබූ ලිංගේන්ද්‍රිය මස්‌පිඬු ක්‍රමයෙන් දැඩි වන්නට පටන් ගනී. ලිංගික ක්‍රියාවලියෙන් පසු මස්‌පිඬු යළි ලිහිල් වන අතර ලිංගේන්ද්‍රියෙහි පිරී තිබූ රුධිරය ආපසු සිරුරෙහි ඉහළ කොටස බලා ගමන් කරයි. Sildenafil මගින් සිදු කෙරෙන ප්‍රධාන කාරණය වන්නේ පුරුෂ ලිංගේන්ද්‍රියට වේගවත් අඛණ්‌ඩ රුධිර සැපයුමක්‌ සිදු කිරීම සහ එම සැපයුම නිශ්චිත කාලයක්‌ තුළ පවත්වාගෙන යැමය. එම ක්‍රියාවලියේදී හෘද ස්‌පන්ධනය සහ රුධිර පීඩනය ඉහළ යයි. ක්‍රියාවලිය නිම වීමෙන් පසු Sexual Exietment තත්ත්වය වියෑකී යන අතර සිරුර යළි යථා තත්ත්වයට පත්වේ. මෙම ක්‍රියාවලිය තුළ ඇමැතිතුමාට සිදුවන්නට ඇත්තේ මාත්‍රාව ඉක්‌මවා Sildenafil ශරීරගත වීම නිසා ලිංගේන්ද්‍රියට දිගින් දිගටම රුධිරය ගමන් කිරීමත්, එම රුධිරය එහි රැඳී පැවැතීමත් විය යුතුය. (මෙය උපකල්පනයකි)

Sildenafil යනු ඖෂධ 9 ක සංයෝගයකි. ලෝක ප්‍රකට ෆයිසර් සමාගමේ බ්‍රිතාන්‍ය ශාඛාවේ පර්යේෂකයන් විසින් 1990 ගණන්වලදී මෙම සංයෝගය සොයා ගන්නා ලදී. අධික රුධිර පීඩනය සහ හෘද රෝගවල මූලික ලක්‍ෂණයක්‌ වන පපුවෙහි වේදනාවට ප්‍රතිකාර කිරීම සඳහා Sildenfil යොදා ගන්නේ කෙසේද යන්න සොයා බැලීමේදී ලිංගික බෙලහීනතාවට ප්‍රතිකාර වශයෙන් එය යොදා ගත හැකි බව හෙළිවිය. 1996 දී මේ ඖෂධයට පේටන්ට්‌ බලපත්‍රය ලබා ගන්නා ලදී. 1998 දී ඇමරිකන් ඖෂධ අධිකාරිය විසින් එය අනුමත කරන ලදුව 1999 දී එය වෙළෙඳ පොළට නිකුත් කෙරිණි. මෙය කෙතරම් සාර්ථක ලෙස අලෙවි වන්නේද යත් 2008 දී පමණක්‌ වයග්‍රා වෙළෙඳ නාමය යටතේ පැමිණි Sildenfil පෙති කෝටි ගණනක්‌ ඩොලර් මිලියන 1934 ක ආදායමක්‌ µයිසර් සමාගමට හිමිකර දුන්නේය. අද වන විට නියම වයග්‍රා පෙති නිෂ්පාදනය මෙන් දෙතුන්සිය ගුණයක්‌ ව්‍යාජ වයග්‍රා පෙති යුරෝපය තුළ නිපදවනු ලැබේ. ඒවායින් සමහරක්‌ Sildenfil සංයෝගය ගාවාවත් නැති පාන් පිටි නිෂ්පාදනයන් ය.

පහත සඳහන් රෝග තත්ත්වයන් සහ ඌනතා ඇති පුද්ගලයන් Sildenfil පාවිච්චියෙන් වැළකී සිටිය යුතු බව වෛද්‍ය පර්යේෂණ වාර්තාවල සඳහන් වේ. එනම්

ò හෘද රෝගීන්ට දෙන TNT බෙහෙත් පෙතිල කාබනික නයිට්‌රයිට්‌ සහ නයිට්‌රේට්‌ රසායනිකය අඩංගු ඖෂධ ප්‍රතිකාර ලබන රෝගීන් සහ වෙනත් වර්ගවල හෘද රෝගීන්

* Cardiovascular හෙවත් කන්තුවාහිනී අවදානම් නිසා සංසර්ගයට නුසුදුසු බව වෛද්‍යවරුන් විසින් නිර්දේශ කරනු ලබන පුරුෂයන්

* අක්‌මා රෝග ඇති අය

* වකුගඩු ආබාධ ඇති අය

* රුධිර අඩු පීඩනය ඇති අය

* නුදුරු කාලයෙහි ආඝාත තත්ත්වයන් හෝ හෘදයාබාධයකට ලක්‌ වූ අය

* අක්‍ෂි ආබාධ (ඇස්‌ ලෙඩ නොවේ) සහිත අය

* කොලෙස්‌ටරෝල් ප්‍රතිශතය වැඩි අය

* දියවැඩියා රෝගය උග්‍ර තත්ත්වයේ පවත්නා අය

මෙය දණ්‌ඩ නීති සංග්‍රහයක්‌ බඳු නීති මාලාවකි. මෙහිදී නැගෙන ප්‍රශ්නය වන්නේ මේ සියලු රෝගවලින් විනිර්මුක්‌ත අයට ලිංගික කටයුතු සඳහා අමුතුවෙන් බෙහෙත් අවශ්‍යද යන්නය.

* සෙක්‌ස්‌ටස්‌ රබන්කිකිඳ

 

වෙලේ සුදාගේ නංගී කුඩු සමග කොටුවෙයි කල්ලියේ තවත් දෙදෙනෙක්‌ අත්අඩංගුවට තිදෙනා 26 දා තෙක්‌ රඳවාගෙන ප්‍රශ්න කෙරේ

වෙලේ සුදාගේ නංගී කුඩු සමග කොටුවෙයි
කල්ලියේ තවත් දෙදෙනෙක්‌ අත්අඩංගුවට
තිදෙනා 26 දා තෙක්‌ රඳවාගෙන ප්‍රශ්න කෙරේ

හේමන්ත රන්දුණු

මරණ දඬුවම නියමවී සිටින මහා පරිමාණ හෙරොයින් ජාවාරම්කරුවකු වන වෙලේ සුදා නමැත්තාගේ නැගණිය විසින් මෙහෙයවූ බව කියන හෙරොයින් කල්ලියක්‌ පෙරේදා (20 වැනිදා) අත්අඩංගුවට ගත් බොරැල්ල පොලිසිය ඔවුන් සතුව තිබී හෙරොයිsන් තොගයක්‌ද සොයාගෙන ඇත.

සැකකරුවන් අතර වෙලේ සුදාගේ සොහොයුරිය ඇතුළු තිදෙනකු සිටින බව පොලිසිය පවසයි. මෙහිදී අත්අඩංගුවට ගත් හෙරොයින්වල වටිනාකම රුපියල් විසිලක්‍ෂය ඉක්‌මවන බව පොලිසිය පවසයි.

බොරැල්ල පොලිස්‌ ස්‌ථානාධිපති ප්‍රගති නිල්මිණි අබේසිංහ මහතාගේ අධීක්‍ෂණය යටතේ ක්‍රියාත්මක වූ විශේෂ පොලිස්‌ කණ්‌ඩායමක්‌ බොරැල්ල ප්‍රදේශයේදී හෙරොයින් ජාවාරම්කරුවකු මුලින්ම අත්අඩංගුවට ගෙන ඇත්තේ පෙරේදා (20 දා) පෙරවරු කාලයේදීය.

එම සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේදී හෙළිවූ තොරතුරු මත තවත් ජාවාරම්කාරයකු රාජගිරිය ඔබේසේකරපුර ප්‍රදේශයේදී මෝටර් රථයක්‌ සහ හෙරොයින් ග්‍රෑම් 40 ක්‌ද සමග අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරුවන්ගෙන් ප්‍රශ්න කිරීමේදී ඔවුන් ප්‍රකාශ කර ඇත්තේ මෙම හෙරොයින් ජාවාරම කරගෙන යන්නේ වෙලේසුදාගේ නැගණිය විසින් බවයි.

ඒ අනුව පොලිසිය උපායක්‌ යොදවා වෙලේසුදාගේ සොහොයුරිය බේස්‌ලයින් මාර්ගයේදී අත්අඩංගුවට ගන්නා ලදී. එහිදී ඇය සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 10 ක්‌ සොයාගත් බව පොලිසිය පැවසීය.

මහා පරිමාණ හෙරොයින් ජාවාරම්කරුවකු වන වෙලේ සුදා නමැති තම සොහොයුරා අත්අඩංගුවට පත්වීමෙන් පසු තමන් සැඟවී ජීවත් වෙමින් මෙම ජාවාරම කරගෙන ගිය බව සැකකාරිය පොලිසියට ප්‍රකාශ කර ඇත. සැකකරුවන් තිදෙනා ලබන 26 වැනිදා දක්‌වා රඳවා තබා ගැනීමේ නියෝග මත තබාගෙන ප්‍රශ්න කරගෙන යයි.

කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්‌පති ගාමිණී මතුරට, ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි ඒ. පනාමල්දෙණිය යන මහත්වරුන්ගේ උපදෙස්‌ මත බොරැල්ල පොලිස්‌ ස්‌ථානාධිපති ප්‍රගති නිල්මිණි අබේසිංහ මහතා ඇතුළු නිලධාරීහු පරීක්‍ෂණ මෙහෙයවූහ.

පෝරකය ඉදිරිපිට නතර වූ සී/ස බඩෝවිට කුඩු සමාගම

පෝරකය ඉදිරිපිට නතර වූ සී/ස බඩෝවිට කුඩු සමාගම

මෙරට සිටි දැවැන්තම මත් කුඩු ජාවාරම්කරුවා යෑයි කී ගම්පොළ විදානගේ සමන්ත කුමාර නොහොත් වෙලේ සුදාට ඉකුත් බදාදා කොළඹ මහාධිකරණය මගින් මරණීය දණ්‌ඩනය නියම කරනු ලැබීය.

ඔහුට මෙසේ දඬුවම් නියම කිරීමට පෙර මහාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා දඬුවම් නොකිරීම සඳහා නිදහසට යමක්‌ කීමට තිබේදැයි අවසන් වශයෙන් වෙලේ සුදාගෙන් විමසා සිටියේය.

“ස්‌වාමීනී.. මම නිර්දොaෂයි.. මම වරදක්‌ කළේ නැහැ.. මේ නඩුව පොලිසිය මට දැම්මේ අතින් කුඩු දාලයි..” මහාධිකරණ විනිසුරුවරයාගේ විමසීම හමුවේ අවසන් ප්‍රකාශය ලෙස වෙලේ සුදා කියා සිටියේ එවැන්නකි.

එහෙත් ඔහු එසේ සඳහන් කළද ඒ වන විට අදාළ නඩු විභාගයේදී සාධාරණ සැකයෙන් තොරව වෙලේ සුදාට එරෙහිව තිබූ චෝදනා ඔප්පු කිරීමට පැමිණිල්ල සමත්ව සිටියේය.

එහෙයින් සිය තීන්දුව ප්‍රකාශ කළ මහාධිකරණ විනිසුරුවරයා ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා තීරණය කරන දිනක සහ වේලාවක ගම්පොළ විදානගේ සමන්ත කුමාර නොහොත් වෙලේ සුදා නමැති වරදකරු වැලිකඩ බන්ධනාගාරයේ බිත්ති හතරක්‌ ඇතුළත ප්‍රාණය නිරුද්ධ වන තුරු එල්ලා තැබිය යුතු යෑයි සඳහන් කරමින් ඔහුට මරණීය දණ්‌ඩනය නියම කළේය.

සැබැවින්ම ඔහු අධිකරණය ඉදිරියේ කී ලෙස වෙලේ සුදා නිර්දොaෂී පුද්ගලයෙක්‌ද? ඔහු පෝරකය දක්‌වා ගිය ඒ ගමන ඇරඹෙන්නේ කොතැනින්ද?

එය ඉකුත් 2008 වර්ෂය විය. පොලිස්‌ වාර්තා අනුව එකී කාලසීමාව වන විට මෙරට මත් කුඩු ජාවාරමේ හිනිපෙත්තටම ළඟා වී සිටි වෙලේ සුදා ගල්කිස්‌ස බඩෝවිට ප්‍රදේශය සිය රාජධානිය කරගනිමින් ගාල්ල සහ මාතර ප්‍රදේශ ඇතුළුව කතරගම දක්‌වාම තමන්ගේ කුඩු පැකට්‌ එක බෙදා හරින්නට තරම් දක්‍ෂයකු වී සිටියෙකි.

පොලිස්‌ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ උකුසු ඇස මුල් වරට දැඩි ලෙස ඔහු වෙත යොමු වන්නේ මෙකී කාලයේදීය. “සර් වෙලෙයා දැන් දවසට කුඩු කිලෝ එකහමාරක්‌ විතර පැකට්‌ කරනවා.. ඒවා රට වටේ බෙදන්න වෙනම බයික්‌ ටීම් එකකුත් ඉන්නවා.. බඩෝවිට ගමේ වැඩි දෙනෙක්‌ දැන් රස්‌සාවට කරන්නේ වෙලෙයගේ කුඩු පැකට්‌ කරන එක සර්.. ඌ සල්ලි විසි කරලා මුළු ගමම අල්ලගෙන ඉන්නේ සර්..”

මේ අන්දමින් විවිධ ඔත්තුකරුවන්ගෙන් පොලිස්‌ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරින් වෙත ලැබෙන්නට වූ තොරතුරු එසේ පොලිසියේ උකුසු ඇස වෙලේ සුදා වෙත යොමු වන්නට ප්‍රධානම හේතුව වී තිබිණි.

මේ අනුව ඉකුත් 2008 වසරේ මුල සිටම පොලිස්‌ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරින් කණ්‌ඩායමක්‌ වෙලේ සුදා කොටු කර ගැනීමට සුදානමින් ඔහු පසුපස ලුහු බඳින්නට වූහ. පොලිස්‌ පරීක්‍ෂක රංගජීව එම කණ්‌ඩායමේ නායකත්වය ගෙන සිටියේය.

එහෙත් පොලිසිය කොතෙක්‌ ලුහු බැන්දද වෙළේ සුදා කොටු කර ගැනීම ලෙහෙසි පහසු කටයුත්තක්‌ නොවිනි. එසේ වුවද පොලිස්‌ පරීක්‍ෂක රංගජීව ඇතුළු පිරිස සිය උත්සාහය අත් හැරීමට සුදානම් නොවූහ. ඔවුන් ඉතාම රහසිගතව වෙලේ සුදා පිළිබඳ ටිකින් ටික වැදගත් තොරතුරු රැස්‌ කරන්නට විය.

එහිදී වෙලේ සුදා යනු ඔත්තුකරුවන් කී ලෙසම දිනකට මත් කුඩු කිලෝ ග්‍රෑම් එකහමාරක්‌ පමණ බෙදා හරිමින් මහා පරිමාණයෙන් ජාවාරම කරගෙන යන බවත් එහිදී තමන්ගේ ගමන් බිමන් සඳහා සුඛෝපභෝගී මෝටර් රථ පහක්‌ පමණ භාවිතා කරන ඔහු ආරක්‍ෂිත පියවරක්‌ ලෙස අතරමගදී වාහනයෙන් වාහනයට මාරු වීම පුරුද්දක්‌ වශයෙන් සිදු කරන බවත් පොලිසිය අනාවරණය කර ගන්නේය.

එසේම කුඩු ලෝලීන්ට බඩෝවිට කුඩු පැකට්‌ එක හඳුනා ගැනීමට පහසු වනු පිණිස සිය මත් කුඩු පැකට්‌ සඳහා මුද්‍රිත වෙළෙඳ ලකුණක්‌ පවා භාවිත කරන වෙලේ සුදා මත් කුඩු පැකට්‌ බෙදා හැරීම සඳහා අධිවේගී යතුරු පැදි කණ්‌ඩායමක්‌ යොදවා සිටින බවද හෙළි කර ගැනීමට රංගජීව ඇතුළු නිලධාරිහු සමත් වූහ. ඒ වින විට වෙලේ සුදාගේ එකම විනෝදාංශය බවට පත්ව තිබුණේ ගිනි අවි එකතු කිරීමට බවද පොලිසියට වාර්තා විය.

මේ අන්දමින් මත් ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරින් වෙලේ සුදා පිළිබඳ අවධානයෙන් පසු වුවද ඒ පිළිබඳ කිසිත් වෙලේ සුදා හෝ ඔහුගේ කල්ලිය දැන නොසිටියේය. එය එතරම්ම රහසිගතව සිදු වූවක්‌ම විය. මෙසේ පොලිසිය වෙලේ සුදා කෙසේ හෝ කොටු කර ගැනීම සඳහා මානබලමින් සිටියදී කාලය කෙමෙන් ගෙවී යමින් තිබිණි.

ඒ අතරේ ඉකුත් 2008 වසරේ දෙසැම්බර් මාසයේ දිනක පොලිස්‌ පරීක්‍ෂක රංගජීව මහතා වෙත විශේෂ ඔත්තුකරුවකුගෙන් හදිසියේම දුරකථන ඇමතුමක්‌ ලැබෙන්නට විය. ඒ වන විට පොලිස්‌ පරීක්‍ෂක රංගජීව සිටියේ උදැසන සේවයට වාර්තා කර මත් ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ පුටුවකට බර දී වෙලේ සුදා කොටු කර ගැනීමට උපක්‍රමයක්‌ කල්පනා කරමිනි.

“සර්.. වෙලෙයයි හොඳම ගෝලයෙකුයි නඩුවකට ඉදිරිපත් වෙන්න අද ගල්කිස්‌ස උසාවියට එනවා.. උගේ කාර් එක තමයි ඉස්‌සර වෙලා එන්නේ.. ඒත් ඌ එන්නේ පිටිපස්‌සෙන් එන බයික්‌ එකක.. නඩුවට ඇවිත් යන ගමන් ග්‍රෑම් 100 ක ඩීල් එකකුත් දාන්න සෙට්‌ වෙලා ඉන්නේ.. සර්ලා අද ආවොත් බඩු අතටම අල්ල ගන්න පුළුවන් වෙයි..”

ඔත්තුකරු විසින් රංගජීව මහතාට ලබා දුන් ඇමතුමෙන් කියන්නට වූයේ ඒ කතාවය. ඒ සමගම වහා ක්‍රියාත්මක වූ රංගජීව මහතා එවකට මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය භාරව සිටි නියෝජ්‍ය පොලිස්‌පති එරික්‌ පෙරේරා සහ ස්‌ථානාධිපති විනිඳු කුමාරතුංග යන මහත්වරුන් දැනුවත් කර තම පොලිස්‌ කණ්‌ඩායමද සමග ගල්කිස්‌ස අධිකරණය වෙත පිටත්ව යන්නේ විදුලි වේගයෙනි.

මෙසේ ගල්කිස්‌ස අධිකරණය ආසන්නයට සමීප වූ පොලිස්‌ පරීක්‍ෂක රංගජීව ඇතුළු පිරිස ඒ අවට රැකවල් ලා සිටින්නට වූහ. එවකට පොලිස්‌ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ සිටි මත් ද්‍රව්‍ය වැටලීම්හි දක්‍ෂයකු වූ උප පොලිස්‌ පරීක්‍ෂක විඡේසිංහද මේ කණ්‌ඩායමට අයත් විය.

පොලිසිය එසේ සුදා එනතුරු බලා සිටියදී ඔත්තුකරු කී ලෙසම මුලින් පැමිණි සුඛෝපභෝගී මෝටර් රථයකට පසුව යතුරු පැදියක නැගි වෙලේ සුදා තවත් සගයකුද සමගින් අධිකරණයට පැමිණියේය. එසේ පැමිණි ඔහු අධිකරණය තුළට යන අයුරුද පොලිසිය බලා සිටියේය. එහෙත් ඒ වන විට සුදාගේ ආරක්‍ෂාවට අධිකරණය අවට රඳවා සිටි ගෝලබාලයෝ කිසිවකුත් ඒ බව නොදත්හ.

මෙසේ කාලය ගෙවී යමින් තිබිණි. ඒ අතරේ නඩුවට සහභාගි වූ වෙලේ සුදා යළි අධිකරණයේ සිට පිටතට පැමිණ තම සගයන් සමගද මඳක්‌ රැඳී සිට අනතුරුව සුඛෝපභෝගී මෝටර් රථයට නැගී පිටත්ව යන්නට සුදානම් විය. ඒ තනිවම නොව සමීපතම ගෝලයකුද සමගය.

එහෙත් ඒ මොහොතේ වහාම ක්‍රියාත්මක වූ පොලිස්‌ කණ්‌ඩායම වෙලේ සුදා සහ සගයා අත්අඩංගුවට ගනු ලැබීය. ඒ පොලිස්‌ ඔත්තුකරු කී පරිදි අතරමඟදී දැමීමට නියමිතව තිබූ ඩීල් එකට සුදානම් කරන ලද මත් කුඩු පාර්සලයද සමගිනි.

අවසානයේ අත්අඩංගුවට ගත් වෙලේ සුදා සහ සගයා පොලිස්‌ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත රැගෙන ආ පොලිස්‌ පරීක්‍ෂක රංගජීව ඇතුළු නිලධාරිහු ඔවුන්ගෙන් ප්‍රශ්න කිරීම ඇරඹූහ.

කවුරුන් කුඩු පැකට්‌ කළද මත් කුඩු සමග වෙනත් ද්‍රව්‍ය කලවම් කිරීමේදී එය කිසිවකුටත් පැවරීමට සිය ජාවාරමේදී වෙලේ සුදා කටයුතු නොකළේය. ඔහු එසේ කළේ තම කුඩු පැකට්‌ටුවේ ප්‍රමිතිය ආරක්‍ෂා කරගනු පිණිස බව ඒ වන විට පොලිසියද දැන සිටියේය.

මෙසේ දිගින් දිගටම සිදු කෙරුණු ප්‍රශ්න කිරීම් හමුවේ රට තුළ සිදු වන කුඩු ජාවාරම පිළිබඳ එතෙක්‌ සැඟව තිබූ කරුණු රැසක්‌ අනාවරණ කරගැනීමටද පොලිසියට හැකි විය. අවසානයේ අත්අඩංගුවට ගත් වෙලේ සුදා අධිකරණය හමුවට පැමිණවීමට පොලිසිය කටයුතු කළේය.

මෙහිදී වෙලේ සුදා සන්තකයේ තිබී අත්අඩංගුවට ගත් මත් කුඩු ග්‍රෑම් අසූපහක (85) ප්‍රමාණයක්‌ සීල් තබා රජයේ රස පරීක්‍ෂකවරයා වෙත යොමු කරනු ලැබුවේ එවකට පොලිස්‌ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ රාජකාරි කළ උප පොලිස්‌ පරීක්‍ෂක සමරකෝන් මහතාය.

එසේ අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු වෙලේ සුදා රක්‍ෂිත බන්ධනාගාරගත කෙරිණි. පොලිස්‌ පොත්වල සටහන්ව තිබෙන පරිදි ඉකුත් දා පෝරකයට ගිය වෙලේ සුදාගේ ඉරණම් ගමන ආරම්භ වී තිබෙනුයේ එලෙසිනි.

මෙහිදී සිදුවූ එක්‌ විශේෂිත දෙයක්‌ද ඇත. ඒ වෙලේ සුදා අත්අඩංගුවට ගැනීමත් සමග එවකට සිටි පොලිසියේ ලොකුම තැන්වල නියෝග මත එම වැටලීමේ ප්‍රබල කොටස්‌කරුවකු වූ උප පොලිස්‌ පරීක්‍ෂක විඡේකෝන් මහතා මිරිහාන පොලිසියට මාරු කර යෑවීමය.

එම ස්‌ථාන මාරුව පිළිබඳ එකල පොලිසියේ ලොක්‌කන් කීවේ අත්වැරදීමකින් එය සිදුව තිබෙන බවය. නමුත් දක්‍ෂ පොලිස්‌ නිලධාරියකු වූ විඡේකෝන් මහතා සිද්ධියෙන් වසර පහක්‌ ගතවීත් තවමත් සිටිනුයේ මිරිහාන පොලිසියේම ය.

වෙලේ සුදා මෙලෙස රක්‍ෂිත බන්ධනාගාරගත කෙරුණද කෙටි කලක්‌ ගතවන විට යළිත් බඩෝවිට කුඩු පැකට්‌ටුව වෙළෙඳ පොළේ ඇති බව පොලිස්‌ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට වාර්තා වන්නට විය. එවකට මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය භාරව තිබුණේa නියෝජ්‍ය පොලිස්‌පති නාලක සිල්වා මහතාටය.

මෙහිදී යළිත් රංගජීව මහතා කැඳවන නාලක සිල්වා මහතා කිසිදු අවස්‌ථාවක්‌ නොදී වෙලේ සුදාගේ ජාවාරම පිළිබඳ දිගින් දිගටම විමර්ශන සිදු කරන ලෙස ඔහුට උපදෙස්‌ දෙන්නේය. ඒ අනුව ක්‍රියාත්මක වන රංගජීව ඇතුළු නිලධාරින් පුළුල් විමර්ශනයක්‌ අරඹනුයේ වෙලේ සුදාගේ කුඩු ජාවාරමට තිත තැබීමේ අරමුණ ඇතිවය.

මේ අතරේ ඉකුත් 2011 වසරේ ගල්කිස්‌සේ වැටලීමෙන් බන්ධනාගාරගත කෙරුණු වෙලේ සුදා අධිකරණ ඇප මත නිදහස්‌ව පැමිණුනි. එහෙත් එතැන් පටන් ඔහුව සොයා ගන්නට කිසිවකුටත් නොහැකි විය. ඒ කාටත් හොරා විදේශගත වන්නට වෙලේ සුදා කටයුතු කර තිබුණු බැවිනි.

නමුත් වෙලේ සුදා එසේ රටින් පිට වුවද ඔහු පාකිස්‌තානයේ රැඳී සිටිමින් සිය ජාවාරම දිගින් දිගිටම සිදු කරන බවට පොලිසියට තොරතුරු ලැබී තිබිණි. ඒ අනුව රංගජීව ඇතුළු නිලධාරීහු ක්‍රියාත්මක වන්නට වූහ. වරක්‌ පිටකෝට්‌ටේ ප්‍රදේශයේ නිවසක්‌ වැටලූ ඔවුන් වෙලේ සුදාගේ ප්‍රධාන ගෝලයකු වූ අමිල ඇතුළු කණ්‌ඩායමක්‌ මත් කුඩු පැකට්‌ කරමින් සිටියදී ගිනි අවි කිහිපයක්‌ද සමගින් අත්අඩංගුවට ගනු ලැබීය.

2012 වසරේදි යළිත් වැටලීමක්‌ කළ රංගජීව ඇතුළු නිලධාරින් ග්ලෝබල් ටවර් සුපිරි නිවාස සංකීර්ණයේ නිවසක කුඩු පැකට්‌ කරමින් සිටියදී වෙල් සුදාගේ තවත් සමීපතමයකු වූ අශෝකන් නමැත්තකු ඇතුළු පිරිසක්‌ කොටු කර ගත්තේය. මේ අන්දමින් වෙලේ සුදාගේ ගෝලබාලයන් පොලිසියට කොටු වෙද්දී ඔහුගේ ජාවාරම ඉදිරියට ගෙන යැමට අත්තිඩියේ පොඩි චානා ඉදිරිපත් විය.

නමුත් පොඩි චානාටද මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරින්ගෙන් බේරීමට නොහැකි විය. හංවැල්ල ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී එල්ටීටීඊය භාවිත කරන මයික්‍රෝ පිස්‌තෝලයක්‌ සහ මත් කුඩු කිලෝ ග්‍රෑම් එකක්‌ සමග ඔහුද පොලිස්‌ අත්අඩංගුවට ගනු ලැබීය. එසේ අත්අඩංගුව ගත් පොඩි චානාගෙන් පොලිසිය සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී එල්ටීටීඊ පිස්‌තෝලය තමන්ට දුන්නේ සුසෙයි නමැති වෙලේ සුදාගේ සගයකු බව පොඩි චානා හෙළි කළේය.

පසුව පොලිසිය මේ සුසෙයි පිළිබඳ විමර්ශනය කරන්නට විය. එහිදී අනාවරණය වූයේ සුසෙයි යනු කලක්‌ එල්ටීටීඊය සමගද සමීපව සිටි පාකිස්‌තානයේ සිට වෙලේ සුදාගේ කුඩු ජාවාරම මෙහෙයවන ප්‍රධානම සගයා බවය. එතැන් සිට සුසෙයි පිළිබඳ විමර්ශනයක්‌ ආරම්භ කළ පොලිස්‌ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වරක්‌ ශ්‍රී ලංකාවට පැමිණෙද්දී මත් කුඩු කිලෝ ග්‍රෑම් දෙකහමාරක්‌ සහ රුපියල් දාහත් ලක්‍ෂයක මුදලක්‌ සමග ඔහු කොටු කර ගැනීමට සමත් විය.

මේ අන්දමින් දිගින් දිගටම මත්ද්‍රව්‍ය නිශක කාර්යාංශය මගින් වෙලේ සුදාගේ කුඩු ජාවාරමට පහර දෙද්දී එකී විමර්ශන නිලධාරින්ට එල්ලවූ තර්ජනද බොහෝ විය. එක්‌ අවස්‌ථාවක මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේම රාජකාරි කළ පොලිස්‌ කොස්‌තාපල්වරයෙක්‌ කුඩු ජාවාරමුන්ගේ ඉත්තකු වී පොලිස්‌ පරීක්‍ෂක රංගජීව මහතාගේ දරුවා ඝාතනය කරන්නට කුමන්ත්‍රණය කරමින් දුරකථන ඇමතුමක්‌ ලබා ගනිමින් සිටියදී අත්අඩංගුවට ගැනිණි.

මෙහිදී ඔහු පැවත්වූ දුරකථන සංවාදයට අදාළ හඬපටයක්‌ද සමගින් එකී නිලධාරියාට එරෙහිව කඩුවෙල අධිකරණය හමුවේ නඩු පවරන්නටද පොලිස්‌ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය කටයුතු කළේය. වෙලේ සුදාට එරෙහි මෙහෙයුම් සිදු කරද්දී ඇතිවූ ජිවිත තර්ජන හේතුවෙන් බොහෝ නිලධාරින්ට උන්හිටි තැන් පවා අතහැර වෙනත් රහසිගත නිවාසවල පදිංචි වන්නටද පසුගිය කාලයේ සිදුව තිබිණ. එහෙත් ඔවුහු එල්ලවූ ජීවිත තර්ජන පිළිබඳ පවා නොතකමින් රට වෙනුවෙන් කළ යුතු යුතුකම් ඉටු කරන්නට වූහ.

2011 වසරේ මෙරටින් පලාගිය වෙලේ සුදා පසුගිය ජනවාරි මාසයේදී පාකිස්‌තාන පොලිසියට කොටුවී මෙරටට රැගෙන එන්නේ මේ අතරතුරය. එසේ රැගෙන ආ වෙලේ සුදා මාස හතරක කාලයක්‌ රැඳවුම් නියෝග යටතේ තබාගෙන ප්‍රශ්න කිරීමට රහස්‌ පොලිසිය කටයුතු කළේය.

2008 වසරේදී මත්කුඩු ග්‍රෑම් 85 ක්‌ සමග මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මගින් අත්අඩංගුවට ගෙන වෙලේ සුදාට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ පවරා තිබූ නඩු විභාගය යළි ඇරඹෙන්නේ වෙලේ සුදා එසේ සීඅයිඩීයේ රඳවාගෙන ප්‍රශ්න කරන අතරතුරය.

එම නඩු විභාගය එසේ යළි ඇරඹෙන විට එදා වෙලේ සුදා සන්තකයේ තිබී පොලිස්‌ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මගින් අත්අඩංගුවට ගනු ලැබූ මත් කුඩු තොගය සීල් තබා රජයේ රස පරීක්‍ෂකවරයා වෙත යෑවූ උප පොලිස්‌ පරීක්‍ෂක සමරකෝන් මහතා සිටියේ දරුණු අක්‌මා පිළිකා රෝගයකට ගොදුරුව කොළඹ ජාතික රෝහලේ ඇඳක්‌ මත ජීවිතයත් මරණයත් අතර සටනක්‌ කරමිනි.

තිදරු පියකු වූ සමරකෝන් මහතා ඉතා අවංක පොලිස්‌ නිලධාරියකු ලෙස කා අතරත් ප්‍රසිද්ධව සිටියෙකි. පොලිස්‌ දෙපාර්තමේන්තුවේ තිස්‌ වසරක රාජකාරි ඉතිහාසයක්‌ තිබුණද සමරකෝන් යනු අගහිඟකම් නොමැති සැපපහසු ජීවිතයකට උරුමකම් කියූවෙකු නොවීය.

නඩු විභාගය ආරම්භ විය. මෙම නඩුවේ වෙලේ සුදාට එරෙහි ප්‍රධාන සාක්‍ෂිකරුවා වූයේ පොලිස්‌ පරීක්‍ෂක රංගජීව මහතාය. ඔහුගේ සාක්‍ෂිය තහවුරු කිරීමේ සාක්‍ෂිකරුවා වූයේ 2008 දී වෙලේ සුදා අත්අඩංගුවට ගැනීමෙන් පසු මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ සිට මිරිහාන පොලිසියට හේතු රහිතව මාරු කර යෑවු උප පොලිස්‌ පරීක්‍ෂ විඡේසිංහය.

ඔවුන් දෙදෙනාම තමන්ගේ සාක්‍ෂි අධිකරණය ඉදිරියේ නිවැරදිව ලබා දීමට පියවර ගෙන තිබිණි. අවැසි නම් ඒ සාක්‍ෂි දීමේදී රුපියල් කෝටි දෙක තුනකට අලෙවි වී වෙලේ සුදා පෝරකයට යන ගමන නවතන්නට එම නිලධාරින් දෙදෙනාට අවස්‌ථාව තිබිණි. එහෙත් ඔවුන් නිල ඇඳුමේ නාමයෙන් එසේ අලෙවි නොවීය.

පොලිස්‌ පරීක්‍ෂක රංගජීවගේ සහ විඡේසිංහගේ සාක්‍ෂි ලබා ගැනීමෙන් පසු අධිකරණයේ තීරණය වූයේ මෙම නඩුවේදී රෝහල් ඇඳක්‌ මත අසාධ්‍යව සිටින උප පොලිස්‌ පරීක්‍ෂක සමරකෝන්ගේ සාක්‍ෂිය ඉතා වැදගත් වන බවය. මෙහිදී පොලිසිය මුහුණ දුන්නේ විස¹ ගත නොහැකි උභතෝකෝටිකයකටය.

එහෙත් ලෙඩ ඇඳේ සිටි උප පොලිස්‌ පරීක්‍ෂක සමරකෝන් මහතාට එය කෙසේ හෝ කන වැකිණි. හේ දෙවරක්‌ නොසිතීය. ඉතා අපහසුවෙන් වුව සහෝදර පොලිස්‌ නිලධාරින්ගේ වාරු ඇතිව දෙදිනක්‌ පුරා කොළඹ මහාධිකරණය ඉදිරියේ වෙලේ සුදාට එරෙහිව තමන්ගේ සාක්‍ෂිය ලබා දෙන්නේය. මෙහිදී එක්‌ අවස්‌ථාවක සාක්‍ෂි දෙන අතරතුර සමරකෝන් මහතා දැඩි වෙව්ලිල්කට ලක්‌ විය. ඒ ඔහුගේ රෝගය හමුවේ කර තිබූ සැත්කමක්‌ හේතුවෙනි.

ඒ අවස්‌ථාවේ රජයේ නීතිඥවරිය ඔහු අසලට ගොස්‌ සමරකෝන් මහතා අත තිබූ ලේඛනයක්‌ ගෙන ඔහුට පෙනෙන සේ අල්ලාගෙන සිටියදී හේ සාක්‍ෂි දුන්නේය. එසේ අධිකරණය ඉදිරියේ තමන්ගේ සාක්‍ෂිය ප්‍රකාශ කරන සමරකෝන් මහතා හරියටම ඉන් දින පහකට පසු රෝගී තත්ත්වය හමුවේ තම බිරිඳ ඇතුළු දරු තිදෙනා මෙලොව තනිකර දමා ජිවිතයෙන් සමුගෙන ගියේය. එය සමරකෝන් මහතා සිය ජිවිතයේදී ලබා දුන් අවසන් සාක්‍ෂියද වුවේය.

මෙවන් පොලිස්‌ නිලධාරින් රටට වාසනාවක්‌ බව අමුතුවෙන් කිය යුතු නොවන්නකි. විශේෂයෙන් වෙලේ සුදාට එරෙහි මෙම ක්‍රියාදාමයේදී ජීවිත අවදානම පවා නොතකමින් කටයුතු කළ සියලු පොලිස්‌ නිලධාරින් යම් අගැයීමකට ලක්‌වීම අනිවාරරයයෙන් සිදු විය යුතුය. අප ඒ ටික මෙහි සටහන් කරනුයේ පොලිසියේ ඉහළම බලධාරින්ගේ අවධානය පිණිසය.

අත්අඩංගුවට ගනු ලැබුවේ කුඩු ග්‍රෑම් 85 ක්‌ වුවද රස පරීක්‍ෂක වාර්තාවට අනුව මත්කුඩු ග්‍රෑම් 7.5 සන්තකයේ තබාගෙන ජාවාරම් කළේයෑයි කියන චෝදනාව යටතේ වෙලේ සුදාට මරණීය දණ්‌ඩනය නියම වූයේ මෙකී නඩු විභාගයට අනුවය. කුඩු ජාවාරමෙන් වැජඹෙන්නට ගියද වෙලේ සුදාගේ ඉරණම පෝරකයෙන් අවසන් වූයේ එසේය.

සමන් ගමගේ

බලු සුරතල් මැද හිනැහේ දුව සුවිසල් මන්දිරේ පියා වැටී නිදයි අහෝ බලන්න බලු කූඩුවේ…

බලු සුරතල් මැද හිනැහේ දුව සුවිසල් මන්දිරේ
පියා වැටී නිදයි අහෝ බලන්න බලු කූඩුවේ…

සුනඛයකුට එක්‌ වරක්‌ හෝ කෑමට යමක්‌ දුන්නහොත් මැරෙන තුරු එම සුනඛයාට එහි ගුණය තිබෙන බව බොහෝ අය දන්නා කරුණකි. තිරිසන් සතෙකු වන සුනඛයාට එවැනි ගුණයක්‌ ඇත්නම්, ඌට වඩා ශිෂ්ට සම්පන්න යෑයි කියා ගන්නා මිනිසුන් තුළ කොතරම් ගුණධර්ම තිබිය යුතුද? නමුත් වර්තමානයේ ජීවත් වන බොහෝ මිනිසුන් තුළින් එම ගුණධර්ම සැඟවී ගොස්‌ ඇත. වර්තමාන සමාජය දෙස බැලූ කල එය හොඳින් පසක්‌ වනවා ඇත.

පසුගිය දිනක අපට අසන්නට ලැබුණේ සුනඛයකුටත් වඩා පහත් ගති ගුණ ඇති ගැහැනියක්‌ ගැනය. තම වයෝවෘද්ධ පියාව බලු කූඩුවකට දැමූ බල්ලන්ටත් නිගාදෙන ගැහැනියකු පිළිබඳවය. දියණියක, ගැහැනියක තබා බැල්ලියක නමින් හෝ ඇය ඇමතීම නුසුදුසු යෑයි මට හැඟෙනේනේ කළගුණ සැලකීමේ ගුණය ඇතැම් මිනිසුන්ට වඩා හොඳින් බල්ලන් හා බැළලියන් තුළ පිහිටා ඇති බැවිනි.

බලගොල්ල පොලිස්‌ ස්‌ථානයේ පොලිස්‌ කොස්‌තාපල්වරියක්‌ වන ශෂිකලා මධුවන්ති සහ තවත් පොලිස්‌ නිලධාරීන් දෙදෙනෙකු පසුගිය 13 වැනිදා කෙන්ගල්ල ග්‍රාමයට ගියේ සෝදිසි මෙහෙයුමක්‌ සඳහාය. ඒ එම ප්‍රදේශය තුළ නීති විරෝධී කටයුතු සිදු වෙන්නේ දැයි සොයා බැලීමටය.

කෙන්ගල්ලටත්, ඉහළවෙල ග්‍රාමයටත් සේන්දු වූ මෙම පොලිස්‌ කණ්‌ඩායම එම ප්‍රදේශයේ දී සෝදිසි මෙහෙයුමක නිරත වූහ. එහිදී පොලිස්‌ කොස්‌තාපල්වරිය හද කකියවන දසුනක්‌ දැක ඇත. එනම් නිවසක්‌ අසල ගැල්වනයිස්‌ දැලක්‌ ගසා ඇති කූඩුවක වයෝවෘද්ධ මිනිසකු සිටින අයුරුය. පොලිස්‌ කොස්‌තාපල්වරිය වහාම එම ස්‌ථානයට ගොස්‌ එය සෝදිසි කර ඇත. එහි ඇය දැක ඇත්තේ බලු කූඩුවක්‌ වැනි කුටියක්‌ තුළ වයෝවෘද්ධ මිනිසකු සිටින අයුරුය. වහාම ඇය ඒ බව තම පොලිස්‌ ස්‌ථානාධිපතිවරයාට දැනුම් දී ඇත.

ඒ අනුව ක්‍රියාත්මක වූ පොලිස්‌ නිලධාරීන් පිරිසක්‌ එම ස්‌ථානයට පැමිණි මහලු පියාව කූඩුවෙන් එළියට ගෙන තිබේ. ඒ වන විටත් වයෝවෘද්ධ පියාට කෙළින් සිටීමටවත් නොහැකි වී තිබේ. එම මහලු පියා සිටි කූඩුව අඩි 4 ක්‌ පළල අඩි 6 ක්‌ දිග අඩි 4 1/2 පමණ උසකින් යුත් එකකි. එම අවස්‌ථාවේදීත් එය තුළින් දැඩි දුඟදක්‌ද හමා ඇත. පොලිසිය පැමිණීමත් සමඟ එම කූඩුවට අඩි 20 ක්‌ පමණ දුරින් පිහිටි සුවිසල් නිවසක්‌ තුළින් කාන්තාවක්‌ පැමිණ ඇත. ඇය නමින් මනෝරිය.

එම කාන්තාව වෙන කිසිවකුත් නොවේ. මෙම මහලු මිනිසාගේ දුවය. ඇය පොලිස්‌ නිලධාරීන් ඉදිරියේ හැසිරෙන්නේ දැඩි කේන්තියකින් යුතුවය. මුලින්ම ඇය ගමේ මිනිසුන්ට දෙස්‌ දෙවොල් තියන්නේ තමන්ගේ දියුණුවට ඉරිසියා කරන බව පවසමින්ය. පසුව ඇය පොලිස්‌ නිලධාරීන්ගෙන් අසන්නේ “මොකා දුන්න ඔත්තුවකටද? මෙහේ ආවේ” කියාය. එවිට පොලිස්‌ නිලධාරියකු පැවසුවේ කාගෙන්වත් ඔත්තුවකට ආපු ගමනක්‌ නෙවේ. කූඩුවක හිරකරලා සිටින මේ වයෝවෘද්ධ සීයා දැකලා ආපු ගමනක්‌ කියාය.

පොලිස්‌ ප්‍රශ්න කිරීම් හමුවේ මෙම කාන්තාවට සත්‍ය පැවසීමට සිදු විය. එහෙත් මෙම කතාව මිහිපිට වාසය කරන කිසිම පුද්ගලයකු නෑසිය යුතු කතාවකි. එය එතරම්ම අප්‍රිය ජනකය. නමුත් එය අප සටහන් කරන්නේ සටහන් නොකර බැරි නිසාය. එම කාන්තාව පොලිසියට පවසා ඇත්තේ මෙවැන්නකි.

“මේ සිටින්නේ මගේ තාත්තා. කාලයක ඉඳන් එයා ඉන්නේ මගේ ළඟ. මට පුළුවන් විදිහට තමයි එයාව බලා ගන්නේ. එයා ගේ පුරාම මළ මුත්‍රා කරනවා. කෙළ ගහනවා.එය මට මහා වදයක්‌. එක පාරක්‌ මගේ පුංචි පුතාත් ලෙඩ වුණා මෙයාගේ විෂබීජ ගිහිල්ලා. එයාව බලාගන්න බැරිම තැන තමයි මම මේ කූඩුවට දාලා එයාට සැලකුවේ.

පසුගිය දිනවල මට තාත්තාව බලන්න බැරිවුණා. ඒ මගේ ගෙදර ඉන්න බැල්ලිට පැටව් 3 දෙනෙක්‌ හම්බ වුණ නිසා. ඒ බලු පැටව් ගැනත් බලන්න වුණේ මට. ඒක නිසා මට පුළුවන් විදිහට තමයි තාත්තාට සැලකුවේ. ඒ එම දියණිය පොලිසියට දී තිබූ කටඋත්තරයයි.

මෙම කාන්තාවට දරුවන් තිදෙනකු සිටින අතර ඔවුන් අවුරුදු 5, 18 සහ 23 වයසේ පසුවන දරුවෝ වෙති. ස්‌වාමිපුරුෂයා විදේශ රටක සේවය කරන අතර මෙම කාන්තාවද වසර ගණනක්‌ මැද පෙරදිග සේවය කර තිබේ. සුවිසල් දෙමහල් නිවසක ජීව්තවන මෙ කාන්තාව ගත කරන්නේ සුඛෝපභෝගී ජීවිතයකි.

මෙම නිවසේ සුරතල් බල්ලන් හතර දෙනකු සිටින අතර ඔවුන්ට නිදා ගැනීම සඳහා දී තිබුණේ එම දෙමහල් නිවසේම කාමරයකි. එම සුරතල් සතුන්ට වේලාවට කෑමබීම, බෙහෙත් ආදිය දීමට මේ කාන්තාවට කාලය තිබෙන අතර තම මහලු පියාට සැලකීමට වේලාවක්‌ තිබී නොමැත.

මෙම මහලු මිනිසාට තව දරුවන් තිදෙනකු සිටින අතර බිරිඳ ද විදේශ රටක පදිංචි වී සිටිති. ඔවුන්ද මෙම වයෝවෘද්ධ පුද්ගලයා ගැන සොයා බැලූ බවට ආරංචියක්‌ නොමැත. මෙම මහලු මිනිසා රැකියාව ලෙස කර ඇත්තේ ආපන ශාලාවක වේටර් තනතුරක්‌ය. එමගින් අපට හැඟී යන්නේ තම දරු පවුල පෝෂණය කිරීම සඳහා මෙම පුද්ගලයා කොතරම් මහන්සි වුණාද යන්නය.

මෙම කාන්තාව තම පියාව දෙමහල් නිවසට නොගන්නේ ඔහු ගේ විෂබිජ නිසා නිවස අපවිත්‍ර්‍ර වන බව පවසමින්ය. නමුත් සුරතල් බල්ලන්ට එම නිවසේ කාමරයක්‌ තුළ ඉහළ සැප සම්පත් ලබාදීමට ඇය කටයුතු කර තිබුණි. නමුත් තිරිසන් සතුන්ගෙන් කොතරම් විෂබීජ ප්‍රමාණයක්‌ පිටවෙනවා දැයි එම කාන්තාවට තේරුම් ගැනීමට නොහැකි වී ඇත්තේ මොළයේ ඇති යම් ආබාධයක්‌ නිසාද යන්න අපට පැහැදිලි නැත.

මෙම වැටලීම සිදුකළ දිනයේ සිටම මෙම කාන්තාවගේ විදේශ රැකියාවක නිරත ස්‌වාමිපුරුෂයා සහ එම මහලු මිනිසාගේ බිරිඳ බලගොල්ල පොලිස්‌ ස්‌ථානාධිපතිවරයාට දුරකථනයෙන් අමතා සිද්ධිය ගොඩින් බේරාදෙන ලෙසට බැගෑපත් වී ඇත. නමුත් පොලිස්‌ ස්‌ථානාධිපතිවරයා එය ගණන් නොගෙන නීතිය අකුරටම ඉටුකර තිබුණි. ඒ අනුව එම කාන්තාව අයුතු සිර කර තැබීම හා අයුතු අවහිරය යන චෝදනා යටතේ නඩු පවරා ඇත.

බලගොල්ල පොලිස්‌ ස්‌ථානාධිපති ජී. එස්‌. පුෂ්පකුමාර මහතා එම කාන්තාවට අපූරු කියමනක්‌ කියා තිබේ. එනම් “ඔයා මේ බලු කූඩුව කඩන්න එපා. ඔයාටත් දරුවො ඉන්නවනේ. කවදහරි ඔයාටත් මේකෙම ලගින්න වෙයි. ඒක නිසා මේ කූඩුව හොඳට පරිස්‌සම් කරලා තියාගන්න” කියාය.

තිරිසන් සතෙකුටත් වඩා අන්ත විදියට තම පියාට සැලකූ මේ කෲර ස්‌ත්‍රියට දඬුවම් මේ ආත්මයේදීම ලැබෙනු ඇත.

බලගොල්ල පොලිස්‌ ස්‌ථානාධිපති සී. එස්‌. පුෂ්පකුමාර මහතාගේ මෙහෙයවීම යටතේ උප පොලිස්‌ පරීක්‍ෂක අබේරත්න, උ.පො.ප. මේඝවර්ණ, පො.කො. බණ්‌ඩාර (29529), කාන්තා පො.සැ. ශ්‍රියානි, කා.පො.කො. ශෂිකලා (7673), පො. සහායක අබේසිංහ (393) යන නිලධාරීහු මෙම වැටලීමට සහභාගි වූහ.

ගයාන් සමරසිංහ

එක්‌සත් ජාතීන්ගේ R2P සංකල්පය ශ්‍රී ලංකාවට

එක්‌සත් ජාතීන්ගේ R2P සංකල්පය ශ්‍රී ලංකාවට


එකී වාර්තාවෙහි ඝාතන රැසක්‌ වසන් කර ඇත. ජෝශප් පරරාජසිංහම්, සහ රවිරාඡ් ඝාතනය ගැන සඳහන් කරන එම වාර්තාව පහත දැක්‌වෙන ඝාතන ඊට ඇතුළත් නොකළේ මන්ද?

1. මඩකලපුව මන්ත්‍රී කිංස්‌ලි රාසනායගම් ඝාතනය 2004 ඔක්‌තෝම්බර් 19

2. දෙහිවල ත්‍රස්‌ත මර්දන ඒකකයේ ප්‍රධානී පොලිස්‌ පරීක්‍ෂක තාබෲ ඝාතනය

3.ගල්කිස්‌ස පොලිසියේ ත්‍රස්‌ත මර්දන අංශයේ පොලිස්‌ පරීක්‍ෂක ජෙයරත්නම් ඝාතනය

4.ත්‍රස්‌ත මර්දන ඒකකයේ ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක නිලබ්දින් ඝාතනය කිරීමට උත්සාහ කිරීම

5.කොළඹ ඩුප්ලිකේෂන් පාරේ දී ප්ලොට්‌ මොහාන් ඝාතනය

6.වැල්ලවත්තේදී රූපවාහිනී නිෂ්පාදිකා රුලන්ගී සෙල්වරාජා සහ ඇගේ සැමියා ඝාතනය කිරීම

එක්‌සත් ජාතීන්ගේ R2P නැමැති සංකල්පය ශ්‍රී ලංකාවට යොමු කිරීමට උත්සාහ කළේ කොළඹ වාර්ගික අධ්‍යයන ආයතනයේ ප්‍රධානියා ලෙස සේවය කළ ප්‍රංශ පුරවැසි රාමා මානි ය. මෙම R2P සංකල්පය යනු රටක අභ්‍යන්තර කටයුතුවලට මැදිහත්වීමකි. වන්නි මෙහෙයුම නතර කිරීම සඳහා රාමා මානි මෙකී සංකල්පය මෙරටට යොමු කිරීමට දැරූ උත්සාහය නිසා ඇයව ශ්‍රී ලංකාවෙන් පිටුවහල් කෙරුණි.

එහෙත් 2015 සැප්තැම්බර් 30 දා ශ්‍රී ලංකාව සම්බන්ධව ඇමරිකානු යෝජනාවෙන් එකී R2P සංකල්පය නැවතත් මෙරටට යොමු කෙරී තිබේ.

මේ යෝජනාවට පසුබිම් වූයේ මානව හිමිකම් කොමසාරිස්‌ සෙයිද් රාද් හුසෙන්ගේ පිටු 261 ක වාර්තාවයි. එහෙත් මේ වාර්තාව යුක්‌තිසහගත නොවේ.

එකී වාර්තාවෙහි ඝාතන රැසක්‌ වසන් කර ඇත. ජෝශප් පරරාජසිංහම්, සහ රවිරාඡ් ඝාතනය ගැන සඳහන් කරන එම වාර්තාව පහත දැක්‌වෙන ඝාතන ඊට ඇතුළත් නොකළේ මන්ද?

1. මඩකලපුව මන්ත්‍රී කිංස්‌ලි රාසනායගම් ඝාතනය 2004 ඔක්‌තෝම්බර් 19

2. දෙහිවල ත්‍රස්‌ත මර්දන ඒකකයේ ප්‍රධානී පොලිස්‌ පරීක්‍ෂක තාබෲ ඝාතනය

3.ගල්කිස්‌ස පොලිසියේ ත්‍රස්‌ත මර්දන අංශයේ පොලිස්‌ පරීක්‍ෂක ජෙයරත්නම් ඝාතනය

4.ත්‍රස්‌ත මර්දන ඒකකයේ ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක නිලබ්දින් ඝාතනය කිරීමට උත්සාහ කිරීම

5.කොළඹ ඩුප්ලිකේෂන් පාරේ දී ප්ලොට්‌ මොහාන් ඝාතනය

6.වැල්ලවත්තේදී රූපවාහිනී නිෂ්පාදිකා රුලන්ගී සෙල්වරාජා සහ ඇගේ සැමියා ඝාතනය කිරීම

ඉහත කී කරුණු ජිනීවා පරීක්‍ෂණ වාර්තාවට ඇතුළත් නොකිරීමේ හේතුන් දැන් පැහැදිලිය. මානව හිමිකම් කොමසාරිස්‌ සෙයිද් රාද් හුසේන් තම වාර්තාවේ දක්‌වා තිබුණේ තොරතුරු සෙවීම සඳහා ශ්‍රී ලංකාවට ඒමට ඉඩ නොලැබුනු නිසා රාජ්‍ය නොවන සංවිධාන, සිවිල් සංවිධාන, මානව හිමිකම් ආරක්‍ෂකයන් සහ විදෙස්‌ රාජ්‍ය නොවන සංවිධානවලින් තොරතුරු ලබාගත් බවයි.

එහෙත් එකී සංවිධාන ඉහත කී ඝාතන ගැන මානව හිමිකම් කොමසාරිස්‌ට වාර්තා නොකළේ එම ඝාතන කොටි සංවිධානය විසින් සිදු කළ නිසාය.

මේ නිසා මෙහි පරීක්‍ෂණ වාර්තාව ඒකපාක්‍ෂික වාර්තාවක්‌ නොවන්නේද? මෙම පසුබිම මත

සෙයිද් හුසේන්ගේ පරීක්‍ෂණ වාර්තාවට සුදුහුණු ගෑමට විවිධ පාර්ශව උත්සාහ කරති.

එහෙත් වාර්තාවේ අඩංගු මුලාශ්‍ර නිරීක්‍ෂණයට ලක්‌ කළහොත් රහස්‌ පොලිසියේ වාර්තා පවා ජිනීවා පරීක්‍ෂණ මණ්‌ඩලයට සපයා ඇතැයි අනාවරණය වේ.

එසේම සාක්‌කි 1985 ක්‌ ලබාගෙන ඇත්තේ විද්යුත් ලිපිවලිනි. තවත් සාක්‌කි 1197 ක්‌ තැපෑලෙනි. යුද අපරාධ සිදු කළ අයගේ ලැයිස්‌තුවක්‌ද තමන්ට ලැබුණ බව පරීක්‍ෂණ වාර්තාව සඳහන් කර ඇත.

මේ හැර මෙයට පෙර පැවැත් වූ දරුස්‌මාන් පරීක්‍ෂණ මණ්‌ඩලයෙන්ද තවත් තොරතුරු ලබාගත් බව පරීක්‍ෂණ වාර්තාවේ සඳහන් කර ඇත.

එසේ වූවත් මෙකී ජිනීවා පරීක්‍ෂණ වාර්තාවට මෙරට යාන්ත්‍රණයෙන් නිසි ප්‍රතිචාර දක්‌වා නොමැත.

ජීනීවාහිදී ශ්‍රී ලාංකික මානව හිමිකම් ආරක්‍ෂකයන්ට තර්ජන එල්ල වී ඇති බවත් වාර්තාවේ සඳහන් වී තිබේ. එහෙත් එලෙස එල්ල වූ තර්ජන ගැන ස්‌විස්‌ පොලිසියට හෝ මානව හිමිකම් කවුන්සිලයේ ආරක්‍ෂක අංශවලට හෝ මෙතෙක්‌ පැමිණිලි කර නැත. අප මේ කරුණු සඳහන් කරන්නේ වගකීමක්‌ ඇති වය.

මෙකී තර්ජන ගැන පරීක්‍ෂණ මණ්‌ඩලයට වාර්තා කර ඇත්තේ ආසියානු මානව හිමිකම් කේන්ද්‍රය නැමැති රාජ්‍ය නොවන සංවිධානයයි.

ඒ නිසා පරීක්‍ෂණ මණ්‌ඩලයද එකී තර්ජන එල්ලවීම සත්‍යයක්‌දැයි ස්‌විස්‌ පොලිසියෙන් විමසා නැත.

එසේම එක්‌ සාක්‌කිකාරියක්‌ ජිනීවා මානව හිමිකම් කවුන්සිලය අමතමින් ශ්‍රී ලංකා හමුදාව රසායනික අවි භාවිතා කළ බව කියා සිටියාය.

හමුදාව රසායනික අවි එල්ල කළා නම් එම අවි කුමක්‌ද සහ ඇය ඒ බව දන්නෙ කෙසේද යෑයි මානව හිමිකම් කවුන්සිලය ඇගෙන් විමසුවේ නැත. මේ නිසා ජිනීවා ගොස්‌ ඕනෑම බොරුවක්‌ කිමට ඉඩ ලැබුණි.

එසේම මෙරට ආරක්‍ෂක හමුදාව දැනුවත්ව මහා පරිමාණ අපරාධ සිදු කළ බවට වාර්තාවේ දක්‌වා ඇත. මෙම මහා පරිමාණ අපරාධ කුමක්‌ දැයි වාර්තාවේ සඳහන් නොවේ.

මෙම පසුබිම මැද ජිනීවාහි පාකිස්‌තාන් තානාපති සමීර් අක්‌ක්‍රම් මානව හිමිකම් කොමසාරිස්‌ වෙත ඇතුල් පහරක්‌ එල්ල කළේය.

මානව හිමිකම් කොමසාරිස්‌වරයා ඔහුට ලැබී ඇති

වරය ඉක්‌මවා ක්‍රියා කරනවා යෑයි හෙතෙම චෝදනා නඟයි.

මේ තත්ත්වය මත සිදු වී ඇත්තේ එක්‌සත් ජාතීන්ගේ R2P නැමැති සංකල්පය ශ්‍රී ලංකාව වෙත යොමු කිරීමකි. එය නැතැයි කීමට කිසිවකුටත් බැරිය.

කීර්ති වර්ණකුලසූරිය

 

Categories

Different countries have visited this site

Free counters!