//

එක්කෝ ආගම් මාරුව නැත්නම් දුරාචාරය

This category contains 63 posts

එල්ටීටීඊ. රැඳවියෝ උපවාසයක්‌ අරඹති

එල්ටීටීඊ. රැඳවියෝ උපවාසයක්‌ අරඹති

සමන් ගමගේ

එම්. ඒ. සුමන්තිරන්
පොදු සමාවක්‌ යටතේ තමන් වහා නිදහස්‌ කරන ලෙස රජයට බල කරමින් කොළඹ අනුරාධපුර සහ මැගසින් බන්ධනාගාරයේ රඳවා සිටින එල්. ටී. ටී. ඊ. සැකකරුවන් ඊයේ (12 වැනිදා) පෙරවරුවේ සිට උපවාසයක්‌ අරඹා තිබේ.

වත්මන් රජය පොරොන්දු වූ පරිදි තමන්ට නිදහස ලබා නොදුන් බවත් රජය කළේ අසත්‍ය පවසමින් තමන් මුළා කිරීම බවත් සඳහන් කරමින් ඔවුහු මෙසේ උපවාසයේ නිරතව සිටිති.

ඉකුත් යුද සමයේ කොළඹට බෝම්බ ප්‍රහාර එල්ල කිරීමට පැමිණි සහ බස්‌ රථවල, දුම්රියවල බෝම්බ පිපිරවීම්වලට සම්බන්ධ වූවන් ඇතුළු ත්‍රස්‌තවාදී සැකකරුවෝ දෙසීයකට අධික පිරිසක්‌ මෙසේ බන්ධනාගාරගතව සිටිති. මෙම සිරකරුවන්ට සතියක්‌ ඇතුළත නිදහස ලබා දිය යුතු බව පසුගියදා දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන් මහතාද රජයට පවසා තිබිණි.

ජිනීවා ගැන ජනතාව දැනුවත් කිරීමට ජාතික සමුළුවක්‌ – දිනේෂ් ගුණවර්ධන

ජිනීවා ගැන ජනතාව
දැනුවත් කිරීමට ජාතික සමුළුවක්‌
– දිනේෂ් ගුණවර්ධන

අනුර බාලසූරිය

රටට, ජනතාවට සත්‍ය වසන්කර පසුගියදා අත්සන් කෙරුණු ජිනීවා ගිවිසුම පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ ජාතික මහා සමුළුවක්‌ ලබන 19 වන දින විහාර මහාදේවී විවෘත ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන බව ඒකාබද්ධ විපක්‍ෂය වෙනුවෙන් මහජන එක්‌සත් පෙරමුණේ නායක පර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා ඊයේ (12 දා) පැවැති මාධ්‍ය හමුවකදී පැවැසීය.

එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයෙන් පාර්ලිමේන්තුව නියෝජනය කරන හා නොකරන ඒකාබද්ධ විපක්‍ෂය සමඟ අත්වැල් බැඳගන්නා සියලු ජනතාවගේ සහභාගිත්වයෙන් මෙම ජාතික මහා සමුළුව පැවැත්වෙන බව හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.

පසුගියදා රජය මගින් අත්සන් කෙරුණු ජිනීවා ගිවිසුම අප රටේ ජාතික නිදහසට, ස්‌වාධීනත්වයට ස්‌වෛරීත්වයට හා ශ්‍රී ලංකාවේ ව්‍යවස්‌ථාවට පටහැනි ක්‍රියාමාර්ගයක්‌ බව තරයේ විශ්වාස කරන බැවින් එය කරුණු සහගතව ඔප්පු කර ජනතාවට අවබෝධ කරදීමට ඒකාබද්ධ විපක්‍ෂය ලෙස කටයුතු කරමින් රට ආරක්‍ෂා කිරීමට මැදිහත්වීමේ දේශපාලන ක්‍රියාවලිය දියත් කරන බව දිනේෂ් ගුණවර්ධන මහතා පැවැසීය.

මේ සම්බන්ධයෙන් රජය මෙතෙක්‌ රට වැසියාට හෝ පාර්ලිමේන්තුවට හෝ සත්‍ය තොරතුරු ලබාදී නොමැති බව පැවැසූ දිනේෂ් ගුණවර්ධන මහතා සත්‍ය තොරතුරු වසන් කිරීමෙන් රජය අප රට හිරකර ඇමරිකාව සමඟ සමදායකත්වයෙන් ගෙනා යෝජනාවේ බරපතළකම රටෙන් සැඟවීමට ඉඩතැබිය නොහැකි බැවින්, ජනතාව වෙනුවෙන් වගකීම ඉටුකළ යුතු බවත් සඳහන් කළේය.

මේ සම්බන්ධව පාර්ලිමේන්තුවේ විවාදයක්‌ ලබාදෙන බව රජය ප්‍රකාශ කළත් රජය අත්සන් තැබූ මෙම ජිනීවා යෝජනාවේ සත්‍ය පිටපතක්‌ අද වනතුරු පාර්ලිමේන්තුවට හෝ මන්ත්‍රීවරුන්ට රටට හෝ ඉදිරිපත් කර නැති බව පැවසූ දිනේෂ් ගුණවර්ධන මහතා මෙවැනි තත්ත්වයක්‌ තුළ පාර්ලිමේන්තු විවාදයක්‌ පැවැත්වීමට බලාපොරොත්තුවන්නේ නම් එය රජය තවත් වාරයක්‌ රටටත් රටේ උත්තරීතර පාර්ලිමේන්තුවටත් වසන් කිරීමට ගන්නා ක්‍රියාමාර්ගයක්‌ බවත් කීවේය.

මෙහිදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්වන බන්දුල ගුණවර්ධන, උදය ගම්මන්පිල, කොමියුනිස්‌ට්‌ පක්‍ෂයේ ලේකම් ඩිව් ගුණසේකර, ලංකා සමසමාජ පක්‍ෂයේ නායක මහාචාර්ය තිස්‌ස විතාරණ යන මහත්වරුද අදහස්‌ දැක්‌වූහ.

ගණිකා වෘත්තිය නීතිගත කල යුතු බව මම කීවම මට හරියට මඩපාරවල් වැදුනා

ගණිකා වෘත්තිය නීතිගත කල යුතු බව මම කීවම මට හරියට මඩපාරවල් වැදුනා

යුරේනි නොෂිකා– ගණිකා වෘත්තිය පැතිරීමට උදවු කරන්නෝ 

කොහොමද මේ දිනවල කලා කටයුතු එහෙම?
වරදක් නෑ. හොඳින් කරගෙන යනවා. මම කවදත් ලොකුවට වැඩ බදාගෙන කරන කෙනෙක් නෙමේ.
ඇයි ඒ රඟපාන්න කම්මැලිද…?
‍පොඩි කම්මැලි ගතියකුත් තියෙනවා. හොඳ නිර්මාණ ලැබිමේ අඩුව ප්‍රධාන වශයෙන් තියෙනවා. අනික ඉතින් මිනිසුන්ගේ මතකයේ රැඳෙන්න තිරයේ නිරන්තරයෙන් දකින්න ඕනෑ නෑ කියලයි මට හිතෙන්නේ.
ඒ වුණාට ජනප්‍රිය නිළිය සම්මානය තාම ගන්න බැරි වුණා නේද…?
මටම එස්.එම්.එස් කරගෙන ඔය සම්මානය ගන්න හිතෙන්නෙ නෑ. ඊට වඩා මට හැමදාම ලැබෙන ජනතා සම්මානය වටිනවා. පාරට බැස්සහම ඒක හුඟාක් හොඳින් තේරෙනවා.
මෙගා නාට්‍ය කින් ජනප්‍රිය වූ ඔබ එතනින් පසු මෙගාවල නෑ
දෙයක් කරන්න පුළුවන් චරිත විතරයි මම භාර ගන්නේ. ආවාට ගියාට චරිත කරන්නේ නෑ.
කලාත්මක නිර්මාණයක රඟපාන්න කැමැති නැද්ද…?
ඇත්තටම ඔව්.. අභියෝගාත්මක චරිතයක් කරන්න ආසයි. පසුගියදා සිහින සින්ඩරෙල්ලා නිර්මාණයේ නම් මුඩුක්කු චරිතයක් කළා. ඒ ගැන තෘප්තිමත්වයි ඉන්නේ.
දේශපාලනයට එන්න අදහසක් නැද්ද..?
අ‍පෝ නෑ. මම නීතියත් හදාරලා තියනවා. ඒ වුණාට ලංකාවේ දේශපාලනයට එන්නේ නෑ.
ආදරය විවාහය දකින්නේ කොහොමද…?
ආදරය හරිම සුන්දරයි. කෙනෙකුට ආදරය කරද්දි තනිවෙලා නෑ කියලා හිතෙනවා. ඒත් මම ආදරයෙන් පැරදිලා තියෙනවා. ඒ නිසා කෙනෙකුට ළං වෙන්න බයයි. විවාහයට ආසයි. අනාගතයේ විවාහය සිදු වේවි.
සුන්දර තරුණියක් පෙම්වතෙක් නෑ කීවොත් බොරු
අනේ ඇත්තමයි. මේ වෙද්දී මට පෙම්වතෙක් නෑ
පසුගියදා පුවත්පතක පළ වී තිබුණා ඔබ කියලා ගණිකා වෘත්තිය නීතිගත කළ යුතුයි කියලා අපේ රටේ.?
මම කවදත් සමබරව කතා කරන කෙනෙක්. මේ ප්‍රකාශයට මට හරියට මඩ වැදුණා. අපේ රටේ සාධාරණව කතා කරන්න බෑ. මම දකින සාධාරණ හේතු නිසයි මම  එහෙම කීවේ. හැබැයි බුද්ධිමත් අය දන්නවා මම කියපු දේ මොකක්ද කියලා…?
ඔබ දකින සාධාරණ හේතු මොනවද..?
දැන් බලන්න ගැහැනු කොයි තරම් අපේ සමාජයේ අසරණ වෙන අවස්ථා තියනවද..? ආදරය නාමයෙන් අසරණ කෙල්ලන්ගේ ජීවිත සමග සෙල්ලං කරන පිරිමි කොයි තරම්ද..? අන්තිමට තනි වෙන්නේ අසරණ වෙන්නේ ගැහැනු. ළිඳට වැටුණු පසු ළිං කටින්මයි ගොඩ විය යුත්තේත්. අපේ රටේ ඉහළ මිනිස්සුන්ගේ ඉඳන් පහළ මිනිස්සු දක්වාම ගණිකාවන් ළඟට යනවා. මේ වෘත්තිය නීතිගත කළොත් අපේ රටේ මේ සිදුවෙන අපචාර බොහොමයක් අඩුවෙන්න පුළුවන්.
ඔබ කියන්නේ ගණිකා වෘත්තිය නීතිගත කළ යුතු කියලද…?
නීතිගත කරන එකේ කිසිම වරදක් නෑ.
ගැහැනියක් අන්ත අසරණ වූ පළියට ඇඟ විකුණන්න ඕනද..?
ඇත්තටම ඇඟ විකුණන එක පවක් දහම අනුව නම් ඒත් රැකියාවක් වශයෙන් මේ වෘත්තියේ නියැලෙන අය තම පවුල ජීවත් කරවන්න මේ දේ කරනවා. අපහසුතාවක් නැතුව කරගන්න පුළුවන් පරිසරයක් ඒ අයට ඕනේ. මම මේ කියන දේවල් බුද්ධිමත්වයි හිතන්න ඕන.
ගැහැනියක් කැමැත්තෙන් මේ වෘත්තියේ යෙදෙයි කියලා සිතනවාද…?
නැතිවෙන්න පුළුවන්. ඒත් අන්ත අසරණ වුණහම ජීවත්වෙන්න මුදල් අවශ්‍ය වුණහම යොමුවෙන්න පුළුවන් නේද…? අපි මානුෂිකවයි හිතන්න ඕන.
ගණිකා වෘත්තිය නීතිගත කිරීමෙන් අපචාර අඩුවෙයිද…?
බොහෝ දුරට අඩුවෙයි. දැන් බලන්න අපේ රටේ ළමා අපචාර, ස්ත්‍රී දූෂණ කොච්චර සිදු වෙනවද…? අසහනයෙන් ඉන්න පිරිමි නේද මේවා කරන්නේ. ඉතිං ගණිකා වෘත්තිය නීතිගත කරපුවහම මේ අපරාධ අඩුවෙන්න ගොඩාක් ඉඩ තියෙනවා. දැන් බලන්න ඇතැම් රටවල මේ ප්‍රශ්න නැත්තේ මෙය නීතිගත කර තිබෙන නිසානේ. ඇත්තටම අපේ රටේ මේවා කතා කළත් වැරදියි. තේරුම් ගැනීම තමා ඉතිං…

මංජුල ප්‍රසාද් වීරසිංහ

https://i0.wp.com/www.thenation.com/wp-content/uploads/2015/04/SexWorkersRates1.jpg

Attention:

 Some 200 homosexual and transsexual sex workers were murdered between 1991 and 2003.

work as commercial sex workers and are HIV positive. In San Pedro Sula, the country’s second largest city, AIDS has infected 5.5% of the population. Many of these infections are from prostitutes who work in brothels throughout the country.

International routes for importing prostitutes

An infographic about the main routes used by smugglers for distributing human slaves on the european streets

AIDS & Prostitution in South America

The Girl in Heels | 2012

Five years ago, Violeta sold her body for the first time, earning $5 from her first customer. On her first night as a sex worker, she had 15 clients. Afterwards, she stood in the shower crying, wondering if financial security was worth becoming a commercial sex worker. Since then, Violeta has had as few as 10 clients a week and as many as 30 clients in a night. She said that the only time she is happy in this job is when she earns more than $200 in one night.

Violeta has been able to save up about $15,000 USD and hopes of earning $5,000 more so that she can fulfill her dream of buying a house and opening up her own minimarket, like her mother. She said that her dream is simple and not so far off from what other people dream of. Very few people who meet her during the day know that she is a sex worker because she does not want to endure their judgement and prejudice.

Though her work makes her unhappy, she is very proud of the fact that she is a hard worker and never accepts defeat. She ran away from a sexually abusive step-father and made an independent living, even though she is uneducated.

But the cost of this way of life is high- she has no friends, no stability, no true safety; and worst of all, no easy way out. Violeta’s hope is to raise the remaining $5,000 within the year so she can leave the commercial sex industry for a safer, happier life.

“It is like being a clown.”
-Violeta

ගණිකා වෘත්තිය පැතිරීමට උදවු කරන්නෝ
විශාල කාන්තාවන් ප්‍රමාණයක් ඉහතකි වෘතියට ගොදුරුවී තම ජිවිතයද අනුන්ගේ ජිවිතයද විනාශ  වී ඇති බව මෙම  තැනන්ත්තිය නොදන්වා නොවේ . විවිධ රටවල ඒඩ්ස් රෝගය පැතිරීමට  විශාල හේතුවක්  වී ඇත්තේ ගණිකා වෘත්තියය . මෙවන්  මුග්ධ  සාකච්චා පත්‍රයන් මාර්ගයෙන්  පැතිරීම වහා නතර  කල යුතුවේ.

මැයට  පළමුව මෙම  වෘත්තියේ යෙදීමට සහ ලෝක  වාර්තාවක්  තැබීමේ අවශ්‍ය තාවයක්  ඇති බවද  පෙනේ ….

කඩවත පල්ලියකින් ශ්‍රී සද්ධර්මය විකෘති කරයි, නීතිය වල් වදී

කඩවත පල්ලියකින් ශ්‍රී සද්ධර්මය විකෘති කරයි, නීතිය වල් වදී.

Click here for PDF version

මේ හෙළිදරව්ව කරන පූජ්‍ය මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමි ප්‍රාර්ථනා බෝධියකින් සුවසේ චතු සත්‍ය අවබෝධ කරත්වා! ජාතිය වෙනුවෙන් දිගටම අප දැනුවත් කරත්වා!

ව්‍යවහාර වර්ෂයෙන් 505න් ඈරඹි සිංහල බෞද්ධ විරෝධී කුමන්ත්‍රණය නොයෙක් විලාසයන් ගනිමින් වසර සිය දහස් ගණනක් තිස්සේ නොකඩවා අද දක්වාම පවතී. එය විටෙක මෙහි පැමිණියේ පෘතුගීසි ආක්‍රමණය ලෙසින්ය. විටෙකදී ලන්දේසි හා ඉංග්‍රීසී ආක්‍රමණ ලෙසින්ද පෑමිණියේය. ඒ සෑම අවස්ථාවකදිම කතෝලික,ක්‍රිස්තියානි,රෙපරමාදු,පෙන්තකොස්ත,ඇංග්ලිකන්,මෙතෝදිස්ත,සෙවන්ත් ඩේ,යොහොවා විට්නසස් සහ කල්වාරි ආදී නානාවිධ ස්වරූපයෙන් පැමීණි ඔවුන්, එකම අරමුණ වූ දේව රාජ්‍ය සංකල්පය තුළදී සියලු දෙනා එකම රැහේ උන්ය. ඒ සඳහා ඔවුන් නොයෙක් උපක්‍රමයන් අත්හදා බලමින් මුලිකවම සිදු කළෙ කැලේ ගසක් නසන්නට කැලේ ගසක්ම ඉවහල් වන්නා සේ අපේම සිංහලයන් බෞද්ධකමෙන් ඈත් කොට ගනිමින් ඔවුන් ලවාම ඔවුන්ගේ දේවරාජික අරමුණ ඉටු කර ගැනීමටයි. එසේ නම්වාගත් සිංහලයන් අද වන වින්ට එම තිරශ්චීන මෙහෙයුමේ නියැලී සිටින්නේ විදේශික මූලධර්මවාදීන්ටත් වඩා හොඳින්ය. එය එසේ වුවත් කුමන හෝ හේතු කාරණාවන් නිසා ඔවුනට සිතූ තරම් පහසුවෙන් සිංහල බෞද්ධ හර පද්ධතීන්ට පහර දෙන්නට නොහැකි විය. එය වසර 500ක් ඉක්මවගිය තැනදී බෞද්ධකම පාවාදුන් සිංහලයින්ට දැඩිව දැනෙන නිසාදෝ හෝ සර්වාගමික සංකල්පය නැමැති මායාවක් මවාපාමින් බෞද්ධ දර්ශනය හා පෑහෙන්නට උත්සාහ කරති.

එම පාදඩ උත්සාහයේ ආසන්න එක් භයානක ප්‍රයත්නයක් වන්නේ බුදු දහමේ මුලික හරපද්ධතීන් අමු අමුවේ විකෘති කිරීමයි. අද වන විට රට පුරා යන ක්‍රිස්තියානි , කතෝලික මූලධර්මවාදීන් බෞද්ධ ජනයාගේ පමණක් දුර්වලතා, අපහසුතාවයන් සොය සොයා යමින් ඒවාට භෞතික අල්ලස් දෙමින් මුලා කරනවාට අමතරව සෘජුවම මානසික අල්ලස්ද දෙමින් සිය මිත්‍යාදෘෂ්ඨින් වෙත ඔවුන් නම්වාගෙන සතර අපාගත කිරීමේ කාර්යය යහමින් සිදු කරති. බොහෝවිට ඒවා සඳහා මිත්‍යාදෘෂ්ඨික දේශපාලකයන් ප්‍රමුඛ නඩයන්ගෙන් නොමද පිටුවහලක්ද ලෑබේ.

පසුගිය දිනෙක කඩවත, මහර, කිරිමැටියාගාර ශාන්ත අන්තෝනි නැමැති පල්ලියකදී තිළිණ අලහකෝන් හා චාන්දනී නමැති දෙදෙනාගේ විවාහ මඟුලක් අර්නස්ට් පෝරුතොට පාදිලි තෑනගේ මූලිකත්වයෙන් සිදු කරන මුවාවෙන් මෙම ධර්මය විකෘති කිරීමේ පාදඩ මෙහෙයුම දියත් කොට ඇත. විවාහ මඟුලට යවන ආරාධනා පත්‍රයක් ලෙසින් සකස් කොට ඇති මෙය පත්‍රිකා ලෙසින් මුද්‍රණය කොට බෙදා හැරීම ද සිදු කොට ඇත. කිතුනු අෂ්ටක ගාථා සමග කිතුනු සෙත්කවි යන මැයෙන් ආරාධනා පත්‍රයේ මුලදීම දක්වා ඇත. එම හැදීන්වීමම ඉතා විකෘති සහගතය, මන්ද අෂ්ටක සහ ගාථා මෙන්ම සෙත් කවි ඇත්තේ බෞද්ධ සම්ප්‍රදායේ පමණක්ම වන බැවිනි. මුලදීම සුවහසක් බෞද්ධ ජනයා නිරන්තරයෙන් ආශීර්වාද පිණිස භාවිතා කරන මංගල ගාථාවන් විකෘති කොට ඇත්තේ කිසිදු තැකීමක් නොමැතිවයි.

භවතු සබ්බ මංගලම්
රක්ඛන්තු සබ්බ දුතයාන…..
සබ්බ පීතානු භාවේන
සදා සොත්ථි භවංතුතේ

භවතු සබ්බ මංගලම්
රක්ඛන්තු සබ්බ සාන්තුවරයාන
සබ්බ පුත්‍රයානු භාවේන
සදා සොත්ථි භවංතුතේ

භවතු සබ්බ මංගලම්
රක්ඛතු සබ්බ ප්‍රාණ පාරිත්‍යහීන
සබ්බ ශුධාත්මයානු භාවේන
සදා සොත්ථි භවංතුතේ

තුනුරුවනක් සිටින්නෙ බෞද්ධ ශාසනයේ පමණකි. එය වෙනත් කිසිදු සමයක දක්නා නොලැබෙන්නකි. මෙහිදී කිසිදු හිරිකිතයක් නොමැති දේවදත්තයන් මේ ලෝකයේ උතුම්ම රත්නයන් වන තෙරුවනට නිගා කර ඇත්තේ ඊට සමාන බහුභුත මිත්‍යාදෘෂ්ඨික නාමයන් තුනක් ඉදිරිපත් කරමෙනි. බුද්ධ රත්නය , ධම්ම රත්නය , සංඝ රත්නය යන තෙරුවන වෙනුවට මේ පාපතරයින් නම්කොට ඇත්තේ

සර්වබල දෙවිදුන්
සර්වබල දේව පුතනුවන්
සර්වබල සුදතුමි

යන බහුභුත නාමයන්ය. ඉන් නොනැවතුන ඔවුන් තිසරණයට සමානව යමින් තිසරණයද අමුඅමුවේ විකෘතු කොට ඇත්තෙ මෙසේය.

සරණං දහම් සරණං
සරණං දේව වචනං
සරණං ත්‍රිත්ව සරණං
සරණං සකළ සරණං

ආදම්-ඒව සරණං
ආබුහාම් සරා සරණං
රෙබෙකා-ඊසාක් සරණං
සරණං වරං සරණං

ජාකෝබ්-රාකේල් සරණං
ජෝසෙස්-ආසෙනත් සරණං
මෝසෙස් -කුෂ් සරණං
සරණං සදා සරණං

ජුවකීම්- ආනා සරණං
සෙකරියස්-එලිසබෙත් සරණං
ජුසේ-මරියා සරණං
සරණං ඔබට සරණං

ධර්මය විකෘති කොට මඟුල කෑමේ මනාලයා වන තිළිණ අලහකෝන් නැමැත්තා මෙම පාපතර ක්‍රියාව සිතාමතාම සිදු කළ බව සහ එයින් ඔහු ලබන පහත් සොම්නස ඔහුගේ වචනයෙන්ම පවසන්නේ නම් “දේශීය කිතුනු විප්ලවයක පළමු පියවරක් සේ සලකා මම මහත් සොම්නසින් මෙම හෙළ සිරිතට බැතියෙන් හා සාඩම්බරව මුල පුරමි. සියලු සම්ප්‍රදායන් හොඳින් දැනගනිමින්, හදාරමින් , වඩා සංඥමයකින් හා අවස්ථානෝචිතව ලෙස තබන මේ හෙළ කිතුනු පියවර ….”

නානා විලාසයන් ගෙන් පැමිණි බටහිරගැති නුතන යුදෙව් ක්‍රිස්තියානිවාදය මෙම භුමිල තුළ මොනයම් ක්‍රමයකින් හෝ ස්ථාපනය ඔවුන් සැමගේ ඒකායන බලාපොරොත්තුව බවට මෙම ලියවිල්ලම මැනවින් සාක්ෂි දරයි.

“මහින්ද නාමල් පවසන පරිදි අපි තවමත් පොළවට මුල් නොඅදින පෝච්චියේ පැළ කල කතෝලිකයන්ය. විදේශිකයෙකු වු ජාකෝම් ගොන්සාල්වේස් පියතුමා මෙරටට පැමීණ සිංහල භාෂාව හදාරා මුල් අඩිතාලම දැමුයේ ඒ පෝච්චියෙන් අප දහම මුදවා පොළවට මුල් අද්දවා මේ භූමියේ කොටසක් බවට කිතු දහම පත් කිරීමටයි. ඉන් පසු ගරු මර්සලීන් ජයකොඩි පියතුමන් , ගරු ඇලෝයි පීරිස් පියතුමා සහ අර්නස්ට් පෝරුතොට පියතුමා වැන්නන් කිතු දහමේ රෝමානු වස්ත්‍රය ගලවා එයට දේශීය වස්ත්‍රාභරණ පැළදවීමේ ඓතිහාසික හා අත්‍යාවශ්‍ය සටනට උදාරතරව උර දුන්නහ.” (ගරු යන්න දැමුයේ මෙය උපුටා ගැන්මක් නිසා බව කරුණාවෙන් සලකන්න)

මහින්ද නාමල් පවසන පරිදි යන්න යෙදිම තුළින් ක්‍රිස්තියානි හා කතෝලික ආදී නොයෙක් නාමයන්යෙන් හදුන්වන සමස්තයම දැඩි බෞද්ධ විරොධී සිවරුපයක් පෙන්වනවා නොවේද ? වත්මන් දේශපාලන නායකත්වය ඔවුන්ගේ කෝණයෙක් දකින්නේ තම පටු මිත්‍යාදෘෂ්ඨික පරමාර්ථ සාදනය උදෙසා දැඩි බාධාවක් බවයි. එහි සත්‍යාසත්‍ය බව කෙසේ වෙතත් එයින් එම නායකයන්ට ඔවුන් විසින්ම තව කරුණක් දැඩිව අවධාරණය කරනවා නොවේද ? එ මන්දයත් එම නායකත්වය නිර්මාණය කිරීම සදහා ඔවුන් කිසිදු දායකත්වයක් නොසැපයු බව සහ ඔහුගේ නොපැමිනීමට අවශ්‍ය කටයුතු සියල්ල ජාතික මට්ටමින් හා ජාත්‍යන්තර මට්ටමින් සිදුකළා යන්නයි. එනිසා වත්මන් නායකත්වයට වක්‍රාකාරයෙන් පවසන එම සත්‍ය පසක් කොට ගෙන වසර 500 කට අධික කාලයක් තිස්සේ මේ රටේ තිබෙන එකම ප්‍රශ්නය වන සිංහල බෞද්ධයන්ට හිමි තැන අහිමි කිරිම පිළිබද ගැටලුවට නිසි විසඳුමක් නොදෙන්නේ මන්ද යන්න අසනු කැමැත්තෙමු. එම ලියවිල්ලේදී පෝරුවේ චාරිත්‍ර කළා යැයි පවසන චමින්ද සංජීව නැමැත්තා හා අර්නස්ට් පෝරුතොට පාදිලි තැනද සිය අදහස් දක්වා ඇත.

බෞද්ධ අප ජය ප්‍රාර්ථනා කරමින් ආශිර්වාද ලබා යන්නා ජය පිරිතද ඔවුන් අමු අමුවේ විකෘති කොට ඇත. ඕනෑම බෞද්ධයෙකුගේ සිත් පෑරෙන පරිද්දෙන් එම විකෘතියද සිදු කොට ඇත. ද්වත්තිංස මහා පුරුෂ ලක්ඛණානුභාවේන, අසීත්‍යානුව්‍යඤ්ජන ලක්ඛණානුභාවේන , අට්ඨුත්තර සතමංගල ලක්ඛණානුභාවේන ඡබ්බණ්න රංසියානුභාවේන , කේතුමාලානු භාවේන , දසපාරමිතානුභාවේන, ආදී ලෙස පවතින මහානුභාව සම්පන්න ජය පිරිත විකෘති කොට ඇත්තේ

පීතානු භාවේන
පුත්‍රයානු භාවේන
ශුධාත්මයානු භාවේන
ආ වඩා ආයු බෝ වේවා

සාමුවෙල් දූත භාවේන
ගාබ්යෙල් දුත භාවේන
ඡොපියෙල් දුත භාවේන
මිඛායෙල් දුත භාවේන
රෆායෙල් දුත භාවේන
උරියෙල් දුත භාවේන
සදිකියෙල් දුත භාවේන
සදා සුරක්ෂා වේවා…..

ආදී ලෙසින් දීර්ඝ නාමාවලියක් ඉදිරිපත් කරමින් භාවේන ආදි ලෙසින් විකෘති කොට ඇත. (මෙහි සදහන් නොකළ නම් රාශියක් ඇත.) එමෙන ආශිර්වාද සෙත් කවි ලෙස සිංහල බෞද්ධ සංස්කෘතික පසුබිම මත සකස් වූ සෙත් කවි කලාව අමු අමුවේම විකෘති කොට ඇත.

සිංහල බෞද්ධයින් බහුතරයක් සිටින මේ රටේ මෙවන් දෑ සිදු වියයුතුද යන්න සැබැවින්ම තර්කයට භාජනය වියයුතු කරුණකි. අතීතයේ සිට මොනතරම් ආක්‍රමණ සිදු වුවත් ඉතිහාසයේ සිංහල බෞද්ධයින් නිසා කලු පැල්ලම් සටහන් වි නොමැත. නමුත් සුලුතරයක් වු අන්‍යාගමික , අන්‍යජාතික පිරිස් අතින් බහුතරයක් වු සිංහල බෞද්ධයින්ට අනන්තවත් කෙනෙහිලිකම් සිදුවී ඇති බව අතීතය විසින්ම ප්‍රත්‍යක්ෂ කොට ඇත. සිංහල බෞද්ධ සංස්කෘතියෙන් පෝෂණය වු සුවහසක් ජනයා මෙරට තුළ විසීම හා ඉවසීමේ ගුණය මනාව ප්‍රගුණ කළ පිරිසක් සිටීම එයට හේතුවයි. මෙනිසාම දෝ අදවන විටත් අතීතය විසින් දායාද කළ කෙනෙහිලිකම් එලෙසින්ම සිදුවද්දි රටේ බෞද්ධ යැයි කියා ගත් පාලකයන් හා ශාසනභාරධාරී මහ තෙරවරුන් හා අනෙකුත් වගකිවයුත්තන් අන්ධයින් , බිහිරන් සේ කටයුතු කරති, මෙම සිදුවීමේදීද අපට මුහුණ දීමට සිදුවූයේද එවන්ම වූ අසාධාරණකම් හා කෙනෙහිලිකම් වලටය.

රටේ ඉහළින්ම සිටින්නේ එරට නීතිය යන්න හුදු පාඨයකට පමණක් සීමාවූවක් බවට පත්වී ඇත. බෞද්ධ අයිතියට සෑම අතින්ම පහරදෙමින් පවතිද්දී අකාලික වු ධර්මයටද සෘජුවම අවමන් කරමින් බෞද්ධ අයිතීන් උල්ලංඝනය කරන බව මෙම සිදුවීම කදිම නිදසුනකි. නීතියේ පිළිසරණ පතා මෙම සිදුවීමේදී බෞද්ධ සංවිධාන ලෙස හා පෞද්ගලික වශයෙන් කොතරම් පැමිණිලි ඉදිරිපත් කළද ඒවායෙහි ඉදිරි කටයුතු යම්තාක් දුරට ගොස් මුලධර්මවාදී නීතිභාරධාරීන් අභිමුවෙහි නැවතීම අතිශය කණගාටුවට කරුණකි. 2600 වෙනි ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තියට සැරසෙනවායැයි පවසන මේ කාල වකවානුවේදී සම්බුද්ධ ධර්මයට යන කල දසාව මෙයදැයි අප බලධාරීන්ගෙන් අසනු කැමැත්තෙමු. මෙම ධර්මය විකෘති කිරීම සම්බන්ධව ප්‍රථම වරට 2010-11-01 දින පස්වරු 6:40ට පමණ මිරිහාන පොලීසියේ ජේෂ්ඨ පොලිස් අධිකාරී දේශබන්දු තෙන්නකෝන් මහතා වෙත පැමිණිල්ලක් පූජ්‍ය මහමිතව පඤ්ඤාරතන හිමියන් විසින්ද ඉදිරිපත් කරන ලදී. එහි මුලික කරුණු තුනක් අවධානයට යොමු කර තිබිනි.

01. මූලික බුදු දහම විකෘති කිරීම ( ආශිර්වාද ගාථා, ජය පිරිත , තෙරුවන )
02. බෞද්ධයින්ගේ සිත් රිදවීම
03. බුදු දහමට අපහාස කිරීම. (පාලී භාෂාවට)

එහිදී එයට සම්බන්ධව වග උත්තරකරුවන් ලෙසින් නම්කොට තිබුනේ අර්නස්ට් පෝරුතොට, තිළිණ අලහකෝන් , චමින්ද සංජීව, රංජිත් රූබසිංහ සහ සාමවිනිසුරු කන්දේ ආරච්චි යන පිරිසයි. එම පැමිණිල්ල සම්බන්ධව තමාට රාජකාඊ කිරීමට කොට්ඨාශ මට්ටමින් නොහැකි බව දන්වමින් 2010-11-02 දින නියෝජ්‍ය පොලිස්පති තුමා වෙත යොමුකර තිබිණ. මෙම විකෘති කිරීම සම්බන්ධව 2010-11-03 දින කඩවත පොලිස්ථානයේදී ද පැමිණිලි අංක CIB.II.38146, MCR-4892-2010 යටතේ පැමිණිල්ලක් ඉදිරිපත් කොට ඇති අතර 4432 දරණ අංක යටතේ එහි B වාර්තාවද පවතී. අනතුරුව කඩවත පොලීසිය ව්සින් නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය හරහා නිතිමය කටයුතු සඳහා උපදෙස් පැතීමට නිතිපති වෙත මේ වනවිට එය ඉදිරිපත් කොට ඇත. CC/758/2010 12 09 දරන යොමු අංකයෙන් හා CTCCMS 01 11 10/ 05 01 11 දරන අංක වලින් එම පැමිණිල්ල නීතිපති කාර්යාලය වෙත යොමු කොට ඇත. නමුත් අවාසනාවක මහත මේ වන තෙක් ඒ සම්බන්ධ කිසිදු නීතිමය කටයුත්තක් සිදු වී නොමැත. අපගේ විශ්වාසය එය එසේ වීමට බලපා ඇත්තේ ඔහුගේ ලබ්දිය වන්නට ඇත. අනෙක අපට ඇති ප්‍රෙහෙළිකාව නම් වෙනත් කරුණු සම්බන්ධව නීතිමය උපදෙස් පතනවිට ක්ෂණිකව ක්‍රියාත්මක වන්නටත් මේ සඳහා එසේ නොවීමටත් ඇති බාධකය කුමක්ද යන්නයි. එපමණක් නොව බෞද්ධ කාරණාවන් සම්බන්ධ බොහොමයක් ලිපි ගොනු එලෙසින් හිරවී ඇති බව අපගේ දැනීමයි. මෙනිසා මෙම අවාසනාවන්ත තත්වයන් පිළිබඳ නිර්ණය කිරීමට භාර දෙන්නේ මේ රටේ අතිබහුතරයක් වු සිංහල බෞද්ධ ජනයා වෙතටයි. ඔබ විසින් තෝරා පත්කරගත් බලධාරීන්ට මෙන්ම කසේරුකාවක් නොමැති ශාසනභාරධාරී මහතෙරවරුන්ට ඇතුලු වගකිවයුත්තන්ට මෙම ශාසකින අභියෝගයක් හමුවේ මුනිවත නොරැක ඉදිරිපත්වන ලෙසට සහ මොනයම් ක්‍රමයකින් හෝ බලපෑමක් කිරීම ඔබගේ වගකීමයි. මෙතුවක් කල් මේ සිංහල ජාතියකත් සම්බුද්ධ ශාසනයත් ආරක්ෂා කරගත්තා නම් ඒ සෑම අවස්ථාවකදීම එසේ සිදු වූයේ රතු පලස් හෝ පාවඩ මතින් නොවන බවද ඔබ තරයේ සිහි තබා ගත යුතුය

– පූජ්‍ය මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමි.

ස්වර්ග කම්කරු ඇඩ් කල්ලියේ ආගම් ප්‍රචාරක ට්‍රික්ස් – ලංකාදීප හරහා

ස්වර්ග කම්කරු ඇඩ් කල්ලියේ ආගම් ප්‍රචාරක ට්‍රික්ස් – ලංකාදීප හරහා

ස්වර්ගයේ කම්කරු ඇඩ්ස් උපක්‍රමය ගැන අපි ලිපියක් පල කලෙමු. මේ එම කල්ලියම ඉරිදා පත්තර හරහා ආගම් ප්‍රචාරය කිරීමට යොදාගන්නා උපක්‍රමයයි.

 

IMG0039A IMG0040A IMG0041A

නොමිළේ මෝඩ ආගම් ප්‍රචාරක පොත් තමාගේ ගොදුරු වල මොළ සෝදනය පිණිස ඔවුන් එවන්නේ එම පත්තර දැන්වීමට ප්‍රතිචාර දක්වන අයටය. මෙන්න එය සිදුවන ආකාරය.

 

ඉහත ඇඩ් එක බලා උනන්දුවන ගොදුර පහත ආකාරයට ඊ-මේල් හරහා කල්ලියෙන් විස්තර විමසයි. එයට පිළිතුරු දෙන කල්ලිය පුහු පත්‍රිකා තොගයක් නොමිළේ එවයි.

පහත ඊ-මේල් ලිපිය හරහා ඔබටත් ගොදුරක් සේ රඟපා වෙන්නේ කුමක්දැයි බලාගත හැක

කල්ලියේ පිළිතුර

On Monday, 1 December 2014, 12:02, icislinfo ici <icisl.info@gmail.com> wrote:

ඔබ අපට ප්‍රතිචාර දැක්වීම ගැන අපගේ ස්තූතිය පළමුව පළ කර සිටිමු. ජීවිතයේ       විවිධාකාර ගැටලු, ප්‍රශ්න, වේදනා, පීඩා, බලාපොරොත්තු කඩවීම් ඇති අයට ජීවිතයට බලාපොරොත්තුවක් තිබෙන බව පසක් කර දීම අපගේ මෙම වෑයමෙහි අරමුණ වේ. පළමුව මෙය අපි පුද්ගලිකව අත්දුටුවෙමු. ජීවිතයේ සැනසීමට, සහනයට, ප්‍රීතියට සහ සුවයට බාධාව කුමක්දැයි හඳුනාගත් අපි ඉන් නිදහස් වූයෙමු. ඉන්පසු සැබවින්ම අපගේ ජීවිතයට සැබෑ සහ පවතින ප්‍රීතිය, සහනය, සැනසීම, සුවය ලැබුණි. එය ඔබත් සමඟ බෙදාගැනීමට අපට අවශ්‍යය.

 
ඊළඟ පිටුවල මෙම විස්තරය ඇත. එය හොඳින් සහ සාවධානව කියවීමට අපි ඔබට ආරාධනය කරමු. එය ඔබගේ ජීවිතය ජයගැනීමට නව ප්‍රවේශයක් වනු ඇත. ඉන්පසු ඔබගේ ප්‍රතිචාරය අපට ලිපියකින් හෝ ඊ-මේල් මගින් දන්වන්න.
 
අපගේ ලිපිනය: අයි. සී. අයි., තැ. පෙ. 15, ජා-ඇල.
 
Font eka me samaga ewa ata. eye install karaganna.
ස්තූතියි!
 
අධ්‍යක්ෂක

විමසුම් ලිපිය

On 30 November 2014 at 22:10, godura <godura@gmail.com> wrote:

Hello,
   Obalaage Lankaadeepa ad eka nisaa ewami. Matath wisthara kiyanna.
Thanks
-Godura

 

මේ කතෝලික මාධ්‍යවේදියෝ කවුද? මොනවද කරන්නේ?

මේ කතෝලික මාධ්‍යවේදියෝ කවුද? මොනවද කරන්නේ?

මේ රටේ බෞද්ධ මාධ්‍යවේදීන් කියා කොටසක් නැත. කෙසේ  නමුත් දහසක් කතෝලික කුමණ්ත්‍රණ මැද සිදුවීමට නියමිත පාප් වහන්සේගේ සම්ප්‍රාප්තිය මැද කතෝලික මාධ්‍යවේදී මෙරුවන් පිරිසක් එක්වරම මතුවී තිබේ. බොදුනුවාට ජාතිවාදී ලේබලය ඇලවීමට මැලි නොවන පිරිස් මේ ආගම්වාදීන් ගැන කියන්නේ මොනවාද? කිසිවක් නැත. මන්ද එම ලේබල් කාරයන් පිරිසම මේ ආගම්වාදී කතෝලික මාධ්‍ය හැතිකරය තුල සිටින බැවිනි. පසුගියදා පැවති සංඝ සම්මේලනයට මෙරටට වැඩි, බුරුම අවිහිංසාවාදී බෞද්ධ සටනේ පියා පූජණීය විරාතු හිමියන්ට ඉංග්‍රීසි මාධ්‍ය හරහා එරෙහි වූවෝ මේ කල්ලතෝනි පර බල්ලෝයි. එනමුත් මුළු ලොවේම පරාජිත කුරුස යුද්ධයේ නියමුවා වන වතිකානු බලකොටුවේ පාප්වහන්සේ මෙරටට සැපත්වීමට එරෙහි පුවතක් මේ “බෞද්ධ ජාතිවාදී” රටේ පල නොවේ. . කතෝලිකයන් එය විග්‍රහ කරන්නේ කෙසේද? මැලක්ම් ජඩයාගේ කටුකන මේ බලු රැල පාප්වහන්සේ බැහැදකීමට අමුතුවෙන් ඉල්ලිය යුතුද? කොටින්ට කඩේ ගිය මැල්කම් මුන් ටික බලෙන් ගෙන්වා පාප් වහන්සේ මුණගස්වනු ඇත. මෙයට පුවත් ප්‍රචාරය දීම ඒකාන්තයෙන්ම මුන්ගේ තොවිලයට පෙර සූදානමකි. කතෝලික වූ පමණින් මේ රටේ මාධ්‍යවේදීන්ට වූ කිසිම අකටයුත්තක් නැති කල මේ මෙරුවන් රැල හුදු කුමණ්ත්‍රණයක් සඳහාම සක්කිලි පල්ලිය විසින් නිපදවූ හැතිකරයකි. ආගම්වාදී මාධ්‍ය මෙරුවන්ගේ හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙට බලාගැනීමට රටටම හැකිවනවා ඇත.

පාප් වහන්සේ මුණගැසීමට
කතෝලික මාධ්‍යවේදියෝ අවස්‌ථාවක්‌ ඉල්ලති

නෝමන් පලිහවඩන

ශුද්ධෝත්තම පළමු වැනි ප්‍රැන්සිස්‌ පාප්වහන්සේ ශ්‍රී ලංකාවට පැමිණි පසු උන්වහන්සේ මුණගැසීමට අවස්‌ථාව සලසා දෙන ලෙස කතෝලික මාධ්‍යවේදියෝ කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් තුමාමන්ගෙන් ඉල්ලීමක්‌ කර සිටිති.

ශ්‍රී ලංකාවේ විවිධ මාධ්‍යවල කතෝලික මාධ්‍යවේදීන් සේවය කරන අතර පාප්තුමා ශ්‍රී ලංකාවට සැපත් වූ පසු දින එම මාධ්‍යවේදීන් පිරිසට උන්වහන්සේ මුණ ගැසීමට අවස්‌ථාව සලසාදීම ඉතා වැදගත් බවද කියති.

මේ අනුව එම කතෝලික මාධ්‍යවේදීන්ගේ නම් ලැයිස්‌තුවක්‌ ඒ ඒ මාධ්‍ය ආයතන මගින් ලබාගෙන එම අවස්‌ථාව ලබාදීමට කටයුතු සලසා දෙන ලෙසද ඔවුහු කාදිනල්තුමාගෙන් ඉල්ලා සිටිති.

 

http://www.divaina.com/2014/11/17/news10.html

නිහීන ඇංග්ලිකන් පල්ලියේ සිංහල පාදඩයා (රනිල්ගේ මහප්පා ලක්‍ෂ්මන් වික්‍රමසිංහ රදගුරුතුමා) හා අරුම පුදුම දෙමළ හිතවතා

නිහීන ඇංග්ලිකන් පල්ලියේ සිංහල පාදඩයා (රනිල්ගේ මහප්පා ලක්‍ෂ්මන් වික්‍රමසිංහ රදගුරුතුමා) හා අරුම පුදුම දෙමළ හිතවතා

ඇංග්ලිකන් ක්‍රිස්තියානිය ලංකාවේ ඔඩු දුවපු තවත් එක අන්තවාදී කල්ලියක්. මේකේ ෆාදර්ලා විවාහ වී දරුවන් රකින වර්ගයේ පියතුමන් වන අතර කොළඹ ශාන්ත තෝමස් විදුහල, ශාන්ත පීතර විදුහල හා ශාන්ත ජෝශප් යන සියල්ල මොවුන්ගේ ආගම් ව්‍යාප්තවාදය අනියමින් පතුරන සිංහල බෞද්ධයාගේ දරුවන් සහමුලින් පිළිකුල් කරමින් හෙළ ජාතියට රිදවන සමාගම් ලෙස පවත්වාගෙන යනු ලැබේ. ගුධයේ පියතුමා යන අර්ථයෙන් හෝ වෙන යම් විසුළු අර්ථයකින් එම පාසැල් වල ප්‍රධාන පියතුමාට ෆාදර් රෙක්ට(ම්) යන නම භාවිතා වේ. සිංහල බෞද්ධ දරුවෙක් පාසැලට ඇතුලත් කිරීමට නම් ත්‍යාග වශයෙන් කොපමණ කුට්ටියක් දීමට කැමති දැයි දෙමව්පියන් අනිවාර්‍යයෙන් කිව යුතුය. කුට්ටිය ලොකු නම් දරුවා ඇතුලත් කල හැක. සියළු කතෝලික දරුවන්ගේ පහසුකම් එම මුදලින් ලබා දෙන අතර බෞද්ධ දරුවා සියළු ආකාරයෙන් කොන් කිරීම සිදු වන්නේ අඩු තරමින් ශිෂ්‍යනායක කමක් හෝ ලබා නොදීමෙනි.

 

පෙරවදනක් සේ ඇංග්ලිකන් අන්තවාදය ගැන සුළු හෙළිකිරීමක් ඉහත ඇති අතර පහත පුවත හෙළිකරන්නේ බෞද්ධ රටක නායක කමට කිසිසේත් සුදුසු නැති නපුංසකයෙක් වන රනිල් වික්‍රමසිංහ නම් නිවට බල්ලාගේ ජාති ද්‍රෝහී ලෙයෙහි පැටිකිරියයි.

 

වම්  ඉවුර
ඇන්ග්ලිකානු පල්ලියේ දේශපාලන
සම්ප්‍රදාය බිඳ දැමූ
දෙමළ රදගුරුතුමා

පසුගිය වකවානුව පුරා ඇන්ග්ලිකානු පල්ලියේ සිංහල දේව මෙහෙය තුළ භාවිත වූ “තුති දීම”, “ප්‍රේමය” වැනි වචන වෙනුවට “පින් දීම”, “මෛත්‍රිය” වැනි වචන හඳුන්වාදීමේ ප්‍රවණතාවක්‌ තිබිණි. මේ සම්බන්ධයෙන් පුරෝගාමීන් වූයේ ලක්‌දාස ද මෙල් හා ලක්‍ෂ්මන් වික්‍රමසිංහ වැනි රදගුරුතුමන්ය. සම්ප්‍රදායික ක්‍රිස්‌තියානි වාග් මාලාවට වඩා එවැනි වචන භාවිත කිරීමෙන් ක්‍රිස්‌තියානි ධර්මය දේශීය සංස්‌කෘතියට සමීප වන බව ඔවුන්ගේ අදහස විය. නමුත් ක්‍රිස්‌තියානි පූජකවරුන්ගේ මුවින් “පින් දීම”, “මෛත්‍රිය” වැනි වචන අසන විට තමන් අපහසුතාවයට පත්වන බව බෞද්ධ භික්‍ෂුන් වහන්සේලා µ්‍රeන්සිස්‌ රදගුරුතුමාට පවසා ඇත. ඒවා බෞද්ධයන් පාවිච්චි කරන වචන බැවින් ක්‍රිස්‌තියානි භක්‌තිකයන්ම ඒ වචන පාවිච්චි කරනු ඇසීම ඔවුන්ට අපහසුතාවයට පත් කරවන්නක්‌ය යන්න ඒ භික්‍ෂුන් වහන්සේගේ අදහස වී ඇත. මේ නිසා අදාළ ප්‍රශ්නය තම පූජකවරුන් සමඟ සාකච්ඡා කිරීමෙන් පසු µ්‍රeන්සිස්‌ රදගුරුතුමා ඇගේලිකානු පල්ලියට යෝජනා කර ඇත්තේ ඔවුන් “පින්දීම” හා “මෛත්‍රිය” වැනි වදන් පාවිච්චි නොකර කලින් කළ ආකාරයට “තුතිදීම” හා “ප්‍රේමය” වැනි වදන් පාවිච්චි කළ යුතු බවට නිර්දේශ කර ඇත.

ලංකාවේ සිංහල පාඨකයාට රදගුරුතුමෙක්‌ ගැන පුවතක්‌ අසන්නට ලැබුණොත් එය බොහෝ විට නිශේධනාත්මක ස්‌වරූපයක්‌ ගැනීමට ඉඩ ඇති තත්ත්වයක්‌ පසුගිය වකවානුව පුරාම පැවතුණි. ක්‍රිස්‌තියානි පූජක පාර්ශ්වය අතර රදගුරු තනතුරු ඇත්තේ කතෝලික පල්ලියේත් අන්ග්ලිකානු (එංගලන්ත සභාව) පල්ලිය තුළත් පමණි. ඇන්ග්ලිකානු පල්ලියට වඩා කතෝලික පල්ලිය තුළ රදගුරු තනතුරු බෙහෙවින්ම වැඩිය. බොහෝ රදගුරුවරුන් තමන්ගේ ආගමික කටයුතුවලට නැඹුරු වී පුවත් මවන්නන් වීමෙන් වැළකී සිටී. කලාතුරකින් යම්කිසි රදගුරුතුමෙක්‌ විශේෂයෙන්ම දෙමළ රදගුරුතුමෙක්‌ පුවතක මාතෘකාවක්‌ බවට පත්වුවහොත් එය බොහෝ විට මේ රටේ සිංහල බහුතරයට ගම්Hවන්නේ එක්‌කෝ රටට එරෙහිව නැතිනම් සිංහල ජාතියට එරෙහිව එසේත් නැතිනම් ආණ්‌ඩුවට එරෙහි වීමක්‌ වශයෙනි. මේ තත්ත්වය කතෝලික පල්ලිය තුළ මෙන්ම ඇන්ග්ලිකානු පල්ලිය තුළද පසුගිය වකවානුවේ පෙනෙන්නට තිබුණි. නමුත් ඇන්ග්ලිකානු පල්ලියේ කුරුණෑගල රදගුරුතුමා වන ශාන්ත µ්‍රeන්සිස්‌ රදගුරුතුමන් එම ආකෘතියෙන් ඉවත්ව වෙනස්‌ ආකාරයකට පුවත් මවන්නෙක්‌ බවට පත්ව ඇත.

ඔහුට කලින් වකවානුවක කුරුණෑගල ඇන්ග්ලිකානු රදගුරුතුමා වූයේ එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ පියාගේ සහෝදරයකු වූ ලක්‍ෂ්මන් වික්‍රමසිංහ රදගුරුතුමාය. ඔහු 1980 ගණන්වල මුලදී ඡේ. ආර්. ජයවර්ධන ආණ්‌ඩුවේ ආඥදායක ක්‍රියාකාරකම් දැඩිලෙස විවේචනය කළා පමණක්‌ නොව දෙමළ ජනතාවගේ අයිතීන් වෙනුවෙන්ද ප්‍රසිද්ධියේ පෙනී සිටි අයෙකි. ඔහු 1983 දී මියගියේද එම වසරේ ජූලි කලබල වලදී දෙමළ ජනතාවට සිදුවූ දේ වාවා ගැනීමට නොහැකිව බව ඇතැම්හු කියති. ලක්‍ෂ්මන් වික්‍රමසිංහ රදගුරුතුමාගේ කාලයෙන් පසු සියලුම ඇන්ග්ලිකානු රදගුරුවරුන් වෙනුවෙන් ඔහු ආදර්ශයක්‌ වූ බව කිවහැක. ඒ කාලයෙන් පසු සියලුම ඇන්ග්ලිකානු අගරදගුරුතුමන් උත්සාහ කළේ එක්‌කෝ ඒ ආදර්ශය අනුගමනය කිරීමටය. නැතිනම් අඩුම වශයෙන් එයින් කැපී පෙනෙන ආකාරයකට වෙනස්‌ නොවී සිටීමටය. නමුත් ඇන්ග්ලිකානු පල්ලිය තුළ උඩරට දෙමළ සම්භවයකින් බිහි වූ ශාන්ත µ්‍රeන්සිස්‌ රදගුරුතුමන් මේ කෝව බිඳ දමා වෙනස්‌ මාවතකට අවතීර්ණ වී ඇත. ඔහු සිංහල මහ ජාතිය විවේචනය කරනු අපට නොඇසේ. ආණ්‌ඩුව විවේචනය කරනු නොඇසේ. ඔහු කතා කරන්නේ සිංහල දෙමළ සංහිsඳියාව හා එකට ජීවත්වීම ගැනය.

සංහිඳියාව ගැන කතා කිරීමේදී ඔහු කියන්නේ සංහිඳියාව යනු සෑම පුද්ගලයෙක්‌ තුළම පුද්ගලිකව ඇතිවිය යුතු තත්ත්වයක්‌ බවයි. මේ සම්බන්ධයෙන් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ දෙමළ ජනතාව සමග පෞද්ගලික මට්‌ටමින් හිතවත් කමක්‌ ඇතිකර ගැනීම සඳහා ගන්නා උත්සාහයන් ගැන ඔහු ප්‍රසංශා මුඛයෙන් කතා කරයි. ඇතැම් සභාවන් ජනාධිපතිවරයා විසින් දෙමළ බසින් අමතන විට ඒ සභාවේ සිටින දෙමළ පුද්ගලයන්ගේ ප්‍රතිචාරයන් නිරීක්‍ෂණය කර ඇති ඔහු කියන්නේ රටේ ජනාධිපති දෙමළ බසින් ඔවුන්ව අමතනු ඇසෙන විට ඇතැම් දෙමළ පුද්ගලයන්ගේ මුහුණුවල මවිතයත්, තවත් අයගේ මුහුණවල ඉමහත් සතුටත් තවත් ඇතැම් අයගේ දැස්‌වල කඳුලුත් ඔහු දැක ඇති බවයි. එමෙන්ම පශ්චාත් යුද සමයේ වඩාත්ම කැපී පෙනෙන ලක්‍ෂණයක්‌ වන්නේ සිංහල ජනතාව තුළ දෙමළ බස ඉගෙනීමට ඇති කැමැත්ත බව ශාන්ත µ්‍රeන්සිස්‌ රදගුරුතුමාගේ අදහස වේ. අද සෑම ප්‍රධාන නගරයකම දෙමළ බස උගන්වන පන්ති ගැන පෝස්‌ටර් අලවා තිබීමෙන් මේ උනන්දුවේ තරම සිතාගත හැකි බව ඔහු පවසයි.

නමුත් මේ රටේ දෙමළ දේශපාලනය තුළ බොහෝ විට අපට අසන්නට ලැබෙන්නේ සංහිඳියාව ගැනවත් දෙමළ අයට සිංහල ඉගැන්වීම හෝ සිංහල අය දෙමළ ඉගෙන ගැනීම ගැනවත් නොව උතුරේ ස්‌වයං පාලනයක්‌ හා බලතල බෙදීම ගැනය. මෙවැනි කාරණාවලින් කිසිදාක සංහිඳියාවක්‌ ඇතිවන්නේ නැති බව µ්‍රeන්සිස්‌ රදගුරුතුමාගේ අදහස වෙයි. ඔහු දෙමළ ජනතාව පමණක්‌ ජීවත් වන නිජබිමක්‌ ගැන විශ්වාස නොකරයි. ඔහු පවසා සිටින්නේ ස්‌වයං පාලනය, බලතල බෙදීම වැනි පරණ සටන් පාඨ මතම තවදුරටත් කතා කළොත් ඉදිරියේදී තවත් අර්බුදයක්‌ හටගත හැකි බවයි. ඔහු පවසා සිටින්නේ දෙමළ සුළුතරය තුළ සිටින තවත් සුලුතරයක්‌ පමණක්‌ එවැනි ස්‌ථාවරයක සිටින බවයි. පසුගිය වකවානුවේ උතුරු නැගෙනහිර ප්‍රදේශවල ඡන්ද ප්‍රතිඵල වලින් එම ප්‍රදේශයේ සාමාන්‍ය ජනතාව එක්‌තරා දේශපාලන න්‍යාය පත්‍රයකට ඡන්දය ප්‍රකාශ කරමින් සිටින බවක්‌ පෙනෙන්නේ නැත්දැයි ඇසූ විට රදගුරුතුමාගේ ප්‍රතිචාරය වූයේ ජනතාව බොහෝ විට ඡන්දය දෙන්නේ ප්‍රතිපත්ති මත නොව තම අනන්‍යතාවය හා හැඟීම් නිසා වන හේතුවෙන් ඡන්ද ප්‍රතිඵල මත පිහිටා මේ ගැන නිගමනයකට ඒමට නොහැකි බවයි. එමෙන්ම මේ රටේ දෙමළ කතා කරන ජනයා කොටස්‌ හතරකට අයත් වන බව ඔහු පෙන්වා දෙයි. එක්‌ පැත්තකින් උතුරේ දමිළන්ය. අනෙක්‌ පැත්තෙන් මඩකලපුව කේන්ද්‍ර කරගත් තවත් දෙමළ ප්‍රජාවකි. ඒ දෙකටම වඩා වෙනස්‌ ස්‌ථාවරයක උඩරට දෙමළ ජනතාව සිටී. ඒ තුන්ගොල්ලටම වඩා වෙනස්‌ ආකාරයක මේ රටේ දෙමළ කතා කරන මුස්‌ලිම් ප්‍රජාව සිටී. මේ නිසා “දෙමළ ප්‍රශ්නයක්‌” යෑයි පොදුවේ සියලුම දෙමළ ජනතාවට බලපාන තනි ප්‍රශ්නයක්‌ ඇති බව ඔහුගේ මතය වෙයි. මේ එක්‌ එක්‌ දෙමළ කතා කරන ප්‍රජාවන්වලට තම තමන්ට ආවේණික ප්‍රශ්න තිබෙනවා සේම ඒ ප්‍රශ්න වලට විසඳුම්ද එකිනෙකාට වෙනස්‌ වෙයි. මේ ප්‍රජාවන්ගේ අධ්‍යාපන මට්‌ටම් ද එකිනෙකට වෙනස්‌ වෙයි. නමුත් මේ සියලු ජනකොටස්‌ මහ ජාතිය සමග සහයෝගයෙන් කටයුතු කළ යුතු බව රදගුරුතුමාගේ අදහස වෙයි.

සහයෝගයෙන් කටයුතු කිරීම යනු යටත් වීමක්‌ නොවේ දැයි ඇසූ විට රදගුරුතුමා පෙන්වා දුන්නේ උඩරට දෙමළ ජනතාව කිසිදාක ස්‌වයං පාලනයක්‌ ඉල්ලා නොසිටි බවත් ඔවුන්ට අවශ්‍ය වූයේ මේ ජාතියේ කොටසක්‌ බවට පත්වීමට බවත්ය. උතුරු නැගෙනහිර වාසය කරන දෙමළ ජනතාවට සිංහල ජනතාව සමග එකට ජීවත් වීමට අවස්‌ථාවක්‌ නොලැබීම හේතුවෙන් ඔවුන් තුළ සිංහල ජනතාව ගැන ගැන අවිශ්වාසයක්‌ පවතින බව රදගුරුතුමාගේ අදහස විය. 1970 ගණන් හා 80 ගණන් වල උතුරු නැගෙනහිර ප්‍රදේශවල ගුරුවරුන් උඩරට දෙමළ පාසල් වල සේවය කළ අතර ඔවුන් තමන් තුළ වූ ඒ අවිශ්වාසය උඩරට දෙමළ ජනතාව අතර පැතිරවීමටද උත්සාහ ගත්බව රදගුරුතුමා කණගාටුවෙන් ප්‍රකාශ කරයි. එතුමාගේ පල්ලියේ ඉරිදා පාසල් වල පවා මේ ප්‍රශ්නය තිබුණු බව ඔහු කියයි. ඇතැම් අවස්‌ථාවල අහවල් ගුරුතුමා සිංහල මිනිසුන් නරක බවත් සිංහල මිනිසුන් සමඟ ජීවිත විය නොහැකි නිසා සටන් කළ යුතු බවත් ඊට වෙනත් මගක්‌ නැති බවත් ඔවුන්ට කී බව ඔහුට පවසා ඇත. නමුත් අද වන විට උඩරට දෙමළ පාසල් වල උතුරු නැගෙනහිර ප්‍රදේශවලින් එන ගුරුවරුන් සිටින්නේ ඉතා අල්ප වශයෙන් බව පෙන්වා දෙයි. උඩරට දෙමළ ගුරුවරුන් නම් තම සිසුන්ට සිංහල ඉගෙන ගැනීමට උනන්දු කරවන බව ඔහු කියයි. ඇන්ග්ලිකානු පල්ලියේ සම්ප්‍රදාය අනුව යමින් ශාන්ත µ්‍රeන්සිස්‌ රදගුරුතුමා උඩින් පත්කරන ලද අයෙක්‌ නොව තම ප්‍රදේශයේ පල්ලියේ නායකයන් විසින් ඡන්දයෙන් පත්කරන ලද අයෙකි. ඒ අනුව දෙමළ පූජකතුමෙක්‌ වූ ඔහු පල්ලිය තුළ දැරිය හැකි ඉහලම තනතුරට පත්කොට ඇත්තේ අතිබහුතරයක්‌ සිංහල ඡන්ද දායකයන් පිරිසක්‌ විසිනි. මේ කාරණය නිසා ඔහුගේ මුලු දේශපාලන ස්‌ථාවරයම තීන්දු වී ඇත්දැයි ඇසූවිට එතුමා පෙන්වා දුන්නේ ඇන්ග්ලිකානු පල්ලිය තුළ රදගුරු තනතුර සඳහා ඡන්දයක්‌ යනු සාමාන්‍ය ඡන්දයක්‌ ආකාරයට ඇතැම් කණ්‌ඩායම් විසින් තම තමන්ගේ නියෝජිතයන් දිනවීමට කටයුතු කරන බවයි. මෙහිදී ඔහු සමඟ එම තනතුර සඳහා තරඟ කළ සෙසු සියලුම අපේක්‍ෂකයන් සිංහල පූජකවරුන් විය. එක්‌ අවස්‌ථාවක ඇතැම් පුද්ගලයන් ඒ ප්‍රදේශයේ සිංහල බහුතරයක්‌ වාසය කරන මීසම් වලට ගොස්‌ දෙමළ පුද්ගලයෙක්‌ රදගුරු තනතුරට පත් නොකරන්නැයි කියා තිබේ. එහිදී එම කණ්‌ඩායමට එක්‌ විශ්‍රාමික පාසල් ගුරුවරයෙක්‌ පවසා තිබෙන්නේ ඔහුගේ පරිපාලන හැකියාව වැනි කාරණ ගැන කථා කළා මිස ජාතිය ගැන කතා නොකළ යුතු බවයි. එමෙන්ම තලම්පිටිය ගමේ භික්‍ෂුන් වහන්සේ පවා මේ කණ්‌ඩායම පන්සලට ගෙන්වා මේ ගමට ජාතිවාදය ගේන්න එපා යෑයි ඔවුන්ට පවසා තිබිණි.

තලම්පිටිය ගමේ බෞද්ධයන් මෙන්ම ක්‍රිස්‌තියානි භක්‌තිකයන් ජීවත් වන අතර එහි පල්ලිය පිහිටියේ පන්සල් භූමියට යාබදවය. ශාන්ත µ්‍රeන්සිස්‌ රදගුරුතුමා පූජකවරයෙක්‌ව සිටි සමයේ තලම්පිටිය ගමේ කාලයක්‌ සේවය කොට තිබුණු අතර යාබද පන්සලේ භික්‍ෂුන් වහන්සේ සමඟද ඔහුට තිබුණේ සුහද සම්බන්ධතාවයකි. ඔහු ඉඹුල් කිරිබත් කෑමට රුචිකත්වයක්‌ දැක්‌වූ බව දැනසිටි නායක භික්‍ෂුන් වහන්සේ හීල් දානයට ඉඹුල් කිරිබත් ලැබුණු විට “පූජක තුමා, එන්න ඉඹුල් කිරිබත් තියෙනවා” යෑයි කියා දානයට ඔහුද ගෙන්වා ගන්නා බව µ්‍රeන්සිස්‌ රදගුරු තුමා ආවර්ජනය කරයි. එමෙන්ම ඔහු කුරුණෑගල ප්‍රදේශයට සේවයට පැමිණි මුල් අවස්‌ථාවේදී ඒ ප්‍රදේශයේ සිටි ගුරුවරුන් තම සිංහල උච්චාරණය නිවැරදි කිරීමට උදවු කළ බවද ඔහු පවසයි. 1977 ජාතිවාදී කලබල වලදී ඔහු තලම්පිටිය ගමේ ජීවත් වූ අතර ඒ ප්‍රදේශයේ සිංහල බෞද්ධ ජනතාව ඔහුව ආරක්‍ෂා කළ බව µ්‍රeන්සිස්‌ රදගුරු තුමා ආවර්ජනය කරයි. එම කලබල පැවැති සමයේ රාත්‍රී 10 ට පමණ ගසක්‌ උඩ මිනිහෙක්‌ සිටිනු දැක කවුරුන් හෝ තමාට හානියක්‌ කිරීමට පැමිණ ඇතැයි සිතා යාබද පන්සලට ගොස්‌ නායක හාමුදුරුවන්ට මේ පුවත පවසා තිබුණි. නායක හාමුදුරුවන් පල්ලියේ භූමියට පැමිණ ගස උඩ සිටි පුද්ගලයාට කතාකොට තිබුණු අතර ඔහු පවසා තිබුණේ ගමේ සිටි බෞද්ධයන් පිරිසක්‌ පූජක තුමාට හානියක්‌ කළහොත් වැලැක්‌වීම සඳහා රාත්‍රී කාලයේ මාරුවෙන් මාරුවට රැකගෙන සිටින බවයි.

මේ ආකාරයට දෙමළ – සිංහල හා බෞද්ධ – ක්‍රිස්‌තියානි සංහිඳියාව ගැන පාඩම් ඉගෙනගත් ශාන්ත µ්‍රeන්සිස්‌ පූජක තුමා රදගුරු වීමෙන් පසු ඒ පාඩම් අමතක කළේ නැත. මේ තනතුරට පත්වීමෙන් පසු ඔහුට විසඳීමට සිදුවූ එක්‌ ප්‍රශ්නයක්‌ වූයේ දළදා මාලිගාවට යාබදව පිහිටි ශාන්ත පාවුලු දේවස්‌ථානයට මියගිය බැතිමතුන්ගේ දේහ රැගෙන ඒමයි. එවිට ඒ ආසන්නයේම පිහිටි කතරගම හා විෂ්ණු දේවාල වල නිල්ල නිවාරණය කිරීමට විශේෂ වතාවන් සිදුකිරීමට සිදුවෙයි. දේවාලයේ නිලමේතුමා විසින් මේ කාරණය ඔහුගේ අවධානයට ගෙනා පසු මෘත දේහ ශාන්ත පාවුලු දේවස්‌ථානයට ගෙන ඒම නවත්වා මහයියාව පොදු සුසාන භූමිය තුළ පිහිටි කුඩා පල්ලිය ප්‍රතිසංස්‌කරණය කොට එතනට මෘතදේහ ගෙනයැමට සලස්‌වන ලදී. එමෙන්ම පසුගිය වකවානුව පුරා ඇන්ග්ලිකානු පල්ලියේ සිංහල දේව මෙහෙය තුළ භාවිත වූ “තුති දීම”, “ප්‍රේමය” වැනි වචන වෙනුවට “පින් දීම”, “මෛත්‍රිය” වැනි වචන හඳුන්වාදීමේ ප්‍රවණතාවක්‌ තිබිණි. මේ සම්බන්ධයෙන් පුරෝගාමීන් වූයේ ලක්‌දාස ද මෙල් හා ලක්‍ෂ්මන් වික්‍රමසිංහ වැනි රදගුරුතුමන්ය. සම්ප්‍රදායික ක්‍රිස්‌තියානි වාග් මාලාවට වඩා එවැනි වචන භාවිත කිරීමෙන් ක්‍රිස්‌තියානි ධර්මය දේශීය සංස්‌කෘතියට සමීප වන බව ඔවුන්ගේ අදහස විය. නමුත් ක්‍රිස්‌තියානි පූජකවරුන්ගේ මුවින් “පින් දීම”, “මෛත්‍රිය” වැනි වචන අසන විට තමන් අපහසුතාවයට පත්වන බව බෞද්ධ භික්‍ෂුන් වහන්සේලා µ්‍රeන්සිස්‌ රදගුරුතුමාට පවසා ඇත. ඒවා බෞද්ධයන් පාවිච්චි කරන වචන බැවින් ක්‍රිස්‌තියානි භක්‌තිකයන්ම ඒ වචන පාවිච්චි කරනු ඇසීම ඔවුන්ට අපහසුතාවයට පත් කරවන්නක්‌ය යන්න ඒ භික්‍ෂුන් වහන්සේගේ අදහස වී ඇත. මේ නිසා අදාළ ප්‍රශ්නය තම පූජකවරුන් සමඟ සාකච්ඡා කිරීමෙන් පසු µ්‍රeන්සිස්‌ රදගුරුතුමා ඇගේලිකානු පල්ලියට යෝජනා කර ඇත්තේ ඔවුන් “පින්දීම” හා “මෛත්‍රිය” වැනි වදන් පාවිච්චි නොකර කලින් කළ ආකාරයට “තුතිදීම” හා “ප්‍රේමය” වැනි වදන් පාවිච්චි කළ යුතු බවට නිර්දේශ කර ඇත.

2011 දී එක්‌සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් බෑන්කී මූන් විසින් ඔහුගේ උපදේශන කමිටු වාර්තාව ප්‍රකාශයට පත්කළ පසු ශාන්ත µ්‍රeන්සිස්‌ රදගුරුතුමා එය දැඩිලෙස විවේචනය කරමින් ප්‍රකාශයක්‌ නිකුත් කළ පසු ඇතැම් පිරිස්‌ එවැනි ප්‍රකාශයක්‌ කිරීම ගැන ඔහුව විවේචනය කර තිබිණි. ඔවුන්ට ඔහු දුන් පිලිතුර වූයේ පුද්ගලයන් වශයෙන් ඕනෑම කෙනෙකුට ඕනෑම අදහසක්‌ දැරීමට අයිතියක්‌ තිබුණද ඇන්ග්ලිකානු ප්‍රජාවගේ නායකයකු හැටියට තම රට මූලික වන බවත් කවුරුන් හෝ මේ රටේ අභ්‍යන්තර කටයුතුවලට ඇඟිලි ගැසුවහොත් එයට ඔහු ප්‍රබල ලෙස ප්‍රතිචාර දක්‌වන බවත්ය. සැමවිටම සුලු ජාතිය පැත්තේ සිට ආණ්‌ඩුව විවේචනය කළ හිටපු අගරදගුරු ලක්‍ෂ්මන් වික්‍රමසිංහ මෙන් ඔහු කටයුතු නොකරන්නේ මන්දැයි ඇසූවිට ශාන්ත µ්‍රeන්සිස්‌ රදගුරු තුමන්ගේ ප්‍රතිචාරය වූයේ මෙයයි.

“ලක්‍ෂ්මන් වික්‍රමසිංහ රදගුරුතුමා හැම විටම මේ රටේ සුළු ජාතීන්ගේ අයිතීන් ගැන අවබෝධයෙන් කටයුතු කළ අයෙක්‌. ඔහු සිංහල ප්‍රභූ පවුලකින් පැවැති අතර සංහිඳියාව සඳහා දෙමළ ජාතීන්ගේ අයිතීන් වෙනුවෙන් කතා කළ යුතු බව ඔහු සිතුවා. නමුත් මම දෙමළ ජාතිකයෙක්‌. සංහිඳියාව සඳහා මගේ යුතුකම වැඩ කරන්නේ අනෙක්‌ පැත්තට. මම සිංහල බෞද්ධ බහුතර ප්‍රජාව තේරුම් අරගෙන ඔවුන් සමඟ සම්බන්ධයක්‌ ඇතිකර ගත යුතුයි.”

සී. ඒ. චන්ද්‍රප්‍රේම


http://www.divaina.com/2013/09/02/feature01.html

නිර්වේලි බැංකු කොල්ලකරු එමානුවෙල් පියනමගේ පාදඩකම් හා නපුංසක සිංහල ද්‍රෝහීන්

නිර්වේලි බැංකු කොල්ලකරු එමානුවෙල් පියනමගේ පාදඩකම් හා නපුංසක සිංහල ද්‍රෝහීන්

සතුරන් හඳුනන්නේ නැති අපේ විදේශ තානාපති සේවාව
සතුරා හඳුනාගත්තොත් ඔබ දිනුම්,
සතුරා හඳුනා ගැනීමට නොහැකි වූවොත් ඔබ පරාජය වනු ඇත.
– රුසියානු ජනාධිපති ව්ලැඩීමීර් පුටින්

අපේ විදේශ තානාපති කාර්යාලවල සිටින නිලධාරීහු කීදෙනෙක්‌ කොටි ත්‍රස්‌තයන් හා කොටි හිතවාදීන් අනුගමනය කරන්නේද යන බරපතළ ප්‍රශ්නය දැන් පැන නැගී ඇත.

ඊට හේතු වී ඇත්තේ වන්නි මෙහෙයුම සමයේ ඊට දායක නොවූ හා වචනයකින්වත් සහය නොවූ අරුමපුදුම පාර්ශ්වයන් විදෙස්‌ තානාපති කාර්යාලවලට පත් වීමයි. මෙලෙස පත්වූවන්ගෙන් සමහරු දේශපාලනඥයන්ගේ ඥාතීන්ය. තවත් අය දේශපාලන සරනාගතයන්ගේ දුව හෝ පුතාය. මේ නිසා මේ පිරිස විදෙස්‌ ගත කොටි ඩයස්‌පෝරාව ගැනද ඔවුන්ගේ යටගියාවද නොදනී.

වන්නි මෙහෙයුම තුලින් ජනාධිපති ආරක්‍ෂක ලේකම් හා හමුදා නායකත්වය ඉල්ලන් කනු ඇතැයි බලාපොරොත්තු වු පිරිස්‌ හා ටයිපටි මාරුකළ පාර්ශ්වද අපේ තානාපති කාර්යාල අරක්‌ ගැනීමේ විපාකය ජිනීවාහිදී ශ්‍රී ලංකාවට එරෙහිව සම්මත වූ යෝජනාවයි.

ගෝලීය ද්‍රවිඩ සංසදයේ සුරේන් ප්‍රේමචන්ද්‍රන්, එමානුවෙල් පියනම, කැනඩාවේ ගැරී ආනන්ද සංගරී, වීරකේසරී පත්‍රයේ හිටපු වාර්තාකරුවකු වූ රත්නවේල්, ශ්‍රී ලංකාවෙන් පැනගිය “ආනන්ද” , සූරිච් නුවර සිටින කොටි ක්‍රියාකාරිනියක්‌ වූ සෝජිනී, ස්‌විස්‌ රාජ්‍ය නොවන සංවිධාන ජාලයට සම්බන්ධ “ගීතා”, රුද්රකුමාරන්ගේ ඊළම් ආණ්‌ඩුව නැමැති සංවිධානයේ මානික්‌ක වාසගර්, තමිල්නාඩුවේ තමිල්වානි ප්‍රභාකරන්, ඇමරිකාවේ කොටි ක්‍රියාකාරිනී කැරන් පාකර්, කැනඩාවේ ක්‍රිෂ්ණා සවරිමුත්තු ඇතුළු කොටි ක්‍රියාකාරීන්ව අපේ විදේශ සේවාවේ නිලධාරීන් හඳුනන්නේද?

එසේම ජිනීවා හෝ ජර්මනියේ මතවාදී කොටි ‘දේදුන්න’ පුවත්පත සකස්‌ කළ රෝහිත භාෂණ අබේවර්ධන මෙන්ම තවත් රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරීන් වූ ජූඩ් ලාල් ප්‍රනාන්දු හා විරාඡ් ප්‍රනාන්දුද හමුවුවොත් ඔවුන් කවුදැයි අපේ අය කිසිවිටෙක හඳුනන්නේ නැත.

මේ පසුබිම මැද කිව හැක්‌කේ සතුරන් නොහඳුනන පිරිස තවදුරටත් අපේ තානාපති කාර්යාල අරක්‌ ගෙන සිටින බවයි.

එහෙත් ඉන්දීය ඇමරිකානු බ්‍රිතාන්‍ය ඇතුළු බටහිර රටවල තානාපති සේවාවේ නිරත නිලධාරීහු තම රටට එරෙහි සතුරන් හඳුනාගෙන සිටිති.

ජීනීවා නුවර මානව හිමිකම් සමුළුව ආරම්භ වීමට පෙර ශ්‍රී ලංකාවට එරෙහි කුමන්ත්‍රණ බලපෑම් කටු ගැසීම් සියල්ල සිදු වූයේ මානව හිමිකම් කවුන්සිලයේ අවන්හල තුළදීය.

නිත්‍ය නියෝජිත රවීනාත් ආරියසිංහට සෑම කටයුත්තකටම මැදිහත් වීමට නොහැකි වූයේ යෝජනාව ඔහුගේ හිස මත වැටී තිබූ හෙයිනි. එහෙත් මානව හිමිකම් කවුන්සිලයේ අවන්හලේදී මෙරට දේශපාලන සතුරන් ඔහුට හමුවිය.

ශ්‍රී ලංකාවෙන් පැනගිය පිරිසද අවන්හලේදී මතු විය. එහෙත් අපේ එකම බුද්ධි නිලධාරියකුවත් එහි නොවීය. මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මෙන් තව තිදෙනකු හිටියා නම් ප්‍රශ්න උග්‍ර වන්නේ නැහැ. යෑයි ජනාධිපතිවරයා පසුගියදා පවසා තිබුණි.

එය සැබෑවකි. අපේ තානාපති කාර්යාවල සිටින දේශපාලන දූවරු හා පුත්තු කොටි කවුද? කියා නොදනී. ඔවුන්ට ඇත්තේ කොටි සතුරන් යන හැඟීම නොව නිවාඩුව ගත කිරීමේ හැඟීමයි.

අඩු වශයෙන් මේ පිරිස පොට්‌ටු අම්මාන් කවුද කියා නොදනී. ගෝලීය ද්‍රවිඩ සංසදයේ එමානුවෙල් පියනම නිර්වේලි බැංකු කොල්ලයේ ප්‍රධාන සැකකරුවකු වූ බවත් කොටි කොල්ල කෑ මුදල් ඔහුගේ පල්ලියේ අල්තාරය පසුපස තිබී රහස්‌ පොලිසිය සොයාගත් බවත් අපේ තානාපති කාර්යාලවල සිටින කීදෙනකු දන්නේද?

මෑතකදී ජීනීවා නුවරදී මානව හිමිකම් කොමසාරිස්‌ නවිපිල්ලේට හා ඇමරිකානු යෝජනාවට එරෙහිව ඉතාලි, ප්‍රංශ, බ්‍රිතාන්‍ය, ස්‌විස්‌, ස්‌වීඩන් යන රටවල දේශප්‍රේමීන්ගේ විරෝධතාවයක්‌ පැවැත්විණි.

මේ විරෝධතාවයට සහභාගීවීම සඳහා ෙµdaල්කන් රටේ පදිංචි ශ්‍රී ලාංකිකයන් පිරිසක්‌ එරට ශ්‍රී ලංකා තානාපතිගෙන් විමසූ විට ඔහු පැවසූවේ ඕවට ගිහිල්ලා වැඩක්‌ නැහැ යනුවෙනි.

මෙය ඉතාම කණගාටුදායක තත්ත්වයකි. මන්නාරම් රදගුරු රායප්පු ජෝශප් නෝර්වේ රටට එන විට ඔහුව ගෙන යැමට අපේ තානාපති කාර්යාලයේ නිලධාරියෙක්‌ එන්නේ නම් තානාපති සේවාවේ ක්‍රියා කලාපය ගැන කුමන කතාද?

මෙයට මූලික හේතුව රජයද සතුරන් හා මිතුරන් හඳුනාගැනීමට අපොහොසත් වීමයි. අඩු වශයෙන් වන්නි මෙහෙයුම දිරිගැන් වූ කීsදෙනෙක්‌ කොටි පරාජය කළ යුතු යෑයි කෑගැසූ කීදෙනෙක්‌ අපේ තානාපති කාර්යාලවල සිටින්නේ දැයි පෙන්නුම් කරන ලෙස අපි අභියෝග කරන්නෙමු.

මේ නිසා අපේ තානාපති කාර්යාලවල මතුවී ඇත්තේ ඉතාමත් කනගාටුදායක තත්ත්වයක්‌. මෑතකදී ප්‍රධානතම තානාපති කාර්යාලයක තනතුරකට පත්වූයේ උද්ඝෝෂණවලට සහභාගි වූ අයකුගේ දියණියක්‌. මේ හැර චිත්‍රපට නළුවන්ගේ සිට විවිධ පාර්ශ්වවලට සම්බන්ධ අයවළුන්ගේ ඥතීහුද තානාපති සේවාවට අරක්‌ ගත්හ.

2007 සිට 2009 දක්‌වා මේ කිසිවෙක්‌ රජය සමඟ සිටියේ නැත. කොටි විනාශ කළ යුතු යෑයි කියමින්a රජයේ නායකත්වය දිරිගැන්වූයේ නැත.

එහෙත් හොඳම නිදසුන ඊශ්‍රායලයය. ඊශ්‍රායල් තානාපති කාර්යාලවල සේවය කරන සෑම නිලධාරියාම හාමාස්‌ සංවිධානයේ හා පලස්‌තීන කණ්‌ඩායම්වල තොරතුරු දත් ඔවුන් සැමවිටම තම මිතුරන් ගැන විමර්ශනයේ සිටිමය. එසේම ජිනීවාහිදී මෙරට රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරීහු ඇමනෙස්‌ටි ඉන්ටර්නැෂනල් සංවිධානයේ සහයෙන් ඩේවිඩ් වේගෙලි නමැති ඔත්තුකරුවකු රජයේ දූත කණ්‌ඩායම අසුන්ගෙන සිටි ස්‌ථානයට යොදවා තිබිණි.

මේ වේගේලි නමැත්තාගේ පසුබිම නිරීක්‍ෂණය වූයේද?

2009 මැයි 19 දා කොටි විනාශ වුවත් කොටි ඩයස්‌පෝරාව විනාශ වූයේ නැත. ඔවුහු අඬු ගසා දමා නැඟිටියා.

එහෙත් අපේ තානාපති කාර්යාල ප්‍රබල කේන්ද්‍රස්‌ථාන බවට පත්වුයේ නැත. හමුදා නිලධාරීන් පත්වූ තානාපති කාර්යාලවලට පමණක්‌ කොටි විරෝධය එල්ල විය. ඒ නිවාඩුවක්‌a ගත කරන පාර්ශ්ව තානාපති කාර්යාලවල සිටීමෙන් කොටි කටයුතු පහසු වන නිසාම හමුදා නිලධාරීන් පත්වී සිටි තානාපති කාර්යාල කොටි ගැන සෙවීම නිසා කොටි හිතවාදීහු දුෂ්කරතාවකට මුහුණ පා සිටියා.

මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, ජගත් ඩයස්‌ හා චාලි ගාල්ලගේ තානාපති වූ රටවලින් ඉවත් කළ යුතු යෑයි කොටි හඬ නැඟුවේ එබැවිනි. මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා චැනල් ෙµda කැලම් මැක්‌රේ සමග ගැටුණේය. එහෙත් එමානුවෙල් පියතුමා, සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් ඇතුළු කොටි හිතවාදීහු පවසන සාවද්‍ය ප්‍රකාශ බොරු යෑයි පැවසීමට මෙතෙක්‌ අපේ කිසිම තානාපති නිලධාරියෙක්‌ ඉදිරිපත් වූයේ නැත.

කොටි ත්‍රස්‌තවාදීන්ට එරෙහි යුද්ධය රජය ජයගත්තේය. එහෙත් තානාපති කාර්යාලවලට පත් වූයේ යුද්ධවලට සහය නොදැක්‌වූ පිරිසකි.

කොටි බොරු ප්‍රචාර 100 ක්‌ විකාශනය කරද්දී ඇතැම් තානාපති කාර්යාල නිහඬ වී සිටි බව වාර්තා විය. මේ සාවද්‍ය ප්‍රකාශ කොතරම් දුරට වර්ධනය වූයේද යෑයි කිවහොත් ද්‍රවිඩ වැසියන් 40000 ක්‌ මියගිය බවට එක්‌සත් ජාතීන්ගේ සංවිධාන තුළ කළ ප්‍රකාශය කොටි 147000 ක්‌ දක්‌වා වැඩිවෙයිs.

එසේම කොටි හිතවාදී ටැමිල් සී. එන්. එන්. වෙබ් අඩවියේ කන්නන් ශ්‍රී ලංකාවට පැමිණීම තුළ ඇති වී තිබෙන තත්ත්වය කුමක්‌ද?

කොටින්ට එරෙහි යුද්ධය ජයගත නොහැකි වේ යෑයි පැවසූ යුද මහාචාර්යවරයා ද දැන් ශ්‍රී ලංකාවේ සිටීයි. ඔහු දැන් හමුදා ආරක්‍ෂක හමුදාව අමතමින් සීගිරියේ සිටියේ මුගලන් නොව කාශ්‍යප යෑයි නොදන්නා පිරිස්‌ මෙරට යුද මෙහෙයුම් ගැන හඬ නඟනවිට කොටි ඩයස්‌පෝරාව පිනුම් ගැසීම පුදුමයක්‌ නොවේ.

කීර්ති වර්ණකුලසූරිය

හැඩි දෙමළාගේ මිනිස් අයිතිවාසිකම් හෙළයාගේ මලගම් උඩින් ලබා දෙන්න පොරකන පාහර මැල්කම් ගේ අලුත් පොත

හැඩි දෙමළාගේ මිනිස් අයිතිවාසිකම් හෙළයාගේ මලගම් උඩින් ලබා දෙන්න පොරකන පාහර මැල්කම් ගේ අලුත් පොත

මැල්කම් රංජිත් සක්කිලියා මෙ නොකියා කියන්නේ අපේ බෙල්ල අපිම කපාගන්නම් පිටරටවල්  මැදිහත් නොවන්න කියා නොවේද? ටී. එන්. ඒ. යනු කොටි සංවිධානයම බව ඔප්පු වී ඇති යුගයේ එය සමඟ කුමන විසඳුම්ද මැල්කම් රදගුරු බල්ලෝ? තෝ මේ හොඳ සිහියෙන්ද?


අපේ ප්‍රශ්නවලට පිටරටවල් මැදිහත්වීමට ඕනෑ නෑ
– මැල්කම් රංජිත් කාදිනල්තුමා

නෝමන් පලිහවඩන

ශ්‍රී ලංකාවේ ප්‍රශ්නවලට විදේශීය රටවල් මැදිහත්වීමට අවශ්‍ය නැතැයි කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්තුමා ඊයේ (11 වැනිදා) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ප්‍රකාශ කළහ.

මෙම ප්‍රවෘත්ති සාකච්ඡාව කොළඹ බොරැල්ලේ කොටාපාරේ මැල්කම් පෙදෙසේ කිතුණු සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්විණි.

ශ්‍රී ලංකා කතෝලික රදගුරු සම්මේලනයේ එෙŒරිත අනුශාසනා පත්‍රය ප්‍රකාශයට පත්කරමින් කාදිනල් තුමා එසේ සඳහන් කළහ.

මෙම අනුශාසනා පත්‍රයට අති උතුම් මැල්කම් රංජිත් කාදිනල්තුමා, හලාවත රදගුරු වැලන්ස්‌ මැන්දිස්‌, යාපනය රදගුරු තෝමස්‌ සෞන්ද්‍රනායගම්, කුරුණෑගල රදගුරු අතිඋතුම් හැරල්ඩ් ඇන්තනි පෙරේරා, මඩකලපුව රදගුරු ජෝශප් පොන්නයියා, කොළඹ සහායක රදගුරු මේරියන් පීරිස්‌, කොළඹ සභාපති රදගුරු මැක්‌ස්‌වල් සිල්වා, මන්නාරම රදගුරු රායප්පු ජෝශප්, ත්‍රිකුණාමල රදගුරු කිංස්‌ලි ස්‌වාමිපිල්ලේ, මහනුවර රදගුරු වියානි ප්‍රනාන්දු, අනුරාධපුර රදගුරු නෝබට්‌ අන්ද්‍රdදි, රත්නපුර රදගුරු ක්‌ලීටස්‌ පෙරේරා, ගාල්ල රදගුරු රේමන් කේ. වික්‍රමසිංහ, බදුල්ල රදගුරු වින්ස්‌ටන් එස්‌. ප්‍රනාන්දු, කොළඹ සහයක රදගුරු එම්මානුවෙල් ප්‍රනාන්දු යන රදගුරුවරුන්ගේ අත්සනින් යුතුව මෙම ප්‍රකාශය නිකුත් කර තිබිණි.

එහිදී කාදිනල් තුමා මෙසේද කීහ.

පිටරටවල් අපේ ශ්‍රී ලංකාවේ ප්‍රශ්නවලට මැදිහත් වීමෙන් එය ගෝලීය ප්‍රශ්නයක්‌ කර ගන්නවා. අපිම අපේ ප්‍රශ්න විසඳාගත යුතුයි. අපිම අපේ ප්‍රශ්න විස¹ ගැනීමට ටී.එන්.ඒ. සහ රජය ක්‍රියාශීලී විය යුතුයි.

මාධ්‍යවේදියකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්තුමා වැඩිදුරටත් අදහස්‌ දක්‌වමින් මෙසේද කීහ.

අද බන්ධනාගාරවල රැඳවියන් විශාල පිරිසක්‌ අධිකරණයට ඉදිරිපත් නොකර තවදුරටත් බන්ධනාගාරගතකර තිබෙනවා. ඒ ඔවුන් නිදහස්‌ කිරීම නැතිනම් ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරීම හෝ කළ යුතුයි.

මානව හිමිකම් උල්ලංඝනය කිරීම අද නිතරම අසන්නට ලැබෙනවා. විවිධ රජයන් මීට සම්බන්ධයි. එල්.ටී.ටී.ඊ. සංවිධානයේ භීෂණකාරී ක්‍රියාකාරකම් අවසන්කරනු ලැබුවද උතුරේ ද්‍රවිඩ ජනසමාජය මුහුණදුන් ගැටලුවලට සෑහීමකට පත්විය හැකි දේශපාලන විසඳුමක්‌ ලැබී නැති නිසා දිගටම අසහනකාරී හැඟීම් වලින් කැකෑරෙමින් සිටිනවා.

පිටරටවල් අපේ ශ්‍රී ලංකාවේ ප්‍රශ්නවලට මැදිහත්විය යුතු නැහැ. එල්.එල්.ආර්.සී. වාර්තාව අනුව අපේ ප්‍රශ්න විස¹ ගැනීමට ක්‍රියාකරනවානම් පිටරටවල් ඒ සඳහා මැදිහත් වෙන්න අවශ්‍ය නැහැ.

http://www.divaina.com/2013/12/12/news09.html

දෙවියන්ගේ දූතයාට අකුල් හෙළන නියම ජුදාස් කාඩිනල් මැල්කම් රංජිත් නොවේද?

දෙවියන්ගේ දූතයාට අකුල් හෙළන නියම ජුදාස් කාඩිනල් මැල්කම් රංජිත් නොවේද?

පාප් වහන්සේගේ ලංකා ගමන කාඩිනල්ට දාර අප්සෙට් එකක් බව මැල්කම් රංජිත්ගේ පසුගිය කතා බහෙන් හෙළිවිය. කාඩිනල්ට කචල් එක වුනේ පාප් වහන්සේගේ සම්ප්‍රාප්තිය නිසා ආරාධනාවට ගිය ජනාධිපතිතුමාට ලකුණු වැටේවිදෝ යන බියයි. ජනාධිපතිවරණෙත් ඔන්න මෙන්න කියල තමන් හිත යටින් විරුද්ධ ජනාධිපතිට වාසි වෙයි කියල බයට මේ ආගමනය කාටවත් දේශපාලන වාසි ගන්න තහනම් කියල නියෝගයක් දාන්න පවා කාඩිනල් පෙළඹුනා.

පහල නිවුස් එකේ ආණ්‌ඩු පක්‍ෂයට හෝ විපක්‍ෂයට කියල දෙකටම කියන්නෙ ඇඟ බේර ගැනීමට පමණි. මේකට කිසිම සපෝට් එකක් නුදුන් විපක්ෂයට වාසියක් වෙන්න විධියක් නැත. ඒක මන්ද බුද්ධිකයෙක්ට වුනත් තේරෙන දෙයකි. වාසි වුනොත් වෙන්නේ ආණ්ඩුවටම පමණයි. තමන්ගේ දහම නිසා තමන් විරුද්ධ  මේ රටේ ජනාධිපතිට ගොඩ යන්න වුනොත් කාඩිනල්ට මොන නව නිග්‍රහයක්ද නේද? අන්න ඒකයි හේතුව බව විචාර බුද්ධිය ඇති අයට ඉතිරි ටික කියවන විට තේරුම් යනවා ඇත.

පාප්තුමාගේ සංචාරයෙන් දේශපාලන වාසි ගන්න බෑ
– අගරදගුරු හිමිපාණෝ

අජිත් අලහකෝන්

අති උතුම් ප්‍රැන්සිස්‌ ශුද්ධෝත්තම පාප්වහන්සේ ලබන ජනවාරි මාසයේදී ශ්‍රී ලංකාවේ සිදු කරන සංචාරයෙන් ආණ්‌ඩු පක්‍ෂයට හෝ විපක්‍ෂයට දේශපාලන වාසි ලබාගත නොහැකි බව අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ පැවසූහ.

එම නිසා පාප්වහන්සේගේ සංචාරය සිදු කෙරෙන ජනවාරි මාසයේ ජනාධිපතිවරණයක්‌ හෝ මහ මැතිවරණයක්‌ පැවැත්වීම නුසුදුසු බව ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට දැනුම්දුන් බවද උන්වහන්සේ පැවසූහ.

මෙය පාප්වහන්සේගේ නිදහස්‌ සංචාරයක්‌ වන බැවින් ඡන්ද ප්‍රචාරක කටයුතු මැද උන්වහන්සේ මෙරටට පැමිණීම සුදුසු නැති බවට කතෝලික රදගුරු මණ්‌ඩලයේ මතය ජනාධිපතිවරයා ඇතුළු රජයට දැනුම් දී ඇතැයිද මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරු හිමිපාණන් පැවැසීය.

එම නිසා එම කරුණු සලකා බලා ජනාධිපතිවරණයකට හෝ මහ මැතිවරණයකට අදාළ දින වකවානු රජය තීරණය කළ යුතු බවද කී කාදිනල් රංජිත් හිමිපාණෝ තම අදහස රජය සලකා බැලිය යුතු බවද කීහ.

පාප්වහන්සේගේ ශ්‍රී ලංකා සංචාරය සිදු කෙරෙන ජනවාරි මාසයේ ඡන්දයක්‌ පැවැත්වෙනවාද නැද්ද යන්න මෙතෙක්‌ රජය විසින් කතෝලික රදගුරු මණ්‌ඩලයට දැනුම්දී නැතැයි කී උන්වහන්සේ එය රජය විසින් තීරණය කළ යුත්තක්‌ බවද කීහ.

 

http://www.divaina.com/2014/09/14/news03.html
කොටි බලල් අත – මන්නරාම රදගුරු රායප්පු ජෝෂප් මැල්කම්ව පයිසෙකට ගණන් ගන්න පොරක් නොවන්නේය. පාප් වහන්සේගේ මෙරට සංචාරයේ සංවිධාන කටයුතු සාමාන්‍ය සම්ප‍්‍රදාය අනුව භාර වන්නේ මැල්කම් රන්ජිත් බැවින් එයට හොට දැමීම සිදු විය යුත්තේ කාඩිනල් හරහාය. නමුත් මේකටත් කලින් වූයේ අනිකකි.

පාප් වහන්සේගේ ලංකා ගමන අවුල් කරන කුමන්ත‍්‍රණයක්

July 5, 2014 at 2:10 pm | lanka C news

පාප් වහන්සේගේ ලංකා ගමන අවුල් කරන කුමන්ත‍්‍රණයක්ශ‍්‍රී ලංකා සංචාරයක් සඳහා ලබන ජනවාරියේ දින නියම කරගෙන සිටින පාප් වහන්සේගේ එම චාරිකාවේදී මන්නාරමට හා යාපනයට පැමිණ දුකට පත් දෙමළ ජනතාවගේ සැප දුක විමසන ලෙස මන්නරාම රදගුරු රායප්පු ජෝෂප් පියතුමන් වතුකානුවෙන් විශේෂ ඉල්ලීමක් කර තිබේ.පාප් වහන්සේගේ මෙරට සංචාරයේ සංවිධාන කටයුතු සාමාන්‍ය සම්ප‍්‍රදාය අනුව භාර වන්නේ අගරදගුරු මැල්කම් රන්ජිත් කාදිනල්තුමන්ට බැවින් මෙවන් ඉල්ලීම් කල යුතු වන්නේ එතුමන් හරහා වුවද මෙම ඉල්ලීම ඉදිරිපත් කර ඇත්තේ ඉන්දීය කාදිනල් වරයෙකු විසිනි.කෙසේ වෙතත් මේ දක්වා වතිකානුව මීට ප‍්‍රතිචාර දක්වා නැත.

Sourc: http://lankacnews.com/sinhala/news/118577/

කාඩිනල් මැල්කම් රංජිත් හිත යටින් කැමති කෙනා තමයි නිවට රනිල්. රනිල් කියන්නේ කතෝලික සභාව ණන් ගන්න පොරක් නොවේය. බෙලහීන සමලිංගික ජීවන රටාවේ තම ස්වාමි පුරුෂයා වන අකිල විරාජ් කාරියවසම්ව තරම් ඒ සමලිංගිකයාට තමන්ගේ ආගම දහම වටින්නේ නැත.රනිල් අයත් වන ඇන්ග්ලිකන් ක්‍රිස්ටියන් කියන්නේ අන්ත නින්දිතම අන්තවාදී කතෝලික කල්ලියකි.  හිරේ ගිය මැතිව් පීරිස් දේවගැතිය තමන්ගේ ගෑණිව කෲර ලෙස ඝාතනය කලේ පල්ලි ආගිය බැඳපු ගෑණියෙක්ට වහ වැටීමෙනි. ඒ ගෑණිත් ඇන්ග්ලිකන් ක්‍රිස්ටියන් නිසා දේවගැතියට රිසි සේ ඉඩ දෙන ලදි. පසුවමැතිව් පීරිස් හොර ගෑණි ලව්ව අසරණ කසාද මිනිහත් මරවන ලදි. ඇන්ග්ලිකන් කාමයට ජීවිත දෙකක් බිලි විය. එම කතා වස්තුව ඇතුලත් චිත්‍රපටියක් ලඟදීම තිරගත වනවා ඇත. එය හිට් වීම ඒකාන්තය.
ඇන්ග්ලිකන් ක්‍රිස්ටියන් අන්තවාදී කල්ලියේ කෙරුවාව හා මානසිකත්වය ඕන්න ඔහොමය . මේ අනුව රනිලෙක් කතෝලික කියල හිතන් සපෝට් කලාට මැල්කම් රංජිත් ජඩයාටවත්, උගේ කතෝලික සභාවටවත්, ලංකා කිතුනු සමාජයටවත් වන කිසිම සෙතක් නැත.රංජිත් ජඩයා එරෙහි වුන මහින්ද ජනාධිපති නම් ඌට රජයේ ලොකු පුටුවක් පවා නමන ලදි. ඒකෙත් සැප බලමින් කළගුණ සලකන්න හිතාගෙන මේ බාල්දි පෙරලනවා වන්නට පුලුවන.  පාප් වහන්සේගේ ලංකා ගමන සිදු වුනොත් කැමති වුනත් නැතත් මහින්දට වාසි වෙන එක වෙනවාමය. ඒ ඔහු සිය බිරියගේ ආගම දහමට ගරු කරන මනුෂ්‍යත්වය පිරි නායකයෙක් වශයෙන් පාප් වහන්සේට පෞද්ගලිකවම ලංකාවට පැමිණෙන සේ ආරාධනා කල බැවිනි. ගෝඨාභය රාජපක්ෂ මැතිඳුන් පවා ඒ වෙනුවෙන්ම වතිකානුවට පිටත් කිරීමට තරම් නිහතමානී වූ බැවිනි. දේශමාමක කිතුනුවන්ට මේවා රහස් නොවන බැවිනි. එය කෙසේ හෝ වැලැක්වීම කල යුතු බව ජඩයන් කාගේත් අදහස වී ඇත. බලන්න නිවුස් එක
පාප් වහන්සේගේ සංචාරය අවලංගුයි?නිලන්ත මදුරාවල, නෝමන් පලිහවඩනලබන ජනවාරි මස මුල් සතියේ ජනාධිපතිවරණය පැවැත්වීමට නියමිත හෙයින් ශුද්ධෝත්තම පළමුවැනි µ්‍රeන්සිස්‌ පාප් වහන්සේගේ ශ්‍රී ලංකා සංචාරය දැඩි අවිනිශ්චිත තත්ත්වයකට පත්ව ඇත.

උද්ගතව ඇති තත්ත්වය සම්බන්ධයෙන් කතෝලික බිෂොප්තුමන්ලා රැස්‌ වී විශේෂ සාකච්ඡාවක්‌ ද පවත්වා තිබේ.

මේ අතර පාප් වහන්සේගේ සංචාරයට අදාළ සංවිධාන කටයුතු සොයා බැලීම සඳහා වතිකානුවේ දූත පිරිසක්‌ ලබන මස අවසානයේ ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට නියමිතය. පාප් වහන්සේ පිළිගැනීමට රටේ පවතින සූදානම මෙන්ම දේශපාලන තත්ත්වයද එම දූත පිරිසේ සැලකිල්ලට භාජන වන බව දැනගන්නට තිබේ. දූත පිරිස ඉදිරිපත් කරන තොරතුරු පාප් වහන්සේගේ සංචාරය කෙරෙහි දැඩි ලෙස බලපාන බව අගරදගුරු මැඳුරේ ආරංචි මාර්ග අනාවරණය කළේය.

මෙරට කතෝලික දහම ප්‍රචාරය කිරීම වෙනුවෙන් කැපවූ ජුසේවාස්‌ පියතුමන් ශුද්ධවරයට එසවීම ද පාප් වහන්සේගේ සංචාරයේදී සිදු කිරීමට සැලසුම් කර තිබේ. යම් ලෙසකින් සංචාරය අවලංගු වුවහොත් ජුසේවාස්‌ පියතුමන් ශුද්ධවරයට එසවීම සිදු කෙරෙන්නේ වතිකානුවේදීය.

දැනට පවතින තත්ත්වය සම්බන්ධයෙන් අගරදගුරු මැල්කම් කාදිනල්තුමන් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට යවා ඇති ලිපියටද මෙතෙක්‌ කිසිදු ප්‍රතිචාරයක්‌ ලැබී නැතැයිද ඉහත ආරංචි මාර්ග සඳහන් කළේය. කෙසේ වුවද පවතින තත්ත්වය පිළිබඳව කතෝලික සභාවද ඉක්‌මනින්ම තීරණයක්‌ ගැනීමට නියමිත යෑයිද එම ආරංචි මාර්ග කීවේය.

 

http://www.divaina.com/2014/10/26/news05.html

 

 

අහෝ කිතුණු ජනතාව, ඔබ දෙවියන් වහන්සේගේ ජීවමාන දූතයා සේ පිළිගන්නා පාප් වහන්සේ ඔබට බලා ගැනීමට නොහැකිවන්නේ/පමා වන්නේ  මේ රටේ බොදුනුවන් නිසාද? කිසිසේත් නැත ආගම්වාදී,බෙදුම්වාදී කාඩිනල් ජඩයාගේ තුච්ඡ මානසිකත්වය හා ඔබගේම දහමට අයත් දේශපාලු නීතිඥ බල්ලන් නිසාම පමණි. මේවා මෙහෙය වීමට බොදුනුවන් දැඩි සේ ප්‍රතික්ෂේප කරන චීවරධාරී මාදුළුවාවේ සෝභිතද සිටින බව සිහි තබා ගන්න.  එබැවින් බොදුනුවා ඔබේ සතුරෙක් නොවේ. පොදු සතුරා ඔබගේ නිවසේමය . මාදුළුවාවේ සෝභිත ගේ කෝට්ටේ නාග විහාරය පාලු අම්බලමකි. එහි දඩාවතේ යන්නේ  N.G.O. කපුටන්  U.N.P. හා අනෙක්  දේශපාළු බල්ලෝ පමණි. හොඳින් බලන්න එහි ඇති බොදුනුවෙක් නම් දැකගත නොහැක.

 

ගමන කල්දමන ලෙස ශිරාල් පාප් වහන්සේට ලියයි

පාප් වහන්සේගේ ශ්‍රී ලංකා සංචාරයට පෙර හදිසියේ ජනාධිපතිවරණයක් කැඳවීම මගින් ශ්‍රී ලාංකිකයන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයතීන් උල්ලංඝනය වන බව පෙන්වා දෙමින් සාධාරණ සමාජයක් සඳහා නීතිඥයෝ සංවිධානය ශුද්ධෝත්තම ප‍්‍රැන්සිස් පාප් වහන්සේට ලිපියක් යවයි.

 

ආණ්ඩුව හදිසි ජනාධිපතිවරණයක් කැඳවුවහොත් පාප් වහන්සේගේ සංචාරය කල් දමන ලෙස තමන් එම ලිපිය මගින් ඉල්ලා සිටි බව එම සංවිධානයේ කැඳවුම්කරු නීතිඥ ශිරාල් ලක්තිලක මහතා පවසයි.
මැතිවරණයක් ආසන්නයේ පාප් වහන්සේ ශ්‍රී ලංකාවේ සංචාරය කිරීම, කතෝලික ජනතාවට ලබා දෙන ජන්ද අල්ලසක් ලෙස යොදාගැනීමට ඇති හැකියාව හා හදිසි ඉක්මන් මැතිවරණයක් පැවැත්වීමෙන් ජන්ද ප්‍රචාරක කාලය සිමා වීම යන කරුණු දෙක මුල් කරගනිමින් පාප් වහන්සේගෙන් මෙම ඉල්ලීම කළ බවත් ඔහු පවසයි.

 

 

කතෝලික සභාව

 

පාප් වහන්සේ ශ්‍රී ලංකාවේ සංචාරයේ යෙදෙන ජනවාරි 13,14,15 යන කාල වකවානුවේ කිසිදු මැතිවරණ කටයුත්තක් නොපවත්වන ලෙස ජනාධිපතිවරයාගෙන් කතෝලික සභාව ඉල්ලීමක් කර තිබෙන අතර එලෙස මැතිවරණයක් පැවැත්වුවහොත් පාප් වහන්සේ සිය සංචාරය අවලංගු කරනු ඇති බවට මාධ්‍ය පළවී ඇත.

 

පාප් වහන්සේගේ සංචාරයට පෙර ආණ්ඩුව ජනවාරි 7 වන දින ජනාධිපතිවරණය පැවැත්වීමට සැලසුම් කර ඇති බවයි ශිරාල් ලක්තිලක පෙන්වා දෙන්නේ

 

” පාප් වහන්සේ ශ්‍රී ලංකාවට පැමිණීම අපි භාග්‍යයක් කොට සලකනවා. එතුමන් ශ්‍රී ලංකාවට පැමිණ යුතුයි. නමුත් අපි ලිපියක් මගින් දැන්වුවා එක්කෝ ජනාධිපතිවරණය උන්වහන්සේගේ පැමිණීමෙන් පසුව සිදු කල යුතුයි, එහෙම නැත්නම් මෙම සංචාරය ජනවාරි 13 සිදු නොකොට වෙනත් දිනයක සිදු කල යුතුයි කියලා”
ජන්ද ප්‍රචාරණය

 

ජනාධිපතිවරණ පනත අනුව උපරිම මාස දෙකක කාලයක් ජනාධිපතිවරණ ජන්ද ප්‍රචාරණයට යොදා ගත හැකි බව පවසන නීතිඥ ශිරාල් ලක්තිලක දැන් තිබෙන තත්වය අනුව පාප් වහන්සේගේ සංචාරය නිසා ජනාධිපති අපේක්ෂකයන්ට නිසි ලෙස ප්‍රචාරක කටයුතුවල නියැලීමට කාලය හිමි නොවන බව තමන් ලිපියෙන් පෙන්වා දුන් බවයි පැවසුවේ .

ජනාධිපතිවරයාට ජනාධිපතිවරණයක් කැඳවිය හැක්කේ තම වසර 4ක් සේවා කාලය සම්පුර්ණ වන නොවැම්බර් 19 වැනිදායි.

” නොවැම්බර් 19 වැනිදා ජනාධිපතිවරණය කැඳවුවොත්, නාම යෝජනා සඳහා ලැබෙන උපරිම කාලය දෙසැම්බර් 19 දක්වා තියෙනවා, නමුත් එය අවම කාලයට ගත්තොතින් දෙසැම්බර් 3 දක්වා අඩු කරන්න පුළුවන්.

ඊට පස්සේ ජනවාරි 13ට පෙර මැතිවරණය පැවැත්විය යුතු නිසා මහජනයාට ප්‍රචාරක කටයුතු කරන්න ලැබෙන්නේ මාසයක වගේ කාලයක්, මෙය බරපතළ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක්, ” ඔහු ප්‍රකාශ කළේය.
ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය

මැතිවරණයක් ඉක්මනින් පවත්වා අවසන් කිරීමට කිසිදු නිත්‍යානුකුල අවශ්‍යතාවක් නැති බව පෙන්වා දුන් නීතිඥ ශිරාල් ලක්තිලක පාප් වහන්සේගේ සංචාරයට පෙර ජනාධිපතිවරණය පවත්වන්නට උත්සාහ කරන්නේ කතෝලික ඡන්ද ලබාගැනීමේ උපායක් හැටියට බවයි පැවසුවේ.

“ජනතාව ඉල්ලපු ඡන්දයක් නෙවෙයි මේක, මේ ඡන්දය බලෙන් ඔබ්බවන්නේ විශේෂයෙන්ම රෝමානු කතෝලික ජනතාවට පාප් වහන්සේ හරහා මානසික අල්ලසක් ලබා දීලා ඒ ඡන්ද ටික ලබාගන්න,” ඔහු ප්‍රකාශ කළේය.

අද, සිකුරාදා දිනයේ ජනාධිපති මහින්ද රාජපක්ෂ හා පාප් වහන්සේගේ අතර හමුවේදී පාප් වහන්සේ ජනාධිපතිවරයාගෙන් මේ පිළිබඳව විමසා ඇතැයි තමන් විශ්වාස කරන බව පැවසූ නීතිඥ ශිරාල් ලක්තිලක රෝමානු කතෝලික පල්ලිය සාමානයෙන් ජනතාවගේ පුරවැසි අයිතිවාසිකම් හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් පිළිබඳව බෙහෙවින් සංවේදී වූ ආයතනයක් බවයි පැවසුවේ,

” ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සිඳීයාම පිළිබඳව පසුගිය කාලයේ වතිකානයත් විටින් විට සිය කනස්සල්ල පලකර තිබුන, හුදු ආගමික සංචාරයක් ලෙස සලක මේ සම්බන්ධයෙන් කටයුතු නොකර ජනාධිපතිවරණය හා සංචාරයට අදාළ සන්දර්භය සැලකිල්ලට අරගෙන තීන්දුවක් ගනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා,” නීතිඥ ශිරාල් ලක්තිලක තවදුරටත් පැවසුවේය.

සාධාරණ සමාජයක් සදහාවූ නීතිඥයෝ සංවිධානය පුජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ සාධාරණ සමාජයක් සදහාවූ ජනතා ව්‍යාපාරයට සම්බන්ධ නීතිඥයන්ගේ සංවිධානයයි.

– බීබීසී ඇසුරෙණි

Src: http://sinhala.theindependent.lk/index.php/news2/6168-2014-10-04-02-37-33

 

එබැවින් ඔබගේ නියම සතුරා හෙවත් ජුදාස් නිවස තුලම කාඩිනල් පට්ටම රස බලමින් සිටී. ඔබගේ දහමේ උසස්කම එයින්ම තේරුම් ගන්න. තව දුරටත් ලබ්ධිය බදා ගන්න. මරණ මංචකයේ අවීචිය පෙනෙන විට සිහි එලවාගෙන හඬා වැටෙන්න. නමුත් එවිට පමා වැඩිය.

 

 

Categories

Different countries have visited this site

Free counters!