//

කොටි තර්ජන නිසා බිෂොප් පදවිය අත්හැරීම

This category contains 66 posts

‘කොටි සැකකරුවන්ගේ පාපොච්චාරණ අහෝසි කර ජිනීවා කවුන්සිලය රජයට දන්වයි

‘කොටි සැකකරුවන්ගේ
පාපොච්චාරණ අහෝසි කරන්න’

ජිනීවා කවුන්සිලය රජයට දන්වයි

කීර්ති වර්ණකුලසූරිය

කොටි ත්‍රස්‌aතවාදී සැකකරුවන් පොලිසියට ලබාදුන් සියලුම පාපොච්චාරණ අහෝසි කරන ලෙස ජිනීවා මානව හිමිකම් කවුන්සිලය ශ්‍රී ලංකා රජයට නිර්දේශ කර ඇත.

ඒ සඳහා ත්‍රස්‌තවාදය පිටුදැකීමේ නව කෙටුම්පතද සංශෝධනයට ලක්‌කරන ලෙස මානව හිමිකම් කවුන්සිලය රජයට දැනුම්දී තිබේ. එම කෙටුම්පත සංශෝධනය සඳහා ශ්‍රී ලංකා නියෝජිත කණ්‌ඩායමකට ඉදිරි සති දෙක තුළ ජිනීවා නුවරට පැමිණෙන ලෙස මානව හිමිකම් කවුන්සිලය තවදුරටත් දන්වා ඇත.

ත්‍රස්‌තවාදී සැකකරුවන්ගේ පාපොච්චාරණ අහෝසි කරන ලෙස මානව හිමිකම් කවුන්සිලය නිර්දේශ කර ඇත්තේ ගුවන් යානාවලට මිසයිල ප්‍රහාර එල්ල කිරීම ඇතුළු වෙනත් බිහිසුණු ත්‍රස්‌ත ක්‍රියාවලට සම්බන්ධවූවන් ලබාදුන් පාපොච්චාරණ අහෝසි කිරීමෙන් ඔවුන් නිදහස්‌ කරගැනීමට බව ඉහළ පෙළේ ආරක්‍ෂක ආරංචි මාර්ග කියයි.

වැල්ලවත්තේ කොටි ඩයස්‌aපෝරා රූපවාහිනි කාර්යාලය බුද්ධි අංශ විමර්ශනයට

වැල්ලවත්තේ කොටි ඩයස්‌aපෝරා
රූපවාහිනි කාර්යාලය බුද්ධි අංශ විමර්ශනයට

කීර්ති වර්ණකුලසූරිය

කොළඹ වැල්ලවත්තේ පිහිටි කොටි ඩයස්‌පෝරා රූපවාහිනි කාර්යාලය පොලිස්‌ බුද්ධි අංශ නිලධාරීන් විසින් විමර්ශනයට ලක්‌කර ඇත.

මෙම රූපවාහිනි කාර්යාලය ගැන ජුනි 13 දා දිවයින විසින් හෙළිකර තිබුණි. බුද්ධි නිලධාරීන් සිව්දෙනෙක්‌ එම නිරීක්‍ෂණය කර ඇත.

මෙකී කොටි ඩයස්‌පෝරාවේ රූපවාහිනි කාර්යාලය නිරීක්‍ෂණයට ලක්‌වීම නිසා ජර්මනියේ කොටි හිතවාදී සංවිධානයක ප්‍රධානියා දැඩිලෙස කලබලයට පත්වී ඇත.

ශ්‍රී ලංකා හමුදාව යුද අපරාධ සිදුකළ බවට චැනල් ෆෝ රූපවාහිනියට වීඩියෝ පට සපයා ඇත්තේ ඉහත කී ප්‍රධානියා බව තහවුරුවී තිබේ.

පච ඉතිහාසය – ජාති වාදය

ශ්‍රී ලංකාවේ ඉතිහාසය
වෙනස්‌ කරන ග්‍රන්ථ මාලාවක්‌

කීර්ති වර්ණකුලසූරිය

ශ්‍රී ලංකාවේ ඉතිහාසය වෙනස්‌ කිරීම සඳහා යාපනයේ අඩයාලම් මධ්‍යස්‌ථානය මුල්ලිවයික්‌කාල් කතා වස්‌තුව නමින් ග්‍ර්‍රන්ථ මාලාවක්‌ නිර්මාණය කර ඇත.

කොටි අරගලය, යුද්ධයේ අවසන් අදියරේදී ගැලවුණු පිරිස්‌ හෙළිකරන තොරතුරු සහ යුද්ධයේදී සිදුවූ ම්ලේච්ඡ ක්‍රියා මැයෙන් දැක්‌වෙන තොරතුරු ඊට ඇතුළත් කර තිබේ.

උතුරේ පාසල් අතර බෙදාහැරීම සඳහා මෙම ග්‍රන්ථ නිර්මාණය කර ඇති බව ආරංචි මාර්ග දක්‌වයි.

මෙම අඩයාලම් මධ්‍යස්‌ථානයට විදේශ රටවල්වලින් අරමුදල් සැපයේ

 

නඩු නැතිව නිදහස්‌ වූ කොටි ගුවන් බළකායේ දෙවැනියා කුශාන්තන්

නඩු නැතිව නිදහස්‌ වූ
කොටි ගුවන් බළකායේ දෙවැනියා කුශාන්තන්

2014 වසරේ අග භාගයේ දිනයක බොරැල්ලේ මැගසින් ත්‍රස්‌ත රැඳවුම් සිරමැදිරිය වෙත සැකකරුවෙක්‌ ගෙන ආ ත්‍රස්‌ත මර්දන නිලධාරීහු ඔහුව එහි රඳවා තැබීමට ක්‍රියා කළහ. මේ සැකකරුවා කවුදැයි ත්‍රස්‌ත මර්දන නිලධාරීන් හෙළි කළේ නැත. එම සිරමැදිරියේ ත්‍රස්‌ත චෝදනා එල්ලවූ සැකකාර පොලිස්‌ අධිකාරිවරයකු ද සිටියේය.

මේ සැකකරුවා වෙනින් කවුරුවත් නොව කොටි සංවිධානයේ වාන්පුලිගල් නමින් හඳුන්වන ගුවන් ඒකකයේ නියෝජ්‍ය නායක කුශාන්තන් සුන්දරලිංගම් හෙවත් කුශාන්තන් මාස්‌ටර් හෙවත් දර්ශන් ය.

දර්ශන් යන අන්වර්ථ නාමයෙන් හඳුන්වනු ලැබූ කුශාන්තයන්ට පැවරී තිබූ මෙහෙයුම වූයේ කටුනායක අනුරාධපුරය කොළොන්නාව සහ පලාලි වෙත බෝම්බ දැමීම ක්‍රියාත්මක කිරීමයි.

ඒ වනවිට කොටි සංවිධානය සතුව චෙක්‌ නිෂ්පාදිත ස්‌ලින් – ඉසඩ් 143 වර්ගයේ ගුවන් යානා දෙකක්‌ තිබුණි. 2007 මාර්තු 20 දා මෙම කොටි ගුවන් යානා දෙක කටුනායක ගුවන් හමුදා කඳවුරට බෝම්බ දැමීමෙන් ගුවන් භටයන් තිදෙනකු මරුමුවට පත් වූහ. ඉන්පසු 2007 අප්‍රේල් 23 දා පලාලි වෙත බෝම්බ දැමීමෙන් ගුවන් භටයන් තිදෙනකු මරුමුවට පත් විය. ඉන්පසු 2007 අප්‍රේල් 23 දා පලාලි අසළ හමුදා බංකරයකට හෙළු බෝම්බවලින් සෙබළුන් 6 ක්‌ ජීවිතක්‍ෂයට පත් වූහ. 2007 ඔක්‌තෝබර් 22 දා කොටි ගුවන් යානාවක්‌ අනුරාධපුර ගුවන් හමුදා කඳවුරටද බෝම්බ දැමීය.

2008 වසරේ අගෝස්‌තු 26 දා කොටි ගුවන් යානාවක්‌ ත්‍රිකුණාමලයේ නාවික කඳවුරටද බෝම්බ දැමීම නිසා නැවියන් සිවුදෙනෙක්‌ මියගියහ.

එම වසරේම සැප්තැම්බර් 9 දා වවුනියාව හමුදා කඳවුරටද බෝම්බ දමනු ලැබීය. එම බෝම්බ ඉලක්‌ක වූයේ ඉන්දියාව විසින් වවුනියාව කඳවුරේ ස්‌ථාපිත කර තිබූ ඉන්ද්‍රd රේඩාර් පද්ධතිය වැනසීමය.

මේ ඉන්ද්‍රd රේඩාර් පද්ධතිය එම අවස්‌ථාවේ අක්‍රියවී තිබූ බව වාර්තා විය. පසුව රජය චීනයෙන් ත්‍රිමාන රේඩාර් පද්ධතියක්‌ ගෙනැවිත් මීරිගම ප්‍රදේශයේ ස්‌ථාපිත කරනු ලැබීය.

අනතුරුව කොටි සංවිධානය 2008 ඔක්‌තෝබර් 28 දා මන්නාරම තල්ලඩි හමුදා කඳවුරට බෝම්බ දැමූ නමුත් ඉලක්‌කය වැරදුනි. එම දිනයේම කොළඹ කැලණිතිස්‌ස විදුලි බලාගාරය වෙතද බෝම්බ දැමීමෙන් බරපතළ හානියක්‌ සිදු විය.

මෙම ත්‍රස්‌ත මෙහෙයුම්වලින් පසුව 2009 පෙබරවාරි 20 දා කොටි ගුවන් ඒකකය ජපන් කමිකාසේ හෙවත් මරාගෙන මැරෙන ක්‍රමයේ ප්‍රහාරයක්‌ කොළඹ ගුවන් හමුදා මූලස්‌ථානයට එල්ල කළත් ඉලක්‌කය වැරදී කොටි ස්‌ලින් යානාව දේශීය ආදායම් දෙපාර්තමේන්තු ගොඩනැඟිල්ලේ ගැටී විනාශ විය. එම අවස්‌ථාවේම තවත් කොටි ගුවන් යානාවක්‌ කටුනායක ගුවන් කඳවුර වෙත ප්‍රහාර එල්ල කළත් ඉන්දියාව සපයා තිබූ බෝෆොaර් ගුවන් යානා නාශක අවි ප්‍රහාරයකට ලක්‌වී එම යානාවද කඩා වැටී විනාශ විය.

මේ ප්‍රහාර සියල්ල මෙහෙයවූ වාන් පුලිගල් කොටි ගුවන් ඒකකයේ නියෝජ්‍ය නායක කුශාන්තන් අසුවූයේ නැත. ක්‍රම ක්‍රමයෙන් කොටි පරාජය වී කුශාන්තන් පිළිබඳව අමතක විය.

එහෙත් මැලේසියාවේ නියෝජ්‍ය මහ කොමසාරිස්‌ ලෙස කටයුතු කළ මේජර් ජනරාල් සුමිත් මානවඩුට කුශාන්තන් අමතක වූයේ නැත. ශ්‍රී ලංකාවට පැමිණීම සඳහා තම ගමන් බලපත් අළුත් කිරීම සඳහා ක්‌වාලාලාම්පූර් නුවර ශ්‍රී ලංකා මහකොමසාරිස්‌ කාර්යාලයට සිය ගමන් බලපත් ලබා දුන් පිරිස අතර කුශාන්තන් සුන්දරලිංගම් නමැත්තකු ද සිටින බව දුටු මේජර්ජනරාල් වරයා මැලේසියාවේ බූකින් අමාත් ත්‍රස්‌ත මර්දන ඒකකයේ සහයෙන් දියත් කළ වැටලීමකදී සැකකටයුතු තිදෙනෙක්‌ අසු විය. ඉන් එක්‌ අයෙක්‌ වූයේ කුශාන්තන්ය.

මේ වනවිට එක්‌සත් ජාතීන්ගේ සරණාගත කාර්යාලය කුශාන්තන්ට සරණාගත හැඳුනුම්පතක්‌ ලබාදී තිබුණි.

කුශාන්තන් අසුවූ බව මැලේසියාවේ කොටි ඩයස්‌පෝරාවට වාර්තා විය. ඔවුහු කොටි හිතවාදියකුවූ මැලේසියාවේ පිනැන් ප්‍රාන්තයේ නියෝජ්‍ය මහ ඇමැති පලනිසාමි රාමසාමිගේ මෙහෙයවීම මත අධිකරණය වෙත පෙත්සමක්‌ ගොනු කරමින් එක්‌සත් ජාතීන්ගේ සරණාගතයකු මැලේසියාවෙන් පිටුවහල් කිරීමට උත්සාහ කරන බවත් එය නතර කරන ලෙසත් නියෝග කරන්නැයි ඉල්ලීමක්‌ කළහ.

කොටි ගුවන් ඒකකයේ නියෝජ්‍ය නායකයා ව බේරා ගැනීමට මැලේසියා කොටි ඩයස්‌පෝරාව උත්සාහ කරන බව මැලේසියා පොලිසියෙන්ම මේජර් ජනරාල්වරයාට ද වාර්තා විය.

මේ නිසා දැඩි කලබලයට පත් මේජර් ජෙනරාල් මානවඩු 2014 මැයි 29 දා කුශාන්තන්ව මෙරටට එවීමේ කටයුතු ලහි ලහියේ සූදානම් කරනු ලැබීය.

ඒ වනවිට ශ්‍රී ලන්කන් ගුවන් සේවාවේ යානාවක්‌ ක්‌වාලලාම්පූර් සිට කොළඹ බලා ඒමට සූදානම් වී තිබුණි. මේ අතර ක්‌වාලාලාම්පූර් අධිකරණය රාමසාමිගේ අයදුම්පත පිළිගනිමින් කුශාන්තන්ව ශ්‍රී ලංකාවට යෑවීම වහාම අත්හිටුවන ලෙස දක්‌වමින් ආගමන විගමන බලධාරීන්ට නියෝගයක්‌ නිකුත් කරනු ලැබීය.

මේ නියෝගය වහාම දුරකථනය මගින් ක්‌වාලාලාම්පූර් ගුවන් තොටුපළේ ආගමන විගමන ප්‍රධානියා වෙත දන්වන ලෙසද අධිකරණය වැඩිදුරටත් නියෝග කර තිබුණි.

එහෙත් ආගමන විගමන ප්‍රධානියාගේ මේසයේ තිබූ දුරකථනය කීපවතාවක්‌ම නාද වුවත් රිසිවරය අතට ගැනීමක්‌ සිදුවී නැත. එම පසුබිම මැද කුශාන්තන්ව ශ්‍රී ලන්කන් ගුවන් යානාවට ගොඩ කිරීමට කොළඹින් ගිය ත්‍රස්‌ත මර්දන නිලධාරීන්ට හැකි විය.

කොටි යුද්ධය අවසන්වී පස්‌ වසරකට පසු කුශාන්තන් අසුවීම ගැන ශ්‍රී ලංකා රජය ලත් විශාල ජයක්‌ බව කොටි ඩයස්‌පෝරාවට සම්බන්ධ වූවෙක්‌ පවසා තිබුණි. කොටි සංවිධානයේ වඩාත්ම වටිනාකමක්‌ ඇති කුශාන්තන් හෙවත් දර්ශන් අසුවීම කොටි ඩයස්‌පෝරාව ලත් පරාජයක්‌ බව එම ඩයස්‌පෝරා ක්‍රියාකාරියා තවදුරටත් පවසා තිබුණි. මේ වනවිට මෙරට බුද්ධි අංශවලට වාර්තා වී තිබුණේ සිවරාසා පිරුන්තබන් හෙවත් අච්චුදන් කොටි ගුවන් ඒකකයේ ප්‍රධානියා බවයි. කුශාන්තන් මෙන්ම අච්චුදන් ද ගුවන් නියමුවෙකි. අච්චුදන් ජාත්‍යන්තර පොලිසියට අවශ්‍ය කරන අයකු ලෙස රතු වරෙන්තුව ප්‍රකාශයට පත් වී තිබුණත් කුශාන්තන්ට එරෙහිව රතු වරෙන්තුවක්‌ නිකුත් කිරීමට ශ්‍රී ලංකා පොලිසිය ක්‍රියා කර නොතිබුණි.

ඒ වනවිට අච්චුදන් හා බිරිය ප්‍රංශයට පැනගොස්‌ ඇති බවට වාර්තා විය.

එහෙත් කොටි ගුවන් ඒකකයේ මෙහෙයුම් සැලසුම් දියත් කළේ කුශාන්තන් බව අනාවරණය විය.

මුල්ලිවයික්‌කාල් බංකරයක තිබී හමුවූ කොටි ගුවන් ඒකකයේ ඡායාරූපවලින් අච්චුදන්ගේ සහ කුශාන්තන්ගේ සියලු තොරතුරු අනාවරණය විය.

කුශාන්තන්ගේ ගුරුවරයා වූයේ ශංකර්ය. 2001 සැප්තැම්බර් 27 දා පුදුකුඩියිරිප්පු මාර්ගයේ අටවා තිබූ බිම් බෝම්බයකින් ශංකර් මරුමුවට පත් විය. මෙම බිම්බෝම්බය අටවා තිබුණේ ශ්‍රී ලංකා හමුදාවේ දිගු දුර විහිදුම් බළකාය බවට වාර්තා විය.

මේ අතර කුශාන්තන් ශංකර්ගේ ඥාති දියණියක්‌ වූ රෝහිනී විවාහ කර ගත්තේය. එම විවාහ මංගල්‍යය පැවැත්වූයේ ප්‍රභාකරන් සහ ඔහුගේ බිරියගේ ප්‍රධානත්වයෙනි.

මෙලෙස කොලොන්නාව තෙල් ටැංකිය, කටුනායක ගුවන් හමුදා කඳවුර ඇතුළු ආරක්‍ෂක උපාය මාර්ගික කේන්ද්‍රස්‌ථාන කීපයකට කොටි ගුවන් ප්‍රහාර එල්ල කිරීමේ මෙහෙයුම් දියත් කළ කුශාන්තන් හෙවත් දර්ශන් වැඩි කලක්‌ බොරැල්ලේ ත්‍රස්‌ත රැඳවුම් මධ්‍යස්‌ථානයේ සිරගත වී සිටියේ නැත.

ඔහු දිනක්‌ තම සිරමැදිරියේ සිටි සහකාර පොලිස්‌ අධිකාරිවරයකු අමතා මෙලෙස පැවසීය.

“මම හෙට නිදහස්‌ වෙනවා. මට නඩු පැවරීමට චෝදනා නැහැ. මම නිදහස්‌ වන්නේ ඔබලාගේ නීතියෙන් යෑයි ඔහු කියා සිටියේය.

කුශාන්තන් කීවේ සැබෑවකි. ත්‍රස්‌ත මර්දන ඒකකය ඔහුට අධි චෝදනා මත නඩු පැවරුවේ නැත. චෝදනා ගොනු කළේ ද නැත. බූස්‌ස සිරකඳවුරේ ද සිටි කුශාන්තන් එකවරම නිදහස්‌ විය. කොටි ගුවන් ඒකකයේ නියෝජ්‍ය ප්‍රධානියා නිදහස්‌ වූයේ කෙසේ දැයි රජයේ බලධාරීන් පවා පැවසුවේ නැත.

ත්‍රස්‌ත සිරකරුවන් රඳවා සිටි මධ්‍යස්‌ථානයෙන් නිදහස්‌ වීමට පැය 24 කට පෙර කුශාන්තන් තමා සමඟ එහි සිටි හිටපු සහකාර පොලිස්‌ අධිකාරිවරයකුට පැවසුවේ එම පොලිස්‌ නිලධාරියාට එරෙහිව රජයේ සාක්‌කිකරුවකුවී සාක්‍ෂි දෙන්නේ කොටි බුද්ධි අංශයේ ප්‍රබලයකු වූ සේරා අම්මාන් බවයි.

කුශාන්තන් නිදහස්‌ වී යන අවස්‌ථාවේ ඔහුව අල්ලා ගැනීමට මහත් වෙහෙසක්‌ දැරූ මේජර් ජනරාල් මානවඩු ජීවතුන් අතර සිටියේ නැත. මේජර් ජනරාල්වරයා ඉදිකරමින් තිබූ ගොඩනැගිල්ලකින් එල්ලවූ පරාලයක්‌ හිසේ වැදීමෙන් ජීවිතක්‍ෂයට පත්වූ බව වාර්තා විය.

එහෙත් ඉහළ පෙළේ හමුදා ආරංචි මාර්ග පැවසුවේ කලකට පෙර මාතරදී පැවැති හමුදා ආචාර පෙළපාලියක්‌ නරඹමින් සිටි අවස්‌ථාවේ ප්‍රබල තරුණියක්‌ “බලා ගනින් නුඹට වන දේ” යෑයි ඔහුට තර්ජනය කර තිබූ බවයි.

මේජර් ජනරාල් මානවඩු කොටි ගුවන් ඒකකයේ නියෝජ්‍ය නායක කුශාන්තන්ගේ දෛවයේ දොර වසා දැමීමට ගත් උත්සාහය අසාර්ථක විය.

මේ පසුබිම මැද රටේ ස්‌ථාන කීපයකට බෝම්බ දැමීමේ මෙහෙයුම් දියත් කළ කුශාන්තන් නිදහස්‌ වීම ද මවිතයට තුඩු දෙන සිද්ධියකි.

මගේ බිරිය බ්‍රිතාන්‍යයේ සිටිනවා – මම බ්‍රිතාන්‍ය වෙත යනවා ත්‍රස්‌ත රැඳවුම් භාරයෙන් නිදහස්‌ වූ කුශාන්තන් අවසන් වරට තමා සමඟ සිරමැදිරියේ සිටි පිරිස අමතා කියා සිටියේය.

ඔහු සිර මැදිරියෙන් යනවිට සිනාසුණේය. ඒ සමච්චල් සිනාවකි. මේ කොටි ත්‍රස්‌තයා නිදහස්‌ වූ බව රටේ ජනතාවට පවා වසන් විය. එසේ නම් කොටි ගුවන් යානාවල බෝම්බ ප්‍රහාරවලට ලක්‌වී මියගිය සෙබළුන් වෙනුවෙන් යුක්‌තිය ඉටු වූයේද?

මැලේසියානු ත්‍රස්‌ත මර්දන පොලිසියේ සහයෙන් අල්ලා ගත් කුශාන්තන්ගෙන් මේජර් ජනරාල්වරයා ප්‍රශ්න කිරීමේදී පැවසුවේ තම මෙහෙයුම් මධ්‍යස්‌ථානය ඉරණමඩු සිට ක්‍රියාත්මක වූ බවත් ස්‌ලින් යානා දෙක ගුවන් ගත වූයේ ඉරණමඩු කොටි ගුවන් ධාවන පථයේ සිට බවයි. 2007 දී තමාව ප්‍රභාකරන් විසින් කොටි ගුවන් ඒකකයට පත් කළ බවද කුශාන්තන් තවදුරටත් අනාවරණය කර ඇත.

මෙලෙස ශ්‍රී ලංකා රජය කුශාන්තන් අත්අඩංගුවට ගැනීම සහ පසුව නිදහස්‌ කිරීම ගැන ද්‍රවිඩ සංධානය ද නිහඬ විය.

මේ අතර ජිනීවා මානව හිමිකම් සමුළුව සමයේ ශ්‍රී ලංකාවට එරෙහිව ක්‍රියාත්මක වන කොටි අවතාර විටින් විට මතුවේ. මින් එක්‌ කොටි අවතාරයක්‌ ලෙස එස්‌. වී. කිරුබාහරන් නමැත්තා දැක්‌විය හැක. මොහු පසුගිය සතියේ දිනෙක රියර් අද්මිරාල් සරත් වීරසේකර සහ මානව හිමිකම් සමුළුවේදී කොටි ත්‍රස්‌තයන්ට එරෙහිව හඬ නැඟූ ජෙගන් යුද අපරාධකරුවන් බවට ප්‍රචාරයක්‌ දියත් කරනු ලැබීය. ශ්‍රී ලංකාවට සහය වූ සංජෝයි නමැති මානව හිමිකම් ක්‍රියාකාරියාට ද ඔහු දොaෂාරෝපණය කර ඇත. එහෙත් කිරුබාහරන් කවුද?

කැනඩා පොලිසියේ විමර්ශන නිලධාරී ස්‌ටිම් ඩුබ්රෝව් කිරුබාහරන්ට ද චරිත සහතිකයක්‌ දී තිබේ. ඔහු එම චරිත සහතික වාර්තාව කැනඩා නීතිපති වෙතද ඉදිරිපත් කර තිබේ.

ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ සෑම තැනකම සැරිසරන කිරුබාහරන් නමැති තක්‌කඩියා පිළිබඳව ඩුම්රෝව් තම වාර්තාවේ මෙලෙස දක්‌වා ඇත.

2004 ජුලි 20දා සිට 30 දක්‌වා කාලය තුළ වන්නියේ පැවැති විදේශ ක්‍රියාකාරීන් සඳහා වූ කොටි සම්මන්ත්‍රණයට කොටි ජාත්‍යන්තර මහලේකම් කාර්යාලය විසින් කොටි ක්‍රියාකාරීන් රැසකට ඇරයුම් කර තිබුණි.

මේ කොටි ක්‍රියාකාරීන් අතර වී. කිරුබාහරන් (ප්‍රංශය) යන නමද සඳහන් වී තිබුණි. ඊට අදාළ රහසිගත ලැයිස්‌තුව කැනඩාවේ මොන්ටි්‍රයල් නුවර ලෝක ද්‍රවිඩ සංවිධාන කාර්යාලයේ තිබී කැනඩා පොලිස්‌ විමර්ශකයා සොයාගෙන තිබුණි. වී. කිරුබාහරන් යනු එස්‌. වී. කිsරුබාහරන් නමැත්තායි.

මොහු ඇතුළු අනිකුත් විදේශ කොටි ක්‍රියාකාරීන්ට දේශන පවත්වා ඇත්තේ කොටි ජාත්‍යන්තර මහලේකම් කාර්යාලයේ ප්‍රධානි මනිවන්නන්. කොටි නායක ප්‍රභාකරන්, නීලවන් (කළු කොටි පිළිබඳව) මුහුදු කොටි නායක සුසෙයි. කොටි කාන්තා බලඇණියේ විදුෂා, කොටි හමුදා නායක බානු , කොටි දේශපාලන නායකයාව සිටි තමිල්සෙල්වන් යාපනය කොටි හමුදා නායකයාව සිටි බාල්රා-, ප්‍රභාකරන්ගේ සමීපතම සගයා වූ බාලකුමාරන් සහ කොටි මූල්‍ය අංශයේ නායකයාව සිටි වෙට්‌ටිවරායන් ඇතුළු කොටි හමුදා නායකයන් පිරිසකි.

කැනඩා පොලිසියේ විමර්ශක ස්‌ටිව් ඩුප්රොවල් තම වාර්තාවේ මෙලෙස දක්‌වා ඇත. කොටි ජාත්‍යන්තර මහලේකම් කාර්යාලය වැඩමුළුව මැයෙන් සකස්‌ කළ පොත පිළිබඳව මම පූර්ණ නිරීක්‍ෂණයක්‌ කළෙමි. එම පොතේ සඳහන් කර ඇත්තේ කොටි විදේශ ක්‍රියාකාරීන් පුහුණු කිරීම සඳහා වැඩමුළුව පැවැත්වෙන ආකාරයයි.

This booklet describes a training workshop given to LTTE Foreign Activitists.

ඩුබ්රෝව්ගේ මෙම වාර්තාව තුළින් කිරුබාහරන් කොටි ජාත්‍යන්තර ජාලයේ ක්‍රියාකාරිකයකු ලෙසට තහවුරු කර ඇත. එසේ නම් තවත් සාක්‍ෂි කුමකටද?

එහෙත් කිsරුබාහරන් කොටි ත්‍රස්‌තයා මානව හිමිකම් ගැන හඬ නඟමින් මානවහිමිකම් කවුන්සිලයේ සැරිසරයි. කැනඩා පොලිසියේ මෙම විමර්ශන වාර්තාව අපි මානව හිමිකම් කොමසාරිස්‌ සෙයිද් රාද් හුසේන් සහ ඔහුගේ සහායක ඇන්ඩ්රු ගිල්මෝ වෙත යොමු කරන්නෙමු.

එසේම කොටි ත්‍රස්‌තවාදීන්ට මානව හිමිකම් සමුළුවේ දොර විවෘත වී ඇති බව අපි අනාවරණය කළේ මෙවන් කොටි ත්‍රස්‌තයන් “වීරයන්” ලෙසින් මානව හිමිකම් කවුන්සිලය තුළ සැරිසරන නිසාය.

කිරුබාහරන් කොටියා නටන නාඩගම අවසන්වී නැත. ඔහුගේ සහයට ඩැනී ලෙස කටයුතු කරන්නේ 1971 වසරේ ආයුධ බලයෙන් ප්‍රජාතන්ත්‍රවාදී රජය පෙරළා දැමීමට උත්සාහ කර අසාර්ථක චරිතයක්‌ වූ සුනන්ද දේශප්‍රිය නොහොත් රංජිත්ය. මෙවන් පසුබිමක්‌ මැද ජිනීවා මානව හිමිකම් සමුළුව පැවැති සමයේ ශ්‍රී ලංකාවට එරෙහිව විදේශ රාජ්‍ය නොවන සංවිධාන දෙකක්‌ සාවද්‍ය වාර්තා 13 ක්‌ ඉදිරිපත් කර තිබූ බව අනාවරණය විය.

ටර්නර් ලා පේ- සහ භාරති සෙන්ටර් නමැති රාජ්‍ය නොවන සංවිධාන දෙක ඊට දායක වී ඇත. ඉන් සාවද්‍ය වාර්තා නවයක්‌ ම ඉදිරිපත් කර ඇත්තේ ප්‍රංශයේ සිට ක්‍රියාත්මක වන භාරති සෙන්ටර් නමැති සංවිධානයයි. මේ සංවිධානයේ ප්‍රධානියා ලෙස කටයුතු කරන්නේ මොහන්රා- මරියද්‍රdස්‌ නමැති ඊළම්වාදියායි.

මේ අතර ද්‍රවිඩ සංධානය උතුරෙන් හමුදාව ඉවත් කර ගැනීම සඳහා යුද්ධය ඉවරයි. තවදුරටත් හමුදාව උතුරේ රැඳී සිටින්නේ කුමකටද යන තර්කය ඉදිරිපත් කර ඇත. මෙය ප්‍රයෝගකාරී සංකල්පයකි.

උතුරෙන් හමුදාව ඉවත් කර ගැනීම සඳහා ද්‍රවිඩ සංධාන නායක ආර්. සම්පන්දන්, මාවයි සේනාධිරාජා ඇතුළු පිරිස ත්‍රිවිධ හමුදාපතිවරුන් සමඟ සාකච්ඡා පවත්වා ඇත.

එම සාකච්ඡා පැවැත්වීමෙන් පසු මන්නාරම, යාපනය, මාර්ගයේ පිහිටි නයාරු හමුදා කඳවුර ඉවත් කර ගෙන තිබුණි. සිංහලයනට සතියක්‌ ගත වනවිට සියලු දේම අමතක බව පැවසුවේ ප්‍රභාකරන් ය. අද එම ප්‍රකාශය ඉදිරියට ගෙන යන්නේ ද්‍රවිඩ සංධානයයි.

එහෙත් ජාතික ආරක්‍ෂාවට සම්බන්ධ කේන්ද්‍රස්‌ථානවල ඉඩම් මුදාහැරීමට ත්‍රිවිධ හමුදාපතිවරු සම්පන්දන්ලා සමග සාකච්ඡා පවත්වන්නේ කුමකටද? එසේම තවත් හාස්‍යජනක සිද්ධියක්‌ වාර්තා විය. ඒ මුලතිව් ප්‍රදේශයේ රජයේ ඉඩම්වලින්ද හමුදාව ඉවත් කළ යුතු බවට විරෝධතාකරුවන් විරෝධතා පවත්වද්දී හමුදාව සිංහල, දෙමළ අලුත් අවුරුද්ද නිමිත්තෙන් ඔවුන්ට ආහාර පාර්සල් ලබාදීමයි. මේ අතර කුශාන්තන් සමග මැලේසියාවේදී අත්ඩංගුවට ගත් කපිතන් ඉන්දික සංජීව හෙවත් සාන්- මොහමඩ් ද නිදහස්‌ විය. ඔහු පොට්‌ටුඅම්මාන්ට තොරතුරු සැපයූ බව හෙළිවිය.

ත්‍රස්‌ත මර්දන නිලධාරීන් කපිතාන් ඉන්දික සංජීව යොමු කර තිබුණේ යාපනයේ අධිකරණය වෙතයි. ඔහුගේ පාපොච්චාරණය අධිකරණය පිළිගත්තේ නැත.

සිංහල කමක්‌ කොයින්ද ?

සිංහල කමක්‌ කොයින්ද ?
මඩකලපුවේ සිංහලයන්ට
බඩ ඉරිඟු ඇටයක්‌වත් වවන්න දෙන්නේ නැහැ

මඩකලපුව මංගලාරාම විහරස්‌ථානයේ විහාරාධිපති අම්පිටියේ
සුමනරතන හිමියන් කියති

වෙහෙර විහාර ඉදිකිරීම සහ අලුත්වැඩියා කිරීම නවත්වන්න
උතුරු පළාත් සභාව පනතක්‌ සම්මත කරගත්තා

අම්පිටියේ සුමනරතන හිමි යන නම ඇසෙත්ම අපට සිහිවෙන්නේ මඩකලපුව මංගලාරාමය විහරස්‌ථානයයි. නැඟෙනහිරින් අතුගාවන්නට හදන බෞද්ධ උරුමය රැකගන්නට උන්වහන්සේ මහත්වූ වෙහසක්‌ ගනිමින් සිටින්නේය. ඇතැම් විට සිංහල ජනයා වෙනුවෙන් දැඩිසේ හඬ නඟන උන් වහන්සේ නිරන්තරයෙන්ම අන්දෝලනයක්‌ ඇතිකළ හිමි නමකි, මේ ‘ඉරිදා දිවයින’ සමග උන් වහන්සේ දොඩමළු වූ ආකාරයයි.

ප්‍රශ්නය – ඔබ වහන්සේ මඩකලපුව මංගලාරාමයට පැමිණෙන සමයේ තත්ත්වය කෙබඳුද?

මම මඩකලපුව මංගලාරාමයට පැමිණෙද්දී මංගලාරාමය මුළුමනින්ම විනාශ කරලා. ආවාසගේ බුදAධ මන්දිරයේ පිළිම වහන්සේට පවා බෝම්බ ගහලා විනාශ කරලායි තිබ්බේ. බෝධීන් වහන්සේ කපලා කොටලා දාලා තිබ්බා. යුද්ධය උපරිමයෙන් තියෙද්දි මම මංගලාරාමය නැවත ගොඩ නඟන්න කටයුතු කළා. අපේ රණ විරුවෝ කොටි ප්‍රහාරවලට ලක්‌ව මගේ දෑතේ මියගිය අවස්‌ථාවත් තිබුණා. මම රණවිරුවන්ටත් ශත්කියක්‌ වෙමින් ත්‍රස්‌තවාදීන්ගේ තාඩන පීඩන මැද දිගටම මංගලාරාමය රැකගනිමින් සිටියා.

ප්‍රශ්නය – මඩකලපුවේ එදා සහ අද සිංහල ජනතාවගේ තත්ත්වය කොහොමද?

ඉස්‌සර මඩකලපුව දිස්‌ත්‍රික්‌කයේ සිංහලයන් හතළිස්‌ දහසකට අධික ප්‍රමාණයක්‌ සිටියා. නමුත් අද මඩකලපුව නගරයේ තිබෙන පන්සලේ ඉන්න අපිට දන් හැන්දක්‌ බෙදන්න දායකයන් කවුරුවත් නැහැ. යුද්ධ කාලයේ කොටසක්‌ මැරුවා. ඉතිරි අය පණ බේරාගෙන 85,87 කාලයේ ගියා. ඒරාවුර් නගරයත් මේ ආකාරයෙන් සිංහලයන්ගෙන් තොර වුණා. දැන් කෙවිලියාමඩුව, මංගලගම, සිප්පිමඩුව, දිවුලපොතන ආදී ගම් කිහිපයක දහසක්‌ පමණ ප්‍රමාණයක්‌ තමයි සිටින්නේ. 2002 සාම ගිවිසුම් කාලයෙත් ඉන් පසුව යුද්ධය නිමාවූ පසුත් සිංහල ජනයා තමන්ගේ පදිංචි ස්‌ථාන සොයන් ආවා. නමුත් එතකොට ඒ ඉඩම් නිවාස දෙමළ සහ මුස්‌ලිම් ජනයා අත්පත් කරගෙන වෙනස්‌ කරලා. මේවා අත්පත් කරගන්න රාජ්‍ය නිලධාරීන්ට කොච්චර කීවත් ලිපි ලේඛන දුසිම් ගණන් දුන්නත් ඔවුන් කිසිවෙක්‌ මෙම සිංහල ජනයාට සිදුවූ අසාධාරණය ගැන කිසිදු පියවරක්‌ ගන්නේ නැහැ.

ප්‍රශ්නය – මඩකලපුව මහ දිසාපතිතුමිය මේ ගැන දැනුවත් කළේ නැද්ද?

වසර කිහිපයක සිට ඇය මඩකලපුව රාජකාරි කටයුතු කරනවා. නමුත් සෑම වසරකම අවස්‌ථා කිහිපයක්‌ මෙම මඩකලපුව සිංහල ජනයා විඳින දුක සහ මඩකලපුව සිංහල ජනයා වෙසෙන ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා කිසිදු පියවරක්‌ නොගැනීම පිළිබඳව ඇයව දැනුවත් කරනවා. උපවාස උද්ඝෝෂණ කරා. නමුත් සිංහල ජනතාවගේ ගැටලුවලට කිසිම විසඳුමක්‌ නැහැ.

ප්‍රශ්නය – මීට සති කිහිපයකට ඉහතදී ඔබ වහන්සේ මංගලගමදී ග්‍රාමසේවා නිලධාරිවරයකුට තදින්ම බැණ වදිනවා. ඒක භික්‌ෂුන් වහන්සේ කෙනකුට ඔබින්නේ නැහැ නේද?

මම භීක්‌ෂුවක්‌ විදිහට කටයුතු කරනවා. මට කිලෝ මීටර් 80 ක්‌ 90 ක්‌ යනකම් බෞද්ධයෙක්‌ නැහැ. ඒදා ඒ ගම්මානවලට මායිම් ගම්මාන කිව්වා. මම ඒ අසරණ සිංහල ජනයා වෙනුවෙන් මැදිහත් වෙලා පදිංචි කරවා ගත්තා පුළුවන් උදව්වක්‌ කරන්නම් කියලා. මම එදා ඉඳන් මේ දක්‌වාම වග කිවයුත්තන්ට මේ ගැටලුව ගැන දැනුවත් කළා. නමුත් මේ ජනතාව පිsළිබඳ පට්‌ටිපොළ, වෙල්ලාවලි ආදී ප්‍රාදේශීය ලේකම් කාර්යාල නිලධාරීන් දරන්නේ වෙනත් මතයක්‌.

අපේ ජනතාව මෙම ප්‍රදේශවලින් පන්නා දාන්න හදද්දී, ජනතාවගේ ගැටලුවලට විසඳුමක්‌ නැතිවුණාම, අඩුම තරමින් සමෘද්ධි කුපනයක්‌ නොදීම, ග්‍රාම සේවක වාර්තාවක්‌ ලබා නොදීම, හැඳුනුම්පතක්‌ ලබා ගැනීමට නොහැකිවීම, වසර තිහ හතළිහක්‌ වගා කළ ඉඩම් තණ භූමි කියලා අල්ලා ගන්න හදද්දී ඒවාට කිසිම බලධාරියෙක්‌ කතා කරන්නේ නැහැ. ඒ වෙලේ තමන්ට සිදුවූ අසාධාරණය වෙනුවෙන් එම ජනතාව පාරට බැහැලා උද්ඝෝෂණ කරන විට අපටත් මැදිහත් වෙන්න වෙනවා. ඒ මොහෙතේ අදාළ නිලධාරීන් පැමිණ තමන්ගේ මතයේ දැඩිව සිටිද්දී ඇතැම් වේලාවට මේ වන මහා අසාධාරණකම් හමුවේ මගේ මුවින් තද වචන පිටවූ අවස්‌ථාත් තිබෙනවා ඒ මොනදේ කරන්නෙත් මේ අසාධාරණයට පිළිසරණක්‌ නොමැති වූ විටයි. බලධාරින්ට හොඳින් කියලා ලියුම් පිට ලියුම් දීලා බැරිම වූ විට, අපේ ජනතාවට උසාවි දමලා පිටවෙන්න නියෝග දෙන්නට මේ නිලධාරීන් කටයුතු කරද්දී අපටත් නීති කඩන නිලධාරීන්ට හට හොඳින් කතා කරලා බැරිම තැන අපට කතා කරන්න ඉතිරි වෙලා තියෙන්නේ අකමැත්තතෙන් හරි ඒ විදිහටයි.

දැනට මඩකලපුව පොලිස්‌ බල ප්‍රදේශයේ බුදුපිළිම තැන්පත් කිරීම තහනම් කරලා මට අධිකරණයෙන් වාරණ නියෝගයක්‌ කරලා තියෙනවා. සිංහල ජනතාව පදිංචි කිරීම තහනම් කරලා තියෙනවා. ප්‍රදේශීය ලේකම් කාර්යාලවලට යන්න බැරි වෙන්න තහනම් නියෝග මට කරලා තියෙනවා. ඔය දේවල් මතක්‌ වෙන වේලාවට මගේ කටින් නොකිය යුතු දේවල් කියවෙනවා. ඇතැමුන් මට පිස්‌සු කියලත් කියනවා.

ප්‍රශ්නය – දැනට සති කිහිපයකට කලින් කරදියන්ආරු ප්‍රදේශයේදී සිදුවුණේ කුමක්‌ද? ඇත්තටම එතන පැරණි බෞද්ධ පුදබිමක්‌ද?

මට දැනගන්න ලැබුණා වසර සියදහස්‌ ගාණක්‌ පැරණි පුද බිමක්‌ විනාශ කරලා තියෙනවා කියලා. මම ගිහින් බලද්දී ගල් කණු, සිරිපතුල් ගල් ආදී ඉපැරණි පුරා වස්‌තු ඩෝසරයකින් ගලවලා ගොඩ ගහලා. ඉපැරණි දාගැබක්‌ මුදුනින් කණු සිටුවලා කටුකම්බිවලින් වැට ගහලා. එම පුදබිම සීසාල වී වපුරලා ඒ හැම තැනම ඉපැරණි ගඩොල් කැටයි පුරා වස්‌තුයි විසිරිලා තියෙනවා. මේ ස්‌ථානයට සිදුකර තිබෙන හානිය දැක්‌කාම මම දැඩි කම්පනයට පත් වුණා. එම නිසා මම එතනට කුඩා මඩුවක්‌ හෝ සකසා ආරක්‌ෂා කරන්න ගියා. එතකොට පොලිසියෙන් මට එතෙනට ඇතුළුවීම වළක්‌වන්න තහනම් නියෝගයක්‌ ගෙනාවා. මම එතන හිටියොත් මාව අත්අඩංගුවට ගන්නවා කීවා. මම කිවා කමක්‌ නැහැ මාව අත්අඩංගුවට ගන්න. මාත් එක්‌කම මේ ස්‌ථානය විනාශ කළ පිරිසත් අත්අඩංගුවට ගන්න කියලා. ඒ අය අත්අඩංගුවට ගන්න විදිහක්‌ නැහැ කියලා පොලිසියයි, පුරා විද්‍යාවයි කිව්වා. ඕක තමයි සැබෑ තත්ත්වය. අද පුරා වස්‌තු ආරක්‌ෂා කරන්න යන අය අත්අඩංගුවට ගන්න හදනවා. පුරා වස්‌තු වනසන අය රකිනවා. මේක තමයි තත්ත්වය. පස්‌සේ මම කරදියන්ආරු පොලිසියට මෙම පුරා වස්‌තු හානිය පිළිබඳව පැමිණිලි කළා. නමුත් අද වෙනකම් කිසිවෙක්‌ අත්අඩංගුවට ගත්තේ නැහැ.

අපේ සිංහල ජනතාවට බඩගින්න නිවාගන්න බඩ ඉරිඟු ඇටයක්‌ ඉන්දන්න දෙන්නේ නැහැ. තණ භූමි කියලා පන්නන්න හදනවා. හැබැයි අපේ රජමහා විහාර ඩෝසර් කරලා වී වපුරද්දී බලධාරීන් නිහඬ වෙලා ඉන්නවා.

ප්‍රශ්නය – පසුගිය යුද සමයේ ද එසේ නැතිනම් සාමය උදාවූ පසුද නැඟෙනහිර පළාතේ පුරා වස්‌තුවලට වැඩි වශයෙන් හානි සිදුවූයේ?

වෙලාවකට හිතනවා යුද්ධය තවමත් තිබ්බා නම් හොඳයි කියලා. පසුගිය යුද සමයේ මෙම පුරා වස්‌තුවලට විශාල හානියක්‌ වුණේ නැහැ. පසුගිය රජය සමයේ සිංහල, දෙමළ මුස්‌ලිම් යන සැම ජන කොට්‌ඨාසයටම ඒ සමයේ රාජකාරි කටයුතු සිදුවුණා. නමුත් ඒ සමයෙත් මඩකලපුවේ සිංහලයන්ට යම් අසාධාරණයක්‌ සිදුවුණා. ඒවා ඒ රජය විසඳුවානම් අද මේ අකාරයෙන් මඩකලපුව සිංහල ජනයා දුක්‌ විඳින්නේ නැහැ. නමුත් ඒ සමයේ පොලිසියට ආරක්‌ෂක අංශ, රටේ ජනතාව යන සියල්ලටම එක්‌ වුණා. රට ජාතිය රැකගන්න සියලු දෙනාම එකට එකතු වුණා. නමුත් ඒක දැන් වෙනස්‌ වෙලා. අද බොහෝ දෙනකුට රට ජාතිය ආගම ගැන හැඟීමක්‌ නැති වෙලා තියෙනවා. ඒ වාගේම යුද්ධයෙන් පස්‌සේ පුරා වස්‌තු සංහාරයක්‌ සිදුÊ වෙමින් තියෙනවා. ඉතිං මට වේලාවකට හිතෙනවා යුද්ධය තිබ්බානම් මේ ආකාරයෙන් නැඟෙනහිර පුරා වස්‌තුවලට මේ තරම් දැන් හානියක්‌ සිදුවෙන්නේ නැහැ කියලා.

ප්‍රශ්නය – මේ වන විට ඔබ වහන්සේට විරුද්ධව ඇතැම් අය මඩකලපුවේ විරෝධතාවන් දක්‌වනවා. ඇයි එහෙම විරෝධතාවක්‌ ඔබ වහන්සේට විරුද්ධව ඇති වෙලා තියෙන්නේ.

පසුගියදා උතුරු පළාත් සභාවේ වැඩි ඡන්දයෙන් පනතක්‌ සම්මත කරගෙන තිබ්බා උතුරු නැඟෙනහිර පළාතේ වෙහෙර විහාර ඉදිකිරීම සහ අලුත්වැඩියා කිරීම නවත්වන්න. අම්පිටියේ සුමනරතන හෙවත් මාවත් ඉවත් කරන්න පනතක්‌ සම්මත කරගෙන තිබෙනවා. රටේ ජනාධිපති, අගමැති, පොලිස්‌පති ඇතුළු පිරිස එය නිවරැදි කරගන්න කිසිම පියවරක්‌ ගත්තේ නැහැ. පසුගිය දිනවල දෙමළ ග්‍රාමසේවා නිලධාරිවරු සහ ටී.එන්.ඒ. සංවිධානයේ පිරිස්‌ මට එරෙහිව විරෝධතාවන් පවත්වා තිබෙනවා. ඊට අමතරව මේ වන විට මට විරුද්ධව නඩු 33 ක්‌ මඩකලපුවේ දිස්‌ත්‍රික්‌කයේ විවිධ උසාවිවල පවරලා තියෙනවා. මමත් පවරපු නඩුත් එක්‌ක නඩු 48 ක්‌ ඒ අධිකරණවල විභාග වෙනවා. මේ වන විට මඩකලපුවේ දෙමළ සහ මුස්‌ලිම් ජනයා මාත් සමඟ සුහදව කටයුතු කළත් ටී.එන්.ඒ. වැනි අන්තවාදී සංවිධාන තමයි ඔවුන්ගේ ක්‍රියාකාරම් වලට මා බාධාවක්‌ නිසා මාව මඩකලපුවෙන් ඉවත් කරන්න හදන්නේ. ඒ අය තමයි සාමාන්‍ය ජනතාව මට විරුද්ධව කුලප්පු කරවන්න හදන්නේ.

ප්‍රශ්නය – ඔබ වහන්සේට මේ වන විට ජීවිත තර්ජන තිබෙනවාද?

දැඩි ජීවිත තර්ජනයක්‌ තියෙනවා. පසුගිය සති කිහිපයේ සිට මට දුරකථනය සහ අන්තර්ජාලය ඔස්‌ස්‌ දිගින් දිගටම ලෝකයේ විවිධ රටවලින් දුරකථන අංක දෙතුන් සියයකින් එකදිගටම ප්‍රභාකරන් මැරුණේ නැහැ යනුවෙන් පවසමින් මාව මරා දමන බවට දිගින් දිගටම තර්ජනය කළා. මම එහෙම තර්ජනය කළ දුරකථන අංක සියයකට වැඩියෙන් අදාළ තොරතුරු දීලා මඩකලපුව පොලිසියේ පැමිණිල්ලක්‌ද දැම්මා. පසුගිය 27 වැනිදා මාගෙන් රැකියාවක්‌ අවශ්‍ය බව පවසමින් සැකකටයුතු පුද්ගලයෙක්‌ මාව සොයාගෙන පන්සලට ආවාම ඒ පිළිබඳව සැක සිතී ප්‍රශ්න කිරීමේදී ඔහු පැවසූ උත්තර පරස්‌පරයි. ඒ නිසා මඩකලපුව පොලිසිය මගින් ඔහුව අත්අඩංගුවට ගෙන තිබුණා. ඒ නිසා මා කර හෝa මඩකලපුවෙන් සිංහල ජනයා පන්නා දැමීමට විවිධ කුමන්ත්‍රණයන් සිදුවෙනවා. ඔවුන් දන්නවා ඒ අයගේ අන්තවාදී කටයුතු මා මෙහි සිටිනා විට සිදු කිරීමට අපහසු බව.

ප්‍රශ්නය – ඔබ වහන්සේට මඩකලපුවේ හුදෙකලාවෙ සිට මේ ආකාරයෙන් කටයුතු කරන්නේ කොහොමද?

මම පැවිදි වෙලා වසර 33 ක්‌ වෙනවා. මම යුද්ධ කාලේ වැහෙන්නට ගිය විහරස්‌ථාන රැකගනිමින් විහරස්‌ථාන 22 ක්‌ ගොඩනැඟුවා. මඩකලපුව සිංහල ජනයා වෙනුවෙන් නිවාස 200 කට ආසන්න ප්‍රමාණයක්‌ ඉදිකළා. ළිං වැසිකිළි හදලා දුන්නා. වතුර පොදක්‌ ගන්න වැව් හදලා දුන්නා. ඒ අයට හැකි සෑම මොහොතකම මට පුළුවන් උපරිම ආකාරයෙන් උදව් උපකාර කළා. මඩකලපුවට පැමිණෙන ජනතාවට පා තියන්න පුළුවන් ආකාරයට මංගලාරාම විහාරස්‌ථානය සංවර්ධනය කළා. ඒ ආකාරයෙන් මට කිsරීමට හැකිවූයේ මේ ස්‌ථානය පිළිබඳ අවබෝධයක්‌ ලබා ගත් යම් පිරිසකගේ සහයෝගය නිසා. නමුත් මේ වනවිට යුද්ධයෙන් බැරිවූ ඊළම නැවත ගොඩනඟන්න කොටි හිතවාදීන් ප්‍රබලවම උත්සාහ දරන මේ මොහෙතේ මට විනාඩියෙන් විනාඩිය මරණ තර්ජන එන කාලයක රට ජාතිය ගැන කතා කරන බොහෝදෙනකු මඩකලපුව ගැන අවධානය නිසිසේ යොමු නොකිරීම කනගාටුවට කරුණක්‌.

මේ වන විට මට ලැබෙන සියලුම මුදල් මඩකලපුව විහාරස්‌ථානයේ සහ ජනතාව වෙනුවෙන් යොදවා තිබෙනවා. නමුත් ඉදිරියේදී මට ඒ වෙනුවෙන් කටයුතු කරන්න හැකියාවක්‌ නැතිව ගොස්‌ තිබෙනවා. සියලුම දේට මුදල් අවශ්‍ය මොහොතක මට ඒ ජනතාව වෙනුවෙන් රට ජාතිය ගැන කැක්‌කුමක්‌ තිබෙන හැඟීමක්‌ තිබෙන ඔබගේ සහයෝගය අවශ්‍යව තිබෙනවා. තව දුරටත් මාහට සිංහල ජනයා වෙනුවෙන් කළ මෙහවර කිරීම අපහසු වෙලා තිබෙනවා.

ප්‍රශ්නය – කොහොමද ඔබ වහන්සේට යම් සහයෝගයක්‌ දෙනවා නම් ලබා දිය හැක්‌කේ.

065 2222104, 077 1791883, 072 9902907 දුරකතන අංක ඔස්‌සේ මා සම්බන්ධ කරගෙන සහයක්‌ දිය හැකියි. ඒ සමගම මා කරනා මෙම සද්කාර්ය සඳහා ඔබ දායක වන්නේ නම් ශ්‍රී මංගලාරාම බෞද්ධ පදනමේ මඩකලපුව සම්පත් බැංකුවේ 1139 6100 2363 ගිණුම් අංකයට ඔබගේ සහයෝගය ලබා දෙන්න පුළුවන්.

ප්‍රශ්නය – යහ පාලන ආණ්‌ඩුව මගින් මඩකලපුව සිංහල ජනයාට සහනයන් දෙනවනේ.

සහජීවනයට මුවාවෙලා අන්තවාදීන් මේ වන විට සිංහල ජනයා ඉවත් කරලා නැඟෙනහිර බොදු උරුමය නැත්තටම නැති කරලා විනාශ කරලා දාමින් සිටිනවා. අපටත් අවශ්‍ය වෙලා තියෙන්නෙ සිංහල, දෙමළ, මුස්‌ලිම් ජනයා සමඟ සාමයෙන් සිටිය හැකි වටපිටාවක්‌. නමුත් අන්තවාදීන්ගේ වුවමනාවන් මත අහිංසක ජනතාව අවුස්‌සලා ඒ හරහා මේ වනවිට අන්තවාදීන් තමන්ගේ වැඩ හොඳින් කරගෙන යනවා. මේ වන විට මඩකලපුව සිංහල ජනයාට වත්මන් රජයෙන්ද කිසි සහනයක්‌ නොමැතිව කල්ලතෝනියන්ගේ තත්ත්වයට පත්ව තිබෙනවා. අසරණ සිංහලයා ගැන සහ විනාශ වන වසර සියදහස්‌ ගණනක අපේ උරුමය ගැන කතා කරද්දී අපිට ජාතිවාදී ලේබලය අලවනවා. එහෙම කරලා ඊළම ගැන කතා කරන ජාතිවාදීන්ව හුරතල් කරනවා යෑයි පවසමින් සුමනරතන හිමියෝ ‘ඉරිදා දිවයින’ සමඟ මඩකලපුවේ වත්මනේ සිංහලයාගේ ශෝකාන්තය පිsළිබඳ පවසා සිටියහ.

සුසන්ත අමර බන්දු

මේ පාවා දෙන්නේ ජාතියේ අභිමානයයි

මේ පාවා දෙන්නේ ජාතියේ අභිමානයයි

රියද් අද්මිරාල් (ආචාර්ය) සරත් වීරසේකර
සභාපති – ජාතික රණවිරු එකමුතුව

දික්‌ වූ සැනෙන් සතුරන්ගේ සිරස සිඳ
වක්‌නු පොරන සිංහල අත් යුවල අද
ඔක්‌කෝටම වදින හැටි බල බලා හිඳ
ලක්‌මව හඬයි එය ඔබටත් පෙනෙන වද..?

* විග්නේෂ්වරන්ට කෝටි 42ක වාහනයක්‌
* සිංහලයන්ට ඒකීය ලේබලය ජාතිවාදයට පෙඩරල්

ටිබෙට්‌ ජාතික එස්‌. මහින්ද හිමි ඉහත කව ලීවේ අප නිදහස ලබා ගැනීමට පෙරය. “අසිපත ගෙන දික්‌ වූ අත නැවතත් වක්‌වූයේ පරසතුරාගේ ගෙල සිඳ මිස නිකම් නොවේ. එහෙව් වූ නිර්භීත අභිමානවත් ජාතියකට හිමිකම් කියන සිංහලයන් අද පරසුද්දා ඉදිරියේ නිවටව දණින් වැටී සිටී. එය දැක ලක්‌මාතාව කඳුළු හෙලන අන්දම ඔබට පෙනෙනවද? යනු එහි අදහසයි. මහින්ද හිමිගේ එම කවිය එදාටත් වඩා අදට කෙතරම් ගැලපේ දැයි මට සිතේ.

වසර 30 කට අධික කාලයක්‌ රට පෙළු ත්‍රස්‌තවාදය නිම කළේ අපේ රණවිරුවන්ය. දෙමළ කොටි ත්‍රස්‌තවාදීන් අහිංසක වැසියන් බුරුතු පිටින් ඝාතනය කළේ උතුරට වෙනම පාලන බලයක්‌ ලබා ගැනීමටය. ත්‍රස්‌තයන්ගේ දේශපාලන හස්‌තය වූයේ සම්බන්ධන්, සුමන්දිරන් ඇතුළු ද්‍රවිඩ සන්ධානයයි. ත්‍රස්‌ත්‍රවාදයට එරෙහිව කළ යුද්ධය අප ජයග්‍රහණය කරන විට රණවිරුවන් 29000 ක්‌ මියගොස්‌ 14000 ක්‌ පූර්ණ ආබාධිත තත්ත්වයට පත්ව තිබුණි. රණවිරුවන් සමස්‌ත ජාතියටම බියෙන් සැකෙන් තොරව ජීවත් වීමේ නිදහස ලබා දුන්නේ එවන් වූ උදාර කැපවීමක්‌ කරමිනි.

නමුත් අද උදා වී ඇති තත්ත්වය කුමක්‌ද? අප විසින් පරාජය කළ ත්‍රස්‌තයන්ගේ දේශපාලන මැරයන් ඉදිරියේ වර්තමාන පාලකයන් නිවටව වැඳ වැටී උන් ඉල්ලන සියලුම දේ ලබා දෙමින් සිටීමයි. ජනතාව රජයක්‌ පිහිටුවීමට පාලකයන්ට ඡන්දය දෙන්නේ රටේ අභිමානය රකිමින් රට පාලනය කිරීමට මිස රටේ අභිමානය කෙලසමින් බලයේ සිටීමට නොවේ. පාලකයන් එසේ කරන්නේ නම් ඔවුන්ව වහාම බලයෙන් නෙරපා හැරීමට එසේ ඡන්දය දුන් ජනතාවම පෙළ ගැසිය යුතුය.

මෙවරත් රජය දෙමළ සන්ධානයට මිය ගිය ත්‍රස්‌තනායකයා ඇතුළු කොටි ත්‍රස්‌තයන් සැමරීමට අවසර ලබා දුනි. මිනීමරු කොටි නායකයාගේ ඡායාරූපය රැගත් යතුරුපැදි පෙරහැරක්‌ ඇතුළුව සැමරුම් උත්සවය පැවැත් වූයේ 51 වන හමුදා සේනාංකය අසලය. යාපනය විශ්වවිද්‍යාලය තුළද කොටි සැමරුම් උත්සවයක්‌ පවත්වා තිබුණි. මෙයද අද පාලකයන් බලාපොරොත්තු වන සංහිදියාව? දිවි පරදුවට තබා සටන් කරමින්, ත්‍රස්‌තයන් හා යුද වැදුණු රණවිරුවන් සිරගෙට දමමින්, ත්‍රස්‌තවාදීන්ව සිරෙන් නිදහස්‌ කරමින්, මිය ගිය ත්‍රස්‌තයන් මහත් වූ හරසරින් සමරන්නට ඉඩ දේ නම් ඔවුන් රටට ආදරය කරන පාලකයන්ද එසේත් නැත්නම් කොටින්ට ලෙන්ගතු උන්ගේ බසට අවශ්‍ය වූ නිවටයන් පිරිසක්‌ද යන්න පිළිබඳව දැන් ජනතාව හොඳින් තේරුම් ගෙන තිබේ.

යුදෙව්වන් අමු අමුවේ ඝාතනය කළ ජර්මන් ජාතික හිට්‌ලර්ව අද ජර්මනිය පවා සමරන්නේ නැත. අමෙරිකාවේ ද්විත්ව කුලුනට ප්‍රහාර එල්ල කොට අමෙරිකානුවන් තුන් දහසකට ආසන්න පිරිසක්‌ මරා දැමූ අල්කයිඩා ත්‍රස්‌තකල්ලියේ නායක ඔසාමා බින් ලාඩන් ඇතුළු මියගිය අල්කයිඩා ත්‍රස්‌තයන්ව අමෙරිකාවේදී සැමරීමට එහි පාලකයන් ඉඩ දෙයිද? එසේ ඉඩ දුනහොත් ඇමරිකන් ජනතාව කෙසේ හැසිරෙනු ඇත්ද? අපේ රටේ එසේ සිදුවෙමින් පවතී. දහස්‌ ගණනක්‌ අහිංසක රටේ ජනතාව අමු අමුවේ කපා කොටා ඝාතනය කළ ත්‍රස්‌තයන් සැමරීමට ත්‍රස්‌තයන්ගේ දේශපාලඥයන්ට අවසර දී තිබේ. නමුත් රටේ ජනතාව තවමත් ඒ සම්බන්ධයෙන් නිහඬය. ප්‍රංශයට ත්‍රස්‌තප්‍රහාරය එල්ල වූ විගස ප්‍රංශ ගුවන් නියමුවන් සිරියාවට බෝම්බ දමා අහිංසක කාන්තාවන් දරුවන් සියගණනක්‌ මරා දැමූ අන්දම අප දුටු වෙමු. එම මෙහෙයුම දියත් කළ ප්‍රංශ ගුවන් නියමුවන් ඊළඟ රජය යටතේ යුද අපරාධ චෝදනා මත සිරභාරයට ගනියිද? එවිට ප්‍රංශ ජනතාව කෙසේ හැසිරෙනු ඇත්ද? නමුත් අපේ රණවිරුවන් විශාල සංඛ්‍යාවක්‌ මිය ගියේ ආබාධිත තත්ත්වයට පත් වූයේ අහිංසක දෙමළ ජනතාව තෝරා බේරා ගෙන සටන් කිරීමට ගිය නිසාය. එවන් වූ අපේ රණවිරුවන් යුද අපරාධ චෝදනා මත අත්අඩංගුවට ගැනීමට වර්තමාන රජය පිඹුරු පත් සකසන විට රටේ ජනතාව නිහඬය. ඒ නිහඬ බව වර්තමාන රජය වරදවා තේරුම් නොගත යුතුය. නිහඬ බව ඉවසීමේ ලක්‍ෂණයකි. ඉවසීමට සීමාවක්‌ තිබේ. එම සීමාව ඉක්‌මවා ගියහොත් දේශයට ෙද්‍රdaහී වූ සියලුම පාලකයන්ට ජනතාව දඬුවම් දෙනු ඇත.

වර්තමාන රජය බලයට පත් වූ දා සිට කළේ රණවිරුවාට හිරිහැර කිරීමය. ඔවුන් යුද්ධයේ ජයග්‍රහණයට සෘජුව දායක වූ බුද්ධි නිලධාරීන් සාවද්‍ය චෝදනා මත වසරකට වඩා සිරකොට තැබීය. ඔවුනට තවමත් වේතනය ගෙවන්නේ නැත. යුද්ධයට නායකත්වය දුන් ආරක්‍ෂක ලේකම්වරයා සහ නාවික හමුදාපතිවරුන් තුන් දෙනෙක්‌ කුඩුකාරයන් තබන කූඩුවක ඇපය ලැබෙන තුරු සිටීමට සැලැස්‌වීය. අපේ හමුදාවන් යුද අපරාධ, ස්‌ත්‍රී දූෂණ කළා යෑයි සඳහන් වන මානව හිමිකම් කොමසාරිස්‌ සෙයිද් හුසේන්ගේ වාර්තාව අගය කරමින් පිළිගත්aතේය. මෙවැනි දේ කළ හැක්‌කේ රණවිරුවාට ද්වේශ කරන්නන්ට පමණි. වර්තමාන පාලකයෝ යුද්ධයේ ජයග්‍රහණයට අංශූ මාත්‍රයකින්වත් දායක වූ අය නොවෙති. ඔවුහු යුද මෙහෙයුම් සමච්චලයට ලක්‌ කළ, රණවිරුවා හෑල්ලුවට ලක්‌ කළ පිරිස්‌ වෙති. එවන් වූ පාලකයන් රණවිරුවන්ට මෙසේ සැලකීම, මියගිය ත්‍රස්‌තයන් සැමරීමට ඉඩදීම, කරුණක්‌ නොවේ. පුදුමයට පුදුමයට කරුණ නම් එවන් වූ දේශෙද්‍රdaහී මානසිකත්වයකින් හෙබි පාලකයන්ව බලයට ගෙන ඒමට ඡන්දය ලබාදුන් ජනතාවක්‌ රට තුළ සිටීමය.

මහාචාර්ය නලින්ද සිල්වා පසුගිය දිනක උත්සවයකදී ඉතා වැදගත් ප්‍රකාශයක්‌ කළේය. එනම් යුද්ධය ජයග්‍රහණය කළ පසු ප්‍රශ්නය විසඳී හමාරයි යන්නයි. බලය ලබා ගැනීමට යුද්ධ කළ සතුරාව පරාජය කළ පසු සතුරාට බලය ලබා දීමට සැරසීම කෙතරම් නම් මුග්ධ ක්‍රියාවක්‌ද? එසේ දිය යුතු නම් ලබාදිය යුත්තේ ජයගත් කණ්‌ඩායමේ කොන්දේසි අනුව මිස සතුරාගේ කොන්දේසි මත නොවේ. අද රටේ ව්‍යවස්‌ථා සංශෝධනය ගෙන එන්නේ දෙමළ බෙදුම්වාදී කොටි දේශපාලනඥයන්ගේ අවශ්‍යතාව මතය. එහි පිටුපස සිටින්නේ එදා සිටම කොටි ත්‍රස්‌තයන්ට වෙනම රාජ්‍යයක්‌ ලබා දීමට “පැකේජ” නිර්මාණය කළ දේශෙද්‍රdaහී සිංහලයන් සහ කොටින්ගේ දේශපාලන හස්‌තය වන ද්‍රවිඩ සන්ධානයේ සුමන්දිරන් ඇතුළු පිරිසයි. අද වන විට ව්‍යවස්‌ථා සංශෝධන අනුකමිටු 6 ක නිර්දේශයන් ප්‍රකාශයට පත් කොට ඇත. ඒවා ක්‍රියාත්මක කළහොත් අපේ රට පෙඩරල්වලටත් එහාගිය රටක්‌ බවට පත්වේ. මේවා කරන්නේ රටේ සමස්‌ත ජනතාවගේම යහපත නිසා නොව දෙමළ බෙදුම්වාදීන්ගේ අවශ්‍යතාව මතම පමණක්‌ නම් අප ඊට ඉඩ දිය යුතුද?

වසර 2500 ක ලිත ඉතිහාසය පුරා අපි අපගේ රටේ “ඒකීය” භාවය රැකගෙන සිටියෙමු. එය රැක ගැනීම සඳහා අපේ මුතුන් මිත්තෝ ලක්‍ෂ ගණනක්‌ සතුරු ආක්‍රමණිකයන් හා සටන් වැද දිවි පුද ඇත. මෑත කාලීන, ත්‍රස්‌තවාදයට විරුද්ධ යුද්ධයද කළේ එම “ඒකීය” භාවය සුරක්‍ෂිත කිරීමටය. මෙතෙක්‌ කල් රටේ එම තත්ත්වය රැකගෙන සිටීම අපේ අභිමානයයි. මහා ඇලෙක්‌සැන්ඩර්ට හෝ අශෝක මහා අධිරාජ්‍යයාට පවා අපේ රට යටත් කර ගැනීමට නොලැබුණි. ඉංග්‍රීසීන්ට වුවද යුද්ධ කොට රට යටත් කර ගැනීමට නොහැකි විය. එසේ නම් මොනම පාලකයෙක්‌ටවත් පාර්ලිමේන්තුවේ අනු බලයෙන් හෝ ජනමත විචාරණකින් හෝ මොනයම් ආකාරයකින් හෝ එම ඒකීය භාවයට අත තැබීමට අප ඉඩ දිය යුතු නැත. නමුත් වර්තමාන රජය අද කිරීමට යන්නේ එයයි.

ද්‍රවිඩ සන්ධානයේ සුමන්දිරන් සිංගප්පූරුවේදී කියා ඇති දේ අපට මතකය. ” සිංහලයන්ට සහ බෞද්ධ භික්‍ෂුවට අවශ්‍ය වන්නේ ලේබල පමණයි. අපි ” ඒකීය” ලේබලය ඒ අයට තියා ගන්න දීලා අපට අවශ්‍ය දේ කරගමු” යන්නයි. නමුත් අප එම ලේබලය සේම එම ලේබලයෙන් තහවුරු වන කිසිම දෙයකට හානි වන කිසිම දෙයක්‌ ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදෙන බව සුමන්දිරන් දැන ගත යුතුය. පසුගිය රජය කාලේ සුමන්දිරන්වත්, විග්නේශ්වරන්වත්, සිවාජිලිංගම්වත් මෙසේ කටමැත දෙඩෙව්වේ නැත. එසේ නම් මොවුන් මෙසේ

කොටි ගුවන් ඒකකයේ ත්‍රස්‌තයා කුශාන්තන් නිදහස්‌?

කොටි ගුවන් ඒකකයේ ත්‍රස්‌තයා කුශාන්තන් නිදහස්‌?

කීර්ති වර්ණකුලසූරිය

සුන්දරලිංගම්රාජා කුශාන්තන් හෙවත් කුශාන්තන් මාස්‌ටර් කොටි සංවිධානයේ වාන්පුලිගල් නැමැති ගුවන් ඒකකයේ ප්‍රධානියායි. එහෙත් ඔහු අතුරුන්වූයේ කොටි පරාජයවීමට පෙරය. කුශාන්තන්ව කොටි සංවිධානය නම්කර තිබුණේ දර්ශන් නමිනි. මේ කොටි ගුවන් ඒකකයේ ප්‍රධානියා 2014 වසරේ මැයි 15 දා මැලේසියාවේ බ්‍රකින් අමාන් ත්‍රස්‌ත මර්දන ඒකකය සිදුකළ මෙහෙයුමකදී අසුවිය.

මැලේසියානු ත්‍රස්‌තමර්දන බලධාරීන් කුශාන්තන් සමඟ තවත් ත්‍රස්‌තයන් තිදෙනකු අත්අඩංගුවට ගනු ලැබුවත් ඔවුන් කවුදැයි හෙළිකලේ නැත.

එහෙත් 2014 මැයි 29 දා කොටි ගුවන් ඒකකයේ ප්‍රධානි කුශාන්තන් අසුවීමේ සිද්ධිය අපි විශේෂයෙන් (exclusive) අනාවරණය කෙළෙමු.

කොලොන්නාව තෙල් ටැංකිය, කටුනායක ගුවන් හමුදා කඳවුරට සහ කොළඹ බෝම්බ දැමීමේ සියලු මෙහෙයුම් දියත්කළ කුශාන්තන් දැඩි අවහිරතා මැද ක්‌වාලම්පූර් සිට මෙරටට එවීමට ක්‍රියාකලේ පසුගියදා අභාවප්‍රාප්තවූ මේජර් ජනරාල් සුමිත් මානවඩුය. කටුනායකදී කුශාන්තන් ඇතුළු කොටි තිදෙනා අත්අඩංගුවටගත් ත්‍රස්‌ත මර්දන බලධාරීහු ඔවුන්ව ත්‍රස්‌තවාදීන් රඳවන බොරැල්ලේ සිර මැදිරියේ රඳවා තැබූහ.

එහෙත් කොටි ගුවන් ඒකකයේ ප්‍රධානියා ගැන සැමටම අමතක විය. ශ්‍රී ලංකාවට එරෙහි ත්‍රස්‌ත ක්‍රියා සිදුකළ කුශාන්තන්ට නඩු පැවැරූ බව මාධ්‍යයට වාර්තාවූයේ නැත. එසේනම් කුශාන්තන්ට සිදුවූයේ කුමක්‌ද?

2015 මැයි මස අවසානයේ මෙරටට ගෙන ආ කුශාන්තන් තවදුරටත් ත්‍රස්‌ත රැඳවුම්භාරයේ සිටින්නේද යයි අපි නිරීක්‍ෂණය කළෙමු.

එහෙත් එම ත්‍රස්‌ත රැඳවුම් අංශයේ ආරංචි මාර්ග පැවසුවේ කුශාන්තන් නිදහස්‌ වී මෙරටින් පිටව ගොස්‌ ඇති බවත් ඔහුගේ බිරිඳ මැලේසියාවේ සිටින බවත්ය.

47 හැවිරිදි වියේ පසුවූ කුශාන්තන් අල්ලාගැනීමට මැලේසියානු ත්‍රස්‌ත මර්දන ඒකකයට හැකිවූයේ එවකට මැලේසියාවේ ශ්‍රී ලංකා මහ කොමාසාරිස්‌ කාර්යාලයේ නියෝජ්‍ය මහ කොමසාරිස්‌ ලෙස සේවය කළ මේජර් ජනරාල් සුමිත් මානවඩු නිසාය. එහෙත් කොටි ගුවන් ඒකකයේ ප්‍රධානියා සිටින්නේ කුමන රටේදැයි කිසිවෙක්‌ දැනසිටියේ නැත. කුශාන්තන් අසුවූයේ ඔහු කළ මෝඩකමක්‌ නිසාය. 2014 අප්‍රේල් මස කුවාලම්පූර්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට පැමිණි ද්‍රවිඩයෙක්‌ සිය ගමන් බලපත්‍රය අළුත්කරගැනීමට තානාපති නිලධාරියකුට බාරදුන්නේය. මේ ද්‍රවිඩයා කවුදැයි තානාපති කාර්යාලයේ ගමන් බලපත් ඒකකයේ නිලධාරීන් විමර්ශනය කළේ නැත. ඒ ගැන ඔවුන් උනන්දුවක්‌ද දක්‌වා නොමැත.

එහෙත් දිනක්‌ තානාපති කාර්යාලයේ ගමන් බලපත් ඒකයට ලැබී ඇති ගමන් බලපත් පරීක්‍ෂාවට ලක්‌කළ මේජර් ජෙනරාල් මානවඩු එක්‌ ගමන් බලපත්‍රයක්‌ දැකීමෙන් විශ්මයට පත්විය. එය කුෂාන්තන් හෙවත් දර්ශන්ගේ ගමන් බලපත්‍රයකි.

ඒ සමඟම ක්‍රියාත්මකවූ මේජර් ජනරාල්වරයා අළුත්කළ ගමන් බලපත්‍රය ගැනීමට තානාපති කාර්යාලයට පැමිණි කුශාන්තන් පසුපස හඹා ගියේය. කුෂාන්තන් මැලේසියාවේ පැලන්ජයා නමැති ප්‍රදේශයේ සිටින බවත් ඔහු විටින් විට ක්‌ලැන්ස්‌ ප්‍රදේශයටද යන බව විමර්ශනයේදී සනාථ විය.

මෙම ප්‍රදේශ ගැන හොඳින් දන්නා මැලේසියානු ඔත්තුකරුවෙක්‌ මේජර් ජනරාල්ට සහය විය. කොටින්ගේ වාන්පුලිගල් නම්වූ ගුවන් ඒකකයේ ප්‍රධානියාවූ කුශාන්තන් මැලේසියාවේදී අසුවී ශ්‍රී ලංකාවට ගෙනඑනු ලැබූ බව ඇසූ ඊලම් ඩයස්‌පෝරාව දැඩි කලබලයට පත්විය.

කුශාන්තන් මැලේසියා ත්‍රස්‌ත මර්දන පොලිසිය අල්ලාගත් අවස්‌ථාවේ එක්‌සත් ජාතීන්ගේ සරණාගත කාර්යාලය ඔහුට සරණාගත කාඩ්පත පවා ලබාදී තිබූ බව අනාවරණයවිය.

කුශාන්තන්ගේ අසුවීමේ සිද්ධිය මැලේසියානු කොටි හිතවාදීන්ට වාර්තාවීමත් සමඟම පිනෑන්ප් ප්‍රාන්තයේ නියෝජ්‍ය මහ ඇමැති මහාචාර්ය පී. රාමසාමි කොටි ක්‍රියාකාරීන් සමඟ එක්‌ව අධිකරණය වෙත පෙත්සමක්‌ද ගොනුකරනු ලැබීය.

එම පෙත්සම මත කුෂාන්තන් පිටුවහල් කිරීම වැලැක්‌වීමේ නියෝගය කුවාලම්පූර් ගුවන්තොටුපලේ ආගමන හා විගමන බලධාරීන්ට ලැබීමට පෙර කුශාන්තන් ඇතුළු කොටි තිදෙනා ශ්‍රිලන්කන් ගුවන් යානාවට ඇතුළු කිරීමට මේජර් ජනරාල් මානවඩුට හැකිවිය. එහිදී මැලේසියා පොලිස්‌පති කාලිද් අබුබකර්ගේ සහයද ලැබී තිබුණි. කුශාන්තන් ගැන තවදුරටත් හෙළිවූයේ මුල්ලිවයික්‌කාල්හි කොටි බංකරයක තිබී අසුවූ ඡායාරූප කිහිපයකිනි.

ඔහු විවාහ වී සිටියේ කොටි ගුවන් ඒකකය ආරම්භ කළ ශංකර්ගේ ඥති දියණියක්‌ වූ රෝහිනි සමඟය.

මැලේසියා ත්‍රස්‌ත මර්දන බලධාරීන්ට කුශාන්තන් සමඟ අන්බරායු හෙවත් මහාදේවන් තිරුබාහරන්ද අසුවී තිබුණි. ඔහු පොට්‌ටු අම්මාන්ගේ ටොසි බුද්ධි සේවාවේ ප්‍රධානතම ක්‍රියාකාරියෙකි. තිරුබාහරන් සමඟ කොටින්ගේ නිදර්ශනම් රූපවාහිනියේ ප්‍රධාන ඉංජිනේරුවාවූ සෙල්වතුරෙයි තිරුබානන්දන්ද අසුවිය.

මේ ත්‍රස්‌තයන් සතුව තිබී කොටි ප්‍රචාරක ලියවිලි හා පරිගණක උපාංගද සොයාගැනිනි. මේ කොටි ත්‍රස්‌තයන් තිදෙනාගේ අනන්‍යතාවය කොළඹ පොලිස්‌ මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය අනාවරණය කිරීමට ක්‍රියාකළේ අප කළ හෙළිදරව්වෙන් පැය 48 කට පසුවය.

මෙලෙස මැලේසියා ත්‍රස්‌ත මර්දන බලධාරීන්ගේ අත්අඩංගුවේ සිටි කුශාන්තන් ඇතුළු කොටි තිදෙනා මෙරටට ගෙනඒමට තිදෙනකුගෙන් යුත් පොලිස්‌ කණ්‌ඩායමක්‌ ක්‌වාලම්පුරයට පැමිණි බව හෙළිවිය.

මේ අතර මේජර් ජනරාල් මානවඩුගේ මෙහෙයවීම මත මැලේසියාවේදී අසුවූයේ කොටි සංවිධානයේ වඩා වටිනාකමක්‌ ඇති ත්‍රස්‌තයා වූ කුශාන්තන් බව හමුදා බුද්ධි අංශයට වාර්තා විය.

ඒ වනවිට ලත් බුද්ධි තොරතුරුවල සඳහන් වූයේ කොටි ගුවන් ඒකකය පිහිටවූ ශංකර් විසින් කුශාන්තන්ව සහ රවීන්ද්‍රන් හෙවත් මෙන්ඩිස්‌ යන දෙදෙනා ගුවන් යානා පුහුණුවීම සඳහා කැනඩාවට යවා තිබූ බවත් ඔවුන් 1988 දී යළි ශ්‍රී ලංකාවට පැමිණි බවත්ය. ප්‍රභාකරන් විසින් කුශාන්තන්ට පවරා තිබූ කාර්යය වූයේ කොටින්ට ගුවන් යානා පැදවීම පුහුණු කිරීමයි. ඒ සඳහා කැලෑ වර්ණයෙන් යුත් ධාවන පථයක්‌ ඉරනමඩුහි ඉදිකර තිබුණි.

මෙරටට ගෙනඑනු ලැබූ ස්‌ලින් වර්ගයේ යානා දෙක එකලස්‌ කිරීමට කුශාන්තන් කටයුතු කළේ ඉරනමඩුහි පිහිටා තිබූ ගුවන් අංගනයේයි.

මේවන විට ශ්‍රී ලංකා හමුදා බුද්ධි අංශවලට වාර්තා වූයේ සිවරාසා පිරුන්තබන් හෙවත් අච්චුදන් කොටි ගුවන් ඒකකයේ ප්‍රධානියා බවයි. ඔහුද ගුවන් නියමුවෙකි. අච්චුදන් නැමැත්තාද ඉන්ටර්පෝල් පොලිසියට අවශ්‍ය කරන අයකු ලෙස රතු වරෙන්තුව ප්‍රකාශයට පත්වූවත් කුශාන්තන්ගේ නම රතු වරෙන්තු ලැයිස්‌තුවට ඇතුලත් වී නොතිබුණි.

කොටි ගුවන් ඒකකය හසුරුවන ලද්දේ කුශාන්තන්ය. ප්‍රංශ ගමන් බලපත්‍රයක්‌ හිමි අච්චුදන් සහ ඔහුගේ බිරිය දැන් ප්‍රංශයේ සිටින බව වාර්තා වී ඇත. මේ පසුබිම මැද 2001 සැප්තැම්බර් 27 දා පුදුකුඩිඉරිප්පු මාර්ගයේදී ශ්‍රී ලංකා යුද හමුදාවේ දිගු දුර විහිදුම් බළකායේ බිම් බෝම්යකට ගොදුරුවී කුශාන්තන්ගේ ගුරුවරයාවූ ශංකර් මරුමුවට පත්විය. මේ අතර කුශාන්තන් විසින් ශංකර්ගේ ඥති දියණියක්‌වූ රෝහිනි විවාහ කරගත් අතර එම උත්සවය පැවැත්වූයේ ප්‍රභාකරන් සහ බිරිය මදිවදිනිගේ ප්‍රධානත්වයෙනි.

මෙවන් ඉතිහාසයක්‌ ඇති කුශාන්තන් ශ්‍රී ලංකාවේ ජනතාවට එරෙහිව ත්‍රස්‌ත ක්‍රියා සිදුකිරීම ගැන දඬුවම් ලැබිය යුතු වූවත් 2016 නොවැම්බර් 7 දා තෙක්‌ ඔහුට සිදුවූයේ කුමක්‌ද යන්න ගැන අබිරහසක්‌ විය.

ඉමහත් වෙහෙසක්‌ දරා පසුගිය රජය සමයේදී මැලේසියාවේදී අල්ලාගත් කුශාන්තන් ගැන ද්‍රවිඩ දේශපාලනඥන්ද කිසිදු ප්‍රකාශයක්‌ කළේ නැත. ඒ වෙනුවට ඔවුන් පැවසුවේ රැඳවුම් භාරයේ සිටින දේශපාලන සිරකරුවන් මුදාහැරිය යුතු බවයි. එම තත්ත්වය මත කුශාන්තන් හෙවත් දර්ශන් පිළිබඳව රජයේ නීති යාන්ත්‍රණය ගත් පියවර කුමක්‌දැයි වසන්වී තිබුණි. එහෙත් කුශාන්තන් සහ තවත් කොටි ක්‍රියාකාරීන් කීපදෙනෙක්‌ සිංහල කොටි යයි හංවඩු ගැසූ කීපදෙනකු සමඟ ත්‍රස්‌ත රැඳවුම් භාරයේ රඳවා සිටි බව අනාවරණය විය.

එහිදී තමා ගුවන් නියමුවකු බව කුශාන්තන් අනිකුත් රැඳවියන් හමුවේ පවසනු ලැබීය. කුශාන්තන් සමඟ රැඳවුම්භාරයේ සිටි තවත් පුද්ගලයෙක්‌ වූයේ හිටපු හමුදා කපිතන් වරයකුවූ ඉන්දික සංජීව හෙවත් සාන්ඡ් මොහොමඩ්ය.

ශ්‍රී ලංකා හමුදාවේ බුද්ධි තොරතුරු කොටින්ගේ ටොසි බුද්ධි සේවාවට ලබාදුන් බවට චෝදනා එල්ලවූ අගුරුකංකානම්ලාගේ ඉන්දික සංජීව කඩුවෙල හේවාගම පදිංචිකරුවෙකි.

1991 වසරේ හමුදාවට බැඳුණු මෙම හමුදා කපිතන්වරයා යාපනයට ස්‌ථාන මාරුවක්‌ ලැබීමෙන් පසු හමුදාවෙන් පැනගොස්‌ කොටි බුද්ධි නායකයකුවූ චාල්ස්‌ට එක්‌වී ඇත. කොළඹ පිහිටි හමුදා කඳවුරු මාර්ග බාධක සහ ප්‍රහාර එල්ල කළ යුතු ස්‌ථාන දැක්‌වෙන සිතියමද හමුදා බුද්ධි අංශ නිලධාරීන් ගැන තොරතුරු කොටි සංවිධානයට ලබාදුන් බවට පාපොච්චාරණය කර ඇත.

කපිතන් ඉන්දික සංජීව පසුව මැලේසියාවට පැනගොස්‌ මුස්‌ලිම් ආගම වැළඳගෙන තිබේ.

මේ හිටපු හමුදා නිලධාරියා මැලේසියා ත්‍රස්‌ත මර්දන නිලධාරීන් විසින් අල්ලාගනු ලැබුවේ 2014 අගෝස්‌තු මස මුල් සතියේ කුවාලම්පූර්හි සෙන්තුල් ප්‍රදේශයේදීය.

ඒ සඳහා මේජර් ජනරාල් මානවඩු මැලේසියා පොලිසියට සහය විය.

ඉන්දික සංජීව හෙවත් මොහමඩ් සාන්ඡ් අබ්දුල්ලා නමින් පෙනීසිටි එම කපිතන්වරයා මීගමුවේ පදිංචිකරුවකු බව දක්‌වමින් 2021 වසර දක්‌වා බලපැවැත්වෙන ව්‍යාජ ගමන් බලපත්‍රයක්‌ ලබාගෙන තිබුණි. ඔහු එම ගමන් බලපත්‍රය භාවිත කර මැලේසියාව සහ ශ්‍රී ලංකාව අතර ගමන් කළත් අසුවූයේ නැත. මේ හැර මොහු 2016 වසර දක්‌වා ගමන් බලපත්‍රයක්‌ ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන් ලබාගෙන තිබිණි.

කොළඹ ප්‍රධාන පෙළේ පාසලක ආදි සිසුවකුවූ කපිතන් ඉන්දික සංජීව අසුවීමෙන් පසු ඔහුගේ ගමන් බලපත්‍රයේ අංකය වූ 3293983 පිළිබඳව සොයාබැලීමේදී එය කොටහේනේ ද්‍රවිඩ කාන්තාවකට අයත්වූවක්‌ බව අනාවරණය විය.

2006 සැප්තැම්බර් 25 දා කපිතන්වරයා මෙරටින් ගමන් බලපත්‍රයක්‌ ලබාගෙන තිබුණේ හදිසි අවස්‌ථාවක්‌ ඇතිවුවොත් පැනයාමට බවද හෙළිවිය.

කොටි පරාජය වීමත් සමඟම ඔහු 2009 දී මෙරටින් පැනගිය අතර යුද හමුදා බලධාරීන්ට ඒ බව වාර්තා වූයේ නැත.

මැලේසියාවේදී කපිතන්වරයා එක්‌ව සිටියේ කොටි ත්‍රස්‌තයන් කීපදෙනකු සමඟය. ඉන් එක්‌ ත්‍රස්‌තයෙක්‌ වූයේ සෂි සහ සොර්ගලිංගම් පුවනෙස්‌වරන් සමඟය.

කොටින්ගේ ටොසි බුද්ධි සේවාවට තොරතුරු සැපයූ කපිතන් ඉන්දික සංජීවද කුශාන්තන් සමඟ එකට බොරැල්ලේ ත්‍රස්‌ත රැඳවුම් සිරමැදිරියේ රඳවා තිබුණි. එහෙත් එම සිරමැදිරියේ සිටි අනිකුත් රැඳවියන් විස්‌මයට පත්කරමින් කොටි ගුවන් ඒකකයේ ප්‍රධානියාවූ කුශාන්තන් හා ටොසි බුද්ධි සේවාවේ ඔත්තුකරු ඉන්දික සංජීව ආපසු එම රැඳවුම් මැදිරිය වෙත පැමිණියේ නැත.

කපිතන් ඉන්දික සංජීව රැඳවුම් මැදිරියේ සිටි රැඳවියන්ට පැවසුවේ තමා ආපහු මැලේසියාවට යන බවත් බිරිය ක්‌වාලම්පුරයේ සිටින බවත්ය.

මැලේසියානු පොලිසියට වාර්තාවූයේ මෙම හමුදා කපිතන්වරයා තායි කාන්තාවක්‌ විවාහ කරගෙන ඇති බවයි.

මේ අතර කුශාන්තන්ගේ බිරිය රෝහිනිද මැලේසියාවේ සිටින බව අනාවරණය වී තිබුණි. මේ පසුබිම මැද කුශාන්තන් හා කපිතන් ඉන්දික සංජීව හෙවත් සාන්ඡ් මොහමඩ් නිදහස්‌ වූයේද නැත්නම් ඔවුන්ට සිදුවූයේ කුමක්‌ද යන්න කිසිවෙක්‌ නොදනී. කුශාන්තන් සතුව එක්‌සත් ජාතීන්ගේ සරණාගත හැඳුනුම් පතක්‌ තිබීම නිසා ඔහු දේශපාලන සරණාගතයකු ලෙස එක්‌සත් ජාතීන්ගේ සරණාගත මහකොමසාරිස්‌ පිළිගෙන ඇත. ඔහුට සරණාගත හැඳිනිම් පත ලබාදීම ගැන එම සරණාගත කාර්යාලය ප්‍රකාශයක්‌ කිරීමද ප්‍රතික්‍ෂේප කර තිබේ.

මේ පසුබිම මැද ස්‌ථාන හතරකට බෝම්බ දැමීම මෙහෙයවූ කුශාන්තන්ට එරෙහිව 2014 ජුනි මස සිට 2010 වසර දක්‌වා රජයේ බලධාරීන් පියවරක්‌ නොගැනීම අබිරහසකි.

කැලේට හුරුවෙච්ච එල්.ටී.ටී.ඊ. කොල්ලො සත්තු වගේ හැසිරෙන්න ගත්තා…

කැලේට හුරුවෙච්ච එල්.ටී.ටී.ඊ. කොල්ලො
සත්තු වගේ හැසිරෙන්න ගත්තා…

එල්.ටී.ටී.ඊ. ය ගැන ‘සුමදි’ කියන කතාව සුමුදු නැත…

තරංග රත්නවීර

ටික කාලෙකින් විනය බින්දුවටම වැටුණා…
සමහර කෙල්ලො කරදර ඉවසන්න බැරිව පැනලා ගියා…
හිරිහැර කරන්න ආවොත් ඉවරයක්‌ කරන්න කියලා විදූෂා අපිට කිව්වා…

සුමදි තරුණ කාන්තාවකි. වයස අවුරුදු තිහකි. හිරිමල් විය ප්‍රභාකරන්ගේ ඊළාම් සිහිනයට බිලි දී ඇති ඇය තාරුණ්‍ය කැප කර ඇත්තේ හමුදාව සමඟ යුද වදින්නය. මහා කැලෑවේ ගස්‌, ගල් යට තුවක්‌කු කර පින්නා ගෙන, සයිනයිඩ් කරල ගෙල දවටා ගෙන ජීවත් වූ ඇයගේ ජීවිතය බේරී ඇත්තේ පූරුවේ පිනකටය. එහෙත් ඇය දැන් අබ්බගාතය. හමුදාව සමඟ යුද වදිද්දී නොසිතූ මොහොතක ඇයගේ කලව ප්‍රදේශය පසාරු කරගෙන වෙඩි උණ්‌ඩයක්‌ ගොස්‌ය. ඇය කියන විදිහට සිරුරේ හැම තැනම මූනිස්‌සම් කෑලිය. යුද්ධයේ බිහිසුණු බව හොඳින් අත්විඳ ඇති ඇය ත්‍රස්‌තවාදී ජීවිතය ගැන කතා කිරීමට ද අකමැතිය. එහෙත් අපගේ පෙරැත්ත කිරීම මත ඇය ඒ කාලකණ්‌ණි අතීතය නැවත මතක්‌ කළාය. මේ ඇය කියන කතාවේ අවසාන කොටසය…

විදූෂාගේ බලකාය තමයි එල්.ටී.ටී.ඊ. සංවිධානයේ තිබුණු ‘සුපිරිම’ කාන්තා බළකාය. ඒ වගේම එල්.ටී.ටී.ඊ. නායකයෝ අපේ බළකාය ගැන හොඳ අවධානයෙන් හිටියා. ඕනෑම සටනකට බහින්න සුපිරි ආයුධ දුන්නා. අපිත් ගේමකට බැස්‌සොත් මරාගෙන මැරිලා හරි ඉස්‌සරහටම ගියා මිසක්‌ ආපස්‌සට හැරිල නෑ. අපෙන් විදූෂාට අවශ්‍ය වෙලා තිබුණෙත් එච්චරයි. විදූෂාත් සටනට බැස්‌සට පස්‌සෙ වෙන නායක, නායිකාවො වගේ පිටිපස්‌සේ ඉඳලා අණ දුන්නේ නෑ. හැම වේලාවේම හිටියේ පෙරමුණේ. විදූෂාට මරණ බය කියන එක දැනෙන්නේම නෑ. එයාගේ ඉලක්‌කය සතුරා විනාශ කිරීම විතරයි. අපිත් ඒක දැනගෙන සටනට බැස්‌සේ ජීවිතය ගැන බලාපොරොත්තු අතහැරලා. අපි ජීවිත දානය දෙන්නෙ ජාතිය වෙනුවෙන් කියලා හිතට ධෛර්ය අරගෙන.

මම මුලින්ම සටනට බැස්‌සෙ පරන්තන් හමුදා කෑම් එකට ඇටෑක්‌ කරන්න. අපි පනහක්‌ විතර සටනට බැස්‌සා. අපිට උදව්වට එල්.ටී.ටී.ඊ. සාමාජිකයනුත් පනහක විතර කණ්‌ඩායමක්‌ සටනට සම්බන්ධ වුණා. පාන්දර 2 ට විතර තමයි කෑම්ප් එකට ඇටෑක්‌ කරන්න පටන් ගත්තේ. සටන මෙහෙයුවේ විදූෂා. එළිය වැටෙනකොට හමුදා කෑම් එක අපේ යටතට ගත්තා. ඒ සටනේදී හමුදාවේ ගොඩක්‌ මැරුණා. ටිකක්‌ පසු බැහැලා ගියා. අපේ මැරුණේ දහ දෙනයි. මෙහෙයුම ගොඩක්‌ සාර්ථක වුණේ හමුදාව කිසිම විදිහකින් නොහිතන විදිහට සටන ප්ලෑන් කරලා තිබුණු නිසා. ඒ සටන සාර්ථකව කරපු නිසා අපිට පදක්‌කම් පැළඳුවා. චුන්ඩිකුලම් එල්.ටී.ටී.ඊ. කඳවුරේ තිබුණු ඒ උත්සවයට ප්‍රධාන ආරාධිතයා විදිහට ආවේ ප්‍රභාකරන්. එදා තමයි මම පළමු වතාවට ප්‍රභාකරන්ව දැක්‌කේ. ප්‍රභාකරන් තමයි අපිට පදක්‌කම් පැළඳුවේ. එදා ප්‍රභාකරන් අපි එක්‌ක හොඳට කතා කළා. අපිටත් හරි සතුටුයි. අපේ මොරාල් තවත් වැඩි වුණා.

අපි නිතරම මෙහෙයුම්වලට ගියේ නෑ. හොඳටම සැලසුම් කරලා තමයි ගේමකට බැස්‌සේ. ඊට අමතරව අපේ බළකායේ ටීම් හදලා හමුදා බංකර්වලට ඇටෑක්‌ කරන්න දැම්මා. එක ටීම් එකකට පස්‌ දෙනයි. ඒ ටීම්වලට පැවරුණු රාජකාරිය රෑට හමුදා බංකර්වලට ඇතුළු වෙලා බංකරේ ඉන්න අයගෙ බෙල්ල කපන්න. අපි ගෙනිච්ෙච් පිස්‌ටල් එකයි. පිහියයි විතරයි. ඒ මෙහෙයුමත් ගොඩක්‌ සාර්ථක වුණා. හමුදාවේ අයට හිතා ගන්න බැරි විදිහට අපේ කෙල්ලො ගේම දුන්නා. ඒත් එක තැනකදී මට වැරැදුනා. දවසක්‌ කිලිනොච්චියේ එල්.ටී.ටී.ඊ. බෝඩරේ කිට්‌ටුව තිබුණු හමුදා බංකරයකට ඇටෑක්‌ කරන්න අපි සැලසුම් කළා. රෑ 11 ට විතර බංකරය කිට්‌ටුවට ගියා. බංකරේ හමුදාවේ තුන් දෙනෙක්‌ ඉන්නවා අපි දැක්‌කා. එක්‌කෙනෙක්‌ නිදා ගන්නවා. දෙන්නෙක්‌ ඇහැරිලා හිටියා. අපි ටාගට්‌ කළේ එක පාරටම අපි දෙන්නෙක්‌ දෙන්නගේ බෙල්ලට පනින්න. බංකරයට කිට්‌ටු කරලා පාන්දර තුන විතර වෙනකම් කුරුමානම් අල්ලගෙන හිටියා. හරියටම ටාගට්‌ එක අරගෙන බංකරයට කිට්‌ටු කරනකොටම මාත් එක්‌ක ගිය අනිත් කෙනාට චරස්‌ ගාලා කොළයක්‌ පෑගුණා. ඒ ශබ්දයට බංකරේ හිටපු එක්‌කෙනෙක්‌ µයර් කළා. මගේ කකුලට වෙඩි වැදුණා. මම දන්නේ එච්චරයි. ඒත් අපේ ටීම් එකේ කෙල්ලෝ මාව දාලා ඇවිල්ලා නෑ. කොහොම හරි කර ගහගෙන කැලෙන් පැනලා ඇවිත්.

එදා පාන්දරම මාව පුදුකුඩිඉරුප්පු එල්.ටී.ටී.ඊ. රෝහලට අරගෙන ගිහින් ඔපරේෂන් කරලා තිබුණා. පුදුකුඩිඉරුප්පු ඉස්‌පිරිතාලේ එල්.ටී.ටී.ඊ. පාලන ප්‍රදෙAශවල තිබුණු හොඳ රෝහලක්‌. එල්.ටී.ටී.ඊ. නායකයන් ලෙඩ දුක්‌වලට, හදිස අනතුරුවලදී වැඩියෙන්ම ප්‍රතිකාර ගත්තේ ඒ රෝහලෙන්. දක්‍ෂ වෛද්‍යවරු හිටියා. ඕනෑම සැත්කමකට අවශ්‍ය උපකරණ තිබුණා. මගේ වාසනාවට කකුලට හරියට වෙඩි වැදිලා තිබුණේ නෑ. ඒත් කකුල කපන්නෙ නැතුව බේරගත්තේ බොහෝම අමාරුවෙන්. කකුල සනීප වුණාට පස්‌සෙ මාව එල්.ටී.ටී.ඊ. වෛද්‍ය බළකායට ඇතුළත් කළා. එතැන අවුරුද්දක්‌ විතර ඉන්නකොට ආයෙමත් විදුෂා බළකායට දැම්මා. ඒ සිද්ධිය වුණේ 2000 අවුරුද්දේ. එතැන ඉඳලා යුද්දේ අවසාන වෙනකම් හිටියේ එල්.ටී.ටී.ඊ. සන්නද්ධ අංශයේ. මහා කැලෑවල බංකර්වල. වැඩිය සටන්වලට ගියෙත් නෑ. ඔහොම ටික කාලයක්‌ යනකොට එල්.ටී.ටී.ඊ. සංවිධානය ටිකෙන් ටික පිරිහෙන්න පටන් ගත්තා. බලය ලබා ගන්න නායකයො අතර නිතරම ගැටුම් ඇති වුණා. එල්.ටී.ටී.ඊ. සංවිධානය පිරිහෙන්න ප්‍රධාන හේතුව වුණේ ඒක. ඒ එක්‌කම සාමාජිකයන්ගේ විනය බිංදුවට වැටුණා. බංකර්වලට හරියට කෑම ටිකවත් ලැබෙන්නේ නැතිව ගියා. මහා කැලේ බංකර් ඇතුලේ ගස්‌වල ගෙඩි කලා අපි දවස ගෙවලා තියෙනවා. එහෙම දවස්‌වලට යුද්ධ කරන්න තියා කෙලින් ඉන්නවත් පණ නෑ. අපේ හිතේ හයියටම තමයි හිටියේ.

කැලේටම හුරු වෙච්ච අපේ සාමාජිකයෝ ටිකෙන්, ටික සත්තු වගේ හැසිරෙන්න පටන් ගත්තා. අපි එල්.ටී.ටී.ඊ. යට බැඳුණු මුලදී ඇහැක්‌ ඇරලා නොබලපු සාමාජිකයෝ කෙල්ලන්ව පාවිච්චි කරන්න පටන් ගත්තා. ඒත් විදුෂාට තියෙන බයට අපේ බළකායේ කෙල්ලෝ ගාවට කවුරුවත් කිට්‌ටු වෙන්න ආවේ නෑ. අනිත් කාන්තා බළකායන්වල සාමාජිකාවන්ට කැලේ ඇතුළෙදී ගොඩක්‌ හිරිහැර වුණා. සමහර කෙල්ලෝ කරදර ඉවසන්න බැරිව පැනලා ගියා. එහෙම පැනලා ගියා කියලත් වැඩක්‌ වුණේ නෑ. සතියක්‌ යනකොට කොයි දීපංකරේ හිටියත් හොයාගෙන ඇවිත් පනිෂ්මන්ට්‌ දීලා බංකර්වලට දානවා. ඒ නිසා පැනලා යන්න මම නම් හිතුවේවත් නෑ. දිගටම සටන් බිමේ හිටියා.

එල්.ටී.ටී.ඊ. සංවිධානය තුළදී කාන්තාවන්ට වෙන අසාධාරණකම් ගැන විදුෂා අක්‌කා මුලදී ඉහළ නායකයන් දැනුවත් කළා. ඒත් ඒ අය කණකට ගත්තේ නෑ. ‘උන්ට ප්‍රශ්නයක්‌ නැති නම් අපිට මොකද? උඹලට මොනවහරි හිරිහැරයක්‌ කරන්න ආවොත් කිසිම දෙයක්‌ බලන්න එපා ඉවරයක්‌ම කරලා දාපල්ලා. ඉතුරු ටික මම බලා ගන්නම්…’ කියලා අපිට විදූෂා අක්‌කා උපදෙස්‌ දීලා තිබුණා. ඒත් කවුරුවත් එහෙම කරන්න ගියේ නෑ. කෙල්ලෝ, කොල්ලෝ හිතවත්කම් ඇති කර ගත්තා. එහෙම සම්බන්ධකම් ඇති කරගත්ත සමහර අය කසාද බැන්දා. තව අය බඳින්නේ නැතුව එකට හිටියා. එල්.ටී.ටී.ඊ. යට ඒක සාමාන්‍ය දෙයක්‌ වුණා. අන්තිමේ එල්.ටි.ටී.ඊ. සංවිධානයේ විනාශයට ඒකත් එක හේතුවක්‌ වුණා. යුද්දේ අවසානම කාලේදී ඉරණපාලේදී මම හමුදාවට භාර වුණා.

‘ඔයාලා ඇවිත් අපෙන් විස්‌තර අරගෙන යයි. ඊට පස්‌සේ ගමේ අය අහන ප්‍රශ්නවලට උත්තර දෙන්න වෙන්නෙ අපිට… දැනටමත් කී දෙනෙක්‌ මේ පැත්තට ඔළුව දාගෙන ගියාද…? තල් වැටට උඩින් පාර දිහා බලාගෙන සිටි සුමදි අපට එසේ කීවාය.

කතාව සැබෑය. අප සුමදිලාගේ නිවසට ඇතුළු වූ මොහොතේ සිට තරුණයන් දෙතුන් දෙනෙක්‌ යතුරුපැදිවලින් තුන්හතර වතාවක්‌ම ඇයගේ නිවස අසලින් එහෙට මෙහෙට ගියහ. ඒ යන සෑම අවස්‌ථාවකම යතුරු පැදියේ වේගය අඩු කර සමුදිලාගේ නිවස හොඳින් විපරම් කරන අයුරු අපගේ ද ඇස ගැටිණි.

‘බයිසිකල්වලින් එහාට, මෙහාට යන්නෙ කවුද… ඔයාලා අඳුරනවද…’ නැවත අපි සුමදිට කතා කළෙමු.

‘එහෙම අඳුරන්නේ නෑ. අපි අඳුරන්නේ නැති මිනිස්‌සු කොච්චර නම් මේ ගම්වල ඉන්නවද… අපි ඒ මිනිස්‌සු ගැන හොයන්න යන්නේ නෑ. අපිට අනුන්ගේ දේවල් වැඩක්‌ නෑ. අපිට ඕනෑ පාඩුවේ ජීවත් වෙන්න. මේ කඳවුරෙන් මිදිලා අපේම තැනකට යන්න.

යුද්දේ ඉවර වෙලත් දැන් කොච්චර කාලයක්‌ වෙනවද… අපි තවම අනාථ කඳවුරුවල. අපේ ප්‍රශ්න ගැන අහන්න කවුරුවත් නෑ. ඔයලාත් අපි ළඟට ඇවිත් අහන්නෙ පරණ දෙවල්. ඇයි අපේ ප්‍රශ්න ගැන කතා කරන්නේ නැත්තේ… මේ කඳවුරේ පවුල් හතළිස්‌ දෙකක්‌ ජීවත් වෙනවා. ඒ හැම පවුලක්‌ම මේ ටකරන් මඩුවල ජීවත් වෙන්නේ කැමැත්තෙන් නෙමෙයි. යන්න තැනක්‌ නැති නිසා. අපටත් ජීවිත අලුතින් පටන් ගන්න ඕනෑ. ඒත් මේ විදිහට කඳවුරක හිර වෙලා ජීවිත අලුතින් පටන් ගන්න බෑ. දුක්‌විඳලා මැරිලා යන්න වෙන්නේ. මට තවම අවුරුදු තිහයි. වයසෙන් භාගයක්‌වත් ගෙවිලා නෑ. මමත් කැමතියි කසාදයක්‌ කරගෙන දරු මල්ලොත් එක්‌ක ජීවත් වෙන්න. ඒත් මෙහෙම කඳවුරුවල හිර වෙලා දරුවෝ හදාගෙන උන්ටත් දුක්‌ දෙන්න බෑ. කාලයක්‌ම මේ ටකරන් මඩුවල විඳින දුක දන්නේ අපි විතරයි. හරියට වතුර ටිකක්‌ නෑ. ටොයිලට්‌ උතුරලා නාහයක්‌ තියාගෙන ඉන්න බෑ. වහින කාලෙට වතුරෙන් යට වෙනවා. ඇයි මේ ප්‍රශ්න ගැන කවුරුවත් කතා කරන්නේ නැත්තේ. දෙමළ විමුක්‌තිය ගැන කතා කරන අපේ නායකයෝ කිසිම දවසක මේ කඳවුරකට ඇවිල්ලා අපේ ප්‍රශ්න ගැන කතා කරලා නෑ. ඒ අයට ඕනා අපිව ඉත්තන්ට තියාගෙන බලය තරකර ගන්න. සැප විඳින්න… අපේ දුක ලෝකයට කියන්න… එතකොට හරි අපිට සහනයක්‌ ලැබෙයි. ඔයලාට ඒක පිනක්‌…’ නැවතත් සුමදිගේ දෙනෙත් තල් වැටෙන් ඈතට පාවිණි. අපගේ දෙනෙත් පමණක්‌ නොව දෙපා ද කඳවුර වටා ඇවිද ගියේය.

කාලයක්‌ ගිනි ගොඩේ ජීවත් වූ ඔවුහු යුද්ධයේ අවසානයෙන් පසු ටකරන් මඩුවල තැම්බෙන්නාහ. අදටත් එහෙමය. ඔවුන් විඳින දුක අපි දෑසින් දුටුවෙමු. උතුරා ගිය වැසිකිළිවල දුගඳට අපේ ඉහ මොළ රත් වී හිස කකියන්ට විය. අනාථ කඳවුරේ කඳුළු බී දුක වදාළන පීඩිත මිනිසුන්ගේ දුක ලේ නහර කිලිපොළා යන තරමට සුමදි අපට කීවාය. ඒ කතාව ඇයගේ වචනයෙන්ම අපි රටට කීවෙමු. ඉදිරියට වෙන දේ ගැන දැන් අපි බලා හිඳිමු.

විග්නේෂ්වරන් සාම හමුදාවක්‌ ඉල්ලයි

විග්නේෂ්වරන් සාම හමුදාවක්‌ ඉල්ලයි

කීර්ති වර්ණකුලසූරිය

උතුරේ නිසි පාලනයක්‌ නැති බව දක්‌වමින් එක්‌සත් ජාතීන්ගේ සාම හමුදාවක්‌ මේ රටට ගෙන ඒමේ අරමුණින් උතුරු මහ ඇමැති සී. වී. විග්නේශ්වරන් උතුරට ජාත්‍යන්තර මැදිහත්වීම ලබා දෙන්නැයි පොදු රාජ්‍ය මණ්‌ඩල කටයුතු පිළිබඳ නියෝජ්‍ය ඇමැතිනී ජොයිස්‌ ඇනෙලි සාමිවරියගෙන් ඉල්ලා ඇත. එහෙත් විග්නේශ්වරන්ගේ මෙම ඉල්ලීම කෙරේ බ්‍රිතාන්‍ය ඇමැතිනිය ප්‍රතිචාර දක්‌වා නැත.

උතුරට ජාත්‍යන්තර මැදිහත්වීමක්‌ ලබාදෙන ලෙස කළ ඉල්ලීමට සමගාමීව උතුරේ ශ්‍රී ලංකා හමුදාව රැඳී සිටීම ගැන ද විග්නේශ්වරන් ඇයට පැමිණිලි කර ඇත.

උතුරු මහ ඇමැතිවරයා මෙම ඉල්ලීම කර ඇත්තේ එක්‌සත් ජාතීන්ගේ ආර් 2 පී නමැති ක්‍රමවේදයට අනුවය.

මෙම ක්‍රමවේදය යටතේ රටක ජනතාව ආරක්‍ෂා කිරීමට රජයට නොහැකි නම් ඊට ජාත්‍යන්තරව මැදිහත්වී එක්‌සත් ජාතීන්ගේ සාම හමුදාවක්‌ එවීමට එක්‌සත් ජාතීන්ගේ සංවිධානයට බලය හිමි වේ.

උතුරේ ක්‍රියාත්මක වන ආවා ගෲප් කල්ලියේ ක්‍රියාකාරකම්වලට මුවාවී විග්නේශ්වරන් එම ඉල්ලීම කර ඇත.

මෙයට පෙර කොළඹ රාජ්‍ය නොවන සංවිධානයක ක්‍රියාකාරිනියක වූ රාමා මානි එක්‌සත් ජාතීන්ගේ හමුදාවක්‌ මෙරටට ගෙන ඒමට දැරූ උත්සාහය ව්‍යර්ථ වූ අතර ඇයව රටින් පිටුවහල් කර තිබේ.

මේ අතර උතුරේ ආරංචි මාර්ග පැවසුවේ ආවා ගෲප් කල්ලියට සම්බන්ධ බවට සැකකර අත්අඩංගුවට ගත් 10 දෙනා අතර විග්නේශ්වරන්ගේ දෙමළ පිබිදීම ව්‍යාපෘතියේ ක්‍රියාකාරියකු ද සිටින බවයි.

ලංකාව දෙකඩ කර උතුරේ වෙනම රටක් හදන්න උපරිම සහය දෙනවා – බ්‍රිතාන්‍ය ලේබර් පක්ෂය කියයි

ලංකාව දෙකඩ කර උතුරේ වෙනම රටක් හදන්න උපරිම සහය දෙනවා – බ්‍රිතාන්‍ය ලේබර් පක්ෂය කියයි

ශ්‍රී ලංකාවේ ද්‍රවිඩ ජනතාවට ස්‌වයං පාලනය ලබාදී ඔවුනට වෙනම රටක්‌ ස්‌ථාපිත කිරීමේ යෝජනාවට බ්‍රිතාන්‍යයේ විරුද්ධ පක්‍ෂය වූ ලේබර් පක්‍ෂයේ පූර්ණ සහාය දක්‌වන බව ලේබර් පක්‍ෂ නායක ජෙරමි කොර්බින් ප්‍රකාශ කර ඇත.

බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවැති ටැමිල්ස්‌ ෆො ලේබර් සංවිධානයේ සමුළුව අමතමින් ඔහු මේ බව සඳහන් කර තිබේ.

ස්‌වයංපාලනය සඳහා ද්‍රවිඩ ජනතාවට ඇති අයිතියද ලේබර් පක්‍ෂය පිළිගන්නා බව ජෙරම් කෝර්බිස්‌ තවදුරටත් ප්‍රකාශ කර ඇත.

ශ්‍රී ලංකාව දෙකඩ කළ යුතු යෑයි කෝර්බින් පැවසූ අවස්‌ථාවේ එම සමුළුවට සහභාගි වූ ඊළාම්වාදීන් අත්පොළසන් දෙමින් සතුට පළකර ඇත. මෙම සමුළුවට ලේබර් පක්‍ෂයේ මන්ත්‍රීවරුන් 26 ක්‌ පැමිණ ඇත. ලේබර් පක්‍ෂයේ නිල නොවන විදේශ ලේකම් හිලරි බෙන්, සියොට්‌හාන් මැන්ටොනා, චුනා උඩුනා, ජෝන් මැක්‌ඩොනල් සහ කෙවින් වාස්‌ද සමුළුව අමතා ඇත.

ටැමිල්ස්‌ ෆො ලේබර් සමුළුවට චැනල් ෆො අධ්‍යක්‍ෂ කැලම් මැක්‌රේ සහ හිටපු බී.බී.සී. වාර්තාකාරිනී ප්‍රාන්සස්‌ හැරිසන්ද මේ අවස්‌ථාවට සහභාගි වී තිබේ.

කීර්ති වර්ණකුලසූරිය

Categories

Balawegaya Flickr Photos

Different countries have visited this site

Free counters!