//

කොටි බල වඩන පුජකයෝ

This category contains 130 posts

කොටි මහාවිරු සමරුව මැද කරුණා අම්මාන් අත්අඩංගුවට

කොටි මහාවිරු සමරුව මැද
කරුණා අම්මාන් අත්අඩංගුවට

කීර්ති වර්ණකුලසූරිය

ශ්‍රී ලංකා යුද හමුදාවේ භටයන් රැසක්‌ වෙඩි තබා ඝාතනය කරන ස්‌ථානයේ තමා ද සිටි බවත් එම අවස්‌ථාවේ තමා ළඟ කැලෂිනකෝව් අවියක්‌ තිබූ බවත් කොටි බෝම්බ නිෂ්පාදකයකු වූ සෂිකුමාර් කනපතිපිල්ලේ පසුගිය සතියේදී කැනඩා අධිකරණය ඉදිරියේ ප්‍රකාශයක්‌ කරමින් පවසා තිබුණි. එහෙත් ඝාතනයට ලක්‌වූ සෙබලුන්ගේ සිරුරුවලට කුමක්‌ සිදු කළේද යන ප්‍රශ්නය ඔහුගෙන් ඇසීමට නීතිවේදීන් ඉඩ දුන්නේ නැත. ඒ ඔහු යුද අපරාධවලට හසුවන නිසාය. යුද හමුදා භටයන් ඝාතනය කරන අයුරු බලා සිටි බවට හිටපු කොටි බෝම්බ නිෂ්පාදකයා කළ හෙළිදරව්ව ගැන කැනඩාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයද අවධානය යොමු කළේ නැත. කනපතිපිල්ලේ සෂිකුමාර් තමා බස්‌ රථ පිපිර වීමට බිම්බෝම්බ නිපදවූ බවද පිළිගෙන ඇත. අද ඔහු කැනඩා රජයෙන් දේශපාලන රැකවරණ පතා ඇත. කොටි යුද අපරාධකරුවන්ගේ පැටිකිරිය මෙලෙස හෙළිවන අවස්‌ථාවේ කොටි ඝාතකයන්a සැමරීම පසුගිය 27 දා රටවල් කීපයකදී සිදුවිය. බ්‍රිතාන්‍ය රජය කොටි සංවිධානය තහනම් කර ඇතත් තෙරේසා මේ අගමැතිනිය යටතේ මියගිය කොටි ත්‍රස්‌තයන් සැමරීමට ලන්ඩන් පොලිසිය අවසර දී තිබුණි.

ලන්ඩන් නුවර එලිසබෙත් රැජින උද්‍යානය වෙන්කරගත් බ්‍රිතාන්‍ය ඊලම්ජාලය මියගිය කොටි ත්‍රස්‌තයන් රැසකගේ ඡායාරූපවලට මල්මාලා පලඳවමින් ඝාතකයන් සැමරීමට ක්‍රියා කළහ. එම කොටි උත්සවයේදී ශ්‍රී ලංකාවේ 2/3 ක්‌ ඊළම් රාජ්‍යයට අයත් බවට පිළිබිඹු කෙරෙන විශාල සිතියමක්‌ද ප්‍රදර්ශනය කෙරුණි. එහෙත් තහනම් සංවිධානයක ත්‍රස්‌තයන් සැමරීමට ඉඩ දෙන්නේ මන්දැයි ශ්‍රී ලංකා මහ කොමසාරිස්‌ කාර්යාලය බ්‍රිතාන්‍ය බලධාරීන්ගෙන් විමසුවේ නැත. එසේම ලන්ඩන් නුවර ඊළම් ඩයස්‌පෝරාවේ වෙළෙඳසල්වල ද කොටි ධජය ඔසවා තිබුණි. මෙලෙස ඊළම් ඩයස්‌පෝරාව ප්‍රසිද්ධියේ කොටි ඝාතන කණ්‌ඩායම සමරන අවස්‌ථාවේ 2015 වසරේ නොවැම්බර් මස ඊළම් ඩයස්‌පෝරා සංවිධාන අටක සහ කොටි ක්‍රියාකාරීන් 269 කගේ තහනම රජය ඉවත් කර තිබුණි. බ්‍රිතාන්‍ය ද්‍රවිඩ සංසදය හා කැනඩා ද්‍රවිඩ කොන්ග්‍රසය, ඕස්‌ටේ්‍රලියානු ද්‍රවිඩ කොන්ග්‍රසය, ගෝලීය ද්‍රවිඩ සංසදය, කැනඩා ද්‍රවිඩයන්ගේ ජාතික කවුන්සිලය, ද්‍රවිඩ ජාතික කවුන්සිලය, ද්‍රවිඩ තරුණ සංවිධානය සහ ලෝක ද්‍රවිඩ සම්බන්ධීකරණ කමිටුව යන සංවිධානවල තහනම එලෙස ඉවත් කරනු ලැබීය.

මේ පසුබිම මැද ලන්ඩන් නුවර කොටි සැමරුම හෙවත් මහා විරු සමරුව සංවිධානය කළ පිරිස කවුදැයි අනාවරණය කිරීමට ඊළම් ඩයස්‌පෝරාව ක්‍රියා කළේ නැත. එහෙත් ලන්ඩන් ආරංචි මාර්ග දැක්‌වූයේ ගෝලීය ද්‍රවිඩ සංසදයේ සහ බ්‍රිතාන්‍ය ද්‍රවිඩ සංසදයේ ක්‍රියාකාරීන් එම සමරුවට සහභාගිවූ බවයි.

ලන්ඩන් කොටි සමරුවට සමගාමීව උතුරේ විවිධ ස්‌ථානවලද කොටි සමරුව පැවැත්වීමට ක්‍රියා කර ඇත. ප්‍රභාකරන්ගේ මස්‌සිනා වූ එම්. කේ. සිවාජිලිංගම් ඇතුළු පිරිසක්‌ කෝපායිහි 51 වැනි බළසේනා මූලස්‌ථානය ඉදිරියේ ගිනි මැලයක්‌ දල්වමින් කොටින්ව සැමරීමට ක්‍රියා කළේ හමුදාවට අවමන් වන ලෙසිනි. එසේම කිලිනොච්චියේ කනකපුරම්හි කොටි හිතවාදීන් කැඩුණු කොටි ස්‌මාරකවල කැබලි එක්‌කර ස්‌මාරකයක්‌ ස්‌ථාපිත කර සැමරීමේ උත්සවය පවත්වා ඇත. යාපනය විශ්වවිද්‍යාලයේ කොටි හිතවාදීන් ප්‍රභාකරන්ගේ උපන් දිනය හා මියගිය කොටින්ව සැමරීමට ක්‍රියා කරනු ලැබීය. ප්‍රභාකරන්ගේ පෝස්‌ටර් විශ්වවිද්‍යාලය තුළ ද අලවා තිබූ බව හෙළි විය. කොටි ඝාතකයන් සැමරීම ගැන ප්‍රකාශයක්‌ කළ උතුරු පළාත් සභා මන්ත්‍රිනී ආනන්දිසසිකරන් ද්‍රවිඩයන් තම විරුවන් සැමරීම වැළැක්‌වීමට කිසිවකුටත් නොහැකි යෑයි කියා සිටියාය.

මියගිය කොටින් සැමරීම සම්බන්ධව කොටි හිතවාදීන් ප්‍රකාශයක්‌ කරමින් යාපනය විශ්වවිද්‍යාල සිසුන් පසුගිය සිකුරාදා සමරුව පැවැත්වූ බවත් ඊට බාධාවක්‌ එල්ලවූයේa නැතැයි සඳහන් කළේය. මෙහිදී යාපනය විශ්වවිද්‍යාලයෙන් ජාත්‍යන්තරයට පණිවුඩයක්‌ ද නිකුත් කර ඇත.

එහි මෙලෙස සඳහන් වී තිබේ.

ද්‍රවිඩ ඊළම් අරගලයේ විරුවන් ඊළම් ද්‍රවිඩයන්ගේ ස්‌වෛරීභාවය යටත් කර දීමට සූදානම් නැත. කිසිම විරුවෙක්‌ අරගලය පාවාදී නැත. ඊළම් ද්‍රවිඩයන්ගේ ස්‌වෛරීභාවය සහ නිදහස ගැන එකඟත්වයක්‌ ද ඇති නොවේ.

මේ පණිවුඩය ප්‍රකාශයට පත් කර ඇත්තේ යාපනය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය සංගමයේ නායකයායි.

කොටි ඝාතකයන් සැමරීම සම්බන්aධයෙන් ද්‍රවිඩ සංධාන මන්ත්‍රී එස්‌. ශ්‍රීධරන් ද මෙලෙස පවසා ඇත.

මහවිරුවන් සිය දිවි පුද කළේ ශුද්ධ වූ අරමුණක්‌ වෙනුවෙනි. මෙදින අපට ශුද්ධ වූ දිනයකි.

මෙම ප්‍රකාශය කළ ශ්‍රීධරන් විවාහ වී සිටින්නේ යාපනය කොටි හමුදා නායකයාව සිටි තීපන්ගේ සොහොයුරිය සමගය. මේ අතර යාපනයෙන් පළ වන සියලුම ද්‍රවිඩ පුවත්පත් ප්‍රභාකරන්ගේ ඡායාරූප පළ කරමින් කොටි සමරුවට විශාල ප්‍රචාරයක්‌ ලබාදී තිබිණි.

එහෙත් උතුරේ¨ මාධ්‍ය එක්‌වී සැමරීමට ක්‍රියා කළේ මිනිස්‌ ඝාතන සිදු කළ රුදුරු ත්‍රස්‌තයන් නොවේද?

මේ ඊට නිදසුන් ය.

1. වව්නියාවේ මහකච්චිකුඩි සහ මාමඩුව අතර ධාවනය වූ බස්‌ රියකට බෝම්බ අටවා 30 ක්‌ ඝාතනය කිරීම.

එම ඝාතනයට ලක්‌වූවන්ගේa අවමඟුලට යමින් සිටි ගම්වාසීන් රැගත් බස්‌ රියට කාල බෝම්බයක්‌ අටවා 20 ක්‌ ඝාතනය කිරීම.

2. හේරත්මිල්ලෑව, තම්මැන්නාව සහ නිකවැව ගම්මානවලට ප්‍රහාර එල්ල කර ගම්වැසියන් 30 ක්‌ මරා දැමීම.

3. තම්මැන්නාවේදී බිම් බෝම්බයක්‌ පුපුරුවා හැරීමෙන් පාසල් ළමුන් ඇතුළු 9 ක්‌ ඝාතනය කිරීම.

4. ගෝනමරියාවේ ශ්‍රීපුර පිරිවෙනේ අධිපති හිමියන් ඝාතනය කිරීම.

5. මහානිකවැවදී ගම්වැසියන් 12 ක්‌ මරා දැමීම.

6. කෝන්ගොල්ලෑවේදී පැති බෝම්බ අටවා 76 ක්‌ ඝාතනය කිරීම.

එහෙත් රජයේ මුදල් ප්‍රතිපාදන මත පවත්වාගෙන යන යාපනය විශ්වවිද්‍යාලයේ ආර්ථික දෙපාර්තමේන්තුවේ බිත්තියේ කොටි සමරුව සම්බන්ධ පෝස්‌ටර් අලවා තිබුණි. එසේම උදයන්, වාලම්පුරි සහ කලෙයිකතිර් යන යාපනයේ පුවත්පත් ඝාතක ප්‍රභාකරන්ගේ ඡායාරූපය පළ කරමින් කොටි සැමරීමට දිරිගන්වා තිබුණි.

වවුනියා නගර සභාවේ පොංගු තමිල් ස්‌මාරකය ඉදිරියේදී වවුනියා පුරවැසි කණ්‌ඩායම නමැති සංවිධානය මියගිය කොටි ත්‍රස්‌තවාදීන්ව සමරා ඇත. මෙයට අමතරව නැගෙනහිර විශ්වවිද්‍යාලයේ සිසුන්ද සහය දක්‌වමින් කොටි ඝාතක සමාගම සැමරීමට එක්‌වී තිබිණි. ආරක්‍ෂක ලේකම් කරුණාසේන හෙට්‌ටිආරච්චි පැවසුවේ එම සිදුවීම් ආරක්‍ෂක අමාත්‍යාංශයේ විෂය පථයට අයත් නැති බවයි.

මෙලෙස උතුරු සහ නැගෙනහිර ප්‍රදේශයේ සහ විදෙස්‌ රටවල් කීපයක කොටි සැමරීම සිදුවන අවස්‌ථාවේ පොලිස්‌ ජීප් රියක්‌ අවභාවිතා කළ බවට චෝදනා එල්ල කර පොලිස්‌ විශේෂ කාර්ය බළකායේ හිටපු අණදෙන නිලධාරියකු වූ විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්‌පති කේ. එල්. එම්. සරත්චන්ද්‍ර පොලිස්‌ විශේෂ විමර්ශන ඒකකය විසින් පසුගිය 23 දා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රිමාන්ඩ් භාරයට පත් කර තිබුණි.

ඔහු කොටි ත්‍රස්‌තවාදීන්ට එරෙහි මෙහෙයුම් රැසකට දායක වූ නිලධාරියෙකි. විශේෂ කාර්ය බළකායට අයත් වාහනයක්‌ භාවිතා කිරීම නිසා රුපියල් 146690 ක පාඩුවක්‌ රජයට සිදුවී ඇති බවට ඔහුට චෝදනා එල්ලවී තිබිණි.

ඔහු අත්අඩංගුවට ගැනීම ගැන ප්‍රංශයේ ඊළම්වාදියකුට කිරුබාහරන් සතුය පළ කර ඇත.

එහෙත් පොලිස්‌ සහ හමුදා වාහන කොපමණ සංඛ්‍යාවක්‌ අවභාවිතා වන්නේ ද යන්න කොළඹ නගරය තුළ විමර්ශනයක්‌ සිදු කළහොත් දැකගත හැකිය. මෙහිදී පොලිස්‌ විශේෂ විමර්ශන ඒකකය හිටපු විශේෂ කාර්ය බළකා ප්‍රධානියාව අත්අඩංගුවට ගනු ලැබුවේ නොවැම්බර් 21 සිට 27 තෙක්‌ කොටි මහාවිරු සමරුව පැවැත්වෙන සමයේදී වීම විශේෂ සිදුවීමකි.

එසේම හිටපු නියෝජ්‍ය පොලිස්‌පතිවරයාට එරෙහිව පැමිණිලිකර තිබුණේaද විශේෂ කාර්ය බළකායේ ප්‍රධානියෙකි. මෙම සිද්ධිය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ අවධානයට පවා යොමු වී තිබුණි. එහෙත් බරපතළ අවමානයක්‌ සිදුවූයේ විශේෂ කාර්ය බළකායටය. ඒ කොටි ත්‍රස්‌තයන් සමරන සමයේ සරත්චන්ද්‍ර මහතා අත්අඩංගුවට පත්වීමයි. මේ අතර නැගෙනහිර හිටපු කොටි හමුදා නායකයාව සිටි විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් ද පසුගිය අඟහරුවාදා දහවල් කොළඹ මූල්‍ය අපරාධ අංශය විසින් අත්අඩංගුවට ගනු ලැබීය. වාහනයක්‌ අවභාවිත කිරීමේ සිද්ධියක්‌ සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට කැඳවා තිබූ කරුණා අත්අඩංගුවට ගැනීමේ සිද්ධිය ඉතා වේගයෙන් ඊළම් ඩයස්‌පෝරාව වෙත පැතිර ගියේය. පසුගිය ඔක්‌තෝබර් මාසයේදී රජය සතු රුපියල් ලක්‍ෂ 70 ක්‌ වටිනා ජීප් රියක්‌ භාවිතා කිරිමේ චෝදනාව ඔහුට එල්ල විය. එම ජීප් රියද මූල්‍ය අපරාධ අංශය මඩකලපුවේ ගරාජයක තිබියදී සොයා ගැනිණි. ප්‍රභාකරන්ගේ කොටි සංවිධානය දෙකඩ කර 2004 මාර්තු 2 වැනිදා කොටි සංවිධානයෙන් ඉවත් වූ කරුණාට එරෙහිව මාර්තු 6 දා කොටි නායකත්වය යුද්ධ ප්‍රකාශ කළේය. කරුණාව අල්ලා ගැනීම සඳහා ප්‍රභාකරන් විසින් ස්‌වර්නම් ජිම්කෙළි, තාත්තා වැනි කොටි හමුදා නායකයන් නැගෙනහිරට එවූ නමුත් ඒ කිසිවකුටත් ඔහු අල්ලා ගැනීමට නොහැකි විය.

විනයාගමූර්ති මුරලිදරන් ඉන්පසුව තමිල් මක්‌කල් විදු තලායි පුලිකල් පක්‍ෂය පිහිටුවීමට ක්‍රියා කළේය. 2009 මාර්තු 09 දා රජයේ ඇමැතිවරයකු ලෙස දිවුරුම් දුන් විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණාට වසර ගණනකට පෙර තිරුකෝවිල් ප්‍රදේශයේදී පොලිස්‌ භටයන් 600 ක්‌ ඝාතනය කිරීමේ චෝදනාව එල්ල විය.

“පොලිස්‌ භටයන් ඝාතනය වන සමයේ මම වන්නියේ සිටියා. පොට්‌ටු අම්මාන්ගේ නියෝග මත එම පොලිස්‌a භටයන් ඝාතනය කළේ නැගෙනහිර විශේෂ හමුදා නායකයාව සිටි රමේශ් යෑයි කරුණා අප කළ විමසීමේදී අනාවරණය කළේය.

” ප්‍රභාකරන් යුද්ධ කිරීම ගැන කිsසිදු දෙයක්‌ දැනගෙන සිටියේ නැහැ. ජය සිකුරු මෙහෙයුමට බියවී වන්නියෙන් පලා යැම ට උත්සාහ කළ අවස්‌ථාවේ මම නැගෙනහිර සිට ජෙයනාදන් බළකාය රැගෙන වන්නියට ගොස්‌ ප්‍රභාකරන්ව බේරාගත්තා” යෑයි කරුණා කියා සිටියේය.

ශ්‍රී ලංකා රජය සමග ඔස්‌ලෝ ගිsවිසුම අත්සන් කරන ලෙස මට ඇන්ටන් බාලසිංහම් නියෝග කළා. ඔහු වෙව්ලන අතින් එම ගිවිසුමට අත්සන් කිරීමෙන් පසු සාම නියෝජිත කණ්‌ඩායමට සහභාගි වූ රුද්රකුමාරන් ඒ බව ප්‍රභාකරන්ට දැනුම්දී තිබුණා. මම ශ්‍රී ලංකාවට පැමිණි පසු ප්‍රභාකරන් මාව වන්නියට කැඳවා උඹ ෙද්‍රdaහියෙක්‌. කවුද උඹට ගිවිසුමට අත්සන් කරන්න කිව්වේ’ යෑයි කියා කෑගැසුවා. මම ඔහුට කරුණු පැහැදිලි කිරීමට උත්සාහ කළත් ඔහු එය පිළිගත්තේ නැහැ. මහත්තයා (මහේන්ද්‍ර රාජා) මට ෙද්‍රdaහි වුණා. උඹත් ඒ ෙද්‍රdaහිකම මට කළා යෑයි ප්‍රභාකරන් පිපිරී පිපිරී කෑගැසුවා” යෑයි කරුණා හෙළි කළේය.

මහේන්ද්‍රරාජා ඝාතනය කළ අයුරින් ප්‍රභාකරන් තමාවද මරා දැමීමට සැලසුම් කරන බව තේරුම්ගත් කරුණා නැගෙනහිරට පැන ආවේය.

2004 මාර්තු 06 වැනිදා සිට 2009 මැයි 19 දා කොටි සංවිධානය විනාශ වනතුරු කරුණා අම්මාන්ව අල්ලා ගැනීමට හෝ මරා දැමීමට කොටින්ට නොහැකි විය.

එහෙත් අතු=රුගිරියේ නිවසක රැඳී සිටි කරුණාගේ සගයන් පිරිසක්‌ අමු අමුවේ ඝාතනය විය.

2007 නොවැම්බර් 2 දා ලන්ඩන් නුවරදී පොලිස්‌ අත්අඩංගුවට ගනු ලැබූ කරුණා සතුව තානාපති ගමන් බලපත්‍රයක්‌ තිබූ බව හෙළි විය. 2008 ජනවාරි 25 දා ලන්ඩන් අධිකරණය කරුණාට මාස නවයක සිරදඬුවමක්‌ නියම කරනු ලැබීය. අනතුරුව 2008 මැයි මස ඔහුට රැඳවුම් කඳවුරකට යවා ඇත. මේ සමයේදී ඇවනෙස්‌ටි ඉන්ටර්නැෂනල් සංවිධානය ඇතුළු රාජ්‍ය නොවන සංවිධාන කරුණා යුද අපරාධ සිදු කළ බවට චෝදනා කරමින් ඔහුට එරෙහිව නඩු විභාගයක්‌ පවත්වන ලෙස බ්‍රිතාන්‍ය රජයෙන් ඉල්ලා තිබිණි.

ඊට ප්‍රතිචාර දැක්‌වූ කරුණා කොටි සංවිධානය සිදු කළ යුද අපරාධ හෙළි කරන බවට තර්ජනය කිරීම නිසා රාජ්‍ය නොවන සංවිධාන ඇතුළු ඊළාම් ඩයස්‌පෝරාව නිහඬ විය.

2008 ජුලි 3 දා බ්‍රිතාන්‍ය රජය කරුණාව මෙරටට පිටුවහල් කරනු ලැබීය. තමා ලන්ඩන් නුවරට පැමිණියේ සිය බිරිය නිරා සහ දරු තිදෙනා බැලීමට යෑයි කරුණා පැවසුවත් අධිකරණය එම ප්‍රකාශය පිළිගත්තේ නැත.

2007 නොවැම්බර් 2 දා ලන්ඩන් පොලිසිය අත්අඩංගුවට ගත් විනයාගමූර්ති මුරළිදරන් ඊට වසර නවයකට පසු එනම් 2016 නොවැම්බර් 22 දා මූල්‍ය අපරාධ අංශය අත්අඩංගුවට ගැනීම ඔහුගේ දෛවයට එල්ලවූ සරදමක්‌ නොවේද?මෙහිදී කරුණාට එරෙහිව පැමිණිලි කළ පාර්ශ්වය හෙළි වූයේ නැත. එහෙත් අතීතය අමතක කළ යුතුද? අද සියලුම දේශපාලකයන් සහ පොලිස්‌ නිලධාරීන් නිදහසේ කටයුතු කරන්නේ වසර 12 කට පෙර කරුණා කොටි සංවිධානය දෙකඩ කර කොටිසංවිධානය බරපතළ අර්බුදයකට ලක්‌ කිරීම නිසාය.

“මා නැතිව ඔවුන්ට යුද්ධයෙන් ජය ලබන්න බැහැ” යෑයි කරුණා කියා සිටියේය. එදා කරුණා කොටින්ගෙන් වෙන් නොවූයේ නම් කොටි සංවිධානය අදටත් ක්‍රියාත්මක වේ. මූල්‍ය වංචා විමර්ශන අංශයක්‌ ස්‌ථාපිත වන්නේ ද නැත. එහෙත් අපේ දේශපාලකයෝ තමන්ට සැනසුම් සුසුම් හෙළීමට මග පාදා දුන් කරුණා අමතක කර ඇත. ප්‍රභාකරන් වසර ගණනකට පෙර පැවසුවේ සිංහලයන්ට සතියකට පසු සැමදේම අමතක වන බවයි. එය සැබෑවකි. කොටි හිතවාදීන් හා ද්‍රවිඩ සංධානයේ දේශපාලකයන් එදා කරුණා හැඳින්වූයේ දොaහියකු ලෙසිනි. කරුණා අම්මාන් අත්අඩංගුවට ගැනීම ගැන යුරෝපයේ කොටි වෙබ් අඩවි පැවසුවේ සිsංහල රජය මුල්වරට කරුණා අත්අඩංගුවට ගත් බවයි.

සිංහල කමක්‌ කොයින්ද ?

සිංහල කමක්‌ කොයින්ද ?
මඩකලපුවේ සිංහලයන්ට
බඩ ඉරිඟු ඇටයක්‌වත් වවන්න දෙන්නේ නැහැ

මඩකලපුව මංගලාරාම විහරස්‌ථානයේ විහාරාධිපති අම්පිටියේ
සුමනරතන හිමියන් කියති

වෙහෙර විහාර ඉදිකිරීම සහ අලුත්වැඩියා කිරීම නවත්වන්න
උතුරු පළාත් සභාව පනතක්‌ සම්මත කරගත්තා

අම්පිටියේ සුමනරතන හිමි යන නම ඇසෙත්ම අපට සිහිවෙන්නේ මඩකලපුව මංගලාරාමය විහරස්‌ථානයයි. නැඟෙනහිරින් අතුගාවන්නට හදන බෞද්ධ උරුමය රැකගන්නට උන්වහන්සේ මහත්වූ වෙහසක්‌ ගනිමින් සිටින්නේය. ඇතැම් විට සිංහල ජනයා වෙනුවෙන් දැඩිසේ හඬ නඟන උන් වහන්සේ නිරන්තරයෙන්ම අන්දෝලනයක්‌ ඇතිකළ හිමි නමකි, මේ ‘ඉරිදා දිවයින’ සමග උන් වහන්සේ දොඩමළු වූ ආකාරයයි.

ප්‍රශ්නය – ඔබ වහන්සේ මඩකලපුව මංගලාරාමයට පැමිණෙන සමයේ තත්ත්වය කෙබඳුද?

මම මඩකලපුව මංගලාරාමයට පැමිණෙද්දී මංගලාරාමය මුළුමනින්ම විනාශ කරලා. ආවාසගේ බුදAධ මන්දිරයේ පිළිම වහන්සේට පවා බෝම්බ ගහලා විනාශ කරලායි තිබ්බේ. බෝධීන් වහන්සේ කපලා කොටලා දාලා තිබ්බා. යුද්ධය උපරිමයෙන් තියෙද්දි මම මංගලාරාමය නැවත ගොඩ නඟන්න කටයුතු කළා. අපේ රණ විරුවෝ කොටි ප්‍රහාරවලට ලක්‌ව මගේ දෑතේ මියගිය අවස්‌ථාවත් තිබුණා. මම රණවිරුවන්ටත් ශත්කියක්‌ වෙමින් ත්‍රස්‌තවාදීන්ගේ තාඩන පීඩන මැද දිගටම මංගලාරාමය රැකගනිමින් සිටියා.

ප්‍රශ්නය – මඩකලපුවේ එදා සහ අද සිංහල ජනතාවගේ තත්ත්වය කොහොමද?

ඉස්‌සර මඩකලපුව දිස්‌ත්‍රික්‌කයේ සිංහලයන් හතළිස්‌ දහසකට අධික ප්‍රමාණයක්‌ සිටියා. නමුත් අද මඩකලපුව නගරයේ තිබෙන පන්සලේ ඉන්න අපිට දන් හැන්දක්‌ බෙදන්න දායකයන් කවුරුවත් නැහැ. යුද්ධ කාලයේ කොටසක්‌ මැරුවා. ඉතිරි අය පණ බේරාගෙන 85,87 කාලයේ ගියා. ඒරාවුර් නගරයත් මේ ආකාරයෙන් සිංහලයන්ගෙන් තොර වුණා. දැන් කෙවිලියාමඩුව, මංගලගම, සිප්පිමඩුව, දිවුලපොතන ආදී ගම් කිහිපයක දහසක්‌ පමණ ප්‍රමාණයක්‌ තමයි සිටින්නේ. 2002 සාම ගිවිසුම් කාලයෙත් ඉන් පසුව යුද්ධය නිමාවූ පසුත් සිංහල ජනයා තමන්ගේ පදිංචි ස්‌ථාන සොයන් ආවා. නමුත් එතකොට ඒ ඉඩම් නිවාස දෙමළ සහ මුස්‌ලිම් ජනයා අත්පත් කරගෙන වෙනස්‌ කරලා. මේවා අත්පත් කරගන්න රාජ්‍ය නිලධාරීන්ට කොච්චර කීවත් ලිපි ලේඛන දුසිම් ගණන් දුන්නත් ඔවුන් කිසිවෙක්‌ මෙම සිංහල ජනයාට සිදුවූ අසාධාරණය ගැන කිසිදු පියවරක්‌ ගන්නේ නැහැ.

ප්‍රශ්නය – මඩකලපුව මහ දිසාපතිතුමිය මේ ගැන දැනුවත් කළේ නැද්ද?

වසර කිහිපයක සිට ඇය මඩකලපුව රාජකාරි කටයුතු කරනවා. නමුත් සෑම වසරකම අවස්‌ථා කිහිපයක්‌ මෙම මඩකලපුව සිංහල ජනයා විඳින දුක සහ මඩකලපුව සිංහල ජනයා වෙසෙන ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා කිසිදු පියවරක්‌ නොගැනීම පිළිබඳව ඇයව දැනුවත් කරනවා. උපවාස උද්ඝෝෂණ කරා. නමුත් සිංහල ජනතාවගේ ගැටලුවලට කිසිම විසඳුමක්‌ නැහැ.

ප්‍රශ්නය – මීට සති කිහිපයකට ඉහතදී ඔබ වහන්සේ මංගලගමදී ග්‍රාමසේවා නිලධාරිවරයකුට තදින්ම බැණ වදිනවා. ඒක භික්‌ෂුන් වහන්සේ කෙනකුට ඔබින්නේ නැහැ නේද?

මම භීක්‌ෂුවක්‌ විදිහට කටයුතු කරනවා. මට කිලෝ මීටර් 80 ක්‌ 90 ක්‌ යනකම් බෞද්ධයෙක්‌ නැහැ. ඒදා ඒ ගම්මානවලට මායිම් ගම්මාන කිව්වා. මම ඒ අසරණ සිංහල ජනයා වෙනුවෙන් මැදිහත් වෙලා පදිංචි කරවා ගත්තා පුළුවන් උදව්වක්‌ කරන්නම් කියලා. මම එදා ඉඳන් මේ දක්‌වාම වග කිවයුත්තන්ට මේ ගැටලුව ගැන දැනුවත් කළා. නමුත් මේ ජනතාව පිsළිබඳ පට්‌ටිපොළ, වෙල්ලාවලි ආදී ප්‍රාදේශීය ලේකම් කාර්යාල නිලධාරීන් දරන්නේ වෙනත් මතයක්‌.

අපේ ජනතාව මෙම ප්‍රදේශවලින් පන්නා දාන්න හදද්දී, ජනතාවගේ ගැටලුවලට විසඳුමක්‌ නැතිවුණාම, අඩුම තරමින් සමෘද්ධි කුපනයක්‌ නොදීම, ග්‍රාම සේවක වාර්තාවක්‌ ලබා නොදීම, හැඳුනුම්පතක්‌ ලබා ගැනීමට නොහැකිවීම, වසර තිහ හතළිහක්‌ වගා කළ ඉඩම් තණ භූමි කියලා අල්ලා ගන්න හදද්දී ඒවාට කිසිම බලධාරියෙක්‌ කතා කරන්නේ නැහැ. ඒ වෙලේ තමන්ට සිදුවූ අසාධාරණය වෙනුවෙන් එම ජනතාව පාරට බැහැලා උද්ඝෝෂණ කරන විට අපටත් මැදිහත් වෙන්න වෙනවා. ඒ මොහෙතේ අදාළ නිලධාරීන් පැමිණ තමන්ගේ මතයේ දැඩිව සිටිද්දී ඇතැම් වේලාවට මේ වන මහා අසාධාරණකම් හමුවේ මගේ මුවින් තද වචන පිටවූ අවස්‌ථාත් තිබෙනවා ඒ මොනදේ කරන්නෙත් මේ අසාධාරණයට පිළිසරණක්‌ නොමැති වූ විටයි. බලධාරින්ට හොඳින් කියලා ලියුම් පිට ලියුම් දීලා බැරිම වූ විට, අපේ ජනතාවට උසාවි දමලා පිටවෙන්න නියෝග දෙන්නට මේ නිලධාරීන් කටයුතු කරද්දී අපටත් නීති කඩන නිලධාරීන්ට හට හොඳින් කතා කරලා බැරිම තැන අපට කතා කරන්න ඉතිරි වෙලා තියෙන්නේ අකමැත්තතෙන් හරි ඒ විදිහටයි.

දැනට මඩකලපුව පොලිස්‌ බල ප්‍රදේශයේ බුදුපිළිම තැන්පත් කිරීම තහනම් කරලා මට අධිකරණයෙන් වාරණ නියෝගයක්‌ කරලා තියෙනවා. සිංහල ජනතාව පදිංචි කිරීම තහනම් කරලා තියෙනවා. ප්‍රදේශීය ලේකම් කාර්යාලවලට යන්න බැරි වෙන්න තහනම් නියෝග මට කරලා තියෙනවා. ඔය දේවල් මතක්‌ වෙන වේලාවට මගේ කටින් නොකිය යුතු දේවල් කියවෙනවා. ඇතැමුන් මට පිස්‌සු කියලත් කියනවා.

ප්‍රශ්නය – දැනට සති කිහිපයකට කලින් කරදියන්ආරු ප්‍රදේශයේදී සිදුවුණේ කුමක්‌ද? ඇත්තටම එතන පැරණි බෞද්ධ පුදබිමක්‌ද?

මට දැනගන්න ලැබුණා වසර සියදහස්‌ ගාණක්‌ පැරණි පුද බිමක්‌ විනාශ කරලා තියෙනවා කියලා. මම ගිහින් බලද්දී ගල් කණු, සිරිපතුල් ගල් ආදී ඉපැරණි පුරා වස්‌තු ඩෝසරයකින් ගලවලා ගොඩ ගහලා. ඉපැරණි දාගැබක්‌ මුදුනින් කණු සිටුවලා කටුකම්බිවලින් වැට ගහලා. එම පුදබිම සීසාල වී වපුරලා ඒ හැම තැනම ඉපැරණි ගඩොල් කැටයි පුරා වස්‌තුයි විසිරිලා තියෙනවා. මේ ස්‌ථානයට සිදුකර තිබෙන හානිය දැක්‌කාම මම දැඩි කම්පනයට පත් වුණා. එම නිසා මම එතනට කුඩා මඩුවක්‌ හෝ සකසා ආරක්‌ෂා කරන්න ගියා. එතකොට පොලිසියෙන් මට එතෙනට ඇතුළුවීම වළක්‌වන්න තහනම් නියෝගයක්‌ ගෙනාවා. මම එතන හිටියොත් මාව අත්අඩංගුවට ගන්නවා කීවා. මම කිවා කමක්‌ නැහැ මාව අත්අඩංගුවට ගන්න. මාත් එක්‌කම මේ ස්‌ථානය විනාශ කළ පිරිසත් අත්අඩංගුවට ගන්න කියලා. ඒ අය අත්අඩංගුවට ගන්න විදිහක්‌ නැහැ කියලා පොලිසියයි, පුරා විද්‍යාවයි කිව්වා. ඕක තමයි සැබෑ තත්ත්වය. අද පුරා වස්‌තු ආරක්‌ෂා කරන්න යන අය අත්අඩංගුවට ගන්න හදනවා. පුරා වස්‌තු වනසන අය රකිනවා. මේක තමයි තත්ත්වය. පස්‌සේ මම කරදියන්ආරු පොලිසියට මෙම පුරා වස්‌තු හානිය පිළිබඳව පැමිණිලි කළා. නමුත් අද වෙනකම් කිසිවෙක්‌ අත්අඩංගුවට ගත්තේ නැහැ.

අපේ සිංහල ජනතාවට බඩගින්න නිවාගන්න බඩ ඉරිඟු ඇටයක්‌ ඉන්දන්න දෙන්නේ නැහැ. තණ භූමි කියලා පන්නන්න හදනවා. හැබැයි අපේ රජමහා විහාර ඩෝසර් කරලා වී වපුරද්දී බලධාරීන් නිහඬ වෙලා ඉන්නවා.

ප්‍රශ්නය – පසුගිය යුද සමයේ ද එසේ නැතිනම් සාමය උදාවූ පසුද නැඟෙනහිර පළාතේ පුරා වස්‌තුවලට වැඩි වශයෙන් හානි සිදුවූයේ?

වෙලාවකට හිතනවා යුද්ධය තවමත් තිබ්බා නම් හොඳයි කියලා. පසුගිය යුද සමයේ මෙම පුරා වස්‌තුවලට විශාල හානියක්‌ වුණේ නැහැ. පසුගිය රජය සමයේ සිංහල, දෙමළ මුස්‌ලිම් යන සැම ජන කොට්‌ඨාසයටම ඒ සමයේ රාජකාරි කටයුතු සිදුවුණා. නමුත් ඒ සමයෙත් මඩකලපුවේ සිංහලයන්ට යම් අසාධාරණයක්‌ සිදුවුණා. ඒවා ඒ රජය විසඳුවානම් අද මේ අකාරයෙන් මඩකලපුව සිංහල ජනයා දුක්‌ විඳින්නේ නැහැ. නමුත් ඒ සමයේ පොලිසියට ආරක්‌ෂක අංශ, රටේ ජනතාව යන සියල්ලටම එක්‌ වුණා. රට ජාතිය රැකගන්න සියලු දෙනාම එකට එකතු වුණා. නමුත් ඒක දැන් වෙනස්‌ වෙලා. අද බොහෝ දෙනකුට රට ජාතිය ආගම ගැන හැඟීමක්‌ නැති වෙලා තියෙනවා. ඒ වාගේම යුද්ධයෙන් පස්‌සේ පුරා වස්‌තු සංහාරයක්‌ සිදුÊ වෙමින් තියෙනවා. ඉතිං මට වේලාවකට හිතෙනවා යුද්ධය තිබ්බානම් මේ ආකාරයෙන් නැඟෙනහිර පුරා වස්‌තුවලට මේ තරම් දැන් හානියක්‌ සිදුවෙන්නේ නැහැ කියලා.

ප්‍රශ්නය – මේ වන විට ඔබ වහන්සේට විරුද්ධව ඇතැම් අය මඩකලපුවේ විරෝධතාවන් දක්‌වනවා. ඇයි එහෙම විරෝධතාවක්‌ ඔබ වහන්සේට විරුද්ධව ඇති වෙලා තියෙන්නේ.

පසුගියදා උතුරු පළාත් සභාවේ වැඩි ඡන්දයෙන් පනතක්‌ සම්මත කරගෙන තිබ්බා උතුරු නැඟෙනහිර පළාතේ වෙහෙර විහාර ඉදිකිරීම සහ අලුත්වැඩියා කිරීම නවත්වන්න. අම්පිටියේ සුමනරතන හෙවත් මාවත් ඉවත් කරන්න පනතක්‌ සම්මත කරගෙන තිබෙනවා. රටේ ජනාධිපති, අගමැති, පොලිස්‌පති ඇතුළු පිරිස එය නිවරැදි කරගන්න කිසිම පියවරක්‌ ගත්තේ නැහැ. පසුගිය දිනවල දෙමළ ග්‍රාමසේවා නිලධාරිවරු සහ ටී.එන්.ඒ. සංවිධානයේ පිරිස්‌ මට එරෙහිව විරෝධතාවන් පවත්වා තිබෙනවා. ඊට අමතරව මේ වන විට මට විරුද්ධව නඩු 33 ක්‌ මඩකලපුවේ දිස්‌ත්‍රික්‌කයේ විවිධ උසාවිවල පවරලා තියෙනවා. මමත් පවරපු නඩුත් එක්‌ක නඩු 48 ක්‌ ඒ අධිකරණවල විභාග වෙනවා. මේ වන විට මඩකලපුවේ දෙමළ සහ මුස්‌ලිම් ජනයා මාත් සමඟ සුහදව කටයුතු කළත් ටී.එන්.ඒ. වැනි අන්තවාදී සංවිධාන තමයි ඔවුන්ගේ ක්‍රියාකාරම් වලට මා බාධාවක්‌ නිසා මාව මඩකලපුවෙන් ඉවත් කරන්න හදන්නේ. ඒ අය තමයි සාමාන්‍ය ජනතාව මට විරුද්ධව කුලප්පු කරවන්න හදන්නේ.

ප්‍රශ්නය – ඔබ වහන්සේට මේ වන විට ජීවිත තර්ජන තිබෙනවාද?

දැඩි ජීවිත තර්ජනයක්‌ තියෙනවා. පසුගිය සති කිහිපයේ සිට මට දුරකථනය සහ අන්තර්ජාලය ඔස්‌ස්‌ දිගින් දිගටම ලෝකයේ විවිධ රටවලින් දුරකථන අංක දෙතුන් සියයකින් එකදිගටම ප්‍රභාකරන් මැරුණේ නැහැ යනුවෙන් පවසමින් මාව මරා දමන බවට දිගින් දිගටම තර්ජනය කළා. මම එහෙම තර්ජනය කළ දුරකථන අංක සියයකට වැඩියෙන් අදාළ තොරතුරු දීලා මඩකලපුව පොලිසියේ පැමිණිල්ලක්‌ද දැම්මා. පසුගිය 27 වැනිදා මාගෙන් රැකියාවක්‌ අවශ්‍ය බව පවසමින් සැකකටයුතු පුද්ගලයෙක්‌ මාව සොයාගෙන පන්සලට ආවාම ඒ පිළිබඳව සැක සිතී ප්‍රශ්න කිරීමේදී ඔහු පැවසූ උත්තර පරස්‌පරයි. ඒ නිසා මඩකලපුව පොලිසිය මගින් ඔහුව අත්අඩංගුවට ගෙන තිබුණා. ඒ නිසා මා කර හෝa මඩකලපුවෙන් සිංහල ජනයා පන්නා දැමීමට විවිධ කුමන්ත්‍රණයන් සිදුවෙනවා. ඔවුන් දන්නවා ඒ අයගේ අන්තවාදී කටයුතු මා මෙහි සිටිනා විට සිදු කිරීමට අපහසු බව.

ප්‍රශ්නය – ඔබ වහන්සේට මඩකලපුවේ හුදෙකලාවෙ සිට මේ ආකාරයෙන් කටයුතු කරන්නේ කොහොමද?

මම පැවිදි වෙලා වසර 33 ක්‌ වෙනවා. මම යුද්ධ කාලේ වැහෙන්නට ගිය විහරස්‌ථාන රැකගනිමින් විහරස්‌ථාන 22 ක්‌ ගොඩනැඟුවා. මඩකලපුව සිංහල ජනයා වෙනුවෙන් නිවාස 200 කට ආසන්න ප්‍රමාණයක්‌ ඉදිකළා. ළිං වැසිකිළි හදලා දුන්නා. වතුර පොදක්‌ ගන්න වැව් හදලා දුන්නා. ඒ අයට හැකි සෑම මොහොතකම මට පුළුවන් උපරිම ආකාරයෙන් උදව් උපකාර කළා. මඩකලපුවට පැමිණෙන ජනතාවට පා තියන්න පුළුවන් ආකාරයට මංගලාරාම විහාරස්‌ථානය සංවර්ධනය කළා. ඒ ආකාරයෙන් මට කිsරීමට හැකිවූයේ මේ ස්‌ථානය පිළිබඳ අවබෝධයක්‌ ලබා ගත් යම් පිරිසකගේ සහයෝගය නිසා. නමුත් මේ වනවිට යුද්ධයෙන් බැරිවූ ඊළම නැවත ගොඩනඟන්න කොටි හිතවාදීන් ප්‍රබලවම උත්සාහ දරන මේ මොහෙතේ මට විනාඩියෙන් විනාඩිය මරණ තර්ජන එන කාලයක රට ජාතිය ගැන කතා කරන බොහෝදෙනකු මඩකලපුව ගැන අවධානය නිසිසේ යොමු නොකිරීම කනගාටුවට කරුණක්‌.

මේ වන විට මට ලැබෙන සියලුම මුදල් මඩකලපුව විහාරස්‌ථානයේ සහ ජනතාව වෙනුවෙන් යොදවා තිබෙනවා. නමුත් ඉදිරියේදී මට ඒ වෙනුවෙන් කටයුතු කරන්න හැකියාවක්‌ නැතිව ගොස්‌ තිබෙනවා. සියලුම දේට මුදල් අවශ්‍ය මොහොතක මට ඒ ජනතාව වෙනුවෙන් රට ජාතිය ගැන කැක්‌කුමක්‌ තිබෙන හැඟීමක්‌ තිබෙන ඔබගේ සහයෝගය අවශ්‍යව තිබෙනවා. තව දුරටත් මාහට සිංහල ජනයා වෙනුවෙන් කළ මෙහවර කිරීම අපහසු වෙලා තිබෙනවා.

ප්‍රශ්නය – කොහොමද ඔබ වහන්සේට යම් සහයෝගයක්‌ දෙනවා නම් ලබා දිය හැක්‌කේ.

065 2222104, 077 1791883, 072 9902907 දුරකතන අංක ඔස්‌සේ මා සම්බන්ධ කරගෙන සහයක්‌ දිය හැකියි. ඒ සමගම මා කරනා මෙම සද්කාර්ය සඳහා ඔබ දායක වන්නේ නම් ශ්‍රී මංගලාරාම බෞද්ධ පදනමේ මඩකලපුව සම්පත් බැංකුවේ 1139 6100 2363 ගිණුම් අංකයට ඔබගේ සහයෝගය ලබා දෙන්න පුළුවන්.

ප්‍රශ්නය – යහ පාලන ආණ්‌ඩුව මගින් මඩකලපුව සිංහල ජනයාට සහනයන් දෙනවනේ.

සහජීවනයට මුවාවෙලා අන්තවාදීන් මේ වන විට සිංහල ජනයා ඉවත් කරලා නැඟෙනහිර බොදු උරුමය නැත්තටම නැති කරලා විනාශ කරලා දාමින් සිටිනවා. අපටත් අවශ්‍ය වෙලා තියෙන්නෙ සිංහල, දෙමළ, මුස්‌ලිම් ජනයා සමඟ සාමයෙන් සිටිය හැකි වටපිටාවක්‌. නමුත් අන්තවාදීන්ගේ වුවමනාවන් මත අහිංසක ජනතාව අවුස්‌සලා ඒ හරහා මේ වනවිට අන්තවාදීන් තමන්ගේ වැඩ හොඳින් කරගෙන යනවා. මේ වන විට මඩකලපුව සිංහල ජනයාට වත්මන් රජයෙන්ද කිසි සහනයක්‌ නොමැතිව කල්ලතෝනියන්ගේ තත්ත්වයට පත්ව තිබෙනවා. අසරණ සිංහලයා ගැන සහ විනාශ වන වසර සියදහස්‌ ගණනක අපේ උරුමය ගැන කතා කරද්දී අපිට ජාතිවාදී ලේබලය අලවනවා. එහෙම කරලා ඊළම ගැන කතා කරන ජාතිවාදීන්ව හුරතල් කරනවා යෑයි පවසමින් සුමනරතන හිමියෝ ‘ඉරිදා දිවයින’ සමඟ මඩකලපුවේ වත්මනේ සිංහලයාගේ ශෝකාන්තය පිsළිබඳ පවසා සිටියහ.

සුසන්ත අමර බන්දු

කුළු පොලු ජල ප්‍රහාරවලින් රණවිරුවාට කෘතගුණ සැලකීම

කුළු පොලු ජල ප්‍රහාරවලින්
රණවිරුවාට කෘතගුණ සැලකීම

රියර් අද්මිරාල්, ආචාර්ය සරත් වීරසේකර

කළගුණ සැලකීම යනු යමෙක්‌ තමන්ට උපකාරයක්‌ කළ විට ඊට ප්‍රත්‍යqපකාරයක්‌ කිරීම හෝ ඔහුට ගෞරවයෙන් යුතුව සැලකීමයි. තිලෝගුරු බුදුපියාණන් වහන්සේ තමන් බුදු වන විට පිටදුන් ශ්‍රී මහා බෝධියට පවා කෘතගුණ දක්‌වමින් (අනිමිසලෝචනයෙන්) එහි වටිනාකම සහ වැදගත්කම ලෝකයාට පෙන් වූ සේක. කෙනෙක්‌ව මරණයෙන් බේරා ගැනීම තරම් උපකාරයක්‌ තවත් ඇත්දැයි සිතා ගැනීමට නුපුළුවන. මන්ද අප සියලු දෙයක්‌ම කරන්නේ ජීවත්වීම උදෙසා බැවිනි. එම ජීවිතය කවුරුන් හෝ වනසා දමන්ට තැත් කරයිද ඒ අනතුරින් ජීවිත බේරා ගැනීම තරම් ” උපකාරයක්‌” වෙන තිබිය නොහැක. නමුත් සමස්‌ත ජනතාවම මරණයෙන් බේරාගෙන කරන ලද උපකාරයක්‌ සමස්‌ත ජනතාවම අද මුළුමනින්ම අමතක කර ඇති සෙයක්‌ පෙනේ නම් එය කෙතරම් ෙ€දජනකද?

ත්‍රස්‌තවාදය උත්සන්නව පැවැති සමයේ, දරුවන් පාසල් යෑවූ දෙමාපියන් නැවත දරුවා ගෙදර එනතුරු සිටියේ මහත් වූ භීතියෙනි. සැමියා වැඩට ගිය පසු ඔහු නැවත නිවස කරා එනතුරු බිරිඳ සිටියේ දෙලොවක්‌ අතරය. සැමියා සහ බිරිඳ දෙදෙනාම රැකියා කරන විට ඔවුන් දෙදෙනාම ගියේ වෙන වෙනමය. මන්ද එක වාහනයක යන විට එය බෝම්බයකට අසුවුවහොත් තම දරුවනට මවුපිය දෙදෙනාම අහිමි වන බැවිනි. ත්‍රස්‌තවාදයේ තරම එයයි. එදා රටේ සියලුම ජනතාව සිටියේ මරබියෙනි. ත්‍රස්‌තවාදය ඇතිවීමට පාදක වූ කරුණු සාධාරණද අසාධාරණද යන්න එදා ජනතාව විමසුවේ නැත. ඔවුනට අවශ්‍ය වූයේ ත්‍රස්‌තවාදය නැති කර දමා තමන්ට බියෙන් සැකෙන් තොරව ජීවත්වීමට ඇවැසි නිදහස ලැබා ගැනීමය.

ඒ නිදහස ලබාදුන්නේ කවුද? රණවිරුවාය. ඒ සඳහා රණවිරුවන් 29000 ක්‌ දිවි පිදූහ. 14000 ක්‌ පූර්ණ ආබාධිත තත්ත්වයට පත් වූහ. සෙසු රණවිරුවෝ තම පවුලේ නිදහස වසර ගණනාවක්‌ කැප කරමින් සටන්කොට ජීවත්වීමට වාසනාව ලැබූහ. එසේ නම් රණවිරුවෝ මෙවන් වූ උත්තරීතර කැපවීමක්‌ කළේ තමාට නිදහසේ ජීවත් වීමට නොව තම සහෝදර ජනතාවට නිදහසේ ජීවත් වීමටය. ඒ අනුව බලන කල එම “උපකාරය” තරම් වෙනත් උපකාරයක්‌ තවත් ඇත්ද? එවන් සුවිශේෂී වූ උපකාරයකට. ජනතාව කෘතගුණ සලකන ආකාරය ගැන අපට සෑහීමකට පත් විය හැකිද? තමන් වෙනුවෙන් අත පය, ඇස්‌ කන් අහිමි කරගත් ආබාධිත රණවිරුවන්ට එළවා එළවා රජය විසින් පහර දෙන විට එම කඳුළු ගෑස්‌, ජල ප්‍රහාර හමුවේ තම කෘත්‍රිම කකුල්ද ගලවා එහේ මෙහේ දුවන විට, ලේ ගලන තුවාල සහිතව වැටී සිටින විට, අප ඒ දෙස බලමින් නිකම්ම සිටියෙමු. ඊට පසුවදාවත් ජනතාවගෙන් ඊට විරුද්ධව කිසිදු බරපතළ චෝදනාවක්‌ නැඟෙනු අපට ඇසුණේ නැත දුටුවේ නැත.

මීට මාස කිහිපයකට පෙර නිදහස්‌ චතුරශ්‍රයේ ආරක්‍ෂක නියාමකවරුන් දෙදෙනෙක්‌ (සෙකියුරිටි ගාඩ්) තරුණ ජෝඩුවකට අත් අල්ලාගෙන එම ශාලාව තුළ යන්න එපා යෑයි කී විට මුළු ලංකාවේම යෞවන යෞවනියන් ඒ අසරණ ආරක්‍ෂක නියාමකවරුන් දෙදෙනාට එරෙහිව නැඟê සිටිය හැටි අපට මතකය. එක්‌තරා තරුණ ඇමතිවරයෙක්‌ද පැමිණ එම දෙදෙනාට තරයේ අවවාද කරනු රූපවාහිනිය තුළින් ජනතාවට දැක බලා ගත හැකි විය. එවන් වූ තරුණ පරම්පරාවක්‌ සිටින අපේ රටේ ආබාධිත රණවිරුවන්ට මෙලෙස ම්ලේච්ඡ අන්දමින් පහරදුන් විට එයට විරුද්ධව මුහුණු පොතේ පවා කිසිදු බැරෑරුම් ප්‍රකාශන හෝ රණවිරුවන්ට ලබා දිය යුතු සහයෝගය” අප දුටුවේ නැත. එය අප දකින්නේ ජාතියේම අවාසනාවක්‌ ලෙසිනි.

යුද හමුදාවට යුද සමයේ ස්‌වේච්ඡාවෙන් බැඳී වසර 12 ක්‌ ගෙවෙන්ට මත්තෙන් යුද බිමේදී බරපතළ තුවාල ලැබ අත පය අහිමි වු රණවිරුවන් යුද හමුදාවෙන් වෛද්‍ය හේතූන් මත ඉවත් වූ විට ඔවුනට මාසික වැටුප සහ දුබලතා දීමනාව ඔවුනට අවුරුදු 55 වනතුරු ලැබේ. නමුත් ඔවුන් සේවා විශ්‍රාම වැටුපට හිමිකම් කියන්නේ නැත. මන්ද ඔවුන් වසර 12 ක්‌ සම්පූර්ණ කර නොමැති හෙයිනි. සේවා විශ්‍රාම වැටුපට හිමිකම් නොලබන උක්‌ත රණවිරුවෙක්‌ හදිසියේ මිය ගියොත් එම බිරිඳට එතෙක්‌ රණවිරුවා ලැබූ වැටුප හෝ දුබලතා හෝ නොලැබේ. ලැබෙන්නේ සුළු වැන්දඹු සහ අනත්දරු වැටුපක්‌ පමණි. එම ආබාධිත රණවිරුවන්ගේ ඉල්ලීම වනුයේ තමාට වසර 12 ක සේවා කාලයක්‌ නැතත් තමන්ව සේවා විශ්‍රාම වැටුපට අනුයුක්‌ත කරන ලෙසයි. මන්ද ඔවුන් තුවාල වී ආබාධිත වූයේ නැතිනම් ඔවුන් දිගටම සේවයේ යෙදෙන නිසයි. ඔවුන් තුවාල ලැබුවේ රට වෙනුවෙන් සටන් බිමට ගිය නිසයි. ඔවුන් උදාහරණයක්‌ ලෙසින් දක්‌වා සිටින්නේ ආබාධිත වූ වසර 12 කට අඩු එවන් රණවිරුවෙක්‌ දියේ ගිලී මිය ගිය බවත් අද එම බිරිඳට හිමිව ඇත්තේ මසකට රු 3000/ක පමණ මුදලක්‌ බවත්ය. මන්ද සියලුම සෙබළුන් පාහේ නිවාස සෑදීමට සහ වෙනත් අවශ්‍යතාවන්ට ණය ලබාගෙන ඇති බැවින් රුපියල් 15,000 ක පමණ මුදලින් ණයවාරික කපා ගත් පසු ලැබෙන්නේ එවන් සුළු මුදලක්‌ බැවිනි. දරුවන් සිටින බිරිඳක්‌ එවන් තත්ත්වයකට පත් වුවහොත් ඇය මුහුණපාන තත්ත්වය එයයි. මෙම ආබාධිත සෙබළුන් එදින ඉල්ලා සිටියේ තමන්ගෙන් පසු තම පවුලට මුහුණ පෑමට වන එම අවාසනාවන්ත තත්ත්වයෙන් මුදවීමට තමන්වද සෙසු නිලයන්ට මෙන් සේවා විශ්‍රාම තලයේ තබන ලෙසයි.

අද වන විට මෙලෙස වසර 12 ක සේවා කාලය නැති ආබාධිත වූ ත්‍රිවිධ හමුදා සහ පොලිස්‌ නිලධාරීන් සිටිනුයේ තුන්දහසකට අඩු සංඛ්‍යාවකි. එබැවින් පසු ගිය රජය විසින් මොවුන්ට, පූර්වාදර්ශයක්‌ නොවන පරිද්දෙන්, එම සේවා විශ්‍රාම වැටුප කැබිනට්‌ මණ්‌ඩලය මගින් අනුමත කර ඇත්තේ 2014 වර්ෂයේ දෙසැම්බර් මස 11 වන දිනය. රජය වෙනස්‌ වීමත් සමඟ එය ක්‍රියාත්මක වීම අතපසු වූ බැවින් මෙම ආබාධිත රණවිරුවන් පසුගිය ජුලි මස කොටුව දුම්රිය පළට පැමිණ එම සහනය තමන්ට ලබාදෙන ලෙස ඉල්ලා සිටි විට දුමින්ද දිසානායක අමාත්‍යවරයා එතැනට පැමිණ මාස 3 ක කාලයකින් ප්‍රශ්නය විසඳන බවට දුන් පොරොන්දුව අනුව ඔවුන් එතැනින් විසිර ගියහ. තුන් මසක්‌ ඉකුත් වූ පසුත් මේ සම්බන්ධයෙන් පිළිතුරක්‌ තබා කිසිදු ප්‍රතිචාරයක්‌ හෝ නොලැබුණු බැවින් ඔවුනට නැවත එම උද්ඝෝෂණය ආරම්භ කිරීමට සිදු විය. උද්ඝෝෂණය ආරම්භ වූ පසු රජයෙන් කිසිදු නියෝජිතයෙක්‌ එතැනට පැමිණ ඒ පිළිබඳව සාකච්ඡා නොකරන ලදී. දින කිහිපයකට පසුව රණවිරුවන් කිහිප දෙනෙක්‌ මාරාන්තික උපවාසයක්‌ ආරම්භ කරන ලදී. ඊට දින කිහිපයකට පසුව ඉතිරි ආබාධිත රණවිරුවන් ජනාධිපති කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණය කරන විට ඊට සූදානම්ව සිටි පොලිසිය කඳුළු ගෑස්‌ සහ ජල ප්‍රහාර එල්ල කොට ඔවුන්ව පලවා හරින ලදී. ඉන් පසුව එම ප්‍රශ්නයට 2017 පෙබරවාරි මස විසඳුම දෙන බවට ලිතව ඔවුනට රජය මගින් දන්වා තිබිණ. ඒ වන විට ත්‍රස්‌තවාදීන් හා සටනින් ආබාධිත තත්ත්වයට පත්ව සිටි එම රණවිරුවන්ගෙන් දෙදෙනෙක්‌ බරපතළ තුවාල ලබා රෝහලට ඇතුළත් කර තිබිණ. ඒ ප්‍රභාකරන්ගෙන් නොව තමන්ගේම අයගෙන් එල්ල වුණු ප්‍රහාරයෙනි. ඒ ප්‍රශ්නය, එසේ නම් එසේ ඉතා ලෙහෙසියෙන් විසඳීමට තිබියදී දින ගණනාවක්‌ මෙම රණවිරුවන් මහ පාරේ කිසිදු පහසුකමක්‌ නැතිව රස්‌තියාදු කළේ ඇයි? ඒ ඔවුන්ට “පාඩමක්‌” ඉගැන්වීමටද?

මේ ප්‍රහාරය සම්බන්ධයෙන් ජනාධිපතිතුමා පවසන්නේ තමා ඒ පිළිබඳව කිසිත් නොදන්නා බවත් තමාට දුරකථනයෙන් හෝ දැන් වූයේ නම් එසේ පහරදීම කෙසේ හෝ වළක්‌වන බවත්ය. රටේ සේනාවිධායකට නොදන්වා එලෙස ආබාධිත රණවිරුවන්ට හිංසාකාරී ලෙස යමෙක්‌ සලකා ඇත්නම් එය රණවිරුවන්ට සේම ජනාධිපතිවරයාටද කරන ලද නිගරුවකි. මන්ද රණවිරුවන් සියල්ලන්ම සේනාවිධායක යටතේ සිටින සාමාජිකයන් බැවිනි. එබැවින් එම අදාළ පුද්ගලයන්ට විරුද්ධව ක්‍රියා මාර්ග ගනු ඇතැයි අපි අපේක්‍ෂා කරමු.

එම රජය බලයට පැමිණිදා පටන් රණවිරුවාට සැලකූ ඉතා පහත් ආකාරය ජනතාව හොඳින් දනී. එසේ කරනුයේ දෙමළ ඩයස්‌පෝරාවේ සිත් පිනවීමට බවද ඔවුන් දනී. මන්ද මෙම රජය බලයට පැමිණියේ දෙමළ බෙදුම්වාදී ඩයස්‌පෝරාවේ සහ දෙමළ බෙදුම්වාදී දේශපාලනඥයන්ගේ පූර්ණ සහයෝගය තුළින් නිසාය. බලයට පැමිණි වහාම රණවිරුවා අභූත චෝදනා ඉදිරිපත් කරමින් සිරගෙට යවන්නේද බරපතල අපරාධ සිදු කළ ත්‍රස්‌තයන් නිදහස්‌ කොට යවන්නේද එබැවිනි. අද රජය බටහිරේ සහ දෙමළ ඩයස්‌පෝරාවේ දේශපාලනඥයන්ගේ නූල්වලින් නැටවෙන රූකඩ බවට පත් වී හමාරය. එසේ කරනුයේ ජාතියේ සේම රණවිරුවාගේද අභිමානය පාවා දෙමිනි. පාර්ලිමේන්තුවේ බහුතරයක්‌ පවා නොමැති රනිල් වික්‍රමසිංහගේ ආණ්‌ඩුවට මෙසේ තමන් හිතුමතේ රට පාවා දීමට ක්‍රියා කිරීමට ජනතාව බලය දී නැත. එබැවින් ඊට විරුද්ධ වීමට අපට බලය තිබේ.

පසුගිය දින සියය තුළ රනිල් වික්‍රමසිංහ මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය පිහිටු වූයේද ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනට නොදන්වාය. ඒ බැව් ජනාධිපතිතුමා එදා පාර්ලිමේන්තුවේ කණ්‌ඩායම් රැස්‌වීමේදී ප්‍රකාශ කරන ලදී. ජනාධිපති එසේ තමාට නොදන්වා, මෙවන් වූ ඉතා බරපතළ සංවේදී දෙයක්‌ කළත්, එය අවලංගු කිරීමට කිසිත් පියවරක්‌ ගත්තේ නැත. වර්ෂ 2002 දී අගමැති රනිල් වික්‍රමසිංහ කොටි සංවිධානය ඉතා විශාල ලෙසින් ශක්‌තිමත් වීමට ඉඩදුන් ඊනියා සාම ගිවිසුම කොටින් සමඟ අත්සන් කළේද එවකට සිටි ජනපතිනිය චන්ද්‍රිකා බණ්‌ඩාරනායකට නොදන්වාය. රනිල් වික්‍රමසිංහ රට පාවාදීම සඳහා සියලුම දේ කරනුයේ ඒ ආකාරයටය.

මෙවරද ජිනීවා හිදී අපේ රණවිරුවන්ට විරුද්ධව සකස්‌ කරන ලද යුද අපරාධ චෝදනා අඩංගු වාර්තාව මංගල සමරවීර අමෙරිකාව සමඟ අගය කරමින් පිළිගත්තේ රනිල්ගේ උපදෙස්‌ මත ජනාධිපතිතුමාට නොදන්වා විය යුතුය. එම වාර්තාවේ අඩංගු රණවිරුවන්ට විරුද්ධව ඇති චෝදනා විභාග කිරීමට විදෙස්‌ විනිසුරුකරුවන්ගෙන් සමන්විත විශේෂ අධිකරණයටද මංගල සමරවීර එකඟ වී ඇත්තේ ජනාධිපතිට නොකියාය. මන්ද ඊට පසුව තමා කිසිසේත් විදෙස්‌ විනිසුරුකරුවන්ට ඉඩ දෙන්නේ නැතැයි ජනාධිපතිතුමා ප්‍රකාශ කළ බැවිනි. කරුණු එසේ වෙතත් ද්‍රවිඩ සන්ධානයේ සුමන්දිරන් ඊට පසුවදාම පුවත්පතට නිවේදනයක්‌ නිකුත් කරමින් කියා සිටියේ විශේෂ අධිකරණයේ විදෙස්‌ විනිසුරුවන් සිටීම සම්බන්ධව ඔහු (එනම් සුමන්දිරන්) ඇමෙරිකාව සහ රජය එක්‌ වී තීරණය කළේ දීර්ඝ සාකච්ඡාවකින් පසුව බවත් එබැවින් ජනාධිපතිවරයාට එය දැන් වෙනස්‌ කළ නොහැකි බවත්ය. එසේ නම් රනිල් වික්‍රමසිංහ රජය ත්‍රස්‌තවාදය විනාශ කළ රණවිරුවන් අනාගතය පිළිබඳ තීරණ ගැනීමට ඉඩදී ඇත්තේ ත්‍රස්‌තවාදයේම කොටි දේශපාලනඥයන්ටය. එයද ජනාධිපතිවරයාට නොදන්වාය.

ජනාධිපතිතුමන් විසින් එසේ නම් මේ පිළිබඳව බරපතළ ලෙස සිතිය යුතු කාලය එළඹ තිබේ. එතුමාගේම වදන් වලින් කියන ලෙස රටේ සිදු වන බොහෝ වැදගත් සිද්ධීන් සහ ගනු ලබන තීරණ පිළිබඳව එතුමා දැනගත්තේ පසුවදා පුවත්පත් වලිනි. එය දැන් විහිළුවක්‌ බවට පත් වී ඇති නිසා රටේ ජනාධිපති එසේ විහිළුකාරයෙක්‌ගේ තත්ත්වයට ඇද දැමූ රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා එයට වගකිවයුතු බැව් ජනපතිට අවබෝධ විය යුතු වේ. රණවිරුවන් සම්බන්ධයෙන් රජය විසින් ගත් සියලුම නින්දිත ක්‍රියාවන්හි වගකීම ලැබෙන්නේ ජනපතිටය. හිටපු ආරක්‍ෂක ලේකම් සහ හිටපු නාවික හමුදාපතිවරුන් තිදෙනා පදක්‌කම් පැළඳ සිටියදී පවා කුඩුකාරයන් ලගින කූඩුවේ ඇප ලැබෙන තුරු රඳවා සිටියේද ජනාධිපතිගේ දැනුමින් තොරවය. මම මේ බව දන්නවා නම් ආරක්‍ෂක ලේකම් සහ නාවික හමුදාපතිවරුන් උසාවියට දක්‌කාගෙන යන්න ඉඩ තියන්නේ නැහැ.” යෑයි ජනපති පැවසුවේ එබැවිනි. එසේ නම් රනිල් වික්‍රමසිංහ රජය රණවිරුවා සම්බන්ධයෙන් ගෙනයන මේ නින්දිත ක්‍රියා කලාපය නිසා ජනතාවගේ අප්‍රසාදය යොමු වන්නේ රනිල්ට නොව ජනාධිපතිටය. මෙය ජනපතිට විරුද්ධව කූට ලෙස ක්‍රියාත්මක වන කුමන්ත්‍රණයක්‌ බවද ජනපති අවබෝධ කර ගත යුතුවේ. මෙසේ රණවිරුවාද පාවාදෙමින් ජනපතිගේද ආවරණය ලබමින් ලක්‌ ඉතිහාසයේ සිදු වූ විශාලතම මුදල් වංචාවට වගකිව යුතු අගමැතිවරයා තනතුරින් නෙරපා හැරියහොත් ජනපතිගේ නමට ඉදිරියේදී සිදුවන මහා කැළලකින් යම්තාක්‌ දුරට හෝ මිදිය හැකි බැව් අපගේ විශ්වාසයයි.

අපේ රටේ, තම ජීවිතය පරදුවට තබා සටන් කළ රණවිරුවාට වර්තමාන රජය සලකන ආකාරයත් එයට ජනතාවගේ ප්‍රතිචාරයත් ඉතාම ශෝචනීය බැව් කිව යුතුය. අද එදා ප්‍රහාරයට ලක්‌ වූ එක්‌ ආබාධිත සෙබළෙක්‌ගේ එක්‌ ඇසක්‌ සම්පූර්ණයෙන්ම අන්ධ වී තිබේ. වර්ෂ 1996 දී මෝටාර් ප්‍රහාරයකට ගොදුරුව ඔහුගේ අනෙක්‌ ඇසෙහිද පෙනුම ඉතාම දුර්වල වී තිබිණ. මෙවන් තත්ත්වයක්‌ අද රණවිරුවාට අත්වීම සම්බන්ධයෙන් සමස්‌ත ජනතාවම ල-ජාවට පත්විය යුතුය.

අන් සියලුම රටවල් රණවිරුවන්ට සලකන්නේ මහත් වූ ගෞරවයෙනි. “කොමිසරි” නමින් ඔවුන් සඳහා වූ වෙනම සහන මිලට භාණ්‌ඩ අලෙවි වන වෙළෙඳසල් පවා තිබේ. ඕනෑම තැනක, කාර්යාලයක ඔවුනට ලැබෙනුයේ විශේෂ ස්‌ථානයකි. ගුවන් යානයක රණවිරු මගියෙක්‌ සිටී නම් ගමන ආරම්භ වීමට ප්‍රථම ගුවන් නියමුවා විසින් ” අද අපට සතුටු දිනයක්‌. අපේ යානයේ යුද විරුවෙක්‌ සිටිනවා.” යෑයි කියන විට අනෙකුත් සියලුම මගීන් අත්පොළසන් දී ඔහුට සිය ප්‍රණාමය පුද කරති. බොහෝ විට මේ සියලු “රණවිරුවන්” යුද්ධ කර ඇත්තේ තම රටේ නොව වෙනත් රටකය. තමාගේ රටේ ජනතාව බේරා ගැනීමට නොව වෙන රටක්‌ ආක්‍රමණය කිරීමටය. අපේ රටේ රණවිරුවා අත්පා අහිමි කරගත්තේ අපේ ජනතාව ත්‍රස්‌තයාගෙන් බේරා ගැනීමටය. දිවි පිදුවේ තමාගේ ජනතාවගේ දිවි ආරක්‍ෂා කිරීමටය. එවන් වූ රණවිරුවාට අද රටේ ලැබෙන තත්ත්වය මෙය නම් ඒ පිළිබඳව දේශප්‍රේමී ජනතාව දැන්වත් ඉදිරියට පැමිණිය යුතු කාලය එළඹ තිබේ. අපේ ජාතියේ අභිමානය සහ කළගුණ දත් ජාතියක්‌ ලෙස අප ලබා ඇති නාමය රැක ගත හැක්‌කේ ඒ අයුරිනි. එයට අප සැම එක්‌වෙමු.

කැලේට හුරුවෙච්ච එල්.ටී.ටී.ඊ. කොල්ලො සත්තු වගේ හැසිරෙන්න ගත්තා…

කැලේට හුරුවෙච්ච එල්.ටී.ටී.ඊ. කොල්ලො
සත්තු වගේ හැසිරෙන්න ගත්තා…

එල්.ටී.ටී.ඊ. ය ගැන ‘සුමදි’ කියන කතාව සුමුදු නැත…

තරංග රත්නවීර

ටික කාලෙකින් විනය බින්දුවටම වැටුණා…
සමහර කෙල්ලො කරදර ඉවසන්න බැරිව පැනලා ගියා…
හිරිහැර කරන්න ආවොත් ඉවරයක්‌ කරන්න කියලා විදූෂා අපිට කිව්වා…

සුමදි තරුණ කාන්තාවකි. වයස අවුරුදු තිහකි. හිරිමල් විය ප්‍රභාකරන්ගේ ඊළාම් සිහිනයට බිලි දී ඇති ඇය තාරුණ්‍ය කැප කර ඇත්තේ හමුදාව සමඟ යුද වදින්නය. මහා කැලෑවේ ගස්‌, ගල් යට තුවක්‌කු කර පින්නා ගෙන, සයිනයිඩ් කරල ගෙල දවටා ගෙන ජීවත් වූ ඇයගේ ජීවිතය බේරී ඇත්තේ පූරුවේ පිනකටය. එහෙත් ඇය දැන් අබ්බගාතය. හමුදාව සමඟ යුද වදිද්දී නොසිතූ මොහොතක ඇයගේ කලව ප්‍රදේශය පසාරු කරගෙන වෙඩි උණ්‌ඩයක්‌ ගොස්‌ය. ඇය කියන විදිහට සිරුරේ හැම තැනම මූනිස්‌සම් කෑලිය. යුද්ධයේ බිහිසුණු බව හොඳින් අත්විඳ ඇති ඇය ත්‍රස්‌තවාදී ජීවිතය ගැන කතා කිරීමට ද අකමැතිය. එහෙත් අපගේ පෙරැත්ත කිරීම මත ඇය ඒ කාලකණ්‌ණි අතීතය නැවත මතක්‌ කළාය. මේ ඇය කියන කතාවේ අවසාන කොටසය…

විදූෂාගේ බලකාය තමයි එල්.ටී.ටී.ඊ. සංවිධානයේ තිබුණු ‘සුපිරිම’ කාන්තා බළකාය. ඒ වගේම එල්.ටී.ටී.ඊ. නායකයෝ අපේ බළකාය ගැන හොඳ අවධානයෙන් හිටියා. ඕනෑම සටනකට බහින්න සුපිරි ආයුධ දුන්නා. අපිත් ගේමකට බැස්‌සොත් මරාගෙන මැරිලා හරි ඉස්‌සරහටම ගියා මිසක්‌ ආපස්‌සට හැරිල නෑ. අපෙන් විදූෂාට අවශ්‍ය වෙලා තිබුණෙත් එච්චරයි. විදූෂාත් සටනට බැස්‌සට පස්‌සෙ වෙන නායක, නායිකාවො වගේ පිටිපස්‌සේ ඉඳලා අණ දුන්නේ නෑ. හැම වේලාවේම හිටියේ පෙරමුණේ. විදූෂාට මරණ බය කියන එක දැනෙන්නේම නෑ. එයාගේ ඉලක්‌කය සතුරා විනාශ කිරීම විතරයි. අපිත් ඒක දැනගෙන සටනට බැස්‌සේ ජීවිතය ගැන බලාපොරොත්තු අතහැරලා. අපි ජීවිත දානය දෙන්නෙ ජාතිය වෙනුවෙන් කියලා හිතට ධෛර්ය අරගෙන.

මම මුලින්ම සටනට බැස්‌සෙ පරන්තන් හමුදා කෑම් එකට ඇටෑක්‌ කරන්න. අපි පනහක්‌ විතර සටනට බැස්‌සා. අපිට උදව්වට එල්.ටී.ටී.ඊ. සාමාජිකයනුත් පනහක විතර කණ්‌ඩායමක්‌ සටනට සම්බන්ධ වුණා. පාන්දර 2 ට විතර තමයි කෑම්ප් එකට ඇටෑක්‌ කරන්න පටන් ගත්තේ. සටන මෙහෙයුවේ විදූෂා. එළිය වැටෙනකොට හමුදා කෑම් එක අපේ යටතට ගත්තා. ඒ සටනේදී හමුදාවේ ගොඩක්‌ මැරුණා. ටිකක්‌ පසු බැහැලා ගියා. අපේ මැරුණේ දහ දෙනයි. මෙහෙයුම ගොඩක්‌ සාර්ථක වුණේ හමුදාව කිසිම විදිහකින් නොහිතන විදිහට සටන ප්ලෑන් කරලා තිබුණු නිසා. ඒ සටන සාර්ථකව කරපු නිසා අපිට පදක්‌කම් පැළඳුවා. චුන්ඩිකුලම් එල්.ටී.ටී.ඊ. කඳවුරේ තිබුණු ඒ උත්සවයට ප්‍රධාන ආරාධිතයා විදිහට ආවේ ප්‍රභාකරන්. එදා තමයි මම පළමු වතාවට ප්‍රභාකරන්ව දැක්‌කේ. ප්‍රභාකරන් තමයි අපිට පදක්‌කම් පැළඳුවේ. එදා ප්‍රභාකරන් අපි එක්‌ක හොඳට කතා කළා. අපිටත් හරි සතුටුයි. අපේ මොරාල් තවත් වැඩි වුණා.

අපි නිතරම මෙහෙයුම්වලට ගියේ නෑ. හොඳටම සැලසුම් කරලා තමයි ගේමකට බැස්‌සේ. ඊට අමතරව අපේ බළකායේ ටීම් හදලා හමුදා බංකර්වලට ඇටෑක්‌ කරන්න දැම්මා. එක ටීම් එකකට පස්‌ දෙනයි. ඒ ටීම්වලට පැවරුණු රාජකාරිය රෑට හමුදා බංකර්වලට ඇතුළු වෙලා බංකරේ ඉන්න අයගෙ බෙල්ල කපන්න. අපි ගෙනිච්ෙච් පිස්‌ටල් එකයි. පිහියයි විතරයි. ඒ මෙහෙයුමත් ගොඩක්‌ සාර්ථක වුණා. හමුදාවේ අයට හිතා ගන්න බැරි විදිහට අපේ කෙල්ලො ගේම දුන්නා. ඒත් එක තැනකදී මට වැරැදුනා. දවසක්‌ කිලිනොච්චියේ එල්.ටී.ටී.ඊ. බෝඩරේ කිට්‌ටුව තිබුණු හමුදා බංකරයකට ඇටෑක්‌ කරන්න අපි සැලසුම් කළා. රෑ 11 ට විතර බංකරය කිට්‌ටුවට ගියා. බංකරේ හමුදාවේ තුන් දෙනෙක්‌ ඉන්නවා අපි දැක්‌කා. එක්‌කෙනෙක්‌ නිදා ගන්නවා. දෙන්නෙක්‌ ඇහැරිලා හිටියා. අපි ටාගට්‌ කළේ එක පාරටම අපි දෙන්නෙක්‌ දෙන්නගේ බෙල්ලට පනින්න. බංකරයට කිට්‌ටු කරලා පාන්දර තුන විතර වෙනකම් කුරුමානම් අල්ලගෙන හිටියා. හරියටම ටාගට්‌ එක අරගෙන බංකරයට කිට්‌ටු කරනකොටම මාත් එක්‌ක ගිය අනිත් කෙනාට චරස්‌ ගාලා කොළයක්‌ පෑගුණා. ඒ ශබ්දයට බංකරේ හිටපු එක්‌කෙනෙක්‌ µයර් කළා. මගේ කකුලට වෙඩි වැදුණා. මම දන්නේ එච්චරයි. ඒත් අපේ ටීම් එකේ කෙල්ලෝ මාව දාලා ඇවිල්ලා නෑ. කොහොම හරි කර ගහගෙන කැලෙන් පැනලා ඇවිත්.

එදා පාන්දරම මාව පුදුකුඩිඉරුප්පු එල්.ටී.ටී.ඊ. රෝහලට අරගෙන ගිහින් ඔපරේෂන් කරලා තිබුණා. පුදුකුඩිඉරුප්පු ඉස්‌පිරිතාලේ එල්.ටී.ටී.ඊ. පාලන ප්‍රදෙAශවල තිබුණු හොඳ රෝහලක්‌. එල්.ටී.ටී.ඊ. නායකයන් ලෙඩ දුක්‌වලට, හදිස අනතුරුවලදී වැඩියෙන්ම ප්‍රතිකාර ගත්තේ ඒ රෝහලෙන්. දක්‍ෂ වෛද්‍යවරු හිටියා. ඕනෑම සැත්කමකට අවශ්‍ය උපකරණ තිබුණා. මගේ වාසනාවට කකුලට හරියට වෙඩි වැදිලා තිබුණේ නෑ. ඒත් කකුල කපන්නෙ නැතුව බේරගත්තේ බොහෝම අමාරුවෙන්. කකුල සනීප වුණාට පස්‌සෙ මාව එල්.ටී.ටී.ඊ. වෛද්‍ය බළකායට ඇතුළත් කළා. එතැන අවුරුද්දක්‌ විතර ඉන්නකොට ආයෙමත් විදුෂා බළකායට දැම්මා. ඒ සිද්ධිය වුණේ 2000 අවුරුද්දේ. එතැන ඉඳලා යුද්දේ අවසාන වෙනකම් හිටියේ එල්.ටී.ටී.ඊ. සන්නද්ධ අංශයේ. මහා කැලෑවල බංකර්වල. වැඩිය සටන්වලට ගියෙත් නෑ. ඔහොම ටික කාලයක්‌ යනකොට එල්.ටී.ටී.ඊ. සංවිධානය ටිකෙන් ටික පිරිහෙන්න පටන් ගත්තා. බලය ලබා ගන්න නායකයො අතර නිතරම ගැටුම් ඇති වුණා. එල්.ටී.ටී.ඊ. සංවිධානය පිරිහෙන්න ප්‍රධාන හේතුව වුණේ ඒක. ඒ එක්‌කම සාමාජිකයන්ගේ විනය බිංදුවට වැටුණා. බංකර්වලට හරියට කෑම ටිකවත් ලැබෙන්නේ නැතිව ගියා. මහා කැලේ බංකර් ඇතුලේ ගස්‌වල ගෙඩි කලා අපි දවස ගෙවලා තියෙනවා. එහෙම දවස්‌වලට යුද්ධ කරන්න තියා කෙලින් ඉන්නවත් පණ නෑ. අපේ හිතේ හයියටම තමයි හිටියේ.

කැලේටම හුරු වෙච්ච අපේ සාමාජිකයෝ ටිකෙන්, ටික සත්තු වගේ හැසිරෙන්න පටන් ගත්තා. අපි එල්.ටී.ටී.ඊ. යට බැඳුණු මුලදී ඇහැක්‌ ඇරලා නොබලපු සාමාජිකයෝ කෙල්ලන්ව පාවිච්චි කරන්න පටන් ගත්තා. ඒත් විදුෂාට තියෙන බයට අපේ බළකායේ කෙල්ලෝ ගාවට කවුරුවත් කිට්‌ටු වෙන්න ආවේ නෑ. අනිත් කාන්තා බළකායන්වල සාමාජිකාවන්ට කැලේ ඇතුළෙදී ගොඩක්‌ හිරිහැර වුණා. සමහර කෙල්ලෝ කරදර ඉවසන්න බැරිව පැනලා ගියා. එහෙම පැනලා ගියා කියලත් වැඩක්‌ වුණේ නෑ. සතියක්‌ යනකොට කොයි දීපංකරේ හිටියත් හොයාගෙන ඇවිත් පනිෂ්මන්ට්‌ දීලා බංකර්වලට දානවා. ඒ නිසා පැනලා යන්න මම නම් හිතුවේවත් නෑ. දිගටම සටන් බිමේ හිටියා.

එල්.ටී.ටී.ඊ. සංවිධානය තුළදී කාන්තාවන්ට වෙන අසාධාරණකම් ගැන විදුෂා අක්‌කා මුලදී ඉහළ නායකයන් දැනුවත් කළා. ඒත් ඒ අය කණකට ගත්තේ නෑ. ‘උන්ට ප්‍රශ්නයක්‌ නැති නම් අපිට මොකද? උඹලට මොනවහරි හිරිහැරයක්‌ කරන්න ආවොත් කිසිම දෙයක්‌ බලන්න එපා ඉවරයක්‌ම කරලා දාපල්ලා. ඉතුරු ටික මම බලා ගන්නම්…’ කියලා අපිට විදූෂා අක්‌කා උපදෙස්‌ දීලා තිබුණා. ඒත් කවුරුවත් එහෙම කරන්න ගියේ නෑ. කෙල්ලෝ, කොල්ලෝ හිතවත්කම් ඇති කර ගත්තා. එහෙම සම්බන්ධකම් ඇති කරගත්ත සමහර අය කසාද බැන්දා. තව අය බඳින්නේ නැතුව එකට හිටියා. එල්.ටී.ටී.ඊ. යට ඒක සාමාන්‍ය දෙයක්‌ වුණා. අන්තිමේ එල්.ටි.ටී.ඊ. සංවිධානයේ විනාශයට ඒකත් එක හේතුවක්‌ වුණා. යුද්දේ අවසානම කාලේදී ඉරණපාලේදී මම හමුදාවට භාර වුණා.

‘ඔයාලා ඇවිත් අපෙන් විස්‌තර අරගෙන යයි. ඊට පස්‌සේ ගමේ අය අහන ප්‍රශ්නවලට උත්තර දෙන්න වෙන්නෙ අපිට… දැනටමත් කී දෙනෙක්‌ මේ පැත්තට ඔළුව දාගෙන ගියාද…? තල් වැටට උඩින් පාර දිහා බලාගෙන සිටි සුමදි අපට එසේ කීවාය.

කතාව සැබෑය. අප සුමදිලාගේ නිවසට ඇතුළු වූ මොහොතේ සිට තරුණයන් දෙතුන් දෙනෙක්‌ යතුරුපැදිවලින් තුන්හතර වතාවක්‌ම ඇයගේ නිවස අසලින් එහෙට මෙහෙට ගියහ. ඒ යන සෑම අවස්‌ථාවකම යතුරු පැදියේ වේගය අඩු කර සමුදිලාගේ නිවස හොඳින් විපරම් කරන අයුරු අපගේ ද ඇස ගැටිණි.

‘බයිසිකල්වලින් එහාට, මෙහාට යන්නෙ කවුද… ඔයාලා අඳුරනවද…’ නැවත අපි සුමදිට කතා කළෙමු.

‘එහෙම අඳුරන්නේ නෑ. අපි අඳුරන්නේ නැති මිනිස්‌සු කොච්චර නම් මේ ගම්වල ඉන්නවද… අපි ඒ මිනිස්‌සු ගැන හොයන්න යන්නේ නෑ. අපිට අනුන්ගේ දේවල් වැඩක්‌ නෑ. අපිට ඕනෑ පාඩුවේ ජීවත් වෙන්න. මේ කඳවුරෙන් මිදිලා අපේම තැනකට යන්න.

යුද්දේ ඉවර වෙලත් දැන් කොච්චර කාලයක්‌ වෙනවද… අපි තවම අනාථ කඳවුරුවල. අපේ ප්‍රශ්න ගැන අහන්න කවුරුවත් නෑ. ඔයලාත් අපි ළඟට ඇවිත් අහන්නෙ පරණ දෙවල්. ඇයි අපේ ප්‍රශ්න ගැන කතා කරන්නේ නැත්තේ… මේ කඳවුරේ පවුල් හතළිස්‌ දෙකක්‌ ජීවත් වෙනවා. ඒ හැම පවුලක්‌ම මේ ටකරන් මඩුවල ජීවත් වෙන්නේ කැමැත්තෙන් නෙමෙයි. යන්න තැනක්‌ නැති නිසා. අපටත් ජීවිත අලුතින් පටන් ගන්න ඕනෑ. ඒත් මේ විදිහට කඳවුරක හිර වෙලා ජීවිත අලුතින් පටන් ගන්න බෑ. දුක්‌විඳලා මැරිලා යන්න වෙන්නේ. මට තවම අවුරුදු තිහයි. වයසෙන් භාගයක්‌වත් ගෙවිලා නෑ. මමත් කැමතියි කසාදයක්‌ කරගෙන දරු මල්ලොත් එක්‌ක ජීවත් වෙන්න. ඒත් මෙහෙම කඳවුරුවල හිර වෙලා දරුවෝ හදාගෙන උන්ටත් දුක්‌ දෙන්න බෑ. කාලයක්‌ම මේ ටකරන් මඩුවල විඳින දුක දන්නේ අපි විතරයි. හරියට වතුර ටිකක්‌ නෑ. ටොයිලට්‌ උතුරලා නාහයක්‌ තියාගෙන ඉන්න බෑ. වහින කාලෙට වතුරෙන් යට වෙනවා. ඇයි මේ ප්‍රශ්න ගැන කවුරුවත් කතා කරන්නේ නැත්තේ. දෙමළ විමුක්‌තිය ගැන කතා කරන අපේ නායකයෝ කිසිම දවසක මේ කඳවුරකට ඇවිල්ලා අපේ ප්‍රශ්න ගැන කතා කරලා නෑ. ඒ අයට ඕනා අපිව ඉත්තන්ට තියාගෙන බලය තරකර ගන්න. සැප විඳින්න… අපේ දුක ලෝකයට කියන්න… එතකොට හරි අපිට සහනයක්‌ ලැබෙයි. ඔයලාට ඒක පිනක්‌…’ නැවතත් සුමදිගේ දෙනෙත් තල් වැටෙන් ඈතට පාවිණි. අපගේ දෙනෙත් පමණක්‌ නොව දෙපා ද කඳවුර වටා ඇවිද ගියේය.

කාලයක්‌ ගිනි ගොඩේ ජීවත් වූ ඔවුහු යුද්ධයේ අවසානයෙන් පසු ටකරන් මඩුවල තැම්බෙන්නාහ. අදටත් එහෙමය. ඔවුන් විඳින දුක අපි දෑසින් දුටුවෙමු. උතුරා ගිය වැසිකිළිවල දුගඳට අපේ ඉහ මොළ රත් වී හිස කකියන්ට විය. අනාථ කඳවුරේ කඳුළු බී දුක වදාළන පීඩිත මිනිසුන්ගේ දුක ලේ නහර කිලිපොළා යන තරමට සුමදි අපට කීවාය. ඒ කතාව ඇයගේ වචනයෙන්ම අපි රටට කීවෙමු. ඉදිරියට වෙන දේ ගැන දැන් අපි බලා හිඳිමු.

විග්නේෂ්වරන් සාම හමුදාවක්‌ ඉල්ලයි

විග්නේෂ්වරන් සාම හමුදාවක්‌ ඉල්ලයි

කීර්ති වර්ණකුලසූරිය

උතුරේ නිසි පාලනයක්‌ නැති බව දක්‌වමින් එක්‌සත් ජාතීන්ගේ සාම හමුදාවක්‌ මේ රටට ගෙන ඒමේ අරමුණින් උතුරු මහ ඇමැති සී. වී. විග්නේශ්වරන් උතුරට ජාත්‍යන්තර මැදිහත්වීම ලබා දෙන්නැයි පොදු රාජ්‍ය මණ්‌ඩල කටයුතු පිළිබඳ නියෝජ්‍ය ඇමැතිනී ජොයිස්‌ ඇනෙලි සාමිවරියගෙන් ඉල්ලා ඇත. එහෙත් විග්නේශ්වරන්ගේ මෙම ඉල්ලීම කෙරේ බ්‍රිතාන්‍ය ඇමැතිනිය ප්‍රතිචාර දක්‌වා නැත.

උතුරට ජාත්‍යන්තර මැදිහත්වීමක්‌ ලබාදෙන ලෙස කළ ඉල්ලීමට සමගාමීව උතුරේ ශ්‍රී ලංකා හමුදාව රැඳී සිටීම ගැන ද විග්නේශ්වරන් ඇයට පැමිණිලි කර ඇත.

උතුරු මහ ඇමැතිවරයා මෙම ඉල්ලීම කර ඇත්තේ එක්‌සත් ජාතීන්ගේ ආර් 2 පී නමැති ක්‍රමවේදයට අනුවය.

මෙම ක්‍රමවේදය යටතේ රටක ජනතාව ආරක්‍ෂා කිරීමට රජයට නොහැකි නම් ඊට ජාත්‍යන්තරව මැදිහත්වී එක්‌සත් ජාතීන්ගේ සාම හමුදාවක්‌ එවීමට එක්‌සත් ජාතීන්ගේ සංවිධානයට බලය හිමි වේ.

උතුරේ ක්‍රියාත්මක වන ආවා ගෲප් කල්ලියේ ක්‍රියාකාරකම්වලට මුවාවී විග්නේශ්වරන් එම ඉල්ලීම කර ඇත.

මෙයට පෙර කොළඹ රාජ්‍ය නොවන සංවිධානයක ක්‍රියාකාරිනියක වූ රාමා මානි එක්‌සත් ජාතීන්ගේ හමුදාවක්‌ මෙරටට ගෙන ඒමට දැරූ උත්සාහය ව්‍යර්ථ වූ අතර ඇයව රටින් පිටුවහල් කර තිබේ.

මේ අතර උතුරේ ආරංචි මාර්ග පැවසුවේ ආවා ගෲප් කල්ලියට සම්බන්ධ බවට සැකකර අත්අඩංගුවට ගත් 10 දෙනා අතර විග්නේශ්වරන්ගේ දෙමළ පිබිදීම ව්‍යාපෘතියේ ක්‍රියාකාරියකු ද සිටින බවයි.

ෆෙඩරල් පාලනයක්‌ ඇති කිරීමට මේ රජයට ජනවරමක්‌ ලැබී නෑ

ෆෙඩරල් පාලනයක්‌ ඇති කිරීමට
මේ රජයට ජනවරමක්‌ ලැබී නෑ

– ඕමල්පේ සෝභිත හිමි

සිරිමන්ත රත්නසේකර

රට තුළ ෆෙඩරල් පාලනයක්‌ ඇති කිරීම සඳහා වත්මන් ආණ්‌ඩුවට කිසිදු ජනවරමක්‌ ලැබී නැති බව ජාතික හෙළ උරුමයේ නායක ඕමල්පේ සෝභිත හිමියෝ ඊයේ (20 වැනිදා) “දිවයින” ට ප්‍රකාශ කළහ.ෆෙඩරල් සංකල්පය යනු ඊළාම් සිහිනයේ පළමු පියවර බවත් එය කිසිසේත් ඉටු කළ නොහැකි කාරණයක්‌ බවත් උන්වහන්සේ පැවැසූහ.

ෆෙඩරල් දෙමළ ජාතිවාදීන්ගේ පැවැත්ම සඳහා ඉදිරිපත් කරන්නන් බවට චෝදනා කළ ඕමල්පේ හිමියෝ එය දෙමළ ජනතාවගේ අවශ්‍යතාවක්‌ නොවන බවත් දමිළ ජනතාව වීම හෝ උතුරේ වීම නිසා මේ රට තුළ කිසිදු ප්‍රශ්නයක්‌ නැති බවත් ඔවුන්ට ඇත්තේ දකුණේ ජනතාවට තිබෙන පොදු ප්‍රශ්නම බවත් කීහ.

සංහිඳියාව ඇති කිරීමට රට තුළ මතුව ඇති මහඟු අවස්‌ථාව දෙමළ දේශපාලන නායකයන් විනාශ කර ගනිමින් සිටින බවත් ඔවුන්ට අවශ්‍යව ඇත්තේ වෙනම රාජ්‍යයක ඔටුනු පැළැඳීමේ නරුම සිහිනය බවත් ඕමල්පේ සෝභිත හිමියෝ වැඩිදුරටත් පැවැසූහ.

ලංකාව දෙකඩ කර උතුරේ වෙනම රටක් හදන්න උපරිම සහය දෙනවා – බ්‍රිතාන්‍ය ලේබර් පක්ෂය කියයි

ලංකාව දෙකඩ කර උතුරේ වෙනම රටක් හදන්න උපරිම සහය දෙනවා – බ්‍රිතාන්‍ය ලේබර් පක්ෂය කියයි

ශ්‍රී ලංකාවේ ද්‍රවිඩ ජනතාවට ස්‌වයං පාලනය ලබාදී ඔවුනට වෙනම රටක්‌ ස්‌ථාපිත කිරීමේ යෝජනාවට බ්‍රිතාන්‍යයේ විරුද්ධ පක්‍ෂය වූ ලේබර් පක්‍ෂයේ පූර්ණ සහාය දක්‌වන බව ලේබර් පක්‍ෂ නායක ජෙරමි කොර්බින් ප්‍රකාශ කර ඇත.

බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවැති ටැමිල්ස්‌ ෆො ලේබර් සංවිධානයේ සමුළුව අමතමින් ඔහු මේ බව සඳහන් කර තිබේ.

ස්‌වයංපාලනය සඳහා ද්‍රවිඩ ජනතාවට ඇති අයිතියද ලේබර් පක්‍ෂය පිළිගන්නා බව ජෙරම් කෝර්බිස්‌ තවදුරටත් ප්‍රකාශ කර ඇත.

ශ්‍රී ලංකාව දෙකඩ කළ යුතු යෑයි කෝර්බින් පැවසූ අවස්‌ථාවේ එම සමුළුවට සහභාගි වූ ඊළාම්වාදීන් අත්පොළසන් දෙමින් සතුට පළකර ඇත. මෙම සමුළුවට ලේබර් පක්‍ෂයේ මන්ත්‍රීවරුන් 26 ක්‌ පැමිණ ඇත. ලේබර් පක්‍ෂයේ නිල නොවන විදේශ ලේකම් හිලරි බෙන්, සියොට්‌හාන් මැන්ටොනා, චුනා උඩුනා, ජෝන් මැක්‌ඩොනල් සහ කෙවින් වාස්‌ද සමුළුව අමතා ඇත.

ටැමිල්ස්‌ ෆො ලේබර් සමුළුවට චැනල් ෆො අධ්‍යක්‍ෂ කැලම් මැක්‌රේ සහ හිටපු බී.බී.සී. වාර්තාකාරිනී ප්‍රාන්සස්‌ හැරිසන්ද මේ අවස්‌ථාවට සහභාගි වී තිබේ.

කීර්ති වර්ණකුලසූරිය

පරණ සිංහල පත්තරයක ඔතා තිබුණු බැවින් මෙය පත්තුවන බෝම්බයක්‌ නොවේ ගෙනාවේ මාළු අල්ලන්නමයි හහ්…හහ්…හා…

පරණ සිංහල පත්තරයක ඔතා තිබුණු බැවින්
මෙය පත්තුවන බෝම්බයක්‌ නොවේ
ගෙනාවේ  මාළු අල්ලන්නමයි හහ්…හහ්…හා…

ඉතිං කොහොමද ජාතික ආරක්‍ෂාවට තර්ජනයක්‌ වෙන්නේ

සිංහල – හින්දු අලුත් අවුරුද්ද උදා වී අවසන්ය. එහෙත් වෙනදා මෙන් සුපුරුදු කෝකිල නාදය නම් ඇසුනේම නැති තරම්ය. මේ පරිසර වෙනසට කුමක්‌ හේතු වී තිබෙනවා විය හැකිද? පවතින ග්‍රීෂ්මය හේතුවෙන් එළියට එන්නට බැරිව කොහා සැඟව සිටින්නේද? එසේත් නැතිනම් අද රටේ සිදුවන දේ හමුවේ මේ එළැඹ ඇත්තේ තමාගේ වාරය නොව කණ කොකාගේ වාරය බව කොහාට හැඟී ගොසින්ද?

ඒ කුමක්‌ වුවත් අපට නම් සිතෙන්නේ ආණ්‌ඩුව අද ජාතික ආරක්‌ෂාව සමඟ නටන ඩෙඟා නැටිල්ල හමුවේ කොහා දැන් තමන්ගේ වාරය ස්‌වේච්ඡාවෙන්ම කණ කොකාට භාර දී ඇතැයි කියාය.

බොහෝ දේ සිදු වෙමින් ඇත. එහෙත් ආණ්‌ඩුවට අනුව නම් කිසිවක්‌ම සිදු වන්නේ නැත. සියල්ල සාමකාමීය. යහපත්ය. සංහිඳියාව හා සහජීවනය උස්‌මූරුත්තා වී ඇත. නමුත් ආණ්‌ඩුවේ දැක්‌ම එය වුවද තිරය පිටුපස ඇත්තේ ඉකුත් 2009 දී වළ දැමූ මුල්ලවයික්‌කාල් යක්‌ෂයා යළිත් උත්තාන වීමට දරන උත්සාහයේ දර්ශන පෙළ බව නම් පැහැදිලිවම පෙනෙන්නට ඇත.

අද ජාතික ආරක්‍ෂාව පිළිබඳ රටට වැදි බණ කියන ආරක්‍ෂක ලේකම්වරයා ඇතුළු කවුරුන් කුමක්‌ කීවත් ඉකුත් දා යාපනය චාවාකච්ෙච්රියෙන් මතු වූ එඩ්වඩ් පුලියන්ගේ බෝම්බ කතාව එයට ඇති එක්‌ පැහැදිලි උදාහරණයකි. තිස්‌ අවුරුද්දක්‌ පුරා මරණයේ බය දැන සිටි මිනිසුනේ අහන්න, 2009 දී මුල්ලවයික්‌කාල් අවසන් සටන නිමාවේ සියල්ලට තිත තැබීමෙන් පසු මෙවර එඩ්වඩ් පුලියන් කතාව හෙවත් යක්‍ෂයාගේ යළි පිබිදීමේ බියකරු හඬ චාවාකච්ෙච්රියෙන් මතු වූයේ තුන්වන වරටය.

2016 අලුත් අවුරුද්දේ කොහා වෙනුවට කොටි පුලියන් හෙවත් රමේෂ් මෙසේ චාවාකච්ෙච්රියෙන් මතු වෙද්දී මීට පෙර අවස්‌ථා දෙකකදීම එල්ටීටීයේ නැවත මතුවීම මේ අකාරයෙන් කරළියට පැමිණුනි. ඒ කවදා කොතැනකදීද?

මුල්ලවයික්‌කාල් අවසන් සටන නිමවී වසර තුනක්‌ ගෙවී ගිය තැන එළැඹි ඉකුත් 2012 වසරේදී එහි පළමු සිද්ධිය වාර්තා විය. මානුෂීය සටනේදී යුද හමුදා සන්නද්ධ බුද්ධි බළකාය හා එක්‌ව ත්‍රිකුණාමලය කේන්ද්‍ර කරගනිමින් එල්ටීටීඊයට එරෙහිව ක්‍රියාත්මක වූ දෙමළ ජාතිකයෙක්‌ එදා යුද හමුදාව සමඟ විය. ඔහු මුත්තු නම් විය. ඔහුගේ දේශපාලන බැඳීම තිබුණේ ඩග්ලස්‌ දේවානන්දා නායකත්වය දරන ඊපීඩීපීය සමඟිනි.

2009 මැයි මස 18 වැනිදා යුද්ධය නිමාවට පත්විය. කාලය ඉදිරියට ගෙවී යමින් තිබිණ. මේ අතරේ 2012 මාර්තු මස 20 වැනි දින හිටිහැටියේම මෙකී දෙමළ ජාතික හමුදා ඔත්තුකරුවා වූ වෙලායුදන් රගුනාදන් හෙවත් ඊපීඩීපී මුත්තු ත්‍රිකුණාමලය නිලාවේලිහි පෙරියකුලම් වැව් බන්ට්‌ එක මතදී අමානුෂික ලෙස කපා කොටා ඝාතනය කරනු ලැබිණි.

මෙම සිද්ධියත් සමඟ එදා හමුදා බුද්ධි අංශ වහා ක්‍රියාත්මක විය. ඝාතනයේ සුලමුල සොයා ගැනීමට නාවික හමුදාවද විශේෂ බුද්ධි මෙහෙයුමක්‌ ආරම්භ කළේය. එය නම් කරනු ලැබුවේ “ඔපරේෂන් බ්ලැක්‌ ෙµdක්‌ස්‌” ලෙසිනි. අවසානයේ මුත්තු මැරූ ඝාතකයෝ ඉම්බන්, ගෝපි (පසුකලක නෙදුන්කර්නි කැලයෙදී මියගිය ගෝපි නොව) සහ දිනේෂ් නමැති හිටපු කොටි ත්‍රස්‌තවාදීන් තිදෙනකු බව හඳුනාගත් එවකට නාවික හමුදා බුද්ධි බළකාය ඔවුන් කොටු කර ගැනීමට සමත් වූහ. පසුව ඝාතකයන්ගෙන් ප්‍රශ්න කෙරිණි. එහිදී අනාවරණය වූයේ කුමක්‌ද?

අවසන් සටනේදී ඉන්දියාවට පැන ගිය එල්ටීටීඊයේ සන්නද්ධ සටන් නායකයන් දෙදෙනකු වන දේවන් සහ සිරංජි මාස්‌ටර්ගේ උපදෙස්‌ මත එල්ටීටීඊ ත්‍රස්‌තවාදය නැවත පණගැන්වීමේ අදහසින් හමුදා ඔත්තුකරුවන් ඝාතනය කිරීම සඳහා කොටි කණ්‌ඩායම් කිහිපයක්‌ යළි ලංකාවට පැමිණ සිටින බව ඔවුන් හෙළි කළේය.

නමුත් ඉම්බන් ඇතුළු පිරිස නාවික හමුදාවට කොටු වීමත් සමඟ එදා ඔත්තුකරුවන් ඝාතනය සඳහා පැමිණි අනෙකුත් සියලුම ත්‍රස්‌තවාදී කණ්‌ඩායම් යළි ඉන්දියාවට පැන යැම හේතුවෙන් ඔවුන් අල්ලාගැනීමට ආරක්‌ෂක අංශවලට නොහැකි විය.

එසේ වුවද එල්ටීටීඊය ගනු ලැබූ ඒ පළමු උත්සාහය සාර්ථකව ව්‍යර්ථ කිරීමට නාවික හමුදා බුද්ධි අංශ ක්‍රියාත්මක කළ “ඔපරේෂන් බ්ලැක්‌ ෙµdක්‌ස්‌” මෙහෙයුම නිසා එදා අපට හැකි විය. යහපාලනයේ ආරම්භයත් සමඟ අසත්‍ය චෝදනා එල්ල කර ඉකුත් කාලයේ සීඅයිඩීය මගින් අත්අඩංගුවට ගැනීමට සැරසුණු නාවික හමුදා බුද්ධි බළකායේ කමාන්ඩර් රණේ (අපි ඒ විරුවාගේ ආරක්‌ෂාව පතා ඔහු රණේ ලෙස හඳුන්වන්නෙමු) එකී බුද්ධි ක්‍රියාන්විතයේ නියමුවා විය.

මෙසේ ඉම්බන්, ගෝපි සහ දිනේෂ් කොටුකර ගැනීමෙන් පසු ඔවුන්ගෙන් දිගින් දිගටම ප්‍රශ්න කිරීම් සිදු කෙරිණි. එහිදී අවසන් සටනේදී ප්‍රභාකරන් අතහැර මෙරටින් පලා ගිය එල්ටීටීඊ බුද්ධි අංශ සහ සන්නද්ධ අංශ ප්‍රබලයන් කිහිප දෙනකු ඉන්දියාව ඇතුළු බටහිර රටවල රැඳී සිටිමින් එල්ටීටීඊයේ ජාත්‍යන්තර ජාලය හා එක්‌ව ත්‍රස්‌තවාදය යළි මතු කිරීමට දැඩි වෙහෙසක්‌ ගනිමින් සිටින බවද හෙළි විය. එහි ප්‍රධානියා වූයේ අවසන් සටනේදී සියල්ල හැරදා පැන ගොස්‌ අද ප්‍රංශයෙන් මතුවී සිටින විනයාගම් නමැති එල්ටීටීඊ බුද්ධි නායකයා බවද අනාවරණය විය.

මෙම අනාවරණයත් සමඟ එහි වූ බරපතළකම වටහාගත් ආරක්‌ෂක බුද්ධි සේවා එදා එල්ටීටීඊයේ එකී ජාත්‍යන්තර ජාලය පිළිබඳ දැඩි අවධානය යොමු කරමින් කොටින්ගේ ඉදිරි ක්‍රියාකාරකම් හඳුනා ගැනීම සඳහා ජාලගත ක්‍රියාන්විතයක්‌ ආරම්භ කරනු ලැබිණි. අද පාවාදීමට ලක්‌ව තිබෙන “ඔපරේෂන් ඩබල් එඡ්” යනු ඒ ක්‍රියාන්විතයේ තිබූ එක්‌ අති විශේෂිත මෙහෙයුමක්‌ විය.

ලොව අන් රටවල් සිදු කරන පරිදිම ඉකුත් කාලයේ අපේ හමුදා නිලධාරින් එක්‌සත් ජාතීන්ගේ සිට ලොව පුරා පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලවල ආරක්‌ෂක උපදේශකයන් ලෙස පිටත්ව යන්නේද එම ක්‍රියාන්විතයේ ප්‍රතිඵලයක්‌ ලෙසිනි.

‍ෙඑදා කිසිවකුත් නොදැන සිටි මේ කතා දැන් අකැමැත්තනේ වුව හෙළිකරන්නට අපටද සිදුව ඇත. මන්ද වසන් කරන්නට දෙයක්‌ අද ඉතිරිව නැති නිසාය. වෛරයෙන් පිරුණු තුට්‌ටු දෙකේ දේශපාලනයක්‌ විසින් සෑම සියලු දේ විනාශ කර හමාරය. ප්‍රභාකරන්ගේ මරණයෙන් පසුවත් එල්ටීටීඊය විටින් විට අපට දැමූ වේග පන්දුවලින් බේරෙන්නට අප කළ ඉදිරි පාදයේ ක්‍රීඩාව “ලෙග් බිෙµda ද විකට්‌” (එල්බීඩබ්ලිව්) කර අවසන්ව ඇත. පක්‌ෂපාතී වූ ඒ තීන්දුව නිවැරදි නැත. එහෙත් අපි දැන් දැවී ගොස්‌ ඇත්තෙමු.

අපේ ඒ දැවී යැමේදී ඇමරිකාව ප්‍රධාන බටහිර කඳවුර තරග තීරකයෝ වූහ. ඉන්දියාව සිටියේ තෙවැනි විනිසුරුගේ තැනය. කණගාටුදායකම කරුණ වන්නේ තරගයේ වැරදි තීන්දුව හෙවත් හොර අවුට්‌ එක දුන් විනිසුරුවන් අපේම උන් වීමය. මෙහිදී උන්ට ඕනෑ වූයේ රටේ සහ අපේ ජය නොව, උන් ජයගන්නටය. එසේ ජයගෙන ඊනියා සහජීවනයක්‌ සහ සම්මුතිවාදයක්‌ පෙන්වා ලක්‌මාතවගේ රෙදි ගලවා ඇය නිරුවත් කර ආතල් ගන්නටය.

ඉතින් දැන් “ලොවේ සැමා අපේ තමා” කියමින් මෝඩ චූන් ගන්නා ඔවුහු ලක්‌ මව අපූරුවට නිරුවත් කරමින් සිටින්නාහ. මේ හමුවේ “හත්වලාමෙ වෙච්ච දේට මක්‌කොරන්නද” කියනු හැර වෙන කියන්නට කිසිත් අද කාටත් ඉතිරිව නැත.

ලබන සතියට

සමන් ගමගේ

රටවල් දෙකක්‌ අපිට ඕනෑ විග්නේෂ්වරන් රජයෙන් ඉල්ලයි

රටවල් දෙකක්‌ අපිට ඕනෑ
විග්නේෂ්වරන් රජයෙන් ඉල්ලයි

කීර්ති වර්ණකුලසූරිය

ශ්‍රී ලංකාව තුළ රාජ්‍ය දෙකක්‌ පිහිටුවන ලෙස උතුරු මහ ඇමැති සී. විග්නේශ්වරන් රජයට යෝජනා කර ඇත. උතුරු නැගෙනහිර සඳහා එක්‌ රාජ්‍යයක්‌ හා අනිකුත් පළාත් හත සඳහා තවත් රාජ්‍යයක්‌ ද ස්‌ථාපිත කරන ලෙස ඔහු දන්වා තිබේ.

එසේම මුස්‌ලිම් ජනතාව වෙසෙන නැගෙනහිර ප්‍රදේශ හා උඩරට වතු ජනතාව ජීවත්වන ප්‍රදේශ ස්‌වාධීන ප්‍රදේශ (Aමඑදබදපදමි) ලෙස නම් කළ යුතු බවද විග්නේශ්වරන් රජයට යෝජනා කර ඇත. මේ යෝජනා විග්නේශ්වරන් විසින් ද්‍රවිඩ සන්ධාන නායක ආර්. සම්බන්ධන්ට බාරදී තිබේ.

එසේම උතුරු නැගෙනහිර වෙනම රටක්‌ විය යුතු බවද විග්නේශ්වරන් සිය යෝජනාවලියේ සඳහන් කර ඇත. මේ හැර උතුරු නැගෙනහිර සියලුම පරිපාලන ලියවිලි ද්‍රවිඩ භාෂාවෙන් සකස්‌ කළ යුතු බවත් පොලිස්‌ බලතලද ලබාදිය යුතු බවත් එම යෝජනාවලියේ දක්‌වා තිබේ.

බෝගස්‌වැව ගමේ රණවිරු සරණාගතයෝ…

බෝගස්‌වැව ගමේ රණවිරු සරණාගතයෝ…

බඩදරු අම්මලාට මහ මඟ දරුවො හම්බ වෙනවා. සමහර ලෙඩ්ඩු මග මැරෙනවා.

අපි සිංහල කියලා දෙමළ ගම්වල මිනිස්‌සු කුලියක්‌ කරන්නවත් දෙන්නේ නෑ. ලෙඩක්‌ දුකක්‌ හැදිලා බෙහෙත් ටිකක්‌ ගන්න බෝගස්‌වැව, මාමඩුව, වව්නියාව රෝහල්වලට ගියහම අපිව කොන් කරනවා. අනේ හාමුදුරුවනේ අපිට කන්න නෑ. බොන්න නෑ. අපේ බඩ ඇකිලිලා. වතුර බිව්වොත් බඩ දැවිල්ල ගන්නවා. බෝගස්‌වැව ගමේ විතරක්‌ වකුගඩු රෝගීන් විසි හත්දෙනෙක්‌ ඉන්නවා. පිළිකා රෝගීන් ඉන්නවා. ගමේ හැමෝටම හතිය. රෑකට ලෙඩක්‌ දුකක්‌ හැදුණහම යන්න පාරක්‌ නෑ. බඩදරු අම්මලාට මහ මඟ දරුවො හම්බ වෙනවා. සමහර ලෙඩ්ඩු මග මැරෙනවා.

සේපාලිකා අම්මා හාමතේ හඬ වැළපෙන අයුරු…

විඳින අපට නම් සුන්දර සැඳෑවකි. එහෙත් ඔවුන්ට කෙසේ දැයි අපි නොදනිමු. සඳ එළියෙන් බැබළෙන තුරුලතා අතරින් ප්‍රාදූර්භූත වන ගුප්ත, මූසල බව නෙත ගැටෙන මුහුණු පුරා ද විසිරී ඇත. සඳ කිරණ වැටුණු ලොකු කුඩා කිසිදු මුහුණක එළියක්‌ නම් නැත. මතුව එන්නේ අවිනිශ්චිත බියමය. සතුරු බිය… රෝග බිය… ගමන් අපහසුතා… අධ්‍යාපනය, සෞඛ්‍යය මෙන්ම ආර්ථීක අතින් ද බෝගස්‌වැව ප්‍රදේශවාසීන් අගාධයේ පතුලටම කි¹ බැස ඇත. කතාබහ කළ සෑම ගම්වැසියෙක්‌ම ඒ බව අපට කීවේ හැඬූ කඳුළින්ය.

‘අපි මේ ඉඩම්වල පදිංචියට ඇවිත් අවුරුදු හතරක්‌ වෙනවා. වගා කරන්නයි, ජීවත් වෙන්නයි කියලා ඉඩම් අක්‌කරයක්‌ දීලා තියෙනවා. ඒත් මහත්තයො වගා කරන්න සල්ලි ඕන. අපි ළඟ සල්ලි නෑ. එහෙම ලොකු සල්ලියක්‌ තිබුණා නම් මේ කැලේට වෙලා මෙහෙම දුක්‌විඳින්නේ නෑ…’ බෝගස්‌වැව පදිංචිකරුවකු වන සමන් කතාවට ආරම්භයක්‌ ලබාදුන්නේය.

යුද්ධයෙන් මියෑදුණු කොටි ත්‍රස්‌තවාදීන්ට කරන උපහාරයක්‌ ලෙස ප්‍රභාකරන් ඔවුන්ගේ පවුල් මහා වීර පවුල් ලෙස නම් කළේය. එල්.ටී.ටී.ඊ. ය විසින් මහා වීර පවුල් පමණක්‌ පදිංචි කරවීමට ගම්මාන ඇති කළේය. උතුර, නැගෙනහිර ත්‍රස්‌තවාදයෙන් නිදහස්‌ කර ගත් පසු අපේ හමුදාව ද යුද්ධයෙන් මියෑදුණු හමුදා සමාජිකයන්ගේ පවුල් සිංහල මහා වීර පවුල් ලෙස නම් කර බෝගස්‌වැව ප්‍රදේශයේ පදිංචි කළේය. උතුර, නැගෙනහිර යා කරන පිවිසුම් දොරටුව වන බෝගස්‌වැව ප්‍රදේශයේ ඇති කළ මේ සිංහල මහා වීර ගම්මාන නැවත යුද්ධයක්‌ ඇති නොවෙන්නට දැමූ බැරියර් එකක්‌ ලෙස ද පෙන්වාදිය හැකිය. එක පෙළට ගම්මාන පහකි. බෝගස්‌වැව 1, 2 නාමල්ගම, සැලළිහිණිගම සහ නන්දිමිත්‍ර ගමය. බෝගස්‌වැවෙන් ආරම්භ වී නන්දමිත්‍ර ගමෙන් අවසාන වන මෙම නිවාස ව්‍යාපෘතියට යටත්ව භූමි ප්‍රමාණය අක්‌කර තුන්දහසකට වැඩිය.

ආරක්‍ෂක අංශවල සැලසුම වී තිබුණේ බෝගස්‌වැව නැවත පදිංචි කිරීමේ ව්‍යාපෘතිය යටතේ මේ ගම්මානවල සිංහල පවුල් හාරදහසක්‌ පදිංචි කරවීමය. අංග සම්පූර්ණ පාසලක්‌, සෑම ගමකටම පන්සලක්‌, ජලය, විදුලිය, සෞඛ්‍යය, මාර්ග පහසුකම් ආදියෙන් ඉතාමත්ම දියුණු ප්‍රදේශයක්‌ ලෙස නඟාසිටුවීමට පිඹුරුපත් ද සැකසී තිබිණි. පැවති රාජපක්‍ෂ ආණ්‌ඩුව සමයේ බෝගස්‌වැව නැවත පදිංචි කිරීමේ ව්‍යපෘතිය ආරම්භ කරමින් එහි පළමු අදියර ලෙස නිවාස දහසක්‌ ඉදිකර සිංහල මහා වීර පවුල් දහසක්‌ පදිංචි කරවීය. උතුරෙන්, දකුණින්, වයඹින්, බස්‌නාහිරින් ලංකාවේ හතර දිග්භාගයේම රණවිරු පවුල් මේ ගම්මානවලට පැමිණ පදිංචි වී සිටිති. සෑම නිවසකටම විදුලිය, ජලය, ගම්මාන හරහා වැටුණු පුළුල් මාර්ගයේ වැඩ ද පටන්ගෙන ලහි, ලහියේ කරගෙන ගියේය. එහෙත් ආණ්‌ඩුව වෙනස්‌වීමත් සමග බෝගස්‌වැව නිවාස ව්‍යාපෘතිය එකතැන නතර වීය. ගමට ලබාදෙන වතුර කැපිණි. පරාක්‍රමපුර සිට කිලෝ මීටර් විසි පහක්‌ යන තෙක්‌ තාර නොවැටුණු වැලි පාර වල්වැදී ගියේය.

කාෂ්ටක පොළවෙන් මතු වන දූවිල්ලට දැන් ඒ මඟෙහි ගමන් කිරීම ද අසීරුය. දූවිලිs බැඳුණු මග දෙපස තුරුලතා පාණ්‌ඩු පැහැයෙන් ලෙළ දෙන්නාහ. වාහනයක ගමන් කළ ද අප ඇඳ සිටි ඇඳුම් දූවිලි වර්ෂාවට අවර්ණ විය.

දූවිලි බැඳුණු හිස කෙස්‌ විදුලි එළියට අමුතුම පැහැයකින් දිස්‌න දුන්නේය. නාස්‌ පුඩු අතරින් ඇතුළු වන දූවිලි සැර ඉහ මොළ රත් කරන්නට විය. සැඳෑ අඳුර ගලන ගොම්මනේදීවත් මඟ වසා ගත් දූවිල්ල අපට දරාගත නොහැකි විය.

‘මේ පාරෙ බස්‌ එකක්‌ යන්නේ දවසට දෙතුන් වතාවයි. ගොඩක්‌ම අපි ගමන් බිමන් යන්නේ පයින්…’ දිවි මගෙහි කටුක බව කියන සමන්ගේ කතාවට ගමේ කාන්තාවක්‌ ද එකතු විය. ඇය සුමනාවතී ය. මේ දිනවල පවතින අධික රස්‌නයත් සමඟ අව් කාෂ්ටකයේ දූවිලි වලාවන්ට මැදි වූ මඟෙහි ගමන් කරන විට දැනෙන කටුක බව සුමනාවතී අම්මාගේ බොඳවන දෑස්‌වලින් අපට පෙනේ.

‘අපේ දරුවන්ගේ ඔලුවල ගෙඩි. පෙනහලුවල දූවිලි බැඳිලා. පාරේ යන සමහර වෙලාවට හුස්‌ම ගන්න බෑ කියලා දරුවො අඬනවා…’ ඇයගේ වචන පැටලිණි. ඉකි බිඳුම වේගවත් විය.

‘මේ බලන්න මහත්තයො මේ කිරි සප්පයා ඉපදෙනකොටම හදවතේ ආබාධයක්‌…’ සුමනාවතී අම්මා තවත් මවක්‌ පපුවට තුරුලු කරගෙන සිටි කිරි කැටි බිලින්ඳියක්‌ අපට පෙන්නුවාය.

රෝස මලක්‌ වැනිය. කිරි කැටි දියණිය මවගේ පපුවට තුරුලු වී සුව නින්දකය.

‘දුවට මොකද වෙලා තියෙන්නේ…’ දරු පැටියා තුරුලු කරගෙන සිටි අම්මට අපි කතා කළෙමු. ඇය අචලාය.

‘දුව ඉපදුණේ පහුගිය ජනවාරි 29 වැනිදා. එයා ඉපදෙනකොට පෙනහලුවල ආබාධයක්‌ තියෙනවා කියලා වෛද්‍යවරු කිව්වා. පස්‌සේ කොළඹ රිඡ්වේ රෝහලේදී දුවව ඔපරේෂන් කළා. වෛද්‍යවරු කියපු විදිහට ඔපරේෂන් එක සාර්ථකයි. ඒත් හොඳට පරිස්‌සම් කරන්න කියලා වෛද්‍යවරු කිව්වා. අපේ ගේ මැටි. පොළොවට සිමෙන්තිවත් දාලා නෑ. ඒ මදිවට පාරේ දූවිල්ල ගෙට එනවා. දුවව පරිස්‌සම් කරගන්න එක අපිට ලොකු ප්‍රශ්නයක්‌ වෙලා. දුවට බෙහෙත් ගන්න අද උදේ වව්නියා ඉස්‌පිරිතාලෙට ගියහම හවස්‌ වෙනකම් තියාගෙන හෙට දවසේ බෙහෙත් ටික විතරයි දුන්නේ. ඉතුරු ටික ගන්න අනිද්දට එන්න කිව්වා. මගේ මහත්තයා කරන්නේ ලොතරැයි විකුණන රස්‌සාව. මේ දරුවගේ ප්‍රශ්නය නිසා මහත්තයා දැන් මාස දෙකකින් රස්‌සාවට ගියේ නෑ. අපිට තව ඉස්‌කෝලෙ යන දරුවො දෙන්නෙක්‌ ඉන්නවා…’

ඔයාල මෙහෙට පදිංචියට ආවේ කොහේ ඉඳලාද…? අපි ඇයගේ කතාවේ දිසාව වෙනස්‌ කළෙමු.

‘පොළොන්නරුවේ ඉඳලා…’ ඇයගෙන් කෙටි පිළිතුරකි.

ඇය සමඟ කතා කරමින් සිටින අතරේ පුංචි පුතෙක්‌ අප අසලට පැමිණීයේය. ඔහු සුරාඡ් දේශාන්ය. බෝගස්‌වැව විද්‍යාලයේ පහ වසර පන්තියේ අකුරු කරන දක්‍ෂ දරුවෙකි. ඔහු කියන විදිහට පන්තියේ ළමයින් හතළිස්‌ අටක්‌ අතරින් ඔහු හත්වැනියාය.

ඇයි පුතා තවම ඉස්‌කෝලෙ යුනිෙµdaම් එක පිටින්…?

‘ඉස්‌කෝලෙ ඇරිලා ගෙදරට ආපු ගමන් තමයි අම්ම එක්‌ක පන්සලට ආවේ…’

ඇයි අද පරක්‌කු වුණේ…? අපගේ පැනයට පිළිතුරු දෙනවා වෙනුවට ඔහු ඇඹරිණි. පිළිතුරක්‌ නැති පුංචි මුහුණ දෙස අපි බලා සිටිමු. මොකක්‌ හෝ ගැටලුවක්‌ තිබෙන බව අපට වැටහිණි.

‘පුතාට බස්‌ එකේ එන්න තිබුණු රුපියල් දහය ඉස්‌කෝලෙදී නැති වෙලා. පස්‌සෙ පුතා පයින්ම ගෙදර ඇවිත්. ඉස්‌කෝලේ ඉඳලා අපේ ගමට කිලෝ මීටර් දොළහක්‌ විතර තියෙනවා. ගෙදරට එනකොට හවස පහ විතර වුණා…’ පුංචි පුතා වෙනුවෙන් අපට උත්තර දුන්නේ ඔහුගේ මවය.

සුදු කමිසය පාණ්‌ඩු පාටය. මුහුණ මැළවී ගොස්‌ය. එහෙත් ඒ දරුවගේ පින් පාට සිනාව දැනුදු මට මැවී පෙනේ.

පුතාගේ තාත්තා අම්මා මොකද කරන්නේ…? අපි පුංචි පුතුට නැවතත් චූටි ප්‍රශ්නයක්‌ ඉදිරිපත් කෙළමු.

‘තාත්තා කුලී වැඩ. අම්මාගේ බඩේ ඔපරේෂන් එකක්‌ කරලා. ඒ නිසා අම්මට වැඩක්‌ කරන්න බෑ…’

‘පුතාට නංගිලා මල්ලිලා ඉන්නවාද…’

‘මල්ලි කෙනෙක්‌ ඉන්නවා. අනේ අංකල් අපේ අම්මට තවමත් හොඳ නෑ. අපිට අම්මාව හොඳ කරලා දෙන්න…’ ඒ සුරාඡ්ගේ අහිංසක ඉල්ලීමය.

සුරාඡ්ගේ පන්තියේ ළමයින් හතළිස්‌ අටකි. ළමයින්ට ඉඳ ගැනීමට අකුරු ලියන්නට ඩෙස්‌ බංකු ඇත්තේ පහළොවක්‌ පමණි. සුරාඡ් කියන විදිහට බෝගස්‌වැව විද්‍යාලයේ ඉගෙන ගන්න ළමයින් සංඛ්‍යාව හාරසිය ගානකි. එහෙත් මීට අවුරුද්දකට ඉහතදී එම පාසලේ ළමයින් අටසීයකට වැඩි ප්‍රමාණයක්‌ අධ්‍යාපන කටයුතුවල නියෑලුණු බව ලැබෙන ආරංචි මාර්ගය. මිනිසුන් ප්‍රදේශය අතහැර යැමත් සමඟ පාසලේ ළමයින් ප්‍රමාණය ශීඝ්‍රයෙන් අඩු වෙමින් පවතී.

‘ගොවිතැන් කටයුතු කරන්න වතුර දීලා තිබුණා. වගා කරන්න ණය පහසුකම් දුන්නා. මාසෙකට සැරයක්‌ වියළි ආහාර මල්ලක්‌ දුන්නා. අපිට තිබුණේ මහන්සි වෙලා වගා කරන්න. අපි වගා සංග්‍රමය පටන් ගත්තා. පලතුරු, එළවළු, ධාන්‍ය බෝග හැම දේම වගා කළා. මේක පින් පොළවක්‌ මහත්තයො. මයියොක්‌ක දණ්‌ඩක්‌ විසි කළත් පැළ වෙනවා. අපි වෑපිරු බීජවලින් අස්‌වැන්නත් ගත්තා. අටු කොටුත් පිරෙව්වා. මිනිස්‌සු රජයෙන් දීපු ගෙවල් දොරවල් ලොකු කරලා හදන්න පටන් ගත්තා. උතුරු වසන්තය යටතේ මේ ගම්වල හැම ගෙදරකටම ලයිට්‌ දුන්නා. පාරවල් හැදුණා. බලා හිටිද්දී ප්‍රදේශය දියුණු වුණා. මේ ආණ්‌ඩුව පත් වුණාට පස්‌සේ පාර හදන එක නතර වුණා. ඊට ටික දවසක්‌ යනකොට ගමට දුන්නු වතුර ටික නතර වුණා. වගා කරන්න විදිහක්‌ නැතිව ගියා. ඒ මදිවට වගා කරන්න දුන්නු ආධාර, වියළි ආහාර සහනාධාර සේරම නතර කළා. අපිට වෙච්ච අසාධාරණය මේ ප්‍රදේශයේ දේශපාලනඥයන්ට කිව්වහම කියනවා ‘උඹලාව මෙහෙට ගෙනත් දාපු උන්ට ගිහින් කියාපල්ලා’ කියලා. හරියට අපි අතපලAලෙන් වැටුණු ගානටයි කතා කරන්නේ. අපි එහෙම වෙන්න ඕන මිනිස්‌සු නෙමෙයි. යුද්දෙට දරුවො පූජා කළේ මෙහෙම දුක්‌විඳින්නත් නෙමෙයි. කොටින්ගෙන් වෙඩි කාගෙන උන් එක්‌කම හැපුණේ උපදින දරුවන්ට නිදහස්‌ රටක්‌ ඇති කරන්න. ඒත් දැන් අපිට වෙලා තියෙන්නේ හාමතේ මැරෙන්න. මේ ගම්වල ඉඳලා නගරයට දුරයි. ඒ නිසා නගරයට ගිහින් කඩේකවත් වැඩක්‌ පලක්‌ කරලා එන්න බෑ. අපි සිංහල කියලා දෙමළ ගම්වල මිනිස්‌සු කුලියක්‌ කරන්නවත් දෙන්නේ නෑ. ලෙඩක්‌ දුකක්‌ හැදිලා බෙහෙත් ටිකක්‌ ගන්න බෝගස්‌වැව, මාමඩුව, වව්නියාව රෝහල්වලට ගියහම අපිව කොන් කරනවා. අනේ හාමුදුරුවනේ අපිට කන්න නෑ. බොන්න නෑ. අපේ බඩ ඇකිලිලා. වතුර බිව්වොත් බඩ දැවිල්ල ගන්නවා. බෝගස්‌වැව ගමේ විතරක්‌ වකුගඩු රෝගීන් විසි හත්දෙනෙක්‌ ඉන්නවා. පිළිකා රෝගීන් ඉන්නවා. ගමේ හැමෝටම හතිය. රෑකට ලෙඩක්‌ දුකක්‌ හැදුණහම යන්න පාරක්‌ නෑ. බඩදරු අම්මලාට මහ මඟ දරුවො හම්බ වෙනවා. සමහර ලෙඩ්ඩු මග මැරෙනවා. අපි විඳින දුක රටට කියන්න මම වව්නියාවට ගිහින් බැනර් උස්‌සගෙන හිටියා. ඒ අහන්නේ නැති තැන පාර මැද නිදාගත්තා. ඒත් අපේ දුක බලන්න කවුරුවත් ආවේ නෑ. මේ ප්‍රදේශවල කිසිම මාධ්‍යවේදියෙක්‌ අපේ ප්‍රශ්න රටට කියන්නෙත් නෑ. අනේ හාමුදුරුවනේ අපිට පිහිට වෙන්න… අපි ජීවිතයේ හොඳටම දුක්‌විඳපු මිනිස්‌සු. අපිට තවත් දුක්‌ විඳින්න බෑ. අපේ දරුවන්ට ගොවිතැන් බතක්‌ කරගන්න ගමට දුන්නු වතුර ටික අරගෙන දෙන්න. මේවා අපිට කියාගන්න කෙනෙක්‌ නැතුවයි හිටියේ. මේ අඬනවා නෙමෙයි. පපු කැහුත්තේ තියෙන වේදනාවයි පිටවෙන්නේ…’ වියපත් මවගේ විලාපයත් සමග මුසු වූ උද්වේගකර ඒ වචන සැලළිsහිණිගම විහාර භූමියට රැස්‌ව සිටි සියලුම දෙනා හැඬෙව්වාය. සැබෑවටම ඒ කතාවට ඇඬෙන්නේය.

අපි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට, දිස්‌ත්‍රික්‌ ලේකම් කාර්යාලයට ගියහම කිසිම සැලකිල්ලක්‌ නෑ. ඒ ආයතන තුළ ඉන්න බහුතරය දෙමළ. නිලධාරීන් නිසා එන්නන්, යන්නන් ‘මෙන්න බුදුනෙA මල් මම වැන්දා ගියා’ කියන කතාවක තමයි කියන්නේ. මේ ක්‍රමය වෙනස්‌ විය යුතුයි. උතුර, නැගෙනහිර ප්‍රදේශවල සිංහල, දෙමළ මිනිස්‌සු පනහට, පනහ පදිංචි කරන්න ඕන. ඒ වගේම අතරමඟ නතර වෙච්ච බෝගස්‌වැව නැවත පදිංචි කිරීමේ ව්‍යාපෘතිය කඩිනමින් ක්‍රියාත්මක කරන්න ඕන. රටේ භාණ්‌ඩාගාරයේ සල්ලි නෑ කියලා කරගෙන ආපු සංවර්ධනය නතර කරන්න බෑ. ගම්වල මිනිස්‌සු කන්න නැතිව මැරෙන්න යනවා. වතුර ටිකක්‌ නැතිව ලෙඩ්ඩු වෙනවා. රටේ සල්ලි නෑ කියන ආණ්‌ඩුව මැති ඇමැතිවරුන්ට පිනට වාහන දෙන්න යනවා. මේවා තමයි පුදුම කතා. මේ කියන හරුප කතාන්දර බුද්ධිමත් ජනතාව තේරුම් ගන්න ඕන. බෝගස්‌වැව සැලළිsහිණිගම විහාරස්‌ථානාධිපති තණමල්විල පියනන්ද ස්‌වාමීන් වහන්සේ අප සමග අදහස්‌ දක්‌වමින් එසේ පැවසූහ.

පක්‍ෂ පාට වැදගත් නොවේ. මනුස්‌සකමට ප්‍රමුඛස්‌ථානය ලබාදිය යුතුය. මිනිසා, මිනිසාට ප්‍රේම කළ යුතුය. එහෙත් සිදුවෙමින් තිබෙන්නේ මිනිසා මිනිසාට වෛර කිරීමකි. දුටුගැමුණු රජ දවසේ නන්දිමිත්‍ර යෝධයාගේ බළකොටුව පිහිටා ඇත්තේ ද බෝගස්‌වැව ප්‍රදේශය කේන්ද්‍ර කරගෙනය. විසි දහසක්‌ රහතන් වහන්සේලා සමග හේමමාලා, දන්ත කුමරු උතුම් දළදා වහන්සේ වඩම්මාගෙන පැමිණියේ කච්චිකුඩිය, මහමඩුව, මඩුකන්ද සහ බෝගස්‌වැව ගම මැදින් වැටුණු මාර්ගයෙනි. එවැනි ඓතිහාසික භූමියක අද ජීවත් වන සිංහල මිනිසුන් හාමතේ මැරෙන්න යන්නේය. එහෙත් බෝගස්‌වැව මිනිසුන් ගෙවල් ඉල්ලන්නේ නැත. බඩු මලු ඉල්ලන්නේ ද නැත. ඔවුන්ගේ එකම ඉල්ලීම ප්‍රදේශයේ යටිතල පහසුම් දියුණු කරගැනීමය. ගමේ පාසල දියුණු කර ගැනීමය. ලබා දීපු වගා සහනාධාරය නැවත ක්‍රියාත්මක කරලීමය. පර වුණු ජීවිත ගොඩනඟා ගැනීමට ඔවුන්ට එය හොඳටම ප්‍රමාණවත් බව ගම්වාසීහු අපට කීහ.

ත්‍රස්‌තවාදයෙන් රට නිදහස්‌ කරගැනීමට ජීවිත පරිත්‍යාග කළ විරුවන්ගේ පවුල් සඳහා සුබසාධනය සැලසීම රටක, ජාතියක වගකීමකි. අනිවාර්ය යුතුකමකි. එමෙන්ම උතුර, නැගෙනහිර යනු වසර තිහකට වැඩි කාලයක්‌ ම්ලේච්ඡ ගෝත්‍රික යුද්ධයකට මැදි වූ විවිධ ජාතීන් ජීවත් වූ ප්‍රදේශයක්‌ය. ඒ මිනිසුන්ගේ පෑරුණු සිත් සුවපත් කිරීමට මෙතෙක්‌ දියත් කෙරුණු කිසිදු වැඩපිළිවෙළක්‌ නැත. මානසික කළමනාකරණය සඳහා කිසිදු උපදේශන වැඩපිළිවෙළක්‌ නැත. එවැනි බේද භින්න වූ පරිසරයක ජනාවාස ඇතිකිරීම සිහිබුද්ධියෙන් කළ යුත්තකි. එසේ නොවන්න දුක්‌විඳින්නේ ජාතික විරුවන්ගේ ඥාතීන්ය. බෝගස්‌වැව රණවිරු ජනපදකරණයේ පදිංචි මිනිසුන් අද අත්විඳිමින් සිටින්නේ ඒ කටුක අද්දැකීමය. ඒ අසරණ මිනිසුන් දේශපාලනිකව, භූගෝලීයව මෙන්ම ආර්ථික වශයෙන්ද නන්නත්තාර වී සිටින්නේය. දැන් ඒ මිනිසුන්ට කිසිදු හව්හරණක්‌ නැත. දේශපාලන ගෝත්‍රිකයන් ඒ අසරණයන් අරබයා කඹ ඇදිල්ලකය. රටක්‌ වශයෙන් අප බලාපොරොත්තු විය යුත්තේ සියලු ජාතීන් අතර සංහිඳියාවයි. එහෙත් මේ රටේ කාලකණ්‌ණි දේශපාලනය විසින් රටේ මිනිසුන් කුලල් කා ගන්නා තැනට තල්ලු කරනවා විනා එකමුතු කිරීමක්‌ නොකරන්නේය. ඉතිහාසය පුරාම අප අත්විඳිමින් සිටින්නේ ඒ ගෝත්‍රික දේශපාලන ක්‍රියාකාරකම්ය. වෙනසක්‌ නැත. අද අත්දකිමින් සිටින්නේ ද ඒ ගෝත්‍රික ප්‍රතිපත්තියමය.

රට නිදහස්‌ කරගැනීමට තම දරුවන් දන් දුන් මවුපියන් අසරණ තත්ත්වයට පත්කිරීම යනු රටක්‌ වශයෙන් අප කර ගන්නා ආනන්තරීය පාපකර්මයක්‌ බව ද දේශපාලන ඇත්තන් සිතේ ධාරණය කර ගත යුතුය.

තරංග රත්නවීර
සිරිමන්ත රත්නසේකර
ඡායාරූප – ක්‍රිෂාන් කාරියවසම්

Categories

Different countries have visited this site

Free counters!