//

ජයලලිතා ජයරාම්

This category contains 82 posts

බෝගස්‌වැව ගමේ රණවිරු සරණාගතයෝ…

බෝගස්‌වැව ගමේ රණවිරු සරණාගතයෝ…

බඩදරු අම්මලාට මහ මඟ දරුවො හම්බ වෙනවා. සමහර ලෙඩ්ඩු මග මැරෙනවා.

අපි සිංහල කියලා දෙමළ ගම්වල මිනිස්‌සු කුලියක්‌ කරන්නවත් දෙන්නේ නෑ. ලෙඩක්‌ දුකක්‌ හැදිලා බෙහෙත් ටිකක්‌ ගන්න බෝගස්‌වැව, මාමඩුව, වව්නියාව රෝහල්වලට ගියහම අපිව කොන් කරනවා. අනේ හාමුදුරුවනේ අපිට කන්න නෑ. බොන්න නෑ. අපේ බඩ ඇකිලිලා. වතුර බිව්වොත් බඩ දැවිල්ල ගන්නවා. බෝගස්‌වැව ගමේ විතරක්‌ වකුගඩු රෝගීන් විසි හත්දෙනෙක්‌ ඉන්නවා. පිළිකා රෝගීන් ඉන්නවා. ගමේ හැමෝටම හතිය. රෑකට ලෙඩක්‌ දුකක්‌ හැදුණහම යන්න පාරක්‌ නෑ. බඩදරු අම්මලාට මහ මඟ දරුවො හම්බ වෙනවා. සමහර ලෙඩ්ඩු මග මැරෙනවා.

සේපාලිකා අම්මා හාමතේ හඬ වැළපෙන අයුරු…

විඳින අපට නම් සුන්දර සැඳෑවකි. එහෙත් ඔවුන්ට කෙසේ දැයි අපි නොදනිමු. සඳ එළියෙන් බැබළෙන තුරුලතා අතරින් ප්‍රාදූර්භූත වන ගුප්ත, මූසල බව නෙත ගැටෙන මුහුණු පුරා ද විසිරී ඇත. සඳ කිරණ වැටුණු ලොකු කුඩා කිසිදු මුහුණක එළියක්‌ නම් නැත. මතුව එන්නේ අවිනිශ්චිත බියමය. සතුරු බිය… රෝග බිය… ගමන් අපහසුතා… අධ්‍යාපනය, සෞඛ්‍යය මෙන්ම ආර්ථීක අතින් ද බෝගස්‌වැව ප්‍රදේශවාසීන් අගාධයේ පතුලටම කි¹ බැස ඇත. කතාබහ කළ සෑම ගම්වැසියෙක්‌ම ඒ බව අපට කීවේ හැඬූ කඳුළින්ය.

‘අපි මේ ඉඩම්වල පදිංචියට ඇවිත් අවුරුදු හතරක්‌ වෙනවා. වගා කරන්නයි, ජීවත් වෙන්නයි කියලා ඉඩම් අක්‌කරයක්‌ දීලා තියෙනවා. ඒත් මහත්තයො වගා කරන්න සල්ලි ඕන. අපි ළඟ සල්ලි නෑ. එහෙම ලොකු සල්ලියක්‌ තිබුණා නම් මේ කැලේට වෙලා මෙහෙම දුක්‌විඳින්නේ නෑ…’ බෝගස්‌වැව පදිංචිකරුවකු වන සමන් කතාවට ආරම්භයක්‌ ලබාදුන්නේය.

යුද්ධයෙන් මියෑදුණු කොටි ත්‍රස්‌තවාදීන්ට කරන උපහාරයක්‌ ලෙස ප්‍රභාකරන් ඔවුන්ගේ පවුල් මහා වීර පවුල් ලෙස නම් කළේය. එල්.ටී.ටී.ඊ. ය විසින් මහා වීර පවුල් පමණක්‌ පදිංචි කරවීමට ගම්මාන ඇති කළේය. උතුර, නැගෙනහිර ත්‍රස්‌තවාදයෙන් නිදහස්‌ කර ගත් පසු අපේ හමුදාව ද යුද්ධයෙන් මියෑදුණු හමුදා සමාජිකයන්ගේ පවුල් සිංහල මහා වීර පවුල් ලෙස නම් කර බෝගස්‌වැව ප්‍රදේශයේ පදිංචි කළේය. උතුර, නැගෙනහිර යා කරන පිවිසුම් දොරටුව වන බෝගස්‌වැව ප්‍රදේශයේ ඇති කළ මේ සිංහල මහා වීර ගම්මාන නැවත යුද්ධයක්‌ ඇති නොවෙන්නට දැමූ බැරියර් එකක්‌ ලෙස ද පෙන්වාදිය හැකිය. එක පෙළට ගම්මාන පහකි. බෝගස්‌වැව 1, 2 නාමල්ගම, සැලළිහිණිගම සහ නන්දිමිත්‍ර ගමය. බෝගස්‌වැවෙන් ආරම්භ වී නන්දමිත්‍ර ගමෙන් අවසාන වන මෙම නිවාස ව්‍යාපෘතියට යටත්ව භූමි ප්‍රමාණය අක්‌කර තුන්දහසකට වැඩිය.

ආරක්‍ෂක අංශවල සැලසුම වී තිබුණේ බෝගස්‌වැව නැවත පදිංචි කිරීමේ ව්‍යාපෘතිය යටතේ මේ ගම්මානවල සිංහල පවුල් හාරදහසක්‌ පදිංචි කරවීමය. අංග සම්පූර්ණ පාසලක්‌, සෑම ගමකටම පන්සලක්‌, ජලය, විදුලිය, සෞඛ්‍යය, මාර්ග පහසුකම් ආදියෙන් ඉතාමත්ම දියුණු ප්‍රදේශයක්‌ ලෙස නඟාසිටුවීමට පිඹුරුපත් ද සැකසී තිබිණි. පැවති රාජපක්‍ෂ ආණ්‌ඩුව සමයේ බෝගස්‌වැව නැවත පදිංචි කිරීමේ ව්‍යපෘතිය ආරම්භ කරමින් එහි පළමු අදියර ලෙස නිවාස දහසක්‌ ඉදිකර සිංහල මහා වීර පවුල් දහසක්‌ පදිංචි කරවීය. උතුරෙන්, දකුණින්, වයඹින්, බස්‌නාහිරින් ලංකාවේ හතර දිග්භාගයේම රණවිරු පවුල් මේ ගම්මානවලට පැමිණ පදිංචි වී සිටිති. සෑම නිවසකටම විදුලිය, ජලය, ගම්මාන හරහා වැටුණු පුළුල් මාර්ගයේ වැඩ ද පටන්ගෙන ලහි, ලහියේ කරගෙන ගියේය. එහෙත් ආණ්‌ඩුව වෙනස්‌වීමත් සමග බෝගස්‌වැව නිවාස ව්‍යාපෘතිය එකතැන නතර වීය. ගමට ලබාදෙන වතුර කැපිණි. පරාක්‍රමපුර සිට කිලෝ මීටර් විසි පහක්‌ යන තෙක්‌ තාර නොවැටුණු වැලි පාර වල්වැදී ගියේය.

කාෂ්ටක පොළවෙන් මතු වන දූවිල්ලට දැන් ඒ මඟෙහි ගමන් කිරීම ද අසීරුය. දූවිලිs බැඳුණු මග දෙපස තුරුලතා පාණ්‌ඩු පැහැයෙන් ලෙළ දෙන්නාහ. වාහනයක ගමන් කළ ද අප ඇඳ සිටි ඇඳුම් දූවිලි වර්ෂාවට අවර්ණ විය.

දූවිලි බැඳුණු හිස කෙස්‌ විදුලි එළියට අමුතුම පැහැයකින් දිස්‌න දුන්නේය. නාස්‌ පුඩු අතරින් ඇතුළු වන දූවිලි සැර ඉහ මොළ රත් කරන්නට විය. සැඳෑ අඳුර ගලන ගොම්මනේදීවත් මඟ වසා ගත් දූවිල්ල අපට දරාගත නොහැකි විය.

‘මේ පාරෙ බස්‌ එකක්‌ යන්නේ දවසට දෙතුන් වතාවයි. ගොඩක්‌ම අපි ගමන් බිමන් යන්නේ පයින්…’ දිවි මගෙහි කටුක බව කියන සමන්ගේ කතාවට ගමේ කාන්තාවක්‌ ද එකතු විය. ඇය සුමනාවතී ය. මේ දිනවල පවතින අධික රස්‌නයත් සමඟ අව් කාෂ්ටකයේ දූවිලි වලාවන්ට මැදි වූ මඟෙහි ගමන් කරන විට දැනෙන කටුක බව සුමනාවතී අම්මාගේ බොඳවන දෑස්‌වලින් අපට පෙනේ.

‘අපේ දරුවන්ගේ ඔලුවල ගෙඩි. පෙනහලුවල දූවිලි බැඳිලා. පාරේ යන සමහර වෙලාවට හුස්‌ම ගන්න බෑ කියලා දරුවො අඬනවා…’ ඇයගේ වචන පැටලිණි. ඉකි බිඳුම වේගවත් විය.

‘මේ බලන්න මහත්තයො මේ කිරි සප්පයා ඉපදෙනකොටම හදවතේ ආබාධයක්‌…’ සුමනාවතී අම්මා තවත් මවක්‌ පපුවට තුරුලු කරගෙන සිටි කිරි කැටි බිලින්ඳියක්‌ අපට පෙන්නුවාය.

රෝස මලක්‌ වැනිය. කිරි කැටි දියණිය මවගේ පපුවට තුරුලු වී සුව නින්දකය.

‘දුවට මොකද වෙලා තියෙන්නේ…’ දරු පැටියා තුරුලු කරගෙන සිටි අම්මට අපි කතා කළෙමු. ඇය අචලාය.

‘දුව ඉපදුණේ පහුගිය ජනවාරි 29 වැනිදා. එයා ඉපදෙනකොට පෙනහලුවල ආබාධයක්‌ තියෙනවා කියලා වෛද්‍යවරු කිව්වා. පස්‌සේ කොළඹ රිඡ්වේ රෝහලේදී දුවව ඔපරේෂන් කළා. වෛද්‍යවරු කියපු විදිහට ඔපරේෂන් එක සාර්ථකයි. ඒත් හොඳට පරිස්‌සම් කරන්න කියලා වෛද්‍යවරු කිව්වා. අපේ ගේ මැටි. පොළොවට සිමෙන්තිවත් දාලා නෑ. ඒ මදිවට පාරේ දූවිල්ල ගෙට එනවා. දුවව පරිස්‌සම් කරගන්න එක අපිට ලොකු ප්‍රශ්නයක්‌ වෙලා. දුවට බෙහෙත් ගන්න අද උදේ වව්නියා ඉස්‌පිරිතාලෙට ගියහම හවස්‌ වෙනකම් තියාගෙන හෙට දවසේ බෙහෙත් ටික විතරයි දුන්නේ. ඉතුරු ටික ගන්න අනිද්දට එන්න කිව්වා. මගේ මහත්තයා කරන්නේ ලොතරැයි විකුණන රස්‌සාව. මේ දරුවගේ ප්‍රශ්නය නිසා මහත්තයා දැන් මාස දෙකකින් රස්‌සාවට ගියේ නෑ. අපිට තව ඉස්‌කෝලෙ යන දරුවො දෙන්නෙක්‌ ඉන්නවා…’

ඔයාල මෙහෙට පදිංචියට ආවේ කොහේ ඉඳලාද…? අපි ඇයගේ කතාවේ දිසාව වෙනස්‌ කළෙමු.

‘පොළොන්නරුවේ ඉඳලා…’ ඇයගෙන් කෙටි පිළිතුරකි.

ඇය සමඟ කතා කරමින් සිටින අතරේ පුංචි පුතෙක්‌ අප අසලට පැමිණීයේය. ඔහු සුරාඡ් දේශාන්ය. බෝගස්‌වැව විද්‍යාලයේ පහ වසර පන්තියේ අකුරු කරන දක්‍ෂ දරුවෙකි. ඔහු කියන විදිහට පන්තියේ ළමයින් හතළිස්‌ අටක්‌ අතරින් ඔහු හත්වැනියාය.

ඇයි පුතා තවම ඉස්‌කෝලෙ යුනිෙµdaම් එක පිටින්…?

‘ඉස්‌කෝලෙ ඇරිලා ගෙදරට ආපු ගමන් තමයි අම්ම එක්‌ක පන්සලට ආවේ…’

ඇයි අද පරක්‌කු වුණේ…? අපගේ පැනයට පිළිතුරු දෙනවා වෙනුවට ඔහු ඇඹරිණි. පිළිතුරක්‌ නැති පුංචි මුහුණ දෙස අපි බලා සිටිමු. මොකක්‌ හෝ ගැටලුවක්‌ තිබෙන බව අපට වැටහිණි.

‘පුතාට බස්‌ එකේ එන්න තිබුණු රුපියල් දහය ඉස්‌කෝලෙදී නැති වෙලා. පස්‌සෙ පුතා පයින්ම ගෙදර ඇවිත්. ඉස්‌කෝලේ ඉඳලා අපේ ගමට කිලෝ මීටර් දොළහක්‌ විතර තියෙනවා. ගෙදරට එනකොට හවස පහ විතර වුණා…’ පුංචි පුතා වෙනුවෙන් අපට උත්තර දුන්නේ ඔහුගේ මවය.

සුදු කමිසය පාණ්‌ඩු පාටය. මුහුණ මැළවී ගොස්‌ය. එහෙත් ඒ දරුවගේ පින් පාට සිනාව දැනුදු මට මැවී පෙනේ.

පුතාගේ තාත්තා අම්මා මොකද කරන්නේ…? අපි පුංචි පුතුට නැවතත් චූටි ප්‍රශ්නයක්‌ ඉදිරිපත් කෙළමු.

‘තාත්තා කුලී වැඩ. අම්මාගේ බඩේ ඔපරේෂන් එකක්‌ කරලා. ඒ නිසා අම්මට වැඩක්‌ කරන්න බෑ…’

‘පුතාට නංගිලා මල්ලිලා ඉන්නවාද…’

‘මල්ලි කෙනෙක්‌ ඉන්නවා. අනේ අංකල් අපේ අම්මට තවමත් හොඳ නෑ. අපිට අම්මාව හොඳ කරලා දෙන්න…’ ඒ සුරාඡ්ගේ අහිංසක ඉල්ලීමය.

සුරාඡ්ගේ පන්තියේ ළමයින් හතළිස්‌ අටකි. ළමයින්ට ඉඳ ගැනීමට අකුරු ලියන්නට ඩෙස්‌ බංකු ඇත්තේ පහළොවක්‌ පමණි. සුරාඡ් කියන විදිහට බෝගස්‌වැව විද්‍යාලයේ ඉගෙන ගන්න ළමයින් සංඛ්‍යාව හාරසිය ගානකි. එහෙත් මීට අවුරුද්දකට ඉහතදී එම පාසලේ ළමයින් අටසීයකට වැඩි ප්‍රමාණයක්‌ අධ්‍යාපන කටයුතුවල නියෑලුණු බව ලැබෙන ආරංචි මාර්ගය. මිනිසුන් ප්‍රදේශය අතහැර යැමත් සමඟ පාසලේ ළමයින් ප්‍රමාණය ශීඝ්‍රයෙන් අඩු වෙමින් පවතී.

‘ගොවිතැන් කටයුතු කරන්න වතුර දීලා තිබුණා. වගා කරන්න ණය පහසුකම් දුන්නා. මාසෙකට සැරයක්‌ වියළි ආහාර මල්ලක්‌ දුන්නා. අපිට තිබුණේ මහන්සි වෙලා වගා කරන්න. අපි වගා සංග්‍රමය පටන් ගත්තා. පලතුරු, එළවළු, ධාන්‍ය බෝග හැම දේම වගා කළා. මේක පින් පොළවක්‌ මහත්තයො. මයියොක්‌ක දණ්‌ඩක්‌ විසි කළත් පැළ වෙනවා. අපි වෑපිරු බීජවලින් අස්‌වැන්නත් ගත්තා. අටු කොටුත් පිරෙව්වා. මිනිස්‌සු රජයෙන් දීපු ගෙවල් දොරවල් ලොකු කරලා හදන්න පටන් ගත්තා. උතුරු වසන්තය යටතේ මේ ගම්වල හැම ගෙදරකටම ලයිට්‌ දුන්නා. පාරවල් හැදුණා. බලා හිටිද්දී ප්‍රදේශය දියුණු වුණා. මේ ආණ්‌ඩුව පත් වුණාට පස්‌සේ පාර හදන එක නතර වුණා. ඊට ටික දවසක්‌ යනකොට ගමට දුන්නු වතුර ටික නතර වුණා. වගා කරන්න විදිහක්‌ නැතිව ගියා. ඒ මදිවට වගා කරන්න දුන්නු ආධාර, වියළි ආහාර සහනාධාර සේරම නතර කළා. අපිට වෙච්ච අසාධාරණය මේ ප්‍රදේශයේ දේශපාලනඥයන්ට කිව්වහම කියනවා ‘උඹලාව මෙහෙට ගෙනත් දාපු උන්ට ගිහින් කියාපල්ලා’ කියලා. හරියට අපි අතපලAලෙන් වැටුණු ගානටයි කතා කරන්නේ. අපි එහෙම වෙන්න ඕන මිනිස්‌සු නෙමෙයි. යුද්දෙට දරුවො පූජා කළේ මෙහෙම දුක්‌විඳින්නත් නෙමෙයි. කොටින්ගෙන් වෙඩි කාගෙන උන් එක්‌කම හැපුණේ උපදින දරුවන්ට නිදහස්‌ රටක්‌ ඇති කරන්න. ඒත් දැන් අපිට වෙලා තියෙන්නේ හාමතේ මැරෙන්න. මේ ගම්වල ඉඳලා නගරයට දුරයි. ඒ නිසා නගරයට ගිහින් කඩේකවත් වැඩක්‌ පලක්‌ කරලා එන්න බෑ. අපි සිංහල කියලා දෙමළ ගම්වල මිනිස්‌සු කුලියක්‌ කරන්නවත් දෙන්නේ නෑ. ලෙඩක්‌ දුකක්‌ හැදිලා බෙහෙත් ටිකක්‌ ගන්න බෝගස්‌වැව, මාමඩුව, වව්නියාව රෝහල්වලට ගියහම අපිව කොන් කරනවා. අනේ හාමුදුරුවනේ අපිට කන්න නෑ. බොන්න නෑ. අපේ බඩ ඇකිලිලා. වතුර බිව්වොත් බඩ දැවිල්ල ගන්නවා. බෝගස්‌වැව ගමේ විතරක්‌ වකුගඩු රෝගීන් විසි හත්දෙනෙක්‌ ඉන්නවා. පිළිකා රෝගීන් ඉන්නවා. ගමේ හැමෝටම හතිය. රෑකට ලෙඩක්‌ දුකක්‌ හැදුණහම යන්න පාරක්‌ නෑ. බඩදරු අම්මලාට මහ මඟ දරුවො හම්බ වෙනවා. සමහර ලෙඩ්ඩු මග මැරෙනවා. අපි විඳින දුක රටට කියන්න මම වව්නියාවට ගිහින් බැනර් උස්‌සගෙන හිටියා. ඒ අහන්නේ නැති තැන පාර මැද නිදාගත්තා. ඒත් අපේ දුක බලන්න කවුරුවත් ආවේ නෑ. මේ ප්‍රදේශවල කිසිම මාධ්‍යවේදියෙක්‌ අපේ ප්‍රශ්න රටට කියන්නෙත් නෑ. අනේ හාමුදුරුවනේ අපිට පිහිට වෙන්න… අපි ජීවිතයේ හොඳටම දුක්‌විඳපු මිනිස්‌සු. අපිට තවත් දුක්‌ විඳින්න බෑ. අපේ දරුවන්ට ගොවිතැන් බතක්‌ කරගන්න ගමට දුන්නු වතුර ටික අරගෙන දෙන්න. මේවා අපිට කියාගන්න කෙනෙක්‌ නැතුවයි හිටියේ. මේ අඬනවා නෙමෙයි. පපු කැහුත්තේ තියෙන වේදනාවයි පිටවෙන්නේ…’ වියපත් මවගේ විලාපයත් සමග මුසු වූ උද්වේගකර ඒ වචන සැලළිsහිණිගම විහාර භූමියට රැස්‌ව සිටි සියලුම දෙනා හැඬෙව්වාය. සැබෑවටම ඒ කතාවට ඇඬෙන්නේය.

අපි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට, දිස්‌ත්‍රික්‌ ලේකම් කාර්යාලයට ගියහම කිසිම සැලකිල්ලක්‌ නෑ. ඒ ආයතන තුළ ඉන්න බහුතරය දෙමළ. නිලධාරීන් නිසා එන්නන්, යන්නන් ‘මෙන්න බුදුනෙA මල් මම වැන්දා ගියා’ කියන කතාවක තමයි කියන්නේ. මේ ක්‍රමය වෙනස්‌ විය යුතුයි. උතුර, නැගෙනහිර ප්‍රදේශවල සිංහල, දෙමළ මිනිස්‌සු පනහට, පනහ පදිංචි කරන්න ඕන. ඒ වගේම අතරමඟ නතර වෙච්ච බෝගස්‌වැව නැවත පදිංචි කිරීමේ ව්‍යාපෘතිය කඩිනමින් ක්‍රියාත්මක කරන්න ඕන. රටේ භාණ්‌ඩාගාරයේ සල්ලි නෑ කියලා කරගෙන ආපු සංවර්ධනය නතර කරන්න බෑ. ගම්වල මිනිස්‌සු කන්න නැතිව මැරෙන්න යනවා. වතුර ටිකක්‌ නැතිව ලෙඩ්ඩු වෙනවා. රටේ සල්ලි නෑ කියන ආණ්‌ඩුව මැති ඇමැතිවරුන්ට පිනට වාහන දෙන්න යනවා. මේවා තමයි පුදුම කතා. මේ කියන හරුප කතාන්දර බුද්ධිමත් ජනතාව තේරුම් ගන්න ඕන. බෝගස්‌වැව සැලළිsහිණිගම විහාරස්‌ථානාධිපති තණමල්විල පියනන්ද ස්‌වාමීන් වහන්සේ අප සමග අදහස්‌ දක්‌වමින් එසේ පැවසූහ.

පක්‍ෂ පාට වැදගත් නොවේ. මනුස්‌සකමට ප්‍රමුඛස්‌ථානය ලබාදිය යුතුය. මිනිසා, මිනිසාට ප්‍රේම කළ යුතුය. එහෙත් සිදුවෙමින් තිබෙන්නේ මිනිසා මිනිසාට වෛර කිරීමකි. දුටුගැමුණු රජ දවසේ නන්දිමිත්‍ර යෝධයාගේ බළකොටුව පිහිටා ඇත්තේ ද බෝගස්‌වැව ප්‍රදේශය කේන්ද්‍ර කරගෙනය. විසි දහසක්‌ රහතන් වහන්සේලා සමග හේමමාලා, දන්ත කුමරු උතුම් දළදා වහන්සේ වඩම්මාගෙන පැමිණියේ කච්චිකුඩිය, මහමඩුව, මඩුකන්ද සහ බෝගස්‌වැව ගම මැදින් වැටුණු මාර්ගයෙනි. එවැනි ඓතිහාසික භූමියක අද ජීවත් වන සිංහල මිනිසුන් හාමතේ මැරෙන්න යන්නේය. එහෙත් බෝගස්‌වැව මිනිසුන් ගෙවල් ඉල්ලන්නේ නැත. බඩු මලු ඉල්ලන්නේ ද නැත. ඔවුන්ගේ එකම ඉල්ලීම ප්‍රදේශයේ යටිතල පහසුම් දියුණු කරගැනීමය. ගමේ පාසල දියුණු කර ගැනීමය. ලබා දීපු වගා සහනාධාරය නැවත ක්‍රියාත්මක කරලීමය. පර වුණු ජීවිත ගොඩනඟා ගැනීමට ඔවුන්ට එය හොඳටම ප්‍රමාණවත් බව ගම්වාසීහු අපට කීහ.

ත්‍රස්‌තවාදයෙන් රට නිදහස්‌ කරගැනීමට ජීවිත පරිත්‍යාග කළ විරුවන්ගේ පවුල් සඳහා සුබසාධනය සැලසීම රටක, ජාතියක වගකීමකි. අනිවාර්ය යුතුකමකි. එමෙන්ම උතුර, නැගෙනහිර යනු වසර තිහකට වැඩි කාලයක්‌ ම්ලේච්ඡ ගෝත්‍රික යුද්ධයකට මැදි වූ විවිධ ජාතීන් ජීවත් වූ ප්‍රදේශයක්‌ය. ඒ මිනිසුන්ගේ පෑරුණු සිත් සුවපත් කිරීමට මෙතෙක්‌ දියත් කෙරුණු කිසිදු වැඩපිළිවෙළක්‌ නැත. මානසික කළමනාකරණය සඳහා කිසිදු උපදේශන වැඩපිළිවෙළක්‌ නැත. එවැනි බේද භින්න වූ පරිසරයක ජනාවාස ඇතිකිරීම සිහිබුද්ධියෙන් කළ යුත්තකි. එසේ නොවන්න දුක්‌විඳින්නේ ජාතික විරුවන්ගේ ඥාතීන්ය. බෝගස්‌වැව රණවිරු ජනපදකරණයේ පදිංචි මිනිසුන් අද අත්විඳිමින් සිටින්නේ ඒ කටුක අද්දැකීමය. ඒ අසරණ මිනිසුන් දේශපාලනිකව, භූගෝලීයව මෙන්ම ආර්ථික වශයෙන්ද නන්නත්තාර වී සිටින්නේය. දැන් ඒ මිනිසුන්ට කිසිදු හව්හරණක්‌ නැත. දේශපාලන ගෝත්‍රිකයන් ඒ අසරණයන් අරබයා කඹ ඇදිල්ලකය. රටක්‌ වශයෙන් අප බලාපොරොත්තු විය යුත්තේ සියලු ජාතීන් අතර සංහිඳියාවයි. එහෙත් මේ රටේ කාලකණ්‌ණි දේශපාලනය විසින් රටේ මිනිසුන් කුලල් කා ගන්නා තැනට තල්ලු කරනවා විනා එකමුතු කිරීමක්‌ නොකරන්නේය. ඉතිහාසය පුරාම අප අත්විඳිමින් සිටින්නේ ඒ ගෝත්‍රික දේශපාලන ක්‍රියාකාරකම්ය. වෙනසක්‌ නැත. අද අත්දකිමින් සිටින්නේ ද ඒ ගෝත්‍රික ප්‍රතිපත්තියමය.

රට නිදහස්‌ කරගැනීමට තම දරුවන් දන් දුන් මවුපියන් අසරණ තත්ත්වයට පත්කිරීම යනු රටක්‌ වශයෙන් අප කර ගන්නා ආනන්තරීය පාපකර්මයක්‌ බව ද දේශපාලන ඇත්තන් සිතේ ධාරණය කර ගත යුතුය.

තරංග රත්නවීර
සිරිමන්ත රත්නසේකර
ඡායාරූප – ක්‍රිෂාන් කාරියවසම්

ෆොන්සේකාගේ ප්‍රකාශයෙන් ජිනීවා සාක්‌ෂි 3000 ක්‌ බිඳ වැටේ

ෆොන්සේකාගේ ප්‍රකාශයෙන් ජිනීවා සාක්‌ෂි 3000 ක්‌ බිඳ වැටේ

කීර්ති වර්ණකුලසූරිය

හතළිස්‌ දහසක ද්‍රවිඩ සිවිල් වැසියන් පිරිසක්‌ මියගිය බවට එල්ල වී ඇති චෝදනාව බොරු බව µSල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා කර ඇති ප්‍රකාශය නිසා ජිනීවා පරීක්‌ෂණ මණ්‌ඩලය වෙත සාක්‌ෂි ඉදිරිපත් කළ දෙස්‌ විදෙස්‌ සාක්‌ෂිකරුවන් තුන්දහසකගේ ප්‍රකාශ බිඳ වැටී ඇත.

මෙම සාක්‌ෂිවල විනිවිදභාවය ගැන විමසීම සඳහා පරීක්‌ෂණ මණ්‌ඩලය විසින් µSල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා කැඳවා තිබුණේ නැත.

මෙකී තුන්දහසක සාක්‌ෂිකරුවන් කවුදැයි පරීක්‌ෂණ මණ්‌ඩලය විසින් හෙළිකර නැති අතර එකී තොරතුරු වසන් කර ඇත.

උතුරේ ජල අර්බුදයට ඩයස්‌පෝරාවෙන් විසඳුම්

උතුරේ ජල අර්බුදයට ඩයස්‌පෝරාවෙන් විසඳුම්
– චන්ද්‍රිකා කියයි

රසී වීරසිංහ

යාපනය අර්ධද්වීපයේ උග්‍ර පානීය ජල අර්බුදය විසඳීමට බ්‍රිතාන්‍යයේ වෙසෙන ශ්‍රී ලාංකික ද්‍රවිඩ ඩයස්‌පෝරාව ඉදිරිපත් වී සිටින බව ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්‌ඩාරනායක කුමාරතුංග මහත්මිය පැවසුවාය.

පසුගියදා ජාතික සමගිය හා සංහිඳියා කාර්යාංශයේ පැවැති මාධ්‍ය හමුවකදී හිටපු ජනපතිනිය මේ බව පැවසුවාය.

යාපනය අර්ධද්වීපයේ පානීය ජල අර්බුදය විසඳීමට ලීටර් 6500 ක පමණ ධාරිතාවකින් යුත් වැසි ජල ටැංකි 1000 ක්‌ ඉදිකිරීමට බ්‍රිතාන්‍යයේ වෙසෙන ද්‍රවිඩ ඩයස්‌පෝරාව ඉදිරිපත් වී සිටින බව පැවසූ චන්ද්‍රිකා බණ්‌ඩාරනායක කුමාරතුංග මහත්මිය 4 දෙනකුගෙන් යුත් පවුලකට මාස 3 ක පමණ කාලයකට අවශ්‍ය ජලය ගබඩා කර ගැනීමට මෙම ජල ටැංකියක්‌ හොඳටම ප්‍රමාණවත් බව පැවසුවාය.

යාපනය පුරා ඇති හුණුගල් තට්‌ටුව ජලය සමඟ දියවී යැමෙන් පානීය ජලයට ලුණු ජලය මිශ්‍රවීම වේගවත් වී ඇති අතර ඉදිරි වසර පහ ඇතුළතදී යාපනය අර්ධද්වීපය පුරා ලුණු ජලය පැතිර යා හැකි බවට පාරිසරික විද්‍යාඥයන් විසින් අනතුරු අඟවා තිබිණි.

දෙහිවල දුම්රියපොළේ බෝම්බ පිපිරවූ කොටින්ට අනුබල දුන් දෙදෙනා වසර 2 ක්‌ සිරගෙට

දෙහිවල දුම්රියපොළේ බෝම්බ පිපිරවූ
කොටින්ට අනුබල දුන් දෙදෙනා වසර 2 ක්‌ සිරගෙට

ඒ. ඡේ. ඒ. අබේනායක

දෙහිවල දුම්රිය ස්‌ථානයේ නවතා තිබූ දුම්රියක බෝම්බ අටවා පුපුරුවා හැර මගීන් 64 දෙනකු ඝාතනය කිරීමට හා තවත් 275 දෙනකුට බරපතළ තුවාල සිදු කිරීමට එල්.ටී.ටී.ඊ. ත්‍රස්‌තවාදීන්ට ආධාර අනුබලදීමේ චෝදනාවට වරද පිළිගත් පුද්ගලයන් දෙදෙනකුට කොළඹ විශේෂ මහාධිකරණ කොමසාරිස්‌ අයිරාංගනී පෙරේරා මහත්මිය ඊයේ (14 දා) වසර 2 බැගින් වූ බරපතළ වැඩ සහිත සිරදඬුවම් නියම කළාය.

විත්තිකරුවන්ට එරෙහිව ඇත්තේ එම වරදට ආධාර අනුබල දීම යන චෝදනා යන කරුණු මෙන්ම ඔවුන් දෙදෙනාම මේ වනවිටත් වසර 20 කට ආසන්න කාලයක්‌ රක්‌ෂිත බන්ධනාගාර භාරයේ පසුවීම යන කරුණු සලකා බැලූ විනිසුරුවරිය එම දඬුවම් නියම කළාය. එමෙන්ම ඔවුන් බන්ධනාගාර දඬුවම් කාලයෙන් අනතුරුව වසර 1 බැගින් වව්නියාව පුනරුත්ථාපන කඳවුරේ රඳවා පුනරුත්ථාපනය කිරීමටද කොමසාරිස්‌වරිය එහිදී නියෝග කළාය.

1996 ජුලි මස 27 වැනිදා සිදුවූ එම අපරාධය සම්බන්ධයෙන් ත්‍රස්‌ත විමර්ශන ඒකකය මගින් පැවැත්වූ විමර්ශන අනුව එම විත්තිකරුවන් දෙදෙනා ඇතුළු පස්‌දෙනකුට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා 1708 ක්‌ යටතේ නඩු පවරා තිබුණි. අඹුසැමි යුවළක්‌ ඇතුළු විත්තිකරුවන් තිදෙනකු එම නඩුවේ චෝදනා කිහිපයකට 2013 වසරේදී වරද පිළිගැනීමෙන් අනතුරුව මහාධිකරණ විනිසුරු කුමුදුනී වික්‍රමසිංහ මහත්මිය (පූර්වගාමි) ඔවුන් තිදෙනාට වසර 25 බැගින් වූ සිරදඬුවම් නියම කොට තිබුණි.

සෙල්වරාසා ශ්‍රීධරන් හා සින්නප්පු සෙල්වරාජා නමැති විත්තිකරුවන්ට එලෙස දඬුවම් නියම කෙරිණි.

How does the UN identify a Civilian from a Combatant (not a paper distinction)?

How does the UN identify a Civilian from a Combatant (not a paper distinction)?

Civilians under LTTE rule

There are plenty of laws and conventions on how wars are to be fought, but those laws were for wars that did not have cowards manipulating them. Today’s wars are all proxy wars as state armies fight asymmetrical wars where from some corner or corners of the world, groups of people with vested interested put together a group or groups, arm them and then use the media to propel them as ‘freedom fighters’ and launch a spate of terror targeted at the State and against civilians. How does the UN separate a civilian from a combatant – not just according to the book? In the case of the LTTE, it had a civilian defense force, a first for any terrorist group and changes the dynamics of all laws!

Asymmetrical conflicts have made possible all that conventional wars were considered as violations. Transnational terrorists are blurring the distinction between a soldier and a civilian. Terrorists are being treated as combatants thus dignifying criminality and affording terrorists the status of soldiers. The UN needs to be accountable for this.

In a traditional war, combatants and civilians are relatively easy to distinguish but what happens when terrorists dress up as civilians.

There were many ways the UN could have broken the hands of the LTTE over the years clamping down on those that funded LTTE from abroad knowing where they were all located and who they were but this aspect was purposely ignored. Now, having allowed LTTE to thrive they have gone on to dignify LTTE by affording them combatant status with the likelihood of being punished remaining ever thin. On what legal grounds does the UN give to afford terrorists the same rights afforded to soldiers of a sovereign army?

LTTE training civilian women

http://www.youtube.com/watch?v=yyzTFOpg8lY

LTTE had a civilian force armed and trained to kill. Can the UN place adjective ‘innocent’ civilian to them?

Rule 1 of the ICRC declares the Principle of distinction between civilian and combatant. According to the rule, parties to the conflict must at all times distinguish between civilians and combatants. Attacks may only be directed against combatants. Attacks must not be directed against civilians.

Now, this is very interesting. LTTE did not emerge into the Sri Lankan scenario in 2008 or 2009. LTTE has been functioning as an armed terrorist group since the 1980s. They became known as a ruthless and brutal movement by targeting civilians. This makes LTTE violating Rule 1 (Principle of Distinction). Attacks by LTTE were either upon the military or specifically upon civilians. If attacks are not meant to be directed against civilians, we next need to ask what was done by the UN, the ICRC about LTTE’s violation of Rule 1 since 1980s and why has this violation been omitted for UN investigation. Surely, victims cannot be confined to a timeframe if an international panel is to punish or declare one party or either party guilty. Therefore, victims of the entire conflict need to be given justice moreso when the victims being referred to as civilians throughout the 1980s, 1990s, 2000 and beyond have more right to qualify as civilians than those Tamil civilians whom we know were taking part in hostilities either voluntarily or by force.

Therefore, under customary international law applicable to both international and non-international armed conflicts

  • LTTE as combatants do not enjoy the protection against attack accorded to civilians
  • LTTE also does not enjoy right to combatant status or prisoner of war status.
  • Rule 6  declares that civilians are protected against attack unless and for such time as they take a direct part in hostilities – this is quite a tricky situation.

o   Does the UN know how many civilians did not take part in hostilities?

o   Does the UN know how many civilians took part in one or two acts of hostilities making distinction further complicated?

o   Does the UN know how many civilians volunteered to take part in hostilities?

o   Does the UN know how many civilians may have died while taking part in hostilities?

o   Does the UN know how many will admit and own up to being a civilian but taking part in hostilities?

o   Does the UN know how many civilians 5 years on will admit to taking part in one or more hostile acts

o   Can the UN rely on these civilian accounts if all those saved claim they did not take part in hostilities and thus provide them the package of witness protection for no reason?

These are just a handful of questions that come immediately to mind. You may be able to develop further on the possibilities.

Sri Lanka’s conflict has been designated a non-international armed conflict

In such an armed conflict under Article 13 (2) of the Additional Protocol II, it is prohibited to make civilian populations and individual civilians the object of attack. This can be added to the list of LTTE’s guilt list and war crimes because every LTTE attack on villages, civilian populated areas, buses, infrastructure, buildings, airports etc by the LTTE since the 1980s qualifies as a violation of Article 13 (2) of the Additional Protocol II.

LTTE also becomes guilty of Amended Protocol II to the Convention on Certain Conventional Weapons where it is prohibited to direct attacks against civilians. Not only did LTTE come from its training centres, with armed suicide cadres and cadres dressed as civilians with bombs and suicide belts, they were ordered and instructed to carry out suicide missions wherever civilian populations concentrated. We continue to question why no Resolutions, no UN representatives raised the same uproar as they are doing now.

LTTE also becomes guilty of violating Protocol III to the Convention on Certain Conventional Weapons under the Ottawa Convention banning anti-personnel land mines. If we are to count the number of civilian victims of landmines the proportionality of victims would be revealed. But the easiest excuse has been to declare LTTE as non-signatory to conventions or treaties thus us wondering for what is this expense of international panel investigations been incurred for?

What we need to get straightened out is that there would be no non-international armed conflict if LTTE had not taken up arms. LTTE’s killing of scores of Tamils nullifies the oft promoted notion that LTTE stood for Tamil aspirations. That was far from so.

The Statute of the ICC (International Criminal Court) says ‘intentionally directing attacks against the civilian population as such or against individual civilians not taking direct part in hostilities” constitutes a war crime in non-international armed conflicts.

If Petrie can write a report on UN failure during the last phase why were reports not written and action taken against all LTTE’s civilian targets every day, every month and throughout every year. This is an important question because according to the ICC it is a war crime to intentionally direct attacks against civilians who have not taken part in hostilities.

This is where we need to take every civilian that the LTTE targeted living throughout the Sri Lanka because none of these civilians were living around any military camps. They were either going to school, travelling on buses, going to work, sleeping in their homes/villages or simply walking on the road. These people were the targets of the LTTE and was the UN and ICRC not aware of this and if so why did they not show the same urgency for the civilians of the last phase who we cannot ascertain whether they were civilians or combatants. Some civilians did function as combatants – the only issue is that we don’t know how many and the UN does not know how many to even claim they were civilians too.

The question that is crucial to the argument of allegations and accusations of civilians been killed or butchered remains who is best placed to distinguish a civilian from a combatant and a civilian engaged in hostilities? Is it the UN sitting in their offices in Geneva and New York, is it the INGOs or is it the soldier that has just a split second to determine whether the person in civil clothing is a civilian or a LTTE wearing civilian clothes behaving in a manner likely to lead to the soldiers life being compromised?

None of us were in a war zone. None of us know what it is like to be in a war zone. None of us can identify a civilian from an LTTE cadre because right throughout LTTE despite having uniforms dressed in civilian attire to carry out attacks against civilians. Therefore, in such a scenario it is extremely difficult to determine who a civilian is.

The UN can issue statements condemning attacks on civilians but surely 3 decades has been far too long for UN to pretend it did not know that LTTE was committing war crimes by targeting civilians.

What we need to say is that civilians were targeted not ONLY during the last phase as the UN is trying to project but civilians have been targets of LTTE ever since the 1980s which demands us to ask what has the UN done for these civilian victims?

With the UN and ICRC well aware of how LTTE targeted civilians and with the sudden emphasis on claiming civilians were intentionally killed by the security forces, we need the UN to explain to us

  • How the UN has categorized LTTE’s attacks on civilians throughout the 1980s,1990s, 2000s upto its defeat in May 2009?
  • If UN has categorized LTTE as targeting civilians what the UN did about it since 1980s given that the attack itself qualified as a criminal act
  • Why the UN and its staff did not make the same international outburst for the civilians that LTTE targeted and killed as it did for civilians in the last phase.
  • Why has there been a very distinct difference in the way UN and associated entities have treated civilians killed by LTTE and the civilians whose status quo as civilians in the last phase is under question given the accusations of forcible recruitment and even appeals by the UNSecretary General asking LTTE not to recruit children and others.

Therefore, leaving aside all the law books, conventions and treaties can we simply know how in an non-international armed conflict, when dealing with internationally proscribed terrorists groups that have decades of notoriety for targeting and  killing civilians and recruiting by force men, women and even children, a group that forcibly took civilians as hostage/human shields as insurance for the LTTE’s safety and fired at the Sri Lankan army, how could the army have distinguished the LTTE combatant from a Tamil person whose ‘civilian’ title/status is blurred by the very fact that he/she was taking part in hostilities.

– by Shenali D Waduge

Thamilini Interview – Jeevendran

Former LTTE women’s wing leader Thamilini dies

මහ බැංකු ත්‍රස්‌ත ප්‍රහාරයට විසි වසරයි

මහ බැංකු ත්‍රස්‌ත ප්‍රහාරයට විසි වසරයි

* ප්‍රභාකරන් චෝදනා 51 කට වරදකරු වෙයි

* නිලබ්දීන් ප්‍රභාකරන්ගේ ඇඟිලි සලකුණ සොයා ගත්තා”

* පොලිස්‌ දෙපාර්තමේන්තුව නිලබ්දීන් සහ ඇඟිලි සලකුණු පරීක්‍ෂකවරුන් වූ නෝමන් පෙරේරා සහ රත්නායක ගැන තැකීමක්‌ කළේ නැහැ.

* නිලබ්දින් “දිවයින” අමතයි

100 කට අධික සිවිල් වැසියන් ඝාතනය වූ මහ බැංකු බෝම්බ ප්‍රහාරයට වසර 20 ක්‌ ගත වී ඇත. 1996 ජනවාරි 31 දා මෙම ප්‍රහාරය එල්ල විය. මේ අතිබිහිසුණු ත්‍රස්‌ත ප්‍රහාරයට වගකිව යුතු ප්‍රභාකරන් යුද අපරාධකරුවකු ලෙස කිසිම රටක්‌ නම් කළේ නැත. බිරියට සැමියා අහිමි විය. සැමියාට බිරිය අහිමි විය. එසේම එම අවස්‌ථාවේ මහ බැංකුව අසලින් යමින් සිටි අහිංසකයන් රැසක්‌ද එකී බෝම්බ ප්‍රහාරයට ගොදුරු විය.

එදා සිදු වූ මේ අමානුෂික ත්‍රස්‌ත ක්‍රියාව බොහෝ පර්ශවවලට අමතක වී ඇත. මෙවර පැවැති සමරු උත්සවයට ප්‍රභාකරන්ට කන්ටේනර් බඩු තොග යෑවූ අයකුද පැමිණ සිටියේය. 2009 දක්‌වා ප්‍රභාකරන් නැමැති ත්‍රස්‌තයකු මෙරට සිටියේද යන්න පවා ඇතමුන් දන්නේ නැත. වන්නියේ කැලෑවකට වී මෙරට දේශපාලනඥයන් ජීවත් විය යුතුද නැද්ද යන්න තීරණය කළේද ප්‍රභාකරන්ය. ඒ බව අමතකය.

දෛවය එක්‌ දොරක්‌ නොවසා තවත් දොරක්‌ අරින්නේ නැතැයි වික්‌ටර් හියුගෝ නැමැති ප්‍රංශ ගත්කරුවා වරක්‌ පවසා තිබුණි.

ප්‍රභාකරන්ගේ දෛවය 2009 මැයි මස සඳහටම වසා දමනු ලැබීය. එහෙත් මහ බැංකු ප්‍රහාරයට ප්‍රභාකරන් වගකිවයුතු යෑයි තහවුරු කළ හිටපු ත්‍රස්‌ත මර්දන නිලධාරියාගේ දෛවය වසා දැමීමට කොටි ත්‍රස්‌ත කල්ලියට නොහැකි විය.

සිය දිවි ගලවා ගැනීමට මෙරටින් පැනගිය ත්‍රස්‌ත මර්දන නිලධාරියකු වූ හිටපු ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක” නිලබ්දීන්” පසුගිය සතියේ මෙරටට පැමිණ දින කීපයක්‌ නතර වීමෙන් පසුආපසු පිටව ගියේය.

නිලබ්දීන් මෙරටින් යැමට පෙර එක්‌තරා රහසිගත ස්‌ථානයකදී අපට හමුවිය. නිලබිදීන් නැමැති ත්‍රස්‌ත මර්දන නිලධාරියා ප්‍රභාකරන්ට අභියෝගයක්‌ විය. ඒ නිසාම ඔහුව ඝාතනය කිරීමට ගල්කිස්‌සේ මහ මාර්ගයේදී දැරූ උත්සාහය අසාර්ථක විය. කොටි බෝම්බකරු පිපිර වූ බෝම්බයෙන් විසිරුණු යකඩ කැබලි මගේ හිසේ තවමත් තියෙනවා. යෑයි ඔහු කියා සිටියේය.

මහ බැංකු බෝම්බ ප්‍රහාරයට සම්බන්ධ රගු නැමැති ත්‍රස්‌තයාගෙන් මා ප්‍රශ්න කිරීමෙන් පසු බෝම්බ ප්‍රහාරයට සම්බන්ධ රහස්‌ හෙළි වුණා. ප්‍රභාකරන් ඔහුට රිදීවලින් නිම කළ තෑගි පෙට්‌ටියක්‌ දී තිබුණා. මේ පෙට්‌ටිය මුතූර්හි කැලෑවක පිහිටි ඔහුගේ ගෙදර තිබෙන බවත් රගු හෙළි කළා. මම මුතූර් පොලිසියට ගොස්‌ කොටි සිටින කැලෑවට යෑවීමට පොලිස්‌ භටයන් ඉල්ලා සිටියා. මට එක්‌ භටයෙක්‌ ලැබුණා. හමුදාව මට අනතුරු අඟවමින් කිව්වේ කොටි සිටින පැත්තට යන්න එපා. අල්ල ගත්තොත් අපට බේර ගන්න බැහැ කියලා. යෑයි නිලබ්දීන් හෙළි කළේය.

රගු නැමැති ත්‍රස්‌තයාගේ නිවසට යැම සඳහා නිලබ්දීන් මුතූර් වෙත යන පාලම් පාරුවට ගොඩ වූයේ තවත් සගයන් දෙදෙනකු සමඟය. පාලම් පාරුව පැද වූ ද්‍රවිඩයා නිලබ්දීන් කවුදැයි දැන සිටියේ නැත. චතුර ලෙස ද්‍රවිඩ භාෂාව කතා කරන නිලබ්දීන් ඇතුළු පිරිස පාලම්පාරුව මෙහෙය වූ තැනැත්තාට පැවසුවේ අසනීප වී ඇති නෑයෙකුට බෙහෙත් වගයක්‌ ගෙන යන බවයි.

පාලම් පාරුව ආපසු සවස 5.30 ට පිටත් වෙනවා. ඊට පෙර පැමින යුතුයි. නැත්නම් උඹලාව කොටින්ට අහුවෙයි. රෑට මේ පැත්තට කොටි කණ්‌ඩායම් එනවා යෑයි පාලම් පාරුවේ තොටියා අනතුරු අඟවනු ලැබීය.

මුතර් වෙත පැමිණ නිලබ්දීන් ඇතුළු පිරිස රගු හෙළි කළ තොරතුරු මැද විශාල වත්තක මැද පිහිටි නිවසක්‌ වෙත පැමිණියහ. එහි සිටියේ රගුගේ පියායි. සිය පුත්‍රයා පොලිස්‌ අත්අඩංගුවේ බව ඔහු දැන සිටියේ නැත. නිවසේ පෙට්‌ටගමක ඇති තෑගි පෙට්‌ටිය වහාම ගෙන එන ලෙස පුතා තමන්ට පැවසූබව නිලබ්දීන් කියා සිටියේය.

ඒ අනුව එම තෑගි පෙට්‌ටිය නිලබ්දීන්ට ලබාදීමට රගුගේ පියා ක්‍රියා කළේය. ඉතා ප්‍රවේශමෙන් පොලිතින් උරයක දමා පසුව එළවළු මල්ලකට දමාගත් තෑගි පෙට්‌ටිය රැගෙන නිරුපද්‍රිතව මුතූර් පැමිණීමට එන විට පාලම් පාරුව ත්‍රිකුණාමලය බලා පිටත්ව යැමට නියමිතව තිබුණි.

මම හිතුවා නුඹලා ප්‍රමාද වෙනකොට කොටින්ට අහුවෙලයි කියල. විනාඩි කීපයකට පෙර කොටි කණ්‌ඩායමක්‌ මෙම ස්‌ථානයෙන් ගියා යෑයි තොටියා කියා සිටියේය.

ජීවිතය හා මරණය අතර සටනක්‌ කරමින් නිලබ්දීන් ගෙන ආ තෑගි පෙට්‌ටිය ඇඟිලි සලකුණු සඳහා කොළඹ ඇඟිලි සටහන් අංශයට යොමු කෙරුණි. ඇඟිලි සටහන් අංශයේ නෝමන් පෙරේරා සහ රත්නායක යන නිලධාරීන් එම තෑගි පෙට්‌ටියේ තිබූ ඇඟිලි සටහන් හා මදුරාසි පොලිසිය ලබාදුන් ප්‍රභාකරන්ගෙ ඇඟිලි සටහන් සංසන්දනය කළේය.

තෑගි පෙට්‌ටියේ ඇඟිලි සටහන්වලින් දෙකක්‌ ප්‍රභාකරන්ගේ ඇඟිලි සටහන් බවට තහවුරු විය. ඒ අනුව අධිකරණය වෙත එම තොරතුරු ඉදිරිපත් කෙරුණි. නිලබ්දීන් විසින් සොයාගත් ප්‍රභාකරන්ගේ ඇඟිලි සලකුණු මත ප්‍රභාකරන්ට වසර 200 ක සිරදඬුවමක්‌ නියම කළේ සරත් අඹේපිටිය විනිසුරුතුමායි. එතුමා ප්‍රභාකරන්ව චෝදනා 51 කට වරදකරු කළේය.

මේ නඩු තීන්දුව ඇසූ ප්‍රභාකරන් කෝප විය. මුතූර් ප්‍රදේශය භාරව සිටි කොටි හමුදා නායකයකු වූ අරුන් වන්නියට ගෙන්වනු ලැබීය.

පොලිසිය මුතූර් වෙත එනකන් නුඹලා කුමක්‌ද කළේ යෑයි ප්‍රභාකරන් ප්‍රශ්න කළේය.

පසුව නිලබ්දීන්ට වාර්තා වූයේ ප්‍රභාකරන්ගේ නියෝග මත අරුන්ව වෙඩි තබා මරා දැමූ බවයි. මේ රහසිගත මෙහෙයුම දිවයින මගින් විශේෂයෙන් අනාවරණය කරනු ලැබීය.

ප්‍රභාකරන්ට වසර 200 ක සිරදඩුවමක්‌ නියම කර ඇතැයි සවනය වූ විගස කොටි න්‍යායාචාර්ය ඇන්ටන් බාලසිංහම් කෝපාවිෂ්ට විය.

අපි ශ්‍රී ලංකාවේ නායකයන්ට එරෙහිව නඩු අසා වසර 1000 කට සිරයට නියම කරනවා යෑයි ඔහු තර්ජනය කළේය.

එහෙත් ප්‍රභාකරන්ට සිරදඬුවම් නියම කිරීමට තම ජීවිතය පරදුවට තැබූ නිලබ්දීන්ට පොලිසිය කෘතගුණ සැලකුවේ නැත.

ඊනියා සටන්විරාම ගිවිසුම සමයේ ඔහුව ගල්කිස්‌ස පොලිසියේ මුල්ලකට දමනු ලැබීය. කොටි ඔහුගේ සහායකයා වූ පොලිස්‌ පරීක්‍ෂක ජෙයරත්නම්ද පැහැරගෙන ගොස්‌ ඝාතනය කරනු ලැබීය.

සිය දිවි බේරා ගැනීම සඳහා නිලබ්දීන් විදේශ ගත විය. ඔහුට තම විශ්‍රාම වැටුප් ලබා ගැනීමට පවා පොලිසියට එරෙහිව නඩු පැවරීමට සිදු විය.

ප්‍රභාකරන් විසින් රගු නැමැති ත්‍රස්‌තයාට තෑගි කළ පෙට්‌ටිය සොයා ගැනීම ගැන පොලිස්‌ දෙපාර්තමේන්තුව විශාල තෑගි මුදලක්‌ පිරිනැමුවේ නැත. නිලබ්දීන්ගේ බිරිය පොලිස්‌ මූලස්‌ථානයට ගොස්‌ තම සැමියාට හිමි තෑගි මුදලක්‌ ඇති බවත් එය ලබාදෙන ලෙසත් ඉල්ලා සිටියාය.

කවුද කිව්වේ තෑගි මුදල් තිබෙනවා කියලා යෑයි උසස්‌ පොලිස්‌ නිලධාරියෙක්‌ ප්‍රශ්න කළේය.

ඇඟිලි සලකුණු අංශයේ නෝමන් පෙරේරා සහ රත්නායක යන පොලිස්‌ නිලධාරීන්ගේ විශිෂ්ට සේවයද ඇගයීමට ලක්‌ වූයේ නැත. රන් පදක්‌කම් හිමිවිය යුතු එම පොලිස්‌ නිලධාරීන් දෙදෙනා දැන් විශ්‍රාම ගොස්‌ ඇත.

පොලිසිය වෙනුවෙන් තම ජීවිතය පරදුවට තැබූ නිලබ්දීන්ද පොලිසියෙන් ඉල්ලා අස්‌විය. මේ තිදෙනා ඊශ්‍රායලයේ සිටියේ නම් ඔවුන් විරුවන් ලෙස ප්‍රකාශයට පත්වනු නිසැකය.

* කීර්ති වර්ණකුලසූරිය

 

එමිල් කාන්තන්ගේ වරෙන්තුව අහෝසියි දුටු තැන අල්ලන්න නිකුත් කළ රතු නිවේදනයත් අවලංගුයි

එමිල් කාන්තන්ගේ
වරෙන්තුව අහෝසියි

දුටු තැන අල්ලන්න නිකුත් කළ
රතු නිවේදනයත් අවලංගුයි

ඒ. ඡේ. ඒ. අබේනායක

උතුරු නැගෙනහිර පළාත්වල මූල්‍ය කටයුතු භාරව කටයුතු කළ ප්‍රධාන පෙළේ එල්. ටී. ටී. ඊ. ක්‍රියාකාරිකයකු වන එමිල් කාන්තන් හෙවත් ඇන්ටන් චමිල් ලක්‍ෂ්මි කන්නන් නමැත්තා දුටු තැන අත්අඩංගුවට ගැනීමට නිකුත් කොට ඇති විවෘත වරෙන්තුව හා රතු නිවේදනය අහෝසි කිරීමට කොළඹ විශේෂ මහාධිකරණ කොමසාරිස්‌ විනිසුරු අයිරාංගනී පෙරේරා මහත්මිය ඊයේ (1 දා) නියෝග කළාය.

හිටපු අමාත්‍ය ඩග්ලස්‌ දේවානන්දා මහතාට උල් ආයුධවලින් හා මොට ආයුධවලින් පහරදී ඝාතනය කිරීමට තැත් කිරීම ඇතුළු අධි චෝදනා යටතේ පවරා ඇති නඩුවේ දෙවැනි විත්තිකරු වන ඔහු අධිකරණයට පැමිණ භාරවීමට අපේක්‍ෂා කරන බව කියමින් විත්තිය වෙනුවෙන් පෙනීs සිටි නීතිඥ සාරංග වාදසිංහ මහතා කළ කරුණු දැක්‌වීම සලකා බැලූ කොමසාරිස්‌ විනිසුරුවරිය එම නියෝගය කළාය. මේ වනවිට විදේශ ගත වී සිටින විත්තිකරු දුටු තැන අත්අඩංගුවට ගැනීමට විවෘත වරෙන්තු නිකුත් කොට තිබීම හා විදේශ රටවල් වෙත නිකුත් කොට ඇති රතු නිවේදන ඔහුව අධිකරණය හමුවට පැමිණීමට බාධාවක්‌ වී ඇතැයි ද විත්තියේ නීතිඥවරයා අධිකරණයට පෙන්වා දුන්නේය.

එම කරුණු සලකා බැලූ කොමසාරිස්‌ විනිසුරුවරිය තම අධිකරණ නියෝගය වහාම කටුනායක හා මත්තල ගුවන් තොටුපළ ආගමන හා විගමන අංශ නිලධාරීන්ට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට, ත්‍රස්‌ත විමර්ශන අංශයට හා රාජ්‍ය බුද්ධි අංශ වෙත නිකුත් කිරීමට ද නියෝග කළාය. විත්තිකරු ශ්‍රී ලංකාවට පැමිණියහොත් අත්අඩංගුවට නොගන්නා ලෙසත්, පැමිණි බව තම අධිකරණයට දැනුම් දෙන ලෙසත් එහිදී අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ඇතුළු බලධාරීන්ට විනිසුරුවරිය නියෝග කළාය.

විත්තිකරු ශ්‍රී ලංකාවට පැමිණ සති දෙකක්‌ ඇතුළත තම අධිකරණය හමුවට පැමිණවීමට පියවර ගන්නා ලෙස විත්තියේ නීතිඥවරයාට නියෝග කළ විනිසුරුවරිය නඩුව ලබන 24 වැනිදා යළි කැඳවීමට නියෝග කළාය.

1998 ජුනි 30 වැනිදා හෝ ඊට ආසන්න දිනකදී කළුතර දී උල් ආයුධවලින් හා මොට ආයුධවලින් පහරදී හිටපු අමාත්‍ය ඩග්ලස්‌ දේවානන්දා මහතා ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කිරීම ඇතුළු අධි චෝදනා තුනක්‌ යටතේ එම විත්තිකරු ඇතුළු විත්තිකරුවන් 16 දෙනකුට එරෙහිව නීතිපතිවරයා එම නඩුව ගොනු කර තිබුණි.

 

මෙරටින් පැන්නූ නොර්වේ ජනවාරි 7 සිට යළි ඇවිත්


මෙරටින් පැන්නූ නොර්වේ ජනවාරි 7 සිට යළි ඇවිත්

කොටි ත්‍රස්‌තවාදය නැති කර ලීම සඳහා 6000 කට අධික හමුදා භටයන් සහ නිලධාරීන් දිවිදුන් ශ්‍රී ලංකා යුද හමුදාව අද බරපතල ප්‍රශ්නයකට මුහුණ පා ඇත. මේ සතියේ දිනෙක වාර්තා වූයේ වෙබ් අඩවියක කාටුන් ශිල්පියකු වූ එක්‌නැලිගොඩ අතුරුදන්වීමේ සිද්ධියට අදාළ පරීක්‍ෂණ සඳහා රහස්‌ පොලිසියට සහය නොවීම සම්බන්ධයෙන් හමුදාපති ක්‍රිශාන්ත සිල්වාට එරෙහිව නඩු පැවරීමට රහස්‌ පොලිස්‌ බලධාරීන් කටයුතු කරන බවයි. හමුදාපතිවරයකුට එරෙහිව නඩු පැවරීමට පොලිසිය උත්සාහ කළ මුල් අවස්‌ථාව මෙය නොවේ.

2002 ජනවාරි මස දිනෙක මහනුවර සහකාර පොලිස්‌ අධිකාරීව සිටි කුලසිරි උඩුගම්පොල අතුරුගිරියේ දිගුදුර විහිදුම් බළකාය වටලා එහි සිටි හමුදා භට පිsරිස අත්අඩංගුවට ගැනීමේ සිද්ධියේදී මෙවන් තත්ත්වයක්‌ මතුවිය. එම සිද්ධියට අදාළව එවකට හිටපු හමුදාපති ලයනල් බලගල්ලට සහ බුද්ධි අංශ ප්‍රධානි කපිල හෙන්දා විතාරණට එරෙහිව නඩු පැවරීමට පොලිසිය සූදානම් විය. එහෙත් එදා සිටි නියෝජ්‍ය ආරක්‍ෂක ඇමැති තිලක්‌ මාරපන නිසා එකී උත්සාහය අසාර්ථක විය.. මෙවන් පසුබිමක්‌ මැද රහස්‌ පොලිසියට තොරතුරු නොදීම නිසා හමුදාපතිට නඩු පැවරීමට සූදානම් වෙද්දී යුද හමුදාව යුද අපරාධ සිදු කළ බව කියමින් ඇමරිකානු රජයට දිව්රුම් පෙත්සමක්‌ දුන් ශ්‍රී ලංකා යුද හමුදාවේ හිටපු මේජර් ජනරාල්වරයකුට විදේශ ශ්‍රී ලංකා මහකොමසාරිස්‌ කාර්යාලයක උසස්‌ ධුරයක්‌ හිමිවිය. පසුගිය ආරක්‍ෂක විශේෂාංගයෙන් “ජුදාස්‌” යෑයි අපි හඳුන්වනු ලැබුවේ එම හමුදා නිලධාරියායි.

ඔහු හමුදාවෙන් විශ්‍රාම ලබා තම ධුරය ලබාගැනීමට පෙර එතෙක්‌ පැවැති වෙස්‌ මුහුණ ගලවා දමා අලුත් වෙස්‌ මුහුණක්‌ දා ගත්තේය. ඒ සිය වාසගම වෙනස්‌ කිරීමෙනි. එහෙත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මේ හමුදා නිලධාරියාගේ අතීතය වාර්තා වී නොතිබුණි. යුද හමුදාව පාවාදුන් මොහු විදේශ රටක පිහිටි ශ්‍රී ලංකා මහ කොමසාරිස්‌ කාර්යාලයක ඉහළ ධුරයක්‌ ලැබීමෙන් පසු එම රට ඔහුව පිළිගත්තේ බ්‍රිතාන්‍යයේ මහරැජිනට හිමිවී ඇති සත්කාරවලට සමාන සත්කාරවලිනි.

එහෙත් සිය පැරණි වෙස්‌ මුහුණ ගලවා අලුත් වෙස්‌ මුහුණක්‌ දමාගත් මේ හමුදා නිලධාරියා කවුදැයි මෙරට හමුදා නිලධාරීහු හඳුනා ගත්හ. එසේ වුවත් රාජ්‍ය රහස්‌ පනත උල්ලංඝනය කරමින් ඇමරිකාවට ශ්‍රී ලංකා හමුදාව පාවාදීම ගැන මොහු අත්අඩංගුවට ගැනීමක්‌ හෝ නඩු පැවරීමක්‌ සිදුවූයේ නැත.

මේ අන්දමට දිවුරුම් ප්‍රකාශයක්‌ මගින් ඇමරිකානු නීතිවේදියකු හමුවේ සාවද්‍ය ප්‍රකාශයක්‌ සිදු කළ එකී හිටපු හමුදා නිලධාරියා ඉහළම ධුරයකට පත්වන අවස්‌ථාවේ වන්නි මෙහෙයුම ජය ගැනීමට අනිකුත් හමුදා ප්‍රධානීන් සමග කැපවූ 58 වැනි සේනාංකයේ ප්‍රධානියාව සිටි මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා 53 වැනි සේනාංකයේ සේනාධිපති ලෙස පත් කරනු ලැබීය. මේ අතර නෝර්වේ විදේශ ඇමැති බ්‍රොaඡ් බ්‍රොන්ඩේ පසුගිය ජනවාරි 7 දා මෙරටට සම්ප්‍රාප්ත විය.

ජනවාරි මස මුල් සතියේ නෝර්වේ විදේශ ඇමැතිවරයා මෙරටට පැමිණීම විශේෂ සිද්ධියක්‌ වන්නේ 2008 වසරේÊජනවාරි 4 දා ශ්‍රී ලංකා රජය නෝර්වේ සටන් විරාම ගිවිසුමෙන් ඉවත්වීම නිසාය.

අට වසරකට පෙර නෝර්වේ සහ ශ්‍රී ලංකාව අතර පැවැති සබඳතාවය ෙද්‍රdaහි ක්‍රියා නිසා බිඳ වැටෙද්දී 2016 ජනවාරි 7 දා යළි නෝර්වේ ආගමනය සිදු විය. ඔහු පැමිණියේ පව් සමා කර ගැනීමට නොවේ.

බ්‍රොaඡ් බ්‍රොන්ඩේ මෙරටට පැමිණියේ කුමක්‌ සඳහාද? ශ්‍රී ලංකාවේ සංහිඳියා ක්‍රියාදාමයට සහයවීම සම්බන්ධයෙන් කරුණු සෙවීමට නෝර්වේ රජය කටයුතු කරන බව ඔහු දේශපාලන නායකයන් සමග පැවැති සාකච්ඡාවලදී පවසා ඇත.

නෝර්වේ විදේශ ඇමැතිව සිටි ජාන් පැටර්සන් සහ නියෝජ්‍ය විදේශ ඇමැතිව සිටි විදාර් හෙල්ඡේසන් කොටි සමග එක්‌ව කටයුතු කළ ආකාරය අමතක නොවේ.

2002 ජනවාරි සිට 2008 ජනවාරි දක්‌වා කාලය තුළ නෝර්වේ රාජ්‍යය මෙරට කටයුතු කළ ආකාරය මෙලෙස දැක්‌විය හැක. ප්‍රභාකරන් සිදු කළ බිහිසුණු ක්‍රියා අමතකවී ඇති විටෙක නෝර්වේ ෙද්‍රdaහි ක්‍රියා සහමුලින් අමතක වී ඇත.

1. කොටින්ට එරෙහි වන්නි මෙහෙයුම නතර කිරීම සඳහා ව්‍යාජ සාමයක්‌ මැවීමට රාජ්‍ය නොවන සංවිධානවලට රුපියල් මිලියන 250 කට අධික මුදලක්‌ ලබාදීම.

2. කොටි හඬ ගුවන් විදුලිය සඳහා අධි සම්ප්‍රේෂණ යන්ත්‍ර ලබාදීම.

3. හිටපු නෝර්වේ අමාත්‍ය එරික්‌ සෝල්හයිම් ජිනීවා පරීක්‍ෂණ මණ්‌ඩලය හමුවේ ශ්‍රී ලංකාව යුද අපරාධ සිදු කළ බවට සාක්‍ෂි දීම.

4. නෝර්වේ නියෝජ්‍ය විදේශ ඇමැති විදාර් හෙල්ඡේසන් කොටි නායක ප්‍රභාකරන්ගෙන් ස්‌වර්ණමය තිළිණයක්‌ ලබා ගැනීම.

5. හිටපු නෝර්වේ තානාපති හෑන්ස්‌ බ්‍ර්‍රට්‌ස්‌කාර් හිටපු ජනාධිපති හමුවී සාම්පූර් මෙහෙයුම නතර කිරීමට උත්සාහ කිරීම.

6. කොටි සංවිධානයට නැගෙනහිර මුහුදු කලාපය ලබාදීම සඳහා ද සටන්විරාම කමිටුව සමග එක්‌වී පිඹුරුපත් සකස්‌ කිරීම.

7. සාම සාකච්ඡා මුවාවෙන් ඔස්‌ලෝ අගනුවරට පැමිණි කොටි කණ්‌ඩායමට නෝර්වේ අවි සමාගම්වලට යැමට ඉඩ දීම.

8. කොටි කණ්‌ඩායමකට නෝර්වේහි රේන විශේෂ බළකා කඳවුරට යැමට අවසර දීම – එකී විශේෂ බළකා කටයුතු ගැන අවබෝධයක්‌ ලබාදීමට කටයුතු කිරීම.

9. කොටි ඊළම් පොලිස්‌ කණ්‌ඩායමක්‌ විදේශ පුහුණුවට යැවීම.

10. නෝර්වේ චන්ද්‍රිකා තාක්‍ෂණ උපකරණ වූ “නේරා” උපාංග සැපයීම. මෙම උපාංග හමුදාව විසින් පසුව සොයා ගෙන තිබිණි.

11. ප්‍රභාකරන් සමග යුද්ධ කර ජයගත නොහැකි බව එරික්‌ සෝල්හයිම් ශ්‍රී ලංකා රජයට දැනුම්දීම.

12. විදේශ ඇමැතිව සිටි ලක්‍ෂ්මන් කදිරගාමර් ඝාතනය සම්බන්ධව කොටින්ට එරෙහිව නිසි පියවර ගැනීමෙන් වැළකීම.

13. නෝර්වේ ඒජන්තවරුන් දෙදෙනකු මෙරට ස්‌ථාපිත කර එම ඒජන්තවරු දේශපාලන පක්‍ෂවලට රිංගවීම.

මෙවන් අවමන් සහගත අතීතයක්‌ ඇති නෝර්වේ රාජ්‍යය යළි ශ්‍රී ලංකාවේ කටයුතුවලට මැදිහත්වීමට කටයුතු කර ඇත්තේ නෝර්වේහි සිටින ඊළම්වාදීන්ගේ ඉලක්‌කය සපුරා ගැනීම සඳහායි.

වන්නි මෙහෙයුමට පසු ප්‍රධාන පෙළේ කොටි ත්‍රස්‌තයන් රැසක්‌ තානාපති වරප්‍රසාදවලට මුවාවී නෝර්වේ වෙත යෑවූ බව ඔස්‌ලෝ නුවර ඇප්ටන් පෝස්‌ටන් පුවත්පත හෙළි කර තිබිණි.

මෙවන් පසුබිමක්‌ මැද බ්‍රිතාන්‍ය විදේශ ඇමැති හියුගෝ ස්‌විරේ ශ්‍රී ලංකාවට පැමිණ ඇත. හියුගෝ ස්‌විරේ මෙරටට එන්නේ ශ්‍රී ලංකාවේ සෞන්දර්යය දැක ගැනීමට නොවේ.

ස්‌විරේ විසින් බ්‍රිතාන්‍යයේ ඊළම් සංසදයට සම්බන්ධ සිසොම්ගාන් මැක්‌ඩොනා වෙත යෑවූ ලිපියෙන් ඔහුගේ සංචාරයේ අරමුණ හෙළි විය.

          

ඒ ශ්‍රී ලංකා හමුදාව උතුරින් ඉවත් කිරීම සහ ජිනීවා යෝජනාව ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකා රජය සමග සාකච්ඡා කිරීමටයි. මේ සඳහා බ්‍රිතාන්‍ය ආරක්‍ෂක අරමුදලින් ස්‌ටර්ලින් පවුම් මිලියන 6.6 ක්‌ ශ්‍රී ලංකාවට ලබාදීමට තීරණය කර ඇත. හියුගෝ ස්‌විරේ ඊළාම් බෙදුම්වාදයට සහය වන මැක්‌ඩොනා මන්ත්‍රිනිය වෙත යවා ඇති ලිපියේ මෙලෙස සඳහන් කර තිබේ. “සංහිඳියාව සහ යුද අපරාධ චෝදනා විමර්ශනය සම්බන්ධව ශ්‍රී ලංකාව ජාත්‍යන්තර ප්‍රජාවට පොරොන්දුවක්‌ දී ඇත. එහිදී ශ්‍රී ලංකා හමුදාව වැදගත් කාර්ය භාරයක්‌ ඉටු කල යුතුයි. ඒ උතුර හා නැගෙනහිරින් හමුදාව ඉවත්වීම සහ හමුදාව භාරයේ ඇති ඉඩම් සිවිල් ජනතාවට ලබාදීමයි. එසේම ආරක්‍ෂක ක්‍ෂේත්‍රය ප්‍රතිසංවිධානය කිරීමට සහය වීම අපේ අරමුණයි”.

බ්‍රිතාන්‍ය විදේශ ඇමැති මෙරටට පැමිණීමෙන් පසු ඊළඟට ශ්‍රී ලංකාවට එන්නේ ජිනීවා මානව හිමිකම් කොමසාරිස්‌ සෙයිද් රාද් හුසේන්ය. මානව හිමිකම් කොමසාරිස්‌වරයාගේ ශ්‍රී ලංකා සංචාරයේ අරමුණ වී ඇත්තේ ජිනීවා යෝජනාව ප්‍රකාර රජය ක්‍රියා කර තිබේද යන්න විමර්ශනය කිරීමයි.

මෙලෙස බ්‍රිතාන්‍ය විදේශ ඇමැති හා මානව හිමිකම් කොමසාරිස්‌ ශ්‍රී ලංකාවට එන සමයේ උතුරේ තවත් මෙහෙයුමක්‌ ක්‍රියාත්මක වේ.

උතුරු පළාත් සභාව මුල්ලිවයික්‌කාල් ස්‌මාරකය නමින් සමරු මධ්‍යස්‌ථානයක්‌ ඉදිකිරීමටත් එය මැයි 28 දා විවෘත කිරීමටත් සැලසුම් කිරීම මෙම මෙහෙයුමයි. එහෙත් ඒ සඳහා රජයෙන් අවසර ගෙන නැත. උතුරු පළාත් සභාව මෙම සමරු මධ්‍යස්‌ථානය ස්‌ථාපිත කිරීමට සැලසුම් කර ඇත්තේ කොටි ඝාතන සමාගම සැමරීම සඳහායි.

මුල්ලිවයික්‌කාල් සමරු මධ්‍යස්‌ථානය ඉදිකරන බව උතුරු පළාත් සභාව ප්‍රසිද්ධියේ පවසන අවස්‌ථාවේ රජයේ යාන්ත්‍රණයෙන් ඊට නිසි ප්‍රතිචාරයක්‌ දක්‌වා නැත. මේ අන්දමට ත්‍රස්‌තවාදීන් සැමරීමේ ස්‌මාරක ඉදිකිරීමට ලොව වෙනත් රටවල් ඉඩදී නොමැත.

මේ අතර මානව හිමිකම් කොමසාරිස්‌ගේ ශ්‍රී ලංකා සංචාරය ගැන දැනගත් වූ විගස මෙරට රාජ්‍ය නොවන සංවිධාන 12 ක්‌ හා සිවිල් ක්‍රියාකාරීන් යෑයි හඳුන්වාගත් 41 ක පිරිසක්‌ කරුණු දහයක්‌ ඉටු කරන ලෙස ඉල්ලීමක්‌ කරමින් රජයට සන්දේශයක්‌ යවා ඇත. මේ සන්දේශයේ දැක්‌වෙන කරුණු පාඨකයන්ගේ අවධානය උදෙසා අපි මෙලෙස සඳහන් කරන්නෙමු.

1. ජිනීවා යෝජනාව මුළුමනින්ම ක්‍රියාත්මක කරනු.

2. යුද අපරාධ චෝදනා විමර්ශනය සඳහා විශේෂ අධිකරණයක්‌ සහ ස්‌වාධීන කාර්යාලයක්‌ පිහිටුවනු.

3. විශේෂ අධිකරණය සඳහා විදේශ විනිසුරුවරුන්, නීතිවේදීන්, නඩු අධ්‍යක්‍ෂකවරුන් සහ විමර්ශකයන්ට සහභාගි වීම සඳහා නීතිරීති ඇති කරනු.

4. පසුගිය කාලයේ සිදුවූ යුද අපරාධ ගැන නඩු පැවරීම සඳහා නව නීතිරීති කෙටුම්පත් කරනු.

5. ජිනීවා මානව හිමිකම් කාර්යාලයේ සහය ලබාගනු.

6. ආරක්‍ෂක අංශ ප්‍රතිසංවිධානයට ලක්‌ කරනු.

7. මානව හිමිකම් උල්ලංඝනය කර ඇති අයවළුන් සාම හමුදා කටයුතු සඳහා අනුයුක්‌ත කිරීමෙන් වළකිනු.

8. මහජන ආරක්‍ෂක පනත හා ත්‍රස්‌ත මර්දන පනත සංශෝධනයට ලක්‌ කරනු.

9. අත්අඩංගුවේ සිටින දේශපාලන සිරකරුවන් (හිටපු කොටි ත්‍රස්‌තයන්) නිදහස්‌ කරනු.

10. විපතට පත් වූවන් නිරීක්‍ෂණය කිරීමෙන් වළකිනු.

මේ ඉල්ලීම්වලින් කියන්නේ ඇන්ටනෝව් යානාවට මිසයිල ගැසූ ත්‍රස්‌තයන් ද මුදාහැරිය යුතු බවයි.

මෙකී ඉල්ලීම් ඇතුළත් සන්දේශයට අත්සන් තබා ඇති සමහරු මෙයට පෙර අසා නැති පුද්ගලයන්ය. තවත් අයෙක්‌ ශ්‍රී ලංකා හමුදාව චීනයෙන් ගෑස්‌ කුටි ගෙන්වා ලක්‍ෂ ගණනක්‌ ද්‍රවිඩයන් පුලුස්‌සා මරා දැමීමට යුද හමුදාව ක්‍රියා කළ බවට සාවද්‍ය ප්‍රචාරයක්‌ දියත් කළ අයෙක්‌.

එසේම සන්දේශයේ සඳහන් රාජ්‍ය නොවන සංවිධාන විදේශ අරමුදල් ලබන සංවිධාන වේ. ඉන් වාර්ගික අධ්‍යයනය පිළිබඳ ජාත්‍යන්තර මධ්‍යස්‌ථානය යනු වසර කීපයකට පෙර වන්නි මෙහෙයුම නතර කිරීමට එක්‌සත් ජාතීන්ගේ හමුදාවක්‌ කැඳවීමට උත්සාහ කළ සංවිධානයයි.

එකී ක්‍රියාදාමයට සම්බන්ධ වූ එම මධ්‍යස්‌ථානයේ ප්‍රධානියාව සිටි ප්‍රංශ ජාතික රාමා මානිව මෙරටින් පිටුවහල් කිරීමට රජය ක්‍රියා කළේය.

මෙකී සන්දේශයේ දැක්‌වෙන කරුණු පසුගිය සැප්තැම්බර් මාසයේදී එක්‌සත් ජාතීන්ගේ හිටපු නිලධාරිනියක්‌ වූ යස්‌මින් සුකා ද ජිනීවා මානව හිමිකම් කවුන්සිලය වෙත ඉදිරිපත් කර තිබුණි.

මේ නිසා තහවුරු වන්නේ “අත ඊසොප්ගේ හඬ ඡේකොබ්ගේ” යන බයිබල් පාඨයයි.

මෙවන් තොරතුරු හෙළිවන අවස්‌ථාවේ වඩුක්‌කෝඩේ සම්මුතිය යළි මතු විය. 1976 යාපනය වඩුක්‌කෝඩේහිදී එස්‌. ඡේ. වී. චෙල්aවනායගම්ගේ ප්‍රධානත්වයෙන් පැවැති ද්‍රවිඩ එක්‌සත් විමුක්‌ති පෙරමුණේ ප්‍රථම ජාතික සමුළුවේදී ශ්‍රී ලංකාව දෙකඩ කළ යුතු බවට දැක්‌වෙන එකී සම්මුතිය ප්‍රකාශයට පත් විය. මේ සම්මුතියට 2016 වසරේදී වසර 40 ක්‌ සපිරෙයි.

දැන් මේ සම්මුතිය ඉදිරියට ගෙන යැමට උත්සාහ කරන්නේ රටින් බැහැර ඊළාම් ආණ්‌ඩුව නමැති සංවිධානයයි.

මේ අතර මුහුදු කොටි පාලනය යටතේ පැවැති මුලතිව්හි නැගෙනහිර මුල්ලිවයික්‌කාල් ප්‍රදේශය ආරක්‍ෂක හමුදාව විසින් මුදා ගැනීමෙන් වසර හතකට පසු එකී ප්‍රදේශයේ නාවික කඳවුරක්‌ ඉදිකිරීම සම්බන්ධයෙන් විරෝධතා එල්ලවී ඇත.

මුලතිව් යනු උපායමාර්ගික කේන්ද්‍රස්‌ථානයකි. නැගෙනහිර මුල්ලිවයික්‌කාල්හි පදිංචිකරුවන් යෑයි හඳුන්වාගත් පිරිස්‌ එකී විරෝධතාවට සම්බන්ධ වී තිබේ.

මෙයට සමගාමීව ප්‍රභාකරන්ගේ මස්‌සිනාවූ උතුරු පළාත් සභා මන්ත්‍රී එම්. කේ. සිවාජිලිංගම්ද රජයට ඉල්ලීම් පහක්‌ යොමු කර ඇත.

මෙහි දැක්‌වෙන්නේ එම ඉල්ලීම්ය.

1. දෙමළ ජාති ඝාතනය ගැන යුක්‌තිය ලැබිය යුතුය.

2. ජනවාර්ගික ගැටලුව විසඳීමට ඇමරිකාව ඉන්දියාව සහ යුරෝපා සංගමය සම්බන්ධ කර ගත යුතුය.

3. හමුදා කඳවුරු ශක්‌තිමත් කිරීම නතර කළ යුතුය.

4. අතුරුදන් වූවන් ගැන කඩිනම් ප්‍රතිචාරයක්‌ දැක්‌වීම.

5. දෙමළ දේශපාලන රැඳවියන් 200 ට නිදහස දිය යුතුයි.

ද්‍රවිඩ සංධාන මන්ත්‍රී එම්. කේ. සුමන්තිරන් ද ඊට සමාන ප්‍රකාශයක්‌ කරමින් රටේ සෑම ජනවර්ගයකටම සම තත්ත්වය දිය යුතු බව පවසා ඇත. ප්‍රභාකරන්ගේ ඉල්ලීම වූයේ ද සම තත්ත්වයයි. මේ අතර වසර කීපයකට පසු නෝර්වේ හිටපු අමාත්‍ය එරික්‌ සෝල්හයිම් තවත් රහසක්‌ හෙළි කර ඇත. රහස නම් විදේශ ඇමැති කදිරගාමර් කොටි සංවිධානය මැරුවේ ඔහු කොටින්ව ජාත්‍යන්තර තහනමට ලක්‌ කළ නිසා යෑයි පවසා ඇත.

කීර්ති වර්ණකුලසූරිය

කොටි ඝාතක සමාගම සැමරීමේ මුල්ලිවයික්‌කාල් ස්‌මාරකය

කොටි ඝාතක සමාගම සැමරීමේ මුල්ලිවයික්‌කාල් ස්‌මාරකය

එසේම මුල්ලිවයික්‌කාල් ස්‌මාරකය ඉදි කිරීමට යන්නේ මියගිය කොටි නායක ප්‍රභාකරන් හා කොටි ඝාතන කල්ලිය වෙනුවෙන් නොවේද?

උතුරු පළාත් සභාවේ අරමුණ වී ඇත්තේ ලබන මැයි 18 දා මුල්ලිවයික්‌කාල් ස්‌මාරකය විවෘත කිරීමයි.

මෙලෙස ත්‍රස්‌තවාදීන් වෙනුවෙන් ස්‌මාරක ඉදි කිරීමට ඉඩ දිය යුතුද යන ප්‍රශ්නය රජය හමුවේ පවතී. 2015 නොවැම්බර් 4 වැනිදා මෙම මුල්ලිවයික්‌කාල් ස්‌මාරකය ඉදිකිරීමේ මුල්ම සාකච්ඡාව උතුරු පලාත් සභාවේදී පවත්වා ඇත.

උතුරු පළාත් සභා මන්ත්‍රීවරු එම ස්‌මාරකය ඉදිකිරීමට ලබා දෙන්නේ රජය විසින් සංවර්ධන කටයුතු සඳහා ලබාදුන් මුදලිනි.

උතුරු පළාත් සභාව සිය විෂය පථයට පිටින් ක්‍රියාදාමයන් රැසකට මැදිහත් වී ඇත. පසුගියදා උතුරු පළාත් සභාව මුල්ලිවයික්‌කාල්හි සන්නද්ධ අරගලයේ අවසන් සමයේදී ඝාතනය වූ පිරිස්‌ වෙනුවෙන් යෑයි කියමින් ස්‌මාරකයක්‌ ඉදිකිරීමට සැලසුම් කිරීමේ වැඩ පිළිවෙලක්‌ දියත් කර තිබේ.

මේ සඳහා පළාත් සභාවේ මන්ත්‍රීවරු තමන්ට ලැබී ඇති මුදලින් රුපියල් ලක්‍ෂය බැගින් ලබාදීමට එකඟ වී ඇත.

මුල්ලිවයික්‌කාල් ස්‌මාරකය සඳහා කටයුතු කිරීමට නව දෙනෙකුගෙන් යුත් කමිටුවක්‌ද පත් කර ඇතැයි වාර්තා වේ.

ඊට ඇන්තනී ජෙයනාදන් – විරුද්ධ පක්‍ෂ නායක එස්‌. නඩරාජා, එම්. සිවනේසන්, ටී. රවිකරන්, ටී. පසුපතිපිල්ලේ, ටී. පුතිර්නන් අයුබ් අස්‌මින් එම්. ත්‍යාග රාජා සහ කේ. සරෙස්‌වරන් යන මන්ත්‍රීවරු පත් කර ඇත.

මුල්ලිවයික්‌කාල් ස්‌මාරකයේ කටයුතු ජනවාරි 12 දා ආරම්භ කිරීමට නියමිතය.

මෙහිදී නැගෙන බරපතල ප්‍රශ්නය මෙයයි. මෙම ස්‌මාරකය ඉදිකිරීමට සැලසුම් කර ඇත්තේ රජයේ අවසරයක්‌ නැතිවය. එසේම රජය සතු ඉඩමක එය ඉදි කිරීමට සූදානම් වන බව හෙළි වී තිබේ.

එසේම මුල්ලිවයික්‌කාල් ස්‌මාරකය ඉදි කිරීමට යන්නේ මියගිය කොටි නායක ප්‍රභාකරන් හා කොටි ඝාතන කල්ලිය වෙනුවෙන් නොවේද?

උතුරු පළාත් සභාවේ අරමුණ වී ඇත්තේ ලබන මැයි 18 දා මුල්ලිවයික්‌කාල් ස්‌මාරකය විවෘත කිරීමයි.

මෙලෙස ත්‍රස්‌තවාදීන් වෙනුවෙන් ස්‌මාරක ඉදි කිරීමට ඉඩ දිය යුතුද යන ප්‍රශ්නය රජය හමුවේ පවතී. 2015 නොවැම්බර් 4 වැනිදා මෙම මුල්ලිවයික්‌කාල් ස්‌මාරකය ඉදිකිරීමේ මුල්ම සාකච්ඡාව උතුරු පලාත් සභාවේදී පවත්වා ඇත.

උතුරු පළාත් සභා මන්ත්‍රීවරු එම ස්‌මාරකය ඉදිකිරීමට ලබා දෙන්නේ රජය විසින් සංවර්ධන කටයුතු සඳහා ලබාදුන් මුදලිනි.

මුල්ලිවයික්‌කාල් ස්‌මාරකයක්‌ ඉදි කිරීම උතුරු පළාත් සභාවේ විෂය පථයට අයත් නැත. එහෙත් උතුරු මහ ඇමැති විග්නේශ්වරන් පළාත් සභා විෂය පථය කෙරේ. තැකීමක්‌ කර සිය ක්‍රියාදාමයන් අරඹා ඇත.

මේ අන්දමට ඉන්දීය රජය මියගිය සීක්‌ ත්‍රස්‌තයන් වෙනුවෙන් හෝ ඇසෑම් ත්‍රස්‌තයන් වෙනුවෙන් ස්‌මාරක ඉදිකිරීමට ඉඩ දී තිබේද?

2016 වසර අපේ ඉලක්‌ක සපුරා ගැනීමේ වසර යෑයි උතුරු මහ ඇමැති විග්නේශ්වරන් පවසා තිබුණි.

මෙරට බහුතරයේ දේශපාලන පක්‍ෂ අතර අර්බුදයක්‌ පවතින අවස්‌ථාවේ උතුරු පළාත් සභාව බොරදියේ මාළු බෑමට සැරසෙන බව මින් පැහැදිලිවේ.

මෙම මුල්ලිවයික්‌කාල් ස්‌මාරකය ඉදිකිරීමේ මෙහෙයුම ගැන සාකච්ඡාව කළ අවස්‌ථාවේ පසුගිය ඉරිදා යාපනයේදී තවත් සමරු රැස්‌වීමක්‌ පැවැත්වුණි.

ඒ 1974 දී යාපනයේ ද්‍රවිඩ පර්යේෂණ සමුළුවේදී පස්‌දෙනෙක්‌ මිය යැමේ සිද්ධිය සැමරීමයි. එම අවස්‌ථාවට තමිල් අරසු කච්චිනායක මාවෙයි සේනාධිරාජා උතුරු පළාත් සභාපති බී. ටී. සිවඥානම් එම්. කේ. සිවාජිලිංගම් සහ පී. කර්තියන් ඇතුළු පිරිසක්‌ සහභාගී වී ඇත.

වසර 42 කට පෙර පොලිස්‌ ප්‍රහාරයකින් මියගිය බව කියන එකී පිරිස සැමරීමට ස්‌මාරකයක්‌ද ඉදි කර තිබේ.

මේ පසුබිම මැද උතුරු මහ ඇමැති විග්නේශ්වරන් වලිකාමම් ප්‍රදේශයේ අධි ආරක්‍ෂක කලාප විමර්ශනය කිරීමටද ක්‍රියා කර ඇත.

මෙම තත්ත්වය මත උතුරු පළාත් සභාවේ අරමුණ සංහිදියාව නොවන බව තේරුම් ගැනීම අපහසු නැත. වන්නි මෙහෙයුම නිම වී වසර හතක්‌ ගතවන අවස්‌ථාවේ උතුරු පළාත් සභාවට අවශ්‍යව ඇත්තේ කොටි ඝාතන සමාගම සැමරීමේ ස්‌මාරකයක්‌ ස්‌ථාපිත කිරීමයි.

පලාලි ජාත්‍යන්තර ගුවන්තොටුපළක්‌ කිරීම හා උතුරට පෙඩරල් පාලනයක්‌ දිය යුතු යෑයි ද්‍රවිඩ සන්ධානය දැනටමත් ඉල්ලා සිටී.

මේ පසුබිම මැද මුල්ලිවයික්‌කාල් ස්‌මාරකයෙහි ප්‍රභාකරන් ප්‍රමුඛ කොටි ඝාතන කල්ලියේ ඡායාරූප තැන්පත් කර එය පුද පූජා පවත්වන ස්‌ථානයක්‌ බවට පත් කිරීම සිදු නොවනු ඇතැයි කිව හැකිද?

මේ නිසා උතුරු පළාත් සභාවේ ඉලක්‌ක සපුරා ගැනීමට රජය ඉඩ දිය යුතුද යන ප්‍රශ්නය එල්ල වී ඇත.

* කීර්ති වර්ණකුලසූරිය

Categories

Different countries have visited this site

Free counters!