//

ජාති වාදය

This category contains 57 posts

ප්‍රභාකරන්ගේ උපන්දිනය සමරා බීමතින් යතුරුපැදියකින් පැමිණි යාපනයේ 2 ක්‌ බසයක ගැටී මරුට

ප්‍රභාකරන්ගේ උපන් දිනය සමරා බීමතින් යතුරු පැදියකින් පැමිණි යාපනයේ තරුණයින් දෙදෙනෙකු 26 දා රාත්‍රී 10 ට පමණ බස්‌ රථයක ගැටීමෙන් සිද්ධිය වූ ස්‌ථානයේදීම මියගොස්‌ තිබේ.

මෙම සිද්ධිය සිදු වී ඇත්තේ යාපනය චාවාකච්ෙච්රි නුනාවිල් ප්‍රදේශයේදීය.

ඉදිරියෙන් බස්‌ රථයක්‌ පැමිණි අවස්‌ථාවේදී තරුණයින් දෙදෙනා පැමිණි යතුරු පැදිය පාලනය කර ගැනීමට නොහැකි වී එය ලිස්‌සා ගොස්‌ බස්‌ රථයේ ඉදිරිපසම හැපී ඇත.

බස්‌ රථයේ පැමිණි මගීන් තරුණයින් දෙදෙනාව චාවාකච්චෙරි රෝහලට ඇතුළත් කොට ඇතත් ඔවුන් රෝහලට රැගෙන යන අවස්‌ථාව වන විටත් මිය ගොස්‌ තිබුණි. මෙසේ මිය ගොස්‌ ඇත්තේ එස්‌. සශිකුමාර් හා පී. මොහාන් රාඡ් නැමති වයස අවුරුදු 27 ක හා 29 ක තරුණයින් දෙදෙනෙකි.

මේ දෙදෙනා අනතුරකට ලක්‌ වූ බව සැලවීමත් සමගම ප්‍රභාකරන්ගේ උපන් දිනය සැමරීමට එක්‌ වූ ඔවුන්ගේ සෙසු යාළුවන් කීප දෙනෙකුම බීමත්ව යතුරු පැදි වලින් සිද්ධිය වූ ස්‌ථානයට පැමිණ ඇති අතර පොලීසිය වහාම ක්‍රියාත්මක වී බීමත්ව යතුරු පැදි ධාවනය කළ සියලුම දෙනා අත්අඩංගුවට ගෙන තිබේ.

චාවාකච්චෙරි පොලීසිය සිද්ධීන් පිළිබඳව පරීක්‌ෂණ පවත්වාගෙන යයි.

දිනසේන රතුගමගේ

Advertisements

ප්‍රභාකරන් සැමරුමට එරෙහි වූ වවුනියාවේ සිංහල සරසවි සිසුන්ට තර්ජන

p4 1යාපනය විශ්වවිද්‍යාලයේ වවුනියාව මණ්‌ඩපයේ ප්‍රභාකරන්ගේ උපන් දින උත්සවයක්‌ පැවැත්වීමට විරෝධය පළ කළ සිංහල සිසුන්ට දෙමළ සිසුන් විසින් මරණීය තර්ජන එල්ල කර විවිධ හිරිහැර කිරීම නිසා ඔවුන් පෙරේදා (26 වැනිදා) රාත්‍රියේම විශ්වවිද්‍යාලයෙන් පිට වී ආරක්‌ෂිත ස්‌ථානවලට ගොස්‌ ඇත.

මෙම විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලබන 200 කට ආසන්න සිංහල සිසුහු පිරිසක්‌ පෙරේදා රාත්‍රියේ මහ වැස්‌සේම විශ්වවිද්‍යාල නේවාසිකාගාරවලින් පිට වී ආරක්‌ෂිත ස්‌ථානවල සැඟ වී සිටියහ.

මේ සිසුන් පවසන්නේ තමන්ට විශ්වවිද්‍යාල පාලනාධිකාරියෙන් හෝ පොලිසියෙන් නිසි ආරක්‌ෂාවක්‌ නොලැබුණු බවයි. විශ්වවිද්‍යාල පාලන අධිකාරිය සිසුන්ට දන්වා ඇත්තේ බිය නොවී ආපසු නේවාසිකාගාරවලට යන ලෙසයි. ගැටුම් ඇත.s කර නොගෙන සාමකාමී ලෙස හැසිරෙන ලෙස පොලිසිය තමන්ට දැන්වූ බව විශ්වවිද්‍යාලයීය නේවාසිකාගාරවලින් එළියට පැමිණි ශිෂ්‍ය ශිෂ්‍යාවෝ කියා සිටිති.

ප්‍රභාකරන් සැමරුමට විරෝධය දක්‌වා පැයක්‌ යැමටත් මත්තෙන් දෙමළ සිසුන් කණ්‌ඩායම් වශයෙන් පැමිණ තමන්ට හිරිහැර හා තර්ජනය කිරීමට පටන් ගැනීම නිසා නේවාසිකාගාරවලින් ඉවත් වී විශ්වවිද්‍යාලයේ පාලන කාර්යාලය වෙත පැමිණ සිදු වූ දේ පැවසුවත් පාලනාධිකාරියෙන් තමන්ට කිසිදු සහනයක්‌ සැලසුණේ නැතැයි සිංහල සිසුහු පවසති.

පසුව එම සථානයේ සිට මේ බව පොලිසියට දැනුම් දෙන ලද නමුත් පොලිසිය ඔවුන්ට නිසි ආරක්‌ෂාවක්‌ සපයා නොදීම නිසා ඔවුන් වෙනත් ආරක්‌ෂිත ස්‌ථාන සොයා ගොස්‌ ඇත.

පෙරේදා (26 දා) උදැසන විශ්වවිද්‍යාලයේ දෙමළ සිසුන් කේක්‌ කපා ප්‍රභාකරන්ගේ උපන් දිනය සැමරූ අවස්‌ථාවේදී සිංහල හා මුස්‌ලිම් සිසුන් නිහඬව සිටි නමුත් සන්ධ්‍යා කාලයේදීද උපන් දිනය සැමරීමට සිංහල සිසුන්ටත් මුස්‌ලිම් සිසුන්ටත් පැමිණෙන ලෙස දන්වමින් උපන්දින සැමරුම් උත්සවයක්‌ සංවිධානය කොට තිබේ. මේ අවස්‌ථාවේදී සිංහල සිසුන් ඊට විරෝධය පළ කිරීම නිසා ඔවුන්ට මරණීය තර්ජන එල්ල කර ඇත.

දිනසේන රතුගමගේ

අපේ අරමුණ යුද්ධයෙන් බේරාගත් රට නව ව්‍යවස්‌ථාවෙන් බෙදීම වැළැක්‌වීමයි -හිටපු ආරක්‌ෂක ලේකම් ගෝඨාභය රාජපක්‌ෂ

re9 2ඇතැමුන් ජාතිවාදය වපුරනවා යෑයි කියුවත්

උතුරේ හා නැගෙනහිර දෙමළ ජනතාවට ත්‍රස්‌තවාදීන් විසින් අහිමි කර තිබූ ප්‍රජාතන්ත්‍රවාදය යළිත් ඔවුන්ට හිමිකර දුන්නේ මහින්ද රාජපක්‌ෂ ජනාධිපතිතුමායි. ත්‍රස්‌තවාදීන් පරාජය කිරීමෙන් පසු ඔවුන්ට අහිමි වී තිබූ ඡන්ද බලය යළි ඇතිකර දී ඔවුන්ගේම පාලනයක්‌ ඇතිකර ගැනීමට අවශ්‍ය දේ සිදුකර සංහිsඳියාව යළි ඇතිකළේ මහින්ද රාජපක්‌ෂ මහතා යෑයි හිටපු ආරක්‌ෂක ලේකම් ගෝඨාභය රාජපක්‌ෂ මහතා පැවසීය.

වයවස්‌ථා සංශෝධනය පිළිබඳ ඝණඳුර දුරලන කතිකාවත, අඳුරින් එළියට ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා අර්බුදය යන තේමාව යටතේ අනුරාධපුර ජයන්ති මාවතේ පිහිටි ගෝල්ඩන් මැන්ගෝ උත්සව ශාලාවේ පැවති සංවිධානයේ අනුරාධපුර දිස්‌ත්‍රික්‌ කතිකාවතට එක්‌වෙමින් හෙතෙම මේ බව පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස්‌ දැක්‌ වූ ගෝඨාභය රාජපක්‌ෂ මහතා මෙසේ ද පැවසීය,

එහිදී ලක්‌ෂ තුනක ද්‍රවිඩ ජනතාව ත්‍රස්‌තවාදීන්ගෙන් මුදාගෙන ත්‍රස්‌තවාදීන් 12,000 පුනරුත්තාපනය කර සමාජ ගත කළා. ඇතැම් දේශපාලකයන් මෙම සංවිධානය හරහා ජාතිවාදය පතුරනවා යෑයි චෝදනා නඟනවා. එහෙත් මේ සංවිධානය තුළින් කරන්නේ එදා යුද්ධයෙන් බෙදන්නට බැරි වූ රට අද ව්‍යවස්‌ථාවෙන් බෙදීමට දරන උත්සාහය පරාජය කිරීමටයි. ව්‍යවස්‌ථාවේ ඒකීය යන වචනය පමණක්‌ තිබී වඩක්‌ නෑ. එහි ඒකීය ලක්‌ෂණ තිබිය යුතුයි.

යුද්ධයෙන් පසු අවතැන් ජනතාව ලක්‌ෂ තුනක්‌ කෙටි කාලයත් තුළ නැවත පදිංචි කළා. පාරවල් දුම්රිය මාර්ග ඉදිකළා. අපි සංහිඳියාව ඇතිකළේ බලය බෙදීමෙන් නොවේ. එම ජනතාවට ත්‍රස්‌තවාදීන් අහිමි කළ සියලු දේ ලබාදුන්නා. එහෙත් දමිළ දේශපාලකයන් නිසා එය සාර්ථක වුණේ නෑ.

මහාචාර්ය මැදගොඩ අභයතිස්‌ස හිමියන්, බුද්ධශ්‍රාවක භික්‌ෂු විශ්වවිද්‍යාලයේ හිටපු කතිකාචාර්ය පොතානේ ධම්මානන්ද, උතුරු හා උතුරු මධ්‍යම දෙදිසාවේ ප්‍රධාන සංඝනායක අනුරාධපුර ශ්‍රී සම්බුද්ධ ජයන්ති විහාරාධිපති නුගේතැන්නේ පඤ්ඤානන්ද නාහිමිවරුන් ප්‍රධාන මහා සංඝරත්නය හා අන්‍යාගමික පුජකයන් මෙම අවස්‌ථාවට එක්‌ව සිටියහ.

අනුරාධපුර දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී ෂෙහාන් සේමසිංහ, එස්‌. එම්. චන්ද්‍රසේන, එස්‌. සී. මුතුකුරාරණ, උදය ගම්මපිල, ජී. එල්. පීරිස්‌, රියර් අද්මිරාල් සරත් වීරසේකර, උතුරු මැද පළාත් සභාවේ හිටපු ප්‍රධාන අමාත්‍ය එස්‌. එම්. රංජිත් සමරකෝන්, හිටපු අමාත්‍යවරුන් වන එච්. බී. සේමසිංහ, කේ. එච්. නන්දසේන, හිටපු සභාපති ටී. එම්. ආර්. සිරිපාල, මන්ත්‍රීවරුන් වන කේ. පී. එස්‌. කුමාරසිරි, කල්‍යාණී කරල්ලියද්ද, ගමගේ වීරසේන, උපාලී විෙ-කෝන්, පී. බී. කුමාර, අබ්දුල් හුසේන්, අනුරාධපුර මහා නගර සභාවේ හිටපු නගරාධිපති එච්. පී. සෝමදාස යන මහත්වරුන් ඇතුළු අනුරාධපුර දිස්‌ත්‍රික්‌කයේ සියලුම ප්‍රාදේශීය සභා නියෝජනය කරමින් හිටපු මන්ත්‍රීවරුන් රැසක්‌ මෙම අවස්‌ථාවට එක්‌වූහ.

නොච්චියාගම – එම්. එම්. පී. ජී. පෙරේරා

කිලිනොච්චියේ මහවිරු සැමරුමට කනකපුරම් විදුහලේ ඩෙස්‌ පුටු දෙයි

p11 1

කිලිනොච්චියේ කනකපුරම් ක්‍රීඩාංගණයේ ඊයේ (27 දා) සවස පැවති මහ විරු උළෙල සඳහා කනකපුරම් රජයේ විද්‍යාලයේ ඩෙස්‌, පුටු හා බංකු 300 ක්‌ ලබා දී තිබේ.

මේ දිනවල එම විදුහලේ වර්ෂාවසාන විභාග කටයුතු පැවැත්වෙන නමුත් එය ද නොතකා මෙම ඩෙස්‌, පුටු හා බංකු තොගය ලබාදී තිබේ. අවශ්‍ය වුවහොත් පාසලේ සියලුම ඩෙස්‌ පුටු පළාතේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ ඉල්ලීම මත ලබාදීමට කිළිනොච්චිය කනකපුරම් විදුහලේ විදුහල්පතිවරයා කැමැත්ත පළ කොට තිබේ.

එල්. ටී. ටී. ඊ. සොහොන් කොත්වල කැඩී ගිය කොටස්‌ එකතු කොට විශේෂ ස්‌මාරකයක්‌ කනකපුරම් ක්‍රීඩාංගණයේ සකසා ඇති අතර එය සරසා මහවිරු උළෙල පැවැත්වීමට කටයුතු යොදා ඇත.

ඡායාරූපයෙන් දැක්‌වෙන්නේ එම ක්‍රීඩාංගණයේ සැරසිලි කටයුතු සිදු වන ආකාරයයි.

දිනසේන රතුගමගේ

විග්නේෂ්වරන්ගේ පාඩම සහ සර්වේශ්වරන්ගේ කොඩිය

රටක ජාතික කොඩිය යනු රටක අනන්‍යතාව ලොවට පෙන්වන ප්‍රධානම සංකේතයයි. රටේ ඓතිහාසික පසුබිම, පෞඪත්වය, ස්‌වෛරීභාවය, ස්‌වාධීනත්වය පිළිබඳ උත්තුංග කාරණා පිළිබිඹු කරන ජාතික කොඩිය රටකට ඇති ගෞරවනීයම ආභරණයයි. රටේ පුරවැසියන් කළ යුත්තේ මෙම ආභරණය පැළඳ ගැනීම හෝ වැළඳ ගැනීම නොව ඊට නිසි ගෞරවය ලබාදීම ය. මන්ද ජාතික කොඩියට ගෞරව කිරීම උදාර මිනිස්‌ ගුණාංගයක්‌ බැවිණි. නමුත් මේ උදාර මිනිස්‌ ගුණාංගය “අදොa වාතයකට” තරම්වත් මායිම් නොකරන මිනිසුන් සිටින රටකි ශ්‍රී ලංකාව. විශේෂයෙන් රටේ අධ්‍යාපන බලධාරීන් ජාතික කොඩියට අගෞරව කරයි නම් එමඟින් ඔවුන් රටේ අනාගත දරු පරපුරට ලබාදෙන සංඥව ඉතා හානිදායක ය.

පෙරේදා (16 දා) වවුනියාව ඊටම්ටපෙරියකුලම් පැරකුම් මහා විද්‍යාලයේ උත්සවයකට සහභාගි වූ උතුරු පළාත් අධ්‍යාපන ඇමැති එස්‌. සර්වේශ්වරන් මහතා ජාතික කොඩිය එසවීම ප්‍රතික්‌ෂේප කර තිබේ. පසුගිය වසරේ ද මෙම පාසලේ පැවති උත්සවයකට සහභාගි වූ හිටපු උතුරු පළාත් අධ්‍යාපන ඇමැති ටී. කුරුකුලරාජා මහතා ද ජාතික කොඩිය එසවීම ප්‍රතික්‌ෂේප කර තිබිණි. රටක අධ්‍යාපන බලධාරීන් මෙලෙස හැසිරීම අපි කෙසේවත් අනුමත නොකරමු. මන්ද මේ අධ්‍යාපන ඇමැතිවරුන්ගේ චින්තනය රටක අනාගත පැවැත්මට ඉතා හානිදායක බැවිනි. උතුරු පළාත් අධ්‍යාපන ඇමැති එස්‌. සර්වේශ්වරන් ජාතික කොඩිය පිළිනොගැනීමෙන් සිදුකර ඇත්තේ ශ්‍රී ලංකා රාජ්‍යය පිළිනොගැනීම ය. රටක රාජ්‍යය පිළිනොගන්නා අධ්‍යාපන ඇමැතිවරුන් සම්බන්ධයෙන් ආණ්‌ඩුව ගන්නා පියවර කුමක්‌ද? හරි නම් සිදුවිය යුතුව තිබුණේ සිද්ධිය වූ දිනට පසු දිනම උතුරු පළාත් ආණ්‌ඩුකාරවරයා විසින් අදාළ ඇමැතිවරයා කැඳවා විනය පරීක්‌ෂණයක්‌ සිදුකර අධ්‍යාපන ඇමැති තනතුරෙන් ඔහු ඉවත් කිරීමය. එලෙස විනය පියවර ගැනීමට ව්‍යවස්‌ථාපිත බලයක්‌ නොමැති නම් කළ යුත්තේ ආණ්‌ඩුව විසින් සකස්‌ කරගෙන යන නව ව්‍යවස්‌ථා කෙටුම්පතට එම ව්‍යවස්‌ථාපිත බලතල ඇතුළු කිරීමය. මෙම ක්‍රියාමාර්ග ගැනීම ප්‍රමාද වීමෙන් සිදුවන්නේ නුදුරේදීම උතුරු පළාතම රටේ ජාතික කොඩිය ප්‍රතික්‌ෂේප කිරීමය. පෑනෙන් කළ යුතු වැඩේ මල්ටි බැරල් වලින් කළ යුතු තැනට කටයුතු සිදු නොකර ගැනීමේ වගකීමක්‌ ආණ්‌ඩුවට තිබේ. ආණ්‌ඩුව එය සිහියේ තබාගැනීම රටේ අනාගතයට වඩාත් හිතකරය.

දෙමළ ජාතික සන්ධානයේ දේශපාලනය තවමත් නන්දිකඩාල් කලපුවෙන් ගොඩට පැමිණ නැත. ආණ්‌ඩුව පැය විසිහතර පුරාම සංහිඳියා මන්තරය ජප කළත් මේ කුම්භාණ්‌ඩයන් මට්‌ටු කිරීමට නොහැකි වී ඇත්තේ ඔවුන් තවමත් ජීවත් වන්නේ සිහින ඊළාම් රාජ්‍යයේ වීමය. ඔවුන්ගේ සිහින අයිති ඔවුන්ට ය. ඒ සිහිනවල නිදන්නට ඔවුන්ට අයිතියක්‌ තිබේ. නමුත් ඊළාම් සිහින දිගේ ඇවිද යමින් රටේ අනාගතය මංමුලා කිරීමට ඔවුන්ට ඉඩදිය යුතු නැත. විග්නේෂ්වරන්ගෙන් පාඩමක්‌ ඉගෙන නොගත් ආණ්‌ඩුව සර්වේශ්වරන්ගෙන්වත් පාඩමක්‌ ඉගෙනගනු ඇතැයි අපි බලා සිටිමු.

හමුදාපති උසාවි කැඳවීම ගැන ඩයස්‌පෝරාව සතුටින්

ද්‍රවිඩ තරුණයන් පිරිසක්‌ අතුරුදන් වී වසර 21 කට පසු ශ්‍රී ලංකා හමුදාපති මහේෂ් සේනානායක මහතාට යාපනය මහාධිකරණය ඉදිරියේ පෙනී සිටින ලෙස කර ඇති නියෝගය ගැන කොටි ඩයස්‌පෝරාව දැඩි සතුටට පත් වී ඇත.

හමුදාපතිවරයාට එරෙහිව ද්‍රවිඩ තරුණයන් 24 ක්‌ අතුරුදන්වීමේ නඩුව ගොනු කර ඇත්තේ උතුරේ රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරියකු වන ගුරුපරන් නමැත්තා බව හෙළි වී තිබේ.

හමුදාපතිවරයකුට උතුරේ අධිකරණයේ හමුවේ පෙනී සිටින ලෙස අධිකරණය කළ මුල්ම නියෝගය මෙයයි.

මෙයට පෙර එලීලන් නමැති කොටි හමුදා නායකයාගේ බිරිය වූ ආනන්දි සසිතරන් මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මුලිතිව් අධිකරණය හමුවට ගෙන එන ලෙස කළ ඉල්ලීමක්‌ අධිකරණය විසින් ප්‍රතික්‌ෂේප කර තිබුණි.

නවාක්‌කුලි ප්‍රදේශයේදී ද්‍රවිඩ තරුණයන් 24 දෙනා අතුරුදන් වූ බව කියන සමයේ හමුදාපති ලෙස කටයුතු කළේ වෙනත් හමුදාපතිවරයෙකි.

බස්‌වලට බෝම්බ තැබූ කොටින් ෂේප් කරන තුරුම්පු වැටෙයි

කීර්ති වර්ණකුලසූරිය

ගුවන්යානාවලට මිසයිල ප්‍රහාර එල්ල කළ සහ මගී බස්‌ රථ ක්‌ලේමෝ බෝම්බ තබා පුපුරුවා හැරීම ඇතුළු යුද අපරාධ රැසක්‌ සිදු කළ හිටපු කොටි ක්‍රියාකාරීන් 132 ක පිරිස දේශපාලන සිරකරුවන් ලෙස නම් කරන ලෙසත් යාපනයේ විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය සංගමය මානව හිමිකම් කොමසාරිස්‌ සෙයිද් රාද් හුසෙන් වෙත හදිසි සංදේශයක්‌ යවමින් ඉල්ලා ඇත.

මෙම සංදේශයෙන් දක්‌වා ඇත්තේ ස්‌වයං පාලනය ඉල්ලා සටන් කළ පිරිසක්‌ සහ රජය අතර ඇති වූ ගැටුමින් පසු අත්අඩංගුවට ගත් එම හිටපු කොටි කණ්‌ඩායමට දේශපාලන හිමිකම් ඇති බවයි.

මෙම සිසුන් මානව හිමිකම් කොමසාරිස්‌ට යෑවූ ලිපිය පිළිබඳව යාපනයේ ඇමරිකානු මධ්‍යස්‌ථානයද තැති ගෙන ඇත.

යාපනය විශ්වවිද්‍යාල සිසුන් මෙම ලිපිය මානව හිමිකම් කොමසාරිස්‌ට යවා ඇත්තේ එම කොටි ක්‍රියාකාරීන් 132 ක පිරිස යුද අපරාධ චෝදනාවලින් බේරා ගැනීමට බව වාර්තා වෙයි.

යාපනයේ සාමාන්‍ය ජනතාව බිය වද්දන සියලුම කල්ලි අත්අඩංගුවට ගන්න – මහාධිකරණ විනිසුරු ඉලන්චෙලියන්

යාපනයේ නීතිය හා සාමය බිඳවැටෙන අන්දමට ක්‍රියා කරමින් අහිංසක වැසියන් කඩුවලින් කපා දමමින් ජනතාව බියවද්දන සියලුම කල්ලි ඉතා ඉක්‌මනින් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරන මෙන් යාපනය මහාධිකරණ විනිසුරු එම්. ඉලන්චෙලියන් මහතා යාපනයේ පොලිස්‌ ප්‍රධානියාගෙන් ඉල්ලා තිබේ.

මහාධිකරණ විනිසුරුවරයා මෙම ඉල්ලීම කර ඇත්තේ යාපනයේ වත්මන් තත්ත්වය පිළිබඳව සාකච්ඡා කිරීමට 16 දා සවස යාපනය මහාධිකරණ සංකීර්ණයේ පැවති විශේෂ සාකච්ඡාවකදීය.

ඉලන්චෙලියන් මහතාගේ ආරාධනයකට අනුව උතුරු පළාත් සභාවේ නියෝජ්‍ය ලේකම් නාගරත්නම් නිශාන්තන්, උතුරු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති රොෂාන් ප්‍රනාන්දු යන මහත්වරුන් ඇතුළු කීප දෙනකුම සහභාගි වී තිබේ.

මෙහිදී මහාධිකරණ විනිසුරුවරයා ප්‍රකාශ කොට ඇත්තේ මෙවැනි සිද්ධීන්වලට සම්බන්ධ වන පුද්ගලයන්ට ඇප ලබාදීමට පොලිසිය මැදිහත් නොවන ලෙසයි.

යාපනයේ සාමාන්‍ය ජනජීවිතයට හානි පමුණුවන හා ඊට බාධා කරන මෙන්ම නීතියට පටහැනිව ක්‍රියා කරන ඕනෑම පුද්ගලයකු වහාම අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලීමක්‌ කොට ඇති ඉලන්චෙලියන් විනිසුරුවරයා පසුගිය දින කීපයේම යාපනයේ විවිධ ප්‍රචණ්‌ඩකාරී ක්‍රියාවලට සහභාගි වූ පුද්ගලයන් වහාම අත්අඩංගුවට ගන්නා මෙන් වාර කීපයක්‌ම පොලිසියෙන් ඉල්ලා තිබේ.

යාපනයේ වැසියන්ට මේ අවස්‌ථාවෙදී සාධාරණ සමාජයක ජීවත්වීමේ අවශ්‍යතාවක්‌ ඇති බව සියලු දෙනාම පිළිගත යුතු කාරණයක්‌ බවත් ඊට හානි පමුණුවන පිරිස්‌වලට නිදහසේ සැඟවී ජීවත් වීමට ඉඩ නොතැබිය යුතු බවත් යාපනය මහාධිකරණ විනිසුරුවරයා මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කොට ඇත.

ජගත් ජයසූරිය සිද්ධිය බොරුවක්‌ කිරීමට උත්සාහ කිරීම

ජගත් ජයසූරිය සිද්ධිය බොරුවක්‌ කිරීමට උත්සාහ කිරීම

jaguthකීර්ති වර්ණකුලසූරිය

හිටපු හමුදාපති ජගත් ජයසූරිය මහතාට යුද අපරාධ නඩුවක්‌ ඇති බව දැක්‌වෙන සිද්ධිය ඒකාබද්ධය ගෙතූ ප්‍රලාපයක්‌ බව පසුගිය මැතිවරණයෙන් මන්ත්‍රීවරයකු ලෙස පත්වූ නියෝජය අමාත්‍ය අජිත් පී. පෙරේරා ප්‍රකාශ කර ඇත.

නඩුවක්‌ හෝ පැමිණිල්ලක්‌වත් නැති නම් හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මෙතරම් දඟලන්නේ මන්ද?

එසේ නම් කොටි කොන්ත්‍රාත්කාරිය වූ යස්‌මින් සුකා ජගත් ජයසූරිය කොටුකර ගැනීමට මෙතරම් මහන්සි වූයේ ඇයි?

එසේම කොටි රැකවලා වූ ද්‍රවිඩ සංධානයේ නායක ආර්. සම්බන්දන් හිටපු හමුදාපතිට සාක්‍ෂි දෙන ලෙස පවසා ඇත. උතුරු මහ ඇමැති විග්නේශ්වරන් ප්‍රකාශ කර ඇත්තේ හිටපු හමුදාපති සත්‍ය හෙළි කළ යුතු බවයි. මේ පසුබිම මැද ස්‌පාඤ්ඤ නීතිවේදී කාලස්‌ කස්‌ත්‍රෙස්‌නා ඡගත් ජයසූරියට නඩුවක්‌ ගොනු කළ බවට කළ ප්‍රකාශය බොරුවක්‌ යෑයි කිව හැකිද?

කාලොස්‌ කස්‌ත්‍රොස්‌නා ජගත් ජයසූරියට එරෙහිව බ්‍රසීල රජයේ නඩු අධ්‍යක්‍ෂක කාර්යාලයට පිටු 41 ක පැමිණිල්ලක්‌ යොමු කර තිබේ. එහි මහින්ද රාජපක්‍ෂ, ගෝඨාභය රාජපක්‍ෂගේ නම්වලට අමතරව සරත් ෆොන්සේකා නමද ඇතුළත් වී ඇත. මේ බව හිටපු හමුදාපතිවරයා දන්නේද? මෙම පැමිණිල්ලේ පිටු 41 ක වාර්තාව අප සතුව ඇත. ඉන් වන්නි මෙහෙයුමේ සියලුම හමුදා ප්‍රධානීත්ට චෝදනා ඉල්ල කර ඇත.

බ්‍රසීලය විශ්ව මානව ප්‍රඥාප්තියට අත්සන් කර ඇති නිසා ජගත් ජයසූරියට එරෙහිව තානාපති මුක්‌තිය ඉවත් කර ඔහුව අත්අඩංගුවට ගන්නා ලෙස කස්‌ත්‍රොස්‌නා බ්‍රසීල රජයෙන් ඉල්ලා තිබේ. මේ සඳහා කොනෙක්‌ටාස්‌ නමැති සංවිධානයද කස්‌ත්‍රොස්‌නාට සහය වී ඇත.

මේ බව මෙරට කටමැත දොඩවන දේශපාලකයන් නොදන්නා හමුදා ප්‍රධානීන්ට එරෙහිව පවරන නඩු ක්‍රියාත්මක වන්නේ ඔවුන් එම විශ්ව සම්මුතියට අත්සන් කළ රටවලට පැමිණියොත් පමණි. නේපාල් රටේ කර්නල් කුමාර් ලාමාව අත්අඩංගුවට ගැනීමට බ්‍රිතාන්‍ය අධිකරණය නියෝග කළේ ඔහු ලන්ඩන් නුවරට පැමිණි අවස්‌ථාවේදීය.

නැම්බියාවේ හිටපු හමුදා බුද්ධි ප්‍රධානී සනෙක්‌ පොධා ස්‌විස්‌ටර්ලන්තයට එනතුරු තමාට යුද අපරාධ නඩුවක්‌ ඇති බව නොදැන සිටි අතර ඔහු එය දැනගත්තේ ඔහු ජිනීවා නුවරට පැමිණි විටය.

එහෙත් එම යුද අපරාධ නඩුව පිළිබඳ තොරතුරු වසන් වී තිබිණි. ජිනීවා නුවරදී සනෙක්‌ පොධා අත්අඩංගුවට ගැනුනේ විශ්ව සම්මුතිය මතය.

මේ ඉරණම ගෝතමාලාවේ හිටපු පොලිස්‌ ප්‍රධානියාටද බලපෑවේය. ඒ නිසා යස්‌මිත් සුකා යනු ඉතාමත් කපටි ගැහැනියෙකි. ඇය මේ වන විට සාවද්‍ය යුධ අපරාධ වාර්තා 15 කට අධික සංඛ්‍යාවක්‌ ශ්‍රී ලංකාවේ හමුදා ප්‍රධානීන්ට එරෙහිව ජීනීවා මානව හිමිකම් කවුන්සිලයට යවා තිබේ.

එසේම යුද අපරාධ නඩු පවරණ සූක්‍ෂම ක්‍රමවේදය ඇය දනී. එක්‌සත් ජාතීන්ගේ විශ්ව සම්මුතිය ක්‍රියාත්මක වන අයුරුද සූකා දන්නා නිසා. ඇගේ ලතින් ඇමරිකානු මෙහෙයුම හෙළි දරව් විය.

මේ පසුබිම මැද මෙරට දේශපාලකයන් එවන් නඩුවක්‌ නැති බවට තර්ක කරති.

නඩුවක්‌ ගොනු කර නැත්නම් ඇය ජගත් ජයසූරිය බ්‍රසීලයේ සිට ශ්‍රී ලංකාවට පැමිණීම වැලැක්‌වීමට උත්සාහ කළේ මන්ද?

එසේම කොනෙක්‌ටාස්‌ නැමැති බ්‍රසීල සංවිධානය එරට නඩු අධ්‍යක්‍ෂක කාර්යාලය වෙත ගොස්‌ ඉල්ලීමක්‌ කළේ මන්ද?

කාලොස්‌ කස්‌ත්‍රොස්‌නා නමැති ස්‌පාඤ්ඤ නීතිවේදියා ජගත් ජයසූරියට එරෙහි පැමිණිල්ල ඉදිරිපත් කර ඇත්තේ පෘතුගීසි භාෂාවෙනි.

එම පැමිණිල්ල ඔහු ඉදිරිපත් කර ඇත්තේ වව්නියා ජෝෂප් කඳවුරේ සිටි බව කියන ද්‍රවිඩ කොටි කාන්තාවන් 12 කගේ සාක්‍ෂි සමගය. ඒ නිසා ජගත් ජයසූරියට එරෙහිව ඒකාබද්ධ කණ්‌ඩායම ප්‍රලාපයක්‌ ගෙතූ බව පිළිගත හැකිද?

කොටි 50 කට අධික පිරිසක්‌ ඉන්ටර්පෝල් ලැයිස්‌තුවෙන් අතුරුදන් වූයේ පසුගියදායි. එහෙත් මේ ගැන කිසිදු රජයේ දේශපාලකයෙක්‌ ප්‍රකාශයක්‌ කළේ නැත. කොටි ඉන්ටර්පෝල් ලැයිස්‌තුවෙන් ඉවත් වීමත් බොරුවක්‌ද?

ලන්ඩන් නුවරදී චාගි ගාල්ලගේව අත්අඩංගුවට ගැනීම සඳහා අධිකරණය වෙතින් නියෝගයක්‌ ලබා ගැනීමටද කොටි උත්සාහ කළහ.

ජර්මනියේදී ජගත් ඩයක්‌ව අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමක්‌ද දියත් විය.

එහෙත් මේ අතීත සිද්ධිය වසන් වී ඇත.

ශ්‍රී ලංකාව රෝම සම්මුතියට අත්සන් කර නැතත් ජාත්‍යන්තර විශ්ව සම්මුතිය යටතේ ශ්‍රී ලංකාවේ හමුදා ප්‍රධානීන්ව එම සම්මුතියට අත්සන් කර ඇති රටවල්වලදී අත්අඩංගුවට ගත හැකිය.

එහෙත් ඇතැම් එන්. ජී. ඕ. මෝඩයන් මේ විශ්ව සම්මුතිය ගැන නොදනී. පුරවැසි බලය නමැති හිටිහැටියේ අටවාගත් සංවිධානයක්‌ නිසා තාවකාලික රැකියාවක්‌ ලබාගත් එන්. ජී. ඕ. ක්‍රියාකාරියෙක්‌ ජගත් ජයසූරියගේ සිද්ධිය වසන් කිරීමේ දීන උත්සාහයක නිරත වී ඇත.

එහෙත් සත්‍යය වසන් කළ හැකිද? යස්‌මින් සූකා දරුස්‌මාන් මණ්‌ඩලයේ සාමාජිකාවකි. ඇගේ සත්‍යය හා යුක්‌තිය නමැති යුරෝපා සංගමයේ අරමුදල් ලබන සංවිධානය ජාත්‍යන්තර සබඳතා ඇති ආයතනයකි.

එවැනි විටෙක යස්‌මින් සූකා ජගත් ජයසූරියට නඩු පවරා ඇති බවට කරන ප්‍රකාශය විහිළුවක්‌ද?

ඊශ්‍රායලයේ හිටපු විදේශ ඇමතිනියට එරෛහිව යුධ අපරාධ නඩුවක්‌ ඇති බව මොසෑට්‌ ඔත්තු සේවය නිසා ඊශ්‍රායලයට දැන ගැනීමට හැකි විය.

ඊශ්‍රායල් රජය ඒ ගැන බ්‍රිතාන්‍ය රජයට දැන්වීමෙන් පසු ඇති නඩුව යටපත් විය.

එහෙත් ජගත් ජයසූරියට අදාළ සිද්ධිය ගැන මෙරට විදේශ කටයුතු බලධාරීන් බ්‍රසීල රජයෙන් විමසීමක්‌ කර නැත. එසේම මේ දක්‌වාම බ්‍රසීලයට ශ්‍රී ලංකා තානාපතිවරයෙක්‌ද පත්කර නොමැත. මේ පසුබිම මැද පසුගිය සඳුදා ජිනීවා මානව හිමිකම් සමුළුව මානව හිමිකම් කොමසාරිස්‌වරයා පැවසූවේ ජාත්‍යන්තර විශ්ව සමුළුව ශ්‍රී ලංකාව සඳහා ක්‍රියාත්මක කළ යුතුයි.

දිවයින පුවත්පත අනුග්‍රහයෙන් 

‘කොටි සැකකරුවන්ගේ පාපොච්චාරණ අහෝසි කර ජිනීවා කවුන්සිලය රජයට දන්වයි

‘කොටි සැකකරුවන්ගේ
පාපොච්චාරණ අහෝසි කරන්න’

ජිනීවා කවුන්සිලය රජයට දන්වයි

කීර්ති වර්ණකුලසූරිය

කොටි ත්‍රස්‌aතවාදී සැකකරුවන් පොලිසියට ලබාදුන් සියලුම පාපොච්චාරණ අහෝසි කරන ලෙස ජිනීවා මානව හිමිකම් කවුන්සිලය ශ්‍රී ලංකා රජයට නිර්දේශ කර ඇත.

ඒ සඳහා ත්‍රස්‌තවාදය පිටුදැකීමේ නව කෙටුම්පතද සංශෝධනයට ලක්‌කරන ලෙස මානව හිමිකම් කවුන්සිලය රජයට දැනුම්දී තිබේ. එම කෙටුම්පත සංශෝධනය සඳහා ශ්‍රී ලංකා නියෝජිත කණ්‌ඩායමකට ඉදිරි සති දෙක තුළ ජිනීවා නුවරට පැමිණෙන ලෙස මානව හිමිකම් කවුන්සිලය තවදුරටත් දන්වා ඇත.

ත්‍රස්‌තවාදී සැකකරුවන්ගේ පාපොච්චාරණ අහෝසි කරන ලෙස මානව හිමිකම් කවුන්සිලය නිර්දේශ කර ඇත්තේ ගුවන් යානාවලට මිසයිල ප්‍රහාර එල්ල කිරීම ඇතුළු වෙනත් බිහිසුණු ත්‍රස්‌ත ක්‍රියාවලට සම්බන්ධවූවන් ලබාදුන් පාපොච්චාරණ අහෝසි කිරීමෙන් ඔවුන් නිදහස්‌ කරගැනීමට බව ඉහළ පෙළේ ආරක්‍ෂක ආරංචි මාර්ග කියයි.

Categories

Balawegaya Flickr Photos

Different countries have visited this site

Free counters!