//

දෙමළ බෙදුම්වාදී දේශපාලනයේ කාටත් නොවැටහෙන තුප්පහිකම

This category contains 113 posts

Yahapalanaya withdrew 150 warrants on LTTE Tamil Terrorists: Former Ambassador

Yahapalanaya withdrew 150 warrants on LTTE Tamil Terrorists: Former Ambassador

Although the Yahapalana government lead by pro-Federalist Ranil and pro-Minority Sirisena is attempting to obtain an Interpol ‘Red Warrant’ on patriots who worked tirelessly to safeguard the unitary status of the motherland it had withdrawn some 150 such warrants including those issued on former LTTE Tamil terrorists because of the influence by Tamil politicians as a part of political pact agreed in Singapore. The former envoy Mr. Udayanga Weeratunga reveals these facts to the media by issuing his Press Statement.

He said that he was informed by several media reports that Red Warrants issued on terrorists, drug traffickers and other criminals by the previous government of Rajapaksa had been withdrawn based on requests made by the Sri Lanka Police on the instruction of the so-called Yahapalana goverment.

However, he said the government had asked Interpol to issue a Red warrant on him who did not have previous offenses other than for failing to appear in Court to record a statement and that Interpol had issued a ‘Blue Warrant’ on him following the second request made by the Sri Lankan Government,

Mr. Udayanga said he was arrested at the Dubai Air Port on 4th February based on false information provided by Sri Lankan government to gain their political advantage for the local election campaign held during that time to the United Arab Emirates however he was later released after confirming it was only a blue warrant that had been issued.

Advertisements

නිහඩව තම ගොදුර වෙත පියමනින ඊලමේ සැබෑ කොටියා

නිහඩව තම ගොදුර වෙත පියමනින ඊලමේ සැබෑ කොටියා

එක්දහස් නවසිය තිස් තුනේ පෙබරවාරි මස පස්වන දින උපත ලබන වත්මන් විපක්ෂනායක රාජවරෝදියම් සම්බන්දන් යන චරිතය එක්දහස් නවසිය හැත්තෑහතේ ජුලි මස විසි එක්වන දින ත්රි්කුණාමලය දිස්තික්කය නියෝජනය කරමින් ප්රකථම වතාවට පාර්ලිමේන්තුවට මන්ත්රී් වරයෙකුවශයෙන් පැමිණියේ ජේ.ආර් ජයවර්ධන මහතා ජනාධිපතිව සිටින සමයයේ ඉලංගෙයි තමිල් අරුසකච්චි (ටිඑන්ඒ) පක්ෂය නියෝජනය කරමින්ය කෙසේ වෙතත් මොහු අද ශ්‍රී ලංකාවේ වත්මන් විපක්ෂ නායකගේ භූමිකාව නිරුපනය කරමින් තවත් නාට්‍යයක් රගදක්වමින් සිටින්නේය තවද ඔහු යටි අරමුණු කිහිපයක් උදෙසා වසර ගණනාවක් තිස්සේ පිබුරුපත් සකසමින් සිටින වත්මන් දේශ පාලනයේ ප්‍රභල චරිතයකි. ඔහු පිටුපසින් සිට ඔහුව මෙහෙයවන්නේ කුමන බලවේගයකින්ද යන්න ඔබත් මාත් හොදින් දන්නා නමුත් ඔහු ප්රසසිද්ධියේ සිදුකරන සමහර ප්‍රකාශ හුදෙක් අහිංසක දමිළ ජනයා කෙරෙහි ඔහුතුල හටගත් සානුකම්පිත බාවය නිසාමද? නැත්නම් තවත් යටි අරමුණක් උදෙසාමද?

2012 සැප්තැම්බර් මස 18 වන දින එවකට ජනාධිපහිව සිටි මහින්ද රාජපක්ෂ මහතා හමුවූ වත්මන් විපක්ෂ නායක ආර්.සම්බන්දන් මහතා පැවසුයේ උතුරු නැගෙනහිර පළාත්වලට දිසාපති වරුන් ලෙස හමුදා නිලධාරීන් පත් නොකරන ලෙසත් අම්පාර ත්රිේකුණාමලය වැනි ප්ර දේශ වලට දමිළ භාෂාව කතාකරන පුද්ගලයන් දිසාපති වරුන් ලෙස පත්කරන ලෙසත්ය ඒ ඔහු කියාසිටියේ එවකට පැවති මැතිවරණ සාධාරණ නොවන බවත් එසේ මැතිවරණය සාධාරනනම් ඔහු සහ ඔහුගේ කණ්ඩායම(දේ ජ ස ) මැතිවරණයෙන් ප්‍රථම ස්ථානය දිනාගන්නා බවත්ය නමුත් ඔහු තරයේ ප්‍රකාශ කර සිටියේ රජයේ බුද්ධි අංශයත් එම අවස්ථාවට වත්මන් පාර්ලිමේන්තු අමාත්ය වරයෙක් වන නිමල් සිරිපාල ඩි සිල්වා මහතාද සම්බන්ද විය.ඔහු සහ සම්බන්ධන් අතර ඇති ම්ත්‍රත්වය කෙතරම්දයත් ආර් සම්බන්ධන්ව විපක්ෂ නායක ලෙස යෝජනා කරන්නේද ඉහත කී වත්මන් පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රී වරයාමය. මෙය ගැටළුවකි.මක්දයත් දෙමල සන්ධානය නියෝජනය කරමින් උතුරු නැගෙනහිරින් පැමිණි මන්ත්‍රී වරුන්ට පෙර සම්පන්ධන්ගේ නම යෝජනවුයේ දමිළ ඩයස් පෝරාවේ ඩොලර් වලටද? නැතිනම් මේ වනවිට පාර්ලිමේන්තුවේදී රට බෙදීමට කථා කරන නිසාද? එසේත් නොවේනම් මේ වන විටත් මේ වනවිට පාර්ලිමේන්තුවේ සිටින ජෙෂ්ඨතමයා නිසාද යන්න ගැටළුවක් පවතී.අප කතානායකයා වන වත්මන් විපක්ෂ නායක ගේ ඉතිහාසය දෙස විපරම කරන විටදී ඔහු මිට සත් වසරකට පමණ යුධමය වශයෙන් පරාජය කල එල්ටීටීඊ ත්‍රස්ථවාදයේ මතයත් ඔහුගේ දේශපාලන මතය ද එකහා සමානය ඔහු වෙහෙයවමින් සිටින්නේ ද දේශපාලනමය වශයෙන් ෆෙඩරල් ලබාගැනීම උදෙසාමද යන්න සියළු දෙනා සිහි බුද්ධියෙන් විමසා බැලිය යුතුමය
තවද අප වත්මන් විපක්ශනායක අකුරු කියූ පාසල් බහුතරයද දකුණේ පාසල් වීමයි නමුත් අද ඔහුට දකුණේ මිනිසුන් නයාට අදුකොල වැනිය දකුණේ සියළු ජනයා යුධ අපරාධ වලට වගකිව යුතුයි යනුවෙන් වරක් ඔහු ප්‍රකාශ කලේ කුමන අරමුණකින්ද යන්න බුධිමත් ජනයාට සිතීමට කාලය පැමිණ තිබේ.2002 වසරේ සාමසකච්චා පවතින සමයේ ඔහු එල්ල්ටිටිය වෙනුවෙන් පෙනිසිටිමින් එලිටියේ පාර්ශවය නියෝජනය කරමින් සාම සාකච්චා වලට සම්බන්ධන් සම්බන්ද වූ ආකාරය අපේ මිනිසුන්ට අද අමතක වී ගොසිනි තවද එම වසරේම කොළබ ප්‍රධාන පෙලේ හෝටලයක දෙමල ජාතික සවිධානය විසින් පවත්වන ලද මාධ්‍ය හමුවකදී ඔහු පැවසුවේ එල්ටීටීඊය දමිල ජනයාගේ එකම ගැලවුම් කාරයා බවටය නමුත් එල්ටීටිය විසින් දමිල ජනයාද අමු අමුවේ කපා කොටා මරාදැමූ බවට ඔබට මතකද?ඔවුන් දෙමල ජනයාගේ එකම ගැලවුම් කාරයා යැයි ඔහු පැවසුවේ මන්ද? දකුණේ සියළු ජනයා යුධ අපරාධ වලට වගකිව යුතුයි යනුවෙන් වරක් ඔහු ප්‍රකාශ කලේ කුමන අරමුණකින්ද යන්න බුධිමත් ජනයාට සිතීමට කාලය පැමිණ තිබේ.2002 වසරේ සාමසකච්චා පවතින සමයේ ඔහු එල්ල්ටිටිය වෙනුවෙන් පෙනිසිටිමින් එලිටියේ පාර්ශවය නියෝජනය කරමින් සාම සාකච්චා වලට සම්බන්ධන් සම්බන්ද වූ ආකාරය අපේ මිනිසුන්ට අද අමතක වී ගොසිනි තවද එම වසරේම කොළබ ප්‍රධාන පෙලේ හෝටලයක දෙමල ජාතික සවිධානය විසින් පවත්වන ලද ඔවුන්ගේ සමුළුවේදී ඔහු පැවසුවේ එල්ටීටීඊය දමිල ජනයාගේ එකම ගැලවුම් කාරයා බවටය නමුත් එල්ටීටිය විසින් දමිල ජනයාද අමු අමුවේ කපා කොටා මරාදැමූ බවට ඔබට මතකද?ඔවුන් දෙමල ජනයාගේ එකම ගැලවුම් කාරයා යැයි ඔහු පැවසුවේ මන්ද? තවද එක්සත්ජාතික පක්ෂය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පැමිණි ව්ජයකලා මංත්‍රී වරියද උතුරු පළාත් මහ ඇමති විගනේශ්වරම්ද ප්‍රභාකරන්ගේ මස්සිනා වන පළාත්සභා මන්ත්‍රී කේ සිවජිලංගම් ද මන්නාරම් අගරදගුරු රායප්පු ජෝසප් වැන්නවුන්ද තවමත් ඊලාම් සිහිනය දමිල ජනයාගේ හිත තුලට කාවද්වමින් සිටින බවට මේ පිලිබදව විමසිල්ලෙන් බලන ඔබ දන්නා නමුදු අද රට පාලනයකරන්නන්ට එහි වගක් නැත.විටෙක යුරෝපයේ සිට ක්‍රියාත්මක වන දමිළ ඩයස් පෝරාව විනින් ඔවුන්ට ලබා දෙන ඩොලර් යුරෝ ස්ටර්ලින්පවුම් දොලපිදේනි නිසාදැයි සැකයක් ජනිතවන්නේ විපක්සයත් ඒකාබද්ද විපක්ෂයත් මේ කරුණු පිලිබදව කිසිවක් ප්‍රකාෂ නොකරන නිසාමය නමුත් උතුරු නැගෙනහිර කළාපයන්හට බලතල ලබාදීමට එරෙහිවු විරුද්ධ වු මන්ත්‍රීවරුන් නොසිටිනවද නොවේ නමුත් අපට ඔවුන්ව විස්වසකල හැකිද?

පවතින රජයේ විපක්ෂනායක වරයා ලෙස ඔහු අද පත්වී හමාරය රටක විපක්ෂනායකගේ කාර්‍යභාරය හමුවේ රටක ඉදිරිගමන කෙරෙහි බලපාන තීන්දු තීරණ වල හරි වැරදි තාවය පිළිබද ප්‍රශ්නකර රට හරිමගේ ගමන් කිරිමට සහය දැක්වීමයි.මහජනයා කෙරෙහි පැටවූ බදුබර පිලිබදව පාර්ලිමේන්තුවේ විවාදයක් යන අතරතුරදී හෝ වෙනයම් විවාදයකදී වත් කට නොඅරින වත්මන් විපක්ෂ නායකයා ලෙස පත්වූ දිනයේ තරයේ ප්‍රකාෂ කරසිටියේ ඔහු ඊළමක් සදහා සහයෝගය නොදක්වන බවටයි එය සත්‍යකි මක්දයත් එල්ටීටීඊ සංවිදානය ඊළම දිනාගැනීම සදහා අවි ආයුධ අතට ගත්තා සේ ඔවුන් අද අවි අතට ගන්නේ නැත ඒ වෙනුවට ඔවුන් දේශපාලනමය වශයෙන් ක්‍රියාකරන බව ඔහු කියාසිටියේය.

“අප සියලු දෙනාම කැමති වෙලා තිබුනා මෙරට තුල ස්ථිර දේශපාලන විසදුමක් ඇතිවෙලා තිබෙන වෙලාවේ එල්ටිටියත් ඒ මොහොතේ අපත් සමග සිටියානම් කියා.ඊට හේතුව තමයි කාටවත් අමතක කරන්න බෑ එල්ටීටීඊය සිදුකල අරගලය පිටුපස සාදාරන හේතුවක් තිබුනා එය යුද්ධය සිදුවනවිටදී පවා පාර්ලිමේන්තුව තුලදී කිව්වා අරගලය ඇති වුඋවට පසුව ඔවුන්ගෙන් වැරදි සිදුවෙලා ඇති නමුත් අරගලය ආරම්භයේදී එහි සදරනත්වයක් තිබුනා අද දෙමල ජනතාවගේ ජාතික ගැටළුවට සාධාරණ දේශපාලන විසදුමක් ලබදිය යුතුයි කියන කරණය මෙරට රජයත් ජාත්‍යන්තර ප්‍රජාවත් පිළිගන්නවානම් එහි අර්ථය තමයි ඒ අරගලය පිටුපස තිබුණු සාධාරණත්වය ඔවුන් පිළිඅරගෙන කියන එක”(වත්මන් විපක්ෂ නායක 2016අප්‍රියල් 16වන දින සිදුකරන ලද ප්‍රකාශයකි)

මදකට නැවතී සිතන්න පසුගිය දා සංශෝධනය වී දුරකථන ආයතන විසින් අයකරගන්නා මුදල ඉහල ගියේ දුප්පත් පොහොසත් බේදයකින් තොරව සියළුම ජනයාගේ පොකැට්ටුවට පහරක් එල්ලකරමිනි 11% සිට 15% දක්වා ඉහල ගිය බදුමුදල සහ මිනිසාගේ ලගම හිතවතටද බදු ගෙවිමට සිදුවනවිටදිත් ඒ පිළිබදව කතාකිරීමට ඔහු ඉදිරිපත් නොවූයේ මා පෙර සදහන් කල ආකාරයට එංගලන්තය මුලිකකරගනිමින් කැනඩාව ස්විසර්ලන්තය නොර්වේ යන රජයන් හා යුරොපය පුරා ඉතා විශාල වශයෙන් ක්‍රියාත්මක වන ඩයස්පෝරාවේ මෙහෙයවීමත් සම මුදල් ගෙවීමත් නිසා ඔහුට බදු බුදල් ගෙවීමේ හෝ ඔහු පවසන අන්දමට අසදරණයට ලක්වුවායයි කියන අහිංසක දුප්පත් ජනයා වෙනුවෙන්වත් පාර්ලිමේන්තුව තුල හඩක් නැගීමටවත් දෙමල ජනයාගේ දුක හදුනන ඔවුන්ට අසාදාරනයක් විදුවන විටදී ඒ පිළිබද සොයා බලා කටයුතු කරන දෙමළ ජනයාගේ චන්දයෙන් වත්මන් පාර්ලිමේන්තුවේ විපක්ෂනායක ධුරය හොබවන දෙමල ජාතික සන්ධානයේ නායක රජවරෝධියම් සම්බන්දන්ට නොහැකිවූයේ මන්දැයි යන්න සිහිබුධියක් ඇති සියළු දෙනා සිතා බැලිය යුතුය.මොහුගේ මුබයත් අධෝමුබයත් අද ෆෙඩරල් ලෙසින් පැමිණෙන ඊළම උදෙසා පාර්ලිමේන්තුවේ පමණක් නොව ලොව ඕනෑම තැනකදී විවර වනේ විටෝරියා රන්දෙනිගල රන්ටැඹේ ජලාශ වාන්දමන්නා සේයා අද සම්බන්දන් ඊළම වෙනස් ආකාරයකට හුවාදක්වමින් එය ෆෙඩරල් නැතිනම් උතුරු නැගෙනහිර එක්කොට වෙනම පරිපාලන කලාපයක දේශපාලන නගර සභා පොලිස් උසාවි බලයන් ඉල්ලමින් සිටින්නේ ඔබද මමද වචනයෙන් පමණක් අසා ඇති දමිල ඩයස් පොරෝවේ අතපෙවීම සහ ඔවුන්ගේ මෙහෙයවීම යටතේ යන්න ඔබ දන්නවද? සම්පන්දන් විපක්ෂ නායක ලෙස පත් වූ දා මාධ්‍ය ඉදිරියේ වෙනද මෙන් තවත් නාට්‍යක් රගදක්වමින් මාධ්‍යවේදියෙක් නැගු ප්‍රශ්නයකට පිළිතුරු වශයෙන් කියාසිටියේ ඔහු රට බෙදීමට කිසිසේත් ඉඩ නොතබන බවය තවද තිස් වසරක කුරිරු යුධය නිමාකල ලොව විශිෂ්ටතම මානුශීය හමුදාව වන අප ත්‍රිවිද හමුදාව දෙමුහුන් ජාත්‍යන්තර යුධ අධිකරණයකට ගෙනයාමට දත කන්නේද වත්මන් විපක්ෂ නායකනම් වත්මන් ප්‍රභාකරන්ගේ අවතාරය යැයි විටක සිතේ තවද ජාත්‍යන්තරයම පිළිගත් බිබිසි නාලිකාව 2016 මැයි මස 20 හෝ 21 යන දිනකදී ඔහුගෙන් විමසා සිටියේ “සිංහල ජනතාව වෙනුවෙන් කුමක්ද ඔබතුමාට කියන්න තියෙන්නේ”යනුවෙනි ඊට පෙරලා ”සිංහල ජනතාව වෙනුවෙන් සිංහල විපක්ෂ නායකයෙකු කරන සියළු දේ තමාද ඒ ලෙසම ඉටුකරන බවයි”.

අද සම්බන්දන් ඊළම වෙනස් ආකාරයකට හුවාදක්වමින් එය ෆෙඩරල් නැතිනම් උතුරු නැගෙනහිර එක්කොට වෙනම පරිපාලන කලාපයක දේශපාලන නගර සභා පොලිස් උසාවි බලයන් ඉල්ලමින් සිටින්නේ ඔබද මමද වචනයෙන් පමණක් අසා ඇති දමිල ඩයස් පොරෝවේ අතපෙවීම සහ ඔවුන්ගේ මෙහෙයවීම යටතේ යන්න ඔබ දන්නවද? සම්පන්දන් විපක්ෂ නායක ලෙස පත් වූ දා මාධ්‍ය ඉදිරියේ වෙනද මෙන් තවත් නාට්‍යක් රගදක්වමින් මාධ්‍යවේදියෙක් නැගු ප්‍රශ්නයකට පිළිතුරු වශයෙන් කියාසිටියේ ඔහු රට බෙදීමට කිසිසේත් ඉඩ නොතබන බවය තවද තිස් වසරක කුරිරු යුධය නිමාකල ලොව විශිෂ්ටතම මානුශීය හමුදාව වන අප ත්‍රිවිද හමුදාව දෙමුහුන් ජාත්‍යන්තර යුධ අධිකරණයකට ගෙනයාමට දත කන්නේද වත්මන් විපක්ෂ නායකනම් වත්මන් ප්‍රභාකරන්ගේ අවතාරය යැයි විටක සිතේ තවද ජාත්‍යන්තරයම පිළිගත් බිබිසි නාලිකාව 2016 මැයි මස 20 හෝ 21 යන දිනකදී ඔහුගෙන් විමසා සිටියේ “සිංහල ජනතාව වෙනුවෙන් කුමක්ද ඔබතුමාට කියන්න තියෙන්නේ”යනුවෙනි ඊට පෙරලා ”සිංහල ජනතාව වෙනුවෙන් සිංහල විපක්ෂ නායකයෙකු කරන සියළු දේ තමාද ඒ ලෙසම ඉටුකරන බවයි”.

නමුත් ඔවු පවසන ආකාරයට ඔහු විපක්ෂ නායක ලෙස පවතින රජය කරගෙන යන ක්‍රියාදාමයේ කිසිම වරදක් නොදකින්නේ පවතින රජයද දෙමළ ඩයස් පෝරාවේ මුදල් වලට යටවිදැයි විටෙක මා තුලම ප්‍රශ්නයක් ගොඩනැගේ.තවද එක්සත් රාජධානියේ බහුතර මන්ත්‍රී වරුන් මුදලට බිලිබාගත් එල්ටීටීඊ ඩයස්පෝරාවට මෙරට පාර්ලිමේන්තුවේ මන්ත්‍රීන් සහ ඊට ඉහල පෙලේ නිලධාරීන් ඩොලර් යූරෝ කුටිටියක් දෙකක් පෙන්වූ විගස ඔවුන්ට එය ඉතා පහසු කටයුත්තකි. මොහු අදටත් වක්‍රාකාරව ඊළම දිනා ගැනීමට විශාල පරිශ්‍රමයක් දරන පුත්ගලයෙකි.පෙර මා සදහන් කල ආකාරයට පාර්ලිමේන්තුවේ කිසිදු විවාදයකට සම්බන්ද නොවන සම්බන්දන් ඊළම වෙනුවෙන් ඕනෑම තැනක ඔනෑ ආකාරයට කිසිදු වගකිඉමකින් තොරව ජාත්‍යන්තර මාධ්‍යන්ට සහ විශේෂයෙන්ම ඉන්දීය මාධ්‍යන්ට ප්‍රකාශ නිකුත්කරමින් සිටි මොහු ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ වගකිවයුතු නිලයක් දරන විශාල වගකිඉමක් සහිත පුද්ගලයෙකි කිසිදු විවාදයකදී අදහසක් මොහු විසින් ප්‍රකාශ නොකරන අතර ඉතා නිහඩ පිළිවෙතක් අනුගමනය කරමින් සිටි නමුදු උතුරු නැගෙනහිර බලය බෙදීම ගැන සිසියම් හෝ වචනයක් වත් ඇසුනහොත් ඔහු ක්‍රියාත්මක වන්නේ ඔහුගේ වයස වසර 83 බවටද අමතක කරමිනි මොහු විපක්ෂ නායක ලෙස ඉටුකළයුතු ඉටුවියයුතු කිසිදු කරුණක් මොහු ඉටුකලේද යන්න විමසා සොයා බලන්න රට නැවතත් දෙකඩ වීමට ඇති ඉඩකඩ ඉතා වැඩිය මේ වනතෙක් බිහිවූ ඩයස්පෝරා අතින් ප්‍රභලම ඩයස්පෝරාව යන්න එල්ටීටීඊ හිතවාදී ඩයස්පෝරාව යන්න අකමැත්තෙන් උවද පිළිගත යුතුවේ.තවද සිංහල ශක්තිමත් ඩයස්පෝරාවක් මේ වනවිටත් බිහිවෙමින් පවතින්නේ උත්ගතවී ඇති තත්වයට කඩිනම් නිවැරදි පිළිතුරු සොයමින්ය.ගතවන තප්පරයක් පැයක් දවසක් පාහේම ඔවුන් ක්‍රියාත්මක වෙමින් පවතී අපද ඉතා විමසිල්ලෙන් යුතුව ශක්තිමත්ව දුරදර්ශීව තුන්කල් බලා මනා සංයෝමයකින් යුතුව ඊට ප්‍රභල බලපෑමක් සිදුකල හැකි සිංහල ඩයස්පෝරාව ශක්තිමත් කල යුත්තේ එල්ටීටීඊ හිතවාදී ඩයස්පෝරාවට බුද්ධිමය වශයෙන් මරුපහරක් එල්ලකර උත්ගතවී ඇති රට දෙකඩ කිරීමේ අරමුණට එරෙහිව ක්‍රියාත්මක වීමටය.දෙමල ඩයස්පෝරාවේ රුකඩ නටවන නුල් කපා දැමීමටය.විදෙස් ගත ශ්‍රී ලාංකිකයන්ගේ එකතුවෙන් ගෝලීය ශ්‍රී ලංකික සංසදය ගොඩ නැගෙන්නේ සිංහල ඩයස්පෝරාවක අවශ්‍යතාවය හදුනාගනිමිනි.විදේශගතව සිටින සිංහල ජනයාට රටත් ජාතියක් වශෙයෙන් එක්වී කටයුතු කර මවු බිම නැවත දෙකඩ වීමේ කාර්ය බුද්ධිමය වෂයෙන් සටනක් කොට පරාජය කිරීමට කාලය එලබ ඇත..මේ එයට හොදම කාලයයි.එක්වීමට තවත් කල් බැලීමෙන් කිසිදු ඵලක් නොවේ.

ජනිත්ඉෂාර

ශ්‍රී ලංකා හමුදාව යුද අපරාධ නොකළැයි පැවසූ විට ඩයස්‌පෝරාව දුරකථන ඇමැතුම් දී ප්‍රශ්න කළා – නේස්‌බි සාමිවරයා බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ දී කියයි

ශ්‍රී ලංකාවේ හමුදාව යුද අපරාධ සිදු කළේ නැතැයි පැවැසීම නිසා කෝපයට පත් ඊළාම්වාදීන් තමාට දුරකථන ඇමතුම් 87 ක්‌ ලබා දී ශ්‍රී ලංකාවට පක්‌ෂව ක්‍රියාකරන්නේ මන්දැයි ප්‍රශ්න කළේ යෑයි නේස්‌බි සාමිවරයා ලන්ඩන් පාර්ලිමේන්තු ශාලාවේදී පැවැසීය.

ශ්‍රී ලංකාවේ වන්නි මෙහෙයුමේදී මියගිය සිවිල් වැසියන් සංඛ්‍යාව 6422 ක්‌ය, යන ස්‌ථාවරයේ තමා සිටින බවද හෙතෙම කීය.

කීර්ති වර්ණකුලසූරිය ලන්ඩන් නුවර සිට

නේස්‌බි සාමි හෙළිකරන යුද රහස්‌ ලියවිලි මෙන්න

“ටැමිල් නෙට්‌ සහ චැනල් ෆොa කැලම් මැක්‌රේ බොරුකාරයෝ”

ලන්ඩන් නුවර සිට ඉරිදා දිවයිනට විශේෂයෙනි

nesbiබ්‍රිතාන්‍යයට යැමට අදහස්‌ කරන ශ්‍රී ලාංකිකයන් වීසා අයදුම්පතෙහි පහත ප්‍රශ්නවලට උත්තර ලිවිය යුතුය “ඔබ යුද අපරාධ වලට හෝ මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ හෝ සමූල ඝාතන ක්‍රියාවලට සම්බන්ධවී තිබේද? එසේම ඔබ ත්‍රස්‌තවාදී ක්‍රියාවලට සම්බන්ධ වී හෝ සහාය දක්‌වා තිබේද? නොඑසේ නම් ත්‍රස්‌තවාදී සංවිධානයක සාමාජිකයෙක්‌ ලෙස කටයුතු කර තිබේද? මේ හැර ත්‍රස්‌තවාදී කටයුතුවලට ආධාර දීම හෝ ත්‍රස්‌තවාදි ක්‍රියා සාධාරණීයකරණය කිරීමට ඔබ කටයුතු කර තිබේද ?

මෙවන් ප්‍රශ්න ශ්‍රී ලාංකිකයන් වෙත යොමුකිරීමට බ්‍රිතාන්‍යය ක්‍රියාකළේ එරට සිටින කොටි ඩයස්‌පෝරාවේ ඉල්ලීම් මතය.

එහෙත් කොටි කාන්තාවන්ට සයනයිඩ් කරල් ලබාදී ඔවුන් ත්‍රස්‌තවාදී ක්‍රියාවලට යොමුකළ ඇඩෙලා බාලසිංහම් හෙවත් කොටි න්‍යායාචාර්ය ඇන්ටන් බාලසිංහම්ගේ බිරියට එරෙහිව බ්‍රිතාන්‍ය රජය මෙතෙක්‌ පියවර ගෙන නැත. මේ හැර ත්‍රස්‌තවාදී ක්‍රියා සිදුකර බ්‍රිතාන්‍යයට පැන ගිය කොටි ත්‍රස්‌තයන් රැසක්‌ අද බ්‍රිතාන්‍යයේ දේශපාලන රැකවරණ ලබා ඇත.

බ්‍රිතාන්‍ය ආරංචි මාර්ග වලට අනුව 2017 වසරේදී බ්‍රිතාන්‍යයේ දේශපාලන රැකවරණ ලැබූ ශ්‍රී ලාංකිකයන් සංඛ්‍යාව 845 කි. මොවුන් සියලුදෙනාම ද්‍රවිඩයන් වේ.

nesbi1මෙවන් පසුබිමක්‌ මැද බ්‍රිතාන්‍යයේ කොන්සර්වටිව් පක්‍ෂයේ දේශපාලකයකුවූ මිචෙල් වුල්පැන්ග් ලෝරන්ස්‌ මොරිස්‌ හෙවත් නේස්‌බි සාමිවරයා මේ සතියේ දිනෙක ලන්ඩන් පාර්ලිමේන්තුවේදී මා සමඟ සාකච්ඡාවක්‌ කිරීමට ඉදිරිපත් විය. ශ්‍රී ලංකාවේ මාධ්‍ය අතරින් නේස්‌බි සාමිවරයා හමුවී සාකච්ඡාවක්‌ කිරීමේ අවස්‌ථාව හිමිවූයේ ඉරිදා දිවයින පුවත්පතට පමණකි.

වසර 50 ක්‌ තිස්‌සේ ශ්‍රී ලංකාවට ළැදිව කටයුතු කරන නේස්‌බි සාමිවරයා බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව අමතමින් ශ්‍රී ලංකාවට එරෙහි ජිනීවා යෝජනාව අහෝසි කරන ලෙස කියා සිටියේය.

නේස්‌බි සාමිවරයා මෙලෙස ශ්‍රී ලංකාවට එරෙහි යුද අපරාධ චෝදනා හෙවත් මහාබොරුව පාර්ලිමේන්තුව හමුවේ අනාවරණය කරද්දී කොටි හිතවාදීන් මෙහෙයවන ශ්‍රී ලංකා කැම්පේන් ඔප්පීස්‌ නමැති සංවිධානය ශ්‍රී ලංකාවේ නිවාඩුවක්‌ ගතකිරීමට නොයන ලෙස ඉල්ලමින් ප්‍රචාරණ මෙහෙයුමක්‌ දියත්කර ඇති අයුරු අපට ලන්ඩන් නුවරදී හෙළිවිය. මේ ප්‍රචාරක මෙහෙයුමේ තේමාව වූයේ යුද අපරාධකරුවන් සහ මානව හිමිකම් උල්ලංඝනය කරන්නන් සමඟ නිවාඩුවක්‌ ගතකිරීමෙන් වළකින්න යනුවෙනි. එහෙත් බ්‍රිතාන්‍යයේ පිහිටි ශ්‍රී ලංකා මහකොමසාරිස්‌ කාර්යාලය එම රාජ්‍ය නොවන සංවිධානය මෙහෙයවන්නේ කොටි හිතවාදීන් බවට ප්‍රතිචාර දක්‌වා නොමැත.

මේ තත්ත්වය මත නේස්‌බි සාමිවරයා මෙලෙස කියා සිටියේය. “එක්‌සත්ජාතීන්ගේ නේවාසික කණ්‌ඩායම ප්‍රකාශයට පත්නොකළ වාර්තාවක්‌ මා සොයාගත්තා. 2008 අගෝස්‌තු මස සිට 2009 මැයි 13 දක්‌වා වන්නි මෙහෙයුමේදී මියගිය සංඛ්‍යාව 7721 ක්‌ බව එහි සඳහන් වී තිබුණා. එම වාර්තාවෙන් පසු දින 6 කදී යුද්ධය අවසන් වුණා. එසේ නම් මැයි 13 සිට මැයි 19 දක්‌වා කාලය තුළ 40000 ක්‌ මියගිය බවට නැඟෙන චෝදනාව විශ්වාස කළ හැකිද? ඉන්පසු මා එක්‌සත්ජාතීන්ගේ නියෝජිත ගෝඩන් වෙයිස්‌ගේ වාර්තාව නිරීක්‍ෂණයට ලක්‌කළා. එහි සඳහන් වන්නේ සිවිල් වැසියන් 7000 ක්‌ පමණ මියයා හැකි බවයි. ඔහු තම වාර්තාවේ තවදුරටත් දක්‌වා තිබුණේ ද්‍රවිඩයන් මැරීම ශ්‍රී ලංකා හමුදාවේ අරමුණ නොවන බවයි. මේ හැර ඇමෙරිකානු තානාපතිව සිටි රොබට්‌ බ්ලේක්‌ 2009 අප්‍රේල් 7 වැනිදා තම වාර්තාවෙන් 2009 ජනවාරි 20 සිට අප්‍රේල් 6 දක්‌වා මියගිය සිවිල් වැසියන් සංඛ්‍යාව 4164 ක්‌ ලෙස දක්‌වා තිබුණි.

nesbi22015 මාර්තු මස බ්‍රිතාන්‍ය හමුදා විශේෂඥයකු වූ මේජර් ජනරාල් ජෝන් හෝම්ස්‌ තම වාර්තාවෙන් මියගිය සිවිල් වැසියන් සංඛ්‍යාව 7000 ත් 8000 ත් අතර විය හැකි බව සඳහන් කළා.”

මෙලෙස සිවිල් වැසියන් 40000 ක්‌ මරුමුවට පත්වූ බවට ශ්‍රී ලංකාවට එල්ල කෙරෙන මහා බොරුවේ පසුබිමේ සිටින්නේ කවුදැයි අපි නේස්‌බි සාමිවරයාගෙන් විමසුවෙමු.

“මානව හිමිකම් සංවිධාන සහ ද්‍රවිඩ ඩයස්‌පෝරා ක්‍රියාකාරීන් ශ්‍රී ලංකාවට එරෙහිව පුළුල් ප්‍රචාරයක්‌ ගෙනගියා. මින් වැඩිදෙනා කොටි හිතවාදීන්” එසේම ටැමිල්නෙට්‌ කොටි වෙබ් අඩවිය සහ කීලිං පීල්ඩ් චිත්‍රපටය නිර්මාණය කළ චැනල් ෆොa රූපවාහිනි සේවාව ද ඊට මුල්වුණා.

මේ ටැමිල්නෙට්‌ වෙබ් අඩවිය ගැන චැනල් ෆොa රූපවාහිනිය හිටපු බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන්ට බලපෑම් කළා.

නේස්‌බි සාමිවරයා තවදුරටත් මෙලෙස සඳහන් කළේය. “මට තොරතුරු දැනගැනීමේ ආඥපනත යටතේ 2009 ජනවාරි 1 සිට මැයි 19 වැනිදා තෙක්‌ කොළඹ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්‌ කාර්යාලය ලන්ඩන් නුවර විදේශ කාර්යාලයට එවූ විස්‌තර ලබාදෙන ලෙස ඉල්ලීම් කළා. එහෙත් මට තොරතුරු ලබාදීම ඔවුන් ප්‍රතික්‍ෂේප කළා.

nesbi3පසුව තොරතුරු දැනගැනීමේ කොමසාරිස්‌වරිය වෙත අභියාචනයක්‌ ඉදිරිපත් කරමින් බ්‍රිතාන්‍ය විදේශ ලේකම් කාර්යාලය තොරතුරු ලබාදීම ව්‍යර්ථ කරන බව කියා සිටියා. මගේ පැමිණිල්ල මත ඇය මැදිහත්වී රහස්‌ ලියවිලි 39 ක්‌ මා වෙත ලබා දුන්නා. එම රහස්‌ ලියවිලිවල ඇතැම් තොරතුරු මකාදමා තිබුණා.”

මෙලෙස නේස්‌බි සාමිවරයා එම යුද රහස්‌ ලියවිලිවල සඳහන් වන තොරතුරු දැකීමෙන් විස්‌මයට පත්විය.

මේ රහස්‌ තොරතුරු හෙළිවීමට පෙර බ්‍රිතාන්‍යයේ ගාඩියන් පුවත්පත ඇතුළු මාධ්‍ය කිසිදු සාක්‍ෂියකින් තොරව ශ්‍රී ලංකාව යුද අපරාධ සිදුකර ඇති බවට හංවඩු ගසනු ලැබීය.

ඊට සම්බන්ධ වූයේ ලන්ඩන් නුවර සිටින කොටි ඩයස්‌පෝරාවයි. මේ ඩයස්‌පෝරාවේ අරමුදල් සහ සහය මත බ්‍රිතාන්‍යයේ චැනල් ෆොa රූපවාහිනි නාළිකාවේ කුපුකට නිවේදකයන්වූ ජෝන් ස්‌නෝ සහ ජොනතන් මිලර් සහ අධ්‍යක්‍ෂ කැලම් මැක්‌රේ නමැත්තන්ය.

කැලම් මැක්‌රේගේ කිලිං පීල්ඩ් හෙවත් ඝාතන භූමිය චිත්‍රපටය එවකට සිටි බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් වෙත ප්‍රදර්ශනය කිරීමටද කොටි ඩයස්‌පෝරාව ක්‍රියාකරනු ලැබීය.

එසේම මැක්‌රේ එම චිත්‍රපටයත් සමඟ ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට පැමිණ එය ප්‍රදර්ශනය කිරීමට ද ක්‍රියා කළේය. මැක්‌රේ ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේදී කොටි හිතවාදීන් සමඟ සාකච්ඡා කරන අයුරු අපට අතටම අසුවිය.

එසේම ඔහු මානව හිමිකම් කවුන්සිලය වෙත මුලතිව් රෝහලේ හිටපු වෛද්‍ය වර්ධරාජාවද ගෙන ආවේය. මානව හිමිකම් කවුන්සිලයේ දොරටුව විවෘත කරන තුරු අසල තිබූ කොන්ක්‍රීට්‌ පඩියක වාඩිවි සිටි වර්ධරාජා අප වෙත හෙළිකළේ මුලින්ම බ්‍රිතාන්‍යයට ගිය තමාට දේශපාලන රැකවරණ ලැබුණු බවයි.

මේ පසුබිම මත බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් 2012 වසරේ ශ්‍රී ලංකාවේ පැවැති පොදු රාජ්‍ය මණ්‌ඩල සමරුවට ගෙන ආ මාධ්‍ය කණ්‌ඩායමට චැනල් ෆොa වාර්තාකරුවන්වූ ජොනතන් මිලර් සහ ජෝන් ස්‌නෝද සම්බන්ධ කරගෙන තිබුණි.

මේ වාර්තාකරුවන්ට ශ්‍රී ලංකාවට ඒමට ඉඩ නුදුන්නොත් තමා පොදු රාජ්‍ය මණ්‌ඩල උත්සවය වර්ජනය කරන බවද කැමරන් තර්ජනය කිරීම නිසා එදා පැවැති රජය අසරණ තත්ත්වයට පත්විය.

කොළඹට පැමිණි කැමරන් කොළඹ බණ්‌ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී ප්‍රශ්න ඇසීම සඳහා ඉඩදුන්නේ චැනල් ෆොa වාර්තාකරුවන්වූ ජෝන් ස්‌නෝ ඇතුළු බ්‍රිතාන්‍ය මාධ්‍යවලට පමණකි.

ශ්‍රී ලංකාවේ මාධ්‍යවලට කිසිදු ප්‍රශ්නයක්‌ ඇසීමට ඔහු ඉඩදුන්නේ නැත. හිටපු බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන්ගේ මේ තක්‌කඩි ක්‍රියාවෙන් පසු චැනල් ෆොa රූපවාහිනී සේවාව පුද්ගලික නාලිකාවක්‌ද යන්න ගැන ඉරිදා දිවයින කළ විමර්ශනයේදී හෙළිවූයේ එය රජයේ නාලිකාවක්‌ බවයි. එහෙත් ලන්ඩන් නුවර ශ්‍රී ලංකා මහකොමසාරිස්‌ කාර්යාලය ඒ බව දැනසිටියේ නැත.

එසේම 2016 වසරේ යහපාලන රජය චැනල් ෆොa රූපවාහිනියේ ජෝන් ස්‌නෝ නමැති තක්‌කඩියාට ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස ඇරයුම් කරනු ලැබීය. ශ්‍රී ලංකාවට පැමිණි ජෝන් ස්‌නෝ යාපනයට ගොස්‌ ශ්‍රී ලංකා හමුදාවට එරෙහිව බොරු සාක්‍ෂි එක්‌රැස්‌ කළේය. ඔහු ආපසු ලන්ඩන් නුවරට ගොස්‌ චැනල් ෆොa රූපවාහිනිය ඔස්‌සේ ශ්‍රී ලංකාවට අවමන් කළේය.

ජෝන් ස්‌නෝ තම ප්‍රවෘත්ති ප්‍රකාශයේ මෙලෙස සඳහන් කළේය.

“මා ශ්‍රී ලංකාවේ මිනීමරු භූමියට පැමිණි අවස්‌ථාවේ ජනාධිපති සහ අගමැති විසින් ප්‍රකාශ දෙකක්‌ කරමින් අපේ චැනල් ෆොa නාලිකාව විසින් වීඩියෝ මගින් අදියර කිහිපයකින් ප්‍රදර්ශනය කළ යුද්ධ අපරාධ ගැන විනිශ්චය කිරීමට විදේශ රටවලින් කිසිවෙක්‌ ගෙන්වන්නේ නැති බව පැවසුවා.”

යුද්ධය අවසන්වී වසර හතක්‌ ගතවන අවස්‌ථාවේ අතුරුදන්වූ අය ගැන දිගින් දිගටම පරීක්‍ෂණයක්‌ නොපැවැත්වීම ගැනත් දෙමළ ජනතාව දැඩි වෛරයෙන් සිටිනවා. හමුදාව උතුරේ අක්‌කර දසදහස්‌ ගණනක්‌ අල්ලාගෙන සිටිනවා. හමුදාව කඩවලට කඩාවැදී ව්‍යාපාර අල්ලාගෙන තිබෙනවා. මයිලයිඩි ගමේ තිබූ ගෙවල් 40 ක්‌ හමුදාව බුල්ඩෝසර් යොදවා සමතලා කර තිබෙනවා. අපේ අගමැති කැමරන් කළ ඉල්ලීම් එකක්‌වත් ශ්‍රී ලංකාව ඉටුකර නැහැ. යුද අපරාධ ගැන සෙවීමට ජාත්‍යන්තර සම්මිශ්‍රණයක්‌ තිබිය යුතුබව කැමරන් අගමැතිවරයා කියා සිටියා.

ආරක්‍ෂක කලාපයක්‌ ලෙස හඳුන්වමින් ශ්‍රී ලංකා හමුදාව විසින් ද්‍රවිඩ ජනතාව විශාල ලෙස කොටුකර ඝාතනය කෙරුණ මෙම මිනීමරු භූමියේ තත්ත්වය ගැන මම අතිශයින්ම කනගාටුවන්නෙමි.

පොළොවේ හෑරි ගිය ෂෙල් වෙඩි වළවල්වල තවමත් දිරන සාරි – කමිස සහ යට ඇඳුම් මා දුටුවා. ඊට වඩා බිහිසුණු දේ මා දුටුවා. ඒ මුහුදු වෙරළ පුරාම පුංචි දරුවන්ගේ තනි සපත්තු දැකීමයි.

උතුරේ 120000 ක හමුදාවක්‌ සිටිනවා. මිලියන 20 ක්‌ වත් ජනගහණයක්‌ නැති රටකට බ්‍රිතාන්‍යයට නැති තරම් විශාල හමුදාවක්‌ කුමකටද?

එහෙත් නේස්‌බි සාමි හෙළිකළ බ්‍රිතාන්‍ය යුද රහස්‌ ලියවිලි 39 ක තොරතුරු නිසා චැනල් ෆොa රූපවාහිනියේ කැලම් මැක්‌රේ. ජෝන් ස්‌නෝ සහ ජොනතන් මිලර්ට කටඋත්තර නැති විය.

නේස්‌බි සාමිවරයා 2017 ඔක්‌තෝබර් 12 වැනිදා බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවට බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්‌ කාර්යාලයේ ආරක්‍ෂක උපදේශකව සිටි ලුතිනන් කර්නල් ඇන්ටන් ගෑෂ්ගේ රහස්‌ ලියවිලිවල දැක්‌වෙන තොරතුරු හෙළිකිරීමත් සමඟම චැනල් ෆොa රූපවාහිනිය නේස්‌බිගේ ප්‍රකාශය විභාග කිරීමට හෝ ඊට ප්‍රතිචාර දැක්‌වීමට ක්‍රියාකළේ නැත.

ලුතිනන් කර්නල් ඇන්ටන් ගෑෂ් තම රහස්‌ ලියවිලිවල මෙලෙස සඳහන් කර තිබුණි.

කොටි සංවිධානය පරාජය වන බව කොටින් දැන ගත්තා. මේ නිසා ටැමිල්නෙට්‌ සහ අනිකුත් පාර්ශව රජය ලවා සටන් විරාමයක්‌ ක්‍රියාත්මක කිරීම සඳහා ජාත්‍යන්තර මැදිහත්වීමක්‌ සඳහා බලපෑම් කළා.

අනාථ නිවාස, රෝහල්වලට ප්‍රහාර එල්ල කිරීම, රසායනික අවි භාවිත කිරීම, විෂ බෝම්බ භාවිත කිරීමට, යුද හමුදාව ක්‍රියාකර ඇති බව ටැමිල් නෙට්‌ වෙබ් අඩවිය චෝදනා කළා. එහෙත් මේ චෝදනා විශ්වාස කළ නොහැකියි.”

එසේ වූවත් බ්‍රිතාන්‍ය රජය මේ රහස්‌ තොරතුරු වසන් කරනු ලැබූ අතර එහි අඩංගු තොරතුරු ජිනීවා මානව හිමිකම් කොමසාරිස්‌ට ලබාදීමට ක්‍රියා කළේ නැත.

ඊට මූලික හේතුව වූයේ ලුතිනන් කර්නල් ගෑෂ්ගේ රහස්‌ තොරතුරුවලින් ශ්‍රී ලංකාවට එරෙහිව ජිනීවා පරීක්‍ෂණයට කොටි ඩයස්‌පෝරාව රහසිගතව ලබාදුන් සාක්‍ෂි බොරු බව සනාථ වීමයි.

මේ අතර නේස්‌බි සාමිවරයා අප කළ විමසීමට වැඩිදුරටත් කරුණු දක්‌වමින් ශ්‍රී ලංකාව එදා බ්‍රිතාන්‍යයට ලබාදුන් සහාය ගැනද හෙළිකළේය.

“ලෝක යුද්ධ දෙකක ම සහ පෝක්‌ලන්ත යුද්ධයට ද ශ්‍රී ලංකාව විසින් බ්‍රිතාන්‍යයට සහාය දැක්‌වූවා. මේ නිසා ශ්‍රී ලංකාවේ සහායට බ්‍රිතාන්‍යා පැමිණිය යුතුයි. ලුතිනන් කර්නල් ඇන්ටන් ගෑෂ් තරම් වෙන කිසිම හමුදා නිලධාරියෙක්‌ වන්නි මෙහෙයුම ගැන තොරතුරු දැනසිටියේ නැහැ.

ශ්‍රී ලංකා හමුදාව විනය ගරුක හමුදාවක්‌ මෙන්ම සිවිල් වැසියන්ට බේරීයැමට උදවු කළා. ලුතිනන් කර්නල් ගෑෂ්ගේ රහස්‌ ලියවිලි සියල්ල ලබා දෙන ලෙස මා විදේශ කාර්යාලයෙන් ඉල්ලීමක්‌ කළවිට එම ලියවිලි රහස්‌ තොරතුරු හෙළිදරව් කිරීමක්‌ බව පැවසුවා. මේ රහස්‌ ලියවිලි අතරින් සත්‍ය අනාවරණය කරන ප්‍රධානතම ලියවිල්ල ලෙස දැක්‌විය හැක්‌කේ 2009 ජනවාරි 28 වැනිදා ලුතිනන් කර්නල් ඇන්ටන් ගෑෂ් කොළඹ සිට බ්‍රිතාන්‍යයට යෑවූ රහස්‌ ලිපියේ කොටි සහ සිවිල් වැසියන් හඳුනාගැනීමට පහසු නැතැයි දක්‌වා තිබුණා යෑයි නේස්‌බි සාමිවරයා වැඩිදුරටත් අනාවරණය කළේය.

මෙලෙස වසර අටක්‌ තිස්‌සේ ජාත්‍යන්තර ප්‍රජාවෙන් සහ ජිනීවා මානව හිමිකම් කවුන්සිලයෙන් සහ ජාත්‍යන්තර මාධ්‍ය වලින්ද වසන්කර තිබූ ලුතිනන් කර්නල් ඇන්ටන් ගෑෂ්ගේ රහස්‌ ලියවිලිවල සඳහන් වන රහස්‌ තොරතුරු හෙළිකිරීමට මෙරට මාධ්‍යවලින් හැකිවී ඇත්තේ ඉරිදා දිවයිනට පමණකි.

මේ අතර බ්‍රිතාන්‍ය විදේශ සහ පොදු රාජ්‍ය මණ්‌ඩල කාර්යාලය භාර රාජ්‍ය ඇමැති අහ්මද් සාමිවරයා නේස්‌බි සාමි වරයාගේ ප්‍රකාශයට ප්‍රතිචාර දක්‌වමින් සඳහන් කර ඇත්තේ යුද අපරාධ එල්ලවන ජිනීවා යෝජනාවේ සම අනුග්‍රාහකයා ලෙස ශ්‍රී ලංකාව ක්‍රියාකරන බවයි. ශ්‍රී ලංකාව එම යෝජනාව මුළුමනින්ම ක්‍රියාත්මක කිරීමටත් වගවීමේ ක්‍රියාදාමය ඉටුකිරීමටත් එකඟවී ඇති බවයි.

අහ්මද් සාමිවරයා එම ප්‍රකාශයෙන් තවදුරටත් දක්‌වා ඇත්තේ ශ්‍රී ලංකා රජය ජිනීවා යෝජනාව ක්‍රියාත්මක කිරීමට එකඟ වූයේ නම් එම යෝජනාවට එකඟ වූයේ මන්දැයි ශ්‍රී ලංකා රජයෙන් ප්‍රශ්න කරන ලෙසයි.

මේ ප්‍රකාශයෙන් ශ්‍රී ලංකා රජය තම හමුදාව පාවාදීමක්‌ කළ බව සනාථ වේ. එහෙත් බ්‍රිතාන්‍ය හමුදාව ඉරාකයේ සිදුකළ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සම්බන්ධ විදේශ මැදිහත්වීම් ප්‍රතික්‍ෂේප කර තමන්ට ඒ ගැන පරීක්‍ෂණ පවත්වන බව පවසා තිබුණි.

එසේ වුවත් ජිනීවා මානව හිමිකම් සමුළුවට සහභාගී වූ එවකට විදේශ කටයුතු ඇමැතිවරයා ජිනීවා යෝජනාවට සම අනුග්‍රහය දැක්‌වීමට එකඟත්වය පළකිරීම මුළුමනින් ම රාජෙද්‍රdaගී ක්‍රියාවකි.

මේ අයුරින් නේස්‌බි සාමිවරයා ලුතිනන් කර්නල් ඇන්ටන් ගෑෂ්ගේ රහස්‌ ලියවිල්ලෙන් මියගිය සිවිල් වැසියන් සංඛ්‍යාව 6432 ක්‌ බව අනාවරණය කරද්දී බ්‍රිතාන්‍ය රජය පවසන්නේ යුද අපරාධ චෝදනාවට අදාළ ජිනීවා යෝජනාවට එකඟවූයේ ශ්‍රී ලංකා රජය බවයි.

ලොව කිසිම රටක්‌ තම රටේ යුද හමුදාව යුද අපරාධ කළ බවට එකඟවීමට ක්‍රියානොකර තිබියදී ශ්‍රී ලංකාව එකඟවූයේ මන්ද?

මේ පසුබිම මැද ගෝලීය ශ්‍රී ලංකා සංසදය වෙනුවෙන් රියර් අද්මිරාල් සරත් වීරසේකර ලන්ඩන් පාර්ලිමේන්තුවේදී නේස්‌බි සාමිවරයා හමුවී රාජනීතිඥ ඩෙස්‌මන්ඩ් සිල්වා, නීතිවේදී ජෙප්රි නයිස්‌ ඇතුළු කණ්‌ඩායම කෙටුම්පත් කළ විමර්ශන වාර්තාව භාරදුන්නේය. මේ විමර්ශන වාර්තාවේ සඳහන් වූයේ ශ්‍රී ලංකා හමුදාව මානුෂීය නීතිය ප්‍රකාර කටයුතු කර ඇති බවත් කිසිදු යුද අපරාධයක්‌ සිදුකර නැති බවත්ය.

රාජනීතිඥ ඩෙස්‌මන්ඩ් සිල්වා සකස්‌ කළ එම විමර්ශන වාර්තාව මෙයට පෙර බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහකොමසාරිස්‌ කාර්යාලය විසින් නේස්‌බි සාමිවරයාට භාරදිය යුතුව තිබුණත් එවැන්නක්‌ සිදුවූයේ නැත. මේ අතර ලන්ඩන් නුවර කොටි ඩයස්‌පෝරාව ශ්‍රී ලංකා මහ කොමසාරිස්‌ කාර්යාලය අසලට අවුත් කෑකෝගසමින් ශ්‍රී ලංකාවට අවමන් කරද්දී බ්‍රිතාන්‍ය පොලිසිය බලා සිටියේය. මේ විරෝධතාවය පැවැත්වූයේ ශ්‍රී ලංකාවේ නිදහස්‌ දිනයට එරෙහිවය.

මෙය සංවිධානය කර තිබුණේ ලන්ඩන් නුවර සිට කොටි වෙබ් අඩවියක්‌ මෙහෙයවන රාජන් සොක්‌කලිංගම් නමැති කොටියා බව අපි හඳුනාගත්තෙමු.

බ්‍රිතාන්‍යය තුළ කොටි සංවිධානය තහනම් වුවත් එම තහනම නොතකා කොටි ඩයස්‌පෝරාව සිය විරෝධතාවය මෙහෙයවමින් තමන්ට මහකොමසාරිස්‌ කාර්යාලයේ හමුදා නිලධාරියා තර්ජනය කළ බවට සාවද්‍ය ප්‍රකාශයක්‌ද කර ඇත.

මේ සතියේදී මෙරට ආරක්‍ෂක හමුදාව වෙනුවෙන් ගෝලීය ශ්‍රී ලංකා සංසදය වෙනුවෙන් රියර් අද්මිරාල් සරත් වීරසේකර, සුනිල් චන්ද්‍රකුමාර, නුවන් බෙල්ලන්තුඩාව බෙංගමුවේ නාලක හිමි සහ ජයරාඡ් සුජීව පලිහවඩන, නේස්‌බි සාමිවරයා සමඟ සාකච්ඡාවකට සම්බන්ධ වෙමින් කොටි ඩයස්‌පෝරාව ගෙනයන ද්වේශසහගත ප්‍රචාරයක්‌ ගැන අනාවරණය කළහ.

ප්‍රභාකරන් සැමරුමට එරෙහි වූ වවුනියාවේ සිංහල සරසවි සිසුන්ට තර්ජන

p4 1යාපනය විශ්වවිද්‍යාලයේ වවුනියාව මණ්‌ඩපයේ ප්‍රභාකරන්ගේ උපන් දින උත්සවයක්‌ පැවැත්වීමට විරෝධය පළ කළ සිංහල සිසුන්ට දෙමළ සිසුන් විසින් මරණීය තර්ජන එල්ල කර විවිධ හිරිහැර කිරීම නිසා ඔවුන් පෙරේදා (26 වැනිදා) රාත්‍රියේම විශ්වවිද්‍යාලයෙන් පිට වී ආරක්‌ෂිත ස්‌ථානවලට ගොස්‌ ඇත.

මෙම විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලබන 200 කට ආසන්න සිංහල සිසුහු පිරිසක්‌ පෙරේදා රාත්‍රියේ මහ වැස්‌සේම විශ්වවිද්‍යාල නේවාසිකාගාරවලින් පිට වී ආරක්‌ෂිත ස්‌ථානවල සැඟ වී සිටියහ.

මේ සිසුන් පවසන්නේ තමන්ට විශ්වවිද්‍යාල පාලනාධිකාරියෙන් හෝ පොලිසියෙන් නිසි ආරක්‌ෂාවක්‌ නොලැබුණු බවයි. විශ්වවිද්‍යාල පාලන අධිකාරිය සිසුන්ට දන්වා ඇත්තේ බිය නොවී ආපසු නේවාසිකාගාරවලට යන ලෙසයි. ගැටුම් ඇත.s කර නොගෙන සාමකාමී ලෙස හැසිරෙන ලෙස පොලිසිය තමන්ට දැන්වූ බව විශ්වවිද්‍යාලයීය නේවාසිකාගාරවලින් එළියට පැමිණි ශිෂ්‍ය ශිෂ්‍යාවෝ කියා සිටිති.

ප්‍රභාකරන් සැමරුමට විරෝධය දක්‌වා පැයක්‌ යැමටත් මත්තෙන් දෙමළ සිසුන් කණ්‌ඩායම් වශයෙන් පැමිණ තමන්ට හිරිහැර හා තර්ජනය කිරීමට පටන් ගැනීම නිසා නේවාසිකාගාරවලින් ඉවත් වී විශ්වවිද්‍යාලයේ පාලන කාර්යාලය වෙත පැමිණ සිදු වූ දේ පැවසුවත් පාලනාධිකාරියෙන් තමන්ට කිසිදු සහනයක්‌ සැලසුණේ නැතැයි සිංහල සිසුහු පවසති.

පසුව එම සථානයේ සිට මේ බව පොලිසියට දැනුම් දෙන ලද නමුත් පොලිසිය ඔවුන්ට නිසි ආරක්‌ෂාවක්‌ සපයා නොදීම නිසා ඔවුන් වෙනත් ආරක්‌ෂිත ස්‌ථාන සොයා ගොස්‌ ඇත.

පෙරේදා (26 දා) උදැසන විශ්වවිද්‍යාලයේ දෙමළ සිසුන් කේක්‌ කපා ප්‍රභාකරන්ගේ උපන් දිනය සැමරූ අවස්‌ථාවේදී සිංහල හා මුස්‌ලිම් සිසුන් නිහඬව සිටි නමුත් සන්ධ්‍යා කාලයේදීද උපන් දිනය සැමරීමට සිංහල සිසුන්ටත් මුස්‌ලිම් සිසුන්ටත් පැමිණෙන ලෙස දන්වමින් උපන්දින සැමරුම් උත්සවයක්‌ සංවිධානය කොට තිබේ. මේ අවස්‌ථාවේදී සිංහල සිසුන් ඊට විරෝධය පළ කිරීම නිසා ඔවුන්ට මරණීය තර්ජන එල්ල කර ඇත.

දිනසේන රතුගමගේ

අපේ අරමුණ යුද්ධයෙන් බේරාගත් රට නව ව්‍යවස්‌ථාවෙන් බෙදීම වැළැක්‌වීමයි -හිටපු ආරක්‌ෂක ලේකම් ගෝඨාභය රාජපක්‌ෂ

re9 2ඇතැමුන් ජාතිවාදය වපුරනවා යෑයි කියුවත්

උතුරේ හා නැගෙනහිර දෙමළ ජනතාවට ත්‍රස්‌තවාදීන් විසින් අහිමි කර තිබූ ප්‍රජාතන්ත්‍රවාදය යළිත් ඔවුන්ට හිමිකර දුන්නේ මහින්ද රාජපක්‌ෂ ජනාධිපතිතුමායි. ත්‍රස්‌තවාදීන් පරාජය කිරීමෙන් පසු ඔවුන්ට අහිමි වී තිබූ ඡන්ද බලය යළි ඇතිකර දී ඔවුන්ගේම පාලනයක්‌ ඇතිකර ගැනීමට අවශ්‍ය දේ සිදුකර සංහිsඳියාව යළි ඇතිකළේ මහින්ද රාජපක්‌ෂ මහතා යෑයි හිටපු ආරක්‌ෂක ලේකම් ගෝඨාභය රාජපක්‌ෂ මහතා පැවසීය.

වයවස්‌ථා සංශෝධනය පිළිබඳ ඝණඳුර දුරලන කතිකාවත, අඳුරින් එළියට ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා අර්බුදය යන තේමාව යටතේ අනුරාධපුර ජයන්ති මාවතේ පිහිටි ගෝල්ඩන් මැන්ගෝ උත්සව ශාලාවේ පැවති සංවිධානයේ අනුරාධපුර දිස්‌ත්‍රික්‌ කතිකාවතට එක්‌වෙමින් හෙතෙම මේ බව පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස්‌ දැක්‌ වූ ගෝඨාභය රාජපක්‌ෂ මහතා මෙසේ ද පැවසීය,

එහිදී ලක්‌ෂ තුනක ද්‍රවිඩ ජනතාව ත්‍රස්‌තවාදීන්ගෙන් මුදාගෙන ත්‍රස්‌තවාදීන් 12,000 පුනරුත්තාපනය කර සමාජ ගත කළා. ඇතැම් දේශපාලකයන් මෙම සංවිධානය හරහා ජාතිවාදය පතුරනවා යෑයි චෝදනා නඟනවා. එහෙත් මේ සංවිධානය තුළින් කරන්නේ එදා යුද්ධයෙන් බෙදන්නට බැරි වූ රට අද ව්‍යවස්‌ථාවෙන් බෙදීමට දරන උත්සාහය පරාජය කිරීමටයි. ව්‍යවස්‌ථාවේ ඒකීය යන වචනය පමණක්‌ තිබී වඩක්‌ නෑ. එහි ඒකීය ලක්‌ෂණ තිබිය යුතුයි.

යුද්ධයෙන් පසු අවතැන් ජනතාව ලක්‌ෂ තුනක්‌ කෙටි කාලයත් තුළ නැවත පදිංචි කළා. පාරවල් දුම්රිය මාර්ග ඉදිකළා. අපි සංහිඳියාව ඇතිකළේ බලය බෙදීමෙන් නොවේ. එම ජනතාවට ත්‍රස්‌තවාදීන් අහිමි කළ සියලු දේ ලබාදුන්නා. එහෙත් දමිළ දේශපාලකයන් නිසා එය සාර්ථක වුණේ නෑ.

මහාචාර්ය මැදගොඩ අභයතිස්‌ස හිමියන්, බුද්ධශ්‍රාවක භික්‌ෂු විශ්වවිද්‍යාලයේ හිටපු කතිකාචාර්ය පොතානේ ධම්මානන්ද, උතුරු හා උතුරු මධ්‍යම දෙදිසාවේ ප්‍රධාන සංඝනායක අනුරාධපුර ශ්‍රී සම්බුද්ධ ජයන්ති විහාරාධිපති නුගේතැන්නේ පඤ්ඤානන්ද නාහිමිවරුන් ප්‍රධාන මහා සංඝරත්නය හා අන්‍යාගමික පුජකයන් මෙම අවස්‌ථාවට එක්‌ව සිටියහ.

අනුරාධපුර දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී ෂෙහාන් සේමසිංහ, එස්‌. එම්. චන්ද්‍රසේන, එස්‌. සී. මුතුකුරාරණ, උදය ගම්මපිල, ජී. එල්. පීරිස්‌, රියර් අද්මිරාල් සරත් වීරසේකර, උතුරු මැද පළාත් සභාවේ හිටපු ප්‍රධාන අමාත්‍ය එස්‌. එම්. රංජිත් සමරකෝන්, හිටපු අමාත්‍යවරුන් වන එච්. බී. සේමසිංහ, කේ. එච්. නන්දසේන, හිටපු සභාපති ටී. එම්. ආර්. සිරිපාල, මන්ත්‍රීවරුන් වන කේ. පී. එස්‌. කුමාරසිරි, කල්‍යාණී කරල්ලියද්ද, ගමගේ වීරසේන, උපාලී විෙ-කෝන්, පී. බී. කුමාර, අබ්දුල් හුසේන්, අනුරාධපුර මහා නගර සභාවේ හිටපු නගරාධිපති එච්. පී. සෝමදාස යන මහත්වරුන් ඇතුළු අනුරාධපුර දිස්‌ත්‍රික්‌කයේ සියලුම ප්‍රාදේශීය සභා නියෝජනය කරමින් හිටපු මන්ත්‍රීවරුන් රැසක්‌ මෙම අවස්‌ථාවට එක්‌වූහ.

නොච්චියාගම – එම්. එම්. පී. ජී. පෙරේරා

කිලිනොච්චියේ මහවිරු සැමරුමට කනකපුරම් විදුහලේ ඩෙස්‌ පුටු දෙයි

p11 1

කිලිනොච්චියේ කනකපුරම් ක්‍රීඩාංගණයේ ඊයේ (27 දා) සවස පැවති මහ විරු උළෙල සඳහා කනකපුරම් රජයේ විද්‍යාලයේ ඩෙස්‌, පුටු හා බංකු 300 ක්‌ ලබා දී තිබේ.

මේ දිනවල එම විදුහලේ වර්ෂාවසාන විභාග කටයුතු පැවැත්වෙන නමුත් එය ද නොතකා මෙම ඩෙස්‌, පුටු හා බංකු තොගය ලබාදී තිබේ. අවශ්‍ය වුවහොත් පාසලේ සියලුම ඩෙස්‌ පුටු පළාතේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ ඉල්ලීම මත ලබාදීමට කිළිනොච්චිය කනකපුරම් විදුහලේ විදුහල්පතිවරයා කැමැත්ත පළ කොට තිබේ.

එල්. ටී. ටී. ඊ. සොහොන් කොත්වල කැඩී ගිය කොටස්‌ එකතු කොට විශේෂ ස්‌මාරකයක්‌ කනකපුරම් ක්‍රීඩාංගණයේ සකසා ඇති අතර එය සරසා මහවිරු උළෙල පැවැත්වීමට කටයුතු යොදා ඇත.

ඡායාරූපයෙන් දැක්‌වෙන්නේ එම ක්‍රීඩාංගණයේ සැරසිලි කටයුතු සිදු වන ආකාරයයි.

දිනසේන රතුගමගේ

විග්නේෂ්වරන්ගේ පාඩම සහ සර්වේශ්වරන්ගේ කොඩිය

රටක ජාතික කොඩිය යනු රටක අනන්‍යතාව ලොවට පෙන්වන ප්‍රධානම සංකේතයයි. රටේ ඓතිහාසික පසුබිම, පෞඪත්වය, ස්‌වෛරීභාවය, ස්‌වාධීනත්වය පිළිබඳ උත්තුංග කාරණා පිළිබිඹු කරන ජාතික කොඩිය රටකට ඇති ගෞරවනීයම ආභරණයයි. රටේ පුරවැසියන් කළ යුත්තේ මෙම ආභරණය පැළඳ ගැනීම හෝ වැළඳ ගැනීම නොව ඊට නිසි ගෞරවය ලබාදීම ය. මන්ද ජාතික කොඩියට ගෞරව කිරීම උදාර මිනිස්‌ ගුණාංගයක්‌ බැවිණි. නමුත් මේ උදාර මිනිස්‌ ගුණාංගය “අදොa වාතයකට” තරම්වත් මායිම් නොකරන මිනිසුන් සිටින රටකි ශ්‍රී ලංකාව. විශේෂයෙන් රටේ අධ්‍යාපන බලධාරීන් ජාතික කොඩියට අගෞරව කරයි නම් එමඟින් ඔවුන් රටේ අනාගත දරු පරපුරට ලබාදෙන සංඥව ඉතා හානිදායක ය.

පෙරේදා (16 දා) වවුනියාව ඊටම්ටපෙරියකුලම් පැරකුම් මහා විද්‍යාලයේ උත්සවයකට සහභාගි වූ උතුරු පළාත් අධ්‍යාපන ඇමැති එස්‌. සර්වේශ්වරන් මහතා ජාතික කොඩිය එසවීම ප්‍රතික්‌ෂේප කර තිබේ. පසුගිය වසරේ ද මෙම පාසලේ පැවති උත්සවයකට සහභාගි වූ හිටපු උතුරු පළාත් අධ්‍යාපන ඇමැති ටී. කුරුකුලරාජා මහතා ද ජාතික කොඩිය එසවීම ප්‍රතික්‌ෂේප කර තිබිණි. රටක අධ්‍යාපන බලධාරීන් මෙලෙස හැසිරීම අපි කෙසේවත් අනුමත නොකරමු. මන්ද මේ අධ්‍යාපන ඇමැතිවරුන්ගේ චින්තනය රටක අනාගත පැවැත්මට ඉතා හානිදායක බැවිනි. උතුරු පළාත් අධ්‍යාපන ඇමැති එස්‌. සර්වේශ්වරන් ජාතික කොඩිය පිළිනොගැනීමෙන් සිදුකර ඇත්තේ ශ්‍රී ලංකා රාජ්‍යය පිළිනොගැනීම ය. රටක රාජ්‍යය පිළිනොගන්නා අධ්‍යාපන ඇමැතිවරුන් සම්බන්ධයෙන් ආණ්‌ඩුව ගන්නා පියවර කුමක්‌ද? හරි නම් සිදුවිය යුතුව තිබුණේ සිද්ධිය වූ දිනට පසු දිනම උතුරු පළාත් ආණ්‌ඩුකාරවරයා විසින් අදාළ ඇමැතිවරයා කැඳවා විනය පරීක්‌ෂණයක්‌ සිදුකර අධ්‍යාපන ඇමැති තනතුරෙන් ඔහු ඉවත් කිරීමය. එලෙස විනය පියවර ගැනීමට ව්‍යවස්‌ථාපිත බලයක්‌ නොමැති නම් කළ යුත්තේ ආණ්‌ඩුව විසින් සකස්‌ කරගෙන යන නව ව්‍යවස්‌ථා කෙටුම්පතට එම ව්‍යවස්‌ථාපිත බලතල ඇතුළු කිරීමය. මෙම ක්‍රියාමාර්ග ගැනීම ප්‍රමාද වීමෙන් සිදුවන්නේ නුදුරේදීම උතුරු පළාතම රටේ ජාතික කොඩිය ප්‍රතික්‌ෂේප කිරීමය. පෑනෙන් කළ යුතු වැඩේ මල්ටි බැරල් වලින් කළ යුතු තැනට කටයුතු සිදු නොකර ගැනීමේ වගකීමක්‌ ආණ්‌ඩුවට තිබේ. ආණ්‌ඩුව එය සිහියේ තබාගැනීම රටේ අනාගතයට වඩාත් හිතකරය.

දෙමළ ජාතික සන්ධානයේ දේශපාලනය තවමත් නන්දිකඩාල් කලපුවෙන් ගොඩට පැමිණ නැත. ආණ්‌ඩුව පැය විසිහතර පුරාම සංහිඳියා මන්තරය ජප කළත් මේ කුම්භාණ්‌ඩයන් මට්‌ටු කිරීමට නොහැකි වී ඇත්තේ ඔවුන් තවමත් ජීවත් වන්නේ සිහින ඊළාම් රාජ්‍යයේ වීමය. ඔවුන්ගේ සිහින අයිති ඔවුන්ට ය. ඒ සිහිනවල නිදන්නට ඔවුන්ට අයිතියක්‌ තිබේ. නමුත් ඊළාම් සිහින දිගේ ඇවිද යමින් රටේ අනාගතය මංමුලා කිරීමට ඔවුන්ට ඉඩදිය යුතු නැත. විග්නේෂ්වරන්ගෙන් පාඩමක්‌ ඉගෙන නොගත් ආණ්‌ඩුව සර්වේශ්වරන්ගෙන්වත් පාඩමක්‌ ඉගෙනගනු ඇතැයි අපි බලා සිටිමු.

ත්‍රස්‌ත පනත අහෝසි කර නව ව්‍යවස්‌ථාවක්‌ ගේනවා – ශ්‍රී ලංකාව ජිනීවා හිදී කියයි

කීර්ති වර්ණකුලසූරිය

ත්‍රස්‌ත මර්දන පනත අහෝසි කර ජාත්‍යන්තර සම්මුතිවලට එකඟ වන නව පනතක්‌ ගෙන එන බවත් නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවක්‌ ගෙන ඒමේ ක්‍රියාදාමය සිදුවන බවත් ශ්‍රී ලංකා රජය ඊයේ (17 දා) ජිනීවාහි විශ්ව කලානුරූපී සමුළුව හමුවේ දැනුම් දී ඇත.

පිටු 22 කින් යුත් වාර්තාවක්‌ එම සමුළුව වෙත ඉදිරිපත් කරමින් ශ්‍රී ලංකා රජය මේ බව සඳහන් කර තිබේ.

ශ්‍රී ලංකාව මේ බව දැනුම් දීමට පෙර නෝර්වේ ඇතුළු රටවල් රැසක්‌ ත්‍රස්‌ත මර්දන පනත වහාම අහෝසි කරන ලෙස ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා ඇත.

මේ හැර උතුරේ ඉඩම් අක්‌කර 22000 ක්‌ නිදහස්‌ කර ඇති බවත් ඉතිරිය ද ක්‍රම ක්‍රමයෙන් නිදහස්‌ කරන බවත් ශ්‍රී ලංකා රජය ප්‍රකාශ කර තිබේ.

මේ අතර ශ්‍රී ලංකාව සම්බන්ධව රටවල් 11 ක්‌ සිය නිර්දේශ ප්‍රකාශ කිරීමට නියමිතය.

ජගත් ජයසූරිය සිද්ධිය බොරුවක්‌ කිරීමට උත්සාහ කිරීම

ජගත් ජයසූරිය සිද්ධිය බොරුවක්‌ කිරීමට උත්සාහ කිරීම

jaguthකීර්ති වර්ණකුලසූරිය

හිටපු හමුදාපති ජගත් ජයසූරිය මහතාට යුද අපරාධ නඩුවක්‌ ඇති බව දැක්‌වෙන සිද්ධිය ඒකාබද්ධය ගෙතූ ප්‍රලාපයක්‌ බව පසුගිය මැතිවරණයෙන් මන්ත්‍රීවරයකු ලෙස පත්වූ නියෝජය අමාත්‍ය අජිත් පී. පෙරේරා ප්‍රකාශ කර ඇත.

නඩුවක්‌ හෝ පැමිණිල්ලක්‌වත් නැති නම් හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මෙතරම් දඟලන්නේ මන්ද?

එසේ නම් කොටි කොන්ත්‍රාත්කාරිය වූ යස්‌මින් සුකා ජගත් ජයසූරිය කොටුකර ගැනීමට මෙතරම් මහන්සි වූයේ ඇයි?

එසේම කොටි රැකවලා වූ ද්‍රවිඩ සංධානයේ නායක ආර්. සම්බන්දන් හිටපු හමුදාපතිට සාක්‍ෂි දෙන ලෙස පවසා ඇත. උතුරු මහ ඇමැති විග්නේශ්වරන් ප්‍රකාශ කර ඇත්තේ හිටපු හමුදාපති සත්‍ය හෙළි කළ යුතු බවයි. මේ පසුබිම මැද ස්‌පාඤ්ඤ නීතිවේදී කාලස්‌ කස්‌ත්‍රෙස්‌නා ඡගත් ජයසූරියට නඩුවක්‌ ගොනු කළ බවට කළ ප්‍රකාශය බොරුවක්‌ යෑයි කිව හැකිද?

කාලොස්‌ කස්‌ත්‍රොස්‌නා ජගත් ජයසූරියට එරෙහිව බ්‍රසීල රජයේ නඩු අධ්‍යක්‍ෂක කාර්යාලයට පිටු 41 ක පැමිණිල්ලක්‌ යොමු කර තිබේ. එහි මහින්ද රාජපක්‍ෂ, ගෝඨාභය රාජපක්‍ෂගේ නම්වලට අමතරව සරත් ෆොන්සේකා නමද ඇතුළත් වී ඇත. මේ බව හිටපු හමුදාපතිවරයා දන්නේද? මෙම පැමිණිල්ලේ පිටු 41 ක වාර්තාව අප සතුව ඇත. ඉන් වන්නි මෙහෙයුමේ සියලුම හමුදා ප්‍රධානීත්ට චෝදනා ඉල්ල කර ඇත.

බ්‍රසීලය විශ්ව මානව ප්‍රඥාප්තියට අත්සන් කර ඇති නිසා ජගත් ජයසූරියට එරෙහිව තානාපති මුක්‌තිය ඉවත් කර ඔහුව අත්අඩංගුවට ගන්නා ලෙස කස්‌ත්‍රොස්‌නා බ්‍රසීල රජයෙන් ඉල්ලා තිබේ. මේ සඳහා කොනෙක්‌ටාස්‌ නමැති සංවිධානයද කස්‌ත්‍රොස්‌නාට සහය වී ඇත.

මේ බව මෙරට කටමැත දොඩවන දේශපාලකයන් නොදන්නා හමුදා ප්‍රධානීන්ට එරෙහිව පවරන නඩු ක්‍රියාත්මක වන්නේ ඔවුන් එම විශ්ව සම්මුතියට අත්සන් කළ රටවලට පැමිණියොත් පමණි. නේපාල් රටේ කර්නල් කුමාර් ලාමාව අත්අඩංගුවට ගැනීමට බ්‍රිතාන්‍ය අධිකරණය නියෝග කළේ ඔහු ලන්ඩන් නුවරට පැමිණි අවස්‌ථාවේදීය.

නැම්බියාවේ හිටපු හමුදා බුද්ධි ප්‍රධානී සනෙක්‌ පොධා ස්‌විස්‌ටර්ලන්තයට එනතුරු තමාට යුද අපරාධ නඩුවක්‌ ඇති බව නොදැන සිටි අතර ඔහු එය දැනගත්තේ ඔහු ජිනීවා නුවරට පැමිණි විටය.

එහෙත් එම යුද අපරාධ නඩුව පිළිබඳ තොරතුරු වසන් වී තිබිණි. ජිනීවා නුවරදී සනෙක්‌ පොධා අත්අඩංගුවට ගැනුනේ විශ්ව සම්මුතිය මතය.

මේ ඉරණම ගෝතමාලාවේ හිටපු පොලිස්‌ ප්‍රධානියාටද බලපෑවේය. ඒ නිසා යස්‌මිත් සුකා යනු ඉතාමත් කපටි ගැහැනියෙකි. ඇය මේ වන විට සාවද්‍ය යුධ අපරාධ වාර්තා 15 කට අධික සංඛ්‍යාවක්‌ ශ්‍රී ලංකාවේ හමුදා ප්‍රධානීන්ට එරෙහිව ජීනීවා මානව හිමිකම් කවුන්සිලයට යවා තිබේ.

එසේම යුද අපරාධ නඩු පවරණ සූක්‍ෂම ක්‍රමවේදය ඇය දනී. එක්‌සත් ජාතීන්ගේ විශ්ව සම්මුතිය ක්‍රියාත්මක වන අයුරුද සූකා දන්නා නිසා. ඇගේ ලතින් ඇමරිකානු මෙහෙයුම හෙළි දරව් විය.

මේ පසුබිම මැද මෙරට දේශපාලකයන් එවන් නඩුවක්‌ නැති බවට තර්ක කරති.

නඩුවක්‌ ගොනු කර නැත්නම් ඇය ජගත් ජයසූරිය බ්‍රසීලයේ සිට ශ්‍රී ලංකාවට පැමිණීම වැලැක්‌වීමට උත්සාහ කළේ මන්ද?

එසේම කොනෙක්‌ටාස්‌ නැමැති බ්‍රසීල සංවිධානය එරට නඩු අධ්‍යක්‍ෂක කාර්යාලය වෙත ගොස්‌ ඉල්ලීමක්‌ කළේ මන්ද?

කාලොස්‌ කස්‌ත්‍රොස්‌නා නමැති ස්‌පාඤ්ඤ නීතිවේදියා ජගත් ජයසූරියට එරෙහි පැමිණිල්ල ඉදිරිපත් කර ඇත්තේ පෘතුගීසි භාෂාවෙනි.

එම පැමිණිල්ල ඔහු ඉදිරිපත් කර ඇත්තේ වව්නියා ජෝෂප් කඳවුරේ සිටි බව කියන ද්‍රවිඩ කොටි කාන්තාවන් 12 කගේ සාක්‍ෂි සමගය. ඒ නිසා ජගත් ජයසූරියට එරෙහිව ඒකාබද්ධ කණ්‌ඩායම ප්‍රලාපයක්‌ ගෙතූ බව පිළිගත හැකිද?

කොටි 50 කට අධික පිරිසක්‌ ඉන්ටර්පෝල් ලැයිස්‌තුවෙන් අතුරුදන් වූයේ පසුගියදායි. එහෙත් මේ ගැන කිසිදු රජයේ දේශපාලකයෙක්‌ ප්‍රකාශයක්‌ කළේ නැත. කොටි ඉන්ටර්පෝල් ලැයිස්‌තුවෙන් ඉවත් වීමත් බොරුවක්‌ද?

ලන්ඩන් නුවරදී චාගි ගාල්ලගේව අත්අඩංගුවට ගැනීම සඳහා අධිකරණය වෙතින් නියෝගයක්‌ ලබා ගැනීමටද කොටි උත්සාහ කළහ.

ජර්මනියේදී ජගත් ඩයක්‌ව අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමක්‌ද දියත් විය.

එහෙත් මේ අතීත සිද්ධිය වසන් වී ඇත.

ශ්‍රී ලංකාව රෝම සම්මුතියට අත්සන් කර නැතත් ජාත්‍යන්තර විශ්ව සම්මුතිය යටතේ ශ්‍රී ලංකාවේ හමුදා ප්‍රධානීන්ව එම සම්මුතියට අත්සන් කර ඇති රටවල්වලදී අත්අඩංගුවට ගත හැකිය.

එහෙත් ඇතැම් එන්. ජී. ඕ. මෝඩයන් මේ විශ්ව සම්මුතිය ගැන නොදනී. පුරවැසි බලය නමැති හිටිහැටියේ අටවාගත් සංවිධානයක්‌ නිසා තාවකාලික රැකියාවක්‌ ලබාගත් එන්. ජී. ඕ. ක්‍රියාකාරියෙක්‌ ජගත් ජයසූරියගේ සිද්ධිය වසන් කිරීමේ දීන උත්සාහයක නිරත වී ඇත.

එහෙත් සත්‍යය වසන් කළ හැකිද? යස්‌මින් සූකා දරුස්‌මාන් මණ්‌ඩලයේ සාමාජිකාවකි. ඇගේ සත්‍යය හා යුක්‌තිය නමැති යුරෝපා සංගමයේ අරමුදල් ලබන සංවිධානය ජාත්‍යන්තර සබඳතා ඇති ආයතනයකි.

එවැනි විටෙක යස්‌මින් සූකා ජගත් ජයසූරියට නඩු පවරා ඇති බවට කරන ප්‍රකාශය විහිළුවක්‌ද?

ඊශ්‍රායලයේ හිටපු විදේශ ඇමතිනියට එරෛහිව යුධ අපරාධ නඩුවක්‌ ඇති බව මොසෑට්‌ ඔත්තු සේවය නිසා ඊශ්‍රායලයට දැන ගැනීමට හැකි විය.

ඊශ්‍රායල් රජය ඒ ගැන බ්‍රිතාන්‍ය රජයට දැන්වීමෙන් පසු ඇති නඩුව යටපත් විය.

එහෙත් ජගත් ජයසූරියට අදාළ සිද්ධිය ගැන මෙරට විදේශ කටයුතු බලධාරීන් බ්‍රසීල රජයෙන් විමසීමක්‌ කර නැත. එසේම මේ දක්‌වාම බ්‍රසීලයට ශ්‍රී ලංකා තානාපතිවරයෙක්‌ද පත්කර නොමැත. මේ පසුබිම මැද පසුගිය සඳුදා ජිනීවා මානව හිමිකම් සමුළුව මානව හිමිකම් කොමසාරිස්‌වරයා පැවසූවේ ජාත්‍යන්තර විශ්ව සමුළුව ශ්‍රී ලංකාව සඳහා ක්‍රියාත්මක කළ යුතුයි.

දිවයින පුවත්පත අනුග්‍රහයෙන් 

Categories

Different countries have visited this site

Free counters!
Advertisements