//

දෛවය අනුවද සියල්ල වෙන්නේ ?

This category contains 7 posts

සිංහල කමක්‌ කොයින්ද ?

සිංහල කමක්‌ කොයින්ද ?
මඩකලපුවේ සිංහලයන්ට
බඩ ඉරිඟු ඇටයක්‌වත් වවන්න දෙන්නේ නැහැ

මඩකලපුව මංගලාරාම විහරස්‌ථානයේ විහාරාධිපති අම්පිටියේ
සුමනරතන හිමියන් කියති

වෙහෙර විහාර ඉදිකිරීම සහ අලුත්වැඩියා කිරීම නවත්වන්න
උතුරු පළාත් සභාව පනතක්‌ සම්මත කරගත්තා

අම්පිටියේ සුමනරතන හිමි යන නම ඇසෙත්ම අපට සිහිවෙන්නේ මඩකලපුව මංගලාරාමය විහරස්‌ථානයයි. නැඟෙනහිරින් අතුගාවන්නට හදන බෞද්ධ උරුමය රැකගන්නට උන්වහන්සේ මහත්වූ වෙහසක්‌ ගනිමින් සිටින්නේය. ඇතැම් විට සිංහල ජනයා වෙනුවෙන් දැඩිසේ හඬ නඟන උන් වහන්සේ නිරන්තරයෙන්ම අන්දෝලනයක්‌ ඇතිකළ හිමි නමකි, මේ ‘ඉරිදා දිවයින’ සමග උන් වහන්සේ දොඩමළු වූ ආකාරයයි.

ප්‍රශ්නය – ඔබ වහන්සේ මඩකලපුව මංගලාරාමයට පැමිණෙන සමයේ තත්ත්වය කෙබඳුද?

මම මඩකලපුව මංගලාරාමයට පැමිණෙද්දී මංගලාරාමය මුළුමනින්ම විනාශ කරලා. ආවාසගේ බුදAධ මන්දිරයේ පිළිම වහන්සේට පවා බෝම්බ ගහලා විනාශ කරලායි තිබ්බේ. බෝධීන් වහන්සේ කපලා කොටලා දාලා තිබ්බා. යුද්ධය උපරිමයෙන් තියෙද්දි මම මංගලාරාමය නැවත ගොඩ නඟන්න කටයුතු කළා. අපේ රණ විරුවෝ කොටි ප්‍රහාරවලට ලක්‌ව මගේ දෑතේ මියගිය අවස්‌ථාවත් තිබුණා. මම රණවිරුවන්ටත් ශත්කියක්‌ වෙමින් ත්‍රස්‌තවාදීන්ගේ තාඩන පීඩන මැද දිගටම මංගලාරාමය රැකගනිමින් සිටියා.

ප්‍රශ්නය – මඩකලපුවේ එදා සහ අද සිංහල ජනතාවගේ තත්ත්වය කොහොමද?

ඉස්‌සර මඩකලපුව දිස්‌ත්‍රික්‌කයේ සිංහලයන් හතළිස්‌ දහසකට අධික ප්‍රමාණයක්‌ සිටියා. නමුත් අද මඩකලපුව නගරයේ තිබෙන පන්සලේ ඉන්න අපිට දන් හැන්දක්‌ බෙදන්න දායකයන් කවුරුවත් නැහැ. යුද්ධ කාලයේ කොටසක්‌ මැරුවා. ඉතිරි අය පණ බේරාගෙන 85,87 කාලයේ ගියා. ඒරාවුර් නගරයත් මේ ආකාරයෙන් සිංහලයන්ගෙන් තොර වුණා. දැන් කෙවිලියාමඩුව, මංගලගම, සිප්පිමඩුව, දිවුලපොතන ආදී ගම් කිහිපයක දහසක්‌ පමණ ප්‍රමාණයක්‌ තමයි සිටින්නේ. 2002 සාම ගිවිසුම් කාලයෙත් ඉන් පසුව යුද්ධය නිමාවූ පසුත් සිංහල ජනයා තමන්ගේ පදිංචි ස්‌ථාන සොයන් ආවා. නමුත් එතකොට ඒ ඉඩම් නිවාස දෙමළ සහ මුස්‌ලිම් ජනයා අත්පත් කරගෙන වෙනස්‌ කරලා. මේවා අත්පත් කරගන්න රාජ්‍ය නිලධාරීන්ට කොච්චර කීවත් ලිපි ලේඛන දුසිම් ගණන් දුන්නත් ඔවුන් කිසිවෙක්‌ මෙම සිංහල ජනයාට සිදුවූ අසාධාරණය ගැන කිසිදු පියවරක්‌ ගන්නේ නැහැ.

ප්‍රශ්නය – මඩකලපුව මහ දිසාපතිතුමිය මේ ගැන දැනුවත් කළේ නැද්ද?

වසර කිහිපයක සිට ඇය මඩකලපුව රාජකාරි කටයුතු කරනවා. නමුත් සෑම වසරකම අවස්‌ථා කිහිපයක්‌ මෙම මඩකලපුව සිංහල ජනයා විඳින දුක සහ මඩකලපුව සිංහල ජනයා වෙසෙන ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා කිසිදු පියවරක්‌ නොගැනීම පිළිබඳව ඇයව දැනුවත් කරනවා. උපවාස උද්ඝෝෂණ කරා. නමුත් සිංහල ජනතාවගේ ගැටලුවලට කිසිම විසඳුමක්‌ නැහැ.

ප්‍රශ්නය – මීට සති කිහිපයකට ඉහතදී ඔබ වහන්සේ මංගලගමදී ග්‍රාමසේවා නිලධාරිවරයකුට තදින්ම බැණ වදිනවා. ඒක භික්‌ෂුන් වහන්සේ කෙනකුට ඔබින්නේ නැහැ නේද?

මම භීක්‌ෂුවක්‌ විදිහට කටයුතු කරනවා. මට කිලෝ මීටර් 80 ක්‌ 90 ක්‌ යනකම් බෞද්ධයෙක්‌ නැහැ. ඒදා ඒ ගම්මානවලට මායිම් ගම්මාන කිව්වා. මම ඒ අසරණ සිංහල ජනයා වෙනුවෙන් මැදිහත් වෙලා පදිංචි කරවා ගත්තා පුළුවන් උදව්වක්‌ කරන්නම් කියලා. මම එදා ඉඳන් මේ දක්‌වාම වග කිවයුත්තන්ට මේ ගැටලුව ගැන දැනුවත් කළා. නමුත් මේ ජනතාව පිsළිබඳ පට්‌ටිපොළ, වෙල්ලාවලි ආදී ප්‍රාදේශීය ලේකම් කාර්යාල නිලධාරීන් දරන්නේ වෙනත් මතයක්‌.

අපේ ජනතාව මෙම ප්‍රදේශවලින් පන්නා දාන්න හදද්දී, ජනතාවගේ ගැටලුවලට විසඳුමක්‌ නැතිවුණාම, අඩුම තරමින් සමෘද්ධි කුපනයක්‌ නොදීම, ග්‍රාම සේවක වාර්තාවක්‌ ලබා නොදීම, හැඳුනුම්පතක්‌ ලබා ගැනීමට නොහැකිවීම, වසර තිහ හතළිහක්‌ වගා කළ ඉඩම් තණ භූමි කියලා අල්ලා ගන්න හදද්දී ඒවාට කිසිම බලධාරියෙක්‌ කතා කරන්නේ නැහැ. ඒ වෙලේ තමන්ට සිදුවූ අසාධාරණය වෙනුවෙන් එම ජනතාව පාරට බැහැලා උද්ඝෝෂණ කරන විට අපටත් මැදිහත් වෙන්න වෙනවා. ඒ මොහෙතේ අදාළ නිලධාරීන් පැමිණ තමන්ගේ මතයේ දැඩිව සිටිද්දී ඇතැම් වේලාවට මේ වන මහා අසාධාරණකම් හමුවේ මගේ මුවින් තද වචන පිටවූ අවස්‌ථාත් තිබෙනවා ඒ මොනදේ කරන්නෙත් මේ අසාධාරණයට පිළිසරණක්‌ නොමැති වූ විටයි. බලධාරින්ට හොඳින් කියලා ලියුම් පිට ලියුම් දීලා බැරිම වූ විට, අපේ ජනතාවට උසාවි දමලා පිටවෙන්න නියෝග දෙන්නට මේ නිලධාරීන් කටයුතු කරද්දී අපටත් නීති කඩන නිලධාරීන්ට හට හොඳින් කතා කරලා බැරිම තැන අපට කතා කරන්න ඉතිරි වෙලා තියෙන්නේ අකමැත්තතෙන් හරි ඒ විදිහටයි.

දැනට මඩකලපුව පොලිස්‌ බල ප්‍රදේශයේ බුදුපිළිම තැන්පත් කිරීම තහනම් කරලා මට අධිකරණයෙන් වාරණ නියෝගයක්‌ කරලා තියෙනවා. සිංහල ජනතාව පදිංචි කිරීම තහනම් කරලා තියෙනවා. ප්‍රදේශීය ලේකම් කාර්යාලවලට යන්න බැරි වෙන්න තහනම් නියෝග මට කරලා තියෙනවා. ඔය දේවල් මතක්‌ වෙන වේලාවට මගේ කටින් නොකිය යුතු දේවල් කියවෙනවා. ඇතැමුන් මට පිස්‌සු කියලත් කියනවා.

ප්‍රශ්නය – දැනට සති කිහිපයකට කලින් කරදියන්ආරු ප්‍රදේශයේදී සිදුවුණේ කුමක්‌ද? ඇත්තටම එතන පැරණි බෞද්ධ පුදබිමක්‌ද?

මට දැනගන්න ලැබුණා වසර සියදහස්‌ ගාණක්‌ පැරණි පුද බිමක්‌ විනාශ කරලා තියෙනවා කියලා. මම ගිහින් බලද්දී ගල් කණු, සිරිපතුල් ගල් ආදී ඉපැරණි පුරා වස්‌තු ඩෝසරයකින් ගලවලා ගොඩ ගහලා. ඉපැරණි දාගැබක්‌ මුදුනින් කණු සිටුවලා කටුකම්බිවලින් වැට ගහලා. එම පුදබිම සීසාල වී වපුරලා ඒ හැම තැනම ඉපැරණි ගඩොල් කැටයි පුරා වස්‌තුයි විසිරිලා තියෙනවා. මේ ස්‌ථානයට සිදුකර තිබෙන හානිය දැක්‌කාම මම දැඩි කම්පනයට පත් වුණා. එම නිසා මම එතනට කුඩා මඩුවක්‌ හෝ සකසා ආරක්‌ෂා කරන්න ගියා. එතකොට පොලිසියෙන් මට එතෙනට ඇතුළුවීම වළක්‌වන්න තහනම් නියෝගයක්‌ ගෙනාවා. මම එතන හිටියොත් මාව අත්අඩංගුවට ගන්නවා කීවා. මම කිවා කමක්‌ නැහැ මාව අත්අඩංගුවට ගන්න. මාත් එක්‌කම මේ ස්‌ථානය විනාශ කළ පිරිසත් අත්අඩංගුවට ගන්න කියලා. ඒ අය අත්අඩංගුවට ගන්න විදිහක්‌ නැහැ කියලා පොලිසියයි, පුරා විද්‍යාවයි කිව්වා. ඕක තමයි සැබෑ තත්ත්වය. අද පුරා වස්‌තු ආරක්‌ෂා කරන්න යන අය අත්අඩංගුවට ගන්න හදනවා. පුරා වස්‌තු වනසන අය රකිනවා. මේක තමයි තත්ත්වය. පස්‌සේ මම කරදියන්ආරු පොලිසියට මෙම පුරා වස්‌තු හානිය පිළිබඳව පැමිණිලි කළා. නමුත් අද වෙනකම් කිසිවෙක්‌ අත්අඩංගුවට ගත්තේ නැහැ.

අපේ සිංහල ජනතාවට බඩගින්න නිවාගන්න බඩ ඉරිඟු ඇටයක්‌ ඉන්දන්න දෙන්නේ නැහැ. තණ භූමි කියලා පන්නන්න හදනවා. හැබැයි අපේ රජමහා විහාර ඩෝසර් කරලා වී වපුරද්දී බලධාරීන් නිහඬ වෙලා ඉන්නවා.

ප්‍රශ්නය – පසුගිය යුද සමයේ ද එසේ නැතිනම් සාමය උදාවූ පසුද නැඟෙනහිර පළාතේ පුරා වස්‌තුවලට වැඩි වශයෙන් හානි සිදුවූයේ?

වෙලාවකට හිතනවා යුද්ධය තවමත් තිබ්බා නම් හොඳයි කියලා. පසුගිය යුද සමයේ මෙම පුරා වස්‌තුවලට විශාල හානියක්‌ වුණේ නැහැ. පසුගිය රජය සමයේ සිංහල, දෙමළ මුස්‌ලිම් යන සැම ජන කොට්‌ඨාසයටම ඒ සමයේ රාජකාරි කටයුතු සිදුවුණා. නමුත් ඒ සමයෙත් මඩකලපුවේ සිංහලයන්ට යම් අසාධාරණයක්‌ සිදුවුණා. ඒවා ඒ රජය විසඳුවානම් අද මේ අකාරයෙන් මඩකලපුව සිංහල ජනයා දුක්‌ විඳින්නේ නැහැ. නමුත් ඒ සමයේ පොලිසියට ආරක්‌ෂක අංශ, රටේ ජනතාව යන සියල්ලටම එක්‌ වුණා. රට ජාතිය රැකගන්න සියලු දෙනාම එකට එකතු වුණා. නමුත් ඒක දැන් වෙනස්‌ වෙලා. අද බොහෝ දෙනකුට රට ජාතිය ආගම ගැන හැඟීමක්‌ නැති වෙලා තියෙනවා. ඒ වාගේම යුද්ධයෙන් පස්‌සේ පුරා වස්‌තු සංහාරයක්‌ සිදුÊ වෙමින් තියෙනවා. ඉතිං මට වේලාවකට හිතෙනවා යුද්ධය තිබ්බානම් මේ ආකාරයෙන් නැඟෙනහිර පුරා වස්‌තුවලට මේ තරම් දැන් හානියක්‌ සිදුවෙන්නේ නැහැ කියලා.

ප්‍රශ්නය – මේ වන විට ඔබ වහන්සේට විරුද්ධව ඇතැම් අය මඩකලපුවේ විරෝධතාවන් දක්‌වනවා. ඇයි එහෙම විරෝධතාවක්‌ ඔබ වහන්සේට විරුද්ධව ඇති වෙලා තියෙන්නේ.

පසුගියදා උතුරු පළාත් සභාවේ වැඩි ඡන්දයෙන් පනතක්‌ සම්මත කරගෙන තිබ්බා උතුරු නැඟෙනහිර පළාතේ වෙහෙර විහාර ඉදිකිරීම සහ අලුත්වැඩියා කිරීම නවත්වන්න. අම්පිටියේ සුමනරතන හෙවත් මාවත් ඉවත් කරන්න පනතක්‌ සම්මත කරගෙන තිබෙනවා. රටේ ජනාධිපති, අගමැති, පොලිස්‌පති ඇතුළු පිරිස එය නිවරැදි කරගන්න කිසිම පියවරක්‌ ගත්තේ නැහැ. පසුගිය දිනවල දෙමළ ග්‍රාමසේවා නිලධාරිවරු සහ ටී.එන්.ඒ. සංවිධානයේ පිරිස්‌ මට එරෙහිව විරෝධතාවන් පවත්වා තිබෙනවා. ඊට අමතරව මේ වන විට මට විරුද්ධව නඩු 33 ක්‌ මඩකලපුවේ දිස්‌ත්‍රික්‌කයේ විවිධ උසාවිවල පවරලා තියෙනවා. මමත් පවරපු නඩුත් එක්‌ක නඩු 48 ක්‌ ඒ අධිකරණවල විභාග වෙනවා. මේ වන විට මඩකලපුවේ දෙමළ සහ මුස්‌ලිම් ජනයා මාත් සමඟ සුහදව කටයුතු කළත් ටී.එන්.ඒ. වැනි අන්තවාදී සංවිධාන තමයි ඔවුන්ගේ ක්‍රියාකාරම් වලට මා බාධාවක්‌ නිසා මාව මඩකලපුවෙන් ඉවත් කරන්න හදන්නේ. ඒ අය තමයි සාමාන්‍ය ජනතාව මට විරුද්ධව කුලප්පු කරවන්න හදන්නේ.

ප්‍රශ්නය – ඔබ වහන්සේට මේ වන විට ජීවිත තර්ජන තිබෙනවාද?

දැඩි ජීවිත තර්ජනයක්‌ තියෙනවා. පසුගිය සති කිහිපයේ සිට මට දුරකථනය සහ අන්තර්ජාලය ඔස්‌ස්‌ දිගින් දිගටම ලෝකයේ විවිධ රටවලින් දුරකථන අංක දෙතුන් සියයකින් එකදිගටම ප්‍රභාකරන් මැරුණේ නැහැ යනුවෙන් පවසමින් මාව මරා දමන බවට දිගින් දිගටම තර්ජනය කළා. මම එහෙම තර්ජනය කළ දුරකථන අංක සියයකට වැඩියෙන් අදාළ තොරතුරු දීලා මඩකලපුව පොලිසියේ පැමිණිල්ලක්‌ද දැම්මා. පසුගිය 27 වැනිදා මාගෙන් රැකියාවක්‌ අවශ්‍ය බව පවසමින් සැකකටයුතු පුද්ගලයෙක්‌ මාව සොයාගෙන පන්සලට ආවාම ඒ පිළිබඳව සැක සිතී ප්‍රශ්න කිරීමේදී ඔහු පැවසූ උත්තර පරස්‌පරයි. ඒ නිසා මඩකලපුව පොලිසිය මගින් ඔහුව අත්අඩංගුවට ගෙන තිබුණා. ඒ නිසා මා කර හෝa මඩකලපුවෙන් සිංහල ජනයා පන්නා දැමීමට විවිධ කුමන්ත්‍රණයන් සිදුවෙනවා. ඔවුන් දන්නවා ඒ අයගේ අන්තවාදී කටයුතු මා මෙහි සිටිනා විට සිදු කිරීමට අපහසු බව.

ප්‍රශ්නය – ඔබ වහන්සේට මඩකලපුවේ හුදෙකලාවෙ සිට මේ ආකාරයෙන් කටයුතු කරන්නේ කොහොමද?

මම පැවිදි වෙලා වසර 33 ක්‌ වෙනවා. මම යුද්ධ කාලේ වැහෙන්නට ගිය විහරස්‌ථාන රැකගනිමින් විහරස්‌ථාන 22 ක්‌ ගොඩනැඟුවා. මඩකලපුව සිංහල ජනයා වෙනුවෙන් නිවාස 200 කට ආසන්න ප්‍රමාණයක්‌ ඉදිකළා. ළිං වැසිකිළි හදලා දුන්නා. වතුර පොදක්‌ ගන්න වැව් හදලා දුන්නා. ඒ අයට හැකි සෑම මොහොතකම මට පුළුවන් උපරිම ආකාරයෙන් උදව් උපකාර කළා. මඩකලපුවට පැමිණෙන ජනතාවට පා තියන්න පුළුවන් ආකාරයට මංගලාරාම විහාරස්‌ථානය සංවර්ධනය කළා. ඒ ආකාරයෙන් මට කිsරීමට හැකිවූයේ මේ ස්‌ථානය පිළිබඳ අවබෝධයක්‌ ලබා ගත් යම් පිරිසකගේ සහයෝගය නිසා. නමුත් මේ වනවිට යුද්ධයෙන් බැරිවූ ඊළම නැවත ගොඩනඟන්න කොටි හිතවාදීන් ප්‍රබලවම උත්සාහ දරන මේ මොහෙතේ මට විනාඩියෙන් විනාඩිය මරණ තර්ජන එන කාලයක රට ජාතිය ගැන කතා කරන බොහෝදෙනකු මඩකලපුව ගැන අවධානය නිසිසේ යොමු නොකිරීම කනගාටුවට කරුණක්‌.

මේ වන විට මට ලැබෙන සියලුම මුදල් මඩකලපුව විහාරස්‌ථානයේ සහ ජනතාව වෙනුවෙන් යොදවා තිබෙනවා. නමුත් ඉදිරියේදී මට ඒ වෙනුවෙන් කටයුතු කරන්න හැකියාවක්‌ නැතිව ගොස්‌ තිබෙනවා. සියලුම දේට මුදල් අවශ්‍ය මොහොතක මට ඒ ජනතාව වෙනුවෙන් රට ජාතිය ගැන කැක්‌කුමක්‌ තිබෙන හැඟීමක්‌ තිබෙන ඔබගේ සහයෝගය අවශ්‍යව තිබෙනවා. තව දුරටත් මාහට සිංහල ජනයා වෙනුවෙන් කළ මෙහවර කිරීම අපහසු වෙලා තිබෙනවා.

ප්‍රශ්නය – කොහොමද ඔබ වහන්සේට යම් සහයෝගයක්‌ දෙනවා නම් ලබා දිය හැක්‌කේ.

065 2222104, 077 1791883, 072 9902907 දුරකතන අංක ඔස්‌සේ මා සම්බන්ධ කරගෙන සහයක්‌ දිය හැකියි. ඒ සමගම මා කරනා මෙම සද්කාර්ය සඳහා ඔබ දායක වන්නේ නම් ශ්‍රී මංගලාරාම බෞද්ධ පදනමේ මඩකලපුව සම්පත් බැංකුවේ 1139 6100 2363 ගිණුම් අංකයට ඔබගේ සහයෝගය ලබා දෙන්න පුළුවන්.

ප්‍රශ්නය – යහ පාලන ආණ්‌ඩුව මගින් මඩකලපුව සිංහල ජනයාට සහනයන් දෙනවනේ.

සහජීවනයට මුවාවෙලා අන්තවාදීන් මේ වන විට සිංහල ජනයා ඉවත් කරලා නැඟෙනහිර බොදු උරුමය නැත්තටම නැති කරලා විනාශ කරලා දාමින් සිටිනවා. අපටත් අවශ්‍ය වෙලා තියෙන්නෙ සිංහල, දෙමළ, මුස්‌ලිම් ජනයා සමඟ සාමයෙන් සිටිය හැකි වටපිටාවක්‌. නමුත් අන්තවාදීන්ගේ වුවමනාවන් මත අහිංසක ජනතාව අවුස්‌සලා ඒ හරහා මේ වනවිට අන්තවාදීන් තමන්ගේ වැඩ හොඳින් කරගෙන යනවා. මේ වන විට මඩකලපුව සිංහල ජනයාට වත්මන් රජයෙන්ද කිසි සහනයක්‌ නොමැතිව කල්ලතෝනියන්ගේ තත්ත්වයට පත්ව තිබෙනවා. අසරණ සිංහලයා ගැන සහ විනාශ වන වසර සියදහස්‌ ගණනක අපේ උරුමය ගැන කතා කරද්දී අපිට ජාතිවාදී ලේබලය අලවනවා. එහෙම කරලා ඊළම ගැන කතා කරන ජාතිවාදීන්ව හුරතල් කරනවා යෑයි පවසමින් සුමනරතන හිමියෝ ‘ඉරිදා දිවයින’ සමඟ මඩකලපුවේ වත්මනේ සිංහලයාගේ ශෝකාන්තය පිsළිබඳ පවසා සිටියහ.

සුසන්ත අමර බන්දු

පිල්ලෙයාන් අත්අඩංගුවට ගත්තේ ජිනීවා වාර්තාවේ කරුණු මත

පිල්ලෙයාන් අත්අඩංගුවට ගත්තේ
ජිනීවා වාර්තාවේ කරුණු මත

කීර්ති වර්ණකුලසූරිය

ජිනීවා පරීක්‍ෂණ වාර්තාවෙන් හෙළි කළ කරුණු මත හිටපු ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රී ජෝශප් පරරාජසිංහම් ඝාතනය ගැන පිල්ලෙයාන් අත්අඩංගුවට ගෙන ඇත.

පරරාජසිංහම් මහතා ඝාතනය කළේ කරුණා කණ්‌ඩායම බවට විශ්වාස කළ හැකි සාක්‌ෂි ඇතැයි ජිනීවා පරීක්‍ෂණ වාර්තාවේ සඳහන් කර තිබේ. එම සමයේ කරුණා සහ පිල්ලෙයාන් එක්‌ව කටයුතු කර ඇත.

පිල්ලෙයාන්ට පෙර එම ඝාතනයට සම්බන්ධ යෑයි සැකකරන එඩ්වින් සිල්වා කන්දරාජා හෙවත් ප්‍රදීප් මාස්‌ටර් සහ රෙන්ගසාමි කනකරාජා හෙවත් කජන් මාමා අත්අඩංගුවට ගෙන ඇත.

මොවුහු කරුණා පිල්ලෙයාන් කණ්‌ඩායමේ ක්‍රියාකාරීහු වෙති. 2005 දෙසැම්බර් 24 වැනිදා රාත්‍රියේ ජොශප් පරරාජසිංහම් ඝාතනය සිදුවී තිබේ.

පරරාජසිංහම් ඝාතකයා අල්ලා ගැනීමට පොලිසිය ක්‍රියා නොකළ බවට ජිනීවා පරීක්‍ෂණ වාර්තාවෙන් චෝදනා නඟා තිබුණි.

සම්බන්දන් විපක්‍ෂ නායක කිරීම ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම උඩු යටිකුරු කිරීමක්‌

සම්බන්දන් විපක්‍ෂ නායක කිරීම
ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම උඩු යටිකුරු කිරීමක්‌
ප්‍රවීණ දේශපාලන විචාරක ආචාර්ය දයාන් ජයතිලක

සම්බන්දන් මහතා විපක්‍ෂ නායකයා ලෙස පත් කිරීම මේ රටේ මහජන වරම සහ ස්‌වාධිපත්‍යය සහමුලින්ම උල්ලංඝනය කරමින් ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම උඩුයටිකුරු කිරීමක්‌. ඔහුට මේ තනතුර ලබාදීම දෙස මා බලන්නේ ජනවාර්ගික ප්‍රිස්‌මයක්‌ තුළින් නෙමෙයි.

1977 දී අමිර්තලිංගම් මහතා විපක්‍ෂ නායක තනතුර දැරූ නමුත් ඒ අවස්‌ථාවේ ටී.එන්.ඒ. සංවිධානයට ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයට වඩා ආසන සංඛ්‍යාවක්‌ හිමිව තිබුණා. නමුත් අද ටී.එන්.ඒ. සංවිධානයට ශ්‍රීලනිපයට වඩා ආසන ප්‍රමාණයක්‌ හිමි වී නෑ. මේ රටේ ජනතාව මේ මහ මැතිවරණයේදී ඡන්දය දුන්නේ සාපේක්‍ෂ වශයෙන් දුබල ආණ්‌ඩුවක්‌ සහ ප්‍රබල විපක්‍ෂයකටයි. ජනතාවගේ මනාපය එයයි. නමුත් ඒ ජන මතය උල්ලංඝනය කරමින් ශ්‍රීලනිපයේ පිරිසක්‌ එක්‌සත් ජාතික පක්‍ෂයට ප්‍රදානය කරනු ලැබුවා. එහි ප්‍රතිඵලයක්‌ විදිහට කිසියම් හිදැසක්‌ සහ අවුල් වියවුල් භාවයක්‌ ද නිර්මාණය කෙරුණා.

ඒ නිර්මාණය කරන ලද හිදැස තුළට ටී.එන්.ඒ. සංවිධානය රිංගවලා තියෙනවා. නමුත් ශ්‍රීලනිපයේ ආසන 95 ඉතාම පැහැදිලිව ටී.එන්.ඒ. හි ආසන 16 ට වඩා විශාලයි. ශ්‍රීලනිපයේ ආසන 95 න් කිසියම් ප්‍රතිශතයක්‌ ආණ්‌ඩුවට එකතු වුණත් මන්ත්‍රීවරු 55 කට වැඩි ප්‍රමාණයක්‌ විපක්‍ෂයේ වාඩිවෙන බව දැනුම් දී තිබෙනවා. ඒ අනුව ශ්‍රීලනිපයේ විපක්‍ෂයේ සිටින මන්ත්‍රීවරු ප්‍රමාණය පවා ටී.එන්.ඒ. මන්ත්‍රීවරු 16 ට වඩා තුන්හතර ගුණයකින් විශාලයි. එවැනි තත්ත්වයක්‌ තුළ ශ්‍රීලනිපය විපක්‍ෂයෙන් ඉවත් කර එම තනතුර ටී.එන්.ඒ. සංවිධානයට බාරදීම මූලික අංක ගණිතයටත් මහජන මතයටත් ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදායටත් සාමාන්‍ය බුද්ධියටත් එරෙහිව යැමක්‌.

ටී.එන්.ඒ. සංවිධානයේ දේශපාලන අතීතය මොහොතකට අමතක කරමු. නමුත් ජුලි 25 දා ටී.එන්.ඒ. සංවිධානය මෙවර මහමැතිවරණ ව්‍යාපාරය ආරම්භ කළ උතුරු වලිකාමම්හි පැවැති රැස්‌වීමේ මුලසුන හෙබවූයේ මේ විපක්‍ෂ නායකකම හිමිකර ගෙන සිටින සම්බන්දන් මහතාමයි. ඒ රැස්‌වීමේ ආරම්භයේ සිට අවසානය දක්‌වා සියලු කථිකයන් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළේ තමන්ගේ අසහාය නායකයා වේළුපිල්ලේ ප්‍රභාකරන් බවයි. එය ප්‍රකාශ වුණු හැම මොහොතකම රැස්‌ව සිටි දහස්‌ සංඛ්‍යාත පිරිස විසිල් ගසමින් නැටූහ. ටී.එන්.ඒ. සංවිධානයේ මන්ත්‍රීවරු අතරින් වැඩිම මනාප ප්‍රමාණයක්‌ අත්කර ගෙන සිටින ශ්‍රීධරන් මන්ත්‍රීවරයා ප්‍රසිද්ධියේ ප්‍රභාකරන් වන්දනා කරන පුද්ගලයෙකි. ප්‍රභාකරන් වීරයෙක්‌ ලෙස පැහැදිලිවම සලකන ටී.එන්.ඒ. සංවිධානයට විපක්‍ෂ නායකකම ප්‍රදානය කිරීම වරදක්‌ කළ පුද්ගලයකුට වැදගත් තිළිණයක්‌ දීම හා සමානය. එය අතිශයින්ම අමනෝඥ ක්‍රියාවකි.

ටී.එන්.ඒ. සංවිධානයේ මැතිවරණ ප්‍රකාශනය කරුණු 4 කින් සමන්විතයි. දෙමළ ජනතාවට ස්‌වයං තීරණ අයිතිය හිමිවන බව, උතුරු නැඟෙනහිර දෙපළාත වහාම නිත්‍ය වශයෙන් එකතු කළ යුතු බව, ඒකීය රාජ්‍ය ක්‍රමය වෙනුවට පෙඩරල් රාජ්‍ය ක්‍රමයක්‌ ඇති කළ යුතු බව සහ ලංකාවේ හමුදාව විසින් සිදුකළා යෑයි කියන යුද අපරාධ සෙවීමට ජාත්‍යන්තර පරීක්‍ෂණයක්‌ අවශ්‍ය බව එම කරුණු 4 යි. ඊට අමතරව ශක්‌ති රූපවාහිනී නාලිකාව සමඟ ටී.එන්.ඒ. මන්ත්‍රී සුමන්තිරන් මහතා සහ ඊ.පී.ඩී.පී. මන්ත්‍රී ඩග්ලස්‌ දේවානන්ද මහතා අතර පැවැති උණුසුම් විවාදයේදී සුමන්තිරන් මහතා කියා සිටියේ එක්‌සත් ජාතික පෙරමුණ සහ ටී.එන්.ඒ. සංවිධානය අතර ලිත නොවන දේශපාලන එකඟත්වයක්‌ ඇති බවත් ඒ එකඟත්වයට ඉන්දියානු අගමැති මෝදි මහතාගේ සහයෝගයත් ලැබී ඇති බවත් ය. සුමන්දිරන් මහතා පැවසුවේ ඒ එකඟත්වය වනාහි මහ මැතිවරණයෙන් පසු එක්‌සත් ජාතික පෙරමුණ විසින් අලුත් ව්‍යවස්‌ථාවක්‌ රටට ගෙනැවිත් ඒකීය සංකල්පය හලන බවත් ය. රටේ මූලික ව්‍යවස්‌ථාවේ සඳහන්ව ඇති ශ්‍රී ලංකා රාජ්‍යයේ ව්‍යුහය වන ඒකීය රාජ්‍ය ක්‍රමයට එරෙහි වන සංවිධානයකට විපක්‍ෂ නායකකම භාර දීම කෙතරම් වගකීම් විරහිත ක්‍රියාවක්‌ද?

මහා බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව කිසි දිනක ස්‌කොට්‌ලන්ත ජාතික පක්‍ෂයට විපක්‍ෂ නායකකම බාර දෙන්නේ නෑ. ඒ තනතුර ලැබෙන්නෙ කම්කරු පක්‍ෂයට, කන්සවේටිව් පක්‍ෂයට හෝ ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්‍ෂයටයි. අපේ රටේ මේ කර තිබෙන්නේ පනින රිලවුන්ට ඉණිමං බඳින ගමන් ම උන් අතට දැළි පිහියකුත් දීමයි.

විපක්‍ෂය යනු ආණ්‌ඩුවේ වැරදි හෙළිදරව් කරන පක්‍ෂයක්‌. නමුත් ටී.එන්.ඒ. සංවිධානය ආණ්‌ඩුව වැරදි දිශාවට තල්ලු කරන ස්‌ථාවරයක්‌ සහිත පක්‍ෂයක්‌. එක්‌ අතකින් ඔවුන් ආණ්‌ඩුවේ සගයන් ලෙස ජනවාරි 8 වැනිදා සිට කටයුතු කර ඇති අතර අනෙක්‌ අතට ඔවුන් ආණ්‌ඩුවට පක්‍ෂවන ගමන් රාජ්‍ය ව්‍යුහයට එරෙහි වෙති. එයට හේතුව පෙඩරල් ක්‍රමයක්‌ ගැන කතා කිරීමට පමණක්‌ නොව ලෝකයේ අනෙක්‌ පෙඩරල් රටවල්වල නැති එක ප්‍රදේශයක හා එක ජනවර්ගයක ජාතික ස්‌වයං තීරණ අයිතියක්‌ ගැන ඒ සමඟම කතා කරන නිසාය. එවැනි පක්‍ෂයකට විපක්‍ෂ නායකකම බාරදීමෙන් සිදුවන්නේ මෙම විපක්‍ෂ නායකකම කවදා හෝ අහිමි කළත් හිටපු විපක්‍ෂ නායක තත්ත්වය අමිර්තලිංගම්ට හිමි වූවා සේ මොවුන්ටත් හිමි වී ලෝකය පුරා ගමන් කර ඔවුන්ගේ ප්‍රදේශවලින් ඔවුන් ලද ජනවරම ක්‍රියාත්මක කිරීමට විශාල රුකුලක්‌ සැපයීමයි.

සාකච්ඡා කළේ –
පාලිත සේනානායක

විපක්‍ෂනායක සම්බන්දන් කථානායක මැතිසබයට දන්වයි

විපක්‍ෂනායක සම්බන්දන්
කථානායක මැතිසබයට දන්වයි

අජිත් අලහකෝන් – කුෂාන් සුබසිංහ

අටවැනි පාර්ලිමේන්තුවේ නව විපක්‍ෂ නායකයා ලෙස ඉලංකෙයි තමිල් අරසු කච්චි හෙවත් ද්‍රවිඩ ජාතික සන්ධානයේ (ටීඑන්ඒ) නායක රාජවරෝදයම් සම්බන්දන් මහතා පත්කරන බව කථානායක කරු ජයසූරිය මහතා ඊයේ (03 දා) පාර්ලිමේන්තුවේදී නිවේදනය කළේය.

විපක්‍ෂනායක ධුරය සම්බන්ධයෙන් එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානය ඉල්ලීමක්‌ නොකරන බව ලිතව දන්වා ඇති නිසා විපක්‍ෂ නායකයා ලෙස ආර්. සම්බන්දන් මහතා පිළිගත් බවද කථානායකවරයා කීවේය.

මේ අවස්‌ථාවේදී නැගී සිටි එජනිස මන්ත්‍රී විමල් වීරවංශ මහතා – අපි පනස්‌ හයදෙනක්‌ අත්සන් කරලා කුමාර වෙල්ගම මහතා විපක්‍ෂ නායක ලෙසටත් මහින්දානන්ද අලුත්ගමගේ මහතා විපක්‍ෂයේ සංවිධායක ලෙසටත් පත් කරන ලෙස එජනිස සභාපතිවරයාගෙන් ලිතව ඉල්ලීමක්‌ කළා.

සභානායක ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා – විපක්‍ෂනායක පත්කිරීමේ බලය තියෙන්නේ කථානායකවරයාට. එතුමා දැන් පත්කරලා අවසන්.

විමල් වීරවංශ මහතා – ඒ බලය අභියෝග කිරීමක්‌ නොවේ.

සභානායක – මේක ඡන්දපොළක්‌ නෙවෙයි.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා – කථානායකගේ තීන්දුව අභියෝගයට ලක්‌කිරීමට යෝජනාවක්‌ ගෙන ආ යුතුයි. ඒ යෝජනාව පාර්ලිමේන්තුව පිළිගත්තොත් කථානායකතුමාත් ඉවත් විය යුතුයි.

එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානය ඔබතුමාට ලිපියක්‌ දීලා තියෙනවා මේ අවස්‌ථාවේදී එය පිළිගන්නේ නෑ කියා. ජනාධිපතිතුමා ඊයේ මේ මන්ත්‍රීවරුන් පොලොන්නරුවේදී හමුවුණා. ඒක ජනාධිපතිතුමා සමග කතාකර ගන්න තිබුණා. ජනවාරි 08 වැනිදා මෛත්‍රීපාල සිරිසේන මහතාට දුන් ජනවරම අගෝස්‌තු 17 දා තහවුරු කළා. ඒක පිළිගන්න බැරිනම් මේ සභාවෙන් ඉවත්වෙලා යන්න.

විමල් වීරවංශ මහතා – ඔබතුමාගේ තීන්දුව අභියෝගයට ලක්‌කරන්න නොවේ මම නැගිට්‌ටේ මන්ත්‍රීවරුන්ට කතාකරන්න දෙන්නේ නෑ.

අගමැතිවරයා – එජනිස සභාපතිටයි මෙතුමා ලියුම දීලා තියෙන්නේ. කථානායකතුමනි ඔබතුමාට නොවේ. ඔබතුමාව සභාපති කළොත් එය සලකා බලතෑකි.

කඩවත පල්ලියකින් ශ්‍රී සද්ධර්මය විකෘති කරයි, නීතිය වල් වදී

කඩවත පල්ලියකින් ශ්‍රී සද්ධර්මය විකෘති කරයි, නීතිය වල් වදී.

Click here for PDF version

මේ හෙළිදරව්ව කරන පූජ්‍ය මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමි ප්‍රාර්ථනා බෝධියකින් සුවසේ චතු සත්‍ය අවබෝධ කරත්වා! ජාතිය වෙනුවෙන් දිගටම අප දැනුවත් කරත්වා!

ව්‍යවහාර වර්ෂයෙන් 505න් ඈරඹි සිංහල බෞද්ධ විරෝධී කුමන්ත්‍රණය නොයෙක් විලාසයන් ගනිමින් වසර සිය දහස් ගණනක් තිස්සේ නොකඩවා අද දක්වාම පවතී. එය විටෙක මෙහි පැමිණියේ පෘතුගීසි ආක්‍රමණය ලෙසින්ය. විටෙකදී ලන්දේසි හා ඉංග්‍රීසී ආක්‍රමණ ලෙසින්ද පෑමිණියේය. ඒ සෑම අවස්ථාවකදිම කතෝලික,ක්‍රිස්තියානි,රෙපරමාදු,පෙන්තකොස්ත,ඇංග්ලිකන්,මෙතෝදිස්ත,සෙවන්ත් ඩේ,යොහොවා විට්නසස් සහ කල්වාරි ආදී නානාවිධ ස්වරූපයෙන් පැමීණි ඔවුන්, එකම අරමුණ වූ දේව රාජ්‍ය සංකල්පය තුළදී සියලු දෙනා එකම රැහේ උන්ය. ඒ සඳහා ඔවුන් නොයෙක් උපක්‍රමයන් අත්හදා බලමින් මුලිකවම සිදු කළෙ කැලේ ගසක් නසන්නට කැලේ ගසක්ම ඉවහල් වන්නා සේ අපේම සිංහලයන් බෞද්ධකමෙන් ඈත් කොට ගනිමින් ඔවුන් ලවාම ඔවුන්ගේ දේවරාජික අරමුණ ඉටු කර ගැනීමටයි. එසේ නම්වාගත් සිංහලයන් අද වන වින්ට එම තිරශ්චීන මෙහෙයුමේ නියැලී සිටින්නේ විදේශික මූලධර්මවාදීන්ටත් වඩා හොඳින්ය. එය එසේ වුවත් කුමන හෝ හේතු කාරණාවන් නිසා ඔවුනට සිතූ තරම් පහසුවෙන් සිංහල බෞද්ධ හර පද්ධතීන්ට පහර දෙන්නට නොහැකි විය. එය වසර 500ක් ඉක්මවගිය තැනදී බෞද්ධකම පාවාදුන් සිංහලයින්ට දැඩිව දැනෙන නිසාදෝ හෝ සර්වාගමික සංකල්පය නැමැති මායාවක් මවාපාමින් බෞද්ධ දර්ශනය හා පෑහෙන්නට උත්සාහ කරති.

එම පාදඩ උත්සාහයේ ආසන්න එක් භයානක ප්‍රයත්නයක් වන්නේ බුදු දහමේ මුලික හරපද්ධතීන් අමු අමුවේ විකෘති කිරීමයි. අද වන විට රට පුරා යන ක්‍රිස්තියානි , කතෝලික මූලධර්මවාදීන් බෞද්ධ ජනයාගේ පමණක් දුර්වලතා, අපහසුතාවයන් සොය සොයා යමින් ඒවාට භෞතික අල්ලස් දෙමින් මුලා කරනවාට අමතරව සෘජුවම මානසික අල්ලස්ද දෙමින් සිය මිත්‍යාදෘෂ්ඨින් වෙත ඔවුන් නම්වාගෙන සතර අපාගත කිරීමේ කාර්යය යහමින් සිදු කරති. බොහෝවිට ඒවා සඳහා මිත්‍යාදෘෂ්ඨික දේශපාලකයන් ප්‍රමුඛ නඩයන්ගෙන් නොමද පිටුවහලක්ද ලෑබේ.

පසුගිය දිනෙක කඩවත, මහර, කිරිමැටියාගාර ශාන්ත අන්තෝනි නැමැති පල්ලියකදී තිළිණ අලහකෝන් හා චාන්දනී නමැති දෙදෙනාගේ විවාහ මඟුලක් අර්නස්ට් පෝරුතොට පාදිලි තෑනගේ මූලිකත්වයෙන් සිදු කරන මුවාවෙන් මෙම ධර්මය විකෘති කිරීමේ පාදඩ මෙහෙයුම දියත් කොට ඇත. විවාහ මඟුලට යවන ආරාධනා පත්‍රයක් ලෙසින් සකස් කොට ඇති මෙය පත්‍රිකා ලෙසින් මුද්‍රණය කොට බෙදා හැරීම ද සිදු කොට ඇත. කිතුනු අෂ්ටක ගාථා සමග කිතුනු සෙත්කවි යන මැයෙන් ආරාධනා පත්‍රයේ මුලදීම දක්වා ඇත. එම හැදීන්වීමම ඉතා විකෘති සහගතය, මන්ද අෂ්ටක සහ ගාථා මෙන්ම සෙත් කවි ඇත්තේ බෞද්ධ සම්ප්‍රදායේ පමණක්ම වන බැවිනි. මුලදීම සුවහසක් බෞද්ධ ජනයා නිරන්තරයෙන් ආශීර්වාද පිණිස භාවිතා කරන මංගල ගාථාවන් විකෘති කොට ඇත්තේ කිසිදු තැකීමක් නොමැතිවයි.

භවතු සබ්බ මංගලම්
රක්ඛන්තු සබ්බ දුතයාන…..
සබ්බ පීතානු භාවේන
සදා සොත්ථි භවංතුතේ

භවතු සබ්බ මංගලම්
රක්ඛන්තු සබ්බ සාන්තුවරයාන
සබ්බ පුත්‍රයානු භාවේන
සදා සොත්ථි භවංතුතේ

භවතු සබ්බ මංගලම්
රක්ඛතු සබ්බ ප්‍රාණ පාරිත්‍යහීන
සබ්බ ශුධාත්මයානු භාවේන
සදා සොත්ථි භවංතුතේ

තුනුරුවනක් සිටින්නෙ බෞද්ධ ශාසනයේ පමණකි. එය වෙනත් කිසිදු සමයක දක්නා නොලැබෙන්නකි. මෙහිදී කිසිදු හිරිකිතයක් නොමැති දේවදත්තයන් මේ ලෝකයේ උතුම්ම රත්නයන් වන තෙරුවනට නිගා කර ඇත්තේ ඊට සමාන බහුභුත මිත්‍යාදෘෂ්ඨික නාමයන් තුනක් ඉදිරිපත් කරමෙනි. බුද්ධ රත්නය , ධම්ම රත්නය , සංඝ රත්නය යන තෙරුවන වෙනුවට මේ පාපතරයින් නම්කොට ඇත්තේ

සර්වබල දෙවිදුන්
සර්වබල දේව පුතනුවන්
සර්වබල සුදතුමි

යන බහුභුත නාමයන්ය. ඉන් නොනැවතුන ඔවුන් තිසරණයට සමානව යමින් තිසරණයද අමුඅමුවේ විකෘතු කොට ඇත්තෙ මෙසේය.

සරණං දහම් සරණං
සරණං දේව වචනං
සරණං ත්‍රිත්ව සරණං
සරණං සකළ සරණං

ආදම්-ඒව සරණං
ආබුහාම් සරා සරණං
රෙබෙකා-ඊසාක් සරණං
සරණං වරං සරණං

ජාකෝබ්-රාකේල් සරණං
ජෝසෙස්-ආසෙනත් සරණං
මෝසෙස් -කුෂ් සරණං
සරණං සදා සරණං

ජුවකීම්- ආනා සරණං
සෙකරියස්-එලිසබෙත් සරණං
ජුසේ-මරියා සරණං
සරණං ඔබට සරණං

ධර්මය විකෘති කොට මඟුල කෑමේ මනාලයා වන තිළිණ අලහකෝන් නැමැත්තා මෙම පාපතර ක්‍රියාව සිතාමතාම සිදු කළ බව සහ එයින් ඔහු ලබන පහත් සොම්නස ඔහුගේ වචනයෙන්ම පවසන්නේ නම් “දේශීය කිතුනු විප්ලවයක පළමු පියවරක් සේ සලකා මම මහත් සොම්නසින් මෙම හෙළ සිරිතට බැතියෙන් හා සාඩම්බරව මුල පුරමි. සියලු සම්ප්‍රදායන් හොඳින් දැනගනිමින්, හදාරමින් , වඩා සංඥමයකින් හා අවස්ථානෝචිතව ලෙස තබන මේ හෙළ කිතුනු පියවර ….”

නානා විලාසයන් ගෙන් පැමිණි බටහිරගැති නුතන යුදෙව් ක්‍රිස්තියානිවාදය මෙම භුමිල තුළ මොනයම් ක්‍රමයකින් හෝ ස්ථාපනය ඔවුන් සැමගේ ඒකායන බලාපොරොත්තුව බවට මෙම ලියවිල්ලම මැනවින් සාක්ෂි දරයි.

“මහින්ද නාමල් පවසන පරිදි අපි තවමත් පොළවට මුල් නොඅදින පෝච්චියේ පැළ කල කතෝලිකයන්ය. විදේශිකයෙකු වු ජාකෝම් ගොන්සාල්වේස් පියතුමා මෙරටට පැමීණ සිංහල භාෂාව හදාරා මුල් අඩිතාලම දැමුයේ ඒ පෝච්චියෙන් අප දහම මුදවා පොළවට මුල් අද්දවා මේ භූමියේ කොටසක් බවට කිතු දහම පත් කිරීමටයි. ඉන් පසු ගරු මර්සලීන් ජයකොඩි පියතුමන් , ගරු ඇලෝයි පීරිස් පියතුමා සහ අර්නස්ට් පෝරුතොට පියතුමා වැන්නන් කිතු දහමේ රෝමානු වස්ත්‍රය ගලවා එයට දේශීය වස්ත්‍රාභරණ පැළදවීමේ ඓතිහාසික හා අත්‍යාවශ්‍ය සටනට උදාරතරව උර දුන්නහ.” (ගරු යන්න දැමුයේ මෙය උපුටා ගැන්මක් නිසා බව කරුණාවෙන් සලකන්න)

මහින්ද නාමල් පවසන පරිදි යන්න යෙදිම තුළින් ක්‍රිස්තියානි හා කතෝලික ආදී නොයෙක් නාමයන්යෙන් හදුන්වන සමස්තයම දැඩි බෞද්ධ විරොධී සිවරුපයක් පෙන්වනවා නොවේද ? වත්මන් දේශපාලන නායකත්වය ඔවුන්ගේ කෝණයෙක් දකින්නේ තම පටු මිත්‍යාදෘෂ්ඨික පරමාර්ථ සාදනය උදෙසා දැඩි බාධාවක් බවයි. එහි සත්‍යාසත්‍ය බව කෙසේ වෙතත් එයින් එම නායකයන්ට ඔවුන් විසින්ම තව කරුණක් දැඩිව අවධාරණය කරනවා නොවේද ? එ මන්දයත් එම නායකත්වය නිර්මාණය කිරීම සදහා ඔවුන් කිසිදු දායකත්වයක් නොසැපයු බව සහ ඔහුගේ නොපැමිනීමට අවශ්‍ය කටයුතු සියල්ල ජාතික මට්ටමින් හා ජාත්‍යන්තර මට්ටමින් සිදුකළා යන්නයි. එනිසා වත්මන් නායකත්වයට වක්‍රාකාරයෙන් පවසන එම සත්‍ය පසක් කොට ගෙන වසර 500 කට අධික කාලයක් තිස්සේ මේ රටේ තිබෙන එකම ප්‍රශ්නය වන සිංහල බෞද්ධයන්ට හිමි තැන අහිමි කිරිම පිළිබද ගැටලුවට නිසි විසඳුමක් නොදෙන්නේ මන්ද යන්න අසනු කැමැත්තෙමු. එම ලියවිල්ලේදී පෝරුවේ චාරිත්‍ර කළා යැයි පවසන චමින්ද සංජීව නැමැත්තා හා අර්නස්ට් පෝරුතොට පාදිලි තැනද සිය අදහස් දක්වා ඇත.

බෞද්ධ අප ජය ප්‍රාර්ථනා කරමින් ආශිර්වාද ලබා යන්නා ජය පිරිතද ඔවුන් අමු අමුවේ විකෘති කොට ඇත. ඕනෑම බෞද්ධයෙකුගේ සිත් පෑරෙන පරිද්දෙන් එම විකෘතියද සිදු කොට ඇත. ද්වත්තිංස මහා පුරුෂ ලක්ඛණානුභාවේන, අසීත්‍යානුව්‍යඤ්ජන ලක්ඛණානුභාවේන , අට්ඨුත්තර සතමංගල ලක්ඛණානුභාවේන ඡබ්බණ්න රංසියානුභාවේන , කේතුමාලානු භාවේන , දසපාරමිතානුභාවේන, ආදී ලෙස පවතින මහානුභාව සම්පන්න ජය පිරිත විකෘති කොට ඇත්තේ

පීතානු භාවේන
පුත්‍රයානු භාවේන
ශුධාත්මයානු භාවේන
ආ වඩා ආයු බෝ වේවා

සාමුවෙල් දූත භාවේන
ගාබ්යෙල් දුත භාවේන
ඡොපියෙල් දුත භාවේන
මිඛායෙල් දුත භාවේන
රෆායෙල් දුත භාවේන
උරියෙල් දුත භාවේන
සදිකියෙල් දුත භාවේන
සදා සුරක්ෂා වේවා…..

ආදී ලෙසින් දීර්ඝ නාමාවලියක් ඉදිරිපත් කරමින් භාවේන ආදි ලෙසින් විකෘති කොට ඇත. (මෙහි සදහන් නොකළ නම් රාශියක් ඇත.) එමෙන ආශිර්වාද සෙත් කවි ලෙස සිංහල බෞද්ධ සංස්කෘතික පසුබිම මත සකස් වූ සෙත් කවි කලාව අමු අමුවේම විකෘති කොට ඇත.

සිංහල බෞද්ධයින් බහුතරයක් සිටින මේ රටේ මෙවන් දෑ සිදු වියයුතුද යන්න සැබැවින්ම තර්කයට භාජනය වියයුතු කරුණකි. අතීතයේ සිට මොනතරම් ආක්‍රමණ සිදු වුවත් ඉතිහාසයේ සිංහල බෞද්ධයින් නිසා කලු පැල්ලම් සටහන් වි නොමැත. නමුත් සුලුතරයක් වු අන්‍යාගමික , අන්‍යජාතික පිරිස් අතින් බහුතරයක් වු සිංහල බෞද්ධයින්ට අනන්තවත් කෙනෙහිලිකම් සිදුවී ඇති බව අතීතය විසින්ම ප්‍රත්‍යක්ෂ කොට ඇත. සිංහල බෞද්ධ සංස්කෘතියෙන් පෝෂණය වු සුවහසක් ජනයා මෙරට තුළ විසීම හා ඉවසීමේ ගුණය මනාව ප්‍රගුණ කළ පිරිසක් සිටීම එයට හේතුවයි. මෙනිසාම දෝ අදවන විටත් අතීතය විසින් දායාද කළ කෙනෙහිලිකම් එලෙසින්ම සිදුවද්දි රටේ බෞද්ධ යැයි කියා ගත් පාලකයන් හා ශාසනභාරධාරී මහ තෙරවරුන් හා අනෙකුත් වගකිවයුත්තන් අන්ධයින් , බිහිරන් සේ කටයුතු කරති, මෙම සිදුවීමේදීද අපට මුහුණ දීමට සිදුවූයේද එවන්ම වූ අසාධාරණකම් හා කෙනෙහිලිකම් වලටය.

රටේ ඉහළින්ම සිටින්නේ එරට නීතිය යන්න හුදු පාඨයකට පමණක් සීමාවූවක් බවට පත්වී ඇත. බෞද්ධ අයිතියට සෑම අතින්ම පහරදෙමින් පවතිද්දී අකාලික වු ධර්මයටද සෘජුවම අවමන් කරමින් බෞද්ධ අයිතීන් උල්ලංඝනය කරන බව මෙම සිදුවීම කදිම නිදසුනකි. නීතියේ පිළිසරණ පතා මෙම සිදුවීමේදී බෞද්ධ සංවිධාන ලෙස හා පෞද්ගලික වශයෙන් කොතරම් පැමිණිලි ඉදිරිපත් කළද ඒවායෙහි ඉදිරි කටයුතු යම්තාක් දුරට ගොස් මුලධර්මවාදී නීතිභාරධාරීන් අභිමුවෙහි නැවතීම අතිශය කණගාටුවට කරුණකි. 2600 වෙනි ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තියට සැරසෙනවායැයි පවසන මේ කාල වකවානුවේදී සම්බුද්ධ ධර්මයට යන කල දසාව මෙයදැයි අප බලධාරීන්ගෙන් අසනු කැමැත්තෙමු. මෙම ධර්මය විකෘති කිරීම සම්බන්ධව ප්‍රථම වරට 2010-11-01 දින පස්වරු 6:40ට පමණ මිරිහාන පොලීසියේ ජේෂ්ඨ පොලිස් අධිකාරී දේශබන්දු තෙන්නකෝන් මහතා වෙත පැමිණිල්ලක් පූජ්‍ය මහමිතව පඤ්ඤාරතන හිමියන් විසින්ද ඉදිරිපත් කරන ලදී. එහි මුලික කරුණු තුනක් අවධානයට යොමු කර තිබිනි.

01. මූලික බුදු දහම විකෘති කිරීම ( ආශිර්වාද ගාථා, ජය පිරිත , තෙරුවන )
02. බෞද්ධයින්ගේ සිත් රිදවීම
03. බුදු දහමට අපහාස කිරීම. (පාලී භාෂාවට)

එහිදී එයට සම්බන්ධව වග උත්තරකරුවන් ලෙසින් නම්කොට තිබුනේ අර්නස්ට් පෝරුතොට, තිළිණ අලහකෝන් , චමින්ද සංජීව, රංජිත් රූබසිංහ සහ සාමවිනිසුරු කන්දේ ආරච්චි යන පිරිසයි. එම පැමිණිල්ල සම්බන්ධව තමාට රාජකාඊ කිරීමට කොට්ඨාශ මට්ටමින් නොහැකි බව දන්වමින් 2010-11-02 දින නියෝජ්‍ය පොලිස්පති තුමා වෙත යොමුකර තිබිණ. මෙම විකෘති කිරීම සම්බන්ධව 2010-11-03 දින කඩවත පොලිස්ථානයේදී ද පැමිණිලි අංක CIB.II.38146, MCR-4892-2010 යටතේ පැමිණිල්ලක් ඉදිරිපත් කොට ඇති අතර 4432 දරණ අංක යටතේ එහි B වාර්තාවද පවතී. අනතුරුව කඩවත පොලීසිය ව්සින් නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය හරහා නිතිමය කටයුතු සඳහා උපදෙස් පැතීමට නිතිපති වෙත මේ වනවිට එය ඉදිරිපත් කොට ඇත. CC/758/2010 12 09 දරන යොමු අංකයෙන් හා CTCCMS 01 11 10/ 05 01 11 දරන අංක වලින් එම පැමිණිල්ල නීතිපති කාර්යාලය වෙත යොමු කොට ඇත. නමුත් අවාසනාවක මහත මේ වන තෙක් ඒ සම්බන්ධ කිසිදු නීතිමය කටයුත්තක් සිදු වී නොමැත. අපගේ විශ්වාසය එය එසේ වීමට බලපා ඇත්තේ ඔහුගේ ලබ්දිය වන්නට ඇත. අනෙක අපට ඇති ප්‍රෙහෙළිකාව නම් වෙනත් කරුණු සම්බන්ධව නීතිමය උපදෙස් පතනවිට ක්ෂණිකව ක්‍රියාත්මක වන්නටත් මේ සඳහා එසේ නොවීමටත් ඇති බාධකය කුමක්ද යන්නයි. එපමණක් නොව බෞද්ධ කාරණාවන් සම්බන්ධ බොහොමයක් ලිපි ගොනු එලෙසින් හිරවී ඇති බව අපගේ දැනීමයි. මෙනිසා මෙම අවාසනාවන්ත තත්වයන් පිළිබඳ නිර්ණය කිරීමට භාර දෙන්නේ මේ රටේ අතිබහුතරයක් වු සිංහල බෞද්ධ ජනයා වෙතටයි. ඔබ විසින් තෝරා පත්කරගත් බලධාරීන්ට මෙන්ම කසේරුකාවක් නොමැති ශාසනභාරධාරී මහතෙරවරුන්ට ඇතුලු වගකිවයුත්තන්ට මෙම ශාසකින අභියෝගයක් හමුවේ මුනිවත නොරැක ඉදිරිපත්වන ලෙසට සහ මොනයම් ක්‍රමයකින් හෝ බලපෑමක් කිරීම ඔබගේ වගකීමයි. මෙතුවක් කල් මේ සිංහල ජාතියකත් සම්බුද්ධ ශාසනයත් ආරක්ෂා කරගත්තා නම් ඒ සෑම අවස්ථාවකදීම එසේ සිදු වූයේ රතු පලස් හෝ පාවඩ මතින් නොවන බවද ඔබ තරයේ සිහි තබා ගත යුතුය

– පූජ්‍ය මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමි.

ප්‍රශ්නය:සෝම හිමි ඝාතනය පිලිබඳ…දෛවය අනුවද සියල්ල වෙන්නේ ?

දෛවය අනුවද සියල්ල වෙන්නේ ?

දෛවය අනුවද සියල්ල වෙන්නේ ? නැත… මිනීමරු මුලධර්මවාදී සංවිධානද පිටු පසින් ඇත…

This slideshow requires JavaScript.

‘දෛවය අනුවද සියල්ල වෙන්නේ ?’ යන තේමාව යටතේ ආගමික පත්‍රිකාවක් මේ දිනවල කොළඹ හා බත්තර මුල්ල ප්‍රදේශ අවට බෙදමින් සිටි.අය කිරීමකින් තොරව බයිබල ඉගෙන ගැනීමක් හා දෙවිගේ මග පෙන්වීමක් හා දෙවිගේ මග නොගෙන අනෙකුත් ආගමික වතාවක් කිරීම මුදල් නාස්තියක් බවද සදහන්ය.වර්තමානයේද දේව රාජ්ජය වියාපෘතිය විවිද සුව රුප වලින් ලක්වැසියන් ගේ හද තුලට ගොඩවීමට උත්සහ ගන්නා අතර සෝම හිමි , රත්මලානේ සීලවංශ හිමි වැනි සංඝ පිතෘ ඝාතන පිටු පස ඇත්තේද මෙම මුල ධර්මවාදී කල්ලි වල මගමරුවන් බව දන්නේ කීදෙනාද ?.

සෝම හිමි ඝාතනයට විශාල මුදල් ප්‍රමණයක් මුලධර්මවාදී කණ්ඩායම විසින් වියදම් කර තිබුනි.

පහලින් ඇති ලිපි ගොනුව බලන්න :

 Click Here to read the Description about this article in English by Shamika.

දැන් දැන් නැවතත් කුමන්ත්‍රණ කාරීව පත්‍රිකා බෙදමින් යන මේ දේව ඇම්බැට්ටයන් ඉදිරියේදී සිදු කිරීමට යන ආගමික ,ශාසනික, ජාතික කුමන්ත්‍රණ හා මිනි මැරුම් ගැන සොයා බැලීමට කාලය එළබි ඇත,රජය හා  නිලධාරීන් නිහඩ වුවත් හෙළ බෞද්ධයන් වන අප නිහඩ නොවෙමු!  මිනීමරු මුලධර්මවාදී සංවිධාන පිටු දකිමු !

Categories

Balawegaya Flickr Photos

More Photos

Different countries have visited this site

Free counters!