//

බලවේගයෙන් පණිවිඩයක්

This category contains 22 posts

මෝදී හෙලී කොප්ටෙරේට දළදා වහන්සේ වැඩ සිටින භුමිය උඩින් ගොස් වෙච්ච දේ

Modi’s chopper flies back after repairs

ECONOMYNEXT – An Indian helicopter that broke down during Prime Minister Narendra Modi’s visit to Sri Lanka returned home on Tuesday after replacing some vital engine parts and receiving a blessing from the Temple of the Tooth, official sources said.

The Ukranian-built Mi-17 helicopter was grounded at Asgiriya since Friday and was repaired with spare parts flown in from India, sources said, adding that the return journey was not without drama.

On the first attempt after the repair, the transport aircraft in the VVIP squadron could not take off and local officials then asked the Indians to offer a “pooja” and seek the blessings of the Temple of the Tooth.

“They told us that they had already sought blessings from the temple the night before,” an official at Asgiriya said. “Then, the helicopter came to life on the second attempt. After they left, we did not hear from them. That is good news. They have reached their destination safely.”

Despite the breakdown of the Mi-17 aircraft, Modi’s visit went ahead smoothly, and he returned to the Katunayake airport in a different helicopter to board the special Air India Boeing 747 back to New Delhi.

Authorities also removed wasp nests at two locations where Modi’s helicopters landed in Dikoya fearing that the rotors could stir up wasps and trigger an attack.

යොහෝවා සාක්‍ෂිකරුවෝ රුසියාවෙන් පන්නා දැමෙති…

යොහෝවා සාක්‍ෂිකරුවෝ
රුසියාවෙන් පන්නා දැමෙති

චතුර පමුණුව

යොහොවා සාක්‍ෂිකරුවෝ ලංකාව පුරා ද විසිර සිටිති. මොවුන් උත්සහ කරනුයේ තම ආගමික විශ්වාසවන්තයන් ප්‍රමාණය වැඩි කිරීම සඳහාය. මෙය සැබවින්ම ක්‍රිස්‌තියානි මූලධර්මවාදී කල්ලියකි. මෙරට කාදිනල්තුමා ද මූලධර්මවාදී කල්ලි ගැන අප්‍රසාදය පළකර සිටියේ එක්‌ වරක්‌ නම් නොවේ. ආගම්වලට හැරවීම නැවැත්වීමේ පනත වහා ඉදිරිපත් කළ යුතු බවත් එතුමා ප්‍රකාශ කර තිබිණි.

යොහෝවා සාක්‍ෂිකරුවන් ගැන අපට සිහි වූයේ රුසියානු ශ්‍රේෂ්ඨාධිකරණය ගත් වැදගත් පියවරක්‌ නිසාය. පසුගියදා පැවැති නඩු විභාගයේදී රුසියානු ශ්‍රේෂ්ඨාධිකරණය නිවේදනය කර සිටියේ මෙම සංවිධානය අන්තවාදී සංවිධානයක්‌ බවයි. මේ තීන්දුව අනුව ශාන්ත පිටර්ස්‌බර්ග් නුවර පිහිටි මෙම සංවිධානයේ ප්‍රධාන කාර්යාලය වසා දැමෙනු ඇත. රුසියානු ආණ්‌ඩුව ඉවැන්ජලිකල් ආගමික කණ්‌ඩායම් සම්බන්ධව කිසිම ලිහිල් ප්‍රතිපත්තියක්‌ අනුගමනය කරන්නේ නැත. පසුගිය වසරේදී ඉවැන්ජලිකල් පූජකයන් හයදෙනකු පිටුවහල් කර දැමීමට රුසියානු රජය ක්‍රියා කළේය. 1997 සම්මත කරනු ලැබූ විශේෂ පනතකට අනුව රුසියානු රජය පිළිගනු ලබන්නේ ඩර්නඩොන්ස්‌ ක්‍රිස්‌තියානි, මුස්‌ලිම් යුදෙව් හා බෞද්ධ යන ආගම් හතර පමණි. නමුත් රුසියාවේ සිටින යොහෝවා සාක්‍ෂිකරුවන්ගේ ප්‍රමාණය 175,000 කි. යොහෝවා සාක්‍ෂිකරුවන්ගේ ආගමික නිකායේ ඉතිහාස 1870 දක්‌වා ඈතට යයි. මෙම ආගමික කල්ලිය ආරම්භ වූයේ ඇමරිකාවේ පෙන්සිල්මේනියා හිදීය. ඔවුන් පවසන ආකාරයට ලොව පුරා මෙම ආගමික නිකායට අයත් මිලියන 8.3 ක්‌ විසිර සිටිති. කතෝලිකයන්, ප්‍රොතෙස්‌තන්තීහු ආගමිකයන් ඩර්නඩොන්ස්‌ ක්‍රිස්‌තියානීන් දෙවියන් වහන්සේ ඡේසුස්‌ හා ශුද්ධ ආත්මය පිළිගත්තද යොහෝවා සාක්‍ෂිකාරයෝ ශුද්ධාත්මය පිළිනොගනිති. ඔවුන් පිළිගන්නේ දෙවියන් වහන්සේ හා දෙවියන්ගේ පුත් ඡේසුස්‌ බවයි.

අවදිවව් යන ලිපි ලේඛන ලොව පුරා බෙදාහරින්නේ යොහෝවා සාක්‍ෂිකරුවන් විසිනි. අවදිවව් ලේඛන සිංහලෙන් ද ලක්‍ෂ ගණනින් බෙදාහැර එමෙන්ම මොවුහු නත්තල් උත්සවයට පාස්‌කුව සමරන්නේද නැත. යුද හමුදාවට බැඳී සේවය කිරීම ප්‍රතික්‍ෂේප කරන මේ කණ්‌ඩායම ලේ දීමද ප්‍රතික්‍ෂේප කරති.

චාල්ස්‌ මාසේ රසල් විසින් ආරම්භ කරන ලද මෙම ආගමික කණ්‌ඩායමට බොහෝ විවේචන එල්ල වී තිබේ. බයිබලය වෙනස්‌ කිරීම මෙන්ම මෙම ආගමික කණ්‌ඩායමේ සිදුවූ ලිංගික අපචාර සැඟවීම ගැන ද බලවත් විවාදයක්‌ පවතී, මේ ආගමික කල්ලිය විසින් සිය රහස්‌ දැඩිව රකී. රුසියානු ශ්‍රේෂ්ඨාධිකරණය විසින් යොහෝවා සාක්‍ෂිකරුවන් අපරාධකරුවන් ලෙස හුවා දැක්‌වීම ගැන මෙම සංවිධානයේ ජාත්‍යන්තර ප්‍රකාශක ඩේමියන් සෙමෝනියම් විසින් දැඩිව විවේචනයට ලක්‌ කර ඇත. තමන්ට එරෙහිව දේශපාලන පීඩනයක්‌ එල්ල වන බව මෙම ප්‍රකාශකයා කියයි.

රුසියානු ඩර්නඩෙන්ස්‌ පල්ලිය නම් මේ තීරණය පිළිබඳ සතුටු වන බව රහසක්‌ නොවේ. 2015 දී ඇමරිකානු සයන්මොලොජි ආගමික කල්ලිය ද රුසියානු ආණ්‌ඩුව විසින් තහනම් කරන ලදී. මෙම කල්ලිය ප්‍රධාන අනුගාමිකයකු වන්නේ ප්‍රකට හොලිවුඩ් නළු ටොම් කෲස්‌ය.

විවිධ ඉවැන්ජලිකල් කල්ලි හරහා විදේශ අතපෙවීම් සිදුවන බව රුසියානු රජය හොඳින් අවබෝධ කරගෙන ඇත. එනිසාම යොහෝවා සාක්‍ෂිකරුවන් ද රුසියාවෙන් පැන්නීමට සියලු කටයුතු යොදා ඇත. එහෙත් ලංකාවේ සිදුවන්නේ කුමක්‌ද? වෙනදාටත් වඩා ක්‍රිස්‌තියානි මූලධර්මවාදී කල්ලි කණ්‌ඩායම් පැතිරීම නොවේද? මේ ගැන හඬනගන්නේ කවරෙක්‌ද? කිසිවෙක්‌ නැත.

 

ආණ්‌ඩුව අලුත්ම මර්දනයක්‌ පටන් අරන්

ආණ්‌ඩුව අලුත්ම මර්දනයක්‌ පටන් අරන්
මේ හදන්නේ දිනේෂ්, විමල් ගම්මන්පිල, කෙහෙළිය වැනි අය අත්අඩංගුවට ගැනීමටයි
– හිටපු ජනපති මහින්ද රාජපක්‍ෂ මාධ්‍ය ප්‍රධානීන් හමුවේ කියයි

සංහිඳියාවට විරුද්ධ අය අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ පොලිස්‌ ඒකකයක්‌ පිහිටුවමින් ආණ්‌ඩුව අලුත්ම මර්දනයක්‌ පටන්ගෙන ඇතැයි හිටපු ජනපති මහින්ද රාජපක්‍ෂ මහතා චීන සංචාරය සඳහා පිටත්ව යැමට පෙර ඊයේ (22 වැනිදා) උදෑසන මාධ්‍ය ප්‍රධානීන් සමඟ පැවැති සාකච්ඡාවේදී පැවසීය.

ආණ්‌ඩුව මින් උත්සාහ කරන්නේ බෙදුම්වාදී ව්‍යවස්‌ථාවට එරෙහිව කටයුතු කරන විමල් වීරවංශ, දිනේෂ් ගුණවර්ධන උදය ගම්මන්පිල, කෙහෙළිය රඹුක්‌වැල්ල වැනි දේශපාලනඥයන් හිරේට ගැනීමට බවත් හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේය.

කොළඹ 07 විඡේරාම මාවත පිහිටි සිය නිල නිවසේදී මාධ්‍ය ප්‍රධානීන් සමඟ සාකච්ඡාවක්‌ පවත්වමින් හිටපු ජනාධිපතිවරයා මෙසේද කීවේය.

ව්‍යවස්‌ථාව වෙනස්‌ කිරීම මූලික රාමුවක්‌ තුළ තිබිය යුතුයි. ඒකීය ව්‍යවස්‌ථාවක්‌ද පෙඩරල් ව්‍යවස්‌ථාවක්‌ද කියලා මුලින්ම බලන්න ඕනේ. මේ කමිටු වගයක්‌ දාගෙන අපේ කට්‌ටියත් මේකට දාගන්න හදනවා. මේකට අන්තිම කැමැත්ත දෙන්නේ සුමන්තිරන්ද, ඩයස්‌පෝරාවද, නැත්නම් වෙනත් රටක්‌ද කියලා අපිට කියන්න. මම මුලින්ම විරුද්ධ අපේ රටේ ව්‍යවස්‌ථාව වෙනත් රාජ්‍යයන්ගේ මැදිහත්වීම හරහා සිදු කිරීමටයි. තවම මේ ගැන ඒ අයවත් හරියට කතා කරන්නේ නැහැ. හැබැයි මේ වැඩපිළිවෙළ දිහා බලාගෙන යනකොට පෙනෙනවා මේක කොයි දිශාවටද යන්නේ කියලා. මෙතැන වචනයට ඒකීය දෙයි. බුද්ධාගමට ප්‍රමුඛ ස්‌ථානය දෙනවා කියලා වචනයට දෙයි. හැබැයි ඊට යටින් රට බෙදුම්වාදයට යට කරයි. අපිට වචන ටික දීලා බෙදුම්වාදයට පෙඩරල් දෙන්නයි මේ සැලසුම් සකස්‌ කරන්නේ.

එජාපය විසින් තමනට ලැබුණු අවුරුදු දෙකක කාලයක්‌ තුළ රාජ්‍ය ආයතන පනස්‌දෙකක්‌ විකුණා දැමුවා. මම බලයට ඇවිල්ලා ඒ ආයතනවලින් සමහරක්‌ යළිත් රජයට පවරා ගත්තා. දැන් ආයෙමත් මේ ආණ්‌ඩුව අරගෙන යන්නේ එදා එජාපය රැගෙන ගිය යළි පුබුqදමු ශ්‍රී ලංකා වැඩපිළිවෙළයි. ජාතික ආණ්‌ඩුව නාමයෙන් ශ්‍රී ලනිපයේ අයත් එජාපයේ මෙම වැඩපිළිවෙළට අත ඉස්‌සීම පිළිබඳව තමා කනගාටුවනවා යෑයි ද මහින්ද රාජපක්‍ෂ මහතා වැඩි දුරටත් සඳහන් කළේය.

එදා අපිට ලොකුම චෝදනාව කළේ හම්බන්තොට වරාය සහ මත්තල ගුවන් තොටුපළ ගැනයි. අද ඒවා විකුණගෙන කන්න යනවා. මත්තල ගුවන් තොටුපළ ගන්න විතරක්‌ විදේශ සමාගම් 13 ක්‌ ඉදිරිපත් වෙලා තියෙනවා. හම්බන්තොට වරාය විකුණන තැනට ඇවිත් තියෙන්නේ. ඇ. ඩොලර් බිලියන 1.1 කට. ඒ කියන්නේ වරායෙන් 80% වටිනාකම. එයින් තුනෙන් එකක්‌වත් මේක හදන්න ගිහිල්ලා නැහැ. හම්බන්තොට වරාය සුදු අලියෙක්‌ නම් මෙහෙම ඉල්ලුමක්‌ එයිද? ඒ වගේම රටේ ඉඩම් අක්‌කර ගණන් චීනයට සහ ඉන්දියාවට අද දෙන්න යනවා. කටුනායක බියගම අවිස්‌සාවේල්ල වගේ නිදහස්‌ වෙළෙඳ කලාපවලට අයත් ඉඩම් හා හම්බන්තොටින් අක්‌කර 15000 ක ඉඩම් චීනයට දෙන්න යනවා. මේ සඳහා හම්බන්තොට සහ මොණරාගල දිස්‌ත්‍රික්‌කයේ ඉඩම් පවරාගන්න යනවා.

මේ ගොල්ලෝ ආපු දවසේ ඉඳලා කතා කළේ අපි ගත්ත ණය ගෙවන හැටි ගැන. කෝ ඒ අය ගෙවපු ණය. ණය ගෙවනවා වෙනුවට තව තව ණය වෙන එක තමයි මේ අය කරලා තියෙන්නේ. අද මේ රටේ ආර්ථිකය ගෙනියන්න හදන්නේ වක්‍ර බදු මුදල් සහ දඩ මගින්. ඕනෑම රටක දඩ සහ ගාස්‌තු ඒ රටේ ජනතාවගේ ආදායම සමඟ එකට ගමන් කරන්න ඕනේ. සමහර වාහන දඩ ගෙවන්න රියෑදුරකුගේ මාසික වැටුපත් මදි. ආණ්‌ඩුවට ආදායම් නැති නිසා ජනතාවගෙන් දඩ අයකරගෙන ඒ අඩුපාඩු පියවාගන්න හදනවා. දඩ සහ බදු මිසක්‌ මේ අය ආර්ථිකය දියුණු කරන්න වෙන මොනවද කළේ. මම ආර්ථිකය 7% ක වර්ධන වේගයකින් ඉහළට අරගෙන ගියා. මම මැතිවරණ සඳහා හැමදාම කලින්ම ගියා. ආර්ථික අර්බුදයක්‌ නිසා නෙමෙයි මම කලින් ඡන්දය තිබ්බේ. ඒ මගේ හැටි. මම උතුරු පළාතේ ඡන්දය තිබ්බේ. මම පරාජය වෙන බව දැන දැන යෑයි මෙහිදී කර්තෘවරුන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින් හිටපු ජනාධිපතිවරයා පැවසීය.

මහාචාර්ය එල්. පීරිස්‌, මහින්දානන්ද අලුත්ගමගේ, කෙහෙළිය රඹුqක්‌වැල්ල යන මහත්වරුද මේ අවස්‌ථාව සඳහා සහභාගි සිටියහ.

වසර දෙදාහක බෞද්ධ නටඹුන් නසා ලියෑවෙන නැගෙනහිර අමුතු ඉතිහාස කතාව

වසර දෙදාහක බෞද්ධ නටඹුන් නසා ලියෑවෙන
නැගෙනහිර අමුතු ඉතිහාස කතාව
සොහොන මුස්‌ලිම් ආගමික නායකයකුගෙලු…
අවුරුදු දෙසීයක්‌ පරණයිලු..
සොහොනක්‌ තියනවග කියන්නෙ
වතුසුදු මල්ගස්‌ දෙකක්‌ නිසාලු…

වට්‌ටමඩු ප්‍රදේශයේ වසර දෙසීයක්‌ පැරණි මුස්‌ලිම් ජාතිකයෙක්‌ගේ සොහොන් තිබෙනවා. එතන අපේ ගල් කණුත් තිබෙනවා. දැන් එතන පල්ලියකුත් හදලා අලුත් ගම්මානයක්‌ හදන්න යනවා.” අයෙක්‌ මට කීවේය. අසන්නට ලැබුණු තොරතුරු කුහුල දනවන සුළුය. මම මා ප්‍රිය මිතුරු සමන් සමග ඒ සොහොන සොයා ගියෙමි.

අක්‌කරපත්තුව නගරයට පිවිසි අපි සාගම පොතුවිල් මාර්ගයේ ඉදිරියට ගියෙමු. ඩෝසර් කර බිමට සමතලා කරන ලද මොට්‌ටයාගොල ඉපැරණි පුද බිමද පසු විය. දෙපස කෙත්වතුය. ප්‍රධාන මාර්ගයෙන් වනපෙත දෙසට යනවිට සාගම වැව හමුවේ. වාහනයකට තබා පාපැදියකටවත් යාමට අපහසු මෙම මාර්ගයේ ගමන අතිශය දුෂ්කර විනි.

”මේ තියෙන්නේ මෙතන දාගැබක්‌. අර පේන තැනත් දාගැබක්‌, අර තියෙන්නේ ගල් කණු. අන්න අර හරියේ කවදාවත් හිෙ`දන්නේ නැති ක`ඵ දිය පොකුණක්‌ තිබෙනවා.” සමන් අවට වූ නටබුන් ගොඩැලි පෙන්වමින් යතුරුපැදිය පැදෙව්වේය. දෙපස පාළුය. තවත් දුර යනවිට හමුවන්නේ කලෙක කුඹුරු වගා කර අත් හරින ලද ඉඩම්ය. තැන් තැන්වල පෙර දිනයේ අලින් දැමු අලි වසුරුය.

”හැන්දෑවෙනකම් හිටියොත් අලි එනවා. සමහර වෙලාවේ දවල්ටත් අලි එනවා.” සමන් යළිත් හ`ඩ අවදි කළේය. ල`දු කැලෑවන් සහ ක`දු වැටි අතරින් හතර අතට වැලි පාරවල් පෙනේ. අප මහා මාර්ගයේ සිට මිනිස්‌ පු`ඵටක්‌ නැති අතුමග දිගේ කිලෝ මීටර් හත අටක්‌ පමණ පැමිණ තිබිණි. අප සොයා යන්නේ වසර දෙසීයක්‌ පැරණි ශ්‍රී ලාංකික මුස්‌ලිම්වරයකුගේ සොහොනකි. එම හැ`ගීම අප තුළත් යම් කුතුහලයක්‌ දනවයි. මේ අප සමග සියවස්‌ කාලයක්‌ එකට ජීවිතය බෙදාගත් මිනිසුන්ගේ සාධකනම් එය කොපමණ අසිරියක්‌ ද?.

අවසානයේ වසර දෙසීයක්‌ පැරණි යෑයි කියන සොහොන හමු විය. එය තිරුක්‌කෝවිල් ප්‍රාදේශිය ලේකම් කොට්‌ඨාසයේ ආරච්චිකට්‌ටුව ප්‍රදේශයේ පිහිටා තිබුණි. දෙපස ඉපැරණි ගල් කණු දෙකකි. එය යාකොට සිමෙන්ති ගඩොලින් බ`දින ලද සොහොන් ගැබ යෑයි කියන ස්‌ථානයට ඉහළින් කොළ පැහැති රෙදි හා කොඩි වැල් ඇද තිබිණි. ඉදිකිරීම හතර අත නිවීගිය හ`දුන්කුරු කොටස්‌ තිබුණි. සොහොන් කොත යෑයි කියනා ඉදිකිරීමේ සිමෙන්ති වලින් වට කළ කොටසේ එක්‌ පසෙක වතු සුද්ද පඳුරු කිහිපයක්‌ විය. අඩි 10ක්‌ 12ක්‌ උසට වන්නට සැකසු ස්‌මාරකයක්‌ද පසෙකින් තිබිණි. තහඩු ගසා ලෑලිවලින් මෑතකදි කරන ලද පල්ලියක්‌ද එම භුමියේ වූයේය.

සියල්ල පැහැදිලිය. මේ පවතින්නේ අනුරාධපුර යුගය තෙක්‌ දිවෙන පුරාණ ආරාමික නටබුන්වලින් උගුල්වාගත් ගල් කණු ය. මේ බෞද්ධ ආරාමික නටබුන් උගුලුවා ඒ ආශ්‍රයෙන් ඉදිවෙමින් ඇති මුස්‌ලිම් පල්ලිය බොහෝ අසුබ ඵල අනාගතයට ගෙන එනු ඇතැයි සිතේ. මේ රටේ පැවැත්ම සහතික වන්නේ එකිනෙකා එකිනෙකාගේ සංස්‌කෘතියට එහි හරයන්ට ගරු කිරීමෙන් පමණි. එහෙත් මේ මුස්‌ලිම් සහෝදරවරු මහා ව්‍යසනයක්‌ අපේක්‌ෂාවෙන් අශ්ලීල ප්‍රවේශයකට එළඹ සිටිති. කූරගලට සිදුවූයේත් මෙයමය. මේ පුංචි විඥානයක්‌ සහිත පරිණත නොවූ මිනිසුන් නැගෙනහිර බොදු උරුමය විනාශ කිරීමටත් එම උරුම සංකේත මුස්‌ලිම්කරණය කරගෙන අර්ථ දක්‌වන්නටත් කළ උත්සාහයේ මුල්ම අවස්‌ථාව මෙය නොවේ. පවතින රජය මෙවැනි සංස්‌කෘතික ව්‍යසනයන් නැවැත්වීමට නෛතික පදනම ශක්‌තිමත් නොකරන්නේනම්, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මේ ව්‍යසනයට ශාස්‌ත්‍රීයව මැදිහත් වී මේ බිම ස`දහා අර්ථකථනයක්‌ නොදෙන්නේනම් එය අවසන් විය හැකි ෙ€දවාචකයේ තරම අපට දැන් වැටහෙන්නේය.

මෙතැන ඇත්තේ මුස්‌ලිම් ජාතික ශුද්ධවරයකුගේ සොහොනක්‌ නම් එය පුරාවිද්‍යාත්මකව සිදුකළ යුතු වටිනා සොයාගැනීමකි. අවට පුද්ගලයන් පවසන්නේ මුස්‌ලිම් ආගමික නායකයෙක්‌ ලෙස හ`දුන්වන බාවා නමැති පූජකවරයාගේ සොහොන මෙය බවය. එහෙත් අපට පෙනෙන්නේ අඩුම තරමින් වසර දහසක්‌ පැරණි ආරාමික නටබුන් විතැන් වීමක්‌ය.

මෙම ස්‌ථානයට මීටර් දෙතුන් සියයකට එපිටින් වන වදුලෙන් වටව ගල් තලාවක පොතාන ඉපැරණි පුදබිම ඇත්තේය. එම ක`දු පර්වතය මත සාහසිකයන් විසින් විනාශ කරන ලද ඉපැරණි දාගාරී ගොඩැල්ලක්‌ය. වන පෙතට කිලෝ මීටර කිහිපයක්‌ ඔබ්බෙන් ඇත්තේ මාන්තොට්‌ටම ප්‍රදේශයය. එක්‌ පසෙක එදා කොටින්ගේ පරාදීසයක්‌වූ කංචිකුඩිආරු වනපෙතය. පෙනෙන මානයේ තැන් තැන්වල ගල්කණු සහ පියගැට පෙළවල සලකුණුය. අතීත බෞද්ධ උරුමයේ සාධක විනා වසර දෙසීයකට එපිට මිය ගිය මුසල්මානු ශුද්ධවරයෙකුගේ සොහොනක්‌ පිළිබ`ද සාධනීය තොරතුරු අපට පෙනෙන්නේ නැත.
අප එන අතරමග සාගම ප්‍රදේශයේදී හමුවූ අක්‌කරපත්තුව පදිංචි එම්. එච්. එම්. මොහොමඩ් මේ ස්‌ථානය ගැන කී කතාව සිහිවේ.

”මම කුඩා කාලයේ ඔතනට ගිහිල්ලා තියෙනවා. එතන සොහොන් ගැබක්‌ තිබිලා තියෙනවා. ඒ සොහොන් ගැබ තිබෙන්නේ පල්ලියට අයිති භූමියේ. එතන පූජක කෙනෙක්‌ ඉ`දලා තියෙනවා. එයාගේ සොහොන තමයි ඒ.” මොහොමඩ්ගේ කතාව කුහුල දැනවීය.

මෙම ස්‌මාරක සහිත ප්‍රදේශයට මදක්‌ ඔබ්බෙන් කූඹුරක සී සාමින් සිටි දමිළ වැසියන් කිහිප දෙනෙකු අපට තොරතුරු කියන්නට ඉදිරිපත් වූහ.
 

මුලින්ම කතා කළේ අක්‌කරපත්තුව පදිංචි ඉලේතම්බි රාඡේන්ද්‍රන්ය.

”ඔය ඉඩමේ හිමිකරු වන්නේ නාවුර්තම්බි ඕඩාර් කියන පුද්ගලයා. එයාගේ ඉඩමෙන් කොටසක්‌ තමයි එයා පල්ලිය ගහන්න ඉඩදිලා තියෙන්නේ. අක්‌කරපත්තුව වෙළෝද සංගමයෙන් තමයි ඔතන පල්ලිය හදන්නේ. ඔතන මැරිච්ච පූජක කෙනෙක්‌ගේ අවුරුදු 200 ක්‌ පැරණි සමාධියක්‌ කියලයි එයාලා කියන්නේ. එතන වතු සුද්ද මල් ගස්‌ වගයක්‌ තියෙනවා. ඒවායේ මල් පිපෙනවා. ඒක නිසා එයාලා හිතෙනවා එතෙන සොහොනක්‌ තියෙනවා කියලා. බාවා නමින් හ`දුන්වන මුස්‌ලිම් පූජකයෙක්‌ගේ කියලයි එයාලා කියන්නේ. වසර 04ක්‌ ඉ`දන් තමයි එතන සොහොනක්‌ හදලා තියෙන්නේ. ඒ අය විටින් විට ඇවිත් පූජා පවත්වලා යනවා. වසර 10ක පහලොවක කාලයේ සිට එතන ගල් කණු වැටිලා තිබ්බා. මේ අය ඒක කෙළින් කරලා ඉන්දලා තියෙනවා. අපි හිතෙන්නේ ඒ ගල් කණු මෙතන තියෙන පොතාන හරියේ පරණ පන්සලේ කියලයි.”

අනතුරුව අපට කතා කළේ ආලයඩිවෙම්බු එන්.රඝූපතිය.

”සිකුරාදට මෙතන තියෙන පල්ලියේ ජූජාවන් තියෙනවා. එතෙනට කිලෝ මීටර් 07ක්‌ 08ක්‌ දුර ඉ`දන් කට්‌ටිය එනවා. මුස්‌ලිම් ගම්මානයක්‌ එතන කලින් තිබ්බේ නැහැ. එතන කැලෑව තිබ්බේ. මේ අය එවා එළි කරලා තියෙනවා. මම අවුරුදු 10 ඉ`දන් තමයි මෙහි ආවේ. නමුත් ඉස්‌සර මෙතන මුස්‌ලිම් ගම්මානයක්‌ තිබ්බේ නැහැ. මේ ඉඩම් වගා කරන්න ගත්තේ පන්නල්ගම වැව හැදුවට පස්‌සේ.” යනුවෙන් රඝූපති කීවේය.

අක්‌කරපත්තුව සිංහල සංවිධානයේ ලේකම් එච්. සමන් කිවේ මෙවැනි කථාවකි.

”මම වසර 45ක්‌ තිස්‌සේ ජීවත් වුණේ අක්‌කරපත්තුවේ. ඔය සුසාන භූමියක්‌ කියන ස්‌ථානය වන සංරක්‌ෂණ දෙපාර්තමේන්තුවෙන් වන වගාවට වෙන් කළ එකක්‌. අපි තිරුක්‌කෝවිල් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් මෙම ප්‍රදේශයේ ඉඩම් පිsළිබ`ද සොයා බැලුවා. ඒවාට නිසි බලපත්‍ර ඔප්පු නැහැ. තියෙන්නේ පොටෝ කොපි කොළ. මෙම ප්‍රදේශයේ අඩියෙන් අඩිය තියෙන්නේ බෞද්ධ උරුමය. ඒවා දිනෙන් දින විනාශ කරනවා. මහා රෑ බැකෝa යන්ත්‍ර ක`දු වලට පවා නංවලා ඉපැරණි දාගැබ් වල හාරලා තියෙනවා. මම මෙවැනි ස්‌ථානයන් සොයා ගෙන පුරා විද්‍යා නිලධාරීන් පවා රැගෙන ගොස්‌ පෙන්නලා තියෙනවා. කොටි ත්‍රස්‌තවාදීන් සිටින සමයේ මේ ආකාරයෙන් පුරා වස්‌තු වලට හානි වුණේ නැහැ. තව්පික්‌ ජමාඩ් සංවිධානයේ තමයි එතන අ`ඵතින් පල්ලිය හදන්න කටයුතු කරන්නේ. මොට්‌ටයාගල දාගැබ මු`ඵමනින්ම බිමට සමතලා කළා. තිරුක්‌කෝවිල් දාගැබ දෙප`ඵ කළා. ඒක හදනවා කියලා ලක්‌ෂ 10ක්‌ වෙන් කළත් ඒ වැඩත් අතර මග නතර වෙලා. දිනෙන් දිනම මේ ආකාරයෙන් අම්පාර දිස්‌ත්‍රික්‌කයේ පුරා වස්‌තු විනාශ කරමින් නව ඉතිහාසයක්‌ බිහි කරන්නට යනවා. කරුණාකරලා මේ ගැන අවධානය යොමු කරන්න. මේ සිද්ධ වෙන්නෙ මේ රටේ සාමාන්‍ය මුස්‌ලිම් සහෝදරයන්ට අවශ්‍ය දේ නොවන වග අප කියන්න ඕනි.”

දිගාම`ඩුල්ල බෞද්ධ උරුමයන් රකින්නට මහත් වෙහෙසක්‌ ගන්නා අරන්තලා ජත්‍යන්තර බෞද්ධ මධ්‍යස්‌ථානාධිපති, අම්පාර විද්‍යානන්ද පරිවෙණාධිපති ශාස්‌ත්‍රපති පූජ්‍ය කිරිඳිවෙල සෝමරතන නාහිමියෝ මේ විපරිතය පිළිබ`ද අදහස්‌ පළ කළ අයුරු සිහිවේ.

දිනෙන් දිනම නැගෙනහිර ඉපැරණි බෞද්ධ උරුමය විනාශ වෙමින් තිබෙනවා. අපේ ඉපැරණි දාගැබ් ඩෝසර් වලින් බිමට සමතලා කරනවා. දාගැබක්‌ හොයා ගන්න බැරි විදිහට බිමට සමතලා කරලා දානවා. මහනාග රාජ සමයේ සෙල් ලිපි පවා තිබෙන අතීතයේ රුහුණට සම්බන්ධයෑයි තොරතුරු රැසක්‌ ආනාවරණය වන මොට්‌ටයාගල ඉපැරණි පුදබිමේ දාගැබ බිමට සමතලා කළා, තිරික්‌කෝවිල් දාගැබ ඩෝසරයක්‌ දාලා දෙපලු කළා. පුරා විද්‍යා එකෙන් නැවතත් තිබුණු තත්වයට හදනවා කියලා පටන් ගත්තා. ඒ වැඩ සති දෙක තුනකින් ඉවරයි. සාගම විශාල දාගැබක්‌ මේ ආකාරට නිධන් හාරන්න විනාශ කරලා තිබ්බා. අපි මේවාට විරුද්ධව දිගින් දිගටම හ`ඩ නගනවා. නමුත් මේවා රැක ගන්න නිසි වැඩ පිළිවෙලක්‌ නැහැ. වසර දෙසීයක්‌ පරණ මුස්‌ලිම් ජාතිකයකු සොහොන් ගැබක්‌ ඔතන තියෙන්න නම් 1816 දී එතන මුස්‌ලිම් ජනවාසයක්‌ තිබෙන්න ඕන. ඒ දවස්‌වල එතන තිබ්බේ ඝන කැලෑව. වසර දහස්‌ ගණනකට පෙර එම ප්‍රදේශය පුරාම තිබ්බේ සිංහල බෞද්ධ ජනවාස.”

”ඔය ප්‍රදේශය ඇතුළුව නැගෙනහිර ප්‍රදේශය පුරාම සෑම තැනම ගව්වෙන් ගව්ව විසිරී තිබෙන්නේ අපේ බෞද්ධ උරුමය. කොච්චර විනාශ කළත් අදටත් එම ප්‍රදේශයට යන අයෙකුට තවමත් ඒ අතීත උරුමයන් දකින්නට හැකියි. කොච්චර ගල් බෝර ගැසුවත්, කු`ඵ ගෙඩි පහරවල් ගැසුවත් තවමත් ඒ අතීත උරුමය අපේ වාසනාවට මෙන් විනාශ කරන්න බැරි වෙලා තියෙනවා. ක`ඵ ගලෙන් ජීවමාන බුදුරුව නිර්මාණය කළේ බෞද්ධ කලා කරුවන්, අපේ ඉපැරණි පුද බිමක්‌ ආසන්නයේ තිබෙන ගල් කණු උපයෝගි කොට ගනිමින් වසර 200 ක්‌ පැරණි මුස්‌ලිම් ජාතිකයෙකුගේ පුදබිමක්‌ තිබෙන බව කියනවා. මේ හැසිරීම කනගාටුදායකය. මෙම ස්‌ථානයේ ගල් කණු පිටතින් රැගෙනා ආ ඒවාද? එසේ නොමැති නම් මෙම ගල් කණු එම ස්‌ථානයේ තිබුණු අපේ උරුමයන්ද? සැබවින්ම මෙම ස්‌ථානයේ වසර 200ක්‌ පරණ මුස්‌ලිම් ආගමික නායකයෙකුගේ මළ සිරුරක්‌ තිබෙනවාද? එසේ තිබෙන්නේ නම් කොපමණ කාලයක්‌ පැරණී සිරුරක්‌ද කියා අපි පුරා විද්‍යා දෙපාර්තමේන්තුවෙන් පරීක්‌ෂණයක්‌ ආරම්භ කරන්න කියලා අපි ඉල්ලා සිටිනවා. අන්තවාදි කොටස්‌ ඉතා සූක්‌ෂම ආකාරයෙන් පුරා විද්‍යා උරුමයන් විනාශ කරන්න කටයුතු කරනවා. මේවන විට ඒ තත්වය උපරිම මට්‌ටමින් සිදුවෙමින් පවතිනවා.” සෝමරතන හිමියෝ කීහ.

කිසිදු ඓතිහාසික සාක්‌ෂියක්‌ නොමැතිව මල් තිබෙන නිසා මුස්‌ලිම් අයෙකුගේ සුසානයක්‌ ඇතැයි කියන්නේ නම් පේරාදෙණිය මල් වත්තත් සොහොන් බිමකි. මල් වැවී ඇත්තේ සිමෙන්ති ගඩොලින් මැදි කොට ඇති ස්‌ථානයේ කොටසකය. එය බැලූ බැල්මට මෑතකදී සිටුවන ලද්දක්‌ බව පෙනෙන්නේය. වෙළ`දාමට ශූර මුස්‌ලිම් ජාතිකයන් ශෛලමය නිර්මාණ සහිත කලාකෘති කළ බවට ඓතිහාසික සාක්‌ෂි නොවේ. වසර දෙසීයක්‌ පමණ පැරණිබවට ඔවුන් පෙන්වන ගල් කණුද වසර සිය දහස්‌ ගණනක පැරණි නිර්මාණයන් බව පෙනේ. මේ ආක්‍රමණයේ අල-ජී ස්‌වරූපය තේරුම් ගැනීම පහසුය.

වැඩිවන මුස්‌ලිම් ජනගහණයට ඉඩම් සොයා ගැනීම ස`දහා භාවිත වන ඉතා ප්‍රාථමික හා අසංස්‌කෘතික ක්‍රමය මෙයය. මුලින්ම කුඩා පල්ලියකි. අනතුරුව ඒ අවට ඉදිවන ගම්මානයකි. ලිපි ලේඛන ව්‍යාජය. මේ ආකාරයෙන් ව්‍යාජ ලිපි ලේඛන සපයමින් මේ වන විටත් අම්පාරේ නිත්ත හෙලගම්පුර සහ සීනි සමාගම විසින් ගොවීන්ට බෙදා දුන් උක්‌ ඉඩම්ද ජනපද වෙමින් ඇති අයුරු කාටවත් පෙනෙන්නේ නැත.

මේ නොදියුණු මිනිස්‌සුන්ට රටේ පවතිsන නීති ගැන කිසි තැකීමක්‌ නැත. තණ භූමියක්‌ ලෙස වට්‌ට මඩුවේ පැවැති ඉඩම් ඔවුහු අනවසරයෙන් වගා කළහ. වගා කටයුතු තහනම් කරන ලද්දේ බරපතළ විරෝධතා පැන නැගි පසුය. නමුත් මීට දින කිහිපයකට ඉහතදී මේ පිරිස්‌ අක්‌කරපත්තුවේදී මාධ්‍ය සාකච්ඡාවක්‌ පැවැත්වූහ. ඔවුන් පවසා සිටියේ තමන් ඉදිරියේදී බලයෙන් හෝ එම ඉඩම් වල වගා කටයුතු කරන බවය.

මේ මිනිසුන්ට නඩු නැතිවූයේ කෙසේ ද?. මුස්‌ලිම් ඇමතිවරු විල්පත්තුව වනසති. ඔවුන්ව ආදර්ශකොටගත් පිරිස්‌ රටේ නීතිය උල්ලංඝණය කරමින් ඉඩම් අත්පත් කරගනිති. පුරාවස්‌තු වනසති. අලුත් ඉතිහාසයක්‌ නිර්මාණය කරන්නට තනති. මේ අසංස්‌කෘතික සංහාරය ශිෂ්ට සම්පන්න මුසල්මානුවෙක්‌වත් ඉවසන්නේ නැත. එහෙත් අපේ ”ජාත්‍යන්තරවාදී ශිෂ්ටත්වය” අපව නපුංසකයන් කර ඇති අයුරු සිත් පාරවයි.

සුසන්ත අමරබන්දු

රටවල් දෙකක්‌ අපිට ඕනෑ විග්නේෂ්වරන් රජයෙන් ඉල්ලයි

රටවල් දෙකක්‌ අපිට ඕනෑ
විග්නේෂ්වරන් රජයෙන් ඉල්ලයි

කීර්ති වර්ණකුලසූරිය

ශ්‍රී ලංකාව තුළ රාජ්‍ය දෙකක්‌ පිහිටුවන ලෙස උතුරු මහ ඇමැති සී. විග්නේශ්වරන් රජයට යෝජනා කර ඇත. උතුරු නැගෙනහිර සඳහා එක්‌ රාජ්‍යයක්‌ හා අනිකුත් පළාත් හත සඳහා තවත් රාජ්‍යයක්‌ ද ස්‌ථාපිත කරන ලෙස ඔහු දන්වා තිබේ.

එසේම මුස්‌ලිම් ජනතාව වෙසෙන නැගෙනහිර ප්‍රදේශ හා උඩරට වතු ජනතාව ජීවත්වන ප්‍රදේශ ස්‌වාධීන ප්‍රදේශ (Aමඑදබදපදමි) ලෙස නම් කළ යුතු බවද විග්නේශ්වරන් රජයට යෝජනා කර ඇත. මේ යෝජනා විග්නේශ්වරන් විසින් ද්‍රවිඩ සන්ධාන නායක ආර්. සම්බන්ධන්ට බාරදී තිබේ.

එසේම උතුරු නැගෙනහිර වෙනම රටක්‌ විය යුතු බවද විග්නේශ්වරන් සිය යෝජනාවලියේ සඳහන් කර ඇත. මේ හැර උතුරු නැගෙනහිර සියලුම පරිපාලන ලියවිලි ද්‍රවිඩ භාෂාවෙන් සකස්‌ කළ යුතු බවත් පොලිස්‌ බලතලද ලබාදිය යුතු බවත් එම යෝජනාවලියේ දක්‌වා තිබේ.

බෝගස්‌වැව ගමේ රණවිරු සරණාගතයෝ…

බෝගස්‌වැව ගමේ රණවිරු සරණාගතයෝ…

බඩදරු අම්මලාට මහ මඟ දරුවො හම්බ වෙනවා. සමහර ලෙඩ්ඩු මග මැරෙනවා.

අපි සිංහල කියලා දෙමළ ගම්වල මිනිස්‌සු කුලියක්‌ කරන්නවත් දෙන්නේ නෑ. ලෙඩක්‌ දුකක්‌ හැදිලා බෙහෙත් ටිකක්‌ ගන්න බෝගස්‌වැව, මාමඩුව, වව්නියාව රෝහල්වලට ගියහම අපිව කොන් කරනවා. අනේ හාමුදුරුවනේ අපිට කන්න නෑ. බොන්න නෑ. අපේ බඩ ඇකිලිලා. වතුර බිව්වොත් බඩ දැවිල්ල ගන්නවා. බෝගස්‌වැව ගමේ විතරක්‌ වකුගඩු රෝගීන් විසි හත්දෙනෙක්‌ ඉන්නවා. පිළිකා රෝගීන් ඉන්නවා. ගමේ හැමෝටම හතිය. රෑකට ලෙඩක්‌ දුකක්‌ හැදුණහම යන්න පාරක්‌ නෑ. බඩදරු අම්මලාට මහ මඟ දරුවො හම්බ වෙනවා. සමහර ලෙඩ්ඩු මග මැරෙනවා.

සේපාලිකා අම්මා හාමතේ හඬ වැළපෙන අයුරු…

විඳින අපට නම් සුන්දර සැඳෑවකි. එහෙත් ඔවුන්ට කෙසේ දැයි අපි නොදනිමු. සඳ එළියෙන් බැබළෙන තුරුලතා අතරින් ප්‍රාදූර්භූත වන ගුප්ත, මූසල බව නෙත ගැටෙන මුහුණු පුරා ද විසිරී ඇත. සඳ කිරණ වැටුණු ලොකු කුඩා කිසිදු මුහුණක එළියක්‌ නම් නැත. මතුව එන්නේ අවිනිශ්චිත බියමය. සතුරු බිය… රෝග බිය… ගමන් අපහසුතා… අධ්‍යාපනය, සෞඛ්‍යය මෙන්ම ආර්ථීක අතින් ද බෝගස්‌වැව ප්‍රදේශවාසීන් අගාධයේ පතුලටම කි¹ බැස ඇත. කතාබහ කළ සෑම ගම්වැසියෙක්‌ම ඒ බව අපට කීවේ හැඬූ කඳුළින්ය.

‘අපි මේ ඉඩම්වල පදිංචියට ඇවිත් අවුරුදු හතරක්‌ වෙනවා. වගා කරන්නයි, ජීවත් වෙන්නයි කියලා ඉඩම් අක්‌කරයක්‌ දීලා තියෙනවා. ඒත් මහත්තයො වගා කරන්න සල්ලි ඕන. අපි ළඟ සල්ලි නෑ. එහෙම ලොකු සල්ලියක්‌ තිබුණා නම් මේ කැලේට වෙලා මෙහෙම දුක්‌විඳින්නේ නෑ…’ බෝගස්‌වැව පදිංචිකරුවකු වන සමන් කතාවට ආරම්භයක්‌ ලබාදුන්නේය.

යුද්ධයෙන් මියෑදුණු කොටි ත්‍රස්‌තවාදීන්ට කරන උපහාරයක්‌ ලෙස ප්‍රභාකරන් ඔවුන්ගේ පවුල් මහා වීර පවුල් ලෙස නම් කළේය. එල්.ටී.ටී.ඊ. ය විසින් මහා වීර පවුල් පමණක්‌ පදිංචි කරවීමට ගම්මාන ඇති කළේය. උතුර, නැගෙනහිර ත්‍රස්‌තවාදයෙන් නිදහස්‌ කර ගත් පසු අපේ හමුදාව ද යුද්ධයෙන් මියෑදුණු හමුදා සමාජිකයන්ගේ පවුල් සිංහල මහා වීර පවුල් ලෙස නම් කර බෝගස්‌වැව ප්‍රදේශයේ පදිංචි කළේය. උතුර, නැගෙනහිර යා කරන පිවිසුම් දොරටුව වන බෝගස්‌වැව ප්‍රදේශයේ ඇති කළ මේ සිංහල මහා වීර ගම්මාන නැවත යුද්ධයක්‌ ඇති නොවෙන්නට දැමූ බැරියර් එකක්‌ ලෙස ද පෙන්වාදිය හැකිය. එක පෙළට ගම්මාන පහකි. බෝගස්‌වැව 1, 2 නාමල්ගම, සැලළිහිණිගම සහ නන්දිමිත්‍ර ගමය. බෝගස්‌වැවෙන් ආරම්භ වී නන්දමිත්‍ර ගමෙන් අවසාන වන මෙම නිවාස ව්‍යාපෘතියට යටත්ව භූමි ප්‍රමාණය අක්‌කර තුන්දහසකට වැඩිය.

ආරක්‍ෂක අංශවල සැලසුම වී තිබුණේ බෝගස්‌වැව නැවත පදිංචි කිරීමේ ව්‍යාපෘතිය යටතේ මේ ගම්මානවල සිංහල පවුල් හාරදහසක්‌ පදිංචි කරවීමය. අංග සම්පූර්ණ පාසලක්‌, සෑම ගමකටම පන්සලක්‌, ජලය, විදුලිය, සෞඛ්‍යය, මාර්ග පහසුකම් ආදියෙන් ඉතාමත්ම දියුණු ප්‍රදේශයක්‌ ලෙස නඟාසිටුවීමට පිඹුරුපත් ද සැකසී තිබිණි. පැවති රාජපක්‍ෂ ආණ්‌ඩුව සමයේ බෝගස්‌වැව නැවත පදිංචි කිරීමේ ව්‍යපෘතිය ආරම්භ කරමින් එහි පළමු අදියර ලෙස නිවාස දහසක්‌ ඉදිකර සිංහල මහා වීර පවුල් දහසක්‌ පදිංචි කරවීය. උතුරෙන්, දකුණින්, වයඹින්, බස්‌නාහිරින් ලංකාවේ හතර දිග්භාගයේම රණවිරු පවුල් මේ ගම්මානවලට පැමිණ පදිංචි වී සිටිති. සෑම නිවසකටම විදුලිය, ජලය, ගම්මාන හරහා වැටුණු පුළුල් මාර්ගයේ වැඩ ද පටන්ගෙන ලහි, ලහියේ කරගෙන ගියේය. එහෙත් ආණ්‌ඩුව වෙනස්‌වීමත් සමග බෝගස්‌වැව නිවාස ව්‍යාපෘතිය එකතැන නතර වීය. ගමට ලබාදෙන වතුර කැපිණි. පරාක්‍රමපුර සිට කිලෝ මීටර් විසි පහක්‌ යන තෙක්‌ තාර නොවැටුණු වැලි පාර වල්වැදී ගියේය.

කාෂ්ටක පොළවෙන් මතු වන දූවිල්ලට දැන් ඒ මඟෙහි ගමන් කිරීම ද අසීරුය. දූවිලිs බැඳුණු මග දෙපස තුරුලතා පාණ්‌ඩු පැහැයෙන් ලෙළ දෙන්නාහ. වාහනයක ගමන් කළ ද අප ඇඳ සිටි ඇඳුම් දූවිලි වර්ෂාවට අවර්ණ විය.

දූවිලි බැඳුණු හිස කෙස්‌ විදුලි එළියට අමුතුම පැහැයකින් දිස්‌න දුන්නේය. නාස්‌ පුඩු අතරින් ඇතුළු වන දූවිලි සැර ඉහ මොළ රත් කරන්නට විය. සැඳෑ අඳුර ගලන ගොම්මනේදීවත් මඟ වසා ගත් දූවිල්ල අපට දරාගත නොහැකි විය.

‘මේ පාරෙ බස්‌ එකක්‌ යන්නේ දවසට දෙතුන් වතාවයි. ගොඩක්‌ම අපි ගමන් බිමන් යන්නේ පයින්…’ දිවි මගෙහි කටුක බව කියන සමන්ගේ කතාවට ගමේ කාන්තාවක්‌ ද එකතු විය. ඇය සුමනාවතී ය. මේ දිනවල පවතින අධික රස්‌නයත් සමඟ අව් කාෂ්ටකයේ දූවිලි වලාවන්ට මැදි වූ මඟෙහි ගමන් කරන විට දැනෙන කටුක බව සුමනාවතී අම්මාගේ බොඳවන දෑස්‌වලින් අපට පෙනේ.

‘අපේ දරුවන්ගේ ඔලුවල ගෙඩි. පෙනහලුවල දූවිලි බැඳිලා. පාරේ යන සමහර වෙලාවට හුස්‌ම ගන්න බෑ කියලා දරුවො අඬනවා…’ ඇයගේ වචන පැටලිණි. ඉකි බිඳුම වේගවත් විය.

‘මේ බලන්න මහත්තයො මේ කිරි සප්පයා ඉපදෙනකොටම හදවතේ ආබාධයක්‌…’ සුමනාවතී අම්මා තවත් මවක්‌ පපුවට තුරුලු කරගෙන සිටි කිරි කැටි බිලින්ඳියක්‌ අපට පෙන්නුවාය.

රෝස මලක්‌ වැනිය. කිරි කැටි දියණිය මවගේ පපුවට තුරුලු වී සුව නින්දකය.

‘දුවට මොකද වෙලා තියෙන්නේ…’ දරු පැටියා තුරුලු කරගෙන සිටි අම්මට අපි කතා කළෙමු. ඇය අචලාය.

‘දුව ඉපදුණේ පහුගිය ජනවාරි 29 වැනිදා. එයා ඉපදෙනකොට පෙනහලුවල ආබාධයක්‌ තියෙනවා කියලා වෛද්‍යවරු කිව්වා. පස්‌සේ කොළඹ රිඡ්වේ රෝහලේදී දුවව ඔපරේෂන් කළා. වෛද්‍යවරු කියපු විදිහට ඔපරේෂන් එක සාර්ථකයි. ඒත් හොඳට පරිස්‌සම් කරන්න කියලා වෛද්‍යවරු කිව්වා. අපේ ගේ මැටි. පොළොවට සිමෙන්තිවත් දාලා නෑ. ඒ මදිවට පාරේ දූවිල්ල ගෙට එනවා. දුවව පරිස්‌සම් කරගන්න එක අපිට ලොකු ප්‍රශ්නයක්‌ වෙලා. දුවට බෙහෙත් ගන්න අද උදේ වව්නියා ඉස්‌පිරිතාලෙට ගියහම හවස්‌ වෙනකම් තියාගෙන හෙට දවසේ බෙහෙත් ටික විතරයි දුන්නේ. ඉතුරු ටික ගන්න අනිද්දට එන්න කිව්වා. මගේ මහත්තයා කරන්නේ ලොතරැයි විකුණන රස්‌සාව. මේ දරුවගේ ප්‍රශ්නය නිසා මහත්තයා දැන් මාස දෙකකින් රස්‌සාවට ගියේ නෑ. අපිට තව ඉස්‌කෝලෙ යන දරුවො දෙන්නෙක්‌ ඉන්නවා…’

ඔයාල මෙහෙට පදිංචියට ආවේ කොහේ ඉඳලාද…? අපි ඇයගේ කතාවේ දිසාව වෙනස්‌ කළෙමු.

‘පොළොන්නරුවේ ඉඳලා…’ ඇයගෙන් කෙටි පිළිතුරකි.

ඇය සමඟ කතා කරමින් සිටින අතරේ පුංචි පුතෙක්‌ අප අසලට පැමිණීයේය. ඔහු සුරාඡ් දේශාන්ය. බෝගස්‌වැව විද්‍යාලයේ පහ වසර පන්තියේ අකුරු කරන දක්‍ෂ දරුවෙකි. ඔහු කියන විදිහට පන්තියේ ළමයින් හතළිස්‌ අටක්‌ අතරින් ඔහු හත්වැනියාය.

ඇයි පුතා තවම ඉස්‌කෝලෙ යුනිෙµdaම් එක පිටින්…?

‘ඉස්‌කෝලෙ ඇරිලා ගෙදරට ආපු ගමන් තමයි අම්ම එක්‌ක පන්සලට ආවේ…’

ඇයි අද පරක්‌කු වුණේ…? අපගේ පැනයට පිළිතුරු දෙනවා වෙනුවට ඔහු ඇඹරිණි. පිළිතුරක්‌ නැති පුංචි මුහුණ දෙස අපි බලා සිටිමු. මොකක්‌ හෝ ගැටලුවක්‌ තිබෙන බව අපට වැටහිණි.

‘පුතාට බස්‌ එකේ එන්න තිබුණු රුපියල් දහය ඉස්‌කෝලෙදී නැති වෙලා. පස්‌සෙ පුතා පයින්ම ගෙදර ඇවිත්. ඉස්‌කෝලේ ඉඳලා අපේ ගමට කිලෝ මීටර් දොළහක්‌ විතර තියෙනවා. ගෙදරට එනකොට හවස පහ විතර වුණා…’ පුංචි පුතා වෙනුවෙන් අපට උත්තර දුන්නේ ඔහුගේ මවය.

සුදු කමිසය පාණ්‌ඩු පාටය. මුහුණ මැළවී ගොස්‌ය. එහෙත් ඒ දරුවගේ පින් පාට සිනාව දැනුදු මට මැවී පෙනේ.

පුතාගේ තාත්තා අම්මා මොකද කරන්නේ…? අපි පුංචි පුතුට නැවතත් චූටි ප්‍රශ්නයක්‌ ඉදිරිපත් කෙළමු.

‘තාත්තා කුලී වැඩ. අම්මාගේ බඩේ ඔපරේෂන් එකක්‌ කරලා. ඒ නිසා අම්මට වැඩක්‌ කරන්න බෑ…’

‘පුතාට නංගිලා මල්ලිලා ඉන්නවාද…’

‘මල්ලි කෙනෙක්‌ ඉන්නවා. අනේ අංකල් අපේ අම්මට තවමත් හොඳ නෑ. අපිට අම්මාව හොඳ කරලා දෙන්න…’ ඒ සුරාඡ්ගේ අහිංසක ඉල්ලීමය.

සුරාඡ්ගේ පන්තියේ ළමයින් හතළිස්‌ අටකි. ළමයින්ට ඉඳ ගැනීමට අකුරු ලියන්නට ඩෙස්‌ බංකු ඇත්තේ පහළොවක්‌ පමණි. සුරාඡ් කියන විදිහට බෝගස්‌වැව විද්‍යාලයේ ඉගෙන ගන්න ළමයින් සංඛ්‍යාව හාරසිය ගානකි. එහෙත් මීට අවුරුද්දකට ඉහතදී එම පාසලේ ළමයින් අටසීයකට වැඩි ප්‍රමාණයක්‌ අධ්‍යාපන කටයුතුවල නියෑලුණු බව ලැබෙන ආරංචි මාර්ගය. මිනිසුන් ප්‍රදේශය අතහැර යැමත් සමඟ පාසලේ ළමයින් ප්‍රමාණය ශීඝ්‍රයෙන් අඩු වෙමින් පවතී.

‘ගොවිතැන් කටයුතු කරන්න වතුර දීලා තිබුණා. වගා කරන්න ණය පහසුකම් දුන්නා. මාසෙකට සැරයක්‌ වියළි ආහාර මල්ලක්‌ දුන්නා. අපිට තිබුණේ මහන්සි වෙලා වගා කරන්න. අපි වගා සංග්‍රමය පටන් ගත්තා. පලතුරු, එළවළු, ධාන්‍ය බෝග හැම දේම වගා කළා. මේක පින් පොළවක්‌ මහත්තයො. මයියොක්‌ක දණ්‌ඩක්‌ විසි කළත් පැළ වෙනවා. අපි වෑපිරු බීජවලින් අස්‌වැන්නත් ගත්තා. අටු කොටුත් පිරෙව්වා. මිනිස්‌සු රජයෙන් දීපු ගෙවල් දොරවල් ලොකු කරලා හදන්න පටන් ගත්තා. උතුරු වසන්තය යටතේ මේ ගම්වල හැම ගෙදරකටම ලයිට්‌ දුන්නා. පාරවල් හැදුණා. බලා හිටිද්දී ප්‍රදේශය දියුණු වුණා. මේ ආණ්‌ඩුව පත් වුණාට පස්‌සේ පාර හදන එක නතර වුණා. ඊට ටික දවසක්‌ යනකොට ගමට දුන්නු වතුර ටික නතර වුණා. වගා කරන්න විදිහක්‌ නැතිව ගියා. ඒ මදිවට වගා කරන්න දුන්නු ආධාර, වියළි ආහාර සහනාධාර සේරම නතර කළා. අපිට වෙච්ච අසාධාරණය මේ ප්‍රදේශයේ දේශපාලනඥයන්ට කිව්වහම කියනවා ‘උඹලාව මෙහෙට ගෙනත් දාපු උන්ට ගිහින් කියාපල්ලා’ කියලා. හරියට අපි අතපලAලෙන් වැටුණු ගානටයි කතා කරන්නේ. අපි එහෙම වෙන්න ඕන මිනිස්‌සු නෙමෙයි. යුද්දෙට දරුවො පූජා කළේ මෙහෙම දුක්‌විඳින්නත් නෙමෙයි. කොටින්ගෙන් වෙඩි කාගෙන උන් එක්‌කම හැපුණේ උපදින දරුවන්ට නිදහස්‌ රටක්‌ ඇති කරන්න. ඒත් දැන් අපිට වෙලා තියෙන්නේ හාමතේ මැරෙන්න. මේ ගම්වල ඉඳලා නගරයට දුරයි. ඒ නිසා නගරයට ගිහින් කඩේකවත් වැඩක්‌ පලක්‌ කරලා එන්න බෑ. අපි සිංහල කියලා දෙමළ ගම්වල මිනිස්‌සු කුලියක්‌ කරන්නවත් දෙන්නේ නෑ. ලෙඩක්‌ දුකක්‌ හැදිලා බෙහෙත් ටිකක්‌ ගන්න බෝගස්‌වැව, මාමඩුව, වව්නියාව රෝහල්වලට ගියහම අපිව කොන් කරනවා. අනේ හාමුදුරුවනේ අපිට කන්න නෑ. බොන්න නෑ. අපේ බඩ ඇකිලිලා. වතුර බිව්වොත් බඩ දැවිල්ල ගන්නවා. බෝගස්‌වැව ගමේ විතරක්‌ වකුගඩු රෝගීන් විසි හත්දෙනෙක්‌ ඉන්නවා. පිළිකා රෝගීන් ඉන්නවා. ගමේ හැමෝටම හතිය. රෑකට ලෙඩක්‌ දුකක්‌ හැදුණහම යන්න පාරක්‌ නෑ. බඩදරු අම්මලාට මහ මඟ දරුවො හම්බ වෙනවා. සමහර ලෙඩ්ඩු මග මැරෙනවා. අපි විඳින දුක රටට කියන්න මම වව්නියාවට ගිහින් බැනර් උස්‌සගෙන හිටියා. ඒ අහන්නේ නැති තැන පාර මැද නිදාගත්තා. ඒත් අපේ දුක බලන්න කවුරුවත් ආවේ නෑ. මේ ප්‍රදේශවල කිසිම මාධ්‍යවේදියෙක්‌ අපේ ප්‍රශ්න රටට කියන්නෙත් නෑ. අනේ හාමුදුරුවනේ අපිට පිහිට වෙන්න… අපි ජීවිතයේ හොඳටම දුක්‌විඳපු මිනිස්‌සු. අපිට තවත් දුක්‌ විඳින්න බෑ. අපේ දරුවන්ට ගොවිතැන් බතක්‌ කරගන්න ගමට දුන්නු වතුර ටික අරගෙන දෙන්න. මේවා අපිට කියාගන්න කෙනෙක්‌ නැතුවයි හිටියේ. මේ අඬනවා නෙමෙයි. පපු කැහුත්තේ තියෙන වේදනාවයි පිටවෙන්නේ…’ වියපත් මවගේ විලාපයත් සමග මුසු වූ උද්වේගකර ඒ වචන සැලළිsහිණිගම විහාර භූමියට රැස්‌ව සිටි සියලුම දෙනා හැඬෙව්වාය. සැබෑවටම ඒ කතාවට ඇඬෙන්නේය.

අපි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට, දිස්‌ත්‍රික්‌ ලේකම් කාර්යාලයට ගියහම කිසිම සැලකිල්ලක්‌ නෑ. ඒ ආයතන තුළ ඉන්න බහුතරය දෙමළ. නිලධාරීන් නිසා එන්නන්, යන්නන් ‘මෙන්න බුදුනෙA මල් මම වැන්දා ගියා’ කියන කතාවක තමයි කියන්නේ. මේ ක්‍රමය වෙනස්‌ විය යුතුයි. උතුර, නැගෙනහිර ප්‍රදේශවල සිංහල, දෙමළ මිනිස්‌සු පනහට, පනහ පදිංචි කරන්න ඕන. ඒ වගේම අතරමඟ නතර වෙච්ච බෝගස්‌වැව නැවත පදිංචි කිරීමේ ව්‍යාපෘතිය කඩිනමින් ක්‍රියාත්මක කරන්න ඕන. රටේ භාණ්‌ඩාගාරයේ සල්ලි නෑ කියලා කරගෙන ආපු සංවර්ධනය නතර කරන්න බෑ. ගම්වල මිනිස්‌සු කන්න නැතිව මැරෙන්න යනවා. වතුර ටිකක්‌ නැතිව ලෙඩ්ඩු වෙනවා. රටේ සල්ලි නෑ කියන ආණ්‌ඩුව මැති ඇමැතිවරුන්ට පිනට වාහන දෙන්න යනවා. මේවා තමයි පුදුම කතා. මේ කියන හරුප කතාන්දර බුද්ධිමත් ජනතාව තේරුම් ගන්න ඕන. බෝගස්‌වැව සැලළිsහිණිගම විහාරස්‌ථානාධිපති තණමල්විල පියනන්ද ස්‌වාමීන් වහන්සේ අප සමග අදහස්‌ දක්‌වමින් එසේ පැවසූහ.

පක්‍ෂ පාට වැදගත් නොවේ. මනුස්‌සකමට ප්‍රමුඛස්‌ථානය ලබාදිය යුතුය. මිනිසා, මිනිසාට ප්‍රේම කළ යුතුය. එහෙත් සිදුවෙමින් තිබෙන්නේ මිනිසා මිනිසාට වෛර කිරීමකි. දුටුගැමුණු රජ දවසේ නන්දිමිත්‍ර යෝධයාගේ බළකොටුව පිහිටා ඇත්තේ ද බෝගස්‌වැව ප්‍රදේශය කේන්ද්‍ර කරගෙනය. විසි දහසක්‌ රහතන් වහන්සේලා සමග හේමමාලා, දන්ත කුමරු උතුම් දළදා වහන්සේ වඩම්මාගෙන පැමිණියේ කච්චිකුඩිය, මහමඩුව, මඩුකන්ද සහ බෝගස්‌වැව ගම මැදින් වැටුණු මාර්ගයෙනි. එවැනි ඓතිහාසික භූමියක අද ජීවත් වන සිංහල මිනිසුන් හාමතේ මැරෙන්න යන්නේය. එහෙත් බෝගස්‌වැව මිනිසුන් ගෙවල් ඉල්ලන්නේ නැත. බඩු මලු ඉල්ලන්නේ ද නැත. ඔවුන්ගේ එකම ඉල්ලීම ප්‍රදේශයේ යටිතල පහසුම් දියුණු කරගැනීමය. ගමේ පාසල දියුණු කර ගැනීමය. ලබා දීපු වගා සහනාධාරය නැවත ක්‍රියාත්මක කරලීමය. පර වුණු ජීවිත ගොඩනඟා ගැනීමට ඔවුන්ට එය හොඳටම ප්‍රමාණවත් බව ගම්වාසීහු අපට කීහ.

ත්‍රස්‌තවාදයෙන් රට නිදහස්‌ කරගැනීමට ජීවිත පරිත්‍යාග කළ විරුවන්ගේ පවුල් සඳහා සුබසාධනය සැලසීම රටක, ජාතියක වගකීමකි. අනිවාර්ය යුතුකමකි. එමෙන්ම උතුර, නැගෙනහිර යනු වසර තිහකට වැඩි කාලයක්‌ ම්ලේච්ඡ ගෝත්‍රික යුද්ධයකට මැදි වූ විවිධ ජාතීන් ජීවත් වූ ප්‍රදේශයක්‌ය. ඒ මිනිසුන්ගේ පෑරුණු සිත් සුවපත් කිරීමට මෙතෙක්‌ දියත් කෙරුණු කිසිදු වැඩපිළිවෙළක්‌ නැත. මානසික කළමනාකරණය සඳහා කිසිදු උපදේශන වැඩපිළිවෙළක්‌ නැත. එවැනි බේද භින්න වූ පරිසරයක ජනාවාස ඇතිකිරීම සිහිබුද්ධියෙන් කළ යුත්තකි. එසේ නොවන්න දුක්‌විඳින්නේ ජාතික විරුවන්ගේ ඥාතීන්ය. බෝගස්‌වැව රණවිරු ජනපදකරණයේ පදිංචි මිනිසුන් අද අත්විඳිමින් සිටින්නේ ඒ කටුක අද්දැකීමය. ඒ අසරණ මිනිසුන් දේශපාලනිකව, භූගෝලීයව මෙන්ම ආර්ථික වශයෙන්ද නන්නත්තාර වී සිටින්නේය. දැන් ඒ මිනිසුන්ට කිසිදු හව්හරණක්‌ නැත. දේශපාලන ගෝත්‍රිකයන් ඒ අසරණයන් අරබයා කඹ ඇදිල්ලකය. රටක්‌ වශයෙන් අප බලාපොරොත්තු විය යුත්තේ සියලු ජාතීන් අතර සංහිඳියාවයි. එහෙත් මේ රටේ කාලකණ්‌ණි දේශපාලනය විසින් රටේ මිනිසුන් කුලල් කා ගන්නා තැනට තල්ලු කරනවා විනා එකමුතු කිරීමක්‌ නොකරන්නේය. ඉතිහාසය පුරාම අප අත්විඳිමින් සිටින්නේ ඒ ගෝත්‍රික දේශපාලන ක්‍රියාකාරකම්ය. වෙනසක්‌ නැත. අද අත්දකිමින් සිටින්නේ ද ඒ ගෝත්‍රික ප්‍රතිපත්තියමය.

රට නිදහස්‌ කරගැනීමට තම දරුවන් දන් දුන් මවුපියන් අසරණ තත්ත්වයට පත්කිරීම යනු රටක්‌ වශයෙන් අප කර ගන්නා ආනන්තරීය පාපකර්මයක්‌ බව ද දේශපාලන ඇත්තන් සිතේ ධාරණය කර ගත යුතුය.

තරංග රත්නවීර
සිරිමන්ත රත්නසේකර
ඡායාරූප – ක්‍රිෂාන් කාරියවසම්

කොටි කාන්තා බළකායේ හිටපු නායිකාව වූ තමිලිනිගේ “බෝම්බය”

කොටි කාන්තා බළකායේ හිටපු නායිකාව වූ
තමිලිනිගේ “බෝම්බය”

කොටි කාන්තා බළකායේ නායිකාව ලෙස ක්‍රියා කළේ සිවකාමි සිවසුබ්‍රමනියම් හෙවත් තමිලිනි 2009 මැයි 29 දා සිට 2013 වසර දක්‌වා පුනරුත්ථාපන කඳවුරක සිට අනතුරුව නිදහස්‌ වූවාය. එහෙත් පිළිකා රෝගයෙන් පෙළෙමින් සිටි ඇය 2015 වසරේ ඔක්‌තෝබර් මස මිය ගියාය. දැන් යළිත් වරක්‌ “තමිලිනි” උතුරේ දේශපාලන කරළිය වෙත පැමිණ ඇත. ඒ ඇගේ සැමියා විසින් ඔරු කුර්වාලින් නිශාහාලිල් නමැති ග්‍රන්ථය එළිදැක්‌වීමෙනි. තමිලිනි විසින් රචිත බව කියන මේ ග්‍රන්ථය පසුගිය සෙනසුරාදා කිලිනොච්චි සමුපකාර විදුහල් ශාලාවේදී එළිදැක්‌වුවත් ද්‍රවිඩ සංධානයේ කිසිම මන්ත්‍රීවරයකු ඊට පැමිණ සිටියේ නැත. අඩු වශයෙන් ප්‍රභාකරන්ගේ මස්‌සිනා වූ එම්. කේ. සිවාජිලිංගම් ද තමිලින්ගේ ග්‍රන්ථය දොරට වැඩීමේ උත්සවයට සහභාගිවීමෙන් වැළකී සිටියේය.

තමිලිනිගේ සැමියා වූ බ්‍රිතාන්‍ය පුරවැසියකු වන මහාදේවන් ජයකුමාරන් මේ ග්‍රන්ථය එළිදැක්‌වීමේ අවස්‌ථාවට සහභාගි වන ලෙස ද්‍රවිඩ සංධාන මන්ත්‍රී එස්‌. ශ්‍රී ධරන්ට ඇරයුම් කළත් එම ඉල්ලීම ප්‍රතික්‍ෂේප විය. තමිලිනිගේ ග්‍රන්ථය ප්‍රකාශයට පත් කිරීමෙන් වළකින ලෙස ශ්‍රීධරන් කිව්වා මේ ග්‍රන්ථය නිසා ශ්‍රී ලංකාවට එරෙහිව ගොනු කර ඇති යුද අපරාධ නඩුවට බරපතළ ප්‍රශ්නයක්‌ ඇතිවෙනවා. යෑයි ඔහු කියා සිටියා. එහෙත් එම ග්‍රන්ථයෙන් එවැනි ප්‍රශ්නයක්‌ ඇතිවන්නේ නැතැයි මා පැවසුවා යෑයි ජෙයකුමාරන් කියා සිටියේය.

ඊළම් ඩයස්‌පෝරාව මෙන්ම ද්‍රවිඩ සංධානය කැළඹීමකට පත් කළ තමිලිනිගේ ග්‍රන්ථයේ මෙලෙස සඳහන් විය. ආහාර බිඳක්‌ හෝ වතුර පොදක්‌ මෙන්ම සිටගෙන සිටීමට ඉඩමක්‌ නැතිව අපි සිටියා. ගරිල්ලා කාලතුවක්‌කු අනාථයන් අතර ස්‌ථානගත කර තිබූ අතර ඉන් රජයේ ස්‌ථානවලට ප්‍රහාර එල්ල කළා. යුද හමුදාවද ඊට දරුණු ලෙස ප්‍රතිචාරය දැක්‌වූවා. එය බිහිසුණු අවස්‌ථාවක්‌ උදව්වක්‌ නැති සිවිල් වැසියන් මාස ගණනක්‌ තිස්‌සේ තැනින් තැනට මාරු වුණා. අප අතරින් බරපතල වැරැද්දක්‌ සිදුවූ බව මට තේරුණා. අපි අපේම අයට එරෙහිව ක්‍රියා කරන බව වැටහුණා.

මෙම ග්‍රන්ථය සම්බන්ධයෙන් තමිලිනිගේ සැමියා වූ ජෙයකුමාරන් තවදුරටත් පැවසුවේ සිදුවූ දේ ගැන සත්‍ය හෙළි කිරීමට තම බිරියට අවශ්‍ය වූ බවත් ලෝකයා ඇත්ත දැන ගත යුතු බව ඇය කියා සිටි බවත්ය.

තමිලිනිගේ මෙම ජීවන චරිතයෙන් කොටි සංවිධානය විවේචනයට ලක්‌ කිරීම ද්‍රවිඩ සංධානයේ නොසතුටට හේතු විය. සිංහලයන් සමග සබඳතා පැවැත්වීම පවා ප්‍රභාකරන් විසින් තහනම් කර තිබූ බවත් හමුදාවේ පුනරුත්ථාපන වැඩපිළිවෙළ අගය කරන බවත් ඇය සිය ග්‍රන්ථයේ දක්‌වා තිබුණි.

එහෙත් 2009 වසරේ අත්අඩංගුවට පත් තමිලිනි 2015 වනතුරු කොටි ක්‍රියාකාරකම් විවේචනය නොකළේ මන්ද යන්න ප්‍රශ්නයකි. 2002 සටන් විරාමය ආරම්භ වීමටත් පසු තමිලිනි කළ ප්‍රකාශ රැසක්‌ කොටි වෙබ් අඩවිවලින් ප්‍රකාශ විය. ප්‍රභාකරන්ව කිසි දිනෙක පරාජය කළ නොහැකි බව ඇයවරක්‌ කියා සිටියාය. මේ පසුබිම මැද තමිලිනි සිය ග්‍රන්ථයෙන් කොටින්ව නිර්දය ලෙස විවේචනයට ලක්‌ කිරීම ද්‍රවිඩ සංධානය මත පතිත වූ බෝම්බයක්‌ විය.

ඇගේ ග්‍රන්ථය එළිදැක්‌වීමේ උත්සවයට හිටපු කොටි ක්‍රියාකාරීන් 200 ක්‌ පමණ සහභාගි වී ඇත.

අමාත්‍ය මනෝ ගනේෂන් තමිලිනිගේ ජීවන චරිතය රජයේ මුදල් වැයකළ සිංහල භාෂාවට නැඟීම භාරගෙන ඇත. මේ ග්‍රන්ථය සංහිඳියාවට වැදගත් බව හෙතෙම පවසා තිබේ. එහෙත් හිටපු කොටි කාන්තා බලකායේ නායිකාවගේ ජීවන චරිතය සිංහල භාෂාවට නැගීමට වැය වන්නේ රටේ ජනතාවගේ මුදල් ය.

මෙලෙස තමිලිනිගේ ග්‍රන්ථය එළිදැක්‌වුවත් ජිනීවා මානව හිමිකම් කවුන්සිලය ඇගේ ප්‍රකාශ පිළිගන්නේද? ශ්‍රී ලංකාවට එරෙහි පරීක්‍ෂණ පැවැත්වූ ජිනීවා පරීක්‍ෂණ මණ්‌ඩලය තමිල් සෙල්වන්ගේ පිරිස වූ සසීsරේකා කළ ප්‍රකාශ පවා පිළිගන්නේ නැත.

මේ අතර උතුරු පළාත් සභාවේ මහ ඇමැති විග්නේශ්වරන් සහ ද්‍රවිඩ සංධානය ද හිටපු කොටි ත්‍රස්‌තයන් 200 ක පිරිසට දේශපාලන සිරකරුවන් ලෙස හඳුන්වා ඔවුන්ව මුදා ගැනීමට දැඩි උත්සාහයක්‌ ගත්තේ ජිනීවා නිර්දේශය මත දේශීය අධිකරණය ස්‌ථාපිත කිරීම තුළින් එකී කොටින්ට ද චෝදනා එල්ලවන නිසාය.

මෙම කොටි ත්‍රස්‌තයන්ව මුදා ගැනීමට දියකඩුවාවේ සෝමානන්ද හිමි සහ ශක්‌තිවේල් පියනම ද ඉදිරිපත් වී ඇත. එහෙත් අත්අඩංගුවේ පසුවන කොටි අතර 2007 ඔක්‌තෝබර් 22 දා අළුයම අනුරාධපුර ගුවන් හමුදා කඳවුරට ප්‍රහාර ටල්ල කිරීමේ සිද්ධියට සම්බන්ධ කොටි මිසයිල බලකායේ ක්‍රියාකාරිකයකු වූ පී. අරවින්දන් සහ ගුවන් ඒකකයේ නායකයකු වූ රාසවල්ලන් තබෝa රූබන් සහ විල්පත්තු වනෝද්‍යානයේදී හමුදා නිලධාරීන් අටදෙනකු ඝාතනය කිරීමට සම්බන්ධ සූරියකාන්ත ජෙයචන්ද්‍රන් හෙවත් උදයන් හෙවත් අයියවන් සහ ශිවසීලන්, ශිවප්‍රකාශන් නොහොත් සත්‍යන් නමැත්තා ද වේ. අනුරාධපුර ගුවන් හමුදා කඳවුරට එල්ල වූ ත්‍රස්‌ත ප්‍රහාරයෙන් ගුවන් යානා 10 ක්‌ මුළුමනින්ම විනාශවූ අතර තවත් යානා හයක්‌ අර්ධ ලෙස හානියට පත් විය.

මෙම ත්‍රස්‌ත ප්‍රහාරයෙන් එම් අයි 24 ප්‍රහාරක හෙළිකොප්ටරයක්‌ ද බීච් ක්‍රාෆ්ට්‌ නමැති නිරීක්‍ෂණ යානාවක්‌ද පී ටී 6 යානා තුනක්‌ ද එම්. අයි. 17 හෙළිකොප්ටරයක්‌ ද නියමුවන් රකින යානා දෙකක්‌ ද ගුවන් ධාවන පථයේ තිබූ එම් අයි 24 ප්‍රහාරක හෙළිකොප්ටරයක්‌ ද විනාශ විය. මෙයට අමතරව ආරක්‍ෂක හමුදා සාමාජිකයන් 13 ක්‌ ද ජීවිතක්‍ෂයට පත් විය.

එල්ලාලන් මෙහෙයුම නමින් හඳුන්වනු ලැබ මෙම ත්‍රස්‌ත ප්‍රහාරයෙන් කළු කොටි 21 ක්‌ මිය ගියහ.

එම කොටි මෙහෙයුමේදී වින්ග් කමාන්ඩර් අමිල මොහොට්‌ටි ස්‌කොඩ්රන් ලීඩර් රුවන් විඡේරත්න පියාසර ලුතින්න ඒ. බි. එම්. සිල්වා පියාසර නිලධාරී එන්. ආර්. සියඹලාච්චි, බලලත් නිලධාරී කේ. වී. දයාරත්න කෝප්රල් එම්. පී. දීගල්ල – කෝප්රල් ඩබ්ලිව්. එම්. වර්ණකුලසූරිය, කෝප්‍රල් එම්. ඩබ්ලිව්. දිසානායක, කෝප්‍රල් ඊ. වී. එන්. දයාරත්න, කෝප්‍රල් ප්‍රීතිකුමාර, ලාන්ස්‌ කෝප්‍රල් එච්. ඊ. ප්‍රනාන්දු, ලාන්ස්‌ කෝප්‍රල් ගුණවර්ධන සහ කෝප්‍රල් ආර්. ඡේ. රත්නායක ද මරුමුවට පත් වූහ.

විල්පත්තුව වනෝද්‍යානයට එල්ලවු ත්‍රස්‌ත ප්‍රහාරයෙන් ගජබා රෙජිමේන්තුවේ ආඥපතිව සිටි කර්නල් ජයන්ත සුරවීර, මේජර් ජයරත්න ඇතුළු අටදෙනකු ඝාතනය වුණි.

විග්නේශ්වරන් සහ ද්‍රවිඩ සංධානය නිදහස්‌ කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින්නේ මෙවැනි කොටි ඝාතකයන්ද?

මෙවන් පසුබිමක්‌ මැද රුපියල් විසිපන් කෝටියක්‌ වටිනා එම් අයි 24 ප්‍රහාරක හෙළිකොප්ටරයක්‌ ත්‍රිකුණාමල උප්පාරු කලපුව අසලදී මිසයිල ප්‍රහාරයක්‌ එල්ල කර විනාශ කළ බව කියන නිශාන්තන් අරුලානන්දන් නමැත්තා ත්‍රිකුණාමල මහාධිකරණය විසින් මුදාහැර ඇත.

2000 ඔක්‌තෝබර් 23 වැනිදා මොහු මිසයිල ප්‍රහාරය එල්ල කළ රහස්‌ පොලිසිය විසින් තොරතුරු සොයාගෙන තිබුණි.

රැඳවුම් භාරයේ සිටින හිටපු කොටි ත්‍රස්‌තයන් අතර කොළඹට සි. 4 පුපුරණ ද්‍රව්‍ය හා අවි සැපයූ බවකියන තංගවේලු නිමලන් නමැත්තා ද වේ.

රැඳවුමේ භාරයේ සිටින හිටපු කොටි ත්‍රස්‌තයන් අතර 2006 වසරේ කොල්ලුපිටියේ පිත්තල හංදියේදි හිටපු ආරක්‍ෂක ලේකම්වරයා ඝාතනය කිරීම සඳහා සහය වූ පස්‌දෙනකු ද වේ. පොන්නසාමි කදිරගේසු සිවාජි, සිවාජිලිංගම් අරුරන්, දමනාදන් අයිසර් ශ්‍රීස්‌කන්ධරාජා ෂර්මා, චන්ද්‍රබෝන් සෙන්වචන්ද්‍රන් හෙවත් මයිකල් සහ ලෙල්ලයියා තයාලන් හෙවත් පරමනාදන් නමැති කොටින්ට එරෙහිව චෝදනා එල්ලවී තිබේ.

මේ කොටි දේශපාලන සිරකරුවන් යෑයි කිව හැකිද?

මෙම පසුබිම මැද වන්නි මෙහෙයුම තුළින් කොටි පරාජය වී වසර 7 සපිරෙන අවස්‌ථාවේ තවත් විශ්මයජනක තොරතුරක්‌ වාර්තා විය.

ඒ කොටි සංවිධානයේ මුහුදු කළු කොටි බළකාය අඩපණ කිරීමට හැකි වූයේ 2002 දී අත්සන් කළ සටන් විරාම ගිවිසුම නිසා බවට ආරක්‍ෂක අංශ පිරිසක්‌ රජයේ බලධාරීන්ට වාර්තාවක්‌ ලබාදීමයි.

මේ අපූරු වාර්තාව රජයේ බලධාරීන්ට ඉදිරිපත් කිරීමට වසර හතක්‌ ගත වූයේ මන්ද? එහෙත් සැබෑ තත්ත්වය කුමක්‌ද? 1987 ජුලි 5 දා වල්ලිපුරම් වසන්තන් හෙවත් කැප්ටන් මිලර් නමැති ත්‍රස්‌තයා පුපුරණ ද්‍රව්‍ය අඩංගු ට්‍රක්‌ රියක්‌ සමග නෙල්ලඩි හමුදා කඳවුරට කඩාවැදීම නිසා සෙබළුන් විශාල පිරිසක්‌ ඝාතනය විය. එදා සිට 2009 මැයි මස කොටි විනාශ වන තෙක්‌ කළු කොටි ප්‍රහාර 300 කට අධික සංඛ්‍යාවක්‌ සිදුවිය. 2009 පෙබරවාරි මස කළු කොටි ගුවන් බලකායේ නියමුවන් දෙදෙනෙක්‌ කොළඹ ගුවන් හමුදා මූලස්‌ථානයට හා කටුනායක ගුවන් කඳවුරට බෝම්බ දමා පලා යැමට දැරූ උත්සාහය ව්‍යර්ථ වී ඔවුන් ගුවන් ප්‍රහාරවලින් මරුමුවට පත් විය.

කොටි සංවිධානය ඉන්දුනීසියාවේ සුරබයා සිට කොටි නැවකින් ස්‌ලින් ගුවන් යානා දෙකක්‌ ගෙන ආවේ සටන් විරාම ගිවිසුම සමයේයි. මෙම යානා බංගලාදේශ කෘෂිරසායන සමාගමකින් මිලයට ගෙන ඉන්දුනීසියාවට ගෙන ගොස්‌ කැබලි කර ආපසු මෙරටට ගෙනැවිත් ඇත. කටුනායක ගුවන් හමුදා කඳවුර අසල මඩ වගුරකට වැටී තිබූ එක්‌ ස්‌ලින් යානාවක අනුක්‍රමික අංකය චෙක්‌ බුද්ධි සේවාව වෙත ලබාදීමෙන් පසු ස්‌ලින් යානා බංගලාදේශ සමාගමට අලෙවි කළ කාල සීමාවද හෙළිවිය. එසේම සටන් විරාම සමයේ ශ්‍රී ලංකා නාවික හමුදාවේ ප්‍රහාරක යානාවලට මි.මී. 23 බලගතු ප්‍රහාරක අවි නොතිබුණි. ඒ නිසා මුහුදු කොටින්ට ප්‍රහාර එල්ල කිරීමට නොහැකි විය. ඇමරිකානු රජය වසර 20 ක්‌ පැරණි කරේජස්‌ නමැති වෙරළාරක්‍ෂක යානාව මෙරටට ලබා දුන්නේද සටන් විරාම ගිවිසුම සමයේයි. එය අළුත්වැඩියා කිරීමට ඩොලර් මිලියන 300 ක්‌ වැය විය. නැවට අවි සවි කිරීම ද චීනයෙන් ලබාගත් ප්‍රහාරක අවි නැවේ සවි කිරීම සඳහාද ඇමරිකානු රජය ඉඩ දුන්නේ නැත. කරේජස්‌a නැව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සයුර යෑයි නම් කෙරුණි. සයුර නැවේ තිබූ ප්‍රබල චීන අවිවලින් කළු කොටි බෝට්‌ටු රැසක්‌ විනාශ කිරීමට හැකි විය. එසේම සටන්විරාම සමයේ කොටි ආයුධ රැසක්‌ ගෙන්වා ගැනීමට ක්‍රියා කළේය. මේ තත්ත්වය මත සටන් විරාම ගිවිසුම නිසා කළු කොටි මුහුදු බළකාය වැනසුනේ යෑයි වසර ගණනට පසු පවසන්නේ කුමන අරමුණකින්ද? සටන් විරාම ගිවිසුම සමයේ ත්‍රිකුණාමල මුහුදේ මුහුදු කලාපයක්‌ ලබා දෙන ලෙස කොටි සංවිධානය ඉල්ලා සිටියේය. හිටපු ආරක්‍ෂක බලධාරියෙක්‌ එම ඉල්ලීම එවකට නාවික හමුදාපති දයා සඳගිරි වෙත යොමු කළත් ඔහු ඊට එකඟවීම ප්‍රතික්‍ෂේප කළේය. නාවික හමුදාවේ හිටපු ජ්‍යෙෂ්ඨ නිලධාරියකු වූ රියර් අද්මිරාල් සරත් වීරසේකර වරක්‌ පැවසුවේ සටන් විරාම සමයේ කොටි සංවිධානය ආයුද රැගෙන බෝට්‌ටුවලින් පැමිණෙන අවස්‌ථාවේ එකී බෝට්‌ටු අල්ලා ගැනීම සටන් විරාම නිරීක්‍ෂණ කමිටුව ව්‍යර්ථ කළ බවයි. වරක්‌ ආයුධ රැගත් කොටි බෝට්‌ටුවක්‌ නාවික හමුදාව වැටලූ අවස්‌ථාවේ එය බේරා ගැනීමට සටන් විරාම නිරීක්‍ෂණ කමිටුව ඉදිරිපත් වූ බව හෙතෙම පැවසීය.

මෙලෙස අතීතය වසන් කරමින් නව ආරක්‍ෂක බුද්ධි වාර්තා ප්‍රකාශයට පත් වීම මවිතයක්‌ නොවේද? මේ අතර තමිල්නාඩුවේ චෙන්නායි ගුවන් තොටුපළේ අධ්‍යක්‍ෂ දීපක්‌a ශාස්‌ත්‍රි ඇතුළු විමර්ශන කණ්‌ඩායමක්‌ පසුගියදා පලාලි ගුවන්තොටුපලට පැමිණියහ. ඔවුන් පැමිණියේ පලාලි ගුවන්තොටුපළ වැඩි දියුණු කිරීම සඳහා වූ නිරීක්‍ෂණ ඉදිරිපත් කිරීමටය. එම නිරීක්‍ෂණ කණ්‌ඩායම රජයට නිර්දේශයක්‌ ඉදිරිපත් කරමින් අලුතින් ඉඩම් අත්පත් කර ගැනීමකින් තොරව පලාලි ගුවන් තොටුපල සංවර්ධනය කළ හැකි බව කියා සිටියේය.

මෙවන් පසුබිමක්‌ මැද ද්‍රවිඩ සංධාන නායක ආර්. සම්බන්ධන් මෙරට ඇමරිකානු තානාපති අටුqල් කෙශාප් හමුවී සංහිඳියාව සහ යෝජිත ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව ගැන සාකච්ඡා පවත්වා ඇත.

මින් තහවුරු වූයේ කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලය මෙරට අභ්‍යන්තර කටයුතුවලට බරපතල ලෙසින් මැදිහත්වීමයි.

මඩකලපුවේ කල්ලඩි ගි්‍රන් හෝටලයේ පැවැති සමුළුවක්‌ ඇමතූ ද්‍රවිඩ සංධාන මන්ත්‍රී එස්‌ වියලෙන්ද්‍රන් ද ප්‍රකාශයක්‌ කරමින් ශ්‍රී ලංකා රජය පළාත් සභාවලට ඉඩම් හා පොලිස්‌ බලතල ලබා දිය යුතු බව කියා සිටියේය. කැනඩාවේ රජය නගර සභාවලට පොලිස්‌ බලතල දී තිබෙන නිසා ශ්‍රී ලංකාවටද එම ක්‍රියාමාර්ගය අනුගමනය කළ යුතු යෑයි ඔහු තවදුරටත් සඳහන් කළේය.

රජයේ සංහිඳියා ක්‍රියාමාර්ගයට අදාළ තොරතුරු ද මේ සතියේදී හෙළි විය. මෙම සංහිඳියා ක්‍රියාමාර්ගයට සත්‍ය සෙවීමේ කොමිසමක්‌ මෙනම වගවීමට අදාළ යාන්ත්‍රණයක්‌ ස්‌ථාපිත කිරීමටද කටයුතු කෙරේ. මේ වගවීම යාන්ත්‍රණය සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු හෙළිවී නැත.

මේ අතර කොටි කාන්තා බළකායේ හිටපු නායිකාව වූ තමිලිනිගේ ග්‍රන්ථය එළි දැක්‌වීම සඳහා රජයේ අවසරය ලබා ගැනීමට මැදිහත්වී ඇත්තේ මැතිවරණ සමයේ අටවාගත් සංවිධානයක ක්‍රියාකාරියකු වූ චිත්‍රපටකරුවකු බව අනාවරණයවී ඇත.

ප්‍රභාකරන් මිනිස්‌ ඝාතන සිදු කරද්දී තමිලිනිගේ කාන්තා බළකාය ද්‍රවිඩ තරුණියන් පැහැරගෙන යද්දී මොහු සිටියේ කොහේද? මේ අන්දමට ප්‍රභාකරන්ගේ පුත් චාල්ස්‌ ඇන්තනි හා බිරිය මදිවදිනි ගැන ග්‍රන්ථ එළිදැක්‌වුවොත් ඊටද ඉඩ දිය යුතුද?

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මේ සතියේදී යළිත් වරක්‌ ප්‍රකාශයක්‌ කරමින් මානව හිමිකම් උල්ලංඝනය වීම් ගැන සිදු කරන පරීක්‍ෂණයට විදේශ විනිසුරුවරුන් සම්බන්ධ කරගන්නේ නැතැයි කියා සිටියේය.

මෙම ප්‍රකාශයට ප්‍රතිචාර දැක්‌වූ එක්‌සත් ජාතීන්ගේ ප්‍රකාශකයකු පැවසුවේ මානව හිමිකම් උල්ලංඝනය වීම ගැන නිසි නිවැරැදි පරීක්‍ෂණයක්‌ අවශ්‍ය බවයි.

කීර්ති වර්ණකුලසූරිය

නඩු නැති රටක සරණාගතයන් වූ තොප්පිගල මායිමේ සිංහල මිනිස්‌සු

නඩු නැති රටක සරණාගතයන් වූ
තොප්පිගල මායිමේ සිංහල මිනිස්‌සු

දිවුලපොතාන සිංහල ගම්මානයකි. සිංහල ගම් ලංකාවේ හැර වෙනත් කොයි තැනකවත් තිබෙන්නට පුළුවන්කමක්‌ නැත. විශේෂත්වය වන්නේ දිවුලපොතාන තිබෙන්නේ තොප්පිගල කැලෑව මායිමේ වීමය. කොටි ත්‍රස්‌තවා”න් විසින් ස්‌වකීය සංග්‍රාම භූමියේ මර්මස්‌ථානය කරගත් තොප්පිගල තිබුණු සිsංහල ගමෙන් ඒ අසරණයෝ කලකට පෙර පළා ගියහ. ඒ කොටි සංවිධානයේ ම්ලේච්ඡයන් විසින් ගම පිටින් කැතිගෑමෙන් පසුය.

දිවුලපොතාන ගම්මානයට අප යන්නේ පීඩාවට පත් නැගෙනහිර සිංහල ජනයා වෙනුවෙන් සැම විටම පෙනී සිටින අම්පිටියේ සුමනරතන හිමියන් ඇතුළු කිහිපදෙනෙකු සමගිනි. දිවුලපොතානට යා හැකි කෙටිම මාර්ගය වැටී ඇත්තේ තොප්පිගල වන මැදිනි. නමුත් තොප්පිගල වන මැදින් යැමට හැකිවුයේ මඳ දුරක්‌ පමණි. දිගින් දිගටම ඇද හැලෙන වැස්‌සෙන් මාර්ගයේ කීප තැනක්‌ දැවැන්ත වගුරු බවට පත්ව තිබිණි. අපේ කණ්‌ඩායම යළිත් බොහෝ දුරක්‌ ගෙවා මහඔයට පැමණ එතැන් සිට කිලෝමීටර් 36 ක්‌ අරලගංවිල මාර්ගයේ ගමන් ගත්තේය. එතැනින් තවත් කිලෝමීටර් හය හතක්‌ තොප්පිගල දෙසට ගිය විට දිවුලපොතාන ගම්මානය දැකගත හැකි විය.

මිනීමරු කොටින්ගෙන් ජීවිතය පමණක්‌ ඉතිරිකරගත් දිවුලපොතාන ගම්වාසීහු යළිත් සිය ගම් බිම් කරා පැමිණ තිබුණහ. ඒ සාමය උදාවීමත් සමගමය. එහෙත් පැවතුන රජය යටතේද, මේ රජය යටතේද ඒ මිනිස්‌සු අප්‍රමාණ වෙහෙසට පත්වුණහ. උන් මේ ගෙවන්නේ නැගෙනහිර පළාතේදී සිංහලයෙක්‌ වීමේ කරුමයය. ඒ කරුමයේ වපසරිය ගැන දිවුලපොතාන ගමේ මිනිස්‌සු අපට කීහ. මේ ලියන්නේ ඔවුන් අපට කී කතාවය.

දිවුලපොතාන එක්‌සත් ගොවි සංවිධානයේ සභාපති රංජිත් ලියනගේය. මුලින්ම කතා කරන්නේ රංජිත්ය.

”ඇත්ත මේකයි මහත්තයෝ. මේක මඩකලපුව දිස්‌ත්‍රික්‌කයට අයත් සිංහල ගමක්‌. ගම සිංහල වීම නිසා රජයෙන් ලැබෙන කිසිම සහනයක්‌ මේ පළාතෙ දෙමළ ජාතිවාදී දේශපාලනයයි, නිලධාරීනුයි අපට දෙන්නෙ නැහැ. 1977 ඉ`දන් තමයි මේ ගම්මානයේ ජනතාව පදිංචිව සිටින්නේ. පවුල් 610 ක්‌ ඒ කාලේ පදිංචිවෙලා හිටියා. 1984 දි කොටි ගහලා 12 ක්‌ මැරුණා. ඊට පස්‌සෙත් කොටි ගහලා ගමේ අය එක දිගට මැරුණා. එන්න එන්නම කොටි කරදර වැඩි වෙච්ච නිසා අන්තිමේදි ගම අතහැරලා පණ බේරාගෙන ගියා. දැන් යුද්ධය නිමාවුණාට පස්‌සේ නැවතත් මෙම ගම්මානයේ අය පැමිණිලා ස්‌ථිර ලෙස පදිංචිවෙලා ඉන්නවා. ඉතිsරි අයත් වගා කරලා නැවතත් යනවා. දැනට මෙම ගම්මානයේ පාසලක්‌ නෑ. දරුවන්ට ඉගෙන ගන්න විදිහක්‌ නැති නිසා දරුවන් තැන් තැන්වල තියලා ඇවිත් තමයි මේ අය වගා කරන්නේ.

ගමට එන්න හරියට පාරක්‌ නැහැ. පොඩි පැල්පත් හදාගෙන තමයි මෙම ජනතාව ජීවත් වෙන්නේ. දරුවන්ට ඉගෙන ගන්න පාසලක්‌ අවශ්‍යයි. නැවත පදිංචියට පැමිණියත් පාසලක්‌ නැති නිසා දරුවන් ගෙන ඒමට නොහැකි වෙලා තිබෙනවා. ඉස්‌සර දිඹුලාගල හාමුදුරුවෝ ඉන්න කාලේ දිවුලපොතාන සිට තොප්පිගල ළඟට යනකම් පවුල් 35000 ක්‌ විතර පදිංචි කළා. ඒ මෙම ගම්මානයට ආරක්‌ෂාවක්‌ ලබා දෙන්න. අද තත්වය වෙනස්‌. දැන් අපට ඉල්ලන්න වෙලා තියනවා. අපට ගෙවල් හදාගන්න උදවු කරන්න. පාරවල් ටික හදලා දෙන්න. අපි වගකිවයුත්තන්ගෙන් මේවා ඉල්ලා සිටිනවා. මේ කැලේ ලී තොග ගණන් කැපෙනවා. ඒව බලන්නෙ නැති වන සරංක්‌ෂණ නිලධාරීන් අපි මේ ගමෙන් එළවන්න උත්සාහ කරමින් ඉන්නවා” රංජිත් ලියනගේ කීවේය.

නැගෙනහිර පළාත් සභා මන්ත්‍රී ටි.එම්. ජයසේනද කීවේ එවැනි කථාවකි.

”අපේ තාත්තලා හැත්ත ගණන්වල තමයි මෙම ඉඩම්වල පදිංචියට ආවේ. මෙම ගම්මානයේ තිබ්බ මාරවිල පාසලට තමයි මම පහේ පංතියට යනකම් ගියේ. යුද්ධය ඉවර වුණාට පස්‌සේ 2009 සිට වසර ගණනක්‌ අපි මෙහි ගොවිතැන් කළා. නමුත් පසුගිය දිනවල වන සංරක්‌ෂණයෙන් ඒ අයගේ භූමිය කියලා අපේ කිහිප දෙනෙක්‌ අල්ලන් ගියා. ඒ අයගේ භූමිය වෙන්නේ කොහොමද? අපි කලින් පදිංචි වෙලා හිටිය ඉඩම්. නැෙ`ගනහිර පළාත් සභාවේ කෘෂිකර්ම ඇමතිගේ හරක්‌ පන්දාහක්‌ විතර ඉන්නවා. ඒ අය වගා කරන කාලෙට පළාත් සභාවේ ඇමතිගේ හරකුයි වෙනත් අයිතිකරුවන්ගේ හරක්‌ විසි තිස්‌ දහසක්‌ වාගේ ප්‍රමාණයක්‌ මෙම ප්‍රදේශයට ඇවිල්ලා වගාව මු`ඵමනින්ම වාගේ විනාශ කරලා දානවා.

වන සංරක්‌ෂණ එකෙන් මහවැලි හා වන සංරක්‌ෂණ භූමියට ඇතුළුවීම තහනම් කියලා බෝඩ් එකක්‌ ගහලා අපේ ඉඩම්වලට ඇතුළුවන අය වන සංරක්‌ෂණ එකෙන් අත්අඩංගුවට අරන් උසාවි දාන්න පටන් අරන්. දෙමළ අය වගා කරන කාලේට එයාල හරක්‌ මෙහාට දානවා. එතකොට අපේ වගාවන් හරක්‌ විනාශ කරනවා. වන සංරක්‌ෂණයෙන් බලපෑම් කරලා අපිව පන්නන්න හදනවා. රාජ්‍ය නිළධාරින්ගේ සහ දෙමළ දේශපාලන නායකයන්ගෙ හයිය අරන් අපිව පන්නලා තණ භුමියක්‌ කරන්න තමයි මෙයාලට උවමනාව. මම මේ පිළිබ`දව නැගෙනහිර පළාත් සභාවේ පවා කථා කළා. නමුත් තවමත් කිසිම විස`දුමක්‌ නැහැ” ජයසේන මන්ත්‍රීවරයා කිවේය.

කවදත් නැගෙනහිර සිංහලයා වෙනුවෙන් දිවිකැප කර ක්‍රියා කරන, ඔවුන් ගැන ළෙංගතු කමින් සොයා බලන ඒ නිසාම මඩකලපුව දිස්‌ත්‍රික්‌කයේ අධිකරණවල නඩු 40 කට අධික ප්‍රමාණයකට පෙනී සිටින්නට සිදුවූ මඩකලපුව මංගලාරාම විහාරාධිපති පුජ්‍ය අම්පිටියේ සුමනරතන හිමි මෙසේ පැවසූහ.

“දිවුලපොතාන ගම්මානය මඩකලපුවට අයිති වුණත් මෙම ගම්මානය ඒ කාලේ පාලනය කළේ අම්පාර දිස්‌ත්‍රික්‌කයෙන්. මහඔය ප්‍රාදේශිය ලේකම් කාර්යාලයෙන්. යුද්ධයෙන් පස්‌සේ මෙම ජනතාව නැවතත් පදිංචි වෙලා ඉතා දුෂ්කර ආකාරයෙන් වැඩ කටයුතු කරගෙන යනවා. වන සංරක්‌ෂණ නිළධාරින් ඇවිල්ලා මෙම ගම්මානයේ ජනතාව වන සංරක්‌ෂණ ඉඩම් වලට ඇතුලූ වුනා කියලා අරන් ගිහින් උසාවි දානවා. නමුත් මෙම ගම්මානයේ එදා පාසලක්‌ තිබ්බා. පවුල් 610ක්‌ හිටියා. අද තමන් හිටිය තැනට ඇවිල්ලා පදිංචි වෙන්න බැරිවෙලා තියෙනවා. වන සංරක්‌ෂණ ඉඩම් කියන නිසා. මෙහමයි මඩකලපුව සිංහල ගම්මානවල තතත්වය.

කැලේ ගස්‌ කපනවා. නමුත් වන සංරක්‌ෂණ නිළධාරින් ඒවා බලන්නේ නැහැ. නමුත් තමන් ඉපදුන හැදුන වැඩුන ගමේ පදිංචි වෙච්ච ජනතාවයි වන සංරක්‌ෂණයෙන් පන්නා දමන්න හදන්නේ. මේවා මෙසේ සිදුවෙද්දි මඩකලපුවෙහි අසරණ සිංහලයන් කිසිවෙකුගේ පිළිසරණක්‌ නැතිව අසරණ වෙලායි ඉන්නේ. මෙම සිංහල ජනතාව වෙනුවෙන් කටයුතු කරන එක්‌සත් අරාබි එමීර් රාජ්‍යයේ සිටින ශ්‍රී ලාංකිකයන්ගෙන් සැදුම් ලත් හෙළ බිම සංවිධානය හරහා මෙම ගම්මානයට සහනයක්‌ සැලසීමට මං මැදිහත්ව ක්‍රියා කරනවා” අම්පිටියේ සුමනරතන හිමියෝ කීහ.

”ඒ කාලේ අපි කොටින්ගෙන් පුදුම විදිහට බැට කෑවේ. මේ ගමට කොටි ගහපු වෙලාවේ මගෙ අයියත් මැරුණා. කොටි කපලා මගේ මල්ලිගේ ළමයි දෙන්නෙක්‌ මැරුණා. මහත්තයා ග්‍රාම ආරක්‌ෂකයෙක්‌. පස්‌සේ මගේ මහත්තයාගේ රස්‌සාවත් නැතිවුණා. මම ඉපදුනේ මෙම ගම්මානයේ. මාරවිල කියන හරියේ සමුපකාරයත් පාසලත් තිබ්බා. යුද්ධය නැතිවුනාම තමයි අපි නැවතත් මෙම ගම්මානයට ආවේ. නමුත් කිසිම පහසුකමක්‌ නැහැ. හරිම කරදරයක්‌ තමයි විඳින්න සිදුවෙලා තියෙන්නේ.” එච් සිරියාවති කීවාය.

ආර්. එම්. ස්‌වර්ණලතා මැණිකේද සිය අතීත අත්දැකීම අප අභිමුව මෙසේ දිග හැරියාය.

”අපි පාසල් ගියේ මේ ගමේ. අපි ආවේ අපේ ගමට. අලුතින් ඉඩම් අල්ලන්න නොවෙයි. අපිට ස්‌වයං රැකියාවක්‌ කරන්න උදව් කරන්න. රජයෙන් මොනවත් අපිට ලැබිලා නැහැ. යුද්ධයෙන් පස්‌සේ ගම්මානවල නැවත පදිංචි කළත් අපව මේ ගමෙන් පන්නන්නයි සමහරු උත්සාහ කරන්නේ. ගමට විදුලිය නැහැ. නිදන්වල දැල් පාලම හමුදා මුරපොළ සහ කිරි පාර හමුදා මුර පොල දැන් අයින් කරලා. වසර පහක්‌ තිස්‌සේ අපේ ගැටලුවලට පිහිට වුණ අපිව ආරක්‌ෂා කළ යුද හමුදාවත් ඉවත් කරලා. අලි කරදරත් හරිම ගැටලුවක්‌ වෙලා” ඇය කීවාය.

අනතුරුව කතා කළේ එන්.එම්.චන්දරත්නය. ඔහු කතා කරන්නේත් අපේක්‌ෂා භංගත්වයෙනි.

මට දරුවෝ දෙන්නෙක්‌ ඉන්නවා. මං මේ ගම්මානයේ ස්‌ථිර පදිංචිකරුවෙක්‌. ගමට කිsසිම පහසුකමක්‌ නැහැ. නමුත් ජීවත් වෙන්න ඕන නිසා අපි දුක්‌ වි`දගෙන මේ ගමට වෙලා ඉන්නවා. අපි මහන්සිවෙලා වගා කළත් සමහර වෙලාවට කිසි වැඩක්‌ නැහැ. හරක්‌ කාලා යනවා. අලි කාලා යනවා. බළධාරින් අපිව පන්නන්න හදන්නේ. මට තේරෙන්නෙ නෑ ඒ මිනිස්‌සු ඇයි එහෙම කරන්නෙ කියලා. අපි සාධාරණය බලාපොරොත්තු වෙන්නෙ කාගෙන්ද කියලා අපි දන්නෙ නෑ. ” චන්දරත්න කිවේය.

තමන් එතෙරට ගොස්‌ දහඩිය මහන්සියෙන් උපයා ගන්නා දෙයින් වසර ගණනාවක සිට සිංහල ජනයා හට අනුපමේය සේවයක්‌ කරන හෙළබිම සංවිධානයේ කපිල රන්දීප ගම්මානයේ ජනතාව අමතමින් මෙසේ පැවසුවේය.

”අපි මෙම ගම්මානය පිළිබ`දව මංගලාරාමයේ සුමනරතන හිමියන් හරහා දැනගත් විට තීරණය කලා අප සංවිධානයට හැකි ආකාරයෙන් උදව් කරන්න. කුමන බාධක ආවත් මෙම ජනතාව ඉතා හො`ද ගොවි සංවිධානයක්‌ පිහිටුවා ගෙන තිබෙන නිසා පැමිණෙන ගැටලුවලට මේ ආකාරයෙන් හෝ මුහුණ දීමට හැකියාවක්‌ ලැබී තිබෙනවා. එම නිසා ප්‍රධානම ගැටලුව වෙලා තිබෙන ගවයන්ගෙන් වගාවන් ආරක්‌ෂා කිරීමට අපිට දිය හැකි සහයෝගයත් අපි ලබා දෙන්න සුදානම්. ඒ වාගේම නිවාස ගැටලුවටත් අපි සහයෝගයක්‌ දෙන්න බලාපොරොත්තු වෙනවා.” ඔහු ශපථ විය.

නැවත පදිංචි කිරීම පිළිබ`ද දෙමළ ජනයා සම්බන්ධව මුස්‌ලිම් ජනයා සම්බන්ධව මහා කතිකාවක්‌ ඇත. නමුත් සිංහල ජනතාව අරභයා මේ විෂය සම්බන්ධයෙන් කියන්නට ඇත්තේ සිත් කළකිරවන සුළු කාලකණ්‌ණි කතාවකි. මඩකලපුවේ ඇතැම් සිංහල ජනයාට ජන්ද අයිතිය නැත. සමෘද්ධියද නැත. ග්‍රාම සේවක සහතිකද නැත. ඒවා ලබා ගැනීමට ඇති සියලූ මාර්ග අවහිර කර ඇත. ඇතැමුන්ට ආදායම් වාර්තාවක්‌ ලබා ගන්නටද මඩකලපුවට ගොස්‌ උද්ඝෝෂණය කළ යුතුය.

ඔවුන් බොහෝ දෙනකු උපන් බිමේ අනාථව ඇත. රජයෙන් ලැබෙනා කිසිදු දෙයක්‌ මඩකලපුවේ අහිංසක සිංහල ජනයාට ලැබෙන්නේ නැත. ඡන්ද අයිතිය ඉල්ලන්නට ගිය දිනෙක මඩකලපුව පොලිසියේ නරුමයෝ මේ අසරණ සිංහල මිනිස්‌සුන්ව නිරුවත් කර නගර මධ්‍යයේ දී පහර දුන්හ. එවකට මේ රටේ ජනාධිපති මහින්ද රාජපක්‌ෂය.

දැන් රටේ ජනාධිපතිවරයා පොළොන්නරුවේ ගොවි පවුලකින් පැමිණි මෛත්‍රීපාල සිරිසේනය. කවුරු බලයට පැමිණියත් මේ රටේ උපන් සිවිල් වැසියෙකු සතු මූලික අයිතීන් සියල්ල අහිමිකළ නැගෙනහිර සිංහල මිනිsසුන් තවමත් ජීවත් වන්නේ කල්ලතෝනින් සේය. යහපාලනයක ශීලාචාරකම අප විසින් ප්‍රශ්න කරන්නේ මේ පසුබිමේදීය.

බදියුදීන් විල්පත්තු කැලෑව ලයිෂන් පිට විනාශ කරනවිට, රටේ නීතිය බල්ලන්ට දමා කටයුතු කරන විට, අධිකරණයට ගල් ගස්‌සනවිට රාජපක්‌ෂ ආණ්‌ඩුවට ඊට විරුද්ධ වීමට නොහැකිවූ පෞරුෂ ප්‍රශ්නයම මෛත්‍රීපාල සිරිසේන ප්‍රමුඛ යහපාලන ආණ්‌ඩුවටත් තිබේ. මේ මොහොතේත් බදියුදීන් ස්‌වකීය ව්‍යසනය යාවත්කාලීන කරයි. වන සංරක්‌ෂණයේ එකෙකුට තබා ආණ්‌ඩුවටවත් ඒ ව්‍යසනය නවත්වන්නට හැකියාවක්‌ නැත. එහෙත් නීතිය නොව, නීතියේ නාමයෙන් දුබලයන් පෙළන අත්තනෝමතික අශිෂ්ටකම තොප්පිගල කැලෑව මායිමේ වූ දිවුලපොතාන සිංහල ගමේ අහිංසක ගැමියන් මත අතහැර තිබේ.

මේ දිගහැරෙන්නේ වාර්ගික ප්‍රශ්නයක්‌ නොව තවමත් නීතිය නීතියක්‌ නොවූ රටක අශිෂ්ට දේශපාලනයේ යථාර්ථය ය.

සුසන්ත අමර බන්දු

එල්ටීටීඊ. රැඳවියෝ උපවාසයක්‌ අරඹති

එල්ටීටීඊ. රැඳවියෝ උපවාසයක්‌ අරඹති

සමන් ගමගේ

එම්. ඒ. සුමන්තිරන්
පොදු සමාවක්‌ යටතේ තමන් වහා නිදහස්‌ කරන ලෙස රජයට බල කරමින් කොළඹ අනුරාධපුර සහ මැගසින් බන්ධනාගාරයේ රඳවා සිටින එල්. ටී. ටී. ඊ. සැකකරුවන් ඊයේ (12 වැනිදා) පෙරවරුවේ සිට උපවාසයක්‌ අරඹා තිබේ.

වත්මන් රජය පොරොන්දු වූ පරිදි තමන්ට නිදහස ලබා නොදුන් බවත් රජය කළේ අසත්‍ය පවසමින් තමන් මුළා කිරීම බවත් සඳහන් කරමින් ඔවුහු මෙසේ උපවාසයේ නිරතව සිටිති.

ඉකුත් යුද සමයේ කොළඹට බෝම්බ ප්‍රහාර එල්ල කිරීමට පැමිණි සහ බස්‌ රථවල, දුම්රියවල බෝම්බ පිපිරවීම්වලට සම්බන්ධ වූවන් ඇතුළු ත්‍රස්‌තවාදී සැකකරුවෝ දෙසීයකට අධික පිරිසක්‌ මෙසේ බන්ධනාගාරගතව සිටිති. මෙම සිරකරුවන්ට සතියක්‌ ඇතුළත නිදහස ලබා දිය යුතු බව පසුගියදා දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන් මහතාද රජයට පවසා තිබිණි.

King of Sri Lanka who reigned from 161 BC to 137 BC

Categories

Balawegaya Flickr Photos

More Photos

Different countries have visited this site

Free counters!