//

බලවේගය විශේෂ පුවත් (Balawegaya Special News)

This category contains 50 posts

රට දැය සමය බේරා ගැනීම සඳහා අගෝස්තු 17 වන දා ඔබ කල යුත්තේ කුමක්ද? පහත සඳහන් විකල්ප 02 කියවා ඔබම තීරණය කරන්න.

රට දැය සමය බේරා ගැනීම සඳහා අගෝස්තු 17 වන දා ඔබ කල යුත්තේ කුමක්ද? පහත සඳහන් විකල්ප 02 කියවා ඔබම තීරණය කරන්න.

ආචාර්ය සුදත් ගුණසේකර සභාපති මහනුවර සිංහල බෞද්ධ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ සංවිධානය

විකල්ප 1 විකල්ප 2
1. නොඛෙදුනු එක් රටක් – ශී්‍ර ලංකාව
උතුරේ කංකසන්තුරේ සිට දකුණේ දෙවුන්දර තුඩුව දක්වා ද නැගෙනහිරින් මඩකලපුවේ සිට බටහිරින් පුත්තලම දක්වාද සිංහ කොඩිය ගුවනේ ළෙල දෙන ඒකීය ශී්‍ර ලංකාවක්sudath1
1. ඛෙදුනු රටක් –
ලංකාව, ඊලම සහ කලිස්ථානය
(අවසානයේදී ඉන්දියාවට එක්කෙරන තුරු)shenali25073I ඊළම
දිවයිනේ වර්ග ප්‍රමාණයෙන් 1/3 ක් සහ මුහුදු තීරයෙන් 2/3 ක් සහිත පුත්තලමේ සිට යාපනය – ති්‍රකුණාමලය හරහා කතරගම දක්වා දිවෙන රටේ ජනගහනයෙන් 5% ක් පමණ වන දෙමළ ජනතාවගේ රට (නුදුරේදිම මෙම ප්‍රදේශය දකුණු ඉන්දීය තමිල්නාඩුව, අනතුරුව ඉන්දියාව විසින් ද ඉන්දියාවේ කොටසක් කරගනු ඇත.)
II කලිස්ථානය
මේ රටේ වර්ග ප්‍රමාණයෙන් 1/3 ක් පමණ වු අග්නිදිග ලංකාව (කල්මුනේ ප්‍රදේශය) මුස්ලිම් රටIII ශී්‍ර ලංකාව
රටේ ජනගහනයෙන් ඉතිරි 90% ක් පමණ වන සිංහල, දෙමළ සහ මුස්ලිම් ජනයාට රටෙන් 1/3 ක් හා මුහුදු වෙරළෙන් 1/3 ක් පමණ වු නිරත දිග ශී්‍ර ලංකාව(මෙය පළමුව උතුරු නැගෙනහිර ඊලමට ද දෙවනුව ඉන්දියාවට ද යා කර ගනු ඇත.)වසර2500 ක් පැරණි සිංහල ජාතිය සහ සිංහල දේශයේ අවසානය මේ අනුව සිදු වනු ඇත.
2. එක් ජාතියක් – ශී්‍ර ලාංකීක 2. ජාතින් 3 ක්
I ශී්‍ර ලාංකීක
II දෙමළ
III මුස්ලිම්
(දේශපාලන අස්ථාවර භාවය සහිත රජයක්)(වර්ග වාදය අනුව යුධවැදි එකිනෙකා මරා ගන්නා රාජ්‍යය)
3. එකීය රාජ්‍යයක්
(දේශපාලන ස්ථාවරත්වය සහිත ශක්තිමත් රජයක්)
3. පෙඩරල් රාජ්‍යයක්
4. පරමාධිපත්‍යයක් සහිත නිදහස් ස්වාධීන රටක් 4. ඉන්දියාවට හා බටහිර රටවලට යටත් දාස භාවයේ රටක්
5. නොබැදුනු විදේශ ප්‍රතිපත්තියක් සහිත රටක් 5. බටහිරට ගැති විදේශ ප්‍රතිපත්තියක් සහිත රටක්
 6. එල්ටීටීඊ කොටි නැති, යුද්ධයක් නැති, බිම්බෝම්බ පිපිරීම් නැති, දොරක් දොරක් පාසා මළමීනි නැති, රටපුරා සාමය සහ සෞභාග්‍ය පැතිරුණු රටක්  6. එල්ටීටීඊ කොටි යලි පණ ලැබු, යුද්ධය සහිත, බිම්බෝම්බ සහ බෝම්බ පිපිරීම් හා රට පුරා, දොරක් දොරක් පාසා මළමිනි සහිත ලංකාවක්
 7. ගමක් ගමක් පාසා පන්සල් විහාර, රුවන් වැලි සෑය වැනි දාගැබ්, සාමාධි පිළිමය, ගල් විහාරය අවුකන වැනි පෙති පිළිම, ශී්‍ර දළදා මාළිගාව, ශී්‍ර පාදය සහ කැළණිය වැනි බෞද්ධ ස්මාරක සහිත ශී්‍ර ලංකාවක්  7. රටපුරා විසිරුණු හින්දු කෝවිල්, මුස්ලිම් පල්ලි සහිත, බෞද්ධ වෙහෙර විහාර සහ ස්මාරක නැති අසිංහල අබෞද්ධ රටක්
 8. ගමට, ගැමි ජනතාවට සහ දුප්පතාට මුල් තැන දෙන අපේ කමට ගෞරවය ලබා දෙන රජයක්  8. නගරයට සහ ධනවතුන්ට මුල්තැන දෙන ගම සහ ගැමියා නොසලකා හරින පරගැතිකම රජයන රජයක්
9. දේශප්‍රේමි ජනකාන්ත, ජනපි්‍රය එසේම ජාතියේ මුරදේවතාවුන් වහන්සේලාගේ ද තේරීම වන ජනතා නායකයෙක්
රටක මැතිවරණයෙන් පසු ලක්ෂ ගණනින් මහජනයා නිවසට පැමිණ එක හඩින් නැවත රට භාර ගන්නට කියා ආරාධනා කර එකම නායකයා
(නුතන දුටුගැමුණු – සිංහලයේ දියසේන කුමාරයා)
 9. පිටපිටම මැතිවරණ 29 ක් පරාජය වී ලෝක වාර්තාවක් පිහිටුවා ඇති, රටට හෝ ජාතියට ආදරයක් නැති, ජනතා ආකර්ශනයක් නැති එසේම කිසිදු නායකත්වයක් නොමැති පස්සා දොරෙන් ව්‍යවස්ථා විරෝධිව අගමැති පුටුවට රිංගා ගත් නාමික නායකයෙක්
I ප්‍රජාතන්ත්‍රවාදී රටක පාර්ලිමේන්තුවේ බහුතරයක් නොමැතිව අග්‍රාමාත්‍ය පදවියට පත් වු එකම පුද්ගලයා වීමෙන් සහII එසේම මැතිවරණ 29 කින් පරාජයට පත්ව තිබියදීත් තම පක්ෂයේ නායකත්වයේ රැදී සිටිමෙන් දේශපාලන ලෝකයේ ගිනස් වාර්තාවක් පිහිටුවා ඇති පුද්ගලයෙක්
 10. අභීත ජන නායකයෙක්
දේශීය හෝ විදේශිය කුමන බලවේගයක් හෝ අභියෝගයක් ඉදිරියේ වුව ද දනින් නොවැටුණු එසේම ඉදිරියටත් නොවැටෙන උත්තුංග දේහධාරී කේසර සිංහ රාජයෙකු මෙන් සතුරා ඉදිරියෙහි කෙලින් නැගී සිටිය හැකි පෞරුෂත්වයක් ඇති තම දේශය හා ජනතාව ආරක්ෂා කොට ගැනීම සඳහා අවසන් හුස්ම දක්වා මාරයා ඉදිරියේ වුව ද නොසැලි සටන් කල හැකි අභීත ජන නායකයෙකුට රට භාරදීම.
 10. සියලූම සතුරු බලවේග ඉදිරියේ අසරණව දණින් වැටෙන, ඉන්දියාව සහ බටහිර බලවතුන් ඉදිරියේ නිවටව නියාලූව බැටළුවෙකු මෙන් හැසිරෙන,අභියෝග සහ අර්බුද ඉදිරියේ පලායන, දෙමලූන්ට හා මුස්ලිම් වරුන්ට රට විකුණා හෝ දේශපාලන බලය ලබා ගැනීමට සහ එහි රැදී සිටිමට කටයුතු කරන, මේ රට විනාශය කරා ගෙන යන දුර්වල මිනිසෙකුට රට භාරදීම.
11. දේශප්‍රේමි අභිමානවත් රජයක්
12. මාතෘභූමිය ආරක්ෂා කර ගැනීමට
 11. පරගැති, නිවට, විජාතික රජයක්
12. මව්බිම විනාශ කිරීම සඳහා
 13. මාතෘභූමිය ගලවා ගැනීම සඳහා උපන් නායකයෙක්  13. මාතෘභූමිය විනාශ කිරීම සඳහාඋපන් නායකයෙක්
 14. ක්ෂණික ප්‍රතිඵල  14. වසර 5 ක් අවසානයේ ප්‍රතිඵල දැකීම
 15. දේශප්‍රේමි සිංහල බෞද්ධයන්ගේ දියසේන කුමාරයා———————-
ඔබ තෝරා ගනුයේ විකල්ප 1 නම්
අගෝස්තු 17 වන දා පැවැත්වෙන මැතිවරණයකදී ඔබගේ ඡන්දය හා මනාපය
 එක්සත් ජනතා නිදහස් පෙරමුණට
 මහින්ද රාජපක්ෂට
 රට පුරා සිටින ඔහුගේ අපේක්ෂකයින්ට දීමෙන් මහින්ද දිවයිනේ වැඩිම මනාපය ලබන්නා බවට පත් කොට අඩුම තරමින් පාර්ලිමේන්තුවේ ආසන 125 ක් හෝ ලබා දී මේ රටත් ජාතියක් ශාසනයත් බේරා ගැනීමට පෙරමුණ ගන්නා මෙන් දේශප්‍රේමි ඔබ සැමගෙන් මව්බිමේ නාමයෙන් අපි ඉල්ලූමු.
තවත් වසර 500 කින් මෙපිට
මෙබඳු ජන නායකයෙකු මේ රටේ පහළ නොවන බවද අපි ඔබට කියමු.
 15. මාතෘභූමියේ සිංහල ජාතියේ සහ සම්බුද්ධ ශාසනයේ මළගම උදා කරන නායකයෙක්——————————
ඔබ තෝරා ගනුයේ විකල්ප 2 නම්
එක්සත් ජාතික පක්ෂයට ඡන්දය දී බොහෝ දෙනා විසින් කෝට්ටේ දොන් ජුවන් ධර්මපාල නමින් හදුන්වනු ලබන රනිල් වික්‍රමසිංහට සහ ඔහුගේ අනුගාමිකයින්ට ඔබේ ඡන්දය දී මව්බිම විනාශ කිරිමේ කොටස් කාරයෙකු විමේ මහා පාප කර්මයට දායක වන්න.
 2015 අගෝස්තු 17 වන දා මව්බිමේ සහ ජාතියේ ඉරණම රැක ගැනීමේ වගකීම ඇත්තේ ඔබ අතේය.
මහින්ද රාජපක්ෂ 2009 දී අපට රැක දුන් අපේ මව්බිම ආරක්ෂා කොට ගැනීම ඔබ අප හැමගේ වගකීම නොවන්නේද? 

 

This slideshow requires JavaScript.

ෆෙඩරල් කියන වචනයටත් මම බයයි එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ කොළඹ දිස්‌ත්‍රික්‌ අපේක්‍ෂක, පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල

ෆෙඩරල් කියන වචනයටත් මම බයයි
එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ කොළඹ දිස්‌ත්‍රික්‌ අපේක්‍ෂක,
පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල

අද අපේ දේශපාලන කතිකාව තුළ “ෆෙඩරල් ක්‍රමය” පිළිබඳ අලුත් සංවාදයක්‌ පටන්ගෙන තිබේ. “ෆෙඩරල්” යනු අපට අලුත් වචනයක්‌ නොවුණත් ඒ පිළිබඳ අත්දැකීමක්‌ පූර්වාදර්ශයක්‌ විඳි පුද්ගලයෙක්‌ නැති නිසා ජනතාව තුළ තිබෙන අවධානය පටුය. දැනුම හා අවබෝධය පටුයි. ‘දිවයින’ පුවත්පත ව්‍යවස්‌ථා නීතිය පිළිබඳ රටේ විද්වතකු වන නීතිඥ උදය ගම්මන්පිල සමග කතාබහ කළේ “ෆෙඩරල් ක්‍රමය” පිළිබඳ අවබෝධයක්‌ ජනතාවට ලබාදීම පිණිසය.

ප්‍රශ්නය – මේ මැතිවරණ සමයේ පැමිණෙන ප්‍රතිපත්ති ප්‍රකාශන තුළ රටට කතාබහ කරන්න තවත් අලුත් මාතෘකාවක්‌ පැමිණිලා තියනවා. ඒ තමයි “ෆෙඩරල් ක්‍රමය” සමහරු මේ නමටත් හරි බයයි. ඔබත් එහෙමද?

පිළිතුර – ඇත්තම කියනවා නම් මේ වචනයට මම තරම් බය අය ඉන්නවා නම් මේ රටේ… ඒ ඉතාම අතලොස්‌සක්‌ විතරයි. මොකද මම මේ වචනේ තේරුම හරියටම දන්න කෙනෙක්‌. මම වෘත්තියෙන් “ව්‍යවස්‌ථාවේ නීතිය” පිළිබඳ නීතිඥයෙක්‌. ඒ වගේම ව්‍යවස්‌ථා සම්පාදන අමාත්‍යාංශයේ උපදේශක මණ්‌ඩල සාමාජිකයෙක්‌. සර්ව පාක්‍ෂික නියෝජිත කමිටුවේ සාමාජිකයෙක්‌ විදිහට ව්‍යවස්‌ථා සම්පාදන ක්‍රියාවලියට සක්‍රීයව දායක වුණ කෙනෙක්‌. ඒ ගැන පර්යේෂණ කරපු කෙනෙක්‌. ඒ නිසා මේ ෆෙඩරල් කියන වචනය කෙතරම් බයංකරද කියන කාරණය ගැන මට හොඳ අවබෝධයක්‌ තියෙනවා.

ප්‍රශ්නය – අපට ඕන ඒක දැනගන්න. ඇයි අපි ෆෙඩරල් වලට බය විය යුත්තේ.

පිළිතුර – මම කියන්නම්. එක වරක්‌ ස්‌වීඩන් තානාපති කාර්යාලය සංවිධානය කළ තාක්‍ෂණ වැඩමුළුවකට මම සහභාගි වුණා. ඒ 2003 දී. එතනදී ඔවුන් ෆෙඩරල් නිර්වචනය කළේ “එකිනෙකට වෙනස්‌ පිරිස්‌ එකට එකතුව සමගියෙන් ජීවත් වීම” කියලයි. නමුත් මේක සුරංගනා කතාවක්‌, පට්‌ටපල් බොරුවක්‌ විතරයි.

මේ ලෝකයේ රටවල් පාලනය කරන රාජ්‍ය ව්‍යqහයන් තුනක්‌ තියෙනවා. ඒ තමයි

1. ඒකීය රාජ්‍යයන්

2. ෆෙඩරල් (සන්ධීය) රාජ්‍යයන්

3. ඔන් ෆෙඩරල් (සහසන්ධීය) රාජ්‍යයන්

මෙන්න මේ ව්‍යqහයන් තුන එකිනෙකට වෙනස්‌. වෙනස්‌ වෙන්නේ බලය බෙදීම කියන කාරණය උඩ. ඒකීය රාජ්‍යයක්‌ කියල කියන්නේ එහි තීන්දු ගන්නා උත්තරීතර ආයතන තියෙන්නේ එකයි. ඒ කියන්නේ පාර්ලිමේන්තුව. ඒ රටේ පළාත් සභා හෝ ප්‍රාන්ත රාජ්‍යයන් තියනවා නම් පාර්ලිමේන්තුවේ 2/3 ක කැමැත්තකින් පමණක්‌ ප්‍රාන්ත හෝ පළාත් සභාවලට දී තිබෙන බලය වෙනස්‌ කළ හැකියි. ප්‍රාන්තය හෝ පළාත් සභාව කැමති වුණත් අකමැති වුණත් එම බලය මධ්‍යම රජයේ ඉහළ උත්තරීතර ආයතනයට තියනවා නම් ඒක “ඒකීය රාජ්‍යයක්‌” මේ ලෝකේ 80% ක්‌ම තියෙන්නේ ඒකීය රාජ්‍යයන්.

දෙවනුව, සන්ධීය හෝ ෆෙඩරල් රාජ්‍යයක්‌ කියන්නේ ප්‍රාන්ත හෝ පළාත් ඒකකයේ බලය වැඩි ව්‍යqහයක්‌. පළාත් පාලන ඒකකයේ හෝ ප්‍රාන්ත ආණ්‌ඩුවේ අනුමැතිය තිබුණොත් විතරයි, මධ්‍යම ආණ්‌ඩුවට පුළුවන් වෙන්නේ එහි බලය වෙනස්‌ කරන්න හෝ අහෝසි කරන්න. එහි ප්‍රාන්ත ඒකකයටත් විශේෂ බලයක්‌ තියනවා.

සහසන්ධීය (ඔµa ෆෙඩරල්) රාජ්‍යයකදී වෙන්නේ මධ්‍යම රජයේ අනුමැතියකින් තොරව වෙන්වී යැමට වෙනම රාජ්‍යයක්‌ ලෙස කටයුතු කිරීමට වුවත් ප්‍රාන්ත ආණ්‌ඩුවට බලය තිබීමයි. ලෝකයේ සහසන්ධීය පාලනය පැහැදිළි කරන්න උදාහරණ දෙකක්‌ තියනවා. එකක්‌ එක්‌සත් අරාබි එමීර් රාජ්‍යය. ඩුබායි අබුඩාබි වැනි අරාබි රාජ්‍යයන් 6 ක්‌ එකතු=ව තනි රාජ්‍යයක්‌ විදියට කටයුතු කරන්නේ සහ සන්ධීය රාජ්‍ය ව්‍යqහය ඇතුළේයි. අනිත් උදාහරණය තමයි යුරෝපීය සංගමය. ඊට අදාළ සාමාජික රටවලටත් පුළුවන් අවශ්‍ය වෙලාවක වෙන්ව යන්න. යුරෝපීය සංගමය අකැමැති වුණත්.

ප්‍රශ්නය – හරි… ඉතින් අපි ෆෙඩරල් කියන වචනයටත් බය විය යුතු නැහැනේ. මම හිතන්නේ නැහැ ජනතාව ඔය කියන තරම් බයයි කියලා.

පිළිතුර – තව ටිකක්‌ තේරුම් ගනිමුකෝ. ඒකීය රාජ්‍යයකදී බලය බෙදීම කියන්නේ හරියට කෙනෙකුට ණයක්‌ දෙනවා වගේ. ණය දෙන්නේ ගන්න. ආපහු ගන්න පුළුවන්. නමුත් ෆෙඩරල් රාජ්‍යයකදී බලය බෙදීම කියන්නේ තෑග්ගක්‌ දෙනවා වගේ. දෙන්න පුළුවන්. හැබැයි ආයෙත් ගන්න බැහැ. ගන්න නම් තෑග්ග අතේ තියන කෙනා කැමැති වෙන්න ඕන. ඒකයි බයානක. දීපු දෙයක්‌ නැවත ගන්න බෑ. අන්න ඒකයි අපි මෙතනදී “දීමේදී පරිස්‌සම් විය යුත්තේ”
ෆෙඩරල් රාජ්‍යයකින් කරන්නේ ප්‍රාන්තයේ? ශක්‌තිමත් කිරීම. දිග කෝට්‌ටක්‌ අතේ එක්‌ කෙලවරක්‌ අතින් අල්ලගෙන අතට බරක්‌ එකතු කරන්න. ඒ බර ටික ටික වැඩි කරන්න. වෙන්නේ අඟලක්‌ වෙලා කෝට්‌ට දෙකට කැඩිලා වෙන්වෙන එක. 1969 දී ඒකීය රාජ්‍යයක්‌ ලෙස තිබුණු චෙකොස්‌ලෝවැකියාව ෆෙඩරල් රාජ්‍යයන් වුණා. 1991 දී එය චෙක්‌ ජනරජය හා ස්‌ලෝවැකියාව කියා රාජ්‍යයන් 2 ක්‌ වුණා.

ප්‍රශ්නය – අද අපි “ෆෙඩරල්” ගැන නැවත කතා කරන්න පටන් අරන් තියෙන්නේ දෙමළ ජාතික සන්ධානයේ මැතිවරණ ප්‍රකාශනයේ “ෆෙඩරල් යෝජනාව” පිළිබඳ “වස්‌තු බීජය” එළිදැක තිබෙන නිසානේ. ඒක නිසා ඔබ, අප මේ ගැන කතා කරනවා තමයි. නමුත් ඔබ හිතනවාද රටේ බහුතර ජනතාවට මේ ප්‍රශ්නය “ප්‍රශ්නයක්‌ වෙලා” තියෙනවා කියලා.

පිළිතුර – ඇත්ත… ඒ යකාගේ තරම හරියට දන්නේ නැති නිසානේ. මම නම් හොඳටම දන්නවා. මිනිස්‌සුන්ට මේක දැනෙන්නේ නැත්තේ මේ පිළිබඳ අත්දැකීමක්‌ නැති නිසා, පළපුරුද්දක්‌ විඳ නැති නිසා. හරියට අර “බැඳුම්කර වංචාව” වගේ ෆෙඩරල් කිව්වාමත් මිනිස්‌සුන්ට චිත්ත රූප මැවෙන්න විදියක්‌ නැහැනේ.

හොරු බැංකුවකට පැනල බැංකුවේ මිනිස්‌සු බය කරල සල්ලි ටික අරන් පැන්නා කිව්වාම මිනිස්‌සුන්ට චිත්ත රූපයක්‌ මැවෙනවා. සී.සීS.ටී.වී. කැමරා වලටත් අහුවෙනවා. නමුත් මහ බැංකු හොරකම, බැඳුම්කර වංචාව කිව්වාම ඒක පේන්නේ නැත්තේ සී.සී.ටී.වී. කැමරා වලට අහුවෙන්නේ නැති නිසානේ.

ඒ වගේ කොටි ඇවිත් ගමකට ගහල ගම අල්ල ගන්නවා කිව්වාම ඔන්න මිනිස්‌සුන්ට චිත්ත රූප මැවෙනවා. ඒත් රට ෆෙඩරල් වෙනවා කිව්වාම චිත්ත රූප මැවෙන්නේ නැහැ.

ඒක නිසා මිනිස්‌සුන්ට දැනෙන්නේ නැහැ තමයි. දෙමළ ඊළම හදනවා කිව්වමත් එහෙමයි.

හොඳට මතක තියා ගන්න පසුගිය සියවසේ අලුත් රාජ්‍යයන් බිහිවුණේ ලෝකයේ යුද්ධ හරහා නොවෙයි. සාකච්ඡා හරහා බලය බෙදීම තුළින් පමණයි. උදාහරණ විදියට ඊශ්‍රායලය, පකිස්‌තානය, නැගෙනහිර ටිමෝරය, දකුණු සුඩානය ආදී මේ සියල්ලම බිහි වුණේ යුද්ධ හරහා නොවෙයි. ජාත්‍යන්තර මැදිහත්වීමෙන් ශ්‍රී ලංකාවට ෆෙඩරල් ක්‍රමය ගෙනෙන දමිළ ජාතික සන්ධානයේ යෝජනාවෙත් මේ කාරණය අඩංගුයි.

ප්‍රශ්නය – දෙමළ ජාතික සන්ධානයෙන් මෙම යෝජනාව ආවත් මේක පිටිපස්‌සේ ජාත්‍යන්තරය ඉන්නවා කියල ඔබ කියන්න උත්සාහ කරන බව මට පේනවා.

පිළිතුර – නැහැ.. ඒක කියන්නේ මම නොවෙයිනේ. ආර්. සම්බන්ධන් තමයි එහෙම කියන්නේ. දැන් බලමු මොකක්‌ද මේ දෙමළ ජාතික සන්ධානයේ මැතිවරණ ප්‍රකාශනයේ තියෙන්නේ කියලා. ශ්‍රී ලංකාව ෆෙඩරල් රාජ්‍යයක්‌ බවට පත්කරලා උතුර නැගෙනහිරට ෆෙඩරල් ව්‍යqහයේ පාලනයක්‌ ලබාගන්නව කියල තමයි, එහි තියෙන්නේ. කවුරුහරි කියන්න පුළුවන් ඇයි ඕකට කලබල වෙන්නේ. එහෙම කරන්නේ.

දෙමළ ජාතික සන්ධානය දිනුවොත් විතරනේ. කවදද දෙමළ ජාතික සන්ධානයට රටේ බලය ලැබෙන්නේ… ඇයිs තේ කෝප්පේ ඇතුලේ කිඹුල්ලු දකින්නේ කියල කවුරු හරි කියයි. ඔබත් අහයි. නමුත් අපි මේ “ප්‍රවේශය” තවත් ආකාරයකින් බැලිය යුතුයි.

පළමු කාරණය තමයි යුද ජයග්‍රහණයෙන් පසුව දෙමළ ජාතික සන්ධානය ඇයි ඒකීය රාජ්‍යයක්‌ තුළ බලය බෙදිය යුතුයි කියන ස්‌ථාවරයේ ඉඳල ෆෙඩරල් යෝජනාව දක්‌වා යන්න තම ස්‌ථාවරය වෙනස්‌ කරන්නේ. එහෙම ප්‍රතිපත්තිය වෙනස්‌ කළේ ඇයි කියන එක හරිම වැදගත්. පරණ තැනට ගියේ ඇයි?

දෙවැනි කාරණය තමයි දෙමළ ජාතික සන්ධානයට රාජ්‍ය බලයක්‌ රටේ ගන්න බැරිනම් රාජ්‍ය බලය ගත හැකි කවුරුහරි දෙමළ ජාතික සන්ධානයට මේකට එකඟයිද කියන එක. රාජ්‍ය බලය මේ රටේ ගන්න පුළුවන් කණ්‌ඩායම් ඉන්නෙ දෙකයිනේ. එකක්‌ මහින්ද රාජපක්‌ෂගේ සන්ධානය. අනික රනිල් වික්‍රමසිංහ-චන්ද්‍රිකා කල්ලියේ එක්‌සත් ජාතික පෙරමුණ. මේ දෙකෙන් කවුරු හරි රට ෆෙඩරල් කරන්න එකඟද…

මහින්ද රාජපක්‌ෂ කියන්නේ හකීම්ලා කල්මුණේට පරිපාලන දිස්‌ත්‍රික්‌කයක්‌ ඉල්ලන වෙලාවේ ඊටවත් එකඟ නොවුණ නායකයෙක්‌. ඒක නිසා සන්ධානයෙන් ඒ වැඩේ වෙන්නේ නැහැ. එහෙම නම් එක්‌සත් ජාතික පක්‌ෂය මේ ෆෙඩරල් ආකාරයේ බල බෙදීමකට එකඟද… බැලූ බැල්මට රනිල්ගේ මැතිවරණ ප්‍රකාශනයේ තියෙන්නේ “ඒකීය රාජ්‍යයක බලය බෙදීමක්‌” විතරයි. එහෙම නම් බය වෙන්න දෙයක්‌ නෑ කියා කවුරුහරි කියන්න පුළුවන්.

නමුත් අපි දන්නවා 2001 දී රනිල් රට ෆෙඩරල් කරන්න මහ මැතිවරණයේ ජනවරමක්‌ ඉල්ලුවේ නැහැ තමයි. ඒත් එයා 2002 දෙසැම්බර් මාසෙ ඔස්‌ලෝ නුවරදී රට ෆෙඩරල් කරන්න කොටි සංවිධානය සමඟ එකඟ වුණා. 2015 දී ජනාධිපතිවරණයේදී..

ප්‍රශ්නය (- ඔබ වගකීමෙන් කියන්නේ රනිල් වික්‍රමසිංහ මහතා රට ෆෙඩරල් කරන්න කොටි සංවිධානයට එකඟ වුණා කියලා…

පිළිතුර – මම නොවෙයි මේක කියන්නේ. මම සාකච්ඡාවේ එකඟතා පිළිබඳ නෝර්වේ රජය නිකුත් කළ ඔස්‌ලෝ ප්‍රකාශනය තියෙනවානේ. ඒකෙනෙ මේක ගැන යෝජනා ටික කියවෙන්නේ.

2015 ජනාධිපතිවරණයේ දී රනිල් රට ෆෙඩරල් කරන්න ජනවරමක්‌ ඉල්ලුවේ නැහැ තමයි. නමුත් 2015 ජනවාරි 17 වැනිදා ඉන්දියාවේ එන්.ඩී.ඩී.ටී. නාලිකාවට කියනවා රනිල් බලය බෙදීම පිළිබඳ අපේ ප්‍රතිපත්තිය “ෆෙඩරල්කරණය” කියල පැහැදිලිවම කියනවා. රනිල් රටේ මැතිවරණ ප්‍රකාශනය තුළ “ඒකීය යෝජනාව” ගැන කියල තියන නිසා ඔහු කියන දේ කරන, කරන දේ කියන නායකයෙක්‌ නම් හිත හදාගන්න පුළුවන්. නමුත් ඔහු එහෙම කෙනෙක්‌ නොවෙයි. ඉතිහාසයේ දෙවරක්‌ම ඔහු රට ෆෙඩරල් කරන්න උත්සහ කරල තියෙනවා. රටේ දේශප්‍රේමී ජනතාව ඊට එරෙහිව උද්ඝෝෂණ කළ නිසා ඒ හැම වතාවකම රට බේරුණා.

අන්න ඒ පූර්වාදර්ශ රනිල් සපයලා තියන නිසා දෙමළ ජාතික සන්ධානය මේ කරන්නේ රනිල් හරහා තම අවශ්‍යතාව ඉටු කරගන්න යැමක්‌ය කියලා අපිට විශ්වාස කරන්න සාධාරණ හේතු තියනවා. සැකයක්‌ ඇති කරගන්න පුළුවන්. නමුත් ඒ සැකය ආර්. සම්බන්ධන් විසඳලා දුන්නා.

ප්‍රශ්නය (- ඒ කවදද… කොහොමද….

පිළිතුර – ඉන්න මම කියන්නම්. පසුගිය ජූලි 19 වැනිදා ත්‍රිකුණාමලය සිල්වෙස්‌ටර් හෝටලයේ තිබුණා දෙමළ ජාතික සන්ධානයේ අපේක්‍ෂකයන්ගේ වැඩමුළුවක්‌. එහිදී දෙමළ සන්ධානයේ ආර්. සම්බන්ධන් කියනවා මෙවර මැතිවරණයෙන් නිසැකවම රනිල් වික්‍රමසිංහ දිනනවා. ඊට පස්‌සේ රනිල් ලව්වා ෆෙඩරල් විසඳුමක්‌ ලබාදෙන බවට ඉන්දියාවත්, ඇමරිකාවත් අපට පොරොන්දු වී තිබෙනවා කියල සම්බන්ධන් තම අපේක්‍ෂකයන්ට කියනවා. ඒකයි මම කිව්වේ අපට තිබුණ සැකය සම්බන්ධන් විසඳුවා කියලා. රනිල් යන්නේ අන්න එතැනට. රනිල් ආවොත් ෆෙඩරල් දෙනවා දෙනවා මයි. ඇමරිකාව ඉන්දියාව මේ ගේම් එක පිටුපස ඉන්නවාමයි.

ප්‍රශ්නය – ඇමරිකාව අපට උදව් කරන රටක්‌. ඉන්දියාව අපේ අසල්වැසි රට. අපි ඇයි හිතන්නේ ඔවුන් අප සමඟ සතුරුයි කියලා. අපේ රටේ දේශපාලන බලය වෙනස්‌ කරන්න ඔවුන් උනන්දු වුණා කියලා…

පිළිතුර – පහුගිය දවස්‌වල හරි අපූරු දේවල් වුණා. ජනවාරි මාසෙ 26 වැනිදා ඉන්දියාවේ ජනරජ උත්සවයේ ප්‍රධාන අමුත්තා විදිහට ඇමරිකානු ජනාධිපති බරැක්‌ ඔබාමා ඉන්දියාවට ආවා. ඇවිත් එයාගේ කතාවේදී කිව්වා “ශ්‍රී ලංකාවේ තිබුණ පාලනය වෙනස්‌ කරල ප්‍රජාතන්ත්‍රවාදය ගෙන ඒමට අපට දැක්‌වූ සහයෝගයට ඉන්දියාවට ස්‌තුතියි” කියලා. මොකක්‌ද මේ කියන්නේ. ලංකාවේ වෙනස කළේ රනිලුයි, මෛත්‍රියි, චන්ද්‍රිකායි එකතුවෙලා කියලද මේ කියන්නේ. නැහැ. ඇමරිකන්කාරයා කියන්නේ ඒ වෙනස කළේ අපි. අපිට උදව් කළ ඉන්දියාවට ස්‌තුතියි කියලනේ ඔහු මේ කිව්වේ.

එතකොට ජෝන් කෙරී කියනවා ඇමරිකාවේ ඉඳන් ශ්‍රී ලංකාවේ “අප කළ වෙනස” ප්‍රජාතන්ත්‍රවාදීව ඒකාධිපතියෙක්‌ ගෙදර යෑවීම අන් රටවලටද ආදර්ශයක්‌ කියලා.

ඒ අතර එරික්‌ සෝල්හයිම් කියනවා එහේ ඉඳගෙන “ශ්‍රී ලංකාවේ වෙනස සිදු කිරීමට ඇමරිකාවට හා ඉන්දියාවට නෝර්වේ රටෙනුත් දැවැන්ත සහායක්‌ දුන්නා” කියලා. ඔන්න ඕකයි කතාව.

ආර්. ආර්. සම්බන්ධන් ත්‍රිකුණාමලයේ දී කිව්වේ මොකක්‌ද ඔහු කිව්වේ ඊළඟට රනිල් බලයට පත් වුණොත් ඒ රනිල්ගේ ආණ්‌ඩුව නිසැකවම “රූකඩ ආණ්‌ඩුවක්‌” කියල නොවෙයිද? අගෝස්‌තු 17 රනිල්ට රට ගියොත් මේ රට පාලය කරන්නේ මෛත්‍රියි රනිලුයි චන්ද්‍රිකයි නොවෙයි. ඇමරිකාවයි ඉන්දියාවයි කියන එක අපි වටහාගන්න ඕන. මේ රූකඩ ආණ්‌ඩුවට අප ඉඩ දෙනවද කියන එකයි අපි 17 වැනිදා තීරණය කරන්න ඕන.

ප්‍රශ්නය – මේක අපිට ලොකු ප්‍රශ්නයක්‌. හැමදාම අපිට ඔය “ඇමරිකානු භීතිකාව” දේශපාලනඥයෝ බණ කියනවා වගේ විස්‌තර කළා. ලෝකෙ මුල්ලක පුංචි තිතක්‌ වන අපේ රට ඇමරිකාවට ඔච්චර වැදගත් කියල විශ්වාස කරන්න පුළුවන්ද… ඇමරිකාවට පිස්‌සුද…

පිළිතුර – කප්ලාන් කියන ඇමරිකානු යුද විශේෂඥයෙක්‌ පොතක්‌ ලිව්වා. ඔහු කියනවා ශ්‍රී ලංකාව ගැන.

19 වැනි සියවසේ ලෝකයේ බල කේන්ද්‍රය වුණේ ඇමරිකාව හා යුරෝපය නිසා වැදගත්ම සාගරය වුණේ අත්ලාන්තික්‌ සාගරය. ඊළඟට 20 වැනි සියවසේ ලෝක බල කේන්ද්‍රය වුණේ ඇමරිකාව හා රුසියාව. එතැනදී වැදගත්ම සාගරය වුණේ පැසිපික්‌ සාගරය .

21 වැනි සියවසේ අනාගත ලෝකයේ ලෝක බලවතකු වන්නේ ඉන්දියාව හා චීනයයි. මේ දෙන්නම ඉන්නේ ආසියාවේ නිසා ඉන්දියානු සාගරය තමයි ලෝක බල කේන්ද්‍රය බවට පත් වන්නේ. ඉන්දීය සාගරයේ හරි මැද පිහිටි නාවුක ගුවන් කේන්ද්‍රය තමයි ලංකාව. මේ නිසා ඇමරිකාවට අනාගත තම බල උපාය මාර්ගික කාරණාවලදී ලංකාව ඉතාම වැදගත්.

දෙවනුව ලංකාව හරිම අපූරු රටක්‌. වැදගත් රටක්‌. මේක දැවැන්ත මුහුද මැද තනිවුණ රටක්‌. එක්‌සත් ජාතීන්ගේ සාගර නීති කොමිසමත්, මහාද්වීපික තටාක යටතේ මුහුද යට තියෙන සම්පත් අයිතිය රටවල් අතර බෙදද්දී ලංකාව වගේ 23 ගුණයක්‌ විශල මුහුදු සීමාවක අයිතිය ලැබිල තියෙනවා. මන්නාරමට ඉහළ මුහුදේ දැවැන්ත ගෑස්‌ නිධියක්‌ තියනවා. බේරුවලට එපිට මුහුදේ න්‍යෂ්ටික බලය හදන්න අවශ්‍ය දැවැන්ත “තෝරියම්” නිධියක්‌ තියනවා. තෙල් කියන සාධකය තවත් ලෝකයේ පවතින්නේ වසර 40 යි. ඊළඟ ලෝක බලශක්‌ති බලාපොරොත්තුව න්‍යෂ්ටික බලය හා ගෑස්‌ විතරයි. අන්න ඒ නිසා තමයි ලංකාව පිළිබඳව ඇමරිකාව මේ තරම් උනන්දු. අපි මේ කියන ඒවා ඔබ නිකන් සැහැල්ලුවෙන් සලකන්න එපා. ජනතාවට මේක කියන්න. මේ ගැන තව තවත් හොයන්න.

සාකච්ඡා කළේ – බුලිත ප්‍රදීප් කුමාර

සයනයිඩ් සමග පරණ කොටියෙක්‌ තමිල්නාඩුවේදී අත්අඩංගුවට

සයනයිඩ් සමග පරණ කොටියෙක්‌ තමිල්නාඩුවේදී අත්අඩංගුවට

චතුර පමුණුව

සයනයිඩ් කරල් 75 ක්‌ සමග හිටපු එල්ටීටීඊ සාමාජිකයෙක්‌ තමිල්නාඩුවේ උචිපුලි ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.

මොහු සතුව තිබී සයනයිඩ් ග්‍රෑම් 300 ක්‌ද ජංගම දුරකථන 04 ක්‌ද හමුවී ඇත.

මේ පුද්ගලයා 2009 වසරේදී තමිල්නාඩු ප්‍රාන්තයට පැනගොස්‌ ඇත.

අත්අඩංගුවට ගත් පුද්ගලයා කේ. ක්‍රිෂ්ණ කුමාර නමැති අයෙකි.

මොහු සතුව ලංකා රුපියල් 19,000 ක්‌ද, ඉන්දියානු රුපියල් 46,000 ක්‌ද, තිබී ඇත. මොහු 1990 සිට කොටි සංවිධානයට බැඳී සිට ඇත.

හක්‌ ගෙඩිය ගිලී දියමන්තිය මතුවීම!

හක්‌ ගෙඩිය ගිලී දියමන්තිය මතුවීම!

පූජ්‍ය ගංගොඩවිල සෝම හිමියන් අපවත් වී දැන් මාස 132 ක්‌ ගතවී ඇත. සෝම හිමියන්ගේ අපවත්වීම ගැන යළි සිහිකරන්නට සිදුවූයේ යළිත් වරක්‌ මැතිවරණයක්‌ ප්‍රකාශයට පත්කර ඇති නිසාය. 2004 මැතිවරණයේදී නම් සෝම හිමියන්ගේ හදිසි අපවත්වීම මැතිවරණ වේදිකාවේ ප්‍රමුඛ කථා බහක්‌ විය. 2004 පෙබරවාරි 17 වැනිදා ජාතික හෙළ උරුමය බිහිවූයේද සෝම හිමියන්ගේ අභාවයෙන් පසු ඇතිවූ බෞද්ධ නැගිටීම දේශපාලන ව්‍යාපාරයකට හැරවීම සඳහාය. 2004 මැතිවරණ වේදිකාවේදී ජාතික හෙළ උරුමය ප්‍රකාශ කර සිටියේ අපවත්වූ සෝම හිමියන්ගෙන් ගිලිහුණු බෞද්ධ ප්‍රබෝධයේ ධජය ඉදිරියට ගෙනයන බවය.

එවක පැවැති එක්‌සත් ජාතික පෙරමුණු ආණ්‌ඩුව පරාජය වීමටත් හෙළ උරුමයේ දේශපාලන ආගමනය බෙහෙවින් බලපෑ බව ප්‍රකට කරුණකි. එජාපය ගැන කළකිරී සිටි සිංහල බෞද්ධයෝ “දිවියේ එක්‌වරක්‌ රට දැය සමය වෙනුවෙන්” කියා හක්‌ගෙඩියට සිය ඡන්දය පූජා කළහ. එනිසාම 2004 අප්‍රේල් 04 වැනිදා පැවැති මහමැතිවරණයේ දී හෙළ උරුමයට ඡන්ද 552724 ක්‌ ලැබුණු අතර එයින් භික්‍ෂුන් නවදෙනෙකුට පාර්ලිමේන්තු මන්ත්‍රිධුර හිමිවිය. බෞද්ධයාගේ අයිතීන් ආරක්‍ෂා කිරීම වෙනුවෙන් පැමිණි මේ දේශපාලන ව්‍යාපාරයෙන් මෙරට බහුතරයට සාධාරණය ඉටුවීද නැද්ද යන්න ඉතිහාසය විසින් තීරණය කරනු ඇත. නමුත් ඉදිරි මහමැතිවරණයේ දී මේ පක්‍ෂයේ නිල නමත් ලාංඡනයත් වෙනස්‌වන බව පසුගිය සතියේ ප්‍රකාශ විය. ඒ අනුව ජාතික හෙළ උරුමයද දේදුනු සන්ධානයක්‌ බවට පත්ව ඇත. ජාතික හෙළ උරුමය නම් බෞද්ධ පක්‍ෂය මරණයට පත්වී එක්‌සත් යහපාලන පෙරමුණ නම් නව පක්‍ෂය බිහිවූයේ ඉකුත් සතියේ දීය. ඒ අනුව හක්‌ගෙඩිය වෙනුවට දියමන්තිය ප්‍රාතීර්භූතවී ඇත.

කාලයෙන් කාලයට දේශපාලන අරමුණු වෙනස්‌ වේ. දේශපාලන මතවාදයන්ද වෙනස්‌වේ. එලෙසම හෙළ උරුමයේ බෞද්ධකම ගැලවී ගියේද? කවරක්‌ නමුත් 2015 ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කිරීමෙන් පසු ජාතික හෙළ උරුමය පොදු අපේක්‍ෂකයාට සහායදීමට දේදුනු සන්ධානය සමඟ එක්‌විය. ඒ සන්ධානයට එක්‌වීම පිළිබඳව 2014 දෙසැම්බර් 21 වැනිදා දිවයින පුවත්පතට ‘ගල්ලෙන බිඳ ලෙන්දොරින් පහළට ඇදවැටීම’ මැයෙන් ලිපියක්‌ සටහන් කළෙමි. අද හක්‌ගෙඩිය ගිලී දියමන්තිය මතුවීමෙන්ම පෙනී යන්නේ එදා අප ප්‍රකාශ කළ ලෙන්දොරින් පහළට ඇදවැටීම නොවන්නේද? එදා මහින්ද රාජපක්‍ෂ රජය කඩා බිඳගෙන පැමිණි හෙළ උරුමය නායකයන් ප්‍රකාශ කළේ තමන් ගල්ලෙන බිඳ පැමිණි බවයි. හෙළ උරුම නායකයන්ට සිංහයා සමඟ ප්‍රශ්නයක්‌ තිබුණද සාමාන්‍ය පාක්‍ෂිකයින්ට සිංහයා සමඟ ප්‍රශ්නයක්‌ තිබුණේ නැත. ඔවුන් සිංහයා හැරදමා පැමිණ සන්ධාන ගතවුණේ වෘකයන් හා කොටියන් සමඟය. කවරක්‌ නමුත් හෙළ උරුමය ඇති කළ මහින්ද විරෝධී හඬ නිසාම මෙරට මධ්‍යම පාන්තික සිංහල බෞද්ධයන් කොටසක්‌ හංසයා සමඟ පිහිනා ගිය බව රහසක්‌ නොවේ. හංසයා සමඟ පිහිනා ගොස්‌ ටික කලකින්ම මෙය පිහිනීමටත් බැරි ගඳ ගසන කුණු ඇළක්‌ බව බොහෝ දෙනාට අවබෝධ වී ඇත. එහෙත් දැන් කල් පැනගොස්‌ය. ජනපතිවරණ සමයේදීද හෙළ උරුමය දෙදරා ගිය බව ප්‍රකට කරුණකි. දේදුනු සන්ධානය සමඟ ආණ්‌ඩු කරන විට හෙළ උරුමයද මිය යමින් තිබිණි. එනිසාම ගල්ලෙනෙන් පහළට ඇදවැටී හක්‌ගෙඩිය බිඳී දැන් එක්‌සත් යහපාලන පෙරමුණ බිහිව ඇත.

එක්‌සත් යහපාලන පෙරමුණ බිහිවන්නේ මන්ද? ජනවාරි 08 වෙනස රැකගන්නද? ජනවාරි 08 වෙනස රැකීමට හක්‌ගෙඩිය ගිල්වා ඇති බව නම් පෙනේ. ජනවාරි 08 දිනයට පෙර යහපාලනය ජනප්‍රිය වචනයක්‌ වුවද වර්තමානයේ එය අප්‍රිය දෙයක්‌ බවට පත්ව ඇත. මෙගා ඩීල් කාරයන්ට එරෙහිව කථා කළ හෙළ උරුම නායකයන්ට යළිත් සන්ධානය සමඟ එක්‌වී තරග කිරීමට නොහැකිය. එය සදාචාරය පිළිබඳ ප්‍රශ්නයකි. නමුත් යහපාලන පෙරමුණ සමඟ සම්බන්ධවන්නේ කවුරුන්ද යන්නත් සොයා බැලිය යුතුය. බර්ගොµa පදනමේ ක්‍රියාකාරීන්ද යහපාලන පෙරමුණ හා එක්‌වී ඇත. මොවුන් අර අඳින්නේ කවර කුමන්ත්‍රණයකටද? චම්පික රණවක මහතා නම් පාර්ලිමේන්තුව නියෝජනය කළ යුතු පුද්ගලයෙකි. එය ඔහුගේ දේශපාලන දර්ශනයට විරුද්ධ අය පවා කියන කතාවකි.

පිවිතුරු හෙටක්‌ සංවිධානය බිහිවන්නේ අතුරලියේ රතන හිමියන්ගේ නායකත්වයෙනි. මහින්ද රාජපක්‍ෂ පාලනයට එරෙහිව මුලින්ම ගිනි බිඳින්නේ රතන හිමියන්ය. 2004 දී ජාතික හෙළ උරුමය බිහිවූ කාරණා හා 2014 දී පිවිතුරු හෙටක්‌ බිහිවූ කාරණා එකිනෙකට පරස්‌පරය, සාමාන්‍ය හෙළ උරුම පාක්‍ෂිකයන්ට විධායක ජනපති ක්‍රමය වෙනස්‌ කිරීමට අත්‍යාවශ්‍ය වූයේ නැත. නමුත් එය 2014 දී රතන හිමියන්ට අවශ්‍ය විය. පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන්ටද අවශ්‍ය විය. නමුත් මෛත්‍රීපාල සිරිසේන ජනපති වූ පසුව සම්මත කළ 19 වැනි ව්‍යවස්‌ථා සංශෝධනයෙන් විධායක ජනපති ක්‍රමය අහෝසි කරනු ලැබුවේද? නැත. තම ප්‍රාර්ථනා ඉටු නොවීමත්, මහින්ද රාජපක්‍ෂ මහතා යළි දේශපාලන කරලියට පැමිණීමත් ගැන මාදුළුවාවේ සෝභිත හිමියෝ උකටලීව සිටිති. එහෙත් මහින්ද රාජපක්‍ෂ යළි දේශපාලනයට පිවිසීම ගැන මෙරට බහුතර ජනතාව උකටලී නොවෙති.

පිවිතුරු හෙටක්‌ ගැන සටහන් කිරීමට යද්දී සාධාරණ සමාජයක්‌ සඳහා වූ ව්‍යාපාරයත් සෝභිත හිමියන්වත් සිහිවිය. එහෙත් මේ යහපාලන පෙරමුණ පිළිබඳව රතන හිමියෝ සිටින්නේ උකටලීවද? 2014 නොවැම්බර් මස 16 වැනිදා දිවයින පුවත්පතට හෙළ උරුමය දැලි පිහියෙන් කිරිකෑම යනුවෙන් ලිපියක්‌ ලියූ අපි ඉදිරියේදී මහින්ද පරාජය වුවහොත් ඇතිවන දේශපාලන අස්‌ථාවරභාවය ගැන ඉඟි කළෙමු. ඒ අස්‌ථාවරභාවය දැන් සියළුදෙනාටම වඩා හොඳින් රතන හිමියන්ට දැනෙන බව නම් පැහැදිළිය.

ඇත්තෙන්ම හෙළ උරුමය දැලි පිහියෙන් කිරි කා ගල්ලෙන බිඳ ලෙන්දොරින් පහළට ඇදවැටී තිබේ. එදා 2004 දී රට දැය සමය වෙනුවෙන් හක්‌ගෙඩියට ඡන්දය දුන් අයට අද ඇතිවන හැඟීම කුමක්‌ද? මේ යහපාලනයක්‌ ගැන ඔවුන් සිහිනෙන්ද සිතන්නට නැත. නමුත් නොසිතූ දෙයම සිදුවන බව අප හොඳින් අවබෝධකර ගත යුතුය. පුරා වසර දහයකට අධික කාලයක්‌ තිස්‌සේ හෙළ උරුමය කළ දේශපාලන වික්‍රමයන්ට දැන් විරාමයක්‌ ලැබී ඇත්තේ හදිසියේම දියමන්තිය ප්‍රාතීර්භූතවීම නිසාය. එදා හක්‌ගෙඩිය පූජනීය වූ අරමුණක්‌ දිනවන්නට භාවිත කෙරිණි. අද දියමන්තිය භාවිත වන්නේ කවර අරමුණකටද? ආර්ථික ලාභයද? ආත්ම ලාභයද? එසේ නැත්නම් ඉදිරි දේශපාලන පිම්ම සඳහාද? මේ පිළිබඳ තීරණයක්‌ ගැනීමට අගෝස්‌තු 17 වන තෙක්‌ බලා සිටිය යුතුව ඇත.

චතුර පමුණුව

සීගිරි කැටපත් පවුරේ ඉංග්‍රීසි අකුරු ලියූ තරුණිය දෙවසරක්‌ හිරේ

චමින්ද සිල්වා

සීගිරි කැටපත් පවුරේ කුරුටු ගී වල ඉංග්‍රීසි අක්‍ෂර ලියූ තරුණියකට දඹුල්ල මහෙස්‌ත්‍රාත් සංජීව රම්‍යකුමාර මහතා විසින් පෙරේදා (02 වැනිදා) වසර දෙකක සිර දඬුවම් නියම කර ඇත.

මෙසේ බන්ධනාගාරගත කර ඇත්තේ මඩකලපුව ප්‍රදේශයේ පදිංචි සින්නතම්බි උදේනි නමැති ඇඟලුම් කම්හල් සේවිකාවකි. මඩකලපුව ප්‍රදේශයේ සිට පිරිසක්‌ සමඟ සීගිරිය නැරඹීමට පැමිණි සැකකාර තරුණිය සීගිරි කුරුටු ගී මත ඉංග්‍රීසි අක්‍ෂර ලියමින් සිටියදී පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන පුරාවිද්‍යා පනත යටතේ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම දඬුවම නියම කරනු ලැබීය.

ඇමරිකානු සහකාර රාජ්‍ය ලේකම් අද දිවයිනට

ඇමරිකානු සහකාර රාජ්‍ය ලේකම් අද දිවයිනට

චතුර පමුණුව

දකුණු ආසියානු කටයුතු පිළිබඳ ඇමරිකානු සහකාර රාජ්‍ය ලේකම් නිෂා බිෂ්වාල් මහත්මිය අද (2) ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.

නව රජය පත්වීමෙන් පසු ශ්‍රී ලංකාවට පැමිණෙන පළමු ඇමරිකානු රාජ්‍ය නිලධාරියා බිෂ්වාල් මහත්මියයි.

ඇමරිකානු නියෝජිතවරිය ජනපති සහ අගමැති ඇතුළු පිරිස සමග සාකච්ඡා පැවැත්වීමට නියමිතය.

බිෂ්වාල් මහත්මිය සමග ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සහකාර ලේකම් අතුල් කෙෂාඡ් ද ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.

 

Lexington duo returns from missionary trip to India

source:

A group of students eating lunch at their school. Adams said instead of a cafeteria, the students sit on the ground to eat.

LEXINGTON, Neb. – After previous church missionary trips to Mexico and Madagascar, Pastor Rex Adams is no stranger to voyaging to far-off lands to spread the good news of the Gospels. But it seems after each trip; Adams is filled with new stories to tell and a greater understanding of the importance of sharing the message of God to other souls. Last month, Adams, pastor of Calvary Assembly of God Church in Lexington, and Al Copper returned from a 14-day missionary trip to India, where they stayed in Chennai, in the southeast corner of the country. Adams shared some insights and experiences from his trip with the Lexington Clipper-Herald. “We worked with local pastors from two different churches primarily. We went to find out how Nebraska churches could partner with churches in India to help the local people. We visited with people in five different local churches, two schools, an orphanage, and a water treatment facility,” Adams said about the purpose of the India trip. “We were primarily there to see what we could do to help them out down the road. We spoke at a conference one day, visited a wedding reception with 800 people in attendance visited an orphanage for children orphaned by the Tsunami in 2004,” Adams said. One small and easy way to spread joy and love to children of India was to give them treats, “we took tons of candy to give to kids in the area, they love American candy,” Adams said. As if often the case when journeying in a foreign country, safety scares find a way of popping up, as was the case in India. “We did have a pretty scary moment once while walking down the road we ran across a four-five foot cobra in the road with us. Creepy,” Adams said. The missionary trip was full of learning experiences in many different ways, Adams said. “I learned a lot about Indian culture, and I really came to appreciate the people there. So much of what you see in the movies about India is negative – dirty, crowded, etc- but in reality the people are very warm, hospitable, and kind,” he said. Meeting Indian children and trying Indian food were too fun highlights of the trip for Adams, he said. “The food was amazing and amazingly spicy, but I think the kids were my favorite. They were very curious about white people and a lot of fun to get to know,” he said. Asked how the India trip compared to other trips he’s taken, Adams said the India trip went smoother and was more comfortable for him. “It was a little easier than some of the other trips I’ve been on because there was so much English in Chennai. English is spoken in much of India as a second language, so it was a little easier to get around,” he said. “It didn’t feel like a totally alien culture, so I felt a little more comfortable. It was an amazing place.”

Three elderly Italian nuns were raped and brutally murdered in Burund

Italian Nuns Raped and Butchered In Burundi Convent

Source:

Three elderly Italian nuns were raped and brutally murdered in Burundi, officials in the central African country said.

The bodies of Bernardetta Boggian, 79, Lucia Pulici, 75, and Olga Raschietti, 82, were found in their convent in Kamenge, near Burundi’s capital of Bujumbura.

Boggian had been beheaded, Godefroid Bizimana, the deputy director general of Burundi police, told Ansa news agency.

“They were all raped,” the official added.

The motive for the killings was not immediately clear. Early reports suggested they could have been the result of a botched robbery or the act of a mentally unbalanced person.

The bodies of the Xaverian Catholic missionaries were discovered at separate times.

Pulici and Raschietti were found with their throats slit by Boggian on Sunday afternoon, Father Mario Pulicini, responsible for the parish in Kamenge, told Italian missionary news agency Misna.

The 79-year-old nun, who had been working in Africa almost continuously since the 1970s, raised the alarm and police were called to the scene.

Later at night, other missionaries at the convent hard suspicious noises and, fearing the attacker was still inside the building, alerted Father Pulicini.

When help arrived, an inspection revealed Boggian had also been slain in her dormitory.

According to some reports, a knife-wielding young man was seen fleeing the convent after the first two murders. Police said they had detained two suspects for questioning.

Pope Francis said he was “deeply saddened by the tragic deaths” in a condolences telegram to Bujumbura’s archbishop.

The three nuns were veteran missionaries to Africa with decades of experience working with the sick and poor and had arrived in Burundi from Democratic Republic of Congo several years ago.

ධර්මපාල 150 වැනි සමරුව අද

ධර්මපාල 150 වැනි සමරුව අද

අනගාරික ධර්මපාල භාරය මගින් සංවිධානය කරනු ලබන අනගාරික ධර්මපාලතුමන්ගේ 150 වැනි ජන්ම දින සැමරුම් උත්සවය, සැප්තැම්බර් 1 වැනිදා (අද) පස්‌වරු 3.00 ට කොළඹ 7, හෝර්ටන් පෙදෙසේ ලක්‍ෂ්මන් කදිර්ගාමර් අධ්‍යයන ආයතනයේදී පැවැත්වේ.

ජාතියක් අවදි කළ මහා වාදයේ නිජබිම 140 වසරක් සපිරෙන පානදුරාවාදය පැවති පානදුරේ රන්කොත් විහාරය

ජාතියක් අවදි කළ මහා වාදයේ නිජබිම
140 වසරක් සපිරෙන පානදුරාවාදය පැවති පානදුරේ රන්කොත් විහාරය

Article: Sri Dalada Maligawa

අධිරාජ්‍යවාදීන් ලංකාව යටත් කර ගන්නට නම් එහි පවත්නා සංස්‌කෘතිය හා අනන්‍යතාවය විනාශ කළ යුතු බව මැනවින් අවබෝධ කරගෙන සිටියේය. මොණරවිල කැප්පෙටිපොල විරුවා තම හිස ගසා දමන අවස්‌ථාවේ තිසරණ කියවා අවසන් කරන විට මගේ ගෙල සිඳ දමන ලෙස ඉල්ලා සිටීමෙනුත්, කුඩහපොල හිමියන් ඉංගිරිසි ගිවිසුම අත්සන් කරන්නට පෙර බ්‍රිතාන්‍ය ධජය මහනුවර දී එසැවීමට එරෙහිව නැගී සිටි ආකාරයත් දන්නා අධිරාජ්‍යවාදීහු සම්පූර්ණයෙන්ම උත්සාහ කරන ලද්දේ මෙරට අනන්‍යතාව විනාශ කරන අන්දමටය. බෞද්ධකම නැති කිරීමටත් ගොවිතැනින් ගොඩනැඟුණ වාරි සංස්‌කෘතිය විනාශ කිරීමටත් එහි ලා උත්සාහ කළහ. මෙයට එදිරි වූ මහා සංඝ රත්නය සිංහල නායකයන් නැගූ හඬ හිරු නොබසින අධිරාජ්‍යයෙන් එපිටටද පැතිර ගියේය.

දහනව වැනි සිය වසේ මුල් භාගයේ බ්‍රිතාන්‍ය උපක්‍රමවලට ගොදුරු වූ නමුත් ඒ සියවසේ දෙවැනි භාගයේ දී බෞද්ධ පුනරුදයක්‌ ඇතිවිය. මිගෙට්‌ටුවත්තේ ගුණානන්ද හිමියන් විසින් ඇතිකළ 140 ස් වසරක් සපිරෙන පානදුරාවාදය එයට ප්‍රබල පිටිවහලක්‌ විය. බෞද්ධ ධජයේ පසුබිමට සමාන්තරව මේ පානදුරාවාදය ගැන ද යමක්‌ සටහන් කිරීම වැදගත්ය. අවුරුදු සියවසක්‌ හා දශක හතරකට පෙර සිදුවූ මෙම පානදුරාවාදය ශ්‍රී ලාංකික අනන්‍යතාවයට එක්‌කල දැවැන්ත සංකේතයක්‌ ලෙස මෙහිලා සැලකිය හැකිය.

අපගේ නූතන ජාතික පුනර්ජීවන ගමනේ ප්‍රබල සන්ධිස්‌ථානයක්‌ නියෝජනය කරනු ලබන්නේ දහනම වැනි සිය වසේ අගභාගයේ පානදුරේ රන්කොත් විහාරය නිජ බිම කරගෙන පැවැත්වූ පානදුරාවාදය විසින් බව අවිවාදයෙන් පිළිගත යුතු වෙයි. මේ රට විජාති කරණය කිරීමට කැප වූ මිෂනාරී බලවේගවල පිට කොන්ද මුළුමනින්ම කඩා දමන ලද්දේ මේ පානදුරාවාදය විසිනුයි. එදා ඒ පානදුරාවාදයෙන් බෞද්ධ බලවේග ජය අත්පත් නොකරන්නට අපගේ ජාතික පුනර්ජීවන සටන කුමන මඟක්‌ ගනු ඇතිද, එය ඉදිරියට ගෙන යැමට අවශ්‍ය ශක්‌තිය, ජවය ලබාගත හැකි වනු ඇතිද යන්න අපගේ විමසුමට ලක්‌විය යුත්තකි. අපගේ ජාතික සටන් හැම කල්හිම අවශ්‍ය ශක්‌තිය ජවය ලබාගන්නේ බෞද්ධ බලවේග තුළින් බව රහසක්‌ නොවේ.

බෞද්ධ පුනර්ජීවය මුල් කරගෙන පැවැත්වූ පානදුරාවාදය අපගේ ජාතික පුනර්ජීවන ගමන් මඟෙහි ප්‍රබල සන්ධිස්‌ථානයක්‌ ලෙස ම විසින් හඳුන්වනු ලැබීම ඇතැමෙකුගේ මවිතයට මෙන්ම අප්‍රසාදයට හේතුවන්නට පුළුවන. බෞද්ධ පුනර්ජීවය මුල්කරගත් සිද්ධියක්‌ ජාතික පුනර්ජීවනයට ඌනනය කළ හැක්‌කේ කෙසේදැයි ඔවුන් විසින් අසුනූ ඇත. බෞද්ධ පුනර්ජීවයත්, ජාතික පුර්ජීවයත් එකක්‌ නොව දෙකක්‌ නොවේද? අද සර්වාගමික සංකල්පය ඔසවා තැබීමට තැත් කරන, මේ රටේ ව්‍යවස්‌ථාවෙන් බුදු දහමට දී ඇති ස්‌ථානය නැති කළ යුතු යෑයි හඬ නඟන මේ බලවේග විසින් මගේ මේ නිගමනය අභියෝගයට ලක්‌ කරනු ඇත.

මේ රටේ වත්මන් ඉතිහාසය ගැන ඉංගිරිසියෙන් ලියා ඇති ජී. සී. මෙන්ඩිස්‌, ලුඩවොයික්‌ ආදීන් විසින් දිගින් දිගටම පෝෂණය කරන ලද මතයකි ජාතික පුනර්ජීවනය, බෞද්ධ පුනර්ජීවනයෙන් වෙන් කොට දැකිය යුතුය යන මතය. ඔවුන්ගේ ඒ එකද ඉතිහාස පොතකවත් පානදුරාවාදය ගැන හෝ අනගාරික ධර්මපාලතුමා ගැන හෝ සඳහනක්‌ නොමැතියි. ඔවුන්ගේ මතය අනුව පානදුරාවාදය මෙහෙයවූ මිගෙට්‌ටුවත්තේ ගුණානන්ද හිමියෝ, අනගාරික ධර්මපාලතුමා හෝ මේ රටේ ජාතික පුර්ජීවනය මෙහෙයවූ නායකයෝ නොවෙති. ඔවුන් නොකියා කියන්නේ මොවුන් එවැනි නායකයන් නොව සිංහල – බෞද්ධ ජාතිවාදීන් (ෂෝවිනිස්‌ටයන්) බවයි. මොවුන්ගේ මේ විජාතික මතවාදය දැන් අපගේ දරුවන් සඳහා ලියෑවෙන ඉතිහාස පොත්වලටද ඇතුළු වී තිබේ. ඒ ඉතිහාස පොත්වලින් පෙන්වා දෙනු ලබන්නේ දුටුගැමුණු රජ පවා වත්මන් අන්තර්ජාතික සංහිඳියාවට බාධකයක්‌ වන සිංහල – බෞද්ධ ජාතිවාදියෙකු බවයි.” දුටුගැමුණු නම සිංහල ඉතිහාස පොතෙන් අයින් කළ යුතු යෑයි රෙජී සිරිවර්ධන නමැති ඇන්ජීඕකාරයා කලකට පෙර යෝජනා කළ බව මට මතකය.

මේ රටේ ජාතික පුනර්ජීවනය බෞද්ධ පුනර්ජීවයෙන් වෙන් කළ නොහැකි බවත්, මේ රටේ සංස්‌කෘතිය බහු ජාතික සංස්‌කෘතියක්‌ නොවන බවත් අප දැන්වත් නොබියව හඬ නඟා කිවයුතු වෙයි. මේ කරුණ පානදුරාවාදයේ නිජබිම වූ රන්කොත් විහාරයට වසර දෙසීයක්‌ පිරෙන මේ අවස්‌ථාවේ අපේ සිංහල ජනතාවගේ මනසට කාවැද්දිය යුතු වෙයි. එබැවිනි මේ පූර්විකාව මවිසින් මෙහිලා සටහන් කර ඇත්තේ.

පානදුරාවාදය ගැනත් එහි නිජබිම වන රන්කොත් විහාරය ගැනත් වත්මන් පරපුරේ බොහෝ දෙනකු දනිතියි නොසිතමි.

රන්කොත් විහාරස්‌ථානයේ ආදි කර්තෘවරයා බටපොළ කල්‍යාණතිස්‌ස මහ නා හිමියනුයි. එහි වර්තමාන දියුණුවට උපස්‌ථම්භක වූයේ 1841 දී විහාරාධිපති වූ වල්පිට සිරිසුමන තිස්‌ස හිමියෝයි. පානදුරා මහා වාදය දියත් කිරීමට මුල්වූයේ උන් වහන්සේයි. උන්වහන්සේ විසින් කරන ලද තවත් විශිෂ්ට සේවයක්‌ නම් එතෙක්‌ පැවති විවාහ නීතිය – බෞද්ධයන්ගේ ආවාහ විවාහ ක්‍රිස්‌තියානි පල්ලිවල ලියාපදිංචි කළ යුතුය යන නීතිය වෙනුවට රජයේ විවාහ ලේකම්වරු පත්කිරීම එංගලන්ත ආණ්‌ඩුව මඟින් ඉටු කරවා ගැනීමයි.

මේ ශ්‍රේෂ්ඨ පැවිදි උතුමන් විසින් ගෙන යන ලද මේ මහඟු ජාතික සේවා පවත්වා ගෙන යැමට උපස්‌ථම්භක වූයේ එවකට පානදුරේ විසූ සැදැහැවත් බෞද්ධ දායක පිරිසයි.

මේ අවධිය වනවිට කෝල්බෲක්‌ – කැමරන් ප්‍රතිසංස්‌කරණය නිසා දේශීය ධනහිමි පංතියක්‌ද මේ රට තුළ බිහිවෙමින් තිබණ. පානදුරයෙන් බිහි වූ මේ දානපතියෝ ඒ දේශීය ධන හිමි පංතියට අයත් වූවෝ වෙති. ඔවුහු රට ජාතිය ආගම පිළිබඳ කැක්‌කුමක්‌ ඇති සැදැහැති බෞද්ධයෝ වූහ.

1873 දී පවත්වන ලද පානදුරා මහා වාදය පවත්වන ලද්දේ රන්කොත් විහාරය අසල වූ දෙඹගහවත්ත නමැති පෞද්ගලික ඉඩමේයි. ඒ ඉඩම අයත්ව තිබුණේ ජෙරමියස්‌ දියස්‌ දානපතියාටයි. ඒ ඉඩම ජෙරමියස්‌ දියස්‌ මැතිනිය විසින් සිය දියණියට දායාද කරන ලද අතර ඈ විසින් 1954 දී ඒ ඉඩම පානදුර බෞද්ධ මහා සංගමයට තෑගි ඔප්පුවකින් පවරා දෙන ලදී.

මේ රට තුළ ආනන්ද නාලන්ද ධර්මරාජ වැනි උසස්‌ බෞද්ධ පාසල් පටන් ගන්නා ලද්දේ පානදුරාවාදය නිසා මේ රටට පැමිණි ඕල්කොට්‌තුමා විසින් බව කවුරුත් දන්නා කරුණක්‌ යෑයි සිතමි.

රන්කොත් විහාරයට අනුබද්ධව පවත්වා ගෙන යනු ලබන පිරිවෙන පටන් ගෙන ඇත්තේ 1896 දීයි. ඊට මුල්වී ඇත්තේ අප ඉහතින් සඳහන් කළ ජෙරමියස්‌ දියස්‌ දානපතියායි. මේ ශ්‍රේෂ්ඨ පවුල මේ රටට, බෞද්ධ අධ්‍යාපනයට කරන ලද සේවය අද ඉන්නා පරපුර දන්නේද යන්න නොදනිමි. මා අඳුනන විශාඛා විද්‍යාලයේ ඉගෙනගත් වෛද්‍යවරියක්‌ විශාඛා විද්‍යා භූමිය ප්‍රදානය කරන ලද්දේ ජෙරමියස්‌ දියස්‌ මැතිනිය විසින් බව නොදැන සිටියාය.

1896 ආරම්භ කරන ලද මේ පිරිවෙනෙහි පළමු පරිවේනාධිපති වූයේ වැලිගම ශ්‍රී සුමංගල නායක හිමියෝයි. මේ පිරිවෙන මෙරට පහළ වූ විශිෂ්ට පැවැදි පඬිවරු කීපනමකටම නිජබිම වී ඇත. බේරුවල සිරි නිවාස හිමි, කණු මෝදර පියරතන හිමි ඔවුන් අතර වෙති. 1958 – 1981 කාලය තුළ මෙහි පරිවේනාධිපතිව වැඩ විසූ මොරටුවේ සාසනරතන නාහිමියෝ මගේ සුහද මිතුරෙක්‌ වූහ. ශ්‍රේෂ්ඨ බුද්ධ පුත්‍රයකු වූ උන්වහන්සේ අග්‍රගන්‍ය පඬිවරයෙක්‌ වූහ. ලංකාවේ මහායාන බලපෑම් පිළිබඳව උන්වහන්සේ විසින් රචිත ග්‍රන්ථය විශිෂ්ට ශාස්‌ත්‍රීය නිබන්ධනයකි.

Sri Dalada Maligawa's photo.
Sri Dalada Maligawa's photo.
Sri Dalada Maligawa's photo.

Categories

Different countries have visited this site

Free counters!