//

බෞද්ධ පුදබිම් විනාශ කොට හදන පල්ලි

This category contains 4 posts

වසර දෙදාහක බෞද්ධ නටඹුන් නසා ලියෑවෙන නැගෙනහිර අමුතු ඉතිහාස කතාව

වසර දෙදාහක බෞද්ධ නටඹුන් නසා ලියෑවෙන
නැගෙනහිර අමුතු ඉතිහාස කතාව
සොහොන මුස්‌ලිම් ආගමික නායකයකුගෙලු…
අවුරුදු දෙසීයක්‌ පරණයිලු..
සොහොනක්‌ තියනවග කියන්නෙ
වතුසුදු මල්ගස්‌ දෙකක්‌ නිසාලු…

වට්‌ටමඩු ප්‍රදේශයේ වසර දෙසීයක්‌ පැරණි මුස්‌ලිම් ජාතිකයෙක්‌ගේ සොහොන් තිබෙනවා. එතන අපේ ගල් කණුත් තිබෙනවා. දැන් එතන පල්ලියකුත් හදලා අලුත් ගම්මානයක්‌ හදන්න යනවා.” අයෙක්‌ මට කීවේය. අසන්නට ලැබුණු තොරතුරු කුහුල දනවන සුළුය. මම මා ප්‍රිය මිතුරු සමන් සමග ඒ සොහොන සොයා ගියෙමි.

අක්‌කරපත්තුව නගරයට පිවිසි අපි සාගම පොතුවිල් මාර්ගයේ ඉදිරියට ගියෙමු. ඩෝසර් කර බිමට සමතලා කරන ලද මොට්‌ටයාගොල ඉපැරණි පුද බිමද පසු විය. දෙපස කෙත්වතුය. ප්‍රධාන මාර්ගයෙන් වනපෙත දෙසට යනවිට සාගම වැව හමුවේ. වාහනයකට තබා පාපැදියකටවත් යාමට අපහසු මෙම මාර්ගයේ ගමන අතිශය දුෂ්කර විනි.

”මේ තියෙන්නේ මෙතන දාගැබක්‌. අර පේන තැනත් දාගැබක්‌, අර තියෙන්නේ ගල් කණු. අන්න අර හරියේ කවදාවත් හිෙ`දන්නේ නැති ක`ඵ දිය පොකුණක්‌ තිබෙනවා.” සමන් අවට වූ නටබුන් ගොඩැලි පෙන්වමින් යතුරුපැදිය පැදෙව්වේය. දෙපස පාළුය. තවත් දුර යනවිට හමුවන්නේ කලෙක කුඹුරු වගා කර අත් හරින ලද ඉඩම්ය. තැන් තැන්වල පෙර දිනයේ අලින් දැමු අලි වසුරුය.

”හැන්දෑවෙනකම් හිටියොත් අලි එනවා. සමහර වෙලාවේ දවල්ටත් අලි එනවා.” සමන් යළිත් හ`ඩ අවදි කළේය. ල`දු කැලෑවන් සහ ක`දු වැටි අතරින් හතර අතට වැලි පාරවල් පෙනේ. අප මහා මාර්ගයේ සිට මිනිස්‌ පු`ඵටක්‌ නැති අතුමග දිගේ කිලෝ මීටර් හත අටක්‌ පමණ පැමිණ තිබිණි. අප සොයා යන්නේ වසර දෙසීයක්‌ පැරණි ශ්‍රී ලාංකික මුස්‌ලිම්වරයකුගේ සොහොනකි. එම හැ`ගීම අප තුළත් යම් කුතුහලයක්‌ දනවයි. මේ අප සමග සියවස්‌ කාලයක්‌ එකට ජීවිතය බෙදාගත් මිනිසුන්ගේ සාධකනම් එය කොපමණ අසිරියක්‌ ද?.

අවසානයේ වසර දෙසීයක්‌ පැරණි යෑයි කියන සොහොන හමු විය. එය තිරුක්‌කෝවිල් ප්‍රාදේශිය ලේකම් කොට්‌ඨාසයේ ආරච්චිකට්‌ටුව ප්‍රදේශයේ පිහිටා තිබුණි. දෙපස ඉපැරණි ගල් කණු දෙකකි. එය යාකොට සිමෙන්ති ගඩොලින් බ`දින ලද සොහොන් ගැබ යෑයි කියන ස්‌ථානයට ඉහළින් කොළ පැහැති රෙදි හා කොඩි වැල් ඇද තිබිණි. ඉදිකිරීම හතර අත නිවීගිය හ`දුන්කුරු කොටස්‌ තිබුණි. සොහොන් කොත යෑයි කියනා ඉදිකිරීමේ සිමෙන්ති වලින් වට කළ කොටසේ එක්‌ පසෙක වතු සුද්ද පඳුරු කිහිපයක්‌ විය. අඩි 10ක්‌ 12ක්‌ උසට වන්නට සැකසු ස්‌මාරකයක්‌ද පසෙකින් තිබිණි. තහඩු ගසා ලෑලිවලින් මෑතකදි කරන ලද පල්ලියක්‌ද එම භුමියේ වූයේය.

සියල්ල පැහැදිලිය. මේ පවතින්නේ අනුරාධපුර යුගය තෙක්‌ දිවෙන පුරාණ ආරාමික නටබුන්වලින් උගුල්වාගත් ගල් කණු ය. මේ බෞද්ධ ආරාමික නටබුන් උගුලුවා ඒ ආශ්‍රයෙන් ඉදිවෙමින් ඇති මුස්‌ලිම් පල්ලිය බොහෝ අසුබ ඵල අනාගතයට ගෙන එනු ඇතැයි සිතේ. මේ රටේ පැවැත්ම සහතික වන්නේ එකිනෙකා එකිනෙකාගේ සංස්‌කෘතියට එහි හරයන්ට ගරු කිරීමෙන් පමණි. එහෙත් මේ මුස්‌ලිම් සහෝදරවරු මහා ව්‍යසනයක්‌ අපේක්‌ෂාවෙන් අශ්ලීල ප්‍රවේශයකට එළඹ සිටිති. කූරගලට සිදුවූයේත් මෙයමය. මේ පුංචි විඥානයක්‌ සහිත පරිණත නොවූ මිනිසුන් නැගෙනහිර බොදු උරුමය විනාශ කිරීමටත් එම උරුම සංකේත මුස්‌ලිම්කරණය කරගෙන අර්ථ දක්‌වන්නටත් කළ උත්සාහයේ මුල්ම අවස්‌ථාව මෙය නොවේ. පවතින රජය මෙවැනි සංස්‌කෘතික ව්‍යසනයන් නැවැත්වීමට නෛතික පදනම ශක්‌තිමත් නොකරන්නේනම්, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මේ ව්‍යසනයට ශාස්‌ත්‍රීයව මැදිහත් වී මේ බිම ස`දහා අර්ථකථනයක්‌ නොදෙන්නේනම් එය අවසන් විය හැකි ෙ€දවාචකයේ තරම අපට දැන් වැටහෙන්නේය.

මෙතැන ඇත්තේ මුස්‌ලිම් ජාතික ශුද්ධවරයකුගේ සොහොනක්‌ නම් එය පුරාවිද්‍යාත්මකව සිදුකළ යුතු වටිනා සොයාගැනීමකි. අවට පුද්ගලයන් පවසන්නේ මුස්‌ලිම් ආගමික නායකයෙක්‌ ලෙස හ`දුන්වන බාවා නමැති පූජකවරයාගේ සොහොන මෙය බවය. එහෙත් අපට පෙනෙන්නේ අඩුම තරමින් වසර දහසක්‌ පැරණි ආරාමික නටබුන් විතැන් වීමක්‌ය.

මෙම ස්‌ථානයට මීටර් දෙතුන් සියයකට එපිටින් වන වදුලෙන් වටව ගල් තලාවක පොතාන ඉපැරණි පුදබිම ඇත්තේය. එම ක`දු පර්වතය මත සාහසිකයන් විසින් විනාශ කරන ලද ඉපැරණි දාගාරී ගොඩැල්ලක්‌ය. වන පෙතට කිලෝ මීටර කිහිපයක්‌ ඔබ්බෙන් ඇත්තේ මාන්තොට්‌ටම ප්‍රදේශයය. එක්‌ පසෙක එදා කොටින්ගේ පරාදීසයක්‌වූ කංචිකුඩිආරු වනපෙතය. පෙනෙන මානයේ තැන් තැන්වල ගල්කණු සහ පියගැට පෙළවල සලකුණුය. අතීත බෞද්ධ උරුමයේ සාධක විනා වසර දෙසීයකට එපිට මිය ගිය මුසල්මානු ශුද්ධවරයෙකුගේ සොහොනක්‌ පිළිබ`ද සාධනීය තොරතුරු අපට පෙනෙන්නේ නැත.
අප එන අතරමග සාගම ප්‍රදේශයේදී හමුවූ අක්‌කරපත්තුව පදිංචි එම්. එච්. එම්. මොහොමඩ් මේ ස්‌ථානය ගැන කී කතාව සිහිවේ.

”මම කුඩා කාලයේ ඔතනට ගිහිල්ලා තියෙනවා. එතන සොහොන් ගැබක්‌ තිබිලා තියෙනවා. ඒ සොහොන් ගැබ තිබෙන්නේ පල්ලියට අයිති භූමියේ. එතන පූජක කෙනෙක්‌ ඉ`දලා තියෙනවා. එයාගේ සොහොන තමයි ඒ.” මොහොමඩ්ගේ කතාව කුහුල දැනවීය.

මෙම ස්‌මාරක සහිත ප්‍රදේශයට මදක්‌ ඔබ්බෙන් කූඹුරක සී සාමින් සිටි දමිළ වැසියන් කිහිප දෙනෙකු අපට තොරතුරු කියන්නට ඉදිරිපත් වූහ.
 

මුලින්ම කතා කළේ අක්‌කරපත්තුව පදිංචි ඉලේතම්බි රාඡේන්ද්‍රන්ය.

”ඔය ඉඩමේ හිමිකරු වන්නේ නාවුර්තම්බි ඕඩාර් කියන පුද්ගලයා. එයාගේ ඉඩමෙන් කොටසක්‌ තමයි එයා පල්ලිය ගහන්න ඉඩදිලා තියෙන්නේ. අක්‌කරපත්තුව වෙළෝද සංගමයෙන් තමයි ඔතන පල්ලිය හදන්නේ. ඔතන මැරිච්ච පූජක කෙනෙක්‌ගේ අවුරුදු 200 ක්‌ පැරණි සමාධියක්‌ කියලයි එයාලා කියන්නේ. එතන වතු සුද්ද මල් ගස්‌ වගයක්‌ තියෙනවා. ඒවායේ මල් පිපෙනවා. ඒක නිසා එයාලා හිතෙනවා එතෙන සොහොනක්‌ තියෙනවා කියලා. බාවා නමින් හ`දුන්වන මුස්‌ලිම් පූජකයෙක්‌ගේ කියලයි එයාලා කියන්නේ. වසර 04ක්‌ ඉ`දන් තමයි එතන සොහොනක්‌ හදලා තියෙන්නේ. ඒ අය විටින් විට ඇවිත් පූජා පවත්වලා යනවා. වසර 10ක පහලොවක කාලයේ සිට එතන ගල් කණු වැටිලා තිබ්බා. මේ අය ඒක කෙළින් කරලා ඉන්දලා තියෙනවා. අපි හිතෙන්නේ ඒ ගල් කණු මෙතන තියෙන පොතාන හරියේ පරණ පන්සලේ කියලයි.”

අනතුරුව අපට කතා කළේ ආලයඩිවෙම්බු එන්.රඝූපතිය.

”සිකුරාදට මෙතන තියෙන පල්ලියේ ජූජාවන් තියෙනවා. එතෙනට කිලෝ මීටර් 07ක්‌ 08ක්‌ දුර ඉ`දන් කට්‌ටිය එනවා. මුස්‌ලිම් ගම්මානයක්‌ එතන කලින් තිබ්බේ නැහැ. එතන කැලෑව තිබ්බේ. මේ අය එවා එළි කරලා තියෙනවා. මම අවුරුදු 10 ඉ`දන් තමයි මෙහි ආවේ. නමුත් ඉස්‌සර මෙතන මුස්‌ලිම් ගම්මානයක්‌ තිබ්බේ නැහැ. මේ ඉඩම් වගා කරන්න ගත්තේ පන්නල්ගම වැව හැදුවට පස්‌සේ.” යනුවෙන් රඝූපති කීවේය.

අක්‌කරපත්තුව සිංහල සංවිධානයේ ලේකම් එච්. සමන් කිවේ මෙවැනි කථාවකි.

”මම වසර 45ක්‌ තිස්‌සේ ජීවත් වුණේ අක්‌කරපත්තුවේ. ඔය සුසාන භූමියක්‌ කියන ස්‌ථානය වන සංරක්‌ෂණ දෙපාර්තමේන්තුවෙන් වන වගාවට වෙන් කළ එකක්‌. අපි තිරුක්‌කෝවිල් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් මෙම ප්‍රදේශයේ ඉඩම් පිsළිබ`ද සොයා බැලුවා. ඒවාට නිසි බලපත්‍ර ඔප්පු නැහැ. තියෙන්නේ පොටෝ කොපි කොළ. මෙම ප්‍රදේශයේ අඩියෙන් අඩිය තියෙන්නේ බෞද්ධ උරුමය. ඒවා දිනෙන් දින විනාශ කරනවා. මහා රෑ බැකෝa යන්ත්‍ර ක`දු වලට පවා නංවලා ඉපැරණි දාගැබ් වල හාරලා තියෙනවා. මම මෙවැනි ස්‌ථානයන් සොයා ගෙන පුරා විද්‍යා නිලධාරීන් පවා රැගෙන ගොස්‌ පෙන්නලා තියෙනවා. කොටි ත්‍රස්‌තවාදීන් සිටින සමයේ මේ ආකාරයෙන් පුරා වස්‌තු වලට හානි වුණේ නැහැ. තව්පික්‌ ජමාඩ් සංවිධානයේ තමයි එතන අ`ඵතින් පල්ලිය හදන්න කටයුතු කරන්නේ. මොට්‌ටයාගල දාගැබ මු`ඵමනින්ම බිමට සමතලා කළා. තිරුක්‌කෝවිල් දාගැබ දෙප`ඵ කළා. ඒක හදනවා කියලා ලක්‌ෂ 10ක්‌ වෙන් කළත් ඒ වැඩත් අතර මග නතර වෙලා. දිනෙන් දිනම මේ ආකාරයෙන් අම්පාර දිස්‌ත්‍රික්‌කයේ පුරා වස්‌තු විනාශ කරමින් නව ඉතිහාසයක්‌ බිහි කරන්නට යනවා. කරුණාකරලා මේ ගැන අවධානය යොමු කරන්න. මේ සිද්ධ වෙන්නෙ මේ රටේ සාමාන්‍ය මුස්‌ලිම් සහෝදරයන්ට අවශ්‍ය දේ නොවන වග අප කියන්න ඕනි.”

දිගාම`ඩුල්ල බෞද්ධ උරුමයන් රකින්නට මහත් වෙහෙසක්‌ ගන්නා අරන්තලා ජත්‍යන්තර බෞද්ධ මධ්‍යස්‌ථානාධිපති, අම්පාර විද්‍යානන්ද පරිවෙණාධිපති ශාස්‌ත්‍රපති පූජ්‍ය කිරිඳිවෙල සෝමරතන නාහිමියෝ මේ විපරිතය පිළිබ`ද අදහස්‌ පළ කළ අයුරු සිහිවේ.

දිනෙන් දිනම නැගෙනහිර ඉපැරණි බෞද්ධ උරුමය විනාශ වෙමින් තිබෙනවා. අපේ ඉපැරණි දාගැබ් ඩෝසර් වලින් බිමට සමතලා කරනවා. දාගැබක්‌ හොයා ගන්න බැරි විදිහට බිමට සමතලා කරලා දානවා. මහනාග රාජ සමයේ සෙල් ලිපි පවා තිබෙන අතීතයේ රුහුණට සම්බන්ධයෑයි තොරතුරු රැසක්‌ ආනාවරණය වන මොට්‌ටයාගල ඉපැරණි පුදබිමේ දාගැබ බිමට සමතලා කළා, තිරික්‌කෝවිල් දාගැබ ඩෝසරයක්‌ දාලා දෙපලු කළා. පුරා විද්‍යා එකෙන් නැවතත් තිබුණු තත්වයට හදනවා කියලා පටන් ගත්තා. ඒ වැඩ සති දෙක තුනකින් ඉවරයි. සාගම විශාල දාගැබක්‌ මේ ආකාරට නිධන් හාරන්න විනාශ කරලා තිබ්බා. අපි මේවාට විරුද්ධව දිගින් දිගටම හ`ඩ නගනවා. නමුත් මේවා රැක ගන්න නිසි වැඩ පිළිවෙලක්‌ නැහැ. වසර දෙසීයක්‌ පරණ මුස්‌ලිම් ජාතිකයකු සොහොන් ගැබක්‌ ඔතන තියෙන්න නම් 1816 දී එතන මුස්‌ලිම් ජනවාසයක්‌ තිබෙන්න ඕන. ඒ දවස්‌වල එතන තිබ්බේ ඝන කැලෑව. වසර දහස්‌ ගණනකට පෙර එම ප්‍රදේශය පුරාම තිබ්බේ සිංහල බෞද්ධ ජනවාස.”

”ඔය ප්‍රදේශය ඇතුළුව නැගෙනහිර ප්‍රදේශය පුරාම සෑම තැනම ගව්වෙන් ගව්ව විසිරී තිබෙන්නේ අපේ බෞද්ධ උරුමය. කොච්චර විනාශ කළත් අදටත් එම ප්‍රදේශයට යන අයෙකුට තවමත් ඒ අතීත උරුමයන් දකින්නට හැකියි. කොච්චර ගල් බෝර ගැසුවත්, කු`ඵ ගෙඩි පහරවල් ගැසුවත් තවමත් ඒ අතීත උරුමය අපේ වාසනාවට මෙන් විනාශ කරන්න බැරි වෙලා තියෙනවා. ක`ඵ ගලෙන් ජීවමාන බුදුරුව නිර්මාණය කළේ බෞද්ධ කලා කරුවන්, අපේ ඉපැරණි පුද බිමක්‌ ආසන්නයේ තිබෙන ගල් කණු උපයෝගි කොට ගනිමින් වසර 200 ක්‌ පැරණි මුස්‌ලිම් ජාතිකයෙකුගේ පුදබිමක්‌ තිබෙන බව කියනවා. මේ හැසිරීම කනගාටුදායකය. මෙම ස්‌ථානයේ ගල් කණු පිටතින් රැගෙනා ආ ඒවාද? එසේ නොමැති නම් මෙම ගල් කණු එම ස්‌ථානයේ තිබුණු අපේ උරුමයන්ද? සැබවින්ම මෙම ස්‌ථානයේ වසර 200ක්‌ පරණ මුස්‌ලිම් ආගමික නායකයෙකුගේ මළ සිරුරක්‌ තිබෙනවාද? එසේ තිබෙන්නේ නම් කොපමණ කාලයක්‌ පැරණී සිරුරක්‌ද කියා අපි පුරා විද්‍යා දෙපාර්තමේන්තුවෙන් පරීක්‌ෂණයක්‌ ආරම්භ කරන්න කියලා අපි ඉල්ලා සිටිනවා. අන්තවාදි කොටස්‌ ඉතා සූක්‌ෂම ආකාරයෙන් පුරා විද්‍යා උරුමයන් විනාශ කරන්න කටයුතු කරනවා. මේවන විට ඒ තත්වය උපරිම මට්‌ටමින් සිදුවෙමින් පවතිනවා.” සෝමරතන හිමියෝ කීහ.

කිසිදු ඓතිහාසික සාක්‌ෂියක්‌ නොමැතිව මල් තිබෙන නිසා මුස්‌ලිම් අයෙකුගේ සුසානයක්‌ ඇතැයි කියන්නේ නම් පේරාදෙණිය මල් වත්තත් සොහොන් බිමකි. මල් වැවී ඇත්තේ සිමෙන්ති ගඩොලින් මැදි කොට ඇති ස්‌ථානයේ කොටසකය. එය බැලූ බැල්මට මෑතකදී සිටුවන ලද්දක්‌ බව පෙනෙන්නේය. වෙළ`දාමට ශූර මුස්‌ලිම් ජාතිකයන් ශෛලමය නිර්මාණ සහිත කලාකෘති කළ බවට ඓතිහාසික සාක්‌ෂි නොවේ. වසර දෙසීයක්‌ පමණ පැරණිබවට ඔවුන් පෙන්වන ගල් කණුද වසර සිය දහස්‌ ගණනක පැරණි නිර්මාණයන් බව පෙනේ. මේ ආක්‍රමණයේ අල-ජී ස්‌වරූපය තේරුම් ගැනීම පහසුය.

වැඩිවන මුස්‌ලිම් ජනගහණයට ඉඩම් සොයා ගැනීම ස`දහා භාවිත වන ඉතා ප්‍රාථමික හා අසංස්‌කෘතික ක්‍රමය මෙයය. මුලින්ම කුඩා පල්ලියකි. අනතුරුව ඒ අවට ඉදිවන ගම්මානයකි. ලිපි ලේඛන ව්‍යාජය. මේ ආකාරයෙන් ව්‍යාජ ලිපි ලේඛන සපයමින් මේ වන විටත් අම්පාරේ නිත්ත හෙලගම්පුර සහ සීනි සමාගම විසින් ගොවීන්ට බෙදා දුන් උක්‌ ඉඩම්ද ජනපද වෙමින් ඇති අයුරු කාටවත් පෙනෙන්නේ නැත.

මේ නොදියුණු මිනිස්‌සුන්ට රටේ පවතිsන නීති ගැන කිසි තැකීමක්‌ නැත. තණ භූමියක්‌ ලෙස වට්‌ට මඩුවේ පැවැති ඉඩම් ඔවුහු අනවසරයෙන් වගා කළහ. වගා කටයුතු තහනම් කරන ලද්දේ බරපතළ විරෝධතා පැන නැගි පසුය. නමුත් මීට දින කිහිපයකට ඉහතදී මේ පිරිස්‌ අක්‌කරපත්තුවේදී මාධ්‍ය සාකච්ඡාවක්‌ පැවැත්වූහ. ඔවුන් පවසා සිටියේ තමන් ඉදිරියේදී බලයෙන් හෝ එම ඉඩම් වල වගා කටයුතු කරන බවය.

මේ මිනිසුන්ට නඩු නැතිවූයේ කෙසේ ද?. මුස්‌ලිම් ඇමතිවරු විල්පත්තුව වනසති. ඔවුන්ව ආදර්ශකොටගත් පිරිස්‌ රටේ නීතිය උල්ලංඝණය කරමින් ඉඩම් අත්පත් කරගනිති. පුරාවස්‌තු වනසති. අලුත් ඉතිහාසයක්‌ නිර්මාණය කරන්නට තනති. මේ අසංස්‌කෘතික සංහාරය ශිෂ්ට සම්පන්න මුසල්මානුවෙක්‌වත් ඉවසන්නේ නැත. එහෙත් අපේ ”ජාත්‍යන්තරවාදී ශිෂ්ටත්වය” අපව නපුංසකයන් කර ඇති අයුරු සිත් පාරවයි.

සුසන්ත අමරබන්දු

කොළඹ පන්සලේ සුන්බුන් මත ඉදි වූ වුල්ෆෙන්ඩාල් පල්ලිය

කොළඹ පන්සලේ සුන්බුන්
මත ඉදි වූ වුල්ෆෙන්ඩාල් පල්ලිය

මුල් කාලයේ ලන්දේසීන් භාවිතා කළ කොළඹ කොටුවේ ශාන්ත පීතර දේවස්‌ථාන භූමියෙහි රජ ගෙදර Queens House (අද ජනාධිපති මන්දිරය) ඉදිකරන්නට නියම විය. එනිසා 1813 දී එම දෙව්මැදුර කඩා දමන ලදී. ඒවන විටත් එම දෙව්මැදුර තුළ දොන් ජුවන් ධර්මපාල රජුගේ සිරුර මෙන්ම ලන්දේසී ආණ්‌ඩුකාරවරු පස්‌ දෙනෙකුගේ සහ තවත් ලන්දේසි ප්‍රභූන් කීප දෙනෙකුගේම සිරුරු භූමදාන කර තිබිණි. මෙනිසා එකල සිටි එම අයගේ ජීවත්ව සිටින ඥතීන්ගේ අවසරය මත එම සිරුරු කොටස්‌ සහ පැරැණි සොහොන් ගල් වුල්ෆෙන්ඩාල් දේවස්‌ථානය වෙත ගෙන එන ලදී. රාජකීය 19 වැනි සේනාංකයේ නිල රැකවරණය සහිතව පන්දම් එළියෙන් ඒවා ගෙන ආවේ 1813 සැප්තැම්බර් මස හතරවන දිනය.

ඉඟුරු දී මිරිස්‌ ගත්තා වගේ” යන කියමන අපේ භාෂාවට එකතු වූයේ උඩරට සිංහල රජවරුන්, පෘතුගීසීන් ලංකාවෙන් පලවා හැරීමට ලන්දේසීන්ගේ සහාය ලබා ගැනීමත් සමඟ උදාවූ තත්ත්වය නිසාය. එය එක්‌ කරදරයක්‌ නැති කර ගැනීමට තවත් කරදරයක්‌ ළංකර ගැනීමක්‌ විය.

මෙම ඉඟුරු දී මිරිස්‌ ගැනීමට මඟ පෑදෙන්නේ ලන්දේසි නාවුකයෙකු වූ ජෝරිස්‌ වෑන් ස්‌පිල්බර්ගන් 1600 දී මඩකලපුවට පැමිණි විට මහනුවර රජකළ පළමුවන විමලධර්මසූරිය රජු ඔවුන් සාදරයෙන් පිළිගැනීමත් සමඟය.

එහෙත් ඉඟුරු දී මිරිස්‌ ගැනීම සඳහා නිල ආරාධනාව කරනුයේ දෙවන රාජසිංහ රජු විසිනි. ඒ 1655 සැප්තැම්බර් මාසයේ ජෝර්ඡ් හල්µaට්‌ නැව් දහසයක පිරවූ දෙදහස්‌ පන්සියයක යුද සේනාව සමඟ ගාලු වරායට පැමිණීමත් සමඟය.

මේ වන විට ලන්දේසීන් පෘතුගීසීන් සතුව තිබු නැගෙනහිර සහ දකුණු වෙරළේ බළකොටුද මීගමුව සහ කළුතර බළකොටුද අත්පත් කරගෙන තිබිණි. ඒ නිසාම කොළඹ පෘතුගීසි බලයද ඇද වැටීමට ආසන්න තත්ත්වයකට පත්ව තිබිණි. කොළඹ කොටුවේ කොටුවී සිටි පෘතුගීසීන්ට හල්µaට්‌ සෙන්පතියා කාලතුවක්‌කු ප්‍රහාර ආරම්භ කළේ 1655 ඔක්‌තෝම්බර් 17 දිනය. ඒ දැන් හල්µa ෙඩ්‍රාaප් හෙවත් සාන්තබස්‌තියම ලෙස හඳුන්වන කඳුගැටය මත සිටය.

සත් වසක්‌ මුළුල්ලේ සිදුකළ ප්‍රහාරය අවසන් වූයේ 1656 මැයි මස 12 දිනය. කොළඹ කොටුව ආරක්‍ෂා කළ පෘතුගීසී භයන්ගෙන් ඉතිරිවූ හැත්තෑ තුන් දෙනෙකු හල්µaට්‌ සෙන්පතියා වෙත ගොස්‌ තමන්ගේ යටත් බව ප්‍රකාශ කළහ.

1656 මැයි මස දොළොස්‌වෙනිදා කොළඹ නගරයට ඉහළින්, ඕලන්ද පෙරදිග ඉන්දියා සමාගමේ කොඩිය ලෙල දෙමින් ලංකා ඉතිහාසයේ තවත් පිටුවක්‌ පෙරළුණි.

පෘතුගීසීන් මෙන්ම ලන්දේසීන්ද (පසුව බ්‍රිතාන්‍යන්ද) තමන් යටත් කරගත් රටවල ධන සම්පත් සූරාකෑම සඳහා තම අවි බලය යෙදවූවා සේම එම රටවල මිනිසුන්ගේ “මොළ සූරා කෑම” සඳහා තම ආගම ව්‍යාප්ත කරන්නට වූහ. මෙහිදී පෘතුගීසීන් ලන්දේසීන්ට පෙර තමන්ගේ ආගමික සිද්ධස්‌ථාන තමන්ගේ බලය ව්‍යාප්තව තිබූ ප්‍රදේශවල ඉදිකර තිබිණි.

ලන්දේසීන් කොළඹ බලය අත්පත් කරගන්නා සමයේ, කොළඹ නගරයේ පෘතුගීසීන් ඉදිකළ දේවස්‌ථාන දහයක්‌ පැවැති බව කියයි. එයින් ශාන්ත පීතර දේවස්‌ථානය පිහිටියේ කොළඹ කොටුවේ ගෝර්ඩන් උද්‍යානය සමීපයේය. කොළඹ කොටුවේ නුතන ජනාධිපති මන්දිරය සමීපයේය. කොළඹ රාජධානිය කරගත් එකම රජවූ කෝට්‌ටේ දොන් ජුවන් ධර්මපාල රජුගේ සිරුරද තැන්පත් වූයේ කොළඹ කොටුවේ පිහිටි ශාන්ත පීතර දේවස්‌ථාන භූමියේය. මුල් කාලයේදී ලන්දේසීන් මෙම කතෝලික දෙව් මැදුර තමන්ගේ ආගමික කටයුතු සඳහා භාවිතා කරණ ලදී.

ඕලන්ද පෙරදිග ඉන්දිය සමාගම තමන්ගේ ආගමික කටයුතු සඳහා කොළඹ නගරයේ දේවස්‌ථානයක්‌ ඉදිකිරීම ආරම්භ කළේ 1749 දීය. ඒ කොළඹ කොටුව සමීපයෙහි වූ උස්‌ කඳුවැටියක්‌ මතය. එකල මෙම කඳු වැටියට නැගුන විට ජනාකීර්ණ නොවූ මුළු කොළඹ නගරයම දැකගත හැකි විය.

පෘතුගීසීන් එම ස්‌ථානය හැඳින්වූයේ Agoade Loupe යනුවෙනි. ලන්දේසීන් එය හැඳින් වූයේ වුල් ෆෙන් ඩෝල් Voluen daal යනුවෙනි. වෘකයන්ගේ මිටියාවත වෘකයින් සැරසරණ දෙනිය යන්න” එම ලන්දේසි වචනයේ තේරුම විය. පෘතුගීසීන් පැමිණි අවදියේ එම ප්‍රදේශය ලඳු කැලෑවක්‌ විය. කැළණි ගඟ අසබඩ මෝදර වැනි ප්‍රදේශවල බහුලව සිටි නරින් අහර සොයා මෙම පෙදෙසට එකල පැමිණුනි. මෙලෙස පැමිණි නරින් පෘතුගීසීන් හඳුනා ගත්තේ වෘකයන් ලෙසය. වෘකයන් සැරිසරණ දෙණිය යන අරුත ඇති ගෝආ ඩිලිප්” යන පෘතුගීසි වචන ලන්දේසි බසට පෙරලුනේ ‘වුල්ෆෙන්ඩාල්’ යනුවෙනි. මෙම වුල්ෆෙන්ඩාල් වීදිය ‘අද හැඳින්වෙන්නේ ආදුරුප්පු වීදිය’ යනුවෙනි.

1774 ලන්දේසීන් ආදුරුප්පු වීදිය කඳු ගැටය මත තමන්ගේ ලන්දේසි පල්ලිය ඉදිකිරීමට ප්‍රථම එහි පෘතුගීසී පල්ලියක්‌ තිබු බවත් Ceylon Francois Valentyn වාර්තාවල සඳහන් වෙයි. නමුත් පසුව එය උඩරට සිට ආ තානාපතීන්ගේ වාසභවනක්‌ ලෙස පැවතුණි.

එයට වෙනස්‌ තොරතුරුත් පිටකොටුව බෝධිය පිළිබඳ තොරතුරු සොයා බැලීමේදී මට දැන ගැනීමට හැකි විය.

ඕලන්ද යුගය ආරම්භවීමට ටික කාලයකට පෙර කොළඹ නගරයේ විශාලම විහාරය පිහිටියේ ආදුරුප්පුවීදිය කන්ද මුදුනේය. හරියටම කිවහොත් අද වුල්ෆෙන්ඩල් පල්ලිය පිහිටි ස්‌ථානයේය. කොළඹ මහා විහාරය යනුවෙන් එය හැඳින් වින.

සංඝමිත්තා තෙරණින් වහන්සේ ශ්‍රී මහා බෝධිය ශ්‍රී ලංකාවට වැඩමවීමෙන් පසු එහි අංකුර අටක්‌ හටගෙන එයින් බෝධීන් වහන්සේ අට නමක්‌ හැදී වැඩුනි. මේ අෂ්ටඵල බෝධීන් වහන්සේ ලංකාවේ ප්‍රදේශ අටක රෝපණය කෙරුණි. එයින් පසුව අනුරාධපුර සිරිමා බෝ සමිඳුන් වෙතින් තවත් අංකුර තිස්‌ දෙකක්‌ හටගෙන එයින් දෙතිස්‌ඵල බෝධීන් වහන්සේ බිහි විණි. එම දෙතිස්‌ඵල බෝධීන් වහන්සේද ලංකාවේ නොයෙක්‌ ප්‍රදේශවලට වැඩමකර රෝපණය කරණ ලදී.

එම දෙතිස්‌ඵල බෝධීන් වහන්සේලාගෙන් එකක්‌ ආදුරුප්පු වීදිය කන්ද මුදුනේ තිබූ මහා විහාරයේ රෝපණය කරන ලදී. පසු කාලයක ඕලන්ද ජාතිකයන් එම විහාරය විනාශ කර ඒ මත ඔවුන්ගේ පල්ලියක්‌ ඉදිකරණ ලදී.

පසු කාලයක කොළඹ නගරයේ ප්‍රවාහන කටයුතු කරත්ත සහ රික්‌ෂෝවලින් සිදුවූ යුගයේ ඔවුන්ගේ නැවතුම් පළවූයේ බේරේ වැව අයිනේය. ඔවුන් ආදුරුප්පු වීදිය කන්ද මුදුනේ ඒ වන විටත් තිබූ දෙතිස්‌ඵල බෝධියෙන් පැළයක්‌ ගෙනැවිත් බේරේ වැව අයිනේ රෝපණය කර එයට මල් පහන් පූජා කරන්නට වූහ.

ඉංග්‍රීසි ආණ්‌ඩු සමයේ කොළඹ නගරය විශාල කිරීමේදී කොටුව දුම්රිය ස්‌ථානය සහ මැනිං මාර්කට්‌ (ගබඩාව) සෑදීම සඳහා බේරේ වැව කොටසක්‌ද ගොඩකරන්නට විය. එවිට කරත්ත කරුවෝ සහ රික්‌ෂෝකරුවෝ බේරේ වැව අයිනේ රෝපණය කර තිබු බෝධිය ගෙනවිත් පිටකොටුවේ අද පිහිටි ස්‌ථානයේ රෝපණය කළහ.

එකල පැවැති ඩොරික්‌ ගෘහ නිර්මාණ ශිල්පය අනුව පැති හතරම එක සමාන ග්‍රීක කුරුසියක ස්‌වරූපයෙන්, වුල්ෆෙන්ඩාල් කඳු ගැටය මත ලන්දේසීන් කොළඹ නගරයේ තමන්ගේ ප්‍රථම දේවස්‌ථානය ඉදිකළහ. මෙහි බිත්ති අඩි පහක්‌ පමණ ඝණකම ඇති අතර ඒ සඳහා භාවිතාකර ඇත්තේ කබොක්‌ ගල් සහ හුණු බදාමය. ආරුක්‌කු සඳහා ගඩොල් භාවිතාකර ඇත. මුල් සමයේ එම ආරුක්‌කුවලට පිටතින් පිත්තල ආවරණයක්‌ යොදා තිබුණ බවට වාර්තා වුවත් වර්තමානයේ ඒවා දක්‌නට නැත.

අඩි එකසිය හතළිහක්‌ පමණ උස්‌වූ දෙව්මැදුර වහලයේ මැද කොටස එකල අර්ධ ගෝලාකාර හැඩයකින් යුක්‌තත විය. උළු වෙනුවට එය සෙවිලි වූයේ මිනිරන් ගල් පතුරු වලිනි. එහි හරි මැද රත්රන් ආලේප කළ රිදී නළයක්‌ විය. එය මුදුනේ රන් ආලේප කළ සුළං දිශා දර්ශකයක්‌ සවිකර තිබිණි. 1856 දී සිදුවී අකුණු ගැසීමක ප්‍රතිපලයක්‌ ලෙස මෙම සුළං දර්ශකය විනාශ වූ අතර, අර්ධ ගෝලාකාර හැඩැති වහලයටද හානි සිදුවිය. වර්තමානයේ දක්‌නට ලැබෙන තඹ ඊයම් මිශ්‍ර තහඩු මුදුන් වහලය ඉදි වූයේ එයට පසුවය.

කොළඹ කොටුව ආසන්නයේ උස කඳු ගැටයක පිහිටි මෙම ඕලන්ද පල්ලිය, එදා ඈත සාගරයේ ගමන් කළ නෞකාවලටද හොඳින් දර්ශනය වූ එකක්‌ බව පැවසෙයි. නැව් මඟ සලකුණක්‌ ලෙස මෙම ගොඩනැගිල්ල භාවිතා කර ඇත.

ලන්දේසීන් මෙම වුල්ෆෙන්ඩාල් දෙව්මැඳුර ඉදිකිරීම සඳහා යොදවා ගත්තේ නොයෙක්‌ රටවලින් ඔවුන් රැගෙන ආ වහලුන්වය. කොළඹ වරායේ ඕලන්ද නැව්වල රඳවාගෙන සිටි මෙම වහලුන් මෙම භූමිය සඳහා කැඳවාගෙන පැමිණ ඇත්තේ වරාය සිට ඉදිකළ උමං මාර්ගයක්‌ ඔස්‌සේ ය. විෂ්කම්භය අඩි පහළොවක්‌ වූ මෙම උමං මාර්ගයෙහි ඉහළ කොටස ගඩොල්වලින් ඉඳිකර තිබූ අතර පොළවට පැරැණි කොළඹ නගරයේ මාවත්වල අතුරා තිබු අන්දමේ කුඩා හතරැස්‌ කළුගල් අල්ලා තිබිණි. එක්‌දහස්‌ නමසිය අසු ගණන්වල කොළඹ ශාන්ත ජෝන් මාළු වෙළෙඳ සල අලුතෙන් ඉදිකිරීමේදී මෙම උමං මාර්ගය විවෘත වූ අතර එම මාර්ග ඔස්‌සේ පැමිණි පොලිස්‌ නිලධාරීන් මතු වූයේ වුල්ෆෙන්ඩාල් දේවස්‌ථානයේ අභ්‍යන්තරයෙනි.

1749 ගොඩනැඟීම ආරම්භ කළ වුල්ෆෙන්ඩාල් දේවස්‌ථානය 1757 මාර්තු හයවන දින එහි කැපකිරීමේ පූජාව සිදුකරණ ලදී. පර්සිවෙල් නමැති ඉතිහාස වාර්තාකරු මෙම දේවස්‌ථානය විස්‌තර කරන්නේ කලු නගරයේ (Black Town) ඇති ඉතා ආකර්ශනීය හා වටිනා දේවස්‌ථානයක්‌ වශයෙනි. මුල් යුගයේදී ලන්දේසි ආණ්‌ඩුකාරවරුන් ඉරුදින මෙහෙය සඳහා මෙම දෙවිමැඳුරට පැමිණි අතර ඔවුන් සඳහා කළුවර සහ කළුමැදිරිය දැවයෙන් නිම වූ විශේෂ ආසන තිබූ අතර අද ද ඒවා දක්‌නට ලැබෙයි. එසේම ඕලන්ද පෙරදිග ඉන්දියා සමාගමේ නිලධාරීන් සඳහාද විශේෂ ආසන තිබූ අතර අද ද ඒවා දක්‌නට ලැබෙයි.

එකල ආගමික මෙහෙයන් අවස්‌ථාවේ ශුද්ධවූ බයිබලය කියවීම සඳහා විශේෂ ස්‌ථානයක්‌ විය. ශබ්ද විකාශන යන්ත්‍ර නොතිබූ එම අවිධියේ එහි සිට බයිබලය කියවන විට මුළු දෙවි මැඳුරම ගිගුම් දෙමින් ඇසෙන්නට විය.

පාද තුනේ කනප්පුවක්‌ මත තැන්පත් කර ඇති බෞතීස්‌ම දිය බඳුන මෙම දෙව්මැඳුරේ දක්‌නට ඇති සුවිශේෂ කෞතුක භාණ්‌ඩයකි. තනිකර රීදියෙන් නිමවා ඇති මෙය අඩි දෙකක්‌ පමණ විශ්කම්භයකින් යුක්‌තය. 1664 සිට 1675 දක්‌වා මෙරට සිටි රිප්ක්‌ලොප් වෑන් ගොඑන්ස්‌ ආණ්‌ඩුකාරවරයාගේ බිරිඳවූ එස්‌කර් සලෝමි තම දියණිය ප්‍රසූත කරණ අවස්‌ථාවේ මිය ගියාය. තම බිරිඳ සිහිවීම පිණිස ආණ්‌ඩුකාරවරයා මෙම බෞතීස්‌ම දිය බඳුන පිරිනමන ලද්දේ සිඟිති දියණිය බෞතීස්‌ම කරන අවස්‌ථාවේදීය. මෙයද මුල් කාලයේ තිබී ඇත්තේ කොළඹ කොටුවේ පිහිටි ලන්දේසීන් භාවිතා කළ ශාන්ත පීතර දෙවිමැදුරේය.

මුල් කාලයේ ලන්දේසීන් භාවිතා කළ කොළඹ කොටුවේ ශාන්ත පීතර දේවස්‌ථාන භූමියෙහි රජ ගෙදර Queens House (අද ජනාධිපති මන්දිරය) ඉදිකරන්නට නියම විය. එනිසා 1813 දී එම දෙව්මැදුර කඩා දමන ලදී. ඒවන විටත් එම දෙව්මැදුර තුළ දොන් ජුවන් ධර්මපාල රජුගේ සිරුර මෙන්ම ලන්දේසී ආණ්‌ඩුකාරවරු පස්‌ දෙනෙකුගේ සහ තවත් ලන්දේසි ප්‍රභූන් කීඵ දෙනෙකුගේම සිරුරු භූමදාන කර තිබිණි. මෙනිසා එකල සිටි එම අයගේ ජීවත්ව සිටින ඥතීන්ගේ අවසරය මත එම සිරුරු කොටස්‌ සහ පැරැණි සොහොන් ගල් වුල්ෆෙන්ඩාල් දේවස්‌ථානය වෙත ගෙන එන ලදී. රාජකීය 19 වැනි සේනාංකයේ නිල රැකවරණය සහිතව පන්දම් එළියෙන් ඒවා ගෙන ආවේ 1813 සැප්තැම්බර් මස හතරවන දිනය.

”In pure portuguese over a king of cotta who was converted to the catholie faith in 1550, who died in 1607”

යන ගලක කෙටූ ලියවිල්ල අනුව 1550 දී පෘතුගීසීන් වෙතින් කතෝලික ආගම වැළඳගත් කෝට්‌ටේ රජු 1607 දී මියගිය බව කියෑවෙයි. ඒ අනුව 1542 – 1581 කාලයේදී කෝට්‌ටේ රජවී සිටි දොන් ජුවන් ධර්මපාල කුමරුගේ ස්‌මාරකය මෙහි තිබෙන්නට ඇති බව සිතිය හැක. නමුත් දැනට එවැනි සිහිවටනයක්‌ එහි නැත.

1765 සිට 1785 දක්‌වා ලංකාවේ ආණ්‌ඩුකාරයාව සිට 1788 පෙබරවාරි හයවන දින මියගිය ඉවාන් විලියම් µල්ක්‌ ආණ්‌ඩුකාරවරයාගේ සිරුර 1762 සිට 1765 දක්‌වා ආණ්‌ඩු කළ 1765 අප්‍රියෙල් මාසයේ මියගිය ලියුබට්‌ ජාන් බැරන් වැන් ඊක්‌ගේ මළ සිරුරද 1751 සිට 1752 දක්‌වා ආණ්‌ඩුකාරයාව සිටි 1752 පෙබරවාරි 25 දින මියගිය ජෙරාඩ් ජෝන් ප්‍රීලන්ඩ්ගේ මළ සිරුරද, 1697 සිට 1702 දක්‌වා ආණ්‌ඩුකාරයාව සිටි 1702 නොවැම්බර් 26 දින මියගිය ජරිට්‌ද හියර්ගේ මළ සිරුරද 1757 සිට 1762 දක්‌වා ආණ්‌ඩු කළ ජාන් ස්‌කෲදර්ගේ මළ සිරුර ද මෙම දේවස්‌ථාන අභ්‍යන්තර භූමියෙහි තැන්පත් කර ඇත.

මෙයට අමතරව එහි ඇති සිරුරු අතර ඡේකබ් හල්ප් කපිතාන්වරයාගේ සිරුර සහ අවසන් ඕලන්ද ආණ්‌ඩුකාරවරයා වූ (1764 – 1796) ජාන් ජෙරාඩ් වෑන් එන්බර්ක්‌ගේ බිරිඳගේ මළ සිරුරද වෙයි.

1807 දී වන්නි පළාත් පිළිබඳ වාර්තාවක්‌ ලියූ කපිතාන් ගොල්ටර්ස්‌ ස්‌තුනයිඩර්ගේ පවුලේ සොහොන් ගැබක්‌ද මෙහි ඇත. එහි කපිතාන් ස්‌කනයිඩර්ගේ මිණිබිරියවූ 1817 ජනවාරි 28 දින මියගිය ලුසියා මාරියා වෑන් කොන්ටිඩ්ගේ සිරුර ඇත. මියයන විට ඇගේ වයස මාස හතකි. 1822 ජුලි 21 දින වයස අවුරුදු 24 සපුරා මියගිය ඩොහානා ගර්ට්‌රූඩාගේද, වයස අවුරුදු දෙකේදී මියගිය කපිතාන් ස්‌කුනයිර්ගේ මුණුබුරා වූ හෙන්රි ස්‌කුනයිඩර් කුක්‌ගේද කපිතාන්ගේ එක්‌ බිරිඳක්‌ වූ සොµsයා මග්දලේනාගේ සිරුරද එහි ඇත. 1830 දෙසැම්බර් 20 දින ඇය මියයන විට ඇයට වයස අවුරුදු තිහකි. 1833 ජනවාරි 11 දින මියගිය චාල්ස්‌ෆෙඩ්රික්‌ බැරන් වෑන් කොන්රඩ් ද කපිතාන් ස්‌කනයිඩර්ගේ බෑණාය.

මෙහි ඇති බොහෝ සොහොන් පලකවල මියගිය පුද්ගලයාගේ උපන් දිනය, මියගිය දිනය, ඥතීන් කීපදෙනෙකු පිළිබඳ විස්‌තර මෙන්ම සමහරක මියයැමට හේතු ද දක්‌වා ඇත.

කෙසේ හෝ වුල්ෆෙන්ඩාල් ඕලන්ද රෙපරමාදු දේවස්‌ථානයේ අභ්‍යන්තර පොළව සම්පූර්ණයෙන්ම ආවරණය වී ඇත්තේ සොහොන් ගල් වලිනි.

වුල්ෆෙන්ඩාල් ඕලන්ද රෙපරමාදු දේවස්‌ථානයෙහි වායු සමනය කළ කුටියක ලන්දේසි යුගයට අයත් පැරැණි පොත් පත් මෙන්ම සුවිශේෂ ලියකියවිලිද ඇත. 1637 නිර්මාණය කළ ලන්දේසි බයිබලයක්‌ ද එහි ඇත.

පීටර් කැනියුට්‌ පෙරේරා

මහා සංඝ රත්නයේ ව්‍යවස්ථා යෝජනා රාජරත්න සභාගත කරයි

මහා සංඝ රත්නයේ ව්‍යවස්ථා යෝජනා රාජරත්න සභාගත කරයි

සිරිමාවෝ බණ්ඩාරනායක රජය නවසිය හැටේ සහ හැටපහ අතර කාලය තුළ ජනතාවට පිරිමහින ප්‍රගතිශීලී වැඩ කොටස් රාශියක් ඉටුකළහ. ඒ අතරින් සිංහල රාජ්‍ය භාෂාව බවට පත්වීමට අවශ්‍ය ප්‍රතිපත්තිමය  ක්‍රියාමාර්ග දියත් කිරීම ප්‍රධාන වේ.  මැතිණියගේ නායකත්වයෙන්  විශාල වැඩ කොටසක් ඉටු කෙරුණද ඇතැම් අනවශ්‍ය තීන්දු තීරණ නිසා රජය අප්‍රසාදයට පත් විය. සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම රජයට පවරා ගැනීම සඳහා ඉදිරිපත් කල යෝජනාවෙන් සිරිමා  රජය පරාජයට පත් වූයේ මෙහි ප්‍රතිඵලයක් වශයෙනි. මේ පණතට විරුද්ධව කේ.එම්.පී.රාජරත්න මහතා චන්දය භාවිතා කලේය.ඊට හේතුව ඔහු දැක්වූ ස්වාධීන මතයයි. 1965 මැතිවරණයෙන් රාජරත්න මහතා පරාජයට පත්වීමට ආසන්නම හේතුව එය නොවේ. ඔහු යටතේම දේශපාලනයේ අත් පොත් තැබූ පර්සි සමරවීර මහතාට එක්සත් ජාතික පක්ෂය උදව් කිරීමයි.රාජරත්න මහතා නොකී කතාවකට මාධ්‍ය විසින් ප්‍රසිද්ධිය ලබා දීම නිසා ජනතාව අතර අප්‍රසාදයට පත් කිරීම එ.ජා.ප යේ එක් පියවරක් විය. කෙසේ වෙතත් අළුතෙන් පත්වූ ඩඩ්ලි සේනානායක රජයේ හිත දිනාගෙන සිටි රාජරත්න මහතා නිසා වැලිමඩ සහ ඌව පරණගම සිටි ඔහුගේ හිතවතුන්ද එක්සත් ජාතික පක්ෂයට ළබැඳිව කටයුතු කළ බව රාජරත්න මහතාගේ සමීපතමයෙකු වන මුහන්දිරම්ලාගේ කළුබණ්ඩා මහතා පවසයි.රාජරත්න මහතා දේශපාලනයෙන් සමුගෙන අධිනීතිඥවරයෙකු ලෙසට කටයුතු කළ අවදිය දක්වාම ඔහු සෙවණැල්ලක් මෙන් සිටි හිතෛෂි වන්තයෙකි.

ජාතික විමුක්ති පෙරමුණෙන් තරඟ කළද  සිරිමා රජයේ මන්ත්‍රීවරයෙකු වූ රාජරත්න මහතා වැලිමඩ ආසනයට සරිලන සේවයක් කිරීමටද අමතක නොකලේය. තමා අධ්‍යාපනය ලැබූ පළමු විදුහල වූ දඹවින්න විදුහල වැලිමඩ මධ්‍යමහා විද්‍යාලය බොරලන්ද විදුහල දිග්ගහපිටිය විදුහල වැනි විද්‍යාල රාශියකටම අඩුපාඩුවක් වූ ගොඩනැගිලි පහසුකම් ඇති කර දීමට ඔහුට පිළිවන් විය. බණ්ඩාරවෙල ගුරු විදුහල ආරම්භ කරන ලද්දේ ඩඩ්ලි සේනානායක මහතාගේ ආණ්ඩු කාලයේදීය. ඒ සඳහා රාජරත්න මහතාගේ දායකත්වය ඉතා ඉහළින්ම විය.හැටේ දශකයට ප්‍රථම වැලිමඩ ප්‍රදේශය සාම්ප්‍රදායික ගොවිතැනින් යැපුණු ග්‍රාමීය පළාතක් විය. රාජරත්න මහතාගේ පියා වන ගංඇතිගේ අප්පුහාමි මහතා ඌව කොළතැන්න නමින් තේ කම්හලක් ආරම්භ කොට ඉංග්‍රීසීන් අභිබවා ගියේ මේ ආර්ථිකය වෙනස් කරන්නටයි.රාජරත්න මහතා මේ ඉඩම් ඇතැම් විට සිය හිතවතුන්ට බෙදා දුන්නේ නොමිලේ බව මුහන්දිරම් මහතා පවසයි. මැතිවරණ වලට වියදම් කිරීට ඇතැම් විට මේ ඉඩ කඩම් විකුණා දැමීය. වැලිමඩ ප්‍රදේශයේ අල වගාව නැන්වීමට රාජරත්න මහතා මුල් වූ බවද සාම්ප්‍රදායික ගොවියා ඉදිරියට ගෙන ඒමට කැපවූ බවද අද බොහෝ දෙනට අමතකය.ඔහුගෙන් ඉඩම් ලබාගෙන ගොවිතැනින් පොහොසත් වූ අය රාජරත්න මහතාට විරුද්ධව චන්දය භාවිතා  කලේ කළ ගුණ නොදත් පුද්ගලයනි මෙනි. ඒ පක්ෂ දේශපාලනයේ ස්වභාවයයි.

1970 වසරේ සෙනෙට් මන්ත්‍රී මණ්ඩලයට පත් වූ රාජරත්න මහතා එහිදී ඉදිරිපත් කළ අදහස් මගින් රට තුළ මෙන්ම රජය  තුළද විශේෂ වෙනසක් ඇති කරන්නට සමත් විය. ස්ත්‍රී දූෂකයන්ට සහ මිනී මරුවන්ට මැති සභයට පැමිණීමට හැකි වන පරිදි පනතක් සම්මත කිරීමට උත්සාහ දරද්දී එයට සහමුලින්ම විරුද්ධ වූයේ කේ.එම්.පී.රාජරත්න මහතාය. මේ එදා ඔහු කළ කතාවයි.

අප වෙත ඉදිරිපත් කරන ලද පළමු වැනි පණත ගෙනාවේ මීනීමරුවන්ටත් ස්ත්‍රී දූෂකයන්ටත් මැති සභයට එන්න පුලුවන් තත්ත්වයක් ඇති කිරීම සඳහාය. ඒ පණත ප්‍රගතිශීලී පණතකැයි යමෙක් කියනවානම් ඔහු පිස්සෙක් මුග්ධයෙක් බේබද්දෙක් වන්ට ඕනෑ. ඒ පණත තරම් මේ රටේ පාර්ලිමේන්තු ඉතිහාසයේ මැති ඇමතිවරුන්ට චන්ද දායකයන්ට හා ඔවුන්ගේ බුද්ධියට අවමාන කළ පණතක් මේ රටේ ඉදිරිපත් වී නැහැ.1972 ජනරජ ව්‍යවස්ථාව සකස් කරන  කල්හි ආචාර්ය කොල්වින් ආර් ද සිල්වා මහතා ගේ මූලිකත්වයෙන් ආණ්ඩුක්‍රම සම්පාදක මණ්ඩලයක් පත් කරන ලදී. මේ මණ්ඩලයය විසින් ගෙනා යෝජනා සෙනෙට් මන්ත්‍රී මණ්ඩලයේ සම්මත විය යුතු විය. මෙහිදී රජරත්න මහතා කළ කතා මගින් පැහැදිලි කරන ලද්දේ ව්‍යවස්ථා සම්පදානය සඳහා භික්ෂූන් වන්සේලාට ද අයිතියක් තිබෙන බවයි. 1970 වසරේ සැප්තැම්බර් සහ ඔක්තෝබර් මාස වලදී දිනමිණ පත්‍රයේ පළවූ වාර්තාවන් උපුටා දක්වමින් කතා කල රාජරත්න මහතා අස්ගිරි මල්වතු අමර පුර සහ රාමඤ්ඤ යන ත්‍රෛයිනිකායික මහා සංඝරත්නය විසින්  ව්‍යවස්ථාවට ඇතුලත් විය යුතු යෝජනා ගැන පළ කරන ලද අදහස් රාශියක් සෙනට් මන්ත්‍රී මන්ඩලය ඉදිරියේ සභාගත කළේය.  1970 ඔක්කෝබර් මස 17 දාතම සහිතව එය සෙනට් මන්ත්‍රී මණ්ඩලයේ තිස් වන වෙළුමට ඇතුලත් කර තිබේ. එහිදී  අස්ගිරි මහානායක අතිපූජ්‍ය ගොඩමුන්නේ ධම්මා නන්ද මල්වතු විහාරයේ මහානායක අතිපූජ්‍ය මඩුගල්ලේ ධම්මසිද්ධි ප්‍රමුඛ කොට ගත් උභය විහාරීය මහා සංඝ රත්නය  විසින් ඉදිරිපත් කරන ලද යෝජනා අතර තිබූ වටිනා අදහස් කීපයක් මෙසේ දැක්විය හැකිය.

1/ රජයේ ප්‍රධානියා සේනා සම්මත ජනාධිපති විය යුතුය.

2/ සිංහල බෞද්ධ රටක් වශයෙන් දීර්ඝ ඉතිහාසයක් ඇති නිසාද බහුතර ජනතාව සිංහල බෞද්ධයන් වන නිසාද රටේ ප්‍රධනියා  බෞද්ධයෙක් ම විය යුතුය යන සම්මතය අවුරුදු දෙදහසකට වැඩි කලක පටන් පැවති නිසාද ජනාධිපතිවරයා සිංහල බෞද්ධයෙකු විය යුතුය.

3/ අති දීර්ඝ කාලයක් මුළුල්ලේ ශ්‍රී ලංකා ද්විපයෙහි ජනතාවගේ සදාචාරය සභ්‍යත්වය සංස්කෘතිය සාහිත්‍යය කලාශිල්ප අධ්‍යාත්මික ගුණ වගාව යනාදිය සංවර්ධනය කිරීමේලා උපයෝගී වූ අසහාය බලවේගය බවට සිද්ධානත්ව පවත්නා බුද්ධ ශාසනයද එහි කටයුතුද සංඝයා වහන්සේලාද පූජනීය වස්තූ සහ විහාරස්ථනයන්ද වත් පිළිවෙත් පුද පූජා අඛණ්ඩව පැවැත්වීමට සලස්වා තිබෙන විධිවිධානයන්ද සිංහල රජ කාලයේ මෙන්ම අනාගතයෙහි ද ස්ථීරව පැවැත්වීමට සහ ආරක්ෂා කිරීමද මෙම රජය විසින් කළ යුතු වේ.

4/ ආගමික කටයුතු පිළිබඳව බුද්ධගමට සහ සංඝයා වහන්සේලාටද බෞද්ධයන්ටද අවුරුදු දහස් ගණනක් මුලුල්ලේ හිමිව තිබුණ විදේශීය පාලන යුගයෙහි නැතිවී ගිය සාධාරණ හිමි කම් වරප්‍රසාද හා විශේෂ සහනයන් මේ රජය විසින් තහවුරු කරනු ලැබේ.ඒ සඳහා අවශ්‍ය විධිවිදාන සැලැස්වීමේදී මේ රටේ පවත්නා ආගම් බුද්ධාගම හා සම තත්ත්වයෙන් නොසලකනු ලැබිය යුතුය.

5/ සංඝයා වහන්සේලාගේ විනය කර්ම චිරාගත සම්ප්‍රදායානුකූල චාරිත්‍ර වාරිත්‍ර නිකාය පාලක සංඝ සභා නොහොත් පාලක මණ්ඩලය එහි අභ්‍යන්තර කටයුතු යන මේවා කෙරෙහි බලපානා අණ පණත් රෙගුලාසි ව්‍යවස්ථා ආඥා ව්‍යවස්ථාදායක මණ්ඩලය හෙවත් රජය විසින් නොපැනවිය යුතුය.

රාජරත්න මහතා විසින් සභාගත කළ අනෙක් යෝජනා අතර ශ්‍රීලංකා රාමඤ්ඤ නිකායේ කාරක  සංඝ සභා රැස්වීමේදී ගත් තීරණයක්ද විය.1970 /9/20 දිනමිණ පත්‍රයේ පළවූ එය යොජනා 11 කින් සමන්විත විය.එම යෝජනා සකස් කරන ලද්දේ රාමඤ්ඤ මහා නිකායේ මහා නායකව සිටි දීපේගොඩ චන්ද විමල හිමියන් සහ ගැටඹේ රාජෝපවනාරාමාධිපති ලබුදූවේ සිරිධම්ම ස්වාමීන් වහන්සේලා ගේ මූලිකත්වයෙනි. එම යොජනා අතරින් කීපයක් මෙසේය.

1/ ලංකාවේ එකම රාජ්‍ය භාෂාව සිංහල විය යුතුය. ශ්‍රී ලංකාව බෞද්ධ රාජ්‍යයක් බව අභිනව ආණ්ඩුක්‍රම පනතින් ප්‍රකාශයට පත් විය යුතුය. ප්‍රජා පාලනය පිලිබඳ බෞද්ධ මූල ධර්ම පදනම් කොට අභිනව ආණ්ඩු ක්‍රම පණත සකස් විය යුතුය.

2/ ශ්‍රී ලංකා ජන රජයේ ජනාධිපති ධූරයද අග්‍රාමාතය  පදවියද සිංහල බෞද්ධයෙකු සතු විය යුතුය. අභිනව ජන රජය ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ඒකීය පාලන ක්‍රමයක් විය යුතුය.

3/ 1815 උඩරට ගිවිසුමේ පස්වන වගන්තිය වැනි බුද්ධ ශාසනයද බෞද්ධ සංස්කෘතියට අයත් අංගෝපාංගයන්ද ආරක්ෂා කිරීමේ ප්‍රතිඥාවක් ආණ්ඩුක්‍රම පණතෙහි අතුලත් විය යුතුය.

4/ බෝ පත් සතර සහිත පැරණි සිංහ කොඩිය අභිනව ජනරජයේ කොඩිය විය යුතුය.

5/ නව ආණ්ඩුක්‍රම පනත යටතේ රාජ්‍යෝපදේශක මන්ඩලයක් පිහිටු විය යුතුය. අභිනව ජනරජය යටතේ ධර්මාමාත්‍ය පදවියක් ඇති කොට සියලු ආගමික කටයුතු ඒ හා සම්බන්ධ කටයුතුය.

6/ සිංහලයාට අයත් සාධාරණ තැන ලාබා දෙනු පිණිස තාවකාලිකව හෝ ජාතින්ගේ අනුපාතය අනුව පොදු අයිතිවාසිකම් බෙදී යන නීති රීති අභිනව ආණ්ඩුක්‍රම පනතෙහි ඇතුලත් විය යුතුය.

රාමඤ්ඤ නිකායට පසු අමරපුර නිකායට අයත් මහා සංඝරත්නය රැස්වී ආණ්ඩුක්‍රම මණ්ඩලයට ඉදිරිපත් කරන ලද යෝජනාද සභාගත කෙරිණ. ඒ වායින් සමහරක් මෙසේය.

1/ බුද්ධාගම රාජ්‍ය ආගම කල යුතු අතර සිංහල භාෂාව නියම වශයෙන්ම රාජ්‍ය භාෂාව කළ යුතුය.

2/ පක්ෂ දේශපාලනය අහෝසි කළ යුතු අතර මහජන චන්දයෙන් තෝරා පත් කෙරෙන සිංහල බෞද්ධ ජනාධිපතිවරයෙකු පත් කළ යුතුය.

ත්‍රෛයිනිකායික මහා සංඝරත්නයට අමතරව රත්තොට ප්‍රාදේශිය මහා සංඝ සභාව  වයඹ පළාතේ ත්‍රෛනිකායික සංඝ සභාව   වැනි සංඝ සභාවන් විසින් ඉදිරිපත් කරනු ලැබූ ඉතා වැදගත් යෝජනා කීපයක්ද රාජරත්න මහතා සෙනෙට් මන්ත්‍රී මණ්ඩලය ඉදිරියේ සභා ගත කරන ලද්දේය. ඒ යෝජනා අතර ද ඉතා වැදගත් අදහස් රාශියක් විය. ඒ මෙසේය.

1/ තෙරුවන් සන්තක දේපළ අන්සතු වීම වළක්වන නීති රීති සකස් විය යුතුය.

2/තුන් නිකායේ පාලක මූලස්ථාන මගින් ඒ ඒ නිකායික භික්ෂූන් පිළිබඳව පොදු නීති මාලා ( කතිකාවත්) සම්පාදනය කරවා සම්මත කළ යුතුය.

3/ අලුත් ජන රජයට අනුශාසනා කිරීමට රාජ්‍යානුශාසනා උත්තරීතර මණ්ඩලයක් පිහිටවනු ලැබිය යුතුය.

4/ 1958 පනවන ලද කුඹුරු පනතින් සඟසතු දේපල වලට හානි වී ඇති හෙයින් එසේ නොවන පරිදි අඳ ගොවියාගෙන් ඒවා මුදා ගැනීම සඳහා නීති සම්පාදනය කල යුතුය.

5 / ජන රජය බෞද්ධ ප්‍රතිපත්ති පසුබිම් කොට ගත් බෞද්ධ රාජ්‍යයක් ලෙස පිහිටුවීමට කටයුතු කළ යුතුය.

මෙම යෝජනා සියල්ලේම සාරංශය වශයෙන් ගත් කල්හි ලංකාව බෞද්ධ රටක් බවට  නැවත පත් කිරීම මහා සංඝරත්නයේ මූලික අභිලාශයයි. රාජ්‍ය නායකයා බෞද්ධයෙකු වීමත් ප්‍රධාන භාෂාව සිංහල වීමත් කඩ කල නොහැකි කොන්දෙසි වේ. ඒකීය රාජ්‍ය සංකල්පයද මෙයට ඇතුළත් වේ.ත්‍රෛයිනිකායික මහා  සංඝ රත්නය තුළින් මතු වූ මේ යෝජනා පත්‍රවල පළ වූ නමුත් ආණ්ඩු ක්‍රම සම්පාදන මණ්ඩලයට ඉදිරිපත් වූ නමුත් එතරම් සැලකිල්ලකින් ඒ දෙස බැලීමක් එකළ නොවූ බව පෙනේ. නමුත් මේවා සභාගත කොට එයට පිළිගැනීමත් ලබා දී ඇත්තේ කේ.එම්. පී.රාජරත්න මහතා විසිනි. රෙජිනෝල්ඩ් පෙරේරා වැනි සෙනෙට් මන්ත්‍රී වරුන් මෙම යෝජනා වලට  කලේ කල අකලේ යයි සිනාසුණ ආකාරයද සෙනෙට් වාර්තා වල දක්වා තිබේ. කෙසේ වෙතත් ව්‍යවස්ථා සම්පාදනයේදී අතීත රජදරුවන්ගේ සිට භික්ෂූන් වහන්සේලා ගේ දායකත්වය සහ අනුශාසක්තවය ලැබුණු බව ප්‍රකට කිරීමට මෙම සභාගත කිරීම බෙහෙවින්ම වැදගත් වූ බව කිව යුතුය.වසර හතලිස් පහකට පසුව  වර්තමානයේ ව්‍යවස්ථා සම්පාදනයක් සිදු කිරීමට අර අඳී. කලින් සකස් කරන ලද කෙටුම්පතකට මහජන අදහස් එහෙන් මෙහෙන් ලබා ගෙන ආණ්ඩු ක්‍රම සම්පාදකයන්ගේ වුවමනාවන් සම්මත කර ගැනිම මෙහි අභිප්‍රායයි. මහානායක හිමිවරුන් ගෙන් විශේෂ යෝජනා ලබා ගැනීමක් මෙහිදී සිදු වන්නේ නැත. එම නිසා අතීත ආදර්ශයන් පදනම් කොට ගෙන   ත්‍රෛනිකායික මහා සංඝ රත්නයේ මැදිහත් වීම අත්‍යවශ්‍ය යෙන්ම සිදු විය යුත්තේය. කේ.එම්.පී.රාජරත්න මහතා එදා සිදු කළ සභාගත කිරීමට වටිනාකමක් සහ ගෞරවයක් හිමිවන්නේ එවිටයි..

2016/01/18 දිවයින

බෞද්ධ පුදබිම් විනාශ කොට හදන පල්ලි

Inline image 1Inline image 2Inline image 3Inline image 4Inline image 5Inline image 6Inline image 7Inline image 8Inline image 9Inline image 10Inline image 11

Categories

Balawegaya Flickr Photos

Different countries have visited this site

Free counters!