//

මානව හිමිකම් කොලොප්පම

This category contains 6 posts

යාපනයේ ජනතාවට ඉඩම් බෙදා දෙමින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන කියයි

වැඩක්‌ කරන විට විවේචන එල්ලවීම සාමාන්‍ය දෙයක්‌
උතුරේ ජනතාව ඉල්ලන්නේ
ඔවුන්ගේ ඉඩම්, ඒ යුතුකම අප ඉටුකළ යුතුයි
යාපනයේ ජනතාවට ඉඩම් බෙදා දෙමින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන කියයි

උතුරේ ඉඩම් අවතැන් ජනතාවට භාරදෙන විට දකුණේ සුළු පිරිසක්‌ රජයට විවේචන එල්ල කරනවා. ඕනෑම වැඩක්‌ කරන විට විවේචනය කරන මිනිසුන් සිටීම සාමාන්‍ය දෙයක්‌. උතුරේ අවතැන් කඳවුරුවල සිටින අසරණ ජනතාවගේ දුක සැප ඇවිත් බලලම මේ විවේචනය කරනවා නම් තමා ඊට කැමති යෑයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පැවසීය.

යාපනයේ ජනතාවට පසුගිය 12 දා ඉඩම් බෙදා දීමේ උත්සවයට සහභාගි වෙමින් ජනාධිපතිවරයා එසේ කීය.

තවදුරටත් කතා කළ ජනාධිපතිවරයා මෙසේ ද කීය.

උතුරු ප්‍රදේශයේ යුද්ධයෙන් අවතැන් වුණු ජනතාවට නිවාස 65,000 ක්‌ ඉදිකර දීමේ ව්‍යාපෘතියට අදාළ ආදර්ශ නිවාස දැක බලා ගැනීමත් මුල් ඉඩම් වල හිමිකම ලබාදීමත් යන කාරණා මුල් කර ගනිමින් කන්කසන්තුරේ ප්‍රදේශයට පැමිණි මේ අවස්‌ථාවේ ඔබ සමඟ එක්‌වීමට ලැබීම පිළිබඳව ඉතා සතුටට පත්වෙනවා.

මම පසුගිය මාසයේ යාපනයේ පැවැති බාලදක්‌ෂ ජම්බෝරියටත් සහභාගි වුණා. ඒ අවස්‌ථාවේ දකුණේ වගේම උතුරේ දරුවන් ඉතාමත් සතුටින් කටයුතු කළ හැටි මම දැක්‌කා.

උතුරේ ජීවත්වන තමුන්නාන්සේලා ගත කරන්නේ ඉතාමත් කටුක ජීවිතයක්‌. ඒවගේම මේ ප්‍රදේශයේ තිබෙන්නේ ඉතා වියළි දේශගුණික තත්ත්වයක්‌. ඒත් මේ ප්‍රදේශවල ජනතාව දුක්‌ මහන්සිවෙලා තමන්ගේ වගා කටයුතු ඉතාමත් සාර්ථක ලෙස කර ගෙන යනවා.

අපේ රටේ පළාත් නවයක්‌ තිබෙන බව ඔබ දන්නවා. මේ පළාත් නවයම එක වගේ සංවර්ධනයකට ලක්‌ විය යුතුයි. අවුරුදු 26 කට වැඩිය තිබුණු යුද්ධය නිසා නැගෙනහිර සහ උතුරු පළාත් වල සංවර්ධනය අඩාල වුණා. මේ ප්‍රදේශවල ජනජීවිතය කඩාවැටුණා. දුප්පත්කම වැඩි වුණා. ඒවගේම යුද්ධය නිසා උතුරේ වගේම දකුණේ සියලු ප්‍රදේශවල ජනතාවගේ ජීවිත අහිමි වුණා. යුද්ධය පැවති මෙම ප්‍රදේශවල ජීවත්වුණු ඔබට එහි කටුක බව අසීරු බව තවමත් මතකයේ ඇති. ඒවගේමයි දකුණේ පළාත්වල ජනතාවටත්. ඔවුන්ටත් මේ යුද්ධයේ කටුක අමිහිරි අත්දැකීම් රාශියක්‌ තිබෙනවා.

නව රජය විදියට අපේ අපේක්‌ෂාව වන්නේ මේ සියලු පළාත්වල ජනතාවට එකවගේ සේවය කිරීමයි. එහිදී යුද්ධය පැවති ප්‍රදේශවල ජනතාවගේ ප්‍රශ්නවලටත් ප්‍රමුඛත්වයක්‌ දී කටයුතු කිරීම අවශ්‍ය වෙනවා. ඒ අනික්‌ ප්‍රදේශවල ජනතාවට වඩා මේ ප්‍රදේශවල ජනතාවට දැඩි පීඩනයකට සහ ප්‍රශ්න රාශියකට මුහුණ දෙන්න සිදුවුණු නිසයි.

අවතැන් වුණු ජනතාවට අවශ්‍ය නිවාස 65000 ක්‌ ඉදිකර දීමේ ව්‍යාපෘතියක්‌ ක්‍රියාත්මක කරන බව ඔබ දන්නවා. මම තෙලිප්පලේ ප්‍රදේශයට පැමිණියේ මේ ආදර්ශ නිවාස ගැන සොයා බලන්න. මේ නිවාස ආකෘතිය සහ ඉදිකිරීම් පිළිබඳව මහ ඇමති විග්නේෂ්වරන් මහතා එතුමාගේ අදහස්‌ ඉදිරිපත් කළා. ඒවගේම ස්‌වාමිනාදන් ඇමතිතුමා එතුමාගේ අදහස්‌ ඉදිරිපත් කළා. මේ සඳහා විවාදයක්‌ අවශ්‍ය නැහැ කියලයි මම හිතන්නේ.

මේ ගෙවල් සෑදීමේදී ජනතාවගේ අවශ්‍යතාවය කුමක්‌ද කියලා අපි සොයා බලන්න ඕනෑ. ජනතාවගේ මත විමසලා ඔවුන්ගේ කැමැත්තට අනුව මේ නිවාස ඉදි කළ යුතුයි. ඒ නිසා අපි තුන් හතරදෙනා, පළාත් සභාව, ආණ්‌ඩුව වගේම මේ සෑම කෙනෙක්‌ම එකතු වෙලා මේ ජනතාව අපේක්‌ෂා කරන ආකාරයේ නිවසක්‌ සාදා දෙන්න කටයුතු කරන්න ඕනෑ. ඒ නිසා අපි ඉදිරි දිනවලදී ඒ ගැන සාකච්ඡා කරලා ජනතාවගේ අදහස්‌ ගැන සොයලා බලලා තීරණයකට එළඹෙනවා.

මම නිවාස නැරඹීමට ගිය අවස්‌ථාවේ ජනතාව විශාල පිරිසක්‌ මට හමු වුණා. ඔවුන් ඉතා අසරණ තත්ත්වයකට පත්වී සිටින ජනතාවක්‌ වගේම ඔවුන්ට ප්‍රශ්න රාශියක්‌ තිබෙන බව මට පෙනී ගියා. ඒ අය කිව්වේ අපට අපේ ඉඩම් දෙන්න කියලා. අපි එකක්‌ මතකයේ තබා ගන්න ඕනෑ. ඒ අය ඉල්ලන්නේ අනුන්ගේ දෙයක්‌ නොවෙයි. ඒ අය අපෙන් ඉල්ලන්නේ ඒ අයගේ ඉඩම් ලබාදෙන්න කියලයි. ඒ නිසා අපි ඒ යුතුකම ඉටු කළ යුතුයි කියලයි මම විශ්වාස කරන්නේ. අපි පසුගිය මාස කිහිපය තුළ ඉඩම් ලබා දුන්නා. ඉදිරි මාස කිහිපය තුළ අපි කෙසේ හෝ මේ කටයුත්ත අවසන් කළ යුතුයි.

පසුගිය දෙසැම්බර් මාසේ නත්තල් උත්සව අවස්‌ථාවේ යාපනයට පැමිණි අවස්‌ථාවේ මම කිව්වා අවතැන් වූ කඳවුරු වල ඉන්න ජනතාවට මාස 06 ක්‌ ඇතුළත ඒ කියන්නේ 2016 ජූනි මාසේ වන විට ඉඩම් පෙන්වීම් අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා කියලා. දැන් මේ අවුරුද්දෙත් මාස 03 ක්‌ ගෙවෙමින් පවතිනවා. ඒ බලාපොරොත්තුව ඉටු කරන්න තව තිබෙන්නේ මාස තුන හතරක්‌ කාලයක්‌ පමණයි. ඒ කාලය තුළ මේ කාර්යය අපි කළ යුතුයි. ඒ සඳහා සියලුම අංශ වල සහයෝගය මම බලාපාරොත්තු වෙනවා.

දැන් මේ වසරේත් මාස 3 ක්‌ ගතවී අවසන් ඒ පොරොන්දුව ඉෂ්ට කිරීමට ඉතිරිව ඇත්තේ තව මාස කිහිපයක්‌ පමණයි. අපි කෙසේ හෝ ඒ කාර්යයන් ඉටුකළ යුතුයි. ඒ ස`දහා සියලුම අංශවල සහයෝගය මම කාරුණිකව බලාපොරොත්තු වෙනවා.

ඉඩම් නැවත භාරදීම රජයේ ප්‍රමුඛ කාර්යයක්‌ ලෙස අප සලකනවා. එක්‌සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කොමසාරිස්‌තුමා ලංකාවට ආ විට එතුමා මා සමග සාකච්ඡා කළ බව ඔබ දන්නවා. එතුමා මගෙන් කළ පළමු ඉල්ලීම වූයේ අවතැන් කඳවුරු වල සිටින ජනතාවගේ ඉඩම් ප්‍රශ්නය විසඳන්න කියලා.

නමුත් උතුරේ ඉඩම් අවතැන් ජනතාවට බාරදෙන විට දකුණේ සුqළු පිරිසක්‌ රජයට විෙච්චන එල්ල කරනවා. ඕනෑම වැඩක්‌ කරනවිට විවේචනය කරන මිනිසුන් සිටීම සාමාන්‍ය දෙයක්‌. උතුරේ අවතැන් කඳවුරු වල සිටින අසරණ ජනතාවගේ දුක සැප ඇවිත් බලන්න කියල විවේචනය කරන සෑම කෙනෙකුටම මම කියන්නට කැමතියි.

අපි ජාතික සංහිඳියාව පිළිබ`දව නිතර නිතර කතා කරනවා. එහෙත් සියලු ආයතන සංහිඳියාව ශක්‌තිමත් කරන්න පැමිණෙන්නේ උතුරටයි. මම හිතනවා එතන පුංචි වැරදීමක්‌ සිදුව ඇති බව. සංහිඳියාවේ වැදගත්කම පිළිබඳ ජනතාව දැනුවත් කළ යුතු වෙන්නේ දකුණේ ජනතාවටයි කියන එක මා විශ්වාස කරනවා. නමුත් දකුණේ ජනතාව තුළ අන්තවාදී අදහස්‌ ඇතිකරන පිරිස්‌ නිසා සංහිඳියා ගමනට බාධා පැමිණෙනවා.

අපි සමානාත්මතා සමාජයක්‌ පිළිබඳ නිතර කතා කරනවා. සෑම කෙනෙක්‌ම එක වගේ ජීවත්විය යුතුයි කියලා කතා කරනවා. එහෙමනම් සෑම කෙනෙකුටම එක වගේ සිය අයිතිවාසිකම් භුක්‌ති වි`දින්න ඉඩ දිය යුතුයි නේද.

ඒ නිසා මේ රටේ සමස්‌ත ජනතාවට සමානාත්මතාවයෙන් එකවගේ ජීවත්වීමට සමාජයක්‌ බිහිකරන්න අපි එකට එකතුවෙලා කටයුතු කරමු කියලා මම බොහොම ගෞරවයෙන් සියලු දෙනාගෙන් ඉල්ලීමක්‌ කරනවා .

විවේචනය කරන්න, විරෝධය පෑමට ඕනෑම කෙනෙකුට පුලුවන්. නමුත් තමන්ගෙන් විය යුතු යුතුකම් හා වගකීම් පිළිබඳව සෑම කෙනෙකුටම අවබෝධයක්‌ තියෙන්නට ඕනෑ. අපි අපේ වගකීම් හා යුතුකම් මිනිසුන් වෙනුවෙන් ඉටුකළ යුතුයි. යුතුකම් ඉටුකිරීමේදී උතුරේ ද සහ දකුණේ ද කියා බෙදීමක්‌ අවශ්‍ය නැහැ. සමස්‌ත රටටම එය සිදුවිය යුතුයි. සමස්‌ත ලෝකයටම එය ඉටුවිය යුතුයි.

ඒ නිසා ම සතුටුවෙනවා ඔබ වැනි පිරිසකට ඉඩම් අක්‌කර 700 කට වැඩි ප්‍රමාණයක්‌ බාරදීමට පු`එවන් වීම ගැන. ඔබට තිබෙන අනෙකුත් ප්‍රශ්නත් පියවරෙන් පියවරට විසඳීමට අප කටයුතු කරනවා. අපි රජය විදියට උතුරේ ජනතාවට අපේ සම්පූර්ණ සහයෝගය දෙනවා. උතුරේ සිටින පාර්ලිමේන්තු මැති ඇමතිවරුන්ටත් පළාත් සභාෙවි මැති ඇමතිවරුන්ටත් අවශ්‍ය සහයෝගය අපි ලබාදෙනවා.

සමස්‌ත රාජ්‍ය නිලධාරී මහත්ම මහත්මීන්ගෙන් මම ඉල්ලා සිටිනවා මේ කටයුතු අපි ඉතාම කාර්යක්‌ෂමට ඉටු කරමුයි කියා. ප්‍රධාන අමාත්‍ය විග්නේෂ්වරම් මහතා කළ කතාෙවිදී පැවසූ කරුණු ද මා සිතට ගත්තා. තමුන්නාන්සේලා සියලු දෙනාගේම අදහස්‌ මම මගේ සිතට ගන්නවා. ඒ සියලු අදහස්‌ ගෙන වඩා යහපත් දේ අපි ක්‍රියාවට නංවනවා. ඔබ සියලු දෙනාට දෙවි පිහිට පතමින් ඔබෙන් සමුගන්නවා.

දේශපාලන බැටළු හම අන්දවා කොටි හපුවන් එළියට දමමුද?

දේශපාලන බැටළු හම අන්දවා කොටි හපුවන් එළියට දමමුද?

වත්මන් රජය බලයට පත්වීමත් සමග මෙරට දෙමළ දේශපාලනඥයන් ආණ්‌ඩුවෙන් කළ එක්‌ ප්‍රධාන ඉල්ලීමක්‌ වූයේ ඉකුත් යුද සමයේ විවිධ ත්‍රස්‌තවාදී ක්‍රියා හේතුවෙන් පොලිස්‌ අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත කර සිටින කොටි ත්‍රස්‌තවාදී සැකකරුවන් වහා නිදහස්‌ කළ යුතුය යන්නය.

මෙහිදී ඔවුන් එකී ත්‍රස්‌තවාදී සැකකරුවන්ට දේශපාලන සිරකරුවන් ලෙසින් අලුත් නිර්වචනයක්‌ ලබා දෙන්නටද කටයුතු කළේය. උතුරත් දකුණත් ඇතුළු මෙරට සමස්‌ත දෙමළ දේශපාලනයේ විවිධ හැල හැප්පීම් සහ පරස්‌පර මතවාදයන් ඇතිවීම හැමදාමත් සිදු වූවකි.

එහෙත් ඉහත කී පොදු ඉල්ලීම්වලදී ඔවුහු සියලු දෙනාම එකම වේදිකාවක සිටගත්හ. ඒ අනුව දේශපාලන සිරකරුවන් යෑයි දෙමළ දේශපාලනය විසින් නිර්වචනය කළ බන්ධනාගාරගත ත්‍රස්‌තවාදී සැකකරුවන් නිදහස්‌ කරනු යන හඬ මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපතිවරයා වූ දා පටන් උතුරේත් දකුණේත් විටින් විට රැව් දෙන්නට විය.

විටෙක එය මතු කරනු ලැබුවේ ප්‍රභාකරන්ගේ මස්‌සිනා වූ ශිවාජිලිංගම්ය. තවත් අවස්‌ථාවක ඒ හඬ උතුරේ මහ ඇමැති සී. වී. විග්නේෂ්වරන් මතු කරද්දී දකුණේ සිට මනෝ ගනේෂන් සහ වත්මන් විපක්‍ෂ නායක ආර්. සම්බන්ධන් මහතාද එයම කියන්නට වූහ.

එහෙත් මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපතිවරයා වී නව රජයක්‌ බලයට පැමිණියද කඩිමුඩියේ ත්‍රස්‌තවාදී සැකකරුවන් නිදහස්‌ කිරීමක්‌ සිදු නොවිණි. ජනාධිපතිවරයා බලයේ සිටියදීම ඉකුත් මහ මැතිවරණයෙන් යළිත් එක්‌සත් ජාතික පක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධුරයට පත්වෙමින් ශ්‍රීලනිප, එජාප ජාතික ආණ්‌ඩුවක්‌ බිහි වූයේ මේ අතරතුරය.

ආණ්‌ඩුව එසේ පිහිටුවා ගනිද්දී ඉතිහාසයේ දෙවැනි වතාවට දෙමළ දේශපාලනඥයකු විපක්‍ෂ නායක ධුරයට පත් වෙමින් පාර්ලිමේන්තුවේ විපක්‍ෂ නායක ධුරය දෙමළ ජාතික සන්ධානයේ ආර්. සම්බන්ධන් මහතාට ලැබිණ.

මේ අන්දමින් රටේ දේශපාලනය තුළ පෙරළි සිදු වෙද්දී දෙමළ දේශපාලනය තුළින් එල්ටීටීඊ සැකකරුවන් නොහොත් දේශපාලන සිරකරුවන් නිදහස්‌ කරන්නැයි යන හඬ යළි යළිත් මතු වන්නව වූවේය.

නව රජය පිහිටුවා ගත් සැණින් නැවතත් මෙසේ දෙමළ දේශපාලනඥයන් එල්ටීටීඊ සැකකරුවන් පිළිබඳ කතා කරන්නට හේතු වූ එක්‌ ප්‍රධාන කරුණක්‌ ද තිබිණි. ඒ එක්‌සත් ජාතීන්ගේ නිරීක්‍ෂණ මණ්‌ඩලයක්‌ මගින් සකස්‌ කළ මෙරටට එරෙහි යුද අපරාධ සහ මානව හිමිකම් පිළිබඳ වාර්තාව ඉකුaත් සැප්තැම්බරයේ ජිනීවා මානව හිමිකම් කවුන්සලයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබීමය.

එනිසාම සිරගත කොටි සැකකරුවන්ගේ කතාව ජිනීවා දක්‌වාම රැගෙන යැමටද දෙමළ දේශපාලනඥයෝ කටයුතු කළහ. මෙකී ත්‍රස්‌තවාදී සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි උන් කතා කළේ උන්ගේ මානව හිමිකම් පිළිබඳවය. එවුන් සිරගතව දිගු කලක්‌ තිස්‌සේ ජීවිතය විඳවමින් සිටින වග සියල්ලෝ කියන්නට වූහ.

නමුත් මොවුන් කොටි සැකකරුවන් ලෙස සිරගත වූයේ වෙලුපිල්ලේ ප්‍රභාකරන් නමැති කාලකණ්‌නි යක්‍ෂයාගේ ඊළාම් සිහිනයේ හවුල්කරුවන් වීම නිසා බව කියන්නට කිසිවකුත් නොවීය.

එසේම කොළඹ බෝම්බ පිපිරවීම් ඇතුළු විවිධ ත්‍රස්‌තවාදී ක්‍රියා හමුවේ මෙකී කොටි සැකකරුවන් සිරගත වෙද්දී ඒ බෝම්බ පුපරා මිය ගිය මිනිසුන්ගේ සහ දරු පවුල්වල මානව හිමිකම් පිළිබඳ කිසිවෙක්‌ කතා නොකළේය.

මෙම කොටි ත්‍රස්‌තවාදී සිරකරුවන් සිරගත කෙරුණේ ගුවන් යානාවලට මිසයිල ප්‍රහාර එල්ල කිරීම, නාවික හමුදා යාත්‍රා පිපිරවීම, දකුණේ පිපිරී ගිය මිනිස්‌ බෝම්බකරුවන් මෙහෙයවීම ආදී ලෙසින් වූ බරපතළ අපරාධයන්හි සැකකරුවන් ලෙසිනි. එහෙත් ඒ කතා වැළලී ගියේය.

මෙසේ සිරගත කර සිටිනුයේ කවරාකාරයේ වුන්ද? මහා බරපතළ අපරාධයන්හි කොටස්‌කාරයන්යෑයි කියනා සැකකරුවෝය. සෙල්වරාඡ් (මහ බැංකු බෝම්බය) ශ්‍රී දරන් (එම), සගාදේවන් (ලක්‍ෂමන් කදීර්ගාමර් වෙඩි තැබීම), අයි. අරෝග්‍යනාදන් (එම), තංගවේලු ශිවකුමාර් (කරන්දෙණිය ලොරි බෝම්බය), ආනන්දරාජා (එම), කේ. කේ. ශිවාජි (හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතාට බෝම්බ ගැසීම), එච්. ඒ. සුදාකරන් (පිළියන්දල බස්‌ බොම්බ ප්‍රහාරය) සුරේන්ද්‍රරාජා (පාකිස්‌තාන මහකොමසාරිස්‌ කාර්යාල බෝම්බ ප්‍රහාරය) ඒ සටහන් වූයේ සිරගත කර සිටින ත්‍රස්‌තවාදීන් අතරින් කිහිපදෙනකුගේ පැටිකිරිය ය.

රටේ සිදු වුණ දේශපාලන පෙරළියත් සමග දක්‌නට ලැබුණු දෙමළ දේශපාලනයේ උපක්‍රමශීලී බව මෙසේ වෙද්දී ජිනීවා මානව හිමිකම් සැසිවාරයද නිමාවට පත් විය. එහෙත් කොටි සැකකරුවන් නිදහස්‌ කරනු ලෙසින් සමස්‌ත දෙමළ දේශපාලනය රජයට කරනු ලැබූ බලපෑම්වල නිමාවක්‌ නම් නොවීය. උතුරේත් දකුණේත් නොනවත්වාම ඒ හඬ මතුවන්නට විය.

ඉකුත් 12 වැනි සඳුදා කොළඹ මැගසින්, අනුරාධපුර සහ මඩකලපුව යන බන්ධනාගාරවල රඳවා සිටින කොටි ත්‍රස්‌තවාදී සැකකරුවන් 143 දෙනකු තමන් නිදහස්‌ කරන ලෙස ඉල්ලා උපවාසයක්‌ අරඹනුයේ මේ අතරතුරය.

“යහ පාලනය අපව රැවට්‌ටුවා.. පොරොන්දු ඉටු කළේ නැහැ.. කඩිනමින් අපව නිදහස්‌ කරන්න..” උපවාසයට එක්‌ව සිටි කොටි සැකකරුවෝ බන්ධනාගාර තුළ සිටිමින් කියන්නට වූහ. කෙසේ වෙතත් මෙකී උපවාසය පිටුපස තිබූ බළල් අත දෙමළ දේශපාලනය බව පැහැදිලිවම පෙනෙන්නට තබුණකි.

සිරකරුවන් උපවාසය ආරම්භ කෙරුවේ ඉකුත් 12 වැනිදාය. නමුත් 11 වැනිදා උදැසන සිට බොහෝ දෙමළ වෙබ් අඩවි මගින් ඒ පිළිබඳ පූර්ව ප්‍රචාරයක්‌ ලබා දුන්නේ මෙකී කොටි ත්‍රස්‌තයන් පූස්‌ පැටවුන් මෙන් හුවා දක්‌වමිනි. ඒ විවිධ දෙමළ දේශපාලනඥයන්ගේ අදහස්‌ දැක්‌වීම්ද සමගය.

මේ අන්දමින් සිරිකරුවන් උපවාසය ආරම්භ කිරීමත් සමග ඊට පසුදාම උතුරු පළාත් මහ ඇමැතිවරයා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට ලිපියක්‌ යොමු කරමින් ඔවුන් නිදහස්‌ නොකිරීම මානව අයිතීන් උල්ලංඝණය කිරීමක්‌ බව ප්‍රකාශ කරන්නට විය.

ඉකුත් ජනවාරි මාසයේ සිටි මෙකී සිරකරුවන් නිදහස්‌ කරනු ඇතැයි තමන් බලාපොරොත්තු වූ බව දෙමළ ජාතික සන්ධානයේ එම්. සුමන්තිරන් කියා සිටි බව එක්‌ දෙමළ වෙබ් අඩවියක සඳහන්ව තිබිණ.

දෙමළ ජාතික සන්ධානයේ නායක සහ විපක්‍ෂ නායක ආර්. සමබන්ධන් මහතාද මොවුන් නිදහස්‌ කළ යුතු බව රජයට අවධාරණය කළේය. ඒ අතරේ උපවාසයේ නිරත කොටි සිරකරුවන් බලන්නට කොළඹ මැගසින් බන්ධනාගාරයට පැමිණි යාපනය දිස්‌ත්‍රික්‌ එජාප මන්ත්‍රිනී විජයකලා මහෙෂ්වරන් මහත්මිය අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සමග සාකච්ඡ කොට මෙයට විසඳුමක්‌ ලබා ගන්නා බව ප්‍රසිද්ධියේම සඳහන් කළාය.

ප්‍රජාතන්ත්‍රවාදී දෙමළ සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි මනෝ ගනේෂන් මහතාද උපවාස කරන කොටි සැකකරුවන් බලන්නට බන්ධනාගාරයට පැමිණියේය. මේ අතරේ මෙකී කොටි සැකකරුවන් දේශපාලන සිරකරුවන් ලෙස හුවා දක්‌වමින් යාපනය නගරයේ පොස්‌ටර් ව්‍යාපාරයක්‌ද දියත් කර තිබිණි.

එසේම උතුරු පළාත් තරුණ සංවිධානය නමැති සංවිධානයක්‌ මගින් උපවාස කරන කොටි සැකකරුවන්ගේ සහායට ඉකුත් 13 වැනිදා යාපනය නල්ලූර් කෝවිල ඉදිරිපිට උපවාසයක්‌ ආරම්භ කර තිබුණු අතර එයට උතුරු පළාත් සභාවේ සභාපති සී. වී. කේ. ශිවඥනම් ඇතුළු මන්ත්‍රිවරු කිහිපදෙනකුද සහභාගි වී සිටියහ.

මේ අතරේ ඉකුත් 14 වැනිදා කොළඹ කොටුව දුම්රිය ස්‌ථානය අසලට රැස්‌වූ මිනී මරු ප්‍රභාකරන්ගේ මස්‌සිනා වන ශිවාජිලිංගම් ඇතුළු පිරිසක්‌ මෙකී ත්‍රස්‌තවාදී සැකකරුවන් පොදු සමාවක්‌ යටතේ වහා නිදහස්‌ කිරීමට රජය ක්‍රියා කළ යුතු බව පවසමින් විරෝධතාවකද නිරත වූහ.

එහිදී ශිවාජිලිංගම් මතු කළ තර්කය වූයේ මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති වීමත් සමග µSල්ඩ් මාෂල් සරත් ෙµdන්සේකාට පොදු සමාවක්‌ ලබා දුන්නේ නම් මෙකී කොටි සැකකරුවන්ට සමාවක්‌ දිය නොහැක්‌කේ ඇයිද යන්නය. ශිවාජිලිංගම් සරත් ෙµdන්සේකා මහතා වැනි යුද වීරයකු මීනී මරන්නට ගොස්‌ කෙළවා ගත් ත්‍රස්‌තවාදියකු හා සන්සන්දනය කළේ එසේය.

මේ අන්දමින් බෙදුම්වාදී දෙමළ දේශපාලනය අද එක හඬින් රජයට බල කරමින් සිටිනුයේ කොටි ත්‍රස්‌තවාදී සැකකරුවන් නිදහස්‌ කරනු යෑයි කියාය. ඒ මෙකී ත්‍රස්‌තවාදීන් සිර කර තැබීමෙන් ඔවුන්ගේ මානව හිමිකම් උල්ලංඝණය වන බව පවසමිනි. ඔවුන්ට අනුව මේ සිරගත කර සිටිනුයේ කොටි ත්‍රස්‌තයන් නොව පූස්‌ පැටවුන්ය.

නමුත් රටේ දෙමළ දේශපාලනය මෙසේ කැකිල්ලේ කතා කියද්දී ඊට ප්‍රතිවිරොAධී හඬක්‌ රජයේ පාර්ශ්වයෙන් මතුවන බවක්‌ නම් පෙනනෙන්නට නැත. උපවාසය ආරම්භ කළ ත්‍රස්‌තවාදී සැකකරුවෝ මේ සටහන තැබූ ඉකුත් බ්‍රහස්‌පතින්දා වන විටත් නොකඩවා එහි නිරතව සිටියහ. එය හෙටද ක්‍රියාත්මක වනු ඇත. මිනීමරු ප්‍රභාකරන්ගේ සිහින ඊළමේ කොටස්‌කරුවන්ව සිටි ඔවුන්ට මෙසේ ක්‍රියාත්මක වීමට ශක්‌තියක්‌ ලැබුණේ කෙසේද?

අධිකරණ හා බුද්ධශාසන ඇමැති විජයදාස රාජපක්‍ෂ මහතා පමණක්‌ බන්ධනාගාරගතව සිටිනුයේ දේශපාලන සිරකරුවන් නොව ත්‍රස්‌තවාදී සැකකරුවන් බව ප්‍රසිද්ධියේම කියා තිබිණ. එහෙත් ඉකුත් බ්‍රහස්‌පතින්දා මෙකී ත්‍රස්‌තවාදී සැකකරුවන්ට ප්‍රකාශයක්‌ කළ ඒ මහතා මේ වසර අවසානයට පෙර ඔවුන්ට විසඳුමක්‌ ලබා දෙන බවද කියා සිටියේය. ඒ හැරෙන්නට මේ සම්බන්ධයෙන් කිසිදු ප්‍රකාශයක්‌ රජයේ පාර්ශ්වයෙන් සිදු නොවීය.

පෙනෙන්නට ඇති රජයේ එකී නිහඬතාව සහ දෙමළ දේශපාලනයේ හිතුවක්‌කාරී පිබිදීම දෙස බලා සිටින රටේ ජනතාවට අද වටහාගත නොහැකිව තිබෙන්නේ රට ගමන් කරන දිශාව කුමක්‌ දැයි යන්නය. මිනිස්‌සු ඒ තරමටම අතරමං වී සිටින්නාහ.

එසේ නම් දැන් මේ ගැටලුව ඉදිරියේ රජය කළ යුත්තේ කුමක්‌ද? දෙමළ දේශපාලනඥයන්ගේ වුවමනාව මත මේ කොටි හපුවන් නිදහස්‌ කිරීමද? නැත. මුන්ට එරෙහිව කඩිනමින් චෝදනා ගොනු කොට නඩු විභාග පවත්වා උපරිම දඬුවම් ලබා දීමය.

එය එසේම සිදු කෙරුණ හොත් අඩුම තරමේ මිනී මරු ප්‍රභාකරන්ගේ බෝම්බයක ගොදුරක්‌ වී මිය ගිය එක්‌ මිනිසකුගේ ආත්මයට හෝ සැනසීමක්‌ ලැබෙනු ඇත.

සමන් ගමගේ

එල්ටීටීඊ. රැඳවියෝ උපවාසයක්‌ අරඹති

එල්ටීටීඊ. රැඳවියෝ උපවාසයක්‌ අරඹති

සමන් ගමගේ

එම්. ඒ. සුමන්තිරන්
පොදු සමාවක්‌ යටතේ තමන් වහා නිදහස්‌ කරන ලෙස රජයට බල කරමින් කොළඹ අනුරාධපුර සහ මැගසින් බන්ධනාගාරයේ රඳවා සිටින එල්. ටී. ටී. ඊ. සැකකරුවන් ඊයේ (12 වැනිදා) පෙරවරුවේ සිට උපවාසයක්‌ අරඹා තිබේ.

වත්මන් රජය පොරොන්දු වූ පරිදි තමන්ට නිදහස ලබා නොදුන් බවත් රජය කළේ අසත්‍ය පවසමින් තමන් මුළා කිරීම බවත් සඳහන් කරමින් ඔවුහු මෙසේ උපවාසයේ නිරතව සිටිති.

ඉකුත් යුද සමයේ කොළඹට බෝම්බ ප්‍රහාර එල්ල කිරීමට පැමිණි සහ බස්‌ රථවල, දුම්රියවල බෝම්බ පිපිරවීම්වලට සම්බන්ධ වූවන් ඇතුළු ත්‍රස්‌තවාදී සැකකරුවෝ දෙසීයකට අධික පිරිසක්‌ මෙසේ බන්ධනාගාරගතව සිටිති. මෙම සිරකරුවන්ට සතියක්‌ ඇතුළත නිදහස ලබා දිය යුතු බව පසුගියදා දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන් මහතාද රජයට පවසා තිබිණි.

විමල්ට, උදයට පාර්ලිමේන්තුවේ පක්‍ෂ නායක වරප්‍රසාද අහිමි කෙරේ ඉදිරි පෙළ අසුන් නෑ. විශේෂ ප්‍රකාශත් බැහැ

විමල්ට, උදයට පාර්ලිමේන්තුවේ
පක්‍ෂ නායක වරප්‍රසාද අහිමි කෙරේ
ඉදිරි පෙළ අසුන් නෑ. විශේෂ ප්‍රකාශත් බැහැ

අකිත පෙරේරා

විමල් වීරවංශ මහතාගේ ජාතික නිදහස්‌ පෙරමුණ සහ උදය ගම්මන්පිල මහතාගේ පිවිතුරු හෙළ උරුමය පාර්ලිමේන්තුව තුළ පිළිගත් දේශපාලන පක්‍ෂ ලෙස නොසැලකීමට ප්‍රධාන පක්‍ෂ නායකයන් තීරණය කර තිබේ. එම මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුව තුළ පක්‍ෂ නායකයන් ලෙස නොව එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ලෙස පමණක්‌ සැලකීමට තීරණය කර ඇති අතර පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්‍ෂ නායකයන්ට හිමිවන වරප්‍රසාද මින් ඉදිරියට ඔවුනට අහිමි වේ.

ඒ අනුව එම මන්ත්‍රීවරුන් දෙදෙනාට පාර්ලිමේන්තුවේ ඉදිරි පෙළ අසුන් අහිමිව යන අතර 23 (II) යටතේ සිදු කරනු ලබන විශේෂ ප්‍රකාශ ඇතුළු පක්‍ෂ නායකයන්ට හිමිවන සියලු වරප්‍රසාද ද ඔවුන්ට අහිමි වේ.

අටවැනි පාර්ලිමේන්තුවේ පිළිගත් දේශපාලන පක්‍ෂ වශයෙන් එක්‌සත් ජාතික පක්‍ෂය, එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානය, දෙමළ ජාතික සන්ධානය, ජනතා විමුක්‌ති පෙරමුණ, ශ්‍රී ලංකා මුස්‌ලිම් කොංග්‍රසය සහ ඊ. පී. ඩී. පී. යන පක්‍ෂ හය පමණක්‌ පිළිගැනීමටත් පක්‍ෂ නායකයන් තීරණය කර තිබේ.

මේ සඳහා කථානායක කරු ජයසූරිය මහතාගේ අනුමැතිය හිමි වූ බව පක්‍ෂ නායකයෙක්‌ “දිවයින”ට කීය.

හමුදාවට ගත් උතුරේ අක්‌කර විසිදහසක්‌ යළි මුල් හිමිකරුවන්ට දෙයි

හමුදාවට ගත් උතුරේ අක්‌කර විසිදහසක්‌
යළි මුල් හිමිකරුවන්ට දෙයි

ප්‍රියදර්ශන ලියනගේ – යාපනයේ සිට source:

හමුදාව විසින් අත්පත් කරගෙන සිටි උතුරු පළාතේ පිහිටි ඉඩම් අක්‌කර විසිදහස්‌ එකොළහක්‌ වහාම ක්‍රියාත්මක වන පරිදි එම ඉඩම්වල මුල් අයිතිකරුවන්ට ලබාදීමට රජය තීරණය කර ඇතැයි ඉඩම් හා ඉඩම් සංවර්ධන ඇමැති ජනක බණ්‌ඩාර තෙන්නකෝන් මහතා ඊයේ (10 වැනිදා) යාපනයේදී පැවසීය.

මෙම ඉඩම් අක්‌කර 20,011 අතර රජයේ ඉඩම් මෙන්ම පෞද්ගලික ඉඩම් ද තිබෙන බව ඇමැතිවරයා පැවසීය.

මෙම ඉඩම්වලින් අක්‌කර 5000 කට වැඩි ප්‍රමාණයක්‌ මේ වන විටත් එම ඉඩම්වල මුල් පදිංචිකරුවන්ට ලබා දී ඇති බවත්, ඉතිරි ඉඩම් කඩිනමින් මුල් පදිංචිකරුවන්ට ලබාදීමට ආරම්භ කරන බවත් ඇමැතිවරයා අවධාරණය කළේය.

මෙම ඉඩම් යළි ලබාදුන්නද ජාතික ආරක්‍ෂාව සම්බන්ධයෙන් සෘජු වැදගත්කමක්‌ ඇති ඉඩම් තවදුරටත් රජය යටතේ තබාගන්නා බවත්, රජය කිසිසේත්ම උතුරේ දෙමළ ජනතාවගේ ඉඩම් අත්පත් කර නොගන්නා බවත් ඇමැතිවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.

ජිනීවා සටන ජය ගන්නට ශ්‍රී ලංකාවට ප්‍රබල රටවල සහාය

ජිනීවා සටන ජය ගන්නට
ශ්‍රී ලංකාවට ප්‍රබල රටවල සහාය

කීර්ති වර්ණකුලසූරිය source:

ලබන මාර්තු මස 3 දා ආරම්භ වන ජිනීවා මානව හිමිකම් සමුළුව වෙත ඉදිරිපත් වන ශ්‍රී ලංකාවට එරෙහි යුද අපරාධ චෝදනා ඇතුළත් යෝජනාවට නිසි ප්‍රතිචාර දැක්‌වීම සඳහා රුසියාව, චීනය, පකිස්‌තානය, කියුබාව සහ වියට්‌නාමය යන රටවල් සමග ඒකාබද්ධව දැවැන්ත මෙහෙයුමක්‌ දියත් කිරීමට රජය තීරණය කර ඇත.

මානව හිමිකම් ඉතිහාසයේ මුල් වරට ක්‍රියාත්මක වන මෙම මෙහෙයුමේදී ඉරාක සිවිල් වැසියන් ලක්‍ෂයක්‌ මිය යැම ගැන බ්‍රිතාන්‍යයටද ෙඩ්‍රාaන් ප්‍රහාරවලින් පකිස්‌තාන සිවිල් වැසියන් 5900 ක්‌ මරුමුවට පත්වීමේ සිදුවීම් ගැන ද මානව හිමිකම් සමුළුව හමුවේ ප්‍රශ්න කෙරෙන බව රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග දිවයින ඉරිදා සංග්‍රහයට පැවසීය. මේ නිසා මෙවර මානව හිමිකම් සමුළුව දැඩි උණුසුම් තත්ත්වයක්‌ ගනු ඇතැයි අපේක්‍ෂා කෙරේ.

එසේම මානව හිමිකම් කොමසාරිස්‌ නවි පිල්ලේ මාර්තු 26 දා ඉදිරිපත් කරන වාර්තාව ගැනද ශ්‍රී ලංකාව අභියෝග කරනු ඇත. මෙම වාර්තාවට අඩංගු කරුණුවල නිරවද්‍යතාව පිළිබඳ ඇය මෙරටින් විමසා නැති අතර එය ඒකපාක්‍ෂිකව සකස්‌ කර ඇතැයි සනාථ වී තිබේ.

යුද අපරාධ දුටු බව කියන 2000 ක පිරිස කවුදැයි හෙළි කරන ලෙස ද ශ්‍රී ලංකාව විසින් මානව හිමිකම් සමුළුව හමුවේ අභියෝග කිරීමට නියමිතය.

මෙම සාක්‍ෂිකරුවන් ගැන එක්‌සත් ජාතීන්ගේ දරුස්‌මාන් වාර්තාවේ සඳහන් වී තිබේ. මෙකී සාක්‍ෂිකරුවන් කවුදැයි හෙළිකළ යුත්තේ වසර 20 කට පසුව යෑයි එක්‌සත් ජාතීන්ගේ දරුස්‌මාන් වාර්තාව කර ඇති නිගමනය පිළිගැනීමද ශ්‍රී ලංකා රජය ප්‍රතික්‍ෂේප කර ඇත.

Categories

Balawegaya Flickr Photos

More Photos

Different countries have visited this site

Free counters!