//

විජාතීන් අපට සලකන හැටි

This category contains 35 posts

ප්‍රභාකරන් සැමරුමට එරෙහි වූ වවුනියාවේ සිංහල සරසවි සිසුන්ට තර්ජන

p4 1යාපනය විශ්වවිද්‍යාලයේ වවුනියාව මණ්‌ඩපයේ ප්‍රභාකරන්ගේ උපන් දින උත්සවයක්‌ පැවැත්වීමට විරෝධය පළ කළ සිංහල සිසුන්ට දෙමළ සිසුන් විසින් මරණීය තර්ජන එල්ල කර විවිධ හිරිහැර කිරීම නිසා ඔවුන් පෙරේදා (26 වැනිදා) රාත්‍රියේම විශ්වවිද්‍යාලයෙන් පිට වී ආරක්‌ෂිත ස්‌ථානවලට ගොස්‌ ඇත.

මෙම විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලබන 200 කට ආසන්න සිංහල සිසුහු පිරිසක්‌ පෙරේදා රාත්‍රියේ මහ වැස්‌සේම විශ්වවිද්‍යාල නේවාසිකාගාරවලින් පිට වී ආරක්‌ෂිත ස්‌ථානවල සැඟ වී සිටියහ.

මේ සිසුන් පවසන්නේ තමන්ට විශ්වවිද්‍යාල පාලනාධිකාරියෙන් හෝ පොලිසියෙන් නිසි ආරක්‌ෂාවක්‌ නොලැබුණු බවයි. විශ්වවිද්‍යාල පාලන අධිකාරිය සිසුන්ට දන්වා ඇත්තේ බිය නොවී ආපසු නේවාසිකාගාරවලට යන ලෙසයි. ගැටුම් ඇත.s කර නොගෙන සාමකාමී ලෙස හැසිරෙන ලෙස පොලිසිය තමන්ට දැන්වූ බව විශ්වවිද්‍යාලයීය නේවාසිකාගාරවලින් එළියට පැමිණි ශිෂ්‍ය ශිෂ්‍යාවෝ කියා සිටිති.

ප්‍රභාකරන් සැමරුමට විරෝධය දක්‌වා පැයක්‌ යැමටත් මත්තෙන් දෙමළ සිසුන් කණ්‌ඩායම් වශයෙන් පැමිණ තමන්ට හිරිහැර හා තර්ජනය කිරීමට පටන් ගැනීම නිසා නේවාසිකාගාරවලින් ඉවත් වී විශ්වවිද්‍යාලයේ පාලන කාර්යාලය වෙත පැමිණ සිදු වූ දේ පැවසුවත් පාලනාධිකාරියෙන් තමන්ට කිසිදු සහනයක්‌ සැලසුණේ නැතැයි සිංහල සිසුහු පවසති.

පසුව එම සථානයේ සිට මේ බව පොලිසියට දැනුම් දෙන ලද නමුත් පොලිසිය ඔවුන්ට නිසි ආරක්‌ෂාවක්‌ සපයා නොදීම නිසා ඔවුන් වෙනත් ආරක්‌ෂිත ස්‌ථාන සොයා ගොස්‌ ඇත.

පෙරේදා (26 දා) උදැසන විශ්වවිද්‍යාලයේ දෙමළ සිසුන් කේක්‌ කපා ප්‍රභාකරන්ගේ උපන් දිනය සැමරූ අවස්‌ථාවේදී සිංහල හා මුස්‌ලිම් සිසුන් නිහඬව සිටි නමුත් සන්ධ්‍යා කාලයේදීද උපන් දිනය සැමරීමට සිංහල සිසුන්ටත් මුස්‌ලිම් සිසුන්ටත් පැමිණෙන ලෙස දන්වමින් උපන්දින සැමරුම් උත්සවයක්‌ සංවිධානය කොට තිබේ. මේ අවස්‌ථාවේදී සිංහල සිසුන් ඊට විරෝධය පළ කිරීම නිසා ඔවුන්ට මරණීය තර්ජන එල්ල කර ඇත.

දිනසේන රතුගමගේ

Advertisements

ලංකාව දෙකඩ කර උතුරේ වෙනම රටක් හදන්න උපරිම සහය දෙනවා – බ්‍රිතාන්‍ය ලේබර් පක්ෂය කියයි

ලංකාව දෙකඩ කර උතුරේ වෙනම රටක් හදන්න උපරිම සහය දෙනවා – බ්‍රිතාන්‍ය ලේබර් පක්ෂය කියයි

ශ්‍රී ලංකාවේ ද්‍රවිඩ ජනතාවට ස්‌වයං පාලනය ලබාදී ඔවුනට වෙනම රටක්‌ ස්‌ථාපිත කිරීමේ යෝජනාවට බ්‍රිතාන්‍යයේ විරුද්ධ පක්‍ෂය වූ ලේබර් පක්‍ෂයේ පූර්ණ සහාය දක්‌වන බව ලේබර් පක්‍ෂ නායක ජෙරමි කොර්බින් ප්‍රකාශ කර ඇත.

බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවැති ටැමිල්ස්‌ ෆො ලේබර් සංවිධානයේ සමුළුව අමතමින් ඔහු මේ බව සඳහන් කර තිබේ.

ස්‌වයංපාලනය සඳහා ද්‍රවිඩ ජනතාවට ඇති අයිතියද ලේබර් පක්‍ෂය පිළිගන්නා බව ජෙරම් කෝර්බිස්‌ තවදුරටත් ප්‍රකාශ කර ඇත.

ශ්‍රී ලංකාව දෙකඩ කළ යුතු යෑයි කෝර්බින් පැවසූ අවස්‌ථාවේ එම සමුළුවට සහභාගි වූ ඊළාම්වාදීන් අත්පොළසන් දෙමින් සතුට පළකර ඇත. මෙම සමුළුවට ලේබර් පක්‍ෂයේ මන්ත්‍රීවරුන් 26 ක්‌ පැමිණ ඇත. ලේබර් පක්‍ෂයේ නිල නොවන විදේශ ලේකම් හිලරි බෙන්, සියොට්‌හාන් මැන්ටොනා, චුනා උඩුනා, ජෝන් මැක්‌ඩොනල් සහ කෙවින් වාස්‌ද සමුළුව අමතා ඇත.

ටැමිල්ස්‌ ෆො ලේබර් සමුළුවට චැනල් ෆො අධ්‍යක්‍ෂ කැලම් මැක්‌රේ සහ හිටපු බී.බී.සී. වාර්තාකාරිනී ප්‍රාන්සස්‌ හැරිසන්ද මේ අවස්‌ථාවට සහභාගි වී තිබේ.

කීර්ති වර්ණකුලසූරිය

වසර දෙදාහක බෞද්ධ නටඹුන් නසා ලියෑවෙන නැගෙනහිර අමුතු ඉතිහාස කතාව

වසර දෙදාහක බෞද්ධ නටඹුන් නසා ලියෑවෙන
නැගෙනහිර අමුතු ඉතිහාස කතාව
සොහොන මුස්‌ලිම් ආගමික නායකයකුගෙලු…
අවුරුදු දෙසීයක්‌ පරණයිලු..
සොහොනක්‌ තියනවග කියන්නෙ
වතුසුදු මල්ගස්‌ දෙකක්‌ නිසාලු…

වට්‌ටමඩු ප්‍රදේශයේ වසර දෙසීයක්‌ පැරණි මුස්‌ලිම් ජාතිකයෙක්‌ගේ සොහොන් තිබෙනවා. එතන අපේ ගල් කණුත් තිබෙනවා. දැන් එතන පල්ලියකුත් හදලා අලුත් ගම්මානයක්‌ හදන්න යනවා.” අයෙක්‌ මට කීවේය. අසන්නට ලැබුණු තොරතුරු කුහුල දනවන සුළුය. මම මා ප්‍රිය මිතුරු සමන් සමග ඒ සොහොන සොයා ගියෙමි.

අක්‌කරපත්තුව නගරයට පිවිසි අපි සාගම පොතුවිල් මාර්ගයේ ඉදිරියට ගියෙමු. ඩෝසර් කර බිමට සමතලා කරන ලද මොට්‌ටයාගොල ඉපැරණි පුද බිමද පසු විය. දෙපස කෙත්වතුය. ප්‍රධාන මාර්ගයෙන් වනපෙත දෙසට යනවිට සාගම වැව හමුවේ. වාහනයකට තබා පාපැදියකටවත් යාමට අපහසු මෙම මාර්ගයේ ගමන අතිශය දුෂ්කර විනි.

”මේ තියෙන්නේ මෙතන දාගැබක්‌. අර පේන තැනත් දාගැබක්‌, අර තියෙන්නේ ගල් කණු. අන්න අර හරියේ කවදාවත් හිෙ`දන්නේ නැති ක`ඵ දිය පොකුණක්‌ තිබෙනවා.” සමන් අවට වූ නටබුන් ගොඩැලි පෙන්වමින් යතුරුපැදිය පැදෙව්වේය. දෙපස පාළුය. තවත් දුර යනවිට හමුවන්නේ කලෙක කුඹුරු වගා කර අත් හරින ලද ඉඩම්ය. තැන් තැන්වල පෙර දිනයේ අලින් දැමු අලි වසුරුය.

”හැන්දෑවෙනකම් හිටියොත් අලි එනවා. සමහර වෙලාවේ දවල්ටත් අලි එනවා.” සමන් යළිත් හ`ඩ අවදි කළේය. ල`දු කැලෑවන් සහ ක`දු වැටි අතරින් හතර අතට වැලි පාරවල් පෙනේ. අප මහා මාර්ගයේ සිට මිනිස්‌ පු`ඵටක්‌ නැති අතුමග දිගේ කිලෝ මීටර් හත අටක්‌ පමණ පැමිණ තිබිණි. අප සොයා යන්නේ වසර දෙසීයක්‌ පැරණි ශ්‍රී ලාංකික මුස්‌ලිම්වරයකුගේ සොහොනකි. එම හැ`ගීම අප තුළත් යම් කුතුහලයක්‌ දනවයි. මේ අප සමග සියවස්‌ කාලයක්‌ එකට ජීවිතය බෙදාගත් මිනිසුන්ගේ සාධකනම් එය කොපමණ අසිරියක්‌ ද?.

අවසානයේ වසර දෙසීයක්‌ පැරණි යෑයි කියන සොහොන හමු විය. එය තිරුක්‌කෝවිල් ප්‍රාදේශිය ලේකම් කොට්‌ඨාසයේ ආරච්චිකට්‌ටුව ප්‍රදේශයේ පිහිටා තිබුණි. දෙපස ඉපැරණි ගල් කණු දෙකකි. එය යාකොට සිමෙන්ති ගඩොලින් බ`දින ලද සොහොන් ගැබ යෑයි කියන ස්‌ථානයට ඉහළින් කොළ පැහැති රෙදි හා කොඩි වැල් ඇද තිබිණි. ඉදිකිරීම හතර අත නිවීගිය හ`දුන්කුරු කොටස්‌ තිබුණි. සොහොන් කොත යෑයි කියනා ඉදිකිරීමේ සිමෙන්ති වලින් වට කළ කොටසේ එක්‌ පසෙක වතු සුද්ද පඳුරු කිහිපයක්‌ විය. අඩි 10ක්‌ 12ක්‌ උසට වන්නට සැකසු ස්‌මාරකයක්‌ද පසෙකින් තිබිණි. තහඩු ගසා ලෑලිවලින් මෑතකදි කරන ලද පල්ලියක්‌ද එම භුමියේ වූයේය.

සියල්ල පැහැදිලිය. මේ පවතින්නේ අනුරාධපුර යුගය තෙක්‌ දිවෙන පුරාණ ආරාමික නටබුන්වලින් උගුල්වාගත් ගල් කණු ය. මේ බෞද්ධ ආරාමික නටබුන් උගුලුවා ඒ ආශ්‍රයෙන් ඉදිවෙමින් ඇති මුස්‌ලිම් පල්ලිය බොහෝ අසුබ ඵල අනාගතයට ගෙන එනු ඇතැයි සිතේ. මේ රටේ පැවැත්ම සහතික වන්නේ එකිනෙකා එකිනෙකාගේ සංස්‌කෘතියට එහි හරයන්ට ගරු කිරීමෙන් පමණි. එහෙත් මේ මුස්‌ලිම් සහෝදරවරු මහා ව්‍යසනයක්‌ අපේක්‌ෂාවෙන් අශ්ලීල ප්‍රවේශයකට එළඹ සිටිති. කූරගලට සිදුවූයේත් මෙයමය. මේ පුංචි විඥානයක්‌ සහිත පරිණත නොවූ මිනිසුන් නැගෙනහිර බොදු උරුමය විනාශ කිරීමටත් එම උරුම සංකේත මුස්‌ලිම්කරණය කරගෙන අර්ථ දක්‌වන්නටත් කළ උත්සාහයේ මුල්ම අවස්‌ථාව මෙය නොවේ. පවතින රජය මෙවැනි සංස්‌කෘතික ව්‍යසනයන් නැවැත්වීමට නෛතික පදනම ශක්‌තිමත් නොකරන්නේනම්, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මේ ව්‍යසනයට ශාස්‌ත්‍රීයව මැදිහත් වී මේ බිම ස`දහා අර්ථකථනයක්‌ නොදෙන්නේනම් එය අවසන් විය හැකි ෙ€දවාචකයේ තරම අපට දැන් වැටහෙන්නේය.

මෙතැන ඇත්තේ මුස්‌ලිම් ජාතික ශුද්ධවරයකුගේ සොහොනක්‌ නම් එය පුරාවිද්‍යාත්මකව සිදුකළ යුතු වටිනා සොයාගැනීමකි. අවට පුද්ගලයන් පවසන්නේ මුස්‌ලිම් ආගමික නායකයෙක්‌ ලෙස හ`දුන්වන බාවා නමැති පූජකවරයාගේ සොහොන මෙය බවය. එහෙත් අපට පෙනෙන්නේ අඩුම තරමින් වසර දහසක්‌ පැරණි ආරාමික නටබුන් විතැන් වීමක්‌ය.

මෙම ස්‌ථානයට මීටර් දෙතුන් සියයකට එපිටින් වන වදුලෙන් වටව ගල් තලාවක පොතාන ඉපැරණි පුදබිම ඇත්තේය. එම ක`දු පර්වතය මත සාහසිකයන් විසින් විනාශ කරන ලද ඉපැරණි දාගාරී ගොඩැල්ලක්‌ය. වන පෙතට කිලෝ මීටර කිහිපයක්‌ ඔබ්බෙන් ඇත්තේ මාන්තොට්‌ටම ප්‍රදේශයය. එක්‌ පසෙක එදා කොටින්ගේ පරාදීසයක්‌වූ කංචිකුඩිආරු වනපෙතය. පෙනෙන මානයේ තැන් තැන්වල ගල්කණු සහ පියගැට පෙළවල සලකුණුය. අතීත බෞද්ධ උරුමයේ සාධක විනා වසර දෙසීයකට එපිට මිය ගිය මුසල්මානු ශුද්ධවරයෙකුගේ සොහොනක්‌ පිළිබ`ද සාධනීය තොරතුරු අපට පෙනෙන්නේ නැත.
අප එන අතරමග සාගම ප්‍රදේශයේදී හමුවූ අක්‌කරපත්තුව පදිංචි එම්. එච්. එම්. මොහොමඩ් මේ ස්‌ථානය ගැන කී කතාව සිහිවේ.

”මම කුඩා කාලයේ ඔතනට ගිහිල්ලා තියෙනවා. එතන සොහොන් ගැබක්‌ තිබිලා තියෙනවා. ඒ සොහොන් ගැබ තිබෙන්නේ පල්ලියට අයිති භූමියේ. එතන පූජක කෙනෙක්‌ ඉ`දලා තියෙනවා. එයාගේ සොහොන තමයි ඒ.” මොහොමඩ්ගේ කතාව කුහුල දැනවීය.

මෙම ස්‌මාරක සහිත ප්‍රදේශයට මදක්‌ ඔබ්බෙන් කූඹුරක සී සාමින් සිටි දමිළ වැසියන් කිහිප දෙනෙකු අපට තොරතුරු කියන්නට ඉදිරිපත් වූහ.
 

මුලින්ම කතා කළේ අක්‌කරපත්තුව පදිංචි ඉලේතම්බි රාඡේන්ද්‍රන්ය.

”ඔය ඉඩමේ හිමිකරු වන්නේ නාවුර්තම්බි ඕඩාර් කියන පුද්ගලයා. එයාගේ ඉඩමෙන් කොටසක්‌ තමයි එයා පල්ලිය ගහන්න ඉඩදිලා තියෙන්නේ. අක්‌කරපත්තුව වෙළෝද සංගමයෙන් තමයි ඔතන පල්ලිය හදන්නේ. ඔතන මැරිච්ච පූජක කෙනෙක්‌ගේ අවුරුදු 200 ක්‌ පැරණි සමාධියක්‌ කියලයි එයාලා කියන්නේ. එතන වතු සුද්ද මල් ගස්‌ වගයක්‌ තියෙනවා. ඒවායේ මල් පිපෙනවා. ඒක නිසා එයාලා හිතෙනවා එතෙන සොහොනක්‌ තියෙනවා කියලා. බාවා නමින් හ`දුන්වන මුස්‌ලිම් පූජකයෙක්‌ගේ කියලයි එයාලා කියන්නේ. වසර 04ක්‌ ඉ`දන් තමයි එතන සොහොනක්‌ හදලා තියෙන්නේ. ඒ අය විටින් විට ඇවිත් පූජා පවත්වලා යනවා. වසර 10ක පහලොවක කාලයේ සිට එතන ගල් කණු වැටිලා තිබ්බා. මේ අය ඒක කෙළින් කරලා ඉන්දලා තියෙනවා. අපි හිතෙන්නේ ඒ ගල් කණු මෙතන තියෙන පොතාන හරියේ පරණ පන්සලේ කියලයි.”

අනතුරුව අපට කතා කළේ ආලයඩිවෙම්බු එන්.රඝූපතිය.

”සිකුරාදට මෙතන තියෙන පල්ලියේ ජූජාවන් තියෙනවා. එතෙනට කිලෝ මීටර් 07ක්‌ 08ක්‌ දුර ඉ`දන් කට්‌ටිය එනවා. මුස්‌ලිම් ගම්මානයක්‌ එතන කලින් තිබ්බේ නැහැ. එතන කැලෑව තිබ්බේ. මේ අය එවා එළි කරලා තියෙනවා. මම අවුරුදු 10 ඉ`දන් තමයි මෙහි ආවේ. නමුත් ඉස්‌සර මෙතන මුස්‌ලිම් ගම්මානයක්‌ තිබ්බේ නැහැ. මේ ඉඩම් වගා කරන්න ගත්තේ පන්නල්ගම වැව හැදුවට පස්‌සේ.” යනුවෙන් රඝූපති කීවේය.

අක්‌කරපත්තුව සිංහල සංවිධානයේ ලේකම් එච්. සමන් කිවේ මෙවැනි කථාවකි.

”මම වසර 45ක්‌ තිස්‌සේ ජීවත් වුණේ අක්‌කරපත්තුවේ. ඔය සුසාන භූමියක්‌ කියන ස්‌ථානය වන සංරක්‌ෂණ දෙපාර්තමේන්තුවෙන් වන වගාවට වෙන් කළ එකක්‌. අපි තිරුක්‌කෝවිල් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් මෙම ප්‍රදේශයේ ඉඩම් පිsළිබ`ද සොයා බැලුවා. ඒවාට නිසි බලපත්‍ර ඔප්පු නැහැ. තියෙන්නේ පොටෝ කොපි කොළ. මෙම ප්‍රදේශයේ අඩියෙන් අඩිය තියෙන්නේ බෞද්ධ උරුමය. ඒවා දිනෙන් දින විනාශ කරනවා. මහා රෑ බැකෝa යන්ත්‍ර ක`දු වලට පවා නංවලා ඉපැරණි දාගැබ් වල හාරලා තියෙනවා. මම මෙවැනි ස්‌ථානයන් සොයා ගෙන පුරා විද්‍යා නිලධාරීන් පවා රැගෙන ගොස්‌ පෙන්නලා තියෙනවා. කොටි ත්‍රස්‌තවාදීන් සිටින සමයේ මේ ආකාරයෙන් පුරා වස්‌තු වලට හානි වුණේ නැහැ. තව්පික්‌ ජමාඩ් සංවිධානයේ තමයි එතන අ`ඵතින් පල්ලිය හදන්න කටයුතු කරන්නේ. මොට්‌ටයාගල දාගැබ මු`ඵමනින්ම බිමට සමතලා කළා. තිරුක්‌කෝවිල් දාගැබ දෙප`ඵ කළා. ඒක හදනවා කියලා ලක්‌ෂ 10ක්‌ වෙන් කළත් ඒ වැඩත් අතර මග නතර වෙලා. දිනෙන් දිනම මේ ආකාරයෙන් අම්පාර දිස්‌ත්‍රික්‌කයේ පුරා වස්‌තු විනාශ කරමින් නව ඉතිහාසයක්‌ බිහි කරන්නට යනවා. කරුණාකරලා මේ ගැන අවධානය යොමු කරන්න. මේ සිද්ධ වෙන්නෙ මේ රටේ සාමාන්‍ය මුස්‌ලිම් සහෝදරයන්ට අවශ්‍ය දේ නොවන වග අප කියන්න ඕනි.”

දිගාම`ඩුල්ල බෞද්ධ උරුමයන් රකින්නට මහත් වෙහෙසක්‌ ගන්නා අරන්තලා ජත්‍යන්තර බෞද්ධ මධ්‍යස්‌ථානාධිපති, අම්පාර විද්‍යානන්ද පරිවෙණාධිපති ශාස්‌ත්‍රපති පූජ්‍ය කිරිඳිවෙල සෝමරතන නාහිමියෝ මේ විපරිතය පිළිබ`ද අදහස්‌ පළ කළ අයුරු සිහිවේ.

දිනෙන් දිනම නැගෙනහිර ඉපැරණි බෞද්ධ උරුමය විනාශ වෙමින් තිබෙනවා. අපේ ඉපැරණි දාගැබ් ඩෝසර් වලින් බිමට සමතලා කරනවා. දාගැබක්‌ හොයා ගන්න බැරි විදිහට බිමට සමතලා කරලා දානවා. මහනාග රාජ සමයේ සෙල් ලිපි පවා තිබෙන අතීතයේ රුහුණට සම්බන්ධයෑයි තොරතුරු රැසක්‌ ආනාවරණය වන මොට්‌ටයාගල ඉපැරණි පුදබිමේ දාගැබ බිමට සමතලා කළා, තිරික්‌කෝවිල් දාගැබ ඩෝසරයක්‌ දාලා දෙපලු කළා. පුරා විද්‍යා එකෙන් නැවතත් තිබුණු තත්වයට හදනවා කියලා පටන් ගත්තා. ඒ වැඩ සති දෙක තුනකින් ඉවරයි. සාගම විශාල දාගැබක්‌ මේ ආකාරට නිධන් හාරන්න විනාශ කරලා තිබ්බා. අපි මේවාට විරුද්ධව දිගින් දිගටම හ`ඩ නගනවා. නමුත් මේවා රැක ගන්න නිසි වැඩ පිළිවෙලක්‌ නැහැ. වසර දෙසීයක්‌ පරණ මුස්‌ලිම් ජාතිකයකු සොහොන් ගැබක්‌ ඔතන තියෙන්න නම් 1816 දී එතන මුස්‌ලිම් ජනවාසයක්‌ තිබෙන්න ඕන. ඒ දවස්‌වල එතන තිබ්බේ ඝන කැලෑව. වසර දහස්‌ ගණනකට පෙර එම ප්‍රදේශය පුරාම තිබ්බේ සිංහල බෞද්ධ ජනවාස.”

”ඔය ප්‍රදේශය ඇතුළුව නැගෙනහිර ප්‍රදේශය පුරාම සෑම තැනම ගව්වෙන් ගව්ව විසිරී තිබෙන්නේ අපේ බෞද්ධ උරුමය. කොච්චර විනාශ කළත් අදටත් එම ප්‍රදේශයට යන අයෙකුට තවමත් ඒ අතීත උරුමයන් දකින්නට හැකියි. කොච්චර ගල් බෝර ගැසුවත්, කු`ඵ ගෙඩි පහරවල් ගැසුවත් තවමත් ඒ අතීත උරුමය අපේ වාසනාවට මෙන් විනාශ කරන්න බැරි වෙලා තියෙනවා. ක`ඵ ගලෙන් ජීවමාන බුදුරුව නිර්මාණය කළේ බෞද්ධ කලා කරුවන්, අපේ ඉපැරණි පුද බිමක්‌ ආසන්නයේ තිබෙන ගල් කණු උපයෝගි කොට ගනිමින් වසර 200 ක්‌ පැරණි මුස්‌ලිම් ජාතිකයෙකුගේ පුදබිමක්‌ තිබෙන බව කියනවා. මේ හැසිරීම කනගාටුදායකය. මෙම ස්‌ථානයේ ගල් කණු පිටතින් රැගෙනා ආ ඒවාද? එසේ නොමැති නම් මෙම ගල් කණු එම ස්‌ථානයේ තිබුණු අපේ උරුමයන්ද? සැබවින්ම මෙම ස්‌ථානයේ වසර 200ක්‌ පරණ මුස්‌ලිම් ආගමික නායකයෙකුගේ මළ සිරුරක්‌ තිබෙනවාද? එසේ තිබෙන්නේ නම් කොපමණ කාලයක්‌ පැරණී සිරුරක්‌ද කියා අපි පුරා විද්‍යා දෙපාර්තමේන්තුවෙන් පරීක්‌ෂණයක්‌ ආරම්භ කරන්න කියලා අපි ඉල්ලා සිටිනවා. අන්තවාදි කොටස්‌ ඉතා සූක්‌ෂම ආකාරයෙන් පුරා විද්‍යා උරුමයන් විනාශ කරන්න කටයුතු කරනවා. මේවන විට ඒ තත්වය උපරිම මට්‌ටමින් සිදුවෙමින් පවතිනවා.” සෝමරතන හිමියෝ කීහ.

කිසිදු ඓතිහාසික සාක්‌ෂියක්‌ නොමැතිව මල් තිබෙන නිසා මුස්‌ලිම් අයෙකුගේ සුසානයක්‌ ඇතැයි කියන්නේ නම් පේරාදෙණිය මල් වත්තත් සොහොන් බිමකි. මල් වැවී ඇත්තේ සිමෙන්ති ගඩොලින් මැදි කොට ඇති ස්‌ථානයේ කොටසකය. එය බැලූ බැල්මට මෑතකදී සිටුවන ලද්දක්‌ බව පෙනෙන්නේය. වෙළ`දාමට ශූර මුස්‌ලිම් ජාතිකයන් ශෛලමය නිර්මාණ සහිත කලාකෘති කළ බවට ඓතිහාසික සාක්‌ෂි නොවේ. වසර දෙසීයක්‌ පමණ පැරණිබවට ඔවුන් පෙන්වන ගල් කණුද වසර සිය දහස්‌ ගණනක පැරණි නිර්මාණයන් බව පෙනේ. මේ ආක්‍රමණයේ අල-ජී ස්‌වරූපය තේරුම් ගැනීම පහසුය.

වැඩිවන මුස්‌ලිම් ජනගහණයට ඉඩම් සොයා ගැනීම ස`දහා භාවිත වන ඉතා ප්‍රාථමික හා අසංස්‌කෘතික ක්‍රමය මෙයය. මුලින්ම කුඩා පල්ලියකි. අනතුරුව ඒ අවට ඉදිවන ගම්මානයකි. ලිපි ලේඛන ව්‍යාජය. මේ ආකාරයෙන් ව්‍යාජ ලිපි ලේඛන සපයමින් මේ වන විටත් අම්පාරේ නිත්ත හෙලගම්පුර සහ සීනි සමාගම විසින් ගොවීන්ට බෙදා දුන් උක්‌ ඉඩම්ද ජනපද වෙමින් ඇති අයුරු කාටවත් පෙනෙන්නේ නැත.

මේ නොදියුණු මිනිස්‌සුන්ට රටේ පවතිsන නීති ගැන කිසි තැකීමක්‌ නැත. තණ භූමියක්‌ ලෙස වට්‌ට මඩුවේ පැවැති ඉඩම් ඔවුහු අනවසරයෙන් වගා කළහ. වගා කටයුතු තහනම් කරන ලද්දේ බරපතළ විරෝධතා පැන නැගි පසුය. නමුත් මීට දින කිහිපයකට ඉහතදී මේ පිරිස්‌ අක්‌කරපත්තුවේදී මාධ්‍ය සාකච්ඡාවක්‌ පැවැත්වූහ. ඔවුන් පවසා සිටියේ තමන් ඉදිරියේදී බලයෙන් හෝ එම ඉඩම් වල වගා කටයුතු කරන බවය.

මේ මිනිසුන්ට නඩු නැතිවූයේ කෙසේ ද?. මුස්‌ලිම් ඇමතිවරු විල්පත්තුව වනසති. ඔවුන්ව ආදර්ශකොටගත් පිරිස්‌ රටේ නීතිය උල්ලංඝණය කරමින් ඉඩම් අත්පත් කරගනිති. පුරාවස්‌තු වනසති. අලුත් ඉතිහාසයක්‌ නිර්මාණය කරන්නට තනති. මේ අසංස්‌කෘතික සංහාරය ශිෂ්ට සම්පන්න මුසල්මානුවෙක්‌වත් ඉවසන්නේ නැත. එහෙත් අපේ ”ජාත්‍යන්තරවාදී ශිෂ්ටත්වය” අපව නපුංසකයන් කර ඇති අයුරු සිත් පාරවයි.

සුසන්ත අමරබන්දු

රටවල් දෙකක්‌ අපිට ඕනෑ විග්නේෂ්වරන් රජයෙන් ඉල්ලයි

රටවල් දෙකක්‌ අපිට ඕනෑ
විග්නේෂ්වරන් රජයෙන් ඉල්ලයි

කීර්ති වර්ණකුලසූරිය

ශ්‍රී ලංකාව තුළ රාජ්‍ය දෙකක්‌ පිහිටුවන ලෙස උතුරු මහ ඇමැති සී. විග්නේශ්වරන් රජයට යෝජනා කර ඇත. උතුරු නැගෙනහිර සඳහා එක්‌ රාජ්‍යයක්‌ හා අනිකුත් පළාත් හත සඳහා තවත් රාජ්‍යයක්‌ ද ස්‌ථාපිත කරන ලෙස ඔහු දන්වා තිබේ.

එසේම මුස්‌ලිම් ජනතාව වෙසෙන නැගෙනහිර ප්‍රදේශ හා උඩරට වතු ජනතාව ජීවත්වන ප්‍රදේශ ස්‌වාධීන ප්‍රදේශ (Aමඑදබදපදමි) ලෙස නම් කළ යුතු බවද විග්නේශ්වරන් රජයට යෝජනා කර ඇත. මේ යෝජනා විග්නේශ්වරන් විසින් ද්‍රවිඩ සන්ධාන නායක ආර්. සම්බන්ධන්ට බාරදී තිබේ.

එසේම උතුරු නැගෙනහිර වෙනම රටක්‌ විය යුතු බවද විග්නේශ්වරන් සිය යෝජනාවලියේ සඳහන් කර ඇත. මේ හැර උතුරු නැගෙනහිර සියලුම පරිපාලන ලියවිලි ද්‍රවිඩ භාෂාවෙන් සකස්‌ කළ යුතු බවත් පොලිස්‌ බලතලද ලබාදිය යුතු බවත් එම යෝජනාවලියේ දක්‌වා තිබේ.

බෝගස්‌වැව ගමේ රණවිරු සරණාගතයෝ…

බෝගස්‌වැව ගමේ රණවිරු සරණාගතයෝ…

බඩදරු අම්මලාට මහ මඟ දරුවො හම්බ වෙනවා. සමහර ලෙඩ්ඩු මග මැරෙනවා.

අපි සිංහල කියලා දෙමළ ගම්වල මිනිස්‌සු කුලියක්‌ කරන්නවත් දෙන්නේ නෑ. ලෙඩක්‌ දුකක්‌ හැදිලා බෙහෙත් ටිකක්‌ ගන්න බෝගස්‌වැව, මාමඩුව, වව්නියාව රෝහල්වලට ගියහම අපිව කොන් කරනවා. අනේ හාමුදුරුවනේ අපිට කන්න නෑ. බොන්න නෑ. අපේ බඩ ඇකිලිලා. වතුර බිව්වොත් බඩ දැවිල්ල ගන්නවා. බෝගස්‌වැව ගමේ විතරක්‌ වකුගඩු රෝගීන් විසි හත්දෙනෙක්‌ ඉන්නවා. පිළිකා රෝගීන් ඉන්නවා. ගමේ හැමෝටම හතිය. රෑකට ලෙඩක්‌ දුකක්‌ හැදුණහම යන්න පාරක්‌ නෑ. බඩදරු අම්මලාට මහ මඟ දරුවො හම්බ වෙනවා. සමහර ලෙඩ්ඩු මග මැරෙනවා.

සේපාලිකා අම්මා හාමතේ හඬ වැළපෙන අයුරු…

විඳින අපට නම් සුන්දර සැඳෑවකි. එහෙත් ඔවුන්ට කෙසේ දැයි අපි නොදනිමු. සඳ එළියෙන් බැබළෙන තුරුලතා අතරින් ප්‍රාදූර්භූත වන ගුප්ත, මූසල බව නෙත ගැටෙන මුහුණු පුරා ද විසිරී ඇත. සඳ කිරණ වැටුණු ලොකු කුඩා කිසිදු මුහුණක එළියක්‌ නම් නැත. මතුව එන්නේ අවිනිශ්චිත බියමය. සතුරු බිය… රෝග බිය… ගමන් අපහසුතා… අධ්‍යාපනය, සෞඛ්‍යය මෙන්ම ආර්ථීක අතින් ද බෝගස්‌වැව ප්‍රදේශවාසීන් අගාධයේ පතුලටම කි¹ බැස ඇත. කතාබහ කළ සෑම ගම්වැසියෙක්‌ම ඒ බව අපට කීවේ හැඬූ කඳුළින්ය.

‘අපි මේ ඉඩම්වල පදිංචියට ඇවිත් අවුරුදු හතරක්‌ වෙනවා. වගා කරන්නයි, ජීවත් වෙන්නයි කියලා ඉඩම් අක්‌කරයක්‌ දීලා තියෙනවා. ඒත් මහත්තයො වගා කරන්න සල්ලි ඕන. අපි ළඟ සල්ලි නෑ. එහෙම ලොකු සල්ලියක්‌ තිබුණා නම් මේ කැලේට වෙලා මෙහෙම දුක්‌විඳින්නේ නෑ…’ බෝගස්‌වැව පදිංචිකරුවකු වන සමන් කතාවට ආරම්භයක්‌ ලබාදුන්නේය.

යුද්ධයෙන් මියෑදුණු කොටි ත්‍රස්‌තවාදීන්ට කරන උපහාරයක්‌ ලෙස ප්‍රභාකරන් ඔවුන්ගේ පවුල් මහා වීර පවුල් ලෙස නම් කළේය. එල්.ටී.ටී.ඊ. ය විසින් මහා වීර පවුල් පමණක්‌ පදිංචි කරවීමට ගම්මාන ඇති කළේය. උතුර, නැගෙනහිර ත්‍රස්‌තවාදයෙන් නිදහස්‌ කර ගත් පසු අපේ හමුදාව ද යුද්ධයෙන් මියෑදුණු හමුදා සමාජිකයන්ගේ පවුල් සිංහල මහා වීර පවුල් ලෙස නම් කර බෝගස්‌වැව ප්‍රදේශයේ පදිංචි කළේය. උතුර, නැගෙනහිර යා කරන පිවිසුම් දොරටුව වන බෝගස්‌වැව ප්‍රදේශයේ ඇති කළ මේ සිංහල මහා වීර ගම්මාන නැවත යුද්ධයක්‌ ඇති නොවෙන්නට දැමූ බැරියර් එකක්‌ ලෙස ද පෙන්වාදිය හැකිය. එක පෙළට ගම්මාන පහකි. බෝගස්‌වැව 1, 2 නාමල්ගම, සැලළිහිණිගම සහ නන්දිමිත්‍ර ගමය. බෝගස්‌වැවෙන් ආරම්භ වී නන්දමිත්‍ර ගමෙන් අවසාන වන මෙම නිවාස ව්‍යාපෘතියට යටත්ව භූමි ප්‍රමාණය අක්‌කර තුන්දහසකට වැඩිය.

ආරක්‍ෂක අංශවල සැලසුම වී තිබුණේ බෝගස්‌වැව නැවත පදිංචි කිරීමේ ව්‍යාපෘතිය යටතේ මේ ගම්මානවල සිංහල පවුල් හාරදහසක්‌ පදිංචි කරවීමය. අංග සම්පූර්ණ පාසලක්‌, සෑම ගමකටම පන්සලක්‌, ජලය, විදුලිය, සෞඛ්‍යය, මාර්ග පහසුකම් ආදියෙන් ඉතාමත්ම දියුණු ප්‍රදේශයක්‌ ලෙස නඟාසිටුවීමට පිඹුරුපත් ද සැකසී තිබිණි. පැවති රාජපක්‍ෂ ආණ්‌ඩුව සමයේ බෝගස්‌වැව නැවත පදිංචි කිරීමේ ව්‍යපෘතිය ආරම්භ කරමින් එහි පළමු අදියර ලෙස නිවාස දහසක්‌ ඉදිකර සිංහල මහා වීර පවුල් දහසක්‌ පදිංචි කරවීය. උතුරෙන්, දකුණින්, වයඹින්, බස්‌නාහිරින් ලංකාවේ හතර දිග්භාගයේම රණවිරු පවුල් මේ ගම්මානවලට පැමිණ පදිංචි වී සිටිති. සෑම නිවසකටම විදුලිය, ජලය, ගම්මාන හරහා වැටුණු පුළුල් මාර්ගයේ වැඩ ද පටන්ගෙන ලහි, ලහියේ කරගෙන ගියේය. එහෙත් ආණ්‌ඩුව වෙනස්‌වීමත් සමග බෝගස්‌වැව නිවාස ව්‍යාපෘතිය එකතැන නතර වීය. ගමට ලබාදෙන වතුර කැපිණි. පරාක්‍රමපුර සිට කිලෝ මීටර් විසි පහක්‌ යන තෙක්‌ තාර නොවැටුණු වැලි පාර වල්වැදී ගියේය.

කාෂ්ටක පොළවෙන් මතු වන දූවිල්ලට දැන් ඒ මඟෙහි ගමන් කිරීම ද අසීරුය. දූවිලිs බැඳුණු මග දෙපස තුරුලතා පාණ්‌ඩු පැහැයෙන් ලෙළ දෙන්නාහ. වාහනයක ගමන් කළ ද අප ඇඳ සිටි ඇඳුම් දූවිලි වර්ෂාවට අවර්ණ විය.

දූවිලි බැඳුණු හිස කෙස්‌ විදුලි එළියට අමුතුම පැහැයකින් දිස්‌න දුන්නේය. නාස්‌ පුඩු අතරින් ඇතුළු වන දූවිලි සැර ඉහ මොළ රත් කරන්නට විය. සැඳෑ අඳුර ගලන ගොම්මනේදීවත් මඟ වසා ගත් දූවිල්ල අපට දරාගත නොහැකි විය.

‘මේ පාරෙ බස්‌ එකක්‌ යන්නේ දවසට දෙතුන් වතාවයි. ගොඩක්‌ම අපි ගමන් බිමන් යන්නේ පයින්…’ දිවි මගෙහි කටුක බව කියන සමන්ගේ කතාවට ගමේ කාන්තාවක්‌ ද එකතු විය. ඇය සුමනාවතී ය. මේ දිනවල පවතින අධික රස්‌නයත් සමඟ අව් කාෂ්ටකයේ දූවිලි වලාවන්ට මැදි වූ මඟෙහි ගමන් කරන විට දැනෙන කටුක බව සුමනාවතී අම්මාගේ බොඳවන දෑස්‌වලින් අපට පෙනේ.

‘අපේ දරුවන්ගේ ඔලුවල ගෙඩි. පෙනහලුවල දූවිලි බැඳිලා. පාරේ යන සමහර වෙලාවට හුස්‌ම ගන්න බෑ කියලා දරුවො අඬනවා…’ ඇයගේ වචන පැටලිණි. ඉකි බිඳුම වේගවත් විය.

‘මේ බලන්න මහත්තයො මේ කිරි සප්පයා ඉපදෙනකොටම හදවතේ ආබාධයක්‌…’ සුමනාවතී අම්මා තවත් මවක්‌ පපුවට තුරුලු කරගෙන සිටි කිරි කැටි බිලින්ඳියක්‌ අපට පෙන්නුවාය.

රෝස මලක්‌ වැනිය. කිරි කැටි දියණිය මවගේ පපුවට තුරුලු වී සුව නින්දකය.

‘දුවට මොකද වෙලා තියෙන්නේ…’ දරු පැටියා තුරුලු කරගෙන සිටි අම්මට අපි කතා කළෙමු. ඇය අචලාය.

‘දුව ඉපදුණේ පහුගිය ජනවාරි 29 වැනිදා. එයා ඉපදෙනකොට පෙනහලුවල ආබාධයක්‌ තියෙනවා කියලා වෛද්‍යවරු කිව්වා. පස්‌සේ කොළඹ රිඡ්වේ රෝහලේදී දුවව ඔපරේෂන් කළා. වෛද්‍යවරු කියපු විදිහට ඔපරේෂන් එක සාර්ථකයි. ඒත් හොඳට පරිස්‌සම් කරන්න කියලා වෛද්‍යවරු කිව්වා. අපේ ගේ මැටි. පොළොවට සිමෙන්තිවත් දාලා නෑ. ඒ මදිවට පාරේ දූවිල්ල ගෙට එනවා. දුවව පරිස්‌සම් කරගන්න එක අපිට ලොකු ප්‍රශ්නයක්‌ වෙලා. දුවට බෙහෙත් ගන්න අද උදේ වව්නියා ඉස්‌පිරිතාලෙට ගියහම හවස්‌ වෙනකම් තියාගෙන හෙට දවසේ බෙහෙත් ටික විතරයි දුන්නේ. ඉතුරු ටික ගන්න අනිද්දට එන්න කිව්වා. මගේ මහත්තයා කරන්නේ ලොතරැයි විකුණන රස්‌සාව. මේ දරුවගේ ප්‍රශ්නය නිසා මහත්තයා දැන් මාස දෙකකින් රස්‌සාවට ගියේ නෑ. අපිට තව ඉස්‌කෝලෙ යන දරුවො දෙන්නෙක්‌ ඉන්නවා…’

ඔයාල මෙහෙට පදිංචියට ආවේ කොහේ ඉඳලාද…? අපි ඇයගේ කතාවේ දිසාව වෙනස්‌ කළෙමු.

‘පොළොන්නරුවේ ඉඳලා…’ ඇයගෙන් කෙටි පිළිතුරකි.

ඇය සමඟ කතා කරමින් සිටින අතරේ පුංචි පුතෙක්‌ අප අසලට පැමිණීයේය. ඔහු සුරාඡ් දේශාන්ය. බෝගස්‌වැව විද්‍යාලයේ පහ වසර පන්තියේ අකුරු කරන දක්‍ෂ දරුවෙකි. ඔහු කියන විදිහට පන්තියේ ළමයින් හතළිස්‌ අටක්‌ අතරින් ඔහු හත්වැනියාය.

ඇයි පුතා තවම ඉස්‌කෝලෙ යුනිෙµdaම් එක පිටින්…?

‘ඉස්‌කෝලෙ ඇරිලා ගෙදරට ආපු ගමන් තමයි අම්ම එක්‌ක පන්සලට ආවේ…’

ඇයි අද පරක්‌කු වුණේ…? අපගේ පැනයට පිළිතුරු දෙනවා වෙනුවට ඔහු ඇඹරිණි. පිළිතුරක්‌ නැති පුංචි මුහුණ දෙස අපි බලා සිටිමු. මොකක්‌ හෝ ගැටලුවක්‌ තිබෙන බව අපට වැටහිණි.

‘පුතාට බස්‌ එකේ එන්න තිබුණු රුපියල් දහය ඉස්‌කෝලෙදී නැති වෙලා. පස්‌සෙ පුතා පයින්ම ගෙදර ඇවිත්. ඉස්‌කෝලේ ඉඳලා අපේ ගමට කිලෝ මීටර් දොළහක්‌ විතර තියෙනවා. ගෙදරට එනකොට හවස පහ විතර වුණා…’ පුංචි පුතා වෙනුවෙන් අපට උත්තර දුන්නේ ඔහුගේ මවය.

සුදු කමිසය පාණ්‌ඩු පාටය. මුහුණ මැළවී ගොස්‌ය. එහෙත් ඒ දරුවගේ පින් පාට සිනාව දැනුදු මට මැවී පෙනේ.

පුතාගේ තාත්තා අම්මා මොකද කරන්නේ…? අපි පුංචි පුතුට නැවතත් චූටි ප්‍රශ්නයක්‌ ඉදිරිපත් කෙළමු.

‘තාත්තා කුලී වැඩ. අම්මාගේ බඩේ ඔපරේෂන් එකක්‌ කරලා. ඒ නිසා අම්මට වැඩක්‌ කරන්න බෑ…’

‘පුතාට නංගිලා මල්ලිලා ඉන්නවාද…’

‘මල්ලි කෙනෙක්‌ ඉන්නවා. අනේ අංකල් අපේ අම්මට තවමත් හොඳ නෑ. අපිට අම්මාව හොඳ කරලා දෙන්න…’ ඒ සුරාඡ්ගේ අහිංසක ඉල්ලීමය.

සුරාඡ්ගේ පන්තියේ ළමයින් හතළිස්‌ අටකි. ළමයින්ට ඉඳ ගැනීමට අකුරු ලියන්නට ඩෙස්‌ බංකු ඇත්තේ පහළොවක්‌ පමණි. සුරාඡ් කියන විදිහට බෝගස්‌වැව විද්‍යාලයේ ඉගෙන ගන්න ළමයින් සංඛ්‍යාව හාරසිය ගානකි. එහෙත් මීට අවුරුද්දකට ඉහතදී එම පාසලේ ළමයින් අටසීයකට වැඩි ප්‍රමාණයක්‌ අධ්‍යාපන කටයුතුවල නියෑලුණු බව ලැබෙන ආරංචි මාර්ගය. මිනිසුන් ප්‍රදේශය අතහැර යැමත් සමඟ පාසලේ ළමයින් ප්‍රමාණය ශීඝ්‍රයෙන් අඩු වෙමින් පවතී.

‘ගොවිතැන් කටයුතු කරන්න වතුර දීලා තිබුණා. වගා කරන්න ණය පහසුකම් දුන්නා. මාසෙකට සැරයක්‌ වියළි ආහාර මල්ලක්‌ දුන්නා. අපිට තිබුණේ මහන්සි වෙලා වගා කරන්න. අපි වගා සංග්‍රමය පටන් ගත්තා. පලතුරු, එළවළු, ධාන්‍ය බෝග හැම දේම වගා කළා. මේක පින් පොළවක්‌ මහත්තයො. මයියොක්‌ක දණ්‌ඩක්‌ විසි කළත් පැළ වෙනවා. අපි වෑපිරු බීජවලින් අස්‌වැන්නත් ගත්තා. අටු කොටුත් පිරෙව්වා. මිනිස්‌සු රජයෙන් දීපු ගෙවල් දොරවල් ලොකු කරලා හදන්න පටන් ගත්තා. උතුරු වසන්තය යටතේ මේ ගම්වල හැම ගෙදරකටම ලයිට්‌ දුන්නා. පාරවල් හැදුණා. බලා හිටිද්දී ප්‍රදේශය දියුණු වුණා. මේ ආණ්‌ඩුව පත් වුණාට පස්‌සේ පාර හදන එක නතර වුණා. ඊට ටික දවසක්‌ යනකොට ගමට දුන්නු වතුර ටික නතර වුණා. වගා කරන්න විදිහක්‌ නැතිව ගියා. ඒ මදිවට වගා කරන්න දුන්නු ආධාර, වියළි ආහාර සහනාධාර සේරම නතර කළා. අපිට වෙච්ච අසාධාරණය මේ ප්‍රදේශයේ දේශපාලනඥයන්ට කිව්වහම කියනවා ‘උඹලාව මෙහෙට ගෙනත් දාපු උන්ට ගිහින් කියාපල්ලා’ කියලා. හරියට අපි අතපලAලෙන් වැටුණු ගානටයි කතා කරන්නේ. අපි එහෙම වෙන්න ඕන මිනිස්‌සු නෙමෙයි. යුද්දෙට දරුවො පූජා කළේ මෙහෙම දුක්‌විඳින්නත් නෙමෙයි. කොටින්ගෙන් වෙඩි කාගෙන උන් එක්‌කම හැපුණේ උපදින දරුවන්ට නිදහස්‌ රටක්‌ ඇති කරන්න. ඒත් දැන් අපිට වෙලා තියෙන්නේ හාමතේ මැරෙන්න. මේ ගම්වල ඉඳලා නගරයට දුරයි. ඒ නිසා නගරයට ගිහින් කඩේකවත් වැඩක්‌ පලක්‌ කරලා එන්න බෑ. අපි සිංහල කියලා දෙමළ ගම්වල මිනිස්‌සු කුලියක්‌ කරන්නවත් දෙන්නේ නෑ. ලෙඩක්‌ දුකක්‌ හැදිලා බෙහෙත් ටිකක්‌ ගන්න බෝගස්‌වැව, මාමඩුව, වව්නියාව රෝහල්වලට ගියහම අපිව කොන් කරනවා. අනේ හාමුදුරුවනේ අපිට කන්න නෑ. බොන්න නෑ. අපේ බඩ ඇකිලිලා. වතුර බිව්වොත් බඩ දැවිල්ල ගන්නවා. බෝගස්‌වැව ගමේ විතරක්‌ වකුගඩු රෝගීන් විසි හත්දෙනෙක්‌ ඉන්නවා. පිළිකා රෝගීන් ඉන්නවා. ගමේ හැමෝටම හතිය. රෑකට ලෙඩක්‌ දුකක්‌ හැදුණහම යන්න පාරක්‌ නෑ. බඩදරු අම්මලාට මහ මඟ දරුවො හම්බ වෙනවා. සමහර ලෙඩ්ඩු මග මැරෙනවා. අපි විඳින දුක රටට කියන්න මම වව්නියාවට ගිහින් බැනර් උස්‌සගෙන හිටියා. ඒ අහන්නේ නැති තැන පාර මැද නිදාගත්තා. ඒත් අපේ දුක බලන්න කවුරුවත් ආවේ නෑ. මේ ප්‍රදේශවල කිසිම මාධ්‍යවේදියෙක්‌ අපේ ප්‍රශ්න රටට කියන්නෙත් නෑ. අනේ හාමුදුරුවනේ අපිට පිහිට වෙන්න… අපි ජීවිතයේ හොඳටම දුක්‌විඳපු මිනිස්‌සු. අපිට තවත් දුක්‌ විඳින්න බෑ. අපේ දරුවන්ට ගොවිතැන් බතක්‌ කරගන්න ගමට දුන්නු වතුර ටික අරගෙන දෙන්න. මේවා අපිට කියාගන්න කෙනෙක්‌ නැතුවයි හිටියේ. මේ අඬනවා නෙමෙයි. පපු කැහුත්තේ තියෙන වේදනාවයි පිටවෙන්නේ…’ වියපත් මවගේ විලාපයත් සමග මුසු වූ උද්වේගකර ඒ වචන සැලළිsහිණිගම විහාර භූමියට රැස්‌ව සිටි සියලුම දෙනා හැඬෙව්වාය. සැබෑවටම ඒ කතාවට ඇඬෙන්නේය.

අපි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට, දිස්‌ත්‍රික්‌ ලේකම් කාර්යාලයට ගියහම කිසිම සැලකිල්ලක්‌ නෑ. ඒ ආයතන තුළ ඉන්න බහුතරය දෙමළ. නිලධාරීන් නිසා එන්නන්, යන්නන් ‘මෙන්න බුදුනෙA මල් මම වැන්දා ගියා’ කියන කතාවක තමයි කියන්නේ. මේ ක්‍රමය වෙනස්‌ විය යුතුයි. උතුර, නැගෙනහිර ප්‍රදේශවල සිංහල, දෙමළ මිනිස්‌සු පනහට, පනහ පදිංචි කරන්න ඕන. ඒ වගේම අතරමඟ නතර වෙච්ච බෝගස්‌වැව නැවත පදිංචි කිරීමේ ව්‍යාපෘතිය කඩිනමින් ක්‍රියාත්මක කරන්න ඕන. රටේ භාණ්‌ඩාගාරයේ සල්ලි නෑ කියලා කරගෙන ආපු සංවර්ධනය නතර කරන්න බෑ. ගම්වල මිනිස්‌සු කන්න නැතිව මැරෙන්න යනවා. වතුර ටිකක්‌ නැතිව ලෙඩ්ඩු වෙනවා. රටේ සල්ලි නෑ කියන ආණ්‌ඩුව මැති ඇමැතිවරුන්ට පිනට වාහන දෙන්න යනවා. මේවා තමයි පුදුම කතා. මේ කියන හරුප කතාන්දර බුද්ධිමත් ජනතාව තේරුම් ගන්න ඕන. බෝගස්‌වැව සැලළිsහිණිගම විහාරස්‌ථානාධිපති තණමල්විල පියනන්ද ස්‌වාමීන් වහන්සේ අප සමග අදහස්‌ දක්‌වමින් එසේ පැවසූහ.

පක්‍ෂ පාට වැදගත් නොවේ. මනුස්‌සකමට ප්‍රමුඛස්‌ථානය ලබාදිය යුතුය. මිනිසා, මිනිසාට ප්‍රේම කළ යුතුය. එහෙත් සිදුවෙමින් තිබෙන්නේ මිනිසා මිනිසාට වෛර කිරීමකි. දුටුගැමුණු රජ දවසේ නන්දිමිත්‍ර යෝධයාගේ බළකොටුව පිහිටා ඇත්තේ ද බෝගස්‌වැව ප්‍රදේශය කේන්ද්‍ර කරගෙනය. විසි දහසක්‌ රහතන් වහන්සේලා සමග හේමමාලා, දන්ත කුමරු උතුම් දළදා වහන්සේ වඩම්මාගෙන පැමිණියේ කච්චිකුඩිය, මහමඩුව, මඩුකන්ද සහ බෝගස්‌වැව ගම මැදින් වැටුණු මාර්ගයෙනි. එවැනි ඓතිහාසික භූමියක අද ජීවත් වන සිංහල මිනිසුන් හාමතේ මැරෙන්න යන්නේය. එහෙත් බෝගස්‌වැව මිනිසුන් ගෙවල් ඉල්ලන්නේ නැත. බඩු මලු ඉල්ලන්නේ ද නැත. ඔවුන්ගේ එකම ඉල්ලීම ප්‍රදේශයේ යටිතල පහසුම් දියුණු කරගැනීමය. ගමේ පාසල දියුණු කර ගැනීමය. ලබා දීපු වගා සහනාධාරය නැවත ක්‍රියාත්මක කරලීමය. පර වුණු ජීවිත ගොඩනඟා ගැනීමට ඔවුන්ට එය හොඳටම ප්‍රමාණවත් බව ගම්වාසීහු අපට කීහ.

ත්‍රස්‌තවාදයෙන් රට නිදහස්‌ කරගැනීමට ජීවිත පරිත්‍යාග කළ විරුවන්ගේ පවුල් සඳහා සුබසාධනය සැලසීම රටක, ජාතියක වගකීමකි. අනිවාර්ය යුතුකමකි. එමෙන්ම උතුර, නැගෙනහිර යනු වසර තිහකට වැඩි කාලයක්‌ ම්ලේච්ඡ ගෝත්‍රික යුද්ධයකට මැදි වූ විවිධ ජාතීන් ජීවත් වූ ප්‍රදේශයක්‌ය. ඒ මිනිසුන්ගේ පෑරුණු සිත් සුවපත් කිරීමට මෙතෙක්‌ දියත් කෙරුණු කිසිදු වැඩපිළිවෙළක්‌ නැත. මානසික කළමනාකරණය සඳහා කිසිදු උපදේශන වැඩපිළිවෙළක්‌ නැත. එවැනි බේද භින්න වූ පරිසරයක ජනාවාස ඇතිකිරීම සිහිබුද්ධියෙන් කළ යුත්තකි. එසේ නොවන්න දුක්‌විඳින්නේ ජාතික විරුවන්ගේ ඥාතීන්ය. බෝගස්‌වැව රණවිරු ජනපදකරණයේ පදිංචි මිනිසුන් අද අත්විඳිමින් සිටින්නේ ඒ කටුක අද්දැකීමය. ඒ අසරණ මිනිසුන් දේශපාලනිකව, භූගෝලීයව මෙන්ම ආර්ථික වශයෙන්ද නන්නත්තාර වී සිටින්නේය. දැන් ඒ මිනිසුන්ට කිසිදු හව්හරණක්‌ නැත. දේශපාලන ගෝත්‍රිකයන් ඒ අසරණයන් අරබයා කඹ ඇදිල්ලකය. රටක්‌ වශයෙන් අප බලාපොරොත්තු විය යුත්තේ සියලු ජාතීන් අතර සංහිඳියාවයි. එහෙත් මේ රටේ කාලකණ්‌ණි දේශපාලනය විසින් රටේ මිනිසුන් කුලල් කා ගන්නා තැනට තල්ලු කරනවා විනා එකමුතු කිරීමක්‌ නොකරන්නේය. ඉතිහාසය පුරාම අප අත්විඳිමින් සිටින්නේ ඒ ගෝත්‍රික දේශපාලන ක්‍රියාකාරකම්ය. වෙනසක්‌ නැත. අද අත්දකිමින් සිටින්නේ ද ඒ ගෝත්‍රික ප්‍රතිපත්තියමය.

රට නිදහස්‌ කරගැනීමට තම දරුවන් දන් දුන් මවුපියන් අසරණ තත්ත්වයට පත්කිරීම යනු රටක්‌ වශයෙන් අප කර ගන්නා ආනන්තරීය පාපකර්මයක්‌ බව ද දේශපාලන ඇත්තන් සිතේ ධාරණය කර ගත යුතුය.

තරංග රත්නවීර
සිරිමන්ත රත්නසේකර
ඡායාරූප – ක්‍රිෂාන් කාරියවසම්

වන්නි මෙහෙයුමේදී ද්‍රවිඩ සිවිල් වැසියන් 7721 ක්‌ මිය ගිහින් එක්‌සත් ජාතීන්ගේ රහස්‌ වාර්තාවක්‌ කියයි

වන්නි මෙහෙයුමේදී ද්‍රවිඩ සිවිල් වැසියන් 7721 ක්‌ මිය ගිහින්
එක්‌සත් ජාතීන්ගේ රහස්‌ වාර්තාවක්‌ කියයි

කීර්ති වර්ණකුලසූරිය

වන්නි මෙහෙයුමේදී මියගිය ද්‍රවිඩ සිවිල් වැසියන්ගේ සංඛ්‍යාව 7721 ක්‌ බව එක්‌සත් ජාතීන්ගේ රහස්‌ වාර්තාවකින් හෙළිවී ඇත.

එහෙත් මෙම රහස්‌ වාර්තාව සාවද්‍ය ලෙස සංශෝධනයට ලක්‌කරමින් එය 40,000 ක්‌ දක්‌වා වැඩිකර තිබේ.

කොටි ජාත්‍යන්තර ජාලයද මියගිය ද්‍රවිඩ සිවිල් වැසියන් සංඛ්‍යාව 7398 ක්‌ බවට හෙළිකර තිබේ.

රාජ්‍ය නොවන සංවිධාන හා ඊළාම් ඩයස්‌පෝරාව විසින් ශ්‍රී ලංකාව දුෂ්කරතාවයකට පත්කිරීමට මියගිය සංඛ්‍යාව වෙනස්‌ කළා යෑයි මානව හිමිකම් කවුන්සිලයේ ආරංචි මාර්ග පැවැසීය.

පසුව එකී සංඛ්‍යාව හිටපු බී. බී. සී. වාර්තාකාර ප්‍රැන්සිස්‌ හැරිසන් 146000 දක්‌වා වැඩිකර ඇත.

වැඩේ වැරදුනා අපි එකතු වෙමු; සෝභිත හාමුදුරුවෝ කිව්වා

වැඩේ වැරදුනා අපි එකතු වෙමු;
සෝභිත හාමුදුරුවෝ කිව්වා

සාකච්ඡා කළේ ජනිත සෙනෙවිරත්න

* දෙමළ අය ඉල්ලපු විස`දුම දීලා ඉවරයි
* මෛත්‍රී ඉන්න ඕනෑ තමන්ට ගැලපෙන අය එක්‌ක
* දැන් ප්‍රශ්න ඇතිකරන්නේ බෞද්ධයන්ට…

රට දියුණු කරන්නට නම් රටේ ජනතාව ආරක්‌ෂා කරන්නට නම් ආර්ථික හා සමාජීය ප්‍රශ්නවලින් මෙන්ම විවිධාකාරවූ ජාත්‍යන්තර බලපෑම්වලින් රට බේරා ගන්නට නම් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා සහ මහින්ද රාජපක්‌ෂ හිටපු ජනාධිපතිවරයා වහාම එක්‌විය යුතු බවත් එම ඒකරාශී කිරීම වෙනුවෙන් මහා සංඝරත්නය මැදිහත් විය යුතු බවත් කොළඹ 07 , ධර්මායතනාධිපති අතිපුජ්‍ය ඇල්ලේ ගුණවංශ නාහිමියෝ පවසති. ඒ සම්බන්ධයෙන් උන්වහන්සේ ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට කරුණු දැක්‌වූයේ මෙසේය.

අද මේ රටේ සිංහල ජනතාව අපේක්‌ෂා භංගත්වයට පත්වෙලා සුළු ජාතීන් නම් අපේක්‌ෂා සහිතව ඉන්නවා, මහා ජාතිය ලෙස සිංහලයා විශේෂයෙන්ම බෞද්ධයා සැකයකින් ඉන්නා බව මට පේනවා. ඔවුන් අපව හමුවෙලා දක්‌වන අදහස්‌ අනුව. රජය පත්වූවාට පසු ගත් යම් යම් ක්‍රියාමාර්ග නිසා මේ තත්ත්වය ඇතිවුණේ. එල්ටීටීඊ සංවිධානයේ ඉතාම දරුණු පිරිස්‌ නිදහස්‌ කරමින් හමුදා බුද්ධි අංශ වල පිරිස්‌ අත්අඩංගුවට ගැනීම, භික්‌ෂු ජාතිවාදය හා ආගම්වාදය ලෙස පනතක්‌ ගෙන ඒම, භික්‌ෂු කතිකාවතක්‌ ගෙන ඒම වගේ කාරණා වලින් විවිධ සැකයන් ඇතිවෙලා. මේ හින්දා භික්‌ෂුවත් සැකෙන් ඉන්නේ රට ජාතිය ආගම ගැන යම් තරමකින් වත් සිතන සිංහල බෞද්ධයන් යම් සැකයකින් ඉන්නේ. ඉට්‌කා ගිවිසුම හින්දත් රටේ ජනතාව සැකයෙන් ඉන්නේ. බලයේ ඉන්න දේශපාලනඥයෝ කියන දේවල් ජනතාව පිළිගන්නේ නැහැ. මොන රජයක්‌ තිබුණත් රජයක්‌ බලය රැක ගැනීම සඳහාත් ඔවුන් කරන ක්‍රියාදාමයන් සාධාරණීකරණය කර ගැනීම සඳහාත් පළාත් සභා ගෙන එන වෙලාවේ, ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කළ මොහොතේ ඒ අවස්‌ථාවේ බලයේ සිටි දේශපාලනඥයන් කියපු දේවල් අපට මතකයි.

දේශපාලනඥයන් ගැන තියෙන විශ්වාසය බිඳ වැටිලා, ඒ බිඳ වැටීම නිසා සිවිල් සමාජයේ නැගිටීමක්‌ ඇතිවෙලා. වෛද්‍යවරුන් ඉංජිනේරුවන් පරිගණක හා තොරතුරු තාක්‌ෂණ ක්‌ෂේත්‍රයේ අය ගොවීන් තමන්ගේ අයිතීන් ගැන සංවිධානය වෙනවා මොවුන් සිවිල් සමාජයේ පිබිදීම හා සංවිධානය වීම පෙනෙන්න තිබෙනවා. ජාත්‍යන්තර වශයෙන් මැදිහත් වීම ගැන මිනිස්‌සු ඉන්නේ සැකයෙන්, රටේ ඒකීය භාවයට හානියක්‌ වෙයි කියලා ජනතාව ඉන්නේ සැකයෙන් . එදා එල්ටීටීඊය හා දෙමළ ඩයස්‌පෝරාවේ ඉල්ලීම් අද එකින් එක සිද්ධ වෙනවා . විවිධ රජය නායකයෝ වරින්වර එනවා, අද ඇමරිකාව ඇතුළු රටවල නියෝජිතයෝ, ලේකම්වරු නිරන්තරයෙන් එනවා. මේ ගොඩක්‌ අය කෙලින්ම යන්නේ යාපනයට , මේ ගැන සිංහල ජනතාවට සැක ඇතිවීම සාධාරණයි, මේ අය ඇවිත් මොනවද කරන්නේ කියලා කවුරුත් දන්නේ නැහැ , ආණ්‌ඩුව ඒ ගැන මුකුත් කියන්නෙත් නැහැ . ජනතාවට පික්‌පොකට්‌ ගහන්න ලෑස්‌තිවෙන්න එපා කියලා මම රජයට කියනවා.

ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂයේ පාර්ශව දෙකක්‌ තියෙනවා ඒ මෛත්‍රී හා මහින්ද පාර්ශ්ව, රටට ආදරේ නම් ජනතාවට ආදරේ නම් මේ නායකයෝ දෙන්නා එක්‌විය යුතුයි. ඒ එක්‌ කිරීම සඳහා වගකිවයුතු භික්‌ෂුන් වහන්සේලා සම්බන්ධ විය යුතුයි. යම් යම් සැක සංකා විවිධ ප්‍රශ්න ඇති ඒ දෙදෙනා අතරේ භික්‌ෂුන් වහන්සේලා මැදිහත්වෙලා. ඒවා විසඳිය හැකියි.

මහනායක හිමිවරුන්ගේ යුතුකම හා වගකීම යන හැම කෙනාටම සෙත් පතන එක නෙවෙයි. යන කෙනා දෙයක්‌ කිව්වහම ඒක හොඳයි කියන එක නෙවෙයි. මේ දෙදෙනා එකතු කරලා රට ආරක්‌ෂා කිරීම උන් වහන්සේලා මැදිහත්වෙලා කළ යුතුයි. මහා මංගල සුත්‍රය වගේම අවශ්‍ය වෙලාවට වසල සූත්‍රය දේශනා කරන්නත් මහා සංඝරත්නයට හැකියාව තිබිය යුතුයි.

මෛත්‍රිපාල සිරිසේන මහතාට මෙහිදී පොඩි පරිත්‍යාගයක්‌ කරන්න වෙනවා මේ ඒකරාශී වීමට, ඔහුට සිදුවුණු අසාධාරණකම් මම පිළිගන්නවා. ඒත් නායකයෙක්‌ පාලකයෙක්‌ ප්‍රඥාවන්තයෙක්‌ වුණහම ඔහු තම ඇස්‌ දෙකින් මුළු මහත් රට දෙසම බැලිය යුතුයි. අපට වුණත් යම් යම් කලකිරීම් තියෙන පිරිස්‌ සමඟ පොදු සන්ධාන ගතවෙන්න සිදු වෙනවා. එම නිසා මේ ගැන සිතිය යුතුයි. ඔහු එහෙම කළොත් ඔහු ඉතිහාසගත වෙනවා, ඒ සඳහා අපි මැදිහත් වෙන්න කැමතියි.

මෛත්‍රීපාල සිරිසේන මහතා සිටිය යුත්තේ ඔහුට පෑහෙන පිරිස්‌ සමඟයි. හැන්දෙන් ගෑරුප්පුවෙන් කන මිනිස්‌සු අතරයි අතින් කන මිනිස්‌සු අතරෙයි කුරුම්බා ගෙඩියක්‌ කටේ තියලා බොන මිනිස්‌සු අතරෙයි ඒකට ස්‌ට්‍රොa එකක්‌ දාලා බොන මිනිහ අතරෙයි සිංහල හාලේ බත් කන අය අතරෙයි හොට්‌ඩෝග් කන මිනිහ අතරෙයි මැඩෝනගේ සින්දු අහන අය අතරෙයි පැල්කවියක්‌ රස විඳින අය අතරෙයි ලොකු වෙනසක්‌ තියෙනවා. මම හිතනවා මේවා තේරෙනවා කියලා මෛත්‍රිපාල සිරිසේන මහතාට. ඔහු නිවැරදි තීරණ ගත යුතුයි.

මොනවා වුණත් මෛත්‍රිපාල සිරිසේන මහතා පනස්‌ හයේ දරුවෙක්‌. ගමක ඉපදුනු දරුවෙක්‌. වෙලේ ඉපනැල්ලේ සුවඳ දැනුනු නායකයෙක්‌. ගල් විහාරේ නිතර එන යන කොට පෙනුණු මනුස්‌සයෙක්‌. එයාට මේ රටේ සිදුවෙන හැමදේටම වගකීමක්‌ තියෙනවා. ඔහු අනාරාධිතව පවා මෙහෙ ඇවිත් ගියා. දුරකථනයෙනුත් කතා කරනවා. ඔහු කවදාවත් රටට ජාතියට ආගමට විරුද්ධ වෙන්නේ නැහැයි කියලා මට විශ්වාසයි.

ඒත් අද සිදුවෙන දේවල් බැලුවහම ජනාධිපතිවරයටත් හොරෙන් යම් යම් දේ සිදුවෙන බව පේනවා . අද මේ රටේ බහුතරයක්‌ රජයේ වැඩපිළිවෙල විවේචනය කරනවා. මේ රජය බලයට පත් කරන්න මැදිහත්වුණු ඇතැම් රාජ්‍ය නොවන සංවිධාන පවා දැනටමත් රජය විවේචනය කරන්න පටන් අරගෙන.

රටේ බෞද්ධයන්ට යම් ප්‍රශ්න ඇතිවෙමින් තිබෙනවා. මුලින්ම දියවඩන නිලමේට විරුද්ධව නැගිට්‌ටා. එහෙත් ඔහු වරදක්‌ කර තිබේ නම් එය කළ යුත්තේ පුද්ගලිකව ඔහුට එරෙහිව මිස තනතුරට නෙවෙයි. ස්‌වාමින් වහන්සේලා වරදක්‌ කර තිබේ නම් වරදට එරෙහිව පියවර ගත්තට අප විරුද්ධ නැහැ. යම් යම් ආගම්වල පූජ්‍ය පක්‌ෂය වැරදි කළහම ඒ අය සම්බන්ධයෙන් කටයුතු කරපු පිළිවෙලක්‌ තිබුණා. ඒත් මේ දැන් භිකෂුන් වහන්සේලා සම්බන්ධයෙන් කටයුතු කරන ආකාරයට කළේ නැහැනේ. භික්‌ෂුන් වහන්සේලා බෙඩ් ෂීට්‌ වලින් ඔතලා ගෙනියනවා. මේ ආකාරයට භික්‌ෂුව නින්දාවට අපහාසයට උපහාසයට පත් කිරීමක්‌ මම මීට පෙර දැකලා නැහැ. මෙතරම් භික්‌ෂුන් වහන්සේලා පිරිසක්‌ සිරගත කරපු මුල්ම අවස්‌ථාව මේක. ජාතියේ මුරදේවතා යන නාමයෙන් භික්‌ෂුන් වහන්සේලා හඳුන්වන එකම රට ශ්‍රී ලංකාව.

ගම්වල මිනිස්‌සුන් අප කියනදේ පිළිගන්නවා, අප කියන දේ අනුව තමයි ගමේ මනුස්‌සයා තීරණ ගන්නේ, භික්‌ෂුන් වහන්සේලා දේශපාලන පක්‌ෂවලට එක්‌ව වැඩ කිරීම මම අනුමත කරන්නේ නැහැ. මම කවදාවත් දේශපාලන වේදිකාවට යන්නේ නැහැ. ලුණු ඇති කරන්නෙත් වතුර. නැති කරන්නෙත් වතුර වගේ, ආණ්‌ඩුව හදන්නෙත් ජනතාව. නැති කරන්නෙත් ජනතාව. ඒකට නායකත්වය දෙන්නේ භික්‌ෂුන් වහන්සේලා, දේශපාලනඥයන්ට ඕන ඕන දේ කරන්න මේ රටේ ඉඩ දෙන්නේ නැත්තේ භික්‌ෂුන් වහන්සේලා.

මේ විදිහට දිගටම භික්‍ෂුන් වහන්සේලා මර්දනය කරනවා නම් දහස්‌ ගණන් භික්‌ෂුන් වහන්සේලා කැඳවලා අපි විරෝධය පළ කරනවා

එල්ටීටීඊය ඇතුළු දෙමළ අන්තවාදී ජාතිවාදී කොටස්‌ මුල ඉඳලා කිව්වේ කහ සිවුරු පොරව ගත්ත අය ඉන්නකම් අපේ ඉල්ලීම් ලැබෙන්නේ නැහැ කියලා. අපට අවශ්‍ය දේ ලබාගන්න බැහැ කියලා. සෝභිත හිමියන්ගේ අපවත්වීම සැකයි. විදේශ බලවේග ශක්‌තිමත් වුණු හැම මොහොතකම භික්‌ෂුන් වහන්සේලා අපවත් කළා., කොටගම වාචිස්‌සර හිමි අපවත් කළා. පානදුරේ අරියධම්ම හාමුදුරුවෝ අපවත් කළා. ගංගොඩවිල සෝම හිමි අපවත් කළා.

සෝභිත හිමියන්ගේ අවසන් දිනවල මම උන්වහන්සේ බලන්න රෝහලට ගියා. උන් වහන්සේ කිව්වා අපට වැරදුනා කියලා. මම කිව්වා මේ තත්ත්වයට ඔබ වහන්සේ වග කියන්න ඕන කියලා. බලමුකෝ, අපි එකතු වෙමු කියලා ඒ අවස්‌ථාවේ සෝභිත හිමියන් කිව්වා. ඒ අවස්‌ථාවේත් උන් වහන්සේ හොඳ සෞඛ්‍ය තත්ත්වයෙන් හිටියා. හැබැයි අන්තිම දවස්‌ වල රටේ සිදුවුණු දේ ගැන උන් වහන්සේ මානසිකව වැටිලා හිටියේ. ඉස්‌සර මටත් වස දුන්නා. එල්ටීටීඊය මට වෙඩි තිබ්බා. මම බේරුණා. මම ඉස්‌පිරිතාලෙන් බෙහෙත් ගන්නේ නැහැ. එක දොස්‌තර කෙනෙක්‌ගෙන් විතරයි බෙහෙත් ගන්නේ. ඒ තරමට භික්‌ෂුන් වහන්සේලාගේ තත්ත්වය අනාරක්‌ෂිතයි. මේ රටේ ප්‍රශ්න හදන්නේ සුළු ජාතීන් විසින්මයි, අපි හැමදාම කිව්වේ අප රටේ සියලු ජාතීන් සියලු දෙනාම එකට ඉඳිමු කියලා. අදත් එකට ඉන්න බැහැ කියලා වෙනම අයිතීන් ඉල්ලන්නේ ඒ අයයි. එක්‌කෝ ස්‌වයං නිර්ණය අයිතිය එක්‌කෝ ෙµඩරල් ඉල්ලනවා.

එදා ඒ අය ඒ වෙනුවෙන් තුවක්‌කුව හා බෝම්බය අතට ගත්තා. අවුරුදු තිහක්‌ සටන් කළා. ඒ අයට අවශ්‍ය විසඳුම දුන්නා. නන්දිකඩාල් කලපුවේදී ඒ විසඳුම ලබා දුන්නා ආයේ ඒ ගැන කතාවක්‌ නැහැ. හදිස්‌සියෙන්වත් ඒ ගොල්ල ගහලා ලංකාව ඇල්ලුවා නම් ඇතිවන තත්ත්වය මොකක්‌ද ?

කවුරුවත් කියන්නේ නැහැනේ දෙමළ අයට දෙමළ වීම නිසා තියෙන ප්‍රශ්නය මොකක්‌ද කියලා.

අදත් සමහර අය කතා කරන්නේ උතුරු නැගෙනහිර කියලා වෙන්කරලා. ඇයි එහෙම කරන්නේ මේක සංස්‌කෘතික ආක්‍රමණය ඊලාම් කියන එක සියයට හැත්තෑ ගණනක්‌ වුණු අප පවා ව්‍යවහාර කළා . අපේ හුනුගම චුන්නාකම් වුණා. වැලිගම වලිකාමම් වුණා. තඹලගමුව තඹලකාමම් වුණා. දැන් ව්‍යවහාර වෙන්නේ ඒවානේ.

ලෝකේ කිසිම රටක මෙවැනි දේ නැහැ. අපි ශ්‍රී ලංකාවට ශ්‍රී ලංකාව කියද්දී දෙමළ අය ඉලන්කෙයි කියනවා. අප මීගමුව කියද්දී මීර්කුලම් කියනවා ඉංග්‍රීසියෙන් නිගම්බු කියනවා. හලාවතට සීලවතුර කියනවා ඉංග්‍රීසියෙන් චිලව් කියනවා. මෙහෙම තත්ත්aවයක්‌ ලෝකයේ කොහෙවත් නැහැ. දෙමළ ජනතාව කියනවනේ ඒ අය සමහර ප්‍රදේශ පාලනය කළා කියලා. ඒවා ආක්‍රමණ මිසක්‌ වෙන කිසිවක්‌ නෙවෙයි. එහෙම නම් ලන්දේසීන්ගේ කාලේ මුහුදුබඩ පළාත් පාලනය කළේ ලන්දේසීන්. එහෙමනම් ලන්දේසි මිනිස්‌සුන්ට පුළුවන්නේ වෙනම කෑල්ලක්‌ ඉල්ලන්න. ඒවා ආක්‍රමණ මිසක්‌ වෙන දෙයක්‌ නෙවෙයි. විදේශ රටවලින් එන අය කවුරුවත් කතා කරන්නේ උතුරු නැගෙනහිර දෙමළ අය ගැන. මේ කවුරුවත් යාපනයෙන් එළවපු සිංහලයන් විසි එක්‌දහසක්‌ සිංහල ජනතාවට නැවත ආපසු ඔවුන්ගේ අයිතීන් ඉඩම් දෙන්න ඕන කියලා කතා කරන්නේ නැහැනේ. අපේ භික්‌ෂුන් වහන්සේලා ඝාතනය කළා. ඒ ගැන කවුරුත් කතා කරන්නේ නැහැ. පුරා වස්‌තු 276 ක්‌ උතුරේ තිබුණා. ඒවා ගොඩක්‌ විනාශ කරලා

දෙමළ අය ඉල්ලපු විසඳුම දීලා ඉවරයි ආයෙත් ඒ ගැන කතාවක්‌ නැහැ. අද පාසල් පෙළ පොත් පවා වෙනස්‌ කරන්න උත්සහ කරනවා. සමහරුන්ට ඕන මේ රට හොඳ පෘට්‌ සැලඩ් එකක්‌ කරන්න , අපි ඒ ගැන හොඳ අවධියෙන් ඉන්නවා. අපේ රටේ විදේශ ප්‍රතිපත්තිය අනුව අප නොබැඳි රටක්‌ ලෙස කටයුතු කළ යුතුයි. ඉන්දියාව සමග අපේ රටේ සම්බන්ධය ප්‍රවේශමෙන් කළ යුතුයි.

ඉන්දියාවේ බිහිවුණු නායකයන්ගේ ප්‍රතිපත්තිය අනුව තමයි ඒ රටේ විදේශ ප්‍රතිපත්තිය නිර්මාණය වුණේ. ඉන්දියාව බෞද්ධත්වය පෙන්වා ගෙන වැරදි දේ කළ යුතු නැහැ. ජාත්‍යන්තර වෙළඳ සම්බන්ධතා තිබිය යුතු වුවත් අනවශ්‍ය මැදිහත්වීම් හොඳ නැහැ, ඉක්‌ටා ගිවිසුම භයානක තත්ත්වයක්‌. ඉන්දියාව බිලියන හතක්‌ දීලා, ඒ දෙන ගමන් ඉක්‌ටා කොන්දේසි දැඩි කරනවා . අද ඉන්දියාවෙන් කොන්ඩේ රැවුල කපන්න පවා කට්‌ටිය ඇවිල්ලා. උතුරේ මැරුණු අය ලෙස වෙනත් පිරිස්‌ ලංකාවට ඇවිල්ලා පෙනී සිටිනවා. ඉන්දියාවෙන් එන මිනිස්‌සු යන්නේ නැතුව මෙහෙ ජීවත් වෙනවා. රටේ ජනතාව ගැනවත් හරියට තොරතුරු නැතුව කොහොමද ආණ්‌ඩුව මේවා අල්ලන්නෙ. අද පොලීසිය ආණ්‌ඩුව ආරක්‌ෂා කරනවා හැර ජනතාවවත් රටවත් ආරක්‌ෂා කරන්නේ නැහැ. ප්‍රතිපත්ති ප්‍රකාශනවල තිබුණු දේ නෙවෙයි මේ ආණ්‌ඩු අද කරන්නේ.

මට නම් අංක එක රට. රට නැතිවෙනවා නම් නිවන් දකින්න ඕනත් නැහැ මට.

අපි අවුරුදු තිහක්‌ අවිනිශ්චිත ජීවිතයක්‌ ගෙව්වේ, නායකයෝ ඉතිහාසගත වෙන්නේ තමන් දෙස හෝ තමන්ගේ බලය සඳහා හෝ පරපුර ගැන හෝ බලලා ගන්න තීරණ මත නොව රට වෙනුවෙන් ගන්න තීරණ හින්දයි.

දේශපාලන මැච් එකේ ජනතාවයි රටයි පන්දුවක්‌ කරගන්න එපා , මගේ ශක්‌ති ප්‍රමාණයට වඩා මම රටට හමුදාවට බොහෝ දේ කරලා තිබෙනවා. හමුදාවට තරුණයෝ හොයලා දුන්නෙත් මම. ඒ නිසා රට තුළ සිදුවෙන හැමදේම මට දැනගන්න ලැබෙනවා. මේ රට යළිත් බෙදන්න දෙන්න බැහැ.

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තුව ථේරවාදී භික්‌ෂු කතිකාවත් (ලියාපදිංචි කිරීමේ) ස`දහා වූ කෙටුම් පත

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තුව
ථේරවාදී භික්‌ෂු කතිකාවත් (ලියාපදිංචි කිරීමේ) ස`දහා වූ කෙටුම් පත

ශ්‍රී ලංකාවේ ථේරවාදී භික්‌ෂූන්ගේ නිකාය හෝ පාර්ශ්වයන්ට අදාල කතිකාවත් සම්පාදනය කර ලියාපදිංචි කිරීම සඳහා ද( සෑම භික්‌ෂූන් වහන්සේ නමක්‌ විසින් ම එකී භික්‌ෂූන් වහන්සේට අදාළ වන නිකායේ හෝ පාර්ශ්වයේ ලියාපදිංචි කතිකාවතේ විධිවිධානවලට අනුකූලව ක්‍රියා කළ යුතු බවට විධිවිධාන සැලැස්‌වීම සඳහා ද යම් ලියාපදිංචි කරන( ලද කතිකාවතක විධිවිධානවලට පටහැනිව කටයුතු කරන භික්‌ෂූන් වහන්සේලාට දණ්‌ඩන පැනවීම සඳහා ද, ඊට සම්බන්ධ හෝ ආනුශංගික කාරණා සඳහා විධිවිධාන සැලැස්‌වීම සඳහා ද වූ පනත් කෙටුම්පතකි.

බුද්ධශාසන අමාත්‍යතුමා විසින් 2016 ජනවාරි මස 12 වන දින ඉදිරිපත් කරන ලදී.
(ගැසට්‌ පත්‍රයේ පළ කළේ 2015 දෙසැම්බර් මස 14 වන දින)
මුද්‍රණය කිරීමට පාර්ලිමේන්තුව විසින් නියෝග කරන ලදී.
(60 වන පනත් කෙටුම්පත)
ථේරවාදී භික්‌ෂු කතිකාවත් (ලියාපදිංචි කිරීමේ)

එල්.ඩී- ඕ. 15/2014.

ශ්‍රී ලංකාවේ ථේරවාදී භික්‌ෂූන්ගේ නිකාය හෝ පාර්ශ්වයන්ට අදාළව කතිකාවත් සම්පාදනය කර ලියාපදිංචි කිරීම සඳහා ද; සෑම භික්‌ෂූන් වහන්සේ නමක්‌ විසින් ම එකී භික්‌ෂූන් වහන්සේට අදාළ වන නිකායේ හෝ පාර්ශ්වයේ ලියාපදිංචි කතිකාවතේ විධිවිධානවලට අනුකූලව ක්‍රියා කළ යුතු බවට විධිවිධාන සැලැස්‌වීම සඳහා ද; යම් ලියාපදිංචි කරන ලද කතිකාවතක විධිවිධානවලට පටහැනිව කටයුතු කරන භික්‌ෂූන් වහන්සේලාට දණ්‌ඩන පැනවීම සඳහා ද, ඊට සම්බන්ධ හෝ ආනුශංගික කාරණා සඳහා විධිවිධාන සැලැස්‌වීම සඳහා ද වූ පනතකි.

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තුව විසින් මෙසේ පනවනු ලැබේ(-

ලුහුඬු නාමය.

1. මේ පනත 2016 අංක දරන ථේරවාදී භික්‌ෂු කතිකාවත් (ලියාපදිංචි කිරීමේ) පනත යනුවෙන් හඳුන්වනු ලැබේ.

කතිකාවත් සකස්‌ කිරීම.

5 – 2. (1) (මෙහි මින්මතු ”නිකාය හෝ පාර්ශ්වය” යනුවෙන් සඳහන් කරනු ලබන) එක්‌ එක්‌ ථේරවාදී භික්‌ෂු නිකායේ හෝ පාර්ශ්වයේ කාරක සංඝ සභාව විසින් මේ පනතේ කාර්යය සඳහා එම නිකායට හෝ පාර්ශ්වයට අදාළ කතිකාවතත් සකස්‌ කර සම්මත කර ගත හැකි ය.

10 – (2) මේ පනතේ (1) වන උප වගන්තියේ සඳහන් කර ඇති සෑම කතිකාවතක ම, අනෙකුත් කරුණු අතර, පහත දැක්‌වෙන කාරණාවලට අදාළ විධිවිධාන අඩංගු විය යුතු ය.-

(අ) අදාළ නිකායේ හෝ පාර්ශ්වයේ කාරක සංඝ සභාවේ සංයුතිය සහ කර්තව්‍ය;

15 – (ආ) භික්‌ෂූන් වහන්සේ නමක්‌ විසින් නොපිරිහෙලා අනුගමනය කළ යුතු හැසිරීම් සහ විනය කරුණු ඇතුළත් සංග්‍රහයක්‌;

20 – (ඇ) භික්‌ෂූන් වහන්සේ නමක්‌ විසින් (ආ) ඡේදයේ සඳහන් හැසිරීම් සහ විනය කරුණු ඇතුළත් සංග්‍රහය උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් පරීක්‌ෂණ පැවැත්විය යුතු ආකාරය;

සහ

(ඈ) එසේ උල්ලංඝනය කිරීම් සඳහා වන දඬුවම්.

(3) (2) වන උප වගන්තියේ (ආ) ඡේදයේ සඳහන් හැසිරීම් සහ විනය කරුණු ඇතුළත් සංග්‍රහයට භික්‍ෂුන් වහන්සේ නමක්‌ විසින් –

5 (අ) ගුප්ත විද්‍යා කටයුතු හෝ ඊට සමාන කටයුතුවල නියෑලීම හෝ කරගෙනයාම සහ එම කටයුතුවලට ප්‍රචාරය ලබාදීම පිළිබඳව;

(ආ) වෙළෙඳ හෝ ව්‍යාපාරික කටයුතුවලට සම්බන්ධ වී කටයුතු කිරීම පිළිබඳව;

10 (ඇ) රියදුරු බලපත්‍රයක්‌ ලබා ගැනීම සහ වාහන පැදවීම පිළිබඳව;

(ඈ) අධ්‍යාපනය, සමාජ සේවා හෝ ආගමික කටයුතු යන ක්‌ක්‍ෂේත්‍රවල හැර රාජ්‍ය හෝ පෞද්ගලික අංශයේ යම් රැකියාවක නියුක්‌තවීම පිළිබඳව; සහ

15

(ඉ) ප්‍රසිද්ධ ස්‌ථානවල බෞද්ධ භික්‍ෂුන් වහන්සේ නමකට අකැප අයුරින්, භික්‍ෂු විනයට පටහැනි ක්‍රියාවන්හි නියෑලීම පිළිබඳව,

අදාළ විධිවිධාන ද ඇතුළත් කළ හැකිය.

20

(4) (2) වන උපවගන්තියේ (ඈ) ඡේදයේ කාර්ය සඳහා කතිකාවතක පහත සඳහන් දඬුවම් ඇතුළත් කළ හැකිය(-

(අ) වැඩ සිටින විහාරස්‌ථානයෙන් තාවකාලිකව ඉවත් කිරීම;

(ආ) වැඩ සිටින විහාරස්‌ථානයෙන් ස්‌ථිරව ඉවත් කිරීම;

(ඇ) විහාරාධිපති ධුරයෙන් තාවකාලිකව ඉවත් කිරීම;

(ඈ) විහාරාධිපති ධුරයෙන් ස්‌ථිරව ඉවත් කිරීම;

25

(ඉ) ශිෂ්‍ය භාවයෙන් ඉවත් කිරීම;

(ඊ) අදාළ නිකායෙන් හෝ පාර්ශ්වයෙන් ඉවත් කිරීම;

(උ) භික්‍ෂු ලියාපදිංචිය අවලංගු කිරීම.

ලේඛකාධිකාරී විසින් කතිකාවත ලියාපදිංචිය සඳහා කොමසාරිස්‌ ජනරාල් වෙත ඉදිරිපත් කළ යුතු බව.

5 – 3. (1) අදාළ නිකායේ හෝ පාර්ශ්වයේ ලේඛකාධිකාරි ස්‌වාමීන් වහන්සේ විසින්, 2 වන වගන්තිය යටතේ සකස්‌ කොට සම්මත කර ගන්නා ලද කතිකාවත, නිසි පරිදි සම්පූර්ණ කරන ලද ඉල්ලුම් පත්‍රයක්‌ සහ ඒ කතිකාවත කාරක සංඝ සභාව විසින් යථා පරිදි සම්මත කරගනු ලැබූ බවට ඒ නිකායේ හෝ පාර්ශ්වයේ අතිපූජ්‍ය මහානායක ස්‌වාමීන් වහන්සේ විසින් අත්සන් කරන ලද ප්‍රකාශයක්‌ ද සහිතව, කොමසාරිස්‌ ජනරාල්වරයා වෙත ලියාපදිංචිය සඳහා ඉදිරිපත් කරනු ලැබිය යුතු ය.

10 – (2) ඒ ඉල්ලුම් පත්‍රයේ ආකෘතිය සහ එය ඉදිරිපත් කළ යුතු ආකාරය නියම කරනු ලබන පරිදි විය යුතු ය.

කොමසාරිස්‌ ජනරාල්වරයා විසින් කතිකාවත විශේෂඥ මණ්‌ඩලයක්‌ වෙත ඉදිරිපත් කළ යුතු බව.

4. (1) ලියාපදිංචි කිරීම සඳහා ඉල්ලා සිටිනු ලබන කතිකාවත

(අ) යම් ලිත නීතියක විධිවිධාන උල්ලංඝනය කරන්නේ ද යන්න; සහ

15 – (ආ) බෞද්ධ ධර්ම විනයට සහ චාරිත්‍රවලට අනුකූල ද යන්න,

පරීක්‌ෂා කිරීම සඳහා 5 වන වගන්තිය යටතේ පත් කරනු ලබන විශේෂඥ මණ්‌ඩලයක්‌ වෙත කොමසාරිස්‌ ජනරාල්වරයා විසින් ඉදිරිපත් කරනු ලැබිය යුතු ය.

20 – 25 – (2) යම් කතිකාවතක විධිවිධාන (1) වන උප වගන්තියේ සඳහන් කර ඇති යම් නියමයක්‌ උල්ලංඝනය කරන බව විශේෂඥ මණ්‌ඩලයේ මතය වන අවස්‌ථාවක විශේෂඥ මණ්‌ඩලය විසින් ඒ මතය කොමසාරිස්‌ ජනරාල්වරයාට දැනුම් දිය යුතු අතර, අදාළ කතිකාවත ඒ නියමයන්ට අනුකූලවීම සඳහා ප්‍රතිශෝධනය කර විශේෂඥ මණ්‌ඩලය විසින් පරීක්‌ෂා කිරීම සඳහා නැවත ඉදිරිපත් කරන ලෙස කොමසාරිස්‌ ජනරාල්වරයා විසින් ඒ මතය අදාළ නිකායේ හෝ පාර්ශ්වයේ ලේඛකාධිකාරී ස්‌වාමීන් වහන්සේ වෙත දැනුම් දිය යුතු ය.

30 – (3) කතිකාවතේ විධිවිධාන (1) වන උපවගන්තියේ සඳහන් නියමයන්ට අනුකූල වන විට විශේෂඥ මණ්‌ඩලය විසින් ඒ බවට කොමසාරිස්‌ ජනරාල්වරයා වෙත සහතිකයක්‌ නිකුත් කළ යුතු ය.

විශේෂඥ මණ්‌ඩලයක්‌ පත්කිරීම

5. 4 වන වගන්තිය යටතේ ඉදිරිපත් කර ඇති යම් කතිකාවතක ඒ වගන්තියේ (1) වන උපවගන්තියේ සඳහන් නියම උල්ලංඝනය කර ඇද්ද යන කාර්යය පරීක්‍ෂා කිරීම සඳහා අමාත්‍යවරයා විසින් ෙත්‍රෙනිකායික අති පූජ්‍ය මහනායක ස්‌වාමීන් වහන්සේලා විමසා –

5 (අ) බෞද්ධ භික්‍ෂුන් වහන්සේලා තුන් නමකගෙන්; සහ

(ආ) බෞද්ධ භික්‍ෂුන් වහන්සේ හට අදාළ විනය රීති පිළිබඳව දැනුමක්‌ ඇති නීතිඥවරුන් දෙදෙනකුගෙන්,

සමන්විත සාමාජිකයන් පස්‌ දෙනෙකුගෙන් යුතු විශේෂඥ මණ්‌ඩලයක්‌ පත් කරනු ලැබිය යුතුය.

10. 6. (1) විශේෂඥ මණ්‌ඩලයේ සහතිකය ලැබීමෙන් පසු කොමසාරිස්‌ ජනරාල්වරයා විසින් කතිකාවත ලියාපදිංචි කළ යුතුය.

කතිකාවත ලියාපදිංචි කිරීම.

(2) කතිකාවත ලියාපදිංචි කිරීමෙන් පසු කොමසාරිස්‌ ජනරාල්වරයා විසින් ලියාපදිංචි කිරීමේ සහතිකයක්‌ නිකුත් කර –

15

(අ) ඒ ලියාපදිංචි කිරීමේ සහතිකය ලියාපදිංචි කතිකාවතේ පිටපතක්‌ සමග අදාළ නිකායේ හෝ පාර්ශ්වයේ අතිපූජ්‍ය මහනායක ස්‌වාමීන් වහ න්සේ වෙත පෞද්ගලිකව භාරදිය යුතුය; සහ

(ආ) ඒ ලියාපදිංචි කිරීමේ සහතිකයේ පිටපතක්‌ ලියාපදිංචි තැපෑලෙන් ලේඛකාධිකාරී ස්‌වාමින් වහන්සේ වෙත යෑවිය යුතුය.

කතිකාවතක කරනු ලබන සංශෝධන ලියාපදිංචි කිරීම.

20

7. (1) යම් නිකායක හෝ පාර්ශ්වයක අදාළ කාරක සංඝ සභාව විසින් අවශ්‍ය අවස්‌ථාවල දී 6 වැනි වගන්තිය යටතේ ලියාපදිංචි කරන ලද කතිකාවතට සංශෝධන සම්මත කරගනු ලැබිය හැකිය.

25

(2) මේ පනතේ 3 වන සහ 4 වන වගන්තිවල දක්‌වා ඇති කාර්ය පටිපාටිය, කතිකාවතකට කරනු ලබන යම් සංශෝධනයක්‌ ලියාපදිංචි කිරීම සම්බන්ධයෙන් ද අදාළ විය යුතුය.

(3) කතිකාවතක යම් සංශෝධනයක්‌ ලියාපදිංචි කිරීම සඳහා වූ සෑම ඉල්ලීමක්‌ ම නියම කරනු ලැබිය හැකි ආකෘති පත්‍රයේ සාරානුකූලව විය යුතුය.

කොමසාරිස්‌ ජනරාල්වරයා විසින් ලියාපදිංචි කතිකාවත් පිළිබඳ රෙජිස්‌ටර් පවත්වාගෙන යා යුතු බව.

8. ලියාපදිංචි කතිකාවත් පිළිබඳව සහ ලියාපදිංචි කතිකාවත්වලට කරනු ලබන සංශෝධන පිළිබඳව කොමසාරිස්‌ ජනරාල්වරයා විසින් රෙජිස්‌ටරයක්‌ පවත්වාගෙන යා යුතු ය.

භික්‌ෂූන් වහන්සේ නමක්‌ කතිකාවතේ විධිවිධානවලට අනුකූලව ක්‍රියාකළ යුතු බව.

5 – 9. යම් නිකායකට හෝ පාර්ශ්වයකට අදාළ කතිකාවතක්‌ මේ පනත යටතේ ලියාපදිංචි කරනු ලැබූ අවස්‌ථාවක –

(අ) ඒ කතිකාවතේ විධිවිධාන, ඒ නිකායට හෝ පාර්ශ්වයට අයත් වන සෑම භික්‌ෂූන් වහන්සේ නමකට ම අදාළ විය යුතු ය; සහ

10 – (ආ) ඒ නිකායට හෝ පාර්ශ්වයට අයත් සෑම භික්‌ෂූන් වහන්සේ නමක්‌ ම ස්‌වකීය නිකායට හෝ පාර්ශ්වයට අදාළ කතිකාවතේ විධිවිධාන දැඩිව පිළිපැදිය යුතු අතර, ඊට අනුකූලව හැසිරිය යුතු ය.

කතිකාවතේ විධිවිධාන උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් පරීක්‌ෂණයක්‌ පැවැත්විය යුතු බව

15 – 10. (1) තමා අයත් නිකායේ හෝ පාර්ශ්වයේ ලියාපදිංචි කතිකාවතේ විධිවිධාන භික්‌ෂූන් වහන්සේ නමක්‌ විසින් උල්ලංඝනය කරනු ලබන අවස්‌ථාවක අදාළ නිකායේ හෝ පාර්ශ්වයේ කාරක සංඝ සභාව විසින් ඒ සම්බන්ධයෙන් පරීක්‌ෂණයක්‌ පැවැත්විය යුතු ය.

20 – (2) (1) වන උපවගන්තියේ සඳහන් පරීක්‌ෂණයේ දී ඒ කතිකාවතේ විධිවිධාන උල්ලංඝනය කර ඇති බවට චෝදනා ලැබ සිටින භික්‌ෂූන් වහන්සේට කරුණු ඉදිරිපත් කිරීම සඳහා අවස්‌ථාවක්‌ ලබා දිය යුතු ය.

25 – (3) කාරක සංඝ සභාවේ තීරණය අර්ළ නිකායේ හෝ පාර්ශ්වයේ ලේඛකාධිකාරී ස්‌වාමීන් වහන්සේ විසින් ලියාපදිංචි කතිකාවතක විධිවිධාන උල්ලංඝනය කර ඇති බවට චෝදනා ලැබ සිටින භික්‌ෂූන් වහන්සේට පෞද්ගලිකව භාරදිය යුතු ය; නැතහොත් ඒ භික්‌ෂූන් වහන්සේ වෙත ලියාපදිංචි තැපෑලෙන් යෑවීම මගින් ඒ තීරණය ඒ භික්‌ෂූන් වහන්සේට දැනුම් දිය යුතු ය.

කාරක සංඝ සභාවේ තීරණයට පටහැනිව ක්‍රියා කිරීම වරදක්‌ බව.

11. (1) ලියාපදිංචි කතිකාවත විධිවිධාන උල්ලංඝනය කර ඇති බවට චෝදනා ලැබ සිටින භික්‌ෂූන් වහන්සේ විසින් කාරක සංඝ සභාවේ තීරණයට අනුකූලව ක්‍රියා කළ යුතු ය.

5 – 10 – (2) ඒ තීරණයට අනුකූලව ක්‍රියා කිරීම පැහැර හරින හෝ ප්‍රතික්‌ෂේප කරන භික්‌ෂූන් වහන්සේ නමක්‌ මේ පනත යටතේ වරදකට වරදකරු වන අතර, මහෙස්‌ත්‍රාත්වරයකු විසින් පවත්වනු ලබන ලඝූ නඩු විභාගයකින් පසු වරදකරු කරනු ලැබීමේ දී රුපියල් පනස්‌ දහසකට නොඅඩු දඩයකට හෝ මාස හයකට නොවැඩි කාලයක්‌ සඳහා බන්ධනාගාරගත කිරීමකට හෝ ඒ දඩය සහ බන්ධනාගාරගත කිරීම යන දෙකට ම හෝ යටත් විය යුතු ය.

චෝදනා ලැබූවකු විසින් නිකාය හෝ පාර්ශ්වය වෙනස්‌ කිරීම පිළිබඳව තහනම.

15 – 12. 10 වන වගන්තිය යටතේ තමාට විරුද්ධව පරීක්‌ෂණයක්‌ පැවැත්වෙන හෝ මේ පනත යටතේ වරදකට වරදකරු වී ඇති යම් භික්‌ෂූන් වහන්සේ නමක්‌, ඒ භික්‌ෂූන් වහන්සේ අයත් වන නිකාය හෝ පාර්ශ්වය හැර, වෙනත් නිකායක්‌ හෝ පාර්ශ්වයක්‌ විසින් භාර ගැනීම හෝ භික්‌ෂුවක්‌ ලෙස ලියාපදිංචි කිරීම නොකළ යුතු ය.

නියෝග.

13. (1) මේ පනතේ ප්‍රතිපත්ති සහ විධිවිධාන ක්‍රියාත්මක කිරීමේ හෝ බලාත්මක කිරීමේ කාර්යය සඳහා අමාත්‍යවරයා විසින් ෙත්‍රෙනිකායික අතිපූජ්‍ය මහානායක ස්‌වාමීන් වහන්සේ විමසා නියෝග සාදනු ලැබිය හැකි ය.

20 – (2) විශේෂයෙන් ම සහ (1) වන උප වගන්තියේ සඳහන් බලතලවල ව්‍යාප්තියට අගතියක්‌ නොමැතිව අමාත්‍යවරයා විසින් පහත දැක්‌වෙන කාරණා සම්බන්ධයෙන් නියෝග සාදනු ලැබිය හැකි ය(-

(අ) මේ පනත මගින් නියෝග සෑදීමට නියමිත හෝ බලය දී ඇති යම් කාරණයක්‌ සම්බන්ධයෙන්;

25 – (ආ) ෙත්‍රෙනිකායික මහානායක ස්‌වාමීන් වහන්සේලා විසින් තීරණය කරන පරිදි, භික්‌ෂූන් වහන්සේලා විසින් පරිශීලනය කළ යුතු සිවුරේ වර්ණය නිශ්චිතව දැක්‌වීම සඳහා; සහ

(ඇ) මේ පනතේ කාර්ය සඳහා අවශ්‍ය වන ආකෘති පත්‍ර නියම කිරීම.

ථේරවාදී භික්‌ෂු කතිකාවත් (ලියාපදිංචි කිරීමේ)

(3) (1) වන උප වගන්තිය යටතේ සාදනු ලබන සෑම නියෝගයක්‌ ම ගැසට්‌ පත්‍රයේ පළ කරනු ලැබිය යුතු අතර, එසේ පළ කරනු ලැබූ දින සිට හෝ නියෝගයේ නිශ්චිතව දක්‌වා ඇති පසු දිනයක සිට ඒ නියෝගය ක්‍රියාත්මක විය යුතු ය.

5 – (4) (අ) (1) වන උප වගන්තිය යටතේ සාදන ලද සෑම නියෝගයක්‌ ම ගැසට්‌ පත්‍රයේ පළකිරීමෙන් පසු හැකි පහසු ඉක්‌මනින් අනුමතය සඳහා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරනු ලැබිය යුතු ය.

10 – (ආ) එසේ අනුමත කරනු නොලබන සෑම නියෝගයක්‌ ම ඒ අනනුමතයේ දින සිට පරිවර්න්න කරනු ලැබූ ලෙස සලකනු ලැබිය යුතු නමුත් එකී නියෝග යටතේ කලින් කරන ලද කිසිවකට ඉන් අගතියක්‌ සිදු නොවිය යුතු ය.

(5) යම් නියෝගයක්‌ එසේ පරිවර්න්න කරනු ලැබූ ලෙස සලකනු ලබන දිනය පිළිබඳ නිවේදනය ගැසට්‌ පත්‍රයේ පළ කරනු ලැබිය යුතු ය.

කොමසාරිස්‌ ජනරාල්වරයා විසින් නිකුත් කරන ලද

ලේඛන ඔප්පු කිරීම.

15 – 14. (1) කොමසාරිස්‌ ජනරාල්වරයා විසින්, යථා පරිදි අත්සන් කර සහතික කර ඇති සෑම ලේඛනයක්‌ ම, ඒවායේ අන්තර්ගත අත්සන්වලින් යථා අත්සනක්‌ ඔප්පු කිරීම පිළිබඳ සාක්‌ෂි නොමැතිව සහ ඒ නිලධරයා සාක්‌ෂිකරුවකු ලෙස කැඳවීමකින් තොරව ඕනෑම අධිකරණයක දී සාක්‌ෂි වශයෙන් ආවේශ්‍ය කරනු ලැබිය යුතු අතර පටහැනිව කරුණු ඔප්පු කරන තුරු ඒ ලේඛනයේ සඳහන් කරුණු පිළිබඳව, බැලු බැල්මට පෙනෙන සාක්‌ෂියක්‌ විය යුතු ය.

25 – (2) (1) වන උප වගන්තියේ සඳහන් ලේඛනයක්‌ ව්‍යාජ ලේඛනයක්‌ බවට හෝ එවැනි ලේඛනයක සඳහන් අත්සනක්‌ ව්‍යාජ අත්සන් බවට යම් තැනැත්තකු විසින් චෝදනා කරනු ලබන අවස්‌ථාවක, ඒ කාරණාව ඔප්පු කිරීමේ භාරය ඒ තැනැත්තා වෙත පැවරේ.

(3) මේ වගන්තියේ කාර්ය සඳහා ‘ලේඛනය’ යන්නට යම් ලිපිගොනුවක්‌, නියමයක්‌, විධානයක්‌, වාර්තාවක්‌ හෝ වෙනත් එවැනි අදාළ ලියවිල්ලක්‌ ඇතුළත් වේ.

යම් අනනුකූලතාවක්‌ ඇති වූ විට සිංහල භාෂා පාඨය බලපැවැත්විය යුතු බව.

30 – 15. මේ පනතේ සිංහල හා දෙමළ භාෂා පාඨ අතර යම් අනනුකූලතාවයක්‌ ඇතිවුවහොත්, එවිට සිංහල භාෂා පාඨය බලපැවැත්විය යුතු ය.

අර්ථ නිරූපණය.

16. පද සම්බන්ධයෙන් අන්‍යාර්ථයක්‌ අවශ්‍ය වුවහොත් මිස –

”භික්‌ෂූන් වහන්සේ” යන්නට, (318 වන අධිකාරය වූ) බෞද්ධ විහාර දේවාලගම් ආඥ පනත යටතේ ඊට ලබා දී ඇති අර්ථය ම ඇත්තේ ය;

10 – 5 – ”විහාරස්‌ථානය” යන්නෙන්, බුදුන් වහන්සේගේ ඉගැන්වීම්වලට අනුකූලව පිහිටුවනු ලැබූ යම් චෛත්‍යයක්‌, ස්‌ථූපයක්‌, සංඝාවාසයක්‌ හෝ ”ශාරීරික”, ”පාරිභෝගික”, ”උද්දේශික” යන ත්‍රිවිධ ස්‌ථූපවලින් එකක්‌ හෝ දෙකක්‌ හෝ ඒ තුන ම හෝ පොදු මහජනතාව විසින් ගරු කරන සහ වැඳුම් පිදුම් කරනු ලබන සහ පොදු ස්‌ථානයක පිහිටි බෞද්ධ සිද්ධස්‌ථානයක්‌ හෝ අදහස්‌ වේ;

”පාර්ශ්වය” යන්නෙන්, ශ්‍රී ලංකාවේ ථේරවාදී භික්‌ෂු නිකාය තුනෙන් යම් එක්‌ නිකායක්‌ යටතේ පිහිටුවන ලද යම් පාර්ශ්වයක්‌ අදහස්‌ වේ;

15 – ”කොමසාරිස්‌ ජනරාල්වරයා” යන්නෙන්, බෞද්ධ කටයුතු පිළිබඳ කොමසාරිස්‌ ජනරාල්වරයා අදහස්‌ වේ;

”කාරක සංඝ සභාව” යන්නෙන්, ථේරවාදී භික්‌ෂු නිකායේ හෝ පාර්ශ්වයෙA පරිපාලන කාර්ය සඳහා තෝරා පත්කරගනු ලබන සංඝ කමිටුව අදහස්‌ වේ;

20 – ”කතිකාවත” යන්නට, කතිකාවතකට කරනු ලබන යම් සංශෝධනයක්‌ ද ඇතුළත් වේ;

”අමාත්‍යවරයා” යන්නෙන්, බෞද්ධ කටයුතු විෂය පවරා ඇති අමාත්‍යවරයා අදහස්‌ වේ;

25 – ”ලේඛකාධිකාරී ස්‌වාමීන්වහන්සේ” යන්නෙන්, යම් පාර්ශ්වයක හෝ නිකායක කාරක සංඝ සභාවේ සාමාජික ස්‌වාමීන් වහන්සේ නමක වන ඒ නිකායේ හෝ පාර්ශ්වයේ ලේකම් ස්‌වාමීන් වහන්සේ හෝ සමලේකම් ස්‌වාමීන් වහන්සේ අදහස්‌ වේ;

5 – ”ථෙAරවාදී භික්‌ෂු නිකාය” යන්නෙන්, ”ශ්‍යාමෝපාලි මහා නිකාය,” ”ශ්‍රී ලංකා අමරපුර මහා නිකාය” සහ ”ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකාය” වශයෙන් ථෙAරවාද සම්ප්‍රර්යට අනුකූලව ශ්‍රී ලංකාවේ සම්මත සහ පිළිගනු ලබන තුන් නිකායයන් අදහස්‌ වේ.

යුද්ධය අවසන් කළ නායකයා දැන් කොමිෂන් ගානේ රස්‌තියාදු වෙනවා

යුද්ධය අවසන් කළ නායකයා
දැන් කොමිෂන් ගානේ රස්‌තියාදු වෙනවා
-විමල් වීරවංශ

උදේශ සංජීව ගමගේ

ප්‍රංශයට පසුගියදා එල්ල කළ ප්‍රහාරයෙන් පසු දැන් මහින්ද රාජපක්‍ෂ වැනි නායකයකු හොයනවා. ඒත් තිස්‌ අවුරුද්දක යුද්ධය අවසන් කළ නායකයා දැන් උසාවි ගානේ, කොමිසම් ගානේ රස්‌තියාදු වෙනවා.

කොලොන්නාවේදී ජාතික නිදහස්‌ පෙරමුණේ පාක්‍ෂිකයන් පිරිසක්‌ අමතමින් පක්‍ෂ නායක විමල් වීරවංශ එසේ පැවසීය.

මහින්ද රාජපක්‍ෂ මහතාගේ උපන්දිනය 18 වැනිදාට යෙදී තිබෙනවා. ඊට පසුවදා ඔහු උසාවියට කැඳවා තිබෙනවා. ඒ කේක්‌ ගෙඩියක්‌ කපන්නද දන්නේ නැතැයිද ඔහු වැඩිදුරටත් පැවසීය.

 

සම්බන්දන් විපක්‍ෂ නායක කිරීම ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම උඩු යටිකුරු කිරීමක්‌

සම්බන්දන් විපක්‍ෂ නායක කිරීම
ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම උඩු යටිකුරු කිරීමක්‌
ප්‍රවීණ දේශපාලන විචාරක ආචාර්ය දයාන් ජයතිලක

සම්බන්දන් මහතා විපක්‍ෂ නායකයා ලෙස පත් කිරීම මේ රටේ මහජන වරම සහ ස්‌වාධිපත්‍යය සහමුලින්ම උල්ලංඝනය කරමින් ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම උඩුයටිකුරු කිරීමක්‌. ඔහුට මේ තනතුර ලබාදීම දෙස මා බලන්නේ ජනවාර්ගික ප්‍රිස්‌මයක්‌ තුළින් නෙමෙයි.

1977 දී අමිර්තලිංගම් මහතා විපක්‍ෂ නායක තනතුර දැරූ නමුත් ඒ අවස්‌ථාවේ ටී.එන්.ඒ. සංවිධානයට ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයට වඩා ආසන සංඛ්‍යාවක්‌ හිමිව තිබුණා. නමුත් අද ටී.එන්.ඒ. සංවිධානයට ශ්‍රීලනිපයට වඩා ආසන ප්‍රමාණයක්‌ හිමි වී නෑ. මේ රටේ ජනතාව මේ මහ මැතිවරණයේදී ඡන්දය දුන්නේ සාපේක්‍ෂ වශයෙන් දුබල ආණ්‌ඩුවක්‌ සහ ප්‍රබල විපක්‍ෂයකටයි. ජනතාවගේ මනාපය එයයි. නමුත් ඒ ජන මතය උල්ලංඝනය කරමින් ශ්‍රීලනිපයේ පිරිසක්‌ එක්‌සත් ජාතික පක්‍ෂයට ප්‍රදානය කරනු ලැබුවා. එහි ප්‍රතිඵලයක්‌ විදිහට කිසියම් හිදැසක්‌ සහ අවුල් වියවුල් භාවයක්‌ ද නිර්මාණය කෙරුණා.

ඒ නිර්මාණය කරන ලද හිදැස තුළට ටී.එන්.ඒ. සංවිධානය රිංගවලා තියෙනවා. නමුත් ශ්‍රීලනිපයේ ආසන 95 ඉතාම පැහැදිලිව ටී.එන්.ඒ. හි ආසන 16 ට වඩා විශාලයි. ශ්‍රීලනිපයේ ආසන 95 න් කිසියම් ප්‍රතිශතයක්‌ ආණ්‌ඩුවට එකතු වුණත් මන්ත්‍රීවරු 55 කට වැඩි ප්‍රමාණයක්‌ විපක්‍ෂයේ වාඩිවෙන බව දැනුම් දී තිබෙනවා. ඒ අනුව ශ්‍රීලනිපයේ විපක්‍ෂයේ සිටින මන්ත්‍රීවරු ප්‍රමාණය පවා ටී.එන්.ඒ. මන්ත්‍රීවරු 16 ට වඩා තුන්හතර ගුණයකින් විශාලයි. එවැනි තත්ත්වයක්‌ තුළ ශ්‍රීලනිපය විපක්‍ෂයෙන් ඉවත් කර එම තනතුර ටී.එන්.ඒ. සංවිධානයට බාරදීම මූලික අංක ගණිතයටත් මහජන මතයටත් ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදායටත් සාමාන්‍ය බුද්ධියටත් එරෙහිව යැමක්‌.

ටී.එන්.ඒ. සංවිධානයේ දේශපාලන අතීතය මොහොතකට අමතක කරමු. නමුත් ජුලි 25 දා ටී.එන්.ඒ. සංවිධානය මෙවර මහමැතිවරණ ව්‍යාපාරය ආරම්භ කළ උතුරු වලිකාමම්හි පැවැති රැස්‌වීමේ මුලසුන හෙබවූයේ මේ විපක්‍ෂ නායකකම හිමිකර ගෙන සිටින සම්බන්දන් මහතාමයි. ඒ රැස්‌වීමේ ආරම්භයේ සිට අවසානය දක්‌වා සියලු කථිකයන් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළේ තමන්ගේ අසහාය නායකයා වේළුපිල්ලේ ප්‍රභාකරන් බවයි. එය ප්‍රකාශ වුණු හැම මොහොතකම රැස්‌ව සිටි දහස්‌ සංඛ්‍යාත පිරිස විසිල් ගසමින් නැටූහ. ටී.එන්.ඒ. සංවිධානයේ මන්ත්‍රීවරු අතරින් වැඩිම මනාප ප්‍රමාණයක්‌ අත්කර ගෙන සිටින ශ්‍රීධරන් මන්ත්‍රීවරයා ප්‍රසිද්ධියේ ප්‍රභාකරන් වන්දනා කරන පුද්ගලයෙකි. ප්‍රභාකරන් වීරයෙක්‌ ලෙස පැහැදිලිවම සලකන ටී.එන්.ඒ. සංවිධානයට විපක්‍ෂ නායකකම ප්‍රදානය කිරීම වරදක්‌ කළ පුද්ගලයකුට වැදගත් තිළිණයක්‌ දීම හා සමානය. එය අතිශයින්ම අමනෝඥ ක්‍රියාවකි.

ටී.එන්.ඒ. සංවිධානයේ මැතිවරණ ප්‍රකාශනය කරුණු 4 කින් සමන්විතයි. දෙමළ ජනතාවට ස්‌වයං තීරණ අයිතිය හිමිවන බව, උතුරු නැඟෙනහිර දෙපළාත වහාම නිත්‍ය වශයෙන් එකතු කළ යුතු බව, ඒකීය රාජ්‍ය ක්‍රමය වෙනුවට පෙඩරල් රාජ්‍ය ක්‍රමයක්‌ ඇති කළ යුතු බව සහ ලංකාවේ හමුදාව විසින් සිදුකළා යෑයි කියන යුද අපරාධ සෙවීමට ජාත්‍යන්තර පරීක්‍ෂණයක්‌ අවශ්‍ය බව එම කරුණු 4 යි. ඊට අමතරව ශක්‌ති රූපවාහිනී නාලිකාව සමඟ ටී.එන්.ඒ. මන්ත්‍රී සුමන්තිරන් මහතා සහ ඊ.පී.ඩී.පී. මන්ත්‍රී ඩග්ලස්‌ දේවානන්ද මහතා අතර පැවැති උණුසුම් විවාදයේදී සුමන්තිරන් මහතා කියා සිටියේ එක්‌සත් ජාතික පෙරමුණ සහ ටී.එන්.ඒ. සංවිධානය අතර ලිත නොවන දේශපාලන එකඟත්වයක්‌ ඇති බවත් ඒ එකඟත්වයට ඉන්දියානු අගමැති මෝදි මහතාගේ සහයෝගයත් ලැබී ඇති බවත් ය. සුමන්දිරන් මහතා පැවසුවේ ඒ එකඟත්වය වනාහි මහ මැතිවරණයෙන් පසු එක්‌සත් ජාතික පෙරමුණ විසින් අලුත් ව්‍යවස්‌ථාවක්‌ රටට ගෙනැවිත් ඒකීය සංකල්පය හලන බවත් ය. රටේ මූලික ව්‍යවස්‌ථාවේ සඳහන්ව ඇති ශ්‍රී ලංකා රාජ්‍යයේ ව්‍යුහය වන ඒකීය රාජ්‍ය ක්‍රමයට එරෙහි වන සංවිධානයකට විපක්‍ෂ නායකකම භාර දීම කෙතරම් වගකීම් විරහිත ක්‍රියාවක්‌ද?

මහා බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව කිසි දිනක ස්‌කොට්‌ලන්ත ජාතික පක්‍ෂයට විපක්‍ෂ නායකකම බාර දෙන්නේ නෑ. ඒ තනතුර ලැබෙන්නෙ කම්කරු පක්‍ෂයට, කන්සවේටිව් පක්‍ෂයට හෝ ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්‍ෂයටයි. අපේ රටේ මේ කර තිබෙන්නේ පනින රිලවුන්ට ඉණිමං බඳින ගමන් ම උන් අතට දැළි පිහියකුත් දීමයි.

විපක්‍ෂය යනු ආණ්‌ඩුවේ වැරදි හෙළිදරව් කරන පක්‍ෂයක්‌. නමුත් ටී.එන්.ඒ. සංවිධානය ආණ්‌ඩුව වැරදි දිශාවට තල්ලු කරන ස්‌ථාවරයක්‌ සහිත පක්‍ෂයක්‌. එක්‌ අතකින් ඔවුන් ආණ්‌ඩුවේ සගයන් ලෙස ජනවාරි 8 වැනිදා සිට කටයුතු කර ඇති අතර අනෙක්‌ අතට ඔවුන් ආණ්‌ඩුවට පක්‍ෂවන ගමන් රාජ්‍ය ව්‍යුහයට එරෙහි වෙති. එයට හේතුව පෙඩරල් ක්‍රමයක්‌ ගැන කතා කිරීමට පමණක්‌ නොව ලෝකයේ අනෙක්‌ පෙඩරල් රටවල්වල නැති එක ප්‍රදේශයක හා එක ජනවර්ගයක ජාතික ස්‌වයං තීරණ අයිතියක්‌ ගැන ඒ සමඟම කතා කරන නිසාය. එවැනි පක්‍ෂයකට විපක්‍ෂ නායකකම බාරදීමෙන් සිදුවන්නේ මෙම විපක්‍ෂ නායකකම කවදා හෝ අහිමි කළත් හිටපු විපක්‍ෂ නායක තත්ත්වය අමිර්තලිංගම්ට හිමි වූවා සේ මොවුන්ටත් හිමි වී ලෝකය පුරා ගමන් කර ඔවුන්ගේ ප්‍රදේශවලින් ඔවුන් ලද ජනවරම ක්‍රියාත්මක කිරීමට විශාල රුකුලක්‌ සැපයීමයි.

සාකච්ඡා කළේ –
පාලිත සේනානායක

Categories

Balawegaya Flickr Photos

Different countries have visited this site

Free counters!