//

විජාතීන් අපට සලකන හැටි

This category contains 35 posts

‘පෙට්ටිය ගෙට ගන්න බෑ’

‘පෙට්ටිය ගෙට ගන්න බෑ’

අරාබි ගියේ ගේ හදාගන්න

2012 නොවැම්බර් මස 30 | කාංචන කුමාර ආරියදාස

source:

සීගිරිය කිඹිස්සෙන් වසර හතරකට පෙර සෞදි අරාබියේ රැකියාවකට ගිය එම්. සමන්ති (34) එක්දරු මව යළි ගෙදර ආවේ පෙට්ටියෙනි. මරණයට හේතුව නොදනී. ඇගේ දේහය බහාලූ පෙට්ටිය තැබීමට ඇගේ කටුමැටි ගෙට ගැනීමට නොහැකි විය. අසල්වැසි ගෙයක පෙට්ටිය තැබීමට සිදුවිය.

ඇගේ සැමියා වන එම්.ජී. තිලක් ආරියරත්න මහතා කියනුයේ බිරිය රට ගිය පසු එක් මාසයක සල්ලි ලැබුණු බවයි.

අනේ අම්මේ අපි සිංහල වෙලා ඉපදුන කරුමෙද කෝහෙදෝ අපේ පාර්ලිමේන්තුවේ ඉන්න සරම අදින රජවරුන් කියන්නේ අපිව මරන්න ආව කොටි පුන්රුප්තපනය කරන්න ඔන්නේලු උන් පවුලු. ගෙවල්, පාරවල් හදලා දී ලා , බෝග ටිකක්  වවා ගන්න ඉඩම් එහෙම ජයටම බෙදා දෙන්න ඕනෙලු. නැත්නම් උන් අයෙත් කොටි වෙයිලු . ජාතියන්ටරේ ට කියනවා. අපි හොදින් වර්ගවාදයක් නැතිව රටේ ඉන්න, බලයෙන් සිංහල රෙද්ද අස්සේ රිංගපු අයටත් මයිත්රියෙන් සලකනවා කියල. අනේ අපොයි මේ වගේ අහස පොලව නුහුලන අපරාධ. නුබ මේ රටේම ඉපදිලා ලෝකයේ වෙනත් රටකට යන්න තරම් දුප්‍පත්  උනේ අර කොටි කියන ජරා සත්තු කරපු කෙහෙල් මල් ඉලා ම් යුද්ධය නිසා. නුබ  දරුවාගේ හා තම ස්වාමියාගේ  කුස පිරවීමට ගොස් අද අවසන් ගමන් ගොස්ය. නුබ ගිය රටේ සිටින සමහර තිරිසන්නු ඔය දේම දැනට 500 යකට නො අඩු  පිරිසකට කර ඇත. සරමේ රජවරු මේවා  ගැන කතා නොකරයි. අනේ අම්මේ උබලවයි අපිවයි පුනුරුප්තපනය හෝ රැක බලාගන්න කව්රුත් නැ වගේ. මේ අව නඩු කාට කියන්නද. බුදුන් වැඳ නුබ හට අද දින නිවන් සුව ප්‍රර්ථනා කරමු.

-හදවත පැරුණු ගම්  වැසියෝ –

Ban to act on UN report on UN’s actions

Ban to act on UN report on UN’s actions

Friday, 16 November 2012 00:10 source:
Ban Ki-moonAfter receiving the United Nations report on the world body’s actions during the final months of the 2009 war in Sri Lanka and its aftermath, UN Chief Ban Ki-moon said that, as an immediate first step, he would organise a senior-level team to give “careful consideration” to the report’s recommendations and advise him on the way forward.

“Other action will follow in short order,” he said.

Mr. Ban, in a statement, voiced his resolve for the world body to learn from its findings in order to better serve humanity, especially people caught in conflict.
“This finding has profound implications for our work across the world, and I am determined that the United Nations draws the appropriate lessons and does its utmost to earn the confidence of the world’s people, especially those caught in conflict who look to the Organization for help,” he added.

The report was produced by an Internal Review Panel, in the wake of recommendation made by another body, the Secretary-General’s Panel of Experts, which he established in 2010 to advise him on measures to advance accountability following the war’s conclusion.

The Panel of Experts’ report raised a number of issues, including those regarding the UN response to the situation facing civilians in the north of Sri Lanka in the last months of the war. It recommended “a comprehensive review of action by the United Nations system during the war in Sri Lanka and the aftermath, regarding the implementation of its humanitarian and protection mandates” – which, in turn, led to the internal UN review.

While the Panel’s report also recognizes initiatives taken by the United Nations in the wake of the war to prevent a similar breakdown, the top UN official said he was “fully committed to ensuring that we do much more.”

Related link

තමිල්නාඩුවේදී ශ්‍රී ලාංකිකයන්ට එල්ලවන ප්‍රචණ්‌ඩත්වය නැවැත්වීමට ඉන්දීය රජය වහාම මැදිහත් විය යුතුයි

තමිල්නාඩුවේදී ශ්‍රී ලාංකිකයන්ට එල්ලවන
ප්‍රචණ්‌ඩත්වය නැවැත්වීමට ඉන්දීය රජය
වහාම මැදිහත් විය යුතුයි

– ජානිපෙ නායක ඇමැති විමල් විරවංශ

අකිත පෙරේරා source:

දකුණු ඉන්දියාවේදී ශ්‍රී ලාංකිකයන්ට එරෙහිව මතුවන ප්‍රචණ්‌ඩත්වය නැවැත්වීමට ඉන්දීය මධ්‍යම රජය වහාම මැදිහත්විය යුතු බවත් ඒ සඳහා මැදිහත් නොවන්නේ නම් එම ප්‍රචණ්‌ඩත්වය සඳහා මධ්‍යම රජයේ අනුමැතියද හිමිවන බව පෙනී යන්නේ යෑයි ජාතික නිදහස්‌ පෙරමුණේ නායක ඇමැති විමල් වීරවංශ මහතා පැවසීය.

ඒ මහතා එසේ ප්‍රකාශ කළේ බත්තරමුල්ලේ පිහිටි ජා.නි.පෙ. ප්‍රධාන කාර්යාලයේදී ඊයේ (04 දා) පැවැති මාධ්‍ය හමුවේදීය. එහිදී වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ වීරවංශ මහතා මෙසේද කීය.

දකුණු ඉන්දියාවට යන ශ්‍රී ලාංකිකයන් නැවත හරවා එවනවා, පසුගිය දිනවල අපි මාධ්‍යය මගින් දුටුවා. මෙය ඉතාම කනගාටුදායක තත්ත්වයක්‌. රාජ්‍ය මට්‌ටමේ අනුග්‍රහයක්‌ නැතිනම් දකුණු ඉන්දියාවේදී

ශ්‍රී ලාංකිකයන්ට එරෙහිව මෙතරම් ප්‍රචණ්‌ඩත්වයක්‌ එල්ල වන්නේ නැහැ.

දිගින් දිගටම එල්ලවන මෙම බලපෑම පිළිබඳව ඉන්දීය මධ්‍යම රජය කිසිදු පියවරක්‌ මේ වන තෙක්‌ නොගැනීම පිළිබඳව ශ්‍රී ලාංකීය ජනතාවගේ අප්‍රසාදය ඉන්දියාව කෙරෙහි එල්ල වී තිබෙනවා.

විශේෂයෙන්ම අපි දුටුවා පාසල් පාපන්දු කණ්‌ඩායමක්‌ පසුගිය දිනෙක හරවා එවා තිබුණා. ඔවුන් ක්‍රීඩා කරමින් සිටියදීයි එය සිදුවී තිබෙන්නේ. ඒ වගේම වන්දනාවේ ගිය පිරිස්‌වලට වගේම පුහුණුව සඳහා ගිය හමුදා සෙබළුන්ටත් බලපෑම් එල්ල වෙනවා.

මේ ආකාරයට ඉන්දියානුවන්ට එරෙහිව ශ්‍රී ලාංකිකයන් ප්‍රචණ්‌ඩත්වයක්‌ මුදාහරින්න වුවහොත් මොකද වෙන්නේ. තමිල්නාඩුවේ සිටින මෝඩ දේශපාලනඥයන් ඇයි මේවා ගැන කල්පනා නොකරන්නේ මේ විධියට දිගින් දිගටම දකුණු ඉන්දීය බලපෑම් හමුවේ මෙහි සිටින ඉන්දියානුවන්ට යම් එරෙහිවීමක්‌ සිදු වුවහොත් එහි වගකීම බාර ගන්නේ කව්ද?

අද ශ්‍රී ලංකාව නිදහසේ හුස්‌ම ගන්නා රටක්‌. අතීතයේ දී ශ්‍රී ලංකා වාසීන්ට එරෙහිව ප්‍රචණ්‌ඩත්වය දියත් වුණේ මේ දකුණු ඉන්දියාවෙන්ම තමයි. මොකද දකුණු ඉන්දියාවෙන්ම තමයි මේ රටේ තිබුණු ත්‍රස්‌තවාදය පෝෂණය කළේ. ඒ නිසා අදටත් මේ එල්ලවන ප්‍රචණ්‌ඩත්වය ඉවසිය හැකි තත්ත්වයක්‌ නොවේ.

දකුණු ඉන්දියාව අද සංවිධානාත්මකව ශ්‍රී ලංකාවට එරෙහිව මතුවන ප්‍රචණ්‌ඩත්වය වහාම නතර කළ යුතුයි. එය එසේ නතර නොකළහොත් එම ප්‍රචණ්‌ඩත්වය දියත් වන්නේ ඉන්දීය මධ්‍යම රජයේ අනුමැතිය ඇතිවයි.

ශ්‍රී ලංකා විරෝධීන්ට එරෙහිව ඉන්දීය රජය ක්‍රියා නොකිරීම ගැන කනගාටුයි

ශ්‍රී ලංකා විරෝධීන්ට එරෙහිව ඉන්දීය
රජය ක්‍රියා නොකිරීම ගැන කනගාටුයි

– ඕමල්පේ සෝභිත හිමි

ප්‍රභාත් විතාන source:

වසර දහස්‌ ගණනක සිට පැවතෙන ශ්‍රී ලංකා ඉන්දීය ඓතිහාසික මිතුදම බිඳ දැමීමට කටයුතු කරන ශ්‍රී ලංකා විරෝධීන්ට එරෙහිව ඉන්දීය රජය මෙතෙක්‌ කිසිදු ක්‍රියාමාර්ගයක්‌ නොගැනීම කනගාටුවට කරුණක්‌ යෑයි ජාතික හෙළ උරුමය නායක ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියෝ ප්‍රකාශ කළහ.

තමිල්නාඩුව යනු ඉන්දියාවේම ප්‍රාන්තයක්‌ බවත් එබැවින් මේ සම්බන්ධව වහා මැදිහත්වීම ඉන්දීය මධ්‍යම රජයේ තමිල්නාඩුවේද වගකීමක්‌ බවත් සෝභිත හිමියෝ පැවසූහ.

මෙලෙස දිගින් දිගටම මෙම තත්ත්වය වර්ධනය වුවහොත් ශ්‍රී ලංකා ඉන්දීය මිතුදමට මෙන්ම දෙරටේ සංචාරක කර්මාන්තයටත්, ව්‍යාපාරික ආයෝජනයත් බිඳ වැටීමට හේතුවනු නොඅනුමාන යෑයිද සෝභිත කියා සිටියහ.

එබැවින් මේ පිළිබඳව සොයා බලා මින් ඉදිරියට මෙවැනි අවාසනාවන්ත සිදුවීම් නොවීමටත් ඉන්දියාවේ සංචාරය කරන ශ්‍රී ලාංකකයන්ගේ ආරක්‍ෂාව තහවුරු කරන ලෙසටත් අප ඉන්දීය මධ්‍යම රජයට බල කර සිටින බවත් කී උන් වහන්සේ මේ සම්බන්ධව ශ්‍රී ලංකා රජය හා ඉන්දීය රජය අතර රාජතාන්ත්‍රික සාකච්ඡා වහා ආරම්භ කරන ලෙසට ඉතා ඕනෑ කමින් ඉල්ලා සිටින බවත් පැවසූහ.

වේලක්‌කන්නි වන්දනාවට ගිය ශ්‍රී ලාංකිකයන් රැගත් බස්‌ 7කට ‘තමිල්නාඩු කොටි’ පහර දෙති

වේලක්‌කන්නි වන්දනාවට ගිය
ශ්‍රී ලාංකිකයන් රැගත් බස්‌ 7කට
‘තමිල්නාඩු කොටි’ පහර දෙති

චතුර පමුණුව – ලසිත දුමින්ද source:

ට්‍රිචි ගුවන්තොටුපළ බලා එමින් සිටි ශ්‍රී ලාංකිකයන් රැගත් බස්‌රථ හතකට තමිල්නාඩුවේ කොටි හිතවාදීන් විසින් ප්‍රහාර එල්ල කර ඇත. මොවුන් කළු කොඩි ඔසවාගෙන බස්‌රථවලට පහර දී ඇත. මෙම ප්‍රහාරය එල්ල වී ඇත්තේ ඊයේ (4 දා) සවස්‌ වරුවේය.

මෙම බස්‌රථ ප්‍රහාරයට ලක්‌වී ඇත්තේ කට්‌ටූර් ප්‍රදේශයේදීය. එම බස්‌රථවල ශ්‍රී ලාංකිකයන් 178 ක්‌ ගමන් කර ඇති අතර එයින් 76 ක්‌ කාන්තාවෝ සහ 36 ක්‌ දරුවෝ වෙති.

කොටි හිතවාදීන්ගේ තර්ජන නිසා විශේෂ ශ්‍රී ලන්කන් ගුවන් යානයකින් යළි මව්බිමට ඒමට ටි්‍රචි ගුවන්තොටුපළ බලා පැමිණි ශ්‍රී ලාංකිකයන් රැගත් බස්‌රථ මෙලෙස ප්‍රහාරයට ලක්‌ව ඇත.

මෙම පිරිස වේලක්‌කර්නි දේවස්‌ථානය වන්දනා කිරීම සඳහා ගිය ශ්‍රී ලාංකික බැතිමත්හු වෙති.

මේ අතර ඊයේ (4 දා) පෙරවරුවේ වේලක්‌කර්නි කතෝලික දේවස්‌ථානය වන්දනාමාන කිරීමට ගිය ශ්‍රී ලාංකික බැතිමතුන් 180 දෙනකු ද කොටි හිතවාදීන්ගේ තර්ජනයට හා විරෝධයට ලක්‌වී ඇත.

මේ තර්ජන නිසාම ශ්‍රී ලාංකිකයිනට තමිල්නාඩුවේ සංචාරය කිරීමෙන් වළකින ලෙස විදේශ අමාත්‍යාංශය මගින් දැනුම් දීමක්‌ කර තිබිණි.

පෙරේදා (03 දා) දිනයේ තන්ජමාර් කතෝලික දේවස්‌ථානය වන්දනාමානය සඳහා ගිය ශ්‍රී ලාංකිකයන් පිරිසකට ද එල්. ටී. ටී. ඊ. හිතවාදීන්ගේ විරෝධය නිසා දේවස්‌ථානයේ රැකවරණ සලසා ගැනීමට සිදුවිය.

තමිල්නාඩු මහ ඇමැතිනී ජයලලිතා ජෙයරාම් චෙන්නායි හි නේරු ක්‍රීඩාංගණයේ සුහද තරගයකට ගිය ශ්‍රී ලාංකික පාසල් පාපන්දු පිලක්‌ ද හරවා එවීමට කටයුතු කිරීමත් සමඟ මේ ශ්‍රී ලංකා විරෝධය උත්සන්න විය.

ටි්‍රචි ගුවන් තොටුපළට එමින් තිබූ මෙම බස්‌රථවලට පහර දුන් කොටි හිතවාදීන් දෙදෙනකු පොලිස්‌ අත්අඩංගුවට ගෙන ඇත.

තමිල්නාඩුවේදී සිදුවන හිරිහැර ගැන පියවර ගන්න

තමිල්නාඩුවේදී සිදුවන හිරිහැර ගැන පියවර ගන්න
– රජය ඉන්දියාවෙන් ඉල්ලයි

කීර්ති වර්ණකුලසූරිය

ශ්‍රී ලාංකික බෞද්ධ හා ක්‍රිස්‌තියානි වන්දනාකරුවන්ට තමිල්නාඩුවේදී සිදුවන අතවර සම්බන්ධයෙන් නිසි පියවර ගන්නැයි ශ්‍රී ලංකා රජය ඊයේ (4 දා) ඉන්දීය බලධාරීන්ගෙන් ඉල්ලා ඇත.

ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා විසින් සැප්තැම්බර් 21 වැනිදා සාංචියට යැම ගැනද තමිල්නාඩුවේ කොටි හිතවාදීන් වූ වයිකෝ සහ තොල් තිරුමාවලන් විසින් තර්ජනාත්මක ප්‍රකාශ කර ඇතැයි රජයට වාර්තා වී තිබේ.

මේ අතර ටි්‍රචිහිදී ශ්‍රී ලාංකික වන්දනාකරුවන්ට පහර දීම ගැන ශ්‍රී ලංකා රජය විසින් චෙන්නායිහි ශ්‍රී ලංකා නියෝජ්‍ය කොමසාරිස්‌ කාර්යාලයෙන් වාර්තාවක්‌ ඉල්ලා ඇත.

මේ වනවිට තමිල්නාඩුවේදී ශ්‍රී ලාංකික කණ්‌ඩායම් හයකට හා හමුදා නිලධාරී කණ්‌ඩායම් හතරකට කොටි හිතවාදීන්ගේ අතවරවලට මුහුණදීමට සිදුවී ඇත.

පන්සලට අයත් ඉඩම් අක්කර 18 000 ඇතුලේ කිසිදු පල්ලියක් කෝවිලක් හදන්න දෙන්නේ නෑ

පන්සලට අයත් ඉඩම් අක්කර 18 000 ඇතුලේ කිසිදු පල්ලියක් කෝවිලක් හදන්න දෙන්නේ නෑ

April 28, 2012  source:

 

දඹුල්ල පූජා භූමියේ අලුත්ම තත්ත්වය පිළිබඳ සිංහල රාවය විසින් රංගිරි දඹුලූ රජමහා විහාරයේ විහාරාධිකාරී හා රංගිරි දඹුලූ සංඝ සභාවේ මහානායක අති පූජ්‍ය ඉනාමලුවේ  ශ‍්‍රී සුමංගල නාහිමියන්ගෙන් විමසීමක් කරන ලදී. එහිදී උන්වහන්සේ පවසා සිටියේ තමන් වහන්සේ ඇතුළු ශාසනමාමක බෞද්ධ ජනතාව නිහඩව බලා සිටින්නේ පූජාභූමිය සම්බන්ධයෙන් ආණ්ඩුව විසින් ලබා දුන් තීන්දු තීරණ ක‍්‍රියාත්මක කරන තෙක් බවයි. එනිසා එකිනෙකා හිතූ  මතේට සිදු කරන ප‍්‍රකාශ සම්බන්ධයෙන් කිසි කෙනෙක් කලබල වියයුතු නැති බවත් තමන් වහන්සේ දඹුලූ ගල සේ නොසෙල් වී සිය ස්ථාවරයේ සිටින බව පවසා සිටියහ. එමෙන්ම රාජ රාජ මහා මාත්‍යාදීන් විසින් විහාරස්ථානයට පූජා කරන ලද අක්කර 18000ක භූමි ප‍්‍රදේශය තුළ කිසිදු අන්‍යාගමික මධ්‍යස්ථානයක් ඉදිකිරීමට ඉඩ නොදෙන බවද උන්වහන්සේ දැඩි සේ පවසා සිටියහ.

මහනුවරදී අද සත්‍ය ක්‍රියාවක්‌

මහනුවරදී අද සත්‍ය ක්‍රියාවක්‌

සිරිල් විමලසුරේන්ද්‍ර
source:
එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය ඉදිරියේ අද (27 වැනිදා) ශ්‍රී ලංකාවට එරෙහි වන අභියෝගයෙන් ශ්‍රී ලංකාවටත් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ප්‍රමුඛ රජයටත් ජය ප්‍රාර්ථනා කරමින් ශ්‍රී දළදා මාළිගාව ඉදිරිපිටදී අද (27 වැනිදා) පෙරවරුවේ මහා සංඝරත්නය සත්‍ය ක්‍රියාවක යෙදීමට නියමිතය.

සියම් මහා නිකායේ අස්‌ගිරි පාර්ශ්වයේ අතිපූජ්‍ය මහා නායක උඩුගම ශ්‍රී බුද්ධරCත ස්‌වාමින්ද්‍රයන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් සත්‍යක්‍රියාව පැවැත්වෙයි.

මල්වතු පාර්ශ්වයේ අතිපූජ්‍ය මහා නායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල ස්‌වාමින්ද්‍රයන් වහන්සේ නියෝජනය කරමින් අතිපූජ්‍ය අනුනායක දිඹුල්කුඹුරේ විමල බුද්ධි ස්‌වාමින්ද්‍රයන් වහන්සේ ඊට වැඩම කරවති.

මධ්‍යම පළාත් ආණ්‌ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව, මධ්‍යම පළාත් ප්‍රධාන ඇමැති සරත් ඒකනායක යන මහත්වරු ප්‍රමුඛ පළාත් මැති ඇමැතිවරු ඇතුළු පිරිසක්‌ මෙම අවස්‌ථාවට සහභාගි වෙති.

සත්‍යක්‍රියාවෙන් පසුව මහනුවර හින්දු කෝවිල සහ මුස්‌ලිම් දේවස්‌ථානය ඇතුළු පූජනීය ස්‌ථානවලදී වතාවත් පැවැත්වීමට ද පිරිස එක්‌වෙති.

මේ අතර ශ්‍රී ලංකාවට ජයග්‍රහණයත් ශ්‍රී ලංකාවට එරෙහි වූ එල්.ටී.ටී.ඊ. සංවිධානය ඇතුළු ජාතික සහ ජාත්‍යන්තර සංවිධානවලට විරෝධයත් පළකරන උද්ඝෝෂණ මහනුවර ස්‌ථාන කීපයකදී පැවැත්වීමට නියමිතව තිබේ.

කතරගම බෝම්බය ජනපති ඝාතනයට සැකකරු උණවටුණෙන් අල්ලයි

කතරගම බෝම්බය ජනපති ඝාතනයට

සැකකරු උණවටුණෙන් අල්ලයි

source:

කතරගම මුස්ලිම් විශ්‍රාම ශාලාවේ රෙදි සෝදන යන්ත්‍රයකින් පසුගිය 31 වැනිදා සොයාගත් මරාගෙන මැරෙන බෝම්බ ඇඳුම් කට්ටලය 2007 වසරේ දී එහි ගෙනවුත් ඇත්තේ මහින්ද රාජපක්ෂ ඝාතනයට බව රහස් පොලීසියට තොරතුරු ලැබී තිබේ.

2007 සිට වසර තුනක් එම විශ්‍රාම ශාලාවේ සේවය කළ සාදිප් නම් තරුණයකු ගාල්ල උණවටුනේ කාර් සේල් පොලකින් සැකපිට අත්අඩංගුවට ගැනීමෙන් පසු සියලු තොරතුරු හෙලිවී ඇත. මුස්ලිම් නමකින් පෙනී සිටියත් දෙමළ ජාතිකයකු වන ඔහු ලඟ තුබූ ජාතික හැඳුනුම්පතද ව්‍යාජ ලෙස හදා ඇතැයි පොලීසිය කියයි. ඔහුගේ වයස අවුරුදු 37ක් ලෙස එහි සඳහන් වෙතත් සැබෑ වයස අවුරුදු 26ක් බවත් මන්නාරමේ ඉපැදී බදුල්ල ස්ප්‍රිංවැලියේ වත්තක සේවක කළ බවත් සොයාගෙන ඇත.

කොටි සංවිධානය කතරගමට බෝම්බය එවා ඇති බව ද, ඉලක්කය අසාර්ථක වූ පසු 2010 දී ඔහු කතරගමින් ගාල්ල වරායේ වැඩට යන්නට ඇති බව ද පොලීසිය පවසයි. එහි සිටියදී ඔහු සිංහල තරුණියක සමග යාළු මිත්‍රකම් පවත්වා ඇතැයි ද සොයාගෙන ඇත.

ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාවට ඇමරිකාව සහය දක්‌වනවා

ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාවට
ඇමරිකාව සහය දක්‌වනවා
source:


ඇමරිකානු සහකාර රාජ්‍ය ලේකම් රොබට්‌ බ්ලේක්‌

රොබට්‌ බ්ලෙක්‌ සහ මානව හිම්කම් පිළිබද ඇමරිකානු සහකාර රාජ්‍ය ලේකම්වරියවූ මේරි ඔටෙරෝ

ඇමරිකානු සහකාර රාජ්‍ය ලේකම් රොබට්‌ බ්ලෙක්‌ මානව හිමිකම් පිළිබඳ සහකාර රාජ්‍ය ලේකම්වරිය වූ මේරි ඔටේරෝ පෙරේදා (13) සවස කොළඹ හිල්ටන් හෝටලයේදී දෙස්‌ විදෙස්‌ මාධ්‍ය පාර්ශ්වයන් අමතා ඔවුන් ශ්‍රී ලංකාවට පැමිණියේ මන්ද යන්න ගැන හෙළි කළහ.

මෙහිදී නැඟුණු ප්‍රශ්න හා එම ඇමරිකානු රාජ්‍ය නිලධාරීහු දැක්‌වූ ප්‍රතිචාර මෙසේය.

ප්‍රශ්නය(- උගත් පාඩම් හා සංහිඳියා කොමිසමේ අඩු ලුහුඬුකම් තිබෙන බවට ප්‍රකාශ වුණා. මේ අඩුලුහුඬුකම් මොනවාද?

පිළිතුර(- උගත් පාඩම් හා සංහිඳියා කොමිසමේ වාර්තාවෙන් නිසිලෙස යුධ අපරාධ චෝදනා ගැන ආවරණය වී නැහැ. යුධ මෙහෙයුමේ අවසාන සමයේ සිදුවූයේ කුමක්‌ද යන්න දැන ගැනීම වැදගත්. ඒ ගැන විමර්ශනය කිරීමද වැදගත් බව කිව යුතුය.

ප්‍රශ්නය(- ඔබ කියන්නේ මේ කොමිසමේ වාර්තා වගකීම සම්බන්ධවට දැක්‌වෙන්නේ නැතැයි කියාද?

පිළිතුර(- වගකීමට අදාළ කරුණු ගැන එහි දැක්‌වෙන්නේ නැහැ. කෙසේ වෙතත් ශ්‍රී ලංකාවට එල්ල වී ඇති චෝදනා සම්බන්ධව විමර්ශනයක්‌ කිරීමට දේශීය යාන්ත්‍රණය දියත් කළ යුතුය. නොඑසේනම් ජාත්‍යන්තර යාන්ත්‍රණයන් ස්‌ථාපිත කරන ලෙස අපට බලපෑම් එල්ල වෙනවා. එසේම ජිනීවා මානව හිමිකම් සමුළුව වෙත ඉදිරිපත්වන ශ්‍රී ලංකාවට එරෙහිව යෝජනාවට ඇමරිකාවේ සහය ලැබෙනවා. එහිදී කරුණු දක්‌වන්න ශ්‍රී ලංකාවට අවස්‌ථාව හිමිවෙනවා.

ප්‍රශ්නය(- ඇමරිකාව විසින් ශ්‍රී ලංකාවට එරෙහිව අන්තර්ජාතික විමර්ශනයන් කෙරේ යොමු වෙනවාද?

පිළිතුර(- ඇමරිකාව නිරීක්‍ෂණයට ලක්‌වී ඇත්තේ එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුළු යෝජනාව ගැනයි.

ප්‍රශ්නය(- ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාවට ඉන්දියාවේ සහයලැබෙනවාද?

පිළිතුර(- රටවල් කීපයක සහය ලැබෙනවා. මෙම මාධ්‍ය සාකච්ඡාව ඇමතු සහකාර රාජ්‍ය ලේකම් මේරි ඔටෙරෝ කොටි සංවිධානය තහනම් ත්‍රස්‌ත සංවිධානයක්‌ ලෙස පිළිගත් රටවල් අතුරින් එක්‌ රටක්‌ ඇමරිකාව බවත් උගත් පාඩම් හා සංහිඳියා කොමිසම් වාර්තාවේ අඩුලුහුඬුකම් ඇතැයි කියා සිටියාය. බලය විමධ්‍යඝත කිරීම හමුදා ක්‍රියාකාරකම් ඉවත් කිරීම ඇතුළු කරුණු ගැන කොමිසම අවධානය යොමුකර තිබෙනවා. ජනාධිපතිවරයා සමග මා කළ සාකච්ඡාවේදී කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවට එකඟ වුණා. මා එහිදී ලබන මාර්තු මස එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුළුව වෙත යොමුවන යෝජනාවට ඇමරිකාවේ සහය ලැබෙන බව ස්‌ථිර කළා. රජය සියළුම ජන සමූහයාගේ අවශ්‍යතා මැද ක්‍රියාකළ යුතු බවත් මා පැවසුවා, දේශපාලන විසඳුමක්‌ සඳහා දෙමළ සන්ධානය සහ රජය සමග පවතින සබඳතාවයන් ඉතාමත් දුෂ්කරයි. දෙපාර්ශ්වයම විශ්වාසයෙන් යුක්‌තව සාකච්ඡාමය විසඳුමකට එළැඹිය යුතු යෑයි මා ඉල්ලා සිටිනවා යෑයි මේරි ඔටෙරෝ තවදුරටත් සඳහන් කළාය.

මෙම ඇමරිකානු රාජ්‍ය නිලධාරීන් දෙදෙනා ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාවට ඇමරිකාවේ සහය ලැබෙන බව පවසා පැය 24 ක්‌ ගත වීමට මත්තෙන් කොටින් සමග සබඳකම්පවත්වන යුරෝපා පක්‍ෂ පහක්‌ යුරෝපා පාර්ලිමේන්තුව වෙත යෝජනාවක්‌ ගෙන අවුත් එය සම්මත කරගනු ලැබිණි. මේ යෝජනාවේ දැක්‌වූයේ යුධ අපරාධ ගැන විමර්ශනය කිරීමට ජාත්‍යන්තර මානව හිමිකම් කොමිසම විසින් අන්තර් ජාතික විමර්ශනයක්‌ ආරම්භකළ යුතු බවයි.

මේ යෝජනාව ඉදිරිපත් කළ පක්‍ෂ පහ අතුරින් ගි්‍රන් පක්‍ෂයේ නියෝජිතවරිය වූයේ ජර්මනියේ බාමරා ලොහබිලර් නමැත්තියයි.

ඇය විවාහව වී සිටින්නේ හිටපු කැරලිකරුවකු වන රංජිත් හෙන්නායක හෙවත් බඩල්ගම බර්ටි නමැත්තා සමගයි. ශ්‍රී ලංකාවට එරෙහිව චැනල් ෆොa රූපවාහිනි සේවාවට සාවද්‍ය වීඩියෝ පට යෑවූ ජර්මනියේ ඡේ. ඩී. එස්‌. නමැති කොටි හිතවාදී මාධ්‍ය සංවිධානයට සිය ලිපිනය ලබා දුන්නේද මොහු යෑයි හෙළි විය.

ජර්මනියේ ඇමනෙස්‌ට්‌ සංවිධානයේ ප්‍රධානියා ලෙස ක්‍රියා කළ බාබාරා ලොහබිලර්ද ශ්‍රී ලංකාවට එරෙහිව ක්‍රියා කිරීම සඳහා වූ යුරෝපා පාර්ලිමේන්තු යෝජනාවට අත්පත් කිරීමෙන් මෙතෙක්‌ පැළඳගෙන සිටි වෙස්‌මුහුණු ගැලවී බිම වැටිණි.

මේ පසුබිම මැද රොබට්‌ බ්ලෙක්‌ හා මේරි ඔටේරාගේ ප්‍රකාශයෙන් ශ්‍රී ලංකාවේ සෘජුවම කියා සිටින්නේ එල්ලවී ඇති යුධ අපරාධ චෝදනා ගැන දේශීය වශයෙන් විමර්ශනය කර ඊට වගකිවයුත්තන්ට දඬුවම් කරන ලෙසයි.

එහෙත් යුධ අපරාධවලට වගකිවයුතු ප්‍රභාකරන්ගේ සමීපතම සගයා වූ විශ්වනාදන් රුද්ද්‍රකුමාරන් ඇමරිකාවේ සිටි. ඔහුට ආරක්‍ෂාව සපයන්නේ රොබට්‌ බ්ලේක්‌ය.

පෙරේදා (13) කොලඹ හිල්ටන් හෝටලයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවේදී රොබට්‌ බ්ලේක්‌ සහ මේරි ඔටේරෝ ක්‍රියා කළේ පැමිණිලිකරු සාක්‍ෂිකරු හා විනිසුරු ලෙස බව පැහැදිලි විය.

බ්ලේක්‌ විසින් ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාවට ඇමරිකානු සහය පළකරන බවට ප්‍රකාශ කිරීමට දින 10 කට පෙර නෙදර්ලන්ත ගුවන්විදුලි සේවාව විසින් ඒ බව හෙලිකර තිබිණි.

මෙලෙස ශ්‍රී ලංකාවට ඇඟිල්ල දික්‌ කරන රොබට්‌ බ්ලේක්‌ ඇමරිකානු යුධ අපරාධ ගැන කියන්නේ කුමක්‌ද? ඉරාකයේ සිවිල් වැසියන් ලක්‍ෂයක්‌ද ඇෆ්ගනිසථානයේ පනස්‌දාහක්‌ද, ලිබියාවේ විසිදහසක්‌ ද මියගිය බව වාර්තාවේ. වියට්‌නාමයට එල්ල වූ ප්‍රහාරවලින් ලක්‍ෂ 10 කට අධික සංඛ්‍යාවක්‌ මියගොස්‌ තිබේ. එසේම වියට්‌නාමය මයිලායි ගම්මානය මුළු මනින්ම විනාශ කළ ලුතිනන් කැලි නමැති හමුදා නිලධාරියාව මාස කීපයකට පසු නිදහස්‌ කිරීමට ඇමරිකානු බලධාරීහු ක්‍රියා කරනු ලැබීය.

මේ පසුබිම මැද ඇමරිකානු මානව හිමිකම් කටයුතු පිළිබඳ සහකාර රාජ්‍ය ලේකම්වරිය වූ මේරි ඔටේරෝ හිල්ටන් හෝටලයේද පැවැති මාධ්‍ය සාකච්ඡාවේදී තම රජය සමගත් සිවිල් සංවිධාන, දේශපාලන නායකයන් හා මාධ්‍යවේදීන් හමුවී සාර්ථක සාකච්ඡා පැවැත්වූ බව හෙළි කළාය.

ඇය හමුවූ මාධ්‍ය පාර්ශ්වයන් කවුරුන්ද? එසේනම් පැහැදිලි වන ප්‍රධාන කාරණය නම් ඇයට කේලම් කීමට මේ මාධ්‍ය පාර්ශ්ව ඉදිරිපත් වූ බව නොවේද?

කීර්ති වර්ණකුලසූරිය

Categories

Different countries have visited this site

Free counters!