//

විශේෂාංග

This category contains 90 posts

බුදුරදුන්ගෙන් බණ ඇසීමේදී විවිධ ඉරියව් දැක්‌ වූ බ්‍රාහ්මණ තරුණයන් පස්‌දෙනා

බුදුරදුන්ගෙන් බණ ඇසීමේදී විවිධ ඉරියව්
දැක්‌ වූ බ්‍රාහ්මණ තරුණයන් පස්‌දෙනා

ගුණපාල කාරියවසම්

ධර්මය ඇසීම ඉතාම දුර්ලභ කාරණයක්‌. බුදුරජාණන් වහන්සේ නමකගෙන් ධර්මය ඇසීම ඊටත් වඩා දුර්ලභ කාරණයක්‌. ධර්මය ඇසීමේදී හෙවත් බණ ඇසීමේදී ඊට සවන් දෙන ශ්‍රාවක පිරිස විවිධ ඉරියව් පවත්වනවා. එය අද වගේම එදත් සිදු වී තිබෙනවා. ඒ පිළිබඳ කථා පුවතක්‌ වේ.

අප ගෞතම බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර දෙව්රම් වෙහෙරෙහි වැඩ වාසය කරන සමයේ දිනක්‌ උන්වහන්සේගෙන් ධර්මය ඇසීමට යහළුවන් පස්‌ දෙනෙක්‌ පැමිණියා. මොවුන් යහළුවන් වගේම සම වයසේ බ්‍රාහ්මණ තරුණයන්. බුදුරජාණන් වහන්සේ ධර්මය දේශනා කරන අවස්‌ථාවේ මොවුන් පස්‌දෙනා ධර්ම දේශනාවට සවන් දී සිටින අතරම විවිධ ඉරියව් පැවැත්වූහ. එක ඉරියව්වක සිටියේ නැහැ.

එයින් එක්‌ අයෙක්‌ බිමට ඔලුව බර කරගෙන නිදිකිරා වැටෙනවා වගේ තමයි හිටියේ. නමුත් හොඳින් බණට ඇහුන්කන් දෙනවා. දෙවැන්නා අතේ ඇඟිලිවලින් බිම හාරනවා වගේ හැසිරීම් රටාවක්‌ දැක්‌වූවා. තුන්වැන්නා අසල තිබූ පැලෑටිවල අතු සොලවමින්, කොළ කඩමින් කාලය ගත කළා. සිව්වැනි පුද්ගලයා අහස දෙස තෙත් යොමුකර උඩ බලමින් සිටියා. නමුත් පස්‌වැන්නා නම් බුදුරජාණන් වහන්සේ දෙසම නෙත් යොමා වැඳගෙන හොඳින් බණ ඇසුවා. ධර්ම දේශනාව අවසානයේ මේ යහළුවන් පස්‌දෙනා බුදුරජාණන් වහන්සේට වැඳ නමස්‌කාර කර පිටවී ගියා.

බුදුරජාණන් වහන්සේ අසල සිටි අග්‍ර උපස්‌ථායක ආනන්ද ස්‌වාමීන් වහන්සේ මේ පිරිසගේ විවිධ ඉරියව් දෙස හොඳින් නිරීක්‍ෂණය කරමින් සිට සියලු දෙනා දෙව්රම් වෙහෙරෙන් පිටව ගිය පසු බුදුන් වහන්සේගෙන් මේ පිළිබඳව ප්‍රශ්නකර සිටියා. ඊට පිළිතුරු ලෙස බුදුරජාණන් වහන්සේ ඔවුන්ගේ අතීත භවයන් පිළිබඳව විස්‌තරයක්‌ කළා.

ආනන්ද, නිදි කිරමින් බිම බලාගෙන ධර්මය ඇසූ ඒ බ්‍රාහ්මණ තරුණයා මීට පෙර ආත්ම පන්සීයක්‌ තිස්‌සේ සර්පයෙක්‌ ලෙස තිරිසන් යෝනියේ ඉපිද සිටි අයෙක්‌. ආහාර සොයා ගැනීම සඳහා ටික වේලාවක්‌ වනයේ ගැවසෙන සර්පයා ගොඳුරු අනුභව කර කුස පුරවාගත් පසු වැඩි වේලාවක්‌ ගතකරන්නේ නිදා ගැනීමෙන්. ඒ නිසයි ඔහු අතීත පුරුද්දට අනුව නිදි කිරමින් සිටියේ. නමුත් ඔහු හොඳට බණ ඇසුවා. ආත්ම පන්සීයක්‌ තිස්‌සේ තිsරිසන් යෝනියේ ඉපිද සිටි ඔහු කරන ලද අකුසල්වල විපාක අවසන් වී මේ ආත්මයේ මිනිස්‌ ආත්මයක්‌ ලබා තිබෙනවා” යයි බුදුන් වහන්සේ ආනන්ද හිමියන්ට වදාළහ.

ඉතින් ස්‌වාමීන් වහන්ස, ඇඟිලි තුඩුවලින් පොළොව හාරමින් සිටි පුද්ගලයාගේ අතීත භවය කොයි ආකාරයෙන්දැයි නැවත ආනන්ද ස්‌වාමීන් වහන්සේ බුදුන් වහන්සේගෙන් ප්‍රශ්න කළහ.

පින්වත් ආනන්ද, ඒ තරුණයාත් මේ මිනිස්‌ ආත්මය ලැබීමට පෙර ආත්ම ගණනාවක්‌ම තිරිසන් යෝනියේ තමයි ඉපිදිලා හිටියේ. බිම් පණුවන් ගැඩවිලන් වැනි තිරිසන් ආත්මවලයි ඉපිද සිටියේ. බිම් පණුවන් ගැඩවිලන් ජීවත්වන්නේ පොළොවෙන් තරමක්‌ යට. ඒ සතුන් බිම හාරමින් පොළවේ යට තිබෙන පස්‌ පොළව මතුපිටට ගොඩ දමනවා. ආත්ම ගණනාවක ඒ පුරුද්ද මේ මිනිස්‌ ආත්මය ලබා තිබියදීත් සසර පුරුද්දට කරනවා. ඒ නිසයි ආනන්ද ඒ බ්‍රාහ්මණ තරුණයා ඇඟිලි තුඩුවලින් බිම හාරනවා වගේ ක්‍රියා කරමින් ධර්මය ඇහුවේ. ඒ ක්‍රියා කරමින්ම ඔහුත් හොඳට බණ ඇහුවා.”

”හරිම පුදුමයි බුදුහාමුදුරුවනේ” සත්ත්ව ලෝකයේ ජීවිත කථ. අර අර තවත් තරුණයෙක්‌ ධර්මය අහන අතරතුර අසල තිබූ පැළෑටිවල අතු සොළවමින් කොළ කඩමින්, කඩාගත් කොළ ගුලි කරමින්, විවිධ හැසිරීම් දැක්‌වූවා. ඔහුගේ පෙර ආත්ම භවයන් කවර ආකාරදැයි වදාරණ සේක්‌වා” ආනන්ද හාමුදුරුවන් බුදුන් වහන්සේගෙන් ඉල්ලීමක්‌ කළා. එයට බුදුන් වහන්සේ පිළිතුරු දුන්නේ මේ ආකාරයෙන්.

”ආනන්ද, ඒ බමුණ තරුණයාත් මීට පෙර ආත්ම ගණනාවක්‌ම ඉපිද සිටියේ වඳුරු ආත්මයක. ඊට පෙර මිනිස්‌ ආත්මයේදී කරන ලද බලවත් අකුසල කර්ම නිසයි එම ආත්ම ලබන්නේ. සමහරු දැඩි මාන්නයෙන්, ආඩම්බරයෙන් අනුන් හෙළා දකිමින් තමන් උසස්‌ යයි සිතමින් කටයුතු කරනවා. ඒ අකුසලය නිසා ඔවුන් උපත ලබනුයේ වඳුරු ආත්මවල. එසේ ආත්ම ගණනාවක වඳුරු පුරුදු නිසයි වඳුරන් සේ හැසිරුණේ. හැබැයි ආනන්ද ඔහුත් හොඳින් බණ ඇහුවා”

”තවත් එක්‌ තරුණයෙක්‌ නිතරම ඇස්‌ උඩට හරවාගෙන තමයි බණ ඇහුවේ. ඔහුගේ අතීත භවයන් දැනගන්න කැමැති යයි ආනන්ද ස්‌වාමීන් වහන්සේ කරනු ලැබූ ඉල්ලීමට බුදුරජාණන් වහන්සේ මේ ආකාරයෙන් කරුණු පැහැදිලි කළා.

”ආනන්ද ඒ තරුණයා නම් මීට පෙරත් මිනිස්‌ ආත්ම භාවය ලබා සිටි අයෙක්‌. ආත්ම ගණනාවක්‌ තුළදීම ඔහු නක්‍ෂත්‍ර කටයුතු කරමින් ග්‍රහ තාරකා පිළිබඳව විශ්වාස කරමින් අනුන්ට නැකැත් කියාදෙමින් තමයි ජීවිකාව ගත කළේ. ඒවා කිරීම මම නම් කිසිම ආකරයකින් වර්ණනා කරන්නේ හෝ අගය කරන්නේ නැහැ. ආත්ම ගණනාවක ඒ පුරුද්ද නිසයි ග්‍රහ තාරකා දෙස බලන්නා වගේ උඩ බලාගෙන ධර්මය ඇහුවේ.

හැබැයි ස්‌වාමීනි ඒ තරුණයා අසල සිටි අනෙක්‌ තරුණයා නම් ඔබ වහන්සේගේ දේශනය අවසන් වන තෙක්‌ ආරම්භයේ සිටම හොඳින් ධර්මය ඇහුන්කන් දුන්නා. ඔබ වහන්සේ දෙසම නෙත් යොමුකර වැඳගෙන ඉතා හොඳින් ධර්මයට ඇහුන්කන් දුන්නා. ඒ බමුණු තරුණයා අතීත භවයන් ගත කළේ කවර ආකාරයෙන්ද කියා මට කියා දෙන්න. ආනන්ද ස්‌වාමීන් වහන්සේ ඉල්ලීමක්‌ කළා.

පින්වත් ආනන්ද, ඒ තරුණයා නම් මීට පෙර දිව්‍ය මනුෂ්‍ය ආත්ම ලබමින් සිටි අයෙක්‌. ගිය ආත්මයේ බ්‍රාහ්මණ කුලයේ ඉපිද සිටි අයෙක්‌. හොඳින් වේද මන්ත්‍ර හදාරමින් ඒවා හොඳින් කට පාඩම් කරගෙන සිටි ඒ තරුණයා ඒ පුරුද්දට හොඳින් ධර්මය ඇහුන්කන් දුන්නා. හැබැයි සත්‍ය ධර්මය ඇහුන්කන් දුන්නේ අද. කොතරම් හොඳින් ධර්මය ශ්‍රවණය කළත් ඔහුටත් හොඳින් ධර්මය අවබෝධ වුණේ නැහැ. තව තවත් ධර්මය ඇසීමෙන් ඔහුට මාර්ගඵල නිවන් අවබෝධ කරගැනීමේ වාසනාව තිබෙනවාZ යෑයි බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරුවන්ට ප්‍රකාශ කළහ.

අතීත පුරුදු ආත්මයෙන් ආත්මයට ගමන් කරන ආකාරය මේ කථාවෙන් හොඳට වැටහෙන්නට ඇති. සමහර අතීත පුරුදු රහත් බව ලැබුවත් රහතන් වහන්සේටත් පවතිනවා. අතීත පුරුදු හෙවත් වාසනාව නැත්තේ බුදුරජාණන් වහන්සේට පමණයි.

 

ඉස්ලාම් අන්තවාදී කණ්ඩායම්

බර්ලින් ප්‍රහාරයේ සැකකරු හඳුනාගනී

ජර්මනියේ බර්ලින් නුවරට එල්ලවූ ප්‍රහාරයේ සැකකරු ලෙස 24 හැවිරිදි ටියුනීසියා ජාතිකයකු හඳුනාගෙන ඇතැයි විදෙස් පුවත් සේවා පවසයි.

ඔහු ඉස්ලාම් අන්තවාදී කණ්ඩායමක සාමාජිකයකු බවත් සැක කරයි. පසුගියදා බර්ලින් නුවර නත්තල් වෙළඳපොළකට කඩාවැදුණු ලොරියක් එහි සිටි 12 දෙනකුට ජීවිත අහිමි කළ අතර තවත් පිරිසක් තුවාල ලැබූහ.

එම ප්‍රහාරය සිදුවූ දිනම සැකකරුවකු ලෙස පාකිස්තාන ජාතිකයකු අත්අඩංගුවට ගත්තද පසුව ඔහු සැකකරු නොවන බව හඳුනාගැනිණි

ඕස්ට්‍රේලියාව ත්‍රස්ත ප්‍රහාරයක් වළක්වයි

ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර ඉලක්ක කරගෙන එළැඹෙන නත්තල් දිනය දා එල්ල කිරීමට සැලසුම් කර තිබූ ත්‍රස්ත ප්‍රහාරයක් ඕස්ට්‍රේලියා පොලිසිය මැදිහත්ව වළක්වා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

මෙල්බන් හි ෆ්ලින්ඩර්ස් වීදියේ දුම්රියපොළ, ෆෙඩරේෂන් චතුරස්‍රය සහ ශාන්ත පෝල් දෙව් මැදුර යන ස්ථාන ත්‍රස්ත ඉලක්ක වී තිබී ඇත.

උතුරු මෙල්බන්හි නිවාස පරීක්ෂාවකදී හත් දෙනකු අත්අඩංගුවට ගෙන ඇති ඕස්ට්‍රේලියා පොලිසිය ත්‍රස්ත ප්‍රහාරයක සැලසුම් අනාවරණය කරගෙන ඇතැයි වාර්තාවේ.

source: Lankadeepa

අසිරිමත් සිදුවීම්වලින් සපිරුණු වෙසක් පුන් පොහොය

අසිරිමත් සිදුවීම්වලින් සපිරුණු වෙසක් පුන් පොහොය

“බුද්ධ” යන හඬ තරම් දුර්ලභ වූත් මිහිරි වූත් සැප දායක වූත් වෙනත් හඬක් තුන් ලොවෙහිම නැත. ඒ බුද්ධ හෙවත් බුදුන් යනුවෙන් හඳුන්වන අති උතුම් මනුෂ්‍යරත්නය ලෝකයේ පහළ වූයේ වෙසක් පුන් පොහෝ දිනක වීම නිසා අද ලෝකවාසී හැට කෝටියකට අධික බෞද්ධ ජනතාව මහත් සේ පී‍්‍රතියට පත්ව තමන් ලබා ගත් මනුෂ්‍ය ජීවිතයෙන් උසස් ප්‍රතිඵල ලබා ගැනීම සඳහා ක්‍රියා කරන බව පැහැදිලිය.

අතීතයෙහි ලොව පහළවී වැඩ සිටි දීපංකර සම්බුදුරදුන් ප්‍රධාන සංඝරත්නය රඹගම් නම් පුරයට වැඩමවද්දී පඤ්චාභිඥා සහ අෂ්ට සමාපත්ති උපදවා සිටි සුමේධ නම් තාපසයා මහ මඩෙහි බිම දිගා වී බුදුරදුන් ප්‍රධාන සංඝ රත්නය මගේ පිට මතින් වඩිත්වා යි අදිටන් කොට විසීය. මේ තවුසන් වෙත දිවැස් යොමු කළ දීපංකර බුදුහු මෙයින් සාරා සංඛ්‍ය කල්ප ලක්ෂයක් කල් ගෙවෙත්ම ගෞතම නමින් තවුසා සම්බුදු පදවියට පත්වන බව දැන නියත විවරණ දුන්හ. අප ගෞතම බුදුරදුන්ට මේ උතුම් ප්‍රථම නියත විවරණය දෙන ලද්දේ වෙසක් පුනු පොහෝ දිනකය.

සුමේධ තවුසා විවිධ ආත්මභාවයන්හි පාරමී ධර්මයන් සම්පූර්ණය කරමින් අවුත් වෙස්සන්තර ආත්ම භාවය ගත කිරීමෙන් පසු තුසිත දෙව්ලොව ඉපදුණි. එහිදී දෙව්, බඹුන්ගේ ආරාධනයෙන් දඹදිව කිඹුල්වත් නුවර අගනුවර කොට පාලනය ගෙන ගිය සුද්ධෝදන රජතුමාගේ අග බිසව වූ මහාමායා දේවියගේ කුස ඇසළ පුන් පොහෝ දිනක දී පිළිසිඳ ගත්තේ ය. දසමස් ඇවෑමෙන් ලුම්බිනි නම් සල් උයනේ දී වෙසක් පුන් පෝ දිනක මෙලොව එළිය දුටු ඒ කුමරා පසුව සියලු ලෝකාර්ථ සිද්ධිය සලසන හෙයින් සිද්ධාර්ථ නම් විය. එදා ධර්මාසනයකින් බසින ධර්ම කථිකයාන කෙනෙකු සේ මව්කුසින් බීමට බට බෝසතාණෝ පොළොවෙන් පැන නැගී සත්පියුම් මත ඉදිරියට වැඩමවා අවසානයේ ‘අග්ගෝහමස්මි ලෝකස්ස’ යන ගාථාවෙන් ‘මම ලෝකයට අග්‍ර වෙමි, ජ්‍යෙෂ්ඨ වෙමි, ශ්‍රේෂ්ඨ වෙමි. මේ මාගේ අන්තිම ආත්ම භාවයයි. නැවත මගේ උපතක් නැත.’ යනුවෙන් එදා වෙසක් පුන් පෝදා මධුර ස්වරයෙන් සිංහ නාද කළහ.

අප මහ බෝසතුන් උපතත් සමඟ උසස් ප්‍රකාශ කරන ලද්දේ මේ අවස්ථාවේදී පමණක් නොවේ. මහෞෂධ නමින් ප්‍රකටව සිටි බෝසතුන් සුමනා නම් මව් කුසින් බිහිවන විට අතේ යමක් මිට මොලවාගෙන සිටින බව දුටු මව ‘තාත කිං ගහෙත්වා ආගතොසි ති පුච්ඡි’ යනුවෙන් ‘දරුව අතෙහි කුමක් ගෙන ආවේදැයි’ ප්‍රශ්න කළ කල්හි ‘ඔසධං අම්ම’ මෑණියනි, බෙහෙතක් ගෙන ආවෙමියි’ කළ ප්‍රකාශය උපතත් සමඟ කතා කළ ප්‍රථම අවස්ථාව වශයෙන් දැක්වේ. නැවත වෙස්සන්තර ආත්මභාවයෙහි මව්කුසින් බිහිවෙමින් ‘අත්ථනුඛො අම්ම කිඤ්චි ගෙහෙ දානං දස්සාමි’ යනුවෙන් මෑණියනි, දන් දෙන්නට ගෙදර කිසිවක් ඇද්දැයි’ ප්‍රකාශ කළ බව බෝධිසත්ව චරිතයෙහි දැක්වෙයි. මේ අන්දමට උපන් හැටියේ ඇවිදීම කතා කිරීම පිළිබඳව ඇති වාර්තා ගැන සමහරු සැක පහළ කරති. එහෙත් වසු පැටවු වැනි සමහර තිරිසන් සතුන් උපතත් සමඟ ඇවිදිනු දක්නට ලැබේ. දීර්ඝ කාලයක් බෝසතුන් මෙන් පෙරුම් දම් පුරන ලද අය නොව සාමාන්‍ය අය ද උපතින් වැඩිකල් නො ගොස් පුදුම හපන්කම් පෙන්වා ඇති බව බොහෝ අය දනිති. වසර ගණනකට පෙර බල්ගේරියාවේ ප්ලෙවෙන් ප්‍රදේශයේ උපත ලැබූ සොපියා පෙට්කොව් නමැති දෙමස් දැරිය ලතින්, ඉංගී‍්‍රසි, ස්පාඤ්ඤ, ප්‍රංශ, බල්ගේරියානු, ලිතුවේනියානු, රුසියානු සහ පැරැණි අරාබි භාෂා ඉතා දක්ෂ අන්දමින් කතා කළ බවට වාර්තා මුළු ලෝකයේම පැතිරී තිබුණි. බොහෝ විද්‍යාඥයන් පවා පුදුමයට පත් කළ මෙවැනි සිදුවීම් කිහිපයක් පිළිබඳව අපි දනිමු. එසේ නම් තවත් කෙනෙකුට සමාන නොවූ අසම ගුණයෙන් පිරිපුන් බෝසතුන් සත්පියුම් මත ගමන් කිරීමත්, අභීත ප්‍රකාශයක් කිරීමත් පිළිබඳ සැක පහළ කිරීමට කිසිදු හේතුවක් නැත.

සිදුහත් බෝසතුන්ට අවශ්‍ය සියලු සැප සම්පත් සුද්ධෝදන පියාණන් විසින් ලබා දීමට වග බලාගත් අතර සොළොසැවිරිදි වියේදී යසෝදරා නම් රජ කුමරිය සරණකර දීමට ද පියවර ගන්නා ලදී. එකුන්තිස් වන වියට ලංවත්ම ගත කළ කාමසුඛල්ලිකානු ජීවන පැවැත්මේ නිසරු බව දැන තරමක් දුරට කල්පනා කරන්නට විය. මේ අතර පිය රජතුමාගේ අවසරයෙන් උයන් කෙළියට යද්දී දුටු සතර පෙර නිමිති වලින් තව දුරටත් මහත් මානසික විප්ලවයක් ඇති විය. එහි ප්‍රතිඵලයක් වශයෙන් ඇසළ පුන් පෝදාක කන්ථක අසු පිට නැගී ඡන්න ඇමැතිවරයා සමඟ මහභිනික්මනෙහි යෙදුණි. විසි නම වන වියේ සිට තිස් පස් වන විය දක්වා කලින් ගත කළ අධික කම්සැප විඳීමේ ජීවන ක්‍රමයට පටහැනි අත්තකිලමතානුයෝගී ක්‍රමය ක්‍රියාත්මක කරන්නට විය. එහි නිෂ්ඵලතාව ද දැන මැදුම්පිළිවෙත් මග අනුගමනය කර ගයාවේ ඇසතු බෝ මුල වැඩ සිට භාවනාවේ යෙදීමේ ප්‍රතිඵලයක් වශයෙන් වෙසක් පුන් පෝදාක බෝසතාණෝ සව් කෙලෙසුන් නසා උතුම් වූ බුද්ධරාජ්‍යයට පත්වූහ.

එදා රාත්‍රී පෙර යම් පුබ්බේනිවාසානුස්මෘතිඥානයත්, මධ්‍යම යාමයෙහි චුතුපපාතඥානයත් ලබා පශ්චිම යාමයේදී අසිත ආදී අන් කිසිදු තවුසෙකුට හෝ වෙනත් කෙනෙකුට ලබාගත නොහැකි වූ ආශ්‍රවක්ෂයකර ඥානයත් ලබා ගැනීම මෙදින සිදු වූ සුවිශේෂ සිදුවීමකි. දීර්ඝ කාලයක් සසර මහත් උත්සාහයෙන් පාරමී ධර්මයන් සම්පූර්ණ කිරීමෙන් මෙසේ බුදු බවට පත්වීම තුළින් ලබා ගත් පී‍්‍රතිය ‘අනෙක ජාති සංසාරං සන්ධාවිස්සං අනිබ්බිසං’ ආදී ගාථාවෙන් ප්‍රකාශ කරන ලද්දේ ද වෙසක් පුන් පෝදාකය.

තම අරමුණ ඉටුකර ගත් බුදුරජාණෝ ලෝකාර්ථ චර්යා, ඥාතාර්ථ චර්යා සහ බුද්ධි චර්යා වශයෙන් ක්‍රම තුනකින් ලෝ සතුන්ගේ සුබ සිද්ධිය සඳහා ක්‍රියා කළහ. ඒ අතුරෙන් ඥාත්‍යර්ථ චර්යාව සඳහා සුද්දෝධන පියාණන්ගේ ආරාධනයෙන් විසි දහසක් භික්ෂූන් පිරිවරාගෙන රජගහ නුවර සිට කිඹුල්වත් පුරය දක්වා පිටත් වූ ගමන නිමාවට පත් කරන ලද්දේ බුද්ධත්වයට පත් වීමෙන් එක් වසරක් සපිරුණු වෙසක් පුන් පෝ දිනයේ ය. එසේම අහංකාරයෙන් යුත් සිය ඥාතීන්ගේ මාන මදය බිඳලීම පිණිස යමා මහ පෙළහර දැක්වූයේ ද මේ වෙසක් පුන් පොහෝ දිනක වීම වැදගත්ය.

පන්සාළිස් වසරක් මුළුල්ලේ අසීමිත දෙව් මිනිසුන්ට නිර්වාණාවබෝධය කර දී බුද්ධ කෘත්‍යය නිම කළ ගෞතම බුදුහු පාවා නුවර සිට කුසිනාරා නුවරට වැඩමවා මල්ල රජවරුන්ගේ උපවර්තන නම් සල් උයනෙහි යමක සාල වෘක්ෂයන් අතුරෙහි පනවන ලද ආසනයේ සැතපී වැඩවුන්හ.

එහිදී භික්ෂූන් අමතා සියලු සංස්කාර ධර්මයන්ගේ අනිත්‍යතාව පැහැදිලි කොට අප්‍රමාදීව ධර්මය අවබෝධ කර ගැනීම සඳහා ක්‍රියා කරන්න යැයි අවවාද දී වෙසක් පුන් පෝදාක පිරිනිවන් පා වදාළහ.

පරි නිර්වාණ මඤ්චකයෙහි වැඩ සිටිය බුදුරදුන් ලොව බලද්දී හත්සීයක් පිරිස සමඟ දඹදිව සිට ලංකාවට පැමිණෙන ආර්ය වංශික විජය කුමාරයා දුටු බවත්, ලංකාවේ සම්බුද්ධ සාසනය බැබළවීම සඳහා මේ පිරිසගේ පැමිණීම හේතුවන බවත් සලකා ඔවුනට ආරක්ෂාව ලබාදෙන මෙන් සක් දෙවිදුන්ට නියම කළ බවත් ඓතිහාසික වාර්තාවල දැක්වේ. බුද්ධ පරිනිර්වාණය සමඟ බුද්ධ වර්ෂය ආරම්භ වන අතර වංශ කතාවට අනුව විජය රජතුමාගෙන් ලංකාවේ අඛණ්ඩ රාජ පරම්පරාව ද ආරම්භ වන නිසා ඒ තුළින් ම ආර්ය ජාතියේ ආරම්භක වර්ෂය ද පෙන්නුම් කරයි.

මණිඅක්ඛිත නා රජුන්ගේ ඇරයුමෙන් බුදුරදුන් කැලණියට වැඩම වීමත් අනතුරුව සමනල කන්ද, දිවා ගුහාව, දීඝ වාපිය, මුතියංගනය, අනුරාධපුරය ආදී ස්ථාන දහ හතරකට පමණ වැඩම වීම වෙසක් පොහෝ දිනක සිදුවූ බව පැහැදිලිය.


සම්බුදු තෙමඟුල සිදු වූ වෙසක්‌ පොහොය අද

සියලු සත්වයෝ දුකින් මිදෙත්වා
සම්බුදු තෙමඟුල සිදු වූ වෙසක්‌ පොහොය අද

එරික්‌ ගාමිණී ජිනප්‍රිය

මිලියන 500 ක්‌ වන ලෝක වාසි බෞද්ධ ජනතාවගේ උතුම්ම දිනය වන වෙසක්‌ පොහොය දිනය අදට යෙදී ඇත. අදට යෙදී ඇත්තේ බුද්ධ වර්ෂයෙන් 2560 වන වෙසක්‌ පොහොය දිනයයි. ඒ අනුව මෙම වෙසක්‌ පොහොය දිනයට ගෞතම බුදුන් වහන්සේ පරිනිර්වානයට පත් වී වසර 2560 ක්‌ සම්පූර්ණ වේ.

බුදුන් වහන්සේ පරිනිර්වාණයට අමතරව උන්වහන්සේ බුද්ධත්වයට පත්වීම සහ සිද්ධාර්ථ කුමාරොප්පත්තියද උතුම් වූ වෙසක්‌ පොහොය දිනයේදීම සිදුවී ඇත.

එම කරුණුවලට අමතරව ශාසන ඉතිහාසයේ සඳහන් වන ආකාරයට බුදුන් වහන්සේ තුන්වන වරට මෙරටට (කැලණියට) වැඩමකර ඇත්තේද අද වැනි දිනකය. එමෙන්ම ශත වර්ෂ ගණනාවක්‌ පුරා බෞද්ධ ජනතාවගේ වන්දනාමානයට සහ ගෞරවයට පාත්‍ර වී තිබෙන දුටුගැමුණු රජතුමා විසින් ඉදි කරන ලද රුවන්වැලි මහා සෑය ඉදිකිරීම සඳහා මුල් ගල තබා ඇත්තේ ද අද වැනි වෙසක්‌ පොහොය දිනකය.

බුදුන් වහන්සේ සමාජගත කළ පුද්ගල ආධ්‍යාත්මික ගුණ වගාව


බුදුන් වහන්සේ සමාජගත කළ
පුද්ගල ආධ්‍යාත්මික ගුණ වගාව

බුදු දහම සකල ලෝක සත්ත්වයා වෙත ම මෛත්‍රිය පැතිර වූ දහමකි. එසේම පුද්ගලයාගේ ආධ්‍යාත්මික පාරිශුද්ධිය අගය කරන දර්ශනයකි. බුදුරජාණන් වහන්සේගේ මූලික අරමුණ සත්ත්වයාගේ සංසාර විමුක්‌තිය වන අතර සිත දියුණු කරගත් පුද්ගලයාගේ ලෞකික ජීවිතය සමෘද්ධිමත් කරගැනීමත් සමගම ආධ්‍යාත්මික ගුණ වගාවන් පෝෂණය කරගන්නා බව ද පෙන්වා දී ඇත. ධර්මය සන්නිවේදනය කිරීමට උපමාව උපයුක්‌ත කරගෙන ඇති බව ද පෙනේ. පුද්ගල කේන්ද්‍රීයව දහම් දෙසීමට බුදුහිමියන් සිතනුයේ පුද්ගලයාගේ ආධ්‍යාත්මික ජීවිතයේ පරිපූර්ණයට ය. අරියපරියේසන සූත්‍රයේදී තමන් අවබෝධ කරගත් ධර්මය කාහට දෙසිය යුතු ද යන්න බුදුහිමි හා සහම්පති බ්‍රහ්මයා අතර ඇති වූ සංවාදය නිර්මාණශීලී ගමන්මගක්‌ ගත් අයුරු පෙනේ.

“කිච්ෙච්න මේ අධිගතං හලJදානි පකාසිතුං

රාග දොස පරෙතෙහි නායං ධම්මො සුසම්බුධො

පටිසෝතගාමිං නිපුණං ගම්භිරං දුද්දසං අණුං

රාගරත්තා න දCන්ති තමොCඛෙJධන ආවටාති.”

“මා විසින් දුක සේ අවබෝධ කරන ලද මේ ධර්මය දැන් ප්‍රකාශ කිරීම කම් නැත. රාග ද්වේෂයන්ගෙන් මැඩුනවුන් විසින් මේ ධර්මය අවබෝධ කිරීම පහසු නො වේ. චතුස්‍යත්‍ය ධර්මය කරා යන සුලු මෘදු වූ ගැඹුරු වූ අවබෝධයට වෙළුනු මේ සත්ත්වයෝ නොදකින්නාහ.”

බුදුහිමියන් සිතනුයේ තමන් වහන්සේ විසින් අවබෝධ කරන ලද දහම දැකගන්නට ලෝකයා අසමත් වනු ඇතැයි ද, එබැවින් එය සන්නිවේදනය කිරීම නිෂ්ඵල වනවාක්‌ මෙන්ම හුදෙක්‌ තමාට වෙහෙසක්‌ පමණක්‌ වනු ඇතැයි ද යනුවෙනි. මෙහිදී සමස්‌ත සමාජයේ යහපැවැත්මට අවශ්‍ය ආධ්‍යාත්මික ගුණ දහම් වියෑකී ගොස්‌ ඇති බැවින් එය වටහා දීමට සහම්පති බ්‍රහ්මතෙම උපමා ඇසුරෙන් සිදුකරනු ලැබූ අර්ථකථනය පහත දැක්‌වේ.

“පාතුරහොසි මගධෙසු පුබ්බේ –

ධම්මො අසුද්ධො සමලෙහි චින්තිතො

අවාපුරෙතං අමතස්‌ස ද්වාරං –

සුණන්තු ධම්මං විමලෙනානු බුද්ධං

සෙලෙ යථා පබ්බත මුද්ධනිට්‌ඨිතො –

යථාපි පස්‌සෙ ජනතං සමන්තනො

තථුපමං ධම්මමයං සුමෙධ –

පාසාදමාරුය්හ සමන්ත චක්ඛු

සොකාවතිණ්‌ණං ජනතමපෙතසොකො –

අවෙක්ඛස්‌සු ජාති ජරාභිභූතං

උට්‌ඨෙහි වීර විජිත සôගාම –

සත්ථවාහ අනණ විවර ලොකෙ

දේසස්‌සු භගවා ධම්මං –

අඤ්ඤතාරො භවිස්‌සන්ති.”

සහම්පති බ්‍රහ්මයාගේ උත්තේජනමය ආයාචනය කොතරම් නිර්ව්‍යාජ වූ ද යන්න විමසිය යුතුය.

“පෙර මගධ දනව්හි කෙලෙස්‌මළ සහිත ශාස්‌තෘවරයන් විසින් සිතන ලද අශුද්ධ ධර්මයෙක්‌ පහළ විය. මේ නිවන් දොර විවෘත කරනු මැනවි. නිර්මල වූ නුඹ වහන්සේ විසින් අවබෝධ කළ ධර්මය සත්ත්වයෝ අසත්වා.

යහපත් ප්‍රඥා ඇති සර්වඥයන් වහන්ස, ශෛලමය පර්වතයක්‌ මුදුනෙහි සිටියොත් හාත්පස ජන සමූහය, යම්සේ දකී ද එබඳු උපමා ඇති ධර්මප්‍රාසාදයට නැඟ තමන්වහන්සේ පහවූ ශෝක ඇති සේක්‌ ශෝකයෙන් මැඬුණු සත්ත්ව සමූහයා බලනසේක්‌වා.

මාර සංග්‍රාමය දිනු වීරයන් වහන්ස, සාර්ථවාහකයන් වහන්ස, සියලු ණයබරින් මිදුණු ණයනැතියාණන් වහන්ස, නැගීසිටිනු මැනව, ලෝකයෙහි හැසිරෙනු මැනව. භාග්‍යවතුන් වහන්ස, ධර්මය දේශනා කරණනසේක්‌වා. අවබෝධ කරන්නෝ ඇතිවන්නාහ.”

සහම්පති බ්‍රහ්මයාණන්ගේ ආයාචනය කෙබඳු කරුණක්‌ නිසා ඇති වූවක්‌ ද යන්න බුදුහිමියන් අධ්‍යයනය කරන ලදී. එහිදී සහම්පති බ්‍රහ්ම තෙමේ ඉදිරිපත් කළ උපමාව කාලෝචිතය. උඩ සිට පහත සිටින අය බලන පුද්ගලයාට සමාජය නිවැරදි ව පෙනෙන බව එමගින් ගම්‍ය වේ. මෙහිදී උඩ යනු සසරේ නොගැටී සිටින්නා බවත්, පහත සිටින්නන් සංසාරයේ ගැලී වැටී සිටින්නන් බවත්, බ්‍රහ්ම තෙමේ පෙන්වා දී ඇත. සමාජය විලක්‌ ලෙස ද එම විලේ සිටින පුද්ගලයින් පහත අයුරෙන් බුදුහිමියන් දැක ඇත.

1. අවම මානසික වර්ධනය ඇති මිනිසුන්

2. මධ්‍යම මානසික වර්ධනය ඇති මිනිසුන්

3. උපරිම තලයේ මානසික වර්ධනය ඇති මිනිසුන්

යෑයි කාණ්‌ඩ කර ඇති බව පෙනේ. විවිධ පුද්ගලයන් විවිධ මානසික කායික හා චෛතසික තත්ත්වයන්ගෙන් සිටි බැවින් ඔවුනගේ ආධ්‍යාත්මික ජීවිතය සැකසිමට බුදුහිමියන් උත්සුක වී ඇති අයුරු පෙනෙන්නට තිබේ.

“මහණෙනි, යම්සේ වැහිකාලයට අයත් අන්තිම මාසයෙහි සරත් කාලයෙහි ගොයමට යැම වැළැක්‌විය යුතු කල්හි ගොපලුතෙම ගවයන් පාලනය කෙරේද, හෙතෙම ඒ ගවයන්ට ඒ ඒ පැත්තෙන් කෙවිටෙන් පහර දෙන්නේය. නැවත නැවත පහර දෙන්නේය. ඔබ මොබ යා නොදී වළක්‌වන්නේය. ඊට හේතු කවරේද? මහණෙනි, ගොපලුතෙම ඒ ගවයන් හොඳින් බලා නො ගැනීම හේතුකොටගෙන පැමිණිය හැකි පීඩා ද වධ බන්ධන ද ධන හානිය ද නින්දා අපහාස ද දකියි. මම ද මහණෙනි, එසේම අකුසල ධර්මයන්ගේ දෝෂය ද ලාමක බව ද කෙළෙසීම ද කුසල ධර්මයන්ගේ ද කාමයන් ගෙන් වෙන්වීමෙහි අනුසස්‌ ද පිරිසිදු බවට දුටුවෙමි.”

ජීවිතය ප්‍රත්‍යක්‍ෂයෙන් අවබෝධ කර ගැනීම නිසා සමාජයේ කිසිදු පුද්ගලයෙකුගේ අගතිගාමී දැක්‌මයන්ට බුදුදහම හා ශ්‍රාවක පිරිස නතු නොවීමට බුදුහිමියන් ඉතා සරළව උපමා ඇසුරෙන් ධර්මය සන්නිවේදනය කර ඇති අයුරු පෙන්වා දිය හැකිය. එමගින් ලොවුතුරු සුඛයේ උත්තරීතර ආධ්‍යාත්මික රසවින්දනය ට ද පුද්ගලයා යොමුකාරකයෙක්‌ වශයෙන් ගොනු කොට ඇත.

“මහණෙනි, යම්සේ දක්‍ෂ වූ ගවයන් මරන්නෙක්‌ හෝ ගවයන් මරන්නෙකුගේ අතවැසියෙක්‌ හෝ ගවයෙකු මරා සතර මංසන්ධියක කොටස්‌ වශයෙන් වෙන් වෙන්කොට බෙදා උන්නේ ද, එපරිද්දෙන් ම මහණෙනි, භික්‍ෂුව මේ ශරීරය ධාතු වශයෙන් සිහිකරන්නේ ය. කෙසේද යත්, මේ ශරීරයෙහි පඨවි ධාතුව, ආපෝ ධාතුව, තේජෝ ධාතුව, වායෝ ධාතුව, ඇත්තේය කියායි. මෙසේ තමාගේ ශරීරයෙහි හෝ ශරිරය අනුව බලමින් වාසය කරන්නේ ය. තමාගේ හා අනුන්ගේ ශරීරයෙහි හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේ ය. ශරීරයාගේ ඇතිවීම් ස්‌වභාව දක්‌නේ හෝ ශරීර අනුව බලමින් වාසය කරන්නේ ය. ශරීරයාගේ නැතිවීම් ස්‌වභාව දක්‌නේ හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේ ය. කලෙක ශරීරයෙහි ඇතිවීම් ස්‌වභාව දක්‌නේ හෝ කලෙක ශරිරයෙහි නැතිවීම් ස්‌වභාව දක්‌නේ හෝ ශරීරය අනුව බලමින් වාසය කරන්නේ ය. ඒ භික්‍ෂුවට සත්ත්ව පුද්ගල නොවූ ධාතු මාත්‍ර වූ ශරීරය පමණක්‌ ඇත්තේ ය යන සිහිය හොඳින් පිහිටියේ වෙයි. ඒ සිහිය ඥානයාගේ වැඩීම පිණිස ද පවති. හෙතෙම තෘෂ්ණා දෘෂ්ටි දෙක ආශ්‍රය කොට නොගෙන වාසය කරන්නේ ය. ලෝකයෙහි කිsසිවක්‌ (ආත්ම වශයෙන්) නොගනි.”

කෙළෙස්‌ සහිත පුද්ගලයා අපිරිසිදු රන් භාජනයක්‌ මෙන් ද අධ්‍යාත්මික සුඛාස්‌වාදනයෙන් තොර වූ අපාගත වී දුකින් පීඩිත ව වාසය කිරීමට යොමු වන බවත් කෙළෙස්‌ කසටෙන් මිදුනු පුද්ගලයා ආධ්‍යාත්මික සුඛාස්‌වාදයෙන් පෝෂණය වන බවත් පහත උපමාවෙන් විස්‌තර වේ.

“ඇවැත්නි, සල්පිලින් හෝ රන්කරු කුලයකින් ගෙනෙන ලද දූවිල්ලෙන් හා මළකඩින් ගැවසුණා වූ රන් තලියක්‌ වේ ද, එය හිමියෝ පරිභෝග කරත්නම් ධුලී සහිත තැන්හි නො දමත් නම් ඒ ලොහො තලිය ටික කලකින් අතිශයින් පිරිසිදු වී ඔප වැටෙන්නේ නොවේ ද? එසේය, ආයුෂ්මතුනි, ඇවැත්නි, එපරිද්දෙන් ම යම් ඒ පුද්ගලයෙක්‌ කෙළෙස්‌ සහිත වූයේ ම තමා තුළ කෙළෙස්‌ ඇතැයි තතු සේ දනි ද, ඔහු සම්බන්ධයෙන් මෙය කැමැති විය යුතුය. ඔහු ඒ කෙළෙස්‌ නැති කිරීම පිණිස කැමැත්තක්‌ ඇති කර ගනි. වෑයම් කරයි. වීර්ය කරයි. හෙතෙම රාග රහිත වූයේ, වෛර රහිත වූයේ, මෝහ රහිත වූයේ, කෙලෙස්‌ රහිත වූයේ, නො කිළිටි සිත් ඇත්තේ, කාලක්‍රියා කරයි. මොග්ගල්ලාන, කෙළෙස්‌ සහිත වූ මේ පුද්ගලයන් දෙදෙනා අතුරෙන් එකෙක්‌ හීන පුද්ගලයෙක්‌ යෑයි කියනු ලැබේ. එකෙක්‌ ශ්‍රේෂ්ඨ පුද්ගලයෙක්‌ යෑයි, කියනු ලැබේ. මේ වනාහි ඊට හේතුවයි.”

සෑම ක්‍රියාවකටම සිත ප්‍රධාන වේ. සිත පිරිසිදු නම් ගත ද පිරිසිදු වේ යනු බුද්ධ නියමය යි. වFථූපම සුත්‍රයෙන් පෙන්වා දෙනුයේ පුද්ගලයාගේ ආධ්‍යාත්මික සුඛ වින්දනය සඳහා සිත ප්‍රධාන වන බව ය.

“මහණෙනි, කිළිටුව මළ බැදුනාවූ වස්‌ත්‍රයක්‌ වේ ද, ඒ වස්‌ත්‍රය රෙදි සායම් කරන්නේ නිල්පාට කිරීම පිණිස රන්වන් පාට කිරීම පිණිස හෝ ලේ පාට කිරීම පිණිස හෝ මදටිය පාට කිරීම පිණිස හෝ යම් යම් සායමක්‌ පොවන්නේ ද, එය කරණ කොට ඇත්තක්‌ ම වන්නේ ය. අපිරිසිදු පාට ඇත්තක්‌ ම වන්නේ ය. ඊට හේතු කවරේ ද? මහණෙනි, වස්‌ත්‍රය අපිරිසිදු බැවිනි. මහණෙනි, එපරිද්දෙන් ම සිත කිළිටි වූ කල්හි දුගතියට කැමති විය යුතු ය. මහණෙනි, පිරිසිදු ව බබළන්නා වූ වස්‌ත්‍රයක්‌ වේ ද, ඒ වස්‌ත්‍රය රෙදි සායම් කරන්නේ නිල්පාට කිරීම පිණිස රන්වන් පාට කිරීම පිණිස හෝ ලේ පාට කිරීම පිණිස හෝ මදටිය පාට කිරීම පිණිස හෝ යම් යම් සායමක්‌ පොවන්නේ ද, එය හොඳ පාට ඇත්තක්‌ ම වන්නේ ය. පිරිසිදු පාට ඇත්තක්‌ ම වන්නේ ය. ඊට හේතු කවරේ ද? මහණෙනි, වස්‌ත්‍රය පිරිසිදු බැවිනි. මහණෙනි, එපරිද්දෙන් ම සිත නොකිළිටි වූ කල්හි සුගතියම කැමැති විය යුතු ය.”

අටුවාවෙහි සඳහන් වන පරිදි ජීවිතයේ අස්‌ථාවර බව දනවන කතාවක්‌ මෙසේ ය. එක්‌ තරුණ භික්‍ෂුවක්‌ ව්‍යාඝ්‍රයෙක්‌ විසින් ඩැහැගෙන කැලයට ගොස්‌ මරා මස්‌ කෑමට සූදානම් වන විට දී එම තරුණ භික්‍ෂුව වේදනාව යටපත් කොට විදර්ශනා වඩා රහත් වූ බව දක්‌වා තිබේ. ශරීරයේ ගොප්මස දක්‌වා කෑ කල්හි සෝවාන් ව, දණ දක්‌වා කෑ කල්හි සකෘදාගාමීව, නැබ දක්‌වා කෑ කල්හි අනාගාමිව, හෘදය රූපය නො කෑ කල්හි සිව්පිළිසිඹියා සහිත රහත් බවට පැමිණ ප්‍රීති වාක්‍යය ප්‍රකාශ කෙළේය. එනම්,

“සීලවා වත සම්පන්නො, – පඤ්ඤවා සුසමාහිතො

මුහුත්තං පමාදමJවාය – ව්‍යග්ඝෙනොරුද්ධ මානසො

පඤ්ජරස්‌මිං ගහෙFවාන – සීලාය උපනීතකො

කාමං ඛාදතු මං ව්‍යග්ඝො – භෙCඛා කායො අචෙතනො

පටිලද්ධෙ කම්මඨානම්හි – මරණංහෙහිති භද්දකං”

“සිල්වත් වූ ව්‍රතයෙන් සම්පූර්ණ වූ කම්මස්‌සකතා ඤාණයෙන් පැනවත් වූ සමාධියෙහි පිහිටුවන ලද සිත් ඇති, මොහොතක්‌ පමණ කල් ප්‍රමාදයට පැමිණ සිටියා වූ මම ව්‍යාඝ්‍රයෙකු විසින් මඬනා ලද සිත් ඇත්තෙමි. නියපඳුරෙහි ලාගෙන පර්වතයට පමුණුවනු ලද්දෙම් වෙමි. ව්‍යාඝ්‍රතෙම මා කැමති පරිදි කනු ලැබේවා. සිත් නැති මේ කය අනුන් විසින් කෑ යුත්තේ ය. ලැබූ කමටහන් ඇති කල්හි මරණය සොඳුරු වන්නේ ය.”

මෙම කථාවෙන් හා ගාථාවෙන් බුද්ධඝෝෂ හිමියන් පෙන්වා දෙන්නේ ශරීරයට ඇති ආශාව දුරු කළ යුතු බවය. මගේ ය මාගේ ය යන මමත්වය යමෙකු තුළ ඇති වන්නේ ජීවිතයේ යථාර්ථය නො දන්නා බැවිනි. එමෙන්ම අපිරිසිදු චිත්තය ඇතිවන්නේ ද ආත්මාර්ථය ප්‍රමුඛ කොටගත් පුද්ගල සන්තානයේ ය. යමෙකු සුඛය, දුCඛය යන ද්විධාකාර ආත්ම සන්තර්පණය හා වින්දන පරාශයන් ප්‍රහාණය කිරීමෙන් ආධ්‍යාත්මික සැපයට හිමිකරුවෙක්‌ වන බව ගම්‍ය වේ.

සංවරය පෙරටුව, විදර්ශනාවෙන් යුතු, කෙළෙස්‌ ප්‍රහීනය සඳහා වෑයම් කරන, වැසුණු ඉන්ද්‍රිය ඇති, ශික්‍ෂාවෙන් යුතු, නො විසිරුණු සිත් ඇති, පුද්ගලයා ආර්ය පුද්ගලයා වශයෙන් සැරියුත් හිමියන් අනංගන සූත්‍රයේ ඉහත උපමාවෙන් පෙන්වා දෙයි. එසේ ම කෛරාටික නැත්තා වූ හිස්‌මාන නැත්තා වූ ශ්‍රමණ ධර්මයෙහි ම පිහිටියා වූ භික්‍ෂුව ආධ්‍යාත්මික ගුණ වගාවෙන් පූර්ණ වූ අයෙකු ලෙස විස්‌තර කරන සැරියුත් හිමියන් සංවරය හා විදර්ශනාවට ප්‍රමුඛතාව දී පැවිද්දා තම ජීවිතයේ කටයුතු සිදුකළ යුතු බවට උපදෙස්‌ දෙයි. ඉහත දැක්‌වෙන උපමාවෙන් පෙන්වා දෙන්නේ අලංකාරයට කැමති ස්‌ත්‍රියක්‌ හෝ පුරුෂයෙක්‌ දිය නා මල් මාලා උසස්‌ වූ හිසේ පැළඳ ගනී ද ඒ අයුරෙන් භික්‍ෂුව තම පැවිදි ජීවිතය මනසින් පෝෂණය කරගත යුතු බව ය. නැවත ආත්මයක්‌ නො සොයන වස්‌තු කාම ක්‌ලේශ කාමයෙන් තොර වූ පිවිතුරු සිතුවිලි ධාරාවෙන් යුතු ආර්යයන් වහන්සේ කෙළතොලු හෙවත් නැති ගුණ ප්‍රකාශ කරන අයෙකු නො වන බව සැරියුත් හිමියන් සමාජයට පහදා දී ඇත.

“දැල්වෙන්නාවූ පහනේ තෙල් යම් සේ අපිරිසිදු ද, වැටියත් අපිරිසිදු ද, තෙලුත් අපිරිසිදු බැවින් වැටියත් අපිරිසිදු බැවින් ඒ එළිය සිහින් අඳුරක්‌ මෙන් දැල්වෙයි.”

භික්‍ෂුව තමාගේ මනස තුළ ගොඩනැඟෙන පඤ්චනීවරණ ධර්මයන් ප්‍රහීන නො කළහොත් ජීවිතයේ පූර්ණ ආධ්‍යාත්මික ගුණ ධර්ම වර්ධනයට බාධකයක්‌ වනබව පෙන්වා දෙන අනුරුද්ධ සූත්‍රය එවැනි වූ භික්‍ෂුව මරණින් මතු සංකිලිට්‌ඨාභ දේවලෝකයේ දෙවියන් සමඟ ජීවත් වීමට සිදු වන බව විස්‌තර කරයි. එසේම පිරිසිදු තෙල් සහ වැටියත් ඇතිව ආලෝකමත් ව බබළන පහන යම් සේ ද එසේම පඤ්චනිවරණ ධර්මයන්ගෙන් තොර වූ භික්‍ෂුව පිරිසිදු ආලෝකවත් ජීවිතයක්‌ ගත කරන බව සමාජයට දැනෙන අයුරෙන් සන්නිවේදනාත්මකව අවධාරණ කරයි. එමගින් පෝෂණය වන ආධ්‍යාත්මික ගුණ වගාවෙන් පරිපූර්ණ භික්‍ෂුව මරණින් මතු පරිසුද්ධාභ දෙවියන් හා එක්‌වීමට පැමිණෙන බව විග්‍රහ කරයි.

මඡ්ජිධිම නිකායේ අන්තර්ගත සූත්‍ර ධර්මයන්හි බහුතර උපමාවන්හි විග්‍රහ වනුයේ පුද්ගල ආධ්‍යාත්මික ගුණ වගාවට අදාළ උපමාවන් ය. සමාජයේ තාඩන පීඩනයෙන් යුතු විවිධාකාර දුCත තත්ත්වයේ වැටී සිටින අසරණ පුද්ගලයන්ට බුදුහිමියන් දෙසූ දහම අමෘතයක්‌ බඳු විය. එමගින් මෙලොව පරලොව සුඛ වින්දනය හා ආධ්‍යාත්මික ලබන ගුණවගාවන් හි අවසාන සැපය වන නිර්වාණයේ වින්දනය ද විඳීමට සුදුසු පරිදි බුදුහිමියන් උපමා ඇසුරෙන් ධර්මය දේශනා කළ අයුරු ඉහත කරුණු ඇසුරෙන් පෙන්වා දිය හැකි ය. ආධ්‍යාත්මික සුඛවිහරණය සඳහා සමාජීය සත්ත්වයාගේ සිත, කය, වචනය හික්‌මවා කෙළෙස්‌ අඳුර දුරුකර ප්‍රඥා ප්‍රදීපය දැල්වීමට අවශ්‍ය දැනුම, කුසලතා, ආකල්ප පෝෂණය කරමින් ආධ්‍යාත්මික ගුණවගාවන් ඇති කරමින් උපමා උපයෝගි කරමින් මජ්ජිධිම නිකායේ උපමා ඇසුරෙන් බුදුහිමියන් හා ස්‌වකීය ශ්‍රාවකයන් ධර්මය සන්නිවේදනය කර ඇති අයුරු පෙන්වා දිය හැකිය.

දර්ශනපති
කොස්‌ගොඩ විමලවංශ තිස්‌ස හිමි

 

ලංකාව දෙකඩ කර උතුරේ වෙනම රටක් හදන්න උපරිම සහය දෙනවා – බ්‍රිතාන්‍ය ලේබර් පක්ෂය කියයි

ලංකාව දෙකඩ කර උතුරේ වෙනම රටක් හදන්න උපරිම සහය දෙනවා – බ්‍රිතාන්‍ය ලේබර් පක්ෂය කියයි

ශ්‍රී ලංකාවේ ද්‍රවිඩ ජනතාවට ස්‌වයං පාලනය ලබාදී ඔවුනට වෙනම රටක්‌ ස්‌ථාපිත කිරීමේ යෝජනාවට බ්‍රිතාන්‍යයේ විරුද්ධ පක්‍ෂය වූ ලේබර් පක්‍ෂයේ පූර්ණ සහාය දක්‌වන බව ලේබර් පක්‍ෂ නායක ජෙරමි කොර්බින් ප්‍රකාශ කර ඇත.

බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවැති ටැමිල්ස්‌ ෆො ලේබර් සංවිධානයේ සමුළුව අමතමින් ඔහු මේ බව සඳහන් කර තිබේ.

ස්‌වයංපාලනය සඳහා ද්‍රවිඩ ජනතාවට ඇති අයිතියද ලේබර් පක්‍ෂය පිළිගන්නා බව ජෙරම් කෝර්බිස්‌ තවදුරටත් ප්‍රකාශ කර ඇත.

ශ්‍රී ලංකාව දෙකඩ කළ යුතු යෑයි කෝර්බින් පැවසූ අවස්‌ථාවේ එම සමුළුවට සහභාගි වූ ඊළාම්වාදීන් අත්පොළසන් දෙමින් සතුට පළකර ඇත. මෙම සමුළුවට ලේබර් පක්‍ෂයේ මන්ත්‍රීවරුන් 26 ක්‌ පැමිණ ඇත. ලේබර් පක්‍ෂයේ නිල නොවන විදේශ ලේකම් හිලරි බෙන්, සියොට්‌හාන් මැන්ටොනා, චුනා උඩුනා, ජෝන් මැක්‌ඩොනල් සහ කෙවින් වාස්‌ද සමුළුව අමතා ඇත.

ටැමිල්ස්‌ ෆො ලේබර් සමුළුවට චැනල් ෆො අධ්‍යක්‍ෂ කැලම් මැක්‌රේ සහ හිටපු බී.බී.සී. වාර්තාකාරිනී ප්‍රාන්සස්‌ හැරිසන්ද මේ අවස්‌ථාවට සහභාගි වී තිබේ.

කීර්ති වර්ණකුලසූරිය

වසර දෙදාහක බෞද්ධ නටඹුන් නසා ලියෑවෙන නැගෙනහිර අමුතු ඉතිහාස කතාව

වසර දෙදාහක බෞද්ධ නටඹුන් නසා ලියෑවෙන
නැගෙනහිර අමුතු ඉතිහාස කතාව
සොහොන මුස්‌ලිම් ආගමික නායකයකුගෙලු…
අවුරුදු දෙසීයක්‌ පරණයිලු..
සොහොනක්‌ තියනවග කියන්නෙ
වතුසුදු මල්ගස්‌ දෙකක්‌ නිසාලු…

වට්‌ටමඩු ප්‍රදේශයේ වසර දෙසීයක්‌ පැරණි මුස්‌ලිම් ජාතිකයෙක්‌ගේ සොහොන් තිබෙනවා. එතන අපේ ගල් කණුත් තිබෙනවා. දැන් එතන පල්ලියකුත් හදලා අලුත් ගම්මානයක්‌ හදන්න යනවා.” අයෙක්‌ මට කීවේය. අසන්නට ලැබුණු තොරතුරු කුහුල දනවන සුළුය. මම මා ප්‍රිය මිතුරු සමන් සමග ඒ සොහොන සොයා ගියෙමි.

අක්‌කරපත්තුව නගරයට පිවිසි අපි සාගම පොතුවිල් මාර්ගයේ ඉදිරියට ගියෙමු. ඩෝසර් කර බිමට සමතලා කරන ලද මොට්‌ටයාගොල ඉපැරණි පුද බිමද පසු විය. දෙපස කෙත්වතුය. ප්‍රධාන මාර්ගයෙන් වනපෙත දෙසට යනවිට සාගම වැව හමුවේ. වාහනයකට තබා පාපැදියකටවත් යාමට අපහසු මෙම මාර්ගයේ ගමන අතිශය දුෂ්කර විනි.

”මේ තියෙන්නේ මෙතන දාගැබක්‌. අර පේන තැනත් දාගැබක්‌, අර තියෙන්නේ ගල් කණු. අන්න අර හරියේ කවදාවත් හිෙ`දන්නේ නැති ක`ඵ දිය පොකුණක්‌ තිබෙනවා.” සමන් අවට වූ නටබුන් ගොඩැලි පෙන්වමින් යතුරුපැදිය පැදෙව්වේය. දෙපස පාළුය. තවත් දුර යනවිට හමුවන්නේ කලෙක කුඹුරු වගා කර අත් හරින ලද ඉඩම්ය. තැන් තැන්වල පෙර දිනයේ අලින් දැමු අලි වසුරුය.

”හැන්දෑවෙනකම් හිටියොත් අලි එනවා. සමහර වෙලාවේ දවල්ටත් අලි එනවා.” සමන් යළිත් හ`ඩ අවදි කළේය. ල`දු කැලෑවන් සහ ක`දු වැටි අතරින් හතර අතට වැලි පාරවල් පෙනේ. අප මහා මාර්ගයේ සිට මිනිස්‌ පු`ඵටක්‌ නැති අතුමග දිගේ කිලෝ මීටර් හත අටක්‌ පමණ පැමිණ තිබිණි. අප සොයා යන්නේ වසර දෙසීයක්‌ පැරණි ශ්‍රී ලාංකික මුස්‌ලිම්වරයකුගේ සොහොනකි. එම හැ`ගීම අප තුළත් යම් කුතුහලයක්‌ දනවයි. මේ අප සමග සියවස්‌ කාලයක්‌ එකට ජීවිතය බෙදාගත් මිනිසුන්ගේ සාධකනම් එය කොපමණ අසිරියක්‌ ද?.

අවසානයේ වසර දෙසීයක්‌ පැරණි යෑයි කියන සොහොන හමු විය. එය තිරුක්‌කෝවිල් ප්‍රාදේශිය ලේකම් කොට්‌ඨාසයේ ආරච්චිකට්‌ටුව ප්‍රදේශයේ පිහිටා තිබුණි. දෙපස ඉපැරණි ගල් කණු දෙකකි. එය යාකොට සිමෙන්ති ගඩොලින් බ`දින ලද සොහොන් ගැබ යෑයි කියන ස්‌ථානයට ඉහළින් කොළ පැහැති රෙදි හා කොඩි වැල් ඇද තිබිණි. ඉදිකිරීම හතර අත නිවීගිය හ`දුන්කුරු කොටස්‌ තිබුණි. සොහොන් කොත යෑයි කියනා ඉදිකිරීමේ සිමෙන්ති වලින් වට කළ කොටසේ එක්‌ පසෙක වතු සුද්ද පඳුරු කිහිපයක්‌ විය. අඩි 10ක්‌ 12ක්‌ උසට වන්නට සැකසු ස්‌මාරකයක්‌ද පසෙකින් තිබිණි. තහඩු ගසා ලෑලිවලින් මෑතකදි කරන ලද පල්ලියක්‌ද එම භුමියේ වූයේය.

සියල්ල පැහැදිලිය. මේ පවතින්නේ අනුරාධපුර යුගය තෙක්‌ දිවෙන පුරාණ ආරාමික නටබුන්වලින් උගුල්වාගත් ගල් කණු ය. මේ බෞද්ධ ආරාමික නටබුන් උගුලුවා ඒ ආශ්‍රයෙන් ඉදිවෙමින් ඇති මුස්‌ලිම් පල්ලිය බොහෝ අසුබ ඵල අනාගතයට ගෙන එනු ඇතැයි සිතේ. මේ රටේ පැවැත්ම සහතික වන්නේ එකිනෙකා එකිනෙකාගේ සංස්‌කෘතියට එහි හරයන්ට ගරු කිරීමෙන් පමණි. එහෙත් මේ මුස්‌ලිම් සහෝදරවරු මහා ව්‍යසනයක්‌ අපේක්‌ෂාවෙන් අශ්ලීල ප්‍රවේශයකට එළඹ සිටිති. කූරගලට සිදුවූයේත් මෙයමය. මේ පුංචි විඥානයක්‌ සහිත පරිණත නොවූ මිනිසුන් නැගෙනහිර බොදු උරුමය විනාශ කිරීමටත් එම උරුම සංකේත මුස්‌ලිම්කරණය කරගෙන අර්ථ දක්‌වන්නටත් කළ උත්සාහයේ මුල්ම අවස්‌ථාව මෙය නොවේ. පවතින රජය මෙවැනි සංස්‌කෘතික ව්‍යසනයන් නැවැත්වීමට නෛතික පදනම ශක්‌තිමත් නොකරන්නේනම්, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මේ ව්‍යසනයට ශාස්‌ත්‍රීයව මැදිහත් වී මේ බිම ස`දහා අර්ථකථනයක්‌ නොදෙන්නේනම් එය අවසන් විය හැකි ෙ€දවාචකයේ තරම අපට දැන් වැටහෙන්නේය.

මෙතැන ඇත්තේ මුස්‌ලිම් ජාතික ශුද්ධවරයකුගේ සොහොනක්‌ නම් එය පුරාවිද්‍යාත්මකව සිදුකළ යුතු වටිනා සොයාගැනීමකි. අවට පුද්ගලයන් පවසන්නේ මුස්‌ලිම් ආගමික නායකයෙක්‌ ලෙස හ`දුන්වන බාවා නමැති පූජකවරයාගේ සොහොන මෙය බවය. එහෙත් අපට පෙනෙන්නේ අඩුම තරමින් වසර දහසක්‌ පැරණි ආරාමික නටබුන් විතැන් වීමක්‌ය.

මෙම ස්‌ථානයට මීටර් දෙතුන් සියයකට එපිටින් වන වදුලෙන් වටව ගල් තලාවක පොතාන ඉපැරණි පුදබිම ඇත්තේය. එම ක`දු පර්වතය මත සාහසිකයන් විසින් විනාශ කරන ලද ඉපැරණි දාගාරී ගොඩැල්ලක්‌ය. වන පෙතට කිලෝ මීටර කිහිපයක්‌ ඔබ්බෙන් ඇත්තේ මාන්තොට්‌ටම ප්‍රදේශයය. එක්‌ පසෙක එදා කොටින්ගේ පරාදීසයක්‌වූ කංචිකුඩිආරු වනපෙතය. පෙනෙන මානයේ තැන් තැන්වල ගල්කණු සහ පියගැට පෙළවල සලකුණුය. අතීත බෞද්ධ උරුමයේ සාධක විනා වසර දෙසීයකට එපිට මිය ගිය මුසල්මානු ශුද්ධවරයෙකුගේ සොහොනක්‌ පිළිබ`ද සාධනීය තොරතුරු අපට පෙනෙන්නේ නැත.
අප එන අතරමග සාගම ප්‍රදේශයේදී හමුවූ අක්‌කරපත්තුව පදිංචි එම්. එච්. එම්. මොහොමඩ් මේ ස්‌ථානය ගැන කී කතාව සිහිවේ.

”මම කුඩා කාලයේ ඔතනට ගිහිල්ලා තියෙනවා. එතන සොහොන් ගැබක්‌ තිබිලා තියෙනවා. ඒ සොහොන් ගැබ තිබෙන්නේ පල්ලියට අයිති භූමියේ. එතන පූජක කෙනෙක්‌ ඉ`දලා තියෙනවා. එයාගේ සොහොන තමයි ඒ.” මොහොමඩ්ගේ කතාව කුහුල දැනවීය.

මෙම ස්‌මාරක සහිත ප්‍රදේශයට මදක්‌ ඔබ්බෙන් කූඹුරක සී සාමින් සිටි දමිළ වැසියන් කිහිප දෙනෙකු අපට තොරතුරු කියන්නට ඉදිරිපත් වූහ.
 

මුලින්ම කතා කළේ අක්‌කරපත්තුව පදිංචි ඉලේතම්බි රාඡේන්ද්‍රන්ය.

”ඔය ඉඩමේ හිමිකරු වන්නේ නාවුර්තම්බි ඕඩාර් කියන පුද්ගලයා. එයාගේ ඉඩමෙන් කොටසක්‌ තමයි එයා පල්ලිය ගහන්න ඉඩදිලා තියෙන්නේ. අක්‌කරපත්තුව වෙළෝද සංගමයෙන් තමයි ඔතන පල්ලිය හදන්නේ. ඔතන මැරිච්ච පූජක කෙනෙක්‌ගේ අවුරුදු 200 ක්‌ පැරණි සමාධියක්‌ කියලයි එයාලා කියන්නේ. එතන වතු සුද්ද මල් ගස්‌ වගයක්‌ තියෙනවා. ඒවායේ මල් පිපෙනවා. ඒක නිසා එයාලා හිතෙනවා එතෙන සොහොනක්‌ තියෙනවා කියලා. බාවා නමින් හ`දුන්වන මුස්‌ලිම් පූජකයෙක්‌ගේ කියලයි එයාලා කියන්නේ. වසර 04ක්‌ ඉ`දන් තමයි එතන සොහොනක්‌ හදලා තියෙන්නේ. ඒ අය විටින් විට ඇවිත් පූජා පවත්වලා යනවා. වසර 10ක පහලොවක කාලයේ සිට එතන ගල් කණු වැටිලා තිබ්බා. මේ අය ඒක කෙළින් කරලා ඉන්දලා තියෙනවා. අපි හිතෙන්නේ ඒ ගල් කණු මෙතන තියෙන පොතාන හරියේ පරණ පන්සලේ කියලයි.”

අනතුරුව අපට කතා කළේ ආලයඩිවෙම්බු එන්.රඝූපතිය.

”සිකුරාදට මෙතන තියෙන පල්ලියේ ජූජාවන් තියෙනවා. එතෙනට කිලෝ මීටර් 07ක්‌ 08ක්‌ දුර ඉ`දන් කට්‌ටිය එනවා. මුස්‌ලිම් ගම්මානයක්‌ එතන කලින් තිබ්බේ නැහැ. එතන කැලෑව තිබ්බේ. මේ අය එවා එළි කරලා තියෙනවා. මම අවුරුදු 10 ඉ`දන් තමයි මෙහි ආවේ. නමුත් ඉස්‌සර මෙතන මුස්‌ලිම් ගම්මානයක්‌ තිබ්බේ නැහැ. මේ ඉඩම් වගා කරන්න ගත්තේ පන්නල්ගම වැව හැදුවට පස්‌සේ.” යනුවෙන් රඝූපති කීවේය.

අක්‌කරපත්තුව සිංහල සංවිධානයේ ලේකම් එච්. සමන් කිවේ මෙවැනි කථාවකි.

”මම වසර 45ක්‌ තිස්‌සේ ජීවත් වුණේ අක්‌කරපත්තුවේ. ඔය සුසාන භූමියක්‌ කියන ස්‌ථානය වන සංරක්‌ෂණ දෙපාර්තමේන්තුවෙන් වන වගාවට වෙන් කළ එකක්‌. අපි තිරුක්‌කෝවිල් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් මෙම ප්‍රදේශයේ ඉඩම් පිsළිබ`ද සොයා බැලුවා. ඒවාට නිසි බලපත්‍ර ඔප්පු නැහැ. තියෙන්නේ පොටෝ කොපි කොළ. මෙම ප්‍රදේශයේ අඩියෙන් අඩිය තියෙන්නේ බෞද්ධ උරුමය. ඒවා දිනෙන් දින විනාශ කරනවා. මහා රෑ බැකෝa යන්ත්‍ර ක`දු වලට පවා නංවලා ඉපැරණි දාගැබ් වල හාරලා තියෙනවා. මම මෙවැනි ස්‌ථානයන් සොයා ගෙන පුරා විද්‍යා නිලධාරීන් පවා රැගෙන ගොස්‌ පෙන්නලා තියෙනවා. කොටි ත්‍රස්‌තවාදීන් සිටින සමයේ මේ ආකාරයෙන් පුරා වස්‌තු වලට හානි වුණේ නැහැ. තව්පික්‌ ජමාඩ් සංවිධානයේ තමයි එතන අ`ඵතින් පල්ලිය හදන්න කටයුතු කරන්නේ. මොට්‌ටයාගල දාගැබ මු`ඵමනින්ම බිමට සමතලා කළා. තිරුක්‌කෝවිල් දාගැබ දෙප`ඵ කළා. ඒක හදනවා කියලා ලක්‌ෂ 10ක්‌ වෙන් කළත් ඒ වැඩත් අතර මග නතර වෙලා. දිනෙන් දිනම මේ ආකාරයෙන් අම්පාර දිස්‌ත්‍රික්‌කයේ පුරා වස්‌තු විනාශ කරමින් නව ඉතිහාසයක්‌ බිහි කරන්නට යනවා. කරුණාකරලා මේ ගැන අවධානය යොමු කරන්න. මේ සිද්ධ වෙන්නෙ මේ රටේ සාමාන්‍ය මුස්‌ලිම් සහෝදරයන්ට අවශ්‍ය දේ නොවන වග අප කියන්න ඕනි.”

දිගාම`ඩුල්ල බෞද්ධ උරුමයන් රකින්නට මහත් වෙහෙසක්‌ ගන්නා අරන්තලා ජත්‍යන්තර බෞද්ධ මධ්‍යස්‌ථානාධිපති, අම්පාර විද්‍යානන්ද පරිවෙණාධිපති ශාස්‌ත්‍රපති පූජ්‍ය කිරිඳිවෙල සෝමරතන නාහිමියෝ මේ විපරිතය පිළිබ`ද අදහස්‌ පළ කළ අයුරු සිහිවේ.

දිනෙන් දිනම නැගෙනහිර ඉපැරණි බෞද්ධ උරුමය විනාශ වෙමින් තිබෙනවා. අපේ ඉපැරණි දාගැබ් ඩෝසර් වලින් බිමට සමතලා කරනවා. දාගැබක්‌ හොයා ගන්න බැරි විදිහට බිමට සමතලා කරලා දානවා. මහනාග රාජ සමයේ සෙල් ලිපි පවා තිබෙන අතීතයේ රුහුණට සම්බන්ධයෑයි තොරතුරු රැසක්‌ ආනාවරණය වන මොට්‌ටයාගල ඉපැරණි පුදබිමේ දාගැබ බිමට සමතලා කළා, තිරික්‌කෝවිල් දාගැබ ඩෝසරයක්‌ දාලා දෙපලු කළා. පුරා විද්‍යා එකෙන් නැවතත් තිබුණු තත්වයට හදනවා කියලා පටන් ගත්තා. ඒ වැඩ සති දෙක තුනකින් ඉවරයි. සාගම විශාල දාගැබක්‌ මේ ආකාරට නිධන් හාරන්න විනාශ කරලා තිබ්බා. අපි මේවාට විරුද්ධව දිගින් දිගටම හ`ඩ නගනවා. නමුත් මේවා රැක ගන්න නිසි වැඩ පිළිවෙලක්‌ නැහැ. වසර දෙසීයක්‌ පරණ මුස්‌ලිම් ජාතිකයකු සොහොන් ගැබක්‌ ඔතන තියෙන්න නම් 1816 දී එතන මුස්‌ලිම් ජනවාසයක්‌ තිබෙන්න ඕන. ඒ දවස්‌වල එතන තිබ්බේ ඝන කැලෑව. වසර දහස්‌ ගණනකට පෙර එම ප්‍රදේශය පුරාම තිබ්බේ සිංහල බෞද්ධ ජනවාස.”

”ඔය ප්‍රදේශය ඇතුළුව නැගෙනහිර ප්‍රදේශය පුරාම සෑම තැනම ගව්වෙන් ගව්ව විසිරී තිබෙන්නේ අපේ බෞද්ධ උරුමය. කොච්චර විනාශ කළත් අදටත් එම ප්‍රදේශයට යන අයෙකුට තවමත් ඒ අතීත උරුමයන් දකින්නට හැකියි. කොච්චර ගල් බෝර ගැසුවත්, කු`ඵ ගෙඩි පහරවල් ගැසුවත් තවමත් ඒ අතීත උරුමය අපේ වාසනාවට මෙන් විනාශ කරන්න බැරි වෙලා තියෙනවා. ක`ඵ ගලෙන් ජීවමාන බුදුරුව නිර්මාණය කළේ බෞද්ධ කලා කරුවන්, අපේ ඉපැරණි පුද බිමක්‌ ආසන්නයේ තිබෙන ගල් කණු උපයෝගි කොට ගනිමින් වසර 200 ක්‌ පැරණි මුස්‌ලිම් ජාතිකයෙකුගේ පුදබිමක්‌ තිබෙන බව කියනවා. මේ හැසිරීම කනගාටුදායකය. මෙම ස්‌ථානයේ ගල් කණු පිටතින් රැගෙනා ආ ඒවාද? එසේ නොමැති නම් මෙම ගල් කණු එම ස්‌ථානයේ තිබුණු අපේ උරුමයන්ද? සැබවින්ම මෙම ස්‌ථානයේ වසර 200ක්‌ පරණ මුස්‌ලිම් ආගමික නායකයෙකුගේ මළ සිරුරක්‌ තිබෙනවාද? එසේ තිබෙන්නේ නම් කොපමණ කාලයක්‌ පැරණී සිරුරක්‌ද කියා අපි පුරා විද්‍යා දෙපාර්තමේන්තුවෙන් පරීක්‌ෂණයක්‌ ආරම්භ කරන්න කියලා අපි ඉල්ලා සිටිනවා. අන්තවාදි කොටස්‌ ඉතා සූක්‌ෂම ආකාරයෙන් පුරා විද්‍යා උරුමයන් විනාශ කරන්න කටයුතු කරනවා. මේවන විට ඒ තත්වය උපරිම මට්‌ටමින් සිදුවෙමින් පවතිනවා.” සෝමරතන හිමියෝ කීහ.

කිසිදු ඓතිහාසික සාක්‌ෂියක්‌ නොමැතිව මල් තිබෙන නිසා මුස්‌ලිම් අයෙකුගේ සුසානයක්‌ ඇතැයි කියන්නේ නම් පේරාදෙණිය මල් වත්තත් සොහොන් බිමකි. මල් වැවී ඇත්තේ සිමෙන්ති ගඩොලින් මැදි කොට ඇති ස්‌ථානයේ කොටසකය. එය බැලූ බැල්මට මෑතකදී සිටුවන ලද්දක්‌ බව පෙනෙන්නේය. වෙළ`දාමට ශූර මුස්‌ලිම් ජාතිකයන් ශෛලමය නිර්මාණ සහිත කලාකෘති කළ බවට ඓතිහාසික සාක්‌ෂි නොවේ. වසර දෙසීයක්‌ පමණ පැරණිබවට ඔවුන් පෙන්වන ගල් කණුද වසර සිය දහස්‌ ගණනක පැරණි නිර්මාණයන් බව පෙනේ. මේ ආක්‍රමණයේ අල-ජී ස්‌වරූපය තේරුම් ගැනීම පහසුය.

වැඩිවන මුස්‌ලිම් ජනගහණයට ඉඩම් සොයා ගැනීම ස`දහා භාවිත වන ඉතා ප්‍රාථමික හා අසංස්‌කෘතික ක්‍රමය මෙයය. මුලින්ම කුඩා පල්ලියකි. අනතුරුව ඒ අවට ඉදිවන ගම්මානයකි. ලිපි ලේඛන ව්‍යාජය. මේ ආකාරයෙන් ව්‍යාජ ලිපි ලේඛන සපයමින් මේ වන විටත් අම්පාරේ නිත්ත හෙලගම්පුර සහ සීනි සමාගම විසින් ගොවීන්ට බෙදා දුන් උක්‌ ඉඩම්ද ජනපද වෙමින් ඇති අයුරු කාටවත් පෙනෙන්නේ නැත.

මේ නොදියුණු මිනිස්‌සුන්ට රටේ පවතිsන නීති ගැන කිසි තැකීමක්‌ නැත. තණ භූමියක්‌ ලෙස වට්‌ට මඩුවේ පැවැති ඉඩම් ඔවුහු අනවසරයෙන් වගා කළහ. වගා කටයුතු තහනම් කරන ලද්දේ බරපතළ විරෝධතා පැන නැගි පසුය. නමුත් මීට දින කිහිපයකට ඉහතදී මේ පිරිස්‌ අක්‌කරපත්තුවේදී මාධ්‍ය සාකච්ඡාවක්‌ පැවැත්වූහ. ඔවුන් පවසා සිටියේ තමන් ඉදිරියේදී බලයෙන් හෝ එම ඉඩම් වල වගා කටයුතු කරන බවය.

මේ මිනිසුන්ට නඩු නැතිවූයේ කෙසේ ද?. මුස්‌ලිම් ඇමතිවරු විල්පත්තුව වනසති. ඔවුන්ව ආදර්ශකොටගත් පිරිස්‌ රටේ නීතිය උල්ලංඝණය කරමින් ඉඩම් අත්පත් කරගනිති. පුරාවස්‌තු වනසති. අලුත් ඉතිහාසයක්‌ නිර්මාණය කරන්නට තනති. මේ අසංස්‌කෘතික සංහාරය ශිෂ්ට සම්පන්න මුසල්මානුවෙක්‌වත් ඉවසන්නේ නැත. එහෙත් අපේ ”ජාත්‍යන්තරවාදී ශිෂ්ටත්වය” අපව නපුංසකයන් කර ඇති අයුරු සිත් පාරවයි.

සුසන්ත අමරබන්දු

රටවල් දෙකක්‌ අපිට ඕනෑ විග්නේෂ්වරන් රජයෙන් ඉල්ලයි

රටවල් දෙකක්‌ අපිට ඕනෑ
විග්නේෂ්වරන් රජයෙන් ඉල්ලයි

කීර්ති වර්ණකුලසූරිය

ශ්‍රී ලංකාව තුළ රාජ්‍ය දෙකක්‌ පිහිටුවන ලෙස උතුරු මහ ඇමැති සී. විග්නේශ්වරන් රජයට යෝජනා කර ඇත. උතුරු නැගෙනහිර සඳහා එක්‌ රාජ්‍යයක්‌ හා අනිකුත් පළාත් හත සඳහා තවත් රාජ්‍යයක්‌ ද ස්‌ථාපිත කරන ලෙස ඔහු දන්වා තිබේ.

එසේම මුස්‌ලිම් ජනතාව වෙසෙන නැගෙනහිර ප්‍රදේශ හා උඩරට වතු ජනතාව ජීවත්වන ප්‍රදේශ ස්‌වාධීන ප්‍රදේශ (Aමඑදබදපදමි) ලෙස නම් කළ යුතු බවද විග්නේශ්වරන් රජයට යෝජනා කර ඇත. මේ යෝජනා විග්නේශ්වරන් විසින් ද්‍රවිඩ සන්ධාන නායක ආර්. සම්බන්ධන්ට බාරදී තිබේ.

එසේම උතුරු නැගෙනහිර වෙනම රටක්‌ විය යුතු බවද විග්නේශ්වරන් සිය යෝජනාවලියේ සඳහන් කර ඇත. මේ හැර උතුරු නැගෙනහිර සියලුම පරිපාලන ලියවිලි ද්‍රවිඩ භාෂාවෙන් සකස්‌ කළ යුතු බවත් පොලිස්‌ බලතලද ලබාදිය යුතු බවත් එම යෝජනාවලියේ දක්‌වා තිබේ.

කොටි කාන්තා බළකායේ හිටපු නායිකාව වූ තමිලිනිගේ “බෝම්බය”

කොටි කාන්තා බළකායේ හිටපු නායිකාව වූ
තමිලිනිගේ “බෝම්බය”

කොටි කාන්තා බළකායේ නායිකාව ලෙස ක්‍රියා කළේ සිවකාමි සිවසුබ්‍රමනියම් හෙවත් තමිලිනි 2009 මැයි 29 දා සිට 2013 වසර දක්‌වා පුනරුත්ථාපන කඳවුරක සිට අනතුරුව නිදහස්‌ වූවාය. එහෙත් පිළිකා රෝගයෙන් පෙළෙමින් සිටි ඇය 2015 වසරේ ඔක්‌තෝබර් මස මිය ගියාය. දැන් යළිත් වරක්‌ “තමිලිනි” උතුරේ දේශපාලන කරළිය වෙත පැමිණ ඇත. ඒ ඇගේ සැමියා විසින් ඔරු කුර්වාලින් නිශාහාලිල් නමැති ග්‍රන්ථය එළිදැක්‌වීමෙනි. තමිලිනි විසින් රචිත බව කියන මේ ග්‍රන්ථය පසුගිය සෙනසුරාදා කිලිනොච්චි සමුපකාර විදුහල් ශාලාවේදී එළිදැක්‌වුවත් ද්‍රවිඩ සංධානයේ කිසිම මන්ත්‍රීවරයකු ඊට පැමිණ සිටියේ නැත. අඩු වශයෙන් ප්‍රභාකරන්ගේ මස්‌සිනා වූ එම්. කේ. සිවාජිලිංගම් ද තමිලින්ගේ ග්‍රන්ථය දොරට වැඩීමේ උත්සවයට සහභාගිවීමෙන් වැළකී සිටියේය.

තමිලිනිගේ සැමියා වූ බ්‍රිතාන්‍ය පුරවැසියකු වන මහාදේවන් ජයකුමාරන් මේ ග්‍රන්ථය එළිදැක්‌වීමේ අවස්‌ථාවට සහභාගි වන ලෙස ද්‍රවිඩ සංධාන මන්ත්‍රී එස්‌. ශ්‍රී ධරන්ට ඇරයුම් කළත් එම ඉල්ලීම ප්‍රතික්‍ෂේප විය. තමිලිනිගේ ග්‍රන්ථය ප්‍රකාශයට පත් කිරීමෙන් වළකින ලෙස ශ්‍රීධරන් කිව්වා මේ ග්‍රන්ථය නිසා ශ්‍රී ලංකාවට එරෙහිව ගොනු කර ඇති යුද අපරාධ නඩුවට බරපතළ ප්‍රශ්නයක්‌ ඇතිවෙනවා. යෑයි ඔහු කියා සිටියා. එහෙත් එම ග්‍රන්ථයෙන් එවැනි ප්‍රශ්නයක්‌ ඇතිවන්නේ නැතැයි මා පැවසුවා යෑයි ජෙයකුමාරන් කියා සිටියේය.

ඊළම් ඩයස්‌පෝරාව මෙන්ම ද්‍රවිඩ සංධානය කැළඹීමකට පත් කළ තමිලිනිගේ ග්‍රන්ථයේ මෙලෙස සඳහන් විය. ආහාර බිඳක්‌ හෝ වතුර පොදක්‌ මෙන්ම සිටගෙන සිටීමට ඉඩමක්‌ නැතිව අපි සිටියා. ගරිල්ලා කාලතුවක්‌කු අනාථයන් අතර ස්‌ථානගත කර තිබූ අතර ඉන් රජයේ ස්‌ථානවලට ප්‍රහාර එල්ල කළා. යුද හමුදාවද ඊට දරුණු ලෙස ප්‍රතිචාරය දැක්‌වූවා. එය බිහිසුණු අවස්‌ථාවක්‌ උදව්වක්‌ නැති සිවිල් වැසියන් මාස ගණනක්‌ තිස්‌සේ තැනින් තැනට මාරු වුණා. අප අතරින් බරපතල වැරැද්දක්‌ සිදුවූ බව මට තේරුණා. අපි අපේම අයට එරෙහිව ක්‍රියා කරන බව වැටහුණා.

මෙම ග්‍රන්ථය සම්බන්ධයෙන් තමිලිනිගේ සැමියා වූ ජෙයකුමාරන් තවදුරටත් පැවසුවේ සිදුවූ දේ ගැන සත්‍ය හෙළි කිරීමට තම බිරියට අවශ්‍ය වූ බවත් ලෝකයා ඇත්ත දැන ගත යුතු බව ඇය කියා සිටි බවත්ය.

තමිලිනිගේ මෙම ජීවන චරිතයෙන් කොටි සංවිධානය විවේචනයට ලක්‌ කිරීම ද්‍රවිඩ සංධානයේ නොසතුටට හේතු විය. සිංහලයන් සමග සබඳතා පැවැත්වීම පවා ප්‍රභාකරන් විසින් තහනම් කර තිබූ බවත් හමුදාවේ පුනරුත්ථාපන වැඩපිළිවෙළ අගය කරන බවත් ඇය සිය ග්‍රන්ථයේ දක්‌වා තිබුණි.

එහෙත් 2009 වසරේ අත්අඩංගුවට පත් තමිලිනි 2015 වනතුරු කොටි ක්‍රියාකාරකම් විවේචනය නොකළේ මන්ද යන්න ප්‍රශ්නයකි. 2002 සටන් විරාමය ආරම්භ වීමටත් පසු තමිලිනි කළ ප්‍රකාශ රැසක්‌ කොටි වෙබ් අඩවිවලින් ප්‍රකාශ විය. ප්‍රභාකරන්ව කිසි දිනෙක පරාජය කළ නොහැකි බව ඇයවරක්‌ කියා සිටියාය. මේ පසුබිම මැද තමිලිනි සිය ග්‍රන්ථයෙන් කොටින්ව නිර්දය ලෙස විවේචනයට ලක්‌ කිරීම ද්‍රවිඩ සංධානය මත පතිත වූ බෝම්බයක්‌ විය.

ඇගේ ග්‍රන්ථය එළිදැක්‌වීමේ උත්සවයට හිටපු කොටි ක්‍රියාකාරීන් 200 ක්‌ පමණ සහභාගි වී ඇත.

අමාත්‍ය මනෝ ගනේෂන් තමිලිනිගේ ජීවන චරිතය රජයේ මුදල් වැයකළ සිංහල භාෂාවට නැඟීම භාරගෙන ඇත. මේ ග්‍රන්ථය සංහිඳියාවට වැදගත් බව හෙතෙම පවසා තිබේ. එහෙත් හිටපු කොටි කාන්තා බලකායේ නායිකාවගේ ජීවන චරිතය සිංහල භාෂාවට නැගීමට වැය වන්නේ රටේ ජනතාවගේ මුදල් ය.

මෙලෙස තමිලිනිගේ ග්‍රන්ථය එළිදැක්‌වුවත් ජිනීවා මානව හිමිකම් කවුන්සිලය ඇගේ ප්‍රකාශ පිළිගන්නේද? ශ්‍රී ලංකාවට එරෙහි පරීක්‍ෂණ පැවැත්වූ ජිනීවා පරීක්‍ෂණ මණ්‌ඩලය තමිල් සෙල්වන්ගේ පිරිස වූ සසීsරේකා කළ ප්‍රකාශ පවා පිළිගන්නේ නැත.

මේ අතර උතුරු පළාත් සභාවේ මහ ඇමැති විග්නේශ්වරන් සහ ද්‍රවිඩ සංධානය ද හිටපු කොටි ත්‍රස්‌තයන් 200 ක පිරිසට දේශපාලන සිරකරුවන් ලෙස හඳුන්වා ඔවුන්ව මුදා ගැනීමට දැඩි උත්සාහයක්‌ ගත්තේ ජිනීවා නිර්දේශය මත දේශීය අධිකරණය ස්‌ථාපිත කිරීම තුළින් එකී කොටින්ට ද චෝදනා එල්ලවන නිසාය.

මෙම කොටි ත්‍රස්‌තයන්ව මුදා ගැනීමට දියකඩුවාවේ සෝමානන්ද හිමි සහ ශක්‌තිවේල් පියනම ද ඉදිරිපත් වී ඇත. එහෙත් අත්අඩංගුවේ පසුවන කොටි අතර 2007 ඔක්‌තෝබර් 22 දා අළුයම අනුරාධපුර ගුවන් හමුදා කඳවුරට ප්‍රහාර ටල්ල කිරීමේ සිද්ධියට සම්බන්ධ කොටි මිසයිල බලකායේ ක්‍රියාකාරිකයකු වූ පී. අරවින්දන් සහ ගුවන් ඒකකයේ නායකයකු වූ රාසවල්ලන් තබෝa රූබන් සහ විල්පත්තු වනෝද්‍යානයේදී හමුදා නිලධාරීන් අටදෙනකු ඝාතනය කිරීමට සම්බන්ධ සූරියකාන්ත ජෙයචන්ද්‍රන් හෙවත් උදයන් හෙවත් අයියවන් සහ ශිවසීලන්, ශිවප්‍රකාශන් නොහොත් සත්‍යන් නමැත්තා ද වේ. අනුරාධපුර ගුවන් හමුදා කඳවුරට එල්ල වූ ත්‍රස්‌ත ප්‍රහාරයෙන් ගුවන් යානා 10 ක්‌ මුළුමනින්ම විනාශවූ අතර තවත් යානා හයක්‌ අර්ධ ලෙස හානියට පත් විය.

මෙම ත්‍රස්‌ත ප්‍රහාරයෙන් එම් අයි 24 ප්‍රහාරක හෙළිකොප්ටරයක්‌ ද බීච් ක්‍රාෆ්ට්‌ නමැති නිරීක්‍ෂණ යානාවක්‌ද පී ටී 6 යානා තුනක්‌ ද එම්. අයි. 17 හෙළිකොප්ටරයක්‌ ද නියමුවන් රකින යානා දෙකක්‌ ද ගුවන් ධාවන පථයේ තිබූ එම් අයි 24 ප්‍රහාරක හෙළිකොප්ටරයක්‌ ද විනාශ විය. මෙයට අමතරව ආරක්‍ෂක හමුදා සාමාජිකයන් 13 ක්‌ ද ජීවිතක්‍ෂයට පත් විය.

එල්ලාලන් මෙහෙයුම නමින් හඳුන්වනු ලැබ මෙම ත්‍රස්‌ත ප්‍රහාරයෙන් කළු කොටි 21 ක්‌ මිය ගියහ.

එම කොටි මෙහෙයුමේදී වින්ග් කමාන්ඩර් අමිල මොහොට්‌ටි ස්‌කොඩ්රන් ලීඩර් රුවන් විඡේරත්න පියාසර ලුතින්න ඒ. බි. එම්. සිල්වා පියාසර නිලධාරී එන්. ආර්. සියඹලාච්චි, බලලත් නිලධාරී කේ. වී. දයාරත්න කෝප්රල් එම්. පී. දීගල්ල – කෝප්රල් ඩබ්ලිව්. එම්. වර්ණකුලසූරිය, කෝප්‍රල් එම්. ඩබ්ලිව්. දිසානායක, කෝප්‍රල් ඊ. වී. එන්. දයාරත්න, කෝප්‍රල් ප්‍රීතිකුමාර, ලාන්ස්‌ කෝප්‍රල් එච්. ඊ. ප්‍රනාන්දු, ලාන්ස්‌ කෝප්‍රල් ගුණවර්ධන සහ කෝප්‍රල් ආර්. ඡේ. රත්නායක ද මරුමුවට පත් වූහ.

විල්පත්තුව වනෝද්‍යානයට එල්ලවු ත්‍රස්‌ත ප්‍රහාරයෙන් ගජබා රෙජිමේන්තුවේ ආඥපතිව සිටි කර්නල් ජයන්ත සුරවීර, මේජර් ජයරත්න ඇතුළු අටදෙනකු ඝාතනය වුණි.

විග්නේශ්වරන් සහ ද්‍රවිඩ සංධානය නිදහස්‌ කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින්නේ මෙවැනි කොටි ඝාතකයන්ද?

මෙවන් පසුබිමක්‌ මැද රුපියල් විසිපන් කෝටියක්‌ වටිනා එම් අයි 24 ප්‍රහාරක හෙළිකොප්ටරයක්‌ ත්‍රිකුණාමල උප්පාරු කලපුව අසලදී මිසයිල ප්‍රහාරයක්‌ එල්ල කර විනාශ කළ බව කියන නිශාන්තන් අරුලානන්දන් නමැත්තා ත්‍රිකුණාමල මහාධිකරණය විසින් මුදාහැර ඇත.

2000 ඔක්‌තෝබර් 23 වැනිදා මොහු මිසයිල ප්‍රහාරය එල්ල කළ රහස්‌ පොලිසිය විසින් තොරතුරු සොයාගෙන තිබුණි.

රැඳවුම් භාරයේ සිටින හිටපු කොටි ත්‍රස්‌තයන් අතර කොළඹට සි. 4 පුපුරණ ද්‍රව්‍ය හා අවි සැපයූ බවකියන තංගවේලු නිමලන් නමැත්තා ද වේ.

රැඳවුමේ භාරයේ සිටින හිටපු කොටි ත්‍රස්‌තයන් අතර 2006 වසරේ කොල්ලුපිටියේ පිත්තල හංදියේදි හිටපු ආරක්‍ෂක ලේකම්වරයා ඝාතනය කිරීම සඳහා සහය වූ පස්‌දෙනකු ද වේ. පොන්නසාමි කදිරගේසු සිවාජි, සිවාජිලිංගම් අරුරන්, දමනාදන් අයිසර් ශ්‍රීස්‌කන්ධරාජා ෂර්මා, චන්ද්‍රබෝන් සෙන්වචන්ද්‍රන් හෙවත් මයිකල් සහ ලෙල්ලයියා තයාලන් හෙවත් පරමනාදන් නමැති කොටින්ට එරෙහිව චෝදනා එල්ලවී තිබේ.

මේ කොටි දේශපාලන සිරකරුවන් යෑයි කිව හැකිද?

මෙම පසුබිම මැද වන්නි මෙහෙයුම තුළින් කොටි පරාජය වී වසර 7 සපිරෙන අවස්‌ථාවේ තවත් විශ්මයජනක තොරතුරක්‌ වාර්තා විය.

ඒ කොටි සංවිධානයේ මුහුදු කළු කොටි බළකාය අඩපණ කිරීමට හැකි වූයේ 2002 දී අත්සන් කළ සටන් විරාම ගිවිසුම නිසා බවට ආරක්‍ෂක අංශ පිරිසක්‌ රජයේ බලධාරීන්ට වාර්තාවක්‌ ලබාදීමයි.

මේ අපූරු වාර්තාව රජයේ බලධාරීන්ට ඉදිරිපත් කිරීමට වසර හතක්‌ ගත වූයේ මන්ද? එහෙත් සැබෑ තත්ත්වය කුමක්‌ද? 1987 ජුලි 5 දා වල්ලිපුරම් වසන්තන් හෙවත් කැප්ටන් මිලර් නමැති ත්‍රස්‌තයා පුපුරණ ද්‍රව්‍ය අඩංගු ට්‍රක්‌ රියක්‌ සමග නෙල්ලඩි හමුදා කඳවුරට කඩාවැදීම නිසා සෙබළුන් විශාල පිරිසක්‌ ඝාතනය විය. එදා සිට 2009 මැයි මස කොටි විනාශ වන තෙක්‌ කළු කොටි ප්‍රහාර 300 කට අධික සංඛ්‍යාවක්‌ සිදුවිය. 2009 පෙබරවාරි මස කළු කොටි ගුවන් බලකායේ නියමුවන් දෙදෙනෙක්‌ කොළඹ ගුවන් හමුදා මූලස්‌ථානයට හා කටුනායක ගුවන් කඳවුරට බෝම්බ දමා පලා යැමට දැරූ උත්සාහය ව්‍යර්ථ වී ඔවුන් ගුවන් ප්‍රහාරවලින් මරුමුවට පත් විය.

කොටි සංවිධානය ඉන්දුනීසියාවේ සුරබයා සිට කොටි නැවකින් ස්‌ලින් ගුවන් යානා දෙකක්‌ ගෙන ආවේ සටන් විරාම ගිවිසුම සමයේයි. මෙම යානා බංගලාදේශ කෘෂිරසායන සමාගමකින් මිලයට ගෙන ඉන්දුනීසියාවට ගෙන ගොස්‌ කැබලි කර ආපසු මෙරටට ගෙනැවිත් ඇත. කටුනායක ගුවන් හමුදා කඳවුර අසල මඩ වගුරකට වැටී තිබූ එක්‌ ස්‌ලින් යානාවක අනුක්‍රමික අංකය චෙක්‌ බුද්ධි සේවාව වෙත ලබාදීමෙන් පසු ස්‌ලින් යානා බංගලාදේශ සමාගමට අලෙවි කළ කාල සීමාවද හෙළිවිය. එසේම සටන් විරාම සමයේ ශ්‍රී ලංකා නාවික හමුදාවේ ප්‍රහාරක යානාවලට මි.මී. 23 බලගතු ප්‍රහාරක අවි නොතිබුණි. ඒ නිසා මුහුදු කොටින්ට ප්‍රහාර එල්ල කිරීමට නොහැකි විය. ඇමරිකානු රජය වසර 20 ක්‌ පැරණි කරේජස්‌ නමැති වෙරළාරක්‍ෂක යානාව මෙරටට ලබා දුන්නේද සටන් විරාම ගිවිසුම සමයේයි. එය අළුත්වැඩියා කිරීමට ඩොලර් මිලියන 300 ක්‌ වැය විය. නැවට අවි සවි කිරීම ද චීනයෙන් ලබාගත් ප්‍රහාරක අවි නැවේ සවි කිරීම සඳහාද ඇමරිකානු රජය ඉඩ දුන්නේ නැත. කරේජස්‌a නැව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සයුර යෑයි නම් කෙරුණි. සයුර නැවේ තිබූ ප්‍රබල චීන අවිවලින් කළු කොටි බෝට්‌ටු රැසක්‌ විනාශ කිරීමට හැකි විය. එසේම සටන්විරාම සමයේ කොටි ආයුධ රැසක්‌ ගෙන්වා ගැනීමට ක්‍රියා කළේය. මේ තත්ත්වය මත සටන් විරාම ගිවිසුම නිසා කළු කොටි මුහුදු බළකාය වැනසුනේ යෑයි වසර ගණනට පසු පවසන්නේ කුමන අරමුණකින්ද? සටන් විරාම ගිවිසුම සමයේ ත්‍රිකුණාමල මුහුදේ මුහුදු කලාපයක්‌ ලබා දෙන ලෙස කොටි සංවිධානය ඉල්ලා සිටියේය. හිටපු ආරක්‍ෂක බලධාරියෙක්‌ එම ඉල්ලීම එවකට නාවික හමුදාපති දයා සඳගිරි වෙත යොමු කළත් ඔහු ඊට එකඟවීම ප්‍රතික්‍ෂේප කළේය. නාවික හමුදාවේ හිටපු ජ්‍යෙෂ්ඨ නිලධාරියකු වූ රියර් අද්මිරාල් සරත් වීරසේකර වරක්‌ පැවසුවේ සටන් විරාම සමයේ කොටි සංවිධානය ආයුද රැගෙන බෝට්‌ටුවලින් පැමිණෙන අවස්‌ථාවේ එකී බෝට්‌ටු අල්ලා ගැනීම සටන් විරාම නිරීක්‍ෂණ කමිටුව ව්‍යර්ථ කළ බවයි. වරක්‌ ආයුධ රැගත් කොටි බෝට්‌ටුවක්‌ නාවික හමුදාව වැටලූ අවස්‌ථාවේ එය බේරා ගැනීමට සටන් විරාම නිරීක්‍ෂණ කමිටුව ඉදිරිපත් වූ බව හෙතෙම පැවසීය.

මෙලෙස අතීතය වසන් කරමින් නව ආරක්‍ෂක බුද්ධි වාර්තා ප්‍රකාශයට පත් වීම මවිතයක්‌ නොවේද? මේ අතර තමිල්නාඩුවේ චෙන්නායි ගුවන් තොටුපළේ අධ්‍යක්‍ෂ දීපක්‌a ශාස්‌ත්‍රි ඇතුළු විමර්ශන කණ්‌ඩායමක්‌ පසුගියදා පලාලි ගුවන්තොටුපලට පැමිණියහ. ඔවුන් පැමිණියේ පලාලි ගුවන්තොටුපළ වැඩි දියුණු කිරීම සඳහා වූ නිරීක්‍ෂණ ඉදිරිපත් කිරීමටය. එම නිරීක්‍ෂණ කණ්‌ඩායම රජයට නිර්දේශයක්‌ ඉදිරිපත් කරමින් අලුතින් ඉඩම් අත්පත් කර ගැනීමකින් තොරව පලාලි ගුවන් තොටුපල සංවර්ධනය කළ හැකි බව කියා සිටියේය.

මෙවන් පසුබිමක්‌ මැද ද්‍රවිඩ සංධාන නායක ආර්. සම්බන්ධන් මෙරට ඇමරිකානු තානාපති අටුqල් කෙශාප් හමුවී සංහිඳියාව සහ යෝජිත ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව ගැන සාකච්ඡා පවත්වා ඇත.

මින් තහවුරු වූයේ කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලය මෙරට අභ්‍යන්තර කටයුතුවලට බරපතල ලෙසින් මැදිහත්වීමයි.

මඩකලපුවේ කල්ලඩි ගි්‍රන් හෝටලයේ පැවැති සමුළුවක්‌ ඇමතූ ද්‍රවිඩ සංධාන මන්ත්‍රී එස්‌ වියලෙන්ද්‍රන් ද ප්‍රකාශයක්‌ කරමින් ශ්‍රී ලංකා රජය පළාත් සභාවලට ඉඩම් හා පොලිස්‌ බලතල ලබා දිය යුතු බව කියා සිටියේය. කැනඩාවේ රජය නගර සභාවලට පොලිස්‌ බලතල දී තිබෙන නිසා ශ්‍රී ලංකාවටද එම ක්‍රියාමාර්ගය අනුගමනය කළ යුතු යෑයි ඔහු තවදුරටත් සඳහන් කළේය.

රජයේ සංහිඳියා ක්‍රියාමාර්ගයට අදාළ තොරතුරු ද මේ සතියේදී හෙළි විය. මෙම සංහිඳියා ක්‍රියාමාර්ගයට සත්‍ය සෙවීමේ කොමිසමක්‌ මෙනම වගවීමට අදාළ යාන්ත්‍රණයක්‌ ස්‌ථාපිත කිරීමටද කටයුතු කෙරේ. මේ වගවීම යාන්ත්‍රණය සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු හෙළිවී නැත.

මේ අතර කොටි කාන්තා බළකායේ හිටපු නායිකාව වූ තමිලිනිගේ ග්‍රන්ථය එළි දැක්‌වීම සඳහා රජයේ අවසරය ලබා ගැනීමට මැදිහත්වී ඇත්තේ මැතිවරණ සමයේ අටවාගත් සංවිධානයක ක්‍රියාකාරියකු වූ චිත්‍රපටකරුවකු බව අනාවරණයවී ඇත.

ප්‍රභාකරන් මිනිස්‌ ඝාතන සිදු කරද්දී තමිලිනිගේ කාන්තා බළකාය ද්‍රවිඩ තරුණියන් පැහැරගෙන යද්දී මොහු සිටියේ කොහේද? මේ අන්දමට ප්‍රභාකරන්ගේ පුත් චාල්ස්‌ ඇන්තනි හා බිරිය මදිවදිනි ගැන ග්‍රන්ථ එළිදැක්‌වුවොත් ඊටද ඉඩ දිය යුතුද?

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මේ සතියේදී යළිත් වරක්‌ ප්‍රකාශයක්‌ කරමින් මානව හිමිකම් උල්ලංඝනය වීම් ගැන සිදු කරන පරීක්‍ෂණයට විදේශ විනිසුරුවරුන් සම්බන්ධ කරගන්නේ නැතැයි කියා සිටියේය.

මෙම ප්‍රකාශයට ප්‍රතිචාර දැක්‌වූ එක්‌සත් ජාතීන්ගේ ප්‍රකාශකයකු පැවසුවේ මානව හිමිකම් උල්ලංඝනය වීම ගැන නිසි නිවැරැදි පරීක්‍ෂණයක්‌ අවශ්‍ය බවයි.

කීර්ති වර්ණකුලසූරිය

වන්නි මෙහෙයුමේදී ද්‍රවිඩ සිවිල් වැසියන් 7721 ක්‌ මිය ගිහින් එක්‌සත් ජාතීන්ගේ රහස්‌ වාර්තාවක්‌ කියයි

වන්නි මෙහෙයුමේදී ද්‍රවිඩ සිවිල් වැසියන් 7721 ක්‌ මිය ගිහින්
එක්‌සත් ජාතීන්ගේ රහස්‌ වාර්තාවක්‌ කියයි

කීර්ති වර්ණකුලසූරිය

වන්නි මෙහෙයුමේදී මියගිය ද්‍රවිඩ සිවිල් වැසියන්ගේ සංඛ්‍යාව 7721 ක්‌ බව එක්‌සත් ජාතීන්ගේ රහස්‌ වාර්තාවකින් හෙළිවී ඇත.

එහෙත් මෙම රහස්‌ වාර්තාව සාවද්‍ය ලෙස සංශෝධනයට ලක්‌කරමින් එය 40,000 ක්‌ දක්‌වා වැඩිකර තිබේ.

කොටි ජාත්‍යන්තර ජාලයද මියගිය ද්‍රවිඩ සිවිල් වැසියන් සංඛ්‍යාව 7398 ක්‌ බවට හෙළිකර තිබේ.

රාජ්‍ය නොවන සංවිධාන හා ඊළාම් ඩයස්‌පෝරාව විසින් ශ්‍රී ලංකාව දුෂ්කරතාවයකට පත්කිරීමට මියගිය සංඛ්‍යාව වෙනස්‌ කළා යෑයි මානව හිමිකම් කවුන්සිලයේ ආරංචි මාර්ග පැවැසීය.

පසුව එකී සංඛ්‍යාව හිටපු බී. බී. සී. වාර්තාකාර ප්‍රැන්සිස්‌ හැරිසන් 146000 දක්‌වා වැඩිකර ඇත.

Categories

Balawegaya Flickr Photos

Different countries have visited this site

Free counters!