//

සිංහල අලුත් අවුරුද්ද

This category contains 7 posts

අවුරුදු හැටඅටක නිදහසේ ගමන් මඟ

අවුරුදු හැටඅටක නිදහසේ ගමන් මඟ

ඇස්‌. බී. කරල්ලියද්ද

මේ එළැඹ ඇත්තේ අප නිදහස ලබා ගතවූ හැටඅට වැනි අවුරුද්දයි. නවසිය පනස්‌වැනි දශකය මැද භාගය වන තුරු රට තුළ යහපත් හා සාමකාමී පරිසරයක්‌ පැවතියේය. නිදහසට පෙර සිට ආරම්භ වූ යෝධ වාරිමාර්ග හා ගොවි ජනපදවල විපුල ප්‍රයෝජන ජනතාවට අත්විඳීමට හැකිවූයේ නිදහසේ උදාවත් සමඟය. එදා සිටි ජන නායකයන් වූ ඩී. ඇස්‌. සේනානායක ප්‍රමුඛ සිංහල, ද්‍රවිඩ, මුස්‌ලිම් නායකයන් ජනතා නායකයන් මිස දේශපාලන පක්‌ෂ නියෝජනය කළ අයවලුන් නොවූ බැවින් ඔවුන් ක්‍රියා කළේ මව්බිමේ පොදු සංවර්ධනය හා උන්නතිය අරමුණු කොටගෙනය. රටේ යහපත හා දියුණුව සඳහා සිය ශ්‍රමය මෙන්ම ධනයද ලබාදීමෙනි. අද වැඩ බිම්වල දකින යෝධ යන්ත්‍ර සූත්‍ර එදා නොතිබුණි. රටේ නායකයන් වැඩ කරන ජනතාව සමඟ පැල්පත්වල මදුරු උවදුරට ලක්‌වෙමින් සංවර්ධන කාර්යයන්ට ශ්‍රම දායකත්වය මෙන්ම ජාතියට ආදර්ශ ලබා දුන්නේ එපරිද්දෙනි. එසේ ගොඩනැඟුණු ගොවිබිම් ජනාවාස නගර අතරට පොළොන්නරුව, කලාවැව, මින්නේරිය, ඇලහැර ආදී රජරට මෙන්ම මිනිපේ, දේවහූව ආදී මැදරටද ඉරණමඩු වැනි උතුරේද කන්තලේ අල්ලේ වැනි නැගෙනහිර සංවර්ධනය ඇතුළු තවත් බොහෝ සංවර්ධනය කරන ලද ප්‍රදේශ ඇතුළත් විය. අද අප ආහාරයෙන් ස්‌වයංපෝෂිතව ඇත්තේ එබැවිනි. එදා මේ සියලුම දැවැන්ත ප්‍රතිසංවර්ධන හා සංවර්ධන ව්‍යාපෘති දේශීය ඉංජිනේරුවරුන් හා තාක්‌ෂණ ශිල්පීන්ගේ දේශීය තාක්‌ෂණයෙන් හා ශිල්පීය දැනීමෙන් කිසිදු විදේශීය ණය ආධාර හෝ මූල්‍යමය පරිත්‍යාගයෙන් තොරව සිදුවිය. මේ ක්‍රියාදාමයන්හි ප්‍රතිඵල අද වන විට පරම්පරා පහක්‌ පමණ භුක්‌ති විඳිමින් සිටී. හැත්තෑවේ දශකය වන විට රටේ තරුණ කැරැල්ලක්‌ ආරම්භ වූයෙන් පැවති රජයට වසර දෙකක පමණ කාලයක්‌ එය මැඬපැවැත්වීම සඳහා අවධානය යොමුකොට සුදුසු ක්‍රියාමාර්ග ගැනීමට සිදුවිය. රටේ ඉදිරි ගමනට එයින් අවහිරතාවක්‌ ඇතිවිය. ජනරජ ව්‍යවස්‌ථාව පාර්ලිමේන්තුවේ සම්මත වූයේද මේ කාලවකවානුවේදීය. හැත්තෑවන දශකය මැද භාගය වන විට රට මුහුණපෑ ආර්ථික හා සමාජ ප්‍රශ්න නිසා රටේ දියුණුවට හා සංවර්ධනයට බාධා ඇතිවිය. ඉන්පසුව පැන නැගි දකුණේ තරුණ

කැරැල්ලට මෙන්ම උතුරේ දියත් වූ රට දෙකඩ කිරීමේ මිනීමරාගෙන මැරෙන බෙදුම්වාදී යුද්ධයටද පැවැති රජයට මුහුණපෑමට සිදුවිය. එවන් අභියෝග හා දුෂ්කරතා රැසකට මුහුණ දෙමින් රටේ දැවැන්තම සංවර්ධන ව්‍යාපෘතිය වූ අවුරුදු තිහකින් නිම කිරීමට සැලසුම් කර තිබූ මහවැලි ගඟ උතුරට හැරවීමේ යෝධ ක්‍රියාදාමය කඩිනම් මහවැලි සංවර්ධන ව්‍යාපෘතිය නමින් අවුරුදු හයකින් නිම කිරීම රජය ලත් ජයග්‍රහණයකි. ඒ සමඟම ඒ හා බැඳි බහුකාර්ය සංවර්ධන වැඩසටහන් වූ විදුලිබලය නිෂ්පාදනය නව ජනාවාස හා ගම්මාන බිහිකිරීම නව නගර නිර්මාණය කිරීමටද හැකිවිය. සංවෘත වූ ආර්ථික ක්‍රමය විවෘත කර අපනයන ආනයන කටයුතු දියුණු කිරීම, නිදහස්‌ වෙළෙඳ කලාප ඇති කිරීම ආදියෙන් ජාත්‍යන්තරව වෙළෙඳ කටයුතු දියුණු කිරීමටද රටේ ජාතික නිෂ්පාදනයට මෙන්ම දළ දේශීය ආදායම මෙන්ම ඒක පුද්ගල ආදායමද වැඩි කරවා ගැනීමද අප ලත් සමහර ජයග්‍රහණයන්ය. තිස්‌ අවුරුද්දක්‌ ඉක්‌මවා රට තුළ පැවති යුද්ධයෙන් ත්‍රිවිධ හමුදාවත් සමඟ යුද්ධ පිටියේදීම ජය අත්කර දීමෙන් මහින්ද රාජපක්‌ෂ ජනාධිපතිතුමාගේ නම මතු ඉතිහාසයට එක්‌වන්නේ පෙර අපගේ රජ දරුවන්ගේ නම්වලට සමාන සමාජ ගෞරවයක්‌ හා පිළිගැනීමකට ලක්‌වීමෙනි.

අපි අවුරුදු හැටහතක නිදහසින් පස්‌ අවුරුද්දක්‌ පමණ ඡේ.වී.පී. ත්‍රස්‌තවාදයෙන්ද, අවුරුදු තිස්‌පහක්‌ පමණ බෙදුම්වාදී ඊළාම් යුද්ධය නිසාද රටේ ඉදිරි ගමන් මඟ අවහිර වූ පසුගාමී වූ ජාතියකි. දෙවැනි ලෝක යුද්ධයෙන් පසු අප සමඟම නිදහස ලබාගත් ජපානය, ඉන්දියාව, බුරුමය, මැලේසියාව, සිංගප්පූරුව, චීනය ආදී රටවල් අද අපට ඉදිරියෙන් සිටී. දෙවැනි මහා ලෝක යුද්ධයෙන් සුන්නද්ධූලී වූ ජපානය අද බටහිර රටවලටද ණය ආධාර සපයයි. එම රටවල් නවීන විද්‍යාවෙන් හා තාක්‌ෂණයෙන් අත් කරගෙන ඇති දියුණුව හා සසඳන විට අපට තවමත් අප රටේ නිෂ්පාදිත එළවළු, පලතරු ආදියෙක්‌ අතිරික්‌තය

රැස්‌කර කල් තබාගෙන ප්‍රයෝජනයට ගැනීමට තරම්වත් අවශ්‍ය තාක්‌ෂණ හා විද්‍යාත්මක ක්‍රමවේදයන්හි දියුණුවක්‌ ලබා ගැනීමටවත් අපොහොසත්ය. අප රටේ අතිරික්‌ත එළවළු හා පලතුරු වර්ග ආර්ථික මධ්‍යස්‌ථානවලින් ටොන් ගණනින් ඉවත් කරන අයුරු රූපවාහිනියෙන් නිතර දැකගත හැක.

ගම්බද ආර්ථිකය ඉදිරියට ගියේ නැත

අප රටේ ජනගහනයෙන් සියයට අසූවක්‌ම ජීවත් වන්නේ ගම්වලය. ගම තවමත් වානිජකරණයට හෝ නව තාක්‍ෂණය වැළඳගෙන පෙරට ගොස්‌ නැත. වෙනත් ආසියාතික රටවල නම් ගම තුළ කර්මාන්ත මගින් නිෂ්පාදනය වන නොයෙක්‌ විද්යුත් හා ඉලෙක්‌ට්‍රොනික්‌ භාණ්‌ඩ හා ඒවාට අවශ්‍ය නිමි කොටස්‌ ගම තුළම නිෂ්පාදනය කරන එකලස්‌ කරන මධ්‍යස්‌ථාන එරට ගෘහ කර්මාන්ත වශයෙන් පවත්වාගෙන යයි. තායිවානය, ජපානය, මැලේසියාව, තායිsලන්තය, සිංගප්පූරුව වැනි රටවල් එයට උදාහරණය. මෘදුකාංග නිෂ්පාදනය ඉන්දියාවේ ගෘහ කර්මාන්තයක්‌ වශයෙන් දියුණු වී ඇමරිකා ආදී බටහිර වෙළෙඳපොළටද සපයයි. අපේ ගම්වල තිබූ අත් යන්ත්‍ර පේෂ කර්මාන්තය යුගයට ගැළපෙන අන්දමට දියුණුවී නැත. ගමේ නිෂ්පාදනයන් වන සුළු අපනයන භෝග කරාබු, එනසාල්, ගම්මිරිස්‌, කුරුඳු, කෝපි, කොකෝවා වැනි නිෂ්පාදනයන්ට වැඩි අගයක්‌ ලබාදී ඒවා නිමි පාරිභෝගික භාණ්‌ඩ වශයෙන් අපනයනය කිරීමේ කර්මාන්තශාලා ගම තුළ ඉදිවී නැත. ඌවේ දෙහි, දොඩම් අතිරික්‌ත රජරට පලතුරු වර්ග ආශ්‍රිත අපනයන කර්මාන්ත ශාලා තබා ඒවා රට තුළම

රැස්‌කර තබා ගැනීමේ ශීත ගබඩා ජාලයක්‌ හෝ අපට නැත. තඹ, පිත්තල. වැනි ලෝහවලින් නිෂ්පාදිත ගෘහ අලංකරණ භාණ්‌ඩ කර්මාන්තයද එදා පැවති ගතානුගතික තත්ත්වයේමය. ඉරානය මෙවැනි අලංකරණ භාණ්‌ඩ හා මෙවලම් ලෝක වෙළෙඳපොළට යවයි. අපි කර ඇත්තේ පුරාඡේරු දේශපාලන කතාවලින් ජනතාව රවටා තබා ගැනීමයි. බලය ප්‍රයෝජනයට ගනිමින් හත්මුතු පරම්පරාවටම ඇති පමණ ධනය රැස්‌කර ගැනීමය.

නව ව්‍යවස්‌ථාවක්‌

මෙම අවුරුදු හැටහතටම අප සෝල්බරි ව්‍යවස්‌ථාව, සමාජවාදී ප්‍රජාතන්ත්‍රවාදී ජනරජ ව්‍යවස්‌ථාව, විධායක ජනාධිපති ව්‍යවස්‌ථාව ආදී විවිධ ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවන් අත්හදා බලා ඇත්තෙමු. සෝල්බරි ව්‍යවස්‌ථාව වෙස්‌ට්‌ මිනිස්‌ටර් පාර්ලිමේන්තු සම්ප්‍රදාය අප පිට පැටවූවකි. සමාජවාදී ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යවස්‌ථාව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ව්‍යවස්‌ථාදායක මණ්‌ඩලයක්‌ මෙන් ක්‍රියා කොට සම්මත කරගත් ව්‍යවස්‌ථාවකි. අද නව ව්‍යවස්‌ථාවක අවශ්‍යතාව සියලුම දේශපාලන පක්‍ෂ මෙන්ම රටේ පොදු ජනතාවද අවධාරණය කරන අවස්‌ථාවකට අප පැමිණ ඇත. එම අවශ්‍යතාව ජනතා සිතුම් පැතුම් පරිදි සපුරාලීමට අවශ්‍ය පහසුකම් හා අවස්‌ථාව සැපයීම පාලකයන් සතු වගකීමකි. මෙතෙක්‌ අප පාලනය වූ ව්‍යවස්‌ථා සියල්ලෙන්ම සිදු වූයේ පාලකයන්ගේ සිතුම් පැතුම් ඉටුකර ගැනීම මිස ජනතා අපේක්‍ෂාවන් හා අභිලාෂයන් ඉටුකර ගැනීම නොවේ. මෙතෙක්‌ සිදුවූයේ පාර්ලිමේන්තුවට පත්වූ මන්ත්‍රීවරුන් ලවා ව්‍යවස්‌ථාවක්‌ සම්මත කර එය අනුව ජනතාව පාලනය කිරීමය.

පාර්ලිමේන්තු නියෝජනයක්‌ නැති විවිධ ක්‌ෂේත්‍රවල රටේ උගතුන්, බුද්ධිමතුන්, විද්වතුන්, විද්‍යාඥයන්, ඉංජිනේරු වෛද්‍ය ආදී විශේෂඥයන් මෙන්ම ආගමික නායකයන් ආදීන් මෙම ක්‍රියාදාමයට දායකත්වයක්‌ ලබා දුන්නේ නැත. එබැවින් රටේ විවිධ ක්‌ෂේත්‍රවල මෙන්ම විවිධ ප්‍රදේශ තුළ විසිරී පවතින ඥන හා දැනීම් සම්භාරය නව ව්‍යවස්‌ථාව සම්පාදනයේදී ලබාගත යුතුය. ඒ නිසා මෙම අදහස්‌ හා යෝජනා ලබා ගැනීම ප්‍රාදේශීය මට්‌ටමින් දිස්‌ත්‍රික්‌ මට්‌ටමින් මෙන්ම පළාත් මට්‌ටමින්ද සිදු කිරීම අවශ්‍ය වේ. අප මේ දක්‌වා පාලනය වී ඇත්තේ ජනතාවගේ සිතුම් පැතුම් හා අභිලාෂයන් අනුව ජනතාව වෙනුවෙන් ජනතාව සඳහා වූ ජනතාවගේ ව්‍යවස්‌ථාවකින් නොවේ. සුදු අධිරාජ්‍යවාදීන් අප පිට පැටවූ මොඩලයකට එහෙන් මෙහෙන් පැලැස්‌තර දමාය.

 

Advertisements

අලුත් අවුරුද්දට අලුත් සිතුවිල්ලක්‌…

අලුත් අවුරුද්දට අලුත් සිතුවිල්ලක්‌…

ඇවිද ලඳු දෙණි කැලෑ බිම්වල
රැගෙන විත් තුන්හිරියා පන් කොළ
යොදා කුකුළු සායම් රතු හා කොළ
වියා නෙක්‌ විසිතුරු රටා පැදුරු
රටාවක්‌ බව මේ මහා විශ්වය.

මේ පැරණි ගම හා එහි තිබූ නොකිළිටි බවේ සුවඳ, සෞභාග්‍යය මහගමසේකරයන් දුටු අයුරුයි. එළැඹෙන අලුත් අවුරුද්දේදී අපේ පරිසරය කෙසේ සංරක්‍ෂණය කරගත යුතු දැයි සිතා ගත හැකි මාන බොහොමයක්‌ මේ ගීතයේ අන්තර්ගතය. නව වසරේදී අපේ පරිසරයට ගරුකිරීම සඳහා අප’තින් කුමක්‌ ඉටු විය යුතුව ඇත්දැයි මදක්‌ සිතා බැලීම පුරවැසි අපට පැවරී ඇති මහා කාර්යයකි.

මෙහි ඇරඹුම ලෙස ගංවතුර හා ඉන් සිදුවන අප්‍රමාණ හානි පිළිබඳව සලකා බැලීම අගනේය. වැසි කල එළැඹෙත්ම වියළී ඉරිතැලී ගිය වැව් පිටි මඳින් මද පෙඟී අනතුරුව මහා සාගර සේ දිස්‌වනු අපට ප්‍රත්‍යක්‍ෂ සාක්‍ෂියකි. එවිට වහ වහා වැව්වල වාං දොරටු විවෘත කෙරේ. ඒ ජලකඳට අසුවීමට ඉඩ ඇති නිවෙස්‌ වැසියන් ආරක්‍ෂිත ස්‌ථාන කරා යොමු කෙරේ. ඉනුත් නොනැවතීs ගංවතුරින් අසරණ වූවනට වියළි ආහාර සලාක, බෙහෙත් හේත්, ඇඳුම් පැළඳුම්, ගංවතුර සහනාධාර බෙදා හරිනු දැකිය හැකිය. මේ වියළි කලාපයේ ගංවතුරවලදීය.

තෙත් කලාපයේ තත්ත්වය මෙයට වෙනස්‌ය. “වඳුරකු පිණි සෙලවූවත් ගංවතුර ගලන” පහත්බිම් යටවීම මෙහි යථා ස්‌වභාවයයි. මේ අවස්‌ථා දෙකෙහිදීම අපගේ අත්දැකීම වන්නේ ගංවතුරට පාදක වූ ප්‍රධාන කාරණය තද වැසි ඇතිවීම නොවන බවය. ඉන් එහා ගිය අපගේ හෘදය සාක්‍ෂිය අපට දොස්‌ පවරන හේතුවක්‌ මෙහි මුල් හේතුපාදකය වී ඇත.

වැසි කාලය ගංවතුරෙන් සිදුවන හානියට පමණක්‌ සීමා නොවේ. ගංවතුරෙන් පසු අවධියේදී, මදුරු වසංගත, බෝවන රෝග, ඩෙංගු, අතීසාරය ආදී අනේකවිධ අතුරු උපද්‍රව දලු ලා ගෙන එයි. මේ සා විශාල ව්‍යසනයන් වැස්‌සට පසු ඇතිවන්නේ ඇයි? මේ ප්‍රශ්නවලට අප විසින් පිළිතුරු සෙවිය යුතු කාලය එළැඹ ඇත. මෙය වහා පිළියම් සෙවිය යුතු යෙදිය යුතු ජාතික ප්‍රශ්නයකි.

දිවයිssssනේ විවිධ ප්‍රදේශවලින් නැගෙන අෙ¹aනාවක්‌ ලෙස “කුණු කඳු නිසා පරිසරය විනාශ වීම” පිළිබඳ චෝදනාව දැක්‌විය හැකිය. මේ කුණු කඳු බිහි වූයේ කෙසේද? දිරාපත් නොවන පොලිතීන්, යෝගට්‌ කෝප්ප, ප්aලාස්‌ටික්‌ බෝතල්, ප්ලාස්‌ටික්‌ අසුරුම්, අයිස්‌ක්‍රීම් කෝප්ප ආදිය එකතුවීමෙනි. අප විසින්ම නිර්මාණය කරගෙන ඇති මේ ජාතියේ අවාසනාවට නැවතීමේ තිත තැබීමට කාලය එළැඹ ඇත.

අද ශ්‍රී ලංකාව මුහුණ දී ඇති සෞඛ්‍ය ප්‍රශ්න අතරින් ප්‍රධානතම ප්‍රශ්නය වී ඇත්තේ බෝ නොවන රෝග හා හඳුනා නොගත් ප්‍රතිකාර නොමැති රෝග සමූහයයි. මේ රෝග වැළඳුනවුන් සඳහා ප්‍රතිකාර කිරීමට ජාතික ධනයෙන් විශාල ප්‍රමාණයක්‌ වැය වේ. මේ අසීමාන්තික ලෙස කෙරෙන සෞඛ්‍යමය වියදම් ජාතියේ ප්‍රගමනයට එල්ලවන මරු පහරකි. මේ තත්ත්වය මෙලෙස උදා වූයේ ඇයි? මින් දශක තුනක ට හතරකට පෙර මෙවන් තත්ත්වයක්‌ නොවීය.

කුඩා වුවද වැසි වතුර ගලා ගිය පසු මග දෙපස ඇති කාණු හා බෝක්‌කු දෙස විපරමෙන් බලන්න. පොළොවට වැටුණු වතුර හසරක්‌ නොදැක ඉබාගාතේ ගලාගෙන ගොස්‌ ඇත. එසේ වූQයේ මන්ද? වතුර බැස යැම සඳහා තනා ඇති කාණු, බෝක්‌කු ආදිය විවිධ අපද්‍රව්‍යයන්ගෙන් වැසී ඇති හෙයිනි. මිනිසා විසින් ස්‌වභාවික පරිසරයට මුදාහැර ඇති සියලුම ප්ලාස්‌ටික්‌ අපද්‍රව්‍ය, පොලිතින් අපද්‍රව්‍යයන් වතුර පහර සමග ගලාගෙන විත් ජලය බැස යන මාර්ග අතරේ අවහිර ඇති කොට තිබේ. මේ අප ද්‍රව්‍යයන් අතරට අලුතින්ම එක්‌ව ඇත්තේ හිස්‌ බියර්Êබෙලෙක්‌කය. රැයෙහි නිදා උදය අවදිව බලනවිට කාණු දිගේ, පාර දෙපස, බෝක්‌කු කැට අසල හිස්‌ බියර් බෙලෙක්‌ක, හිස්‌ සිගරැට්‌ පෙට්‌ටි, හිස්‌ ගිනිපෙට්‌ටි, හිස්‌ කොත්තු දවටන පෝලිම් ගැසී ඇත. මේ අපද්‍රව්‍යයන් වතුර පාර හරස්‌ කරනු පමණක්‌ නොවේ, ඒ භාජනවල රැඳෙන වතුර විවිධ මදුරු ගහනයනට තිඹිරි ගෙවල්ද සාදා දෙයි. මේ ජාතික ව්‍යසනයට විසඳුම් නැතැයි නොසිතිය යුතුය. මේවාට පිළියම් හා විධිමත් යෝජනා අනේකය. වරද මේ යෝජනා යාවත්කාලීන නොවීමය.

පළමුවම අප මේ පොලිතින් හා ප්ලාස්‌ටික්‌ සංස්‌කෘතිය වළ පල්ලටම යෑවිය යුතුය. අද පොලිතින් සංස්‌කෘතියෙන් රට බැට කා ඇතත් අපේ වැඩිහිටියෝ පොලිතින් දවටන හඳුනාගෙන නොසිටියහ. ඔවුහු ගමන් බිමන් නොගියහු ද? ඒ ගමන්වලදී අදාළ අඩුම කුඩුම රැගෙන නොගියෝද? මේ දෙකටම පිළිතුර “ගමන් බිමන් ගියෝය”. “අඩුම කුඩුම රැගෙන ගියෝය” යන්නය. එසේ නම් ඒ පිළිතුර තුළ සැඟවුණු අරුතක්‌ ඇත. ඒ පැරණි ගමන් මලු හා දවටන පරිසර හිතකාමී වූ බවය. මේ පරිසර හිතකාමී දේවල් යළිත් සොයා බලා ඒවා යළි ජනගත කිරීමේ භාරදූර කාර්යයට යහපත් පුරවැසියන් ලෙස අපට වගකීමක්‌ තිබේ.

අද මෙන් නිදා ගැනීමට ප්ලාස්‌ටික්‌ පැදුරු භාවිතයක්‌ නොවීය. සිමෙන්ති බිමෙහි හෝ ගොම මැටි ගෑ පොළොවෙහි නිදා ගැනීමට පන්සලට ගෙන ගිය සිල් පැදුරට යොදා ගත්තේ අපූරු පන් පැදුරකි.”පන්නම් කතුර” කියන පරිදි තරගයට වියන ලද අනේක රටා, මෝස්‌තර ඒ පැදුරුවල වියවී තිබිණි. නැන්දම්මා තම පුතුගේ බිරියට ඇති දක්‍ෂතා මැන බැලුවේ දොaලා පැදුරෙනි. රටා වියූ අත් දෙක හේනේ පැලේදී සිහිවන්නේ ඒ තරම් විඥනය පහන් කළ හපන්කමක්‌ පැදුරේ තිබූ බැවිනි. පැරණි සමාජයේ විසූ තරුණියනට “පන් කැපීම” විනෝද ජනක ක්‍රීඩාවක්‌ ද විය. බොළඳ ප්‍රේමයන්ගෙන් උන් සිත් දූෂ්‍ය නොවූයේ එහෙයිනි. “රතු ඉන්දීය නායක “සියෑටෙල්” වරක්‌ කී පරිදිම “සොබා දහමට නොවන අවනත කිසිවෙක්‌ – කිසිවක්‌ – ලොව තුළ නොමැති බව අපේ මුතුන් මිත්තෝ දැන සිටියහ. මේ උදාර ආධ්‍යංශයන්ට වූයේ කුමක්‌ද? මේවාට වින කැටුණේ ඇයි?

අද අලුතින් ඇරඹෙන දේශීය ආහාරපාන අලෙවිසල්වල වීදුරු වෙනුවට පානීය කටයුතු සඳහා සැරසීමක්‌ සහිත අලංකාර පොල්කටුවක්‌ තබා තිබෙනු පෙනේ. එය කෙතරම් පරිසර හිතකාමී කටයුත්තක්‌ දැයි සිතේ. අප නිවෙස්‌වල ද එදිනෙදා පරිභෝජනයේදී යොදා ගන්නේ ප්ලාස්‌ටික්‌ කෝප්ප සහ පිඟන් වීම බොහෝ විට දැකිය හැකි ලක්‍ෂණයක්‌. ඒ කාර්යයට ද අප අපේම දේශීය භාණ්‌ඩයක්‌ යොදා ගැනීමක්‌ ලෙස පොල්කටුවක්‌ යොදා ගැනීම අවභාවිතයක්‌ නොවේ. එහි පවිත්‍රත්වය, දේශීයත්වය, අපේ සිංහල සංස්‌කෘතිය කුළු ගැන්වී තිබේ. එය පරිසරය සංරක්‍ෂණය කරන අගනා යහපත් ජීවන රටාවක්‌ ද උරුම කර දෙයි. ජාතිය යළි සෞඛ්‍ය සම්පන්න කරලීම සඳහා අපට කළ හැකි කුදු මහත් සියලුම කටයුතු අප විසින් කළ යුතුව ඇත. අප තවමත් ප්‍රමාද වැඩි නැත.

අපේ දරුවන්ගේ පාසල් පොත්වල ආරක්‍ෂාව සඳහා පිටකවරයට උඩින් පොලිතින් ආවරණයක්‌ද යොදනු පෙනේ. මේ අනවශ්‍ය යෙදීම් දෙමාපියනට අනවශ්‍ය වියදමකි. දරුවනට අරපිරිමැස්‌ම, සුරක්‍ෂිත බව, පුරුදු කර වීමට ඉදිරියට ගෙනෙන බාධාවකි. ජාතියට මහා ව්‍යසනයක්‌ කැඳවා ගැනීමට අප මහා පරිමාණයෙන් මුදල් වියදම් කරනු නොපෙනේද? අපේ රට පුරා කිසිදු බිම් අඟලක්‌ පොලිතින් නිදහස්‌ බිමක්‌ ලෙස හඳුන්වාදිය හැකිද? හදිසියකට අගලක්‌ කැපුවහොත් පස්‌ සමග තරගයට උඩට එන්නේ කැබලිවලට කැඩුණු පොහොර උර, පොලිතින් උර, ප්ලාස්‌ටික්‌ බෝතල්, වෙනත් ප්ලාස්‌ටික්‌ දවටන ආදියයි. කුඩා දරුවකුට ආසාවට හඳුන්වාදීමට බැරිවීමකින් වත් ගැඩවිල් පණුවකු මතු නොවේ. ඉන්පසු අපි මේ නිසරු පොළොවේ වගා කොට පසට පොහොර ලෙස රසායනික පොහොර යොදමු. “පරිසර විනාශකාරී දාමය” ගෙනෙන හැටි හරි අපූරුයි නේද?”

අද වෙළෙඳසල්වල අලෙවිය සඳහා “ලුණු” තබා ඇත්තේ පොලිතින් උර සහ මලුවලය. පෙරදා මේ සඳහා යොදා ගැනුණේ කොහු ලනුවලින් වියන ලද ගෝණියයි. පාරිභෝගිකයා ලුණුq මිලදී ගෙන ගෙදර ගෙන ගියේ කඩදාසි උරයක හෝ පත්තර ගොටුවකය. ගෙදර ගෘහණිය ඒ ලුනු මැටි මුට්‌ටියක බහා ළිප අයිනකින් තබා ප්‍රයෝජනයට ගත්තාය. මේ සෞඛ්‍යාරක්‍ෂිත, පරිසර සංරක්‍ෂිත ක්‍රමවේදයන් යළි සමාජගත කිරීම කෙසේ නම් වැරදි වැඩක්‌ වේද?

මුහුදුකරයේ මෙන්ම රට ඇතුළේ ද මාළු අලෙවිය සඳහා ජංගම සේවා පවත්වන අයුරු අපි දකිමු. බොහෝ විට පා පැදිවලින් පෙට්‌ටිවලින් මාළු ගෙන ගොස්‌ ගෙයින් ගෙට මාළු අලෙවි කරන අයුරු අපට සුලභ දසුනකි. මෙය ඈත මුතුන් මිත්තන් කලසිටම පැවැති සම්ප්‍රදායක්‌ බඳුය. මෙහිදී මාළු දවටා දීමේ ක්‍රමවේදය වූයේ හබරල කොළය හෝ නෙළුම් කොළයයි. බොහෝ ගෘහනියෝ වෙළෙන්දා විසින් කිරා දෙනු ලබන මාළු ගෙතුළින් ගෙනෙන ඇතිලියකට හෝ මැටි කෝප්පයකට දමා ගනිති. මේ මගින් කුමන පරිසර හානියක්‌ වත් සිදු නොවේ. එහෙත් අද මේ මාළු කිරා දමනු ලබන්නේ සිලි උරයකය, වෙළෙන්දා ලෙහෙසිය බලයි, ගෘහණියද ලෙහෙසිය බලයි. දෙවටෙන්, වැවෙන් කඩා ගන්නා හබරල කොළයට, නෙළුම් කොළයට මිලක්‌ නැත. පරිසර හානියක්‌ ද නැත. පරිසරය අප රකින විට අපි පරිසරයෙන් සුරැකෙමු.

ඔබේ කෑම මේසය මත ඇති කෑම වසා තබන “වට්‌ටිය” දෙස බලන්න. ප්ලාස්‌ටික්‌ වට්‌ටියක්‌ අපේ සිංහල සංස්‌කෘතිය වසාගෙන හිඳින අයුරු· කෑම පමණක්‌ නොවේ. අපේ විවීම් කර්මාන්තය ද වසාගෙන සිටී. පෙරදා මේ වෙනුවට මේසය මත තිබුණේ බට වට්‌ටියකි. නැතහොත් වේවැල් වට්‌ටියකි. ඒත් නැත්නම් පතඟි පොවා, රටා මැවූ පන් වට්‌ටියකි. කෑම සුරක්‍ෂිත වූවා පමණක්‌ නොවේ. අපේ සිංහල සංස්‌කෘතිය ද සුරක්‍ෂිත විය. ගෙදර කුල්ල පමණක්‌ තවම ප්ලාස්‌ටික්‌ වී නැත. පන්සලට මල්නෙළා බුදු පුදට ගෙන යන්නේ ප්ලාස්‌ටික්‌ වට්‌ටයක හෝ සිලි උරයකය. පෙරදා ඒ වෙනුවට හබරල කොළගොටුවක්‌, කෙසෙල් දලු ගොටුවක්‌, බට වට්‌ටියක්‌ හෝ ඉරටු වට්‌ටියකි. ඒ සියල්ලම බුදු පුදෙන් පසු ආපසු ගෙදර ගෙන එන නමුත් සිලි උරය පන්සල් වත්තේම දමා එමු. මේවා අප සිතා මතා සකසා ගත යුතු දේ වේ. මේ බට වට්‌ටි, ඉඳිකොළ, වට්‌ටි, ඉරටු වට්‌ටි, ශිෂ්ටාචාරයට නැවත පණදිය යුතුය. මේ ගැන සිතා බැලීමට හොඳම කාලය අදයි.

අප වී බුසල් දස දහස්‌ ගණන් අසුරා තබන්නේ විශාල උරවලය. පෝදා මේ සඳහා යොදා ගැනුණේ විශාල පන්මළු හෝ හණ කෙඳිවලින් වියන ලද ගෝණිය. ඒ කාලයේ වී වලට ගුල්ලන් ගැසුවේත් නැත. වකුගඩු ආබාධ ඇතියවුන් බිහි වුණෙත් නැත. දැන් දැන් පැරණි වී බිස්‌සට පණදීමට කාලය එළැඹෙයි. විශාල බට පතුරු යොදා වියන ලද වී පෙට්‌ටිවලට කාලය පැමිණ තිබේ. මේවා පමණක්‌ නොවේ.

ගම ගෙදර “තිබූ වී බිස්‌ස”, “කුරහන් බිස්‌ස” යළි ඉදිකළ යුතුය. මේවා මහා පරිමාණ වී ගබා ඉදිකිරීමට වඩා සෞඛ්‍යාරක්‍ෂිතය. ආර්ථිකයට ද හිතකරය. වැසි වතුරෙන් පසු මග රැඳෙන හිස්‌ යෝගට්‌ කෝප්ප, කිරි මුට්‌ටි, බියර් බෙලෙක්‌ක අනේකාකාර කිරි දවටනවලට ද අප හැකි ඉක්‌මනින් නැවතීමේ තිත තැබිය යුතුය. අපේ පෙර විසූ පරම්පරාවල ගැත්තන් විසින් කිරි මිදවීමට යොදා ගත්තේ මැටියෙන් තැනූ “කිරිමුට්‌ටිය” පමණි. ගොක්‌ උරයක දැමූ කිsරි මුට්‌ටියක්‌, කොළපතක දැමූ වැලි හකුරු මුලක්‌ රුහුණේ සංස්‌කෘතිය විය. මේ සංස්‌කෘතිය අප හඳුනාගතහොත් ජාතියේ විනාශය ළඟා කරන යම්යම් බාධක සඳහා වැටකඩොලු බැඳිය හැකිය. ප්ලාස්‌ටික්‌ කිරි භාජන වෙනුවට “මැටියෙන් තනනු ලබන කිරි මුට්‌ටි කෙතරම් සෞඛ්‍යාරක්‍ෂිත ද? පරිසර හිතකාමී ද ? මෙයට ඉතා හොඳ සජීවී උදාහරණයක්‌ අනුරාධපුර පැරණි බස්‌ නැවතුමට ආසන්නයේ කිරි වෙළඳාම් කළ වෙළෙන්දකු වෙතින් දැකිය හැකි විය. ඔහු විසින් යෝගට්‌ කෝප්පයක දැමිය හැකි කිරි ප්‍රමාණයට ප්‍රමාණවත් වන කුඩා හුරුබුහුටි මැටි ඇතිලියක මුදවූ කිරි පුරවා බයිසිකලයක පෙට්‌ටියක බැඳගෙන විත් අලෙවි කරන ලදී. කිරි කෑමට දෙන කිතුල් පැණි හෝ පොල් පැණි වීදුරු බෝතලයක දමා තිබුණු අතර කිරි කෑමට ගන්නා හැන්ද සාදා තිබුණේ ඉරටුව සහිත අමු පොල් කොළයක්‌ හැන්දක හැඩයට සාදා ගැනීමෙනි. කොතරම් ස්‌වභාවිකද? පරිසර හිතකාමීද? සෞඛ්‍යාරක්‍ෂිත ද? පරිභෝජනයෙන් පසු ඉතිරි වන රොඩු බොරඩු පරිසරයට පොහොර කරනු විනා අයහපතක්‌ සිදුවේද? මින් වසර හය හතකට පෙර “බත් දවටන කොළ” වෙනුවට කෙසෙල් කොළ නෙළුම් කොළ ආදියට නව පණ දීමේ ක්‍රමයක්‌ ඇරඹුණත් එය තිඹිරිගෙහිදීම මියෑදී ඇත.

සාමාන්‍ය පුරවැසියන්ට මෙන්ම පාලක පක්‍ෂයටද මේ පරිසර හානිය වැළැක්‌වීමේ වගකීම එකසේ පැවරී තිබේ. අපි කවුරුත් එකාවන්ව මේ පරිසර සංවේදී කාර්යයට යොමු වෙමු. ප්‍රතිකාර නොමැති රෝග හඳුනා නොගත් රෝග ප්‍රතිකාර නොකොටම හඳුනා නොගෙනම අවසාන කරමු. ඒ වෙනුවෙන් අපට බොහෝ දේ කළ යුතුව තිබේ. අපේ පන් කර්මාන්තයට පණදී ඒවා යළි සමාජගත කිරීම වැදගත්ය. “මලු, පැදුරු, වට්‌ටි, පෙට්‌ටි සංස්‌කෘතිය” යළි ප්‍රාණවත් කළ යුතුය. වැටකෙයා, ඉඳිකොළ, ගල්ලැහැ, පොතුකොළ, තුන්හිරියා, වෙල් නියරවල යළිs වැවීමේ ව්‍යාපෘතිවලට ගොවීන්ට මග පෙන්විය යුතුය. ඔවුන්ට ඒවා ස්‌වයංරැකියා මාර්ග ලෙස හඳුන්වාදිය යුතුය. අලංකාර නිමාවෙන් යුත් නිර්මාණ ලක්‌සල හස්‌තකර්මාන්ත දෙපාර්තමේන්තුව වැනි වගකිව යුතු රාජ්‍ය ආයතන මගින් ජනප්‍රිය කළ යුතුය. “මේ ඥනය ඇතියවුන් අදටත් අපේ ගම්වල වෙසෙති. ඔවුන්ගේ ඥනය ඔවුන් සමගම මියෑදීමට ඉඩ නොදීම අපේ වගකීම වේ.

මෙය එළැඹෙන සිංහල අවුරුද්දේ අපගේ හොඳම අධිෂ්ඨානය වූවොත් එය ජාතියේ නව ජීවය යළි උදාවීමකි.

පියවතී විතානගේ
විශ්‍රාමික විදුහල්පතිනි

මේ අපේ සංස්‌කෘතියේ මංගල්‍යයයි

මේ අපේ සංස්‌කෘතියේ මංගල්‍යයයි
source:
ඔන්න ආයෙම ගමේ වැට මායිම් දිගට හරි අපූරුවට රතු එරබදු මල් පිපිලා. කජුමල් සුවඳ මුහුවෙලා කොලු කෙල්ලන්ගේ මුහුණ අලුත් කිරිහිනාවෙන් පාට වැටිලා. උතුරු කෙළවරින් දකුණෙ මායිමට පෙළ ගැහුණු හෙළ සංස්‌කෘතියේ අපේ උරුමයන් අරගෙන අවුරුදු කුමාරයා ගමින් ගමට වඩින්න සුභ නැකැත් හෝරාවන් ගලපනවා.

කොවුල් කෙවිලියෝ කොහෝ, කොහෝ ගී සැණකෙළිය පටන් අරගෙන ගම පුරා රැව්පිළිරැව් නැගෙනවා. ගමේ පන්සලේ අපේ පොඩි හාමුදුරුවො ජාතක කතාපොතයි, ධම්මපදයයි පරෙස්‌සමට අරන් තියලා පංච බෙල්ලො ගණන් ගන්න, දාං ලෑලි ඔපරන්න අවසර අරගෙන වගේ ලොකු හාමුදුරුවො ගෝරනඩුව නතර කරලා.

අලුතින් වැටුණු ගොම මැටිවලට ඉහළ අගයක්‌ ඇවිත් අපේ අම්මල හරි හරියට ගෙබිම පිරියම් කරනවා, නැකතට ගිනිදල්වන්න අලුතින් ලිප පිරියම් කරනවා. අගේට දැඟිලි රටා වාටියට එක්‌කරමින් හැඩතල තියෙනවා හරියට අවුරුදු කුමරාට වඩින්න මං සලකුණු ලකුණු කරනවා වාගෙයි.

අපටම කියලා කට පුරා කියන්න, මුළු ලෝකෙකට පෙන්නන්න, කාටවත් නොදෙවැනි හෙළ සංස්‌කෘතියක්‌, සභ්‍යත්වයක්‌ තියනවා අපට, බත බුලතින් සාරවුණ, ගැමි ජන දිවියෙන්, කවියෙන් සාරගර්භ වුණ, ගැමි කෙළි සෙල්ලමින් ඔපවැටුණු චග්ගුඩු, පොරපොල්, රබන් සුරල්, ඔලිඳ කෙළි, ඔංචිලි වාරම් යනාදී වූ හෙළ සංස්‌කෘතික කෙළි කලාවේ ඡායාවන් තවමත් ඉතිරි වෙලා තියෙනවා අපට . මුළු ලොවක්‌ නෙත් අයාගෙන සිටින මේ පුංචි දිවයිනේ එකම දිනයක, එකම පාටකින් සැරසිලා, එකම නැකතකට ලිප්ගිනිමොළවලා රටේ සතර දිගින් කිරි ඉතිරෙන්නැයි සුභ පාර්ථනා පිළිගන්වන්නේ මේ උදාවන සුභ අලුත් අවුරුද්දටයි.

කෙසේ වෙතත් තව අඩසිය වසකටත් මෙහායින් මේ අපේ සංස්‌කෘතියේ ඉරණම විසඳන්න, ගැමි සංස්‌කෘතිය වළ පල්ලට යවන්නට සමහරක්‌ අපේම රටේ කලු සුද්දන් දතකට මැදගෙන බලාන ඉන්නවා. අලුත් අවුරුද්ද යනු හුදෙක්‌ කාබී ඇතිපදම් සාඡ්ජදමන ගැමි තරුණ තරුණියන් කරලියට කැඳවා ඔවුන්ගේ ලැඡ්ජා භය නොයෙක්‌ මාධ්‍ය හරහා දිගහරින්න විගඩම් සෙල්ලම් අවුරුදු උළෙලවලට ඈඳමින් හෙළ ජනක්‍රීඩාපිටියෙන් ඉවතට විසිකරන්න අනර්ථයන්ගෙන් පිරි නිකම්ම නිකන් හරසුන් උත්සවයක්‌ ගණනටම පත්කරනවා.

වැලලී යන මේ අපේකම ඇදට වඩා හෙට උපදින පරපුරට සුරැකිව දායාද කිරීමේ වගකීම දිනෙන් දිනම ගිලිහී යන බවට සාක්‌ෂි උවමනාවටත් එහායින් දිගට ඇදිලා තියෙනවා. දැන් හොඳම කාලය එළඹිලා අනාගතයේ, රට භාරගන්න පුරපුරට හුස්‌ම පිඹලා මියෑදෙන්න පණ ගැහෙන සංස්‌කෘතිය සජීවීකරණය කරන්නට.

අපේ කම වළපලල්ට දාලා උන්ගෙකම ඉහළට ඔසවලා නොබෝ කලකින් ජාතියට සෙතක්‌ නැති අපේකමට තිතක්‌ ඇති කරන්නට සැරසෙන බව නොරහසකි.

ගමයි, පන්සලයි වැවයි, දාගැබයි ආයෙම එක්‌තැන් කරලා නොබිඳෙන බැමි පවුරු ඉදිකරලා අපට අගේ ඇති රටට වැඩ ඇති ඒ දේශීය ඉතිහාසය මුලසිට අගටත් අගසිට මුලටත් යළි කියවිමට එය ප්‍රායෝගික කිරිමට කාලයයි මේ. සැබැවින්ම එය එසේම වුවහොත් කටපුරා සිනාසී බතබුලතින් පිරි, කිරි ඉතිරෙන සුභ නව වසරේ අසිරිය හෙළ කලාවේ, සංස්‌කෘතියේ දායාදය කොට සැමරීමටත් සැබෑම සොම්නසින් ගතකරන්නටත් හැකිවේවි.

සියලුම ලක්‌ වාසීන්ට සුබම සුභ නව වසරකට ආසිරි වේවා· තිසරණ සරණින් සිත් සදා සැනසේවා…. ඉදිරි පරපුරට මෙවූ සංස්‌කෘතියේ දායාදය ලැබේවා·

එල්. ජී. ඩී. ගංගාදරී,
හේනේපොල,
ගල්මුරුව.

චැනල් 4 මගඩියට උදව් දුන් අයෙක් දැලේ

චැනල් 4 මගඩියට උදව් දුන් අයෙක් දැලේ

source link:

දයා ඩී.ෆොන්සේකා

ශ්‍රී ලංකාවට මහත් අපකීර්තියක් ඇති කරවමින් චැනල් 4 නාළිකාව මඟින් ප්‍රචාරය කළ “කිලිං ෆීල්ඩ්” ශ්‍රී ලංකා වීඩියෝ පටය නිර්මාණය කිරීමට අනුබල දුන් බවට සැක කරමින් රහස් පොලීසිය විසින් මහනුවර දී අත්අඩංගුවට ගත් කන්දවනම් පේදීස්වරම් නමැත්තා මාසයක් රහස් පොලීසියේ රඳවාගෙන ප්‍රශ්න කිරීමට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ටිකිරි කේ.ජයතිලක මහතා ගිය සිකුරාදා අවසර දුන්නේය.

ඔහුට විරුද්ධව චෝදනා නඟා තිබුණේ චැනල් 4 වීඩියෝ පටය නිර්මාණය සඳහා ආධාර අනුබලදීම හා ශ්‍රී ලංකාවේ යුද හමුදාව හා රජය අපකීර්තියට පත්කිරීම යනුයි.

”කිලිං ෆීල්ඩ්” වීඩියෝ පටය ශ්‍රී ලංකාවේ කීර්ති නාමයට කැළලක් ඇතිකරමින් පසුගියදා මහත් ආන්දෝලනයක් ඇති කළ අතර ඊට එරෙහිව ශ්‍රී ලංකාවේ ජනමතය ද ගොඩනැඟෙමින් තිබිණ.

අනන්‍යතාව රැක ගැනීමට නම්….

අනන්‍යතාව රැක ගැනීමට නම්….

source link:

මිනිස් චින්තනයේ උල්පත වන භාෂාව සුවිශේෂී සංස්කෘතික මෙවලමකි. මිනිසා අනෙකුත් සත්ත්වයන් ගෙන් වෙන කළ මේ මහා සංස්කෘතික මෙවලම ඔහු ගේ සැබෑ අනන්‍යතා පත්‍රය යි. එහෙත් වර්තමාන ගෝලීයකරණ අවධිය තුළ සංස්කෘතිය යනු වේගයෙන් වෙනස් වන හා අනුකරණයෙන් තීරණය වන සාධකයක් ලෙස සැලැකේ. සංස්කෘතික අනන්‍යතාව තහවුරු කැරෙන තවත් අංගයක් ලෙස පැවැති ඇඳුම අද වන විට මෝස්තර ලෝකයේ කාලීන ප්‍රවණතා පිළිබඳ සාක්කියක් පමණි. ඇඳුමට අත් වූ මේ ඉරණම භාෂාවට ද අත්වන තත්ත්වයක් අද උදා වී තිබේ. ජංගම දුරකතන භාවිතය නිසා ඇති වී ඇති තත්ත්වය මෙයට එක් උදාහරණයකි. සිංහල භාෂාව කතා කරන්නන් විසින් පවා කෙටි පණිවිඩයක් යැවීමේ දී භාවිත කළ යුත්තේ ඉංගී‍්‍රසි භාෂාව ය. අන්තර්ජාල භාවිතය ආදිය මඟින් ද ඉංගී‍්‍රසි භාෂාවේ ආධිපත්‍යය තහවුරු කැර තිබේ. මෙහි දීර්ඝ කාලීන ප්‍රතිඵලය වන්නේ සිංහල භාෂාව වැනි සෙසු භාෂා මළ භාෂා බවට පත්වීම ය.

මෙ සේ බොහෝ ජාතීන් ගේ අනන්‍යතාව මැකී යමින් පවතින තත්ත්වයක් යටතේ තව දින දෙකකින් එළඹෙන සිංහල අලුත් අවුරුදු උළෙල පිළිබඳ ව අපට කතා කිරීමට සිදු වී තිබේ. සිංහල බෞද්ධ අනන්‍යතාව සහිත ප්‍රධාන උත්සවයක් බවට පත් ව ඇති බක්මහ සැණකෙළිය කෘෂි ආර්ථිකය සමඟ මනා ලෙස බද්ධ වූවකි. ඒ බව අලුත් අවුරුදු චාරිත්‍ර කෙරෙහි අවධානය යොමු කළ විට පැහැදිලි වනු ඇත.

සම්මාන මහාචාර්ය අනුරාධ සෙනෙවිරත්නයන් ගේ ‘ඥාන දර්ශන’ නමැති කෘතියෙහි සිංහල අවුරුදු චාරිත්‍ර පිළිබඳ ව මෙ සේ සඳහන් ය.

‘සශ්‍රීකත්වය හා සෞභාග්‍ය ළඟා කර ගැනීමට අපට ඉර හඳ මෙන් ම අව්ව, වැස්ස, ගින්න වැනි ස්වභාවික හේතූන්ගෙන් පිහිටාධාරය අවශ්‍ය ය. පුරාණ මිනිසා මෙ වැනි ස්වභාවික වස්තූන් දේවත්වයේ ලා සැලකුවේ එ බැවිනි. අලුත් අවුරුදු චාරිත්‍ර අතර ළිප් ගිනි මෙළවීම වැදගත් කාර්යයකි. ගිනි දෙවියා පිදීම ආදියේ පැවැති චාරිත්‍රයකි. පරණ ළිපේ අළු සියල්ල ඉවත්කොට අලුත් ළිපක් බැඳ අලුත් හැළි වළං යොදාගෙන අලුත් සහලින් අලුත් කිරිබතක් උයාගෙන නැකතට අනුභව කිරීම නිසා මුළු අවුරුද්ද පුරා ම කුසගින්නේ නො සිට ආහාර හිඟයකින් තොර ව සශ්‍රීක ජීවිතයක් ගත කිරීමට අවුරුදු නැකත මෙන් ම ජලය ද ඔවුන් ගේ ජීවිතය සඳහා වැදගත් විය. අලුත් අවුරුද්දේ අප ගේ මුල් ම ගනුදෙනුව සිදුවන්නේ ද ළිඳක් සමඟ ය. පඬුරු දැමීමෙන් පසු ලබා ගන්නා ජලයෙන් මුහුණ කට සෝදා ගැනීමත්, අවුරුදු දිනේ ලබාගන්නා ජලය ඊළඟ අවුරුද්ද දක්වා ගෙදර තබා ගැනීමත් නිසා ඔවුහු සශ්‍රීකත්වය බලාපොරොත්තු වෙති. ජලයේ පවතින ජීව ශක්තිය තමා වෙත පමුණුවා ගැනීමේ යහපත ගැන ගැමියාට විශ්වාසයක් ඇත. ඉස් සෝදා නෑමත් පිරිත් පැන් මුසුකොට නානු සාදා ගැනීමත් නිසා මුළු අවුරුද්ද පුරා ම නිරෝගී ජීවිතයක් ගත කිරීමට හැකිවන බවට ද ගැමියා තුළ විශ්වාසයක් පවතියි. ආරක්‍ෂාව සඳහා කරන චාරිත්‍ර අතර දෙවියන් උදෙසා කරන විවිධ පුද පූජා වැදගත් ය. උඩරට ගම්වල පත්තිනි දෙවියන් උදෙසා කරන විවිධ පූජා චාරිත්‍ර හා සොකරි, අං කෙළි, ඔලිඳ වැනි චාරිත්‍ර ඒ සඳහා ඉවහල් කර ගනිති. නොනගත කාලේ කරන ආගමික චාරිත්‍ර අතර නොනගත පිරිත ද වැදගත් ය. පුණ්‍ය ක්‍රියාවල යෙදෙනු පිණිස දෛවඥයන්ගෙන් අපට උපදෙස් ලැබෙන්නේ සංක්‍රාන්ති කාලයේ නැකතක් නැති බැවිනි. නොනගතේ අවසානයත් සමඟ ම පරණ අලුත් අවුරුදු කියා වැඳීම කරන්නේ ආරක්‍ෂාව පිණිස ය.’

‘පවුලේ සමඟිය සඳහා කරන කටයුතු අතර විශේෂ තැනක් ගන්නේ දෙමාපිය දරුවන්ගේ හමුවීම හා එකිනෙකාහට ගෞරව දැක්වීමයි. පවුලේ සියලු දෙනා කොතැනක වෙන් වී සිටිය ද අවුරුද්දට එක්වීම වැදගත් චාරිත්‍රයකි. දෙමාපිය වැඩිහිටියන්ට බුලත් දී ගරුකොට තමන් අතින් සිදු වී ඇති යම් වරදක් වේ නම් සමාව අයැදීම මේ චාරිත්‍ර අතර ඉතා වැදගත් වේ. පවුලේ සමඟිය මෙන් ම ගමේ සමගිය ඇති වන තවත් ක්‍රමයක් නම් පුරාණ ගම්වල ඇති එකට ජීවත්වීමේ අරමුණයි. අඳේ, කයිය, අත්තම වැනි ක්‍රමවලින් එය අද දිනත් ක්‍රියාත්මක වන අතර ගමේ වැඩිහිටියන් බැහැදැකීම, පිදිය යුත්තන් පිදීම හා සත් චාරිත්‍රයන් පැවැත්වීම මඟින් එම කටයුත්ත සිදු වේ. ගමේ පන්සලටත්, ගමේ වෛද්‍යවරයාටත්, තමන්ට ශිල්ප දෙන ගුරුවරුන්ටත්, ඉඩම් හිමියන්ට හා රැකියාවේ ස්වාමියාටත් ගරු බුහුමන් කිරීම මෙහි අරමුණයි.’

‘විනෝදාස්වාදය සඳහා කෙරෙන ක්‍රීඩා අතර පැරැණි ක්‍රීඩා බොහෝ ඇත. ඒවාට මෙ වැනි අවස්ථාවල දී ජීවයක් ලැබෙන අතර අලුත් අලුත් විනෝදාත්මක අංගයන් ද එකතු වේ. අවසාන වශයෙන් කෙරෙන කටයුතු ගැන සලකන විට අලුත් අවුරුද්දේ සුබ නැකතින් ආරම්භ කරන සියලු ම කටයුතු එ නම් අනුභවය, ගනු දෙනුව ස්නානය, රැකී රක්‍ෂා ආදී හැම කටයුත්තක් ම චාරිත්‍රානුකූලව සිදුවන නිසා තම ජීවිතය අලුත් මඟකට යොමු කිරීම පිණිස, අඩිතාලමක් ලබා ගනියි. සිංහල අලුත් අවුරුදු දිනය ඒ සඳහා කදිම අවස්ථාවකි.’

‘මිනිස්කම ඉස්මතු වන්නේත්, එය ආරක්‍ෂා වන්නේත්, ආගම දහම පදනම් කරගත් අප ගේ චිරාගත චාරිත්‍ර වාරිත්‍ර හැකි පමණින් අනුගමනය කිරීමෙන් පමණෙකි.’

අප ගේ අනන්‍යතාව අභියෝගයට ලක් වී ඇති මෙ කල සිංහල අලුත් අවුරුද්ද වඩාත් අර්ථවත් ලෙස සැමරිය යුතු බව මෙයින් නො පෙනේ ද?

 

අලුත් අවුරුදු චාරිත්‍ර

අලුත් අවුරුදු චාරිත්‍ර

අලුත් අවුරුදු උදාව

අපේ‍්‍රල් මස 14 වෙනි බ්‍රහස්පතින්දා අපර භාග 0 1.01 ට සිංහල අලුත් අවුරුද්ද උදාවෙයි.

පුණ්‍ය කාලය

අපේ‍්‍රල් මස 14 වන බ්‍රහස්පතින්දා පූර්ව භාග 06.37 සිට මෙදින රාත්‍රී 07.25 දක්වා පුණ්‍ය කාලය බැවින් මෙදින පූර්ව භාග 06.37 ට පළමුව ආහාර පාන ගෙන සියලු වැඩ අත්හැර ආගමික වතාවත්වල යෙදීම ද, මැනවි.

ආහාර පිසීම

අපේ‍්‍රල් මස 14 වැනි බ්‍රහස්පතින්දා අපර භාග 01.06 ට රන්වන් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී උතුරු දිශාව බලා ලිප් බැඳ, ගිනි මොළවා ගිතෙල් සහ හකුරු මිශ්‍ර කිරි බතක් පිළියෙල කරගැනීම මැනවි.

වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය

අපේ‍්‍රල් මස 14 වෙනි බ්‍රහස්පතින්දා අපර භාග 03.18 ට රන්වන් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී උතුරු දිශාව බලා සියලු වැඩ අල්ලා ගනුදෙනු කොට ආහාර අනුභවය මැනවි.

හිසතෙල් ගෑම

අපේ‍්‍රල් මස 16 වෙනි සෙනසුරාදා පූර්ව භාග 07.41 ට දකුණු දිශාව බලා හිසට නුග පත් ද, පයට කරඳ පත් ද තබා නිල් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී නුග යුෂ මිශ්‍ර නානු ද ගා ස්නානය කිරීම මැනවි.

රැකී රක්ෂා සඳහා පිටත්ව යෑම

අපේ‍්‍රල් මස 18 වන සඳුදා පූර්ව භාග 06.28 ට දී කිරි මිශ්‍ර ආහාරයක් අනුභව කර සුදු පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී උතුරු දිශාව බලා පිටත්ව යෑම මැනවි.

 

සූර්ය මංගල්‍යයේ හෙළ කත හොබවන තැන

සූර්ය මංගල්‍යයේ හෙළ කත හොබවන තැන

source link:

ගොවිතැන ප්‍රධාන ජීවනෝපාය කරගත් ඈත අතීතයේ විසූ මිනිසුන් සොබා දහම හා පැවතියේ මහත්වූ බැඳීමකි. අද මෙන් එතරම් දියුණු නොවූ ඔවුහු සොබා දහමට අව්‍යාජ ලෙස මහත් සේ ඇලුම් කළෝය. අසීමිත ලෙස ගෞරව කළෝය. අසීමිත වූ ඒ ගෞරව භක්තිය නිසාම ඔවුහු සොබා දහමට වන්දනාමාන කළහ. ඒ සොබා දහමේ වූ අපූර්ව සංසිද්ධීන් ඔවුන්ට සෞභාග්‍ය උදාකළ නිසාය. ඉර, සඳ, අව්ව, වැස්ස, ඔවුන්ගේ ජීවන රිද්මය විය. ගොවිතැනින් ජීවත් වූ ඔවුහු ඒ තුළින් දෙවියන් දුටහ.

ගහ කොළට, සතා සිවුපාවන්ට මෙන්ම සමස්ථ මිනිස් වර්ගයාටම ජීවය දුන් සූර්යයා ඔවුන්ට හිරු දෙවියෝ වූහ. හෙළ ගොවියාට නිසි කළට වැසි ලබා ගැනීමට සඳ දෙවියෝත්, වැස්ස වළාහක දෙවියෝත් පිහිට වූහ. බක් මාසයේ පැවැත්වෙන හෙයින් බක් මහ උළෙල ලෙසත්, සූර්ය සංක්‍රාන්තිය හේතුකොට ගෙන සැමරෙන නිසා සූර්ය මංගල්‍ය ලෙසත් හැඳින්වෙන මෙම මහා ජාතික මහෝත්සවය සැමරීමට ඈත අතීතයේ සිට ම සිංහල ජනයා පුරුදුව සිටිති. සිංහල ජනයා මෙන්ම දෙමළ ජනයා ද තමන්ට ආවේණික වූ සිරිත් විරිත් අනුව යමින් මේ මහා මංගල්‍ය සමරති. ජාතීන් අතර එකමුතුව ඇති කරන මෙය හෙළයේ මහා ජාතික මහෝත්සවයයි.

සිංහල බෞද්ධයන් හා දෙමළ මිනිසුන් එක්ව සමරන අලුත් අවුරුදු චාරිත්‍රවල ඉතිහාසය 15 වැනි සියවස වන තෙක් දිවයයි. සූර්ය වන්දනාවේ ප්‍රතිඵලයක් ලෙස මෙම අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර ඇති වී තිබේ. දොළොස් මසක් ගෙවී නව දොළොස් මාසයක කාලයක උදාව සනිටුහන් කරන දිනය, සිංහල අලුත් අවුරුදු දිනය ලෙස අපේ පැරැන්නෝ හැඳින්වූහ. සූර්ය දිව්‍ය රාජයා මීන රාශියෙන් පටන්ගෙන රාශි චක්‍රය වටා වටයක් ගොස් මීන රාශිය පසු කර යළි මේෂ රාශියට පැමිණේ යැයි ඔවුන් විශ්වාස කළෝය. මෙම සංක්‍රාන්තිය සමඟ නව වර්ෂයක් උදාවේ.

පැරැන්නෝ හිරු දෙවියෝ ඇදවූහ. එක් තැනක නොසිට ගමන් කරමින් හිරු චක්‍රයක ගමන් කරන බව ඔවුන්ගේ පිළිගැනීම විය. එය කොටස් 12කින් යුතු රාශි චක්‍රය විය. රාශි දොළහෙන් පළමුවැන්න මේෂ රාශියයි. එසේම දොළොස් වැන්න මීන රාශියයි. ඉරු දෙවියන්ට මේෂයේ සිට මීනයට ගමන් කිරීමට ගත වන කාලය අවුරුද්දකි. හිරු මීන රාශියට පැමිණි විට වසරක නිමාව වේ. එම අන්තිම දවස පරණ අවුරුද්ද ලෙස පැරැන්නෝ සැමරූහ. හිරු නැවතත් ක්‍රමයෙන් මේෂ රාශියට සම්පූර්ණයෙන් ම සංක්‍රාන්ති වීම හෝ පැමිණීම අලුත් අවුරුද්ද ලෙස සැළකූහ.

සූර්යයා මීන රාශියෙන් නව ගමනක් ඇරැඹීම සඳහා මේෂ රාශියට සංක්‍රාන්ති වීමට පැය කිහිපයක් ගතවේ. මේ කාලයේදී සූර්යයා සිටින්නේ මීන රාශියත් මේෂ රාශියත් අතරතුර වන අතර මේ කාල පරාසය සූර්ය සංක්‍රාන්තිය ලෙස සැළකේ. මේ කාලය අලුත් අවුරුද්දටත් පරණ අවුරුද්දටත් අදාළ නැති කාල පරිච්ඡේදයක් ලෙස සැළකෙන නිසා ඒ කාලය සුබ නැකැත් නැති කාලයක් වන නිසා නො -නැකත වී පසුව කාලයාගේ ඇවෑමෙන් නොනගතය බවට පත්ව ඇත. නැකැත් නැති කාලය අසුබ, හානිකර කාලයක් ලෙස සැලකූ පැරැන්නෝ එම කාලය පුණ්‍ය කාලය ලෙස සැලකූහ.

කාලයත් සමඟ සමහර සංකරවීම් දක්නට ලැබුණත් අදටත් ශ්‍රී ලාංකිකයෝ අවුරුදු සිරිත් විරිත් අකුරටම පිළිපැදීමට උත්සුක වෙති. නගරබද කෙසේ වෙතත් ගම්බද ජනයා සූර්යය මංගල්‍ය හා බැඳුණු චාරිත්‍ර වාරිත්‍ර හැකි පමණ ඉහළින් අනුගමනය කිරීමට මහත් උත්සාහයක් දරති. අතිශය වාණිජකරණයට ලක් වූ පරිසරයක් තුළ වුවද මෙම අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර, සිරිත් විරිත් අනුගමනය කිරීම යම් පමණකට හෝ සමාජය තුළ තවමත් පැවතීම සතුටට කාරණයකි.

ගොවිතැන දිවිමඟ කරගත් සිංහලයාට භාග්‍යය ගෙන එන මාසය අප්‍රේල් මාසයයි. බක් මාසයේ සැමරෙන සූර්ය මංගල්‍යය හා සිරිත් විරිත් හා සාම්ප්‍රදායික චර්යා රටාවන් රැසක් වේ.

මෙහිදී විශේෂයෙන් සිහිපත් කළ යුතු කරුණක් වන්නේ සූර්ය මංගල්‍යය වකවානුවේදී හිරු දෙවියන් සඳ දෙවියන් මෙන්ම පත්තිනි දෙවියන් පිදීමට සිංහල බෞද්ධයෝ අමතක නොකිරීමයි. පත්තිනි දෙවියෝ සශ්‍රීකත්වයේ දෙවඟනයි. ඇය සත් පත්තිනි වශයෙන් ද ගැනෙති.

සිංහල අවුරුදු උදාවත් සමඟ සිංහල සමාජයේ විශේෂ තැනක් හිමිවන්නේ ගෘහණියන්ටයි. සිංහල කාන්තාවට වැදගත් කාර්යභාරයක් පැවරෙන්නේ සිංහල අවුරුදු කාලයේදීය.

විශේෂයෙන් නවීකරණයත් සමඟ නව පරපුරෙන් ගිලිහී යන පාරම්පරික අවුරුදු සිරිත් විරිත් ඉදිරියටත් රැකගනිමින් පෝෂණය කිරීමට කාන්තාවට සුවිශේෂී වගකීමක් සිංහල අවුරුදු උත්සව කටයුතුවලදී හිමිවේ. හෙළ සිරිතෙන්ම ආරම්භව හෙළ සිරිතෙන්ම අවසන් වන මෙම අසිරිමත් මංගල්‍යයේදී සිදුකරන වැදගත් චාරිත්‍රයක් වන්නේ තෙල්වළං ළිප තැබීමයි. මෙම චාරිත්‍රය නවීකරණයට ලක් වූ වත්මන් සමාජයෙන් ගිලිහී ගොස් ඇති චාරිත්‍රයක් වුවද මේ ක්‍රියාදාමයේදී මූලිකත්වය ලැබෙන්නේ හෙළ කතටයි. මෙය හුදකලා නොවූ සාමූහික සංසිද්ධියකි. ගමේ අත් ගුණය ඇතැයි සැළකෙන වැඩිහිටි කාන්තාවෝ කිහිපදෙනෙක් එකතුව තෙල් වළං ලිප තබති. අලුත් අවුරුද්ද වෙනුවෙන් කෙරෙන පළමු ලිප දැල්වීම මෙයයි. මෙහිදී පිසෙන කැවුම් “ඉඳුල් නොකර” මුට්ටිවල තබා කඩ වැස්මක් බැඳ වෙන්කර තබයි. අවුරුදු කුමාරයා වෙනුවෙන් ද, කැවුමක් වෙන් වෙයි. එසේම කෝඳුරු පංගුව යනුවෙන් ද වෙනමම කැවුමක් වෙන්කර ඉදිරිපස වහලයේ එල්ලා තබයි. අද දවසේ කලාතුරකින් දක්නට ලැබුණත් මෙය මුළුමණින්ම කාන්තා නායකත්වයෙන් සිදු වන චාරිත්‍රයකි.

එසේම අලුත් අවුරුදු උදාවට ප්‍රථම වත්ත පිටිය ශුද්ධ පවිත්‍ර කොට ගේ දොර මකුළුදැල් කඩා පිස දමා පිරිසිදු කර දොර ජනෙල් රෙදි කිළිටි ඇඳුම් ආදිය සෝදා සියල්ල පිරිසිදු කිරීමේ සම්පූර්ණ ක්‍රියාවලිය සිදු කරන්නේ ගෙදර ගෘහණියගේ අධීක්ෂණයෙනි. පැරණි වැඩිහිටියන්ගේ තවත් විශේෂ චාරිත්‍රයක් වූ නැකතට පෙර ලිප (දර ලිප) ශුද්ධ කර අළු සහ කුණු රොඩු සියල්ල ඉවත් කිරීම සිදු කරන්නේ ද කාන්තාවයි. මෙසේ එකතු කරන කුණු රොඩු එක්වරම ගෙයින් පිටතට නොදමා ඊට අදාළ චාරිත්‍ර රැසක් අනුගමනය කිරීමට ද ගෘහණිය වග බලා ගනී.

එසේම සිංහල අලුත් අවුරුද්දේ මුඛ්‍ය පරමාර්ථ වන සහෘද බව, ළෙන්ගතු බව, මවුපිය දූදරු සබඳතාව, නංවාලීම් ආදිය ඉෂ්ට සිද්ධ කරගැනීමේදී සිංහල කාන්තාව මහත් පරිශ්‍රමයක් දරයි. එසේම අලුත් අවුරුද්දේ සුවිශේෂී කටයුත්තක් වන නැකතට ලිප ගිනි මෙළවීම සම්පූර්ණනේම සිදු කරන්නේ කාන්තාවයි. අතීතයේ නොදියුණු මානව යුගයේ පැවැති ගින්නට පුද පූජා පැවැත්වීමේ චාරිත්‍රය පරිණාමය වී අවුරුදු චාරිත්‍ර අතරට එක් වූ නැකතට අනුව ගිනි මෙළවීම සිදු කෙරෙන්නේ ගෙදර අම්මා හෝ අත්තම්මා අතිනි.

එසේම සූර්ය මංගල්‍යය හා ඈඳුන හෙළ ජන ක්‍රීඩා බොහෝමයක් ස්ත්‍රී මූලික ක්‍රීඩා වේ. සමාජ සමෘද්ධිය, සහජීවනය හා සහෝදරත්වය පිළිබිඹු කෙරෙන සිංහල අලුත් අවුරුදු සමයේ කරළියට එන ජන ක්‍රීඩා අති විශාල ප්‍රමාණයක් ඇතත් වත්මනේ අප ජන සමාජයේ ප්‍රචලිතව ඇත්තේ ඉන් අතළොස්සකි. පංච කෙළිය, ඔලිඳ කෙළිය, ඔන්චිලි පැදීම, රබන් වැයීම, කළගෙඩි සෙල්ලම ආදිය සඳහා කාන්තා සහභාගිත්වය අත්‍යවශ්‍ය වෙයි.

සිංහල අවුරුදු කාලයේදී ගේ දොර පිරිසිදු කිරීමේ සිට කෑම වර්ග පිළියෙළ කිරීම, නැකතට අනුව ළිප ගිනි මෙලවීම හා ආහාර අනුභවය ආදී සෑම කර්තව්‍යයකදීම නායකත්වය ගැනීමට අතීතයේ සිට සිංහල කාන්තාව සමත් වී ඇත. එපමණක් නොව අවුරුදු සමයේ ගෙදරට එන අමුත්තන්ට සංග්‍රහ කිරීම, ඔවුන් වෙනුවෙන් චාරිත්‍ර වාරිත්‍ර ඉටු කිරීම ඇතුළු බොහෝ කාර්යයන් හෙළ කාන්තාවෝ අතින් සිදු කෙරෙති.

අතීතයේ දී හෙළ කාන්තාවෝ සෑම දෙයකටම දක්ෂතා දැක්වූහ. නගරබද මේ තත්ත්වය වෙනස් වුවද වර්තමානයේ ද ගැමි කාන්තාව ඉහත නිපුණතා දක්වයි. දෑතේ හුරුව නැති කාන්තාව එදා සමාජයේදී හෑල්ලුවට ලක් විය. ඒ නිසාම කාන්තාව නිරන්තරයෙන්ම කුසලතා පිරි ගෘහණියක්ම වූවාය.

නවීකරණයත් නාගරීකරණයත් හමුවේ අවුරුදු චාරිත්‍ර වෙනස් වීමට හා පරිහාණියට පත්විය ඛ්ැක. එහෙත් අවුරුදු සිරිත් විරිත් රැකීමේ දී හෙළ කතට හිමි තැන හා භූමිකාව අහිමි නොවනු ඇත.

දකුණු පළාත් ආණ්ඩුකාර කුමාරි බාලසූරිය

 

Categories

Balawegaya Flickr Photos

Different countries have visited this site

Free counters!