//

සිංහල පුවත් (Sinhala News)

This category contains 97 posts

පොසොන් සිරියෙන් රජරට බැබළෙයි

පොසොන් සිරියෙන් රජරට බැබළෙයි

අනුරාධපුර විශේෂ – පර්සි කුරුනේරු

අනුබුදු මිහිඳු මාහිමියන්ගේ ලංකා ගමනය සමරන අද (12දා) ට යෙදී තිබෙන අති උතුම් පොසොන් පුර පසළොස්‌වක පෝය නිමිත්තෙන් අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධිය ප්‍රමුඛ අටමස්‌ථානය, මිහින්තලා රජමහා විහාරස්‌ථානය සහ තන්තිරිමලේ රජමහා විහාරස්‌ථානය කේන්ද්‍ර කොටගෙන පිංකම් රැසක්‌ පැවැත්වේ.මෙම පිංකම්වලට සහභාගිවීම සඳහා මේ වන විටත් දිවයිනේ විවිධ ප්‍රදේශවලින් ලක්‍ෂ සංඛ්‍යාත බැතිමතුන් පිරිසක්‌ පැමිණි සිටිති.

පැමිණෙන බැතිමතුන් වෙනුවෙන් අනුරාධපුර පොසොන් උත්සව කමිටුව මේ වනවිටත් සියලු කටයුතු සුදානම් කොට ඇති බව එම කමිටුවේ සභාපති සහ අනුරාධපුර දිස්‌ත්‍රික්‌ ලේකම් මහින්ද සෙනෙවිරත්න මහතා “දිවයින”ට පැවසීය.

අනුරාධපුර අටමස්‌ථානාධිපති උතුරු මධ්‍යම දෙපළාතේ ප්‍රධාන සංඝනායක ආචාර්ය පූජ්‍ය පල්ලේගම සිරිනිවාස, අනුරාධපුර ස්‌වර්ණමාලී චෛත්‍යාරාමාධිපති නුවර කලාවිය ප්‍රධාන සංඝනායක ශාස්‌ත්‍රපති පූජ්‍ය පල්ලේගම හේමරතන සහ මිහින්තලා රාජමහා විහාරාධිපති වලවාහැංගුණ වැවේ ධම්මරතන යන නාහිමිවරුන්ගේ අනුශාසනා මත ජනාධිපති මහින්ද රාජපක්‍ෂ, විශේෂ ව්‍යාපෘති අමාත්‍ය එස්‌. එම්. චන්ද්‍රසේන, උතුරු මැද පළාතේ ප්‍රධාන අමාත්‍ය එස්‌. එම්. රංජිත් සමරකෝන්, අනුරාධපුර නගරාධිපති එච්. පී. සෝමදාස සහ අනුරාධපුර දිස්‌ත්‍රික්‌ ලේකම් මහින්ද සෙනෙවිරත්න යන මහත්වරුන්ගේ මෙහෙයවීම යටතේ මෙවර පොසොන් උත්සවය රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන රැසක දායකත්වයෙන් සංවිධානය කොට තිබේ.

“කළගුණ සලකමු – මිහිඳු හිමි සමරමු” යන්න මෙවර පොසොන් උත්සවයේ තේමාව වී තිබේ.

පොසොන් පෝය නිමිති කොටගෙන අද දවස පුරා අනුරාධපුර අටමස්‌ථානය මිහින්තලා රජමහා විහාරස්‌ථානය සහ තන්තිරිමලේ රජමහා විහාරස්‌ථානය කේන්ද්‍ර කරගනිමින් දාන, ශීල, භාවනා, ධර්ම දේශණා සහ ධර්ම සාකච්ඡා ආදී පිංකම් රැසක්‌ පැවැත්වීමට කටයුතු යොදා ඇත.

මෙම පිංකම්වලට ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ඇතුළු රජයේ මැති ඇමතිවරුන් රැසක්‌ සහභාගී වීමට නියමිතය. මේ අතර ශ්‍රී ලංකා යුද හමුදාව විසින් අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධියට නුදුරු කුරුණෑගල මංසන්දියේ ඉදි කරනු ලබන සඳහිරු සෑයේ චෛත්‍ය ගර්භයේ කේෂ ධාතු නිධන් කිරීමේ පුණ්‍ය මහෝත්සවයද ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ පැවැත්වේ.

පොසොන් උත්සව සමයේ අනුරාධපුර මිහින්තලේ සහ තන්තිරිමලේ රජමහා විහාරස්‌ථාන වන්දනාමාන කිරීමට පැමිණෙන සියලු බැතිමතුන්ගේ පහසුව සඳහා පානීය ජලය හා සනීපාරක්‍ෂක සේවාවන්, ප්‍රවාහන සේවා හා අනෙකුත් සුබසාධක සේවා ඇතුළු පහසුකම් නොඅඩුව සැලසීමට පොසොන් උත්සව කමිටුව පියවර ගෙන තිබේ.

අනුරාධපුර මිහින්තලය හා තන්තිරිමලේ පූජා භූමි කේන්ද්‍ර කොටගෙන සිසිල් පැන් සහ බත් දන්සල් දෙසීයකට අධික සංඛ්‍යාවක්‌ පැවැත්වේ.

පොසොන් උත්සවය නිමිත්තෙන් අනුරාධපුර මහ නගර සභාව මගින් අනුරාධපුර විවේකානන්ද දෙමළ මහා විද්‍යාලයීය ක්‍රීඩා පිටියේදී අමා දහර නමින් පොසොන් කලාපයක්‌ ද පැවැත්වීමට සංවිධානයකර ඇති බව නාගරික කොමසාරිස්‌ සම්පත් රෝහණ ධර්මදාස මහතා පැවසීය.

Advertisements

ජිනීවාහිදී කුමන්ත්‍රණය එළිදකී

ජිනීවාහිදී කුමන්ත්‍රණය එළිදකී
source:
* ශ්‍රී ලංකාවට එරෙහි ඇමරිකානු යෝජනාව අගයමින්
   යුද අපරාධ ගැන සොයන්නැයි සම්බන්ධන් මානව හිමිකම්
   සමුළුවට ලිපියක්‌ යවයි

* නිදහස්‌ මාධ්‍ය ව්‍යාපාරික ජාලයේ හිටපු ප්‍රධානියා
   ශ්‍රී ලංකාව යුද අපරාධකරු කිරීමට දැඩි උත්සාහයක යෙදේ

* ආනන්ද සංගරීගේ පුත් හැරී ආනන්ද සංගරී
   කොටි කණ්‌ඩායමක්‌ සමග මානව හිමිකම් සමුළුවේ

* කොටි කොඩිය හා ඇමරිකානු කොඩිය ජිනීවාහිදී ලෙළදේ

“සතුරන් අවස්‌ථාව එනතුරු බලා සිටියි” – රුසියානු අගමැති පුටින්

යුරෝපා කොටි ජාලය විසින් පසුගිය 26 වැනිදා ලෙබනනයේ සිට ස්‌විට්‌සර්ලන්තයේ ජිනීවා වෙත මාරි කොල්වින් නමැති කැරැලිකරුවන් සහ ත්‍රස්‌තවාදීන් සමග දැඩි සබඳකම් පවත්වන බ්‍රිතාන්‍ය මාධ්‍යවේදිනිය ගෙන්වීමට සියලු කටයුතු සූදානම් කර තිබිණි. ඇයට පැවරී තිබූ රහස්‌ කාර්යභාරය වූයේ කොටි ත්‍රස්‌ත නායකයන් යටත්වීමට කැමැත්ත පළ කර තිබූ බවත් එහෙත් ශ්‍රී ලංකා රජය ඔවුන් ඝාතනය කළ බවත් මානව හිමිකම් සමුළුව වෙත පැවසීමයි. මෙකී ඉලක්‌කය නම් සාවද්‍ය සුදුකොඩි කතාව රටවල් 47 ක්‌ ඉදිරියේ පවසා ශ්‍රී ලංකාව යුද අපරාධකරු බවට පත් කිරීමයි. 2001 අප්‍රේල් මසදී ඇය කොටි නායකයා හමුවීම සඳහා වන්නියට ගොස්‌ ආපසු එන අතරේ හමුදා වෙඩි ප්‍රහාරයකට ලක්‌වී එක්‌ ඇසක්‌ ද අන්ධ කරගත්තාය. ඇය වන්නියට ගිය ආකාරයට ලෙබනනයේ සිට හොරෙන් සිරියාවට ගොස්‌ සිරියානු රජයට එරෙහි ත්‍රස්‌තවාදීන් සමග කටයුතු කරද්දී හමුදා ප්‍රහාරයකට ලක්‌වී මියගියාය.

මෙය දිට්‌ඨ ධම්මවේදනීය කර්මයක්‌ පල දීමකි. ඇය ජිනීවා වෙත පැමිණීමට සැලසුම් කළේ කොටි ජාත්‍යන්තර ජාලය වෙනුවෙන් ශ්‍රී ලංකාවට එරෙහිව සාක්‌කි දීමටය. ආරක්‍ෂක අංශ සමග සටනේදී කොටි මියයනු ඇතැයි ඇය තරයේ විශ්වාස කළ නමුත් කොටි පරාජය වී මියයැම නිසා කෝපයට ද, අපේක්‍ෂා භංගත්වයට ද පත්වූවාය. ඇගේ හදිසි අභාවය කොටි ජාලයට ඉවසුම් දුන්නේ නැත. “යුද අපරාධ ගැන සාක්‌කි දීමට සිටි එකම සාක්‌කිකාරිය වූ මාරි කොල්වින් අපට අහිමිවීම ගැන අපේ බලවත් ශෝකය පළ කරන්නෙමු”යෑයි කියමින් කොටි ජාලය විසින් ශෝක ප්‍රකාශයක්‌ ද නිකුත් කෙරිණි. කොටි ත්‍රස්‌තවාදීන් සමග දැඩි සබඳකම් පැවැත්වූ ඇය මරුමුවට පත්වීම ගැන ලන්ඩන් නුවර බී.බී.සී. සේවාවේ කොටි හිතවාදියකු ද වැලපුණේය.

ඇය මියයැමෙන් පසු එක්‌සත් ජාතීන්ගේ මාණ්‌ඩලික ප්‍රධානී විජේ නම්බියාර් ප්‍රකාශයක්‌ කරමින් තමා සහ රොබට්‌ බ්ලේක්‌ වන්නියට යැමට උත්සාහ කළ බවත් රජය ඊට ඉඩ දුන්නේ නැතැයි ද කියා සිටියේය.

මේ අතර ජිනීවා මානව හිමිකම් සමුළුව වෙත ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාවක්‌ ගෙන එන බව ඇමරිකාව විසින් ප්‍රකාශ කිරීමත් සමගම මෙතෙක්‌ සැඟවී තිබුණ ඇමරිකානු න්‍යායපත්‍රය හෙවත් කුමන්ත්‍රණය හෙළි විය. මේ ඇමරිකානු කුමන්ත්‍රණය මෙහෙයවීම භාරවී තිබුණේ කොටින්ගේ අතිජාත මිත්‍රයා වූ රොබට්‌ බ්ලේක්‌ටය.

2009 මැයි 19 වැනිදා කොටි පරාජයවීමත් සමගම රොබට්‌ බ්ලේක්‌ට අවශ්‍ය වූයේ කොන්දක්‌ නැති ජනාධිපති, ආරක්‍ෂක ලේකම්වරයකු හා ආරක්‍ෂක හමුදාවක්‌ මෙරට ස්‌ථාපිත කිරීමයි. එහෙත් එම උත්සාහය ව්‍යර්ථ විය. ජිනීවාහි ඇමරිකානු නියෝජිත අයිරින් මොනනෝ ද එසේ මෙසේ රාජ්‍ය නිලධාරිනියක්‌ නොවේ. ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාව ඇගේ කාර්යාලයෙන්ම විදෙස්‌ තානාපතිවරුන්ට පමණක්‌ නොව කොටි හිතවාදී වෙබ් අඩවිවලට ද ලැබී ඇත. මෙය එක්‌සත් ජාතීන්ගේ සදාචාර ක්‍රමවේදයට මුළුමනින්ම පටහැනිය. මේ ඇමරිකානු යෝජනාවෙන් උතුරේ හමුදා කඳවුරු ඉවත් කිරීම, උතුර නැගෙනහිරට බලය ලබාදීම, සිවිල් සංවිධාන ක්‍රියාකාරීන්ට අවශ්‍ය පරිදි ක්‍රියා කිරීමට ඉඩදීම යන කරුණු ඉටු කළ යුතු යෑයි දක්‌වා තිබිණි.

මේ පසුබිම මැද ශ්‍රී ලංකා රජයේ දූත කණ්‌ඩායමට සිදුවූයේ “ඩේවිඩ් සහ ගොලයන්” වැනි සටනකට මුහුණදීමටය. එහෙත් අධික ශීතල දේශගුණික තත්ත්වය මත ඔවුහු විදෙස්‌ රාජ්‍ය නියෝජිත කණ්‌ඩායම හමුවෙමින් ඇමරිකානු සටනට ප්‍රතිචාරය දැක්‌වූහ.

මෙකී වාතාවරණය මැද කොටි ජාලයට ද වැරැදුණි. ඔවුහු ජිනීවාහි එක්‌සත් ජාතීන්ගේ මූලස්‌ථානය ඉදිරිපස භූමිය සොහොන් පිටියක්‌ බවට පත් කළහ. ශ්‍රී ලංකා රජයට එරෙහිව මෙහිදී පැවැත්වූ විරෝධතාවයේදී කොටි ධජය සමග ඇමරිකානු ධජය ද, බ්‍රිතාන්‍ය ධජය ද එසවීමට ක්‍රියා කිරීම නිසා ශ්‍රී ලංකාවට එරෙහි විරෝධතා යෝජනාවේ පසුබිම සනාථ විය. 27 වැනිදා සඳුදා සවස 2 ට ජිනීවා එක්‌සත් ජාතීන්ගේ මූලස්‌ථානය වෙත පැමිණෙන ලෙස ස්‌විට්‌සර්ලන්තයේ බර්න්, බියනේ, සුරීච්, ලුගානෝ, සුග්, බාසල්, ෂොප්ගසන් යන නගරවල කොටි ඒජන්තවරුන් ඉල්ලීමක්‌ කළත් පැමිණ සිටියේ හයසීයකට සමාන පිරිසකි. මේ විරෝධතාව සංවිධානය කර තිබුණේ ඇමරිකානු කොටි ඒජන්ත විශ්වනාදන් රුද්‍රකුමාරන්ගේ කණ්‌ඩායමයි.

කොටි ජාලය විසින් පසුගිය සඳුදා මෙම විරෝධතාව ඇරැඹීමට පෙර පෙරවරුවේදී මානව හිමිකම් සමුළුව ආරම්භ විය. ද්‍රවිඩ එක්‌සත් විමුක්‌ති පෙරමුණේ නායක ආනන්ද සංගරීගේ පුත් හැරී ආනන්ද සංගරී නමැති කොටි හිතවාදියා හය දෙනකුගෙන් යුත් කණ්‌ඩායමක්‌ සමග මානව හිමිකම් සමුළු ශාලාවේ අසුන්ගෙන සිටියේය.

එසේම ශ්‍රී ලංකාවෙන් පැමිණි දූත කණ්‌ඩායම පිළිබඳ නිරීක්‍ෂණය කිරීමට තවත් කොටි දෙදෙනකු ද යොදවා තිබිණි. හැරී ආනන්ද සංගරීගේ සහායට ඇම්නෙස්‌ටි ඉන්ටර්නැෂනල් සංවිධානයේ දෙනෙක්‌ ද පැමිණ සිටියහ. මේ කොටි හිතවාදියාගේ ඡායාරූපයක්‌ ගැනීම නිසා ඔහු ඇම්නෙස්‌ටි ඉන්ටර්නැෂනල් සංවිධානයේ නියෝජිතයා වෙත පැමිණිල්ලක්‌ කරමින් තමාගේ ජීවිතයට තර්ජනයක්‌ වී ඇතැයි පවසා ඇත.

මේ පසුබිම යටතේ හැරී ආනන්ද සංගරී සමීපයේ අසුන්ගෙන සිටි රාජ්කුමාර් නමැත්තා ශ්‍රී ලංකාවෙන් ගිය අරුන් තම්බිමුත්තු සමග වාදයකට එළැඹිණි.

“මගේ තාත්තයි, අම්මයි අමු අමුවේම මැරුවේ කොටි”යෑයි කියමින් රාජ්කුමාර් වෙත දැඩි ප්‍රතිචාරයක්‌ දැක්‌වීමට අරුන් ක්‍රියා කළේය. මේ අතරේ බළලා මල්ලෙන් එළියට පැන්නා යන කියමන සනාථ කරමින් රාජ්කුමාර් නමැත්තා ශ්‍රී ලංකාවට සාවද්‍ය යුද අපරාධ චෝදනා එල්ල කිරීමේ පසුබිම හෙළි කළේය.

“අපට අවශ්‍ය මේ රජය පෙරළා දැමීමටයි. මේ රජය සිටින තුරු අපට ඊළම ලබාගන්න බැහැ. ඒ නිසා අපි ඇමරිකා, බ්‍රිතාන්‍ය, කැනඩා යන තානාපතිවරුන් හමුවී රජය ඉවත් කරන්න යෑයි බලපෑම් කරනවා” යෑයි ඔහු අනාවරණය කළේය.

රා- කුමාර් නමැත්තා මේ ප්‍රකාශය කර පැය කීපයකට පසු මානව හිමිකම් සමුළුව ඇමතූ බ්‍රිතාන්‍ය විදේශ ඇමැති ජෙරොම් බුවන්ට ද ශ්‍රී ලංකාවේ රජය වෙනස්‌ කිරීමේ අවශ්‍යතාව මතු විය. මෙලෙස විදෙස්‌ සතුරන් ඒකරාශි වී කොටි පැරද වූ රජය බිඳ දැමීමේ කුමන්ත්‍රණ සැලසුම දියත් කරන අවස්‌ථාවේ එන්.ජී.ඕ. සතුරන් ද ඊට සෘජුව සහාය දක්‌වා ඇත.

පසුගිය ඉරිදා අයර්ලන්තයේ ඩබ්ලින් නුවර සිටින ජූඩ් ලාල් ප්‍රනාන්දු නමැති එන්.ජී.ඕ. ප්‍රධානියෙක්‌ කොටි ජාත්‍යන්තර ජාලය වෙත සංදේශයක්‌ යවමින් මානව හිමිකම් සමුළුව වෙත ඇමරිකාව විසින් ගෙනඑන යෝජනාව වැඩක්‌ නැති බවත් අවශ්‍ය වී ඇත්තේ ජාත්‍යන්තර විමර්ශන කොමිසමක්‌ යෑයි පවසා තිබේ.

ඔහුගේ මෙම ප්‍රකාශයට සමගාමීව ජිනීවා මානව හිමිකම් කොමිසමේදී ශ්‍රී ලංකාවට එරෙහිව කරුණු දැක්‌වීම සඳහා රාජ්‍ය නොවන සංවිධාන නවයක්‌ ඉදිරිපත්වී ඇත.

මේ අතර කොටි ඒජන්ත රුද්‍රකුමාරන් ප්‍රකාශයක්‌ කරමින් රජිව් ගාන්ධි ඝාතනය වූ බව කියමින් ඊළම ලබාගැනීමේ ප්‍රශ්නය ප්‍රාණ ඇපයට ගැනීමට නොහැකි යෑයි දක්‌වමින් ඉන්දියාවට බැණ වැදී ඇත. “හිටපු රජයේ නිලධාරීන් හා විදෙස්‌ තානාපතිවරු විදෙස්‌ රටවල සිටිනවා. ඔවුන් සමූල ඝාතනයේ සාක්‍ෂිකරුවන්. අපේ මුල්ම පියවර ඔවුන්ගෙන් සාක්‌කි ලබාගැනීමයි”යෑයි ඔහු තවදුරටත් කියා සිටියේය.

මේ පසුබිම මැද රුද්‍රකුමාරන් විසින් ඊළාම් ආණ්‌ඩුව නමැති ව්‍යාජ සංවිධානයට අයත් එකොළොස්‌ දෙනකු මෙම 27 සිට මාර්තු 23 දක්‌වා කාලය තුළ ශ්‍රී ලංකාවට එරෙහිව කරුණු දැක්‌වීම සඳහා ජිනීවා වෙත එවා ඇත.

මෙයට අමතරව මාර්තු 5 වැනිදා ගෝලීය ද්‍රවිඩ සංසදයේ ප්‍රධානි එමානුවෙල් දේවගැතියා ද ජිනීවා වෙත පැමිණේ.

එහෙත් ඊට ප්‍රතිචාර දැක්‌වීම සඳහා විදෙස්‌ගත දේශප්‍රේමීන් කණ්‌ඩායම ද ජිනීවාහි රැඳී සිටී. බ්‍රිතාන්‍යයේ ඩග්ලස්‌ වික්‍රමරත්න, ඔස්‌ටේ්‍රලියාවේ මහින්දපාල සහ උදයන් පුවත්පතේ කර්තෘ නොයෙල් නඩේසන්, කැනඩාවේ සිට අයිරා ද සිල්වා, ස්‌විට්‌සර්ලන්තයේ අරුන් තම්බිමුත්තු ඇතුළු පිරිසක්‌ ද මානව හිමිකම් සමුළුව වෙත පැමිණ සිටී. මේ අතර ශ්‍රී ලංකා අමාත්‍ය කණ්‌ඩායම රැඳී සිටි ජිනීවා හෝටලය වෙත ජිනීවා චන්ද්‍රන් ඇතුළු සිව් දෙනකුගෙන් යුත් කණ්‌ඩායමක්‌ පැමිණ නිරීක්‍ෂණ කටයුතුවල යෙදෙන අයුරු දැකගත හැකි විය.

ඔහු සහ කණ්‌ඩායම රාත්‍රි 11.45 වන තුරු එම හෝටලයේ අසුන්ගෙන සිටි බව තවදුරටත් අපට පෙනුණි.

මේ පසුබිම යටතේ රිපෝටර්ස්‌ විතවුට්‌ බෝඩර්ස්‌ (RWB) නමැති විදෙස්‌ රාජ්‍ය නොවන සංවිධානය ජිනීවා මානව හිමිකම් සමුළුව වෙත රහස්‌ ලියෑවිල්ලක්‌ එවමින් ශ්‍රී ලංකාව මාධ්‍ය මර්දනයේ යෙදෙන බව දක්‌වමින් ශ්‍රී ලංකාවට එරෙහිව යෝජනාවක්‌ සම්මත කර ගන්නා ලෙස ඉල්ලා ඇත.

මේ ලියෑවිල්ලට අදාළ සාවද්‍ය තොරතුරු සපයා ඇත්තේ කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලයට කේලම් කියන ෙද්‍රdaහීන් කණ්‌ඩායම සහ “කළු ජනවාරි” ෙද්‍රdaහීන් පිරිස්‌ යෑයි සනාථ නොවන්නේද?

මේ තත්ත්වය මැද ඇමරිකානු කුමන්ත්‍රණයේ තවත් පියවරක්‌ හෙළි විය. ඒ ප්‍රභාකරන් ඇතුළු ඝාතක කණ්‌ඩායම විනාශ කිරීමට මුල්වූ 58 වැනි සේනාංකය මෙහෙය වූ මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සාම සාධක බළකායේ උපදේශක ධුරයෙන් ඉවත් කිරීමයි.

ශ්‍රී ලංකාවට එරෙහි ඇමරිකානු යෝජනාවේ නිර්මාතෘ රොබට්‌ බ්ලේක්‌ මානව හිමිකම් සමුළුවට යන අතරේ ප්‍රකාශයක්‌ කරමින් මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා එම ධුරයට පත් කිරීම සුදුසු නැතැයි කියා සිටියේය.

මේ අතර ද්‍රවිඩ සන්ධාන නායක ආර්. සම්බන්ධන් විසින් ජිනීවා මානව හිමිකම් සමුළුව වෙත සංදේශයක්‌ එවමින් වන්නි මෙහෙයුමේ අවසාන සතියේ සිදුවූ යුද අපරාධ ගැන සෙවිය යුතු බව පවසා ඇත. ඒ සඳහා ජාත්‍යන්තර විමර්ශනයක්‌ අවශ්‍ය යෑයි ද ඔහු කියා සිටී.

එසේම ජිනීවා මානව හිමිකම් සමුළුව වෙත ඉදිරිපත් වන ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාව මගින් රජයට උගත් පාඩම් කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට අවස්‌ථාව ලැබෙන බව ද ද්‍රවිඩ ජනතාවගේ නීත්‍යනුකූල හිමිකම් ලබාගැනීමට අවස්‌ථාව හිමි වන බවද සම්බන්ධන් කියා සිටී. සම්බන්ධන්ගේ මේ ලිපියෙන් කියා සිටින්නේ ඇමරිකානු යෝජනාව සම්මත කර ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් පියවර ගැනීම නොවේද? මේ පසුබිම යටතේ 1971 හිටපු කැරැලිකරුවකු වූ “රංජි මල්ලි” නමැත්තා මානව හිමිකම් සමුළුවේදී මතු විය.

ඔහු කොටි හිතවාදීන් හමුවෙමින් මහත් සතුටකින් යුක්‌තව සිටිනු අපට දක්‌නට ලැබිණි. මෙම වාතාවරණය මැද ශ්‍රී ලංකා ජනාධිපතිට එරෙහිව ඇමරිකාවේදී පවරා තිබූ නඩුව විනිසුරු නෙලින් කොටේලි විසින් නිෂ්ප්‍රභ කර ඇත.

මේ නඩුව පවරා තිබූයේ ආර්. මනෝහරන්, ප්‍රේමාස්‌ ආනන්දරාජා නමැත්තන්ය.

කිරුබාහරන් කොටියා යකා නටයි

මේ අතර පෙරේදා (1 දා) සවස ජිනීවාහි එක්‌සත් ජාතීන්ගේ මූලස්‌ථාන ශාලාවකදී කොටි ජාත්‍යන්තර ජාලයේ 11 වැනියා වූ වී. කිරුබාහරන් ශ්‍රී ලංකාව යුද අපරාධකරුවකු කිරීමට ගත් උත්සාහය ව්‍යර්ථ විය.

ඔහු ඒෂියන් ටි්‍රබියුන් වෙබ් අඩවියේ කර්තෘ රාජසිංහම්ට ජාතිවාදී කට වහගනින් යෑයි පැවැසීය. රාජසිංහම්ද ඊට ප්‍රතිචාර දක්‌වා නුඹ කට වහගනින් යෑයි කියා සිටියේය. මෙම අවස්‌ථාවට ගෝලීය ද්‍රවිඩ සංසදයේ සුරේෂ් සුරේන්ද්‍රන් හා ගැරී ආනන්ද සංගරී ඇතුළු කොටි හිතවාදීන්ද සාම කොමිසම නමින් හඳුන්වාගත් එන්ජීඕ සංවිධානයක්‌ නියෝජනය කරමින් කුමාර් පෙරේරා නමැත්තකුද පැමිණ සිටියේය.

මෙහිද කිරුබාහරන් හා කොටි හිතවාදීන් එක්‌සත් ජාතීන්ගේ ආරක්‌ෂක අංශය වෙත පැමිණිල්ලක්‌ කරමින් මා ඔවුන්ගේ ඡායාරූප ගන්නා බවක්‌ පවසා තිබිණි.

එක්‌සත් ජාතීන්ගේ ආරක්‌ෂක නිලධාරීන් දෙදෙනකු මා වෙත පැමිණ එක්‌සත් ජාතීන්ගේ ලාංඡනයට ගරුකරන ලෙස ඉල්ලමින් කැමරාව පරීක්‌ෂාවට ලක්‌කළ නමුත් කොටින්ගේ පැමිණිල්ල අසාර්ථක විය.

මාධ්‍ය නිදහස ගැන කතා කරන එන්ජීඕකාරයන් එක්‌සත් ජාතීන්ගේ සංවිධානය තුළ මාධ්‍ය නිදහස අහිමි කිරීමට ගත් උත්සාහය ඉන් සනාථ විය.

නිලධාරිනියක වූ සමන්තා පවර්ද ඊට සම්බන්ධ වී සිටි අතර රාජ්‍ය නොවන සංවිධාන නවයක්‌ ජිනීවා මානව හිමිකම් සමුළුවේදී ශ්‍රී ලංකාවට එරෙහිව කරුණු දැක්‌වීමට අවසරය ලබා තිබේ.

කීර්ති වර්ණකුලසූරිය
ස්‌විට්‌සර්ලන්තයේ ජිනීවා නුවර සිට

දළදා මාළිගාවට බෝම්බ ගසා අදට වසර දාහතරයි

දළදා මාළිගාවට බෝම්බ ගසා අදට වසර දාහතරයි

සිරිල් විමලසුරේන්ද්‍ර source:

එල්. ටී. ටී. ඊ. කොටි ත්‍රස්‌තවාදීන් මහනුවර ශ්‍රී දළදා මාළිගාවට ලොරි බෝම්බයකින් විනාශයක්‌ සිදුකර අද (25 දාට) දිනයට වසර 14 ක්‌ පිරෙයි.

වර්ෂ 1998 ජනවාරි 25 වැනිදා උදෑසන 6.05 ට බෝම්බය පුපුරුවා හැරීමෙන් බැතිමතුන් ඇතුළු දොළොස්‌ දෙනකුගේ ජීවිත ද විනාශ විය.

නඩු විභාගයකින් පසු එල්. ටී. ටී. ඊ. කොටි ත්‍රස්‌තවාදීන් බව කියන පුද්ගලයන් දෙදෙනකුට මරණීය දණ්‌ඩනය මහනුවර මහාධිකරණයේ දී නියම විය.

ශ්‍රී දළදා මාළිගා කොටි බෝම්බයෙන් විනාශ වූ සිද්ධිය අසන්නට ලැබුණු ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර කීර්තිමත් භූ විද්‍යාඥයකු වූ මහාචාර්ය පී. ඩබ්ලිව්. විතානගේ මහතා ද 1998 ජනවාරි 25 වැනිදා හදිසියේම ජීවිතක්‌ෂයට පත් විය.

මේ පිළිබඳ ලියෑවුණු විශේෂ ලිපියක්‌ අද පත්‍රයේ 12 වැනි පිටුවේ පළවේ.

ලෝක විනාශය සිදුවන්නේ වසර බිලියන ගණනකින්

ලෝක විනාශය සිදුවන්නේ වසර බිලියන ගණනකින්

ලෝක විනාශය විද්වතුන්ගේ අසින් source:

2012 ජනවාරි මස 22 14:21:31 | ලංකාදීප කර්තෘ මණ්ඩලය

7Share

2012 වසර අවසානයේදී ලෝක විනාශය සිදුවෙතැයි යන විශ්වාසය සමහරුන්ගේ සිතේ පැළපදියම් වී තිබේ. මෙතෙක් කල් හරි හම්බ කළ බව බෝග, වතුපිටි, යස ඉසුරු පසෙක තබා හිටිගමන් ජීවිතය හැරයන්නට සිදුවුවොත් යන සිතුවිල්ලෙන් පශ්චාත්තාපී වන්නෝද සිටිති.

ඇත්තටම ලෝක විනාශය සිදුවෙනවාද? එසේ නම් ඒ කවදාද? කොයි ආකාරයකටද? ලෝක විනාශය පිළිබඳව කතාන්දරයේ විද්‍යාත්මක පසුබිම කුමක්ද? විද්‍යාත්මක මතය අනුව ඇත්තටම ලෝක විනාශය සිදුවෙනවාද? මේ ඒ පිළිබඳව කෙරෙන විමසා බැලීමකි.

නාසා ආයතනයේ හබල් දුරේක්ෂය සමග ගවේෂණ කටයුතු කළ තාරකා විද්‍යාඥයකු වන කාවන් රත්නතුංග මහතාගෙන් අපි තොරතුරු විමසුවෙමු.

ලෝකයේ ජීවත්වන්නවුන් ප‍්‍රමුඛව ලෝකයේ පවතින භෞතිකයන් විනාශ වෙන්නට ක‍්‍රම කිහිපයක්ම ඇතත් 2012 වසර අවසානයේ ලෝකය විනාශ වේයැයි කියන කතාවේ කිසිදු විද්‍යාත්මක පදනමක්, කිසිදු විද්‍යාත්මක සත්‍යතාවක් නැත. මේ වසරේ පමණක් නොව තවත් වසර බිලියන ගණනක් අවෑමෙන්වත් ලෝක විනාශය සිදුවෙන බවට කිසිදු සාක්ෂියක් නැත.

විද්‍යාඥයන්ගේ මතය අනුව මේ විශ්වයේ සියල්ල ආරම්භ වී ඇත්තේ මහා පිපිරුමකිනි. එතෙක් මෙතෙක් මේ පෘථිවියේ ජීවත් වූ ජීවීන් කොට්ඨාස බිලියනයක් අතරින් එක් ජීවින් වර්ගයක් ලෙස මනුෂ්‍යයා හැඳින්විය හැකිය. පෘථිවියේ ජීවත්වූ ජීවීන් වර්ග අතරින් සියයට අනූනවයක් පමණ මේ වෙද්දී වඳවී ගොස් ඇත.

2012 දී ලෝක විනාශය සිදුවේයැයි යන මතයක් මානව සමාජය තුළ ප‍්‍රබලව මුල් බැස ගැනීමට බලපෑ ප‍්‍රධානම සාධකයක් වූයේ ආදිතම යුගයේදී මධ්‍යම ඇමෙරිකාවේ ජීවත් වූ මායාවරුන් නිර්මාණය කරන ලද දින දර්ශනයයි. මෙම දින දර්ශනය වත්මන් දින දර්ශනයට අනුව 2012.12.21 වැනි දිනයෙන් අවසන්වෙයි. මේ දින දර්ශනයට අනුව බොහෝ දෙනා විශ්වාස කරන්නේ මායාවරුන් අනතුරු හඟවා ඇත්තේ ලොව විනාශවීම පිළිබඳව වන ප‍්‍රබල අනාවැකියක් ගැන බවයි.

එහෙත් 2012 දෙසැම්බර් 21 වැනි දින ලෝක විනාශය සිදුවේයැයි කියන කතාවේ කිසිදු විද්‍යාත්මක සාක්ෂියක් සහිත පදනමක් නැත. එවන් මතයක් ගොඩනැගී ඇත්තේ ආදී අනාගත වක්තෘන් පලකළ අනාවැකියක් අනුවය. එම දිනයේ පෘථිවියේ ධ‍්‍රැව හුවමාරුවක් ඇති විය හැකි යැයි කියවී තිබුණත් යම් දවසක එය ඇතිවිය හැකි නමුත් එම දිනයේම එය ඇතිවේයැයි යන්න කිසිදු විද්‍යාත්මක පදනමකින් තොරවූවකි.

තවත් වසර බිලියන පහක් ඇවෑමෙන් ඉර විනාශ වීමෙන් ලෝක විනාශය සිදුවිය හැකිය. එසේ ඉර විනාශ වීමේ විද්‍යාත්මක පසුබිම සැකසෙන්නේ මේ අනුවය. පෘථිවියටත් සෞරග‍්‍රහ මණ්ඩලයටත් ශක්තිය සපයන සූර්යයාට ශක්තිය සපයන්නේ හයිඩ‍්‍රජන්ය. අනුමාන වශයෙන් තවත් වසර බිලියන පහකින් පසු සූර්යයා දහනය වීමට ඇති හයිඩ‍්‍රජන් අවසන් වී සූර්යයා මළ තාරකාවක් බවට පත්විය හැකිය. අද කහපාට තාරකාවක් ලෙස පවතින සූර්යයා ඒ අනුව යෝධ රතු තාරකාවක් බවට පත්වෙයි. එහි විශ්කම්භය ඉතා විශාලවෙයි.

සූර්යයාගේ අවසන් යුගයේදී හයිඩ‍්‍රජන් අණු හීලියම් අණු බවට පරිවර්තනය වීමේ වේගය ඉතා ඉහළ යයි. සූර්යයාගේ ප‍්‍රමාණය විශාල වී එය දැවැන්ත ප‍්‍රසාරණයකට ලක්වෙන්නේ එම පරිවර්තනය දරාගැනීමටය. සූර්යයාගේ වර්ණය මෙම ක‍්‍රියාවලියේදී රතු පැහැයට හැරෙයි. සූර්යයා විශාල වෙද්දී ඉන් නිකුත් කෙරෙන තාප ධාරිතාව ඉතා වැඩිවෙන අතර මේ හේතුවෙන් සූර්යයා විනාශ වීමට පෙර නිකුත් කෙරෙන අධික උෂ්ණත්වය හේතුකොට ගෙනද පෘථිවිය මත ඇති ජීවය වඳවී යා හැකියි. කෙසේ වුවත් අවසානයේ දැවැන්ත රතු යෝධයෙක් බවට පත්වෙන සූර්යයා තමාට ආසන්නයේ ඇති පෘථිවියත් ග‍්‍රහලෝකත් ගිල ගන්නට පටන් ගනියි.

සූර්යයා දහස් ගුණයකින් පමණ ප‍්‍රසාරණය වෙද්දී එයින් නික්මෙන අධික තාපය හේතුවෙන් පෘථිවියේ භූ ස්ථර ලාවා මෙන් උණු වී දිය වෙන්නට පටන් ගන්නා අතර උපරිම ලෙස ප‍්‍රසාරණය වූ සූර්යයා නැවත සංකෝචනය වීමේ ක‍්‍රියාවලියේ අවසානය වෙන්නේ සූර්යයා අධික ඝනත්වයක් සහිත කුඩා අඳුරු දහනය වීමට කිසිවක් නැති ගෝලයක් බවට පත්වීමයි.

සුදු වාමනයා  (White Dwart)ලෙස තාරකා විද්‍යාවේදී හඳුන්වන්නේ මේ ස්වභාවයයි. එහි ප‍්‍රමාණය පෘථිවියේ ප‍්‍රමාණයට ආසන්න වෙයි. එහෙත් එහි ඝණත්වය ඉතාමත් අධිකය. සෞරග‍්‍රහ මණ්ඩලයේ සෙසු ග‍්‍රහලෝක වලට බල ශක්තියක් සැපයීමේ හැකියාවක් මේ තත්ත්වයට පත්වූ සූර්යයාට නැති අතර මේ පසුබිම මත සෞරග‍්‍රහ මණ්ඩලය ජීවය නැති අන්ධකාර ප‍්‍රදේශයක් බවට පරිවර්තනය වෙයි.

පෘථිවිය මත ජීවය වඳවී යාහැකි යැයි විද්‍යාඥයන් විශ්වාස කරන තවත් විධි ක‍්‍රමයක් වෙන්නේ අඟහරුගේ සහ පෘථිවියේ කක්ෂ අතර එකිනෙක ගැටීමක්, නැත්නම් ඒවා ආසන්නයෙන් ගමන් කිරීමක් හේතුවෙන් ඇතිවෙන ගුරුත්ව තල්ලූවක් හේතුවෙන් පෘථිවිය තම කක්ෂයෙන් ගැලවී ඉවතට විසිවී යාමේ සංසිද්ධියයි. සෞර ග‍්‍රහ මණ්ඩලයේ ග‍්‍රහලෝක හිරුවටා පරිභ‍්‍රමණය වේ. කක්ෂ ඉතා ස්ථාවර ලෙස පවතින බව අප දුටුවත් දිගු කලක් ගතවෙද්දී එහිද සුළු වෙනස්කම් ඇති වී සෞර ග‍්‍රහ මණ්ඩලයේ අද ස්වභාවය වෙනස් වී මෙවැනි තත්ත්වයක් ඇතිවිය හැකිය.

විද්‍යාවට අනුව මෙයින් වසර බිලියන 13.7කට පෙර මහා පිපිරුමෙන් (Big Bang) විශ්වය ආරම්භ වූ අතර තවත් වසර බිලියන ගණනකින් එහි අවසානයද සිදුවිය හැකිය. විශ්වය ප‍්‍රසාරණය වන්නේ ඒ මහා පිපිරුමෙන් ලද ශක්තියෙනි. එහෙත් නැවත මේ විශ්වය සංකෝචනය වීමද යළිත් ඇරඹෙනු ඇත.

විශ්වය සංකෝචනය වීම යන දිගු ක‍්‍රියාවලියේ අවසාන අදියර වෙන්නේ විශ්වයේ මහා පිපිරීමට පෙර මොහොතකදී පැවැති ආකාරයෙන් මුළු විශ්වය ඇල්පෙනිති හිසක් තරමේ කුඩා ලක්ෂයකට කැටි වීමයි. මේ මහා හැකිළුම පෘථිවියේ පමණක් නොව මුළු විශ්වයේම අවසානය බවට පත්වෙයි. එහෙත් මේ අයුරින් මුළු විශ්වයම විනාශ වීමට තවත් වසර බිලියන තිහක් තරම්වත් කාලයක් ගතවෙනු ඇත.

ඇතැම් විද්‍යාඥයන් දක්වන මතයක් වන්නේ විශ්වය නැවත සංකෝචනය නොවී දිගටම ප‍්‍රසාරණය විය හැකි බවයි. මහා දිගහැරුම ( Big Rip) ලෙස මෙය හඳුන්වයි. මෙහි අවසන් අදියර විශ්වය මළ විශ්වයක් බවට පත්වීමයි.

මෙයින් වසර මිලියන හයසියයකට පෙර පෘථිවිය පැවතියේ සම්පූර්ණයෙන්ම අයිස් වලින් ආවරණය වීය. එදවස පෘථිවියේ ගස්කොළන් නොපැවති අතර මිහිමත සිටියේ ඒක ෙසෙල ජීවීන් පමණි.

වසර මිලියන 65කට පෙර විශාල උල්කාපාතයක් ගැටීමෙන් මේ පොළොවේ සිටි ඩයිනසෝර්ලා විනාශ විය. එය ලෝක විනාශයක් ලෙස අර්ථ දැක්විය හැකිය.

අපේ පෘථිවියට තර්ජනයක් එල්ල කළ හැකි යැයි මේ වෙද්දී සොයාගත් එකම ග‍්‍රාහකය වෙන්නේ ඇපෝෆිස්ය. වර්ෂ 2036 දී එයින් පෘථිවියට හානියක් සිදුවීමට ඇති ඉඩකඩෙහි සම්භාවිතාව ඉතා අල්පවෙයි. එමෙන්ම නාසා ආයතනය මේ වෙද්දී පෘථිවියට හානිකළ හැකි උල්කාපාත පිළිබඳව ගවේෂණය කරමින් ඒවා සොයා ගනිමින් ඒවා පෘථිවියේ නොගැටෙන්නට වෙනදිශාවකට තල්ලූ කරමින් පෘථිවිය විනාශ වීමට අවස්ථා ඇත්නම් ඒවා මග හරවා ගනියි.

(Gamma-Ray) පිපිරුමක් නැත්නම් කළු කුහරයක් පෘථිවියට පැමිණීමේ සම්භාවිතාවද ඉතා අඩුය. ඇන්ඩ්‍රොමීඩා චක‍්‍රාවාටය යනු පෘථිවියට ආසන්නම විශාල චක‍්‍රාවාටයකි. එය පෘථිවිය හා ගැටීමටද වසර මිලියන ගණනාවක් ගතවෙනු ඇත.

එමෙන්ම ගිනිකන්දක් පිපිරීම හේතුවෙන් ඇමෙරිකාවේ බාගයක්ම විනාශ වී යා හැකි වුවත් එය සිදුවීමටද තවත් වසර බොහෝ ගණනක් ගතවෙනු ඇත.

සියල්ල සාරාංශ කොට විද්‍යාත්මක ප‍්‍රවේශයක සිට ඉතා පැහැදිලිව සඳහන් කළ හැක්කේ 2012 දෙසැම්බරයේදී ලෝක විනාශය සිදුවීමේ කිසිදු විද්‍යාත්මක සාක්ෂියක් හෝ පදනමක් නැති බවයි. එහෙයින් ලෝක විනාශය සිදුවේයැයි යන අනියත බියෙන් වැලකී තම දෛනික ජීවිතය සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාම වඩාත් ඵලදායි වෙයි.

සටහන – සංජීවිකා සමරතුංග

 

ඇමෙරිකානු විද්‍යාඥයන් ලෝක විනාසය දකින හැටි

ලොව මුල්පෙළේ විද්‍යාඥයන් රැසක්ම පෘථිවිය වෙත විනාශයක් ගෙන ඒමට හැකි ඉඩකඩ කොපමණදැයි ඉකුත්දා ”ඇමරිකානු විද්‍යාඥයන්ගේ සඟරාව” මගින් හෙළිදරව්කොට ඇත. එහිදී ඔවුන් ලෝක විනාශයක් සිදුවිය හැකි ආකාර කීපයක් දක්වයි. එම ආකාර අද සිදුවන ක‍්‍රියාවලික් නොව වසර දස දහස් ගණනකින් සිදුවිය හැකි ඒවා ලෙස ඔවුහු දක්වති.

ගෝලීය උණුසුම ඉහළ යෑම

වර්තමාන මිනිසා මුහුණදෙන ප‍්‍රබලම ප‍්‍රශ්නයක් වන්නේ ගෝලීය උණුසුම ඉහළ යාමයි. මෙහිදී කාබන් ඩයොක්සයිඞ් ප‍්‍රතිශතය වැඩිවීම තුළ පෘථිවියේ පවතින උණුසුම පිටව යෑමට නොහැකි වී පෘථිවි ගෝලය උණුසුම් වීමක් සිදුවේ.

එහි ප‍්‍රතිඵලයක් ලෙස සිදුවන්නේ ධ‍්‍රැව ප‍්‍රදේශවලට අයත් ග්ලැසියර දියවී සාගර ජල මට්ටම ඉහළ යෑමත් වෙරළබඩ පහත් බිම් හා දූපත් සාගර ජලයෙන් යටවී දේශගුණික රටාව පවා වෙනස්වීමයි.

සාගර ජලයෙන් දූපත් යටවීමෙන් ලෝක සිතියම බොහෝ දුරට වෙනස්විය හැකි බව විද්‍යාඥයෝ පෙන්වා දෙති. අකලට වැසි ලැබීම් මෙන්ම නියංසාගත තත්ත්වයක් තුළ මිනිසාට ගෙවීමට සිදුවන්නේ දුෂ්කර දිවි පෙවෙතකි. මෙම ක‍්‍රියාවලියද වසර දහස් ගණනක් අනාගතයේදී සිදුවිය හැකි යැයි ඔවුන්ගේ නිගමනයයි.

ගිනිකඳු පිපිරීම්

පෘතුවිය අභ්‍යන්තරයේ උෂ්ණත්වය අධික වීමත් සමග අධිපීඩන තත්ත්වයක් ඇතිවී ගිනිකඳු නිර්මාණය වන බවත් එම ගිනි කඳු හා වර්තමානයේ නිර්මාණය වී තිබෙන ගිනි කඳු පිපිරීයාම තුළ නිකුත්වන ලාවා සහ අළුවලින් විනාශයක් සිදුවන බව පෙන්වා දී තිබේ. විශේෂයෙන් නිකුත්වන අළු නිසා පෘථිවියේ අහස අඳුරු වීම තුළ හිරු එළිය පෘථිවියට නොලැබෙන තත්ත්වයකට පත්වනු ඇත. හිරුඑළිය නොලැබීම තුළ අයිස්වලින් පෘථිවි තලය වැසී යන අතර ශාක වර්ධනය හීනවී මිනිසාට කෑමට හෝ දෙයක් නොමැති වීමත් සමඟ උග‍්‍ර ආහාර හිඟයකට මුහුණ පාන බව අනාවරණය කොට ඇත. එම නිසා මිනිසුන් මියැදෙන බවත් ක‍්‍රමයෙන් ලෝකයෙන් ජීවින් තුරන් වීමෙන් ලෝක විනාශය සිදුවන බවත් විද්‍යාඥයින් පෙන්වා දී තිබේ. මේ සඳහා වසර ලක්‍ෂ ගණනක් ගතවේයැයි නිගමනය කර ඇත.

පදාර්ථ වායු බුබුලූවල ක‍්‍රියාකාරීත්වය

විශ්වය තුළ අතැතිවන විශාල පදාර්ථ වායු බුබුලක් හේතුකොට ගෙන ලෝක විනාශයක් සිදුවන බැව් පෙන්වා දී ඇත. මෙහිදී මෙම බුබුලූවල විශාලත්වය කොතෙක්ද යන්න තීරණය කර නොමැති අතර විශාලත්වය ආලෝක වර්ෂ දස දහස් ගණනක් වුවත් විය හැකි බව සඳහන් කර තිබේ. අපේ පෘථිවියටත් වඩා සුවිසල් විය හැකි මෙම බුබුලූ අධික වේගයෙන් ක‍්‍රියාකාරි වන අතරම විශ්වයේ පිහිටි ග‍්‍රහලෝක පවා ඒ වෙතට ඇද ගැනීමට හෝ ග‍්‍රහලෝකවල දැන් පවතින පිහිටීම වෙනස් කිරීමට හැකියාවක් පවතින බව සඳහන් කොට ඇත. මෙහිදී වෙනස්වන ග‍්‍රහලෝක පිහිටීම සමහර විට සූර්යයාගෙන් ඈත් කිරීමක් දැකිය හැකි අතරම සූර්යාට ළං කිරීමක්ද දැකිය හැකිය.

එමනිසා පෘථිවිය ඇතුළුකොටගත් ග‍්‍රහලෝකවල භෞතික  සංසිද්ධීන් වෙනස් වන බව පෙන්වා දී ඇත. අධික ශීතල හෝ අධික රස්නය තුළ මෙම විනාශය සිදුවන බව විද්‍යාඥයෝ පවසති.

ලෝක විනාශය පිළිබඳ බෞද්ධ මතය

පැපිලියාන  සුනේත‍්‍රාදේවි මහ පිරිවෙන්පති, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කෘතිකාචාර්ය, රාජකීය පණ්ඩිත ආචාර්ය මැදගොඩ අභය තිස්ස හිමි.

2012 වසරේ දෙසැම්බර් මස විසිඑක්වැනි දින ලෝක විනාශය සිදුවෙතැයි යන්න ගොඩනගා ගත් මතය මම නොපිළිගනිමි. මන්ද ලෝක විනාශය එක්වර සිදුවන්නක් නොවන නිසාය. එයට නිශ්චිත දිනයක් නොමැති අතරම එය සිදුවන්නේ ක‍්‍රමානුකූලවය.

බුදු දහම තුළින් මේ පිළිබඳ සවිස්තරාත්මක ලෙස විස්තර කොට ඇත. එහිදී ලෝක විනාශය පිළිබඳ දකින ක‍්‍රමය අපි දකින ක‍්‍රමයට වඩා බොහෝ වෙනස්ය.

චක්ඛවත්ති සීහනාද සූත‍්‍රය, අග්ගඤ්ඤ සූත‍්‍රය හා අංගුත්තර නිකායේ සත්තසූරියුග්ගමන සූත‍්‍රයේ වැනි සූත‍්‍රවල ලෝකය විනාශවන ආකාරයත්, ඒ සඳහා මුහුණ දෙන්නේ කෙසේද යන්නත් බුදුන් වහන්සේ පෙන්වා දී ඇත. උන්වහන්සේ සඳහන් කරන ආකාරයට ලෝක විනාශය සිදුවන ක‍්‍රම 2කි.

පූර්ණ විනාශය – අර්ධ විනාශය

පූර්ණ විනාශය – ක්‍ෂිරපථයේ සූර්යයන් එක්කෙනෙකු සිටියත් ක‍්‍රමයෙන් දෙදෙනෙක්ද තවත් කලෙකින් තිදෙනෙක්ද ආදිකොට ගනිමින් සූර්යයන් සත් දෙනෙකු පායන අතර මේ නිසා පෘථිවි වාසීන් දැඩි උණුසුමකට නතු වන බව පෙන්වා දේ. එහිදී පර්වත, ගුහා, ගිනි කඳු ආදිය මෙම රශ්මියෙන් ගිනිගෙන අළු බවට පත්වන බව සඳහන්ව ඇත. අවසානයේ මහ සමුදුරේ ජලය අත් දෙකට ගන්නට හැකි වන බව සඳහන් වේ. ‘‘මහ සමුදෝ සුස්සුස්සකි’’ මහ සමුද්‍රය සම්පූර්ණයෙන්ම විනාශවන බව එහි අදහසයි.

අර්ධ විනාශය – මින් අදහස් කරනුයේ පෘථිවියේ තැනින් තැන යම් යම් පැති විනාශ වීමකි. එසේ නැතහොත් යම් යම් විනාශකාරී දේවල් සිදුවීමත් ය. මේ පිළිබඳ සප්තසූරියුග්මන සූත‍්‍රයේ සඳහන් කොට ඇත. එහිදී විනාශකාරී දේවල් සිදුවන්නේ මිනිසාගේ ක‍්‍රියාකලාපයන් නිසාය. එම ව්‍යසනයන් ස්වාභාව ධර්මයාට විරුද්ධවීම තුළින් හටගන්නා බව පෙන්වා දී ඇත.

මෙය පරිච්ඡේදයක වෙනස් වීමක් පමණි. මහ මුහුදේ රළ ගසනවා මෙන් වරින් වර ලෝකය තුළ බිහිවීම් වර්ධනය වීම හා පරිහානියට පත්ව නැතිවී යාම ඇත. නිදසුන් ලෙස ගත්විට ලොව ඉතා දියුණු ශිෂ්ටාචාර තිබී ඇත. මොහෙන්දොජාරෝ හරප්පා වැනි ශිෂ්ටාචාර හොඳ තත්ත්වයෙන් තිබුණ ඒවා විය. ලංකාවද ඈත අතීතයේ දියුණු ශිෂ්ටාචාරයක්ව තිබුණි. වාරි තාක්‍ෂණයක් ද තිබුණි. එලෙස හටගත් දියුණු ශිෂ්ටාචාර යටපත් වී තවත් ශිෂ්ටාචාර බිහිවී ඇත. එමෙන්ම පුද්ගලයා තුළ ගුණධර්ම හොඳ හෝ නරක ලෙස සංවර්ධනය වී යහපත් අයහපත් සමාජ වරින් වර බිහිවී ඇත. ඒ හරහා ආයුෂ වැඩි වීමද අඩුවීම්ද සිදුව ඇත. එය ලෝකයේ වෙනස් වීමයි. එම වෙනස්වීම හොඳ හෝ නරක වන තරමට ලෝකය විනාශ වීම හෝ පැවැත්ම තීරණය කරන බව පෙන්වා දේ.පූර්ණ ලෙස හෝ අර්ධ ලෙස ලෝකය විනාශ වූවත් එම විනාශවීම සඳහා මූලික වන්නේ පුද්ගලයා මුල්කොටගත් සිතුවිලි ඇසුරින් ගොඩනගාගත් ක‍්‍රියාකලාපයන් වන බව බුදුන්වහන්සේ පෙන්වා දුන් සේක.

එහිදී ලජ්ජාව හා භය මිනිසුන් තුළ නොමැතිවීම ඔවුන් අධර්මයේ හැසිරීමට හේතුවන බව පැවසූ බුදුන් වහන්සේ මව, පියා සහෝදරයා නොහඳුනන තත්ත්වයට පත්වන බව පෙන්වා දුන්සේක.

”දස කුසල කම්මපථා සබ්බෙන සබ්බං අන්තරධායිස්සන්ති” ඉන් අදහස් වන්නේ දස අකුසල් කර්ම එන්න එන්න වැඩි වීමයි.

ලෝක විනාශය ඇති වීමේදී ආයුධ වර්ෂ, මෘග සංඥාව පහළවීම ආදිය ඇතිවන බව බුදු දහමේ සඳහන් කර ඇත. ආයුධ වර්ෂා යනු ආයුධ වැස්සක් නොවේ. ඉන් අදහස් කරන්නේ අවි ආයුධ පරිහරණය සමාජයේ සිටින සෑම පුද්ගලයකුම නැඹුරු වීමයි. එහිදී කෝපයෙන් එකිනෙකා මරා ගැනීම දැකිය හැකිය. එය වර්තමානයේ දැකිය හැකි තත්ත්වයකි. අපි කියන දේ පමණක් ඇත්තය. අනෙක් අය පවසනුයේ අසත්‍ය යනුවෙන් කියමින් කලකෝලාහල කරයි. දේශපාලනය දෙස බැලූවද එසේමය. අයහපත් දේ අගය කරන පිරිසක් බිහි වේ. එළුවෝ, කුකුළෝ, ඌරෝ, බල්ලෝ  හිවල්ලූ වැනි සතුන්ගේ මානසිකත්වයෙන් ක‍්‍රියාකරන පිරිසක් බිහිවේ. මේ සඳහා නිදසුන් වත්මන් සමාජයෙන්ම ගත හැකිය. පියා තම දියණිය දූෂණය කිරීම, පුතා මව දූෂණය කිරීම් එසේ නොමැති නම් සමහර තරුණයන් වැඩිහිටි කාන්තාවන් දූෂණය කොටගත් ස්ත‍්‍රී දූෂණ වත්මන් සමාජයේ වෙලාගනිමින් පවතී. බුදුන්වහන්සේ එවන් වූ අසද්ධර්ම ලෝක විනාශය තුළදී පහළ වීම පෙන්වා ඇත්තේ මෘග සංඥා ලෙසයි.

මිනිසා විසින් පරිසරයට එරෙහිව යාම වර්තමාන සමාජයේ දැකිය හැකි තත්ත්වයකි. පෞද්ගලික පරිහරණය උදෙසාම සිදුවන වන විනාශය තුළින් හටගන්නා අර්බුදකාරී තත්ත්වයට ලෝකයේ බොහෝ රටවල් ගොදුරු වී ඇත. ගංවතුර, නාය යෑම් ඇති කොටගත් දේශගුණික සංසිද්ධීන් පවා බොහෝ වෙනස් වී ඇත.

වසවිස ආහාර සඳහා මිශ‍්‍ර කිරීම. වැඩි ආදායමක් ලබාගැනීම සඳහා නිෂ්පාදකයන් ගන්නා ක‍්‍රියාමාර්ගයකි. ලෙඩ රෝග බහුල වී ඇත. ඒ තුළින් හටගන්නා පිළිකා වැනි රෝගී තත්ත්වයන් වත්මන් සමාජයේ වසංගතයක් වී ඇත. එම නිසා මිනිස් ආයුෂ ක‍්‍රමයෙන් අඩුවීමක් දැකිය හැකිය.

බුදු දහමේ ආයුෂ අඩුවීම වසර දහය දක්වා සිදුවන බව චක්ඛවත්ති සීහනාද සූත‍්‍රයෙන් පෙන්වා දේ.

ලෝක විනාශය පිළිබඳ තැති ගැනීම එසේ නොමැති නම් ලෝකය ජය ගැනීමට කළ යුත්තේ කුමක්ද යන්න විමසා බැලීම වටී. එසේ නම් කළ යුතු වන්නේ, පංචේන්ද්‍රීය ලෝකය ජය ගැනීමයි. ඒ සඳහා අප කළයුතු වන්නේ මරණයද, ව්‍යාධියද, ශෝකයද ලැබෙන්නේ යන්න පිළිබඳ අවධානයෙන් කල්පනාවෙන් කටයුතු කිරීමයි. එවිට ඒ තුළ ඇතිවිය හැකි ගැටලූ යම් ප‍්‍රමාණයකට අඩුකර ගත හැකිය. මුලූමනින්ම ඒවා නැතිකර ගත නොහැක. අපට කරදරයක් ව්‍යසන ඒමට පෙර අප ඒ ගැන බිය විය යුතු නැත. එම ව්‍යසනය ඇතිවූ විට එයට මුහුණ දීමයි කළ යුතුව ඇත්තේ. ව්‍යසනයක් ඒමට  පෙර ඇති කළ යුත්තේ ව්‍යසනයක් සිදුවීමට ඇති ඉඩකඩ අවම කිරීමයි. ඉඩකඩ අවම කිරීම යනු මිනිසා ගුණධර්මවලින් සමන්විත වීමයි.

සටහන – භද්‍රානි කුමාරි කුලතුංග

 

ලෝක විනාශය ගැන ඇමෙරිකානුවන් හැදූ චිත‍්‍රපටයක දර්ශනයක්

ලෝක විනාශය ගැන නිර්මාණය වූ චිත‍්‍රපටයක දර්ශනයක්

මායා දින දසුන

ආචාර්ය කාවන් රත්නතුංග

තාරකාවක විනාශය

කැලිගුලා ගෙන් ඇරඹි සුරීපී කාම වහලියන් සෙවීමේ තරගය

කැලිගුලා ගෙන් ඇරඹි සුරීපී කාම වහලියන් සෙවීමේ තරගය

By DK, on December 29th, 2011 source:

ක්‍රි.ව 37 සිට 41 තෙක් කෙටි කළක් රෝමයේ අධිරාජ්‍යයාව සිටි “කැලිගුලා” හෙවත් “ගයස් ජූලියස් සීසර් ඔගස්ටස්” නම් රෝම අධිරාජ්‍යයා රෝමයේ සිටි කාමාතුරම පාලකයා ලෙස හැඳින්වුවහොත් නිවැරදිය..ඔහුගේ උපදේශකයන් සහ සෙනෙවියන්ද ඒ පරිචින්නයෙහි ඔහුටම නොදෙවනි විය..

සිය අධිරාජ්‍යයේ සිව් කොණින් සහ අලුතින් පහර දී යටත් කර ගන්නා භූමි වලින් බලහත්කාරයෙන් අල්ලාගෙන එනු ලබන තරුණ වහළියන්, තමා සහ තම සෙනෙවියන් ඉදිරියෙන් පෙරෙට්ටුවට යැවීම මොහුගේ සිරිත විය….රූමතියන් සක්මන් කරැවුණු අතර, ඔවුන්ව නොයෙක් ආකාරයේ ඇඳුම් අන්දවා සහ අවසානයේ නග්නව එයට සහභාගී කරවන ලදී….ඒ පෙරෙට්ටු සියල්ල අවසානයේ ඔවුන් අතුරින් සෑම අවස්ථාවකම වැඩියෙන්ම කැපී පෙණුනු රූමතිය එදින රැයට පමණක් රෝම රැජිණිය ලෙස කිරුළු පළඳවා අධිරාජ්‍යයා ඇය හා යහන් ගත වන අතර, අනුපිළිවෙලින් සෙසු රූමතියෝ සෙනෙවියන් හා යහන් ගත වෙති….කැලිගුලා නම් ක්‍රෑර පාපතර පාලකයා සිහසුන සිටි වසර තුනම මෙය නොකඩවා කෙරුණු අතර, ඔහුගෙන් පසුව රෝමයේ අණසක පැවති යුරෝපයේ විවිධ මුහුණුවරින් සම්ප්‍රදායගත විය…

මෙලෙස ඇඬීමට ඇයට තවත් බොහෝ හේතු තිබෙන්නට ඇත.

අදටත් මෙය පවතින අතර, එකම වෙනස වන්නේ “වහළියන්” වෙනුවට “තරඟකාරියන්” පැමිණ සිටීමයි….නමුත් දැං තරගවලට යන තරගකාරියන් සමාගම්වල සහ සංවිධායකයන්ගේ වහළියන් බවට පත් වෙයි. ( තරඟයෙන් පසුව සිදුවන දෑ වෙනස් වී ඇතිදැයි නොදනිමු… ) .. බටහිර රටවල් සංවිධානය කරනු ලබන අතර, නිවැරදි ඉතිහාසය නොදැන පෙරදිග දේශයන්ද තරඟකාරියෝ සහභාගී කරවති…. :Dබටහිර රටවල් ව්‍යංගයෙන් දෙන පණිවිඩ සහ සංකේතාත්මකව පැරණි අධිරාජ්‍යයන් වල පැවති චාරිත්‍රයන් නව මුහුණු වරින් ඉදිරිපත් කිරීම හුඟක් තිබේ….දැන් ඔය ඔලිම්පික් කියන්නේ එහෙම එකක්…ග්‍රීක දෙවියන්ට ආචාර පිණිස පැවැත්වූ ඔලිම්පියාඩය පසුව රෝම අධිරාජ්‍යය යටතේ, ඒ අධිරාජ්‍යයේ සිව් දිගින් එන ක්‍රීඩකයන් ( ඇතැම් විට වහළුන් ) සීසර් ඉදිරියේ තම ක්‍රීඩා කෞශල්‍යය විදහා දක්වන සංදර්ශණයක් විය….පසුව එය යළි යටපත්ව තියෙද්දි, 1896 බ්‍රිතාන්‍යයන් විසින් පණ පොවා ගත්තෙත් ඒ අදහසින්මයි…පසු කළෙක ජර්මනිය, ප්‍රංශය, රුසියාව වැනි බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය යටතේ නොතිබුණු රටවල් පවා තරඟ බිමට පිවිසීමෙන් ද, සෝවියට් සංගමය සහ මහජන චීන සමූහාණ්ඩුව ( 2008 ) එම තරඟාවලිය ජය ගැනීමෙන්ද, එහි අර්ථය සහ මුලින්ම වෙනස් විය…(විශේෂයෙන්ම බ්‍රිතාන්‍යය ඇතුළු බටහිර රටවල් බලාපොරොත්තු වුනේ, තමා, තම චින්තනයට අනුගතව සාදා ගත් ක්‍රීඩා ඉසව්, තමන්ම ජයගෙන “ක්‍රීඩාවෙන්ද තමන් අනවභවනීයයි” කියන මතය සෙසු ලෝකයට කා වද්දන්න…ඒත් ඒ ඉලක්කය වැරදී ගියේය…)

දැන් එතකොට ඔය පොදු රාජ්‍ය මණ්ඩලය කියන එක ( ක්‍රීඩා උළෙල පමණක් නෙමෙයි…ඊනියා සංවිධානය පවා …) හදා ගත්තේ ලිහි, ඉහිරී ගිය අධිරාජ්‍යයේ නායිකාවට හෝ නායකයාට ( රජුට හෝ රැජිණියට ) සභාපති කම් දරා, පැරණි ආධිපත්‍යයේ සෙවණැල්ලක් හෝ ඉතිරි කර ගන්නත්, ඒ වහල් මානසිකත්වය යම් පරිමාවකින් හෝ එලෙසම රඳවා ගන්නත්…

කට්‍ටුස්සියන්ගේ කරේ රන් බැඳි කල… බෞද්ධ සංස්කෘතිය සහ සම්ප්‍රදාය ගැන මෙළෝ දෙයක් නොදත් පොත්ත සුදු නමුත් ස්ථානෝචිත ප්‍රඥාව නොමැති මෙවැනි උදවියව, අපේ රටේ කාන්තාව යැයි කියමින් ලෝකය ඉදිරියට ගෙනයද්දී ඔවුන් ඉදිරියේදී මොනවා නොකරාවිද? මෙවැන්නන්ට කිරුළු පැළඳවීම අපේ රටේ බුද්ධිමත් කාන්තාවන්ටත් කරන අපහාසයක් නොවේද?

ලෝකයේ වෙනත් රටවලත් මෙවැනි සුරූපිණියන් තෝරන තරඟ තිබේ…( ලංකාවේ අවුරුදු කුමරිය තේරීමේ තරඟයත් එයින් එකක් කියන්න පුළුවන්….) …නමුත්, මේ තරඟය වෙනස්….( ඇත්තටම මේ තරඟ සියල්ල වෙනස්…ලෝක රූ රැජිණ, විශ්ව රූ රැජිණ, ආසියා-ශාන්තිකර රූ රැජිණ ආදී ) .. මේ තරඟය ඓතිහාසිකව ආ ගමන් මඟ බැලීමෙන් එය වැටහේ….ඇත්තෙන්ම එදා පැවති පෙරෙට්ටුව සහ අද පවතින තරඟය අරමුණු අතින් බොහෝ දුරට සමානයි….( බටහිර රටවල් තාමත් හිතන්නේ ලොව පවතින්නේ ඔවුන් යටතේය කියලනේ…ඒ අධිපතිවාදී චින්තනයෙන් තමයි මේකත් බැලෙන්නේ නිතරම.. වෙළඳුන්ගේ අරමුණු ආදී සියල්ලම එන්නෙත් ඒ යටතටම තමයි…) ..අවසාන ඉලක්කය රූමතියක් තෝරාගෙන ඇය තම පරිභෝජනයට ගැනීමයි….අනිත් කාරණය තමයි, මෙහිදී “රූමත් බව, සුන්දරත්වය” කියන සියල්ල දකින්නේ ඔවුන්ගේ චින්තනයෙන් ( බටහිර ) තනන ලද රාමුවක් තුළ, ඒ නිර්ණායකයන් ඔස්සේ….එවිට බොහෝ විට ( හෝ උවමනාවෙන් හෝ ) ජය ලැබෙන්නේ, එවැනි නිර්ණායකයන්ට අනුගත සහ ඒ ඡවි වර්ණයන් සහිත යුවතියකට. මේක කියවා බලන්න http://sinhalabuddhist.com/2011/12/black-and-white/ …ඒ අනුව ලොව වෙනත් රටකින් ( උදා: ඉන්දියාවෙන් ) යුවතියක් ගියත් ඇය තරඟය ජය ගන්නනම් ඒ චින්තනයට සහ ඒ උපමානයට යටත්ව හැසිරිය යුතුයි ….රූමත් බව කියන්නේ “ඒ අය හිතන දේ” කියලා සෙසු ලෝකයාට සම්ප්‍රේෂණය කළාම, සෙසු රටවලුත් ( බටහිර නොවන ) එම තරඟයට තරුණියන් යවන්න දේශීය මට්ටමෙන් පවත්වන තරඟ සියල්ල පවත්වන්නේ අර උපමානයන්ට යටත්වයි…එවිට, ඒ, ඒ දේශ වැසියන්ටත් රූමත් බව යනු “මෙයයි” කියා බටහිර සිතා සිටින රූමත් බවේ නිර්වචන ඔස්සේ සිතන්න පුරුදු කෙරේ….( ඔය අස්සෙන් විවිධ වර්ණාලේපන, පුයර, විළවුන් වර්ගත් අළෙවි වෙයි…) .. අවසානයේ “සුදු” හෝ “පැහැපත්” ඡවි වර්ණයේ ආධිපත්‍යයක් රඳවා ගැනීමත් මෙමඟින් සිදුවෙයි….

 

කට නිසා නිදහස ඇහිරේවිද?

(Source)

වම්ඉවුර

කට නිසා නිදහස ඇහිරේවිද?

සිරගතවී සිටින හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා මහතා තව නොබෝ දිනකින් නිදහස ලබනු ඇතැයි බලාපොරොත්තුවක්‌ පැතිර යැමට පටන්ගෙන ඇත. මෙයට ප්‍රධානම හේතුව සරත් ෆොන්සේකා මහතා නායකත්වය දරන ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන ටිරාන් අලස්‌ මහතා හා ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අතර පසුගිය දිනවල මේ සම්බන්ධයෙන් සාකච්ඡා පැවතීමයි. සරත් ෆොන්සේකා මහතා නිදහස්‌ කිරීම සම්බන්ධයෙන් තමුන් සාකච්ඡා කරන බව දේපාර්ශ්වය විසින්ම ප්‍රසිද්ධියේ පිළිගැනීම මෙවැනි බලාපොරොත්තු ඇතිවීමට ප්‍රධානම හේතුවයි. අලුත් අවුරුද්දේදීවත් මේ ප්‍රශ්නය විසඳෙන්නේ නම් එය කාගේත් සතුටට හේතු වන බව නොඅනුමානය. හිටපු හමුදාපතිවරයෙක්‌ හා යුධ විරුවකු වන සරත් ෆොන්සේකා මහතා 2009 අවසානයේදී සිට තමන්ටම කර ගන්නා මේ නොනවතින වින්නැහිය බලා සිටින උදවිය තුළ පවා මහත් ලැඡ්ජාවක්‌ හා අපහසුතාවයක්‌ ජනිත කරවන කාරණයකි. මේ සිදුවූ දෙය මුල සිට අගටම මහත් ෙ€දවාචකයකි. මෙය මුලින්ම ආරම්භ වූයේ සරත් ෆොන්සේකා මහතාට තාන්න මාන්න හා තම ජීවිතයේ ප්‍රධානම ඉලක්‌ක සපුරා ගැනීමට අතහිත දුන් පාර්ශ්වය අතහැර ඔහු හමුදාපති වූ මුල් අවස්‌ථාවේ සිටම ඔහුට අකුල් හෙලූ පාර්ශ්වය සමග දේශපලානයේ නියෑලීමට ගත් තීන්දුවත් සමගයි. ඔහුගේ ඒ දේශපාලන ගමනට ආශීර්වාද කිරීමටත්, ඔහුට සහයෝගය දැක්‌වීමටත් ඉදිරිපත් වූ ප්‍රධානම පාර්ශ්වකරුවෙක්‌ වූයේ කොටි සංවිධානයේ පාර්ලිමේන්තු නියෝජිතයන්ව සිටි දෙමළ ජාතික සන්ධානයයි. මෙවැනි පිරිස්‌ තමන්ට සහයෝගය දෙන්නේ මන්දැයි විමසීමට තරම් දේශපාලන දැනුමක්‌ හෝ විචාර බුද්ධියක්‌ ෆොන්සේකා මහතාට නොතිබුණද, මහජනතාවට නම් තිබුණු බව 2010 ජනවාරි මස ඡන්ද ප්‍රතිඵලයෙන් පෙනුණි. ඉන්පසුව සිදුවූයේ තමන් ජනාධිපති වුවහොත් තමන්ගේ විරුද්ධවාදීන්ට “කටු ලෙව කෑමටත්” සිරකරුවන් අඳින “ජම්පර්” ඇඳීමටත් සිදුවන බවට ඡන්ද පොරොන්දුවක්‌ දුන් ෆොන්සේකා මහතාටම ඔහුම කියූ ආකාරයට සිරබත් කෑමටත් ජම්පර් ඇඳීමටත් සිදුවීමයි.

ඔහු සිරගතවී සිටින්නේද අඩුම වශයෙන් රෝහණ විඡේවීර සිරගතවී සිටියාක්‌ වැනි යම්කිසි දේශපාලන වැදගත් කමකින් යුත් හා ගාම්භීර බවකින් යුත් චෝදනා මත නොව තුට්‌ටු දෙකේ චෝදනා වලටයි. ඔහු මුලින්ම සිරගත වූයේ ඊට නොබෝ කලකට පෙර ඔහුට “සැලියුට්‌” ගැසූ නිලධාරීන් තුන් දෙනෙකුගෙන් සමන්විත යුධ අධිකරණයක තීන්දු අනුවයි. මෙය හමුදාවට යම් භාණ්‌ඩ මිලදී ගැනීමට තම බෑණාගේ සමාගමට සැපයුම් කොන්ත්‍රාත්තු ලබාදීම සම්බන්ධයෙනි. ඔහු දෙවැනි වරට වරදකරු වූයේ සුදුකොඩි නඩුවෙනි. එහිදී ද ඔහුට තිබූ චෝදනාව වූයේ කට කතා පැතිරවීමේ චෝදනාවයි. එයටද දැන් ඔහු වරදකරු වී එක්‌ සිරදඬුවමක්‌ අවසන් වන විට අනෙක්‌ සිරදඬුවම ආරම්භ වීමට නියමිතව ඇත.

දොස්‌තර ජයලත් ජයවර්ධන වැනි විපක්‍ෂයේ මන්ත්‍රීවරු සරත් ෆොන්සේකා මහතාගේ ප්‍රශ්නය ජාත්‍යන්තරයට ගෙන යැමට කොතරම් උත්සාහ දැරුවත් එය සාර්ථක වූයේ නැත. සරත් ෆොන්සේකා මහතා මුලින්ම සිරගත වන විට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්‌ වූ බැවින් ඔහුගේ ප්‍රශ්නය මුලින්ම ගෙනයන ලද්දේ ලෝකයේ සියලුම පාර්ලිමේන්තු එක්‌තැන් කරන ජාත්‍යන්තර සංවිධානය වන අන්තර් පාර්ලිමේන්තු සංගමයේ මානව හිමිකම් අනු කමිටුව වෙතටය. නමුත් සරත් ෆොන්සේකා මහතාගේ ප්‍රශ්නය අන්තර් පාර්ලිමේන්තු සංගමය වෙත ගෙන ගොස්‌ අද වන විට මාස 18 කට ආසන්න කාලයක්‌ ගතවී තිබුණත් අද වන තුරුත් එකී සංගමය විසින් එක වචනයක්‌වත් ඔහුගේ ප්‍රශ්නය ගැන පවසා නැත. කොටින්ම කියතොත් ෆොන්සේකා මහතාගේ ප්‍රශ්නයට ඔවුන් “නොම්මරයක්‌” වත් නිකුත් කර නැත. මීට මාස කීපයකට පෙර ෆොන්සේකා මහතාගේ නඩු නිරීක්‍ෂණය කිරීමට යෑයි කියා අන්තර් පාර්ලිමේන්තු සංගමයේ නියෝජිතයකු ලංකාවට පැමිණියද ඔහුද දැන් ආගිය අතක්‌ නැත. ෆොන්සේකා මහතාගේ ප්‍රශ්නයේදී අන්තර් පාර්ලිමේන්තු සංගමය මේ ආකාරයට හැසිරුනද ඔවුන් මීට කලින් විපක්‍ෂ මන්ත්‍රීවරයකු වූ දොස්‌තර ජයලත් ජයවර්ධන මහතාට එදා පැවැති චන්ද්‍රිකා කුමාරතුංග ආණ්‌ඩුවෙන් කෙනහිලිකම් සිදුවන බවට පැමිණිල්ලක්‌ ලැබුණු විට ඔවුන් කටයුතු කළේ ඊට හාත්පසින්ම වෙනස්‌ ආකාරයටය. එම අවස්‌ථාවේදී අන්තර් පාර්ලිමේන්තු සංගමය ජයලත් ජයවර්ධන මහතාගේ ප්‍රශ්නය සලකා බලා ප්‍රසිද්ධ ප්‍රකාශ කිහිපයක්‌ම නිකුත් කරන ලදි. ඒ අවස්‌ථාවේදී ජයවර්ධන මහතාට එරෙහිව චන්ද්‍රිකා කුමාරතුංග මැතිනියගේ ආණ්‌ඩුව නඩු 2 ක්‌ ගොනුකර තිබූ අතර එම නඩු ඇසෙමින් තිබුණු අතරතුරම අන්තර් පාර්ලිමේන්තු සංගමය ප්‍රකාශයක්‌ නිකුත් කරමින් කියා සිටියේ මේ නඩු දේශපාලන හේතුවක්‌ මත ද්වේශ සහගතව ජයවර්ධන මහතාට එරෙහිව ගොනුකර තිබූ ඒවා බව ඔවුන්ගේ නිගමනය වූ බවයි. එපමණක්‌ද නොව රටේ ඉහළම තැන්වලින් ජයවර්ධන මහතා කොටි සංවිධානයට සම්බන්ධ කර කතා කිරීමෙන් ඔහුගේ ජීවිතයට ද තර්ජනයක්‌ වී ඇති බවටද ප්‍රකාශයක්‌ නිකුත් කරන ලදී. සාමාන්‍ය මන්ත්‍රීවරයකු වූ දොස්‌තර ජයවර්ධන මහතා වෙනුවෙන් එවැනි ප්‍රකාශ නිකුත් කිරීමටත් ලංකාවේ මුළු විපක්‍ෂයේම පොදු ජනාධිපති අපේක්‍ෂකයා වූ සරත් ෆොන්සේකා මහතා සම්බන්ධයෙන් එවැනි කිසිවක්‌ නොකිරීමටත් හේතුව කුමක්‌දැයි වෙනම විමසා බැලීම වටී.

ඒ සම්බන්ධයෙන් සරත් ෆොන්සේකා මහතා ඔහුට විරුද්ධව තීන්දු වූ ටෙන්ඩර් පටිපාටි නඩුවේ විනිශ්චයට එරෙහිව අභියාචනාධිකරණයේ ගොනුකර තිබූ පෙත්සම් සම්බන්ධයෙන් දෙන ලද තීන්දුව කියවා බැලූ පසු අපට යම් අවබෝධයක්‌ ලබාගත හැක. මීට සති දෙකකට පමණ කලින් අභියාචනාධිකරණය දුන් තීන්දුව වූයේ ටෙන්ඩර් පටිපාටිය සම්බන්ධයෙන් ත්‍රිපුද්ගල යුධ අධිකරණය විසින් ෆොන්සේකා මහතාට දෙනලද තීන්දුවේ වරදක්‌ නොමැති බවයි. එකී යුධ අධිකරණයේ සාමාජිකයන් හැටියට මේජර් ජනරාල්වරුන් වන මිලින්ද පීරිස්‌, ලලිත් දවුලගල හා මහින්ද හතුරුසිංහ විය. ෆොන්සේකා මහතා අභියාචනාධිකරණයට පෙත්සම ඉදිරිපත් කරමින් ඔවුන් සියලු දෙනාටත් හමුදාපති ජගත් ජයසූරිය මහතා වගඋත්තරකරුවන් ලෙස නම් කරමින් ඒ පෙත්සම ගොනුකර තිබුණි. එකී නඩුවේදී ෆොන්සේකා මහතාගේ පාර්ශ්වය විසින් ගෙනහැර දක්‌වන ලද ඇතැම් තර්ක පහත දැක්‌වෙන ආකාරයට සම්පිණ්‌ඩනය කළ හැක.
ෆොන්සේකා මහතා වරදකරු වූ පළමු නඩුව යුධ හමුදාවේ ටෙන්ඩර් හතරක අක්‍රමිකතා පිළිබඳ ප්‍රශ්නයක්‌ විය. ඒ සම්බන්ධයෙන් යුධ අධිකරණය විසින් දෙනලද තීන්දුවට එරෙහිව ෆොන්සේකා පාර්ශ්වය විසින් ඉදිරිපත් කළ පළමු තර්කය වූයේ තම බෑනාට සැපයුම් කොන්ත්‍රාත් ලබාදුන් ටෙන්ඩර් කමිටුවේ සාමාජිකයකු හැටියට ෆොන්සේකා මහතා සිටීමෙන් කිසිදු නීතියක්‌ උල්ලංඝනය වී නැති බවය. ධනූන තිලකරත්න මහතා තම බෑනා බව වසන් කිරීම වරදක්‌ නොමැති බවත් ෆොන්සේකා මහතා එවැනි නෑදැ කමක්‌ තිබේ යෑයි එලි කරීමටවත් ඒ හේතුවෙන් ටෙන්ඩර් කමිටුවෙන් ඉවත් වීමටවත් කිසිදු හේතුවක්‌ නොතිබුණු බවයි. ඔවුන් තර්ක කළේ ටෙන්ඩර් පටිපාටිය යනු හුදෙක්‌ම උපදෙස්‌ මාලාවක්‌ මිස නීතියක්‌ නොවන බවයි.

තවද ඔවුන් පවසා සිටියේ ෆොන්සේකා මහතා ටෙන්ඩර් කමිටුවට බලපෑම් කළ වගට සාක්‍ෂි නැති බවත් එකී සැපයුම් කොන්ත්‍රාත් වැරදි ආකාරයට ලබාදුන් බවට චෝදනා නැති බවත් කිසිවකු විසින් හෝ ඒ තුළින් අයථා ලෙස මුදල් හම්බකර ඇති බවට චෝදනා නැතිබවත් එම නිසා මේ මුළු ප්‍රශ්නයම සුළු තාක්‍ෂණික කරුණක්‌ මත පවතින බවයි.
ෆොන්සේකා පාර්ශ්වය විසින් අභියාචනාධිකරණයේ ගෙනහැර දක්‌වන ලද තවත් කරුණක්‌ වූයේ යුධ හමුදා පනතට අනුව හමුදා සේවයේ සිට ඉන් ඉවත්ව යන උදවියට හමුදාවෙන් ඉවත් වී මාස 6 ක්‌ ගිය පසු හමුදා සේවයේ යෙදී සිටියදි කරන ලද වරදකට දඬුවම් දිය නොහැකි බවත්, මෙකී ටෙන්ඩර් ගනුදෙනුව වූයේ 2007 දී සහ 2008 දී වන නිසාත් ඒ සම්බන්ධයෙන් චෝදනා ගොනු කරන ලද්දේ 2010 දී වන නිසාත්, ඉහත කී මාස 6 සීමාව ඉක්‌මවා ඇති නිසා යුද අධිකරණය විසින් දෙන ලද තීන්දුව නීති විරෝධී බවයි.
ෆොන්සේකා මහතා විසින් අභියාචනාධිකරණයට පවසා සිටි තවත් තර්කයක්‌ වූයේ තම බෑණාට සැපයුම් කොන්ත්‍රාත් ලබාදුන් ටෙන්ඩර් කමිටුවේ සාමාජිකයකු හැටියට ෆොන්සේකා මහතා අසුන්ගෙන සිටියත් ඉන් වැඩිම වුවොත් සිදුවූයේ සාරධර්ම කැඩීමක්‌ පමණක්‌ වන නිසා එවැනි වරදකට අවුරුදු 3 ක සිරදඬුවමක්‌ දීම සාධාරණීකරණය කළ නොහැකි බවයි.

මා හට මතක හැටියට අන්තර් පාර්ලිමේන්තු කමිටුවේ නිරීක්‍ෂකයා ලංකාවට පැමිණ නිරීක්‍ෂණය කළේ මෙම නඩුවයි. ඔහුට උසාවියේදී අසන්නට ලැබුණේ ඉහත කී ආකාරයේ තර්ක නම් අද ඔහු ආගිය අතක්‌ නැතුව සිටීම ගැන කවුරුත් පුදුම විය යුතු නැත. ඉහත දක්‌වන ලද එක තර්කයක්‌ වත් ෆොන්සේකා මහතා නිර්දොaෂී පුද්ගලයෙක්‌ යෑයි කීමට ඉවහල් නොවන බව ඕනෑම කෙනකුට පෙනේ. නමුත් දොස්‌තර ජයලත් ජයවර්ධන මහතා අන්තර් පාර්ලිමේන්තු සංගමයේ මානව හිමිකම් කමිටුවට ෆොන්සේකා මහතාගේ ප්‍රශ්නය ඉදිරිපත් කරමින් පවසා ඇත්තේ ආණ්‌ඩුව විසින් බොරු සාක්‍ෂි නිර්මාණය කොට ෆොන්සේකා මහතා දේශපාලන හේතු මත සිරකරගෙන සිටින බවයි. ෆොන්සේකා මහතා සම්බන්ධයෙන් ඉදිරිපත් කරන ලද තර්කය අන්තර් පාර්ලිමේන්තු සංගමය විසින් පිළිනොගන්නා බව ඔවුන්ගේ නිහැඬියාවෙන් පෙනේ.

නීතිමය වශයෙන් ගත් කල සරත් ෆොන්සේකා මහතා සිටින්නේ ඉතාමත්ම අවාසිදායක තත්ත්වයක බව නොකිවමනාය. ඉහත දක්‌වන ලද අභියාචනාධිකරණ නඩුවේදී ෆොන්සේකා මහතා කළ ප්‍රධානම චෝදනාව වූයේ ඔහුට සිර දඬුවම් ලබාදුන් යුද අධිකරණ සාමාජිකයන් තුන්දෙනාම ඔහු විසින් හමුදාව තුළ ප්‍රධාන නිලතල නොදී සුළු වැදගත් කමක්‌ ඇති නිලතල වලට පත්කළ උදවිය බවයි. එමනිසා ඔවුන් ඔහුගේ විරුද්ධවාදීන් වන බවත් ඔවුන් දුන් තීන්දුව ද්වේෂ සහගත වන බවත්ය. එපමණක්‌ද නොව එම යුද අධිකරණයේ සාමාජිකයකු වූ මේජර් ජෙනරාල් මහින්ද හතුරුසිංහ මහතා කොටින්ගෙන් මුදල් ලබා ඔවුන් සමඟ සම්බන්ධකම් පැවැත්වූ අයකු බවත් ඔහු චෝදනා කර සිටියේය. මේ එක චෝදනාවක්‌වත් ඔහුට ඔප්පු කර ගැනීමට නොහැකි විය. මහින්ද හතුරුසිංහ මහතා සම්බන්ධයෙන් ඔහුගේ නීතිඥයන් පෙන්වා දුන්නේ කොටි සංවිධානය හතුරුසිංහ මහතා ඝාතනය කිරීම සඳහා එක්‌තරා හමුදා මේජර්වරයකුගේ උදව් පැතූ බවත් එකී හමුදා මේජර්වරයා හතුරුසිංහ මහතාව ඝාතනය කිරීමට කොටි සංවිධානයට ඔත්තු සපයා අතටම හසුවී මරණ දණ්‌ඩනයටද නියම වූ බවයි. ෆොන්සේකා මහතා විසින් ඔහුට එරෙහිව සිරදඬුවම් පැමිණ වූ යුද අධිකරණයේ සාමාජිකයන්ට එරෙහිව කරන ලද චෝදනා ඔප්පු කරගත නොහැකිව අවසන් මොහොතේදී යුද අධිකරණය පක්‍ෂපාත බවට ඉදිරිපත් කෙරුණු තර්කය ඉල්ලා අස්‌කර ගැනීමටද තැත්කළේය. අභියාචනාධිකරණය ඔහුගේ පෙත්සම නිෂ්ප්‍රභ කිරීමට එයද එක්‌ ප්‍රධාන හේතුවක්‌ විය.

මේ අනුව නීතිමය පැත්තෙන් ෆොන්සේකා මහතා සිටින්නේ දඬුකඳේ ගැසුවාක්‌ මෙන් සිරවෙලාය. ඔහු බේරාගත හැකි එකම පුද්ගලයා ජනාධිපතිවරයාය. ෆොන්සේකා මහතා නිදහස්‌ කරගැනීමට ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ මන්ත්‍රී ටිරාන් අලස්‌ මහතා ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කිරීමෙන් කර ඇත්තේ ඉතාමත්ම ප්‍රායෝගික දෙයක්‌ බව පැහැදිලිය. එසේ නමුත් මෙයට ෆොන්සේකා මහතාගෙන් නම් සහයෝගයක්‌ තිබෙන බවක්‌ පෙනෙන්නට නැත. ඔහු පසුගිය සතියේත් කළේ ආණ්‌ඩුවටත් රාජපක්‍ෂවරුන්ටත් ප්‍රසිද්ධියේ බැන වැදීමයි. ෆොන්සේකා මහතා අභියාචනාධිකරණයේ නඩුව අනා ගත්තේ මහින්ද හතුරුසිංහ මහතාට එරෙහිව ඔප්පු කරගත නොහැකි චෝදනා උසාවියට ඉදිරිපත් කිරීමෙනි. එවැනි තත්ත්වයක්‌ යටතේ ඔහු බේරා ගැනීමට නීතිඥයන්ට කළ හැකි දෙයක්‌ නොවීය. ඔහුට කට පාලනය කර ගැනීමට නොහැකි නිසා ටිරාන් අලස්‌ මහතාගේ උත්සාහයත් වතුරේ යාවිදැයි අපි බලා සිටිමු.

සී. ඒ. චන්ද්‍රප්‍රේම

සුනන්ද දේශප්‍රිය හෙවත් ද්‍රෝහියාගේ ජිනීවා ආගමනය

source:

සුනන්ද දේශප්‍රිය හෙවත් ද්‍රෝහියාගේ ජිනීවා ආගමනයඇවිද්ද පය ඩොලර් වටී.. ද්‍රෝහී කට යුරෝ වටී…

ජාතික වීරයින්ගෙන් අඩුවක් නොමැති ශ්‍රී ලාංකේය ඉතිහාසය විමසා බැලීමේ දී සැණෙකින් පසක් වන අනෙක් කරුණ නම්, මෙරට පහල වූ එම වීර පුතුන් තරමට ම හෝ ඊට වැඩි ප්‍රමාණයකින් ද්‍රෝහීන් පිරිසක් ද වූ බව යි. ඈත අතීතය කෙසේ වෙතත් මෙයට දශකයකට එහා අතීතය නම් කෙසේවත් විමසා බලන්නට එපා යැයි යෝජනා කරමු.

ඒ වෙනකක් නිසා නොව මෙයට දශකයකට පෙර වකවානුව තුල මෙරට සිටි වීරයින් මේ වනවිට ද්‍රෝහීන් බවට පත් ව තිබීමත්, එකල සිටි ද්‍රෝහීන් මෙකල වීරයින් බවට පත් ව තිබීමේ අරුමය නිසා ම ය.

එකල නිතර නිතර එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීහු විසින් ආරක්ෂක හමුදා සෙබළුන් ඇතුළු මෙරට සිවිල් ජනතාවට එල්ල කල ප්‍රහාරවලින් දහස් ගණනක් මිය ගිය අතර එම ම්ලේච්ඡ ප්‍රහාර හෙළා දැකීම් වලින් පමණක් ඊනියා ජාත්‍යන්තරය අත් පිස දමා ගත් අතර එම සිදුවීම් යටපත් කරනු වස් සැණෙකින් කොළඹ කොටුව දුම් රිය ස්ථානය ඉදිරිපිට ට හෝ ලිප්ටන් වට රවුමට එකතු වන පිරිසකි.

“මාධ්‍ය නිදහස දියව්.. දමිල අයිතීන් සුරකිව්..” යනාදී සටන් පාඨ රැසකි. බටහිරයෝ විසින් තම ඉඳුලට නම්මවා ගත් නරුමයෝ රැළකි. ඒ අතරේ සිටින “මෙරට මහා මාධ්‍ය ඔස්තාර්” යැයි කියා ගත් සුනන්ද දේශප්‍රිය නැමැත්තෙක් වේ. හේ අන් කවරෙක් හෝ නොව. නිදහස් මාධ්‍ය ව්‍යාපාරය යැයි හැඳින්වූ සංවිධානයේ කැඳවුම්කරු විය. බටහිරින් ලැබෙන ඩොලරය මේ නිර්ලජ්ජිතයින්ට කෙතරම් වටී ද යත් ඒ වෙනුවෙන් සමස්ථ ජාතියම නොව සිය මව් වුවද විකිණිය හැකි මේ සුනන්ද දේශප්‍රිය වැන්නවුන් පසු කලක දී එල්.ටී.ටී.ඊ. ත්‍රස්ත්වාදීන්ගෙන් පඩි ගන්නා තත්වයට ම නපුංසක වී සිටිය හ,.

සුනන්ද දේශප්‍රිය නම් මේ නිර්ලජ්ජිත නපුංසකයා ගැන අප මේ තව තවත් කතා කරන්නේ, ඉතිහාසයට එක්වන මෙවන් ද්‍රෝහීන් පිලිබඳ හැකි තරම් ලිඛිත සටහන් සයිබරය පුරා විසිරුවා තැබීමට මිසක් මේ නිර්ලජ්ජිත හිඟන්නන්ට ප්‍රසිද්ධිය ලබා දීමට නොවේ,. 2009 වර්ෂයේ දී ත්‍රස්තවාදය මෙරටින් තුරන් වීමත් සමගම විදේශයකට පැන ගිය මේ ද්‍රෝහියා ගේ “දේශයට හතුරු” ක්‍රමවේදය අදටත් ඒ ඒ රටවල සිට දියත් කරන්නේ, “ඩොලරය” නිසාම මිස වෙන යම් දේකට නොවේ.

පසුගියදා ජිනීවා හි ජගත් මානව හිමිකම් සැසියේ දී දක්නට ලැබුණු මේ නිර්ලජ්ජිතයාගේ සුපුරුදු ද්‍රෝහී ක්‍රියාදාමය යළිත් එළි දැක්විණි.

තමාට උපන් දේශයට එරෙහි ව ඉතා නිර්ලජ්ජිත අයුරින් ජාත්‍යන්තරය ඉදිරියේ ක්‍රියා කිරීම මේ ද්‍රෝහියාට “හරි ලොකු” වැඩක් වන්නට පුළුවන.. ඒත් සුනන්ද දේශප්‍රියගේ මේ ද්‍රෝහී ක්‍රියාපිළිවෙතට නියම උත්තරය සැපයුවේ මාලදිවයිනෙනි. ඒ මාලදිවයින් ජනපතිවරයාගෙන් කිසිවිට ලැබේ යැයි කියා නොසිතූ ප්‍රතිචාරයකිනි. ශ්‍රී ලංකාව වෙනුවෙන් කතා කිරීමට මාලදිවයින් ජනපතිවරයාට ඇති අයිතිය පිලිබඳව ප්‍රශ්ණ කල සුනන්ද දේශප්‍රිය නම් මේ නපුංසකයාට පෙරළා මාලදිවයින් ජනපති මොහොමඩ් නෂීඩ් මහතා ශ්‍රී ලංකාව පිලිබඳ තමාගේ ඇති දැනුම ද සමගින් ප්‍රතිචාර දැක්වුයේ, “ඔබේ මව් රටට එරෙහිව මේ අයුරින් ක්‍රියා කිරීම කෙතරම් නිර්ලජ්ජිත ද?” යන්න විමසීමෙනි.

සුනන්ද දේශප්‍රියට එකක් මතක් කර දිය යුතු වේ..
එනම්, සදාකල් මෙරටින් බැහැර වී ඔහුට පැවතිය නොහැකි බව යි. මේ දුවන දිවිල්ලෙන් හති වැටුනු දාක බටහිරයෝ හෝ ත්‍රස්ත මිතුරෝ ඔහුව නොසලකා හරිනු ඇත. එදාට යළි මෙරටට පා තැබීමට සිදුවීම ද අනිවාර්‍යය ය.

– කිවුලේගෙදර මොහොට්ටාල වන මවිසින් අබුද්දස්ස කාලේ හතර කොණ හිංගලයින් වෙත ලියා දැන් වූ වගකි…

සිරිකොත බුදුපිළිමයට ගැසු ගල කාගේද?

source:

රනිල් එවූ ගල කිලීට ලැබුණා ද?

එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය සඳහා වු සටනින් වැඩි ඡන්ද 42ක් ලබා ගෙන රනිල් වික්‍රමසිංහ විශිෂ්ඨ ජයග්‍රහණයක් හිමි කරගෙන ඇත. එජාප නායක රනිල් වික්‍රමසිංහට අභියෝග කරමින් නායකත්වයට තරඟ කළ කරු ජයසුරිය ඡන්ද 26ක් ලබා ගෙන පරාජයට පත් වී ඇත. පක්ෂයේ නියෝජ්‍ය නායක තනතුර සඳහා තරඟ කළ සජිත් ප්‍රේමදාස ඡන්ද 50ක් ලබාගෙන පක්ෂයේ හිටපු ජාතික සංවිධායක රවි කරුණානායක ඡන්ද 8කින් පරාජයට පත් කළේ ය. එජාපයේ ජනප්‍රිය තරුවක් වු දයාසිරි ජයසේකර නැගෙනහිර පළාත් සභාවේ විපක්ෂ නායක හා ප්‍රකට ව්‍යාපාරිකයෙකු වන දයා ගමගේට වඩා ඡන්ද 20කින් පරාජයට පත් වෙමින් උල්කාපාතයක් සේ කඩා වැටුණේ ය.

කරුට එජාප කෘත්‍යාධීකාරී මණ්ඩල සාමාජිකත්වය ද අහිමි විය. එජාපයේ නායකත්වය සඳහා නිළධාරී මණ්ඩලය වසරින් වසරට තෝරාපත් කර ගැනීම සඳහා පක්ෂ ව්‍යවස්ථාව සංශෝධනය වුයේ පක්ෂ නායකත්වයේ වෙනසක් ඉල්ලා සිටි කැරලිකාර කණ්ඩායමේ එකඟතාවයෙනි. එජාපය හැර නොගොස් කොතෙකුත් අභියෝග ජය පරාජයන් මැද පක‍ෂය තුළ සිටි සජිත්, රවී, දයාසිරි, දයා ගමගේ වැනි අයට පක‍ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය තුළ පිළිගැනීමක් තිබී ඇති බව නිලවරණ ප්‍රතිඵල විශ්ලේෂණය කිරිමේ දී පෙනී යයි. පක‍ෂයේ ජෙ‍ය්‍යෂ්ඨ, කණිෂ්ඨ බහුතර පිරිසක් සජිත් ප්‍රේමදාස පක්ෂයේ අනාගත නායකයා විය යුතුය බවත් ඒ සඳහා ඉවසීමෙන් හා සංගමයෙන් ඉදිරියට යාම සඳහා පක්ෂයේ නියෝජ්‍ය නායකත්වයට ඔහු ඔසවා තබා ඇති බව ප්‍රතිඵල දෙස මැදිහත්ව බැලිමේ දී පෙනී යයි. පක්ෂයේ ජෙ‍ය්‍යෂ්ඨයින් බොහෝ දෙනෙක් සජිත්ට පක‍ෂයේ නායකත්වය අනාගතයේ දී හිමි විය යුතු බවත් ඒ සඳහා ඔහු දේශපාලනික ව විනාශ නොකර ඉදිරියට ගෙන යා යුතු බවත් මෙම ප්‍රතිඵල තුළින් විදහා දැක්වේ. එජාපයට රිදී සිනුවක් බඳු එමෙන්ම දක්ෂ ක්‍රියාකාරිකයෙකු හා සංවිධායකවරයෙකු වන ප්‍රතිභාසම්පන්න දයාසිරි ජයසේකර, ව්‍යාපාරික දයා ගමගේට පරාජය වීම තුළ ගම්‍ය කරන්නේ එජාපයට මේ මොහොතේ අවශ්‍ය කරන්නේ කරන්නේ හොඳ සංවිධායකවරයෙකු නොව එජාපයේ වාණිජ දුප්පත්කමින් ගොඩ ගත හැකි ව්‍යාපාරිකයෙකු බවයි.

එජාපය මන්ත්‍රීවරුන්ගේ වැටුප් වලින් හෝ කැට හෙලවීමෙන්, ස්ටීකර් විකීණිමෙන්, පත්තර විකිණීමෙන් හා ආධාර පත්‍ර වලින් නඩත්තු කළ හැකි දේශපාලන පක්ෂයක් නොවේ. පක්ෂයට ආධාර උපකාර කළ කළ ධනවතුන්, ව්‍යපාරිකයන් පක්ෂය මඟ හැර ඇත. එබැවින් පක්ෂය මුල්‍යමය වශයෙන් ශක්තිමත් කිරිමේ වගකීම දයා ගමගේගේ උරමත පැටවෙන බවත් පක්ෂය බිම් මට්ටමින් ගොඩනැගිමේ වගකීමට උරදීමට සිදුවන්නේ නියෝජ්‍ය නායක ධුරයේ සිටින සජිත් ප්‍රේමදාසට ය. රනිල් වික්‍රමසිංහ පක්ෂයේ අභ්‍යන්තර මණ්ඩල තුළ විශ්වාසය ඇතත් රට තුළ එජාප සාමාජිකයින් අතර ප්‍රසාදයක් නැත. එහෙත් රනිල් දැන් පක්ෂයේ ව්‍යවස්ථානුකූල නායකයා ය. ඔහුට හිස නැමීම හෝ නොනැමීම පක්ෂයේ නියෝජිතයින්ගේ හා පාක්ෂිකයින්ගේ වැඩකි. ඒ දෙස බලා සිටිනවා හැරෙන්නට අපට කළ හැකි කිසිවක් ද නැත.

එහෙත් මෙහි දී පහසුවෙන් මඟ හැර යා නොහැකි දේශපාලන ඛේදාන්තයක් ඇත. එය නම් මහනායක හිමිවරුන්ගේ ආශීර්වාදය මැද එජාප නායකත්ව සටනට ආ මහෝපාසික කරු ජයසුරියගේ දේශපාලනික පරාජයයි. සජිත්ට නියෝජ්‍ය නායකත්වය සඳහා ඡන්දය දුන් 50 දෙනාවත් දයාසිරිට ඡන්දය දුන් 36 දෙනාවත් නිලවරණයේ දී කරූට ඡන්දය නොදුන්නේ ඇයි? කරු වෙනුවෙන් ඔවුන් පක්ෂයේ කෘත්‍යාධීකාරී මණ්ඩලය තුළ කැම්පේන් කලේ නැද්ද? එසේ නැත්නම් සැලසුම් සහගතව කරු මෙම ඛේදජනක ඉරණමට ඇඳ දැමුවා ද? පක්ෂ නායකත්වයෙන් රනිල් පැන්නීමේ කිලි මහරාජාගේ එම්ටීවී සිරස නාලිකාවේ ව්‍යාපෘතියට කරූ ගොදුරු වුවා ද? රනිල් පැන්නීම සඳහා සජිත්ගේ නායකත්වයෙන් දියත් කෙරුණු කැරැල්ල ගිය වසරේ පරාජයට පත්වීමෙන් පසු රනිල් සමඟ සටනට කරූ අභිමුඛ කෙරුවේ කිලි මහරාජා ද? එසේ නැත්නම් තිරු නඩේසන් ද? ටිරාන් අලස් ද? තුෂාර ගුණරත්න ද? උපුල් ජෝශප් ද? කරූ දේශපාලනික වශයෙන් දං ගෙඩියට යවා විසංයෝජනය කිරිමේ උවමනාව තිබුණේ කාට ද?

තමන්ට කිසිසේත් වාසිදායක නොවන ක්‍රිඩා පිටියකට කරූව ඇතුල් කලේ අනාගත එජාපය තුළ සිංහල බෞද්ධ නායකත්වයක් බිහි වීම වළක්වනු සඳහා ද? එජාප නායකත්වයට කරූ ජයසුරිය පත් වීම ජනපති මහින්ද රාජපක්ෂට බියකරු නපුරු සිහිනයක් වුයේ ද? එසේ නැත්නම් අනාගතයේ දී කරූ ජයසුරියගෙන් තිඛෙන දේශපාලනික අභියෝගය දැක කල්වේලා ඇතිවම එජාපය තුළම නායකත්ව තරඟයට කැඳවා එජාපය තුළම මකබෑවීමට කටයුතු කළා ද? මේ සටනට මාධ්‍ය අවකාශය තුළ දිරි දුන් මහරාජා වෙළඳ ව්‍යාපාරය පරාජය වී දේශපාලනය ජය ගැනීම ගැන අප සතුටු වන්නෙමු. පක්ෂයක නායකත්වය වෙනස් කිරීමට මාධ්‍ය ආයතනයකට හෝ වාණිජ සමාගමකට ඉඩ දිය යුතු නැත. කිලි මහරාජාගේ න්‍යාය පත්‍රයට එජාපය පමණක් නොව රටේ කිසිදු දේශපාලන පක්ෂයක් තබා මරණාධාර සමිතියක්වත් යටත් විය යුතු නැත. සිරස මාධ්‍ය ජාලය නම් දැලට අපේ මුළු සමාජයම කොටු වී ඇත. මහාරාජා සමාගම ශ්‍රි ලංකා සමාජය මත එළා ඇති මේ දැලෙන් අපේ සමාජය නිදහස් විය යුතු ය.

ගර්හිත වුවත් රනිල් ඒ සටන අරඹා ඇත. රනිල් මාධ්‍ය හමුවක දී සිරිකොතේ බුදුපිළිමයට වැදුණු ගලක් කිලි මහරාජාට බාරදීම සංකේතාත්මකව වැදගත් වුවත් සිරිකොතේ බුදුපිළිමයට ගල් ගැසු බෞද්ධ විරෝධි, ක්‍රිස්තියානි මුලධර්මවාදී කොටි හිතවාදී එජාපය තුළ සැඟව සිටින රෝසි, එරාන්, ජෝෂප්, ජෝන්, සුජීව ඇතුලූ මුලධර්මවාදී කල්ලි හදුනාගෙන ඔවුන්ට ගල් ගසන්නට සැබෑ දේශප්‍රේමී, ජාතිප්‍රේමී එජාප පාක්ෂිකයින් පෙරට එන්නේ කවදා ද? එතෙක් රනිල් වික්‍රමසිංහට සිදුවන්නේ තමන්ට ගැසු ගල් රැගෙන මහනායක හිමිවරු ඉදිරියට ගොස් හඬන්නටත් කිලි මහරාජාට ගල් බාර දෙන්නටත් පමණි.

– සපුමල් මොණරවිල

කරූත් සුන්, මහානායක හිමිවරුත් සුන්.. ක්‍රිස්තියානි මූලධර්මවාදීන්ට ජය.!

කරූත් සුන්, මහානායක හිමිවරුත් සුන්.. ක්‍රිස්තියානි මූලධර්මවාදීන්ට ජය.!

කරූ ව විනාශ කරලීමේ සැලසුමේ සිටින්නේ කවරහු ද? (source)

එක්සත් ජාතික පක්ෂයේ නායකත්ව අර්බුදය විසඳීම අරමුණු කරගෙන එහි නායකත්වය කරූ ජයසූරිය මහතාට ලබා දෙන ලෙස ඒකාබද්ධ ප්‍රකාශයක් ත්‍රෛනිකායික මහනාහිමිවරුන්ගේ අත්සනින් ප්‍රකාශයට පත් කලේය. මහනායක හිමිවරුන්ගේ මෙම නිවේදනය සම්බන්ධයෙන් සමාජයේ දැන උගත් පිරිස අතර විවිධ අදහස් හා මත පළ විය. ඇතැමුන් විමසා සිටියේ මහනායක හිමිවරු කළ වැඩේ හරි ද යන්නයි.

තවත් පිරිස් විමසා හිටියේ රටේ කොතෙකුත් ජාතික ශාසනික ප්‍රශ්න තිබියදී පක්ෂයක අභ්‍යන්තර අර්බුදයකට මැදිහත් වීම, මහනායක හිමිවරුන්ට උචිතද යන්නයි. ඇතැම් උගත් වියත් බෞද්ධ භික්ෂූන් වහන්සේලා මහ නාහිමිවරුන්ගේ මේ නිවේදනය දැක විමතිය පළ කළ අතර ශාසන භාරධාරීන් ලෙස සංඝනායක හිමිවරුන්ට කථා කල යුතු, මැදිහත්විය යුතු ශාසනික ප්‍රශ්න තිබියදී, පක්ෂයක නායකත්ව අර්බුදයකට මැදිහත් වූයේ ඇයි ද යන්නයි.

සිංහල බෞද්ධ නිහතමානී සදාචාරවත් නායකයකු ලෙස කරූ ජයසූරිය එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයට ඔසවා තබන්නට රනිල් විරෝධී එ.ජා.ප ක්‍රියාකාරිකයින්ට හා එහි කැරලිකාර පිරිස් වලට අවංක උවමනාවක් තිඛෙන්නට ඇත. එහෙත් ඒ සඳහා මහානායක හිමිවරුන් පාවඩයක් කර ගැනීම, මහනාහිමිවරුන් කඩේ යැවීම මේ රටේ සමස්ථ සිංහල බෞද්ධ ජනතාවට කළ නිග්‍රහයකි. අඩුම වශයෙන් පක්ෂ නායකත්වය සඳහා වූ සටනට මහානායක හිමිවරුන්ගේ අත්සන් පාවිච්චි කිරීමෙන් වැලකී සිටීමට තරම්වත් ශිෂ්ඨ සම්පන්න භාවයක් හෝ සිංහල බෞද්ධ කමට ආදරයක් ලැදියාවක් මහෝපාසක කරූ ජයසූරියට තිබුනේ නැත. මෙය නොකළ යුතු නොගැලපෙන දෙයක් ලෙස එ.ජා.ප නායක්තවයට සටන් වදින රනිල් විරෝධී කරූ නායකත්වයට ඔසවා තබන කරූ හිතවාදී පිරිසටත් එහි පසු පස සිටි සංඝයා වහන්සේලාටත් නොතේරීම අරුමයක් නොවන්නේ සිංහල බෞද්ධ කමට වඩා කොළ පාට ලේ ඔවුන්ගේ ඇඟේ දුවන බැවිනි.

රටේ කොතෙකුත් ජාතික ආගමික ශාසනික ප්‍රශ්න තිබියදී ඒ වෙනුවෙන් නිවේදන ප්‍රකාශන නිකුත් නොකරන මහනාහිමිවරු එ.ජා.පයේ නායකත්වයට කරූ ජයසූරිය ගෙන එන්නට තම අත්සන සහ තනතුරු නිර්ලෝභීව ලබාදුන් ආකාරය මේ රටේ සමස්ථ සිංහල බෞද්ධ ජනතාවගේ පමණක් නොව සංඝයා වහන්සේලා අතර ද යම්කිසි ජුගුප්සාවක් ඇති කළ අවස්ථාවකි.

බෞද්ධයන්ගේ දැවෙන ප්‍රශ්න බවට පත්ව තිඛෙන අන්‍යාගමීකරණ ප්‍රශ්ණය, රදගුරු මැල්කම් රංජිත් සහ කතෝලික සභාව රාජ්‍ය නායකයාගේ සිට රටේ නීතිය ප්‍රාණ ඇපකාරයෙක් කර ගැනීම යි. සංඝයා වහන්සේලා විවිධ චෝදනා මත අත්අඩංගුවට ගැනීම, මිහින්තලේ විහාරාධිපති හිමියන් සහ ශ්‍රී පාද හිටපු භාරකාර හිමියන් අත්අඩංගුවට ගැනීම, උතුරු නැගෙනහිර බෞද්ධ සිද්ධස්ථාන විනාශ කිරීම, රට පුරා ඇති බෞද්ධ සිද්ධස්ථාන පුරාවස්තු මුස්ලිම් අන්තවාදයට ගොදුරුවීම, කූරගල මුස්ලිම් ආක්‍රමණය, විහාර දේවාලගම් පනත, බෞද්ධ දේපල විනාශ වීම ඇතුළු දහසකුත් ප්‍රශ්න ගැන ඇස් කන් පියා ගෙන නිහඬතාවය රැකි අපේ මහනායක හිමිවරු රනිල් හා කරූ අතර සටනට කිහිලිකරුවක් වූයේ ඇයි ?

රනිල් හා කරූ සටනින් කරූ පරාජය වී ඇත. කරූ ආවොත් පායයි හිරු කියූ අයට දැන් තරු පෙනී ඇත.
ඡන්ද ප්‍රතිඵල නිකුත් වීමෙන් පසු කරූගේ ආධාර කරුවන් සිරිකොත ඉදිරිපිට හැසිරුනේ සිංහල බෞද්ධ කම අවිහිංසාව පෙරටු කරගත් පිරිසක් ලෙස නොව මැරවර ත්‍රාඩයින් පිරිසක් ලෙස ය. බලාපොරොත්තු සුන් වූ කරූගේ ආධාර කරුවන් සිරිකොත මන්දිරය ඉදිරිපිට වැඩහිටින බුදු පිළිම වහන්සේටත් ගල් මුල් ප්‍රහාර එල්ල කර එයටද හානි කළේ ය. එය නතර කරන්නට සිංහල බෞද්ධ මහෝපාසක කරූට බොහෝ වේලාවක් ගත විය.

බීමත්ව මැරවරයින් පිරිසක් සේ හැසිරුන මේ පිරිස පිටුපස එ.ජා.පය තුළ සිංහල බෞද්ධ කමට වෛර කරන ක්‍රිස්තියානී මූලධර්මවාදී කල්ලියක් ක්‍රියාත්මක වූයේද ? කරූ ජයසූරිය දේශපාලනිකව විනාශ කළේ මෙම මූලධර්මවාදී හස්තයද? මහානායක හිමිවරුන් ද රට තුළ හෑල්ලූවට ලක් කර පච කර කිච කළ මේ ක්‍රිස්තියානි මූලධර්මවාදී හස්තය ද? එ.ජා.පය තුළ කරූගේ නායකත්වයෙන් නැගී ආ ජාතික ප්‍රවාහය තිඹිරිගෙයිදි ම සැලසුම් කොට ගබ්සා කළේ මෙකී කුමන්ත්‍රණකාරී “බෝර්න් අගේන්” ක්‍රිස්තියානි කල්ලිය ද? කරූගේ ව්‍යාපෘතිය එ.ජා.පය තුළ පරාජය වූවා පමණක් නොව මහනායක හිමි වරුත් සංඝ රත්නයත් එම වැඩ පිළිවෙලට උපකාර කර අද අන්ද මන්ද වී ඇත. මේ සිදුවෙම්න් තිඛෙන්නේ කුමක්ද? එක්සත් ජාතික පක‍ෂය තූළ නැගී ආ සිංහල බෞද්ධ ප්‍රවාහය තලා පොඩි කොට දැමීමක්ද?

කරූ ජයසූරිය මෙම උගුලට හසු කොට දංගෙඩියට දැක්වූවෝ කවරහු ද?

මේ සියල්ල අප ඉදිරියේ නොවිසඳී ඇති ප්‍රශ්නයි. කරූ ජයසූරිය දේශපාලනිකව හරාකිරි කර ගැනීම ගැන අපට දුක් වීමට හේතුවක් ඇතත් ඊටත් වඩා අප දුක්වන්නේ කරූ ජයසූරිය දංගෙඩියට දැක්කීමේ හා මද්දුම බණ්ඩාර කිරීමේ ක්‍රිස්තියානි මූලධර්මවාදී කල්ලියේ ව්‍යාපෘතියට අපේ මහනායක හිමිවරුන්ද අලගු තබමින් කිහිලිකරුවක් වීම ගැනය.

– සපුමල් මොණරවිල

යුද්ධාධිකරණය පිළිගන්නා මේ බෞද්ධ රටේ සංඝාධිකරණයේ තැන කොතැනද?

යුද්ධාධිකරණය පිළිගන්නා මේ බෞද්ධ රටේ සංඝාධිකරණයේ තැන කොතැනද?

source:

සේයා අනුග්‍රහය: AFP

මෑතක සිට අපේ රටේ බෞද්ධකමට සුද්දාගේ කාලයේවත් නොතිබුණු කෙණහිලිකම් දක්නට ඇත. බොහෝ විට මේ කෙණහිලිකම් කරන්නේ අන් කවරකුවත් නොවේ බෞද්ධ යයි කියා ගන්නා අපේ දේශපාලනඥයන් ම ය. “ඌරන් කැකුණ තලන විට හබන් කුකුලන්ට මගුල්” කීවාක් මෙන් මෙයින් ප්‍රයෝජන ගන්නේ අන්‍ය ආගම්වාදීන් ය.

එදා වත්තල විජයබා පිරිවෙන තිබූ තැන පෘතුගීසි කාලයේදී කතෝලික පල්ලිය ඉදි කෙරුණි. ඒ එදාය. රටට නිදහස ලැබුණාට පසුව පාලනයේ සිටින්නේ බෞද්ධයන් කියා ගන්නා අය ය. දීඝවාපිය ඩෝසර් වුණි. ලංකාවට බුද්ධ ධර්මය ගෙනාවා යැයි බෞද්ධයන් බොහෝ දෙනකු විශ්වාස කරන මිහිඳු හිමි වැඩි මිහින්තලා කන්ද අද නගින විට අපූරුවට පෙනෙන්නට කතෝලික පල්ලියක් ඉදි වූයේත් 1994 න් පසු ය. කූරගල වැනි ඉතා පැරණි බෞද්ධ සිද්ධස්ථානයක මුස්ලිම් පල්ලියක් ඉදි කර ඇත. දැන් මහමෙවුනාවෙත් මුස්ලිම් පල්ලියක් අටවන ලදි.

ඇත්ත, ආගම ඇදහීමට කාටත් අවසර තිබේ. එහෙත් අන්‍ය ආගමිකයන්ගේ පල්ලි දේවස්ථාන අපේ ලිප්බොක්ක අස්සේම අටවන තෙක් බෞද්ධයා නිවටව බලා සිටිය යුතු ද?

මේ අවනඩු විසඳන්නට සංඝයා වහන්සේලා උනන්දු වන්නේ නැත. හේතව විධායකය පටන් ගත් තැන සිටම කියවුණේ සංඝයා සුදුසු වන්නේ පඩික්කම් පිරවීමට පමණක් බව ය. රජ කාලේ සිටි සංඝයා වහන්සේලා රජවරුන්ට විරුද්ධ ව තීන්දු ගැනීමට පවා බලවත් වූහ. මෙයට බොහෝ දුරට හේතුව විය හැක්කේ අද සංඝාධිකරණය බල රහිත වීම යි. රජුන්ට පමණක් නොව තම නිකායට අයත් ව සිටින භික‍ෂුවකගේ විනය සම්බන‍ධවත් දඬුවමක් දීමට නොහැකි ය. මෙයට අපේ භික‍ෂූන් වහන්සේලාත් බොහෝ දුරට වගකිව යුතු ය. උන්වහන්සේලා පන්සල්වල අයිතිය ඉල්ලාගෙන තවත් ස්වාමීන් වහන්සේ කෙනෙකුට විරුද්ධව සිවිල් අධිකරණයකට යති.

හාමුදුරුවනේ,
ගිහි ගෙය අතහැර ආ ඔබ වහන්සේලාට කොයින්ද අයිතියක් පන්සලට? මෙය වහාම සංශෝධනය විය යුත්තකි.
බුදු හිමිගේ කාලයේ විහාරාධිපති වහන්සේලා වැඩ නොසිටිය හ. මේ සඳහා අපට කතෝලික පල්ලියෙන් හොඳ ආදර්ශයක් ගත හැක. කිසිදාක කතෝලික පල්ලියේ පූජකයෙකුට එකම පල්ලියක එක දිගට සේවය කළ නොහැක. ඉහළින් එන අණට අනුව අවුරුදු 5 න් 5 ට මීසමේ භාරකාරත‍වය වෙනස් වේ.

මෙය නොවේද හාමුදුරුවනේ අපේ පන්සල්වලත් විය යුත්තේ?
අද ඈත ගම්වල සිටින භික‍ෂූන් වහන්සේලාගේ දැනුම් මට්ටම ඉතා පහළ ය. දන් සීට්ටුව ඛෙදා දීමත්, දනට වැඩමවීමත්, පාංශකූලයට වැඩමවීමත්, හැර උන් වහන්සේලාගෙන් වන වෙනත් සේවයක් නොමැත. අවවාද අනුශාසනා දෙන්නවුන්ගේ දැනුම් මට්ටම අඩුවන විට ඒ ගම ගැන කියනුම කවරේ ද?
එහෙත් භික‍ෂූන් වහන්සේලා පන්සල් අතර මෙසේ මාරුවෙමින් වඩිනවා නම් අපේ රටේ කොයි තරම් බුද්ධිමතුන් පහළ වනු ඇත් ද? “චරථ භික‍ඛවෙ චාරිකං – බහුජන හිතාය බහුජන සුඛාය” ඒ අපේ අමා මෑණියන් වහන්සේගේ වදන් ය.

හාමුදුරුවනේ,
දැන් මේ පිළිවෙතින් පෙළ ගැසිය යුතු කාලය නොවේ ද?
ඔබ වහන්සේලා ළඟට කවදාවත් ගිහි බෞද්ධයකු පැමිණ මෙවැනි ඉල්ලීමක් කළා ද? “හාමුදුරුවනේ මා ගොවි කුලයේ. ඒ නිසා මගේ ගෙදර දානයට සියම් නිකායේ භික‍ෂූන් වහන්සේලා වැඩම කරවා දෙන්න..”

ඇයි හාමුදුරුවනේ මේ නිකාය භේදයක්? යැයි අසන අපට භික‍ෂූන් වහන්සේලා මෙසේ වදාරති..
“නෑ, අප මේ පාලනයේ පහසුවටයි මෙසේ ඛෙදී ඉන්නේ. අප දේශනා කරන ධර්මයේ වෙනසක් දැකලා තියෙනවාද?”

ඒකත් හොඳ ය. හාමුදුරුවනේ සංඝාධිකරණය ඉතා බලගතු සංශෝධන සහිත ව බල සහිත කිරීමට භික‍ෂූන් වහන්සේලාගේ එම වචන ම යොදා ගනිමු. දැන් ඇති පරිද්දෙන්ම සෑම දිස්ත්‍රික්කයකට ම සංඝාධිකරණයක් පිහිටවමු. (මේ අධිකරණ සංඝයාගෙන්ම සැදුම් ලද යුතු යයි අප සිතුව ද බුදු රජාණන් වහන්සේ වරක් මහා ප්‍රජාපති මෙහෙණින් වහන්සේලා වැනි අය සිටිද්දීත් කුමාර කාශ්‍යප මාතා භික‍ෂුණියගේ අවනඩුව ඇසීමට බාර දුන්නේ විශාඛා සිටු දේවියට යි. ඇත්තටම මෙහි විශාල වැදගත්කමක් ඇත. සංඝයා වහන්සේලා පමණක් රැස්වී පොහොය කර්මය කරන සේක. එහෙත් සංඝ විනය බොහෝ සෙයින් පල්ලම් බැස ඇත. විනිවිද භාවයටත් එක්කම ධර්මය හොඳින් ඉගෙන ගත් ගිහි බෞද්ධයන්වත් අධිකරණයට එක් කර ගතහොත් එය වඩාත් හොඳ ය. මෙයින් ලැඛෙන තීන්දුවකින් යම් භික්ෂූන් වහන්සේ කෙනෙක් සෑහීමට පත් නොවේ නම් ශ්‍රේෂ්ඨ සංඝාධිකරණයට යා හැකිය. මෙය අනිවාර්යෙන්ම තුන් නිකායෙන් සෑදුණක් විය යුතු ය. පන්සලේ සිටිනා එක් භික‍ෂුවක තම පුද්ගලික කරුණක් මත ගිහියකු සමග ආරාවුලක් ඇති කර ගත් විටදී පමණක් සිවිල් උසාවියට යා යුතු වන්නේ ය. එසේම, යම් භික‍ෂුවක චීවරයේ සිටිද්දී උපාධියක් ගත්තා නම් උන්වහන්සේ ඉන් අනතුරුව සිවුර හැර ගියා නම් උපාධියේ අවසන් වසර විභාගය නැවත කළ යුතු වේ. එසේම චීවරයේ සිටින කිසිම භික‍ෂුවක් විසින් භික‍ෂුවකට නොගැලපෙන උපාධියක් ලබා නොගත යුතු ය. මෙම නීති කිසි විටකත් අභියෝගයකට ලක් නොකළ යුතු ය.

එසේම බුද්ධ ධර්මය ගැන ලඟදීම ත්‍රෛනිකායික සංඝයා වහන්සේලා එකතුව සංඝායනාවක් පැවැත්විය යුතු වන්නේ බොහෝ භික‍ෂූහු තම තම ණැන පමණින් අවබෝධ කර ගත් ධර්මය තම තම ණැන පමණින් ම අර්ථ දක්වමින් දෙසන සේක. එක් භික‍ෂුවකු දෙන අර්ථයට හාත්පසින් වෙනස් අර්ථයක් තවත් භික‍ෂුවක් දෙයි. ඊළඟට භික‍ෂූහු හිරිකිත අන්දමින් මෙසේත් වදාරති. “ඔය අසපුවේ බණ.. බුදු බණ නොවේ.. ඔය උයනේ බණ.. බුදු බණ නොවේ..”

ලොව කිසි රටකට නැවැත්විය නොහැකි වූ ත්‍රස්තවාදය අප පරාජය කළේ බුද්ධ ධර්මයේ අනුහසිනි. ඒ නිසාම අවුරුදු 500 කවත් ඉතිහාසයක් නොමැති වූවන්ගේ කෙණහිලිවලට අප ගොදුරු වී ඇත. එක අතකින් දරුස්මාන් වාර්ථා ය. තව අතකින් චැනල් 4 ය. උඩින් ඇමරිකන් ප්‍රහාර යානා ය.

අතපය දිග හැර ගන්නට බෑ කියමින් නිදා ගනිමු ද?
නැතිනම් ධර්මයේ අනුහස විශ්ව ශක්තියට මුදා හරිමු ද?

බෞද්ධයනි අවදිවව්..!

සිංහලයා පුවත් වෙනුවෙන්,
තිලකා රන්දෙනි
thilakarandeni.lk
thilakarandeni@yahoo.com

Categories

Balawegaya Flickr Photos

Different countries have visited this site

Free counters!