//

සිංහල පුවත් (Sinhala News)

This category contains 97 posts

ආතතියට බෙහෙත් සතිපට්ඨානෙන්

ආතතියට බෙහෙත් සතිපට්ඨානෙන්

source:

එක්සත් රාජධානියේ ප‍්‍රධාන සංඝනායක ස්කොට්ලන්ත පාර්ලිමේන්තුවේ බෞද්ධ උපදේශක හා ග්ලාස්ගෝ විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය කඹුරාවල රේවත නාහිමියන් සතිපට්ඨාන භාවනාව පිළිබඳව ඉංගිරිසියෙන් ලියූ”සති ගමන”  පර්යේෂණ කෘතියේ පිටපතක් ස්කොට්ලන්ත පාර්ලිමේන්තුවේදී පාර්ලිමේන්තු මන්ත‍්‍රී බොබ් මොරිස්ට පිරිනැමීය.

බෙල්ලන් ශ්‍රී ධර්මපාල මහ පිරිවෙන් විහාරාධිපති සහ බස්නාහිර පළාතේ උප ප‍්‍රධාන සංඝනායක මාලේවන පුඤ්ඤරතන නාහිමියෝ ද මාතර පුස්සල පුරාණ විහාරාධිපති සපුගොඩ චන්දානන්ද හිමියෝ ද  සහභාගි වූහ.

ස්කොට්ලන්තයේ සෑම දස දෙනකුගෙන්ම එක් අයකු මානසික විෂාදයට ප‍්‍රතිකාර ගන්නා අතර ආතතිය සහ විෂාදය සතිපට්ඨාන භාවනාවෙන් පාලනය කර ගැනීම පිළිබඳව රේවත හිමියෝ පශ්චාත් උපාධි අධ්‍යයනයක නිරතව සිටිති.

ස්කොට්ලන්ත බෞද්ධ විහාරයේ පැවැත්වෙන සතිපට්ඨාන භාවනා පුහුණු වැඩසටහන් සඳහා සතියකට හතළිහකට අධික පිරිසක් සහභාගි වෙති. මේ අතර මනෝ උපදේශකවරු සහ විශේෂඥ මනෝ වෛද්‍යවරු සිටිති.

ශවේන්ද්‍ර සිල්වාගේ නිවසට සිතාසි භාර දුන් අයුරු වීඩියෝගත කර අන්තර් ජාලයේ ‘යූ ටියුබ්’ (You Tube) මගින් විකාශනය කරලා

ශවේන්ද්‍ර සිල්වාගේ නිවසට සිතාසි භාර දුන් අයුරු වීඩියෝගත කර අන්තර් ජාලයේ ‘යූ ටියුබ්’ (You Tube) මගින් විකාශනය කරලා– නීතිවේදී තිමෝති නෙල්සන්

source:

* කොටි ත්‍රස්‌තයන් 28 කට ජාත්‍යන්තර පොලිසියේ වරෙන්තු

* හිටපු කොටි ත්‍රස්‌තයන්ව පුනරුත්ථාපනය කිරීමට
නෝර්වේ රජය අරමුදල් සපයයි

* ද්‍රවිඩ සන්ධානය රජයට එරෙහිව ගතු කීමට හෙට (07 දා)
බ්‍රිතාන්‍ය බලධාරීහු හමුවෙති

* ගැටුම් ගැන කල්තියා අනතුරු ඇඟවීමේ එන්.ජී.ඕ.
දේශනයක්‌ කොළඹ පවත්වයි

* රටවල් පහක කොටි හිතවාදීන්ටත් විශ්‍රාම වැටුප්?

* වෙස්‌ මුහුණු දාගත් කොටි කැනඩා කොටි සමුළුවේ

“ත්‍රස්‌තවාදී ක්‍රියාදාමයක්‌ සඳහා කොටි සංවිධානය මත්ද්‍රව්‍ය ජාවාරම සහ නීති විරෝධී සංක්‍රමණිකයන්ව ප්‍රවාහනය කරනවා”
– රොබ් වේනරයිට්‌ (යුරෝ පොලිසියේ ප්‍රධානී – 2011)

(LTTE are involved in the Trafricking
of drugs and human beings to raise funds
for their terrorism activites – Rob
wainwright. chief – europol Police)


මේජර් ජනරාල්
ශවේන්ද්‍ර සිල්වා

නීතිවේදී තිමෝති නෙල්සන්

ඕස්‌ටේ්‍රලියාවේ පර්ත් නුවරට පැමිණි චැනල් 4 අධ්‍යක්‍ෂ කැල්ලම් මැක්‌රේ පොදු රාජ්‍ය මණ්‌ඩල මාධ්‍ය ශාලාවේ අරක්‌ගෙන සිටි අයුරු

කැනඩාවේ ටොරොන්ටෝ නුවර පැවැති පොංගු තමිල් රැලියේදී ඝාතක ප්‍රභාකරන්ගේ රුව මතු වූ අයුරු


බ්‍රිතාන්‍යයේ චැනල් 4 රූපවාහිනියේ අධ්‍යක්‍ෂ කැල්ලම් මැක්‌රේ වෙත ස්‌ටර්ලින් පවුම් මිලියන පහක කොන්ත්‍රාත්තුවක්‌ පවරනු ලැබුවේ ගෝලීය ද්‍රවිඩ සංසදයේ ප්‍රධානි එමානුවෙල් දේවගැතියායි. මේ කොන්ත්‍රාත්තුව වූයේ ශ්‍රී ලංකාව කෙසේ හෝ යුද අපරාධ සම්බන්ධව වරදකරු කරන ලෙසයි. මෙකී ක්‍රියාදාමයට අවශ්‍ය අමුද්‍රව්‍ය වූ යුද අපරාධ දැක්‌වෙන සාවද්‍ය වීඩියෝ දර්ශන සැපයුවේ කොටි ඝාතක කණ්‌ඩායම පරාජයවීමත් සමගම මෙරටින් ජර්මනියට පැන ගිය ‍ජේ.ඩී.එස්‌. (JDS) නමැති කොටි හිතවාදී මාධ්‍ය කණ්‌ඩායමයි.

මේ පසුබිම යටතේ මැක්‌රේ කිලිංෆීල්ඩ් නමැති ශ්‍රී ලංකාවට එරෙහි වීඩියෝ පටයත් රැගෙන ඇමරිකාවේ නිව්යෝර්ක්‌ නුවර බලා ගියේය. අනතුරුව ස්‌විට්‌සර්ලන්තයේ ජිනීවා නුවර මානව හිමිකම් සමුළුව වෙතද යොමු විය. ඉන් පසු ඔහු පැමිණියේ පොදු රාජ්‍ය මණ්‌ඩල සමුළුව පැවැති ඕස්‌ටේ්‍රලියාවේ පර්ත් නගරයටය. මැක්‌රේ ඕස්‌ටේ්‍රලියාවට පැමිණීමට දින කීපයකට පෙර එමානුවෙල් දේවගැතියා ද ඕස්‌ටේ්‍රලියාවට පැමිණ සිටි බව හෙළි විය.

මෙලෙස ඕස්‌ටේ්‍රලියාවට පැමිණි කැල්ලම් මැක්‌රේ පොදු රාජ්‍ය මණ්‌ඩල සමුළුවේ මාධ්‍ය ශාලාව අරක්‌ගත්තේය. මෙම මාධ්‍ය ශාලාවේදී ජනාධිපති මාධ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල්වරයා ප්‍රමුඛ ශ්‍රී ලංකා මාධ්‍යවල දැඩි දෝෂාභියෝගයට ඔහු ලක්‌ විය. නෝර්වීජියානු නෝරාඩ් අරමුදල් ලබන ශ්‍රී ලංකාවේ ඇතැම් මාධ්‍ය මේ සමුළුවට පැමිණ කට වසාගෙන සිටිනු ඇතැයි මැක්‌රේ අදහස්‌ කළේය. එහෙත් “නුඹගේ චැනල් 4” ක්‍රියාදාමය මාධ්‍ය සදාචාරයටම ලැජ්ජාවක්‌ යෑයි ශ්‍රී ලංකා මාධ්‍ය කණ්‌ඩායම මැක්‌රේ වෙත කියා සිටියහ. ශ්‍රී ලංකාවෙන් පැනගත් “ජේඩී.එස්‌.” කණ්‌ඩායම යුද අපරාධ යෑයි දක්‌වමින් දර්ශන එවද්දී තමාට චෝදනා නඟන ශ්‍රී ලංකා මාධ්‍ය කණ්‌ඩායම ගැන කෝපයට පත්වූ මැක්‌රේ වහාම ඔවුන්ව වීඩියෝගත කරන්නැයි සිය කැමරා ශිල්පියාට නියෝග කරනු ලැබීය.

මේ කොටි හිතවාදී මැක්‌රේගේ කණ්‌ඩායමට කාන්තාවන් ඇතුළු සිව් දෙනෙක්‌ ඇතුළත් විය. මැක්‌රේගේ නියෝගයත් සමග මෙරටින් ගිය මාධ්‍ය පිරිස ද ඔවුන්ව වීඩියෝගත කර ඇත.

මේ නිසා චැනල් 4 අධ්‍යක්‍ෂ මැක්‌රේ ඕස්‌ටේ්‍රලියාවට පැමිණීමේ රහස හෙළි විය. ඕස්‌ටේ්‍රලියානු අධිකරණය විසින් ජනාධිපතිවරයාට එරෙහි නඩුවේ සිතාසි භාර දෙනු ඇතැයි මැක්‌රේ දැඩි ලෙස විශ්වාස කර තිබිණි.

එම අවස්‌ථාව වීඩියෝගත කර සජීවී ලෙස ප්‍රචාරය කිරීම ඔහුගේ සැලසුම විය. මෙලෙස මේ බ්‍රිතාන්‍ය කොටි හිතවාදියා ශ්‍රී ලංකාවට එරෙහි සිය ෙද්‍රdaහී ක්‍රියාදාමය මෙහෙය වද්දී කැනඩාවේ ටොරොන්ටෝ නුවර කොටි පොංගු තමිල් නමින් කොටි සමුළුවක්‌ පැවැත්විය.

කැනඩා කොටි ජාලය මෙහෙය වූ මෙකී කොටි සමුළුවට පැමිණි කොටි, “මේ කාගේ විදියද? අපේ විදියයි. නගරාධිපති රොබ් පොඩ් වහාම ඉල්ලා අස්‌වනු”යෑයි ඝෝෂා කළහ.

මෙකී සමුළුව ඇමතූ කැනඩාවේ කොටි ක්‍රියාකාරිකයකු වූ නීතන් ෂාන් නමැත්තා තමිල් ඊළම නිදහස්‌ බවත් ශ්‍රී ලංකා හමුදාව වහාම උතුරෙන් ඉවත්විය යුතු බවත් කියා සිටියේය.

දිගු කලක්‌ තිස්‌සේ කොටින්ගේ හිතවතකු වූ ජිම් කාරිගිනාස්‌ නමැති මන්ත්‍රීවරයා ඇතුළු එන්.ජී.ඕ. සංවිධාන ප්‍රධානීහු දස දෙනකු මෙකී කොටි සමුළුවට සහාය දක්‌වා ඇත. මෙහිදී වෙස්‌ මුහුණු පැළඳගත් කොටි කීප දෙනෙක්‌ ද මේ සමුළුවට සහභාගි වී තිsබේ.

මේ තත්ත්වය මැද කැනඩා විදේශ කටයුතු අමාත්‍යාංශ ලේකම් දීපක්‌ ඕබ්හරායි නමැත්තා ශ්‍රී ලංකාවට අනතුරු අඟවමින් 2013 පොදු රාජ්‍ය මණ්‌ඩල සමුළුවට පෙර ශ්‍රී ලංකා රජය මානව හිමිකම් ප්‍රශ්නය විසඳිය යුතු යෑයි පවසා තිබේ.

මෙලෙස කැනඩා කොටි ජාලය යළිත් වරක්‌ ශ්‍රී ලංකාවේ කොටි ත්‍රස්‌තවාදය ආරම්භ කිරීමට උත්සාහ කරන අවස්‌ථාවේ සිව් දෙනකුගෙන් යුත් ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රී කණ්‌ඩායමක්‌ ඇමෙරිකාවට හා කැනඩාවට ගොස්‌ එම රටවල රාජ්‍ය නිලධාරීන් සමග සාකච්ඡා පවත්වා ඇත.

ආරංචි මාර්ග දක්‌වන අන්දමට ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රී කණ්‌ඩායම විසින් උතුරේ හමුදා කඳවුරු ස්‌ථානගත කිරීම සම්බන්ධව ඇමරිකානු රාජ්‍ය නිලධාරීන්ට පැමිණිලි කර තිබේ.

මොවුන් මෙම 5 වැනිදා බ්‍රිතාන්‍යයට ගොස්‌ ක්‌ලේ ඕවන් හෝටලයේදී ද්‍රවිඩ ඩයස්‌පෝරාව සමග රහස්‌ සාකච්ඡාවක්‌ පවත්වනු ඇත. ඒ සඳහා ඇතුළත්වීමේ ගාස්‌තුව ලෙස පවුම් 50 ක්‌ අය කෙරේ. අනතුරුව නොවැම්බර් 7 වැනිදා ඔවුන් බ්‍රිතාන්‍ය නිලධාරීහු හමුවේ.

කොටි රූකඩය මෙන් ක්‍රියා කළ ද්‍රවිඩ සන්ධානයේ දේශපාලකයන් ඇමරිකාවට යන අතරේ කොළඹ කුරුඳුවත්තේ නිවසකට එක්‌වූ ද්‍රවිඩ ජාතික ජනතා පෙරමුණේ ගෙජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් ඇතුළු පිරිසක්‌ ශ්‍රී ලංකාවට එරෙහි යුද අපරාධ චෝදනා කිසිසේත් ඉවත් කර ගැනීමට ක්‍රියා නොකරන්නැයි ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රී කණ්‌ඩායමෙන් ඉල්ලා ඇත.

ඒ වන විට ඇමරිකාවේ ශ්‍රී ලංකා නියෝජ්‍ය නිත්‍ය නියෝජිත මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා වෙත ලත් තොරතුරු යළිත් වාර්තා වූයේ ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රී කණ්‌ඩායමක්‌ මුරුසි දිවයිනේ සංචාරයක යෙදෙන අවස්‌ථාවේ එරට නීති සමාගමක්‌ ලවා තමාට යුද අපරාධ චෝදනා නැඟීමට ක්‍රියා කළ බවයි. ද්‍රවිඩ සන්ධානයේ මේ ක්‍රමවේද ශ්‍රී ලංකාවට එරෙහි ෙද්‍රdaහි ක්‍රියාදාමයක්‌ නොවේද? දරුස්‌මාන් වාර්තාවට සහාය පළ කිරීමත්, ඉන්දියාව, ජර්මනිය, නෝර්වේ, ඇමරිකාව සහ කැනඩාව වැනි රටවලට ගොස්‌ මෙලෙස ශ්‍රී ලංකාවට එරෙහිව ගතු කීමට ද්‍රවිඩ සන්ධානය ක්‍රියා කිරීමෙන් සනාථ වන්නේ “සතුරන්”ගේ රාජ්‍ය විරෝධී පිළිවෙත නොවේද?

මේ අතර ජාත්‍යන්තර පොලිසිය මගින් දුටු තැන අත්අඩංගුවට ගන්නැයි දක්‌වමින් කොටි ත්‍රස්‌තයන් විසිඅටකට එරෙහි වරෙන්තු ප්‍රකාශයට පත් කර ඇත.

වඩමාරච්චිහි පදිංචි චන්ද්‍රන් රාජේන්ද්‍රන් හෙවත් සානා මඩකලපුවේ සබිග් හෙවත් පන්ගුරාරාජා, යාපනයේ ජෙයරත්නම් ජෙයරාජා, පේදුරුතුඩුවේ නන්දීපන් අන්නයිලිංගම්, යාපනයේ ප්‍රේම් රාගි හෙවත් කාන්තලිංගම්, රාජා වඩිවේල් හෙවත් වෙට්‌ටිරිවේලි, වේලුපිල්ලේ රේවතන්, කදිරේෂන් හෙවත් අරවන්දි පිල්ලේ, පිරුන්දබන් හෙවත් සිවරාසා පිරුබ්දන්, කුලරත්නම් කරුණා, දොරේසාමි, සෙල්වකුමාර්, අරුන් ගිරිදාස්‌, කොයිඩුතුඩුවායි සිවඥනම්, සිලාවතුරේ පදිංචි ශන්මුගසුන්දරම් සහ වැල්වැටිතුරේහි රවි ශංකර් යන කොටි ත්‍රස්‌තයන් ත්‍රස්‌ත ක්‍රියා සම්බන්ධයෙන් මෙරට පොලිසියට ද අවශ්‍ය වේ.

මින් කීප දෙනෙක්‌ම මෙරට බිහිසුණු ත්‍රස්‌ත ක්‍රියාවලට සම්බන්ධ වූවන්ය.

කොටි ඝාතකයන් කණ්‌ඩායම අල්ලා ගැනීම සඳහා ඉන්ටර්පෝල් පොලිසිය ජාත්‍යන්තර වරෙන්තු ප්‍රකාශයට පත් කළ අවස්‌ථාවේ 1971 කැරැල්ලට සම්බන්ධ හිටපු ත්‍රස්‌තවාදීහු දෙදෙනෙක්‌ “කොටි හඬ” තැනීමට ඉදිරිපත් වී ඇත.

මින් එක්‌ අයෙක්‌ මෙරට නිදහස්‌ මාධ්‍ය ව්‍යාපාරික ජාලයේ හිටපු ප්‍රධානියා වූ රංජි මල්ලියි. “කොටි නායකයන්ගේ භාර්යාවන් උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිසම හමුවේ සාක්‍ෂි දුන්නා. රජය මේ කොටි නායකයන්ට සිදුවූ දේ ගැන හෙළි කළ යුතු”යෑයි රංජි මල්ලි හඬාවැලපෙමින් කියා සිටී.

අනිත් ත්‍රස්‌තවාදියා ඕස්‌ටේ්‍රලියාවේ පදිංචිව සිටී. ඕස්‌ටේ්‍රලියාවේ කොටි සමුළුව ඇමතූ මොහු ජාත්‍යන්තර යුක්‌තිය ඉල්ලා ඇත. කොටි ඝාතක සමාගම කුඩා දරුවන්ව පවා කැතිවලින් කපමින් බිහිසුණු අපරාධ කරද්දී මේ හිටපු ත්‍රස්‌තවාදීහු නිහඬව සිටියහ.

මේ අතර කොළඹ කින්සි පාරේ පිහිටි වාර්ෂික අධ්‍යයනය පිළිබඳ ජාත්‍යන්තර මධ්‍යස්‌ථානය දැන් යළිත් වරක්‌ මෙරටට විදේශ දේශකයන් ගෙන්වමින් දේශන පැවැත්වීමට ක්‍රියා කර ඇත.

ශ්‍රී ලංකාවට එක්‌සත් ජාතීන්ගේ හමුදාවක්‌ කැඳවීමට උත්සාහ කළේ රාමා මානි නමැති ප්‍රංශ කාන්තාව මෙකී එන්.ජී.ඕ. සංවිධානයේ ප්‍රධානියා ලෙස ක්‍රියා කරන අවස්‌ථාවේයි. පසුගියදා මෙම එන්.ජී.ඕ. සංවිධානය ලන්ඩනයේ යුද අධ්‍යයන දෙපාර්තමේන්තුවේ පී.එච්.ඩී. අපේක්‍ෂකයකු යෑයි හඳුන්වමින් ටාඩාකාසු කන්නෝ නමැත්තාව මෙරටට ගෙන්වා ගැටුම් පිළිබඳ කල්තියා අනතුරු ඇඟවීම මැයෙන් දේශනයක්‌ පවත්වා ඇත.

මේ දේශනයේ ඉලක්‌කය කුමක්‌ද? කොටි පරාජය වී තිබියදී නැවත වරක්‌ ගැටුමක්‌ ගැන අනතුරු අඟවන්නේ කාටද?

එසේම වාර්ගික අධ්‍යයන ආයතනයට මෙවන් දේශකයකු කැඳවීමට වීසා බලපත්‍ර ලබාදුන්නේ කවුරුන්ද?

රාමා මානි නමැත්තියව මෙරටින් පිටුවහල් කිරීම වළක්‌වා ගැනීම සඳහා ආගමන විගමන බලධාරීන්ව ඇමතුවේ මේ එන්.ජී.ඕ. සංවිධානයේ සේවය කරන හිටපු රාජ්‍ය නිලධාරියෙක්‌ බව රජය සිහිපත් කළ යුතුයි. මේ අතර පසුගිය ඔක්‌තෝබර් 14 වැනිදා එක්‌සත් ජාතීන්ගේ නියෝජ්‍ය නිත්‍ය නියෝජිත මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා වෙනුවෙන් ඇමරිකාවේ ස්‌කේවන් ඇප්ස්‌, ස්‌ලාඩ් මෙගර් නීතිවේදී සමාගමේ නීතිඥ තිමෝති ජී. නෙල්සන් නිව්යෝර්ක්‌හි විනිසුරු පෝල් ඕට්‌කන් වෙත සන්දේශයක්‌ යවමින් වියානා සම්මුතිය මත තානාපති ශවේන්ද්‍ර සිල්වාට “මුක්‌තිය” ඇති නිසා වත්සලාදේවි සහ සීතාහරම් සිවම් පැවරූ නඩුව නිෂ්ප්‍රභා කරන්නැයි ඉල්ලා ඇත.

මේ නඩුව ගොනු කළ දෙදෙනා තහනමට ලක්‌වූ කොටි සංවිධානය නමැති ත්‍රස්‌තවාදී සංවිධානයේ ක්‍රියාකාරීන්ගේ ඥාතීන් යෑයි ද එම සංදේශයේ තවදුරටත් දක්‌වා තිබිණි.

මෙයට පෙර ද මෙවන් චෝදනා එල්ලවූ පුද්ගලයන් සිව් දෙනකුට වියානා සම්මුතියේ රැකවරණ ඇතැයි ඇමරිකානු අධිකරණය විසින් තීන්දු කර තිබූ බවද නීතිවේදී තිමෝති නෙල්සන් විසින් අනාවරණය කර ඇත.

එසේම මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාට එරෙහි සිතාසි නිකුත් කිරීම ද මුළුමනින්ම වලංගු නොවන ක්‍රියාදාමයක්‌ යෑයි වැඩිදුරටත් පෙන්නුම් කර ඇති එම ඇමරිකානු නීතිවේදියා මේ නඩුව වහාම ඉවත දැමිය යුතු බවද කියා සිටී.

කොටි ඝාතකයකු වූ රමේශ්ගේ බිරිය වූ වත්සලාදේවි සහ සිවම් නමැති කොටි හිතවාදීන් විසින් අලි බේදුන් නම් වූ ඇමරිකානු එන්.ජී.ඕ. නීතිවේදියා ලවා ගොනු කළ මෙම නඩුවට නොවැම්බර් 17 වැනිදාට පෙර ප්‍රතිචාර දක්‌වන්නැයි සමලිංගික විනිසුරු පෝල් ඕට්‌කන් විසින් නියෝග කර තිබිණි.

මෙලෙස මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වාගේ නීතිවේදීන් විසින් විනිසුරුට යෑවූ සන්දේශය අල් බේදුන් නමැත්තා ඇමරිකානු කොටි ජාලයට ලබාදී ඇත.

මෙහිදී නීතිවේදී තිමෝති නෙල්සන් මෙසේද දක්‌වා ඇත. “ශවේන්ද්‍ර සිල්වාට සිතාසි භාර දුන් ආකාරය වලංගු ක්‍රියාදාමයක්‌ නොවෙයි. පුද්ගලික විමර්ශකයකු ඒ මහතාගේ නිවසට ගොස්‌ ඒ සඳහා උත්සාහ කර තිබෙනවා. එම ක්‍රමවේදය වීඩියෝගත කර අන්තර් ජාලයේ “යූ ටියුබ්” වෙත ඇතුළත් කරලා. එක්‌සත් ජාතීන්ගේ තානාපති ප්‍රජාව සම්බන්ධව අනුගමනය කළ මේ ක්‍රියාදාමය වැරදියි.”

මේ අන්දමට 1986 දී ඇමරිකාවේ ඊශ්‍රායල් තානාපති කාර්යාලයේ සේවය කළ ඊශ්‍රායල් හමුදාවේ බ්‍රිගේඩියර් ජනරාල්වරයකුට යුද අපරාධ චෝදනා ගොනු කර නඩුවක්‌ පවරා තිබූ බවත් එහිදී අධිකරණය විසින් එම හමුදා නිලධාරියා වියනා සම්මුතියට හිමිකම් ඇත්තකු යෑයි තීන්දු කළ බවද තිමෝති නෙල්සන් විසින් විනිසුරුට යෑවූ එම සංදේශයේ සඳහන් කර ඇත.

මේ අතර රාජ්‍ය සේවයේ යෙදී සිටි ද්‍රවිඩයන් රැසක්‌ කොටි හිතවාදීන් යෑයි අනාවරණය වී ඇත. මොවුන් අතර කොටින්ගේ නීති උපදේශක ලෙස සේවය කළ හිටපු නීතිපති ශිවාපසුපති ද වේ. මොහුට මසක්‌ පාසා රුපියල් 25,000 ක මුදලක්‌ ඕස්‌ටේ්‍රලියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස්‌ කාර්යාලය හරහා යවන බව හෙළිවී තිබේ. ඇමරිකාව, බ්‍රිතාන්‍ය, කැනඩාව, ඕස්‌ටේ්‍රලියාව සහ ඉන්දියාව යන රටවල පදිංචි වී සිටින ශ්‍රී ලාංකික විශ්‍රාමිකයන්ට වසරකට ඩොලර් මිලියන භාගයක මුදලක්‌ විශ්‍රාම වැටුප් ලෙස යෑවීමට රජයට සිදුවී ඇත. ශ්‍රී ලංකා ජනාධිපතිවරයා පොදු රාජ්‍ය මණ්‌ඩල සමුළුව වෙත යද්දී ඕස්‌ටේ්‍රලියාවේදී විශ්‍රාමික වැටුප් ලබන පිරිසගේ වාර්තාවක්‌ ද ගෙන ගිය බව ආරංචිමාර්ග දක්‌වයි.

මෙලෙස කොටි වෙනුවෙන් හඬ නඟමින් රාජයෙන් විශ්‍රාම වැටුප් ලබන පාර්ශ්වයන් කවුරුන්ද යන්න ගැන දැන් විමර්ශනයක්‌ අරඹා තිබේ. මෙවන් පසුබිම යටතේ තමිල්නාඩුවේ සිටින විශ්‍රාම වැටුප් ලබන ශ්‍රී ලාංකික ද්‍රවිඩයන් ජීවතුන් අතර සිටින්නේ ද නැද්ද යන්න නිරීක්‍ෂණය කිරීම සඳහා ශ්‍රී ලාංකික නියෝජිත පිරිසක්‌ තමිල්නාඩු විශ්‍රාම වැටුප් ප්‍රධානියා සමග සාකච්ඡාවක්‌ ඉල්ලා සිටි නමුත් ඔහු එම ඉල්ලීම ප්‍රතික්‍ෂේප කර තිබේ.

මේ තත්ත්වය යටතේ තමිල්නාඩුවට යවන විශ්‍රාම වැටුප් වහාම නතර කර ඇතැයි ආරංචි මාර්ග පවසයි.

මෙරට ඇමරිකානු තානාපතිනි පැට්‌රිෂියා බුටේනිස්‌ නමැත්තිය ද හිටපු තානාපති රොබට්‌ බ්ලේක්‌ අනුගමනය කළ ක්‍රියාමාර්ගය දියත් කර ඇතැයි මේ සතියේදී අනාවරණය විය.

ඇය ජනාධිපති ආරක්‍ෂක ලේකම් සහ හමුදා නිලධාරීන් ගැන පමණක්‌ නොව අධිකරණ කටයුතුවලට ද මැදිහත්වී තිබේ. මේ වසරේ පෙබරවාරි 23 වැනිදා බුටේනිස්‌ විසින් ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව වෙත යෑවූ රහස්‌ පණිවුඩයකින් ශ්‍රී ලංකාවේ අධිකරණය ස්‌වාධීන බව ගැන ඇය විශ්වාස කරන්නේ නැතැයි පවසා ඇත. මේ පසුබිම මැද නෝර්වේ රජය ක්‍රෝන් මිලියන 3 ක්‌ (රුපියල් මිලියන 57 ක්‌) ජාත්‍යන්තර සංක්‍රමණිකයන්ගේ සංවිධානයට ලබාදෙමින් හිටපු කොටි ත්‍රස්‌තයනව පුනරුත්ථාපනය කිරීමට වැඩපිළිවෙළකට මැදිහත්වී ඇත.

ඊට අදාළ ගිවිසුමක්‌ මෙරට නෝර්වේ තානාපතිනි හිල්ඩේ හැරල්ඩ්ස්‌ටාඩ් සහ ජාත්‍යන්තර සංක්‍රමණික සංවිධානයේ ප්‍රධානි රිචඩ් ඩැන්යිජර් අතර අත්සන් තබා තිබේ.

මෙහිදී නැඟෙන බරපතළ ප්‍රශ්නය නම් හිටපු කොටි ත්‍රස්‌තයන්ව පුනරුත්ථාපනය කිරීමේ මුවාවෙන් නෝර්වේ රජය දියත් කර ඇති ක්‍රමවේදයයි. මේ අතර ජාත්‍යන්තර කොටි ඩයස්‌පෝරාවට එරෙහිව අපේ විදෙස්‌ තානාපති කාර්යාල ක්‍රියා කළ යුතු අවස්‌ථාවක ජිනීවාහි ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත කාර්යාලය විසින් සේවය හැර ගිය පාර්ශ්වයන් ආපසු බඳවා ගැනීමට උත්සාහ කරන බව වාර්තාවේ.

එම තානාපති කාර්යාලයේ අරක්‌ගෙන ඇති නිලධාරියකු මෙයට සම්බන්ධ වී ඇතැ යි හෙළි විය.

කීර්ති වර්ණකුලසූරිය

උඩරට රජුන්ගේ රාජසභාව

උඩරට රජුන්ගේ රාජසභාව

source:

අපගේ රජවරුන් රට පාලනය කළ රාජ සභා මණ්ඩප අතුරෙන් තවමත් ජීවමානව දැකිය හැකි රාජ සභා මණ්ඩපයක් වශයෙන් දළදා මැදුරු ආසන්නයේ ඇති මඟුල් මඩුව හැඳින්විය හැකිය.

ශ්‍රී දළදා මලිගාවටත් රජ මාලිගා පරිශ‍්‍රයටත් මැදිව පිහිටා ඇති උඩරට දැව කැටයම් නිර්මාණ ශිල්පීන්ගේ අපූර්ව නිර්මාණයක් වූ මෙම විවෘත මණ්ඩපය ශ්‍රී ලංකා දේශයම ගිවිසුමක් මගින් ඉංගී‍්‍රසීන්ට අත්පත් කරදුන් ඓතිහාසික ලියවිල්ල වූ උඩරට ගිවිසුම අත්සන් කළ මණ්ඩපය ලෙසද සැලකේ.

එහෙත් ඊට පෙර මෙම මණ්ඩපය සාමාන්‍ය ජනතාවට ළඟාවිය නොහැකි අධිආරක්‍ෂිත කලාපයක පිහිටි නායක්කර් රජවරුන් තම යුද අධිකාරම්වරුන් මෙන්ම නිලමේවරුන් සමග රාජ්‍ය පරිපාලන කටයුතු පමණක් නොව, අධිකරණ කටයුතු පවා ගෙන ගියේ මෙම ස්ථානයේ දී බැවින් මෙම ගොඩනැගිල්ලට ”මහ නඩුව” යන නමින්ද එදා ව්‍යවහරට එක්වී ඇත.

එකළ මෙහි රාජ සභාව පවත්වන විට රතු හා සුදු රැලි පාලම් වලින් දැව කුලූන ඉතා අලංකාර අයුරින් සරසා ඇති අතර වර්තමානයේ එම අවස්ථාව දැක ගත හැක්කේ මල්වතු අස්ගිරි උභය පාර්ශවයේ නායක උත්සව වලදීය.

උඩරට දැව කැටයම් කලාවේ ඉහළම සංධිස්ථානයක් වශයෙන් සැලකිය හැකි මේ අපූරු නිර්මාණය කළේ දේවේන්ද්‍ර මූලාචාරිවරයායි. ඔහු ඓතිහාසික දළදා මාළිගාවේ පත්තිරිප්පුවේ නිර්මාණකරුවාද වෙයි.

ඓතිහාසික මඟුල් මඩුව සකස් කිරීම සඳහා යොදාගෙන ඇති හල්මිල්ල හා නා දැව මාතලේ නාලන්දෙන් රැගෙන ආ බවට සඳහන් වන අතර පත්තිරිප්පුව නිර්මාණය කිරීම සඳහා ගෙන එන ලද දැවද එම ප‍්‍රදේශයෙන්ම ගෙන ආ බව සඳහන් වේ.

මඟුල් මඩුව මුලින්ම නිර්මාණය කරන ලද්දේ 1781 සිට 1798 දක්වා උඩරට පාලනය කළා රාජාධිරාජසිංහ රජු බව ඉංගි‍්‍රසි ලේඛක ජේ.සී. ලූවිස් සටහන් වෙයි.

එහෙත් රාජාධිරාජසිංහ රජු අභිරහස් ලෙස මිය යන විට එහි වැඩ කටයුතු අවසන් වී නොතිබූ බැවින් ශ්‍රී වික‍්‍රමරාජසිංහ රජුද එහි ඉදිකිරීම් කටයුතුවලට උර දී ඇත.

ඓතිහාසික වූ මේ මහා මණ්ඩපය ඉතිහාසයට එකතු වන්නේ, අපගේ රාජවශංයේ රජවරුන් දෙදෙනකු හා පසුව ඉංගී‍්‍රසීන් විසින් අලූත් කරන ලද රාජසභා මණ්ඩපයක් වශයෙනි.

එක්දහස් අටසිය තුනේ දී සිදු වූ ඉංගී‍්‍රසි උඩරට ආක‍්‍රමණයේ දී බොහෝ රාජකීය ගොඩනැගිලි ගිනි තබා විනාශ කළ බව 1803 පෙබරවාරි මස 24 වැනි දින ඉංගි‍්‍රසීන් විසින් නිකුත් කරන ලද ගැසට් පත‍්‍රයේ සඳහන් වේ.

එම හේතුව නිසාම 1815 දී ඉංගී‍්‍රසීන් උඩරට පාලනයද සියතට ගැනීමෙන් අනතුරුව මෙම ගොඩනැගිල්ලේ ගොඩනැගීමේ කටයුතු නිමාකරන්නට ඇත.

එහෙත් 1875 වේල්ස් හි කුමරුව සිටි හත්වැනි එඩව්ඞ් රජුගේ උඩරට ආගමනය නිමිත්තෙන් එහි ප‍්‍රධාන සම්භාෂණය පැවති මෙම ගොඩනැගිල්ල එහිමුල් ස්වරූපයට හානි නොවන අයුරින් වෙනස් කොට ඇත.

මෙම ගොඩනැගිල්ලේ මුලින් පැවති දිග වූ අඩි 58 අඟල් 8ක ප‍්‍රමාණය තවදුරටත් දීර්ඝ කරමින් තවත් අඩි 31 අඟල් 6කින් දික් කර ඇති අතර එහි පළල අඩි 35 අඟල් 6ක ප‍්‍රමාණ වෙනස් නොකර ඒ අයුරින්ම තබා ඇත්තේ එහි පළල වැඩි කළහොත් ගොඩනැගිල්ල, දෙපැත්තේ ඇති දැවැන්ත ලී කණු නිසා පළල් කරන ලද ස්ථානයේ සිටින පුද්ගලයන්ට කිසිසේත්ම ප‍්‍රධාන මණ්ඩපය දැකිය නොහැකි නිසා විය හැකිය.

එවකට රජ මාලිගා පරිශ‍්‍රයට ඇතුළුවීම සඳහා ප‍්‍රධාන දොරටු තුනක් තිබී ඇති අතර දැනට දළදා මාලිගාවට ඇතුළුවීමේ දී එය පසුකරන දිය අගල අසලින් හකුලන පාලමක් තිබූ බව සඳහන් වේ.

දැනට එම හකුලන පාලම දක්නට නොමැති වුවත් 1821 දී මහනුවර ස්වරූපය සියැසින් දුටු ජෝන් ඬේවී නමැත්තා මෙසේ සටහන් කර ඇත.

අවශ්‍ය වූ විටෙක ඉවත් කළ හැකි පාලමකින් ඇතුළු වී සුවිශාල ආරුක්කුවක්  යටින් වැටුණු පාරකින් ගමන්කොට පඩිපෙළක් නැග තවත් කුඩා ආරක්කුවක් යටින් ගියවිට මඟුල් මඩුවට ළඟාවිය හැකි බව එහි සඳහන් වේ.

වර්තමානයේ දළදා මාළිගෙයි පත්තිරුප්පුව අසල ඇති වාහල්කඩින් ඇතුළු වී වමට හැරී පඩිපෙළ නැග ගියවිට කුඩා ආරක්කුවක් හමුවේ එහි පඩිපෙළ නැග ගියවිට මඟුල් මඩුව හමුවෙයි.

ජෝන් ඬේවී සඳහන් කර ඇත්තේ එම පඩිපෙළ හා ආරුක්කුව විය හැකි බවය.

වර්ෂ 1815 මාර්තු මස 2 වැනි දින උඩරට ගිිවිසුම අත්සන් කරන ලද්දේ ද මෙම ගොඩනැගිල්ලේ දීය. එම අවස්ථාව සියැසින් දුටු කපිතාන් ඇල් ද  බූෂ් ගේ දින පොතට අනුව මෙසේ සඳහන් වේ.

එදින පස්වරු 4.00ට පමණ ආවතේවකරුවන් විශාල පිරිසක්ද සමගින් ඇහැලේපොල පළමු වැනි අධිකාරම් දෙවැනි අධිකාරම්වරු ඇතුලූ සියළු දිසාපතිවරුන් සමග මඟුල් මඩුවට පැමිණියහ.

මෙහිදී පැවති දීර්ඝ සාකච්ඡාවකින් පසු ගිවිසුම තීන්දුකොට සියලූ පාර්ශවයන් විසින් ගිවිසුම් පති‍්‍රකාව අත්සන් කරන ලදී.

මේ අවස්ථාවේ දී මහමළුව ඉදිරිපිට පෙළ ගස්වා තිබූ කාලතුවක්කු වලින් රාජකීය ආචාර වෙඩිමුර පවත්වන්නට යෙදුණි.

එහෙත් එදා විරාජමානව උඩරට ගිවිසුම අත්සන් කිරීමට මඟුල් මඩුවට පැමිණි මොණරවිල කැප්පෙටිපොළ හා මඩුගල්ලේ නිලමේ 1818 උඩරට කැරැුල්ලේ ප‍්‍රධාන චූදිතයන් වී ඔවුන් ඇතුළු උඩරට නායකයන්ට මරණ දඬුවම නියම කරන ලද්දේ ද, මෙම ගොඩනැගිල්ලේ දීය. උඩරට ගිවිසුම අමු අමුවේ උල්ලංඝනය කරමින් ඊට විරුද්ධවන උඩරට ප‍්‍රභූවරුන් ඝාතනය කරමින් එම ගිවිසුමේ ඇති ප‍්‍රධාන කොන්දේසියක් වූ බෞද්ධාගම ආරක්‍ෂා කරන බවට වූ කොන්දේසිය ද කඩ කරමින් ඉංගී‍්‍රසින් නොමිනිසුන් ලෙස හැසිරෙමින් ඓතිහාසික මඟුල් මණ්ඩපයේ කතෝලික පල්ලියක්ද ඉදි කළේය.

මෙමගින් උඩරට ජනතාව ඉංගී‍්‍රසීන් කෙරෙහි දැඩි කෝපයටත් කලකිරීමටත් පත්වූවත් ඉංගී‍්‍රසීන්ගෙන් ලාභ ප‍්‍රයෝජන ලැබූ එක්තරා ප‍්‍රභූ පැලැන්ති කිහිපයක් පමණක් ඉන් ප‍්‍රතිලාභ ලැබීය.

ඉංගී‍්‍රසීන්ට එරෙහිව නිදහස් සටන දියත් කිරීමේ දී සාංග‍්‍රාමික වශයෙන් උඩරට ප‍්‍රභූ පවුල් කිහිපයක් එකතු වුවද මෙහිදී විශේෂයෙන් සඳහන් කළ යුත්තේ සබරගමුව ඌව හා මාතලේ ජනතාවයි. ඔවුන් බහුතරය ඉංගී‍්‍රසීන්ගේ නොමනා කි‍්‍රයා කලාපයට එරෙහිව සටන් වැදුණි.

කෙසේ නමුත් ඉංග‍්‍රීසීන් මෙම ගොඩනැගිල්ලේ ඔවුන්ගේ දේව මෙහෙයන් පැවැත්වීම සඳහා යොදාගෙන තිබී ඇත්තේ උඩරට රජවරුන් තානාපතිවරුන් හා වෙනත් විශේෂ අමුත්තන් හමුවීම සඳහා යොදා ගත් කොටසේයි.

මෙම කි‍්‍රයාවට උඩරැටියන්ගේ දැඩි විරෝධය එල්ලවීම නිසා ඉංගී‍්‍රසීන් දළදා මාළිගාවට මදක් ඈතින් පල්ලියක් ඉදිකිරීමට පියවර ගත්තේය. අද සාන්ත පාවුලූ දේවස්ථානය නමින් පත්තිනි දේවාලයත් නාථ දේවාලයත් අතර බිම් කඩක ඇති දේවස්ථානය එයයි.

අනතුරුව මඟුල් මඩුව නැවතත් අධිකරණ ශාලාවක් විය.

ගොඩනැගිල්ලේ දකුණු කෙළවරේ තරමක් උස් බිම් කඩක කොටුවක් ඇති ස්ථානයක් දැකිය හැකිය. එම ස්ථානය රජතුමාගේ සිංහාසනය තිබූ ස්ථානය වශයෙන් හැඳින්වෙන අතර, එහි සිට උඩරට රජවරුන් අධිකරණ කටයුතු රාජසභා පැවැත්වීම් ඇතුළු රටේ පරිපාලන කටයුතු කරගෙන ගොස් ඇත.

එදා අපගේ රජවරුන් පසුකලෙක ඉංගි‍්‍රසි පාලකයන් ශ්‍රී ලාංකික විනිසුරුවරුන් මුලූ මහත් දේශයටම වැදගත් වූ තීන්දු තීරණ ගත් මඟුල් මඩුව ඒ සියලූ මතකයන් විඳ දරාගෙන අදටත් පුරාවිද්‍යා ස්මාරකයක් ලෙස විරාජමානව නැගී සිටී.

 

 

 

 

විල්පත්තුවේ කුවේණි මාලිගය

විල්පත්තුවේ කුවේණි මාලිගය

source:

ඉතිහාස පොතේ කුවේණිය අපට මවාගත නොහැකි සිතුවමකි. නැතහොත් චිත‍්‍රපටකරුවකුගේ හෝ නවකතාකරුවකුගේ චිත්තරූපයකට වහල් වූ සේයාවක් පමණි.

තඹවැල්ල අදත් දිළිසෙමින් පවතී. විල නිසලය. තම්බපන්නිය සතුරන්ගෙන් මුදාගෙන ඇත. එදා මාතොට හා මග්ගන වරාය වෙනුවට වන ලැහැබින් සැරසුණු මෝදර ගං ආරු වෙරළ තීරයට ඔබ්බෙන් මහවන මැද කපු කිණිස්ස ගස් කාටදෝ අතවනනු සේ දිස්වේ. කපු නූලෙන් රෙදි වියන රාජිණිය එහි නැත. එහෙත් ක‍්‍රිස්තු පූර්ව පස්වැනි සියවසේ සිට ඇගේ නමින් නැගී සිටින ගල්කණු පෙළ පණිවුඩයක් ගෙන දේ. ඒ ගරාවැටුණු කුවේණි-විජය පේ‍්‍රම මාලිගයේ ශෝකාන්තයදෝ හැගේ.

අක්කර තුන් ලක්‍ෂ පනස් දහසක් පමණ වන විල්පත්තු වනෝද්‍යානයේ ඇති ස්මාරක අතර මේ එක පුවතක් පමණි. විල්පත්තුව යනුවෙන් අප සිතා සිටින දර්ශනයේ සිටිනුයේ වල් අලින්, මුව රංචු, විල් හා වියලි කලාපීය වෘක්‍ෂලතා පමණි. මෙතෙක් කල් අප මනසට දමා තිබූ ඒ සිතුවිලි බැම්ම කඩා අලූතින් දොරටු විවෘත කරන්නට වනජීවී දෙපාර්තමේන්තුව සැරසේ. ඒ අතර භෞතික වශයෙන් නොච්චියාගම දෙසින් ඇති ප‍්‍රදේශ දොරටුවට අමතරව තත්තිරිමලෙන්, විලච්චිය මන්නාරම් හන්දියෙන්, එළුවන්කුලමින් හා මන්නාරම -මොල්ලිකුලමින් පිවිසෙන දොරටු තැනීමට දෙපාර්තමේන්තුව වැඩ අරඹා ඇත. මනසට දොර ඇරියේ ඉකුත් සතියේ පුරාවිද්‍යා චක‍්‍රවර්තී එල්ලාවල මේධානන් ද නාහිමියන් විසිනි.

”විල්පත්තුව යනු සත්ව විවිධත්වය හා ජෛව විවිධත්වය විතරක් පිරුණු තැනක් නොවේ. විල්පත්තුව පුරා තිබෙන්නේ බෞද්ධ ස්මාරක”යැයි කියමින් නාහිමියෝ ඊට ප‍්‍රවේශ වූහ. මීට වසර 40 කට පෙර ශිෂ්‍ය භික්‍ෂුවක් ලෙස කාල පර්යේෂණ හා පුරාවිද්‍යා වාර්තා සමග වැඩම කර සිටින නාහිමියන්ට ගල්තලා ගල් ලෙන් හා ගොඩනැගිලි පාදම් හා ගැටීම එතරම් අසීරු නොවීය.

ඔච්චප්පු කල්ලූ ප‍්‍රදේශය තනිකරම පුරාවිද්‍යා නටබුන් බිමකි.    ”ඔච්චප්පු කල්ලූ” යන්නෙහි අරුත එසවූ ගල් බව මේධානනන්ද නාහිමියෝ කීහ. එය එසේම දක්නා ලැබේ. ඒ අවට ඇති ගල්ලෙන් රැසක්ම පිහිටි ගල් ලෙන්වලට වඩා ඔසවා අඩ තබා වහලයක් බවට පත්කර තැනූ ලෙන්ය.

ඇතැම් තැනක ”චතුදිග අගස…” ආදී වශයෙන් බ‍්‍රාහ්මණ අක්ෂරයෙන් ගල්ලෙන් කටාරම් අසල ශිලා ලේඛන මූර්තිමත්ය. ඉන් කියැවෙන්නේ සතර දිගින් වඩින භික්‍ෂූන් උදෙසා ඒවා පූජා කර ඇති අයුරුය. ඔච්චප්පු කල්ලූවේ ගල්ලෙන් මෙන්ම අගනා ස්තූප දෙකක නටබුන් ද හමුවෙයි. එවාහි ඝර්භය දිගින් දිගටම නිධන් හොරුන්ගෙන් විනාශව පවතී. ඒ දිගුකල් පැවැති යුද්ධයෙන් අතුරු ඵලයන්ය.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් මීට වසර හතළිහකට පමණ පෙර සංරක්‍ෂණය කළ වැලිවෙහෙර නටබුන් සංකීර්ණය ද නැවත නැවතත් හාරා විනාශ කර තිබේ. එය පිහිටා ඇත්තේ වනාන්තරයේ දකුණු දෙස පුත්තලම පැත්තට වන්නටය. වනජීවී දෙපාර්තමේන්තුව උත්සාහ දරන්නේ නිධන් හොරුන්ගේ ග‍්‍රහණයෙන් මේවා බේරා ගන්නටත් ඉතිහාසයෙ සැබෑ මුහුණුවර කියන්නටත් ඇති හොඳම මග ලෙස දෙස් විදෙස් සංචාරකයන්ට මේවා නැරඹීමට සැලැස්මවීමටය.

”මෙම ස්මාරක, පොකුණු ආදිය ඉතා ආකර්ශනීය පෙනුමකින් සංරක්‍ෂණය කිරීම අපේ අරමුණ. ඒ සඳහා රජයෙන් අවශ්‍ය තරම් මුදල් ප‍්‍රතිපාදන ද ලැබිලා තිබෙන්නේ. ”දැයට කිරුළ” වැඩසටහනට සමගාමීව එම ස්ථාන සකස් කර එම ප‍්‍රදර්ශනය නැරඹීමට එන ලක්‍ෂ සංඛ්‍යාත ජනයාට විල්පත්තුව හඳුන්වා දීමත් අපි බලාපොරොත්තුයි.” යනුවෙන් ගොවිජන සේවා හා වනජීවී කටයුතු අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතා ප‍්‍රකාශ කළේය.

වයඹ කලාපය භාර වනජීවී සහකාර අධ්‍යක්‍ෂ ඩබ්ලිව්.එච්. වේරගම මහතා පවසන්නේ දැනට භාවිතයට ගැනෙන විල්පත්තුවේ අක්කර 150,000 ට අමතරව තවත් ලක්‍ෂයක්වත් සංචාරකයින් වෙනුවෙන් සකස් කරදීම තවත් අපේක්‍ෂාවක් බවයි. මනවිල, පනික්කවිල, තලවිල හා කොක්මොටේ ප‍්‍රදේශවල සංචාරක බංගලා හතරක් ඉදිකර තිබේ.  ඊට අමතරව තවත් බංගලා 5ක් ගොඩනගා සංචාරකයන් ඇද ගැනීමට බලාපොරොත්තුවන බව වේරගම මහතා පවසයි.

ඔහුගේ අනෙකුත් සැලසුම් අතර වනයේ ඇති වැව් ප‍්‍රතිසංස්කරණය, ආහාර වනවගා සුපෝෂණය, දියවළවල් ඉදිකිරීම් හා විදුලි වැට ඉදිකර අලි මිනිස් ගැටුම වළක්වාලීම ද වේ.

මේ සියලූ සැලසුම් අවසානයේ වන සතුන් හා වන ගොමු නරඹන අයට මෙන්ම ඉතිහාසයට ඇළුම් කරන්නන්ට පුරාවිද්‍යා ස්ථාන සියයක් පමණ හඳුන්වාදිය හැකි බව පුරා විද්‍යාඥයෝ මෙන්ම වන නිලධරයෝ ද කියති. ශිලාවතුර, පොම්පරිප්පු, මෝදරගංආරු හා ඒ ආශ‍්‍රිතව අතීත ශ්‍රී ලංකාවේ සශ්‍රීකම නගරයක් වූ උරුවේල නගරය ඉතිහාස නටබුන් මතින් දැකීමට මෙයින් මග සැලසෙන බව මේධානන්ද නාහිමියෝ කියති.

නාහිමියන්ගේ සිහිනය මල්ඵල දරන්නට තව ඊට එක්විය යුතු ”අඩුමකුඩුම” බොහෝය. විවිධ දෙපාර්තමේන්තුවල සහයෝගය, නීතිමය, ආරක්‍ෂකමය හා ප‍්‍රදේශමය සහයෝගය අනෙකුත් කරුණුය.

එමෙන්ම ඉතිහාසය හා පුරාවිද්‍යාව ගැන ලැබී ඇති සාධක ඔස්සේ ගැඹුරින් පුරාවිද්‍යා පර්යේෂණ සිදුවිය යුතුව තිබේ. තවද ගමන ඉදිරියට යාමට සංචාරක ව්‍යාපාරයද කළමනාකරණය කර ගත යුතුව පවතී. එවිට ක‍්‍රිස්තු පූර්ව තුන්වැනි සියවසේ 9 වැනි සියවස පමණ දක්වා ඇති විවිධ පුරා විද්‍යා සාධකවලින් මතුවූ දැවැන්ත ස්මාරක සමූහයක් ලොවට දායාද වනු ඇත.

කෝට්ටේ යුගයේ ලියැවුණු කෝකිළ සංදේශයේ කවියා සිය ඳුතයාට,

”තම්මැන්නා අඩවිය දැකයන් නොසිට…” වශයෙන්  අමතයි.

කෝකිලයා එවිටත් කම්මැන්නාවේ සුන්දරත්වය දැකීමට තරම් මනරම් වූ තම්මැන්නා අඩවිය සැබැවින්ම මතු පරපුරට අලංකාරයෙන් දැකගත යුතුව ඇත්තේ නොවේද?

 

පුරාණයේ මග්ගන වරාය ලෙස හැඳින් වූ මෝදර ගං ආරු ප‍්‍රදේශයේ දී

ඔච්චප්පු කල්ලූ හි ලෙන් පරීක්‍ෂාව

බ‍්‍රාහ්මී අක්‍ෂර කියවන මේධානන්ද නාහිමි

අලංකාර පර්වත මුදුනක්

ගඩාෆිගේ නෑසු කතා

ගඩාෆිගේ නෑසු කතා

2011 ඔක්තෝබර් මස 30 ,සජිව විජේවීර

source:

ලිබියාවේ සර්ට් නුවරට නුදුරින් පිහිටි කාසා අබු හාඩි නැමැති ග‍්‍රාමීය කෘෂිකාර්මික ප‍්‍රදේශයක 1942 ජූලි මාසයේ මුඅම්මර් මුහම්මඞ් අබු මින්යාර් අල් ගඩාෆි උපත ලැබුවේය. පාසල් අධ්‍යාපනය හමාර කිරීමෙන් පසු බෙන්ගාසිහි පිහිටි රාජකීය ලිබියානු හමුදා ඇකඩමියට ඇතුළු වූ ගඩාෆි 1966 දී හමුදා උපාධිය හිමිකැරගත්තේය. ඉන්පසු යුරෝපයට ගොස් වැඩිදුර අධ්‍යාපනය ලබාගත් හෙතෙම ලිබියා හමුදාවේ ලෙෆ්ටිනන් වරයකු ලෙස සේවය කළේය.

එවකට ලිබියාවේ පාලකයා වූ ඊද්‍රිස් රජු ප‍්‍රතිකාර ලබාගැනීම සඳහා තුර්කියට ගොස් සිටියදී 1969 සැප්තැම්බර් මස 01 දින කණිෂ්ඨ හමුදා නිලධාරින් කුඩා කණ්ඩායමක් මෙහෙයවමින් හමුදා කුමන්ත‍්‍රණයක් දියත් කළේය. ඊද්‍රිස් රජුගේ ඥාති පුත‍්‍රයකු වූ ලිබියාවේ කිරුළ හිමි කුමාරයා වූ සයියිද් හසාන් ආරිදා අල් මාධ අසානුසි නිවාස අඩස්සියට පත්කළ ගඩාෆි ප‍්‍රමුඛ හමුදා නිලධාරීන් තම කුමන්ත‍්‍රණය සාර්ථක කරගනිමින් ලිබියාවේ රාජ්‍යත්වය අහෝසි කොට ලිබියානු අරාබි සමූහාණ්ඩුව ප‍්‍රකාශයට පත්කරන ලදී.

එතැන් පටන් තමන් කර්නල් වරයකු ලෙස හඳුන්වාගත් මුඅම්මර් ගඩාෆි ලිබියාවේ අසහාය පාලකයා වූවේය. 1976 දී අරාබි සමාජවාදී ජාතික කොංග‍්‍රසයෙන් ඔහුට මේජර් ජනරාල් තනතුරක් ප‍්‍රදානය කළ ද හෙතෙම එය පිළිගත්තේ නැත. ගඩාෆි කියා සිටියේ තමා කර්නල් යන නමින් පමණක් හැඳින්විය යුතු බවයි. මියයන තුරුම ගඩාෆි කර්නල් වරයකුට අදාළ නිල ඇඳුමින් පමණක් සැරසී සිටියේය.

1977 දී ලිබියාවේ පදිංචි ඉතාලි ජාතිකයන් සියලූ දෙනාම ගඩාෆි විසින් පලවා හරින ලද අතර එවකට පැවති කි‍්‍රස්තියානි දින දර්ශනය වෙනුවට ලිබියාවට නිල වශයෙන් ඉස්ලාමීය දින දර්ශනයක් හඳුන්වාදෙන ලදී. එම දින දර්ශනයේ අගෝස්තු මාසයේ ඔගස්ටස් සීසර් යන නම වෙනුවට ඔහු හනිබාල් යන නමත් ජූලි මාසයේ ජුලියස් සීසර්ගේ නම වෙනුවට ගමාල් අඞ්බල් නසාර් යන නමත් හඳුන්වාදෙන ලදී. අරාබි ලිබියා සමූහාණ්ඩුව ඔහුගේ මෙම කි‍්‍රයාකලාපය ඒකමතිකව ස්ථිර කර ඇත.

ලිබියාව යනු ඉතා විශාල ස්වභාවික සම්පත් වලින් අනූණ වූ දේශයකි. ගඩාෆි විසින් මේ අසාමාන්‍ය සම්පත් සියල්ල තම දේශය සංවර්ධනය සඳහා යොදාගන්නා ලදී. ගඩාෆි පාලන බලයට පත්වන විට එරට සාක්ෂරතාව සියයට දහයකි. ගඩාෆි මියයන අවස්ථාව වනවිට සාක්ෂරතාව සියයට 90 දක්වා ඉහළ ගොස් තිබිණි.

ලිබියාවේ සියලූම වැසියන්ට නොමිලයේ අධ්‍යාපන හා සෞඛ්‍ය සේවා ලබාදෙන අතර තම රටේ අධ්‍යාපන හා සෞඛ්‍ය සේවා ප‍්‍රමාණවත් නොවේයැයි සිතන අයකුට විදෙස් රටකට ගොස් එම සේවා ලබාගැනීම සඳහා ලිබියාවේ රජය ඇමරිකන් ඩොලර් 2,300 ක දීමනාවක් ලබාදෙයි.

වර්තමානයේ ලිබියා ජනගහණයෙන් සියයට 25 ක් විශ්ව විද්‍යාල උපාධි හිමිකරගෙන ඇති අතර සියලූම උපාධිධාරීන්ට රැකියාවක් ලබාදීමට ලිබියාවේ ගඩාෆි රජය කටයුතු කළේය. උපාධි හා රැකියා පුහුණු ලබාගැනීම ශිෂ්‍යත්ව ක‍්‍රම රැසක් ද ස්ථාපිත කැර තිබේ. උපාධියක් ලබාගත් අයකුට රැකියාවක් දීමට යම් අවස්ථාවක රජය අපොහොසත් වන්නේනම් උපාධියට නියමිත රැකියාවට අදාළ වැටුප රජය විසින් ඔහුට හෝ ඇයට ගෙවනු ලබයි.

ගඩාෆි බලයට පත්වන විට ලිබියාවේ වැසියකුගේ පරම ආයුෂ වර්ෂ 57 ක් වූ අතර සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ වැඩි පහසුකම් ඇතිකිරීම හේතුවෙන්ම වර්තමානයේ ලිබියාවේ පරම ආයුෂ මට්ටම වර්ෂ 77 දක්වා ඉහළගොස් තිබේ.

ලිබියාවේ රාජාණ්ඩු පාලනය බිඳ දැමූ ගඩාෆි එරට ජනතාවට සමානාත්මතා අයිතිවාසිකම් තහවුරු කරමින් ගැහැනුන්ට සහ කළු ජාතිකයන්ට රැකියා අවස්ථා ඇතිකිරීමට ද කටයුතු කළේය. ලිබියාවේ යම් වැසියකු කෘෂිකර්මාන්තය සිය ජීවනෝපාය ලෙස තෝරාගන්නේනම් ගඩාෆිගේ රජය ඔහුට වගා කිරීමට ඉඩමක්, කෘෂිකාර්මික නිවසක්, උපකරණ පමණක් නොව අවශ්‍යකරන බීජ වර්ග පවා නොමිලයේ ලබාදෙයි.

සෑම ලිබියන් වැසියකුටම නිවසක් හිමිවිය යුතුය යන දැඩි මතයක සිටි ගඩාෆි වරක් ලිබියාවේ ජනතාව ඉදිරියේ සපථ කැර සිටියේ සියලූ ලිබියන් වැසියන්ට නිවසක් ලැබෙන තුරු තම දෙමාපියන්ට නිවසක් ලබානොදෙන බවයි.

ජීවත් වීමට නිවසක් තනාගැනීම සඳහා මුදල් ආධාර ලබාදීමේ ව්‍යාපෘති රටතුළ ඇතිකළ ගඩාෆි මඩ ගොහොරු සහිත ප‍්‍රදේශ වල ඔටුවන් ලගින කූඩාරම් මෙන් පෙණුනු කුඩා නිවාස වෙනුවෙන් සහරා කාන්තාරය සහ ඒ අවට ප‍්‍රදේශයන්හි ඉදිකළ නවීන පන්නයේ නිවාස, විදුලිය, ජලය සහ සැටලයිට් රූපවාහිනී සේවා ද ලබාදීමට  කටයුතු කළේය. අලූතින් විවාහපත් වන අය සඳහා රජය විසින් ඩිනාර් 60,000 ක් හෙවත් ඇමරිකන් ඩොලර් 50,000 ක් ලබාදෙයි. එය ඔවුන්ට නිවසක් ලබාගැනීම වෙනුවෙනි. නිවසට එලෙස ආධාර කරන ගඩාෆි දරුවකු බිහිකරන සෑම මවකටමට ඇමෙරිකන් ඩොලර් 5,000 ක දීමනාවක් රජයෙන් ලබාදෙයි.

මෙලෙස නිවාස වෙනුවෙන් ගඩාෆි කොතෙක් ආධාර ලබාදුන්න ද රටේ නැගෙනහිර ප‍්‍රදේශයේ යම් ප‍්‍රමාණයක් දරිද්‍රතාවෙන් පෙළෙන අය තවමත් දක්නට ලැබේ. ගඩාෆි මියයන අවස්ථාව වනවිට ලිබියාවේ මෙම නැගෙනහිර ප‍්‍රදේශ වල ආර්ථික වශයෙන් ඉතා අසීරු තත්ත්වයක් පැවති බව පැවසේ. බංගාසි නුවර කැළි කසළ පරිවහන පද්ධතීන් අවුරුදු 40 ට වඩා පැරණි වූ බවත් පැවසේ.

කාන්තාරවලින් බහුල ලිබියාවේ ජනතාවට පානීය ජලය ලබාගැනීම අතිශය අසීරු කරුණක් බැවින් ඒ පිළිබඳ දැඩි අවධානය යොමු කළ ගඩාෆි ලොව විශාලතම ව්‍යාපාරය කරමින් කෘති‍්‍රම ගංගා නිර්මාණය කළේය. එහි ප‍්‍රතිඵලය වූයේ ලිබියාව පුරා ජලය සුලභ වීමයි.

ගඩාෆි  ලිබියාවේ ආර්ථිකය මැනවින් සැලසුම් කැර තිබේ. ගඩාෆිගේ සමාජවාදී අදහස් වලින් පෝෂණය වී තිබූ එම ආර්ථික සැළසුම් අතර ප‍්‍රධාන තැනක් ගත්තේ තෙල් සම්පතින් වැඩි ලාභ ලැබීමට කටයුතු කිරීමයි. 2000 සිට 2011 අතර කාලයේ ලිබියාවේ ආර්ථික වර්ධන වේගය සියයට 10.6ක් වූ අතර සිවිල් යුද්ධය පැවැති 2011 වර්ෂයේදීද ආර්ථික වර්ධනය සියයට 10 ඉක්මවා තිබිණි. ලොව කිසිදු රටකට ණය නැති ලිබියාවේ ගඩාෆි මියයන විට සංචිත ප‍්‍රමාණය ඩොලර් බිලියන 150 ද ඉක්මවා තිබිණි.

ලිබියාවේ සියලූම බැංකු රජය සතුවන අතර බැංකු ණය ලබාදීමේදී කිසිදු පොලියක් අයනොකිරීම ද විශේෂත්වයකි. එරට තෙල් විකිණීමෙන් ලබන ආදායමෙන් කොටසක් සියලූම ලිබියන් වැසියන්ගේ බැංකු ගිණුමට බැරවන ක‍්‍රමයක් ද ගඩාෆි විසින් හඳුන්වාදී තිබිණි.

ලිබියාවේ සෑම නිවසකටම විදුලිය සම්පූර්ණයෙන්ම නොමිළයේ ලබාදීමට ද ගඩාෆි කටයුතු කැර ඇත. තෙල් සම්පත සිය ප‍්‍රධාන අපනයන ආර්ථිකය බවට පත්කැරගත් ලිබියාවේ වැසියකු මෝටර් රථයක් මිලදී ගන්නේනම් එහි මිලෙන් අඩක් රජය දැරීම විශේෂත්වයකි. ලිබියාවේ පෙට‍්‍රල් ලීටරයක් මෙරට මුදලින් රුපියල් 15.40 කි.

ලිබියාවේ පාන් රාත්තල් 40 ක මිල මෙරට මුදලින් රුපියල් 16.50 කි.

ආර්ථික වර්ධනය පිළිබඳ දැඩි අවධානයක් යොමු කළ ගඩාෆි විශාල වශයෙන් ගිනි අවි මිලදී ගනිමින් සිය රටේ යුද ශක්තිය වැඩි දියුණු කිරීමට ද දැඩි වෙහෙසක් ගත්තේය. ඒ 1972 සිටයි. චීන මහජන සමූහ ආණ්ඩුවෙන් ගඩාෆි න්‍යෂ්ඨික අවි ඉල්ලා සිටියේය. එම වර්ෂයේදීම පකිස්ථානයෙන් එවැනි අවියක් නිෂ්පාදනය කැර දෙන ලෙස ඉල්ලා සිටි අතර එම අවි නිෂ්පාදනය කිරීමටත් පෙර පකිස්ථානයත් ලිබියාවත් අතර රාජ්‍ය තාන්ති‍්‍රක සබඳතා බිඳ වැටුණි.

එම සම්බන්ධතා යළි ගොඩනගාගත් ගඩාෆි ඉන්දියාවෙන් න්‍යෂ්ඨික අවි මිලදී ගැනීමේ උත්සාහයක ද නිරත වූවේය. තම රටේම රසායනික අවි ව්‍යාපෘතියක් ආරම්භ කළ ගඩාෆි තමන්ට හිතවත් රටවලින් ඒ සඳහා උදව් ඉල්ලා සිටියේය. මෙහි ප‍්‍රතිඵලය වූයේ ගඩාෆිගේ රසායනික අවි වැඩපිළිවෙලට සහය දැක්වූ විදේශ ජාතිකයන්ට ඒ ඒ රටවලින් අධිචෝදනා ගොනුකොට නඩු පැවරීමයි.

බටහිර රටවල් යම් දේශයකට හෝ පාලකයකුට එරෙහි වන්නේනම් ගඩාෆි නොබියව පීඩාවට පත්වන්නා වූ රටට හමුදාමය සහයෝගය ලබාදීමට ඉදිරිපත් වූවේය. පිලිපීනයේ සමාජවාදී සන්නද්ධ අරගල වලට සහයෝගය දුන් ගඩාෆි මොරෝ ඉස්ලාමීය ගලවාගැනීමේ හමුදාවට ද සහයෝගය දීමට කටයුතු කළේය. ඉන්දුනීසියාවේ පැපුවා මර්ඬේකා යන සංවිධානය ද ලිබියාවේ උපකාරය ඇතිව වර්ධනය වී තිබේ.

නමුත් බටහිර රටවල් සහ ලිබියාවේ අන්තවාදී කණ්ඩායම් දිගින් දිගටම කියා සිටියේ ගඩාෆි යනු බල උන්මාදයෙන් මත්වූ කෲර ආඥාදායකයකු බවයි. ගඩාෆි ට සහ ඔහුගේ පවුලේ ඥාතීන්ට  ඕනෑම දෙයක් කළ හැකි  ඕනෑම දෙයක් විකිණිය හැකි සහ  ඕනෑම දෙයක් අයිතිකැරගත හැකි බවට ද ඔවුහු චෝදනා එල්ල කළහ.

තම දේශයේ ආර්ථිකය ශක්තිමත් කරද්දී ගඩාෆි ද සුඛෝපබෝගී ජීවිතයක් ගත කළ බවත් රජකුගේ පාලනය පෙරළා දමා බලයට පත්වූ ඔහු තවත් ඒකාධිපති රජකු සේ ජීවත් වූ බවටත් චෝදනා එල්ලවිය.

ඉතාලි සමාගම් ලිබියාවේ දැඩි ස්ථාවර තත්ත්වයක පසුවෙති. ඉතාලි සමාගම් ලිබියාවේ තෙල් සම්පත හා ස්වභාවික ගෑස් වෙළඳෙපොළේ වැදගත් මෙහෙවරක් ඉටුකරයි. ඉතාලි ඔයිල් සමාගම, ෆියට් මෝටර් රථ සමාගම සහ යුනි ක්‍රෙඩිට් සමාගම මේ අතර ප‍්‍රධාන වේ.

2002 ජනවාරි මාසයේදී ගඩාෆි විසින් ඉතාලි පාපන්දු සමාජයේ කොටස් සියයට 7.5 ක් මිලදී ගන්නා ලද අතර එය ඇමෙරිකානු ඩොලර් මිලියන 21 ක වටිනාකමකින් යුතුය. එක්සත් ජනපද භාණ්ඩාගාරය ගඩාෆිගේ වත්කම් පරීක්ෂාකැර බැලීම සඳහා බි‍්‍රතාන්‍යයේ විශේෂ ඒකකයක් පිහිටුවන ලද අතර ගඩාෆි අන්තර්ජාතික කළු සල්ලි ජාවාරමේ ප‍්‍රධාන කොටස් කරුවකු බව එම ඒකකය නිවේදනය කැර තිබේ.

ගඩාෆි හට ඒ 340 පුද්ගලික එයා බස් ජෙට් යානාවක් ඇති අතර එය ඔහු මිලදී ගත්තේ සෞදි අරාබියේ අලි වලීඞ් බින් ටලාල් යුව රජුගෙන් වන අතර එය ඇමෙරිකන් ඩොලර් මිලියන 120 කට මිලදීගෙන ඇත්තේ 2003 වර්ෂයේදීය. ටි‍්‍රපෝලියන් වල ඇති අපි‍්‍රයා නැමැති ගුවන් සේවය ගඩාෆි සතු ගුවන් සේවයකි. එය විචිත‍්‍ර වර්ණ වලින් සමන්විත සේවාවකි.

1977 න් පසු  හුදු සංකේතාත්මක චරිතයක් පමණක් වූ ගඩාෆි හට එල්ල වූ විවේචන වලට අනුව ඔහු තත්ත්වාකාරයෙන් කි‍්‍රයාත්මක වූ ආඥාදායකයෙකි. එහෙත් ඔහුගෙන් රාජකාරීමය වශයෙන් ලිබියාවේ පාලනයක් සිදුවූයේ නැත. නමුත් 2011 වර්ෂයේ ලිබියාවේ කැරලි ආරම්භ වූයේ ගඩාෆි පලවා හැරීමේ අරමුණෙනි. මෙයට නේටෝ සංවිධානය ද උපකාර කළේය.

මෙතෙක් ලොව රටවල් පාලනය කළ පුද්ගලයන් අතරින් රාජ්‍ය ආණ්ඩු ක‍්‍රමයෙන් හෝ රාජ්‍යත්වයෙන් තොරව දීර්ඝතම කාලයක් රටක් පාලනය කළ පුද්ගලයා වන්නේ කර්නල් මුවම්මර් ගඩාෆි ය. එමෙන්ම ඔහු දීර්ඝතම කාලයක් අරාබිය පාලනය කළ නායකයාය.

බටහිර හමුදා ස්ථාවරයන්ට අනුව කිසිදු රටක් කර්නල් වරයකු විසින් පාලනය කරන්නේ නැත. රටක් පාලනය කළ හැක්කේ එම රටේ සේනාධිනායකයාට පමණි. නමුත් ගඩාෆි කියා සිටියේ තමන් සහෘදයන්ගේ නායකයකු බවයි. තමන් විප්ලවයට මගපෙන්වන්නකු පමණක් බවත් ලිබියානු සමාජය පාලනය කරන්නේ ලිබියානු ජනතාව බවත් ගඩාෆි නිතර පැවසීය. ඒ නිසාම තමන්ට තනතුරු ගරු නම්බු නාම අවශ්‍ය නැතැයි ජනරාල් තනතුර පිරිනැමූ අවස්ථාවේ එය ප‍්‍රතික්ෂේප කරමින් හෙතෙම කියා සිටියේය.

2008 අපි‍්‍රකානු රාජ්‍ය නායක හමුවකදී සම්ප‍්‍රදායික අපි‍්‍රකානු පාලකයන් ඔහුට රජුන්ගේත් රජු යන ගෞරව සම්මානය ප‍්‍රදානය කරන ලදී.

ලිබියාවෙන් බිහිවූ රජුන්ගෙත් රජු එරට වැසියන් විසින් ඇති කරනලද කැරැල්ලකදී මියගොස් තිබේ. දරිද්‍රතාවයේ පත්ලේ සිටි ලිබියාව ඔහුගේ පාලන කාලයේදී සංවර්ධනය වී ඇති බව බටහිර ජාතීන් ද පිළිගන්නා කරුණකි. ගඩාෆි නොමැති ලිබියාවේ හෙටදවස ගැන දැන්ම තීරණයක් ගැනීමට හැකියාවක් නැත. නමුත් ගඩාෆිගේ චරිතයේ ඇතුලාන්තයත් ඔහු කළ කී දෙයත් සොයා බලන විට පෙනෙන්නේ පසුගිය කාලයේ බටහිර රටවල් ගඩාෆිගේ චරිතය පිළිබඳ මවා ඇති චිත‍්‍රය කොතරම් සාධාරණද යන්නයි. එය අනාගතය විසින් තීරණය කරනු ලබනු ඇත.

 

සිරියාවට අත තිබ්බොත් මැද පෙරදිග අස්ථාවර වේවි ජනපති අසාද් අනතුරු අඟවයි

2011 ඔක්තෝබර් මස 3, රොයිටර් , ලන්ඩන් නුවරදීය

source:

ඇමෙරිකාව ප‍්‍රමුඛ බටහිර බලවතුන් ලිබියාවට මෙන් සිරියාවට අත තැබුවොත්, මුළුමහත් මැද පෙරදිග කලාපයම අස්ථාවර වනු ඇතැයි සිරියා ජනාධිපති බෂීර් අල් අසාද් පවසයි.

බලයෙන් ඉවත්වීම ප‍්‍රතික්ෂේප කරන අසාද් මේ බව කියා සිටියේ බි‍්‍රතාන්‍යයේ ‘සන්ඬේ ටෙලිග‍්‍රාෆ්’ පුවත්පත සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමිනි.

සිරියා ජනතාව තමාට එරෙහිව උසි ගන්වන්නේ ඇමෙරිකාව, එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ යුරෝපා සංගමය යැයි ජනපති අසාද් චෝදනා කරයි.

”සිරියාවේ පවතින තත්ත්වය සම්පූර්ණයෙන් වෙනස්. ඊජිප්තුවේ, ටියුනීසියාවේ සහ යේමනයේ මෙන් සිරියාවේ අවුල් සහගත තත්ත්වයක් ඇති වී නැහැ. සිරියාවේ දේශපාලනයත් අනෙක් රටවල මෙන් නොවේ” යැයි ජනපති අසාද් පවසයි.

ඇමෙරිකාව ප‍්‍රමුඛ බටහිර රටවල් ලිබියාවේ මෙන් සිරියාවට එරෙහිවද හමුදා මෙහෙයුමක් ආරම්භ කළොත් සිරියාවටත් සෙසු මැදපෙරදිග රටවලටත් අත්වන්නේ ඇෆ්ගනිස්තානයට සිදුවූ දේ යැයි ජනපති අසාද් කියයි.

එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසන්නේ මීට මාස හතකට ඉහතදී සිරියාවේ ආරම්භ වූ ජනතා නැගී සිටීම හේතුකොට ගෙන සිරියානු සිවිල් වැසියන් 3,000 කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇති බවය. ඒ අතර කුඩා දරුවන් 200 දෙනකු සිටින බවද එක්සත් ජාතීන්ගේ සංවිධානය එළිදැක්වූ වාර්තාවක සඳහන් වේ.

සිරියා රජය පවසන්නේ ආයුධ සන්නද්ධ කැරැලිකරුවන් එල්ල කළ ප‍්‍රහාරවලින් සිරියා ආරක්ෂක අංශ සාමාජිකයන් දෙදහසකට ආසන්න පිරිසක් මියගොස් ඇති බවය. සිරියා ජනපතිවරයා අවධාරණය කරන්නේ ආරක්ෂක අංශ පහර දෙන්නේ ආයුධ සන්නද්ධ කැරැලිකරුවන්ට මිස සිවිල් වැසියන්ට නොවන බවය.

ඇමෙරිකාව ප‍්‍රමුඛ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය සිරියාවට එරෙහිව ද යෝජනාවලියක් සම්මත කර ගැනීමට උත්සාහ ගත් නමුත් ආරක්ෂක මණ්ඩලයේ නිත්‍ය සාමාජිකයන් වන චීනය සහ රුසියාව ඊට විරුද්ධ විය.

යුද විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ ඇමෙරිකාව ප‍්‍රමුඛ බටහිර රටවල් සිරියාවට එරෙහිව හමුදා මැදිහත් වීමක් සිදු කළහොත් ඊට මුහුණ දීමට සිරියාවට ශක්තියක් ඇති බවය. ලිබියාවට වඩා සිරියාවේ හමුදා ශක්තිය වැඩි බව ද යුද විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

ගඩාපි මැරෙන්න පෙර ඉතාලි මිතුරාට ලියයි

ගඩාපි මැරෙන්න පෙර ඉතාලි මිතුරාට ලියයි

2011 නොවැම්බර් මස 01, චමින්ද මඩවල

source:

ලිබියාවේ හිටපු නායක කර්නල් ගඩාපි ඉතාලි අග‍්‍රාමාත්‍ය සිල්වියෝ බෙරලූස්කොනිට එවූ අවසන් ලිපියක් පැරිස් පුවත්පතක පළවිය.  ගඩාපි විසින් බෙරලූක්ස්කෝනි වෙත අරාබි බසින් එවූ ලිපියේ කොටසක් ද පළකොට තිබිණි. ගඩාපි තම හොඳම මිතුරකු වූ ඉතාලි අගමැතිට එවු ලිපිය අරඹා ඇත්තේ ‘හිතවත් සිල්වියෝ‘ යනුවෙන් අමතමිනි. ‘‘මම මේ ලිපිය එවන්නේ මෙවැනි අසීරු අවස්ථාවක මාගේ සහෝදර ජනතාවගේ උදව්වට පැමිණි ඔබේ රටවැසියන් පිරිසක් අතය. අප දෙරට අතර තිබූ දැඩි මිත‍්‍රත්වය මත ඔබගෙන් මෙවැනි හැසීරිමක් මා කිසි විටෙක බලාපොරොත්තු නොවුයෙමි. හුදෙක් මා විශ්වාස කෙළේ මෙම බිහිසුණු යුද්ධයේ දී මාගේ ප‍්‍රතිවිරුද්ධ පාර්ශවයට සහයෝගය දීමට මත්තෙන් ඔබ මා සමග කතා බස්කොට යම් එකඟතාවයකට එනු ඇති බවයි. ඔබට වගකිව නොහැකි දේ සඳහා මම ඔබට දොස් නොකියමි. එහෙත් ඔබත් ඔබේ රටවැසියාත් අප‍්‍රසාදයට පත්වන කිසිදු දෙයකට ඔබ මැදිහත් නොවනු ඇතැයි මම විශ්වාස කෙළෙමි.  මමත් මගේ  ජනතාවත් මෙම කළු පැල්ලම අමතක කොට ඔබත් ඔබේ රටවැසියනුත් සමග පෙර සම්බන්ධතාවය යළි තහවුරු කර ගැනීමට කැමැතියි.  එහෙත් ඊට ප‍්‍රථම ඔබ මැදිහත් වී මාගේ සහෝදර ජනතාවත්, නොදරුවනුත් නිකරුණේ මරා දමන ගුවන් ප‍්‍රහාර නවතා දැමිය යුතුය. එසේම යුද්ධයට සම්බන්ධ අනෙකුත් රටවල් සමග සාකච්ඡ කොට මාගේ ජනතාවට නිදහස් තීරණ ගැනීමේ අවස්ථාව සලසා දීය යුතුය. දෙවියන් විසින් ඔබ සියලූ දෙනාට නිවැරැදි මග පෙන්වා මෙම මිනිස් ඝාතන නවතා දමතියි මම බලාපොරොත්තු වෙමි.

සර්වාගමික සංකල්පයද විදේශීය ආධාර ලබන ඇන්.ජී. ඕ. වල නිර්මාණයකි

සර්වාගමික සංකල්පයද විදේශීය ආධාර ලබන ඇන්.ජී. ඕ. වල නිර්මාණයකි

source:

මේ නොබෝදා කොළඹ අගරදගුරු අති උතුම්   මැල්කම් රංජිත් කාඩිනල් උතුමානෝ සිංහල   සංස්කෘතිය සදහා පාදක වී ඇත්තේ බුදු දහම බව    ප්රකාශ කළේය. ඇත්ත වශයෙන්ම සිංහල ජනයාගේ    සිතුම් පැතුම්, ජීවන ක්රමය, කලා ශිල්ප වැනි හැම දෙයක්ම හැඩගස්වනු ලැබුවේ බුදු දහම විසිනි.

බුදු දහම මෙරටට පැමිණීමට පෙර අපේ රටේ බ්රාහ්මීය අක්ෂර ක්රමය පැවතියත් බ්රාහ්මීය අක්ෂර භාවිතය මෙරට ප්රචලිත වූයේ බුදු දහම හා සම්බන්ධ ලේඛන ආශ්රයෙනි. පසුව බ්රාහ්මීය අක්ෂර ක්රමය විකාශනය වී එය පදනම් කරගෙන සිංහල අක්ෂර මාලාව සකස් විය.

පාලි භාෂාව හා පාලි ආගමික සාහිත්‍යය පැමිණියේ බුදු දහම සමගය. ලංකාවේ ආගමික සාහිත්‍යය බිහි වූයේ ත්රිපිටකය හා එහි අටුවාවන්ගේ පරිවර්තනයන් ආශ්රයෙනි. ථේරවාදී බෞද්ධ ලෝකයේ භාෂා මාධ්‍යය වූ පාලි භාෂාව මෙරට සංඝයා වහන්සේගේ අධ්‍යයන මාර්ගය වූයේය. එකල ලංකාවට චීනය හා අග්නිදිග ආසියාවේ අනෙකුත් රටවල් සමග සම්බන්ධකම් ඇති කරගැනීමට පාලි භාෂාව බෙහෙවින් ඉවහල් විය.

මෙරට ආගමික හා සංස්කෘතික ප්රබෝධයේ උල්පත වූයේ බෞද්ධ සාහිත්‍යයයි. ජාතක කථා හෙවත් බුදුන් වහන්සේගේ පූර්ව උත්පත්ති කථා මෙරට වැසියන්ගේ සුචරිත පැවැත්මේ කැඩපත වූයේය. ලංකාවේ වෙහෙර විහාරවල හා දාගැබ් වල දක්නට ලැබෙන ජාතක කථාවල කැටයම් හා බිතු සිතුවම් මෙරට වැසියන්ට ජාතක කථාවල බලපෑම මොනවට පිළිබිඹු කරයි.

සිංහල වැසියන්ගේ සදාචාරය පිළිබදව මාර්ගෝපදේශකයා වූයේ මහා සංඝයා වහන්සේය. බෞද්ධ භික්ෂුහු ගිහියන් අතර ශික්ෂාකාමී ආචාර පද්ධතියක් පුරුදු පුහුණු කළහ. සෑම ගමකම පාහේ  පන්සලක් තිබුණ අතර එය ගමෙහි අධ්‍යාත්මික, ශාස්තීය හා සංස්කෘතික මධ්‍යස්ථානය වූයේය.  අනුරාධපුර යුගයේ මහා විහාරය හා අභයගිරි විහාරය රජුන් හා උගතුන් එකට ඉගෙනගත් විශ්ව විද්‍යාල බදු විය.
බුදු දහම  විසින් ඇති කරන ලද ශද්ධාව හේතුකොට ගෙනය ලංකාවේ සාහිත්‍ය කෘතීන්, කලා ශිල්ප හා ගොඩනැ ගිලිද නිර්මාණය වී ඇත්තේ. විහාර හා දාගැබ් , කැටයම් , බිතු සිතුවම් ආදි සෑම දෙයක්ම ධර්මය හා බැදී පැවති අතර එය බිහි වී ඇත්තේ බුදු දහමේ කීර්තිය හා ජෝතිමත් භාවය මූර්තිමත් කරනු සදහාය.

මෙරට කලා ශිල්පයන්හි දක්නට ලැබෙන විශේෂ ලක්ෂණයක් නම් ඒවායේ සරල සුගම උපශාන්ත භාවයයි. මහමෙවුනා උයනේ සමාධි බුදු පිළිමය අවුකන හිටි පිළිම වහන්සේ, අනුරාධපුර යුගයේ දොරටුපාල කැටයම්, වාහල්කඩ හා සදකඩ පහන කලා ලෝකයේ අද්විතීය නිර්මාණයන් ලෙස සලකනු ලැබේ. ඒවායේ කවර විටෙකත් සමකාලීන ඉන්දියාවේ දක්නට ලැබෙන ප්රතිරූපයන්හි මෙන් කාමුක හා කඨෝර අංගයන් දක්නට නොලැබේ. සිංහල කලා කරුවා සෑම විටම බුදු දහමේ නිර්මල හා දාර්ශනික හරයන් මගින් සංවර කරනු ලැබ ඇත.

බුදු දහම මෙරට වැසියන්ගේ ජීවන රටාව කෙරෙහි බෙහෙවින් පලපෑවේය. ඔවුන්ගේ සිතුම් පැතුම්, ආවේග ඉරියවු හා සිරිත් විරිත් පසුපස වූ බලවේගය බුදු දහම විය. බුදු දහම ඔවුන් තුල මෛත්රීය, කරුණාව අවිහිංසාව හා පරාර්ථය වැනි ආකල්ප කාවැද්දීමට සමත් විය.

අප ලංකාවාසීන් අවුරුදු 2500 කටත් වඩා පැරණි ඉතිහාසයක් ශ්රේෂ්ඨ සභ්‍යත්වයක් හා උදාර සංස්කෘතියකට හිමිකම් ලබා ඇත. මෙරට වැසියන්ගේ සංවරශීලී, ත්‍යාගශීලී හා ආචාරශීලී ගුන සමුදායන් නිසා ඔවුන් සමස්ථ ලෝක ජනතාවගේම ගෞරවාදරයට ලක්ව ඇත. මෑතදී කරන ලද පර්යේෂණයක් අනුව තුන්වන ලෝකයේ ඉතා අඩුම ආදායමක් ලබන නමුත් ආයුෂ වැඩිම කාලයක් භුක්ති විදින ජනතාවක් ලංකාවේ සිටින බව හෙළීදරව් වී ඇත. එය ලංකාවේ ජනතාව බෞද්ධ ජීවන රටාව අනුව ලද පමණින් සතුටු වී ඉතා සැහැල්ලූ ජීවිතයක් ගතකරන නිසාය. මේ නිසා අප ජනතාව බුදු දහමට වින කරන කිසිම බලවේගයක් නොඉවසනු ඇත.

එදා තම යටත් විජිතයන් කඩුවේ හා තුවක්කුවේ බලයෙන් පාලනය කළ බටහිර ජාතීහු අද නව යටත්විජිත වාදය යනුවෙන් හදුන්වනු ලද සියුම් උපක්රමයන් මගින් පෙරදිග වැසියන් තම ග්රහණයට ගැනීමට කිරියා කරති. මේ සදහා ඔව්හු අන්තර් ජාතික මූල්‍ය අරමුදල, බහු ජාතික සමාගම්, සංස්කෘතික ආක්රමණය, ඇන්.ජී. ඕ. ආයතන සහ කිතු දහමද යොදා ගනිති. එක්තරා සංස්කෘතික ආක්රමණයක් වන සර්වාගමික සංකල්පයද විදේශීය ආධාර  ලබන ඇන්.ජී. ඕ. වල නිර්මාණයකි.
සර්වාගමික සංකල්ප පළමුවෙන්ම ඉදිරිපත් කරනු ලැබුවේ විදේශීය ආධාර ලබන ඇන්. ජී. ඕ. සංවිධාන පිහිටුවා ගත් කතෝලික පියවරුන් විසිනි. ඔවුහු කිරිස්තූන් වහන්සේගේ පිළිරුව  එක් පැත්තකින්ද බුදුන් වහන්සේගේ පිළිරුව තවත් පැත්තකින්ද තබාගෙන අහස හා පොළොව මෙන් වෙනස් බුදු දහම හා කිතු දහම සමාන්තර ධර්මයන් යැයි හදුන්වමින් සැගවුනු න්‍යාය පත්රයක් අනුව බෞද්ධයන්ද තම ග්රහණයට ගැනීමට තැත් කළහ.

දෙවැනි වතිකානු  සමුළුවට (1962 – 65) පෙර කතෝලික ස්ථාවරය වූයේ එකම සත්‍ය ධර්මය කිතු දහම බවත් එයින් තොරව මනුෂ්‍ය සංහතියට ගැලවීමක් නොමැති බවය. ශත වර්ෂ ගණනාවක් තිස්සේ කතෝලික සභාව අන්‍යාගමිකයන් මිථ්‍යා දෘෂ්ටිකයන් ලෙස සැලකුවේය. කතෝලික සභාව ‘ ඉන්කිව්ශියන් ’ නමැති සංවිධානය මගින් අන්‍යාගමිකයින් අමු අමුවේ පුළුස්සා මරා දැමීමට තරම් සාහසික වූයේය.   වර්ෂ 2000 දී දෙවන ජුවාම් පාවුළු පාප් වහන්සේ  ඉතිහාසය පුරා කතෝලික සභාව කර ඇති එවැනි දරුණු අපරාධ සදහා ප්රසිද්ධියේම සමාව භජනය කර සිටි සේක.

දෙවන වතිකානු සමුළුව (1962 – 65) කතෝලිකයන් අතර අන්‍යාගමිකයන් සම්බන්ධයෙන් බලවත් වෙනසක් ඇති කළේය. එය අන්‍යාගම් වල ගැබ්ව ඇති සත්‍යයට කතෝලිකයන් ගරු කළ  යුතු බවත් ඒවායේ සංස්කෘතීන්හි ඇති සදාචාර හර පද්ධතීන් අගය කළ යුතු බවත් නිර්දේශ කළේය. එහෙත් දෙවැනි වතිකානු සමුළුව කිතු දහම විකෘති කිරීමට සහතිකයක් නිකුත් කළේ නැත.

දෙවැනි වතිකානු සමුළුව (1962 – 65) කිතු දහම අන්‍යාගමිකයන් අතර ප්රචලිත කිරීමට ඇති කතෝලික වගකීම නැවතත් සාක්ෂාත් කළ අතර  කතෝලික  සභාවේ තවමත් ස්ථාවරය වනුයේ මනුෂ්‍ය වෙස්ගත් සර්වබලධාරී දෙවියන් වහන්සේ  ක්රිස්තුන් වහන්සේ බවත් මනුෂ්‍ය සංහතියට විමුක්තිය ලබාදීමට ඇති එකම සංස්ථාව කතෝලික සභාව බවය.

මේ අතර 2004 ‘ දම්සර ’ වෙසක් කලාපයෙහි තායිලන්තයේ පළ කර ඇති ‘බුදු දහමට එරෙහිව කතෝලික කුමන්තරණය ’ ග්රන්ථයෙහි සදහන් අන්දමට කතෝලික කොටස් බුදු දහම ආක්රමණය කිරීමට යොදාගෙන ඇති ක්රම සහ විධි විස්තර කර ඇත. ඒවා අතර ඇතැම් කතෝලික පූජකයන් බෞද්ධ සංඝයා වහන්සේටත් වඩා බුදු දහම ප්රගුණ කිරීම ධම්ම සංකල්පය දෙවියන් වහන්සේට සමාන කර දැක්වීම, ජනප්රිය වී ඇති බෞද්ධ භවනා ක්රමයන්ට කතෝලික මුහුණුවරක්  දීම සංස්කෘතික උත්සවයන් සදහා කතෝලික මුහුණුවරක් දීමද වේ.
අපේ රටේ ද ඇතැම් කතෝලික පූජකයන් මේ හා සමාන ක්රමවේදයන් අනුගමන කරනු ලැබේ. ඇතැම් කතෝලික පූජකයන් අහස හා පොළොව මෙන් දුරස්ථ බුදු දහම කිතු දහම හා සමාන්තර ධර්මයන් වශයෙන් හදුන්වති. ඇතැම් කතෝලික පූජකයන් වෙසක් වැනි  බෞද්ධ උත්සව  අවස්ථා වලදී බෞද්ධ ආගමික වතාවත් කතෝලික දෙව් මැදුරු පරිශ්රයෙන් පවත්වති. තවත් කතෝලික පූජකයෝ පාස්කු වතාවත් හා සිංහල අළුත් අවුරුදු උත්සවය එකට පැවැත්වීමට යෝජනා කරමින් අළුත් අවුරුදු උත්සවය කතෝලික පිළිවෙතක් බවට පරිවර්තනය කිරීමට වෙහෙසති.

2006 මැයි 07 දින එක්තරා කතෝලික පූජකයෙක් කතෝලික ඉංගිරීසි නිල පුවත්පත වන . ‘ Mesenger’ පත්රයේ සදහන් කරන්නේ කලක් කතෝලික සභාව බුදුන් වහන්සේ ‘ ශාන්ත ජොසපාත් ’ යනුවෙන් කතෝලික සාන්තුවරයෙක් වශයෙන් සැලකූ බවය. එතුමා වැඩිදුරටත් බුදුන් වහන්සේ ගිහි රාජ සම්පත් අත්හැර යාම ක්රිස්තියානි ගුණාංගයක් ලෙස හදුන්වයි. (ගරු ඇලෝසියස් පීරිස් පියතුමා ‘ Mesenger’ 2004 මැයි 07.

බුදුන් වහන්සේ සර්වබලධාරි එකම දෙවි කෙනෙක් ප්රතික්ෂේප  කළ සේක. එමෙන්ම එතුමන් වහන්සේ ලෝකය මැවීම ප්රතික්ෂේප කළ අතර ‘ අනාත්ම ’ සංකල්පය මගින් මනුෂ්‍යයාට ආත්මයක් නොමැති බව ප්රකාශ කළ සේක. එවැනි කතෝලික මූලික පද්ධතීන් ප්රතික්ෂේප කළ බුදුන් වහන්සේ කවර කලෙකවත් කතෝලික සභාව සාන්තුවරයෙකු මෙන් සලකනු ලැබුවේ කෙසේද? එමෙන්ම සර්ව බලධාරි දෙවි කෙනෙක් ගැන විශ්වාසය තබන කතෝලික පියතුමෙක් හට කිතු දහම හා බුදු දහම සංසන්දනය කරන බුදුන් වහන්සේ කතෝලික සාන්තු වරයෙකු  කිරීම අනුමත කළ හැකිද?
අනෙක් අතට සර්වබලධාරී දෙවියන් වහන්සේ කෙනෙක් ප්රතික්ෂේප කළ බුදුන් වහන්සේ එම දෙවියන් යටතේම සාන්තුවරයෙකු  කිරීම සර්වබලධාරි දෙවියන් වහන්සේට කරන නිග්රහයකි. එමෙන්ම සර්වබලධාරි එකම දෙවියන් ප්රතික්ෂේප කළ බුදුන් වහන්සේ එම දෙවියන් යටතේම සාන්තුවරයෙකු කිරීම බුදුන් වහන්සේට කරන බලවත් අපහාසයකි.

අප කතෝලිකයන් හට මානව සංහතියේ ඒකාග්රතාවය සදහා අන්‍යාගමික උත්සවයක් සදහා සහයෝගය දිය හැකිය. එමෙන්ම වෙසක් උත්සවය සදහා දෙවි මැදුරු  පරිශ්රයේ දන්සැලක් පැවැත්වීමද අනුමත කළ හැකිය. එහෙත් මේ සියල්ල කළ යුත්තේ කිතු දහමේ මූලික පද්ධතීන්ට අගතියක් නොවන පරිදි අප අනන්‍යතාවය ආරක්ෂා කර ගනිමිනි.

එහෙත් එක් වසරක කතෝලික දෙව් මැදුරක පරිශ්රයේ වෙසක් සදහා බුදුන් වහන්සේ උපත ලැබූ විට නෙළුම් මල්වල ගමන් කිරීමේ අනුරූපයක් දක්වා තිබුණි. තවත් කතෝලික දෙව් මැදුරක වෙසක් සදහා බෞද්ධ භික්ෂු නමක් බණ දේශනා කරන ලදි. තවත් කතෝලික දෙව් මැදුරු වල වෙසක් සදහා පහන් දල්වනු ලැබේ.
එවැනි ක්රියාදාමයන් කිතු දහම විකෘති කරන අතර බෞද්ධයන්ගේ සැකයට තුඩු දෙනු ඇත. කතෝලික දෙව් මැදුරු වල සර්වබලධාරි දෙවියන් වහන්සේ ප්රතික්ෂේප කළ බුදුන් වහන්සේට පුද උපහාර දැක්වීම බුද්ධිමතුන්ගේ නොනවතින සිනාවට පාත්රවනු ඇත. හැදෙන වැඩෙන දරුවන් ව්‍යාකුල කරනු ඇත. මුග්ධයන් නොමග යවනු ඇත.

එක් කතෝලික පියතුමෙක් ඉරිදා පුවත්පතකට මෙසේ ප්රකාශ කර තිබුණි. ‘‘ තව අවුරුදු දහයක් යනකොට මිනිස්සු බෞද්ධ, කිතුනු, හින්දු, මුස්ලිම් කියල වෙනසක් නැති බව මට විශ්වාසයි. ඒ කියන්නේ අපට සිරිමා බෝධිය ළගට, නල්ලූර්, කෝවිලට, තේවත්තේ පල්ලිය ළගට ගිහිල්ල සමාධි සුවයෙන් ඉන්නට පුළුවන් කාලයක් උදාවෙනවා. ආගමේ තැන අධ්‍යාත්මයට හිමි වෙනවා. (ගරු සිරිල් ඇන්තනි පියතුමා – ලක්බිම ඉරිදා සංගරහය මැයි 16, 2004 මෙයින් සැගවුන න්‍යාය පත්රයක් ධ්වනිත වේ. එය එසේ වුවහොත් එය වැඩියෙන්ම බලපාන්නේ මෙරට සියයට 70 ක් වූ බෞද්ධ  ජනතාවටය. එය වෙනත් ආගම් වල නස්පැත්තියටත් හේතුවනු ඇත.

තවත් විදේශීය ආධාර ලබන සංවිධාන, බටහිර ව්‍යාප්තව පවතින කාමුක රටාව මෙරටද වර්ධනය කරනු දක්නට ලැබේ. ඔව්හු අනාචාරයේ යෙදීම, සම ලිංගික සේවනය හා විවෘත කාමයද සාධාරණීය කරති. ඇතැම් සංවිධාන බටහිර රටවල ඇති අසීමිත නිදහස මෙරට ස්ත‍්‍රීන්ටද ලබාදීම ස`දහා ගම් නියම්ගම් වලට ගොස් කාන්තාවන් උසිගන්වති. මෙරට පවුල් සංස්ථාව සුනු විසුනු කර දැමීමට උඩගෙඩි දෙති.

එක් බෞද්ධ ලේඛකයෙක් තවත් කූට සැලැස්මක් හෙළිදරව් කරන්නේ මෙසේය. ‘‘ පල්ලි කුට්ටම්කාරයෝ අප තරුණ තරුණියන් පමණක් නොව සමහර විට සංඝයා වහන්සේලා පවා ඈත එපිට රටවලට ගෙනගොස් සම්මන්ත‍්‍රණ පවත්වන නියායෙන් ඒ අයට ඉනා බේත් කවති. එක් සම්මන්ත‍්‍රණයකට සහභාගී වීමෙන් පසුව එහිදී ලැබෙන රස නහර පිනායන කෑම බීමද විස්කිද සුව`ද වහනය වන ඩොලර් නෝට්ටුද සුන්දර මිතුරු මිතුරියන්ද ඊ ළ`ග සම්මන්ත‍්‍රණයේදී ලැබෙන්නේ නම් එයට ලැබෙන ආරාධනය ප‍්‍රතික්ෂේප කළ හැක්කේ කාටද? ’’ (ආචාර්ය හරිස්චන්ද්‍ර විජයතුංග – මාර සෙනගගේ හා දේවදත්තයන්ගේ වැඩ – 2003 – 22 පිටුව*
අද බටහිර රටවල සදාචාරය බෙහෙවින් පිරිහී ඇත. කිතු දහම දික්කසාදය පිටු දකින නමුත් බටහිර ක‍්‍රිස්තියානි රටවල පෙරදිග රටවලට වඩා බෙහෙවින් දික්කසාද දක්නට ලැබේ. එම රටවල විවාහකයින් අනාචාරයේ හැසිරීම, එතරම් ගණන් ගතයුතු දෙයක් හැටියට සලකනු නොලැබේ. යුරෝපයේ කතෝලික රටවල පවා පිරිමින් හා ගැහැණුන් නිර්වස්තරව එකට ගැවසෙන පිහිනුම් තටාකයන් ඇත.
ලංකාවේ සදාචාරය බටහිර කාම භෝගී රටවල තරම් පහතට වැටී නැත. මෙහි පවුල් සංස්ථාව  තවමත් ආරක්ෂා වී ඇත. අප සාර්ධර්ම බටහිර රටවල මෙන් පිරිහී නැත්තේ බෞද්ධ දර්ශනයේ දක්නට ලැබෙන සංවරවූත් සංසුන්වූත් ජීවන රටාව නිසාය. අප රටේ කතෝලික ප්රජාවේද සදාචාරය බටහිර කතෝලික රටවල මෙන් තවමත් පහතට නොවැටී ඇත්තේ අප රටේ දක්නට ලැබෙන බෞද්ධ වටපිටාව නිසාය.
අපේ කතෝලික ජනතාවද බටහිරෙන් පැමිණෙන විශම ආකල්පයන්ගෙන් කිතුදහම රැකගැනීමට උත්සුක විය යුතුය. මෙරට අන්‍යාගමිකයන්ද විශේෂයෙන් බෞද්ධයන් සර්වාගමික සංකල්පය නමැති වෙස් මුහුණ පැළදගෙන මිතුරු වෙසින් පැමිණෙන බලවේගයන්ගෙන් තම ආගම සහ සංස්කෘතිය රැකගැනීමට පියවර  ගත යුතුය.

හිටපු මහාධිකරණ විනිසුරු ලෙස්ලි ප්රනාන්දු

අසව් අසව් අනුරාධපුර මහමෙව්නාවේ මුස්ලිම් පල්ලියක් !

අසව් අසව් අනුරාධපුර මහමෙව්නාවේ මුස්ලිම් පල්ලියක් !

source :Posted on August 4, 2011 by Dhamsara News

අනුරාධපුර පූජා නගරයේ ජය ශ්‍රී මහ බෝධීන්වහන්සේ සහ දක්ෂිණ ස්ථූපය අතර රහසිගතව මෑතකදී ඉදිකරන ලද කුඩා මුස්ලිම් පල්ලියක් හමුවී ඇත.පූජා භූමි නවීකරණය යටතේ ආරක්ෂක හමුදා මගින් ඒ අවට ලදු කැලෑ එළිපෙහෙලි කිරීමේදී හමුවූ මෙම මුස්ලිම් පල්ලිය අනුරාධපුර නගරය අවට මුස්ලිම්වරුන් විසින් ඉතා රහසිගතව තම ආගමික කටයුතු සදහා භාවිතා කර ඇතැයි ආරංචි මාර්ග පවසයි.ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතා නොකිරීමත්, ප්‍රමාණයෙන් කුඩා වීම නිසාත්, පල්ලිය ලදු කැලෑවක් අතරේ පිහිටා තිබීම නිසාත් මෙය මෙම පල්ලිය මෑතක් වනතුරු කිසිවෙකුගේ ඇස ගැටී නොමැති සෙයකි.

ක්‍රි.පූ. 483 තරම් ඈතට දිවෙන ඉතිහාසයක් ඇති අනුරාධපුර නගරය, පූජා නගරයක් බවට පත්වූයේ “අනුරාධපුර සංරක්ෂණ පනත” මගින් 1949 දීය. තවද පුරා වස්තුවලින් පොහොසත් මහමෙව්නා උයන ඇතුලු ප්‍රදේශ ගණනාවක් පුරාවිද්‍යා රක්ෂිත ලෙස නම්කර ඇත.අනුරාධපුර, පූජා නගරයක් කිරීමෙන් පසුව ඉදිකෙරී ඇති මෙම පල්ලිය, පුරාවිද්‍යා දෙපාර්තමෙන්තුවේ සහ අටමස්ථානාධිපති හිමියන්ගේ අනුදැනුමකින් තොරව ඉදිකෙරුනේ කෙසේද යන්න තවමත් නොවිසිදුනු ප්‍රහේළිකාවකි.තවද මෙම පල්ලියට නව ගොඩනැගිල්ලක් මේ දිනවල ලහි ලහියේ ඉදිවෙමින් පවතින බවත් ඒ සදහා පලාතේ ආරක්ෂක නිලධාරියෙකුගේ පූර්ණ රැකවරණය ලැබෙන බවත් විශ්වාසවන්ත ආරංචි මාර්ග වලින් දැනගන්නට ලැබිනි.පූජාභූමි නවීකරණ සංකල්පය යටතේ මෑතකදී ඉදිකෙරුනු කුඩා පරිමාණයේ පන්සල් පවා ජූජාභූමි සිමාවෙන් ඉවත් කල යුතු බවට ගෙන ආ යෝජනාව ඉහලින් පිළිගත් අටමස්ථානාධිපති හිමියන්ට මෙම මුස්ලිම් පල්ලිය නොපෙණුනේ කෙසේද?පූජාභූමි සංරක්ෂනය සදහා වෙනමම අමාත්‍යංශයක් පිහිටුවා ඇති මේ බෞද්ධ රටේ බෞද්ධ පූජා නගරයක මුස්ලිම් පල්ලියක් ඉදිවන්නේ කෙසේද යන්න අපගේ දෙවන ප්‍රශ්ණයයි.පුරාවිද්‍යා රක්ෂිතයක හිතුමතේට අනවසර ගොඩනැගිලි ඉදිවන්නේ කෙසේද යන්න මෙහිදී පැණ නගින තෙවන ප්‍රශ්ණයයි.ඉතා සූක්ෂම ලෙස මුස්ලිම් පල්ලියක් දඹදිව බුද්ධගයාවට ආසන්නයේද අටවා ඇති බවත් එහි ශබිද විකාශන යන්ත්‍ර මගින් එම පල්ලියේ යාඥා විසුරවාහැරීම මගින් බුද්ධගයාව වැද පුදා ගැනීමට පැමිණෙන බෞද්ධයින්ට විශාල හිරිහැරයක් වන බවත් දඹදිව වන්දනාවේ ගිය බැතිමතුන් හොදින් දනී.දඹදිව බුද්ධගයාවේ ඇති එම තත්වය අනුරාධපුර ශ්‍රී මහ බෝධිය දක්වා පැතිරෙන තුරු අදාළ බලධාරීන් සහ නිළධාරීන් උපේක්ෂා සහගතව බලා සිටින්නේද?අටමස්ථානාධිපතිහිමියනි, මෙය ඔබවහන්සේගේත් පූජාභූමි සංරක්ෂණ ඇමතිතුමාගේත්, පුරාවිද්‍යා අධ්‍යක්ෂක ජනරාල්තුමාගේත් නිසි අවධානය පිණිසයි.

සියවසක සියපත බළන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මහනාහිමියෝ

සියවසක සියපත බළන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මහනාහිමියෝ
source:
ගැඹුරු කළල් දිය මත පිපී හිනැහෙන නෙළුමක දසුන සොඳුරු ය. ඒ දසුන ඇස මතු නොව සිත ද සනසාලයි. පහන් කරයි. සියපත සුවඳ මඳ හා මුසුව දසත දසදිග විහිදේ. ඒ සිනිඳු පෙති අතුරෙහි සැඟවුණු මියුරු රොන් දිය නිර්ලෝභීවම බිඟුන් මන දොළ සපුරයි. පසුව එකිනෙක පරවී නිල් දිය තලය වැළඳගන්නා මල්පෙති සදාතනික ලෝ දහමක අරුත කියයි.

ලෝභයෙන් ඇලෙමින්, ද්වේශයෙන් ගැටෙමින්, මෝහයෙන් මුලාව සසර සරණා පුහුදුන් දනා අතුරෙහි කලාතුරකින් උඩුගම් බලා යාත්‍රා කරනා බුදු සව්වෝ පහළ වෙති. උන්වහන්සේලාගේ දර්ශන මාත්‍රය පවා පුහුදුන් සිත් සුවපත් කරයි. නිවා සනසයි. එවන් ලොව්තුරු ගමනක පිය සටහන වූ කලී අඳුර වියරු වූ විජිතයට ගලනා සඳ කත් දියකි. ඒ සඳ වතුරින් දහස්‌ දනන් හද නිවී සැනැහේ.

අපවත් වී වදාළ බළන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මහනායක මාහිමියන් වහන්සේද ඒ සුපිළිපන් බුදු සව් මග යළි යළිඳු පෙහෙළි කළ අජානේය පුරුෂ රත්නයකි. එය අතිශයෝක්‌තියක්‌ හෝ හුදු පුද්ගල වර්ණනාවක්‌ නොව අනඳ මෙත් බෝසත් සිරිත නුවණින් විමසන්නෙකුට මැනැවින් පසක්‌ වන්නකි. ඉසි කෝ මද මානාදියෙන් දුගඳ ම විහිදෙන ලොවක එවැනි සුවඳ විහිදෙන චරිතයක්‌ පිළිබඳ නැවත සාකච්ඡා විය යුතු කාලය එළඹ ඇතැයි සිතේ.

ඉකුත් සියවස පුරාම පහළ වූ මහරු මහනීය යතිවර චරිත කීපයම පරහිත සාධනීය චරණය අපට හඳුනාගත හැකිය. වජිරාරාමාධිපතිවැ වැඩ විසූ අතිපූජ්‍ය පැළෑණේ සිරි වජිරඥන මහනායක මාහිමි, විදුදය සරසවිය බිහි කළ අතිපූජ්‍ය වැලිවිටියේ සෝරත නායක හිමිපාණෝ, අග්ගමහාපණ්‌ඩිත අතිපූජ්‍ය බළන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මහනාහිමිපාණේ, රේරුකානේ චන්දවිමල මහනාහිමිපාණන්, මඩිහේ පඤ්ඤාසීහ මහනාහිමිපාණේ ආදී මහ තෙරවරු ඒ අතර වෙති. මේ යුග කාරක මහතෙරුන් වහන්සේලා අපිස්‌ සතොස්‌ පැවිදි කිස මේ යෑයි ලොවට දක්‌වා සිය ඓතිහාසික මෙහෙවර නිමාකොට එහි සුවඳ පමණක්‌ම ඉතිරිකොට අපවත් වී වදාළහ.

සබරගමුවේ කඳු පංතිවලින් වටවු බළන්ගොඩ කිරිඳිගලදී 1896 අගෝස්‌තු 24 වැනිදා අප මහනාහිමියන්ගේ උපත සිදුවිය. පැවිදි වීමෙන් අනතුරුව උන්වහන්සේ ගුරු ඇසුරේ පන්සලේම අධ්‍යාපනය ලදහ. වසර නවයක්‌ පුරා උන්වහන්සේ රාත්‍රියට සැතපී ඇත්තේ පැය දෙකහමාරයි. දන් වැළඳීමට, බුදුන් වැඳීමට හා වත් පිළිවෙත්වලට හැරුණු කොට ඉතිරි මුළු කාලයම අධ්‍යාපනයට වෙන් විය. උදේ ආහාරය ලුණු කැඳ කෝප්පයක්‌ පමණය. එයින් සෑහී ඉගෙනුම අරඹයි. සවසට දවස පුරා කට පාඩම් කළ දෑ සියල්ල ගුරු හිමියන් පාමුල හිඳ මතකයෙන් කියාගෙන යා යුතුය. ඉතා සාවධානව එයට ඇහුම්කන් දෙන සීලානන්ද මහ තෙරණුවෝ වරදින සෑම තැනක්‌ම නිවැරැදි කළහ. පෙළ බස කටට හුරු කිරීම සඳහා උන්වහන්සේ සිය අතවැසි සිසුන් හා පාලියෙන් වාද විවාද කළහ. භාෂා ශාස්‌ත්‍රයන්හි ඉතා සියුම් තැන් පවා සිය අතවැසි සිසුනට කියා දුන්හ. උදාහරණ ලෙස සිදත් සඟරා කතුතුමන්ගේ දුර්වලතා පවා උන්වහන්සේ පෙන්වා දුන්සේක. උන්වහන්සේ කුමරතුඟු වියරණ මග සතතයෙන්ම පිළිගත්තේ සිය සියුම් දැනුමට පවා එය සාකල්‍යයෙන්ම එකඟ වූ බැවිනි. ඒ බව සිය සිසුනට ද කියා දුන් බව මහනාහිමියන් මහත් ගුරු බැතියෙන් සිහිපත් කර ඇත.

බළන්ගොඩ මහනායක හාමුදුරුවන් ලද අධ්‍යාපනයේ වටිනාකම විශද වන්නේ උන්වහන්සේගේ පසුකාලීන ජීවන චරිතය අධ්‍යයනය කිරීමේදීය. උන්වහන්සේ අටවක මැණිකක්‌ සේ බැලූ බැලූ අතින් බබළන්නේ මේ නිසා විය යුතුය. 1953, 1954 වර්ෂවල බුරුමයේ පැවැති ඡට්‌ඨ මහා ධර්ම සංගායනාවේ උත්තර මණ්‌ඩලයේ සාමාජික ධුරය ද පසුව එහි මුලසුන ද උන්වහන්සේ විසින් දරන ලද්දේ එම භාරදූර වගකීම් දැරූ පඬිවරුන්ට සාපේක්‍ෂව අඩු වයසක දීය. ත්‍රිපිටක සංශෝධන පිළිබඳ කටයුතුවලදී බුරුම හා සියම් පඬිවරු සමග විවිධ කරුණු පිළිබඳව කළ තර්ක විතර්ක කරුණු දැක්‌වීම්වලදී අවසානයේ උන්වහන්සේ සහේතුකව ඉදිරිපත් කළ මතයම පිළිගැනීමට ලක්‌ වූ බව ආනන්ද මෛත්‍රෙය චරිත කතාවෙහි සඳහන් වේ. අවසානයේ උන්වහන්සේ ප්‍රකට කළ අසහාය පාණ්‌ඩිත්වය පිළිබඳව අතිශය ප්‍රසාදයට පත් බුරුම රජය උන්වහන්සේට “අග්ගමහාපණ්‌ඩිත” උපාධිය පිරිනැමීය. කිසි දිනක පිරිවෙනකට නොගිය උන්වහන්සේ බළන්ගොඩ ධර්මානන්ද පිරිවෙන ආරම්භ කොට එහි පරිවේණාධිපති ධුරය ඉසිලූයේ තිස්‌ හතරවැනි වියේදීය. කිසි දිනක විශ්වවිද්‍යාලයට ඇතුළුවීමක්‌ තබා බාහිර උපාධියක්‌වත් නොහදාළ උන්වහන්සේ 1959 ඇරඹුණු විෙද්‍යාaදය විශ්වවිද්‍යාලයේ ආරම්භක මහාචාර්යවරයෙකු විය. එහි මහායාන බුද්ධ ධර්ම අධ්‍යයන අංශයේ අංශාධිපතිවරයා වූහ. පසුව එහිම උපකුලපතිවරයා වූහ. පිරිවෙන් නොගිය උන්වහන්සේ ලියූ කෘති පිරිවෙන්වල නිර්දේශීත ග්‍රන්ථ බවට පත්ව ඇත. සරසවි නොගිය උන්වහන්සේගේ කෘති අදටත් සරසවිවල නිර්දේශීත කෘති බවට පත්ව ඇත. දිලෙන අටවක මැණිකක්‌ සේ ශාස්‌ත්‍ර පිළිබඳව ද ඉංග්‍රීසි, හින්දි ආදී ප්‍රාචීන භාෂා ශාස්‌ත්‍ර පිළිබඳව ද ඉංග්‍රීසි, ප්‍රංශ ග්‍රීක්‌, ලතින් ආදී ප්‍රාචීන භාෂා පිළිබඳව ද විශාරද දැනුමකින් යුතු වූහ. එම අසහාය පාණ්‌ඩිත්වය පැහැදිලිවම එක්‌ භවයක ප්‍රතිඵලයක්‌ විය නොහැකිය. උන්වහන්සේ භව ගණනක්‌ පුරා පුහුණු කළ මහා දැනුම් කෝෂයක මුහුකුරා යාමක්‌ම විය යුතුය. කෙසේ නමුත් තමන් නියෝජනය කරන ක්‍ෂේත්‍රය පිළිබඳවත් නිසි අවබෝධයක්‌ නොමැතිව පාලුගෙයි වළං බිඳින්නා සේ විචාර විවේචන කරන පුහු පණ්‌ඩිතයන්ගෙන් පිරි ලොවක උන්වහන්සේ අස්‌වනු පිරි බිමටම බර වූ වී කරලක්‌ සේ නිහඬව සිය දැනුම දානය කළ සේක.

උන්වහන්සේගේ චරිතයෙහි තවත් විශේෂ ලක්‍ෂණයක්‌ නම් සාම්ප්‍රදායිකත්වය හා නූතනත්වය එකට කැටිකොට ප්‍රතිමූර්තිමත් කළ බවයි. අතිශය සාම්ප්‍රදායික භික්‌ෂූන්වහන්සේලා ඉතා ඈත අතීතයේ පටන් අරණ්‍යවාසී භික්‌ෂූන් ලෙස හුදකලාව සිය විමුක්‌ති සාධනය උදෙසා වෙහෙස වූහ. මහනුවර යුගයේ සසුන දරුණු ලෙස පිරිහීමට ලක්‌ වූ අවධියක මෙම සාම්ප්‍රදායික විමුක්‌තිකාමී භික්‌ෂූ පරමාදර්ශය යළි විද්‍යමාන වන්නේ වැලිවිට සරණංකර සංඝරාජයන් වහන්සේගෙනි. උන්වහන්සේගෙන් පසුව නූතන යුගය තුළ එක්‌ තනි භික්‌ෂු පරපුරක්‌ සාම්ප්‍රදායිකත්වය හා නූතන සංකල්ප එකට කැටිකොට විමුක්‌තිකාමී භික්‌ෂු පරමාදර්ශයට අල්ප මාත්‍රයකුදු හානියක්‌ නොකොට භික්‌ෂූත්වය ආදර්ශනය කළෝ නම් ඒ පැළැණේ වජිරඥන මහ නාහිමියන් බම්බලපිටිය වජිරාරාමය මුල්කොට ඇරඹි වජිරාරාම සඟ පරපුරය. එම වජිරාරාම සම්ප්‍රදාය සෙවණෙහි එයටම තත්පරව මඩිහේ පඤ්ඤාසීහ, අම්පිටියේ ශ්‍රී රාහුල, කොටහේනේ නාරද, කොටහේනේ පියදස්‌සි, වැලිගම ඥානරතන, පඹුර මෙත්ෙත්‍යය, සෝම ෙ€මින්ද ආදීන වජිරාරාම සඟ පරපුර තුළින්, එම ලක්‍ෂණය ආදර්ශනය කරන භික්‌ෂුන් වහන්සේ සොයා ගැනීම අදට ද අපහසු නැත. නමුත් එම සම්ප්‍රදායෙන් බැහැරව පරමාදර්ශී භික්‌ෂූත්වයේ ලක්‍ෂණ වු සම්ප්‍රදායික භාවය හා නූතන සංකල්ප ඉතා සාර්ථකව සංකලනය කරගනිමින් සිය විමුක්‌තිකාමී භික්‌ෂු පරමාදර්ශයට අබැටක හෝ පසුගාමී බවක්‌ ඇති කර නොගත් සංඝ පීතෲන් වහන්සේ නමක්‌ බිහි වී නම් ඒ පැහැදිලිවම බළන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මහනායක මාහිමියන් වහන්සේය.

උන්වහන්සේ ව්‍යක්‌ත ය. විනීත ය. විශාරද ය. බහුශ්‍රැතය. ධර්මධර ය. ධර්මානු ධර්ම ප්‍රතිපන්නය. අග්ගමහාපණ්‌ඩිත සාහිත්‍ය ශූරී, සාහිත්‍ය චක්‍රවර්ති, සම්මාන ආචාර්ය උපාධි ආදිය ලදහ. බුරුම රජය විසින් ලංකා ඉතිහාසයේම ප්‍රථම වරට පිරිනැමුණු “අභිධජ මහා රට්‌ඨගුරු” උපාධියෙන් හා සංඝරාජ ධුරයෙන් පිදුම් ලද්දාහ. උන්වහන්සේ මුළු මහත් බෞද්ධ ලෝකයටම සංඝරාජ මානව වැඩහුන් සේක. නමුත් උන්වහන්සේ ඒ සියල්ල සිනහවෙන් ඉවසා මොළකැටි ළදරුවෙකු සේ අහිංසකවම පසු වූහ. තරාතිරම නොබලා ඕනෑම අයෙකු හා ප්‍රියශීලී වූහ. ගී්‍රස්‌මයෙහි තමා තැවෙමින් ද, වර්ෂාවේ තමා තෙමෙමින් ද බොහෝ දෙනාට සෙවණ සාදන මහා වෘක්‌ෂයක්‌ සේ උන්වහන්සේ බහුජන හිතසුව පිණිසම කැප වූහ. ලෙඩ ඇඳෙහි වැතිරගන්නා තෙක්‌ම දුගී දුප්පත් දනන් කෙරේ කරුණාවෙන් ගම් දනව් පුරා පිඬු සිඟා වැඩියහ. අසරණයන්ට මතු නොව තිරිසනුන්ට පවා සියතින් උවටැන් කළහ. සිය ඇඳි වත පවා බොහෝ වාරයන්හි දන් දුන්හ. උන්වහන්සේගේ හදවත නෙළුම් මලක්‌ සේ පිවිතුරු වීය. එයින් මනුෂ්‍යත්වයේ ගුණ සුවඳම විහිදිණි. ඒ ගුණ සුවඳ අසිරිමත් ය. එය සිහිපත් වන විට දැනෙන්නේ බෝසත්වරයෙකු පාමුල සිටිනා සෙයකි.

කොතරම් වියත් වුවද, පණ්‌ඩිත වුවද, බුහුමන් උන්වහන්සේ පැවිදි වූ දින සිට අපවත් වන තුරු අත් නොහළ දෙයක්‌ විය. ඒ තමන් වහන්සේගේ පැවිද්දෙහි මූලික අරමුණයි. “සබ්බ දුක්‌ඛ නිස්‌සරණ නිබ්බාණ සච්ඡකරණත්වාය” සියලු දුක්‌ නැති කොට නිවන් පිණිසම වූ පැවිද්ද, ඒ මුඛ්‍ය අරමුණින් බොහෝ දුර ඉගිලෙන ලොවක උන්වහන්සේ සිය අරමුණ මතම රැඳී උන් සේක. ඒ නිසාම කලින් කල හුදකලා වූහ. කොතරම් කාර්ය බහුල වුවද කොහි සිටියේ වුවද භාවනාව අත් නොහළහ. උන්වහන්සේගේ භාවිත මනස අවසාන කාලය වන විට කුමන තරමේ දියුණුවක්‌ ලබාගන්නට ඇත්දැයි යන්න උපකල්පනය කිරීම අපට තරම් නොවේ. නමුත් සතතයෙන්ම උන්වහන්සේ ලෞකිකත්වයට සමු දී මිටින් හළ කුරුල්ලෙකු සේ නිදහස්‌ අවකාශය දෙසටම පියාසර කළ සේක. නිවුණු මගක සුවය මේ මේ යෑයි අපට ද කියා දෙමින් උන්වහන්සේ නිවුණු සැනසුණු මගක වැඩි සේක. අවසානයේ තමන් වහන්සේ මේ භවයෙහි ලද කායික ප්‍රතිලාභයට සමු දී 1998 ජුලි 18 වැනි දින අපවත් වී වදාළ සේක.

මේ උන්වහන්සේගේ 115 වැනි ජන්ම සමරුවයි. ඉකුත් සියවස පුරා සුවඳ බෙදා හළ මහනීය සියපතෙහි සුවඳ තවම දැනේ. නමුත් මේ සියවස සුවඳ කරන්නට තව තවත් සියපත් පිපිය යුතු පිනි කැට ඉහිරෙන හිමිදිරිය එළඹ ඇත. සිය හෙට දවස උදෙසා යුග පුරුෂයන් අයදින මොහොතයි.

මීගොඩ සුඛිත හිමි
සිරි වජිරාරාමය, බම්බලපිටිය

Categories

Different countries have visited this site

Free counters!