//

Buddhism

This category contains 49 posts

බුදු දහම පිට සක්වලින් සොයා ගැනේ ….

බුදු දහම පිට සක්වලින් සොයා ගැනේ ….

Published On Tuesday, August 14, 2012 source:

කළු කුහර හා ආකාශ වස්තූන් පිළිබඳව අති විශේෂඥ මහාචාර්ය ස්ටීවන් හෝව්කින්ස් මහතා පවසන අන්දමට මේ ග්‍රහ ලෝකයෙන් පිට, මේ සෞර ග්‍රහ මණ්ඩලයෙන් පිට, මේ චක්‍රාවාටයෙන් පිට අපට වඩා නැණින්, බෙලෙන් දියුණු ජීවිහු සිටින බව සනාථ වී තිබේ. මේ නව සොයා ගැනීම් ඔස්සේ ලද, ඇමරිකා එක්සත් ජනපදය ලොවට හෙළි නොකරන, ඔබගේ කෙස් කෙළින් සිටුවිය හැකි රහසක්ද ඇත.

ඇමරිකා එක්සත් ජනපදයෙහි, නෙවාඩා ප්‍රාන්තයෙහි,ලාස් වේගාස් අග නගර බල ප්‍රදේශයෙහි, මොජාවේ නම් මරු කතරක ඇති අතිශය සංකීර්ණ එක්සත් ජනපද ගුවන් හමුදා කඳවුරු සංකීර්ණයකි, “එඩ්වර්ඩ්ස් ගුවන් හමුදා කඳවුර”

මෙම ගුවන් හමුදා කඳවුරෙහි සේවක සංඛ්‍යාව මේ වනවිට 3,000-3,500 ත් අතර වෙතැයි ගණන් බලා තිබේ. මේ සේවකයන් සියළු දෙනා එක්සත් ජනපදයට ඉතා තදින් ආදරය කරන දේශ ප්‍රේමීන් අතුරින් තෝරා ගත්තවුන් වන අතර ඔවුහු, ඔවුන්ගේ දරු පවුල් සමඟම මෙම කඳවුරෙහිම වෙසෙති. ඉන් පිටව යාම ඔවුන් බහුලව නොකරන අතර එම කඳවුරෙහි සේවයට බැඳෙන්නෝ සිය නෑ, හිත මිතුරන්ගෙන්ද වෙන්ව තම පවුලටම පමණක් සීමා වූ ගුප්ත ජීවිත ගත කරති..

මෙම කඳවුරට එහි පනස් පස් වසරක ඉතිහාසය පුරා පට බඳින ලද අනවර්ථ නාමයන් ගණන 27 ක් පමණ වේ. එනමුත් වැදගත් වන්නේ ඉන් එකදු නාමයක් වත් නොවේ.ඊට ඔබ අප කවුරුත් හොඳින් දන්නා සුප්‍රකට අනවර්ථ නාමයක් ඇත. ඒ “51 වැනි කළාපය” නොහොත් “ඒරියා 51″ යන නාමයයි. (Area 51)

ඒරියා 51 යනු හුදෙක් ජනප්‍රිය චිත්‍රපට හෝ මාලා නාටක වල එන සංකේතමය වටිනා කමක් ඇති මුසාවක් වත්, නො එසේ නම් විශ්ව රහස් පසු පස යන දැනුම පිපාසිතයන්ගේ සිත් හි මැවෙන “ෆැන්ටසියක්” වත්, ජනප්‍රිය සංස්කෘතියේ නව නිර්මාණ ලක්ෂයක් වත් නොවේ. සැබවින්ම ඇමරිකානු යුධ කේන්ද්‍රස්ථාන අතර ප්‍රමුඛ මෙහෙයුම් කේන්ද්‍රයක් ලෙස එවැන්නක් පවතියි. මෙය ඇමරිකානු “අභ්‍යාවකාශ ආඥා දායකයේ” (United States Space Command)නියෝග මත “තහනම් ගුවන් කළාප අංක 4808″(Restricted Flight Zone R4808) ලෙස සිවිල් හෝ “සාමාන්‍ය” ත්‍රිවිධ හමුදා ගුවන් යානා වලට පිවිසුම ඇසිරූ කළාපයක් කොට ඇත.

මා මෙම කඳවුර ගැන සැකෙවින් ඔබට විස්තරයක් ගෙන ආවේ පෙර කී “කෙස් කෙළින් සිටුවන රහස” මෙම කඳවුර තුළම ලොවින් සඟවා ඇත්තක් බැවිනි. එහෙත් අනෙක් සෑම ශිෂ්ඨාචාරය සොලවන රහසක් මෙන්ම මේ රහසද සියළු විදුලි ආරක්ෂක පද්ධතීන්, සියළු CCTV කැමරා, සියළු M-16 රයිෆල, සියළු පරිගණක නිරීක්ෂණ පද්ධතීන්, මැඩගෙන මහ ජන සවනට කාන්දු වී තිබේ..එවැනි රහස් සඟවා තැබීම කිසි විටකත් සිදු කළ නොහෙන්නේ ඇයි දැයි ඔබට මෙය කියවන විට වැටෙහෙනු ඇත..

මෙකී රහස් කඳවුර තුළ පිටසක්වළ අතිශය බුද්ධිමත්, තාක්ෂණයෙන් අපට වඩා ගව් ගණනක් ඉදිරියෙන් සිටින ජීවී වර්ග හා ඇමරිකානු රාජ්‍යාධිකාරීන් මුණ ගැසෙන බව සැබෑවකි. හිටපු මධ්‍යම රහස් ඔත්තු සේවා අධිපතීහු පවා මේ ගැන සිය විශ්‍රාමික දිවිය අතර තුර සමීපතමයන්ට හෙළි දරව් කොට තබා මෙලොවින් නික්ම යන්නට වග බලා ගත්හ. මෙවැනි හමු වළදී හෙළි දරව් වූ විශ්ව රහස් දහස් ගණනක් වුවද ඉන් ඔබට වැදගත්ම රහස වන්නේ මෙයයි…

“පිට සක්වළ ජීවිහු අතර “දුර බැහැර ග්‍රහ ලොවක ඉපිද, ජීවන චක්‍රය හා ඉන් මිදීම ගැන මාර්ගෝපදේශකත්වය දුන් මහා පඬි රුවණක් සරණ ගිය කොට්ඨාශයක් වෙති. ඔවුහු අසම සම මානසික ශක්තීන් අතිශයින් බල සම්පන්න ජීවිහු වෙති. සිය දේශක නායකයාට ඔවුහු “තත්ථාගහ්” (Thaththaggah) සහ “නීදෝක්” (Needhok) යන නාමයන්ගෙන් අමතති…”

මේ කියන්නේ මේ චක්‍රාවාටයෙන් ඔබ්බෙහි ග්‍රහ ලෝක වල සිටින බුදුන් සරණ ගිය “විශ්ව බෞද්ධ” ප්‍රජාවක් ගැන නොවේද?……( ඒරියා 51 වෙතින් හෙළි වූ ආර්ථික, තාක්ෂණික රහස් සිය ගණනක් ඇතත්, මෙවැනි “ආගමික” රහසක් ඒරියා 51 වෙතින් පිටතට කාන්දු වී බොහෝ රහස් අතර වෙනත් නැත. වෙනත් කිසිදු “පෘථිවි” ආගමික දර්ශණයක් තමන් හඳුනතැයි ඔවුන් පවසා නැත..මේ එවැනි රහසක් ලොවට කාන්දු වූ පළමු අවස්ථාවයි )

බුදු පියාණන්ගේ විශ්වනීයත්වය…..

“තථාගත” යනු සිදත් සඟරා ඇජරනට අනුව “‍යථා ගත” හෙවත් “සත්‍ය ගාමී වූ” යන්නය. නො එසේ නම් ” සත්‍ය මඟ පිළිපන්” යන්නය. බුදු පියාණෝ දෙවියන් උදෙසා, බඹුන් උදෙසා, අමනුෂ්‍යයෝ උදෙසා මෙන්ම සකළ විධ විශ්ව ජීවීහු උදෙසා කරන ලද සූත්‍ර දේශානායෙහි බොහෝ කොට තමන් වහන්සේ හඳුන්වා ගත්තේ මේ “තථාගත” යන නාමයෙනි. උදා: අමනුෂ්‍ය බල පෑමෙන් වේශාලිය මුදවා ගනු වස් කළ රතන සූත්‍රයෙහි “තථාගතන් දේව මනුස්ස පූජිතං” යනුයෙන් සඳහනක් කළ සේක.

තවද මේ නමින් උන් වහන්සේ විශ්ව ප්‍රචලිත බවට කදිම නිදසුන් වන්නේ “ධජග්ග පරිත්තයෙහිද”, “ආටානාටිය පරිත්තයෙහිද”,”මහා මංගල සූත්‍රයෙහිද”, ” අනාගත වංශ දේශනායෙහිද” බණවර කථායෙහි සක් දෙව් රජු, සහම්පතී මහ බඹු, වෙසමුණි යක් රජු, සතරවරම් දේවතාවෝ ඇතුළු බොහෝ භගවත් ඇසුර ලද නොමිනිස් ජීවිහු උන් වහන්සේ ඇමතීමටද “තථාගත නාමය” ම යොදා ගෙන තිබීමය.

එසේ නම් “තථාගත” නාමය මෙ සක්වා තළයෙන් බැහැර වෙසෙන ජීවින් සිය මහා ගුරුවරයා හඳුන්වනු ලබන “තථාග්ගහ” නාමයමය. අප “බුද්ධ” ලෙසින් අමතන විශ්ව ගුරුවරයාණන් ගේ පිට සක්වළ සිසූහු උන්වහන්සේ හඳුනන්නේ මෙපරිද්දෙන් විය හැක.

දැන් "නිදෝක්" නාමය ගෙන බලමු.

බුදු පියාණන්ට ඇති සමානාර්ථ නාම 1018 අතුරින් තවත් අතිශය ජනප්‍රිය නාමයකි “නිදුක්ඛ” යන නාමය..අප බුදු රදුන්ට “නිදුකාණන් වහන්සේ” යැයි අමතන්නේද මෙහෙයිනි. පාලි බසට සහ සිදත් සඟරා විවරණයට අනුව “නි” නම් “වැරූ හෙවත් වැනසූ” යන්නය. “දුක්ඛ” යන්න එහි අර්ථයටම යෙදේ..එනයින් “නිදුකාණෝ” යනු දුක විනාශ කර දමා ජය ගත් තැනැත්තාණන් වහන්සේය.

දැන් ආටානාටිය බණවරය ගෙන බලන්න..එහිදී වෛශ්‍රවණ දිව්‍ය රාජයා තිලෝගුරු පාද මූලයෙහි සිට උන්වහන්සේව මෙලෙස අමතයි..

“නිදුකාණන් වහන්ස, ඒ රජ හට ආකාශ තලයේ (Outer Space) ආටානාට, කුසිනාට, පරකුසිනාට, නාටපරිය, පරකුසිතනාට නම් පුරවරයෝ වෙති. නිදුකාණන් වහන්ස, කුවේර නම් රජහු ගේ විසාණා නම් රාජධානියක් ද ඇති”

(මොවුහුද පිට සක්වළ ජීවිහු වෙති – E.B.E- Extra Terrestial Biological Entities or “Aliens” in short form)

“නිදුකාණන් වහන්ස, රෞද්‍ර නපුරු ගති ඇති, එකට එක් කරන්නාවූ අමනුෂ්‍යයෝ ද ඇත්තාහුය”

“නිදුකාණන් වහන්ස, මේ ආටානාටිය ආරක්ෂාව වනාහි භික්ෂු, භික්ෂුණීන්ගේද, උපාසක, උපාසිකාවන්ගේද, ආරක්ෂාව පිණිසද, නොවෙහෙසීම පිණිසද, සුවසේ විසීම පිණිස ද පවත්නේය”

වෛශ්‍රවණ නම් බල සම්පන්න පිට සක්වළ ජීවි නායකයා තිලෝගුරු බුදු පියාණන් අමතා ඇත්තේද “නිදුකාණන් වහන්සේ” යන නාමයෙනි..

“බෞද්ධ ආකාශ වස්තු විද්‍යාවට” (Buddhist Cosmology) අනුව මේ “දිව්‍ය” ලෝක තලයන්ගේ ආයු කාලය මිනිස් ලොව ආයු කාලය මෙන් සිය දහස් ගුණයකි. “කාලය” (Concept of Time) ඇල්බට් අයින්ස්ටයින් මහ ඇදුරාට අනුව අප විසින් ගොඩ නඟා ගත් හුදු මනං කල්පිතයක් පමණක් නොවේ. විශ්වයේ සෑම භෞතිකයක්ම වටා ක්‍රියාත්මක “ජීව ඔරලෝසුවක්” ඇත. (Cosmic Biological Clock)..එනයින් මිනිස් ලොව කාලය සහ විශ්ව කාලය එක කුඩා පොදු ගුණාකාරයකට ගෙන බලන කල වෛශ්‍රවණ දිව්‍ය රාජයා රජ කරන “චාතුර් මහා රාජික” දිව්‍ය ලෝකයෙහි ආයුෂ මනුෂ්‍ය ලෝක කාළයෙන් වර්ෂ මිලියන 9.4 ක් වේ..(වසර අනූ හතර ලක්ෂයක් – 9.4 million years )..(මෙම ගණනය පුරාණ ඉන්දීය “සර්වාස්ථිවාද” සංකල්පයන්ට අනුව සිදු කොට ඇත.)

බුදු පියාණන් වහන්සේ පිරිනිවන් පා වදාළා අපේ මිනිස් කාලයෙන් තවම ගත වී ඇත්තේ වසර 2550ක පමණ කාළයක් පමණි.. එය විශ්ව ඔරලෝසුවට අනුව නම් ඉතාම සුළු කාළයකි…”චාතුර් මහා රාජික” ඔරලෝසුවට අනුව තප්පර ගණනකි!!…

මේ අනුව අපට නිගමනය කළ හැක්කේ එදා බුදු පියාණන් සෙවණේ ආටානාටිය විමසූ දිව්‍ය, යක්ෂ, කුම්භාණ්ඩ, රාජයන්ට තවමත් බණ අසා ගොස් වැඩි වේලාවක් ගත වී නොමැති බවයි…!!!!

එසේ නම් එදා ගෞතම බුදු සරණ ගිය “ඒලියන්” උපාසක, උපාසිකාවන් මෙන්ම එදා බුදු පා සෙවණේ ආර්‍ය සත්‍ය අවබෝධ කර ගත් “ඒලියන්” සෝතාගාමීන්, රහතුන් මේ මොහොත වන විටත් “හබල්” දුරේක්ෂයට නොපෙනෙන චක්‍රාවාට වල සිට “නමෝ බුද්ධාය!” කියනවා විය යුතුය….

මහාචාර්ය ස්ටීවන් හෝව්කින්ස් පවසන අන්දමට පිට සක්වළ ඉතා බලසම්පන්න දියුණු ජීවීන් සිටින මුත්, ඔවුන් අප ගැන හොඳින් දන්නා මුත්, ඔවුන් අප ආක්‍රමණය නොකර සිටින්නේ ඇයිද? යන්න ඔහුට බලවත් ප්‍රහේළිකාවකි. ඔහුට එය ප්‍රහේළිකාවක් වුවත් එය මා හට ඔහු යම් දිනෙක පුද්ගලිකව හමු වෙතොත් (මා බඳු කුඩා මිනිසෙක එතුමා පුද්ගලිකව හමුවන්නට තරම් භාග්‍යවන්ත යැයි නොසිතමි. ) මට මෙසේ පහදා දිය හැක…

“අදටත් ඔවුහු මහ පොළවේ ඔවුන් හා සන්නිවේදනය කර හැකිවුන් සමඟ බුදු දහම ගැන යමක් පවසනවා නම් එය අරුමයක් විය නොහැක..මිනිස් ලොවෙන් පිටතත් දන්නා එකම මිනිස් දහම බුදු දහමයි..!!! ඒ පිළිබඳව කිසිදු සැකයක් තිබිය යුතු නැත.. ඔවුහු පෘතුවි ජීවින්ට වඩා බෙහෙවින් බල සම්පන්න වුවත් ඔවුහු අප ආක්‍රමණය නොකරන්නේ “බුද්ධොත්පාද” ග්‍රහ ලෝකය ඔවුහු පූජනීය කොට සලකන නිසාම විය යුතුය….”

“මාගේ ධර්මය ඒ දිවයින් හි සුරැකෙන්නේය!” යන බුද්ධ විවරණය ලබා බුදු දහම රකින එක්තරා ජාතියකට එරෙහිව මුළු මහත් ලෝකයක් පැමිණියත්, මොන තරම් දියුණු ත්‍රස්ත ජාල, මොන තරම් ධනවත් රටවල් සමඟ ආවත් මේ අල්ලක් පමණ වූ කුඩා දූපතක සිටින එම ජාතිය සමූල ඝාතනය කිරීමට ඔවුහු අසමත් වන්නේත් උක්ථ බලවත් සක්වළ ජීවින්ගේ රැකවරණය නිසාම විය නොහැකිද??

(“රෝම, චෝල මණ්ඩල, අරාබි, බ්‍රිතාන්‍ය ආදී වූ මහ බලසම්පන්න ලෝකාධිපති අධිරාජ්‍යන්ට ඒ කුඩා දූපතේ බුදු සසුන අතු ගා දමන්නට හෝ එය රකින සංඛ්‍යාවෙන් අල්පයක් වූ ජාතිය සමූල ඝාතනය කරන්නට කී වතාවක් වැර දැරුවත් නොහැකි විය.”)

එසේ නම් මේ ග්‍රහ ලෝකය රැකෙන්නේ අවිවාදයෙන්ම බෞද්ධයන් නිසාම විය යුතු නොවේද?…

ඒ රැකවරණය මේ ලොවට ගෙන දුන් මහා මිනිස් වීරයන් වහන්සේ බුදු පියාණන් වහන්සේ මිස අන් කවරෙක්ද?

(රාහු අසුරේන්ද්‍රයා (අසුර නිකාය යනු ඉතා චණ්ඩ ගති පැවැතුම් ඇති විශ්ව ජීවි විශේෂයකි – ” Hostile Extra Terrestial Biological Entity” ) පවා ” හේ මහා වීරෝ” යන නමින් බුදු පියාණන් අමතා ඇත.)

“බුද්ධ” ජීවි විශේෂය…..

“ස්වාමීනි, ඔබ වහන්සේ දෙවියෙක්ද?” …..

“නැත බමුණ මා දෙවියෙකුදු නොවෙමි”…

“ස්වාමීනි ඔබ වහන්සේ මනුෂ්‍යයෙකුද, දෙවියෙකුදු, යක්ෂයෙකුදු නොවෙත් නම් ඔබ වහන්සේ කවරෙක්ද?….”

“කළලේ උපන සියපත ඉන් නික්ම, එහි නොගෑවී පිපී ලෙලෙන්නේ යම් සේද,මමද මිනිසුන් අතර ඉපිද, මිනිසුන් අතර හැදී වැඩී චතුරාර්ය සත්‍යාවබෝධයෙන් කෙළෙසුන් නසා නිර්වාණය ලදිමි. එසේ හෙයින් බමුණ, මා “බුද්ධ” යැයි දනුව”

මේ වූ කලී බුදු පියාණන් වහන්සේ සහ “ද්‍රෝණ” නම් බමුණු තෙම අතර ඇතිවූ සංවාදයකි..තිලෝගුරුන් තමන් වහන්සේව මෙහිදී හඳුන්වා දුන් ආකාරය ගැන මඳක් අවධානය යොමු කරන්න…

චාර්ල්ස් ඩාර්වින් හා ඔහුගේ “සත්ව පරිණාම වාදය” (Theory of Evolution) ගැන ඔබ අසා ඇති. ඉක්වදෝරය අසල “ගැලෆගෝස්” දූපත් ආශ්‍රිතව සිදු කල පරීක්ෂණ තුළින් ලොවට, මැවුම් වාදය ප්‍රතික්ෂේප කරන ජීව විද්‍යා නයක් ඔහු හඳුන්වා දුන් නිසා අප ඔහු “පරිණාම වාදයේ පියා” ලෙස පොත් පතින් හඳුනා ගතිමු.

ඩාර්වින් සැබවින්ම පරිණාම වාදයේ පියාද? නැතහොත් ඔහු පරිණාම වාදයෙන් “අර්ධයක්” පමණක් වටහා ගත්තෙකුද?….ඉතිරි අර්ධය කුමක්ද?….”සම්පූර්ණ” පරිණාම වාදය දෙසුවේ කවුරුන්ද?….

දැන් නැවතත් ද්‍රෝණ බමුණාට බුදු රදුන් තමන් වහන්සේ හඳුන්වා දුන් ආකාරය සිහිපත් කර ගන්න…”කළලේ පිපී ඉන් නික්ම කළලේ නොගෑවී…මිනිසුන් අතර ඉපිද, හැදී වැඩී…..එසේ හෙයින් මා “බුද්ධ” යැයි දනුව…මා මනුෂ්‍යයෙකුද නොවෙමි..”

“අග්ග්ඥ සූත්‍රයෙහි” බුදු රදුන් ලෝකාරම්භය ගැන දෙසා ඇත්තේ ” ඉතා සරළ ඒක සෛලික ජීවි ස්වරූපයෙන් සිතිවිලි පරම්පරාව හා ඒ ඔස්සේ සැකසුණු කාය පරම්පරාව නිසා ජීවිහු වර්ධනය” වූ බවයි…

මෙහි “සිතුවිලි පරම්පරාව හා ඒ ඔස්සේ සැකසුණු කාය පරම්පරාව” යන්නට නැවත, නැවතත් ඔබේ දැඩි අවධානය යොමු කරන්න….

එසේ නම් සම්බුදුන් දෙසූ පරිණාමය කොටස් දෙකකි…”මනෝ පරිණාමය” (Psychological Evolution) හා ” කාය පරිණාමය” (Physical Evolution)…!!….ඩාර්වින් අල්ලා ගත්තේ මෙයින් එක කොටසක් පමණි…එනම් කායික පරිණාමය පමණි…එහි අනිත් කොටස ඔහු දැක නැත…එසේ නම් “අංග සම්පූර්ණ පරිණාම වාදය දෙසා ඇත්තේ ඩාර්වින් නොව තිලෝගුරු බුදු රජාණෝමය….” !!!!!….එමතු නොව ඩාර්වින් වටහා ගත්තේ පෘතිවි පරිණාමයේ එක් කොටසක් පමණි…”සම්බුද්ධ පරිණාම වාදය” මුළු මහත් විශ්වයේම ජීවි පරිණාමය විස්තර කරයි…!!!! (Universal Biological Evolution)..!!

මනස පෙර ගමන් යයි…”මනෝ පුබ්බං ගමා ධම්මා”….මනස අනුව කය සැකසෙයි…ඔබ මනසින් තිරිසනෙකු වන්නේ නම්, ක්‍රමයෙන් ඔබේ මතු භවයේ කඳ ඒ අනුව සැකසේ…ඔබ මනසින් දෙවියෙකු වන්නේ නම්, ක්‍රමයෙන් ඔබේ මතු භවයේ කය “දේව” කයකට “පරිණාමය” වේ…ඔබේ මනස මුලින් පරිණාමය වන ස්වරූපයට ක්‍රමයෙන් ඔබේ කායික පරිණාමය සිදුවේ…මේ “සම්මා සම්බුද්ධ පරිණාම වාදයයි”…මුළු මහත් සංසාරයේම අප යන්නේ මේ පරිණාමය ඔස්සේය..පුනර්භවය සැකසෙන්නේද මේ අනුවය..මනස මුලින් පරිණාමය වන තැනට කය පරිණාමය වේ..මේ සංසාර ගමනයි….

I know that some of you may not have access to Sinhala fonts. Thus, I will publish this all important faction of my writing in English as following:

“Mind precedes the Body…Your Physical evolution will take the direction of your psychological evolution..These are the perimeters in the journey of Sansara..This is the Buddhist theory of Evolution..!!”

එසේ නම් ” සාර සංඛෙ‍ය කල්ප ලක්ෂයක්” ඔස්සේ පාරමිතා දහය පිරීම යනු, “ක්‍රමානුකූල මානසික පරිණාමයකි”…සම්මා සම්බුද්ධත්වය ලැබීම යනු “මිනිස්” හෙවත් “හෝමෝ සේපියන්” නයින් අප දන්නා ජීවි විශේෂයේ ඉපිද හැදී වැඩී, අතීත මානසික පරිණාමයේ (පෙරුම් දම් පිරීමේ) ශක්තිය කැටි කොට මිනිස් ජීවී විශේෂයේ සිට “විශ්වයේ එක්වරකට, එක කල්පයකට එක් අයෙකු පමණක් පහළ වන්නාවූ” අති ශ්‍රේෂ්ඨ සුපිරි ජීවි විශේෂය” වන “සම්මා සම්බුද්ධ” ජීවි තලයට කරන “මහා මානසික පරිණාමික පිම්මයි” (කළලේ ඉපිද කළලේ හැදී වැඩී ඉන් නික්ම….. )

Again in English, “attaining Enlightenment is the GREAT PSYCHOLOGICAL LEAP from what we know as “Human Species” (Homo sapiens) to a “Universally Super specie level” known as ” Samma Sam Buddha”

ඇසට නොපෙනෙන තරම් ක්ෂුද්‍ර බැක්ටීරියා, ඇමීබා ජීවි විශේෂ වල ජීවින් ගණන ක්වෝඩ්‍රිලියන ගණනකි… කුඩා නොදියුණු කෘමි සත්ව ජීවි විශේෂයන්ගේ පහළ වන ජීවින් ගණන ට්‍රිලියන ගණනකි…ඊට වඩා සංකීර්ණ සත්ව විශේෂ වල බිලියන ගණනක් පහළ වෙති…මිනිස් ජීවී විශේෂයේ සත්ව සංඛ්‍යාව බිලියන 7 කි…ඊටත් වඩා දියුණු “දේව” ජීවි විශේෂයේ ගණන මිලියන ගණනක් විය හැක…ඊටත් ඉහළට යන්නට, යන්නට ඒ ඒ විශේෂයේ ජීවින් ගණන තව තව අඩු විය හැක…අනාගාමී වූවන් උපදින “ආකණිෂ්ඨ තලයේ” ශුද්ධ වාස බ්‍රහ්ම ලෝක වල එක වරකට

ඉතාම සුළු අතළොස්සකි…

එනමුත් මානසික පරිණාමයෙන් පමණක් යා හැකි “සම්මා සම්බුද්ධ නම් අති සුපිරි, සියල්ල අවබෝධ කරගත් මහා ශ්‍රේෂ්ඨ ජීවි තළයේ” මුළු කල්පයකටම විශ්වයේ එකවරට පහළ වන්නේ එක් අයෙකුම පමණකි..ඒ තැනැත්තාණන් වහන්සේට සියළු විශ්ව ජීවීහු “බුදු රජාණන් වහන්සේ” ලෙස අමතති….

ඔබට උපත්තියෙන් උරුම ඒ මහා ශ්‍රේෂ්ඨ විශ්ව ජීවියාණන් වහන්සේ ගේ දර්ශණයයි….සක්වළ කරකවන එකම සැබෑ ඥාණයයි….

“සුඛෝ බුද්ධානං උප්පාදෝ”……

සාහිත්‍යකරුවා දුටු බුදු ගුණ

සාහිත්‍යකරුවා දුටු බුදු ගුණ

Published On Saturday, October 06, 2012 source:

අහසේ පියාසර කරන ඉතා කුඩාම ලිහිණි වර්ගයක (වාත සකුණ ) පියාපත් වලින් වැසෙන කොටස තමන් දේශනා කළ බුදුගුණ ප්‍රමාණය වෙයි. අනන්ත ආකාශය තමන් වහන්සේ දේශනා නොකළ බුදු ගුණ තරම් වෙයි. මහ ගංවතුරකට ඉදිකටු මලක් පොවාලූ කල්හි ඒ ඉඳීකටුමල අස්සෙන් යන ජල ප්‍රමාණය තමන් වහන්සේ දෙසු බුදු ගුණයටත්, ගංවතුර නොදෙසූ බුදු ගුණයටත් ප්‍රමාණ වෙයි.

බුද්ධ පරිනිර්වාණයෙන් වසර 2552 ක් ඉක්ම ගියද අද ලොව කවර ස්ථානයකදී හෝ කවර මොහොතක බුදුන් වහන්සේගේ අනන්තවූ බුදු ගුණය සිහි කොට මල් පහන් සුවඳ දුම් පුදති. ස්තුති පූජා කරති. ගෞතම බුදුරජාණන් වහන්සේට පමණක් නොව අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ බුදු ගුණ මෙනෙහි කොට මල් පහන් පුදති. අතීතයේදීත් එසේමය. අනාගතයේදීත් අනන්ත බුදු ගුණ මෙනෙහි කොට බුද්ධ පුජා පවත්වනු ඇත. එවන් අනන්ත වූ බුදු ගුණ මෙතෙකැයි ප්‍රමාණ කිරීමට , වර්ණනා කිරීමට බුදුරජාණන් වහන්සේ නමක් හැර අන් සමතෙක් තුන් ලොවම නොමැත. ඒ නිසාම සම්මා සම්බුදුන් වහන්සේ “අසම” වන සේක. සම්මා සම්බුදුන් වහන්සේ කෙනෙකුගේ අනන්ත බුදු ගුණ වර්ණනා කළ හැක්කේ එවැනිම සම්බුදුන් වහන්සේ නමකට පමණි. ඒ නිසා ‘අසම සම ‘ වන සේක. එසේ වර්ණනා කළද කල්පය අවසන් වනු මිස බුදු ගුණ වැනීම අවසන් කළ නොහැකිය.

එවන් අනන්ත බුදු ගුණයෙන් සමන්විත වන බුදුන් වහන්සේ නමක් ලෝකයට පහළ වන්නේ ඇයි ද? වරක් උත්තිය නම් තවුසෙකු විසින් බුදුන් වහන්සේගෙන් ඇසු ප්‍රශ්නයකට පිළිතුරු වශයෙන් සම්බුදුවරයකු පහළ වීමට හේතු වශයෙන් මෙසේ දේශනා කළහ.

“සත්තානං විසුද්ධියා “ – සත්වයන්ගේ පිරිසිදු බව රැකීමට
“සෝක පරිද්දවානං සමතික්කමාය “ – ශෝක කිරීම් වැළපීමෙන් මිදීමට
“ දුක්ඛ දෝමනස්සානං අක්ථංගමාය – කායික මානසික දුක් වලින් මිදීමට
“ඤායස්ස අධිගමාය “ – පරම සත්‍යය අවබෝධ කර ගැනීමට
“නිබ්බාණ සච්ඡි කිරියාය “ අමා මහ නිවන් සාක්ෂාත් කර ගැනීමට

අතීතයේ යම් කෙනෙක් නිවන අවබෝධ කළාහුද, අනාගතයේ යම් කෙනෙක් නිවන් අවබෝධ කරන්නාහු ද,වර්තමානයේ යම් කෙනෙක් නිවන් අවබෝධ කරත් ද ඒ සියලු දෙනාම සිත අකුසල ධර්ම දුරුකොට සතර සතිපට්ඨානයේ මනා කොට සිත පිහිටුවාගෙන හරියාකාර ලෙස අවබෝධය පිණිස පවතින අංග හත (සප්ත බොජ්ඣංග ධර්ම) දියුණු කර ගැනීමෙනි.”

උත්තිය සුත්ත – අංගුත්තර නිකාය) බුදුන් වහන්සේ වසර 45 ක් පුරා ඉහත සඳහන් පරමාර්ථ ඉටු කර ගැනීම සඳහා දේශනා කරන ලද සූත්‍ර දේශනා 18000 ක් පමණ සකල ලෝක බෞද්ධ ජනතාවට ඉතිරි කර ගැනීමට හැකි වී ඇත්තේ සංගීති කාරක මහතෙරවරුන් වහන්සේලා විසින් කරනු ලැබූ ඉමහත් ප්‍රයත්නයේ ප්‍රතිඵලයක් වශයෙනි.

මුල් වරට මාතලේ ආලෝක විහාරයේදී ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කිරීම නිසා අද මුළු ලොවටම බුදු දහම විවෘතව ඇති බව අති මහත් සතුටෙන් සඳහන් කළ යුතුව ඇත. ලේඛන ක්‍රම ප්‍රචලිතව නොතිබුන අතීතයේදී පොදු ජනතාවට බුදු දහම දැන ගැනීමට ක්‍රමයක් නොවිය. මුල් යුගයේදී පුස්කොළ පොත් වල ලියැවුන බුදු දහම ජනතාවට දැන ගැනීමට තිබුන එකම මග ශ්‍රාවකයාට අසන්නට සැලැස්වීමයි. ඒ අනුව අසන්නාට ප්‍රසාදය ඇති කරවන ශ්‍රාවක ප්‍රසාද පූර්වක ග්‍රන්ථ ලියැවිණි. සාහිත්‍යකරුවාද අනන්ත බුදු ගුණ වැනීමේ අපහසුතාවය මනාව වටහාගෙන තිබුණ බව පෙනේ.

 

“සුවාසු දහසක්
යොදුන් ගැඹුරැ’ති මුහුදක්
ගොඩ කෙරෙමැයි උදක්
ලෙහෙනු කළතැන් වැන්න දවසක් “

 

මුහුදට වැටුන තම පැටියා බේරා ගැනීම සඳහා යොදුන් 84000 ක් ගැඹුරින් යුතු සාගරය හිස් කිරීමට වෙහෙස ගන්නේ මුහුදට පැන ගොඩට පැමිණ වරින් වර වල්ගයේ රැඳුන ජලය ගසා දැමීමෙනි. මේ අතීත කතාව සිහි කරමින් තමන්ද බුදු ගුණ වැනීමට පිවිසෙන්නේ එසේම අනන්ත බුදු ගුණයෙන් බි¼ඳක් පමණක් වර්ණනා කිරීමට බව බුදු ගුණාලංකාර කතුවර වීදාගම මහා මෛත්‍රිය හිමියෝ ප්‍රකාශ කරති.

හෙළ සාහිත්‍ය කරුවා මුල් යුගයේදී තම නිර්මාණ සඳහා තෝරා ගත්තේ බුදු ගුණයයි. ජාතක කථාවයි. අමාවතුර , බුත්සරණ , පූජාවලිය , වැනි ග්‍රන්ථ, කරණයට යොමු වූ අතීත සාහිත්‍යකරුවෝ ඇතැම් විට අනන්ත බුදු ගුණයෙන් එක් බුදු ගුණයක් පමණක් ගෙන ග්‍රන්ථ රචනා කළහ. “අරහං” යන බුදු ගුණය වැනීමට ගුරුළුගෝමි විසින් “අමාවතුර “ ලියන ලදී. අනුත්තරෝ පුරිස දම්ම සාරථී “ ගුණය වැනීමට “ විද්‍යා චක්‍රවර්තී” නම් පඬිවරයෙක් “ බුත්සරණ “ නම් ග්‍රන්ථය රචනා කරන ලදී. සකල ලෝක සත්වයාගේ ආමිස ප්‍රතිපත්ති පුජාවන්ට සුදුසුවන “අරහං” බුදු ගුණයම වැනීමට මයුරපාද පරිවේණාධිපති බුද්ධපුත්‍ර හිමියන් විසින් “ පුජාවලිය” නම් අගනා ග්‍රන්ථය රචනා කරන ලදී. එම සියලුම ග්‍රන්ථ ලියා ඇත්තේ ශ්‍රාවක ප්‍රසාදය ඇති කරන ආකාරයෙනි.

අමාවතුර” කතුවර ගුරුළුගෝමි පඬිවරයා තම වර්ණනා ඇතැම් විට කෙටියෙන්, එහෙත් සිත් ගන්නා ආකාරයෙන් ඉදිරිපත් කර ඇත. “ මම පූර්වයෙහි දිවෙන ඇතුන් ලුහු බැඳ ගනිම් මය. අසුන් ලුහුබැඳ ගනිම්මය. රථ ලුහු බැඳ ගනිම්මය. දිවෙන මුවන් ලුහුබැඳ ගනිම්මය. එතෙකුදු හොත් මම මේ මහණහු පියවි ගමනින් යන්නහු බල පමණුයෙන් දිවයනුයෙම් හඹා ගත නොහෙමි “

බුදුන් වහන්සේ පියවි ගමනින් ගමන් කරද්දී වේගයෙන් දුව යන අංගුලිමාලට බුදුන් වහන්සේ සමීපයට වත් යාමට අපහසු වෙයි. එය ගුරුළුගෝමි පඬිතුමා ශ්‍රාවක සිත් ගන්නා ආකාරයෙන් ඉදිරිපත් කර ඇත.

“ පුරිසදම්ම සාරථී “ ගුණය වර්ණනා කරන බුත්සරණ කතුවරයා ඉතාම අලංකාර වර්ණනාවක් නාලාගිරි දමනයේදී ඉදිරිපත් කර ඇත.

“ඈත ධූලින් වැසී ගිය ඇත් රජයැ මෑත සවණක් ඝන බුදු රැසින් සෑදීගිය බුදුරජාණෝය. ඈත කෝපයෙන් රත්ව ගිය යවට වැනි ඇස් ඇති ඇත් රජයැ මෑත කරුණාවෙන් තෙත්ව ගිය නිල් මහනෙල් පෙතිපරයන ඇස් ඇති බුදුරජාණෝය. ඈත එබූ එබූ පයින් මහ පොළොව පලා පියන්නා සේ දිවෙන ඇත් රජයැ මෑත එබූ එබූ පයින් මිහි කත සනහ සනහා වඩනා බුදුරජාණෝය. ඈත බැලූ බැලූවන් “අනේ අනේ “ කියවන ඇත් රජයැ , මෑත බැලූ බැලූවන් “සාදු සාදු” කියවන බුදුරජාණෝය.

එක් පසෙකින් නාලාගිරි ඇත් රජුගේ චණ්ඩ විලාශයත් බුදුරජාණන් වහන්සේගේ ශාන්ත බවත් වර්ණනා කර ඇති ආකාරය ළගන්නා සුළුය. අංගුලිමාල බුදුන් වහන්සේ පසු පස ලුහුබැඳ ගොස්, බුදු කරුණාවෙන් දමනය වී, දකිමි ස්වාමීනි හැඳින්නෙමි ස්වාමීනි. සුද්ධෝදන රජ්ජුරුවන් පුතණු වහන්සේ නුඹද? මහා මයා දේවී පුතණුවන් නුඹ, වහන්සේ ද? “ යනාදි වශයෙන් අංගුලි මාල ලවා බුදුන් වහන්සේ හැඳින්වීමද චමත්කාරය.

බුත්සරණ ග්‍රන්ථයේ හැම පරිච්ඡේදයකම “පුරිස ධම්ම සාරථී” ගුණයෙන් යුතු බුදුන් වහන්සේට නමස්කාර කරයි.

නව අරහාදී බුදු ගුණ අතරින් “ අරහං” බුදු ගුණය විස්තර කිරීම සඳහා පුජාවලිය රචනා කරන බුද්ධ පුත්‍ර ස්වාමීන් වහන්සේ.

“ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ “ඉතිපි අරහං” මුළු ලෝ වැසියන්ගේ ආමිස පුජා, ප්‍රතිපත්ති පූජාවට සුදුසු හෙයින්ද, තමන් රහසින් පව් නොකරන හෙයින්ද, කෙළෙසුන් කෙරෙන් දුරුවු හෙයින්ද කෙළෙස් නමැති සතුරන් නැසු හෙයින්ද, අවිජ්ජා සංඛාර නමැති නාභි ඇති ජරා මරණ නමැති නිම් වළලු ඇති, ආශ්‍රය සමුදය නමැති අකුරෙන් විද තුන්ලෝ නමැති රියෙහි යොදන ලද සංසාර නමැති චක්‍රයාගේ කුශලාකුසල කර්ම නමැති අර, බෝ මැඩදීම සීල නමැති පොළොවෙහි, වීර්යය, නමැති පයින් සිට ශ්‍රද්ධා නමැති හස්තයෙන් ගත් කර්මක්ෂය කර ඥාන නමැති ඵරසුවෙන් පලා සුණු විසුණුකොට මූලෝච්ඡින්න කළ හෙයින් දැයි යන මේ ආදී අර්ථයෙනුදු අර්හත් වන සේක “ යනාදි වශයෙන් බුදුගුණ වැනීම කරයි.

පූජාවලියේ තවත් තැනෙක බුදුගුණයට උපමාවක් දැක්විය නොහැකි බව දක්වයි. කාල බුද්ධරක්ඛිත මහ රහතන් වහන්සේ විසින් කළුවර පෝදාක, කළුදිය පොකුණ අසළ දී කළු තිඹිරි ගසක් යටදී, දේශනා කළ “කාලකාරාම සූත්‍රය” තුන්යම් රැයක් මුළුල්ලේ හිටිවනම ශ්‍රවණය කොට අවසානයේදී මේ හැර තවත් බුදු ගුණ ඇත්දැයි සද්ධාතිස්ස රජු ඇසු විට තෙරුන් වහන්සේ ඉදිරිපත් කළ උපමා බුදු ගුණ මහිමය කියා පෑමට මහත් පිටිවහලකි.

අහසේ පියාසර කරන ඉතා කුඩාම ලිහිණි වර්ගයක (වාත සකුණ ) පියාපත් වලින් වැසෙන කොටස තමන් දේශනා කළ බුදුගුණ ප්‍රමාණවෙයි. අනන්ත ආකාශය තමන් වහන්සේ දේශනා නොකළ බුදු ගුණ තරම් වෙයි. මහ ගංවතුරකට ඉදිකටු මලක් පොවාලූ කල්හි ඒ ඉඳීකටුමල අස්සෙන් යන ජල ප්‍රමාණය තමන් වහන්සේ දෙසු බුදු ගුණයටත්, ගංවතුර නොදෙසූ බුදු ගුණයටත් ප්‍රමාණ වෙයි. මේ ආකාරයෙන් උපමා කීපයක්ම ඇත. සහස්සවත්ථූ, සීහලවත්ථු යන ග්‍රන්ථවලද මේ බව දැක්වෙයි.

බුදුන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාව ජනනය කිරීම සදහා සද්ධර්ම රත්නාවලී කතුවරයාද ඉමහත් ප්‍රයත්නයක යෙදෙයි. ධර්මසේන හිමියෝ අති දක්ෂ ධර්ම දේශකයාණන් වහන්සේ කෙනෙකු ලෙස එහි ඇති කථාවස්තු ඉදිරිපත් කරති උපමා කීම අතින් මහා කවි කාලිදාසයන් හා සම තත්වයෙක සිටින ධර්මසේන හිමියන්ගේ උපමා දේශීයත්වයේ සුවඳ උකහාගත් උපමා වීම විශේෂත්වයකි.

උදාසන අලතා පිඬෙකා ඇති වු පබළු දලු වැනි දෝහෝ නොහොත් ලා රසෙහි ගලා ඔසවාගත් කොබෝ ලීල මල් දමක් වැනි වූ “ යනාදි වශයෙන් වර්ණනා කරන ෂඩ්වර්ණ බුද්ධ රශ්මි මාලාවන් නිල් අඹර පුරා විහිඳමින් මන්ද හසිතා ලංකෘත මුඛ පද්මය ප්‍රදර්ශනය කරමින් ශාන්ත දාන්ත ගමනින් වඩින බුදුන් වහන්සේගේ සජීවි චිත්‍රයක් ධර්මය අසන්නාගේ සිතේ මැවෙන අතර නිතැතින්ම මුවග‘ට “සාදු සාදු “ හඬ නැගෙනු ඇත.

කුරුණෑගල යුගයේදි රචිත “උමංදා” කතුවරයා ආරම්භයේදීම ශ්‍රාවකයින්ගේ සිත් ඇද බැඳ ගන්නා ආකාරයේ ශෘති ගෝචර රටාව කින් ඉදිරිපත් කරන බුදු ගුණ වර්ණනාව චමත්කාර ජනකය .

“ථූපවංශයේ” ආරම්භයේ ඉදිරිපත් කරන බුදු ගුණ වර්ණනාවද සිත් ගන්නා සුළුය. “අනන්ත වූ කරුණාවෙන් හා ෂඩ් ආසාධාරණ ඥානයෙන්ද, චතුර් වෛශාරද්‍ය ඥානයෙන් හා අෂ්ට පර්ෂද්හි අකම්ප්‍ය ඥානයෙන්ද යනාදි ඥානයෙන් ඥාන වත් වු විශාරදවූ, සියලු වාද පඨයෙක් ඇත්නම් වැඩ සිටියා වු භූ®වනත්‍රයට නැගූ පහනක් වැනි වූ කාත් විසින් විනය නය නොකට හැකි වූ චණ්ඩ වූ, පරුෂ වු සාහසික වූ ආලවක, අංගුලිමාල , සුචිරෝම ඛර රෝමාදීන් විනයනය කොට වදාළ වූ, සියලු අපරිමිත වූ අතුල්‍ය වූ, අවාච්‍ය වූ ගුණයෙන් යුක්ත වු ඒ බුදුරජාණන් වහන්සේගේ තිඹක් පමණ වූ ධාතූ®න් වහන්සේ “ ආදි වශයෙන් ඉදිරිපත් කරන එම වර්ණනාවද ඉහළම වැණුමකි.

“බුදුගුණාලංකාරය “ රචනා කරන වීදාගම මහා මෛත්‍රිය ස්වාමීන් වහන්සේ බුදු ගුණ දුටු ආකාරය මෙසේය.

 

“කුලුණු මෙත් සත වෙත
පතළ නැණ සව් පද’රුත
එළිකළ ලොවට සෙත
නිතොර නමදිමි මුනිදු සරණත”

 

සත්වයන් කෙරෙහි කරුණාව හා මෛත්‍රිය ඇත්තාවු සියලු පදාර්ථයන්හි පැතිර වූ නුවණක් ඇත්තා වූ, ලොවට ශාන්තිය හෙළි කළාවූ, බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී පාදය නිතර නමදිමි. වචන දහසකිනුත් කිවහැකි වර්ණනාවක් කෙටියෙන් සරලව ඉදිරිපත් කර ඇත.

 

“රහසත් පව් නොකොට
කෙළෙස්සරයනුත් දුරුකොට
නිසිවූයෙන් පුදට
“අරහ” යයි නම කියති මුනිඳුට”

 

බුදු ගුණාලංකාරයේ 262 වැනි කවියේ සිට “අරහං” සම්මා සම්බුද්ධ “ ආදි නව අරහාදී බුදු ගුණයන් ඉතා අලංකාර ලෙස වර්ණනා කරයි. බොහෝ සාහිත්‍ය කරුවෝ තම ග්‍රන්ථයේ ආරම්භයේ දීම තෙරුවන් වැඳීම සම්ප්‍රදායයකි. කෝට්ටේ යුගයේදී වෑත්තෑවේ හිමියන් විසින් රචිත ගුත්තිල කාව්‍යයේ මුල් පද්‍යයෙන් උන්වහන්සේ විසින් බුදුන් වහන්සේට නමස්කාර කරති.

මේ ආකාරයෙන් සිංහල සාහිත්‍යයේ රස මැවූ නිර්මාණකරුවන් අනන්ත වු බුදු ගුණයෙන් බිඳක් වුවද වර්ණනා කළ අයුරු සිත් ගන්නා සුළුය. කුªසල් සිත් වඩන සුළුය. මමද ඒ බුදු ගුණ සිහිකොට නමස්කාර කරමි.

මතුගම
ධර්ම සෙන්දනායක
විශ්‍රාමික නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ

හොඳ නරක විමසා දැන ගනිමු

හොඳ නරක විමසා දැන ගනිමු

 source:

රත්මලාන ශ්‍රී රත්නාරාමය
බොරලැස්ගමුව
සිරි සෝණුත්තර විහාරය යන උභය විහාරාධිපති
බස්නාහිර පළාත සහිත කොළඹ නව තොටමුණේ
ප්‍රධාන අධිකරණ සංඝනායක
අධ්‍යාපනපති
සූරියගොඩ
සිරිධම්ම නා හිමි

භින්නරුචික ලෝකයක හොඳ හා නරක පිළිබඳ නිර්ණායකයක් ඇතිකර ගැනීම අසීරු කරුණෙකි. එක් පුද්ගලයකුට හොඳ දෙයක් තවත් පුද්ගලයකුට නරක දෙයක් විය හැකි ය. එක් සමාජයකට හොඳ දේ තවත් සමාජයකට නරක් විය හැකිය. ආගමික මති මතාන්තර අනුව ද හොඳ හා නරක වෙන්කර දැක්වීම අසීරු කරුණෙකි.

සතුන් මවා ඇත්තේ මිනිසාගේ ආහාරය පිණිස යැයි උගන්වන ආගම් අනුව ප්‍රාණඝාතය වරදක් ලෙස නො සැලකෙයි. එසේම යාග හෝම පිණිස සතුන් බිලිපූජාවට යොදා ගැනීම දේව ආගම අනුව පුණ්‍ය කර්මයෙකි. අප විසින් මෙහි දී විමසා බලනු ලබන්නේ බුදුදහමෙන් නිර්දේශිත හොඳ හා නරක පිළිබඳය.

ආචාර විද්‍යාවට අනුව හොඳ හා නරක පුද්ගලාශි‍්‍රතව හා විෂයානුගත වශයෙන් දෙපරිදිය. බුදුරජාණන් වහන්සේ හොඳ නරක පුද්ගලාශි‍්‍රතව විග්‍රහකළ සේක. හොඳ නරක දෙක බුදුදහමෙහි හදුන්වා ඇත්තේ කුසල හා අකුසල වශයෙනි. චක්ෂු ද්වාරයෙන් ඇතිවන රූපාරම්මණ,සෝත ද්වාරයෙන් ඇතිවන ශබ්දාරම්මණ ,ඝාණ ද්වාරයෙන් ඇතිවන ගන්ධාරම්මණ,ජිව්හා ද්වාරයෙන් ඇතිවන රසාරම්මණ, කාය ද්වාරයෙන් ඇතිවන ඵොට්ඨබ්බාරම්මණ සහ මනෝද්වාරයෙන් ඇතිවන ධම්මාරම්මණ වින්දනය කිරීමෙන් ආශාව ඇතිවෙයි. ඒ ගැන ඇලෙන විට තමා සතු කර ගැනීමට සිතයි. තමා සතු කරගැනීමට යෑමේදී බාධක ඇතිවෙයි. බාධක ඇතිවීමේ දී ගැටෙයි. ගැටීම් නිසා ද්වේශය ඇතිවෙයි .ද්වේශය ක්‍රියාත්මක වීමට මෝහය උපනිශ්‍රය වෙයි. ඒ අනුව නරක හෙවත් අකුසල් ඇතිවීමට ලෝභ, ද්වේශ ,මෝහ යන අකුසල් මුල් හේතුවෙයි. කුසලය ඉපදීමට මුල් වන්නේ අලෝභ, අදෝස ,අමෝහ යන කුසල්මුල් තුනයි.

හොඳ හා නරක පිළිබඳ නිර්ණායකය කුමක් විය යුතු ද යන්න අම්බලට්ඨික රාහුලෝවාද සූත්‍රයෙහි දී මෙසේ පැහැදිලි කොට ඇත. බුදුරජාණන් වහන්සේ කැඩපතකින් ඇති ප්‍රයෝජනය කුමක්දැයි රාහුල හිමියන්ගෙන් විමසති. “ස්වාමීනි, පරීක්‍ෂා කොට බැලීමට” යි රාහුල හිමියන්ගේ පිළිතුර විය. එවිට බුදුරජාණන් වහන්සේ මෙසේ වදාළහ. “රාහුල ඔබ ක්‍රියාකරන විට ඒ පිළිබඳව පරීක්‍ෂාකර බැලිය යුතුය. සිතන විට නැවත නැවත ඒ පිළිබඳ පරීක්‍ෂා කර බැලිය යුතුය. ඔබට යමක් කරන්නට වුවමනා වූ විට එය තමාට අහිතකරද අනුන්ට අහිතකර ද, තමන්ටත් අනුන්ටත් අහිතකර ද දුක් ඇතිකරන අකුසලයක්වේ දැයි විමසා බැලිය යුතු ය. අකුසලයක් නම් එය නො කළ යුතුය. කුසලයක් නම් කළ යුතුය.”මෙයින් පැහැදිලි වන්නේ හොඳ හා නරක පුද්ගලාශි‍්‍රතව ඇතිවන බවයි.

බුදුදහමෙහි මනැසට ලැබෙනුයේ ප්‍රධාන ස්ථානයෙකි. “චේතනාහං භික්ඛවේ කම්මං වදාමි” ‘මහණෙනි, චේතනාව කර්මය යයි කියමි’යි එය පැහැදිලි කොට ඇත. ‘මනෝ පුබ්බංගමා ධම්මා මනෝ සෙට්ඨා මනෝමයා’ යනුවෙන් සියලු අරූපී ධර්මයන් මනැස ප්‍රධානව සිදුවන බව දක්වා ඇත. දූෂිත සිතින් සිතීම හා ක්‍රියා කිරීම නිසා දුක් විපාක තමන් පසු පස ඒමට ඉවහල් වන කර්ම රැස්වන බව උගන්වා වදාළහ.

එසේම ප්‍රසන්න නො කිලිටි සිතින් සිතීමෙන් හා ක්‍රියා කිරීමෙන් තමන් පසු පස සැප එන බව ද සදහන් වේ.

චිත්තේන නීයතී ලෝකෝ
චිත්තේන පරිකස්සති
චිත්තස්ස එකධම්මස්ස
සබ්බේව වසමන්වගූ

සිත විසින් ලොව ගෙනයනු ලබයි. සිතින් ලොව හාත්පසින් ඇදගෙන යනු ලැබෙයි. සියල්ලෝම සිත නමැති එකම දහම යටතට ගියාහුය යනුවෙන් ලොව ක්‍රියාත්මක වන්නේ සිතින් බව උගන්වා ඇත.

සිතීමේ නිදහස පිළිබඳ කාලාම සූත්‍රයෙන් උගන්වා ඇති කරුණු ද හොඳ නරක නිර්ණය කිරීමේදී අත්‍යවශ්‍ය වන බව පැහැදිලි වෙයි. යමක් ඇසූ පමණින්, පාරම්පරිකව එන පමණින්, මෙසේ පෙර කියා ඇති හෙයින්, පොත පතෙහි එන පමණින්, තර්කයට ගැළැපෙන හෙයින්, න්‍යායට ගැළැපෙන හෙයින්, කල්පනාවට අනුරූප වන හෙයින්, දෘෂ්ඨියට ගැළැපෙන හෙයින්,හොඳ යැයි පෙනෙන හෙයින් හෝ ආචාර්යයන් වහන්සේ කී හෙයින් නො පිළිගෙන තමන් විමසා බලා යහපත පිණිස පවතී යැයි හැඟෙයි නම් පිළිගන්නා ලෙස උගන්වා වදාළහ. මෙයින් පැහැදිලි වන්නේ හොඳ හෝ නරක තම සිතින් ම විමසා දත යුතු බවය.

නරක ඇතිවීමට ප්‍රධානම හේතුව තණ්හාවයි. තණ්හාව නිසා අරමුණෙහි ඇලෙයි. නැවත නැවත අරමුණෙහි ඇලීම නිසා එහි බැස ගනී.එවිට පුද්ගලයාගේ ප්‍රකෘති ස්වභාව වෙනස්වෙයි. තණ්හාව නිසා සොයයි. සෙවීම නිසා ලැබෙයි. ලැබීම නිසා විතර්ක ඇතිවෙයි. විතර්ක නිසා ඡන්දරාගය ඇතිවෙයි. ඡන්දරාගය නිසා මමය මාගේය යන හැඟීම ඇතිවෙයි. මම ය මාගේය යන හැඟීම නිසා තෘෂ්ණා දෘෂ්ඨී ආදියෙන් වටකර ගනියි. තෘෂ්ණා දෘෂ්ඨියෙන් වටකර ගැනීම නිසා මසුරු බව ඇතිවේ. මසුරු බව නිසා රකී. රැකීම නිසා දඬු මුගුරු ගනී. දඬු මුගුරු ගැනීමෙන් විරෝධය පෑම, වාද විවාද කිරීම, තෝ තෝ යයි කියා ගැනීම කේලාම් බස් කීම ආදිය ඇතිවෙයි. මෙසේ තණ්හාව නිසා පුද්ගලයාගේ නරක ක්‍රියාකාරීත්වය ඇතිවෙයි. එනිසා තණ්හාව නරක හෙවත් අකුසල් කිරීමට ප්‍රධානම හේතු සාධකය වෙයි.

බුදුරජාණන් වහන්සේ පළමු වැනි ධර්මදේශනාවෙන්ම හළ යුතු අන්තදෙක වශයෙන් අත්තකිලමථානුයෝගය හා කාමසුඛල්ලිකානු යෝගය දක්වා ඇත. මේ මිථ්‍යාදෘෂ්ඨිය දැඩිව අල්ලාගැනීම නිසා තමාට හා ලෝකයාට වන විපත් බෙහෙවින් දක්නට ලැබේ. එයිනුත් නියත මිථ්‍යාදෘෂ්ඨිකයාගෙන් දෙපක්‍ෂයට ම වඩාත් විපත් ගෙන දෙයි. ලජ්ජාව හා භය ඇතිකර ගැනීම හොඳ දේ කුසල් වැඩීමට හේතුවේ. ලජ්ජා භය දෙක එනම් හිරි-ඔතප් දෙක ධර්මයෙහි හැඳින්වෙන්නේ ලෝක පාලක ධර්ම ලෙසය. හිරි හෙවත් ලජ්ජාව වශයෙන් ගැනෙනුයේ පව් කිරීමට ඇති ලජ්ජාවයි. එම ලජ්ජාව තමා අධිපතිකොට ඇතිවෙයි. තමන්ගේ ගුණවත්කම, වංශය,කුලය, උගත්කම හා තත්ත්වය ආදිය සලකා වැරැදි ක්‍රියාවලින් වැළැකීම ලජ්ජාව නිසා ඇතිවෙයි. ඔත්තප්ප නම් වැරැදි වැඩ කිරීමට, අකුසලයට ඇති භයයි රාජභය, දණ්ඩ භය, දුග්ගති භය,අත්තානුවාද භය, පරානුවාද භය ආදි වශයෙන් ඔත්තප්පය හෙවත් භය ඇතිවේ.

ආර්ය, අනාර්ය යන වචන දෙක ද හොඳ හා නරක හැඳින්වීමට බුදුදහමෙහි යොදාගෙන ඇත. එයින් නිර්දිෂ්ට වූයේ ආර්ය වංශය පිළිබඳත් එම වංශයට අයත් නොවූවන් පිළිබඳත් නොවේ. එදා සමාජයෙහි ශ්‍රේෂ්ඨ යැයි පිළිගත් සමහර වචන බුදුරජාණන් වහන්සේ නව්‍ය අර්ථකථන සපයමින් ඉදිරිපත් කළ සේක. බ්‍රාහ්මණ යන වචනය බමුණෝ බ්‍රහ්මයාගේ මුඛයෙන් ඉපදුණා යැයි කියන බ්‍රාහ්මණ වංශිකයන් හැඳින්වීම සඳහා යෙදූහ. බුදුරජාණන් වහන්සේද බ්‍රාහ්මණ යැයි නම්කොට ඇත්තේ රහතුන් වහන්සේය. ආර්ය අෂ්ටාංගික මාර්ගයද හොඳ හා නරක තෝරා බේරා ගැනීමේ නිර්ණායකයක් ලෙස භාවිත කළ හැකිය. ‘සම්මා’ යන විශේෂණ පදය මාර්ගාංග අටට ම යෙදීමෙන් එම අංග අටම යහපත් ක්‍රියාදාමයන් බව පැහැදිලිවේ.

හොඳ හෙවත් කුසල් කිරීමේ ආනිශංස ලෙස දෙව් මිනිස් සැප ලබාදීමත් නරක හෙවත් අකුසල් කිරීමේ ආදීනව වශයෙන් සතර අපායට වැටෙන බවත් බුදුදහම පෙන්වා දී ඇත. ප්‍රාණඝාතාදී අකුසල කර්මයන් තමන් අතින් නො සිදුවීමට නම් තමා පිළිබඳ මෙනෙහි කිරීම ඉතා වැදගත්ය. එය ධර්මයෙහි දක්වා ඇත්තේ ‘අත්තානං උපමං කත්වා න හනෙය්‍ය න ඝාතයේ’ යනුවෙනි. සත්ව ඝාතනයක්, සත්ව හිංසාවක් කරන අවස්ථාවේදී සත්වයා ඝාතනයට බිය වන්නාක් මෙන් තමා ද ඝාතනයට බිය වන අයුරු, මරණ බිය නැඟෙන අයුරු සිහිපත් කරනවා නම් සත්ව ඝාතනයෙන් වැළැකිය හැකිය. තමාට හිංසා පීඩාවන්හි දී දුක් වේදනා ඇතිවනවාක් මෙන් අන් අයට ද දුක් වේදනා ඇතිවන බව සිතිය යුතු ය.

එමෙන්ම කේලාම් ආදියෙන් මානසික වශයෙන් ද කෙනෙකු පෙළීමේ දී එබඳු අවස්ථාවකට තමන් මුහුණ දුනහොත් තමන්ගේ සිතට නැඟෙන දුක් වේදනා මෙනෙහි කළ යුතුය. මෙසේ තමා උපමාවට ගැනීම හොඳදේ සිදුකර ගැනීමටත් නරක දෙයින් ඈත්වීමටත් මහෝපකාරී වනු නො අනුමානය. තමන් කැමැති, තමන්ට හිතසුව ලැබෙන දේ අනුන් වෙනුවෙන් කිරීමත් තමන් අකැමැති , තමන්ට හිත සුව නොලබන දේ අනුන්ට නො කිරීමත් තමන් උපමාවට ගෙන කළ යුතුය. මෙයින් තමන්ට අයහපත පිණිස පවතින අනුන්ට අයහපත පිණිස පවතින දේ නො කර සිටීමට වඩාත් පෙළැඹෙනු ඇත.

හොඳ සිදු කිරීම නිසා මෙලොව ලබන ආනිශංස පමණක් නොව පරලොවදී ලැබෙන සැප සම්පත්ද බුදුදහමෙහි දක්වා ඇත. හොඳ කිරීමේ අවසාන ප්‍රතිඵලය පරම ශාන්ත නිවන් සැපත ලැබීමයි. එය පුද්ගලායත්ත ක්‍රියාදාමයෙකි. බුදුකෙනකුන්ට වුවද තව කෙනකු නිවනට පැමිණවිය නො හැකිය. උන්වහන්සේ විසින් කරනු ලබන්නේ නිවනට යන මාර්ගය පැහැදිලි කිරීමයි. “තුම්හේහි කිච්චං ආතප්පං – අක්ඛාතාරො තථාගතා” යන්නෙන් අර්ථවත් කර ඇත්තේ එයයි.

ලෝක ඉතිහාසයේ ශ්‍රේෂ්ඨතම මනෝ වෛද්‍යවරයාණෝ

ලෝක ඉතිහාසයේ ශ්‍රේෂ්ඨතම මනෝ වෛද්‍යවරයාණෝ

ලෝකයේ සියලු උපදේශන සේවාවන් අබිබවාලන බෞද්ධ උපදේශන සේවාවේ සුවිශේෂත්වය මේ ලිපියෙන් අනාවරණය කැරේ.

සනත් ලියනගේ source:

මිනිසාට වැලඳෙන කායික, මානසික රෝග පිළිබඳවත්, ඒවා වළක්වාගන්නා ආකාරය හා ඒවාට පිළියම් ආදියත් පෙන්වා දෙමින් බුදු රජාණන් වහන්සේ දේශනා කළ සූත්‍ර රාශියකි. ඒ අතර සල්ලේඛ සූත්‍රය, රෝග සූත්‍රය, ගිරිමානන්ද සූත්‍රය, මහා මොග්ගල්ලාන සූත්‍රය, මහා කස්සපථේර සූත්‍රය, ජරා සූත්‍රය, සබ්බාසව සූත්‍රය, භික්ෂු ප්‍රාතිමෝක්‍ෂය හා භික්ෂුණී ප්‍රාතිමෝක්ෂය, චුල්ලවග්ගපාළියේ සේනාසනඛන්ධකය හා වත්තක්ඛන්ධකය ආදිය වේ.

බොහෝ දෙනකු ඉතා මෑතක් වන තුරු ම විශ්වාසයෙන් යුතු ව පිළිගෙන සිටියේ සෞඛ්‍යය යනු කායික නීරෝගි භාවය පමණක් බව යි. ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) පවා මෑතක් වන තුරු සෞඛ්‍යය අර්ථ දැක්වූයේ “පුද්ගලයකුගේ කායික හා මානසික නීරෝගි භාවය සෞඛ්‍යය යි” යනුවෙනි. නමුත් වසර 2000 වන විට ලෝක සෞඛ්‍ය සංවිධානය ද “සෞඛ්‍යය යනු මිනිසාගේ කායික, මානසික, සමාජයීය හා ආධ්‍යාත්මික සමතුලිතභාවය යි” යනුවෙන් සිය විග්‍රහය වඩාත් පුළුල් කර ඇත.

අදින් වසර 2600කට පමණ පෙරදීත්, අපගේ බුදු රජාණන් වහන්සේ මෙම අදහස ම ප්‍රකාශ කර ඇතැ යි පැවසුව හොත් ඇතැම් විට ඔබ පුදුම වනු ඇති. නමුත් සත්‍යය එය යි. ධම්මපදයෙහි සුඛ වග්ගයෙහි සඳහන් පහත දැක්වෙන ගාථා පාඨය මිනිසාගේ කායික, මානසික, සමාජයීය හා ආධ්‍යාත්මික සෞඛ්‍යය පිළිබඳ ව කදිම විවරණයක් සපයයි:

“ආරෝග්‍යපරමා ලාභා – සන්තුට්ඨීපරමං ධනං

විස්සාසපරමා ඤාති – නිබ්බානංපරමං සුඛං”

මිනිසකුට නීරෝගි බව තරම් පරම ලාභයක් කොයින් ද? එය කායික සෞඛ්‍යය යි. සතුට පරම ධනය යි. සතුට යනු මානසික සෞඛ්‍යය යි. විශ්වාසය පරම ඤාතියා ය. විශ්වාසයක් නොමැති වූ තැන ඇති වන්නේ සැකය යි. එබඳු සමාජයක සමාජීය සෞඛ්‍යය පිරිහීමට පත් වේ. එබැවින් විශ්වාසය සමාජීය සෞඛ්‍යය, යහපත් වීමට අත්‍යවශ්‍ය ය. බෞද්ධයකු හට නිර්වාණය හැර වෙනත් පරම සැපයක් පිළිබඳ සිතීමට පවා නොහැකි ය. එබැවින් එය ඔහුගේ ආධ්‍යාත්මික සෞඛ්‍යය යි. මේ අයුරින් ඉතා සරල ව බුදුන් වහන්සේ පෙන්වා දුන්නේ අද ලෝක සෞඛ්‍ය සංවිධානය පවා පිළිගන්නා සෞඛ්‍ය සම්පන්න මිනිසකු සතු විය යුතු දේ ය.

මානසික සෞඛ්‍යය පිළිබඳ බුදු දහම බොහෝ කරුණු ගෙනහැර දක්වයි. වර්තමානයේදී මනෝ විද්‍යාඥයන් විසින් සිදු කරන ලද පර්යේෂණවලට අනුව මානසික ආතතිය බොහෝ මානසික මෙන් ම කායික රෝගවලට ද හේතු වන බව අනාවරණය කරගෙන ඇත. බුදු හාමුදුරුවෝ සියල්ලට ම සිත ප්‍රධාන වන බව අදින් වසර 2600කට පෙර සොයාගත්හ. නූතන බටහිර වෛද්‍ය විද්‍යාව පුද්ගලයන් තුළ නිදන්ගත ව නොසංසිඳී පවත්නා ආවේගයන් මාරාන්තික නොවූවත් ඒවා හේතු කොටගෙන ආහාර ජීරණ පද්ධතියට බාධා සිදු වීම, ස්ත්‍රීන්ගේ ඍතු වීම නතර වී ගැබ් ගැනීම වළකන බාධා බරපතළ වීම ආදිය සිදු වන බව සොයාගෙන ඇත. එමෙන් ම චිත්තවේග පාලනය කරගත නොහැකි වීමෙන් රුධිර පීඩනය, හෘදය ස්පන්දනය හා ස්වසනය ක්ෂණික ව ඉහළ යන බවත්, මස් පිඬු වේදනා අධික වන බවත්, හෝමෝන හා ආසාදිත රසායනයන් ප්‍රමාණය ඉක්මවා ගලා ඒමෙන් හිසේ රුදාවේ සිට හෘදයාබාධ ඇති වීම දක්වා වූ අවදානමකට මුහුණ දීමට සිදු වන බවත් සොයාගෙන ඇත.

බොහෝ විශාරදයන්ගේ මතය නම් වෛද්‍යවරුන්ගෙන් 60% සිට 90% දක්වා ප්‍රමාණයකට නියැලීමට සිදු ව ඇත්තේ ආවේග හා බැඳුණු රෝග ලක්‍ෂණ සහිත පුද්ගලයන්ට ප්‍රතිකාර කිරීමට බව යි. එමෙන් ම බොහෝ බටහිර පර්යේෂකයෝ රෝග සුව කිරීම සඳහා සිතට ඇති බලය පිළිබඳ ව වර්තමානයේ ගැඹුරු පර්යේෂණයන්හි නිරත ව සිටිති.

මෑතක් වන තුරු ම බටහිර ලෝකයේ පිළිගත් මතය වූයේ මානසික සතුටට හේතුව කායික සැප සම්පත් උපරිමයෙන් විඳීම බව යි; එනම් පස්කම් සැප වින්දනය කිරීමෙන් ලබන සතුට මානසික සතුට වන බව යි. නමුත් බෞද්ධ ආකල්පය වන්නේ නීරෝගි මනසක් ඇති විට කයත් නීරෝගි භාවයට පත් වන බව යි. අල්පේච්ඡතාව, සැහැල්ලු දිවි පැවැත්ම වැනි බෞද්ධ සංකල්ප තුළ ගැබ් ව පවතින්නේ එම අදහස යි. සැප සම්පත් සමූහයක් මැද අතෘප්තිකර ව ජීවත් වන්නෝ සමාජයේ බහුල ය හ.

අංගුත්තර නිකායේ රෝග සූත්‍රයේදී මිනිසාට වැලඳෙන රෝග කායික හා මානසික යනුවෙන් ප්‍රධාන කොටස් දෙකකට බෙදා දක්වන බුදුන් වහන්සේ කායික රෝගවලින් නොපෙළී පුද්ගලයකුට අවුරුද්දක් දෙකක්, තුනක් නොව ඇතැම් විට අවුරුදු පණහක්, සියයක් වුව සිටිය හැකි නමුත්, රහතන් වහන්සේලා හැර අන් කිසිදු පුද්ගලයකු හට මානසික රෝගවලින් නැති නම් චිත්ත පීඩාවන්ගෙන් නොපෙළී එක මොහොතක් හෝ ගත කළ නොහැකි බව පෙන්වා දී ඇත.

මානසික රෝග පිළිබඳ ව ලොව පළමුවන වර්ගීකරණය සිදු කර ඇත්තේ ද අපගේ සම්බුදු පියාණෝ ය. ජාතක පොතේ දරිමුඛ ජාතකයෙහි සඳහන් මෙම වර්ගීකරණය මානසික රෝග පිළිබඳ ජාත්‍යන්තර මනෝ රෝග වර්ගීකරණයට සමාන වන බව බොහෝ විද්වතුන්ගේ පිළිගැනීම යි. ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ජාත්‍යන්තර මනෝ රෝග වර්ගීකරණය (ICD) සිදු කළේ මෑත ඉතිහාසයේ වුවත්, ඒ පිළිබඳ ව බෞද්ධ පොතපතෙහි අඩංගු දේ බුදුන් වහන්සේගේ ජීවමාන සමයට අදාළ වන බව අප අමතක නොකළ යුතු ය. ICD වර්ගීකරණය තරම් ම දියුණු දරිමුඛ ජාතකයෙහි සඳහන් මනෝ රෝග වර්ගීකරණය ද ඉතා පැහැදිලි ව මානසික රෝග කොටස් අටකට බෙදා දක්වයි:

01. කාම උන්මාද (Nympho mania)

02. ක්‍රෝධ උන්මාද (Mania)

03. දර්ශන උන්මාද (Hallucinatins)

04. මෝහ උන්මාද (Mental Retardation)

05. යක්ෂ උන්මාද (Possession Disordor)

06. පිත්ත උන්මාද (Melancholia)

07. සුරා උන්මාද (Alcohol Dependence)

08. ව්‍යසන උන්මාද (Depression)

මෙයට අමතරව මජ්ඣිම නිකායේ සල්ලේඛ සූත්‍රයේ මානසික රෝග – ව්‍යාධි 44ක් පිළිබඳ ව බුදුන් වහන්සේ පෙන්වා දී ඇත. මේ අයුරින් තවත් බොහෝ තැන්වලදී මානසික රෝග පෙන්වා දෙන බුදුන් වහන්සේ ඉන් නතර නොවී, රෝගයේ නිදානය මෙන් ම එය නිට්ටාවට සුව කරගත හැකි ප්‍රතිකාර ද පෙන්වා දී ඇත. දහමේ සැබෑ අර්ථය වන්නේ මෙය යි.

වෛද්‍යවරයකු තමා වෙතට පැමිණෙන රෝගියකු දෙස බැලිය යුතු පැතිකඩ 4ක් වන බව වෛද්‍ය විද්‍යාවේ ඉගැන්වේ. ඒවා නම්: රෝග, රෝගවලට හේතු, ආරෝග්‍යය හා භෛසජ්‍ය හෙවත් ඖෂධ යනුවෙනි. මෙය බුදු දහමේ සඳහන් දුක, දුකට හේතුව, දුක නැති කිරීම හා දුක නැති කිරීමේ මාර්ගය යන චතුරාර්ය සත්‍යය සමඟ සෑම අතින් ම සමාන වේ.

එමෙන් ම නූතන උපදේශන ක්‍රියාවලියේදී නැත හොත් ප්‍රතිකාරයේදී සිදු කරන්නේ ද මෙම අංශ හතර හඳුනාගැනීම යි. ගැටලුවක් රැගෙන උපදේශක වෙත පැමිණෙන පුද්ගලයාට ඇහුම්කන් දීම, නිරීක්‍ෂණය, ප්‍රශ්න ඇසීම, තේරුම් ගැනීම මගින් ගැටලුව හඳුනාගැනේ. බොහෝ විට පුද්ගලයා උපදේශක කෙරෙහි විශ්වාසය තබා සියල්ල හෙළි කිරීමට පෙලඹේ. බුදුන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය සතු කරුණා දයා ගුණයන් නිසා දහස් සංඛ්‍යාත මිනිසුන් තම ගැටලු උන් වහන්සේලා වෙත ඉදිරිපත් කළ බව පොතපතෙහි දැක්වේ.

අධ්‍යයනයේ පහසුව සඳහා මානසික රෝග සයිකෝසීය හා නියුරෝසීය යනුවෙන් ප්‍රධාන කොටස් දෙකකට බෙදා ඇති අතර, එම කොටස් ද චර්යා ආබාධ, පෞරුෂ ආබාධ, ලිංගික ව්‍යාබාධ, මනෝ කායික ආබාධ ආදි වශයෙන් නැවත නැවත කොටස් කර දක්වා ඇත. බුදුන් වහන්සේ මෙලෙස මනෝ රෝග බෙදා වෙන් කරනුයේ ක්‍රි. පූ. 6 වන සියවස තරම් ඈත අතීතයේදී ය.

මිනිසාට මුහුණදීමට සිදු වන චර්යා ආබාධ පිළිබඳ අධ්‍යයනයේදී ජාතක පොත ඉතා හොඳ මූලාශ්‍රයකි. චර්යා ආබාධ යනුවෙන් අදහස් කරනුයේ භීතිකා (Phobia), එක ම දේ නැවත නැවත කිරීම, කාංසාව (Anxiety), විෂාදය (Depression) සහ ක්ලමථය  (Stress) වැනි සුළු මානසික ආබාධ යි.

අද සිදු කැරෙන මානසික ප්‍රතිකාර මුලින් ම සොයාගත්තේ වොල්පෙ නමැති දකුණු අපි‍්‍රකානු මනෝ විද්‍යාඥයා විසින් බවයි යුරෝපීයයන්ගේ අදහස හා විශ්වාසය. නමුත් එයට අවුරුදු දහස් ගණනකට කලින් ලියැවුණු ජාතක පොතේ ඒ මානසික ප්‍රතිකාර ක්‍රම ඒ අයුරින් ම සඳහන් වන බව පැවසුවොත් ඔබ පුදුම වනු ඇත.

මානසික ආබාධ පිළිබඳ සඳහන් වන ජාතක කතා 75ක් – 80ක් පමණ ජාතක කතා පොතෙන් සොයාගත හැකි යි. ඉහත දැක්වූ මානසික රෝග වර්ගීකරණයේ සඳහන් මෝහ උන්මාදය බුද්ධිය අඩු වීම නිසා හට ගන්නා ආබාධයකි. ආචාරි ජාතකය හා නංගුලිස ජාතකය තුළ මන්දබුද්ධික ආබාධ මැනවින් විස්තර කැරේ. සුරා උන්මාදය පිළිබඳවත් එසේ ම යි. සුරාව, මත්ද්‍රව්‍ය භාවිතයෙහි ආදීනව මෙන් ම එහි උපත ගැනත් කුම්භ ජාතකයෙහි සඳහන් වේ. විෂාදය නැත හොත් ව්‍යසන උන්මාදය ගැන පවා ජාතක පොතේ විස්තර වී තිබේ.

මේ ලෝකයේ බහුල ව ම ඇති මානසික රෝගයත් අඩුවෙන් ම මිනිසුන් හඳුනාගන්නා රෝගයත් විෂාදය බවයි වෛද්‍යවරුන්ගේ අදහස. කුස ජාතකයෙහි කුස රජු සහ උම්මදන්ති ජාතකයෙහි රජු ප්‍රේමය නොලැබී යෑම නිසා විෂාදයෙන් පෙළුණු බවත්, උම්මග්ග ජාතකයෙහි කාවින්ද පඬිවරයා විටෙක පිස්සු බල්ලකු මෙන් හැසිරුණු බවත් සඳහන් වේ. නූතන මනෝ විද්‍යාව මෙය හඳුන්වන්නේ ආවේශ වීම (Possession) හා අපස්මාරය (Epilepsy) ලෙස යි.

ළමා අපහරණ, මත්පැනට ලොල් වීම ආදිය ගැන දැක්වෙන ජාතක කතා ද කිහිපයකි. ධර්මද්වජ ජාතකයේ එන චත්තපානී රජුගේ කතාව ඊට එක් උදාහරණයකි.

ඉහත ද දැක්වූ වොල්පෙ නම් මනෝ වෛද්‍යවරයා මීයන්ට බය දරුවකුගේ එම බිය නැති කිරීම සඳහා මනෝ ප්‍රතිකාර ක්‍රමයක් සොයාගත් බව සඳහන් වේ. බොහෝ වෛද්‍යවරුන් වර්තමානයේ භාවිත කරන මෙම ප්‍රතිකාර ක්‍රමය පිළිබඳ ව ජාතක පොතෙහි සඳහන් ව තිබීම විස්මයජනක කරුණක් නො වේ ද? ජාතක පොතේ සංකප්ප ජාතකයෙහි එන අසනීඝත්ත කුමරුගේ කතාව එයට හොඳ උදාහරණයකි. උපන්දා සිට කාන්තා ඇසුර අපි‍්‍රය කළ, කාන්තාවන් කෙරෙහි බියජනක අප්‍රසන්නතාවකින් යුතු වූ අසනීඝත්ත කුමරුන් කාන්තා ඇසුරට යොමු කළ ක්‍රමය වොල්පෙගේ මනෝ ප්‍රතිකාර ක්‍රමයට සමාන බවයි පොතපතෙහි දැක්වෙන්නේ.

තවත් ජාතක කතාවක ඉස්තාලයක සේවය කළ කොර මිනිසා ඉවත් කිරීමෙන් පසු අශ්වයා පෙර පරිදි හොඳින් ඇවිද ගිය ආකාරය පිළිබඳ පුවතක් දැක්වෙයි. අද “මොඩ්ලිං” යනුවෙන් හඳුන්වන මනෝ චිකිත්සක ක්‍රමය සහ ජාතක පොතේ සඳහන් මෙම කතාව අතර ඇත්තේ අතිමහත් සමීප බවකි.

මෙයට අමතරව පෞරුෂ ව්‍යාබාධ පිළිබඳ පුවත් සලිත්ත ජාතකයෙහිත්, චුල්ල ධර්මපාල ජාතකයෙහිත් සඳහන් වෙයි. එමෙන් ම මනෝ කායික රෝග යනු මානසික හේතුවක් මුල් කරගෙන කායික වශයෙන් පීඩා ඇතිවීම යි.

බැංගලෝරයේ පැවති ගෝලීය ආධ්‍යාත්මික විද්‍යාඥයන්ගේ සමුළුවේදී විශ්‍රාමික ඉන්දීය හමුදා නිලධාරියකු වූ ගුරුපී‍්‍රත් සිං මහතා මනෝ කායික රෝග පිළිබඳ ව පැහැදිලි කරමින් ඉදිරිපත් කළ අදහසක් මෙහිදී සඳහන් කිරීම වැදගත් යැ යි සිතේ. ඔහු පවසන්නේ යම් යම් කරුණු ගැන ඇති බිය, නොයෙකුත් වෛරස්, බැක්ටීරියා හා අහිතකර බලවේගයන්ට සිරුරට ඇතුළු වීමට පාර කපනා බව යි. අතීතය පිළිබඳ ශෝකය, දිගින් දිගට පෝෂණය කරමින් පවත්වාගෙන යන වෛරය, තමන් කළ වැරදි පිළිබඳ පසුතැවීමෙන් ඇතිවන පීඩනය ආදි කරුණු හේතුවෙන් සිත දුර්වල වන බවත්, එය කායික රෝග රැසක ආරම්භය බවත් ඔහු පවසයි. එහෙත් බොහෝ දෙන තම සිත විමසා එවැනි විෂබීජ තමා විසින් තම සිත තුළ තැන්පත් කරගෙන ඇති බව වටහාගැනීමට අකැමැති ය. කෝපය සහ වෛරය ආඩම්බරයට හේතුවක් කරගන්නා ඔවුහු තමන් අවිද්‍යාව නම් මඩ ගොහොරුවේ එරී සිටිනා බව පිළිගැනීමට අකැමැති වෙති.

අපගාමී ලිංගික චර්යා පිළිබඳ ව ද ජාතක පොතේ සඳහන් වේ. බාහිය ජාතකයේ එබඳු අපගාමී ලිංගික චර්යා තුනක් දැක්වේ. ඒවා නම් මළපහ කිරීම දැකීමට ඇති අසාමාන්‍ය ආශාව, මූත්‍ර කරනු දැකීමට ඇති අසාමාන්‍ය ආශාව හා මහත කාන්තාවන් සම්බන්ධයෙන් වූ අසාමාන්‍ය ආශාව යි. මෙයට අමතර ව කුණාල ජාතකයෙහි තවත් මෙවැනි අසාමාන්‍ය ලිංගික චර්යා කිහිපයක් පිළිබඳ සඳහන්වේ. අධික කාමාශාව, ලිංගික හැසිරීම් හොරෙන් බලා සිටීම, ලිංගිකත්වය ප්‍රදර්ශනය කිරීම, කණ්ඩායම් ලිංගික හැසිරීම, ආබාධිතයන් සමඟ ලිංගිකව හැසිරීමට ඇති ආශාව ආදිය ඒ අතර වේ.

නූතන සමාජයේ බොහෝ දෙනකු මෙබඳු ආබාධවලින් පෙළෙන බව නොරහසකි. විරුද්ධ ලිංගික වෙස්ගැනීමේ මානසික රෝගය පිළිබඳ කතා පුවතක් ජාතක පොතේ ඉතිපිසෝ ජාතකයෙහි දැක්වේ. වර්තමානයේ මෙම රෝගයෙන් පෙළෙන බොහෝ දෙනා මහමඟදීත්, බස් රථ තුළදීත් ඕනෑ තරම් ඔබට හමු වී ඇති. ස්ත්‍රී ආභරණ පැලඳීම, කොණ්ඩය වැවීම, නොයෙකුත් බාහිර ආලේපන තැවරීම ආදියෙන් ස්ත්‍රී වෙස් ගැනීමට උත්සාහ දරන පිරිමි ද, පිරිමින්ගේ ඇඳුම් පැලඳුම්වලින් හා පිරිමි හැසිරීම් රටා මතු කර පෙන්වමින් පිරිමි වෙස් ගැනීමට උත්සාහ දරන ගැහැනු ද සමාජයේ විරල නො වෙති.

අංගුත්තර නිකායේ දසම නිපාතයේ සඤ්ඤා වංග්ගයේ බුදුන් වහන්සේ මනෝ විරේචනය (Cathasis) කළ බව දැක්වේ: “මහණෙනි, වෛද්‍යවරු වාතයෙන්, පිතෙන්, සෙමෙන් හටගත් රෝග සුව කිරීමට විරේචන බෙහෙත් දෙති. මහණෙනි, මම ද ආර්ය විරේචනය කරවන්නෙමි. ඒ විරේචනය නිසා ජාති, ජරා, මරණ ස්වභාව කොට ඇති සත්ත්වයෝ, ජාති, ජරා, මරණාදියෙන් මිදෙති.

එහි ම මෙසේ ද දැක්වේ: “මහණෙනි, වෛද්‍යවරු පිතෙන්, සෙමෙන් වාතයෙන් හටගත් රෝගවලට වමනය කරවත්. මහණෙනි, මම ද ආර්ය වමනය කරවන්නෙමි. ඒ වමනයෙන් ජාති, ජරා, මරණ, සෝක, පරිදේව, දුක්, දොම්නස්, උපායාස ස්වභාව කොට ඇති සත්ත්වයෝ ඒවායෙන් මිදෙත්.”

බුදුන් වහන්සේට පෘථග්ජන සියල්ලන් ම පෙනී ඇත්තේ පිස්සන් මෙනි (උම්මත්තකා වියහි සබ්බේ පුථුජ්ජනා දිස්සන්ති). එක් අවස්ථාවක

උන් වහන්සේ දේශනා කළේ “සබ්බේ පුථුජ්ජනා උම්මත්තකා” යනුවෙනි. එනම් සියලු

පෘථග්ජනයන් මානසික රෝගීන් ලෙස ය. සල්ලේඛ සූත්‍රයෙහි සඳහන් වන මානසික රෝග 44 විමසා බැලීමේදී මෙහි සත්‍යතාව මනාව වැටහේ.

ඉහත ද දැක්වූ පරිදි බොහෝ දෙන සිරුරින් නීරෝගි වුවත් මනසින් රෝගීහු වෙති. බුදුහු මිනිසාගේ සිතෙහි ඇතිවන කෙලෙස් ලෙඩ මැනවින් දැන, රෝගයේ නිදානය හොඳින් වටහාගෙන එයට සුදුසු ඖෂධ නියම කළහ. එබැවින් උන් වහන්සේ වරක් සේල නමැති බමුණා හට “බමුණ, මම සම්බුද්ධ වෙමි. එමෙන් ම ශ්‍රේෂ්ඨතම ශල්‍ය වෛද්‍යවරයා ද වෙමි” යි පැවසූහ. (“සෝහං බ්‍රාහ්මණ සම්බුද්ධෝ, සල්ලකත්තෝ අනුත්තරෝ”) – සුත්ත නිපාතය – සේල සූත්‍රය.

මෙහි ශල්‍යකර්ම යනුවෙන් අදහස් කළේ රාගාදි කෙලෙස් නමැති ගෙඩිය පැළීම යි.

අපදාන පාලියේ 509 වන ගාථාවේ මෙසේ දැක්වේ:

“මහා භිසක්ක සංකාසෝ – දෝසනාධිතිකිච්ඡකෝ

සල්ලකත්තෝ යථාසෙට්ඨා – දිට්ඨිගණ්ඩ විචාලකෝ”

දෝස නමැති රෝගයට ප්‍රතිකාර කළ වෛද්‍යවරයකු වූ බුදුන් වහන්සේ දෘෂ්ටිය නමැති ගෙඩිය පළන ශ්‍රේෂ්ඨ ශල්‍ය වෛද්‍යවරයකැ යි මෙයින් අදහස් කැරේ. මිනිසුන්ගේ සිත් තුළ ඇනී ඇති රාගාදි උල් ඇදදැමූ අපගේ සම්බුද්ධ පියාණෝ වරක් භික්ෂූන් අමතා “මහණෙනි, ධර්මය තරම් හොඳ ඔසුවක් නොමැත. එය පානය කරව්” යනුවෙන් වදාළහ.

මෙවැනි ම අදහසක් අංගුත්තර නිකායේ ද දැක්වේ. “මහණෙනි, මම දහම් දෙසුම මැනවැ යි යනුවෙන් කරන ඉල්ලීම පිළිගැනීම සඳහා සුදුසු කාලයක සේදූ අත් ඇතිව සිටින ශල්‍ය වෛද්‍යවරයෙක්මි” යනුවෙන් එහි සඳහන් වේ.

බෞද්ධ මනෝ චිකිත්සාව තුළ සත්වැදෑරුම් චිකිත්සක ක්‍රමයක් හඳුනාගත හැකි ය. සබ්බාසව සූත්‍රයෙහි දැක්වෙන මෙම චිකිත්සක ක්‍රම හත නම්:

1. දස්සනා (කාමාදි ආසවයන්ගේ ආදීනව දැකීම)

2. සංවරා (ඉන්ද්‍රියන්ට ගෝචර වන අරමුණු හොඳ ලෙස නොගැනීම)

3. පටිසේවනා (ජීවිතය පවත්වා ගැනීම පිණිස සිව්පසය පරිභෝජනය)

4. අධිවාසනා (ශීත, උෂ්ණ, කුසගිනි හා මැසි මදුරු කරදර ඉවසා විඳ දරා ගැනීම)

5. පරිච්ඡනා (කෙලෙස් ප්‍රකෝප කරන කරුණුවලින් ඈත් වී සිටීම)

6. විනෝදනා (කාමුක හැඟීම්, ද්වේෂ සහගත හැඟීම් ආදී ලාමක අදහස් දුරලීම)

7. භාවනා (සමථ, විදර්ශනා ආදි භාවනා වැඩීම)

මෙමඟින් ද සනාථ වන්නේ නූතන උපදේශන සේවාවන් අබිබවා ගිය බෞද්ධ මනෝ උපදේශන සේවාවක් බුදුන් වහන්සේ සිදු කළ බව යි. එමෙන් ම සංයුත්ත නිකායේ අනුරුද්ධ සූත්‍රයේ දැක්වෙන්නේ බුදුන් වහන්සේ පන්සාළිස් වසරක් පුරා දේශිත මධුර ධර්මය වූකලි අන් දෙයක් නොව මිනිසා විසින් දුක ඇති කරගන්නා ආකාරය සහ ඉන් මිදීමේ මාර්ගය බව යි. සුවාසූ දහසක් ධර්ම ස්කන්ධය යනු මෙය යි. මිනිසා විඳින්නා වූ මෙම දුකින් ගලවාගැනීමට බුදුන් වහන්සේ උපදේශනය මෙන් ම මනෝ ප්‍රතිකාර ක්‍රම ද භාවිත කළ බව බෞද්ධ පොතපතෙහි දැක්වේ. බුදු දහමේ පදනම චතුරාර්ය සත්‍ය ධර්මය වන අතර, ඒ තුළ සියලු මනෝ විද්‍යාත්මක කරුණු අන්තර්ගත ව ඇත.

නූතන උපදේශන ක්‍රියාවලිය තුළදී සිදු වන්නේ ද පුද්ගලයාගේ දුක හඳුනාගෙන එයට හේතු සොයා ඒවා එම පුද්ගලයාට ම පෙන්වා දී ඉන් මිදීමේ මඟ ද හෙළිපෙහෙළි කර දීමකි. උපදේශකවරයා මඟපෙන්වනවා පමණි. බුදුන් වහන්සේ ද අවධාරණය කර ඇත්තේ තමා මඟපෙන්වන්නකු පමණක් බවත් නිවන, සැනසීම ළඟා කරගත යුත්තේ ඒ ඒ පුද්ගලයන් විසින් ම බවත් ය.

“තුම්මේහි කිච්චං ආතප්පං – අක්ඛාතාරෝ තථාගතා” යනුවෙනුත් “අත්ථ දීපා විහරත – අත්ථ සරණ, අනඤ්ඤ සරණ” යනුවෙනුත් තම විමුක්තිය තමා විසින් ම උදා කරගත යුතු බව බුදුන් වහන්සේ පෙන්වා දී ඇත.

එමෙන් ම ඒ ඒ පුද්ගලයාගේ චරිත ස්වභාවය, පෞරුෂත්වය අනුව උපදේශනය ද විවිධ විය. චුල්ලපන්ථක තෙරුන් හට සුදු රෙදිකඩක් පිරිමැදීමට දීමත්, උපතිස්ස – කෝලිත දෙදෙනාට ධර්මය දේශනා කිරීමත් අතර ඇත්තේ එම විවිධත්වය යි. සහෝදරයාගේ ආදරය ද, ආරක්‍ෂාව ද නොලැබ අසරණ ව සිටි චුල්ලපන්ථක හිමියන් ළඟට වැඩි බුදු හිමියන් ක්‍රියා කළ සැටි, රහත් ඵලය ලද පසු ඒ හිමියන් විසින් ප්‍රකාශ කර ඇත්තේ මෙසේ ය:

“භගවා තත්ථ ආගඤ්ජි – සීසා මය්හං පරාමසී

බාහාය මං ගහෙත්වාන – සංඝාරාමං පවේසසී”

(ථෙරගථා පාලි)

“භාග්‍යවතුන් වහන්සේ එතැනට වැඩි සේක. මගේ හිස අතගෑහ. මා අතින් අල්ලාගෙන සංඝාරාමයට කැඳවාගෙන ගියහ.”

මෙම ප්‍රකාශයෙන් තහවුරු වන්නේ ආරක්‍ෂාව, ආදරය වැනි චිත්තවේග පුද්ගලයා අභිප්‍රේරණය කිරීමෙහිලා ඉතා ප්‍රබල සාධක වන බව යි. ආදරය හා පිළිගැනීම, ආත්ම සම්මානනය ආදිය ප්‍රධාන වශයෙන් ම මානසික වූ කරුණු ය.

තම මුළු පවුල ම විනාශ වීමෙන් බලවත් මානසික පීඩනයකින් යුතු ව බුදුන් වහන්සේ වෙත පැමිණි පාටාචාරාවන්ට “නැගණියනි, සිහි ඇති ව සිටින්න” යනුවෙන් කළ මුදු මොළොක් ආමන්ත්‍රණය ම ඇය තුළ විශාල මානසික පරිවර්තනයක් සිදු කිරීමට ප්‍රමාණවත් විය. එමෙන් ම තම එක ම දරුවා මිය යෑමෙන් ශෝකයෙන් පීඩිත ව සිටි කිසාගෝතමියට කිසිවකුත් නොමළ ගෙයකින් අබ මිටක් රැගෙන එන ලෙසට පවසා ප්‍රායෝගික අත්දැකීමක් තුළින් ඇයට ම සත්‍යය අවබෝධ කරගැනීමට ඉඩ සලසාලීම කදිම උපදේශන ක්‍රියාවලියක් නො වේ ද?

බුද්ධ චරිතයෙන් පවා පෙනෙන්නේ විවිධාකාර පුද්ගලයන් නපුරින් තොර ව දමනය කිරීමට තැනට ගැළපෙන ආක්‍රමණශීලීත්වයෙන් යුතු ව මානසික ක්‍රමෝපායන් උපයෝගී කරගත් ආකාරය යි. අංගුලිමාල, නාලාගිරි, චිංචිමාණවිකාව හා සච්චක ආදීන් වෙත දමනය යොමු වූයේ විවිධ ආකාරයෙනි. භද්ද වග්ගිය කුමාරවරුන්ට තමන් කවරෙක් දැ යි හඳුනාගන්නා ලෙස උපදෙස් දීම ද කදිම මනෝ විද්‍යාත්මක පාඩමකි.

අසිබන්ධනපුත්ත ගාමිණී ඇසූ පැනයකට පිළිතුරු දෙමින් බුදුන් වහන්සේ පැවසූයේ දක්‍ෂ ගොවියකු සරුසාර කෙත, මධ්‍යම ප්‍රමාණයේ සරු කෙත හා නිසරු කෙත පිළිවෙළින් වපුරන්නා සේ ඒ ඒ පුද්ගලයන්ගේ බුද්ධි මට්ටම් අනුව තමන් දහම් දෙසන බව යි. උගටිතඤ්ඤ, විපවිතඤ්ඤ, ඤෙයිය, පදපරම වශයෙන් පුද්ගල බුද්ධි මට්ටම් විවිධ බව අංගුත්තර නිකායයේ සඳහන් වේ.

බ්‍රිතාන්‍ය මනෝ විද්‍යා සංගමයේ සභාපතිවරයා ව සිටි මහාචාර්ය රොබට් එච්. තෞලස් (අධඡඥපබ ඩ්. ඊඩධභතඥඵ) නම් වූ මනෝ විද්‍යාඥයාට අනුව “මුල් බුදුසමය සම්පූර්ණයෙන් ම මනෝ චිකිත්සාවකි.” බුදු දහම නූතන මනෝ විද්‍යාව හා සසඳමින් හෙතෙම මෙසේ ද ප්‍රකාශ කරයි: “නූතන මනෝ චිකිත්සාවෙහි අරමුණ රෝගියා මෙලොව වශයෙන් පමණක් නො ව, සංසාරික වශයෙන් ද සමනය කිරීම ය. එය මෙලොවදී ම නොකළ හොත් අනාගත භවයන් කරා ද රැගෙන යා යුතු බරක් වෙයි.”

බුදුන් වහන්සේගේ භාවනා ක්‍රමය සම්පූර්ණ මානසික සෞඛ්‍යයත්, සාමයත්, ශාන්තියත් ලබා දෙන බව වල්පොළ රාහුල හිමියෝ සිය “බුදුන් වදාළ ධර්මය” නම් කෘතියෙහි සඳහන් කර ඇත. බෞද්ධ භාවනාව මානසික අසමබරතාවෙන්, ආතතියෙන් හා නොයෙක් පීඩනයන්ගෙන් අසහනයට පත් ව සිටින පුද්ගලයන් හට භාවිත කළ හැකි ප්‍රතිඵලදායක ප්‍රතිකාර ක්‍රමයක් ලෙස සැලකේ. බෞද්ධ භාවනාවේ ඇති මනෝ විද්‍යාත්මක වටිනාකම පිළිබඳ ව වර්තමානයේ බොහෝ බටහිර රටවල් පර්යේෂණවල නිරත වී සිටියි. භාවනාවේ මනෝ විද්‍යාත්මක හා මනෝ චිකිත්සකමය වටිනාකමක් ඇති බව ඔවුන්ගේ පර්යේෂණ මගින් ද සනාථ වී ඇති අතර, එය ඇතැම් මානසික ආබාධයන්ට යෝග්‍ය ප්‍රතිකාරයක් ලෙස ද ඔවුහු යෝජනා කරති.

නමුත් බටහිර විශේෂඥයන්ගේ පර්යේෂණාගාර ප්‍රතිඵල ලැබෙන්නට වසර දහස් ගණනකට පෙර සිට ම ලක්දිව බෞද්ධයෝ භාවනාව උපදේශනය සඳහාත්, ප්‍රතිකාර සඳහාත් යොදාගත් බවට සාධක ඕනෑ තරම් තිබේ. බුදු දහමට අනුව කාමය මානසික ගැටලු කෙරෙහි බෙහෙවින් බලපායි. කෝපය ද එසේ ම ය. කාමය නිසා ඇලීම, තණ්හාව, රාගය යනාදි ආවේග පහළ වේ. එවැනි ආවේග සංසිඳුවා සිත පහන් කිරීම සඳහා සුදුසු ම ප්‍රතිකාරය භාවනාව බව යි, බෞද්ධ ඉගැන්වීම.

බෞද්ධ භාවනාව මෙන් ම පිරිත් සජ්ඣායනය ද ඉතා හොඳ මානසික ප්‍රතිකාර ක්‍රමයක් ලෙස සැලකේ. පිරිත් දේශනා කරන ශෛලිය හා ස්වර රටා මගින් රෝගියාට මහත් මානසික සහනයක් අත් වේ. පිරිත් නූල් බැඳීම, පිරිත් පැන් පානය ආදියෙන් රෝගියාගේ ආරක්‍ෂාව තහවුරු කළ බවට ඔහු තුළ මානසික හැඟීමක් ජනිත වන අතර එය මමෝ විරේකයක් ලෙස සැලකේ.

බෝධි පූජාව ද ශබ්දය පදනම් කරගෙන බිහි වූවකි. කායික හා මානසික රෝගීන්ට ඖෂධවලට අමතර ව මෙබඳු බෞද්ධ මානසික ප්‍රතිකාර ක්‍රම අතීතයේ සිට ම සිදු කර ඇති බවට සාධක හමු වේ.

මූලික වශයෙන් ගත් කල බුදු සමය යනු වෙදකමකි. පරමාර්ථය වූ විසඳුමක් හැටියට සලකන ඖෂධයක් නිර්දේශ කරන එක ම දහම එය යි. ඉහත ද සඳහන් කළ පරිදි බුදුන් වහන්සේ යනු කායික හා මානසික රෝග පිළිබඳ ශ්‍රේෂ්ඨතම වෛද්‍යවරයාණෝ ය. මක් නිසා ද යත්: සියලු ආකාරයේ රෝගවල උපත වන සංසාර දුකට උන් වහන්සේ ඖෂධ නියම කරන නිසා ය. “සත් හට වන බව දුකට වෙදාණන්” යනුවෙන් වීදාගම මෛත්‍රී හිමියෝ ලෝවැඩ සඟරාව ආරම්භයේදී ම පෙන්වා දෙන්නේ ද එබැවිනි.

වැවයි – දාගැබයි, ගමයි – පන්සලයි යන සංකල්පය අනුව අතීත ලක්දිව බුදු දහමත්, බෞද්ධයාත්, පන්සලත් එකිනෙකින් වෙන් කළ නොහැකි සේ දැඩි ව බැඳී තිබිණි. එකල විහාරය උපදේශන මධ්‍යස්ථානයක් ලෙස පැවති අතර, පුද්ගල චිත්ත ශක්තිය සංවර්ධනය කිරීමෙහිලාත්, මානසික ආබාධවලින් වැළකී සිටීමෙහිලාත් වූ උපදේශන ක්‍රියාවලිය පන්සලේ නායක හාමුදුරුවන් විසින් මෙහෙයවන ලදි.

අද ජනතාව පන්සලෙන් ඈත් වී ඇති අතර, පන්සල උපදේශන ක්‍රියාවලියෙන් බැහැර වී ඇත. බුදු සමය හා බැඳුණු බෞද්ධ උපදේශන ක්‍රියාවලිය පන්සලෙන් වියෝ වීමේ ආදීනව සමාජය දෙස විමසිල්ලෙන් බලන කා හට වුව ද පෙනේ.

පරම නිෂ්ඨාව වශයෙන් දේව සහතාව ප්‍රතික්ෂේප කරන නිර්වාණයෙහි ස්වීයත්වය

පරම නිෂ්ඨාව වශයෙන් දේව සහතාව ප්‍රතික්ෂේප කරන නිර්වාණයෙහි ස්වීයත්වය

source:

බුදු රජාණන් වහන්සේගේ ශාස්තෘත්වය දිව්‍යමය ලෙස විනිශ්චය වූවක් නො වේ. උන්වහන්සේගේ ධර්මය දෙවියන් වෙතින් ආ පණිවිඩයක් මනුෂ්‍යා වෙත ශුභාරංචියක් ලෙස ප්‍රකාශ වූවක් ද නො වේ. ලෝකයේ දේවවාදී ආගම් වල දක්නට ලැබෙන කිසිවක් බුදු සමයට සාධාරණ නැත. බුදු දහමේ ස්වාධීනත්වය මෙය යි. එසේම, එහි දැක්වෙන පරම නිෂ්ඨාව වන නිර්වාණය ද අනන්‍ය ලක්ෂණ ප්‍රකට කරයි. නිර්වාණය දේවවාදී ආගම් වල මෙන් විනිශ්චිත බාහිරාධිකාරයක් තුළින් පිරිනමන්නක් නො වේ.

“ලොව සියලු ආගම් වල අවසාන අපේක්ෂාව ශුද්ධත්වය යි. එය ලබා ගැනීම සඳහා අනුගමනය කළ යුතු ක්‍රියාමාර්‍ග වල වෙනස් කම් බොහෝ බව අප වටහාගත යුතු ප්‍රධානතම සාධකය යි.”

මේ බෞද්ධ නිර්වාණධාතුවේත්, ඒ සඳහා උපයුක්ත මාර්ගයේත් ස්වාධීනත්වය අදෘෂ්ට ප්‍රකාශයකි. නිවන වනාහි, සෝවාන්, සකෘදාගාමී, යනාදි මඟ පිළිවෙලින් ප්‍රත්‍යක්ෂ කට යුත්තක් විනා අන්‍ය ප්‍රතිපදා මාර්ගයකින් ප්‍රත්‍යක්ෂ කළ නො හැකි බව කිව යුතු ය. බෞද්ධ පාරිශුද්ධත්වය ආරම්මණය කොට ගත් මාර්ගයෙහි ක්‍රමිකාවස්ථා චතුරාකාර ය. ඒවා සංසිද්ධ වනුයේ දස සංයෝජන අනවශේෂාකාරයෙන් මූලෝත්පාටනය කිරීමෙනි. මෞලික ත්‍රිත්වය වන සත්කායදෘෂ්ටි, විචිකිච්ඡා, ශීලව්‍රතපරාමර්ශන ප්‍රහාණය කිරීමෙන් ක්‍රමික නිර්වාණ ලාබයෙහි මූලාවස්ථාව වන සෝතාපත්ති ලාභය හිමි වේ. සත්කායදෘෂ්ටි, විචිකිච්ඡා, ශීලව්‍රතපරාමර්ශන අන්තර්ගතව කාම රාග, ප්‍රතීඝ අර්‍ධ වශයෙන් ප්‍රහාණය කිරීමෙන් ක්‍රමික නිර්වාණ ලාබයෙහි ද්විතීයාවස්ථාව වන ලෞකික දුක්ඛයනට පුනරාගමනය එක් වාරයකට සීමිත වන සකෘදාගාමී ලාභය හිමි වේ. සත්කායදෘෂ්ටි, විචිකිච්ඡා, ශීලව්‍රතපරාමර්ශන, කාම රාග, ප්‍රතීඝ පූර්‍ණ වශයෙන් නටුවා වූ බවට පත් කිරීමෙන් කාම ලෞකික දුක්ඛයකට පුනරාගමනයක් නොවන අනාගාමීත්වය හිමි වේ. එසේම, සත්කායදෘෂ්ටි, විචිකිච්ඡා, ශීලව්‍රතපරාමර්ශන, කාම රාග, ප්‍රතීඝාන්තර්ගතව රූප රාග, අරූප රාග, මාන, උද්ධච්ච, අවිද්‍යා පූර්‍ණ වශයෙන් නටුවා වූ බවට පත් කිරීමෙන් ලෞකික දුක්ඛයකට පුනරාගමනයක් නො වන අර්හත්භාවයට පිළිපන්න වූවේ වෙයි. (This purification or liberation has many stages. The well-known four stages, namely, sothāpanna (stream-entrant), sakadāgāmi (once retuner), anāgāmi (non-returner) and arahanta (worty-one) characterize the gradual process of purification or liberation. The texts elaborate bonds (saññojana) as ten. They are : personality belief, skeptical doubt, clinging to mere rules and ritual, sensuous craving, ill-will, craving for fine-material existence, craving for immaterial existence, conceit, restlessness and ignorance. The first five are called lower feeters and the other five higher feeter. Of them the first three are eradicated at the first stage of liberation; in the second stage the next two are softend; these two are completely eradicated at the third stage)

පරම නිෂ්ඨාවක් උදෙසා වූ මෙවැනි ක්‍රමික මානසික සංශෝධන ක්‍රියාවලියක් අන්‍යාගම්හි අදෘෂ්‍යමාන ය. බෞද්ධ දර්ශනය තුළ ප්‍රකට වන මෙම ස්වාධීන වූ ක්‍රමික මානසික සංශෝධන ක්‍රියාවලියේ සමාන්තය ද බුද්ධ ධර්මය තුළ පමණක් ප්‍රකට වන ස්වීය ලක්ෂණයකි. එයට නිර්දිෂ්ට වෙනත් මාර්‍ග තිබිය නො හැකි ය. දෘෂ්ටි ප්‍රතිග්‍රහණයෙන් වියුක්ත වී ප්‍රතීත්‍යසමුත්පන්න (Dependent Origination) දර්ශනයෙන් යුක්ත ව (දිට්ඨිඤ්ච අනුපගම්ම සීලවා දස්සනේන සම්පන්නෝ) , ශීලව්‍රතපරාමර්ශනයෙන් වියුක්ත වී ආර්යාෂ්ඨාංගික මාර්‍ගාභිවෘද්ධියෙන් පමණක් අධිගමනය කළ යුත්ත කි. තත් භාවය දිව්‍යමයාධිකාරානුකූලව එනම් දිව්‍යමය විනිශ්චයකින් ලැබෙන ශුද්ධත්වය (purification)ක් නො වේ. නියත්‍යනුකූලව, අහේතුකව හෝ අප්‍රත්‍යව හෝ ලැබෙන්නක් ද නො වේ. මානව කේන්ද්‍රී (Anthropocentric) ධර්මයක් වන බුද්ධ ධර්මය දේව කේන්ද්‍රීය (Theocentric) ආකල්පයන්ට සම්පූර්ණයෙන් ප්‍රතිපක්ෂ වේ. (අත්තාණෝ අයං ලෝකෝ අනභිස්සරෝ) නිර්වාණාවබෝධය පූර්‍වාශ්‍රුත ධර්‍මයක චක්ෂුරාමනය, ඥානාධිගමනය, ප්‍රඥාධිගමනය, විද්‍යාධිගමනය, ආලෝකාධිගමනය යි. (පුබ්බේ අනනුස්සුතෙසු ධම්මේසු චක්ඛුං උදපාදි ඤාණං උදපාදි පඤ්ඤා උදපාදි විජ්ජා උදපාදි ආලෝකෝ උදපාදි) එයට තුල්‍ය ධර්මයක් පූර්වයෙහි අවිද්‍යාමාන වූවේ ය. වර්‍තමානයෙහි ද නො වේ. අනාගතයෙහි ද නොවන්නේය. එයට පුනරූනපූර්‍ණානාවශ්‍යක ය. සංශෝධනානාවශ්‍යක ය. ලොව ඒකීය සත්‍යයක් විනා ද්විත්වයක් ප්‍රවෘත්ත නො වන බව දත යුතු ය.

නිර්වාණය වනාහි කරජ ශරීරයෙහි සංසිද්ධ පරිණාමයක් නොව මානසිකාභිවාද්ධියේ අග්‍රාවස්ථාව යි. එම නිසා බුදු සමය තුළ වෙනත් දර්ශනයක නො දැක්වෙන පරිදි මනෝවිද්‍යානුකූල පාරිභාෂික වචන ප්‍රචුරාකාරයෙන් ප්‍රභාවිත බව “Rune Johaison” සඳහන් කරයි.

“Anybody with a good knowledge of psychology and its history who reads the Pali nikāyas must be struck by the fact that the psychological terminology is richer in this than in any other ancient literature and that more space is devoted to psychological analyses and explanations in this than in any other religious literature”

රාග, ද්වේෂ, මෝහ, අවිද්‍යා, ප්‍රතීඝ, ප්‍රපංච, ව්‍යපාද ඒ සඳහා දෘෂ්ටාන්ත කිහිපයකි. ඒවා මනෝක්ෂේත්‍රගත පාරිභාෂික වචනයෝ වෙත්. සංසාර ප්‍රවර්තනයට ප්‍රතිෂ්ඨාධාර වනුයේ මනෝක්ෂේත්‍රගත එම තත්වයන් බවත්, ඒවායෙහි මූලෝත්පාටනය ම සංසාර නිවෘත්තියට මාර්‍ගය බවත් බුදු දහමෙහි දර්ශිත ය. ඇතැම් අවස්ථාවන්හි නිවන ‛නිශ්ප්‍රපංච’ නමින් හැඳින්වෙනාතර නිවන සඳහා වූ මාර්ගය ‛නිශ්ප්‍රපංච පථ’ නමින් හැඳින්වේ. ප්‍රපංචාවස්ථාව යනු ආරම්මණයක නිමග්න පුද්ගල චින්තනයෙහි කල්පනයෙන් සංස්කෘත විස්තෘත ගාම්භීරාවස්ථාවකි. බාහ්‍යාරම්මණයක් ලැබුණු විට පුද්ගලයා වේදනා තත්වයෙන් නො නැවතී, ”යං වේදේති තං සඤ්ජානාති” යනාකාරයෙන් තදාරම්මණයෙහි සංජානනය, විතර්කනය, ප්‍රපංචනය ආදියෙහි ස්වකීය චින්තනය හසුරුවා තදාරම්මණයෙහි සකර්තෘක වී අවසානයෙහි හෙතෙම තත් කාර්යාවලියෙහි අනුක්ත වී ප්‍රපංචකරණයෙහි නිමග්න චිත්තයෙහි වේතනික භාවයට ප්‍රාප්ත වේ. තදාකාරයෙන් මධුපිණ්ඩික සූත්‍රයෙහි සංසාර ප්‍රවර්තනයට ප්‍රතිෂ්ඨාධාර වන සංස්කාරෝද්ගමනය තෙක් සිදුවන මානසික විකෘතියෙහි සංසිද්ධාකාරය ප්‍රවිචයට ලක් කරනු පෙනේ.් ස්වාභාවිකව සිදුවන “ඵස්ස පච්චයා වේදනා” යන තත්වයෙන් ඉදිරියට කල්පනය නො කිරීම නිෂ්ප්‍රපංචත්වය යි. එවිට සංස්කාරෝද්ගමනය සඳහා වූ ප්‍රස්ථාවන් පුද්ගල මනස තුළ අභව්‍ය ය. මෙයින් නිර්වාණය කෙතරම් මනෝවිද්‍යානුකූල ද යනු පෙනේ. ප්‍රකට කාරණය නම් විමුක්තිය පුද්ගල මනස තුළ ම ඇති දෙයකි. එය බුදු රජාණන් වහන්සේට පමණක් අනන්‍ය නො වූවකි. බුද්ධ වචනයෙහි ප්‍රායෝගික වීමෙන් චිරාත්කාලාතික්‍රමණයකට පූර්ව ස්වීය ඥානයක් බවට පත්කර ගත හැක්කකි. (අහං ධම්මං දේසේමි. යථානුසිට්ඨං තථා පටිපජ්ජමානො න චිරස්සේව සාමඤ්ඤේව ඤස්සති සාමං දක්ඛිති) එය ඉතා පැහැදිලිය වෙනත් ඉගැන්වීවල මෙන් භෞතික ශරීරය මෙහෙයවා ආගමික ශාස්තෘවරයා තෘප්ත කිරීමට කළ යුත්තකින් හෝ ආගම්සමෘද්ධෝද්දේශිකත්වය සඳහා වූ කළ යුත්තකින් හෝ ලැබිය හැකි විමුක්තියක් ප්‍රතිබද්ධව බුදු දහමෙහි සංලක්ෂණය නො වන බව. එය විදර්ශනා වර්ධිත හෘදයෙහි විදුමන් වන අද්විතීය ප්‍රඥා ලාබය යි. බුදු සමයෙහි දැක්වෙන පරම නිෂ්ඨාව වන නිර්වාණයෙහි නවතාව මෙයින් තීව්‍ර වේ.

වැලිදු, ලොව මෙතෙක් පහළ වූ සියලු ආගම් හා දර්ශනයන්හි මෞලික ලක්ෂණය නම් ඒ කිසිවක් ආත්මවාදයෙන් විනිර්මුක්ත නො වීම ය. සද්ධර්ම මාර්ගයට ප්‍රවිෂ්ඨ නො වූ ඕනෑම පුද්ගලයෙකු තුළ අහංකාරත්වය බලප්‍රවර්තනය වේ. නිර්මාණවාදී ආගමක් වන කිතුනු දහමෙහි දැක්වෙන පරිදි පුද්ගලයා යනු භෞතික ශරීරය සහ ආත්මය යන ද්වෛතයෙහි සුසංයෝගයකි. මරණින් සිදු වනුයේ භෞතික ශරීරය හැර යාම පමණක් වන අතර ආත්මය දෙවියන් වහන්සේගේ විනිශ්චයට ලක් වේ. ආත්ම සංඥාව රූපයකාය තුළ ගොඩ නො නැඟුන ද වේදනා, සංඥා, සංඛාර, විඥාන යන එක් අඞ්ගයක් තුළ ද ගොඩ නැඟෙන්නේ නම් ඒ තුළ ආත්මවාදීත්වය ප්‍රකට වේ. (යේහි කෝචි භික්ඛවේ සමණා වා බ්‍රාහ්මණා වා අනේකවිහිතං අත්තානං සමනුපස්සමානා සමනුපස්සන්ති. සබ්බේ තේ පඤ්චුපාදානක්ඛන්ධෙ සමනුපස්සන්ති ඒතේසං වා අඤ්ඤතරං) මෙසේ පඤ්චස්කන්ධයේ එක්තරාංගයක හෝ අවිපරිනාමීය නිත්‍ය පුද්ගල සාරයක් අපේක්ෂා කරන්නේ ක්‍රිස්තු ධර්මයේ පමණක් නො වේ. මේ හැර ඉස්ලාම් වේවා; සරථුස්ත්‍ර වේවා; යුදෙව් වේවා; හින්දු වේවා; නිගණ්ඨ වේවා; බ්‍රාහ්මණ වේවා; තත් සියල්ලෙහි දක්නට ලැබෙන පොදු ලක්ෂණය නම් ඒවා ආත්මවාදයෙන් බැහැර නොවීම යි. අවධාරණය විය යුත්ත නම් ආත්ම සංඥාව පවතින තුරු ආර්ය ප්‍රතිපදාව ආරම්භ නො වේ යන්න යි. භව ප්‍රතිලාභ සංයෝජන අතර මෞලික වන සත්කායදෘෂ්ටිය ප්‍රහාණය කිරීමෙන් ආර්ය ප්‍රතිපදාව ආරම්භ වේ. එම ආර්ය ප්‍රතිපදාවෙහි සමාන්තය ත්‍රෛලෝකෝත්තර අමරණීයත්වය යි.

බොහෝ අන්‍ය ආගමික සිද්ධාන්තයන්හි දක්වන පාරගූත්වයන් මරණින් පශ්චාත් ව ලැබෙන්නකි. මරණින් පශ්චාත් ව පුද්ගලයාට අත්විඳින්නට සිද්ධ වන දෙය ප්‍රතිබද්ධව ඔහුට ප්‍රත්‍යක්ෂමය වූ අවබෝධක් නොමැත. එහෙයින් එය පුද්ගලයා සාංසාරික වශයෙන් අන්තරමාර්‍ග කරවන සුළු ය. නමුත් බෞද්ධ නිර්වාණ ධාතුව වනාහි මෙලොව දී ම දැන දැක ප්‍රත්‍යක්ෂ කළ හැක්ක කි. එබැවින් බුදු දහම අනුගාමික පරිවාරය තුළ විශ්වාසය මොනවට ජනනය කරන බවට සංකා නැත. අවශ්‍ය වනුයේ සාමාන්‍ය මිනිස් අවබෝධය පමණි. අභිවෘද්ධිය සාධනීය වශයෙන් තමාගෙන් විය යුත්ත කි.

අවසාන වශයෙන් සඳහන් කළ යුත්තේ බෞද්ධ නිර්වාණ ධාතුව අන්‍ය සාමයික පරමනිෂ්ඨාවන්ට තුලනය කොට දක්වන්නේ නම් ඔහු ශාස්තෘද්‍රෝහියෙකි යන්නයි. බෞද්ධ ධර්ම සාරය නිරවද්‍යව වටහා නො ගත්තෙකි.

– පූජ්‍ය උපුල්වෙහෙරේ ධම්මාවාස හිමි විසිනි –

 

ප්‍රඥවන්තයන් නැති ශාසනයෙන් ඵලක්‌ නැත


ප්‍රඥවන්තයන් නැති ශාසනයෙන් ඵලක්‌ නැත

එච්.ඇම්.ජී. කුඩාබණ්‌ඩා source:

මිනිසාගේ පැවැත්ම සඳහා ආගම දහම අවශ්‍යය. ආගම දහම මනස තුළ ගොඩනඟා ගැනීමෙන් සදාචාර සම්පන්න මිනිසුන්ගෙන් යුතු සමාජයක්‌ නිර්මාණය වේ. මිනිසා මිථ්‍යාවෙන් ගෙඩනඟා ගත් නොයෙකුත් ආගම් අදෘශ්‍යමාන බලවේගයන් මුල්කර ගෙන ගොඩනඟා ගත් ආගම්ය. තම මනස තුළ මවාගත් ශක්‌තිය හා බය නිසා ආගම් මෙහෙයවන්නන් ඉදිරියෙන් බැගෑපත් සංවරශීලී පුද්ගලයෝ වූවෝය. නීතිරීති වලින් බැඳුණු ඔවුහු මෙහෙයවන්නන්ගේ අණසකට යටත් වූවෝය. සියලු දේ දෙවියන්ගේ මැවීමක්‌ බවත්, ඒ දෙවියන් සර්ව බලධාරියකු සේ සලකා යාගහෝම පැවැත්වීමටත් තමාගේ ජීවිතයේ ඇතිවන නොයෙකුත් ප්‍රශ්න තමා මනසින් නිර්මාණය කරගත් දෙවියන්ට ඉදිරිපත් කර සහනයක්‌ බලාපොරොත්තු වූවෝය. තමාට ලැබෙන සෑම සම්පතක්‌ම සතුටක්‌ම දෙවියන් තමාට ලබාදෙන ත්‍යාගයක්‌ බව ඔවුහු සිතුවෝය.

තවත් මිනිස්‌සු තමා ලබා ඇති ජීවිතයෙන් තෘප්තිමත් නොවී මරණින් පසු ජීවිතය සැපවත් කර ගැනීම සඳහා නොයෙකුත් පුද පූජා පින් දහම්, භාවනා ක්‍රම කරමින් ප්‍රාර්ථනා කළෝය. තමාගේ ලෝකයට පරිබාහිර සැප සම්පත් ඇති දිව්‍යලෝක වල උත්පත්තිය ලැබීමට ප්‍රාර්ථනා කළෝය. තමාගේ ලෝකයට වඩා නරක නපුරු ලෝක අපායන් සේ සලකා පවට බිය වූවෝය. මිනිසා මේ ගැන පුළුල්ව සිතුවත් සතුන්ට මේවා අදාළ වන්නේ නැත. තමා ලබා ගත් ජීවිතය තෘප්තිමත්ව ගත කිරීමට සතුන්ට හැකියාව ඇත.

බුදුදහම ආගමක්‌ නොවන්නේ. ලෝකයේ පවතින යථාර්ථය පෙන්වාදීම හා ඒවායින් ගැලවීමේ මාර්ගයක්‌ බුදුන් වහන්සේ දේශනා කර ඇති නිසාය. එය උතුම් වූ දර්ශනයකි. එය මෙහෙයවීම සඳහා අධිකාරියක්‌ නායකත්වයක්‌ අවශ්‍ය වන්නේ නැත. විවෘත මනසකින් ලෝකය දෙස බලා ලෝකය තේරුම් ගැනීම තමා විසින්ම කළ යුත්තකි. උන්වහන්සේ දේශනා කර ඇති ධර්මය මුල් තැන ගත යුතුය. ඒ ධර්මය තමා තුළිsන්ම දැකගත යුතු ධර්මයකි. ධර්මය දැක තවත් කෙනකු=ට ඒ මාර්ගය පෙන්වා දිය හැකිය.

අපි සැවොම අන්ධයෝ වන්නෙමු. අපට මාර්ගය පෙන්වන අයත් අන්ධයෝය. අන්ධ නියමුවාගේ සැරැයටිය අනුගමනය කරන අන්ධයෝ අල්වාගෙන ගමනක්‌ යයි. අන්ධයන්ගෙන් සැදුණු රවුමක සැවොම කැරකි කැරකී සිටී. ගමනේ කෙළවරක්‌ නැත. ගිය ගමනකුත් නැත.

නියමුවන් කරන වරද අනුගාමිකයෝද කරති. තමාගේ ජීවිතයේ ප්‍රශ්න තවත් කෙනකුට බාර දී ඔහු සහනයක්‌ බලාපොරොත්තු වීම අනුවණ ක්‍රියාවකි. ඔහුද ප්‍රශ්නවලින් පිරුණු අයෙකි. තවත් කෙනෙක්‌ අනුගමනය කිරීමෙන් අනුකරණය කිරීමෙන් මෙම ප්‍රශ්න නිරාකරණය නොවේ. අපි නිතර රැවටීමට භාජනය වන්නෙමු. තවත් කෙනෙක්‌ගේ හැඟුම්බර මිහිරි දේශනවලින් ගයන ගීතිකාවලින් නිතර අප රැවටීමට භාජන වේ. නිරවුල් මනසකින් හැඟුම්වලට වහල් නොවී මේ දේවල් ගැන සිතිය යුතුය. බුදුදහම මේ දැන් ප්‍රතිඵල ලබාගත යුතු ධර්මයකි. හිස ගිනිගත් කෙනෙක්‌ ඒ ගින්න නිවා දැමීම පසෙක තබා මේ සත්‍ය ධර්මය දැකීමට උත්සාහ කළ යුතුය. ප්‍රාර්ථනා කිරීම පසුවට කල් තැබීමකි. තමා විසින්ම තමාගේ මරණය හෙළි පෙහෙළි කර ගත යුතුය. සත්‍ය ධර්මය දේශනා කරන උත්තමයකුට කළ හැක්‌කේ මාර්ගය පෙන්වාදීම පමණකි.

මෙය සරළ උදාහරණයකින් පෙන්වාදිය හැකිය.

කෙනෙකුට ඇඟිල්ල දික්‌ කර යමක්‌ පෙන්නුවා යෑයි සිතමු. ඒ දෙස නොබලා පෙන්වන ඇඟිල්ල දෙස බලා සිටීමෙන් හෝ පෙන්වන පුද්ගලයා ගැන බැලීමෙන් හෝ වැඩක්‌ වන්නේ නැත.

භාවනාව යහපත් ක්‍රියාවකි. තම මනස තුළ හික්‌මීමක්‌ ඇති කර ගැනීමට එය මනා පිටිවහලක්‌ වේ. ලෞකික ධ්‍යාන ලබාගෙන ධ්‍යානලාභියකු සේ ජීවිතය ගත කළ හැකිය. නමුත් ඒ මගින් උත්පත්තිය, මරණය නැති උතුම් වූ නිර්වාණ මාර්ගයට ළඟාවීමට නොහැක. භාවනානුයෝගියා එක අරමුණක සිත පිහිටුවා මේ සඳහා උත්සාහයක යෙදෙයි. එහෙත් ඔහු සිටින්නේ භව චක්‍රයේමය. ඔහු එහිම ඉදිප එහිම මිය යයි. තම අරමුණේම ඉපිද අරමුණේම සිත පවත්වා ගැනීමට උත්සාහයක යෙදෙයි.

මෙය සරළ උදාහරණයකින් පෙන්වාදිය හැක.

දැල්වූ පහනක්‌ බාහිර සුළංවල බලපෑමෙන් ඒකාකාරීව නොපවතී. දැල්ල නිතර ඒ මේ අතට සෙලවේ. බාහිර ආවරණයකින් එම දැල්ල නොසැලී ඒකාකාරීව තබාගත හැකිය. භාවනානුයෝගියාගේ සිතත් මෙවැනිමය. මෙහි දැකිය යුතු සත්‍යයක්‌ ඇත. පහනේ දැල්ල ඒකාකාරීව පෙනුණත් මොහොතක්‌ පාසා අලුත් දැල්ලක්‌ එයට එකතු වේ. එයින් දැල්වූ දැල්ල විනාශ වී ඉහළට ගමන් කරයි. පරණ දැල්ල විනාශවී අලුත් දැල්ලක්‌ ඇති වූවා සේම භාවනායෝගියාගේ උත්පත්තිය, මරණයද එලෙස සිදු වේ. ඒ නිසා ඔහුට උත්පත්තියෙන් මරණයෙන් ගැලවීමට නොහැකි වන්නේය.

සඡ්Cධායනා කරමින් ස්‌තෝත්‍ර කියමින් යාඥ කරමින් පුද පූජා කරමින අප කරන්නේ අන්ධයන්ගේ කාර්යයයි. ආගමික සංකේත, වටිනා වස්‌තූන්ය. ඒවා අප ආරක්‌ෂා කරගත යුතුය. ඒවා ඉදිරියේ අප හික්‌මීමට පත්වේ. උත්පත්තිය මරණය ජයගන්නට බලාපොරොත්තු වන පුද්ගලයා අන්ධානුකරණයෙන් ඒවා දෙස නොබලයි.

දන්දීම හොඳ ක්‍රියාවකි. දන්දීමෙන් දුන් ප්‍රමාණයට වඩා කීප ගුණයක්‌ බලාපොරොත්තු වන්නේ නම් එය උපාදායකි. අප මනසින් මගේය කියා අල්වාගෙන සිටින දේ අතහැරීම දානයකි. යාචකයකුට මුදලක්‌දී පිනක්‌ බලාපොරොත්තු වන්නේ නම් එය කුහක කමකි. එය දිය යුත්තේ ඔහුගේ අවශ්‍යතාව සඳහා පමණි.

සීලය අන රැකිය යුතුය. තවත් කෙනකු අප සීලයේ පිහිටුවයි නම් එය දෘෂ්ටියෙන් යුතු සීලයකි. අද අප සමාජය තුළ නිතර සීලය සමාදන් වේ. එසේ නම් සිල් කඩ වීම බහුලව සිදුවන්නේ කුමක්‌ නිසාද? දෘෂ්ටියෙන් තොර සීලය හදවතින් කරන ක්‍රියාවකි. සමාජ ධර්මයන් වශයෙන් සිදුහත් බෝසතාණෝ මෙලොවට බිහිවූ කාලයේදී සමාජය තුළ සීලය පැවතුණි. බුදුන් වහන්සේ ද ඒ සමාජ ධර්ම අගය කළ සේක. බුදුදහම හේතු ඵල දහමකි. සතෙක්‌ පුද්ගලයෙක්‌ යනුවෙන් අප ගොඩනඟා ගත් සංයෝජනයක අප දකින ඇසෙන සියලුම දේ දෘෂ්ටිගතය. අප ගන්නා සීලයද දෘෂ්ටියෙන් යුතුය. දෘෂ්ටියෙන් තොර සීලයෙන් මේ උතුම් දර්ශනයට පත්වීමට හැකිය. ආර්ය මාර්ගයේ දෘෂ්ටියක්‌ නැත. ආර්ය මාර්ගයට පිවිසි පුද්ගලයා හදවතින්ම සීලය ආරක්‌ෂා කරයි.

පෙහෙවස්‌ සමාදන් වීම භාවනා කිරීම නොයෙකුත් පුද පූජා පැවැත්වීම වැනි ක්‍රියාවලින් සමාජය ආගමික නැඹුරුවක්‌ ගනී. ආගමක්‌ දහමක්‌ නැති සමාජය නොහික්‌මුණු සමාජයකි. සදාචාර සම්පන්න සමාජයක්‌ තුළ ආගමික සංවාද නිතර ඇතිවේ. මේ ආගමික සංවාද සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක්‌ මිනිසුන් තුළ ගොඩනැඟේ. බුද්ධිමත් මිනිසුන් බිහිවන්නේ මෙවැනි සමාජයකය.

විවෘත මනසකින් මේ සම්බන්ධයෙන් විමර්ශනයේ සිටින නුවණැති අයට සත්‍ය කුමක්‌දැයි නිගමනය කර ගැනීමට හැකිය. නිරවුල් මනසකින් තමා තුළ ක්‍රියාත්මක භව චක්‍රය දැකීමට ඔහුට හැකියාවක්‌ ඇත. පැණි භාජනයකට වැටුණු ඇඹලයකු සේ එය අත් නොහැර එහිම මියයැමට අපට සිදුවී තිබේ. ආගමික කටයුතුවල යෙදෙන පුද්ගලයා නිතර තම ලෞකික ජීවිතය සැපවත් කර ගැනීමේ බලාපොරොත්තුවෙන් ආගමික කටයුතු ඉටු කරයි. මග පෙන්වා දෙන්නෝද එය අනුමත කරමින් සිටිති.

මිනිස්‌ ජීවිතයක්‌ ලැබීම ඉතා දුර්ලභ අවස්‌ථාවකි. මිනිසකුගේ රූපය ගෙන මෙලොවට බිහිවන සමහරු සතුන් සේ ජීවත්වේ. ඒ මිනිස්‌ දිවියේ වටිනාකම නොදැනය. මිනිසෙක්‌ වී මෙලොවට බිහිවන පුද්ගලයාට උතුම් වූ නිර්වාණය අත්කර ගැනීමට හැකියාව තිබේ. තමා ලැබු මිනිස්‌ දිවියෙන් නිසි ප්‍රයෝජන නොගෙන සතුන් සේ ජීවත්වීම අභාග්‍යයකි.

බුද්ධ ධර්මය සෘජු මාර්ගයකි. එය පැටලුණු නූල් බෝලයක්‌ සේ අවුල් සහගතව මිනිසුන්ට ඉදිරිපත් කිරීමෙන් ඵලක්‌ නැත. සසර පුරා පියාසර කරමින් මේ ධර්මය නොදැක දිගින් දිගට අපි පැමිණියෙමු. අමා පල ඇති රුකක්‌ පා මුල අප රැඳී සිටින්නෙමු. ඒ සත්‍ය ධර්මය ලෝකයේ පහළවී ඇති කාලයයි. අමා පල නෙළීමට අප තුළ විද්‍යාව නමැති තුඩ තිබිය යුතුය. විද්‍යාව නමැති තුඩෙන් අමා පල නෙළීමෙන් ප්‍රඥ ලෝකය ලබාගත යුතුය.

බුද්ධ ශාසනය පවතින්නේ ප්‍රඥවන්තයන් මෙලොව පහළ වීමෙනි. ප්‍රඥවන්තයන් නැති ශාසනය වල් බිහිවූ විලක්‌ බඳුය. මාර්ග ඵලවලට පත්වූ උත්තමයන් විලක පිපුණු නෙලුම් මල් සේ විල අලංකාරයෙන් අලංකාර බවට පත් වේ. මේ ධර්මය මෝඩයන්ට ග්‍රහණය කර ගැනීමට අපහසුය. මෙය ප්‍රඥවන්තයන්ට පමණක්‌ දැකිය හැකි ධර්මයකි.

Two sides of the same Coin Buddhism meets Science

Two sides of the same Coin Buddhism meets Science

source:

Of the 31 levels of existence where beings can be reborn, humans are at Level 5.  See: The 31 Planes of Existence:  http://www.accesstoinsight.org/ptf/dhamma/sagga/loka.html

We think that suffering exists in the world, but suffering is really in the mind The prison it is not out there in the world, but in here in our own mind. We think something is wrong with the world, but instead it is our mind that is the problem.  We can repair the mind, but we cannot repair the world.  When we make efforts to repair the mind, then we must continue doing so.  If we work on repairing it and then stop training the mind, then we fall back into old habits and the same suffering again, like an alcoholic who stops drinking for a while, and then resumes drinking again.

We are addicted to life and our experiences through the senses.  It is a deep addiction.  So we are afraid of Nibbana, the Deathless dimension, because we fear losing our body and consciousness.  But we don’t really lose anything because our ego never really existed in the first place.  We can’t lose an ego that we never actually had.  Neither inside our mind, nor outside our mind it is a self or ego ever to be found.  If we lose the ego, there is extreme bliss, and no fear.  We lose the feeling and selfdeception that “I am” and that “I exist” and then there is no fear even of death.  This entails a sublime bliss not of this world …

At the moment of death, the rebirth transmigration destination depends on the dominant constituent of the mind.  If delusion is dominant in the mind, then one has rebirth as an animal.  If the dominant constituent is desire, then one has rebirth as a peta:

If anger and hate is dominant in the mind, then one has rebirth as an angry demon and in hell.

These different destinations or dimensions of time phases exists due to the fact that intentional mentality selects which physical aspects of many possible should manifest in the world. We and all conscious beings are thereby

co-creators of the physical universe. Our evil thoughts have selected and thereby manifested the lower worlds, while our lofty aspirations have cocreated the divine higher worlds.

Our thought-effects accumulate in our mind, like etching out a groove in our mind that becomes deeper and deeper.  If we have anger, then we may replay that anger again and again in our mind, reinforcing the anger.  Then later, if we did not stop these thoughts, we have regret, which is painful.  Therefore we need to change the object of our mind to calm it.  We should redirect it to an advantageous object.

Desire or aversion leads to shame, which should lead us to make amends, such as asking forgiveness or apologizing.  But some people does  not do that.  They cannot admit they did wrong, and they deny it or hide it.  In that case, they should look for the cause of why they want to hide it.  We should be open.  We should stop up and ask, why do we want to hide it?  There is a story of a woman whose dog jumped on her and she did not get him off of her, with the result that the dog had intercourse with her.  She did not admit it to her husband.  After she died, her husband wanted to know where she was, and the Buddha did not want to tell him the bad news that she was in a hell-world.  So the Buddha avoided his question and every day for a week when the king asked the question, he evaded the subject.  After a week she got out of the hell-world and then the Buddha could tell him that she had a good rebirth.  This is an example of hiding a misdeed for a good reason.  But normally it is very dangerous if you hide or deny your bad thoughts, which lead to believing your own lie, convincing yourself that you did not do it, or that you only did a little misdeed.  The echo of that karma will return to you in the future.  If you deny you are wrong, you will not apologize, you will not stop it, so you neglect it, and then it builds up inside you and comes back full blown at the death-moment, affecting your next rebirth. We tend to do the same actions again and again. Denial of doing wrong is yet another evil deed.  Also, you may accuse someone else, which is even more bad kamma.

We all love ourselves most in the world.  Even if we love someone else dearly, we still really love ourselves most.  A king once asked his beloved wife whom she loved most in the world.  Even though she loved him, she replied that she loved herself the most.  She asked him whom he loved the most.  The king also admitted that he loved himself the  most.  That is true for everyone – there is not one person or thing in the entire universe that you love more than yourself! This ego-love is tragic as it kills beings endlessly by causing them to be reborn and thus die again and again virtually endlessly…

The story of The Emperor’s New Clothes is reflected in Buddhism.  But in Buddhism, there are no clothes, and also no emperor, and there never was any.  We all admire this imaginary ego, a mere outer appearance and this false sense of self as the center of our universe.  But both are only conceptual appearances and not really ours, lasting or even existing as entities.  The Ego is just a dressed-up puppet.  We are admiring something that does not exist really.  There is no ego to defend.  If there is no ego to defend, then there is neither pride, envy or jealousy.  We think “my form, my feeling, my perception, my pain, my consciousness, I own it, this is what ”I am.” The false feeling that “I am” or “I exist” disappears at the level of an Arahant. A person who is 75% enlightened still has some trace of ‘ego’, some subtle remnant of believing “I exist.”  If there is pain, he thinks that it is he “himself” who feels, has or posses the pain.  But really there is no one to experience the pain – pain itself really has the pain, there is no one who feels the pain.  Animals think they are a self too, that they are unchanging.  Ancient Greeks thought there was a “small man=homonculus” inside the big man (the person) that drives the big man like a robot.  But this is not the case. You cannot find anything in there that is the same and identical from moment to moment. If nothing is identical, how can there ever really exist any identity? It is impossible!

There is no self that stays the same, either inside or outside the 5 Aggregates.  For example, this stone looks the same, but it is actually “blinking” at a frequency of a million or a billion per second, changing from micro-moment to micro-moment.   Microscopically, there is evaporation from the stone and there are changes on the ground, so it is not exactly the same stone from moment to moment.  Similarly, the self is gone once we experience it, because it is not the same from moment to moment. But in the relative and conventional world, we perceive it as the same, because there is same name, we are thinking  there exists the same identity, though this name is only a label. For reference and for our language in the relative world we keep the same name.  We think of you always as Asoka, same name, but this is only because it is too impractical to call you Asoka 1, Asoka 2, Asoka 3, as you change each moment.  But we are changing each moment.  If we put 5 things in a box, that all actually are moving in and out of the box at a fantastic speed ever being replaced by a new set of 5 similar things, we will still call that box by the same name, using the same label, even though that which is inside the box never is the same.  Nothing is never exactly the same thing in the ‘box’, or in the ‘body-box’, or in the ‘world-box’, or in the ‘mind-box’ from one moment to next moment.  Also memories change.  Even the same memory is recalled a bit differently each time we recall it.  No two moments are the same.  If there was no change in the world, life would be like in a deep freezer.  If we had a happy thought there, then it would never change, then we would be like a happy statues experiencing only this same happiness.  But we would not really like that in a world habituated to ever new objects. If we get a particular food one day, we do not want to eat the same food every day forever hereafter.  We would get disgusted with the same food every day.  The mind has dissatisfaction if it only has contact with the same object every day since it wants increase and variation. Mind itself is thus a process of change, anicca.  Even devas, who are happy, have to change; they cannot remain the same.

There is no soul, no identity, no self, because nothing is identical from one moment to the next.  But there is the echo of karmas, a process, like a river which is a flow of water that  never contains the same water, but always is a flux of new water.  It is not a static entity; it never comes back to what it was.  Objects are always running forward in time like a river.  There are individual “clumps” of processes, so in a sense there is a self, but that collective self affects the entire universe so it is inseparable and thus not a true entity

No one ever became a Buddha at the deva level.  They only became a Buddha as a human. Gotama Buddha took a long time to become enlightened.  He spent 6 years suffering and starving himself until he was so weak he would fall down on his nose when passing urine or excrement.  This is because in an earlier life, he had once as a very proud Brahmin youth offended the prior Buddha Kassapa in a short moment of contempt calling the Buddha Kassapa a “bald-head” without apologizing. This folly kamma then led to the 6 years of suffering in the later life as Gotama Siddhartha. See:

A solid object only appears as solid, but really is moving, in blinking states like a cinema, which makes us think it as continuous.  When you see a train moving on the cinema you really see 16 still pictures of the train.  Quantum mechanics tells us that there is arising and ceasing, re-arising and ceasing of the natural state.  This is like a quantum jump, where an electron jumps from one orbit to a new orbit without ever  being in between the orbits.  Quantum jumps occur not only at the microscopic level but also at the macroscopic level. When traversing a river without ever being in the middle of it, the Buddha also performed a macroscopic quantum jump! So quantum jumps are not only possible for one single particle, but also for billions of them acting synchronously. In contemporary Physics are such aggregates of particles, which all are acting as one unit simultaneously, called Bose-Einstein condensates.

With the theory of relativity, we understand that space and time are related to each other.  The faster the approach of an object, the shorter will the object if measured in the direction it is going.  As one approaches the speed of light, time is dilated. We live in a matrix of space-time.  Space and time are one and are not continuous (constant) but are contiguous (one after the other).   So the matrix is not a continuous matrix but a contiguous matrix. There are different phases of time.  We are all in one phase of time, but another world or many worlds could exist in the very same location, but in a different time phase, not exactly in the same time phase as our world. Such two worlds would never interact as they basically do not exist or blink at exactly the same time. When one is in being, then the other is absent, and vice versa. Still both worlds are blinking billions of times per second and thus subjectively experienced as continuously being in existence by its inhabitants due to their slow-minded sampling of the discrete blinks of reality. In summary: Other worlds “blink” in their own time phase.  These worlds or time-phases cannot interact with other worlds blinking in other time-phases, because they are not in the same time phase.

All matter is energy.  The universe is made up of energy.  The universe is expanding, and eventually it will contract.  There is enormous mass in the universe that is not accounted for.  Almost nine times the weight of the universe cannot be accounted for!  This is dark energy and dark matter, but scientists do not know really what it is.

Probability and information – are they physical or mental?  They are in between!  They are conditional relationships.  Probability is not theoretical, but is a conditional relationship. For example, rolling dice is a relationship between the dice, gravity and the table.  There is a conditional relationship between everything. This mutual connectedness of all the Buddha called conditional-co-arising Paticca-Samuppada.

Mara can pull us around and can pull friends apart.  Devas also pull us around.  Mara is a real personality, very intelligent, very powerful and the most frightening and perverse psychopath any world ever will see!  He can instantly induce a memory or craving or an idea in anybody.  He cannot get pleasure by doing things himself, since he only gets pleasure, when making other people do often evil things…

World cycles are extremely long periods of time. Certain beings appear in each world cycle.  Maha Brahmas and Maras appear in each world cycle.  There is this regularity in the world.  There is consciousness that is not created by someone else, and cannot be split into components.  Observers are required for a world to exist.  When the world implodes, higher Brahma levels of beings will continue.  Beings of light (Brahmas) will continue with form.  When there is only light then there is no distinction between radiation and color.  There is social interaction between these beings. Those ‘pure abode’ beings would never again go to a human level.  Higher Brahma devas do not like the smell of humans, and are repulsed by sex, similar to the way we think of pigs.  They do not have gender.  But lower devas can have feelings of revenge, jealousy and also enjoy sex, intoxicating drinks, games, war, etc.

There is one quantum state, wholeness, unity that could be called atman.

Because the universe is compensatory — when one thing changes, the whole universe changes in compensation.  But the idea in Hinduism that one reunites with atman is not accurate.   There is the sutta of Maha Brahma who was the first to appear in a universe.  He had thoughts and wishes and saw other beings who fell from a higher light level, and he saw planets gradually appear, so he thought he was the creator.  These devas live very long lives there, many millions or even billions of years, but they learn they are not eternal, when a Buddha teaches them about anicca.  So actually a deva fooled by himself created the false idea of a first mega-creator. On an even more profound level: There is no creator, agent or actor of any action.  Hate, aversion, desire, jealousy – only these mental states or conditions act; there is not a permanent ‘being’ that acts.  There is no actor, no agent, no self, only some passing mental states themselves conditioned or shaped by other prior conditions. There are thus an endless row of pre-conditions existing because of past preconditions, which again are caused by other prior conditions, etc.

Samsara is thus basically a round of conditions or states conditioning new future states.

Because these mental states are impure Buddhism also call Samsara for kilesa-vatthu= the round of defilements, meaning that it is not a “being” or “entity” that is endlessly reborn, but just a bunch of mental impurities effecting and resulting in new future mental impurities! Greed causing new and more greed. Hate causing new and more hate. Ignorance causing new and more future ignorance! Not to speak of the diluted derivatives of these states such as desire, lust, envy, jealousy, anger, violence, conflict, doubt, uncertainty, hesitation, perplexity etc… Needless to say: All this is Dukkha = 1st Noble Truth!

However: Free will exists!  There are certain probabilities and affinities for certain conditions, but yet there are  options to choose.  Any decision is not just determined destiny, 100% fixed by past conditioning, but also it is not completely random.  It is something in between.  There are some things that are very conditioned and fixed while others are less conditioned in a very open situation.  But any Buddha is fixed in future history.  That will not change, the probability is 1.0000.  Metteyya Buddha and his son definitely will exist, see:

http://What-Buddha Said.net/library/Metteyya/arimet00.html

But, what he eats for dinner on some particular date in time is not (yet) fixed.  Like a sponge, there are hard and soft points in the sponge.  The hard points are fixed, and others are less fixed, so there is room for some free will. That is why we need to do good actions.  Nihilism means that all is fixed, whatever you do does not affect the future since this future is already fixed in a rigidly cemented destiny;  but this is not true. We can and thus should try to improve our and all beings future:

The experimental fact of Non-locality is the physical reason for

There are two experimenters, let’s call them Alice and Bob, who have 2 experiments to choose from.  What Alice decides to do affects what Bob finds at his experiments even though he is far, far away: See: Quantum-Physicist Henry Stapp: Experimental proof of the Kammic principle:

The intentional Conscious Choice has Instantaneous Non-Local Effects!

http://What-Buddha Said.net/library/Metteyya/arimet00.html

Even if they are billions of miles away from each other!

See also: Two sides of the same Coin: Buddhism meets Science.

http://youtu.be/5tIHrgQWBLs

Secondly: Mind affects all matter and all physicality directly, instantaneously and non-locally:

If you put a physicist in a thermo-bottle, the temperature changes when he makes a decision since thermodynamic entropy is reduced.  When Alice’s photon are spinning one direction and Bob’s spins in another direction, then if Alice’s photon’s spin is intentionally changed by her, then Bob’s photon’s spin is also changed, so the net change in spin is zero.  This happens instantaneously even though there was no physical contact between them, and they were totally separated by hundreds of miles. If you change one, you change the other too. This is called non-locality or entanglement. For details see these videos.

Kamma = Non-local Instantaneous Quantum Entanglement is Weird!

http://youtu.be/PSxDoSJkpdI 

Entanglement means that all phenomena are connected

http://youtu.be/1zf29IeSb10 

All intentional choices have universal physical effects = Kamma!

http://youtu.be/NZzHgQ4CCWO

All things, even mental things, are forms of energy.  Even microscopic worms have consciousness.  The Universe is one single inseparable quantum state. Therefore: Any change whatsoever, thereby including mental intentions, will affect and change the probability distribution for all future events in the entire universe instantaneously! This is basically the physical reason behind the Karmic principle. This effect  happens by inducing compensatory changes, since the net universal change has to remain zero!

Atma or Paramatma is true in the sense that there is wholeness, oneness, unity, harmony, but is not a deva, deity, personality or identity, and you cannot unify with it basically since “you” and anything else, have not and never can ever be separated from this unity.  So to ‘unify’ with something one is already an inseparable part of, whether by rituals, mantras, ao. superstition is utterly folly and a priori impossible!Brahmas are in the first jhana, with no physical pain, no desires for senses, but they have only higher desires for blissful meditative states of jhana.

Consciousness of the 5 senses: Only one door open at any given time:

We have awareness of each sense separately, and differently, but not simultaneously.  We cannot see what is heard, cannot hear what is seen.  The mind is like a door that opens for only one thing (stimulus) at a time.  Nerves pulse information comes to the mind from all body parts, but the mind decides what to pay attention to.  We actively form an intention to direct our attention to something.  The mind always looks for something with a meaning to it.  When we are hungry then we look for a certain object = food, since we  expect and crave for a certain experience = taste.  We thereby select the world we observe because of our desires.

Quantum mechanics is consistent with this.  The observer chooses what to pay attention to and thereby selects which physical aspects should manifest out of many possible. So we are participating observers. We condition which reality will fall out exactly at the moment we intentionally choose to observe it!

http://What-Buddha-Said.net/drops/IV/Some_Clues.htm

American physics grand old man John Archibald Wheeler coined this the “Participatory Observer (Anthropic) Principle” on which contemporary  orthodox quantum physics and Buddhism agree.  For more about this, see:

http://en.wikipedia.org/wiki/Anthropic_principle

http://en.wikipedia.org/wiki/John_Archibald_Wheeler

http://en.wikipedia.org/wiki/Interpretation_of_quantum_mechanics

http://What-Buddha-Said.net/drops/ontology.htm

http://What-Buddha-Said.net/drops/II/Discrete_States.htm

http://What-Buddha-Said.net/drops/III/Quantum_Buddhism.htm

http://What-Buddha-Said.net/drops/IV/Omniscient_Quantum_Mind.htm

http://What-Buddha-Said.net/drops/II/No_Substance_’Out_There’.htm

http://What-Buddha-Said.net/library/pdfs/wheeler_law_without_law.pdf

http://What-Buddha-Said.net/drops/IV/Coincident_Cross-Consistency.htm

In Conclusion:

There is no inconsistency whatsoever between the core doctrines of early Theravada Buddhism

and the experimentally validated and verified findings of contemporary orthodox quantum physics! Basta!

Bhikkhu Samahita

බුදු සිරිත ඇසුරෙන් රචිත නව ප්‍රබන්ධය ප්‍රේමයේ දුක්‌ සිඳ ඈ නුවන් ලද්දීය

බුදු සිරිත ඇසුරෙන් රචිත නව ප්‍රබන්ධය
ප්‍රේමයේ දුක්‌ සිඳ ඈ නුවන් ලද්දීය

source:

ඡේතවනාරාමයට පිවිසෙන දොරටුව අබියස සිටි සියල්ලෝ ම මී මැසි පොදියක්‌ සේ කැළඹුණාහු සිහි විකල්ව මෙන් දිව ආ නන්නාඳුනන ගැහැනිය නිසා ය. ඕ කොහි සිට එන්නීද, කොතැනකට යන්නී ද යන වගක්‌ කිසිවෙක්‌ නො දත්හ. ඇතැම් කෙනෙක්‌ ඕ දෙස බැලුවාහු මේ මාගම් සෝලියකට එවන ලද ලියක්‌ සේ ය. එයට සාධාරණ හේතු ද විය. ඒ මෙයට පෙර දර මිටියක්‌ ද කුසට බැඳගෙන බුදුන් වහන්සේට නිගා දෙන්නට පැමිණ චිංචිමානවිකාව නිසා ය. එහෙත් තවත් කෙනෙක්‌ කීවෝ මෑ හෙරක්‌ විය හැකි බව ය. මෙබඳු සැක සංකා ඇය වටා වැපිරුණ ද කිසිවෙක්‌ ඇයට හිංසා නොකළහ. සමහරු ඇගේ වත ගොත විමසමින් ඇය වෙහෙස වූහ. එහෙත් ඇගේ මුවින් එකම වදනක්‌ හෝ පිට නොවීය. බිම බලාගත් වනම සිටි ඇය කෙරෙන් පලවූයේ දැඩි වෙහෙසකාරී බවකි. ඇගේ වස්‌ත්‍ර ඉරී ගොසින්ය. සිරුරෙහි තන්හි තන්හි රත් පැහැ ඉදිමුම් දක්‌නට ලැබිණි. එනිසාම ඇය කෙරෙහි අනුකම්පාවක්‌ ද ඇතිවිය.

ආරාම පරිශ්‍රයෙහි සක්‌මන් කරමින් සිටි ආනන්ද හිමියන්ට ද දොරටුව අසලින් නැගෙන ඝෝෂාව ඇසිණි. උන්වහන්සේ සෙමින් එදෙසට ගමන් කරනු දුටු පිරිස සන්සුන් වූහ. ඒ සැණකින් ම එහි සිටි ගැහැනිය ඡේතවනාරාමය ඇතුළට දිව ගියාය. පිරිස ඇය ලුහුබැඳ එනු දුටු ආනන්ද හිමියෝ ඔවුන් නතර කළහ. ගැහැනිය පසු නොබලාම දිව ගොස්‌ බුදුන් වහන්සේ දහම් දෙසමින් සිටි දහම් මණ්‌ඩපය අබියස නතර වූවාය. බුදුහු ඇය පිළිබඳ සියලු තතු දැන සිටි සේක්‌ ඇයට පිහිට වියයුතු බව ද නිශ්චය කර ගෙන සිටියහ. තවමත් ඇයට පියවි සිහිය නැත. දහම් අසමින් සිටි පිරිස මැදින් බුදුන් වහන්සේ අසලටම දිව ගිය ඕ හාත්පස බැලුවාය. පිරිස අතරින් නැගී සිටි අයෙක්‌ ඇය ඉදිරියට එනු දුටු බුදුන් වහන්සේ මෙසේ වදාළහ.

“ඇයට ඉඩ දෙන්න. ඇය විපත් වැලකට මුහුණ දුන් අසරණ ලියක්‌. ඇයට මේ මිහිමත කිසිවක්‌ ඉතිරි වී නෑ. ඇගේ සැමියා මියගියා. දරුවන් අහිමි වුණා. දෙමවුපියන් දැක ගැනීමට පැමිණි ඇය දුටුවේ ඔවුන්ගේ සොහොනයි. කෙසේද එවන් දුක්‌ කන්දක්‌ මෙවන් සියුමැලි ලියක්‌ විඳගන්නී.”

බුදුන් වහන්සේගේ ඒ අනාවරණය රැස්‌ව සිටි පිරිස තවත් කුතුහලයට පත් කරන්නක්‌ම විය. මේසා රුදුරු වියෝ දුකක්‌ මේ සුකුමාර ලිය දරා ගෙන ඒ අයුරින් සිටීම ගැන ද කෙනෙක්‌ විස්‌මයට පත් වුහ. ජීවිතය යනු සරදම් දෛවයක්‌ බව ද තවත් කෙනෙක්‌ කල්පනා කළහ. බුදුහු යළිත් කරුණාබර වදනින් ඇය ඇමතූහ.

නැඟණිය ඔබ පත්ව සිටින දුක මට හොඳින් වැටෙහෙනවා. ඔබ රස තෘෂ්ණාවෙහි බැඳුණු මුවැත්තියක්‌. ඒ රසයෙහි ලොල්ව ජීවිතය එයමැයි සිතා එළියෙන් අඳුරටම ඇදුණු බාල ලියක්‌, යෞවනය ඔබට නපුරු වූවා යෑයි ඔබ නොසිතන්න. එය ඔබ වරද නොව මේ සසරෙහිම වරදයි. ජාති, ජරා, මරණ, ව්‍යාධි යන සියලු දුක්‌ සිඳ දමන තෙක්‌ කිසිවකුට සුවයක්‌ නැත. ඔබ සැපත සේ ගත් සියල්ල විපතට ද මුල් වූ අයුරු සිහි කරන්න. පසිඳුරන්ගේ අරමුණ සුඛයක්‌ සේ ගන්නා සත්ත්වයා නිබඳ දුකට පත් වන්නේය. මේ ලොව සියල්ල වෙනස්‌ වන ස්‌වභාව ඇත්තේ ය. දැන් ඔබ ඒ යථාර්ථය අත්විඳ සිටින. එයින්ම වේදනාවට පත්ව සිටින දුකට පත් ලියකි. එදුක දුරු කළ හැක්‌කේ ද ඔබට පමණි. ඔබ දිරියෙන් වීර්යෙන් අඳුර හැර එළිය දෙසට යැමට අධිෂ්ඨාන කර ගන්න.

බුදුන් වහන්සේගේ වචන ඇගේ සිතට අපමණ සහනයක්‌ විය. හද පුරා නැගුණු ගිනිදැල් නිවී යන වග ඇයට හැඟුනි. ඇගේ මනස තුළ වූ මායාරූපය බිඳී යත්ම කෙමෙන් ඇය පියවි ලොව දුටුවාය. තමාගේ සිරුරට ප්‍රමාණවත් තරම් වස්‌ත්‍රයක්‌වත් නොමැති බව ඇයට පසක්‌ වූයේ එවිටය. විලි බිය පිළිබඳ සිතිවිල්ල ඇගේ සිත වසා ගනිද්දී ඇය තවත් වටපිට බැලුවේ සමාව අයදින්නාක්‌ වැනි හැඟීමකින්ය. යළිත් ඇය දෙසට සළුවක්‌ වැටුණි. ඇය එය රැගෙන සිරුර වටා රඳවා ගත්තීය. තවත් සළුවක්‌ ඇයට ලැබුණි. ඕ එයද දැතින්ම රැගෙන මුළු ගතම වසා ගත්තාය. අනතුරුව බුදුන් වහන්සේට නමස්‌කාර කළාය.

“ඔබවහන්සේගේ කරුණාව ලද මගේ දුබල සිත ප්‍රබල විය. මා සිත තුළ වූ මායාරූපය බිඳිණි. එසැණින් එහි වූ අඳුර ද පහවිය. දැන් මට මගේ අතීතය සිහිවෙයි. මා ලද මුලාව කෙබඳු දැයි පසක්‌ වෙයි. මහා කාරුණිකයන් වහන්ස, ස්‌ත්‍රීහු නම් ස්‌වභාවයෙන් ම විපත් සොයා යන්නාහු යෑයි ද මට හැඟෙයි. මවිසින් වැරදි කොණින් අල්ලා ගන්නා ලද ජීවිතය මට ලබා දුන් පාඩම ඉතා බලවත් ය. දැන් මම මගේ විමුක්‌තිය අසලම රැඳී සිටිමි. මට පිහිට වුව මැනවි. මේ මිහිපිට මගේ යෑයි කිසිවක්‌ හෝ කිසිවෙක්‌ ද නොවෙති. මට වුවමනා අලුත් ජීවිතයකි. මට එය ලබා දුන මැනවි.

බුදුන් වහන්සේ ආනන්ද හිමියන් කැඳවා ඇය මෙහෙණි සස්‌නට බාර කරන ලෙස උපදෙස්‌ දුන් සේක.

මේ සියල්ල දෙස විස්‌මයෙන් බලා සිටිනු විනා අගක්‌ මුලක්‌ තෝරා බේරා දැන ගැනීමට සමත් කිසිවෙක්‌ ද නොවූහ. එසඳ බුදුන් වහන්සේ ඇගේ සියලු තතු ඒ පිරිසට සැල කරන්නට වූහ.

ආදරය හා ප්‍රේමය යනු මේ මහ පොළොව මත තිබෙන උතුම් ධර්මතාවන් දෙකක්‌. එය නිවැරදිව නුවණින් දකින අය ඉතා අල්පයහ. මේ රුසිරු ලිය ඒ ආදරය හා ප්‍රේමය වෙනුවෙන් ජීවිතයම කැප කළා. අවසානයේ එය සෝකයක්‌ බවට පෙරළී ඇය උමතු භාවයට පත් කළා. මේ හැම දෙයකම මුල් සොයා යන විට පෙනී යන දෙයක්‌ තිබෙනවා. එය තෘෂ්ණාවයි. තණ්‌හාව සෝකයට මුල බව මැය අද ඔබට තහවුරු කර තිබෙනවා. බලන්න ඇය දෙස. ඇය මෙබඳු ගැහැට විඳියයුතු ලියක්‌ නොවෙයි. සුකුමාර ජීවිතයක්‌ උපතින්ම ලද ඇය ප්‍රේමයෙන්, ආදරයෙන් අන්ධ වී ගොස්‌ මුහුණ දුන් අඳුරු ඉරණම ඔබට පැහැදිලි වේවි. මේ දුක නැති කිරීමේ මාවතට ඇය යොමු කිරීමට හැකි වූයේ පෙර කරන ලද පින් මහිමය නිසායි.

පිරිස තවත් කුතුහලයටම පත්වූහ. ඕ නමින් පටාචාරා වූවාය. හතළිස්‌ කෙළක්‌ ධනැති මහා සිටු මැඳුරක එකම දියණිය ලෙස උපන්නී ඇය කිසි විටෙක දුකක්‌ තබා දුක යන වදනවත් නොඇසූ භාග්‍යවන්ත සිටු කුමාරියකි. වැඩෙන දියණිය රුසිරෙන් ද කාරුණික ගුණයෙන් ද යුතු වග මවුපියෝ දැන සිටියහ. එහෙත් සමාජ මතු මහල මුදුනෙහි වැජඹෙනා සිටු දෙමහල්ලෝ ඇගේ නිදහසට යම් සීමාවන් ද පැනවූහ. ඒ අසතුටකින් නොව ඇයගේම යහපතටය. සිටු මැදුරට එන දිළිඳු පවුල්වල දරු දැරියන් සමඟ තම දියණිය කුළුපඟව හැසිරෙන වග ද ඔව්හු දැන සිටියහ. ඇය ගැන තතු සෙවීමටත් ඇය රැක ගැනීමටත් බාර වූයේ තරමක්‌ වියෑති සේවිකාවන් දෙදෙනකුටය. ඔවුහු සිටු පවුලේ පාරම්පරික සේවක පවුල්වලින්ම එන්නෝය.

පටාචාරාගේ කුදු මහත් හැම කාර්යක්‌ සඳහා ම විවිධ සේවිකාවෝ වූහ. ඇයට ශිල්ප ශාස්‌ත්‍ර ලබාදීම වියපත් බ්‍රාහ්මණයකුට පවරා තිබිණි. ඕ ස්‌වභාවයෙන් ම ගැඹුරු විෂය කරුණු ඉගෙනීමට ප්‍රිය නොවූවාය. ඇය වඩාත් උනන්දු වූයේ සංගීත හා නර්තනය කෙරහි ය. එහෙත් සංගීත නර්තනාදිය ප්‍රභූ ලියන්ට කුමට දැයි ඇගේ මවුපියෝ ද විමසූහ. එසේ වුවද ඇය කෙරෙහි වූ ස්‌නේහය නිසාම ඒ අවසරය ලබා දුන්හ.

සිටු මැදුරේ සියලු සේවකයෝ ද සේවිකාවෝ ද ඇයට මහත් සේ ඇලුම් කළහ. කිසි විටෙක ඇයගේ මුවගට රළු පරළු වදනක්‌ හෝ නොඑයි. ඇය කෝපයට පත්ව සිටිනු හෝ කිසිවකුට දොසක්‌ නඟන අවස්‌ථාවක්‌ හෝ කිසිවෙක්‌ නොදුටහ. ඇගේ එකී මුදු ගුණය දෙමවුපියන් පමණක්‌ නොව පවුලේ සමීපතමයෝ ද දැන සිටියහ. ඇතැම් වැඩිහිටියෙක්‌ ඇයට දී තිබෙන නිදහස වැඩි බව ද කීහ. එහෙත් සැහැල්ලුවෙන් ඇය ගෙවන ජීවිතයට බාධා කිරීමට මවුපියන්ට අවශ්‍ය වූයේ ද නැත. ඔවුන්ට වුවමනා වූයේ සම කුල ධන සිටු කුමරකුට සිය දියණිය සරණ පාවා දීමට පමණි.

පටාචාරා ඇතැම් සැඳෑවක සදළුතලයට වී සෝකී ගී තනුවක්‌ වැයීමට හුරුව සිටියාය. සංගීතයට ලොල් නොවන්නාහු සිටිත්ද? සිටු මාලිගාවේ මල් උයනෙහි සේවය කරන එක්‌තරා යව්වන සේවකයෙක්‌ සඳලුතලයෙන් ඇදී එන ඒ සංගීත රාවයට ප්‍රිය විය. ඇගේ ස්‌වර මාලාව තුළ සියුම් වියෝගයක්‌ ගැබ්ව ඇති අයුරු ද ඒ සේවකයාට හැඟිනි. එහෙත් ඔහු එය සුවිශේෂ සිදුවීමක්‌ ලෙස කල්පනා කළේ නැත. තමන් වැනි මෙහෙකරුවකුට ස්‌වාමි දියණියක්‌ පිළිබඳව මොනම ආකාරයෙන්වත් සිතීමට අවශ්‍යතාවක්‌ නැති බව ද ඔහු දනී. එහෙත් කාලය ඔහු වෙතට රැගෙන එන්නට වූයේ රමණීය සිහිනයක මරණීය සංඥාවකි. ඒ අනපේක්‍ෂිත ලෙස පටාචාරා සිටු කුමරියගෙන් ලද සොඳුරු අඥාවක්‌ නිසා ය.

“මං වීණාව වයන හැම වෙලාවෙම අර තරුණයා උනන්දුවෙන් සවන් දෙනවා. ඔහුගේ විලාසයෙන් නම් පේන්නේ මගේ සංගීතයට ඔහු ප්‍රිය බවයි. මේ විසල් මාලිගාවේ කිසිවකු කවදාවත් මගේ සංගීතය ගැන හිතනව කියල මං හිතන්නෙ නෑ. මට ඇත්තටම හිතෙනව ඔහු සමඟ කතා කරන්ට.”

මේ ඇසූ පටාචාරාවන්ගේ සමීපතම සේවිකාව මහත් කම්පනයකට පත් වූවාය. ඇයට හැඟුණේ මෙය කිරීමට තබා සිතීමට තරම්වත් නුසුදුසු දෙයක්‌ බවය.

“අනේ කුමරිය, එහෙම දෙයක්‌ හිතන්ටවත් එපා. ඒ හැඩි දැඩි මනුස්‌සයට ඔබතුමියගෙ සියුම් ස්‌වර සංයෝජන විඳගන්ට පුළුවන් කියල ඇත්තටම හිතෙනවද? අනික්‌ අතට ඒ වගේ දෙයක්‌ සිදු උනොත් මට විතරක්‌ නෙවෙයි ඒ තරුණයටවත් විසුමක්‌ නෑ කියල තේරෙන්නෙ නැද්ද?

පටාචාරා හඬනඟා සිනාසුනාය. සැබැවින්ම ඇයට සේවිකාවගේ අනතුර නොදැනුනාම නොවේ. එහෙත් ඇය හඟවන්නට වෑයම් කළේ එය සැහැල්ලු දෙයක්‌ බවය.

“මගේ මෑණියන් උනත් දන්නවානෙ මං මේ මැඳුරෙ හැම කෙනෙකුටම කරුණාවන්තයි කියලා. අනිත් එක අපේ මෙහෙකාරයෙක්‌ උනත් ඒ සතෙක්‌ නොවෙයිනෙ. මං මේ මැඳුරෙ නැතුව ඈත ගම්දොරක අතුපැළක උපන්න නං එහෙම මට මේ දේවල් ලැබෙයිද?”

“ඒක තමා කුමරිය මං කියන්නේ. ඔබතුමිය පින් කළ උත්තමාවියක්‌. ඕවගෙ පව්කාර සිතිවිලිවලින් හිත කිලිටි කර ගන්ට හොඳ නෑ”

පටාචාරා සිනාසුනා මිස එයට පිළිතුරු දීමට නොසිතුවාය. එහෙත් ඇගේ සිත තුළ ඒ තරුණ මෙහෙකරුවා වෙනුවෙන් නුහුරු හැඟීමක්‌ සැඟව ඇති බව ඇයට දැනුණි. එය ප්‍රේමය හෝ ආදරය බව ඇය නොදන්නීය.

දිනක්‌ ඇය සුපුරුදු ලෙස වීණාව වයමින් සිටියාය. එදින ඇගේ සිත් ගත් මෙහෙකරුවා සිටියේ මාලිගාව අසල මල් ගොමුවක්‌ කප්පාදු කරමින්ය. ඔහුගේ හැඩි දැඩි දැත්වලින් කැපී හැඩ වී යන මල් ගොමුව දෙස ඇය බලා සිටියේ වීණාව පසෙක තබමින්ය. සංගීත රාවය නතර වූ හෙයින් මෙහෙකාර තරුණයාගේ දැස්‌ සැණකින් සඳලුතලය දෙසට යොමු විය. ඔහුගේ දැසට හසු වූයේ සිටුකුමරියගේ දැස්‌ ය. ඇයගේ මුවට ඔහු වෙනුවෙන් සිනහවක්‌ ද නැගුණි. එහෙත් එයට ප්‍රතිචාර දැක්‌වීමට තරම් දිරියක්‌ ඔහුට නොවීය. ඔහු අහිංසක බැගෑපත් බවකින් දැස්‌ ඉවතට ගත්තේය. එසැණකින්ම ඔහුට දැනුනේ තමා අදිසි විපතකට ළංවෙමින් සිටින බවකි.

සැඳෑ අඳුරේ දිගු සෙවනැලි ඔස්‌සේ සිය පැල්පතට පැමිණි තරුණයාට සිහිපත් වූයේ කුමරියගේ මියුරු බැල්මත් සොඳුරු සිනහවත් ය. එහෙත් තහනම් දේශයක තහනම් ගසක සෙවණ විඳීමම හිස දංගෙඩියකින් අවසන් වන මාරක සෙල්ලමක්‌ බව ඔහුට සිතිනි. මේ කිසිවක්‌ කීමට සමීප මිතුරෙක්‌ හෝ නෑයෙක්‌ හෝ ඔහුට නොවූහ. එදිනෙදා සිටු මැඳුරෙන් ලැබෙන දෙයකින් ජීවිතය පිරිමසා ගන්නා ඔහු වැනි මෙහෙකාර තරුණයකුට තාරුණ්‍යයක්‌ උරුම නැති බව ද ඔහු සිතුවේය. දෛවය විසින් ලබා දෙන ලද ශක්‌ති සම්පන්න සිරුර විනා අන් කිසිවක්‌ නොමැති අනාථයකු වන් තමා දෙස සියුම් නෙතින් බලන මෙවන් කුමරියක්‌ සිටීම ගැන ද හේ මවිත විය. සිත දුබල කර ගත යුතු නැත. වගකීම් විනා බැඳීම් ද හිමිකම් ද නොමැති ජීවිතයක සීමා මායිම් පිළිබඳව ද ඔහුට කල්පනා විය.

පටාචාරා කුමරිය නම් එදින සිටියේ සිත නැති බඹ ලොවකය. රාත්‍රිය මුළුල්ලේම ඇය සිටියේ අවදියෙනි. කුමරිය තුළ කිසියම් අමුත්තක්‌ තිබෙන බව ද සේවිකාවට දැනුණි. එහෙත් ඇය කිසිවක්‌ නොදන්නා අයුරින්ම

සිටියාය. අලුයම පිබිදුණු ඇය කැඳ බඳුනක්‌ ද රැගෙන කුමරියගේ යහන් ගැබට ඇතුල්වූවාය. වෙනදා පිපුණු මලක්‌ සේ දිස්‌වන ඇගේ මුහුණ බෙහෙවින් විඩාබරව ඇතැයි ඇයට හැඟුනි.

“මට එක හෝරා බාගයක්‌වත් ඇහැ පියවුණේ නෑ.”

කුමරිය ආයාසයකින් නගා ගත් සිනහවක්‌ පාමින් කැඳ බඳුන සුරතට ගත්තීය. මුවට ළං කළ බඳුනෙන් එකම උගුරක්‌ පානය කළ ඇය යළි බඳුන සේවිකාව අතටම දුන්නාය.

“මොකද අද උපවාසයක්‌ කරන්ටවත්

හිතුණද?”

සේවිකාව සිනාසෙමින් ම ඇසුවාය.

“උපවාසයක්‌ නෙමෙයි මට හිතෙනව මාරාන්තික උපවාසයක්‌ කරන්ට.”

කුමරියගේ වදන්වල අරුත මෙන්ම වනිය ද බැරෑරුම් බව සේවිකාවට පසක්‌ විය. එහෙත් ඇය එයට දැක්‌වූයේ සැහැල්ලු ප්‍රතිචාරයකි.

“මේ තරම් සැප සම්පත් මැද්දේ හැදෙන කුමාරිකාවක්‌ මොනවට මාරාන්තික උපවාසයක්‌ කරනවද? ඔබතුමියට මේ හැම සැපතක්‌ම එපා වෙලාද?”

ඇය සන්සුන්ව විමසුවාය.

මං හිතුවෙ අඩු තරමෙ ඔබවත් මාව තේරුම් ගනීවි කියල. මට ආදරෙන් උදව් කරයි කියල. මට මේ හිර මැඳුරෙන් පිටවෙලා යන්ට තියෙනව නං. කන්ට බොන්ට අඳින්ට තිබුණ පලියටම ඒක සැපතක්‌ කියල හිතනවද? සතුටක්‌ නැති ජීවිතයක මං හිරවෙලා. ඇයි මට සවන් දෙන්ට බැරි. ඇයි මාව තේරුම් ගන්ට බැරි. ඇයි මට කැමැති දෙයක්‌ කරන්ට බැරි. මට ඕනෑ විදිහට ජීවත් වෙන්ට මට ඕනෑ. එතන තමයි මගෙ සතුට.

සේවිකාව කිසිවක්‌ම කීවේ නැත. ඇයට දැනුණේ සිටු මැඳුර සමග මහ පොළොවම භ්‍රමණය වන්නාක්‌ මෙනිs. එහෙත් කුමරිය නැවැත්වීම හෝ ඇයට කරුණු පහදා දීම හෝ පහසු නොවන බව ද සේවිකාවට වැටහුණි. කුමක්‌ කළ යුතුද? කුමරියට ෙද්‍රdaහී වී සිටු දේවියට මේ සියල්ල දැනුම් දීමට හැකිය. එහෙත් මේ කරුණාවන්ත වූද, ප්‍රාණප්‍රිය වූ ද කුමරියට එරෙහිව එසේ කිරීමට ඇයට නොහැකිය.

දිනෙන් දින සිටු මැඳුර වෙත ළඟා වන අනතුරක අසුබ ලකුණු වැඩි වූවා මිස අඩු වීමක්‌ නැති බව සේවිකාවට හැ=ඟුනි. කුමරිය ද මැල වී ගිය කුසුමක්‌ වැන්න. ඇයගේ මුවඟ සිනහව පෙර මෙන් නොපිපේ. ඇගේ වීණාව ගොළු වී ගොසින් ය. සඳළුතලයට ගියත් ඇය හිස්‌ අහස දෙස බලා සිටින අයුරු සේවිකාව දුටුවාය. තවත් කොපමණ කලක්‌ මේ සියලු රහස්‌ සමඟ සිටින්ටදැයි ඇය කල්පනා කළාය. එසේ සිතන ඇයට අස්‌වැසිල්ලක්‌ ද නැත.

කුමරිය ද පසු වුයේ දුකින් පිරුණු කල්පනා ලොවකය. ඒ ලොව පිරී තිබුණේ එකම සොඳුරු සිහිනයකින් පමණි. තමා වට කර තිබෙන සියලු යස ඉසුරු කෙතරම් නිෂ්ඵල දේවල් දැයි ඇයට සිතුනේ වරක්‌ දෙවරක්‌ නොවේ. මේ සිර මැඳුරෙන් පැන යන්ට ඇත්නම්….. ඒ වල්ලභයාගේ දැත් තුළ සිරවෙන්ට ඇත්නම්. ඔහුගේ උණුසුමට ළංවී නිදන්ට ඇත්නම්. ඔහුගේ පුළුල් උර මඬලට හිස තබා ගන්ට ඇත්නම්……· එහෙත් ඒවා තටු සිඳී ගිය ප්‍රාර්ථනා පමණි. සිතට දැනෙන රිදුම ඇසට කඳුලක්‌ සේ ගෙනෙයි. මේ නම් ආදරයේ වියෝගය මිස අන් දෙයක්‌ නොවේ. එහෙත් තමා මෙලෙස ඔහුට ආදරය කරන වගක්‌ නිශ්චිතවම ඔහු දන්නෙහිද? ඇයට පිළිතුරක්‌ අවශ්‍ය විය. එනිසාම ඇය තීරණයකට ද එළඹියාය. සත්තකින් ම එය යෞවනත්වයේ දඟකාරත්වය තුළින් මෝදුවන අහිංසක සිතිවිල්ලක්‌ ම නොවීය.

පටාචාරා මෙහෙකාර තරුණයා හමුවන්නට තීරණය කළාය. ඒ පිළිබඳව තමන්ට වඩාත් සමීප වූ සේවිකාවට පවා වචන මාත්‍රයක්‌ නොකීමට ද ඕ වගබලා ගත්තාය. කුමරිය වුවමනාවෙන් ම සිය හැසිරීම් රටාව වෙනස්‌කර ගත්තීය. එහෙත් ඇගේ හැසිරීම්වල කිසියම් ගුප්ත බවක්‌ ඇතැයිද සේවිකාවට සිතුණි.

පටාචාරා අපේක්‍ෂාවෙන් සිටි මොහොත උදාවිය. ඇය මිඩියකගේ වෙස්‌ ගෙන යොවුන් මෙහෙකරුවා රැඳී සිටි උයනට ගියා ය. ඇගේ කට හඬ ඇසුනු හේ තිගැස්‌සී බැලුවේය. එහෙත් ඔහු සැණකින් සන්සුන් විය.

ඔබ දන්නවාද මං ඔබ නිසා විඳින දුක. මේ සිටු මැඳුරම පාලු මූසල සොහොනක්‌ වගේ. මට මේ ජීවිතය එපා වෙලා. ඔබ තුළ මා කෙරෙහි ආදරයක්‌ තියෙනව නං මේ හිර මැඳුරෙන් මාවඅරන් යන්ට. හිත හිතා තීරණ ගන්ට වෙලාවක්‌ නෙවෙයි. මේ වැඩේ බොහොම භයානක දෙයක්‌ බව කියන්ට හදන්ට නං එපා. මං හෙට පාන්දර මේ වගේම වෙස්‌ මාරු කරගෙන උයන ළඟට එනවා. ජීවත් වෙනවද කියල ඔබට තීරණය කරගන්ට අද රෑ ගෙවන තුරු පුළුවන්. මං යනවා.”

තමාට ලැබුණේ සිටු මැඳුරේ රුසිරු කුමරියගේ අණක්‌ නොව පේමාතුර කුමරියගේ හෘදයාංගම ආයාචනයක්‌ බව ඔහු සිතන්ට වෑයම් කළේය. රාත්‍රිය මුළුල්ලේ ම ඔහු ගත කළේ නිදි වර්ජිතවය. සිටු කුමරිය තුළ තිබෙන ධෛර්යය හා ක්‍රියාශීලීත්වය ගැන ඔහු මවිත විය. මේ සා ක්‍ෂණික පියවරක්‌ ගැනීමට තරම් ඇය කල්පනා කළේ කුමක්‌ නිසා දැයි ඔහුට අපැහැදිලිය. එහෙත් මේ ප්‍රෙමයේ සුරම්‍ය සඳඑළිය බව නම් ඔහුට නිසැකවම දැනිණි.

මේ සා සියුමැලි ලියකට මෙලෙස හැසිරෙන්ට දිරියක්‌ ඇති කල එයට පිටුපෑම පිරිමිකමට නිගාවකැයි ඔහු සිතීය. එසේම තමාගේ ආදරයට පාත්‍ර වූ මේ යොවුන් කුමරිය සියල්ල හැරදා මෙලෙස එන්නී නම් එයට ගෞරව කිරීම සිය යුතුකමක්‌ සේ ද ඔහු සිතුවේය.

සිටු මැඳුර මතු නොව සැවත් නුවර ම නිදා සිටියදී පටාචාරා සමඟ අරමුණකින් තොරව මඟට බට තරුණයා දීර්ඝ ගමනක නිරත විය. ඇගේ මවුපියෝ ද සේවක සේවිකාවේ ද මහත් සේ තැති ගෙන සිටියහ. කිසිම කෙනෙකුට ඇගේ අතුරුදන්වීම අනුමාන ලෙස හෝ සිතිය නොහැකි විය. මවුපියන්ගේ සුසුම් ද සිටු මැඳුරේ අනෙක්‌ අයගේ සුසුම් ද හිස්‌ අහසට එක්‌ වෙද්දී පටාචාරා හා යොවුන් මෙහෙකරුවා ඈත ගමකට ගොස්‌ සිටියහ. ඒ අසිරිමත් ප්‍රේමයේ නාමයෙන් ය.

“ඇත්තටම ඔබට තිබුණනෙ වෙනත් උසස්‌ සිටුකුලයකට සරණයන්ට ගිහිල්ලා ජීවිතේ සතුටින් ගෙවන්ට

පටාචාරාගේ සැමියා දිනක්‌ ඇයට කීවේය. ඇයගෙ මුව මඬල සිනහවකින් සෝබාමත් විය. ඒ දැස්‌ තුළම පිළිතුර ද ඇදී තිබුණි. එහෙත් ඇය මෙසේ එයට ප්‍රතිචාර දැක්‌වූවාය.

ප්‍රිය ස්‌වාමීනි, මුහුද ළඟට ගියත් පිපාසයට දිය බොන්ට ළිඳට එනව වගේ මොන සිටු කුලයට ගියත් මගේ සිත ඔබ වෙතට එනව. මගේ සතුට ඒ සිටු මැඳුරෙ තිබුණෙ නෑ. මේ පැල්පතේ ඒ සතුට උතුරනව.

ප්‍රථම ප්‍රේමයේ මිහිර ඔවුන් අත් නොහැර ගියත් අගහිඟකම් ලුහුබැඳ එද්දී ඔව්හු අසරණ වූහ සුවඳ බොජුන් වැළ» සිරි යහන්වල සැනසුණු, ඒ සියුමැලි ලිය අද ගෙවන ජීවිතය ඔහු තුළ ද දොම්නසක්‌ දල්වයි. එහෙත් පටාචාරාත් සියල්ල සතුටින් බාර ගන්නීය. ඇයට දැනුනේ තමන් සීතල ගඟුලක සිහිල් සෙවනක ජීවිතය විඳිනා සෙයකි.

මේ අතර පටාචාරා මවක්‌ වන ලකුණු ද පලවිය. කුළුඳුල් දරුවා බිහි sකිරීම සඳහා දෙමවුපියන් වෙතට යමු දැයි ඇය සැමියාගෙන් ඇසුවාය. සැමියාට පෙරැත්ත කරන්නට ද වූවාය. එහෙත් ඔහුගේ පසුබැසීම් සිදුවෙද්දී ම දරු උපත ඉක්‌මන් විය. එහෙයින් ගමන ද නතර විය. පටාචාරා දෙවන වර ගැබ් ගන්නී. එවර ද මවුපියෝ වෙත යැමට හිමිට බලකර සිටියාය. එවර නම් ඔහුට ගැලවීමක්‌ නොවීය. මඟට වුවමනා අඩු වැඩිය ද හැකි පමණින් සපයාගත් පටාචාරා පවුල සැවැත් නුවර බලා ගමන ඇරඹුහ. ඒ ගමන අතිශයදුෂ්කර විය. එහෙත් ඔවුහු දිරියෙන් මග ගෙවූහ. ගම් දනව්, වන පෙත් පසු කරමින් පැමිණි ඔවුහු සැවත් නුවරට නුදුරුව වන පෙතෙක ගිමන් හරිමින් සිටිවහ. කුසගිනිද දැඩි විය. ඒ සමගම වැස්‌සක ලකුණු ද දිස්‌විය.

මහවැසි වැටෙද්දී ම පටාචාරාට විලිරුදා දැනුණි. ඇය සිය පළමු දරුවා තුරුලට ගෙන ඔහු වැස්‌සෙන් මුවාකර ගත්තීය. ඇගේ විලාසය දුටු සැමියා වැස්‌සට සෙවණක්‌ සැදීමේ සිතින් වනයට වැදුනේ ඇවැසි කලහලමනා සෙවීමටය. වැසි වැඩි විය.වැසි තරමටම ඇගේ විලිරුදාව ද වැඩි විය. විදුලි කොටන්නා සේ කුසෙහි කැළඹිලිද විය. ඇය බිම වැතිර සිය දෙවන දරුවාද බිහිකර සැමියා එන තෙක්‌ වේදනාවෙන් ම බලා සිටියාය.

වැසි ද අඳුර ද පහ විය. තවමත් දිය පහරවල් නිදහසේ ගලා යයි. පටාචාරාගේ සිතට සැනසීමක්‌ ද නැත. එහෙත් නොසැලී නැගී සිටි ඕ අලුත උපන් දරුවා කර පින්නා ගෙන අනෙක්‌ දරුවා ද සමඟ සැමියා සොයමින් වන ගැබට ඇවිද ගියාය. ඇයට ඇගේම ඇස්‌ අදහා ගත නොහැකි වූ සෙයකි. සැමියා තුඹසක්‌ අසල වැටී සිටිනු ඇය දුටුවා ය. ඇයට සිතුනේ සිහිසුන්ව වැදහොත්a බවකි. එහෙත් ස්‌වල්ප වේලාවකින් සිදුව ඇති විපත පසක්‌ කර ගත් ඕ දැඩි සිතින්ම වනයෙන් පිටතට ආවාය. ඈ එන මඟ ගඟකි. එහි තරමක සැඩ පහරක්‌ ද විය. ඇද වැටුණු වැසි නිසා ගඟ දිය තරමක්‌ ඉහළට නැග තිබිණි. විමසිල්ලෙන් බැලූ ඇයට පසක්‌ වූයේ ගඟට බැස එගොඩ විය හැකි බවය.

පටාචාරා අලුතු උපන් දරුවා ගං ඉවුරේ තබා අනෙක්‌ දරුවා පළමුව එගොඩ කළාය. අනතුරුව ගඟÊමැදට එන විටම ගොදුරු සොයනා උකුස්‌සකු බිළිදා දෙසට ඇදෙන අයුරු ඇය දුටුවාය. ඇය ගඟ මැද සිටම ශබ්ද නගා දැතින් ඉඟි කළත් උකුස්‌සා බිළිදා රැගෙන පියඹා ගියේය. මෙගොඩ සිටි දරුවාට හැඟුණේ සිය මව තමන්ව ඇමතූ බවකි. ඒ දරුවා ද ගඟට පැනනේය. පටාචාරා ආපසු හැරෙන විටත් සැඬ ගඟ දිය දරුවා රැගෙන පහලට ඇදී දරුවා ද සඟවා ගත්තීය.

පටාචාරා එකින් එක තම හිස මතට පාත්වන දුක්‌ කඳු වලින් නොසැලී සිටියාය. ඇගේ ලෝකය විනාශ වී ගොසින් ය. හැඬුම් වැලපුම් වෙනුවට කෙසේ හෝ මව්පියන්වත් දැක ගත හැකි නම් යන සිතිවිල්ල ඇය තුළ වැඩුණි.

ඕ සැවත් නුවරට පැමිණියාය. මුළු නුවරම වෙනස්‌ ය. දන්නා හඳුනන ගහක්‌ කොළක්‌ තරම්වත් නැත. ඇය මතකය ඔස්‌සේ සිටු මැඳුර දෙසට ඇදුණාය. පුදුමයකි. එහි වූයේ ගරා වැටුණු ගොඩනැඟිල්ලක නටබුන්ය. දඩාවතේ යන ගවයෝ එහි ලැගුම්ගෙන සිටියහ. මිනිස්‌ වාසයක්‌ නොවූ සෙයකි. ඈත මෑත බලමින් හඳුනන කෙනෙක්‌ ඇද්දොa යි විමසමින් යන ඇයට එක්‌තරා වෙළෙන්දෙක්‌ හමුවිය. ඔහු සමඟ කතා බහ කරද්දී හේ සිය මවුපියන් හඳුනන බව ද තහවුරු විය. එහෙත් ඔහු කී පුවත ඇය හිස මතට පාත් වූ තවත් හෙණයක්‌ම විය.

“අනේ ඒ සිටු පවුල මේ නුවර අත්හැරල ගිහිල්ල නෑයෙකුගෙ නිවසකයි ජීවත් වුණේ. ඒ ගොල්ලගෙ එකම දියණිය රහසින් ගියාට පස්‌සේ ඒ සෝකයෙන්ම හිටියෙ. මේ සිටු මැදුර කඩා වැටුන දැන් සතියකට ඉස්‌සර ඒ දෙන්නම මිය ගියා. මං හිතන්නෙ එක සොහොනක්‌ තවම ඇවිලෙනවා. ඔන්න ඔහොම ගිහිල්ල අර දෙවට දිගේ ගියහම බලාගන්ටත් පුළුවන්.”

එවේලේ නම් පටාචාරාගේ සියලු ශක්‌තියද, අධිෂ්ඨානය ද වියෑකී ගියේය. අකීකරු දුවක්‌ නිසා දෙමවුපියෙන් ගෙවූ වන්දිය ගැන සිතන ඇයට එය ඉහිලුම් නොදෙන්නක්‌ විය.

ගිනි දලු නිවුනු සොහොන අසල මොහොතක්‌ දණ ගසා ගෙන සිටි ඇය නැගී සිටියාය. මහ හඬින් සිනාසුනාය.මහ හඬින් හැඬුවාය. සොහොනට පනින්ට මෙන් දිව එද්දී අසල සිටි කීපදෙනෙක්‌ වහා ඉදිරිපත්ව එය වළක්‌වාලූහ. අනතුරුව හිස හැරුණු අත විලාප දෙමින් දුවන්ට වූවාය. ඇය දුටු එෙŒර කොලු ගැටව් පිස්‌සු ගැහැනියක්‌ යනුවෙන් කියමින් ඇයට ගල්වලින් ගසන්ට ද වූහ. ඒ රිදුම් තැවුල් ඇයට වගක්‌ නැත. තමා හඹා එන කොල්ලන්ගෙන් ගැලවී ගත් ඕ ඉබේම ඡේතවනාරාමය දෙසට යන මාවතට වැටුණි. ඇගේ දුක්‌ මුසු විලාසය ගැන සමහරු අනුකම්පා කළහ. එහෙත් ඇය ගැන සත්‍යය කිසිවෙක්‌ නොදත්හ. ඇය ඡේතවනාරාමයට ඇතුල් වීමට ගියේ ද සිහියකින් නොවේ. එහෙත් ඇයට ඒ සඳහා පින් ඉතිරිව තිබුණි. බුදුන් වහන්සේගේ දයාව කරුණාව ලද ඕ ශාරීරිකව ද, මානසිකව ද සුවපත් වූවාය. සියලු වියෝගයන් දරාගත් පටාචාරා අනතුරුව මෙහෙණිsයක්‌ වූවාය.

ගාමිණී සුමනසේකර

සුදොවුන් රජු මරණ මංචකයේදී නිවන් දකියි

සුදොවුන් රජු මරණ මංචකයේදී නිවන් දකියි
ගාමිණී සුමනසේකර
source:
සිව් දෙසින් ඇදී එන පොදු ජනතාවගෙන් ද වෙනත් රජ, සිටු, වෙළෙඳ ප්‍රභූන්ගෙන් ද සිව් වේදයෙහි පාරප්‍රාප්ත බ්‍රාහ්මණයන්ගෙන්ද, නිබඳ සැදි ඡේතවනාරාමය අන්‍ය තීර්ථකයන්ගේ පමණක්‌ නොව බුදුන්ගේ සමකාලීන බොහෝ සෘෂිවරුන්ගේa ද ආගමික නායකයන්ගේද දොම්නසට හේතු විය. රජවරුන්ගෙන් හා ධන සිටුවරුන්ගෙන් ලැබෙන අනර්ඝ පරිත්‍යාග බුදුන් වහන්සේට හිමිවීම එයට ප්‍රබල හේතුවක්‌ ද විය. බුදුන් වහන්සේ කිසිවිටෙක ලාභ සත්කාරයෙහි නො ඇලුණු නමුදු ඒ සඳහා සමාජයෙහි තිබුණේ උග්‍ර තරගයකි. බිම්බිසාර රජු විසින් පරිත්‍යාග කරන ලද වේළුවනය මෙන්ම අනේපිඬු සිටුතුමන් විසින් පරිත්‍යාග කරන ලද

ඡේතවනාරාමය වැනි ප්‍රකෝටි ගණන් මිල වූ පූජාවන් ඉතා රමණීය ද, සැලසුම් සහගත ද විය. දනන් තුඩ තුඩ ඇදී ගිය ඒවායේ තතු අසන අන්‍යාගමිකයන්ට හිතට මහාබරක්‌ ද දැනුණි. එසේ ම මහා නරපතියන් වූ බිම්බිසාර, පසේනදි, කෝසල වැනි අය බුදුන්ගේ සමීප දායකයන් වීම ද ඔවුන්ට දරාගත නොහැකි විය.

දිනෙන් දින තම අනුගාමිකයන් අඩුවීමටත් තමන්ට ලැබෙන ප්‍රතිලාභ පරිත්‍යාග අඩුවීමටත් හේතුව බුදුන් වහන්සේ බව සිතන ඔවුන් තුළ අසහනය ද වැඩුණි. ඇතැම් අබෞද්ධ පිරිස්‌ බුදුන් වහන්සේට අවමන් කිරීම සඳහා කුමන්ත්‍රණ ද කළහ. මේ අය අතර නිගණ්‌ඨයෝ ප්‍රමුඛ වූහ. බුදුන් සමඟ වාදයකින් තමන්ට ජයක්‌ හිමි නොවන බව දත් නිඝණ්‌ඨයෝ උන්වහන්සේට මාගම්සෝලි කර නිග්‍රහ කළහ. මාගම්සෝලි යනු ස්‌ත්‍රීන් සමඟ ඉතා රහසිගතව කෙරෙන සබඳතා පිළිබඳ චෝදනායි.

බුදුන් වහන්සේට නිග්‍රහ කිරීම සඳහා චිංචිමානවිකාව යොදා ගනු ලබන්නේ ද එබඳු පවිටු ෙච්තනාවෙනි. ඇය සමඟ රහස්‌ කතා කර, ඇයට අල්ලස්‌ ලබා දී ඇය සමඟ ගිවිසුමකට එළඹුණු නිගණ්‌ඨයෝ චිංචිමානවිකාවගේ මුවින් ඇය ගැබිනියක්‌ බව ප්‍රචාරය කළහ. බුදුන් වහන්සේ හා තමන් අතර කලක පටන් රහස්‌ සබඳතාවක්‌ පැවැති බවත් එනිසාම තමන් මවක්‌ වීමට යන බවත් ඇය කීවාය. දනන් අතර ද ප්‍රචලිත එකී මුසාවාදය

ඡේතවනාරාමයේ භික්‍ෂුන් වහන්සේගේ කනට ද ගියේ සුළඟක්‌ සේ ය. එහෙත් කිසිදු භික්‍ෂූන් වහන්සේ නමකට මේ බව බුදුන් වහන්සේට දැන්වීමට ශක්‌තියක්‌ නොවීය. ඒ උන්වහන්සේ පිළිබඳ වූ අසාමාන්‍ය ගෞරවය නිසාමය.

මේ අතර දිනක්‌ බුදුන් වහන්සේ දහම් දෙසමින් සිටියදී ඡේතවනාරාමයේ ප්‍රධාන දොරටුවෙන්ම ඇතුල් වූ ගැබිනි කතක්‌ එදෙසට දිව ආවාය. සියල්ලෝ ම තුෂ්ණිම්භූතව සිටියාහු එහි අගක්‌ මුලක්‌ නොදත් හෙයිනි. අනඳ හිමියන් සැණෙකින් නැගී සිට යමක්‌ ප්‍රකාශ කිරීමට සූදානම් වුවද බුදුන් වහන්සේ එය වළක්‌වාලූහ. උන්වහන්සේ තුළ අබැටක තරම්වත් සසල බවක්‌ නොවීය. පිරිසද දැස්‌ දල්වාගෙනම සිටියහ.

සෙනඟ අතරින් ඉදිරියට ආ ස්‌ත්‍රිය නිඝණ්‌ටයන්ගේ කුමන්ත්‍රණයෙහි පලයක්‌ බව බුදුහු දුටහ. එහෙත් උන්වහන්ස්‌ තුෂ්ණිම්භූතවම වැඩ සිටියහ. ඒ පැමිණි ස්‌ත්‍රිය චිංචිමානවිකාවය.

ඔබ අලංකාර දහම් දේශනා කරමින් සුවසේ සිටිනවා. ඒත් මගේ කුස දවසින් දවස මෝදු වන බව දන්නේ නැද්ද?

අගේ ස්‌වරය දැඩි විය.

ඔබත් මාත් අතර රහසේ තිබූ සබඳතාවක්‌ නම් මෙලෙස ජන සභාවක්‌ මැද ඒ ගැන කීම සුදුසු නැහැ නේද?

බුදුහු සන්සුන්ව පැනයක්‌ නැඟුහ.

හොඳයි ඔබට හිතට ලැඡ්ජාවක්‌ එනවා නම් ඒවා හිතන්නට තිබුණේ බොහොම ඉස්‌සර. අහිංසක මා රවටා දැන් රුවට බණ දෙසනවා. අගෙයි අගෙයි. මෙහෙමත් බුදුවරුන්.

චිංචිමානවිකාව සිය කුස මතට එක්‌ අතක්‌ද තැබුවාය. සැබැවින්ම ඇය සිටියේ සිය ඇඳුමට යටින් දර මිටියක්‌ කුසෙහි බැඳගෙන බව ඒ ධර්ම ශාලාවේ සිටි කිසිවෙක්‌ නොදත්හ. මේ ගැබිනි ලිය කියන්නී සත්‍යයක්‌ද? මුසාවක්‌ද? යන පැනය සමහරු සිතින්ම නැගූහ. තවත් ස්‌වල්ප වේලාවක්‌ ගත විය. එක්‌ වරම චිංචිගේ කුස මත රඳවා තිබුණු දර මිටියෙහි රැහැන්පට ගිලිහී එය ඇගේ පාමුළ වැටිනි. ඒ නම් බුදුන්ගේ සත්‍යවාදී පිවිතුරු ගුණය නිසාම යෑයි පිරිස සිතූහ. සෙනඟ අතරින් නැගුණු විරෝධය මැද්දේම ඇය යාන්තම් එළියට පැන ගත්තීය. එහෙත් බිම වැටුණු දර ආපසු ඇය වෙතටම එල්ල විය. ඇයට ගැලවීමක්‌ නම් නොවීය. මහපොළොව මකර කටක්‌ සේ දෙපසට වී ඇය ඩැහැගත්තේය. ඒ සාහසික අපරාධයට දඬුවමක්‌ ලෙසය. මුළු රජගහ නුවරම එපවත

රැව්දුනි. ඒ සියලු අපරාධයට නිගණ්‌ඨයන් වගකිව යුතු බව ද ජනතාව කීහ. නිඝණ්‌ඨයෝ ද එපවත් අසා සැලුම් වෙව්ලුම් ගත්හ. මක්‌නිසාද යත් ඒ අභූත චෝදනාවෙහි මැවුම්කරුවන් තමන් බව ඔවුන් ඉඳුරා දත් හෙයිනි.

ආනන්ද හිමියෝ මේ සිද්ධියෙන් වඩාත් කම්පා වූහ. ඡේතවනාරාමයට නිසි ආරක්‍ෂාවක්‌ නොවීම පිළිබඳව කනස්‌සල්ට ද පත්වූහ. ඒ උන්වහන්සේගේ ස්‌වභාවයයි. සැබැවින් ම ආනන්ද හිමියන් තරම් බුදුන් වහන්සේ පිළිබඳව කැපවීමෙන් ක්‍රියා කරන හිමිනමක්‌ ද නැත. බුදුන්ගේ අග්‍ර උපස්‌ථායක ධුරයට උන්වහන්සේ පත් වන්නේ ද එනිසාමය. ආනන්ද හිමියන් එම ධුරයට පත්වන තෙක්‌ බුදුන්ගේ පාත්‍ර සිවුරු රැගෙන යැම ද වෙනත් උවටැන් ද සිදුÊවූයේ කවුරුන් හෝ භික්‍ෂුවක්‌ අතිනි. ඇතැම් භික්‍ෂුවක්‌ බුදුන් සමඟ යද්දී වුවද අතරමඟදී උන්වහන්සේ හුදෙකලා කර ගිය අවස්‌ථා ද විය. නාගසමාල නම් භික්‍ෂුවක්‌ බුදුන් වහන්සේ එලෙස හුදෙකලා කර නික්‌ම යැමෙන් පසු උන්වහන්සේට නිත්‍ය උපස්‌ථායකයකුගේ අවශ්‍යතාව පැන නැගිණ. එහෙත් බුදුහු එයට එතරම් මනාප නොවූහ. කෙසේ හෝ අවසානයේදී සංඝ සම්මතයෙන්ම එම ධුරය සඳහා ආනන්ද හිමියෝ තේරී පත්වූහ. සැරියුත් මුගලන් වැනි මහ තෙරවරු ද මේ සඳහා ඉදිරිපත් වූහ.

බුදුන්ගේ අග්‍ර උපස්‌ථායක ධුරය ලබා ගැනීම සඳහා දෙව්දත් හිමියන්ට ද දොලක්‌ විය. ඒ එම ධුරය උපයෝගී කර ගනිමින් භික්‍ෂු පාලනය සියතට ගැනීමට විනා බුදුන් කෙරෙහි උපන් දයාවකින් නම් නොවීය. දෙව්දත් හිමියන් නිබඳවම කල්පනා කළේ තමන් අතට බලය ලබා ගත හැකි ක්‍රමයක්‌ පිළිඳවය. බුදුන් වහන්සේගේ කුටිය තුළ වැඩි කාලයක්‌ ගෙවීමටත්. බුදුන් වහන්සේ බැහැ දැකීමට එන රජ, සිටු ඇතුළු ප්‍රභූන් සමඟ කුළුපඟ වීමටත් එම ධුරයෙන් අවකාශ සැලසෙන බව දෙව්දත් හිමියෝ දත්හ. එසේම බුදුන් වහන්සේට පෞද්ගලිකව ලැබෙන ආරාධනා සඳහා යැමේ අවස්‌ථාව ද එමගින් හිමිවන බව දෙව්දත් හිමියන්ට පැහැදිලි විය. එහෙත් ආනන්ද හිමියන් මෙම ධුරයට පත්වීමේදී ඒ සියලු අවස්‌ථාවන් තමන්ට නොදිය යුතු බවට කොන්දේසියක්‌ ද ඉදිරිපත් කළේය. වෙනකක්‌ තබා බුදුන් වහන්සේට ලැබෙන අගනා සිවුරක්‌ හෝ වෙනත් පිරිකරක්‌ හෝ තමන්ට නොලැබිය යුතු බව ද ආනන්ද හිමියෝ කීහ. බුදුන් වහන්සේ ඒ අභිමතයට ඉඩ දුන් අතර ආනන්ද හිමියන් විසින් පෞද්ගලිකවම කරනු ලබන ඕනෑම ආයාචනයක්‌ පිළිගන්නා බවට ප්‍රතිඥාවක්‌ ද දුන් සේක.

ආනන්ද හිමියන් රැය පහන් කරන ලද්දේත්, බුදුන් වහන්සේට මුහුණ පාන්නට වු අභූත චෝදනාව පිළිබඳව තැවුල් සිතිනි. බුදුහු ඒ සිදුවීමෙහි සියලු තතු ඉඳුරා දැක කුෂ්ණිම්භූතවම වැඩ සිටියහ. පසුදින උදැසනම ඡේතවනාරාමයට විශේෂ පණිවුඩයක්‌ සමඟ රාජ දූතයෙක්‌ පැමිණියේය. මහානාම කුමරුන් විසින් එවන ලද එම පණිවුඩයෙහි සඳහන් වූයේ සුදොවුන් මහ රජු මරණ මංචකයෙහි වැතිර සිටින බවත්, රජුන් තුළ බුදුන් වහන්සේ ප්‍රමුඛ නන්ද, රාහුල ආදී හිමිවරුන් දැක ගැනීමේ පහන් සිතක්‌ පහළ වී ඇති බවත් ය. පුවත ඇසු ආනන්ද හිමියෝ දැඩි සංවේගයට පත් වූහ. දූත හස්‌න සමඟ බුදුන් වහන්සේගේ කුටියට ගිය ආනන්ද හිමියන්ට අලුතින් ඒ පුවත විස්‌තර කිරීමට අවශ්‍යතාවක්‌ නොවීය. මන්ද යත් එදින අලුයම ලොව බලන බුදුන් වහන්සේට ඒ සියලු තතු පෙනී ගොස්‌ තිබුණු හෙයිනි.

බුදුන් වහන්සේ ආනන්ද, නන්ද. රාහුල, අනුරුද්ධ යන හිමිවරුන් සමඟ කිඹුල්වත්පුරයට අහසින්ම වැඩම කළහ. නුගරවාසීහු අහසින් වඩිනා බුදුන් වහන්සේ හා හිsමිවරුන් දැක සාධුකාර දුන්හ. සුදොවුන් රජුගේ මුහුණින් පල වුයේ විඩාබර පෙනුමකි. රජු අසලින්ම මහා ප්‍රජාපති ගෝතමිය හා යසෝදරා දේවිය ද වූහ. ඔවුන්ගේ දෙනෙත්වල කඳුළුය. මාලිගාව තුළ වෙනත් ශාක්‍ය ප්‍රභූවරු ද වූහ. පිටත තවත් නෑයෝ ද මිත්‍රයේ ද වූහ. සියලු දෙනාම අපේක්‍ෂාවෙන් සිටියේ බුදුන් වහන්සේ ය. මහානාම කුමරු මාලිගාවේ දොරකඩම රැඳී සිටියේ බුදුන් වහන්සේ පිළිගැනීමටය.

කිඹුල්වත් පුරයම සෝබර වළාකුළුවලින් අඳුරු වූ සෙයකි. නුවරම සන්සුන් ය. සුදොවුන් රජුන්ට සෙත් පැතීම සඳහා බුදුහුවැඩම කළහ යි යන පුවත ද පැතිර ගොස්‌ තිබිණි. බුදුන් වහන්සේ සන්සුන්ව පිය රජු රැඳී සිටි කාමරය දෙසට වැඩියහ. බුදුන් වහන්සේගේ මුව දුටු රජු මහත් සේ ප්‍රමුදිත විය. ඒ සමගම තරමක්‌ නුදුරුව සිටිනා නන්ද, රාහුල, අනුරුද්ධ, ආනන්ද යන හිමිවරුන් දුටු රජු වඩාත් ප්‍රසාදයට පත් විය. බුදුන් වහන්සේට නමස්‌කාර කරන්නට සුදොවුන් රජු දැත් එක්‌ කළේය. එසඳ බුදුහු මහත් කරුණාවෙන් සිය පිය රජුගේ සුරත අල්ලා ගත් සේක. ඒ දසුන ගෝතමියට දරාගත නොහැකි විය. ඇගේ චිත්ත වීථිය ඔස්‌සේ අතීත රූප පෙළක්‌ නැගෙන්නට ද විය. හැඟීම්බර වීම නොමැනවැයි ද එකෙණෙහිම ඇයට සිතුනි. ඕ සිත දැඩි කරගෙනම සිය ස්‌වාමියාගේ ගුණ සිහිපත් කළාය. බුදුහු සිය පියාණන් අවසන් මොහොතට ළංව සිටින බව පසක්‌ කර ගත්හ.

“මහරජතුමනි, ඔබ ඔබටම පහනක්‌ වී දිලුණෙහිය. ඔබගේ වංශයෙහි සියලු දෙනාගේම ගෞරවයටද බුහුමනට ද පාත්‍ර වූවෙහිය. එසේම ඔබගේ පිහිටෙන්ම ඔබ මේ ජීවිතයෙහි සත්‍යය ද යථාර්ථය ද පසක්‌ කර ගත්තෙහිය. ඒ උතුම් ධර්මයෙහි පිළිසරණ ඔබට ශක්‌තියද, සිහියද ලබා දෙන්නේය. ඔබට මරණ වේදනාවක්‌ නැත. අන් දුකක්‌ ද නැත. ඔබ සියල්ල අතහැර සුවපත්ව සිටින්නෙහිය. ඔබ උපතද මරණය ද ජය ගත්තෙහිය. ජාති, ජරා, ව්‍යාධි, මරණ ඔබට යළි නොවන්නේය.

බුදුන් වහන්සේගේ ඒ වදන් අවසන් වෙද්දීම සුදොවුන් රජුගේ දෙනෙත් පියෑවිණි. අසල සිටි ප්‍රජාපති ගෝතමියට මෙන්ම යසෝදරාවන්ට ද එවේලේ නම් හැඬුම් සඟවා ගත නොහැකි විය. දෙදෙනාම ඉකි ගසා හඬමින් ම එතනින් ඉවත් වූහ. මහානාමගේ දැස්‌ වල ද කඳුළු පිරී තිබිණි. මහානාම යනු සුදොවුන් රජුගෙන් පසු ශාක්‍යවරුන්ගේ ප්‍රමුඛයා බවට පත්වන ජ්‍යෙෂ්ඨයා පමණක්‌ නොව සියල්ලන්ගේම විශ්වාසය ද දිනා ගත්තෙකි.

සුදොවුන් රජුගේ ආදාහන කටයුතු සිදු වූයේ බුදුන් වහන්සේගේ ප්‍රධානත්වයෙනි. බ්‍රහ්මණයෝ ද, වෛදික චාරිත්‍රානුකූලව පෙළ ගැසී සිටියහ. එහෙත් ආදාහන කටයුතු සිදු වූයේ භික්‍ෂු සංඝයා විසින් ගාථා ධර්ම සඡ්ජායනා කරන අතරය. සුදොවුන් රජු ගිහියකු ලෙස අවසන් හුස්‌ම හළ නමුදු අවසන් මොහොතේ නිර්වානාබෝධය ලබා සිටියේය. එය සුවිශේෂ කරුණක්‌ විය. රාජකීය ප්‍රභූවරයකුට හිමිවන ගෞරවය මෙන්ම කෙළෙස්‌ මළ දුරුකළ තෙර නමකට ලැබිය යුතු පූජනීයත්වය ද සුදොවුන් රජුට හිමි විය. ශාක්‍ය කුමාරවරු පෙළ සැදී රජුගේ දේහයට සමන් මල් ඉසිමින් ගෞරව කළහ. සඳුන් සෑයට ගිනි දල්වනු ලැබුවේ ද ශාක්‍ය කුමාරවරු දෙදෙනකු විසිනි. අහස්‌ කුස ඉහළට ගිනි දලු නැගුණ ද එගිනි සිසිල් විය. දෙවියෝ දෙපස සිට දිවමල් විසිරවූහ. රැස්‌ව සිටි ජනයා සාධුකාර දුන්හ.

සුදොවුන් රජුගේ ආදාහන උළෙල අවසන් වීමෙන් පසුවද බුදුහු කිඹුල්වත්පුරයේම වැඩ සිටියහ. එයට හේතු වූයේ මහා ප්‍රජාපතී ගෝතමිය පියවිප්පයෝගය දරාගත නොහැකි තරමටම දුබල වී සිටීමය. ගෝතමී දේවියට මාලිගාවේ වාසය ද රුචි නොවීය. එහි හැම අතකින්ම ඇයට දිස්‌ වූයේ පිය හිමියන්ගේ මුහුණය. දින කීපයක්‌ම ඇය නිරාහාරව සිටියාය. වියපත්ව සිටි ඇයට එබඳු දෙයක්‌ ඔරොත්තු නොදෙන බව සේවිකාවෝ කියා සිටියහ. එහෙත් ඇය ඔවුන්ට කීකරු නොවූවාය. යසෝදරා දේවිය පැමිණ කාරුණිකව කළ පෙරැත්ත කිරීම් නිසා ඇයට ඇගේ දැඩි ව්‍රතය අත්හැර දැමීමට සිදුවිය. මේවිසල් මාලිගාව තුළ ඇය හුදෙකලා වී සිටින්නී යෑයි යසෝදරා දේවිය ද දනී. ඇගේ පුත් නන්ද මෙන්ම ඇය බෙහෙවින් ආදරය කළ රාහුලද ඒ වන විට බුදු ශ්‍රාවකයෝ බවට පත්ව සිටියහ. පුහුදුන් ඇගේ සිතට ඒ අතීත සැමරුම් දැඩි වේදනාවක්‌ වූ වග යසෝදරා දන්නීය. සිය නැන්දණියගේ ප්‍රාර්ථනා ලෝකය බිඳ වැටී ගිය අයුරු ද යසෝදරාට සිහිපත් විය. සයෝදරා කෙතරම් සියුමැලි ලියක්‌ වුවද ඒ කිසිවකින් නොසැලෙන අධිෂ්ඨාන ශීලයකින් ද යුතු වූවාය. එය අනන්ත අප්‍රමාණ සංසාර ගමනක පුරුද්දකි.

මහානාම රජු ද මාලිගාවට පැමිණ ප්‍රජාපතී දේවිය පිළිබඳ විමසා බැලුවාය. ඇය වියෝ දුකින් කම්පාවී සිටින අයුරු ඔහුට ද පැහැදිලි විය. කුමක්‌ කරම්දොa යි ඔහුටද නොහැඟිනි. බුදුන් වහන්සේ නීග්‍රෝධාරාමයෙහි වැඩ වසන බවත්, උන්වහන්සේ හමුවීමෙන් සෝ තැවුල් තුනී කර ගත හැකි බවත් මහානාම ප්‍රජාපති දේවියට යෝජනා කළේය.

“මං හිතාගෙන හිටියෙ උන්වහන්සේ ආපහු සැවත් නුවරට වඩින්න ඇති කියලයි. අනේ එහෙනම් මොන තරම් සහනයක්‌ ද? අදම යන්ට ඕනෑ උන්වහන්සේ බැහැදකින්ට

ප්‍රජාපතී දේවිය කීවාය. මහානාම රජු කියා සිsටියේ පසුදිනම ඒ ගමන යොදා ගැනීම උචිත බවය.

ප්‍රජාපතී දේවිය සමඟ පරිවාර ලියෝද නීග්‍රෝධාරාමය බලා ගියහ. බුදුන් වහන්සේගේ කුටිය දෙසට පා ගමනින් යන පිරිස ඉදිරියට මුලින්ම පැමිණියේ බුද්ධ උපස්‌ථායක ආනන්ද හිමියන්ය. ප්‍රජාපතී ගෝතමිය දුටු ආනන්ද හිමියන් තුළ ද සංවේගයක්‌ ඇති විය. ගෝතමියගේ විලාසය කවර පුහුදුන් සිතකට වුවද දරාගත නොහැකි විය. ආනන්ද හිමියෝම පළමුව ගොස්‌ බුදුන් වහන්සේට ඒ පිරිසගේ පැමිණීම සැලකර සිටියහ. බුදුහු කුටියෙන් පිටතට පැමිණ ආලින්දයෙහි වැඩ සිටියහ. ගෝතමී දේවිය ද පරිවාර ලියෝ ද බුදුන් වහන්සේට නමස්‌කාර කර පසෙක හිඳගත්හ. ප්‍රජාපතී ගෝතමියගේ දැසින් කඳුළු ගලා යන අයුරු බුදුහු ද දුටහ. උන්වහන්සේ මහා කරුණාවෙන් එදෙස බලා තුෂ්නිම්භූතවම සිටියහ. ඇයට රිසිසේ හඬන්නට ඉඩ හැරීම ගෝය බව ද උන්වහන්සේට පසක්‌ විය. ස්‌වල්ප වෙලාවක්‌ ගෙවී ගියේය. ඇගේ දුක තුනී නොවුනද, සිතට ශක්‌තියක්‌ දැනුණි. ඇය ඇසිපිය නොහෙලාම බුදුන් වහන්සේගේ මුව මඬල දෙස බලා සිටියාය. උන්වහන්සේගේ දෙනෙත් වලින් කරුණාව වෑහෙන අයුරු ඕ දුටුවාය. එය සීතල සඳ එළියක්‌ සේ හදට දැනෙන්නට විය. ඕ යළි දෙනෙත් පියාගත්තීය. එසඳ දෙසවන් තුළට ගලා ආවේ මධුර ස්‌වරයකි.

“පින්වත් මෑණියනි. සිත වසා ගත් සෝ ගනඳුර දුරලීමට දිරි වඩන්න. දුක උපදවන ඇලීම අත්හැරීමට ශක්‌තිමත් වන්න. යම් සේ තෘෂ්ණාව දුරලන්නෙහිද එය සුවයකි. මිදීම සුවයක්‌ බව දැනෙන්නේ බැඳිම අත්හළ සිතකට පමණි.

බුදු වදන් ඇයට අප්‍රමාණ සුවයක්‌ ම විය. අනතුරුව සිත දැඩි කර ගත් ඕ බුදුන් වහන්සේ අභිමුව මෙසේ ආයාචනයක්‌ ද කළාය.

බුදුරජාණන් වහන්ස, ඔබ වහන්සේ අපට සුවිශේෂ වුවද, ඔබ වහන්සේට අප සුවිශේෂ නොවන බව මම ඉඳුරා දනිමි. එසේ වන්නේ ඔබ වහන්සේ සියලු සත්ත්වයන් කෙරෙහි සම කරුණාවෙන්ද, සම මුදිතාවෙන්ද, සම උපේක්‍ෂාවෙන් ද යුතු හෙයිනි. ඒ අසමසම ගුණය බුදුවරයකුට හැර අන් කිසිවකුට නොමැති බව ද මම දනිමි. එසේ වුවද මේ කිඹුල්වත්පුරය සමගම මා සිත තුළ මැවෙන්නේ වෙනත් සිතිවිලි ධාරාවන්ය. මා පිය සමි¹ණන් නෙත් පියා ගත් මොහොතේ පටන් මම හුදෙකලා වීමි. මම උපවාස සීලයෙහිම පිහිටා සිටියෙමි. ඉන් මා කය දැඩි සේ දුබල විය. අනතුරුව මම සිතට දිරි ගෙන අලුත් ඇරඹුමක්‌ පිළිබඳව සිහි කළෙමි. එනම් මෙබඳු බුදුÊසසුනක්‌ මුල් බැස ගෙන තිබෙන යුගයක එහි ඵල කාන්තාවන්ට අහිමි වී තිබීම මගේ අවධානයට යොමු විය. දැන් මෙනුවර බොහෝ ලියෝ අස්‌වාමිකව, හුදෙකලාව සිටිති. ඒ ඔවුන්ගේ ස්‌වාමිවරුන් දහම් සිසිල ලැබ බුද්ධ ශ්‍රාවකයන් බවට පත් වූ හෙයිනි. මාද අයත් වන්නේ එබඳු හුදෙකලා ලියන්ගේ ගනයටය. මට අගාරිකව සිටීමට කිසිදු කරුණක්‌ නැත. මගේ ප්‍රිය ස්‌වාමියන්ගේ වියෝගය ද මට දරාගත නොහැක්‌කේ ය. දැන් ඒ සියල්ල අතහැර මිදීම නමැති ඔබ වහන්සේ විසින්ම අනුදැන වදාරණ ලද සුවය ක්‍ෂාත් ක්‍ෂාත් කර ගැනීමට මට පිළිසරණ වුව මැනවි. අප වැනි ලියන්ගේ සංසාර ඉරණම වෙනස්‌ කිරීම සඳහා අපට උපකාර කළ මැනවි. එහි පළමු අවස්‌ථාව මට ලබා දුන මැනවි.

බුදුහු සාවධානව එය අසා සිටියහ. එහෙත් ඒ සඳහා අවසර ලබා දිය නොහැකි බව ස්‌ථිරවම ප්‍රකාශ කළහ. දෙවනුවද තෙවනුවද ගෝතමී දේවිය විසින් එම ආයාචනය කරන ලද්දේය. එහෙත් එයට අවසර නොලැබිණි. දහම් මඟ මෙන්ම නිවන් මඟ ද පුරුෂ පක්‍ෂයට මෙන්ම කාන්තා පක්‍ෂයට ද පොදුය. එහෙත් උන්වහන්සේ එම යෝජනාව ප්‍රතික්‍ෂේප කළහ.

අනතුරුව ගෝතමී දේවිය උන්වහන්සේට වැඳ නමස්‌කාර කර ආපසු මාලිගාව බලා පිටත් වූවාය. ඒ අතරමඟදී ඇයට ආනන්ද හිමියන් හමුවිය. එහිදී ඕ සියලු තතු ආනන්ද හිමියන් සමග ද කීවාය. ආනන්ද හිමියෝ නොයෙක්‌ කරුණු දක්‌වා ඇය අස්‌වසාලූහ. එසේම ඒ සඳහා මතුයම් දිනක අවසර ලබා ගැනීම සඳහා උදව් කරන බවට ඇයට ප්‍රතිඥාවක්‌ ද ලබා දුන්හ.

බුදුහු පෙරළා සැවත් නුවර ඡේතවනාරාමය බලා ආපසු වැඩියහ. තවත් දින කීපයක්‌ සිතිවිල්ලේම ගත කළ ප්‍රජාපතී දේවියගේ සිතට යළිත් ගිහිගෙය හැර යැමේ අදහස නැගුනි. අනතුරුව ඕ යසෝදරාවන් සමඟද ඒ පිළිබඳව කතා කළාය. අවසානයේදී යසෝදරාවන්ට ද ඇය සමඟ එකඟ වනු හැර කළ හැකි අන් දෙයක්‌ නොමැති බව ද හැඟී ගියේය. දැන් ගෝතමී දේවියගේ අදහස හිස මුඩුකර, කහ සිවුරු හැඳගෙන, තවත් ශාක්‍ය ලියන්ද සමඟ පයින්ම සැවත් නුවරට ගොස්‌ බුදුන් වහන්සේ හමුවීමය. යසෝදරා ද ඇය වළක්‌වාලන්නට ඉදිරිපත් නොවූවාය. ගෝතමී දේවිය සැවැත් නුවර බලා යන දිනයෙහි පැමිණ ඇයට වැඳ ගෞරව දැක්‌වූ යසෝදරාගේ සිතට කිසියම් සංවේගයක්‌ ද දැනුණි. ඇය එවේලෙහි හදවතින්ම ප්‍රාර්ථනා කළේ නම් සිය නැන්දණියගේ අරමුණ ඉටු වේවා යන්නය. යන මග ඔවුන්ට දුකක්‌ නොවේවා යන්නය.

ප්‍රජාපතී ගෝතමිය රාජ ඉසුරු මැද දිවි ගෙවූ සුකුමාර ලියකි. ඕ කිසි දිනක පා ගමනින් මාලිගාවෙන් පිටතට පවා ගමන් කර නොතිබිණි. එහෙත් දැඩි අධිෂ්ඨානයෙන් ගමන ඇරඹූ ඇය දින කීපයක ඇවෑමෙන් සැවත් නුවරට ළඟා වූවාය. ඇගේ දෙපා ඉදිමී, රත්පැහැ ගැන්වී තිබිණි. මාර්ගයෙහි වූ රළු බොරළුවලට යටි පතුල් කැපී තිබුණි. ගත දුහුවිලිය. කසාවත දුඹුරු පැහැ ගෙන අවවර්ණ විය. දෙනෙත් මළානික විය. ඇය සමඟ ගමන ඇරඹූ බොහෝ දෙනෙකුගේ විලාසය ද එයම විය. දැන් සියලු දෙනාම ඡේතවනාරාම භූමියට ඇතුළු වී සිටිති.

එවේලෙහි වෙනත් කරුණක්‌ සඳහා ආරාම පරිශ්‍රයෙහි ඇවිද යමින් සිටි ආනන්ද හිමියෝ මෙම පිරිස්‌ දෙස විමසුම් ඇසින් බලන්නාහු සැණකින් ඔවුන් හඳුනාගත්හ. ආනන්ද හිමියෝ මහත් සේ කම්පාවට පත්ව ඔවුන් එහි රඳවා බුදුන් වහන්සේගේ කුටියටම ගොස්‌ සියලු තතු සැළකර සිටියහ. බුදුහු එවරද භික්‍ෂුණී සාසනය පිළිබඳ යෝජනාව බැහැර කළහ. එහෙත් ආනන්ද හිමියෝ ප්‍රජාපතියගේ ගුණ වර්ණනා කරමින්ම ඇගේ යෝජනාවෙහි යුක්‌තිගරුක බව කියන්නට වූහ. එසද බුදුහු ආනන්ද හිමියන් අමතා මෙසේ වදාළහ.

“ආනන්දය මම ඔබගේ සියලු වර්ණනා අනුමත කරමි. ප්‍රජාපතී මාතාව විසින් කුමර වියෙහි මට දක්‌වන ලද මාතෘ ප්‍රේමය ද ඉඳුරා දනිමි. ආනන්දය මගේ ධර්ම විනය සුරැකීමට මෙම භික්‍ෂුණී සසුන බාධා වන්නේය. එය බ්‍රහ්මචර්යාව පවත්වා ගැනීමට බාධාවකි. එය නොපැතූ අනතුරකට, විපතකට හේතු වන්නේය. එමනිසා ස්‌ත්‍රී පැවිද්ද මම ප්‍රතික්‍ෂේප කළෙමි. එසේ වුවද මා දකිනා මෙම යථාර්ථය ඔබට ද මගේ සුළු මවටද දැන් නොවැටහේ. එය ඇගේ හද පැලී යන තරම් දැඩි සෝකයටද හේතු වන්නකි. එනිසා මම ඇයට කරුණු අටකින් සමන්විත පිළිවෙතක්‌ ඉදිරිපත් කරමි. එයට එකඟ වන්නේ නම් මම ඇගේ අරමුණට බාධා නොකරමි.

ඉක්‌බිති ආනන්ද හිමියෝ ගෝතමිය ප්‍රමුඛ පිරිස වෙත ගියහ. බුදුන් වහන්සේ විසින් ඉදිරිපත් කරන ලද කරුණු අට හෙවත් අෂ්ටගරු ධර්ම පිළිබඳව තතු දැන්වූහ. එහි පළමු කරුණ වූයේ උපසම්පදාවෙන් සියවසක්‌ ගත කළ මෙහෙණියක්‌ වුවද. එදා උපසපන් බව ලද භික්‍ෂුවට ගරු කළ යුතු බවය. එසේම භික්‍ෂුන් නැති පෙදෙසක වස්‌ වැසීම නොකළ යුතු බවද, පොහොය කිරීමේදී භික්‍ෂුවගේ උපදෙස්‌ ගත යුතු බවද, වස්‌ පවාරණය භික්‍ෂු භික්‍ෂුණී දෙපිරිස ඉදිරියේ වියයුතු බව ද නියම විය. මෙහෙණිය භික්‍ෂුවට අවවාද නොකළ යුතු බවද, එසේම භික්‍ෂුවට බැණ වැදීම, හෙළා දැකීම නොකළ යුතු බව ද නියම විය. කිසියම් ඇවතක්‌ වූ විට එහිදීත් භික්‍ෂුවගේ අවවාද ලබා ගත යුතු විය.

මේ සියලු පිළිවෙත් හිස මුදුනින් පිළිගත් ප්‍රජාපතී ගෝතමිය මහත් සොම්නසනට පත්ව සසුන් ගත වූවාය. අනතුරුව ඕ බුදුන් වහන්සේට ද ආනන්ද හිමියන්ට ද මහත් ප්‍රශංසා කළහ.

තව කොටසක්‌ ලබන සතියේ

Dancing in the dark fields: the teachings of illness

Dancing in the dark fields: the teachings of illness

by Zenshin Florence Caplow

source:

When death comes, we give up all our responsibilities, no matter how deep. Illness, too, can make it no longer possible to be “the responsible one.” Illness reminds us that we don’t have forever to take care of what most matters to us. I didn’t want to find myself on my deathbed still longing for those dark woods.

First is knowing an illness to be an admonition to virtuous action.
Second is knowing an impediment to be the divine chosen deity.
Third is the patient’s awareness of intrinsic awareness.
-Ko-brag-pa Bsod-nams-rgyal-mtshan
(from The Hermit of Go Cliffs, Cyrus Stearns, trans.)

I have a chronic, painful illness,. Actually, to call the illness an “it” is a bit off the mark. It’s an event in the body, an event of the body. It’s my dancing partner, my teacher, my enemy, my friend, my curse, my blessing. It constantly surprises me, sometimes shocks me, and continues to shape my like life a river shapes the land.

Until I was thirty-five, I was strong and capable. I walked the sagebrush hills of eastern Washington as a field botanist, I kayaked in the green waters of Puget Sound, I sat in meditation all night listening to the frogs. I loved Dharma practice and long silent retreats. I was a hard worker and proud of my contributions to the natural world and my community. I was also, I see now, strikingly oblivious to my body – I didn’t need to pay attention: it was always reliable. Then I contracted mononucleosis, a debilitating viral disease with a long recovery period. Illness, pain and weakness were suddenly the stuff of my life. As the months passed, there were days or weeks when I thought I was recovering, but then the symptoms would return, fierce as ever. I never knew when the illness would hit or how long it would last. I say “knew,” but really it’s “know.” Gradually it began to dawn on me that this thing had moved in and taken up residence in the household. Every time I had a period of weeks without symptoms I would think, “All right, it’s gone. Hallelujah!” Then, when it struck again, I would be devastated.

Nine years later it’s still with me, coming and going in much the same form. After a few years, I discovered that what I had was actually several autoimmune diseases, perhaps triggered by the virus that caused the mononucleosis. At times I’m completely free of symptoms; at other times I lie in bed curled in a ball around the pain and feel nausea so persistent that food – and life- loses all savour and joy. Every plan is subject to the body’s unpredictability; tea with a friend, a hike in the mountains, a retreat with a favourite teacher – all may seem reasonable when first imagined, impossible when the time arrives. When the symptoms return, life becomes very small and narrow – the width of a bed, the space between one aching limb and another. And I feel grief. It’s hard to hurt, again; it’s hard to have to put one’s life on hold, again; it’s hard to be back in the place of illness.

This is the territory of the dark fields.

Human condition

I’ve cried a lot of tears of self-pity in the last few years, and I wonder why self-pity is such a pejorative term. To feel pity for the person in pain – me – has been the first step toward really understanding that this is the human condition. I’m getting a taste of it a little sooner than most, a little later than some. I know a sweet little girl who developed a rare autoimmune illness just before her sixth birthday, and I watched her parents suffer as she struggled for breath. My friend Michael lies in his bed with Parkinson’s, not able to speak, his eyes locked on mine. Our tears mingle together, a big invisible river circling around the world, and through my tears of self-pity I join everyone who cries.

The most difficult teaching of illness has been unlearning my old deep habit of obliviousness to the body. If I’m feeling well and then begin to experience subtle signals – a little tiredness, a little weakness, a little pain – I may be able to stop the descent into illness. Ignoring those signals is a recipe for trouble. But oh. I’m such a slow student. Even though I know that the road of ignoring the body leads to pain, I forget, over and over again.

I find this just a little bit humiliating. I’ve been practising mindfulness for more than twenty years. This is illness in its guise as fierce Rinzai Zen master: The student forgets her bowls. The teacher, out of compassion for her stupidity, whacks the student over the head. The student bows deeply, fails again the next day, gets whacked again. Maybe one day the student remembers her bowls. The next day, she forgets, and once again: whack! The word that comes to mind here is restraint. I’ve had to learn both to pay attention to the body and to allow its dictates to take precedence over my will, my pride or my excitement.

Meditation practice

Ironically, in my early years of mediation practice, before I was ill, I learned with gratitude that I didn’t need to be subject to every whim of the body and mind. And yet, and yet: there is a fine line between non gratification of the body’s desires and suppressing the body’s needs. I’ve had to learn to respond with compassion to the requests of the body, to treat the body as a partner in the dance. This is most true when the lights go dark and we are once again whirling into the territory of pain and weakness. It’s easy to fight and resist, but I’ve learned the hard way how resistance increases the suffering. Instead there has to be a kind of surrender. The body is firmly in the lead, and my job is to follow it. That’s what this dancing partner has taught me.

I wouldn’t have said this about myself a few years ago, but I now recognize that pride is a big part of my personality. There’s nothing like a good illness to help you release a little excess pride. Proud of your dependability? Illness makes you undependable. Proud of your self-sufficiency? Illness forces you to ask for help. Proud of your career? Illness may very well undermine whatever career you have. We’re taught in Buddhism that the degree of suffering is directly related to the degree of holding on. Despite this teaching, most of us don’t let go of anything very easily. Illness, like a new puppy who chews anything and everything in sight, helps us get rid of things we thought we needed but really didn’t.

Another side of pride is shame. After becoming sick, I thought I couldn’t do meditation retreats because I was ashamed to ask for an easier schedule. When I could finally ask, and sit retreats again, it was like coming home after years of unnecessary exile.

Impressive

Somehow, miraculously, every time I lose some part of my self-image, something fresh and beautiful comes my way. Because of this illness, I’ve gone from being a well-respected conservation botanist to a wanderer, retreat junkie and sometime house and animal caretaker. I’m way less impressive, but there’s more room for grace. I have time for everything: for a friend in pain, for the light on the river, for my own wild mind shyly peering from the undergrowth.

A subtle part of the dance is knowing and remembering that although the body may be hurting, the heart and mind have a different kind of freedom. The most important thing I’ve learned in the last nine years is that even in the midst of physical suffering, there can be happiness, even joy.

In the last week I’ve been very sick, but I’ve been caring for a house (and a cat and two dogs) on the banks of the Chama River in northern New Mexico.

When the early evening light illuminates the bare trunks of the cottonwoods across the river and catches the first faint spring blush of green in the branches, my heart soars with the beauty of it. I’ve found that happiness is often just right nearly, half-hidden, and part of the practice of illness is learning to recognize and rejoice in it: the forsythia in the window, the taste of persimmons, the joy of a good conversation.

I’ve learned from long retreats that happiness is truly less about external circumstances as it is an inherent quality of the mind.

Happiness is a sort of resonance that I can tune into if I quiet down and listen. If I’m blocked from that natural connection, I can consciously call up times of past happiness – my first Zen practice period at Tassajara, deep in the winter mountains, or the way it felt to gallop a white pony over the wast open moors of western Ireland. Mysteriously, the feeling of happiness in the body, sometimes from many years ago, arises again. It doesn’t have to be transcendent joy; simple, humble pleasure is an enormous gift when the body hurts, as Zen teacher Darlene Cohen teaches in her book on practising with pain, turning Suffering Inside Out.

Gift of illness

Now I get to the tricky part: illness as blessing, as gift. It’s taken me a long time to see this face. I can remember snarling at someone, years ago, when they suggested that my illness might be a gift. Folks, a word of advice here: however much you may want to, refrain from making this suggestion to a sick person. They won’t thank you. Finding the gift of illness can only come from some genuine place far within. From without it feels like a way of minimizing the tremendous suffering of the person who is sick.

I couldn’t call it a gift, not for years. It felt like a curse, actually, something entirely undeserved, unwarranted and unnecessary. I have to say that it still feels like a curse some days, but there are gifts there too. And the greatest and hardest gift? The visceral, direct knowledge that life is not limitless, that tomorrow is completely unknown, and that, literally, there is no time to waste.

As long as I can remember I’ve felt a call to deep spiritual practice, even before I know such a thing was possible. But for most of my adult life, there was always something that seemed more important, and that called to me for care – a husband and partner, animals, work, activism, household, land. I did my best to integrate times of retreat with an ordinary life, but I was like a tamed wild animal, always looking longingly toward the dark woods.

When death comes, we give up all our responsibilities, no matter how deep. Illness, too, can make it no longer possible to be “the responsible one.” Illness reminds us that we don’t have forever to take care of what most matters to us. I didn’t want to find myself on my deathbed still longing for those dark woods. Even my dreams began to tell me that it was time to let the spirit go where it needed to go. And so, years after first becoming ill, I turned the corner and asked for the impossible: a year’s leave from my work to do what I loved and was called to while I still could. I wandered, I did long retreats, I spent time with beloved friends, I lay on my back in the desert and watched the endless blue sky, and I stumbled into happiness that I would not have believed possible. I chose not to return to my work, and in these years of simplicity and wandering, my life has opened up like a flower and grace has come in a thousand ways like a cloud of butterflies on a summer’s morning.

So, illness is a dance, an admonition, a curse, a blessing, the divine chosen deity. I would not wish it on anyone:it’s a rough, cruel road. Nonetheless, here I am. How can I not bow down to it? It has humbled me and stripped me bare; it has given me my true life.

(Courtesy: Spring 2009. INQUIRING MIND)

Categories

Different countries have visited this site

Free counters!