//

Mara’s assault on the Buddhism by been a disguised monk භික්ෂු වේසයෙන් සිට බුදු සසුණ නසන මාරයෝ

This category contains 11 posts

ළිඳක්‌ හාරන මුවාවෙන් පන්සල් බිමේ නිධන් හාරලා

ළිඳක්‌ හාරන මුවාවෙන් පන්සල් බිමේ නිධන් හාරලා
විහාරාධිපති හිමි ඇතුළු තිදෙනෙක්‌ දැලේ

අනුරාධපුර විශේෂ – පර්සි කුරුනේරු

අනුරාධපුර නව නුවර මාර්ගයේ පිහිටි විහාරස්‌ථාන භූමියක ළිඳක්‌ හෑරීමේ මුවාවෙන් පොළොව කැණීම් කර නිධන් සෙවූ බවට සැකපිට විහාරාධිපති හිමිනමක සහ තවත් පුද්ගලයන් තිදෙනකු ඊයේ (03) අලුයම අනුරාධපුර පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

119 ට ලැබුණු තොරතුරකට අනුව අනුරාධපුර පොලිසිය මගින් වැටලීම් කර සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම වැටලීමේදී පුද පූජා පැවැත්වීමට භාවිත කළ මල් පහන්, සුවඳ දුම් කුඩු, කැණීම් උපකරණ, ජල මෝටරයක්‌ සහ විදුලි රැහැන් මීටර් දෙසීයක්‌ පමණ නඩු භාණ්‌ඩ වශයෙන් පොලිසිය භාරයට ගෙන ඇත.

තමුන් එම ස්‌ථානය වටලන අවස්‌ථාව වන විටත් විහාරස්‌ථාන භූමියේ අඩි අටක්‌ පමණ ගැඹුරට වළක්‌ කැණීම් කර තිබූ බවත් අනුරාධපුර පොලිසිය පවසයි. අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර එම විහාරස්‌ථානයේ විහාරාධිපති හිමිනම අනුරාධපුර නගරයේ යසසිරිපුර ප්‍රදේශයේ පදිංචි පුද්ගලයන් දෙදෙනකු සහ වැලිගම දෙහිපිටිය, ඔලුවාවල හිග්ගහකුඹුර ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකුද වන බව පොලිසිය පවසයි.

සැකකරුවන් ඊයේ අනුරාධපුර මහෙස්‌ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ අතර මේ සම්බන්ධයෙන් උතුරු මැද පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති රවී විඡේගුණවර්ධන, නියෝජ්‍ය පොලිස්‌පති රංජිත් පද්මසිරි, අනුරාධපුර පොලිස්‌ අධිකාරි මහේෂ් සේනාරත්න, අනුරාධපුර සහකාර පොලිස්‌ අධිකාරී සමුද්‍රජීව හෙට්‌ටිආරච්චි යන මහත්වරුන්ගේ උපදෙස්‌ මත අනුරාධපුර මූලස්‌ථාන ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක නන්දසිරි ජයපත්ම මහතාගේ මෙහෙයවීමෙන් අනුරාධපුර පොලිසියේ අපරාධ විමර්ශන අංශය වැඩිදුර පරීක්‍ෂණ පවත්වයි.

 

කොළඹ පන්සලක්‌ කෝටි 2යි

කොළඹ පන්සලක්‌ කෝටි 2යි !

කීර්ති වර්ණකුලසූරිය

බ්‍රිතාන්‍යයේ කොටි ඩයස්‌පෝරාව සමඟ දැඩිලෙස සබඳකම් පවත්වන චීවරධාරියකු කොළඹ නගරයේ පිහිටි විහාරස්‌ථානයක්‌ රුපියල් කෝටි දෙකකට අලෙවි කිරීමට සැලසුම් කිරීමේ සිද්ධියක්‌ බුද්ධි අංශවලට හෙළිවී ඇත.

මෙම චීවරධාරියා ලන්ඩනයේ කොටි සමුළුවලට පවා සහභාගි වී ඇතැයි බුද්ධි අංශවලට වාර්තා වී තිබේ.

තමා අතින් කැපූ වලක හිර උනාද හිමි වටරැක!

තමා අතින් කැපූ වලක හිර උනාද හිමි වටරැක!

විකෘති කරන ලද සංසිද්ධි නොසලකා හරිමින් හෝ ඒවාට නිදැල්ලේ පැවැතීමට ඉඩදීම නිසා, ශ්‍රී ලංකාව වාර ගණනාවක්‌ බැට කා තිබේ. මිථ්‍යාවට පිළිතුරු නොදී “ඇත්ත ඕක නෙමෙයිනේ… ඒක කවුරුත් දන්නවානේ…” යන තැන සිට ප්‍රශ්න දෙස බැලීමේ ජාතික පුරුද්ද හේතුවෙන් දෙමළ වර්ගවාදය වසර තිහක්‌ තිස්‌සේ මේ දිවයින ලෙයින් නෑවූහ. දෙමළ ඊළාම් නිජභූමි මිථ්‍යාව, ඇස්‌ ඉස්‌ මත්තේම බොරුවක්‌ බව පෙනී පෙනීත් ජාතියක්‌ ලෙස එයට හරවා පිළිතුරු දීමට අපොහොසත් වීමේ විපාකය පරම්පරා කිහිපයක්‌ම විඳවීය. දැන් යළිත් බෙදුම්වාදී, වර්ගවාදී හස්‌තයක්‌ පැමිණ අලුත් මිථ්‍යාවකින් ලේ වගුරන්නට අරඅදිමින් සිටියි.

අලුත්ගම සිද්ධියේ පෙනෙන ඇත්ත, පැත්තකට කර සියලු වගකීම් සිංහල බෞද්ධයාට පටවා, සිවුර රතු පාටින් පින්තාරු කිරීමේ වගකීම එන්. ජී. ඕ. නඩය මේ වන විටත් සතුටින් භාරගෙන තිබේ. වටරැක විජිත සිද්ධිය ද ඒ ගිණුමට මුල සිටම බැර කරමින් තිබිණි. ශ්‍රී ලංකා පොලිසිය විසින් එහි සැබෑව මතුකර නොගන්නට මිථ්‍යාවෙන් ජාතිය බැට කන තවත් සිද්ධියක්‌ ලෙසට විජිත ජාතකයද ලැයිස්‌තුගත වන්නට ඉඩ තිබිණි.

ජුලි 19 වැනිදා හිරණ පාලම ළඟ වැටී සිටින භික්‌ෂුවකි. පිටත, උදෑසන දර්ශනයක්‌ සේ ජනතාව මෙය දකී. පානදුර හිරණ පාලම පිහිටි ප්‍රදේශය, ජන ශුන්‍යම ප්‍රදේශයක්‌ නොවුණාට එහි සාමාන්‍යයෙන් ඕනෑම අයකුට අන් අයකුගේ විමසිල්ලකින් තොරව යමක්‌ කමක්‌ කළ හැකි ස්‌ථානයකි.

පොලිස්‌ හදිසි ඇමතුම් අංකයට ලැබෙන දුරකථන ඇමතුමක්‌ ඔස්‌සේ, පානදුර පොලිසිය විසින් මෙම ස්‌ථානයට යන අතර, දවසේ මෙහෙය සඳහා නික්‌මෙන ජනතාව තම කඩිමුඩිය අතරේම මෙම දර්ශනයට ද එබිකම් කරමින් පියමනිනු පෙනේ. සිවුර පැත්තකට විසිවී, අත් දෙක පිටුපසට වන්නට බැඳ දැමූ, සීරීම් තුවාල සහිතව බොහෝ දුරට නිරුවත්ව, අතිශය අසරණ විලාසයෙන් වකුටු වී වැටී සිටින භික්‌ෂුවකගේ දර්ශනය, දකින කාගේත් හද කම්පාවට පත්කරයි.

පානදුර පොලිසිය විසින්, වටවූ ජනතාවගේ ආධාර ඇතිව “අසරණ වී සිටින” භික්‌ෂූන් වහන්සේ වාහනයකට පටවා ගනියි. ලද කම්පනය හේතුවෙන් හාමුදුරුවන් කතාබහක්‌ ද නොමැතිය. ගමනක්‌ යන්නට සූදානම් වී පැමිණ සිටි නිසාදොa උන්වහන්සේගේ කළු පැහැති කන්තෝරු බෑගයක්‌ පන්නයේ බෑගයද පසෙක වැටී තිබේ.

“ධර්මද්වීපයක හැටි හාමුදුරු කෙනකුටත් මෙහෙම නම් නිකං මිනිහෙකුට කොහොම කරයිද?”

“රටේ නීතිය වළපල්ලට ගිහිල්ලා තියෙන හැටිනේ.”

එවැනි දෙබස්‌ අවටින් ඇසෙන්නේ අසරණ හිමියන් පිළිබඳ අනුකම්පාවෙනි.

පානදුර පොලිසිය විසින් හිමියන් පානදුර රෝහලට ඇතුළු කරනු ලබයි. ඒ වන විටත් රට පුරා මෙම ආරංචිය පැතිරී යන්නට පටන්ගෙනය. “වටරැක විජිත හිමියන් පැහැරගෙන ගොස්‌, කපා කොටා තුවාල කර, පානදුරේ දාලා ගිහින්. උන්වහන්සේගේ පිරිමි ඇඟේ පෙර සමත් කපලා දාලා.”

ආදී ලෙස තටු ගසමින් ආරංචිය පැතිරෙන්නේ ඒ ගැනය.

තමන් කම්පිතව සිටිනා නිසා කතා කර ගත නොහැකි තත්ත්වයක සිටින බව රෝහලේ සිටින පිරිසට දැනෙන සේ වටරැක විජිත හිමි කටයුතු යොදමින් සිටියේය. උදේ 9.15 පමණ වන විට කොළඹ මහ රෝහලට විජිත හිමි ඇතුළත් කරන්නේ ඔහුගේ තත්ත්වයේ බරපතළකම නිසා නොව, සිද්ධියේ බරපතළකම නිසාය.

අතීත කතාව අනුව බලන විට මෙය සුළුපටු සිද්ධියක්‌ නොවේ. රජයේ ඉහළම තැන දක්‌වා මේ ගැන අවධානය යොමු කරන අතර සිද්ධිය පිළිබඳව වහාම පරීක්‍ෂණයක්‌ පවත්වන ලෙස පොලිස්‌පතිවරයාට නියෝගයක්‌ ලැබෙයි. පොලිස්‌පති එන්. කේ. ඉලංගකෝන් මහතා විසින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති අනුර සේනානායක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති ගාමිණී මතුරට යන මහත්වරුන්ට එහි වගකීම පවරන අතර පොලිසියේ ඉහළ නිලයන් එකතුවී ගන්නා තීන්දුව වන්නේ මේ පිළිබඳ පරීක්‍ෂණ කොළඹ අපරාධ කොට්‌ඨාසයට පැවරිය යුතු බවය. කොළඹ අපරාධ කොට්‌ඨාසයේ අධ්‍යක්‍ෂ සහකාර පොලිස්‌ අධිකාරි නුවන් වෙදසිංහ යටතට එම වගකීම පැවරුණි. කොළඹ අපරාධ විමර්ශන කොට්‌ඨාසයේ ස්‌ථානාධිපති ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක නෙවිල් සිල්වා හා අධ්‍යක්‍ෂ නුවන් වෙදසිංහ විසින් එම වගකීම භාරදෙනු ලබන්නේ කොළඹ අපරාධ කොට්‌ඨාසයේ විමර්ශන ඒකක හතෙන් පළමු වැන්නේ ස්‌ථානාධිපති වන පොලිස්‌ අධිකාරි එරංග ප්‍රනාන්දු වෙතය.

පොලිසිය වෙත ලැබුණු භාරදූර කාර්යයක්‌ ලෙස මෙය ගත හැකිය. ඒ වන විටත් සිද්ධිය ජාත්‍යන්තර මට්‌ටම දක්‌වා දුර ගොස්‌ තිබිණි. අලුත්ගම සිද්ධියෙන් පසුව සිදුවූ මෙවැනි සංවේදී සිද්ධියක්‌ විසින් රට ගෙන යා හැකි දුර බොහෝය. අනෙක්‌ අතට වටරැක විජිත හිමි සිවුරක්‌ අඳින අයෙකි. නමට හෝ හිමිනමකි. මහියංගනයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකි. පූජ්‍ය ගණයට වැටීමත් ජනතා නියෝජිතයකු වීමත් විසින්, පොලිසිය කරන ප්‍රශ්න කිරීම් සඳහා ලැබෙන්නේ අඩු ඉඩ ප්‍රස්‌ථාවකි. මේ සියල්ල ගැන සැලකිලිමත් වන ලෙස ඒ වන විටත් ඉහළ පොලිස්‌ නිලධාරීන්ගෙන් පරීක්‍ෂණ මෙහෙයවන නිලධාරීන්ට උපදෙස්‌ ලැබී තිබිණි.

කොළඹ ජාතික රෝහලේ 72 වාට්‌ටුවට ඒ වන විටත් වටරැක විජිත හිමියන් ඇතුළත් කර තිබිණි. S/017725 යන ඇඳ ඉහපත් කාඩ්පත යටතේ ලෙඩාට ප්‍රතිකාර කිරීම ජාතික රෝහල භාරගෙන තිබිණි.

නියෝගය ලද වහාම අධ්‍යක්‍ෂ නුවන් වෙදසිංහ, ස්‌ථානාධිපති නෙවිල් සිල්වා හා පොලිස්‌ පරීක්‍ෂක එරංග ප්‍රනාන්දු යන මහත්වරු ජාතික රෝහල වෙත පැමිණියහ. පරීක්‍ෂණයට මුල පිරීම සඳහා තිබූ පළමු තැත වූයේ විජිත හිමිගේ ප්‍රකාශයයි. සුරංගනා කතාවකදී “එකමත් එක රටක…” ලෙස මුල පුරන්නාසේ පොලිස්‌ පරීක්‍ෂණයකදී මුල පුරනා ප්‍රශ්නය වන “කවුද සැක…?” යන තැනින් පොලිස්‌ නිලධාරීන් තිදෙනා සිද්ධියට එළඹුණහ.

නමුත් විජිත හිමි කතාවක්‌ නැත. වාර ගණනාවකදී උත්සාහ දැරුවත් ඒ සියල්ල ඵල රහිත විය. විමර්ශන අත්දැකීම් බහුල නිලධාරීන් තිදෙනා හිමියන්ගේ සීරීම් තුවාල දෙස හොඳින් නිරීක්‍ෂණය කළහ. හිස, උරහිස ආසන්නයේ හා ලිංගේන්ද්‍රියේ තිබූ සීරීම් තුවාල හැරෙන්නට බරපතළ ගණයේ කිසිදු තුවාලයක්‌ හිමි ශරීරයේ නොවීය. එසේ තිබියදීත් මෙතරම් කම්පාවකට හිමි ලක්‌ වූයේ කෙසේද යන ප්‍රශ්නය නිලධාරීන් තිදෙනාටම විය. සිහිසුන්ව ඇදවැටුණා යෑයි කීවද ක්‌ලෝරෙෆdaම් වැනි සිහි නාශකයක්‌ හෝ නාසය, කට මිරිකාගෙන සිටි ගතියක්‌ද විජිත හිමිගේ ශරීරයෙන් ගම්‍ය නොවීය.

උත්සාහය අත් නොහළ පොලිස්‌ නිලධාරීහු ආරම්භක ප්‍රශ්නය දිගටම අසන්නට වූහ. බැරිම තැන කෙඳිරිල්ලක්‌ සේ විජිත හිමි මුමුණන්නට පටන් ගත්තේය.

“අරංගල සමීර මල්ලිත් එක්‌ක… ලොරියේ ආවා. තලාහේනේදී මාව පැහැර ගත්තා…” වචන අතර කෙඳිරිලි තබමින් විජිත හිමි පිළිතුරක්‌ දුන්නේය.

විජිත හිමි සිටි වාට්‌ටුවට පොලිස්‌ ආරක්‍ෂාව ලබාදීමට පියවර ගත් නිලධාරීහු තමන් අමාරුවෙන් ලබාගත් දත්තයන් අනුව ඊළඟ පියවරට ලැහැස්‌ති විය.

අරංගල සමීර මල්ලි, ලොරියෙන් ආවා, අරංගලදි පැහැර ගත්තා… විජිත හිමිගේ පිළිතුරේ එම දත්තවලට අමතරව ඒ වන විට පොලිසිය සතු වූයේ, හිරණ පාලම ළඟ වැටී සිටියා… යන දත්තය පමණය.

කොළඹ ජාතික රෝහලේ සිට කෙළින්ම අරංගල ප්‍රදේශයට මෙම පොලිස්‌ නිලධාරීන් තිදෙනා ගියේ සමීර මල්ලී සොයාගෙනය. පරීක්‍ෂණ කණ්‌ඩායමේ සිටින පොලිස්‌ පරීක්‍ෂක එරංග ප්‍රනාන්දු ආසන්න ප්‍රදේශයක පදිංචිකරුවකු නිසා අරංගල පිළිබඳ යම් දැනීමක්‌ හා එම ප්‍රදේශයේ හිතවතුන් ඔහුට සිටියේය. ඒ වන විටත් වටරැක විජිත නම රට පුරා ප්‍රසිද්ධව තිබූ නිසා. විජිත හිමිගේ ඥති වන සමීර මල්ලි සොයා ගන්නට නිලධාරීන්ට වැඩි වේලාවක්‌ ගත නොවීය.

සමීර මල්ලිගේ නිවසට ගිය පොලිස්‌ නිලධාරීන් තමන්ට පුරුදු සැකය හිතේ තබාගෙන වුවද එදිනෙදා තොරතුරු විමසන මිත්‍රශීලී විලාසයෙන් සමීර මල්ලිගෙන් තොරතුරු විමසන්නට පටන් ගත්තේය.

“මාසයකට සැරයක්‌ විතර හාමුදුරුවෝ අපේ ගෙදර එනවා. ඒ වෙලාවට මම කරන්නේ දරුවොයි නෝනාවයි ළඟ ගෙදරකට යවනවා. එහෙම ආවාම හාමුදුරුවන්ව තනියෙන් තමයි ඉන්නේ. ගෙදර කවුරුත් නැති වග තමයි, පිටට පෙන්නන්නේ. හාමුදුරුවොත් එක්‌ක බොදුබල සේනාව එහෙම තරහ නිසා හාමුදුරුවෝ ගෙදර ඉන්නවා කියලා දැනගත්තොත් කරදරයක්‌ වෙයි කියලා තමයි, මම එහෙම කරන්නේ…” සමීර පොලිසිය සමග කතාබහ කරන්නට පටන්ගෙන තිබිණි. සමීර හා විජිත හිමි අතර තිබූ ඥතිත්වය, ඔවුන් දෙදෙනාගේ පියා හා මව සහෝදර සහෝදරියන් වීමය. 1994 සිට 2011 දක්‌වා කාලයේ සමීර සේවය කර ඇත්තේ වරාය අධිකාරියේ රියෑදුරුවරයෙක්‌ ලෙසය. එම රැකියාව සමීරට සොයා දී ඇත්තේ එකල වරාය ඇමැති ලෙස සිටි ඒ. එච්. එම්. අශ්රොෆaට කියා, විජිත හිමියන්මය.

“18 වැනිදා හාමුදුරුවෝ එනවා කියලා මට කෝල් එකක්‌ දුන්නා. මම මගේ ඇට්‌ලස්‌ 150 වර්ගයේ ලොරියෙන් හාමුදුරුවෝ ගන්න ගියා. හැන්දැවේ හතට විතර මාලබේ ෆqඩ් සිටි එක ගාව, මම හාමුදුරුවෝ එනකං හිටියා. 7.20 වෙනකොට නැනෝ කැබ් එකකින් හාමුදුරුවෝ එතැනට ආවා…” හිරණ පාලම අසල විජිත හිමියන් වැටී සිටීමට පෙර දින, තමන් හා විජිත හිමි කාලය ගත කළ ආකාරය පිළිබඳව සමීර පොලිසියට විස්‌තර කියන්නට පටන් ගත්තේය.

“හාමුදුරුවන්ට දත් බුරුසුවක්‌ ගන්න ඕනේ කිව්වා. පාරේ එහා පැත්තේ කඩෙන් මම එකත් අරන් දුන්නා. ඊට පස්‌සේ කිව්වා. “මට මහියංගනයට යන්න වාහනයක්‌ එනවා බොරැල්ලට, මාව බොරැල්ලට ගිහිල්ලා දාන්න කියලා…” හාමුදුරුවන්ට පහුවදා ප්‍රාදේශීය සභා රැස්‌වීම තියෙනවා කියලා කිව්වා. මාලබේ ඉඳලා බොරැල්ල පැත්තට යද්දී තලාහේනට මෙහාදි හාමුදුරුවන්ට කෝල් එකක්‌ ආවා. ඊට ටික වෙලාවකට පස්‌සේ තලාහේන කනත්ත හරියේදී, ලොරිය නවත්වන්න කියලා හාමුදුරුවෝ කිව්වා. ලොරිය ඉස්‌සරහින් සුදු පාට නෝවා වර්ගයේ වෑන් එකක්‌ නැවැත්තුවා. ඒකේ වීදුරු ටින්ට්‌ කරලයි තිබ්බේ. ඒ වෑන් එකේ ඩ්‍රැයිවර්ල හාමුදුරුවෝ ඉන්න පැත්තේ දොර ඇරලා ටිකක්‌ තදින් වගේ කතා කරලා හාමුදුරුවන්ව බස්‌සගෙන වෑන් එකට නග්ග ගත්තා…”

පැහැර ගැනීමේ ජවනිකාව සමීර පොලිසියට පෙළින් පෙළ කියන්නට පටන්ගෙන තිබිණි.

“ඒ ඩ්‍රැයිවර් අඩි හයාමාරක්‌ විතර උස, උඩු රැවුල හා යට රැවුල තිබුණු කෙනෙක්‌. තලඑලලුයි, මහතයි, තද කළු කලිසමකුයි දුඹුරු පාට ටී ෂර්ට්‌ එකකුයි ඇඳලා හිටියේ. වෑන් එකට නඟින කොට හාමුදුරුවන් මට අතින්, යන්න කියලා කිව්වා. මම ලොරිය හරවගෙන ගෙදර ආවා…”

දවසේ සිදුවීම් පෙළ සමීර පොලිස්‌ නිලධාරීන්ට පැවසුවේය.

“හාමුදුරුවෝ පැහැර ගත්තා කියලා දැන ගත්තේ කොහොමද….”

“හාමුදුරුවෝ වෑන් එකට නැග්ගාට පස්‌සේ කෝල් කරලා බැලුවේ නැද්ද…”

ආදි ප්‍රශ්න ගණනාවක්‌ පොලිස්‌ නිලධාරීන් තිදෙනා විසින් සමීරගෙන් අසන්නට පටන් ගත්තේය. කතාව කියාගෙන කියාගෙන ගියද පොලිසියට සෑහෙන තරමේ පිළිතුරු, ප්‍රශ්නවලට දෙන්නට සමීර පොහොසත් නොවීය.

විසි වැනිදා උදැසන යළිත් පොලිස්‌ නිලධාරීන් තිදෙනා කොළඹ ජාතික රෝහලට පැමිණියේ, විජිත හිමියන්ගෙන් කුමන හෝ තොරතුරක්‌ දැනගැනීමටය. ජාතික රෝහලේ 17 වැනි වාට්‌ටුවේ නව වැනි ඇඳේ විජිත හිමි වැතිරගෙන සිටියේය.

පොලිසිය ප්‍රශ්න අසන හැමවිටම විජිත හිමිගේ පිළිතුර වූයේ ‘මහන්සියි’ යන්නය. පැය හතරක්‌ පමණ විජිත හිමිගේ මහන්සිය ඇරෙන තුරු පොලිස්‌ නිලධාරීන් බලා සිටින්නට විය.

පොලිස්‌ නිලධාරීන්ගෙන් ගැලවෙන්නට බැරිම තැන “15 වැනිදා මම කොළඹ ආවා. පල්ලි වල එහෙම තමයි හිටියේ. අලුත්කඩේ උසාවිය පිටිපස්‌සේ ලොඡ් එකක හිටියා. 17 වැනිදා අරංගල සමීර මල්ලිලාගේ ගෙදර ආවා… 18 වැනිදා රෑ සමීරලාගේ ගෙදරින් කාලා, බොරැල්ලට සමීරගෙ ලොරියෙන් යන්න පිටත් වුණා…” ආදි ලෙස සමීරගේ කතාවට සමාන කතාවක්‌ විජිත හිමි කියන්නට පටන් ගත්තේය.

“මාව පැහැරගත්ත වාහනේ හාමුදුරුවෝ දෙන්නෙක්‌ හා තවත් අය හිටියා. මගේ සිවුර ඔළුව උඩින් දැම්මා. එතකොට සිහි කල්පනාව නැතුව ගියා…” යන කතාව විජිත හිමි පැවසුවත් පොලිසිය අතුරු ප්‍රශ්න නඟද්දී, “මට මහන්සියි” කියා දැස පියාගැනීම විජිත හිමි පුරුද්දක්‌ ලෙස කරගෙන ගියේය.

ලැබී තිබුණු උපදෙස්‌ අනුව ඉවසනු විනා, සුපුරුදු පොලිස්‌ භාෂාවෙන් ඇමතීමටවත් පොලිසියට ඉඩක්‌ තිබුණේ නැත.

එසේ වුවත් විජිත හිමිගේ හා සමීර මල්ලිගේ විස්‌තර අතර වෙනස පොලිසිය නිරීක්‍ෂණය කළහ. සමීරට අනුව විජිත හිමි ආවේ 18 වැනිදාය. විජිත හිමි කියන්නේ තමන් සමීරලාගේ ගෙදර ගියේ 17 වැනිදා බවය.

සමීරගේ හා විජිත හිමිගේ කතා අතර වෙනස හඳුනා ගැනීම සඳහා පොලිස්‌ පරීක්‍ෂක එරංග ප්‍රනාන්දු ප්‍රශ්න කිරීමේ ස්‌ථානයේ වෙනසක්‌ කරන්නට තීරණය කළේය. තම නිවසේ සිට ආරක්‍ෂිත හැඟීමෙන් දෙන පිළිතුර වෙනුවට දෙමටගොඩ පිහිටි කොළඹ අපරාධ විමර්ශන කොට්‌ඨාසය වෙත සමීර කැඳවාගෙන එන්නේ ඒ අනුවය. එන අතරවාරයේ සමීරට විජිත හිමි හමුවූ බව කියන මාලබේ ස්‌ථානය, වෑන් රථයට නැඟගත් බව කියන තලාහේන කනත්ත අසලද පොලිස්‌ පරීක්‍ෂක එරංග ප්‍රනාන්දු, සමීර මල්ලි සමඟ බැස නිරීක්‍ෂණය කළේය. කොළඹ අපරාධ විමර්ශන කොට්‌ඨාසයේදී සමීර මල්ලි විසින් තමන් කලින් දුන් පිළිතුර බොරු බවත් විජිත හිමි තමන්ගේ ගෙදරට ආවේ 17 වැනිදා දහවල් 1.30 ට නැනෝ කැබ් රථයකින් බවත්, පැවැසීය. විජිත හිමි තම නිවසේ සිටි බව කිව්වොත් තමන්ට කරදරයක්‌ වෙයි කියා, හිමියන් ගෙදර සිටි වගක්‌ කාටවත් කියන්න එපා කියා තමන්ට කියූ නිසා එසේ කියූ බවත් සමීර පවසන්නට විය.

පරීක්‍ෂණය සංකීර්ණ වන බව දැනගත් සහකාර පොලිස්‌ අධිකාරි නුවන් වෙදසිංහ මහතා විසින් සමීර ගැන පරීක්‍ෂණ කටයුතු 21 වැනිදා වනවිට පොලිස්‌ පරීක්‍ෂක රණසිංහ වෙත භාර දීමට තීරණය කළේය. සමීරගේ ලොරියේ විස්‌තරවලින් පටන්ගත් එම විමර්ශන කටයුතු අරංගල සිට තලාහේන දක්‌වා සී.සී.ටී.වී. නිරීක්‍ෂණ තෙක්‌ දුර ගොස්‌ තිබිණි. සමීරගේ නිවස පිහිටා තිබුණේ අරංගල ඉන්ධන පිරවුම්හල අසලය. ඉන්ධන පිරවුම් පලේ සී.සී.ටී.වී. පරීක්‍ෂා කළ නිලධාරීහු එහි ගබඩා වී තිබූ දර්ශන පෙළින් පෙළ බලන්නට වූහ.

නමුත් සමීරගේ ලොරිය එම වේලාවේ මාර්ගයේ ධාවනය වී නොතිබීම පොලිසියට සැක උපදවන කටයුත්තක්‌ විය.

සී.සී.ටී.වී. දර්ශන සමීරට පෙන්වමින් “මේකට බොරු කරන්න බැහැ…. ඔයා ඔය කියන වෙලාවේ මේ පාරෙන් ලොරියක්‌ ගිහිල්ලා නැහැ…. දැන්වත් ඇත්ත කියන්න….” යෑයි පැවසූ පොලිසිය, සමීර ඇත්ත නොකියා බැරි තැනටම කැඳවාගෙන එන්නට සමත් වී තිබිණි.

රටම කැළඹුණ, ජාත්‍යන්තරය ඉදිරියේ සිංහල බෞද්ධයා ම්ලේච්ඡත්වයට පත්කර තිබූ ‘විජිත ජාතකයේ’ ඇත්ත, සමීර කියන්නට පටන් ගත්තේ එතැනදීය.

“මගේ ලොරිය ගියේ නැහැ. හාමුදුරුවෝ අපේ ගෙදරයි හිටියේ. 19 වැනිදා පාන්දර 2.00 ට අපේ තාත්තාගේ වෑන් එකෙන් මහරගම මාලබේ පාරෙන් ගිහිල්ලා, ඇරැව්වල, දොලේ කනත්ත, මාවිත්තර, කැස්‌බෑව, බණ්‌ඩාරගම හරහා හිරණට ආවා. හිරණ පාලම ගාවින් හාමුදුරුවෝ බැහැලා, මට යන්න කිව්වා. ආපු පාරෙන් නැතුව වෙන පාරකින් යන්න කියපු නිසා, මොරටුව පැත්තට ඇවිල්ලා පිළියන්දල පාරෙන් මම ගෙදර ගියා….”

සමීර මල්ලිගේ අලුත් කතාවට අවශ්‍ය සාධක සී.සී.ටී.වී. කැමරාවේ අගේට සටහන් වී තිබිණි. අමතර වශයෙන් හිරණ ප්‍රදේශයේ සී.සී.ටී.වී. ද නිරීක්‍ෂණය කිරීමට හහකාර පොලිස්‌ අධිකාරි නුවන් වෙදසිංහ මහතා විසින් උප පොලිස්‌ පරීක්‍ෂක කුමාර පෙරේරා ඇතුළු කණ්‌ඩායමක්‌ද පිටත් කර හැරියේය.

සමීර මල්ලිගේ ඇත්ත කතාව කියන විටම කොළඹ ජාතික රෝහලේ ද අලුත් ජවනිකාවක්‌ නිර්මාණය වෙමින් තිබිණි. පොලිස්‌පති එන්. කේ. ඉලංගකෝන් මහතා විසින් සෘජුවම මෙම පරීක්‍ෂණය අධීක්‍ෂණය කරමින් තිබුණ නිසා කොළඹ අපරාධ කොට්‌ඨාසයේ අධ්‍යක්‍ෂ නුවන් වෙදසිංහ, ස්‌ථානාධිපති නෙවිල් සිල්වා ඇතුළු නිලධාරීන් කෑමක්‌ බීමක්‌ නොමැතිව පරීක්‍ෂණ වල නිරත වෙමින් සිටියේය. පොලිස්‌ පරීක්‍ෂක එරංග ප්‍රනාන්දු ද පරීක්‍ෂණයට මහන්සි වීම නිසා එදින දවස පුරාම සිටියේ කෑමක්‌ බීමක්‌ තබා තේ එකක්‌වත් නොමැතිවය. විජිත හිමි, තමන්ගේ කම්පනයට සියල්ල යට කර පොලිස්‌ පරීක්‍ෂණ මඟහරිමින් සිටි අතරවාරයේදී විජිත හිමි බැලීමට පැමිණෙන්නේ අසාද් සාලි වැනි මුස්‌ලිම් පිරිස්‌ය. ඒ අය සිටිනාවිට ප්‍රශ්න කිරීම් කළ නොහැක. රෝහලක්‌ තුළ නිසා එහි දෛනික රාජකාරි ද සිදු වේ. දුෂ්කර තත්ත්වයක්‌ තුළ ඉක්‌මනින් පරීක්‍ෂණ නිමාවට ද පත් කළ යුතුය. සියල්ලට වඩා ඉවසිය නොහැක්‌කේ සීරීම් තුවාල කිහිපයකින් “කම්පාවට” පත්වී සිටි විජිත හිමි, පොලිස්‌ ප්‍රශ්න කිරීම් වලින් මඟහැර සිටීමය. මේ අතරවාරයේදී පොලිස්‌ පරීක්‍ෂක එරංග ප්‍රනාන්දු වෙත සිය බිරියගෙන් දුරකථන ඇමැතුමක්‌ ලැබුණේය. බිරිය අසන ලද ප්‍රශ්නයට පිළිතුරු දිය හැකි මට්‌ටමක නොසිටිය නිසා ටිකක්‌ සැරෙන් ඇයට කතා කළ පොලිස්‌ පරීක්‍ෂකවරයා තම ජංගම දුරකථනය කනේ තබාගෙනම, විසන්ධි කරමින් උපායක්‌ දියත් කළේය. විජිත හිමිට ඇසෙන සේ විසන්ධි වූ දුරකථනයෙන් බිරියට කියන බව පෙන්වමින් තදින් කතා කළේය. මේ කතා බහ සමඟ විජිත හිමි ද යම් බියකට පත්වීය. “මහත්තයෝ මම ඇත්ත කියන්නම්…” විජිත හිමි සියල්ල වමාරන්නට පටන් ගත්තේය.

“මම සාමාන්‍යයෙන් ගමන් යන්න වාහන ඉල්ලන්නේ, මුස්‌ලිම් අයගෙන්. පාදිලි උන්නාන්සේලාත් වාහන දෙනවා…” ආදී ලෙස පටන් ගත් ඒ කතාව සමීර මල්ලිගෙ ඇත්ත කතාව සමඟ හොඳට ගැලපුණේය.

සමීර සමඟ ගිය ගමනේ දී හිරණ පාලම අසලින් බැස ගත් විජිත හිමි මීටර් 40 ක්‌ පමණ පසුපසට ගොස්‌ තම බෑගයේ තිබූ යතුරු කැරැල්ලෙන් හා නිය කටරයෙන් ඇඟම තුවාල කරගෙන සිවුරද අසලට විසිකර දැමුවේය.

සිවුරට යටින් උඩු කයට අදන කඩයෙන් තමා විසින් දැත් සිරුර පසුපසට කර සිර කරගත්තේය.

ජාතියකට නව නින්ගිරාවක්‌ කරන්නට ගත් ස්‌වයං වෑයම එසේ වැමෑරීමත් සමඟ, අසත්‍ය පැමිණිලි කිරීමේ චෝදනාව යටතේ විජිත හිමි අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට පොලිසිය තීරණය කළේය.

විජිත හිමිගේ ස්‌වයං පැහැර ගැනීමේ ජවනිකාවේ යටි අරමුණු, ඒ පිටුපස සිටින චරිත තවම එළිවී නොමැත. අන්තවාදී චරිත විජිත හිමියන්ගේ සිද්ධිය වූ වෙලේ ඒ ගැන මහා කම්පාවකින් කතා කළේය. මේ ගැන ප්‍රවෘත්ති සාකච්ඡාවක්‌ පැවැත්වූ අසාද් සාලි පවසා තිබුණේ,

“වටරැක විජිත හිමියන් අද උදේ මයියංගනයට යන්න, කොළඹ බස්‌ නැවතුම්පළට පැමිණි අවස්‌ථාවේදී උන්වහන්සේ පැහැරගෙන ගොස්‌ පහරදීලා මහමඟ දමාගොස්‌ තිබුණා. අපි දැක්‌කා පසුගිය කාලයේ වටරැක විජිත හිමි වෙනුවට මොහොමඩ් විජිත කියලා උන්වහන්සේට නම දාලා තිබුණා… මේක ආණ්‌ඩුවෙන්ම සැලසුම් කර සිදුකළ දෙයක්‌ විය යුතුයි…. යනුවෙනි. මෙවැනිම තවත් පිරිසක්‌ සියල්ල ආණ්‌ඩුවට හා සිංහල බෞද්ධයන්ට පටවන්නට පටන් ගත්තේය.

තම බෑගයේ තිබූ යතුරු කැරැල්ල හා නියපොතු කපනයෙන් ඇඟ යන්තම් සූරාගෙන ජාතියෙන් පළිගැනීමට තැත් කළ විජිත හිමියන්ගේ අසත්‍ය චෝදනාව රටක්‌ ගිනිබත් කරන්නට තරමේ සමත් කමක්‌ දැක්‌වූවක්‌ විය.

කොළඹ ජාතික රෝහලේ දින හතක්‌ ප්‍රතිකාර ලබා ගත් විජිත හිමි පසුගිය අඟහරුවාදා දහවල් එකට පමණ ටිකට්‌ කැපීමෙන් අනතුරුව රෝහලෙන් පිටව යැමට සූදානම් වනවිටම කොළඹ අපරාධ කොට්‌ඨාසයෙන් අත්අඩංගුවට ගනු ලැබීය.

පානදුර මහෙස්‌ත්‍රාත් අධිකරණයට බදාදා විජිත හිමියන් ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ජුලි දෙවැනිදා තෙක්‌ රක්‍ෂිත බන්ධනාගාරගත කරන ලෙස පානදුර ප්‍රධාන මහෙස්‌ත්‍රාත් රුචිර වැලිවත්ත මහතා නියෝග කරන ලදී.

කෝටියක්‌ සංවර ශීලය රැකීමට ප්‍රතිඥ දෙමින් බුදු පුතෙක්‌ ලෙස සසුනට පිවිසි වටරැක විජිත හිමි, තම පැවිදි ගමනේ අතර මඟකදී දෙව්දත් නිකායට ඇතුළු වී තිබෙන බව පෙනේ. විජිත හිමිගේ අතීත ක්‍රියාකාරකම්වල වාර්තා නිරීක්‍ෂණය කරන විට පෙනී යන්නේ, සිංහල බෞද්ධයන්ගෙන් පළිගැනීම සඳහා විජිත හිමි කාගේ හෝ අනුදැනුමකින් මෙහෙයවමින් සිටින බවකි. විජිත හිමිගේ සිද්ධියෙන් සිංහල ජාතිය පෙළන්නට බලා සිටි අයට ශෝකාලාපයක්‌ වෙමින්ද වටරැක විජිත හිමිගේ භික්‍ෂු ආත්මය කොමිඩියක්‌ වෙමින් ද එම කතාව නිමාවට පත් විය.

මනෝඡ් අබයදීර

Police claim Watareka staged attack

 

වටරැක හිමි සැලසුම් සහගත බොරු රඟපෑමක යෙදිලා
ඊට එරෙහිව නඩු පවරනවා
– පොලිස්‌ මාධ්‍ය ප්‍රකාශක
කිසියම් පිරිසක්‌ තමා බලෙන් පැහැරගෙන ගොස්‌ පහර දුන් බවට ජාතික බලසේනා සංවිධානයේ සභාපති වටරැක විජිත හිමියන් කළ පැමිණිල්ල සම්පූර්ණ අසත්‍යයක්‌ බව පොලිසිය කළ පරීක්‍ෂණවලින් හෙළිවී ඇතැයි පොලිස්‌ මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරී අජිත් රෝහණ මහතා පැවසීය.

Police claim Watareka staged attack

wataraka vijithaThe police claim investigations had revealed that the venerable Watareka vijitha thero, a Buddhist monk who openly spoke against the Bodu Bala Sena (BBS), had staged the attack on his last week.

Police spokesman SSP Ajith Rohana told a media briefing today that legal action is to be filed against the monk over the alleged attack.

The monk was was found assaulted and left on the road in the Panadura area last week with his hands tied to the back and cut wound on his lower part of the body.

Ajith Rohana said the monk had initially claimed that he was abducted my men in robes and later he found himself in hospital.

However the police spokesman said that investigations had found the statements made by the monk were false and that he had staged the abduction with his relatives.

Ajith Rohana said that the relatives of the monk had confessed to assisting the monk to stage the whole incident and medical reports revealed the injuries caused to the monk were self-inflicted.

Watareka vijitha thero has been openly critical of the actions of the BBS and was even verbally abused by the BBS at a press conference in Colombo.

The monk even expressed opposition to the recent incidents targeting Muslims in the South. (Colombo Gazette)

සොරුන්ට, අපරාධකරුවන්ට සැඟවීමට හොඳම තැන චීවරය බවට පත්කරගෙන

සොරුන්ට, අපරාධකරුවන්ට සැඟවීමට හොඳම තැන චීවරය බවට පත්කරගෙන
පොලිසියට බැරි නම් මේවා මැඬිමට බොදු බල සේනා සූදානම්
– ගලගොඩඅත්තේ ඥනසාර හිමි

ශිරාන් රණසිංහ source:

බාලවයස්‌කාර දරුවන්ට, තරුණයන්ට චීවර අන්දවා ඒ අය යොදවා මුදල් එකතු කිරීමේ සංවිධානාත්මක ජාවාරමක සුලමුල සොයාගැනීමට බොදු බල සේනා භික්‍ෂු සංවිධානය සමත්ව සිටී.

විහාර ප්‍රතිසංස්‌කරණ හා බුද්ධ ප්‍රතිමා ඉදිකරන මුවාවෙන් මුද්‍රණය කළ ටිකට්‌පත්, මෙම චීවරධාරීන් අතට පත්කර දිනකට එක්‌ අයකු රුපියල් පහළොස්‌ දහසත්, විසිදහසත් අතර මුදලක්‌ මෙලෙස උපයන බව ද බොදු බල සේනා සංවිධානයේ ප්‍රධාන ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥනසාර හිමියෝ පැවසූහ.

කිරුළපන බෞද්ධ සංස්‌කෘතික මධ්‍යස්‌ථානයේ ඊයේ (09 වැනිදා) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී බොදු බල සේනා සංවිධානය එලෙස සාමණේර වෙස්‌ ගෙන මුදල් එකතු කිරීමේ නිරතව සිවුර අතහැරි 12 හැවිරිදි තරුණයකු ද මාධ්‍ය වෙත ඉදිරිපත් කරනු ලැබිණි.

බුද්ධ ශාසනය වැනසීම සඳහා විවිධ අන්දමින් යම් යම් බලවේග ක්‍රියාත්මක වන බවත් එහි තවත් පියවරක්‌ වන්නේ පන්සල්වලට ආධාර ලබාගැනීම සඳහා මුදල් එකතු කිරීම බවත් එහිදී ගලගොඩඅත්තේ ඥනසාර හිමියෝ පෙන්වා දුන්හ.

හොරුන්, ස්‌ත්‍රී දූෂකයන්ට හා අපරාධකරුවන්ට සැඟවීමට හැකි හොඳම තැන චීවරය බවට පත්ව ඇති බැවින් පොලිසිය හරිහැටි නීතිය ක්‍රියාත්මක කරන්නේ නැති නම් බුද්ධ ශාසනය පිරිසිදු කිරීම සඳහා බොදු බල සේනාව අවශ්‍ය පියවර ගන්නා බවත් උන්වහන්සේ කීහ.

බොදු බල සේනා ප්‍රධානි කිරම විමලජෝති හිමියන් පැවසුවේ මෙවැනි වංචා, දූෂණ හා අක්‍රමිකතාවලට සම්බන්ධ චීවරලාගත් අපරාධකරුවන් පහළොස්‌ දෙනකු අල්ලා ඔවුන්ව පොලිසියට බාරදී ඇති බවයි.

බදුල්ල ප්‍රදේශයේ ප්‍රසන්න නමැත්aතකු ටිකට්‌ පොත් මුද්‍රණය කර දිඹුලාගල කේ. ජී. නුවන් කුමාර හෙවත් දිඹුලාගල සමිත්තදේව ලෙස පෙනී සිටි තරුණයා යොදවා මෙම මුදල් එකතු කිරීමේ ජාවාරම කර ඇතැයි ද උන්වහන්සේ පැවසූහ.

කිරිබත්ගොඩ ඥනානන්ද හිමිගේ ගෝලයකු ලෙස පෙනී සිටි අයකු ද උමතු වෙස්‌ ගෙන බුදු සසුනට නිගා කරමින් කටයුතු කරමින් සිටියදී බොදු බල සේනා සංවිධානය මගින් අල්ලා පොලිසියට බාර දී ඇත.

රුවන්වැල්ලේ සෝභිත වැනි කට්‌ටඩි හා වෙද්දුන් රට පුරා සිටින බැවින් කිසිවකු මේ බොරුකාරයන්ට හසු නොවන ලෙස ද උන්වහන්සේලා ඉල්ලා සිටියහ.

මාධ්‍ය ආයතන මෙවැනි චීවර වෙස්‌ ගත් වංචනිකයන්ගේ ධර්ම දේශනා, හදි හූනියම්, වෙදකම් පිළිබඳ ප්‍රසිද්ධ කිරීමෙන් වැළකී සිටිය යුතු බව ද මාධ්‍යවලට දැන්වීම මදිවීමෙන් මුදල් අහිමි වේ නම් පිඬුසිඟා වැඩ හෝ මුදල් ලබාදීමට බොදු බල සේනා පියවර ගන්නා බවත් හිමිවරු මෙහිදී කියා සිටියහ.

සිවූරට මුවාවී මුදල් ගරන වංචනිකයෝ

සිවූරට මුවාවී මුදල් ගරන වංචනිකයෝ

source:

සිවුර පොරවාගෙන වංචනික ලෙස මුදල් එකතු කරමින් වසර ගණනාවක් තිස්සේ කටයුතු කළ හොර කල්ලියක් ඉකුත් 30වැනිදා සවස ප‍්‍රදේශවාසී මහ සඟරුවන ප‍්‍රමුඛ ජනතාව විසින් අල්වා කොටහේන පොලිසියට බාරදෙන ලදී. ශ‍්‍රමණ වේශධාරි පුද්ගලයකු ද ඇතුළුව පුද්ගලයන් සිව් දෙනෙක් කඨින පින්කම් සඳහා යැයි කියමින් ටිකට් පත් විකුණමින් සිටින අවස්ථාවේ දී මෙසේ ග‍්‍රහණයට නතුවී ඇත.

කලක් පටන් අදාළ කල්ලිය ව්‍යාජ ලිපිලේඛණ මෙන්ම, ව්‍යාජ රබර් සීල්ද සකසා ජාවාරමෙහි යෙදී ඇති බව හෙළිදරව් විය. පසුව මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු කිරීම සඳහා බොදුබල සේනා විශේෂ විමර්ශන ඒකකයට පැවරීමට පළාතේ මහා සංඝරත්නය පියවර ගත් අතර ඒ අනුව පෙරේදා රාත‍්‍රියේදීම පැය තුනක් වැනි කෙටිකාලයක් ඇතුළත බොදුබල සේනා විශේෂ විමර්ශන ඒකකය මගින් කරන ලද පරීක්ෂණයක දී මේ කල්ලිය සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු රැසක් අනාවරණය විය.

මේ සිද්ධියට සම්බන්ධ ප‍්‍රධාන සැකකරු වන ශ‍්‍රමණ වේශධාරියා සම්බන්ධයෙන් බොදු බල සේනාවේ විශේෂ අවධානය යොමුවිය. ඔහුගේ සම්පූර්ණ නම වශයෙන් සඳහන්ව ඇත්තේ පූජ්‍ය පිටකෝට්ටේ ආනන්ද හිමි යනුවෙනි. 1959 පෙබරවාරි 15 වැනි දින උපත ලබා ඇති ඔහුගේ ගිහි නම ගංගොඩවිල ශාන්ත දාබරේය. 1931 අංක 19 දරන බෞද්ධ විහාර දේවාලගම් පනතේ 41 වැනි වගන්තිය අනුව කළ යුතු සාමනේර භික්ෂු පිළිබඳ ප‍්‍රකාශය යටතේ 79686 අංකයට ලියා පදිංචිය ද ලබා ඇත. 2005.07.06 වැනි දින කොළඹ 10, ආනන්ද රාජකරුණා මාවතේ, අංක 177/19, විවේකාරාමාධිපති පූජ්‍ය කෝමපල පඤ්ඤාවිමල හිමියන් වෙතින් පැවිද්ද ලබා තිබේ. මූලික වශයෙන් මේ තැනැත්තා පිළිබඳව ලබාගෙන ඇති තොරතුරු එසේය.

මේ පුද්ගලයා විසින් හැඳුනුම්පත් කිහිපයක් භාවිතා කරනු ලැබ ඇත. එවාට අනුව 590463515v දරන ජාතික හැඳුනුම්පත් අංකය යටතේ 117/19 විවේකාරාමය, ආනන්ද රාජකරුණා මාවත, කොළඹ 10 ලිපිනයෙන් 2012.07.06 වැනි දින ශ්‍රී ලංකාවේ පුරවැසියකු වශයෙන් ලියාපදිංචි වී ඇත.

උපන් ස්ථානය කොළඹ ය. එහෙත් එම ජාතික හැඳුනුම්පත් අංකය යටතේම 41811, සංචාරක බෞද්ධ සංවිධානය බෞද්ධාලෝක මාවත, කොළඹ 07 දරණ ලිපිනයෙන් 2003.09.09 වැනි දින මීට පෙර වතාවක ද ලියාපදිංචි වී තිබේ. එහි උපන් ස්ථානය කෝට්ටේය. තත්ත්වය කෙසේ වෙතත් මේ පුද්ගලයා මහණකොට ඇතැයි සැලකෙන්නේ 2005.07.06 වැනි දිනය.

තමාගේ මෙම ව්‍යාජ හැඳුනුම්පත්වලට අමතරව මොහු සතුව මහාචාර්ය මැදගම නන්දවංශ හිමිගේ ජාතික හැඳුනුම්පතද තිබී ඇත. 482452060v දරන එම හැඳුනුම්පත නිකුත් කර ඇත්තේ 2006.07.14 වැනි දිනය. මහාචාර්ය, විශ්වවිද්‍යාලය, ශ්‍රී ලංකා විද්‍යාලය, අංක 58, විපුලසේන මාවත, කොළඹ 10 යනුවෙන් එහි සඳහන් වෙයි.

මහාචාර්ය මැදගම නන්දවංශ හිමියන්ගේ මුහුණුවර මේ ශ‍්‍රමන වේශධාරී පුද්ගලයාගේ මුහුණුවරටම සමාන වන අතර එය කෙසේ හෝ සොරකම් කර එහි සිටින මහාචාර්ය හිමි තමා බව කියමින් මොහු ආධාර එකතු කිරීමේ කටයුත්තේ නියැළී ඇත. මහාචාර්ය මැදගම නන්දවංශ හිමි තම හැඳුනුම්පත නැති වුණු බව මීට පෙර පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.

පිටකෝට්ටේ ආනන්ද හිමි නමින් පෙනී සිටි මොහු ලිපිනය පහක් භාවිත කරමින් මුදල් ගැරීමේ කටයුතු කරගෙන ගොස් ඇත. කොළඹ 07, කොළඹ 10, මිනුවන්ගොඩ, අනුරාධපුරය, කෙසෙල්වත්ත යන ප‍්‍රදේශයන්ට අදාළ ලිපින පහක් ඔහු මේ සඳහා භාවිත කර ඇත.

මිනුවන්ගොඩ අලූතෑපොල ආනන්දාරාමය නමින් හැඳින්වෙන විහාරස්ථානයක අභිනවයෙන් ඉදිකෙරෙන භික්ෂු ගිලානෝපස්ථාන දෙමහල් ගොඩනැගිල්ලක් සඳහා යැයි කියමින් රුපියල් 100, 200, 500, 1000, 2000, 5000 ටිකට්පත් මුද්‍රණය කර මොහු විශාල ආදායමක් උපයා ඇති අතර ඊට අමතරව සැලකිය යුතු මුදල් ප‍්‍රමාණයක් මූල්‍යාධාර වශයෙන් ද ලබා ඇත.

එමෙන්ම දඹදිව වන්දනාව සඳහා භික්ෂූන් වහන්සේලා දොළොස් නමක් වැඩමවීමට බලාපොරොත්තු වීම, අතීත බාරානාසිය නමින් පොතක් මුද්‍රණය කිරීම සඳහා යැයිද කියමින් මුදල් එකතු කර ඇති මොහු දැන් පවසන්නේ එම මුදල් සියල්ල තමාගේ කල්ලියේ සෙසු සාමාජිකයන් විසින් ලබා ගනු ලැබූ බවකි.

කෙසේ වෙතත් මොහු 2007 අගෝස්තු 03 වැනි දිනැති දිවුරුම් ප‍්‍රකාශයක් මගින් ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ තැපැල් බැංකු ඒකකයේ රුපියල් හත්ලක්ෂ අසූ පන්දහසක මුදලක් තැන්පත් කර ඇත. ඒ සඳහා එම බැංකුව විසින් අංක 2/0901/16/04816 දරන පාස්පොත තැපැල් කාර්යාලයෙන් නිකුත් කරනු ලැබ ඇත.

මේ ශ‍්‍රමන වේශධාරියාට එරෙහිව ව්‍යාජ ලේඛන සකස් කර මුදල් වංචාකිරීම සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කරමින් අලූත්කඬේ අංක 02 අධිකරණයේ නඩු අංක බී/47351/2/2007 දරණ නඩුව ගොනු කර තියෙනවා. එම නඩු වාර්තාවට අනුවත් මොහු විසින් ව්‍යාජ ලේඛන භාවිත කර හා ටිකට්පත් මුද්‍රණය කර විකුණා තිබෙනවා. ඒ අනුව ලංකා දණ්ඩ නීති සංග‍්‍රහයේ අංක 454, 457, 459, 462, 403 හා 290 යන වගන්ති ප‍්‍රකාරව දඬුවම් ලැබිය හැකි වරදක් වශයෙන් ද එහි සඳහන් වෙනවා.

ඒ සම්බන්ධයෙන් සාක්ෂි සටහන් කර විමර්ශන කටයුතු අවසන් කරන තෙක් මොහු 2007.07.24 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරලා තියෙනවා. මෙලෙස වැරදිකරුවකු වූවකුට බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව මගින් ලියාපදිංචි සහතිකයක් නිකුත් කරන්නේ කොහොමද? සාමාන්‍යයෙන් විනයට අනුව එවැන්නෙක් පැවිදි කරන්නෙ නෑ.

එසේම මොහු තම හැඳුනුම්පත් ලබාගැනීමේදීත් විශාල වංචා රැසක් කරලා තියෙනවා. ඒ වගේම 2009.09.16 වැනිදා අධිකරණ මනෝ වෛද්‍ය ඒකකය මගින්ද 2004.10.08 වැනි දින සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුවේ පෞද්ගලික වෛද්‍ය සහතිකයක් මගින්ද මොහු බරපතල මනෝ ව්‍යාධියකින් පෙළෙන බවට නිගමන ඉදිරිපත් කර තිබෙනවා.

”අදාළ රෝගය වැඩිවුණොත් මේ සැකකරුගේ ලිංගික ආශා වැඩිවන බවත් ඒ වෛද්‍ය වාර්තා අනුව අනාවරණය වෙනවා. ඒත් අපට ගැටලූවක් තියෙනවා ඒ වගේ මානසික රෝගියකුට මේ වගේ ව්‍යාජ අන්දමින් හැඳුනුම්පත් සකස් කර ගනිමින් සූක්ෂමව හා සංවිධානාත්මකව මුදල් ගැරීම කළ හැකිද කියලා.

අපට පැහැදිලි වෙන්නේ මේ වෛද්‍ය සහතික ලබාගැනීම මොහු දුරාචාරයේ නියැලීමටත් නීතියේ රැහැනින් මිදී යාමටත් අතකොළුවක් කරගෙන ඇති බවයි.

කොහොම වුණත් මෙවැන්නෙකුට ලියාපදිංචි සහතික නිකුත් කළ බලධරයා කවුද කියලා විශාල ගැටලූවක්. මේ ජාවාරමට සම්බන්ධ සෙසු පුද්ගලයන් සම්බන්ධයෙන්ද සියලූ තොරතුරු විමර්ශනය කොට කඩිනමින් විධිමත් වාර්තාවක් සපයන ලෙසත්, මොවුන් සියලූ දෙනාටම එරෙහිව කඩිනම් නීතිමය පියවරක් අනුගමනය කරන ලෙසත් බොදු බල සේනා ජාලය වගකිවයුතු බලධාරීන් වෙත අවධාරණය කරනවා.”

ඒ බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඤාණසාර හිමිකළ සඳහන් කිරීමයි.

සටහන: සංජීවිකා සමරතුංග

සිරිවර්ධනලා, සිරිධම්මලා සහ බුදුසසුනෙහි ආරක්‍ෂාව

සිරිවර්ධනලා, සිරිධම්මලා සහ බුදුසසුනෙහි ආරක්‍ෂාව

source:

බුදු සසුනට එල්ල වී ඇති විවිධ අභියෝග හා තර්ජන ද ඒවායින් බුදුසසුන ආරක්‍ෂා කර ගැනීමේ අවශ්‍යතාව ද පිළිබඳ සංවාදය මෑත කාලයෙහි වඩාත් තීව්‍ර වී ඇත. මේ පිළිබඳව දැක්‌විය හැකි ආසන්නතම නිදසුන් දෙකක්‌ නම් වඳුරඹ සිරිවර්ධන “බුදුරදුන්” හෝa “උතුමාණන්” පිළිබඳව මහසඟ මැදිහත් වීමත්. විවාදාත්මක පිටිදූවේ සිරිධම්ම නමැති “භික්‍ෂුවගේ” ධර්මදේශනාවක්‌ නැවැත්වීම සඳහා මහසඟ මැදිහත් වීමත් ය. වඳුරඹ සිද්ධිය අවසන් වූයේ සිරිවර්ධනගේ ආගමික මධ්‍යස්‌ථානයට පිවිස ඔහුට “කරුණු වටහාදීම සඳහා” ගිහි – පැවිදි විශාල පිරිසක්‌ විසින් ගන්නා ලද උත්සාහය ආරක්‍ෂක අංශවල මැදිහත් වීමෙන් ව්‍යවර්ථ කරනු ලැබීමෙනි. පිටිදූවගේ සිද්ධියෙහි දී රැස්‌ව සිටි පිරිස විසින් ඔහු ආපසු හරවා යවන ලද බව කියෑවේ. මෙම සිද්ධි පදනම්කොට ඇති වූ සංවාදය තවම අවසන්ව නැත. මේ අතරතුර මහනායක නාහිමිපාණන් වහන්සේලා විසින් බුදුසසුන මෙබඳු උවදුරුවලින් ආරක්‍ෂා කර දෙන ලෙස රජයෙන් කරන ලද ඉල්ලීමක්‌ පුවත්පත්වල පළව තිබිණි.

සාමාන්‍යයෙන් අප රටෙහි මෑතක සිට බහුලව දක්‌නට ලැබෙනුයේ මූලධර්මවාදී අන්‍යාගමික සංවිධානවල ක්‍රියාකාරකම් පිළිබඳ බෞද්ධයන්ගේ ප්‍රතිචාර වුවත්, අපගේ සාකච්ඡාවට භාජනය වන ඉහත දැක්‌වූ සිද්ධි දෙකම බෞද්ධයන්ගේ අභ්‍යන්තර කරුණු බව පැහැදිලි ය. බෞද්ධයන් හා අබෞද්ධයන් අතර හෝ බෞද්ධයන් හා බෞද්ධයන් ම අතර හෝ ඇතිවන මත ගැටුම්වලදී බෞද්ධයන් ක්‍රියා කළ යුත්තේ කෙසේද යන්න පිළිබඳ සංවාදයක්‌ ඇතිවීම ඉතා වැදගත් කාලීන අවශ්‍යතාවක්‌ සේ පෙනේ. මෑතකදී ඇති වූ සිද්ධි දෙක ඇතුළු බොහෝ සිද්ධිවලදී බෞද්ධයන්, විශේෂයෙන්ම ඇතැම් භික්‍ෂූන් ක්‍රියා කරන ආකාරය කොතෙක්‌ දුරට බෞද්ධ ඉගැන්වීම්වලට හෙවත් බුද්ධදේශනාවට අනුකූල වන්නේද යන්න පිළිබඳව ගැටලුවක්‌ පවතී.

බුදුදහම පිළිබඳව පමණක්‌ නොව ඕනෑම ආගමක්‌ පිළිබඳව පොදුවේ සත්‍ය වන්නා වූQ කරුණක්‌ නම් එම ආගමිකයන්ගේ ක්‍රියාකාරකම් තම ආගමෙහි ඉගැන්වීම්වලට පටහැනි නොවිය යුතු බවයි. විශේෂයෙන්ම, තම ආගම ආරක්‍ෂා කර ගැනීම සඳහා අනුගමනය කරන ක්‍රියාමාර්ග මෙම සිද්ධාන්තයට අනුගත විය යුතු බවට සැකයක්‌ නැත. මෙම කරුණම තවත් ලෙසකින් දක්‌වතොත්, තම ආගම ආරක්‍ෂා කර ගැනීම සඳහා කිසියම් ආගමකට එම ආගමෙහි මූලධර්මවලට පටහැනිව ක්‍රියා කිරීමට සිදුවේ නම් එහි බරපතළ අභ්‍යන්aතර ගැටලුවක්‌, විසංවාදයක්‌ පවත්නා බව පැහැදිලිය. ඕනෑම සබුද්ධික සම්ප්‍රදායික මෙන්ම ආගමික ද වලංගුභාවය පිළිබඳ අවසාන නිර්නායකය විය යුත්තේ එහි ඇති අභ්‍යන්තර අවිසංවාදී බවයි. එනම්, එහි ඉගැන්වීම් එයටම අදාළකොට ගත හැකි වීමයි. මෙය බුදුදහමට සුවිශේෂ කොට විස්‌තර කරන්නේ නම් මෙසේය. බුදුදහම ආරක්‍ෂා කිරීම සඳහා අපි අනුගමනය කරන්නා වූ ක්‍රියාමාර්ග ද අනිවාර්යයෙන්ම බෞද්ධ වීම අවශ්‍යය.

සිරිවර්ධන සිද්ධිය

බැලූ බැල්මට පෙනෙන පරිදි තම මතවාදය හා සම නොවන්නා වූ (විසම) අදහස්‌ පිළිබඳ බෞද්ධ ක්‍රියාකාරීත්වය වනුයේ අදාළ පුද්ගලයාට හෝ පිරිසට එරෙහිව පිරිස්‌ බලය හා කායික ශක්‌තිය ප්‍රදර්ශනය කිරීම මගින් එම පුද්ගලයා හෝ පිරිස නිශ්ශබ්ද කිරීමයි. පුවත්පත් වාර්තාවලින් පැහැදිලි වන පරිදි වඳුරඹදී අනුගත ක්‍රමයෙහි මූලික ලක්‍ෂණය වූයේ එය බව පෙනේ. සිරිවර්ධනට එරෙහිව ඇති චෝදනා වනුයේ ධර්මය විකෘති කිරීම, එසේ විකෘති කරන ලද ධර්මය පිළිපදින අනුගාමික පිරිසක්‌ බිහි කිරීම, අයථා ලෙස රැස්‌ කළ මුදල්වලින් ආගමික මධ්‍යස්‌ථානයක්‌ ගොඩනැංවීම, මෙම ක්‍රියා මගින් අප රටෙහි පවත්නා ථේරවාද බෞද්ධ සම්ප්‍රදාය ප්‍රතික්‍ෂේප කිරීම සඳහා තම අනුගාමිකයන් මෙහෙයවීම වැනි කරුණුය. සරලව කියතොත්, සිරිවර්ධන සම්මත ථේරවාදයට පටහැනි කරුණු කියයි. ථේරවාදය විවේචනය කරයි. මෙයට තවදුරටත් ඉඩ දිය නොහැකි යෑයි තීරණය කරන භික්‍ෂූන් ප්‍රධාන පිරිසක්‌ ඔහුට “කරුණු වටහා දීමට” ප්‍රයත්නයක්‌ දරයි. ආරක්‍ෂක අංශවලට මැදිහත් වීමට සිදුවන්නට ඇත්තේ “කරුණු වටහා දීමට” දරන ලද මෙම ප්‍රයත්නයෙහි තිබූ රළු හා අප්‍රජාතාන්ත්‍රික ලක්‍ෂණ හේතුවෙන් විය යුතුය. මෙම ක්‍රියාදාමයෙහි ගැටලු සහගත අභ්‍යqපගව දෙකක්‌ තිබෙන බව පෙනේ.

1. සිරිවර්ධනට (හෝ අන්කෙනකුට) ථේරවාද බෞද්ධ සම්ප්‍රදායට එරෙහිව හෝ විවේචනාත්මකව හෝ කිසිවක්‌ ප්‍රකාශ කිරීමට ඉඩක්‌ නැත.

2. යමෙක්‌ එසේ ප්‍රකාශ කරන්නේ නම් ඔහු /ඇය කායික බලය යොදා ගැනීමෙන් හෝ එසේ කිරීමෙන් වැළැක්‌විය යුතුය.

මෙම කරුණු දෙක සම්බන්ධයෙන් බුද්ධ දේශනාවට අනුගතව කිව හැක්‌කේ කුමක්‌දැයි අපි මුලින් ම විමසා බලමු. මහාපරිනිබ්බාන සූත්‍රයෙහි මහා අවිදේස පිළිබඳ දේශනාවෙන් බුදුරදුන් අපට පෙන්වාදී ඇත්තේ යම් කිසිවකු “මෙය ධර්මයයිá මෙය විනයයිá ශාස්‌තෲන් වහන්සේගේ පණිවුඩය මෙයයි  (අයං ධම්මෝ), අයං විනයො, ඉදං සථුසාසනං දීඝනිකාය ii බුද්ධජයන්ති සංස්‌කරණය (බුජසං), 192 පිටුව) යනුවෙන් කියන විට බුද්ධ ශ්‍රාවකයන් විසින් එම ප්‍ර්‍රකාශය උද්දාමයෙන් පිළිගත යුතු හෝ එයට ආක්‍රෝශ කළ යුතු හෝ නොවේ (නෙව අභිනන්දිතබ්බං, න පටික්‌කොසිතබ්බං) ඒ දෙකම නොකොට එම අදහස ඉතා හොඳින් ඉගෙන (සාධුකං උග්ගහෙත්වා) සූත්‍රයෙහි බහා තැබිය යුතුය. විනයෙහි සන්සන්දනය කළ යුතුය. (සුත්නෙ ඔතාරෙතබ්බානි, විනයෙ සන්දස්‌සෙතබ්බානි) එසේ කොට එම දෙක හා ගැළපේ නම් පිළිගත යුතුය. නොගැළපේ නම් ප්‍රතික්‍ෂේප කළ යුතුය.

මහා පරිනිබ්බාන සූත්‍රයෙහි දැක්‌වෙන මෙම ක්‍රියාදාමයෙන් පමණක්‌ වැරැදි මතයක්‌ පිළිබඳ බෞද්ධ ක්‍රියාකාරීත්වය අවසන් නොවේ. තවත් ලෙසකින් කියතොත්, සැබෑ දහම දන්නා පිරිස මිත්‍යා මත හුදෙක්‌ මිත්‍යා මත ලෙස තීරණය කිරීමෙන් පමණක්‌ නිශ්ශබ්ද නොවිය යුතුය. එම මත හෙළිදරව් කොට නිෂ්ප්‍රභ කිරීම සඳහා ද ක්‍රියා කළ යුතුය. එසේ කළ යුත්තේ කෙසේද යන්න පිළිබඳ මග පෙන්වීමක්‌ මහාපරිනිබ්බාන සූත්‍රයෙහිම එන මාර ආයාචනා සිද්ධියෙහි සඳහන් වේ. පිරිනිවන් පෑම සඳහා කාලය පැමිණ ඇතැයි බුදුරදුන් හට සිහිපත් කර දෙන මාරයා හට උන්වහන්සේගේ පිළිතුර වනුයේ මෙයයි(

මාගේ ශ්‍රාවක භික්‍ෂු (භික්‍ෂු -භික්‍ෂුණී, උපාසක හා උපාසිකා යන) පිරිස ව්‍යක්‌ත, විනීත, විශාරද, බහුශ්‍රැත ධර්මධර, ධර්මානුධර්ම ප්‍රතිපන්න, සාමීචි ප්‍රතිපන්න හා ධර්මානුචාරී පිරිසක්‌ වනතුරු, ඔවුන් සිය ආචාර්යවරයාගේ දහම ඉගෙන එය දේශනා කිරීමටත්, පැහැදිලි කිරීමටත් විවරණය කිරීමටත් බෙදා විග්‍රහ කිරීමටත් ධර්මය පිළිබඳ විරුද්ධ මත කරුණු සහිතව නිෂ්ප්‍රභ කොට සකාරණව ධර්මය පැහැදිලි කිරීමටත් (උප්පන්නං පරප්පවාදං සහධම්මෙන යුනිග්ගහීතං නිග්ගහෙත්වා සප්පටිහාරියං ධම්මං දෙසෙස්‌සන්ති( දීඝ නිකාය ii බුජසං 162-166) ශක්‌තිය ලබනතුරු මම පිරිනිවන් නොපාන්නෙමි.

මෙම ප්‍රකාශයෙන් පැහැදිලි වනුයේ හුදෙක්‌ ධර්මය ඉගෙනීමෙන් පමණක්‌ නොනැවතී එම ධර්මයට එරෙහිව එන පර-ප්‍රවාද (විරුද්ධ මත) කරුණු සහිතව නිෂ්ප්‍රභ කොට නිවැරැදි ධර්මය තහවුරු කිරීමද ශ්‍රාවකයන්ගේ ඉතා වැදගත් කාර්යයක්‌ බවයි.

දීඝනිකායේ බ්‍රහ්මජාල සූත්‍රයෙහි (ත්‍රිපිටක බෞද්ධ සාහිත්‍යයෙහි පළමු පිටකයෙහි, පළමු නිකායෙහි පළමු සූත්‍රයෙහි) නිදානය වනුයේ තෙරුවනට දැඩි සේ නිග්‍රහ කළ සුප්‍රිය නම් ආචාර්යවරයාත් තෙරුවන කෙරෙහි ප්‍රසාදයෙන් යුතුව ගුණ ප්‍රකාශ කළ බ්‍රහ්මදත්ත නම් මානවකයාත් පිළිබඳ සිද්ධියයි. එහිදී බුදුරදුන් තම ශ්‍රාවක පිරිසට දෙන උපදේශය මෙසේය.

මහණෙනි, අනුන් මට හෝ ධර්මයට හෝ සංඝයාට හෝ දොස්‌ කියතොත් එවිට ඔබ කුපිත නොවිය යුතුයá ද්වේෂ සහගත නොවිය යුතුය. ඔබ කුපිත වන්නේ නම් එවිට එම අනුන් කියන කරුණු සුභාෂිත ද (සත්‍ය ද) නැතහොත් දුර්භාෂිත ද (අසත්‍ය ද) යෑයි ඔබට දැන ගැනීමට නොහැකිය. (දීඝනිකාය, බුජසං 4 පිටුව)

බුදුන්, දහම්, සඟුන් යන තෙරුවන විවේචනය කරනු ලැබීමේ සිද්ධි සූත්‍ර හා විනය පිටකවල නිරතුරුව හමුවන බව ධර්මධරයෝ දනිති. විවිධ සූත්‍ර දේශනා රාශියකට අමතරව මෙහිලා අගනා නිදසුන් විනය පිsටකයෙන් ලැබේ. භික්‍ෂු හා භික්‍ෂුණී විනය ශික්‍ෂාපද ඉතා විශාල ප්‍රමාණයක්‌ පනවනු ලැබ ඇත්තේ ජනතාව විසින් නඟන ලද දෝෂාරෝපණවලට ඇහුම්කන් දීම් වශයෙන් බව දැන ගැනීමට විනයධරයකු වීම අවශ්‍ය නොවේ. “මනුස්‌සා උ-Cධායන්ති, ‚යන්ති, විපාචෙන්ති” (මිනිස්‌සු උද්ඝෝෂණය කරත්. නුගුණ කියත්. දෝෂාරෝපණය කරත්) යනු විනය සාහිත්‍යයෙහි නිතර හමුවන ප්‍රකාශයකි.

මෙම නිදසුන් කෙරෙන් පැහැදිලි වන කරුණ නම් බුදුසමය ඉන්දියාවෙහි ප්‍රභව වී වර්ධනය වී ඇත්තේ අතිශය නිදහස්‌ මානසික වාතාවරණයක බවයි. තෙරුවන විවේචනය කිරීමේ නිදහස (මෙහිදී මා අදහස්‌ කරනුයේ රූසෝගේ නිදහස පිළිබඳ සුප්‍රකට ප්‍රකාශය නොවන බව කිව යුතුය.) මෙම ආරම්භක ජනතාවට ඇති තරම් තිබූ බව පැහැදිලිය. බුදුසසුනෙහි වර්ධනය සඳහා ඉන් අත්පත් වූ පිටුවහල ද පැහැදිලිය. බුදුරදුන් හෝ බුද්ධශ්‍රාවකයන් හෝ මෙම මත දැරූවන්ට කායිකව හානි කිරීමට හෝ මර්දනය කිරීමට හෝ ගිය බවක්‌ හෝ එසේ කිරීම සඳහා රාජ්‍ය අනුග්‍රහය පැතූ බවක්‌ හෝ දක්‌නට නැත. බුද්ධකාලීනව පැවැති මෙම තත්ත්වය තුළින් ගම්‍ය වන කරුණ තරමක්‌ ඕළාරික භාෂාවෙන් කියතොත් මෙසේය.

තෙරුවනට දොස්‌ කීමට විවේචනය කිරීමට හෝ නින්දා අපහාස කිරීමට ඕනෑම කෙනකුට නිදහස ඇති බව බුදුරදුහු මෙන්ම ආදි බෞද්ධයෝ ද පිළිගත්හ. මෙම නිදහස පිළිගත් අතරම උන්වහන්සේලා එම විවේචන සකාරණව නිෂ්ප්‍රභ කිරීමේ බුද්ධිමය කාර්යයෙහිද නියෑළුණහ. ත්‍රිපිටක සාහිත්‍යය විමසීමේදී අපට තහවුරු වනුයේ බුදුරදුන් හා උන් වහන්සේගේ ශ්‍රාවක පිරිස තම ජීවිත කාලය පුරා මෙම කාර්යයෙහි නිරත වූ බවයි. මේ සඳහා නිදසුන් ලෙස දීඝනිකායෙහි බ්‍රහ්ම ජාල, අම්බට්‌ඨ වැනි සූත්‍ර ද, මජ්ජිධිම නිකායෙහි මහාසීහනාද, අලගද්දූපම, සච්චක වැනි සූත්‍ර ද දැක්‌විය හැකිය. සම්භාව්‍ය බෞද්ධ ඉතිහාසයෙහි අපට දක්‌නට ලැබෙන දහඅටක්‌ නිකාය යනු බෞද්ධ සම්ප්‍රදාය තුළම බුද්ධ දේශනාව පිළිබඳව ඇති වූ විවිධ මති මතාන්තර හා වාද-භේදය අතීත ථේරවාදී බෞද්ධයන් ධර්ම විරෝධී යෑයි තමන් විසින් පිළිගනු ලැබූ කරුණු නිෂ්ප්‍රභ කිරීමෙහිලා අනුගත පබුද්ධික හා විනීත ක්‍රියා මාර්ගය කථාවත්ථූප්කරණය වැනි කෘතිවලින් පැහැදිලි වේ.

වඩාත් මෑත බෞද්ධ ඉතිහාසය දෙස බැලීමේදී 19 වැනි සියවස අග භාගයෙහිදී මොහොට්‌ටිවත්තේ ගුණානන්ද වාදීභසිංහ හිමිපාණන් ද, ඉනුත් මෑත කාලයේ ගංගොඩවිල සෝම වැනි හිමිවරුන් ද සබුද්ධික හා ශාසනානුලෝමික ආකාරයෙන් මෙම කාර්යයෙහි නිරත වූ බව පැහැදිලිs ය. එහෙත් මෙම සූත්‍රාගත හා ඓතිහාසික නිදසුන් කෙරෙන් වර්තමානය කරා පැමිණෙනවිට දක්‌නට ලැබෙන ශෝචනීය තත්ත්වය නම් බුදුරදුන් විසින් අනුදත් මෙම ප්‍රතිපදාව ප්‍රතික්‍ෂේප කිරීමත්. ඉන් නොනැවතී එසේ අදහස්‌ ප්‍රකාශ කරන්නන් කාය බලය, පිරිස්‌ බලය හා රාජ්‍ය බලය ද යොදා මර්දනය සඳහා පෙළගැසෙනු දක්‌නට ලැබීමත් ය. අදහස්‌ අතර ඇති විය යුතු ගැටුම පුද්ගල ගැටුමක්‌ බවට පරිවර්තනය කරනු ලැබ ඇත. දහස්‌ ගණන් පිරිස අවශ්‍ය වනුයේ එහි අංගයක්‌ වශයෙනි. කරුණු පැහැදිලි කිරීම සඳහා හෝ සබුද්ධිකව තර්ක කිරීම සඳහා හෝ පිරිසක්‌ අවශ්‍ය නැත. ආත්මවාදය පිළිබඳ තම තර්කය තහවුරු කරනු වස්‌ පන් සියයක පිරිසක්‌ද තම මතය අනුමත කරන බව ප්‍රකාශ කළ සච්චක හට බුදුරදුන් පැහැදිලි කළේ කිසියම් තර්කයක්‌ තහවුරු කිරීම (හෝ නිෂ්ප්‍රභ කිරීම) වැඩි ඡන්දයෙන් සිදු කළ නොහැක්‌කක්‌ බවයි. (කිං හි තෙ අග්ගිවෙස්‌සන මහතී ජනකි කරිස්‌සති? – චූලසච්චක සුත්ත, ම-Cධිම නිකාය (35), බුජසං ෂ 548 පිටුව) එළව එළවා පහර දිය යුත්තේ නම් එසේ කළ යුත්තේ අදහස්‌වලට විනා පුද්ගලයන්ට නොවේ. බෞද්ධ සමාජය අද පහර දීමට යන්නේ සිරිවර්ධනගේ අදහස්‌වලට නොව සිරිවර්ධනටය. මෙය සර්පයා වැරැදි කොනෙන් අල්ලා ගැනීමකි.

2000 වසරේදී එංගලන්තයේ ලන්ඩන් බෞද්ධ විහාරස්‌ථානයෙහි සිදුවූ සිද්ධියක්‌ මෙහිදී මගේ මතකයට නැඟේ. “ස්‌වර්ණා මෑණියන්” යෑයි හඳුන්වනු ලැබූ කාන්තාවක්‌ විහාරස්‌ථානයෙහි දේශනයකට පැමිණියාය. එවකට විහාරාධිපතිව වැඩ විසූ ආචාර්ය මැදගම වජිරඥණ හිමියන් හා විහාරස්‌ථ සභාව අදාළ කථාව සඳහා ඉඩ සලසා දුනි. මෙම කතාව ඇසීම පිණිස පැමිණෙන ලෙස වජිඥණ හිමියන් ඔක්‌ස්‌පර්ඩ්හි සිටි මට ද දන්වා සිටියෙන් මමද එහි ගියෙමි. දේශනය අවසන් වනතුරු අසා සිටි මට පෙනී ගියේ ප්‍රකාශ කළ අදහස්‌වල පදනම් විරහිත බව පමණක්‌ නොව, ඒවා තහවුරු කිරීම සඳහා ඉදිරිපත් කරන ලද සියලු පාලි පාට වැරැදි බවත්, එම පාලි පාඨවල තේරුම ලෙස ඉදිරිපත් කළ අදහස්‌ සියල්ල ද වැරැදි බවත්. එම පාලි පාඨ මගින් තහවුරු කිරීමට අදහස්‌ කළ කිසිදු අදහසක්‌ ඒවායෙන් තහවුරු නොවන බවත් ය. මෙම තරුණ ඉතා වගකීමෙන් යුතුව මා විසින් පෙන්වා දෙනු ලැබීමෙන් ආරම්භ වූ සාකච්ඡාව එතුමියගේ අභිමතාර්ථය සඳහා හිතකර නොවූ බව පෙනී ගියේය. මෙම “මෑණියන්” සිරිවර්ධනගේ අනුගාමිකාවක්‌ බවට කතාවක්‌ අහන්නට ලැබුණ ද එය මෙහිදී වැදගත් නොවේ. වැදගත් වන්නේ එම කාන්තාවගේ අදහස්‌වල ඇති සාවද්‍යතාව සකාරණව තහවුරු කිරීමයි.

වර්තමාන ශ්‍රී ලකාවේ (ඇතැම්) මහා සංඝරත්න අතර ව්‍යාප්තව පවත්නා අදහසක්‌ නම් සංඝයා හෝ බුදු දහම හෝ විවේචනයෙහි සීමාවන්ගෙන් ඔබ්බෙහි පවත්නා විවේචනයට බඳුන් නොවිය යුතු සත්තාවක්‌ බවයි. රජයේ පාසල්වල ඉංගිරිසි පාඨ ග්‍රන්ථයක පළ කිරීමට යෝජිත වූ පුණ්‍යකාන්ති විඡේනායකගේ ‘Monkeys’ නම් කෙටි කතාවෙහි වස්‌තු බීජය වනුයේ කුඩා කල මවු සෙනෙහස අහිමිව පැවිදි වූ කුඩා සාමණේර හිමිනමකගේ අහිංසක කෙලිලොල් ජීවිතයයි. මෙය සමහරුන් විසින් දක්‌නා ලද්දේ භික්‍ෂූන් වහන්සේට “ඉතා සියුම් ලෙස” පහර ගැසීමේ අවස්‌ථාවක්‌ ලෙසයි. කිහිපවරක්‌, ඉතා ඕනෑකමින් කියෑවීමෙන් පසුවද මෙම “සියුම් පහරදීම” තේරුම් ගැනීමට මා අපොහොසත් වූ බව මෙහිදී ල-ජාවෙන් වුවද සඳහන් කළ යුතුය. වර්තමානය වනවිට මෙම විවේචන භීතිකාව කොතරම් ගැඹුරට ජන විඥනයෙහි මුල් බැසගෙන තිබේද යත්, ප්‍රශංසාත්මක ප්‍රකාශ හැර අන් කිසිදු ප්‍රකාශයක්‌, විශේෂයෙන්ම සංඝයා විෂයෙහි නොකළ යුතු බවට පිළිගැනීමක්‌ ඇත.

ආසන්න වශයෙන් හෝ එසේ කළහොත් හෝ එසේ කළ බවට සැකයක්‌ ඇති වුවහොත් හෝ එය බුදුසසුන වැනසීමේ අන්තර්ජාතික කුමන්ත්‍රණයක කොටසක්‌ බවට පත් වේ. විවේචනය කරන්නා එය කෙතරම් සත්භාවයකින් කළ ද හෙතෙම එබඳු කුමන්ත්‍රණයක කොටස්‌කරුවකු බවට පත්වේ. (මෙය වර්තමාන රාජ්‍ය ප්‍රතිපත්තිය හා ඉතා හොඳින් ගැළපෙන බව පෙනේ!) සංඝයා විෂයෙහි කොතරම් අලෞකික ගූඪ තත්ත්වයක්‌ ආරෝපණය කොට තිබේද යත් අද ඇතැම්විට දක්‌නට හා අසන්නට ලැබෙන පරිදි භික්‍ෂූන් වහන්සේ නමකගේ නම කීමට පෙර ඒ සඳහා විශේෂයෙන් අවසර ගැනීම කරනු ලැබේ. පසුගිය දශක තුනක පමණ කාලයක්‌ තුළ ලක්‌ බුදුසසුනෙහි වර්ධනය වී ඇති මෙම හාස්‍යජනක තත්ත්වය බෞද්ධ චින්තනයක්‌ නොවන බව පමණක්‌ මම දනිමි. එහි බෞද්ධ පුනරාගමනය සමාජ විද්‍යාඥයන්ගේ ගවේෂණයට පාත්‍ර විය යුත්තකි.

පිටිදූවේ සිරිධම්ම

පිටිදූවේ සිරිධම්මගේ සිද්ධිය සිරිවර්ධනගේ සිද්ධියට වඩා මූලික වශයෙන් වෙනස්‌ වනුයේ එයද ධර්මය විකෘති කිරීම හා සම්බන්ධ වුවත්, ඊටත් වඩා එය භික්‍ෂු පැවැත්ම විකෘති කිරීමක්‌ හා සම්බන්ධ බැවිනි. එය කෙනකුගේ අදහස්‌ ප්‍රකාශ කිරීම පිළිබඳ ප්‍රශ්නයකට වඩා කෙනකු බුදුසසුන තුළ තමන්ට අභිමත ආකාර චර්යාවක්‌ අනුගමනය කිරීම පිළිබඳ ප්‍රශ්නයකි. මෙහිදී ද ඇතැම් භික්‍ෂූන් වහන්සේලා සිරිවර්ධනගේ සිද්ධියෙහි දී ක්‍රියා කළ ආකාරයෙන්ම සිරිධම්මගේ නිවසට බලෙන් ඇතුළු වී තර්ජනාත්මකව හැසිරුණු ආකාරය මාස කීපයකට පෙර මාධ්‍ය මගින් වාර්තා කොට තිබිණි. දැනට දින කිහිපයකට පෙර සිදු වූයේ ඉහත කී ක්‍රියාදාමයෙහිම දිගුවක්‌ බව සිතිය හැකිය. මෙහිදී භික්‍ෂුq පිරිසක්‌ ගිහි පිරිසක්‌ ද එකතුව සිරිධම්මගේ “ධර්ම දේශනාවක්‌” වළක්‌වා තිබිණි. එහෙත් සිරිධම්මගේ ධර්ම දේශනාවට විරුද්ධ වීමේ ක්‍රියාව ඔහුගේ විකෘති කරන ලද ධර්මයට වඩා සිරිධම්මගේ විකෘති භික්‍ෂු ජීවිතය කරණකොට ඇති වූවක්‌ ලෙස විග්‍රහ කළ හැකිය.

සිරිවර්ධනගේ සිද්ධියෙහි දී මෙන්ම එහිදී ද ධර්ම- විනයානුකූලව අපට බැස ගත හැකි නිගමනය වනුයේ කිසිම භික්‍ෂු පිරිසකට”අමරේලා” වීමේ අවශ්‍යතාවක්‌ නැති බවත්, ශාසනානුලෝමිකව එය විස¹ ගැනීම ඉතා පහසු බවත්ය. නීතිය ක්‍රියාත්මක නොවන වර්තමාන සාමාන්‍ය සමාජය තුළ මහජනයා නීතිය තම අතට ගෙන ක්‍රියා කිරීමේ වගකීම අවසානයේදී රජය වෙතම පැවරෙන්නාක්‌ මෙන් සංඝ නීතිය ක්‍රියාත්මක නොවන අද දින ඇතැම් භික්‍ෂූන් නීතිය අතට ගෙන ක්‍රියා කිරීම පිළිබඳ අවසාන වගකීම පැවරෙනුයේ සංඝ නායකත්වයට ම බව කිව යුතුය.

පිටිදූවගේ සිද්ධිය තුළ බෞද්ධ සංඝ විනයෙහි ප්‍රායෝගික අංශය හා සංඝ ආයතනිකත්වය ද පිළිබඳ බරපතළ ගැටලු රාශියක්‌ දක්‌නට ලැබුණ ද, ඒ තුළ මා දන්නා බරපතළ ම හානිය නම් ධර්ම දේශනාව හා භික්‍ෂු කාර්යය සඳහා පැහැදිලි ලෙස ම මිලක්‌ නියම කිරීමයි. තම බඩ වඩා ගැනීම සඳහාත් කාමභෝගීත්වයේ අවශ්‍යතා සම්පූර්ණ කිරීම සඳහාත් ධර්ම දේශනාව සෘජු වාණිජකරණයට ලක්‌කිර§ම අලඡ්ජි පිළිවෙතක්‌ නොවේද. මීට අවුරුදු කීපයකට ඉහත වූ සිද්ධියක්‌ මාගේ මතකයට නැඟේ. හෝමාගමට නුදුරු ප්‍රදේශයක උද්යෝගිමත් තරුණ බෞද්ධ පිරිසක්‌ රැස්‌වීමක්‌ සංවිධානය කොට තිබුණේ දැහැමි සමාජයක්‌ බිහි කිරීම තේමා කොට ගෙනය. එහි එක්‌ කථිකයකු ලෙස මා හට ද ආරාධනා කොට තිබූ අතර, තවත් කථිකයකු වූයේ පිටිදූවේය. මා පළමුවරට ඔහුට ඇහුම්කන් දුන්නේ එදින වූ අතර, තම මුළු කතාව මුළුල්ලේම හෙතෙම ඉදිරිපත් කළේ එකම එක්‌ කරුණකි. එනම් භික්‍ෂූන් වහන්සේ හට මුදල් තිබීමේ අවශ්‍යතාවයි. මුදල් සෙවීමේ එකම පරමාර්ථයෙන් මෙහෙයවනු ලැබ ඒ සඳහා ධර්මය වෛශ්‍යා වෘත්තියෙහි යෙදවීම භික්‍ෂුවකගේ ජීවිතය නම් සමාජ නීති රීති නොබිඳිනාතුරු ඔහුට එසේ කිරීමට ඉඩ ඇත. එහෙත් ගැටලුව වන්නේ එබන්දෙකු හට භික්‍ෂුවක්‌ විය හැකිද යන්නයි.

භික්‍ෂුභාවයට පත් වීමේ දීම කෙනකු තමා හට සාමාන්‍ය සමාජයෙහි මානව හිමිකම් යටතෙහි අයත් වන සමහර ඉඩ ප්‍රස්‌ථාව (විවාහ වැනි) පවා බැහැර කිරීම සාමාන්‍ය ලක්‍ෂණයකි. එය කෙනකු ස්‌ව – අභිප්‍රායයෙන් ගන්නා තීරණයක්‌ බැවින් එහිලා ගැටලුවක්‌ ද නැත. ප්‍රාතිමෝaක්‍ෂය යනුවෙන් හැඳින්වෙන්නේ භික්‍ෂුවක (හෝ භික්‍ෂුණියක) තම පැවිදි දිවිය පුරා ආරක්‍ෂා කිරීමට බැඳී සිsටිනා නීති පද්ධතියයි. එම පිළිගත් ප්‍රතිපත්තිවලට පටහැනිව ක්‍රියා කරන පුද්ගලයන් සඳහා නිර්දිෂ්ට පැහැදිලි ක්‍රියාමාර්ගයක්‌ විනයෙහි සඳහන්ය. පරිවාස, මානත්ත, අබ්භාන; තස්‌සපාපිය්‍යසිකා, පබ්බාජනීය, උක්‌ඛ්‍යෙනීය හා නාසනා (පැවිද්ද අහිමි කිරීම) ඇතුළු මේ ක්‍රියාමාර්ග විස්‌තර කිරීම මෙහිලා අභිමත නොවේ.

භික්‍ෂුවක්‌ වූ කලී සෑමවිටම සංඝයා හෙවත් සමූහයක සාමාජිකයෙකි. භික්‍ෂුභාවයට කෙනකු පත් වනුයේ උපසම්පදාවෙනි. උපසම්පදාව යනු සංඝයා වෙත එළැඹීම හෙවත් සංඝ සමාජයෙහි සාමාජිකත්වය ලබා ගැනීමයි. සංඝ සමාජයෙහි සාමාජික නොවන භික්‍ෂුවක්‌ සිටිය නොහැකි අතර, සෑම භික්‍ෂුවක්‌ම කිසියම් සුවිශේෂ සඟ පිරිසකට අයත් වේ. උපසම්පදාව ලත් භික්‍ෂුව වූ කලී කිසියම් නිශ්චිත ආචාර්ය හා උපාධ්‍යය දෙනමකගේ මග පෙන්වීම යටතේ ක්‍රියා කරන්නෙකි. සාමාජිකත්වය ලැබීමෙහි සිට පස්‌ අවුරුද්දක්‌ තෙක්‌ ඇතැම්විට ඊටත් වඩා වැඩි කාලයක්‌ තෙක්‌ භික්‍ෂුවක්‌ සෘජුවම ආචාර්යවරයකුගේ පරීක්‍ෂාව යටතේ (නිස්‌සය) කල් ගෙවිය යුතුය. වර්තමාන සංඝ සංවිධානයෙහි ව්‍යqහයට අනුව ඕනෑම ශ්‍රී ලාංකික භික්‍ෂුවක්‌ කිසියම් නිකායකටද, එම නිකාය තුළ කිසියම් සඟ පරපුරකට හා ශිෂ්‍යානුශිෂ්‍ය පරපුරකට ද අයිති විය යුතුය. එසේ නොවන භික්‍ෂූන් සිටිය නොහැකිය. තවත් ලෙසකින් කියතොත්, සඟ සසුනෙහි “තනි අලියන්” සිටිය නොහැකිය.

තත්ත්වය එසේ නම් පිටිදූවේ සම්බන්ධයෙන් පහත සඳහන් ප්‍රශ්න නගනු කැමැත්තෙමි. පිටිදූවගේ පැවිදි ආචාර්ය හා උපාධ්‍යවරු කවරහුද? ඔහු අයිති කවර නිකායකටද? පිටිදූවේගේ වාසස්‌ථානය විහාරස්‌ථානයක්‌ වේ නම් එය අයත් වන්නේ කවර නිකායටද? හෙතෙම උපසම්පදාවෙන් පසු “නිස” සම්පූර්ණ කළ කෙනෙක්‌ද? පසුගිය කාලයෙහි මහත් ආන්දෝලනයට ලක්‌ වූ (දාරක නඩත්තු නඩුව ඇතුළු) ඔහුගේ ක්‍රියාදාමය පිළිබඳව ඔහු අයත් නිකායෙන් ගත් පියවර කවරේද? මීට අමතරව, ප්‍රසිද්ධියේ ධර්ම දේශනා කිරීම සඳහා පිටිදූවේගේ ධර්මඥනය පිළිබඳව සහතික කරන්නේ කවුද? ඔහුට විද්‍යා උපාධියක්‌ ඇතැයි කියන්නාක්‌ මෙන්ම ඔහුට ධර්මය පිළිබඳව ද උපාධියක්‌ තිබේද? උපාධියක්‌ තිබීම කිසිසේත්ම අවශ්‍ය නොවුවත්, ඔහුගේ ධර්මඥනය කවර ආචාර්යවරයකු යටතේ ලබා ගන්නා ලදීද? ප්‍රසිද්ධ මාධ්‍ය මගින් බුදු දහම විවරණය කිරීමට ඔහුට හැකියාවක්‌ තිබේ යෑයි තීරණය කළ ආයතනයක්‌ තිබේද? (මේ ප්‍රශ්නය පිටිදූවේ සම්බන්ධයෙන් පමණක්‌ නොව ධර්ම දේශනා නාමයෙන් පිනට Talk Shows පවත්වන සියලු දෙන සම්බන්ධයෙන් ද ඇසිය යුතුය.)

මෙහිදී විසුද්ධි මග්ගයෙහි සඳහන් අනුරාධපුර මහා විහාරය හා සම්බන්ධ සිදුවීමක්‌ මගේ මතකයට නැඟේ. ධර්ම දේශනාවක්‌ පවත්වන්නේමැයි මහා විහාරයෙහි ස්‌වර්ණ භේරිය නාද කළ භික්‍ෂුවක්‌ මහා විහාරීය සංඝයා විසින් ආපසු හරවා යවනු ලැබුවේ දහම් දෙසීමට ඉදිරිපත්වීමට පෙර ගුරු ඇසුරෙහි ධර්මය හදාරා එන ලෙසට නියෝග කරමිනි. මෙම නියෝගය නිහතමානීව පිළිගත් එම භික්‍ෂුව වසර ගණනාවක්‌ ගුරු ඇසුරෙහි ධර්මය හදාළ බව කියෑවේ. ප්‍රමිති කරණය පිළිබඳ එබඳු උසස්‌ සම්ප්‍රදායක්‌ උරුම කොටගත් ශ්‍රී ලාංකික භික්‍ෂු ශාසනය අද වන විට ලෞකික ආශාවලින් මඩින ලද ඕනෑම තක්‌කඩියකු හට උඩ පිණුම්, බඩ පිණුම් හා කරණම් ද ගැසිය හැකි පාළු අම්බලමක්‌ බවට පත්ව ඇති අයුරු මෙම ලිපිය කියවන බුද්ධිමත් පාඨකයා හට වැටහෙනු ඇත. පිsටිදූවේ සිරිධම්ම වූ කලී වර්තමාන භික්‍ෂු ශාසනයෙහි එක්‌ අවාසනාවන්ත පැතිකඩක්‌ පමණි. හැදෙන වැඩෙන ඇතැම් තරුණ භික්‍ෂූන්හට සුඛෝපභෝගී Four wheel drove වාහනයක නැඟී ආරක්‍ෂකයන් පිරිවරා ගමන් කරමින් තණ්‌හාව නැති කිරීම සඳහා අනුදත් පැවිද්ද තණ්‌හාව වැඩීම සඳහා යොදා ගන්නා වූ ශ්‍රමණ ප්‍රතිරූපකයන් ආදර්ශරූප බවට පත්ව තිබේ නම් එය පුදුමයක්‌ නොවේ.

රජයේ මැදිහත්වීම

ශාසනය පිළිබඳ අර්බුද අබියස අප ගරු මහා නායක හිමිවරු විටින් විට සම්බුද්ධ ශාසනය ආරක්‍ෂා කර දෙන ලෙස, ඒ සඳහා නීති පනවන ලෙස රජයෙන් ඉල්ලා සිටිනු ප්‍රසිද්ධ මාධ්‍ය මගින් දැකිය හැකිය. මා ඉහතින් විස්‌තර කළ පිටිදූවගේ සිද්ධිය වැනි ශාසනාභ්‍යන්තර සිද්ධියක්‌ පිළිබඳව රජයකට කළ හැක්‌කේ කුමක්‌ද යනු ගැටලුවකි. ඇතැම්විට සංඝ නේතෲවරුන් අපේක්‍ෂා කරනු විය හැක්‌කේ රජය මැදිහත්වී පිටිදූවේ වැන්නන් ගිහි ඇඳුම් අන්දවා ගෙදර යෑවීමට ක්‍රියා කරනු ඇති බවයි. අපට මෙසේ සිතීමට තුඩු දෙන සිදුවීමක්‌ මීට වසර කීපයකට පෙර සිදු විය.

මහාචාර්ය
අසංග තිලකරත්න, පාලි හා බෞද්ධ අධ්‍යයන ඒකකය
කොළඹ විශ්වවිද්‍යාලය, කොළඹ

සංඝ නායක හිමි යළි රිමාන්ඩ්

සංඝ නායක හිමි යළි රිමාන්ඩ්

source:

පාතාලයට රැකවරණ දීම, අවි කුලියට දීම, කොල්ලකරුවන් සමග සම්බන්ධකම් පැවැත්වීම ඇතුළු චෝදනා කිහිපයක් සම්බන්ධයෙන් ඉඳුරුව බණ්ඩාරිගොඩ සුනන්දාරාමාධිපති මිගෙට්ටුවත්තේ සුමිත්ත ගාල්ල දිස්ත්‍රික් සංඝ නායක හිමි බළපිටිය මහේස්ත්‍රාත්  අසංග බෝදරගම මහතා විසින් ලබන 24 වැනි දා තෙක් රිමාන්ඩ් කරනු ලැබීය. මේ හිමියන් අත්අඩංගුවට ගැනීම ගැන පොලිසියට ප්‍රසාදය පළකරමින් ඉඳුරුවේ උද්ඝෝෂණයක් ද පැවැත්විණි.

අවසර හාමුදුරුවනේ…

අවසර හාමුදුරුවනේ…

source:

ජාතික ව්‍යසනයක් ඇතිවන සෑම අවස්ථාවකම දේශය වෙනුවෙන් ඉදිරියට පැමිණ එකී ව්‍යසනයන්ට එරෙහි විමුක්ති අරගලයන්හි පෙරමුණ ගැනීමට භික්ෂූන්වහන්සේ ඉදිරිපත් වීම පිළිබඳව ශ්‍රී ලාංකේය ඉතිහාසයෙහි සටහන්ව ඇත්තේ වරක් දෙවරක් නොවේ.

ථෙරපුත්තාභය හාමුදුරුවෝ චීවරයෙන් කලකට නිදහස් වී ගැමුණු රජු සමඟ සංග්‍රාම භූමියට ගියේ ඒ හැඟීමෙනි. එවැනිම දේශප්‍රේමී හැඟීමකින් පන්නරය ලද වාරියපොළ හාමුදුරුවෝ සුදු අධිරාජ්‍යවාදී කොඩිය බිම දමා සිංහ කොඩිය යළි එසැවූහ. අහිංසක ගැමියන්ට එරෙහිව පැනවූ අසාධාරණ බදුවලට එරෙහිව පුරන්අප්පු ඇතුළු විමුක්තිකාමීන්ට උදවු කිරීම නිසා කඩහපොළ හාමුදුරුවෝ වෙඩි උණ්ඩයට මුහුණ දුන්හ.

මේ හැරෙන්නට දේශය වෙනුවෙන් පෙරට ගිය භික්ෂූන්වහන්සේ පිළිබඳව උත්කෘෂ්ට සටහන් අපේ ඉතිහාසයේ එමට තිබේ.

එහෙත් මේ භික්ෂූන් වහන්සේ තම භික්ෂූත්වයෙන් ඔබ්බට පවා යමින් එසේ පෙරමුණ ගත්තේ කාගේවත් මුසා බස්වලින් සිත් දූෂ්‍ය කරගෙන නම් නොවේ. සියල්ල මැනැවින් වටහාගෙන එසේ ඉදිරිපත්වීම තමන් වහන්සේ විසින් කළ යුතු අත්‍යවශ්‍ය මෙහෙවරක් ලෙසින් හෘදයසාක්ෂියට එකඟව තීන්දු කරගත් බැවිනි.

දේශයට අවශ්‍ය සීනි නිෂ්පාදනය වැඩිකරන්නෙමුයි ගිවිස ලබාගත් කම්හලක සීනි නිපැදවීම වැඩි කිරීම වෙනුවට අරක්කු ස්ප්‍රීතු නිෂ්පාදනය වැඩි කිරීමට පියවර ගෙන ඇත්නම් ජාතික ව්‍යසනය ලෙසින් තීන්දු කළ යුත්තේ එසේ ගිවිසුම් කඩා බිඳ අපේ සමාජයම ඔද්දල් කරන අරක්කු ස්ප්‍රීතු නිෂ්පාදනය වැඩි කිරීමට පියවර ගැනීමේ අගතිගාමී ක්‍රියාවලියයි.

අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ මත්පැනෙහි ආදීනව උදේ සවස අපට කියා දෙන්නාහ. ඒ අපායෙන් අප මුදවා ගැනීමට අපමණ වෙහෙස දරන්නාහ.

බුදුන් වහන්සේ ද තම උතුම් ව්‍යායාමයෙන් විශාල කොටසක් මත්පැනෙහි ආදීනව කියාදීමට වැය කළ සේක. අවසන් පන්සිල් පදයත් මත්පැනින් මිනිසුන් ගලවාගැනීම සඳහා වෙන්කළේ එබැවිනි.

එබැවින් භික්ෂූන් වහන්සේ පෙරමුණ ගත යුත්තේ මත්පැන් වැඩි වැඩියෙන් නිෂ්පාදනය කිරීමට එරෙහිවය.

සරල උදාහරණයක් ගනිමු. සෙවනගල සීනි නිෂ්පාදනය පසුගිය කාලවකවානුව තුළ සියයට 12 සිට සියයට 4 දක්වා අඩුවී ඇතැයි පැවසේ. එසේම එම කම්හලේ මත්පැන් ස්ප්‍රීතු නිෂ්පාදනය ලීටර් විසිලක්ෂයේ සිට හතළිස් තුන් ලක්ෂය දක්වා වැඩිවී තිබේ.

එක් පැත්තකින් අවසන් පන්සිල් පදය බුද්ධ වචනයෙන්ම ප්‍රකාශිත වී ඇත. මත්පැන් නිසා සිදුවන පොදු ව්‍යසන සහ වෙන් වෙන්ව සිදුවන ව්‍යසන ගැන තොරතුරු ලැබේ. මත්පැනින් සිහි විකල් කරගත් රජකෙනකු තම සිඟිති පුතු මස්කොට “බයිට්” සාදා ඒ කටගැස්මත් සමඟ මත්පැන් පානය කළ අයුරු කියැවෙන කතාන්දර අපට කියාදී ඇත්තේ ද අපේ ගෞරවනීය හාමුදුරුවන් වහන්සේම විසිනි. අදත් එවැනි බිහිසුණු කතා අසන්නට ලැබේ.

එබැවින් අපේ හාමුදුරුවන් වහන්සේ එරෙහි විය යුත්තේ උද්ඝෝෂණ කළ යුත්තේ අධිකරණයට යා යුත්තේ, මත්පැන් නිෂ්පාදනය වැඩි කිරීමට එරෙහිවයි. උන්වහන්සේ උදවු කළ යුත්තේ “මතට තිත” ප්‍රතිපත්ති සම්පාදකයන්ට මිස අරක්කු ස්ප්‍රීතු නිෂ්පාදකයන්ට නම් නොවේ.

අපේ භික්ෂූන්වහන්සේ සාමාන්‍ය ගිහියන්ටත් වඩා සම්මා සතිය ප්‍රගුණ කර ඇත්තාහ. එබැවින් සාමාන්‍ය ගිහියන්ට නොවැටහෙන දේ, නොපෙනෙන දේ උන්වහන්සේට හොඳින්ම පෙනේ. වැටහේ.

එබැවින් උන්වහන්සේ මුලා කිරීම පහසු නැත. මත්පැනින් ලද ආදායම ලාභයක් සේ හුවා දක්වමින් උන්වහන්සේ මුලාකිරිම ද පාපකර්මයකි. එහෙත් එසේ සම්මා සතිය නිසි පරිදි ප්‍රගුණ නොකළ භික්ෂූන්වහන්සේ කිහිප නමක් හෝ සිටීම කනගාටුවට කරුණක් බව කිව මනාය. එය උතුම් වූ බුදුදහමට නිගාවකි.

උන්වහන්සේ කිහිප නමට ද සම්මා සතිය පහළවේවායි මත්පැන් නිසා දුක්විඳින අහිංසක බිරින්දන්ගේ දූ දරුවන්ගේ යහපත වෙනුවෙන් ප්‍රාර්ථනා කරමු. එබැවින් අවසන් සිල්පදය ඔවුන්ගේ යහපත වෙනුවෙන් සමාජගත කිරීමට ඔබවහන්සේගේ කරුණාව ලැබේවා!

Unethical Interpretations ofthe Buddha Dhamma

Unethical Interpretations of the Buddha Dhamma

Posted on July 29, 2011 source:

These days we notice thatthere is a tendency that some monks interpret the dhamma the way they prefer,rather than sticking to the basics of what the Buddha taught. This type ofinterpretations is common at the daily preaching sessions at the temples. Themonks who distort may not be aware of the damage they cause to the purity ofthe dhamma. However this Sri SambuddhathwaJayanthi 2600 year is the most appropriate time to discuss this issue.

The Buddha was neither a god nor someone born differently tohuman beings. On the day he attained enlightenment he discovered the Law ofCausation or Patichchasamuppada acycle of twelve causes and effects conditioning the universe. This law had notbeen thought of by any philosopher except the previous Buddhas.

The Buddha preached his first sermon the Dhamma Chakka Pavattana Sutta to the Paswaga Mahana, the five companionmonks at the deer park of Isipatana near Benares. In this sermon the Buddha disclosedthe four noble truths namely the dhukka, that all in the world in essencesuffer, the samudaya the cause of suffering, the nirodha the way toget rid of suffering caused by desire and ignorance and the magga the getting rid of desire and ignorance. The way theBuddha taught to achieve this ultimate goal is the Noble Eightfold Path. Thispath is recognised as the Middle Path by many an intellectuals.

The Buddha further simplified the Middle Path by reciting‘Do not what is evil. Do what is good. Keep the mind pure. This is the teachingof the Buddha.’ However some monks prefer to deviate from His path and wish togive distorted interpretations to His dhamma.

This deviation is not something new. It started when theBuddha attained maha- parinibbana. The Most Venerable Mahakassapa was notpresent at Kusinara when the Buddha passed away. Upon hearing the news Mahakassapawas coming from Pava to Kusinara. The great arahanth heard that a monk calledSubaddha had asked the grieving monks to refrain from grieving and to think theoccasion a good riddance. Subaddha was not the only person to have suchthoughts. The Tibetan chronicles state that many others felt that with thepassing of the Master, the dhamma he taught would also disappear. Mahakassapa wasalarmed about the future safety and purity of the dhamma and the result wasthat the First Council of Dhamma or the first Dhamma Sanghayana convened at thecity of Rajagraha.

The subsequent sanghayanas were held in India, Sri Lanka,Burma and Thailand to arrest further deterioration of the purity of the dhamma.The Fourth Council held at Alu Vihara near Matale was of special significance. Forthe first time the entire Thripitaka along with the attha-katha were inscribedon palm leaves at Alu Vihare.

It is noted that some monks givetwisted interpretations to become popular among the laity. Others who are notso learned do it to compete with the learned monks. Still others preach suchdhamma for their own self interest.

Venerable Bandarawela Amithananda inhis TV program said that a monk rationalized meat and fish eating for both the sangaand the laity and indirectly encouraged the dayakayas to offer meat and fish atsangika danas. The Venerable monk referred to another instance where chickenwas cooked in a temple kitchento serve dancers participating in a perahera. This obviously is an encouragement by some members of the sangha to the layBuddhists to contribute to the meat production.

Ven. Amithananda cited a case where a wife complained to him that herhusband who was earlier a vegetarian has gone back to meat consumption afterlistening to these distortions of the Dhamma.

Most monks who distort the dhamma to suit their aims lavishly make useof the opportunity given to them by various media outlets. It seems that this is a two way game between the dhammadistorters and media outlets. Some media want project that they do not stick totraditional ways. The monks who seek publicity do not mind going out of the wayto preach the dhamma with their non traditional twists.

The learned monks and some of the responsible media are not only fullyaware of this unhealthy trend but also taking steps to counter it. The SLBCstands out in this exercise. It has already started to rebroadcast the sermonsdelivered by learned preachers of yesteryear like Pelene Sri Vajiragnana,Heenatiyana Dhammaloka and Henpitagedara Gnanasiha in order to give an idea tothe modern monks on delivering a sermon without distorting it. It is a healthysign that the monks whose knowledge of the dhamma is high have come forward toarrest this trend.

The other good sign is the younger generation. Most of the modern youthhave gone to the dhamma schools and they are capable of distinguishing theright from the wrong.

C P Kuruppu

Categories

Balawegaya Flickr Photos

Different countries have visited this site

Free counters!