//

ජාතියක් අවදි කළ මහා වාදයේ නිජබිම 140 වසරක් සපිරෙන පානදුරාවාදය පැවති පානදුරේ

This tag is associated with 1 post

ජාතියක් අවදි කළ මහා වාදයේ නිජබිම 140 වසරක් සපිරෙන පානදුරාවාදය පැවති පානදුරේ රන්කොත් විහාරය

ජාතියක් අවදි කළ මහා වාදයේ නිජබිම
140 වසරක් සපිරෙන පානදුරාවාදය පැවති පානදුරේ රන්කොත් විහාරය

Article: Sri Dalada Maligawa

අධිරාජ්‍යවාදීන් ලංකාව යටත් කර ගන්නට නම් එහි පවත්නා සංස්‌කෘතිය හා අනන්‍යතාවය විනාශ කළ යුතු බව මැනවින් අවබෝධ කරගෙන සිටියේය. මොණරවිල කැප්පෙටිපොල විරුවා තම හිස ගසා දමන අවස්‌ථාවේ තිසරණ කියවා අවසන් කරන විට මගේ ගෙල සිඳ දමන ලෙස ඉල්ලා සිටීමෙනුත්, කුඩහපොල හිමියන් ඉංගිරිසි ගිවිසුම අත්සන් කරන්නට පෙර බ්‍රිතාන්‍ය ධජය මහනුවර දී එසැවීමට එරෙහිව නැගී සිටි ආකාරයත් දන්නා අධිරාජ්‍යවාදීහු සම්පූර්ණයෙන්ම උත්සාහ කරන ලද්දේ මෙරට අනන්‍යතාව විනාශ කරන අන්දමටය. බෞද්ධකම නැති කිරීමටත් ගොවිතැනින් ගොඩනැඟුණ වාරි සංස්‌කෘතිය විනාශ කිරීමටත් එහි ලා උත්සාහ කළහ. මෙයට එදිරි වූ මහා සංඝ රත්නය සිංහල නායකයන් නැගූ හඬ හිරු නොබසින අධිරාජ්‍යයෙන් එපිටටද පැතිර ගියේය.

දහනව වැනි සිය වසේ මුල් භාගයේ බ්‍රිතාන්‍ය උපක්‍රමවලට ගොදුරු වූ නමුත් ඒ සියවසේ දෙවැනි භාගයේ දී බෞද්ධ පුනරුදයක්‌ ඇතිවිය. මිගෙට්‌ටුවත්තේ ගුණානන්ද හිමියන් විසින් ඇතිකළ 140 ස් වසරක් සපිරෙන පානදුරාවාදය එයට ප්‍රබල පිටිවහලක්‌ විය. බෞද්ධ ධජයේ පසුබිමට සමාන්තරව මේ පානදුරාවාදය ගැන ද යමක්‌ සටහන් කිරීම වැදගත්ය. අවුරුදු සියවසක්‌ හා දශක හතරකට පෙර සිදුවූ මෙම පානදුරාවාදය ශ්‍රී ලාංකික අනන්‍යතාවයට එක්‌කල දැවැන්ත සංකේතයක්‌ ලෙස මෙහිලා සැලකිය හැකිය.

අපගේ නූතන ජාතික පුනර්ජීවන ගමනේ ප්‍රබල සන්ධිස්‌ථානයක්‌ නියෝජනය කරනු ලබන්නේ දහනම වැනි සිය වසේ අගභාගයේ පානදුරේ රන්කොත් විහාරය නිජ බිම කරගෙන පැවැත්වූ පානදුරාවාදය විසින් බව අවිවාදයෙන් පිළිගත යුතු වෙයි. මේ රට විජාති කරණය කිරීමට කැප වූ මිෂනාරී බලවේගවල පිට කොන්ද මුළුමනින්ම කඩා දමන ලද්දේ මේ පානදුරාවාදය විසිනුයි. එදා ඒ පානදුරාවාදයෙන් බෞද්ධ බලවේග ජය අත්පත් නොකරන්නට අපගේ ජාතික පුනර්ජීවන සටන කුමන මඟක්‌ ගනු ඇතිද, එය ඉදිරියට ගෙන යැමට අවශ්‍ය ශක්‌තිය, ජවය ලබාගත හැකි වනු ඇතිද යන්න අපගේ විමසුමට ලක්‌විය යුත්තකි. අපගේ ජාතික සටන් හැම කල්හිම අවශ්‍ය ශක්‌තිය ජවය ලබාගන්නේ බෞද්ධ බලවේග තුළින් බව රහසක්‌ නොවේ.

බෞද්ධ පුනර්ජීවය මුල් කරගෙන පැවැත්වූ පානදුරාවාදය අපගේ ජාතික පුනර්ජීවන ගමන් මඟෙහි ප්‍රබල සන්ධිස්‌ථානයක්‌ ලෙස ම විසින් හඳුන්වනු ලැබීම ඇතැමෙකුගේ මවිතයට මෙන්ම අප්‍රසාදයට හේතුවන්නට පුළුවන. බෞද්ධ පුනර්ජීවය මුල්කරගත් සිද්ධියක්‌ ජාතික පුනර්ජීවනයට ඌනනය කළ හැක්‌කේ කෙසේදැයි ඔවුන් විසින් අසුනූ ඇත. බෞද්ධ පුනර්ජීවයත්, ජාතික පුර්ජීවයත් එකක්‌ නොව දෙකක්‌ නොවේද? අද සර්වාගමික සංකල්පය ඔසවා තැබීමට තැත් කරන, මේ රටේ ව්‍යවස්‌ථාවෙන් බුදු දහමට දී ඇති ස්‌ථානය නැති කළ යුතු යෑයි හඬ නඟන මේ බලවේග විසින් මගේ මේ නිගමනය අභියෝගයට ලක්‌ කරනු ඇත.

මේ රටේ වත්මන් ඉතිහාසය ගැන ඉංගිරිසියෙන් ලියා ඇති ජී. සී. මෙන්ඩිස්‌, ලුඩවොයික්‌ ආදීන් විසින් දිගින් දිගටම පෝෂණය කරන ලද මතයකි ජාතික පුනර්ජීවනය, බෞද්ධ පුනර්ජීවනයෙන් වෙන් කොට දැකිය යුතුය යන මතය. ඔවුන්ගේ ඒ එකද ඉතිහාස පොතකවත් පානදුරාවාදය ගැන හෝ අනගාරික ධර්මපාලතුමා ගැන හෝ සඳහනක්‌ නොමැතියි. ඔවුන්ගේ මතය අනුව පානදුරාවාදය මෙහෙයවූ මිගෙට්‌ටුවත්තේ ගුණානන්ද හිමියෝ, අනගාරික ධර්මපාලතුමා හෝ මේ රටේ ජාතික පුර්ජීවනය මෙහෙයවූ නායකයෝ නොවෙති. ඔවුන් නොකියා කියන්නේ මොවුන් එවැනි නායකයන් නොව සිංහල – බෞද්ධ ජාතිවාදීන් (ෂෝවිනිස්‌ටයන්) බවයි. මොවුන්ගේ මේ විජාතික මතවාදය දැන් අපගේ දරුවන් සඳහා ලියෑවෙන ඉතිහාස පොත්වලටද ඇතුළු වී තිබේ. ඒ ඉතිහාස පොත්වලින් පෙන්වා දෙනු ලබන්නේ දුටුගැමුණු රජ පවා වත්මන් අන්තර්ජාතික සංහිඳියාවට බාධකයක්‌ වන සිංහල – බෞද්ධ ජාතිවාදියෙකු බවයි.” දුටුගැමුණු නම සිංහල ඉතිහාස පොතෙන් අයින් කළ යුතු යෑයි රෙජී සිරිවර්ධන නමැති ඇන්ජීඕකාරයා කලකට පෙර යෝජනා කළ බව මට මතකය.

මේ රටේ ජාතික පුනර්ජීවනය බෞද්ධ පුනර්ජීවයෙන් වෙන් කළ නොහැකි බවත්, මේ රටේ සංස්‌කෘතිය බහු ජාතික සංස්‌කෘතියක්‌ නොවන බවත් අප දැන්වත් නොබියව හඬ නඟා කිවයුතු වෙයි. මේ කරුණ පානදුරාවාදයේ නිජබිම වූ රන්කොත් විහාරයට වසර දෙසීයක්‌ පිරෙන මේ අවස්‌ථාවේ අපේ සිංහල ජනතාවගේ මනසට කාවැද්දිය යුතු වෙයි. එබැවිනි මේ පූර්විකාව මවිසින් මෙහිලා සටහන් කර ඇත්තේ.

පානදුරාවාදය ගැනත් එහි නිජබිම වන රන්කොත් විහාරය ගැනත් වත්මන් පරපුරේ බොහෝ දෙනකු දනිතියි නොසිතමි.

රන්කොත් විහාරස්‌ථානයේ ආදි කර්තෘවරයා බටපොළ කල්‍යාණතිස්‌ස මහ නා හිමියනුයි. එහි වර්තමාන දියුණුවට උපස්‌ථම්භක වූයේ 1841 දී විහාරාධිපති වූ වල්පිට සිරිසුමන තිස්‌ස හිමියෝයි. පානදුරා මහා වාදය දියත් කිරීමට මුල්වූයේ උන් වහන්සේයි. උන්වහන්සේ විසින් කරන ලද තවත් විශිෂ්ට සේවයක්‌ නම් එතෙක්‌ පැවති විවාහ නීතිය – බෞද්ධයන්ගේ ආවාහ විවාහ ක්‍රිස්‌තියානි පල්ලිවල ලියාපදිංචි කළ යුතුය යන නීතිය වෙනුවට රජයේ විවාහ ලේකම්වරු පත්කිරීම එංගලන්ත ආණ්‌ඩුව මඟින් ඉටු කරවා ගැනීමයි.

මේ ශ්‍රේෂ්ඨ පැවිදි උතුමන් විසින් ගෙන යන ලද මේ මහඟු ජාතික සේවා පවත්වා ගෙන යැමට උපස්‌ථම්භක වූයේ එවකට පානදුරේ විසූ සැදැහැවත් බෞද්ධ දායක පිරිසයි.

මේ අවධිය වනවිට කෝල්බෲක්‌ – කැමරන් ප්‍රතිසංස්‌කරණය නිසා දේශීය ධනහිමි පංතියක්‌ද මේ රට තුළ බිහිවෙමින් තිබණ. පානදුරයෙන් බිහි වූ මේ දානපතියෝ ඒ දේශීය ධන හිමි පංතියට අයත් වූවෝ වෙති. ඔවුහු රට ජාතිය ආගම පිළිබඳ කැක්‌කුමක්‌ ඇති සැදැහැති බෞද්ධයෝ වූහ.

1873 දී පවත්වන ලද පානදුරා මහා වාදය පවත්වන ලද්දේ රන්කොත් විහාරය අසල වූ දෙඹගහවත්ත නමැති පෞද්ගලික ඉඩමේයි. ඒ ඉඩම අයත්ව තිබුණේ ජෙරමියස්‌ දියස්‌ දානපතියාටයි. ඒ ඉඩම ජෙරමියස්‌ දියස්‌ මැතිනිය විසින් සිය දියණියට දායාද කරන ලද අතර ඈ විසින් 1954 දී ඒ ඉඩම පානදුර බෞද්ධ මහා සංගමයට තෑගි ඔප්පුවකින් පවරා දෙන ලදී.

මේ රට තුළ ආනන්ද නාලන්ද ධර්මරාජ වැනි උසස්‌ බෞද්ධ පාසල් පටන් ගන්නා ලද්දේ පානදුරාවාදය නිසා මේ රටට පැමිණි ඕල්කොට්‌තුමා විසින් බව කවුරුත් දන්නා කරුණක්‌ යෑයි සිතමි.

රන්කොත් විහාරයට අනුබද්ධව පවත්වා ගෙන යනු ලබන පිරිවෙන පටන් ගෙන ඇත්තේ 1896 දීයි. ඊට මුල්වී ඇත්තේ අප ඉහතින් සඳහන් කළ ජෙරමියස්‌ දියස්‌ දානපතියායි. මේ ශ්‍රේෂ්ඨ පවුල මේ රටට, බෞද්ධ අධ්‍යාපනයට කරන ලද සේවය අද ඉන්නා පරපුර දන්නේද යන්න නොදනිමි. මා අඳුනන විශාඛා විද්‍යාලයේ ඉගෙනගත් වෛද්‍යවරියක්‌ විශාඛා විද්‍යා භූමිය ප්‍රදානය කරන ලද්දේ ජෙරමියස්‌ දියස්‌ මැතිනිය විසින් බව නොදැන සිටියාය.

1896 ආරම්භ කරන ලද මේ පිරිවෙනෙහි පළමු පරිවේනාධිපති වූයේ වැලිගම ශ්‍රී සුමංගල නායක හිමියෝයි. මේ පිරිවෙන මෙරට පහළ වූ විශිෂ්ට පැවැදි පඬිවරු කීපනමකටම නිජබිම වී ඇත. බේරුවල සිරි නිවාස හිමි, කණු මෝදර පියරතන හිමි ඔවුන් අතර වෙති. 1958 – 1981 කාලය තුළ මෙහි පරිවේනාධිපතිව වැඩ විසූ මොරටුවේ සාසනරතන නාහිමියෝ මගේ සුහද මිතුරෙක්‌ වූහ. ශ්‍රේෂ්ඨ බුද්ධ පුත්‍රයකු වූ උන්වහන්සේ අග්‍රගන්‍ය පඬිවරයෙක්‌ වූහ. ලංකාවේ මහායාන බලපෑම් පිළිබඳව උන්වහන්සේ විසින් රචිත ග්‍රන්ථය විශිෂ්ට ශාස්‌ත්‍රීය නිබන්ධනයකි.

Sri Dalada Maligawa's photo.
Sri Dalada Maligawa's photo.
Sri Dalada Maligawa's photo.

Categories

Different countries have visited this site

Free counters!