//

පිළිවෙතින් පෙළ ගැසීමට පෙර බුදුරදුන්ට එරෙහි මත

This tag is associated with 1 post

පිළිවෙතින් පෙළ ගැසීමට පෙර බුදුරදුන්ට එරෙහි මත


පිළිවෙතින් පෙළ ගැසීමට පෙර බුදුරදුන්ට එරෙහි මත

source link:

ඔබේසේකරපුර අභිනවාරාම වාසී ශාස්‌ත්‍රපති
පස්‌සරමුල්ලේ දයාවංස හිමි
සම්බන්ධීකරණ ලේකම්-ජාතික සංඝ සම්මේලනය

දිනක්‌ මගේ හිතවතෙක්‌ මූලධර්මවාදී ආගමික මධ්‍යස්‌ථානයකට ගිය අවස්‌ථාවේ එම පූජකයා තම දෙසුමේදී පැවසූ දෙයෙක්‌.

ඔහු මා සමග පවසමින් කියා සිටියේ විවාහය කඩාගත් කෙනෙක්‌ සාර්ථක විවාහ ජීවිතයක්‌ ගැන දේශනා කරන්නේ කෙසේදැයි යනුවෙන් පැවැසූ බවයි.

ඔහු එම ස්‌ථානයට ගියේ ආගම ඇදහීමට නොවේ. ඉගෙන ගන්නා අවධියේ මිත්‍රකම නිසායි. ඒ ගැන ඔහු තවදුරටත් මා සමග පැවසුවේ හාමුදුරුවනේ මේ අදහස ඒ මිනිස්‌සු මහත් උනන්දුවෙන් අසා සිටි බවයි. ලාභ අපේක්‌ෂාවෙන් ගිය අය අතර බෞද්ධයන් මෙන්ම අබෞද්ධයන් සිට ඇත.

මෙහිදී මට සිහිපත් වුයේ බුදු රජාණන් වහහන්සේ දීඝ නිකායේ පරිනිබ්බාණ සූත්‍රයේ මාරයා අමතමින් දේශනා කළ බුද්ධ දේශනයයි. දිගින් දිගටම තමන්ගේ වසඟය බලාපොරොත්තුවෙන් මාරයා බුද්ධත්වය ලැබ ගැන්මෙන් අනතුරුව කළ ඉල්ලීම සිහිපත් කළේය. එම අවස්‌ථාවේදී උන් වහන්සේ පැවසුයේ භික්‌ෂු, භික්‌ෂුණී, උපාසක, උපාසිකා යන සිව්වනක්‌ පිරිස ධර්මය ඉගෙන එය මැනවින් ධාරණය කරගෙන යමෙකු ධර්මය අධර්මය කොට කියන්නේද අධර්මය ධර්මයකොට කියන්නේද එය නිවරැදි කරනා භික්‌ෂු පිරිසක්‌ බිහිවන තෙක්‌ තමන් වහන්සේ පිරිනිවන් නොපානා බවයි. මෙමගින් බුදු රජාණන්වහන්සේ අදහස්‌ කළේ මේ සිව්වනක්‌ පිරිස විසින් ධර්මයේ හා ශාසනයේ ආරක්‌ෂාව සැලසිය යුතුය යන්නයි.

එබැවින් අනාගතයේ ධර්මයේ පැවත්ම උදෙසා ඒ කරුණු නොදත් පුද්ගලයාගේ පැහැදිලි කිරීම නිවැරැදිකිරීම ධර්මකාමී අපගේ ද වගකීම වන්නේය.

මහඅභිනිෂ්ක්‍රමණය පිළිබ`ද බටහිර උගතුන් ද මෙයට සමාන අදහසක්‌ ඉදිරිපත් කරන බව පෙනේ. ස්‌වයංවර මංගල්‍යයේදී සිද්ධාර්ථ යශෝධරාව ලබාගන්නේ දැක්‌විය යුතු සියලූ ශිල්ප දක්‌වමින්ය. විවාහ වී තුදුස්‌ වසක්‌ ගෙවූ තැන හෙවත් වයසින් 29 වන වියේදී සිද්ධාර්ථට තම ලෞකික දිවි මග එපාවන්නට විය. සාමාන්‍යයෙන් අප දන්නා ප§දි එය සතර පෙර නිමිති හා නාටිකාංගනාවන්ගේ විප්‍රකාර දැකීමෙන් ගිsහි දිවියේ විසීම අත්හරින්නට හේතු වූ බවයි. එසේම අත්ත දණ්‌ඩ සූත්‍රයේ දැක්‌වෙන අන්දමට බලය ස`දහා පාලකයන් අතර තිබූ අරගලය පිළිබඳවද තරුණ සිද්ධාර්ථයන්ට තිබී ඇත්තේ මහත් කළකිරීමකි. එයද අභිනිෂ්ක්‍රමණයට හේතුවක්‌ වන්නට ඇත.

ඒ කරුණු කුමක්‌ වුවද සිද්ධාර්ථ ගිහිගෙය අතහැර යන්නේ හොර රහසේම බව බෞද්ධ සාහිත්‍යාත්මක විශ්වාසයයි. මැදුම් සගියේ අරියපරියේසන සුත්‍ර දේශනාවටත් ජින චරිතය නම් බෞද්ධ ග්‍රන්ථයටත් අනුව බෝසතුන් ගිහිගෙයින් නික්‌ම යන්නේ ඥාතීන් හඬද්දීම බවයි.

මෙහිදී වැදගත් වන කරුණක්‌ වන්නේ යශෝධරාවගේ මේ අවස්‌ථාවේ හැසිරීමයි. ඇය මේ ගමනට කිසි ලෙසකින් වත් විරුද්ධ වූ බවක්‌ කොතැනකවත් සඳහන් නොවේ. විවාහය ගැන කළකිරී නොව ඇය එසේ ක්‍රියා කරන්නට ඇත්තේ ස්‌වාමි භක්‌තියෙන්ම බව පෙනීයයි.

සඳකිඳුරු ජාතකයේදී ඇයගේ ආත්මගත ප්‍රේමය කෙබඳුද යන්න බුදු මුවින් විචිත්‍රණය කර ඇත. තම ස්‌වාමියා තමන් අතහැර ගිය අවස්‌ථාවේ පටන් ඇයගේ හැසිරීම මෙයට කදිමට ඇගේ මනෝභාවයන් විවර කරයි. හිස කැපීම, කහවස්‌ත්‍ර ඇඳීම, එක්‌ වේලක්‌ අහාර ගැනීම අන් අය හා ඇසුර අවම කිරීම ආදී අවස්‌ථාවන් මෙයට උදාහරණය.

යශෝධරාවතට අනුව ඇය කිසිලෙසකින් තම ස්‌වාමියා කෙරෙහි අහිතක්‌ නොසිතයි. තම ස්‌වාමියාට ආහාර ලෙස ලැබෙන කැලේ ගෙඩිමල් ආදිය රසපිරි ඒවාම වේවායි ද, හිරු රශ්මියෙන් තම ස්‌වාමියාට හානියක්‌ නොවේ වායි ද, යන තැන සෙවණක්‌ම ලැබේවා යයිද, පරිවාර සම්පත්තිය වැඩිවීමෙන් තම හුදෙකලා බව නැතිවේවායි පතන්නේ ඇයගේ ධනාත්මක සිතුවිලි දාමයන් නිසා බව මනාව පැහැදිලිවේ.

මේ දෙස විචාරකයන් බලන්නේ සරළව යමක්‌ දෙස බලන ඉන්ද්‍රිය ප්‍රත්‍යක්‌ෂයෙනි. ඒ එසේ වුවද තථාගතයන් වහන්සේ ලෝකය දෙස බලන්නේ අතීන්ද්‍රිය ප්‍රත්‍යක්‌ෂයෙනි. දහම හා බැඳුනු ඒ විචක්‌ෂණය බටහිරයන්ට නොවැටහීම සාමාන්‍ය දෙයකි. ඒ ගැන අප නොසැලකුවද යශෝධරාවගේ සිත නොවැටහුණු හුදු ආගමිකයන් චින්තකයන් මේ දෙස බලමින් එය මානව අයිතිවාසිකමක්‌ බිඳහෙළු ලෙසට බටහිරයන්ට දැනෙන්නේ බෞද්ධ ආචාර ධර්ම විරෝධීවමය. යමක්‌ දෙස ගැඹුරින් සිතන්නට නොහැකිවීමේ ප්‍රතිඵලයද අනාවරණය වෙයි.

අද විවාහය සම්බන්ධයෙන් බොහෝ බටහිර උගතුන් මෙන්ම මෙවැනි පූජකයන් දක්‌වන්නේ සමාජ විනාශකාරි අදහසකි. පෙරදිග ආරක්‌ෂා වී ඇති විවාහ සංස්‌ථාව දෙස ඊර්ෂ්‍යාවෙන් පසුවන පිරිසකි. විවාහයේ උපරිම මල්ඵල නෙලන්නට දහමින් දෙන උපදෙස්‌ මෙම අඳ බාලයින් මකා දමන්නට මෙවැනි අදහස්‌ ඉදිරිපත් කරමින් සිටී. බොහෝ බටහිර රටවල විවාහය දෙදරා ගොස්‌ ඇත. මෙවැනි මූලධර්මවාදී විනාශකාරී අදහස්‌ මේ සඳහා බලපා ඇත.

මානසික වේදනාවෙන් පෙළෙනා එවැනි රටවල් හි වැඩිහිටි නිවාසයන්හි නේවාසිකයන්ගේ මනෝභාවයන් විමසීමේදී මේ ගැන පෙනී යයි. එහෙත් මේ දක්‌වා පෙරදිග දේශයන්හි ජනජීවිතයේ විවාහ සංස්‌ථාව එවැනි දෙදරීමකට පත්ව නැත්තේ බුදු දහම පදනම් කරගත් විවාහ සංස්‌ථාවට අදාළ ආචාර ධර්ම පද්ධති නිසාය. මේ සමාජ ආරක්‌ෂණය දෙස වපරැසින් බලන අයට ඇසේ ඉඳිකටු අනින්නක්‌ ලෙස මෙම ආචාර ධර්ම පෙනී යනු ඇත. විවාහ සංස්‌ථාවට අදාළ සිරිත් විරිත් හුදෙක්‌ ලෞකික දිවිය හා පමණක්‌ සම්බන්ධවන්නක්‌ නොවන බව දහම දෙස විමසුම් ඇසින් බලන්නෙකුට පෙනී යයි. දෙදෙනා දෙදෙනෙක්‌ ලෙස දැක ඔවුන්ට වෙන් වෙන් වූ ආචාර ධර්ම පද්ධතියක්‌ දිඝනිකායේ සිඟාලෝවාද සූත්‍රය ආදී දේශානාවන් පෙන්වා දී ඇති බව පෙනී යයි. එමගින් විවාහ සංස්‌ථාව දෙදරා නොයන්නට අවශ්‍ය ආරක්‌ෂාව සළසා ඇත. විවාහය යනු හුදු ආශාවන්ගෙන් පිරුණු එකක්‌ නොව උභය පක්‌ෂයම විවිධ පරිත්‍යාගයන් කරමින් දෙලොවම සැපවත් කරගනු වස්‌ දහමින් එම ආචාර ධර්ම උගන්වා ඇත. බිරිඳ විසින් ස්‌වාමියාටත් ස්‌වාමියා විසින් බිරිඳටත් දෙමව්පියන් විසින් දරුවන්ටත් දරුවන් විසින් දෙමව්පියන්ටත් කාලය ශ්‍රමය ධනය පරිත්‍යග කළ යුතු බව එමදේශනාවන්ගෙන් අනාවරණය කරයි. එබැවින් මේ ගැන නිවරැදී වැටහීමක්‌ ඉහත පුද්ගනයන්ට නොතිබීම කණගාටුවට කරුණකි.

ආගම බලය සඳහා යොදාගන්නා වූ අවියක්‌ බව ක්‍රිස්‌තුපූර්ව සවන සියවසටත් පෙර සිට වෛදික සාහිත්‍යයේ ආදියෙන්a පෙනී යන කරුණකි. මොවුන් මේ දෙසුම් පවත්වන්නේ අප අතර අෙන්‍යාන්‍ය මනා පැවත්ම අභියෝගයනට ලක්‌ කොට ඔවුන්ගේ බල තණ්‌හාව සඵල කරගැනීම සඳහාමය යන්න අපගේ වීශ්වාසයයි. වර්තමානයේද බලගතු රාජ්‍ය විසින් මේ ආගමික බලය තම රාජ්‍ය බලය ලබාගැනීමට යොදාගන්නා බව නොරහසකි.

ඔවුන් තව දවසක දාරක ප්‍රේමය ගැන ද මෙසේ අදහස්‌ දක්‌වනු ඇත. දරුවා හැරගිය පියකු දරුවන් ගැන කතා කරන්නේ කෙසේදැයි පවසනු ඇත. දරුවා හදාගත් යශෝධරාව සා අවුරුද්දක්‌ දරුවාද හැරගිය පියාණන් වූ තම පෙර ස්‌වාමියා වූ බුදුපියාණන් වහන්සේ තම ගමටම වැඩම වූ අවස්‌ථාවේ දායද ඉල්ලා ගැනීමට යවන ලදී. එහිදීද අමනාප සිතක්‌ පෙන්වූ බවක්‌ කොතැනකවත් සඳහන් නොවේ. නරසීහ ගාථාවල පිය ගුණවර්ණනාවෙන් ඒ ප්‍රවෘත්තිය මැනවින් පෙන්නුම් කරනු ලබයි. සියලු ධන ධාන්‍ය වතුපිටි ඉඩ කඩම් සහ රාජ්‍යය අත්හැර ගිය බුදුරදුන්ගෙන් ධනය ඉල්ලන්නේ කෙසේදැයි අපටම ගැටඵවක්‌ මතුවේ. මෙහිදී යශෝධරාව බුද්ධිමත් කාන්තාවක්‌ ලෙස ඉල්ලා සිටින්නේ අන් කවරක්‌වත් නොව තථාගතයන් වහන්සේ සතු ආර්ය ධනය බව මෙහිදී පෙනී යයි. ධනය ගැන ඇය ද සිද්ධාර්ථ ගිය ආකල්පමය සමානත්වයක්‌ දක්‌වයි. මෙම අවස්‌ථාවෙන්ද විවාහයේ එක්‌ පැතිකඩක්‌ පෙන්නුම් කරයි.

මෙය දැකිය හැක්‌කේ බුදු දහම දන්නා වු අයකුට පමණි. එසේ නොවන්නේ නම් දික්‌කසාද නඩුවක්‌ හා දරුවන්ට නඩත්තු ගාස්‌තු ඉල්ලන්ට මේ මිසිදිටු අය පොළඹනු නියතය.

මේ කරුණු සැළකිල්ලට ගෙන ධර්මකාමීන් විසින් එළඹෙන සම්බුද්ධත්ව ජයන්තියට පෙර මේ මිථ්‍යා ගහණයන්ගෙන් සසුන් කෙත සුරකින්නට තම සත්‍යයේ ආලෝකය පතුරවන්නට අධිෂ්ඨාන කරගත යුතුය. දැන්වීම්වලට සීමානොවූ සැබැවින්ම සසුන රකින වැඩ පිළිවෙළකට සම්බුද්ධත්ව ජයන්ති වැඩ සටහනක්‌ ස`දහා අපි පෙළ ගැසෙමු

 

Categories

Different countries have visited this site

Free counters!